දැන්වීම් පුවරුව . ( පින්තූර මතට මවුස් පොයින්ටරය රැගෙන යන්න )

දැනට වසර දෙකක පමණ සිට සෑම සතියකටම වරක් ලිපියක් හෝ දෙකක් පළ කළෙමි. සිත් ගත් ලිපියක් වේ නම් හිතමිතුරන් අතරත් බෙදාගන්න.

මෙම වෙබ් අඩවිය ලෝඩ් වීමට පමා වේ නම් මෙම ලින්ක් එක භාවිතා කරන්න.

Go and get Sinhala Unicode to your Computer
Face Book Link Share.

December 4, 2013

මධ්‍යම සහ මහා පරිමාණ ඉදිකිරීම් ගැන ඔබ නොදත් දේ.Tragedy of Royal park . . !



                   පුද්ගලික අංශයේ මධ්‍යම පරිමාණ සහ මහා පරිමාණ ව්‍යාපාර කටයුතු වලදී තීන්දු තීරණ ගැනෙන්නේ සුළු පිරිසක් අතින්. එසේ ගන්නා තීරණ මොනවාද , එම තීරණ ගන්නේ කව්ද , එසේ ගත් තීරණ ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න ගැන ඔබට  වැටහීමක් මෙම ලිපියෙන් ලබාගත හැක.  මේ ලිපිය  "පුද්ගල මිළ තීරණය වීම | Value and the Price" යන ලිපිය සමග 100 % බැඳී ඇති බැවින් එහි නව කමෙන්ටුද සමග එය කියවා සිටින්න.


උපදෙස්:  අඩි 1ක් දිග බැම්මක්( බිත්තියක් ) සෑදීමට යන මුදල රුපියල් 1 ක් යැයි සිතන්න.වර්ග අඩි 1ක භූමියක කොන්ක්‍රීට් වැසීමට වැය  වියදම රුපියල් 1 ක් යැයි සිතන්න.
 

පළමු උදාහරණය | වර්ග අඩි 1 ක ඉදිකිරීමක් සඳහා යන මුදල




මුළු බිත්ති දිග = අඩි 4යි
බිත්ති   සඳහා වියදම = රු 4යි
වැසීමට ඇති වර්ග අඩි  ප්‍රමාණය = වර්ග අඩි 1 යි
වර්ග අඩි 1 ක කොන්ක්‍රීට් වියදම = රු 1 යි
මුළු ඉදිකිරීම වෙනුවෙන් වැය වූ මුදල = රු 5 යි  ..

( NOTE : - 5 rs/1sqft  = 5 rs = මම පොර අවස්ථාව. කැල් එකක් ගත්තම විනාඩි 5 හේ අවස්ථාව   )

දෙවන  උදාහරණය | වර්ග අඩි 4  ක ඉදිකිරීමක් සඳහා යන මුදල






මුළු බිත්ති දිග = අඩි 8 යි
ඒ සඳහා වියදම = රු 8යි
වැසීමට ඇති වර්ග අඩි  ප්‍රමාණය = වර්ග අඩි 4 යි
වර්ග අඩි 4 ක කොන්ක්‍රීට් වියදම = රු 4 යි
මුළු ඉදිකිරීම වෙනුවෙන් වැය වූ මුදල = රු 12 යි  .. ( හරි නම් රු 20 ක් යන්න ඕනේ )


( NOTE : - 12 rs/  4sqft =  3 rs = හපොයි. එන පොට හොඳ නැහැ අවස්ථාව.      )


තෙවන  උදාහරණය | වර්ග අඩි 9 ක ඉදිකිරීමක් සඳහා යන මුදල






මුළු බිත්ති දිග = අඩි 12 යි
ඒ සඳහා වියදම = රු 12 යි
වැසීමට ඇති වර්ග අඩි  ප්‍රමාණය = වර්ග අඩි 9 යි
වර්ග අඩි 9 ක කොන්ක්‍රීට් වියදම = රු 9 යි
මුළු ඉදිකිරීම වෙනුවෙන් වැය වූ මුදල = රු 21 යි  .. ( හරි නම් රු 45 ක් යන්න ඕනේ )

( NOTE : - 21 rs/  9sqft =  2.3 rs = රෙද්ද පල්ලේ යෑම ! කැල් එක පොළොවේ ගහන්න වෙන අවස්ථාව. රු 15 ,000 පඩියට අවුරුදු දෙකක් වැඩ කරන්න වෙන අවස්ථාව  )

                 පේනවද වියදමේ වෙනසක් ...? පළමු උදාහරණයේ ඇති වර්ග අඩි 1  ඉදිකරන්න ගියා රු 1 ක් . ඒත් වර්ග අඩි  9 ක් හදන්නම මට තෙවෙනි අවස්ථාවේදී ගියේ රු 21 යි. හරි නම් රු 45 ක් යන්න ඕනේ. ඒත් මට ගියේ රු 21 . භාගයකටත් අඩු මුදලක් නේද ගිහින් තියෙන්නේ ....?


තනි ඇහැට ඇඬෙන අවස්ථාව .




මුළු බිත්ති දිග = අඩි 60 යි
ඒ සඳහා වියදම = රු 60 යි
වැසීමට ඇති වර්ග අඩි  ප්‍රමාණය = වර්ග අඩි 225 යි
වර්ග අඩි 225 ක කොන්ක්‍රීට් වියදම = රු 225 යි
මුළු ඉදිකිරීම වෙනුවෙන් වැය වූ මුදල = රු 285 යි  .. ( හරි නම් රු 1125 ක් යන්න ඕනේ )


                    තට්ටු නිවාස සංකීර්ණයක් කියන්නේ මොකක්ද ? මගේ ගෙදර වහළය වෙන්නේ උඩ තට්ටුවේ ඉන්න කෙනාගේ පොළොව නේද .. ? මගේ ගෙදර පොළොව වෙන්නේ මට පහළ ගෙදර ඉන්න කෙනාගේ වහළය නේද ...?

               මගේ ගෙදර එක බිත්තියක් අනික් ගෙදර මනුස්සයගේත් එක බිත්තියක් වෙනවා නේද ..? මුළු බිල්ඩිමටම වහලවල් කීයද තියෙන්නේ ? සඳලු තල , විදුලි සෝපාන , පිහිනුම් තටාක , ජිම් , වාහන පාර්කින් වගේ දේවල් ෂෙයාර් වෙනවා නේද එකිනෙකා අතර ..?

        හැමෝටම අයිති එහෙත්  හැමෝටම පොදු දේපල ඕනේ තරම් තියෙනවා නේද නිවාස සංකීර්ණයක ?


ඇයි මේ ගහ දන්න මට කොළ කඩලා පෙන්නන්න හදන්නේ මගේම ගහේ ...?


                 යමි කිසි කෙනෙකුට රෝයල් පාර්ක් එකේ මාර්කටින් ප්ලෑන් එක සහ පිටු 31,000 ගණනක් ඇති එන්ජිනියරින් ප්ලෑන් එක , විදුලි බල පද්ධතිය / ගොඩනැගිල්ල  මුදුනේ ඇති විදුලි සංදේශ පද්ධතිය / ගුවන්විදුලි රූපවාහිනී  විකාශන පද්ධතිය  බලන්න ඕනේ නම් ඔබේ සම්පූර්ණ නම / NIC / දුරකනය / තනතුර / සේවය කරන ආයතනය  සහිතව මට විස්තර එවන්න. රොයල් පාර්ක් එක හදපු ප්‍රොජෙක්ට් මැනේජර්ව මුණගැසීමට අවස්ථාවක් එයාට දෙනවා. වැලි කැටෙන් වැලි කැටේට , තට්ටුවෙන් තට්ටුවට ගණන් හදලා පෙන්නාවි ඔහු එදාට. හැබැයි ඔහු කාරුණික අයෙක් නම් නෙවේ පුද්ගලයන් ඉදිරියේදී .


                 සෑම ව්‍යාපෘතියකම එන්ජිනියරින් ප්ලෑන් එක සහ මාර්කටින් ප්ලෑන් එක කියල දෙකක් තියෙනවා. මෙතනින් එන්ජිනියරින් ප්ලෑන් එක 100 % හදන්නේ , ඒ ගැන විධායක මට්ටමේ තීරණ ගන්න පුළුවන් සමාගම් අධ්‍යක්ෂකවරයාටත්  සහ ඔහු විසින් බලය පැවරු අයටත් විතරයි. ඔවුන්  විතරයි දන්නේ සැඟවුණු ගණන් මිනුම් ගැන.  නව ව්‍යාපෘතියේ අරමුණ , එය කව්රුන් විසින් ලබා දුන්නක්ද , කිනම් පාර්ශවයක් වෙනුවෙන් ඉටු කරන්නක්ද , අනාගත බලාපොරොත්තු මොනවාද යන්න ගැන දන්නේ අධ්‍යක්‍ෂක ඇතුළු කීප දෙනා පමණමයි. (යම් කිසි අයෙක් එසේ නැහැ කියනවා නම් මම පැහැදිළි කරන්න යන්නෙත් නැහැ.  දවසක් මම විශ්ව රංගනාත්ට නම් පුද්ගලිකව කරුණු ටිකක් කීවා යම් දේවල්  ගැන) . ඔවුන්ට ඕනෑ හැටියටයි මාර්කටින් ප්ලෑන් එක හදන්නේ. මේ ගැන පසුවට කියන්නම්)  අධ්‍යක්‍ෂක , කොටස් හිමියන් සහ ප්‍රධාන විධායකවරයා එකතුව ව්‍යාපෘතිය  ගැන අවසාන කථිකාවට ආවට පස්සේ තීරණය කරනවා සමාගම සතු විවිධ අංශ වලට වැඩ පවරන්න. සුළු නිලධාරීන් හට දැනුම් දිය යුත්තේ මොනවාද , දැනුම් නොදිය යුත්තේ මොනවාද , සැඟවිය විය යුත්තේ මොනවාද යන්න තීරණය කරන්නේ  සමාගම් අධ්‍යක්‍ෂක ඇතුළු ඉහළම නිලධාරීන් විතරයි.

            එසේ තීරණය කිරීමෙන් පසු ඉදිකිරීම්/විදුලි/යාන්ත්‍රික/සැලසුම්  එන්ජිනේරු අංශයන් වෙනුවෙන් එහි ප්‍රධාන එන්ජිනේරු මහත්වරුන්ටත් , මූල්‍ය අංශයේ ඉහළ නිලධාරීන් , මානව සම්පත් අංශයේ නිලධාරීන්ටත් , අනික් පහළ නිලධාරීන්ටත් නිළ වශයෙන් දැනුම් දෙනවා නව ව්‍යාපෘතිය ගැන.


           ඔන්න දැන් තමයි මාස කීපයකට පස්සේ නමෝ විත්තියෙන් සුළු නිළධාරීන්ට සමාගම් අධ්‍යක්‍ෂකවරයාව දැකගන්න හරි අවස්ථාවක් ලැබෙන්නේ. සියලු දෙනා රැස් උනාට පස්සේ ඔහු අමතනවා.

" සුබ උදෑසනක් මහත්වරුනි . ------------- සමාගම නව ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැලසුම් කර අවසන්. මේ ගැන වැඩි විස්තර සමාගම් ප්‍රධාන විධායකවරයා විසින් ඔබට පවසාවි. "

               ප්‍රධාන විධායකවරයාට අවස්ථාව දීලා ඔහු බලා ඉන්නවා සාවධානව. ප්‍රධාන විධායකවරයා අවශ්‍ය තොරතුරු පමණක් විස්තර කරනවා. අනවශ්‍ය වචනයක් වත් පැවසීමෙන් වළකිනවා. ඒ ඒ අංශ වලට වැඩ පවරා දීම , ගැටළු , විසඳුම් ආදී අවශ්‍ය සියල්ල කතා බහ කරනවා. ( නව සේවකයන් බඳවාගැනීමට අවශ්‍යද  , නව යන්ත්‍ර සූත්‍ර මිළදී ගැනීම් , නව තාක්ෂණික ක්‍රමෝපායන් ගැන , අභියෝග , ඉළක්ක , ව්‍යාපෘති නිම කිරීමෙන් පසු අත්වන ප්‍රයෝජන වැනි සියල්ල කතා බහ කරන්නේ මෙතැනදී. )


             මෙවැනි කතා බහක් ඇතැම් විට පැය 8 ක් - 12 ක් පමණ දිගු වෙන්න පුළුවන් ඒ ඒ සමාගමෙන් සමාගමේ හැටියට. අධ්‍යක්ෂකවරයා නැගිටිනකම් කිසිවෙකුට නැගිටින්න බැහැ. ( නිකම් වැඩවසම් යුගය වගේ නේද ? ) අධ්‍යක්ෂකවරයා සෑහීමකට පත් වූ පසු ඔහු නැවත සභාව අමතනවා.

" හොඳයි මහත්වරුනි , අද දිනය ගැන බොහොම සතුටුයි. මෙම නව ව්‍යාපෘතිය සඳහා ඔබ සියලු දෙනාගේ සහයෝගය බලාපොරොත්තු වෙමි. ඔබට සුබ දවසක් "

            මෙළෙස අවස්ථා කීපයක් තුළදී අධ්‍යක්ෂකවරයා පුද්ගලිකව පැමිණ  පහළ සේවකයන් සමග සාකච්චා වට කීපයක් පවත්වනවා. ඉන්පසු නැවත ඔහුව දකින්නට ලැබෙන්නේ නැහැ සුළු සේවකයන්ට. ඔහු පිටව ගිය පසු සභාවේ ඇති කතා බහ මේ වගේ..


" ඌ නම් කියයි. අපි එපැයි මැරීගෙන මේවා කරන්න. ඌට මොකද. ඌ නිකම් වාඩි වෙලා බලන් ඉන්න එකනේ. කාලකන්ණියා "


          එහෙත් සත්‍ය තමයි සමාගම් අධ්‍යක්‍ෂවරයා විසින් තිරය පිටුපස සිට කරන විශාල කාර්ය භාරය කිසිවෙක් දකින්නේ නැහැ. හැමෝටම පේන්නේ ඔහු අඩුවෙන් කතා කරන , සිංහල වචන 10 යක් හරියට උච්චාරණය කරගන්න බැරි , සල්ලි බලේට එතනට ආව පුංචි බබෙක් කියලා.



අධ්‍යක්‍ෂවරයා විසින් පැවරූ වැඩ මෙසේ බෙදී යයි.

               විශාල හිස් ඉඩක් ඇති මහල් ගොඩනැගිල්ලක  ඇති ගොඩනැගිලි ද්‍රව්‍ය ප්‍රමාණය ඉතාම සුළු වෙන්න පුළුවන්. එන්ජිනියරින් ප්ලෑන් එකේදී ගණන් හදන්නේ හිස් අවකාශය වෙනුවෙන් නෙවේ. ගණන් හදන්න ඕනේ සැබෑ ද්‍රව්‍ය වලට. වර්ග අඩි 800,000,000  ක් ඇති ගොඩනැගිල්ලක  ඉහත මම කියපු උදාහරණයට අනුව සත්‍ය ලෙසම ඇත්තේ වර්ග අඩි 250,000,000 වෙන්න පුළුවන්.ඒ අනුව ප්‍රායෝගිකව බලන විට  වර්ග අඩියක් වෙනුවෙන් රු 5500 විතර වැය කරන්න පුළුවන්! හොඳම නිමාවක් ඇති / ශක්තියක් ඇති ව්‍යාපෘති නිම කරන්නේ එහෙමයි. කිසිම දවසක සැබෑ මිළ ගණන් හෙළි කරන්නේ නැහැ සමාගමක් විසින්. ( අපි වර්ග අඩිය 1200 ට හදනවා කියලා කෑ ගහන්නේ නැහැ වගකීම් සහිත සමාගම්. )

Note : - වර්ග අඩියක් සඳහා රු 900 ක් වැය වේ යයි කීවද ඉහත අවස්ථා අනුව ප්‍රායෝගිකව වර්ග අඩියක් සඳහා රු 4600 පමණ වෙන් වේ.

285sqft x 900rs = 256,500
285sqft x 4500rs = 1,311,000 ( එක කාමරයක් සඳහා ලක්ෂ 13 කට ආසන්න මුදලක් වැය කරන්න පුළුවන් )

                    එම ව්‍යාපෘතිය අලෙවිකරණය සඳහා යොදවද්දී  ගණන් හදන්නේ හිස් අවකාශයට පවා රුපියල් ඇතුළත් කරලා. ඒකට තමයි කියන්නේ මාර්කටින් ප්ලෑන් එක කියලා. ඔබ අන්තර්ජාලය පුරා දකින සියලු මිළ ගණන් අයත් වන්නේ මාර්කටින් ප්ලෑන් එකට මිසක් එන්ජිනියරින් ප්ලෑන් එකට නෙවේ..

             රුපියල් බිලියනයක මුදලක්  ( ලක්ෂ 10,000 ක් ) මගින් රුපියල් බිලියන  300 ( ලක්ෂ 3,000,000 ක් ) පමණ හදන්න පුළුවන් එක වසරක් ඇතුළත. එම විශයට තමයි කියන්නේ "මුදල් මැවීම" කියලා. මේ විදිහට මුදල් මවන්නන් සඳහා අප්‍රමාණ වටිනාකමක් තියෙනවා. ඔවුන් සතු ජීවිතය ගැන / අදායම ගැන කෙනෙකුට අනාවැකි කියන්න බැහැ. අතට පත් වන ඕනෑම දෙයක් රන් බවට පත් කරන්න පුළුවන් කෙනෙකුගේ වටිනාකම කීයද ?

( දැන් තේරුණාද සමාගම් අධ්‍යක්ෂවරයා ඇතුළු කණ්ඩායම විසින් දිවා රෑ වෙහෙසෙමින් කරන කියන දේවල්. කණගාටුවට කරුණ ඒවා පිට ලෝකෙට පේන්නේ නැහැ. ඉතින් ඔප්පු කරන්න බැහැ පිට ලෝකෙදි. යම් කිසි කැල්ක්‍යුලේටර්  වීරයෙක් බාගෙට එහෙන් මෙහෙන් මාර්කටින් ප්ලෑන්  එකේ ඇති දේවල් ඉන්ටර්නෙට් එකෙන් අහුලාගෙන සමාගම් අධ්‍යක්‍ෂකවරයෙක් ඉදිරියේ  කැල්ක්‍යුලේටර් වලින් ගණන් පෙන්වන්න ආවොත් වෙන්නේ එයාට වැඩ වරදින එක . . !  )

                  විශාල ඉදිකිරීම්වලදී මෙවැනි වෘත්තීය න්‍යායන් භාවිතා කරනවා. ආර්ථික විද්‍යා ප්‍රයෝග මේවා. මේ ගැන දැනීමක් නැති අය " මහා පරිමාණ ව්‍යාපෘති " ගැන කැල් වල පිහිටෙන් ගණන් හදලා පෙන්වන්න එද්දී සබ්ජෙක්ට් එක දන්න කෙනාට නිකම්ම තේරෙනවා බොරුකාරයන් ගැන. ඔබ දෙයක් දන්නේ නැත්නම් නිහතමානීව  ඉගෙන ගන්න. නිහතමානී නැති අයට කිසිම දෙයක් ඉගෙන ගන්න බැහැ. යම් කිසි කෙනෙකුට ( නිහතමානීව ) දැනගන්න අවශ්‍ය  නම් මට පුළුවන් අඟල් 6 ක කොන්ක්‍රීට් ස්ලැබ් එකක්  ගැන පිටු 100 ක  විස්තරයක් කියන්න.



මම කළින් ලියපු  "පුද්ගල මිළ තීරණය වීම | Value and the Price" කියන ලිපියේදී හොඳම හොඳ කතාවක් අපේ ඉවාන් පවුලූශා කිව්වා. ඒ තමයි

        " මම නිරීක්ෂන මගින් නිගමන ඉදිරිපත් කළාම මිනිස්සු පුදුම වෙනවා. එත් මම ඒ නිගමන වලට ආපු හැටි මිනිස්සුන්ට පැහැදිලි කලාම , ඕකේ මහලොකු දෙයක් නෑනේ කියලා උන් මට හිනාවෙනවා "


                මම ඉගෙන ගත්තේ බලු දුක් විඳලා. මම දෙයක් කියන්නම්. පොඩි කාලේ මම බල්ලෙක්ට කෑම දාපු පත්තර කොළයක් දැක්කත් බල්ලා බත් ටික කාලා ඉවර උනාට පස්සේ කෙළ ටික අතින් පිහ දාලා ඒක අරන් කියවනවා.  අදට උනත් මම එහෙමයි. අපේ අම්මා අහනවා මොකද ළමයෝ ඔය කියලා.  ඒ වගේම මගේ කෑම එකේ බත් ඇට දහයක් ඉතුරු උනත් මම ඒ කෑම ටික සතෙක්ට කන්න පුළුවන් තැනකට ගෙනහින් තියනවා තට්ටු ගාණක් බැහැලා උනත්. කිසිම දෙයක් අපතේ යවන්නේ නැහැ. මිනිස්සු මට හිනා වෙනවා.


              මිනිස්සු මට හිනා උනාට මම  එනකම් අහිංසක බල්ලෝ පූසෝ ඉන්නවා මග බලාගෙන. මම පාරේ ඇවිදගෙන ගියොත්  පාරේ ඉන්න බල්ලෝ ඇවිත් මාව බිම පෙරලගන්නවා ආදරේට . ඒත් මම එනකම් මග බලන් ඉන්න මිනිස්සු නැහැ මට ( මගේ තාත්තා ඇරෙන්න. එයා ඇරෙන්න මේ ලෝකේ වෙන කිසිම කෙනෙක් මට නැහැ ) . මට ඕනෙත් නැහැ. සත්තු ළඟ තියෙන ගුණේ නැති අය මට එපා.











Memory and Humanity | සහෘදයෙකුගේ අවසන් සටහන.


මගේ සිඟිති දියණියත් , අපේ ලෝකයත් .If you have a weak heart please DO NOT read!

අහිංසක ආදර කතාවක්!සියල්ල හැර යාමට මත්තෙන්.

  


මම ලියපු යුධමය කරුණු ඇතුළත් ලිපි

ප්‍රහාරක ජෙට් නියමුවන් පුහුණු කිරීම . Fighter Pilot Requirements.

යුධ සිහි වටන සහ යුධ අවි අතර වෙනස නොදන්නා හරක් සඳහා පමණයි ! Pilots and bunkers.

02. චරපුරුෂ සේවයක අවශ්‍යතාවය සහ යුධ සැලසුම්කරණය. Tactical Management 02

02 ප්‍රහාරක ජෙට් නියමුවෙකුගේ සහ ප්‍රහාරක හෙළිකොප්ටර් නියමුවෙකුගේ වෙනස් කම් 02 fighter-pilot-requireme

මම ලියපු ආර්ථික විද්‍යා ලිපි

අද කාලේ කූඹිත් විකුණන්න පුළුවන් Ants as pets ?

ඇයි අපිට ජපානෙන් 300% බද්දට වාහන ගේන්න උනේ?1960 දී ලංකාවේ මෝටර් රථ තාක්ෂනය විනාශ කළ සිරි

ශ්‍රී ලංකාවේ ආර්ථිකයට අනාගතයේදී විය හැකි දේ. ( පළමු කොටස ) what is happening to Sri Lanka's economy

02 ශ්‍රී ලංකාවේ ආර්ථිකයට අනාගතයේදී විය හැකි දේ. ( දෙවන කොටස ) what is happening to Sri Lanka's econ

පුද්ගල මිළ තීරණය වීම | Value and the Price

මම ලියපු තාක්ෂණික  ලිපි



( වළියක් ) 35,000Km Zoom වෙන ලෙන්ස් පද්ධතිය පෝස්ටුවේදී විශ්ව රංගනාත් සහ silent sahan අතර වූ

අභ්‍යාවකාශගත කිරීමට නියමිත චන්ද්‍රිකාවක් බලන්න කැමතිද ...? making of a satellite කිලෝමීටර් 35,000 ZooM

අති විශාල නිවාස සංකීර්ණයක් සඳහා අකුණු සන්නායකයක් සාදා ගන්නා ආකාරය lightning-precautions 02

සම්පූර්ණයෙන්ම විදුලියෙන් ධාවනය වන ටෙස්ලා මොඩෙල් කාරයේ විස්තර ටිකක්. Tesla Model S

කඔරු ඉකෙයා.අපේ කාලයේ පුංචි විද්‍යාඥයා.My little hero.

රූපවාහිනී ආයතනයක ප්‍රධාන පාලක මැදිරිය

අකුණක විද්‍යාත්මක පැහැදිළි කිරීම සහ අකුණු අනතුරු වලින් ආරක්ෂා වෙමු|safety precautions for lightning.

COD 4 Multiplayer From SL SERVER ..! ඔන් ලයින් මල්ටිප්ලේයර් ගහන්න


අන්තර්ජාල ජීවිත ..අඹු දරුවෝ ...? Where are my babies..?

මම ලියපු දේශපාලන  ලිපි

ඇයි මම මේ විදිහට හැසිරෙන්නේ ? Why am I ?

ශ්‍රී ලංකාවේදී චන්දය දීම සඳහා උපදෙස්. වයඹ/මධ්‍යම/උතුරු

මම ලියපු නීති ලිපි

වර්තමාන(2012 Dec)දේශපාලනය හා අඳ ගැහැණිය!

රටක අග්‍රවිනිශ්චය ධූරයට හූ කියන තුට්ටු දෙකේ පාපතර දේශපාලනය (01)

රටක පාලන ව්‍යුහයක බිහිසුණු තැන් (01)

මම ලියපු මනසේ ක්‍රියාකාරීත්වය ගැන ලිපි

හිස් බව ඇති වීම සහ එයට විසදුම් | කෙදිනක හෝ වැදගත් විය හැක , එනිසා කියවන්න! scenarios between loneliness

ස්ත්‍රියකගේ රසය තුළින් මොන තරම් ආශ්වාදයක් පිරිමි හිතකට ලබන්න පුලුවන්ද.. ..!

නුවරුන් තනා ලූ උගුලේ වැටී , සඳ ගිරි හිසේ ලූ කිඳුරෙකුද මේ ප්‍රාණය යදින්නේ ? Love of goddess.

රහතන් වහන්සේ නමක් ඒහි භික්ෂු භාවයට පත් කරන්නේ ඇයි ? කල නොහැකි අවස්ථාවන් .


ලෝකාශ්වාදයේ පළමු අද්දැකීම කෙබඳුද ? You showed me how to do.

ඔබත් බණ ටිකක් ඇහෙද්දී , දකිද්දී හෙමීට පැත්තකට වෙන කෙනෙක්ද?

යම ලොවට අධිපති යම රජ|.A horror story.

මම ලියපු පරිපාලනමය කරුණු ඇතුළත්  ලිපි

රූපවාහිනී ආයතනයක හිමිකාරිත්වය දැරීම සහ එහි පරිපාලනය

බෝලේ පාස් කරගත්තම ඔක්කොම හරිද ?|Dont miss the catch .


චැනල් 4 මාධ්‍ය වේදියාගේ ශ්‍රී ලංකා ආගමනය සහ එයින් ලබා ගත හැකි ඵල. channel 4 drama

මම ලියපු විනෝදාත්මක ලිපි

තාත්ති අර ආන්ටිගේ කුක්කු ලොකු ඇයි ..?

Russian Translations - Little Spy. රුසියානු පරිවර්තන - පුංචි ඔත්තුකරුවා සහ තරුණ මේජර්වරයා ( ගිලිහි ගිය තම පියාගේ මතක )

ෂර්ලොක් හෝම්ස් රහස් පරීක්ෂණ - ජීව විද්‍යාඥයාගේ අභිරහස් අතුරුදහන් වීම Sherlock Holmes -Dr. Victor Wolfen

අද්මිරල් ෆර්නැන්ඩස්කිගේ සියවස් කීපයක නාවික අද්දැකීම් 01...( දේශපාලනයෙන් තොර කතා මාළාවක ආරම්භය )


දේව භක්තිය... Aesop's Fables.

මූළික අදියරේ සිට වෙරළු මල් අවස්ථාව දක්වා... The Nature.

හා පැට්ටගෙ ආදරේ... ( You fu***** your honey bunny )

ලැම්බට් වවුලා | A Funny Story .

+16 " ගෙඩිය පිටින් " යන යෙදුමේ අරුත| gediya pitin kama !

හතර බීරි කතාව . ( මුල්ම සටහන / originalma එක ) hathara beeri kathawa

ළඳුනේ ගීතය ගැන මීට කලින් උන කතා බහක් මගේ අතින් උන

කූඩු උන කිරිල්ලියන්ට මෙහෙමත් හිතෙනවා ඇති

දික්කසාදයෙන් ඈ ලැබූ සැනසීම!

සයිලන්ට් සහන් ගැන පැතිර ඇති මිත්‍යා

සහන් බැඳලද ? මන් දන්නේ නැහැ | මොකා ! ( WTF )?

විවාහක පිරිමින් ප්‍රසිද්දියේ විවාහය නීරස බැව් පැවසීමත් , ස්ත්‍රීන් එසේ නොකිරීමත්...

Happy Valentine's Day My Love!

Shermie and Miguel | රාත්‍රියේ වෙරළ කොනේ මුණගැසුණු අමුත්තාගේ රහස !|





මෙම ලිපිය FB හරහා ඔබේ මිතුරන් අතරේ බෙදාගන්න.

169 comments:

  1. මම හරි කැමති විෂයක් .
    ඔය මහල් විසි තිස් නැත්නම් එයිට වැඩි ගොඩනැගිලි හදල විකුණන උදවිය,එයාලට නොමිලේ ලැබුන හිස් අහස ටත් මිලක් නියම කරනව නේද සහන් මල්ලි.
    මොකද බං ලිපියට සම්බන්ධ නැති විරහ ගීයක් :) ?

    ReplyDelete
    Replies
    1. ඒක වෙන්නේ මෙහෙමයි කෙන්ජයියේ ,මහල් විස්සක් නැත්තම් තිහක ,අපාර්ට්මන්ට් එකක් හදනකොට එකේ land value එක සහ කන්ස්ට්‍රක්ෂන් කොස්ට් එක අරන් ලෑන්ඩ් ඒරියා එකෙන් බෙදුවම එන්න ඕන square foot rate එකට වඩා බොහොම වැඩි ගානක් අපාර්ට්මන්ට් selling square foot rate එක එන එක ගැන වෙන්න ඇති ඔය කියන්නේ .

      සාමාන්‍යයෙන් අපාර්ට්මන්ට් වල landඒරියා යම් කොටසක් parking වලට යනවා ,ඒ වගේම තව කොටසක් lift, staircase, recreational area, swimming pool, walkway, gardens ,play area වගේ ඒවාට යනවා. එහෙම ගත්තම් විකිණිය හැකි බිම් ප්‍රමාණය මුළු ඉඩමේ ප්‍රමාණයෙන් 65% ක් විතර එතකොට අර විකුණන ප්‍රමාණයට අනිත් කොටස් වල මිලත් එකතුවෙලා තමයි මිල තීරණය වෙන්නේ. සාමාන්‍යයෙන් පෙනෙන මිලට වඩා බොහෝ වැඩි මිලක් එතනට එන්නේ ඒකයි. එකියන්නේ 100% කබිම් ප්‍රමාණයක මිල විකුණන 65% ට එකතුවෙනවා .ඒ මතට overhead & profit එකතු වුනාම සාමාන්‍ය වටිනාකම වගේ තුන්ගුනයක විතර මිලක් තමයි අවසාන මිල වෙන්නේ

      Delete
    2. සරල පැහැදිලි කිරීමට තුති ඉවාන් මල්ල.
      තේරුම් ගත්ත.

      Delete
    3. බොහොම ස්තූතියි පැහැදිලි කිරීමට. ඒ කියන්නේ මුළු ව්‍යාපෘතියට ගිය මිල, එපාර්ට්මන්ට ගානෙන් බෙදලා.. ලාබය එකතු කරනවා. බොහොම පැහැදිලියි. මේ දේ තේරුම් ගන්න බැරි උන් තමයි හැම දේම අසාධාරන ගනන් කියලා කෑ ගහන්නේ. මාත් කාළයක් ලෑන්ඩ් සේල් කරානේ. එතකොට ගමේ උන් ඇවිත් අහනවා, "ඔයාලා පර්චස් එකක් ගත්තේ මේ ගානට, දැන් විකුනන්නේ හෙන ගහන ගනන් වලට් නේ කියලා". උන්ට පේන්නේ නෑ ඩිවෙලප්මන්ට් වලට ගිය ගාන, රෙසවේශන් වලට ගිය ගාන.

      Delete
    4. ඉවාන්
      ස්තූතියි මචං .. අපි බලන්නෙ වෙන තැනක ඉඳන්නෙ ..ෙතකොට ගාන වැඩි වගේ පේනව. මීයක් කඩන්නෙ අත ලෙව කන්න නෙමෙයිනෙ නේද !!

      Delete

    5. @ කෙන්ජයියේ

                     ඔව් මමත් කැමති දෙයක් තමයි.. හිස් අහසට උනත් මිළක් ගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා..අවස්ථාව ආව හැටියේ ක්‍රියාත්මක වෙන්න ඕනේ. සම්පත් හරියට කළමනාකරණය කරගන්න ඕනේ.

      ( හැබැයි අවස්තාව එනකම් සම්පත් ටික රැකගන්න ඕනේ. කිසිම දෙයක් අපතේ යවන්න එපා )

      @ ඉවාන්

      බොහොම ස්තූතියි කමෙන්ට් එකට..ඔතන මම කියන්න ඕනේ ටිකකුත් තියෙනවා.. ඒ ටික කියන්න ඕනේ නැහැ ...

      @ මාතලන්

             හරියට හරි.. කුණු ගොඩේ තියෙන මැණිකක් හොයන් ගිහින් , ඒක හෝදලා , ඔප දාළා ගත්තම අහල පහළ ඉන්න නයි පනික්කියන්ගේ පපු පුපුරන්න එනවා ඉරිසියාවට ... කොහොමද ඒ වෙලාවට මූණ ... ?


      @ පත්තර මල්ලි

      අනිවා.. ඩීල් වලදී මනුස්සකම් අරයා මෙයා නැහැ. ඩීල් විතරයි .........

      Delete
  2. Holy shit I think I know you. XXX2 ?

    ReplyDelete
  3. එදා ලඟ සිට දුටුව ඔබ නොව
    මෙදා දුර සිට මා දකින්නේ
    සදාකාලික නොවූ ලෝකයෙ
    සදා කෙලෙසද පෙම් බඳින්නේ .... !!

    ReplyDelete
    Replies
    1. ඔය ප්‍රශ්නයට උත්තර දීමෙන් වළකින එක තමයි හොඳ ...

      Delete
  4. ගණිත අංශයට හුඟක් ආදළ ලිපියක්. නංගිට පෙන්නන්න ඕනේ :)

    ReplyDelete
    Replies
    1. නංගි ගණන්කාරියෙක්ද ධාරා...:D ?

      Delete
    2. අක්කෙ තේ එකක් එහෙම බොනවද නැත්තං කූල් මොනවහරි ?????

      Delete
    3. @ ධාරා

      එහෙම නැහැ ධාරා ... මේක ලියවිලා තියෙන්නේ පරිපාලනය ගැන ... නිකන් පච ගහලා කනෙන් රිංගන්න එන අය ගැන මේක ලියලා තියෙන්නේ.. ඒ නිසා ගණන් මිනුම් අමතක කරලා කියවලා බලන්න.. නැත්නම් අක්කයි නංගියි දෙන්නම එකතු වෙලා කියවලා බලන්න ...

      @ මනෝජ්

      අපි බලමු ... :)

      @ පත්තරේ

      පත්තර බිස්නස් එක අස්සේ වෙන වෙන බිස්නසුත් යනවා වගේ නේද ...? කමක් නැහැ කමක් නැහැ.. ඔලුව උස්සගන්නනේ අප්පේ මේ සේරම.. සංසාරේ සංසාරේ ...!

      Delete
    4. නංගිල ඉන්න අක්කලට පත්තර මල්ලි ෆුල් සැලකිලි නොවැ සහන් බොස් !!
      අපි එහෙමයි !

      Delete
  5. ඇත්තටම මේය ප්‍රයෝගික ලිපියක්... මේකෙන් මට ගන්න පුලුවන් උන දේ නම් ගොඩාක් ලොකුයි.....
    ස්තුතියි ඔබට මෙවැනි තාර්කික ලිපි සැපයිම ගැන...

    ReplyDelete
    Replies
    1. \\\\\ඇත්තටම මේය ප්‍රයෝගික ලිපියක්... \\\\\\\\\\\\

      අන්න එච්චරයි... අභිලාෂ් දැකලා තියෙනවද හයි වෙලා නැති කොන්ක්‍රීට් ස්ලැබ් එකේ යකඩ කම්බියෙන් ගණන් හදලා පෙන්නන එන්ජිනේරුවෝ ...?

      Delete
  6. වැදගත් ලිපියක්....!

    සින්දුව ලස්සනයි ................ :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රෙහානි...

      සින්දුව ලියවිලා තියෙන්නේ පසු තැවෙන කෙනෙක් ගැන නෙව .. දැනට වසර 17 කටත් එහා අතීතයක් ඔය ........

      Delete
  7. ගියපාර කමෙන්ට් වලට පිළිතුර දැන් තියෙන්නේ දිලිසි දිලිසි. කියන්න දෙයක් නැහැ.
    අර සහන් අධ්‍යක්ෂතුමා කථා කරපු සුළු නිලධාරීන් සුළුම නැහැ නේ. සයිට් ඉංගිනේරු, සයිට් කළමනාකාර, වගේ සෙට් එකක් ගැන නේ ඔය කියලා තියෙන්නේ. සමහර විට ඔවුන්ට ව්‍යාපෘතිය ඉවර කරලා වසර ගණනකට පසුවත් සැඟවුන කරුණු පෙන්නේ නැහැ නේ.

    මමත් මුල්ම කල ජොබ් එක්කට මුල් ගිය දවස්වල හිතන් හිටියේ අපේ කළමනාකාර අධ්‍යක්ෂක කියන්නේ සල්ලි නිසා එතෙනට ආව බබක් කියලා. ඔහුත් මගේ වයසේ වගේ කෙනෙක්. නමුත් වසරක් විතර ඉන්න විට තේරුනේ ඔහුට ලොකු තාක්ෂණික දැනුමක් නැතත් අනෙක් දේවල් වල දැනුම සුපිරි බව. ඔහු නොදන්නා කොටස් ඒ ගැන දැනුම තියෙන සේවකයන් තියාගෙන ලස්සනට කළමනාකරණය කරනවා.

    සහන් පොඩි දෙයක් පෙන්වන්න තියෙනවා
    විදුලි බල පද්ධතිය කියලා ලින්ක් එක දීලා තියෙන්නේ අකුණු ආරක්ෂණ පද්ධතියට.

    ReplyDelete
    Replies
    1. @ රංග

                මම මේ සියල්ල කරන්නේ 1.7  xp පොඩි කම්පියුටර් එකකින්.. රූප අඳින්නේ පේන්ට් වලින්... ඔටෝ කැඩ් අර කැඩ් මේ කැඩ් නැහැ මා ළඟ ( දැන් මේ ඉන්න තැන ) ..  ලින්ක් දාන්න , ඒවා හොයන්න , ලින්ක් වලට ටයිටල් දාන්න , ඒවා උපුටලා ගන්න , චේද කඩන්න , අකුරු හදන්න , ඒවගේ අකුරු මිස්ටේක් හොයන්න ගොඩක් මහන්සි වෙන්න උනා. ඉන්නකෝ හදන්නම් මම ... මේ පාර නිවාඩුව බ්ලොග් එකටම ඉවරයි ... :(

                 

                     යම් යම් අංශ ප්‍රධානීන්ව සුළු සේවකයන් හැටියට සළකන්නේ නැහැ.විධායක ශ්‍රේණියේ ඔවුන් සිටින තැන අනුවයි ආමන්ත්‍රණය පවා සිදු කරන්නේ. එසේම යම් අයෙක් ඉන්න පුළුවන් විධායක ශ්‍රේණියේ පහළින් සිටියත් යම් අංශයක "අංශ ප්‍රධානි" . දක්ෂ නිලධාරීන්ව එහෙම ඉහළට ගන්නවා. වසරකට විතර පසු "විධායක ශ්‍රේණියට අදාළව" උසස් වීමක් හිමි වෙනවා. අර මම කළින් කියපු " පුද්ගල මිළ " තීරණය වීමේම කොටසක් ඒකත් .... ( මේක ඉතින් මෙහෙම සරළ නැහැ.. මානව සම්පත් අංශයේ අනුමැතියත් අරගෙනයි උසස් වීම් දෙන්නේ.නැත්නම් අනවශ්‍ය සේවක ගැටුම් වෙනවා. ඒවා බේරන්න යනවට වඩා හොඳයි වැල යන අතට මැස්ස ගහන එක )

                  මාස 4 ක් විතර වැඩ කරද්දී තේරෙනවා රංග මිනිස්සු ගැන. කව්ද බොරු කාරයා , කව්ද වැඩ කාරයා , කව්ද පහත් මිනිහා , කව්ද තමන්ගේ පාඩුවේ ඉන්නේ වගේ දේවල් හැම දේම බලාගෙන ඉන්නේ.. හරියටම හිතට අල්ලන මිහිහට ලොකු වටිනාකමක් ලැබෙනවා. අනිවාර්යයෙන්ම වසර 10 යද්දී විශාල වරප්‍රසාද ටිකක් හිමි වෙනවා දක්ෂ සේවකයෙක්ට ...

      ඔය අතරේ ඉන්නවා රංග " සදාකාලික සුළු සේවකයන්" වීමට පෙරුම් පුරාගෙන එන අයත්.. ! ( තේරුනානේ මම අදහස් කරන අය කව්ද කියල )

      \\\\\\\\\\\\\\\මමත් මුල්ම කල ජොබ් එක්කට මුල් ගිය දවස්වල හිතන් හිටියේ අපේ කළමනාකාර අධ්‍යක්ෂක කියන්නේ සල්ලි නිසා එතෙනට ආව බබක් කියලා. ඔහුත් මගේ වයසේ වගේ කෙනෙක්. නමුත් වසරක් විතර ඉන්න විට තේරුනේ ඔහුට ලොකු තාක්ෂණික දැනුමක් නැතත් අනෙක් දේවල් වල දැනුම සුපිරි බව.\\\\\\\\\

                    පියාගෙන් පුතාට හිමි වෙන අධ්‍යක්‍ෂකධූරයේදී ඔන්න ඔය දේ වෙනවා රංග.. වසර 100 ක 200 ක පවුලේ දැනුම පියාගෙන් පුතාට ලැබෙනවා.. ආයතන පරිපාලනය ගැන එසේ ලැබෙන දැනුම ඉතාම වැදගත්.... ඒවා කැම්පස් වලින් ඉගෙන ගන්න බැහැ.. කැම්පස් වලින් එන බබාලා අසරණ වෙනවා  අධ්‍යක්‍ෂක  ඉදිරියේ ......... ( ඒ නැතත් අසරණ කරනවා . )

      Delete
  8. නියමයි සහන්. මමකිව්ව වගේ ගොඩක් වෙලාවට වෙන්නේ සල වැඩි වීම නිසා නිකං මේක මදි මදි වගේ දැනෙන එක තමයි.

    ReplyDelete
    Replies
    1. මේ කියන්නේ මෙන්න මේ වගේ දෙයක් වෙන්න ඕනේ "P

      \\\\\\\" හරි හරි මිනිහෝ තමුසේ කියන්න ඕනේ නැහැ ගහ උඩ තණකොළ නැහැයි කියලා. ඒක මන් දන්නවා.මේ පේන්නේ නැද්ද මම බහිනවා. නිකන් කියවන්නේ නැතුව ඉන්නවා මනුස්සයෝ" \\\\\\\

      තනි ඇහැට ඇඬෙනවා නේද ඔය වගේ කතාවක් ඇහුවම ..? හරි ඒකට කමක් නැහැයි කියමු. ඔන්න මම කඳුළු පිහද ගත්ත. :P

      Delete
  9. ඒ කියන්නේ මේ වැඩේ සරල නැහැ කියන එකයි.තේරුම් ගන්න ටිකක් අමාරුයි වාගේ මටනම්.තව පාරක් කියවන්න ඕනේ බලන්න.

    ReplyDelete
    Replies
    1. නිදහස් වෙලාවට ආයෙම පාරක් බලන්න මනෝජ් ඇවිත්.. ටික ටික තේරුම් ගන්න පුළුවන් මේ දේවල් ..

      Delete
  10. මම නම් මේ දේවල් දැනගත්තේ අදමයි... තෑන්ක්ස් කිව්වා එහෙනං !

    ReplyDelete
    Replies

    1. ස්තූතියි මධු... නිකන් ඉන්න වෙලාවට ගහන්න බලන්න හොඳ ප්ලෑනක් . ගතමන්ට් එකක් සෙට් උනොත් ගොඩනේ ....

      Delete
  11. ග්‍රීක් වගේ විෂයක් ගැන යම් අවබෝදයක් ලැබුන. උඹට බොහෝම ස්තුතියි. [මම එවු ඊයට උත්තර නොදුන්නොත් ආයේ මේ පළාතේ නොඑමි!]

    ReplyDelete
    Replies
    1. මට මේල් වත් බලන්න උනේ නැහැ රාජ් ..මම මේක ලිව්වා ඊයේ දවල් කාලේදී..ඉන්නකෝ මේල් එක හොයාගන්න ..... රාජ්ට පුළුවන් වෙලාවක මට ස්කයිප් කෝල් එකක් ගන්න ..........

      Delete
    2. ස්කයිප් නෑ බොලව්. ඒක තහනං. අනෙක මේ අධිවේගී අන්තර්ජාල සම්බන්ධතාවයට ස්කයිප් වැඩ කරන්නෙ නෑ.

      Delete
  12. හප්පේ... ග්‍රීක් වගේ.

    ReplyDelete
  13. අනේ මචං මම නම් ඔය ඉදිකිරීම් තාක්ෂණය ගැන දන්නේ නෑ.මට පුලුවන් නම් පොඩ්ඩක් කියනවද අර මුලින්ම දාලා තියෙන රුපියල් එකක අඩියක වියදම ගැන.ඒ කියන්නේ ඔයා ඇඳලා තියෙන්නේ හත‍රැස් කාමරයක් උඩින් බලද්දි එන හැටි නේද?එතකොට රුපියල් එකක් කියන්නේ ඒ එක පැත්තක එක බිත්තියක් අඩියක් දිගට අඩියක් උසට හදන්න යන වියදම නේද?මොකද නැත්නම් ඕක අර ත්‍රිමාන විදිහට බලපු නැති ගමන් පොඩ්ඩක් අවුල් වෙනවා.www.amuthusithuwili.wordpress.com

    ReplyDelete
    Replies
    1. \\\ඒ කියන්නේ ඔයා ඇඳලා තියෙන්නේ හත‍රැස් කාමරයක් උඩින් බලද්දි එන හැටි නේද?\\\\

      ඔව් ..

      \\\එතකොට රුපියල් එකක් කියන්නේ ඒ එක පැත්තක එක බිත්තියක් අඩියක් දිගට අඩියක් උසට හදන්න යන වියදම නේද?\\\

      ඔව්

      පැහැදිළියි නේද ...?

      Delete
  14. ඇත්තටම මචන් ඉතාම වැදගත් මාතෘකාවක්.... අපේ රටේ මිනිස්සු හිතන්නෙ කන්ස්ට්‍රක්ශන් කියන්නෙ හරි ලේසියෙන් කර්න්න පුලුවන් වැඩක් කියල..... ඒක කරන්නම ඕන බලන්න.... මමත් ඔය ෆීල්ඩ් ඒකට සම්බන්දයි.. මම ප්ලෑනින් කරන්නෙ.... අම්බෝ කතා කරන්න එපා.... එක එකාට කියල දීල පණ යන්ව...

    ReplyDelete
    Replies
    1. මෙන්න අද්දැකීම් ඇති මිනිස්සු..තව මොන කතාද පොඩි බබ්බු එක්ක..

      Delete
  15. සබ්ජෙක්ට් එක දන්නා යට මේක තේරෙනවා නොදන්නා යට කකා ව අනුගමනය කරමින් සහනුත් නයෙක් ඇරලා කියලා හිතෙයි... කොහොම උනත් මේ වගේ විස්තර සිංහලෙන් ලියවිලා ජාලගත කරන එක සහන ඇත්තටම ලොකු දෙයක් කවදා හරි මෙවන් ප්‍රොයෝජන ගන්න ය ඉදියිවී

    ReplyDelete
    Replies
    1. \\\\\සබ්ජෙක්ට් එක දන්නා යට මේක තේරෙනවා\\\\

      කාට කියන්නද මැලයෝ මේවා ඉතින්... අනික මට ඔප්පු කරන්න ඕන නැහැ කොහෙවත් යන අයට මේවා ඇත්තද නැත්තද කියලා..

      Delete
  16. අම්මෝ මුල ටික කියෝනකොටනං නිකං පිස්සු වගේ. නියම ආකාරයෙන් විස්තර කරල තියෙනව. මේ දෙවල් ගැන දැනගත්තෙ අදමයි.

    'කිසිම දෙයක් අපතේ යවන්නේ නැහැ. මිනිස්සු මට හිනා වෙනවා.' ඒ මිනිස්සුන්ට කවදහරි දවසක අඬන්නත් වෙනව.

    ReplyDelete
    Replies
    1. මට තවපොඩි ප්‍රශ්නයක් ආව. ඔය 3, 9 අවස්ථාවල මැද බිත්ති ගණං ගන්නෙ නැද්ද. බිත්ති දෙකක් වෙනුවට තනි බිත්තියක් හරි තියෙනව නේද?

      Delete
    2. \\\\ඔය 3, 9 අවස්ථාවල මැද බිත්ති ගණං ගන්නෙ නැද්ද. බිත්ති දෙකක් වෙනුවට තනි බිත්තියක් හරි තියෙනව නේද?\\\

      ඔව් වටේ බිත්ති තියෙනවා.. ( සම්පූර්ණ ප්ලෑන් එක අනුව මීට වඩා බිත්ති ගණන " අඩු " වීමේ සම්භාවිතාව තමයි තියෙන්නේ.. අන්න ඒක හොඳට මතක තියාගන්න .. මම මේවා කරලා තියෙන හින්දා කියන්නේ )

      \\\ඒ මිනිස්සුන්ට කවදහරි දවසක න්නත් වෙනව.\\\\

      අනිවාර්යයෙන්ම මම ඒ අයව අඬවනවා.. ඇහැට ඇනලා හරි අඬවනවා.

      Delete
  17. "නියම ආකාරයෙන් විස්තර කරල තියෙනව" - Praසන්ன . I fully agree.
    But, why is Royal Park a tragedy (title of the post)?

    ReplyDelete
    Replies
    1. එතන තව කතාවක් තියෙනවා ප්‍රා ... වෙලාවක කියන්නම්කො ඒකත් ....

      Delete
  18. Can I tell (bit beside the point, but you have mentioned something similar at the end) my philosophy regarding dogs and humans?
    I like any dog until it is proven to be totally unlikable.
    I like a human only after he/she is proven to be likable. Got it?

    ReplyDelete
    Replies
    1. හරියටම හරි ප්‍රා... හැබැයි මගේ ක්‍රමේ ඔයා කියන එකේම 100 % අනික් පැත්ත ... මගේ ක්‍රමය සාර්ථකයි .... ඉතාම නිදහස් ජීවිතය ... බොරු කාරයෝ ලං කරගන්නවාට වඩා හොඳයි තනියම ඉන්න එක ..

      Delete
    2. I''ve had dogs for the last 20 years. All were likable and never had බොරු කාරයෙක් :-)

      Delete
  19. //පේනවද වියදමේ වෙනසක් ...? පළමු උදාහරණයේ ඇති වර්ග අඩි 1 ඉදිකරන්න ගියා රු 1 ක් .//

    සහන් මෙතන සුලු වැරැද්දක් වෙලා නේද? "පළමු උදාහරණයේ ඇති වර්ග අඩි 1 ඉදිකරන්න ගියා රු 5 ක්" ලෙස නිවැරදි විය යුතුයි.

    මටත් තියෙනවා පොඩි ප්‍රශ්නයක් සහන්. අපි හිතමු මහල් ගොඩනැගිල්ලක් කඩා දමන්න තීරනය කලා කියලා. එතකොට වන්දි හම්බවෙන්නේ කොහොමද? හිස් ඉඩමේ වටිනාකම මුලු ගෙවල් ගානෙන් බෙදනවද?

    තේරුම් ගන්න අමාරු දෙයක් සරලව ඉදිරිපත් කරල තියෙනවා. ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. ඔව් ඇල්බන් අය්යේ එතන රු 5 ක් විදිහට ටයිප් වෙන්න ඕනේ ...ඒක ප්‍රින්ටින් වරදක් පමණයි..පිළිතුරට හානියක් නැහැ ...

      \\\\\එතකොට වන්දි හම්බවෙන්නේ කොහොමද?\\\\

      කව්රුන් විසින් කා සඳහා ගෙවන වන්දිද ....? අන්න ඒක කියනකම් නිශ්චිත උත්තරයක් දෙන්න බැහැ.. රජයේ වන්දි ගෙවීමේ පටිපාටිය සහ පුද්ගලික අංශයේ වන්දි ගෙවීමේ පටිපාටිය වෙනස්.. ( උසාවි නියෝග මත වන්දි ගෙවන්න උනොත් රුපියල් 500 ක් ගෙවන්න වෙන්නත් පුළුවන්. කෝටි 100 ක් 200ක් ගෙවන්න වෙන්නත් පුළුවන්.. යම් කිසි කෙනෙක් තර්ජනය කළොත් නම් එයාට වැඩ වරදිනවා.. කෝටි 100 ක දේපළ වෙනුවෙන් රු 5400 ( පන්දහස් හාරසීයක් ) ගෙවපු තැනකුත් තියෙනවා.. මූණට දමලා ගහලා එන එක තමයි වෙන්නේ ඉතින් " තොගේ රෙද්ද තියාගනින් " කියල .. )

      වන්දි ගෙවීමට හේතු වන්නේ ඇයි ...? කඩා දමන්නේ ඇයි ...? ව්‍යාපෘතියේ කාලය අවසාන වීමද , උසාවි නියෝගයක්ද , ඉදිකිරීම්වල ප්‍රමිතිය ගැන ප්‍රශ්නයක්ද වගේ දේවල් කියනකම් මීට වඩා උත්තරයක් දෙන්න බැහැ ...

      ස්තූතියි ඇගයීමට අය්යේ... ගැටළු සහගත තැන් තිබ්බොත් කියන්න ....... දෙසැම්බර් ඉවර වෙනකම් මම ඉන්නවා ........

      Delete
    2. \\දෙසැම්බර් ඉවර වෙනකම් මම ඉන්නවා ........\\

      හෑ...............@$%!`~#&........

      ඒ කියන්නෙ සහන් දෙසැම්බර් වලින් පස්සෙ මේ බ්ලොග් එක නවතිනවද..?

      Delete
    3. දෙසැම්බර් වලින් පස්සේ මට මේ වගේ වැඩි කාලයක් බ්ලොග් එකේ ඉන්න ලැබෙන්නේ නැහැ අය්යේ..තාම දන්නේ නැහැ මොනවා වේවිද කියලා..

      Delete
  20. සෑහෙන්න මහන්සිවෙලා. ඒත් ඉතින් මේකට උත්තර මෙතන දීල උඹට තනියම හිටිස් ගොඩ බද ගන්න දෙන්න බෑනෙ. ඒ නිසා මම පෝස්ට් එක දානකල් ඉවසන්න වෙනව.

    එතකල් මම අහපු මූලික ප්‍රශ්න දෙකට උත්තර දීල උන්නනම් වටේ නොගිහිල්ල.

    1. රුපියල් නමසිය පණහට වර්ග අඩිය හදන්නෙ කොහොමද? ( ඔය ෂෙයා වෙන කතා නෙමෙයි මම අහන්නෙ දළ ඇස්තමේන්තුව )

    2. අඩි නමසීයක් ඇතුලෙ හදන ලක්ෂරි අපාර්ට්මන්ට් එකේ ප්ලෑන් එක මොකද්ද? ( මොප්කද මගේ තර්කය උනේ "ලක්ෂරි" අපාර්ට්මන්ට් එකක හදන්න 900 මදි කියන එකයි ).

    ReplyDelete
    Replies

    1. ඉන්දික ,

      \\\\\\\\\අධ්‍යක්‍ෂක , කොටස් හිමියන් සහ ප්‍රධාන විධායකවරයා එකතුව ව්‍යාපෘතිය ගැන අවසාන කථිකාවට ආවට පස්සේ තීරණය කරනවා සමාගම සතු විවිධ අංශ වලට වැඩ පවරන්න. සුළු නිලධාරීන් හට දැනුම් දිය යුත්තේ මොනවාද , දැනුම් නොදිය යුත්තේ මොනවාද , සැඟවිය විය යුත්තේ මොනවාද යන්න\\\\

      අපි දෙන්නා ඉන්නේ තැන් දෙකක ඉන්දික.. ඔයා draftsmanගේ වැඩේ කරන්න..මම මගේ කොටස කරන්නම් .. අපි දෙන්නා පෑහෙන්න යන්න ඕනේ නැහැ ...

      Delete
    2. indika Marketing Plane !=Engineering plane broth of you are talking same thing but indika does not like sahan's numeric values Dear indika substitute those numeric values with x,y, z , and so on. then tell me your opinion on what sahan is trying to tell us

      Delete
    3. indika karunaratne,

      ඉන්දික ඇහුවේ වැලිඩ් ප්‍රශ්න ටිකක්. ඉන්දික ඇත්ත ප්ලෑන්ස් වලට උදාහරණ වෙබ් එකෙන් පෙන්නුවේ වර්ග අඩි 900කින් ලක්ෂරි අපාට්මන්ට් එකක් හදන්න බැරි බව කියන්න. සහන් ඒ ගනන් ගත්තෙ නිකං නං කරන්න ඕනෙ "ඔව් ඒ ගනන් වැරදි වෙන්න පුලුවන් මම ගත්තෙ උදාහරණයක් හැටියට" කියන එක. ඒ උනාට උනේ, ඉන්ටනෙට් එකෙන් බලන් දාන කතා කියල ඉන්දිකට අපහාස කරල, 15,000ට සහන් ගාව වැඩට එන්න කියපු එක. ****** අනික එහෙම පුලුවන් කියල ගනන් හදලත් පෙනන්න ගියා, ඉතින් දැන් ඔය "ඒව නිකන් ඉලක්කම් විතරයි" කතා අදාල නැහැ. *******

      දැන් සහන් කියන්නෙ අවුරුද්දකින් 1:300ලාබ බිස්නස් කරන්න පුලුවන් කියලා. මේ ලෝකෙ තියනවද සූදු කෙලින්නෙ නැතුව, චාන්ස් එකට හම්බ වෙන windfalls නැතුව, එහෙම ප්‍රොෆිට් හොයපු කම්පනි දහයක් වත්? එහෙම පර්ෆොර්මන්ස් පෙන්නපු මැනේජර්ස් ල 5 දෙනෙක් වත්? තියනව නම් අපිටත් කියන්න කො බලන්න.

      සහන් මොලේ තියන කෙනෙක් උනත්, සහන් ට හුරේ දාන ගැලරි එක උන් ටෙක්නිකල් දේවල් තේරෙන උන් නෙවෙයි. කවුරු හරි නිකන් වත් ටෙක්නිකල් ප්‍රශ්නයක් ඇහුවොත් සහන් අපහාස කරනවා, ඉන්ටනෙට් එකෙන් බලන් කතා කරනව කියල. සහන් මෙතන ඔය කියන ඒව අවුරුදු ගානක් තිස්සෙ කැම්පස් වල ඉගෙන ගන්න QS උන් එහෙම නොදන්න තරම් මහා බිස්නස් රහස් වෙන්න ඕන කියල ද ඔයා හිතන්නෙ? සහන් කතා කරන්නෙ නිකන් මේව ලොකු එක්සෙකටිව් ලට විතරක් තේරෙන, සාමාන්‍ය QS උන්ට නොතේරෙන ගැඹුරු දේවල් වගෙ නෙ.



      Delete

    4. @ anp

      වැඩේ කරන විදිහ මම ඔප්පු කරලම පෙන්නලා ඉවරයි සබැ ගණන් වලින්. තමුන්ට ගණන් සහ සිංහල බැරි උනාට මට කරන්න දෙයක් නැහැ ..( මන් දන්නවා මේ කව්ද කියලත් .. )

      \\\\\\\\මේ ලෝකෙ තියනවද සූදු කෙලින්නෙ නැතුව, චාන්ස් එකට හම්බ වෙන windfalls නැතුව, එහෙම ප්‍රොෆිට් හොයපු කම්පනි දහයක් වත්? එහෙම පර්ෆොර්මන්ස් පෙන්නපු මැනේජර්ස් ල 5 දෙනෙක් වත්? තියනව නම් අපිටත් කියන්න කො බලන්න.\\\\\\\\\\\\

      ඔබේ සම්පූර්ණ නම / NIC / දුරකනය / තනතුර / සේවය කරන ආයතනය සහිතව මට විස්තර එවන්න. රොයල් පාර්ක් එක හදපු ප්‍රොජෙක්ට් මැනේජර්ව මුණගැසීමට අවස්ථාවක් එයාට දෙනවා. වැලි කැටෙන් වැලි කැටේට , තට්ටුවෙන් තට්ටුවට ගණන් හදලා පෙන්නාවි ඔහු එදාට. හැබැයි ඔහු කාරුණික අයෙක් නම් නෙවේ පුද්ගලයන් ඉදිරියේදී . ( දැක්කේ නැද්ද මේ ටික..පැහැදිළිව කියලා තියෙද්දිත්.. )

      යක්කුන්ට බය නම් සොහොනේ ගෙවල් හදන්නේ නැහැ ... ඒ වගේම නොකියන දේවල් කියන්නෙත් නැහැ කොහෙවත් යන "ඔහෙලා වගේ QS කාරයන්ට" .. මට ආයේ කියන්න තියෙන්නේ කම්පැණි වල "සත්‍ය ලාභ අලාභ" දන්නේ හිමිකරුවන් විතරමයි විතරමයි විතරමයි. කොටස් ව්‍යාපාර ගැන වැටහීමක් නැති මිනිස්සු එක්ක කතා කරලා වැඩක් නැහැ..අහපු ප්‍රශ්නෙන්ම් තේරෙනවා ඇඟිල්ලේ තරම...( අඩුම තරමේ එකවුන්ටන් කෙනෙක් වත් වෙන්න ඕනේ මම මේ කතා කරන දේ තේරෙන්න නම් .)

      ආයේ පෝස්ට් එක කියවන්න... මීට වඩා මට කතා කරන්න දෙයක් නැහැ... ඕව තේරෙන්න නම් ටිකක් ඉහළට ඉගෙන ගෙන ඉන්න ඕනේ..දෙයක් දන්නේ නැත්නම් නිහතමානීව අහන්න...

      ( මේ කමෙන්ට් එක අදාළ මේ පුද්ගලයට විතරයි..අනිත් අය නිකම් හිත කලබල කරගන්න ඕනේ නැහැ ...)

      Delete
    5. වාචාල කමට ටෝක් දෙන්න එපා. හරි ටැක්ස් වලට බොරු කරාට කොහෙ හරි තැනක ඒ ප්‍රොෆිට් එක තියෙන්න ඕන නේ, කාටවත් හම්බ උනේ නැති සල්ලියකට ප්‍රොෆිට් එකක් කියන්න බැහැ නේ.

      හරි මෙන්න ගානක්. නිකන් අපහාස නොකර, ගනන් වලින් උත්තර දෙන්න.

      අපි හිතමු 1:300 ලාබ ගන්න ඔච්චර සිරා ඩයල් එක මුල අවුරුද්දෙ කෝටියක් දාල බිස්නස් එකක් පටන් ගත්ත කියල. අද බිස්නස් කාරයෙක්ට කෝටියක් කියන්නෙ මහ දෙයක් නෙවෙයි, එක කාර් එකක ගාන.

      අවුරුද්දකින් මිනිහගෙ ලාබෙ කෝටි 300. හරි අපි කියමු තාර බර ඇරල 250 කියලා.
      එයින් කෝටි 10ක් අයින් කරලා කන්න බොන්න (මේක මදි නම් අර තව කෝටි පනහක් අපි අත ඇරියෙ ඒකෙන් ගන්න), 240 ආයෙ දානව කියමු බිස්නස් එකට.

      ඊලඟ අවුරුද්දෙ ලාබෙ කෝටි 60000. (= 240 * 250)

      ඊලඟ අවුරුද්දෙ, (59,990 * 250) = කෝටි 14,997,500 = ***** රු. ට්‍රිලියන 150 ***** = බිල් ගේට්ස් ගෙ වටිනා කම (රු. ට්‍රිලියන 9.3) වගේ 16 ගුනයක්!

      හනේ සහන් මේක කරල පෙන්නන්න කො. අපිටත් කොච්චර ආඩම්බරද, අනික ඔයා ඔය ආර්තික බණ කියන වෙලාවෙ මුලු ලංකාවෙ ආර්තිකේම වන් ෂොට් ගොඩ දාන්න බැරිය.


      Delete

    6. මටත් දැන් කල්පනාවට ආවේ බිල් ගේට්ස්ට කියන්න ඕනේ තව කම්පැණියක් දාන්න කියලා Microsoft no 02 කියල ... එක වගේම දෙකක්.. අවුරුදු දෙකකින් ඒ දෙක හතර කරනවා..

      හරි ශෝක් ... :D

      Delete


    7.           බලන අය නොමග යන්න පුළුවන් නිසා මම පොඩි දෙයක් කියන්නම් .... බලන්න මම දාපු රූපවාහිනී ආයතනයේ ලාභ අලාභ ප්‍රමාණය... එහෙම උනා කියලා එකම සමාගම සතුව රූපවාහිනී චැනල් 4 ක් 5ක් තියෙනවද ......?

      01. තියෙන තැනුත් තියෙනවා.

      i. ලංකාවේ = ( A-- , E-- , T-- , M-- වැනි ආයතන )
      ii. පිට රට නම් = ( sahara , Zee , )



      02. නැති තැනුත් තියෙනවා... ( I-- H----- , Powerhouse (Pvt) Ltd , MGM Networks Pvt Ltd , Electroteks Ltd )


      ____________________________________


               කාර්ගීල්ස් සමූහය සතුව තියෙන ව්‍යපාර ජාලය ගැන හිතන්න ... ජෝන් කීල්ස් සතු ව්‍යාපාර ජාලය ගැන හිතන්න , DFCC සතු ජාලය ගැන හිතන්න , NTB , NDB සතු ජාලය ගැන හිතන්න.. ඔවුන්ගේ ජාලය වසරෙන් වසර නැවත නැවත ආයෝජනය වෙනවා .. ඔබට් හිතන්න බැරි මුදලක් ඔවුන් සතුයි.. මම මේ කිව්වේ මට මේ දැන් කාර්තු වාර්තා ඉදිපත් කරන්න පුළුවන් ආයතන ගැන .... ඔවුන් සතු සමස්ත මුදල් ප්‍රමාණය රුපියල් ලක්ෂ ලක්ෂයකට වැඩි...එම මුදල් අයිති අය ඒවා කලමනාකරණය කරන ආකාරය ගැන බලාගනීවි.. අනිත් අයගේ උපදෙස් බලපොරොත්තු නොවේ .....!


      ( තව දෙයක් මෙම කමෙන්ටුව තුළ වාණිජ ආයතන කීපයක නම් තියෙන බැවින් තව දවස් 10 කින් විතර මේ කමෙන්ටු ඉවත් කරන්න වෙනවා මට... ඊට කළින් බලන්න ... )

      Delete

    8. දැන් වීරයා වගේ මගෙන් ඇහුවනේ කොහෙද ඔය කියන විදිහට නැවත නැවත මුදල් ආයෝජනය වෙන්නේ කියලා ... නේද ...?

                   මම උදාහරණ ඔයාට දුන්නනේ මේ රටේ හොඳටම ප්‍රසිද්ධ ආයතන වල .. ( ඕනේ නම් කාර්තුවෙන් කාර්තුවට වාර්තා ඉදිරිපත් කරන්නම් කියලත් කිව්වනේ ) දැන් හොඳ ළමයා වගේ ඔයා කියන්න ඕනේ

      " අනේ සහන්මම අහපු ඒ ප්‍රශ්නෙට පිළිතුර ලැබුණා. මට සමාවෙන්න සහන් . මගේ ඊළඟ ප්‍රශ්නෙටත් කරුණාකරලා උත්තර දෙන්න "කියලා...

      ඒ ටික කියනකම් මගෙන් වචනයක් වත් එන්නේ නැහැ....

      Delete
    9. This comment has been removed by a blog administrator.

      Delete
    10. This comment has been removed by the author.

      Delete
  21. මා නොදන්නාම ඉසව්වක් දෙසට ඇදී ගියා මේ ලිපියෙන්.. ඇත්තටම මේ ක්ෂේත්‍රය ගැන මගේ දැනුම අල්පමාත්‍රයි

    ReplyDelete
    Replies
    1. ඩිංගක් දන්නවට වඩා නොදැනම ඉන්න එක සෑහෙන වටිනවා නලින් අය්යේ ... ඔබේ අවංකත්වය අගය කරමි.

      Delete
  22. මේ විෂය ගැන මගේ දැනුමක් නෑ ඒත් අලුතෙන් දෙයක් දැන ගන්න ලැබෙනවා මේ වගේ ලිපි කියවද්දි....ස්තූති වන්ත වෙනවා ඔයාගේ දැනුම අපි එක්ක බෙදා ගන්නවට..

    ReplyDelete
  23. මේ සබ්ජෙක්ට් එක නම් දැන් දැන් ඉගෙන ගන්න ඕනේ කාලේ හරි වගේ.. මහා පරිමානෙට නෙවෙයි සුළු පරිමානෙන් හරි ගෙයක් දොරක් හදනකොට මේ ගණිත කර්ම වෙන හැටි යන්තම් හරි දැන ගෙන ඉන්න ඕනේ... සහන් අයියා සුළු පරිමාණ ගෙවල් ප්‍රොජෙක්ට් ගැනත් දන්නා දේවල් ලියන්න මේ වගේම..

    ReplyDelete
    Replies
    1. සුළු පරිමාණ ඒවා ගැන මොන කතාද පැතුම්..කැල් එකක් ඕනෙත් නැහැ නෙව.. :D

      ගඩොල් ටිකකුයි සිමෙන්ති ටිකකුයි ගෙනල්ලා මට කෝල් එකක් දෙන්න..මම ටාර් ගාලා එතන ඇති ...

      Delete
  24. මෙතන තියෙන්නෙ සිවිල් ඉන්ජිනේරින්ග් නෙමෙයි මැනෙජ්මන්ට් නේද

    ReplyDelete
    Replies
    1. මෙතන ඇත්තටම තියෙන්නේ රැකියාවක් කිරීම සඳහා සුදුසුකම් ගැන පැහැදිළි කිරීමක් දමිත්. දෙයක් ඉගෙන ගන්න මිනිස්සු කව්ද, නැති අය කව්ද , වෘත්තීමය අනාගතයක් ඇති අය කව්ද , නැති අය කව්ද ගැන පැහැදිළි කිරීමක් ...දකින්න ඇතිනේ MD ටත් ගණන් පෙන්නන්න එන අය ගැන ...? හරි හමන් බොස් කෙනෙක් ළඟ වැඩ කරලා නැති අයට වෙන දේ දකින්න ඇති නේද ...? " විධායක ශ්‍රේණිය " ගැන වත් නොදන්න අය එක්ක මොන මැනේජ්මන්ට්ද දමිත් ....එහෙම මිනිස්සු කොහොමද QS ලා වෙන්නේ .. මට තියෙන ගැටලුව ඒක .....

      Delete
  25. වෙනදා වගේම බොහෝම වටිනා ලිපියක්! උඹට පිං සහන් මලේ මේ පැහැදිලි කිරීම් වලට. නැවත හමුවෙමු!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි චන්දන අය්යේ... අපැහැදිලි තැන් තියේ නම් අහන්න ....

      Delete
  26. සහන් සරලව පැහැදිලි කරලා දීම ගැන බෙහෙවින්ම ස්තුතියි ඒත් දෙතුන් පාරක්ම
    කියවලා තමයි හරියට තේරුම් ගත්තෙ.

    තරමක් දුරට වංචාවකුත් තියනව වගේනෙ.

    සහන් ඔයාට පුලුවන් නම් අඩු වියදමකින් නිවසක් හදා ගන්න විදියක් කියා දෙන්නකො ඒක මට ගොඩක් වටිනව

    ReplyDelete
    Replies
    1. මට නම් සිංදුවත් හොදයි ඒක ඇහැව්වම පොඩි කුල් එකක් ආවා ඔලුවට මේ ටික කියව්වට පස්සෙ

      Delete
    2. \\\\\සහන් ඔයාට පුලුවන් නම් අඩු වියදමකින් නිවසක් හදා ගන්න විදියක් කියා දෙන්නකො ඒක මට ගොඩක් වටිනව \\\\\

      මට දෙන්න තියෙන එකම උපදෙස තමයි කොන්ත්‍රාක්ත් දෙන්න එපා.. දවස් පඩියට බාස්ලා අරන් වැඩේ කරන්න .. ළඟම ඉන්න... අඩුම තරමේ මල්ලි හරි තාත්තව හරි ළඟ තියන්න...ඔයාට ඕනේ විදිහට හදන්න.. අරයා මෙයා ගහන බයිලා අහන්න එපා.. ( මේ උපදෙස පුද්ගලික ගෙවල් හැදීම ගැන පමණයි හොඳද )

      \\\\තරමක් දුරට වංචාවකුත් තියනව වගේනෙ.\\\\

      ඔව් පැහැදිළිවම ..මම දෙයක් කියන්නද ...? අඩුම තරමේ මේ ලෝකේ කීයෙන් කීයද තමන්ගේ පඩිය කීයද කියලා කියන්නේ එළිපිට ...? එහෙම එකේ ටැක්ස් එක්ක ජීවිතේ ගෙවන සමාගම් ගැන කවර කතාද ....? 1:300 ලාභ ගැන කියන්න තියෙන්නෙත් ඔච්චරයි ...


      Delete
  27. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්.............................මොකක්ද මේකට කියන්න ඕනේ? ව්‍යාපාරික උපක්‍රමශීලී බවද? ලාභ ඉපයීමේ ව්‍යාපාරික ඥානයද? ගසාකෑම ද? මංකොල්ලකෑම ද? අහිංසක මිනිසුන්ගේ රීරි මාංශය උරාබීම කියලද?

    අපි ජීවීත කාලේදී සමහරවිට එකම එක වරක් කරන, නිවසක් ඉදිකිරීම/මිලදීගැනීම කරද්දී මේ තරම් කූට උපක්‍රම වලට අහුවෙනවානම් කාටද මේවා කියන්නේ?

    ReplyDelete
    Replies
    1. දැන් නම් එන පොට හරි නැහැ වගේ...වෙඩි කන්න වෙන ලයින් එකක් තියෙන්නේ .... :(

      @ පත්තර මල්ලි

      ඉක්මණට වරෙන් පත්තරයෝ ඉන්න තැනකින්... ගං පෝරියල් එකක් සෙට් වෙන්ඩ යන්නේ ආර්මි එකෙන් මෙදා පාර ...

      Delete
    2. පත්තර මල්ලි හියර් බොස්
      ආමි පෝරියල් එකක් නේ .. සැප කනේ
      හැබැයි බර අවි ඔට්ටු නෑ හොඳේ සුලුඅවි විතරයි !!
      අපි දරුපවුල් කාරයොා ආයිබොවන් :-)

      Delete
  28. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. (රට වටේ යන්න එපා .. දාන කමෙන්ට් ටික එකම තැන දාන්න.. අතන එකයි මෙතන එකයි දැම්මම හොයන්න බැහැ... එක තැනක ඉන්නකෝ..දැන් ලොකු ළමයි නේද ...?)


      දැන් වීරයා වගේ මගෙන් ඇහුවනේ කොහෙද ඔය කියන විදිහට නැවත නැවත මුදල් ආයෝජනය වෙන්නේ කියලා ... නේද ...?

                   මම උදාහරණ ඔයාට දුන්නනේ මේ රටේ හොඳටම ප්‍රසිද්ධ ආයතන වල .. ( ඕනේ නම් කාර්තුවෙන් කාර්තුවට වාර්තා ඉදිරිපත් කරන්නම් කියලත් කිව්වනේ ) දැන් හොඳ ළමයා වගේ ඔයා කියන්න ඕනේ

      " අනේ සහන්මම අහපු ඒ ප්‍රශ්නෙට පිළිතුර ලැබුණා. මට සමාවෙන්න සහන් . මගේ ඊළඟ ප්‍රශ්නෙටත් කරුණාකරලා උත්තර දෙන්න "කියලා...

      ඒ ටික කියනකම් මගෙන් වචනයක් වත් එන්නේ නැහැ....


      \\\\\\ඔයා හිතන්නෙ මොරටුවෙ එහෙම ඔය ඔයා බනින QS කෝස් එකක් කරන අය තට්ටු බිල්ඩිමක එක තට්ටුවක පොලව අනික් තට්ටුවෙ වහල වෙන බව වත් නොහිතා ගනන් හදන ජාතියෙ එඩියුකේෂන් එකක් ගන්නව කියලද? \\\\\\

                  මහත්තයෝ මම මේ පෝස්ට් එක දැම්මේ මොරටු නෙවේ ගඩොලක් අතින් අල්ලපු නැති කෙනෙක් වෙනුවෙන්.. ඔයා අනුන්ගේ නයි ඔයාගේ රෙද්ද අස්සේ දාගන්න එපා..නිකන් මොරටු එන්ජිනියරින් ෆැකල්ටියට ගාවලා රොන් ටෝක් දෙන්න එපා.. මොරටු ගිය අය ඔය වගේ අනුවණ විදිහට ප්‍රශ්න අහන්නේ නැහැ... (මාව වචන හරඹ දාලා නම් මෙල්ල කරන්න බැහැ ඔයාට .. මම හොඳට මිනිස්සු එක්ක කතා කරන කෙනෙක්.. ඔයාට වඩා තෙම්පරාදු වෙච්චි අය එක්ක මම පැය 24 ගෙවන්නේ ...) බලන්න දැනට මෙතන එන්ජිනේරුවෝ කීප දෙනෙක් , බැංකු නිලධාරීන් කීප දෙනෙක් , රජයේ පරිපාලන නිලධාරීන් කීප දෙනෙක් , ශ්‍රී ලංකා යුධ හමුදාවේ ඉහළම නිළයක මහත්මයෙක් කමෙන්ට් කරලා තියෙනවා...ඒ කිසි කෙනෙක් ඔයා වගේ අනුවණ ප්‍රශ්න අහලා නැහැ නේද ...?

                QS නෙවේ ගඩොලක් හරි අතින් අල්ලපු කෙනෙක් ඔය වගේ ප්‍රශ්න අහන්නේ නැහැ... ඒ මිනිස්සු දන්නවා මම මේ කියන දේ... ඔයා මේ කරන්නේ වෙන සෙල්ලමක්... මතකනේ මම කිව්වා ... කිසි කෙනෙකුට බැහැ මට බොරු කරන්න... උඩ මම කිව්වා වගේ මගෙන් සමාව අරන් දෙවෙනි ප්‍රශ්නය නැවත අහන්න .... අකුරක් නෑර බොහොම පැහැදිළිව උත්තර ලැබේවි.. හැබැයි රෝන් ටෝක් දැම්මොත් කිසිම දෙයක් දැනගන්න ලැබෙන්නේ නැහැ ....

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
    3. Sahan, this is just an observation not a criticism OK?
      You seem to be a bit short tempered these days in blog space. Why? I think you said this is just for fun and maybe, exchange of info. So, why lose your cool?

      Delete
    4. This comment has been removed by the author.

      Delete
    5. @ ප්‍රා

      මේකනේ ප්‍රා බ්ලොග් අවකාශයේ එක හරකෙක් ඉන්නවා .. මිනිහගේ වැඩේ මගේ පස්සෙන් එන එක මොනවා හරි අල්ලන් ....... පේනවනේ මෙතන වෙන දේ...

      ඌ මගෙන් ඇහුවා අති විශාලා ලාභ සහිත සමගම පුළුවන් නම් කියන්න කියලා..මම උදාහරණ එක්ක කිව්වා..එහෙම තියෙද්දිත් තව මොන රෙද්දක්ද මේ කියවන්නේ.. මට මේ වෙලාවට නම් කේන්ති යනවා .. ළඟ හිටියා නම් මම ගාණට පැහැදිළි කරනවා.. මගේ ළඟට එන්න තියා මා එක්ක ස්කයිප් එකෙන් වොයිස් කෝල් එකක් ගන්න තරම් වත් ඔය මෝඩ ගෑණිට හයියක් නැහැ..

      ඔය ඇනෝ එන්නේ කෙල්ලෙක් ........ දවසක් මම කිව්වා ස්කයිප් එකේ ප්‍රසිද්ද සංවාදයක් යමු කියලා .. වොයිස් ක්ලිප් එක ප්‍රසිද්දියේ බ්ලොග් එකේ දාමු කියලා.. කෝ මේ වීරයා තාම නැහැනේ ...නිකන් ඇනෝ ඇවිත් හරකෙක් වගේ හැසිරෙනවා ......

      Delete
    6. @ ප්‍රා සහ අනිත් සියලු දෙනා වෙත

      බලන්න එයා මගෙන් අහනවා 1300 එන්න බිස්නස් කරන හැටි කියන්නලු .... හරි ෂෝක් නේද මම බිස්නස් ප්ලෑන් ටික මගේ බ්ලොග් එකේ දැම්මම ...?

      හිනා යනවා මේ වගේ හරක්ගේ කතා ඇහුවම .... :P

      Delete
    7. @ ප්‍රා


      ඒක ඇත්ත..කාන්තා හිංසනය වෙනවා මගේ සහන්ගෙන් නිතරම ... ඕක මට එදා ඉඳලම තිබුණ චෝදනාවක් ... :D

      Delete
  29. "ඔය ඇනෝ එන්නේ කෙල්ලෙක් ........"
    Shouldn't you feel flattered that a girl is so obsessed with you? Maybe that's her way of hitting on you! :-)))))

    ReplyDelete
  30. @ ප්‍රා


    ඒක ඇත්ත..කාන්තා හිංසනය වෙනවා මගේ අතින් නිතරම ... ඕක මට එදා ඉඳලම තිබුණ චෝදනාවක් ... :D

    ReplyDelete
  31. If you are going to continue this lovers' quarrel with her, you have to put "හරකෙක්.වීරයා යකෝ බූරුවෝ" in to the feminine form. Only one synonym of of හරකෙක් is unisex! You know "ගො-" ?

    ReplyDelete
  32. ඉඳිකිරීම් ක්ෂේත්‍රයේ සැලසුම්කරුවන්ගේ වෙහෙස කොයිතරම්ද කියලා වැටහුනා සහන්...........ස්තූතියි එයට......

    මේ දේවල් කිසි කෙනෙක් ප්‍රසිද්ධියේ කථා කරන්නේ නෑ.ඒ නිසා සාමාන්‍යය මිනිස්සු දන්නේ නෑ.....
    ඒත්,මේක දකින ඉගෙන ගන්න කෙනෙක් ඉංජිනේරුවෙක්,විධායක නිළධාරියෙක්,කළමණාකරුවෙක්.........විතරක් වෙන්න සිහින බලන්නේ නැතිව CEO කෙනෙක්,ව්‍යාපාර අයිතිකරුවෙක් වෙන්න හීන දකින්න මෙය හේතු වෙන්න කියලා ප්‍රාර්ථනයක් කරනවා සහන්........

    ඒ වගේම සහන්..,විචාරකතුමාගේ කමෙන්‍ටුවේ යථාර්තය ගැබ් වෙලා තියෙනවා නේ...........

    ReplyDelete
  33. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies

    1. @ සියලු දෙනා වෙත ,

                    මෙතන මේ ඇනෝ එන්නේ දවසක් මා එක්ක සිරාගේ කාමරේදී " ප්‍රභාකරන්ට පක්ෂව " කතා කරපු ගෑණු කෙනා. අපේ බුවා මල්ලිගේ යෙහෙළිය .. :P ඒ අයට ඕනේ මොනවා හරි කියලා හිස් තර්ක ගොඩනගන්න ... මම ගිහින් ඒ තර්ක එකින් එක බිඳිද්දී ආයෙම ලජ්ජා නැතුව වෙන දෙයක් පටන් ගන්නවා..

                    එදා මගෙන් අහනවා  " ප්‍රභාකරන් මරපු එක හරිද " කියලා... මම පැහැදිළිව කිව්වා " ඔව් ඔව් ඔව් " කියලා... ඊට පස්සේ කියනවා එහෙම කොහොමද මිනිහෙක් මරන්නේ කියලා ... නඩු අහලා දඩුවම් දෙන එකලු හරි ක්‍රමය ...

      මම කිව්වා "   ඔයා කියන උසාවියෙන්ම තමයි මරණීය දණ්ඩනය දෙන්නෙත්. ත්‍රස්තවාදය වැළක්වීමේ පණතට අනුව ත්‍රස්තවාදියෙක්ට සළකන හැටි ගැන කව්රුත් හමුදාවට උපදෙස් දෙන්න එන්න ඕනේ නැහැ  " කියලා.. ඊට පස්සේ ඒ තර්කෙත් ඉවරයි ....



      අද මේ අහන්නේ මොනවද මගෙන් ...?

      01. අති විශාල ලාභ හොයමින් නැවත නැවත ආයෝජනය වෙන ඒවා කොහෙද තියෙන්නේ ?

      පිළිතුර :- ඉහත මම කමෙන්ටු වලින් පැහැදිළිව ලියලා තියෙනවා ... ඒවා බලන්න... සමාගම් වල නම් ගම් සහිතව තියෙනවා... ඇතැම් ආයතන තම ව්‍යාපාරයටම අලුත් ශාඛා එකතු කරමින් බූවල්ලෙක් මෙන් ව්‍යාප්ත වෙනවා... ඇතැම් ආයතන වෙනත් නම් වලින් තව තව ආයතන පටන් ගන්නවා.. තවත් ආයතන කොටස් වෙළඳපොළේ එම මුදල් යොදවනවා.. ( කොටස් ව්‍යාපාරය මගින් ආයතන වල හිමිකම් ලබා ගන්නවා. දැනට ලංකාවේ වසරකට මිලියන  250 ට වැඩි කොටස් පැවරුම් 100 ක් විතර වෙනවා. ඒ විදිහට සංසරණය වෙන මුදල් ගැන දන්නේ කොටස් හිමියන්  විතරයි. )

      02. එවැනි බිස්නස් ප්ලෑන් එකක් කියන්නලු ... :P

      පිළිතුර :- මේවට මම මොනවද අනේ දෙන උත්තර ...

      03. මොරටුව ඉන්ජියරින් ෆැකල්ටිය සහ QS අය ගැන සම්බන්ධය දන්නේ නැද්ද අහනවා ..

      පිළිතුර :- මම මේ පෝස්ට් එක ලිව්වේ කා සඳහාද ....? මොරටු නෙවේ ගඩොලක් අතින් අල්ලපු නැති කෙනෙක්  ආව මට ගණන් පෙන්වන්න කැල් එකෙන්.. තට්ටු නිවාස සංකීර්ණයක ඇති සැකැස්ම දන්න කෙනෙක් නෙවේ ඔහු. ඒ නිසයි මම ඔහුට මේවා පැහැදිළි කරේ...


      NOTE :- හොඳට බලන්න මෙතන කමෙන්ට් කරලා තියෙන ඉහළ අධ්‍යාපනයක් ලබපු කිසිම කෙනෙක් මා සමග බොරු තර්ක ගොඩනගමින් ආවේ නැහැ.... හේතුව තමයි ඔවුන් සියලු දෙනා දන්නවා මම මේ කියන දේවල් වල සත්‍ය අසත්‍ය තාවය ... හොඳින් බලන්න මේ නිර්ණාමික කමෙන්ට් කාරිය එම පිරිසටත් අපහාස කර ඇති ආකාරය...


                   මට ඉතින් මේ වගේ මනෝවිකාර දකිද්දී දැහැන බිඳෙනවා .... ඒ ඒ අයට ගැළපෙන උත්තර මා ළඟ තියෙනවා.. සාමෙන් නම් සාමෙන් ත්‍රස්තවාදයෙන් නම් ත්‍රස්‌තවාදයෙන් ...


      ස්තූතියි .

      මෙයට  ....
      සද්ගුණවත් , දැයහිතකාමි , සංවේදී හිතැති , බොදු , ආචාරශීලී , අහිංසක නිශ්ශබ්ද සහන් .

      Delete

    2. @ සියලු දෙනා වෙත ,

                    මෙතන මේ ඇනෝ එන්නේ දවසක් මා එක්ක සිරාගේ කාමරේදී " ප්‍රභාකරන්ට පක්ෂව " කතා කරපු ගෑණු කෙනා. අපේ බුවා මල්ලිගේ යෙහෙළිය .. :P ඒ අයට ඕනේ මොනවා හරි කියලා හිස් තර්ක ගොඩනගන්න ... මම ගිහින් ඒ තර්ක එකින් එක බිඳිද්දී ආයෙම ලජ්ජා නැතුව වෙන දෙයක් පටන් ගන්නවා..

                    එදා මගෙන් අහනවා  " ප්‍රභාකරන් මරපු එක හරිද " කියලා... මම පැහැදිළිව කිව්වා " ඔව් ඔව් ඔව් " කියලා... ඊට පස්සේ කියනවා එහෙම කොහොමද මිනිහෙක් මරන්නේ කියලා ... නඩු අහලා දඩුවම් දෙන එකලු හරි ක්‍රමය ...

      මම කිව්වා "   ඔයා කියන උසාවියෙන්ම තමයි මරණීය දණ්ඩනය දෙන්නෙත්. ත්‍රස්තවාදය වැළක්වීමේ පණතට අනුව ත්‍රස්තවාදියෙක්ට සළකන හැටි ගැන කව්රුත් හමුදාවට උපදෙස් දෙන්න එන්න ඕනේ නැහැ  " කියලා.. ඊට පස්සේ ඒ තර්කෙත් ඉවරයි ....



      අද මේ අහන්නේ මොනවද මගෙන් ...?

      01. අති විශාල ලාභ හොයමින් නැවත නැවත ආයෝජනය වෙන ඒවා කොහෙද තියෙන්නේ ?

      පිළිතුර :- ඉහත මම කමෙන්ටු වලින් පැහැදිළිව ලියලා තියෙනවා ... ඒවා බලන්න... සමාගම් වල නම් ගම් සහිතව තියෙනවා... ඇතැම් ආයතන තම ව්‍යාපාරයටම අලුත් ශාඛා එකතු කරමින් බූවල්ලෙක් මෙන් ව්‍යාප්ත වෙනවා... ඇතැම් ආයතන වෙනත් නම් වලින් තව තව ආයතන පටන් ගන්නවා.. තවත් ආයතන කොටස් වෙළඳපොළේ එම මුදල් යොදවනවා.. ( කොටස් ව්‍යාපාරය මගින් ආයතන වල හිමිකම් ලබා ගන්නවා. දැනට ලංකාවේ වසරකට මිලියන  250 ට වැඩි කොටස් පැවරුම් 100 ක් විතර වෙනවා. ඒ විදිහට සංසරණය වෙන මුදල් ගැන දන්නේ කොටස් හිමියන්  විතරයි. )

      02. එවැනි බිස්නස් ප්ලෑන් එකක් කියන්නලු ... :P

      පිළිතුර :- මේවට මම මොනවද අනේ දෙන උත්තර ...

      03. මොරටුව ඉන්ජියරින් ෆැකල්ටිය සහ QS අය ගැන සම්බන්ධය දන්නේ නැද්ද අහනවා ..

      පිළිතුර :- මම මේ පෝස්ට් එක ලිව්වේ කා සඳහාද ....? මොරටු නෙවේ ගඩොලක් අතින් අල්ලපු නැති කෙනෙක්  ආව මට ගණන් පෙන්වන්න කැල් එකෙන්.. තට්ටු නිවාස සංකීර්ණයක ඇති සැකැස්ම දන්න කෙනෙක් නෙවේ ඔහු. ඒ නිසයි මම ඔහුට මේවා පැහැදිළි කරේ...


      NOTE :- හොඳට බලන්න මෙතන කමෙන්ට් කරලා තියෙන ඉහළ අධ්‍යාපනයක් ලබපු කිසිම කෙනෙක් මා සමග බොරු තර්ක ගොඩනගමින් ආවේ නැහැ.... හේතුව තමයි ඔවුන් සියලු දෙනා දන්නවා මම මේ කියන දේවල් වල සත්‍ය අසත්‍ය තාවය ... හොඳින් බලන්න මේ නිර්ණාමික කමෙන්ට් කාරිය එම පිරිසටත් අපහාස කර ඇති ආකාරය...


                   මට ඉතින් මේ වගේ මනෝවිකාර දකිද්දී දැහැන බිඳෙනවා .... ඒ ඒ අයට ගැළපෙන උත්තර මා ළඟ තියෙනවා.. සාමෙන් නම් සාමෙන් ත්‍රස්තවාදයෙන් නම් ත්‍රස්‌තවාදයෙන් ...


      ස්තූතියි .

      මෙයට  ....
      සද්ගුණවත් , දැයහිතකාමි , සංවේදී හිතැති , බොදු , ආචාරශීලී , අහිංසක නිශ්ශබ්ද සහන් .

      Delete
    3. ඇනෝ හිතවතිය ,

      1: 300 න් නිමා කරන ව්‍යාපෘතියක් ගැන දවසක් මම විශ්ව රංගනාත් මහත්මයට පැහැදිළි කරා ...මා එක්ක කතා කරන්න බැරි නම් ඔහු එක්ක කතා කරලා අහන්න ... මට ඒ කතා බහ ප්‍රසිද්දියේ බ්ලොග් එකේ දාන්න බැහැ.. ඔබට ඒ ගැන දැනගන්න ඕනේ නම් කරුණාකරලා මට ස්කයිප් මගින් හෝ මාව පැමිණ හමුවන්න ... මම දැනට ඉන්නේ ශ්‍රී ලංකාවේ.. හමුවීමට එනවා නම්  ඊට පෙර ඔබේ සම්පූර්ණ නම / NIC / දුරකනය / තනතුර / සේවය කරන ආයතනය  සහිතව මට විස්තර එවන්න. ( දැන් කියන්න එපා ඔයා ඉන්නේ ලංකාවේ නෙවේ කියල )



                     එහෙම බැරි නම් නිකම්ම නිකම් ස්කයිප් මගින්ලිපිනයෙන් ඇමතුමක් ගන්න.. ඔබට අවශ්‍ය සියල්ල පවසනවා. හැබැයි මතක තියාගන්න එම හඬ පටය ප්‍රසිද්දියේ බ්ලොගයේ දානවා.ඔබ හමුවෙන්න ආවොත් එයත් දානවා ප්‍රසිද්දියේ .... ඔබට ඕන උනේ මම කව්ද කියන දේ දැනගන්නනේ... මම පෙන්නනවා මම කව්ද කියලා.. හැංගිලා නම් බ්ලොග් ලියන්න ආවේ නැහැ නෝනේ මම ..


      Delete

  34. @ සියලු දෙනා වෙත ,

                  මෙතන මේ ඇනෝ එන්නේ දවසක් මා එක්ක සිරාගේ කාමරේදී " ප්‍රභාකරන්ට පක්ෂව " කතා කරපු ගෑණු කෙනා. අපේ බුවා මල්ලිගේ යෙහෙළිය .. :P ඒ අයට ඕනේ මොනවා හරි කියලා හිස් තර්ක ගොඩනගන්න ... මම ගිහින් ඒ තර්ක එකින් එක බිඳිද්දී ආයෙම ලජ්ජා නැතුව වෙන දෙයක් පටන් ගන්නවා..

                  එදා මගෙන් අහනවා  " ප්‍රභාකරන් මරපු එක හරිද " කියලා... මම පැහැදිළිව කිව්වා " ඔව් ඔව් ඔව් " කියලා... ඊට පස්සේ කියනවා එහෙම කොහොමද මිනිහෙක් මරන්නේ කියලා ... නඩු අහලා දඩුවම් දෙන එකලු හරි ක්‍රමය ...

    මම කිව්වා "   ඔයා කියන උසාවියෙන්ම තමයි මරණීය දණ්ඩනය දෙන්නෙත්. ත්‍රස්තවාදය වැළක්වීමේ පණතට අනුව ත්‍රස්තවාදියෙක්ට සළකන හැටි ගැන කව්රුත් හමුදාවට උපදෙස් දෙන්න එන්න ඕනේ නැහැ  " කියලා.. ඊට පස්සේ ඒ තර්කෙත් ඉවරයි ....



    අද මේ අහන්නේ මොනවද මගෙන් ...?

    01. අති විශාල ලාභ හොයමින් නැවත නැවත ආයෝජනය වෙන ඒවා කොහෙද තියෙන්නේ ?

    පිළිතුර :- ඉහත මම කමෙන්ටු වලින් පැහැදිළිව ලියලා තියෙනවා ... ඒවා බලන්න... සමාගම් වල නම් ගම් සහිතව තියෙනවා... ඇතැම් ආයතන තම ව්‍යාපාරයටම අලුත් ශාඛා එකතු කරමින් බූවල්ලෙක් මෙන් ව්‍යාප්ත වෙනවා... ඇතැම් ආයතන වෙනත් නම් වලින් තව තව ආයතන පටන් ගන්නවා.. තවත් ආයතන කොටස් වෙළඳපොළේ එම මුදල් යොදවනවා.. ( කොටස් ව්‍යාපාරය මගින් ආයතන වල හිමිකම් ලබා ගන්නවා. දැනට ලංකාවේ වසරකට මිලියන  250 ට වැඩි කොටස් පැවරුම් 100 ක් විතර වෙනවා. ඒ විදිහට සංසරණය වෙන මුදල් ගැන දන්නේ කොටස් හිමියන්  විතරයි. )

    02. එවැනි බිස්නස් ප්ලෑන් එකක් කියන්නලු ... :P

    පිළිතුර :- මේවට මම මොනවද අනේ දෙන උත්තර ...

    03. මොරටුව ඉන්ජියරින් ෆැකල්ටිය සහ QS අය ගැන සම්බන්ධය දන්නේ නැද්ද අහනවා ..

    පිළිතුර :- මම මේ පෝස්ට් එක ලිව්වේ කා සඳහාද ....? මොරටු නෙවේ ගඩොලක් අතින් අල්ලපු නැති කෙනෙක්  ආව මට ගණන් පෙන්වන්න කැල් එකෙන්.. තට්ටු නිවාස සංකීර්ණයක ඇති සැකැස්ම දන්න කෙනෙක් නෙවේ ඔහු. ඒ නිසයි මම ඔහුට මේවා පැහැදිළි කරේ...


    NOTE :- හොඳට බලන්න මෙතන කමෙන්ට් කරලා තියෙන ඉහළ අධ්‍යාපනයක් ලබපු කිසිම කෙනෙක් මා සමග බොරු තර්ක ගොඩනගමින් ආවේ නැහැ.... හේතුව තමයි ඔවුන් සියලු දෙනා දන්නවා මම මේ කියන දේවල් වල සත්‍ය අසත්‍ය තාවය ... හොඳින් බලන්න මේ නිර්ණාමික කමෙන්ට් කාරිය එම පිරිසටත් අපහාස කර ඇති ආකාරය...


                 මට ඉතින් මේ වගේ මනෝවිකාර දකිද්දී දැහැන බිඳෙනවා .... ඒ ඒ අයට ගැළපෙන උත්තර මා ළඟ තියෙනවා.. සාමෙන් නම් සාමෙන් ත්‍රස්තවාදයෙන් නම් ත්‍රස්‌තවාදයෙන් ...


    ස්තූතියි .

    මෙයට  ....
    සද්ගුණවත් , දැයහිතකාමි , සංවේදී හිතැති , බොදු , ආචාරශීලී , අහිංසක නිශ්ශබ්ද සහන් .

    ReplyDelete
    Replies
    1. සහන් සහන් සහන්.

      මම ඇහුවෙ මේ ප්‍රශ්නය නොවේ.

      ////01. අති විශාල ලාභ හොයමින් නැවත නැවත ආයෝජනය වෙන ඒවා කොහෙද තියෙන්නේ ?///

      මම ඇහුවේ ඔබේ පහත ප්‍රකාශය අනුව ******වසරකට 1:300 ලාබ හොයන ***** කම්පනි මොනවාද කියා ය.

      /// රුපියල් බිලියනයක මුදලක් ( ලක්ෂ 10,000 ක් ) මගින් රුපියල් බිලියන 300 ( ලක්ෂ 3,000,000 ක් ) පමණ හදන්න පුළුවන් එක වසරක් ඇතුළත ///

      සිංහල තේරුම් ගන්න අමාරුද? මේ දෙකේ වෙනස අහසට පොළොව මෙනි.

      1:300 යනු හිතා ගැනීමට වත් නොහැකි තරමේ ලාභ ප්‍රතිශතයකි (30,000%). ඔබේ බිලියන ගනන් ලොරි ටෝක් වලට ඉංග්‍රීසියෙන් නම් කියන්නේ smokes screen කියා ය. එය යන පාර තියෙද්දී කියවන උන් කන්ෆියුස් කිරීමට කරන මුලාවකි. 1:300ලාභ තිබේ නම්, ඔය බිලියන ගනන් නොවඔය කම්පනි වලට තිබිය යුතු වන්නේ මේ වන විට ඇමරිකන් ඩොලර් ට්‍රිලියන ගනනිනි.

      (1:300 ලාභයකින් රුපියල් ට්‍රිලියනයක් ඇමරිකන් ඩොලර් ට්‍රිලියන දෙකක් වෙන්න අවශ්‍ය එක වසරකි!)

      අමාරු ප්‍රශ්නය පැත්තක තියා ලේසි ප්‍රශ්නයක් හදා ගෙන ඒකට උත්තර දීමට කියන්නේ Strawman Argument කියා ය.

      කමක් නෑ පුතේ ඔහොම යන්න කො. උත්තර දෙන්න බැරි තැනක් ආවොත් ඒක මග ඇරල ලේසි ප්‍රශ්නෙකට උත්තර දෙන්න. පස්සෙ ප්‍රශ්නෙ අහපු එකා ට බැනල, සමාව ඉල්ලන්න කියන්න.

      තව දෙයක් කියන්නම් මේ ඔයා වලිගෙ පාගගෙන නිසා.

      මම කොටින්ට විරුද්ධ මෙන්ම, ත්‍රස්තවාදයට එරෙහි ඔබේ ස්තාවරය දැඩිලෙස අගය කළ අයෙක්මි. ඒක ඉස්සරහටත් කිසි වෙනසක් වෙන එකක් නෑ, මොකද ඔයා ගෙ ක්ලාස් එකේ මිනිහෙක් නෙවෙයි මම.




      Delete
    2. මගේ රත්තරන් ,

                   මම එකපාරකුත් කිව්වා දාන කමෙන්ට් එකම තැන දාන්න කියලා. උඩ එකයි යට එකයි අතන එකයි මෙතන එකයි දාන්න එපා. මම නැවත මේක කියන්නේ නැහැ හොඳද මගේ නෝනේ ......?

                  1:300 ලෙස ලාභ ලැබූ ආයතන තමයි යාහු , ගූගල් , මයික්‍රොසොෆ්ට් ෆේස් බුක් වැනි ආයතන. මම මේ ටික කිව්වේ ඉතාම ප්‍රසිද්ධ ඒවා නිසා.. වෙනත් ආයතන වල නම් කිව්වොත් ඔබ කියාවි එසේ නැහැ කියලා .. හොඳට බලන්න එම සියලු ආයතන පටන් ගත් ක්‍රමය..

                       මිතුරන්කීප දෙනෙක් එකතු වී පටන් ගත් ආයතන ඒවා. මහා ලොකු උපාධි හිමියන් නෙවේ ඔවුන්.එහෙත් ඔවුන් සතු හැකියාව මත / ලැබීම මත / වාසනාව මත ඔවුන් අති විශාල ගමනක් ගියා. ඔවුන්ගේ පටන් ගැනීම ඩොලර් 30,000 කටත් අඩුයි. අද ඔවුන් සතු වත්කම් ප්‍රමාණය කොහොමද ..?


                    ලංකාවේ උනත් ඉන්නවා එවැනි ගමනක් ගියපු අය. දාස මුදලාලි පටන් ගත්තේ කොහොමද ...? උපාලි විජේවර්ධන පටන් ගත්තේ කීයෙන්ද , අද ඔහු සතු ව්‍යාපාර වල වටිනාකම කීයද , ඒවා පාලනය කරන්නේ කව්ද  ? ඔවුන්ගේ ලාභය කීයද ?

                   කරුණාකරලා මට මේවා ප්‍රසිද්දියේ බ්ලොගයේ කියන්න බැරි බව විතරක් තේරුම් ගන්න.. ඔබට මීට වඩා දේවල් අනිවාර්යයෙන්ම දැනගන්න පුළුවන් මා සමග පුද්ගලිකව කතා කලොත් ...මම කීපාරක් කිව්වද දෙවියනේ ස්කයිප් එකෙන් කෝල් එකක් ගන්න කියලා මට... ඇයි ගන්නේ නැත්තේ .............???????????????????????????????????????????????????????????????????????????????????????????

                   ඒ වගේම හොඳට මතක තියාගන්න ඔබ කියනවා වගේ " මේ 100 න් රුපියල් 1000 ක් හොයනවා , ඒ 1000 න් රුපියල් ලක්ෂයක් හොයනවා. ඒ ලක්ෂෙන් කෝටියක් හොයනවා . ඒ කෝටියෙන් කෝටි 100 ක් හොයනවා . ඒ කෝටි 100 දාලා බිලියනයක් හොයනවා. ඊට පස්සේ ලංකාව සල්ලි වලට ගන්නවා "

                     ඔහොම නම් කරන්න බැහැ... එහෙම කරපු අයත් ඉන්නවා.. එහෙම කරන්න බැරි උන අයත් ඉන්නවා... මට කියන්න බැහැ ෆේස් බුක් අය එහෙම කරා නම් ඔයාටත් පුළුවන් කියලා ? මේ ලෝකේ ෆේස් බුක් ගමන ගියපු අය ඉන්නේ එක්කෙනයි.. දාස මුදලාලිලා ඉන්නේ එක්කෙනයි. උපාලිලා ඉන්නේ එක්කෙනයි . නවලෝක මුදලිලා ඉන්නේ එක්කෙනයි. කිසි කෙනෙකුට බැහැ උපාලිගේ පුතෙක් වෙන්න. කිසි කෙනෙකුට බැහැ නවලෝක මුදලාලිගේ පුතෙක් වෙන්න. එයාව අනුකරණය කරා කියලා වැඩක් වෙන්නෙත් නැහැ. නැහැ ඒ ගමන යන්න බැහැ...



                    මා එක්ක වචන සෙල්ලම් දාන්න එන්න එපා හොඳද ...? ඔයාට කවමදාවත් මා එක්ක හැප්පිලා දිනන්න බැහැ.. මම ජයගන්නවාම තමයි. පොඩි කාලේ ඉඳලා මගේ හැටි එහෙමයි..කිසි කෙනෙකුට මාව පාස් කරන්න දෙන්නේ නැහැ චැලේන්ජ් කරොත් නම් ... අනිවාර්යයෙන්ම ගමන නවත්තනවාමයි ...සාමෙන් නම් සාමෙන්... අන්න එක හොඳට මතක තියාගන්න මගේ නෝනේ .....


      Delete
    3. This comment has been removed by a blog administrator.

      Delete

    4. අන්න හරි ඔයාගේ බළලා මල්ලෙන් එළියට ආවා...

      " සහන් යනු නරක මනුස්සයෙක්. මිනිස්සුන්ට කතා කරන්න දන්නේ නැහැ. කේන්ති යනවා. බල්ලන්ට වගේ මිනිස්සුන්ට කතා කරන කෙනෙක් . "

      දැන් හරිද ...................??????????????? මාව පුද්ගලිකව දන්නා හැමෝම ඔය දේ දන්නවා.. :P


      හයියෝ හයියෝ මෙච්චර කියලත් තේරෙන්නේ නැති හැටි ... ආයේ නම් කමෙන්ට් දාන්න එපා..සේරම මකනවා.... ඔයා මොනවා කිව්වත් සේරම මකනවා.. ඔයා මොනවා හිතුවත් කමක් නැහැ... මොකද මට ඕනේ නැහැ ඔයා වගේ කෙනෙක්ට දෙයක් තේරුම් කරන්න ...

      තව පොඩි දෙයක් යන්න කළින් කියන්නම්...

      ෆේස් බුක් වල සමස්ත ද්‍රව්‍යමය ( පරිගණක ජාලය සතු ) වටිනාකමට සාපේක්ෂව ඔවුන් වසරකට හොයන ලාභය බැලුවොත් 1:800 විතර වෙනවා ....! 800000000000 0000000000000 000000000000 % දැන් හරිද :D

      නිකන් යන්න නෝනේ යන්න ...

      Delete
    5. හිතවතිය ,

      ඔබේ උත්සාහය දැන් හොඳටම පැහැදිළියි. ඔබට අවශ්‍ය සහන් යනු නිකන් මිනිහෙක්ට කතා කරන්න දන්නේ නැති කෙනෙක් බව ඔප්පු කරන්නයි.. ඒ නිසාමයි ඔබ මේ විදිහට එකම දේ ගැන සිය ආකාරයකට ප්‍රශ්න අහන්නේ.. මම එකක් කිව්වොත් ඒකෙන් හෙමීට මාරු වෙනවා. මගෙන් ඇහුවා නැවත නැවත ආයෝජනය වෙන සමාගම් කොහෙද තියෙන්නේ කියලා..මම ඒකට 100 % නිවැරදි පිළිතුරු 8 ක් පමණ දුන්නා නීතිමය බාධයකයක් තිබ්බත්..

      දැන් අහනවා 1:300 ඒවා කොහෙද තියෙන්නේ කියලා..මම ඒකටත් ඉතාම පැහැදිළි උත්තර 6 ක් විතර දුන්නා... දැන් ඒ පාර ඒකෙත් වැරදි හොයනවා.. කරුණාකරලා ෆේස් බුක් සමූහය ආරම්භ කරපු මුදල් ප්‍රමාණය සහ දැන් ඔවුන් සතු මුදල් ප්‍රමාණය වසර ගණනෙන් බෙදන්න ...

      එවිට ඒවි 1:800 පමණ ........ ඇතැම් වසර වල 1:400 පමණ. ඇතැම් වසර වල 1: 6 පමණ .. ඇතැම් වසර වල 1: 0.62 පමණ.

      අනේ මගේ නෝනේ මගේ කාලය අපරාදේ දැන් නම් හොඳටම... ඔයා දන්නවද මගේ එක මිනිත්තුවක වටිනාකම ...? ( මේවා තනිකර ඔයාව අවුස්සන්න දාන කමෙන්ට් හොඳද ...? )



      :P ( කාන්තා හින්සනයද මන්ද )

      Delete
    6. software සහ web පැත්තේ අනිවාර්යෙන් ලොකු ලාබ ගන්න පුළුවන් නමුත් ඔය වාර්තා වල ලොකු ලාබ නැත්තේ ඇයි. එක වෙන්නේ මෙහෙමයි මම සරලව පෙන්වන්නම්.
      -------------------------------------------
      මුදලාලි කෙනෙක් පරිගණක ඉංජිනේරුවෙක් ලවා ප්‍රයෝජනවත් පරිගණක වැඩසටහනක් හදනවා අවුරුද්දක් වැයකර. ඔහු පරිගණක ඉංජිනේරුවාට මාසෙකට 100000 පඩියක් ගෙවුවා.
      එතකොට මුදලාලිට වැයවූ මුදල 1200000. නමුත් පරිගණක වැඩසටහන සතු වටිනා කම 1200000 නොවේ එය ඉතා ප්‍රොයෝජනවත් මෙන්ම ඉල්ලුමක් ඇති එකක්. එම පරිගණක වැඩසටහනට ලොකු වටිනා කමක්

      තියෙනවා. අපි හිතමු වෙළඳ පොළ ඉල්ලුම අනුව එහි වටිනා කම රුපියල් මිලියන 120 ක් ලෙස. දැන් අපේ මුදලාලි ට මේක විකුනන්න දැන්වීම් දාලා අනෙක් වැඩ කරන්න මුදල් නැති නිසා යාලුවෙක් තම ව්‍යාපාරයට හවුල්

      කරගන්නවා ඔහු රුපියල් ලක්ෂ 12ක් මුදල් යොදවනවා. එම මුදල් වලින් විකුණුම්කරණය කරලා පරිගණක වැඩසටහන පිටපතක් ලක්ෂය බැගින් පිටපත් 10000 ක් විකුනනවා.

      සිදුකරන ලද මුළු වියදම මිලියන 2.4
      ලබන ලද මුළු ලාබය 100000 x 10000 = මිලියන 1000
      එනම් 1:400 ක මුදල් මැවීමක්

      මුළු පාග්ධනය = මුදලාලි යොදවන ලද මුදල + පරිගණක වැඩසටහන සතු වටිනා කම + යාළුවා යෙදු මුදල
      = මිලියන 122.4
      ව්‍යාපාරය සතු මුළු පාග්ධනය ට ලාබය දරන අනුපාතය = 122.4 :1000 එනම් 1:8 ක්
      නමුත් ලැබූ සැබෑ ලාබය යාලුවට බෙදන්නේ මෙහෙමයි,
      මුළු පාග්ධනයෙන් යාලුවට හිමි පංගුව = 1.2/122.4 = 0.01
      එබැවින් යාළුවාට ලැබෙන මුදල = මිලියන 10
      -------------------------------------------
      එතකොට පේනවා නේද ලොකු මුදල් මැවීමක් සිදුවුවත් එය ප්‍රතිශතයක් හැටියට ලාබංශ බෙදීමේදී අඩුවෙන හැටි. සමගමිකින් පිටතට දෙන ලියවිලි වල ලාබය තියෙන්නේ එහෙමයි. එක තමයි කොටස් හිමිකරුවන්ට ලැබෙන්නේ.

      Delete
    7. This comment has been removed by a blog administrator.

      Delete
    8. හරියට හරි මේ ඉන්නේ මම කියපු නෝනා ...හලෝ අරුණි ....?

      :D

      ඊට කලින් රංග දාපු මේ කමෙන්ට් එක ආයෙම කියවන්න..අපේ ෆීල්ඩ් එක ගැන ඔයා අපිට උගන්නන්න එන්න එපා නෝනේ... ඔහෙලා වගේ කාලකන්ණි මිනිස්සුන්ට අපි අපේ මිළ ගණන් කියන්නෙත් නැහැ.. නිකන් මෝඩ කම ප්‍රදර්ශනය කරන්න එපා අරුණි...ඔයාගේ තාත්තා පුදුම පිස්සෙක් ..ඒ පිස්සුවම ඔයාටත් තියෙනවා නේද ...?

      ටිකක් එන්නකෝ අනේ ස්කයිප් එකෙන් වචන 10 ක් කතා කරන්න .................

      මෙන්න විශ්ව දාපු ගණන... හොඳ ළමය වගේ ඒක බලන්න..කියවන්න ..තේරුම් ගන්න... නැවත එන්න ...

      ______________________
      විශ්ව රංගනාත්December 5, 2013 at 5:28:00 PM

      මුදලාලි කෙනෙක් පරිගණක ඉංජිනේරුවෙක් ලවා ප්‍රයෝජනවත් පරිගණක වැඩසටහනක් හදනවා අවුරුද්දක් වැයකර. ඔහු පරිගණක ඉංජිනේරුවාට මාසෙකට 100000 පඩියක් ගෙවුවා.
      එතකොට මුදලාලිට වැයවූ මුදල 1200000. නමුත් පරිගණක වැඩසටහන සතු වටිනා කම 1200000 නොවේ එය ඉතා ප්‍රොයෝජනවත් මෙන්ම ඉල්ලුමක් ඇති එකක්. එම පරිගණක වැඩසටහනට ලොකු වටිනා කමක්

      තියෙනවා. අපි හිතමු වෙළඳ පොළ ඉල්ලුම අනුව එහි වටිනා කම රුපියල් මිලියන 120 ක් ලෙස. දැන් අපේ මුදලාලි ට මේක විකුනන්න දැන්වීම් දාලා අනෙක් වැඩ කරන්න මුදල් නැති නිසා යාලුවෙක් තම ව්‍යාපාරයට හවුල්

      කරගන්නවා ඔහු රුපියල් ලක්ෂ 12ක් මුදල් යොදවනවා. එම මුදල් වලින් විකුණුම්කරණය කරලා පරිගණක වැඩසටහන පිටපතක් ලක්ෂය බැගින් පිටපත් 10000 ක් විකුනනවා.

      සිදුකරන ලද මුළු වියදම මිලියන 2.4
      ලබන ලද මුළු ලාබය 100000 x 10000 = මිලියන 1000
      එනම් 1:400 ක මුදල් මැවීමක්

      මුළු පාග්ධනය = මුදලාලි යොදවන ලද මුදල + පරිගණක වැඩසටහන සතු වටිනා කම + යාළුවා යෙදු මුදල
      = මිලියන 122.4
      ව්‍යාපාරය සතු මුළු පාග්ධනය ට ලාබය දරන අනුපාතය = 122.4 :1000 එනම් 1:8 ක්
      නමුත් ලැබූ සැබෑ ලාබය යාලුවට බෙදන්නේ මෙහෙමයි,
      මුළු පාග්ධනයෙන් යාලුවට හිමි පංගුව = 1.2/122.4 = 0.01
      එබැවින් යාළුවාට ලැබෙන මුදල = මිලියන 10

      එතකොට පේනවා නේද ලොකු මුදල් මැවීමක් සිදුවුවත් එය ප්‍රතිශතයක් හැටියට ලාබංශ බෙදීමේදී අඩුවෙන හැටි. සමගමිකින් පිටතට දෙන ලියවිලි වල ලාබය තියෙන්නේ එහෙමයි. එක තමයි කොටස් හිමිකරුවන්ට ලැබෙන්නේ.

      ____________________________

      ඔන්න තියෙනවා ඔයාට පොඩි ගාණක්..මීට වඩා දේ මට කියන්න පුළුවන් ඔයා මට ස්කයිප් එකෙන් කතා කරා නම්.... ඔයා කොන්දක් නැතුව හිස් තර්ක ගෙනාවට වැඩක් නැහැ... ඔයා පැරදුණා ... ඔයාගේ කමෙන්ට් මම මකලා තියෙන්නේ ඒවගෙන් අනිත් අය නොමග යන්න පුළුවන් නිසා විතරයි ... මම කියපු දේවල් නිහතමානීව පිළිගන්න චුට්ටි කෙල්ලේ ... ඔයාට ඉගෙන ගන්න ඒවා ගොඩක් තියෙනවා ආර්ථික විද්‍යාව සහ ව්‍යාපාර පරිපාලනය ගැන...

      අනිවාර්යයෙන්ම ඊළඟ පෝස්ට් එකටත් එන්න... ඔයාගේ සියලු මෝඩ කතා එකින් එක උපුටා අරන් ඒවා බොරු කියලා ඔප්පු කරනවා ....

      Delete
    9. හිතවතිය ,

      කරුණාකරලා අලුතෙන් ස්කයිප් ගිණුමක් හදන්න ..
      එකෙන් මට කෝල් එකක් ගන්න .
      ඔයා මා එක්ක කතා කරන්න අකමැති නම් කතා කරන්න එපා.
      මම එකින් එක පැහැදිළි කරන දේ අහගෙන ඉන්න.
      ඔයා අහපු සියලු ප්‍රශ්න වලට උත්තර ලැබේවි..

      මේ තරම් කියලත් ඇයි දෙවියනේ මනුස්සයෙක් වගේ කොන්ද කෙළින් තියාගෙන මට කතා කරන්නේ නැත්තේ .........? බලන්න විශ්ව රංගනාත් සහ මම අතර ගැටුමක් ඇති වුණු වෙලාවේ අපි දෙන්නා ස්කයිප් එකෙන් වැඩේ 100 % සාර්ථකව ඉවර කරා...

      ඇයි ඔයාට එහෙම වෙන්න බැරි ... ? බයද ඔයා පරදින නිසා ....? මම මගේ තාත්තගේ නමින් දිව්රනවා කිසිම විදිහකින් ඔයාට පුද්ගලික හානියක් කරන්නේ නැහැ කියලා.. එන්න මා සමග කතා කරන්න ..එන්න මාව සබැහින් හමුවන්න .... මගේ නිවසේදී අපි හමුවෙමු... මේක සුහද ආරාධනයක්...

      Delete
    10. විශ්ව රංගනාත් , පැහැදිලි කිරීමට ඉස්තුතියි. පොඩි නොදන්නා දෙයක් තියෙනවා. (ඇත්තටම මට ව්‍යාපාර විෂයේ දැනුමක් නැහැ. මගේ ෆීල්ඩ් එක වෙනස්. නමුත් දැනගැනීමට කැමතියි )

      1. ඇයි ලාභය ප්‍රාග් ධනයට එකතු කරලා ආයතනයේ මුළු වටිනාකම මනින්නේ නැත්තේ ?
      2. ඇයි ලාභය යෙදුආයෝජනයෙන් නොබෙදා ප්‍රාග්ධනය යෙදුආයෝජනයෙන් බෙදුවේ ?
      ඒ මිලියන 1000 - 122.4 = 877.6 ට මොකද වෙන්නේ ?
      හරි ඔබ කියයි ඒක නැවත ආයෝජනය වෙනවා කියා. නමුත් එහෙම ආයෝජනය කරාම ඒක ව්‍යාපාරයේ ප්‍රග්ධනයටම නේද එකතු වෙන්නේ. එහෙම උනාම ප්‍රාග්ධනය 122.4 නොවේ 122.4 + 1000 වෙනවා නේද ?

      නොදන්නා හින්ද ඇහුවේ. අනේ ගොනා බුරුව නං කියන්න එපා .. :P

      Delete
    11. @මහසොහොන් පිල්ලිය
      මමද මෙම විශය හා සම්බන්ද වෘර්තිකයෙක් නොවුනත් කලින් කමෙන්ට් එක දැම්මේ කවුරුවත් නිසි පිළිතුරක් නොදී වාදයක් පමණක් ගිය නිසා. මට අවශ්‍ය වුවේ බුද්ධිමය දේපල වල වටිනාකම සහ කීර්තිනාමයේ වටිනාකම වැනි දේවල් වයාපාරයක ප්‍රාග්ධනය හා සම්බන්ද වීම සමග සමස්ත ලාබය කුඩා ප්‍රතිශතයක් ලෙස පේන බව පෙන්වන්න. වයාපාරයක ලාබය බෙදෙන්නේ යමෙක් ව්‍යාපාරයේ ප්‍රාග්ධනයේ කිනම් ප්‍රතිශතයකට හිමිකම් කියයි ද මත. යම් ව්‍යාපාරයක් කොටස් බවට පත්කිරීමේදී බුද්ධිමය දේපල වල වටිනාකම සහ කීර්තිනාමයේ වටිනාකම ද මුදල් බවට පත්වේ. මේ සම්බන්ද සියුම් ගැටළු පවතීනම් ඒ සම්බන්ද වෘර්තිකයෙක් ගෙන් අසා දැනගන්න. මම හිතනවා එවැන්නෙක් මෙය තියරිය මගින් විස්තර කරයි කියා.

      කලින් උදාහරණය මම තවත් සරලව පැහැදිලි කරන්නම් එවිට ඔබට තේරෙයි මම එම විදියට එකතු කිරීම් සහ ලාබය බෙදුවේ ඇයි කියා.

      මුදලාලි මිලියන 1.2 ආයෝජනය කරා ඔහු එමගින් මුල්‍යමය වටිනාකම මිලියන 120 වන පරිගණක වැඩසටහනක් දෙයක් හැදුවා. එනම් මුදලාලිට එය කෙලින්ම වෙනත් සමාගමකට හෝ කෙනෙකුට පරිගණක වැඩසටහන ඇති තම හිමිකම විකුනලා කෙලින්ම රුපියල් මිලියන 120 ක් සොයන්න පුළුවන්. දැනට මුදලාලි 1:100 ක් මුදල් හදලා තියෙන්නේ. මුදලාලි එසේ කෙලින්ම විකුනන්නේ නැතිව ඔහු තම ව්‍යාපාරයට යාලුවෙක් හවුල් කරගන්නවා යාළුවා දමනවා රුපියල් මිලියන 1.2 ක්. මුදලාලි ව්‍යාපාරයට දෙනවා මිලියන 120 වටිනා පරිගණක වැඩසටහන එතකොට සමස්ත ව්‍යාපාරයේ ආයෝජනය හෙවත් මුළු ආරම්භක පාග්ධනය මිලියන 121.2(මම ගිය 122.4 එය ගත් ක්‍රමය වැරදියි) මුළු ව්‍යාපාරයෙන් කොටස් 100 ක් මුදලාලිට අයිති වෙනවිට යාළුවාට අයිති වෙන්නේ කොටස් 1 යි. ඉතින් ලාබය බෙදෙන්නෙත් එහෙම තමයි. යාළුවාට මුළු ලාබයෙන් භාගයක් ඉල්ලන්න බැහැ මුදලාලි පරිගණක ඉංජාට දුන්නේ මිලියන 1.2 නිසා. (මුලින්ම දෙන්නාම සෙට් වෙලා පරිගණක වැඩසටහන හැදුවා නම් එහෙමයි ලාබ බෙදෙන්නේ) අවසානයේ මුදලාලි ලබාගන්නා ලාබය මිලියන 990.1 යාළුවා ගන්නා ලාබය මිලියන 9.9 යි. මුදලාලි 1:825 මුදල් හෙවුවා යාළුවා 1:8.25 මුදල් සෙවුවා. කාටවත් අසාධාරණයක් වුනේ නැහැ.

      Delete
    12. +++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    13. @ මහසෝනා & all

      ඇතැම් ගණන් වලදී පැහැදිළිවම ආර්ථික ලාභය අපේක්ෂාවෙන් වංචාව සිදු කරනවා.. රංග පෙන්නලා තියෙන්නේ එවැනි දෙයක්.. ඒකට රංග පළි නැහැ... මීට වඩා සාපරාදී වංචා තියෙනවා ..ඒවා කිව්වොත් නිකම්ම අපි වැරදි කාරයෝ වෙනවා...

      දැන් ඔය උදහරනෙම

      01. මුදලාලිට තිබ්බා යාලුවගෙන් ණයක් ගන්න කොටස් ව්‍යාපාරයට නොයා ... එහෙම උනා නම් ණය මුදල සහ පොළිය ගෙව්වා නම් කතාව ඉවරයි.. මිලියන ගණනම අතේ...

      02. කොටස් ව්‍යාපාරයට ආවත් මුදලාලිට කියන්න පුළුවන් ලාභය බෙදෙන්නේ 50% , 40% , 30% , 20% කියලා.. අර අහිංසක මිනිහා අහු වෙනවා..කාට කියන්නද ...? ( සහන්ට බනින්න නම් එපෝ...මම මේ පෙන්නන්නේ වංචාව වෙන හැටි ... මාව වැරදි කාරයෙක් කරන්න එපෝ )

      03. කොටස් ව්‍යාපාරයක් කරත් මුදලාලිට පුළුවන් හෙමීට ගිවිසුමෙන් අයින් වෙන්න.. ( එයට අදාළ තුරුම්ප්පු මුල සිට ඔහු සැලසුම් කරලා තියේ නම් ) .. ව්‍යාපෘතිය සාර්ථකව නිමා උනාට පස්සේ මුදලාලිට පුළුවන් " මෙන්න ඔබේ මුදල සහ අනාගත ලාභ වෙනුවෙන් කොටසකුත්... අපි මේ ගිවිසුම අත් හිටවමු. "

      අන්න එතැනදී පැහැදිලිවම වංචාව තියෙනවා... ( මම මේ කියපු දේ වර්තමානයේ කරන්න බැරි තැනට නීති තියෙනවා.. මොකද මීට කලින් අපේ අය ඕවා කරා... )

      මම කිව්වේ ඒකයි මුලදීම " බිස්නස් වලදී මනුස්සකම් නැහැ " ඩීල් කියන්නේ ඩීල් විතරයි.....

      ( සහන්ට බනින්න නම් එපෝ...මම මේ පෙන්නන්නේ වංචාව වෙන හැටි ... මාව වැරදි කාරයෙක් කරන්න එපෝ )

      Delete
    14. ඉස්තුතියි විශ්ව. දැන් පැහැදිලි උනා ඔබ කියන්න හදපු දෙය . මෙහෙම නේද ? පර්ට්නර් ෂිප් එකට මුදලාලි 120 ක් දානවා , යාලුවා 1.2 ක් දානවා. අනුපාතය 100:1. එම නිසා ලාභය බෙදිය යුත්තේත් 100:1 අනුපාතයට.

      එසේ නම් යහළුවාට ලැබෙන ලාභාංශය = 1000/100 = මිලියන 10

      තේරුනා :D

      මෙතැන ප්‍රශ්නය.... මුදලාලි තීරණය කරනවා සමාගම කොටස් කිරීමේදී යහළුවාට දෙන්නේ 1% කියල. මිලියන 1.2 ට යාලුවට ලැබෙන්නේ 1% ක කොටස්. මම පෞද්ගලිකව නම් මුදලාලිට බම්බු ගහගන්න කියනවා මිසක් මේ සමාගමේ 1% ක කොටස් කරුවෙක් වෙන්නේ නැහැ කොහොමටවත්. මොකද මගේ 1.2 M නැතිව ඔහු sitting duck with his software.

      කොහොම නමුත් පරිඝනක ක්ෂේත්‍රයේ මේ වගේ (1:400 , 1:1000 etc ) ලාභ ලැබීමේ හැකියාව තියෙන බව නම් ඇත්තයි.

      Delete
    15. සහන් , ඔබ ගේ පිළිතුර දැක්කේ මගේ ඉහත පිළිතුර පබ්ලිෂ් කරාට පසුව.
      ඔබගේ පිළිතුර ගැන මගේ අදහස.
      1. Using leverage . තමන්ගේ ව්‍යාපාරයේ අනාගතය ගැන හොඳ කොන්ෆිඩන්ස් එකක් තියෙනවා නම් කල යුතු හොඳම දෙය. වැඩේ ගොඩින්ම බේරගන්න පුළුවන්.
      2. මම ඉහත පිළිතුරේ කියපු පරිදි විශ්වගේ අහිංසකය ට ලැබෙන්නේ 1% ක කොටසක් පමණයි පාර්ට්නර් ෂිප් එකේ. මගේ බල්ලා වත් යන්නේ නැහැ ඒ වගේ තැනක ආයෝජනය කරන්න. :P
      3. ඒ වගේ හොර විශ්වාසය කඩකිරීම් කරන අමනුෂ්‍යයෝ පනුවෝ ගහල මැරෙන්නේ. :)

      Delete
    16. @ සොහොනා

      01. අනිවා. ඒක තමයි පළපුරුද්ද සහ තමන්ගේ හැකියාව ගැන මනා වැටහීමක් තියෙනවා කියන්නේ.. එහෙම අයට බිස්නස් කියන්නේ නතින්.. ට්‍රික්ස් දැනගන්න ඕනේ ...

      02. i. හපොයි... :(
      ii. උදාහරණයකට බලන්න බැංකු විසින් බැංකු සේවකයන්ටම ණය දෙන ක්‍රමය... ( මේ කමෙන්ට් එක නම් මකන්න වෙනවා මට හරිය )

      03. මම ගෙදර නැහැ කියන්න :(

      ________________________________________

      \\\\\\\\\\\\මොකද මගේ 1.2 M නැතිව ඔහු sitting duck with his software. \\\\\\\\\\\

      හරියටම හරි සොහොනේ ඉතාම වැදගත්... ඔය තර්කය ගේන්න පුළුවන් තැනුත් තියෙනවා බැරි තැනුත් තියෙනවා...

      01. මුදලාලි :- " මම වෙන කෙනෙක් හොයා ගන්නම් " කියලා...

      02. යාලුව :- " මම දෙනවා වගේ මුදලක් වෙන කෙනෙක් ඔයාට දෙන්නේ නැහැ " ......

      03. මුදලාලිට :- " මචන් උඹට මතක නැද්ද ඉස්සර අපි ඉස්කෝලේ යන කාලේ ෆිට් එකට කරපු දේවල් . අනේ මචන් අපි මේ ඩීල් එක ගහමු. " . ( අන්න වංචාව..මාව නම් අල්ලගන්න එපෝ :P )

      04. යාළුවා :- " උඹට පිස්සුද බන්. ඩීල් නම් ඩීල් "


      05.මුදලාලි : - හරි එහෙනම් 30% ට වැඩේ කරමු ....

      06. ( යාලුවා කැමති උනොත් ගොඩ )...

      Note : ඕනෑවට වඩා ලන්සු තියන්නත් බැහැ..සීමාවක් තියෙනවා ...සීමාව ඇතුළත උපරිම ලාබයක් දෙපාර්ශවයම ලබන්න ඕනේ ....වැඩිය කන්න ගියොත් දෙන්නටම මුකුත් නැහැ..............!


      Delete
    17. @මහසොහොන් පිල්ලිය
      මුදලාලි යාලුවට කියන්නේ නැහැනේ මට පරිගණක වැඩසටහන හදන්න ගියේ මිලියන 1.2 කියලා ඔහු කියන්නේ මචන් මගේ ළඟ මිලියන 120 ක් වටිනා පරිගණක වැඩසටහනක් තියෙනවා කියලා. (ඔහු වැරදි නැහැ ඔහුට එක ඒ ගානට විකුණන්න පුළුවන්) මට මේක මාකට් කරන්න සල්ලි නැහැ මිලියන 1.2 විතර උබ දීපන් අපි හවුලේ වැඩේ කරමු. එතකොට යාළුවා පස්ස ගහන්නේ නැහැ. දැන් ඔය ලොකු කම්පැනි කොටස් වෙළඳ පොලට දාන කොට කොටස් කරන්නේ එහෙමයි. coca cola, toyota, microsoft, sony වගේ ඒවගේ කීර්තිනාමය කොතරම් වටිනවාද.
      google.com, facebook.com, youtube.com වගේ ඩොමේන් නේම් කොතරම් වටිනවාද. ඒ වගේ කොටස් ගන්න කොට ඔය සිද්දිය ලස්සනට වෙනවා. කවුරුවත් බැහැ කියන්නේ නැහැ මුදල් දෙනවා. මුදලාලිගේ යාලුවට වුනෙත් එක තමයි.

      Delete
    18. @ සොහොන ,රංග , බුවා & all


      දැන් තමයි යථාර්ථයට ඇවිත් ඉන්නේ. අපි සියලු දෙනාවම බරපතල විදිහට රවට්ටලා තියෙන්නේ සමාගම් ප්‍රධානීන්.. ( ප්‍රධානීන් යනුවෙන් අදහස් කලේ අධ්‍යක්‍ෂක ඇතුළු කීප දෙනාව විතරමයි හොඳද ? ) ඔවුන් එක එක ගණන් පෙන්වනවා ඔවුන්ගේ වාසියට...

      අපි ඒ පැත්තට තර්ක කරත් අපි පරදිනවා..
      අපි මේ පැත්තට තර්ක කරත් අපි පරදිනවා .....


      මේක තේරුම් කරන්න ගිහින් මමත් මගේ කීර්ති නාමයට 30% විතර හානියක් කරගත්තා .... :P

      කමක් නැහැ ඕව නම් මොනාද අනේ ....

      Delete
    19. තමන්ගේ ව්‍යාපාර කොටස් කරුවන්ට වංචා නොකර , ජිල් මාට් නොදා සාධාරණ ව ධනය උපයා ගෙන ලෝකේ ලොකුම පෝසතා උනත් වෙන්න පුළුවන් කියන එකට දෙන්න තියෙන එකම උදාහරණය තමයි මේක සහන්.

      Delete
    20. සොහොනේ මට විහිළුවක් කරාද ...?

      ( ඔය කියපු දේ සීරියස් නෙවේ නේද කිව්වේ ...? මට මේල් එකක් එවන්න... ඔය සිද්දිය මම ප්‍රසිද්දියේ කිව්වොත් නම් අනිවා මේ බ්ලොග් පෝස්ට් එකටම නඩු 20 විතර ෆයිල් කරන්න පුළුවන්. අපහාස නඩුම 11 ක් තියෙනවා මේ පෝස්ට් එකේ :D )

      Delete
    21. This comment has been removed by the author.

      Delete
    22. මචන් බුවා

      මට මචන් මේ බ්ලොග් අවකාශයේ ඉන්න කිසිම කෙනෙක් එක්ක පුද්ගලික ගැටළුවක් නැහැ.... මම බොහෝ වෙලාවට කරලා තියෙන්නේ මිනිස්සු කරන වංචාව හෙළි කිරීම ...වංචාව හෙළි කිරීමට නම් වංචාව කුමක්ද යනු පැහැදිළි කරන්න ඕනේ ...

      සුට්ට සුට්ට වංචාව පැහැදිළි කරගෙන යද්දී ඔන්න කට්ටිය මා එක්ක වලියට එනවා...

      දැන් බලහන් මේ අපි දැනට ඉන්න December 5, 2013 at 1:16:00 PM සංවාදය ...එතැනදී මමත් රංගත් විසින් වංචාව කරන හැටි පැහැදිළි කරා.. හැබැයි මේකට මමවත් රංග වත් පළි නැහැ... අපි දෙන්නා කලේ පැහැදිළි කිරීම විතරයි...

      හැමදාම සහන්ට උනේ සහන්ගේ ඇඟිල්ල දිහා බලාගෙන සහන්ට බැනපු එක... මෙතන මම නෙවෙයි දෙවියනේ වැරදි කාරයා... :P


      \\\\\\\\\\ඇනෝ ට කනට ගසමින් බු වා ට වෙඩි තබා ඇත\\\\\\\\\\\

      හිතේ තරහෙන් වෙඩි තිබ්බා නෙවේ.. කොකා ගැස්සුනා මගේ රත්තරන්...:Pගොඩක් තුවාලද මචන් ...? කෝ වරෙන් බෙහෙත් ටිකක් දාන්න... සනීප වෙනකම් වරෙන් අපේ දිහා... උඹව බලාගන්නම් මම.... මොකද කියන්නේ සාම / අවබෝධතා ගිවිසුමක් ගහලා අපි දාමුද පෝස්ට් එකක් ...?

      Delete
    23. තව පොඩි දෙයක්. යාලුවෙක්ගෙන් නායක් ගත්තොත් ඒක ගෙවන්නම ඕනේ. එතනදී කොටස්කරුවන් ගාව ගන්නවා කියන්නේ මුදලාලි අවදානම බෙදනවා කියන එක. ලාබ තිබුනොත් විතරයි ගෙවන්නේ. ආයෝජනය කල මුදල ගෙවීමක් නෑ කම්පනිය කඩා වැටුනොත් (මම දන්නා තරමින්). හැබැයි යාලුවාගෙන් ගත්තොත් ගෙවන්නම වෙනවා වත්කම් විකුනලා හරි.

      Delete
    24. \\\\\\\\\ආයෝජනය කල මුදල ගෙවීමක් නෑ කම්පනිය කඩා වැටුනොත් (මම දන්නා තරමින්). \\\\\\\\\

      ඔව් ඔතන එක මට්ටමකින් හරි.. හැබැයි කොටස් කරුවන්ට වාණිජ අධිකරණයේ නඩුවක් කැඳවන්න පුළුවන් " අධ්‍යක්‍ෂක මණ්ඩලයේ අධූරදර්ෂී තීරණය නිසා සමාගම විනාශයට පත්ව ඇත. එනිසා වන්දියක් අවශ්‍යයි " කියලා..

      නඩු තීන්දුව මත තමයි සියල්ල තීරණය වෙන්නේ ....

      \\\\\\\\\හැබැයි යාලුවාගෙන් ගත්තොත් ගෙවන්නම වෙනවා වත්කම් විකුනලා හරි. \\\\\\\\\

      මෙතනදීත් ගැළවීමට අවස්ථාවක් තියෙනවා හොඳටම වැටිලා නම්.. බංකොලොත්භාවය ප්‍රකාශ කරන්න ඕනේ.. හැබැයි හොඳට මතක තියාගන්න බංකොලොත්භාවය ප්‍රකාශ කරනවා කියන්නේ ජීවිතේම ඉවරයි... ***හොඳටම මතක තියාගන්න මේ ගැන දාහක් දේ තියෙනවා කියන්න... ****


      Delete
    25. බංකොලොත්භාවය ප්‍රකාශ කරනවා නමුත් තම සියලු වත්කම වන තමන් වංචා කල මුදල ස්විස් බැංකුවල රහස් ගිණුම් වලට දානවා එම බැංකු හරහා ඒවා මගින් මෙහි ආයෝජනය කරනවා. අවුරුදු ගානක් හිරේ ඉන්නවා නමුත් ඉන්නේ රෝග නිසා පුද්ගලික රෝහල් වල අනිතිමට එලියට එන දවසට තිබුන ඔක්කොම ලෙඩ සනීපයි. බංකොලොත් වුනත් තමන් සුවසේ. මුදලුත් සුවසේ.

      Delete
    26. @ රංග

      ඔය සිදුවීම කරපු අය නම් නැහැ මෑත ඉතිහාසයේ..ඔය සම්බන්ධයෙන් කරන්න බැහැ වංචාවක්... රටෙන් රටට තත්වය තරමක් වෙනස්.. නමුත් සාමාන්‍යයෙන් සෙරප්පු දෙකක් වත් පාවිච්චි කරන්න බැහැ බංකොලොත්භාවය ප්‍රකාශ කරාම ... වහනෙක ඉදිරිපෙළ අසුනේ යන්න බැහැ .. ඔය වගේ දාහක් දේ තියෙනවා...

      ඒකයි මුලින්ම ඔය දේ කරලා ගැළවෙන්න බැහැ...

      Delete
    27. @ රංග ( කලින් කමෙන්ට් එකේ අකුරු / වචන එහෙ මෙහෙ වෙලා )

      ඔය සිදුවීම කරපු අය නම් නැහැ මෑත ඉතිහාසයේ..බංකොලොත්භාවය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් කරන්න බැහැ වංචාවක්... රටෙන් රටට තත්වය තරමක් වෙනස්.. නමුත් සාමාන්‍යයෙන් සෙරප්පු දෙකක් වත් පාවිච්චි කරන්න බැහැ බංකොලොත්භාවය ප්‍රකාශ කරාම ... වහනෙක ඉදිරිපෙළ අසුනේ යන්න බැහැ .. ඔය වගේ දාහක් දේ තියෙනවා...

      ඒකයි මුලින්ම කිව්වේ ඔය දේ කරලා වන්දි ගෙවීමකින් ගැළවෙන්න බැහැ...

      Delete
    28. ඒ කියන්නේ බංකොලොත් උනාට වඩා බයානකයි නීතියෙන් ගැලවෙන්න හිතන් බංකොලොත්භාවය ප්‍රකාශ කිරීම.

      Delete
    29. අනිවාර්යයෙන්ම රංග.... ජීවිතේම විනාශයි... ඇත්තටම බංකොලොත්භාවය ප්‍රකහ්ස කරන්නේ යන එන මං නැතිම කෙනෙකු විතරයි... අන්තඅසරණ තත්වයට පත් වූවෙක් සඳහා නීතියෙන් ලැබුණ ඉඩක් මිසක තුරුම්පුවක් ගහන්න ඉඩක් නැහැ ( හෝ ඉතාම අවමයි )...

      Delete
    30. බංකලොත්භාවය ප්‍රකාශ කරපු අය ගත්තොත් ඒබ්‍රහම් ලින්කන්ගේ ඉඳන් මයිකල් ජැක්සන් දක්වා ලොකු ලැයිස්තුවක් තියෙනවා. හැබැයි ඒ අය පාරට වැටුනේ නැහැ.....ඒ කියන්නේ මෙතැන යටින් ඉතුරුකර ගන්න හෝ රහස් බැංකුවල මුදල් තබාගැනීමක් වෙනවාද?

      Delete
    31. @ අරූ අයියේ

      මේකයි සීන් එක.. මට හෙට උදේට ගිහින් එක පාරට බංකොලොත්භාවය ප්‍රකාශ කරන්න බැහැ... වත්කම් අහිමි වීම , අහිමි වීමට හේතුව , නැවත වත්කම් ගොඩ නගාගැනීමට ක්‍රමයක් නැති බව , විකුණා මුදල් කරගත හැකි කිසිවක් නැති බව ඔප්පු කරන්න ඕනේ. රටෙන් රටට නීති වෙනස් . ( ප්‍රාන්ත ආණ්ඩු වලදී ප්‍රන්තෙන් ප්‍රාන්තෙට යම් යම් දේ වෙනස් වෙනවා ) වංචා සහගත අරමුණින් නම් කරන්න ඉඩක් නැහැ.. ඇත්තටම මිනිහෙක් මූල්‍යමය අතින් වැටුණහමයි මේ දේ කරන්නේ.

      \\\\ඒ කියන්නේ මෙතැන යටින් ඉතුරුකර ගන්න හෝ රහස් බැංකුවල මුදල් තබාගැනීමක් වෙනවාද?\\\\\

      හ්ම්ම්ම්ම්ම්ම්ම් හිතවතෙක්ගේ නමකින් වගේද ...? ඒත් මුදල් transfer උනු විදිහ බැලුවොත් අහු වෙන්න පුළුවන්...

      උදා : - මට හිමිව තිබු කෝටි 100 ක මුදලක් හදිසියේම මා විසින් බැංකුවෙන් ගත්තා කියමු 2008 දී. ඔන්න අවුරුදු 5 කින් පස්සේ හොරා වගේ " අනේ මගේ සල්ලි නැහැ . මන් බංකොලොත්භාවය ප්‍රකාශ කරනවා " කිව්වොත් නම් ඉවරයි...! අනිවා කූඩු... ( වංචනික අරමුණින් බංකොලොත්භාවය ප්‍රකාශ කිරීම වරදක් )

      (Note : වංචාවක් කිරීමේ ඉඩ සෑහෙන අඩුයි... 100% ක් බැහැ නොවේ හරිය ? )

      Delete
  35. Replies
    1. Try to use the feminine form of those complimentary endearments (see Pra JayDecember 5, 2013 at 12:59:00 PM GMT+5:30) in future fights pl. :-))
      Am sorry Sahan I know u r having a technical argument here but fights are entertaining too!

      Delete
    2. Pra Jay , මෙන්න සුරුට්ටු පත්තු කරන්න ඇවිල්ල. හි හි

      සහන් , පොඩි ප්‍රශ්නයක්... නොදන්නා නිසා අහන්නේ. 1:300 ලාභයක් ලැබුනත් ගොඩනැගිලි ද්‍රව්‍ය , සේවක පඩි , ටැක්ස් , නය පොලී , අල්ලස් ආදිය ගෙවීම ට සිදුවීම නිසා හවුල් කරුවන් අතර බෙදී යන හෝ යලි ආයෝජනය වෙන ශුද්ධ ලාභය මිට වඩා ගොඩක් අඩු වෙයි නේද ? 1 : 40 , 1:50 වගේ ?

      Delete
    3. අනේ නැහැ පිල්ලිය මම මේ gender equality mission එකක.
      Fighting for the women's right to be addressed in the correct feminine form of හරකෙක්, යකෝ බූරුවෝ.

      Delete

    4. හපොයි මෙන්න මහසෝනාත් ඇවිල්ලා... මෙච්චරයි අඩුවට තිබ්බේ ....:P තව සෝඩා ගුණේ විතරයි අඩු ... :D

      මචන් මහසොහොනේ ,

                     මහා පරිමාණ ව්‍යාපාර වලදී නිතරම සැළකිලිමත් වෙන දෙයක් තමයි සෙක්ටර් වයිස් තමන්ගේ ව්‍යාපාර බෙදන එක. විදුලි සන්දේශ ක්ෂේත්‍රයේන් හොයන්න පුළුවන් වෙන්න පුළුවන් 1: 350 ලාභයක්. හැබැයි එහෙම උනා කියලා තමන් සතු සියලු වත්කම් විදුලි සංදේශ සඳහා යොදවන්නේ නැහැ. ඉදිකිරීම් වලින් ලැබෙන්නේ 1: 8 ක් වෙන්න පුළුවන්. එහෙම උනා කියලා ඉදිකිරීම ක්ෂේත්‍රය අත හැරලා දාන්නේ නැහැ..

                       මේ සියලු ක්ෂේත්‍රයන් ඕනේ මහා පරිමාණයෙන් ක්‍රියාත්මක වෙන ආයතන වලට. බූවල්ලෙක් මෙන් ව්‍යාප්ත වෙනවා කියන්නේ ඒකයි..තනි විශාල අන්ඩක් වෙනුවට  පුංචි පුංචි අඬු ගොඩාක් තියෙනවා.කවමදාවත් ආර්ථික කඩාවැටීමක් හමුවේ වැටෙන්නේ නැහැ.කොහෙන් හරි එල්ලිලා ඉන්න මූල්‍ය හයිය ඇති.  ( මෙතන වචනයේ වාසිය ගන්න එපා හරිය ).



      ඔන්න මම වැදගත් දෙයක් කියනවා.. සිහි බුද්දියෙන් තේරුම් ගන්න.

                       ආර්ථික කඩාවැටීම් එන්න පුළුවන් නිසාමයි උපරිම ලාබහයක් හොයන්න පුළුවන් තැන උපරිම ලාභයක් හොයන්නේ.. මිනිස්සුන්ගේ රීරි මාංශය හූරගෙන කනවා කියන චෝදනාව බාර ගන්න බැරි ඒ නිසයි.. ඒ විදිහට හොයන මුදල් සංචිත වලින් තමයි ඉදිරි වසර දෙක දක්වා උනත් සමස්ත සේවක පඩි හදන්නේ.. ආයතනයේ අධක්ෂක දන්නවා ලැබූ ලාභය එක්ක තව  වසර කීයක් යනකම් අපිට සත පහක අදායමක් නොලැබුණත් ඔලුව කෙළින් තියන් ඉන්න පුලුවන්ද කියලා ....ඔලුව කෙළින් තියන් බිස්නස් කිරීම තරම් සහනයක් වෙන මේ ලෝකේ නැහැ..


                   ඒ විදිහට ලබන සහනයෙන් තමයි ඉදිරි ව්‍යාපෘති සැළසුම් කරන්නේ.. " අපි අරක කරනවද . මේක කරනවද . ඒක කළොත් කීයක් එනවද . මේක කළොත් කීයක් එනවද . දෙකම කරනනවද . එකයිද කරන්නේ. ඒකද හොඳ . මේකද හොඳ .ආයතනය සතු ශක්තිය කොච්චරද . තව තව ව්‍යාප්ත කරනවද . " වගේ සිය දාහක් දේවල් කල්පනා කරනවා..

                   ඒ සියලු දේවල් සඳහා නිදහස ලබා ගන්නේ ඉහත මම කියපු මූල්‍ය ස්ථාවරය එක්ක ..මූල්‍ය ස්ථාවරය නැති ආයතන වලට නම් ඉහත මම කියපු සෙල්ලම් කරන්න බැහැ බිලියන ගණනක මුදල් එක්ක...

                     බිලියන්ස් වලින් සෙල්ලම් කරන්න පුළුවන් දැනට ලංකාවේ 40 කට වගේ පිරිසකට විතරයි... ඒ 40 දෙනා කව්ද කියලා නම් ප්‍රසිද්දියේ අහන්න එපා මගේ දෙයියෝ ... ( ඒකට තමයි මම මේල් ඇඩ්රස් එක සහ ස්කයිප් ගිණුම දීලා තියෙන්නේ )

      NOTE :49% වඩා ආයතනය දියාරු කරගත් අයට නම් මම මේ කියපු දේවල් කරන්න බැහැ. අන්න ඒකයි මම කිව්වේ අධ්‍යක්‍ෂක සහ ප්‍රධාන විධායක හෝ සමූහ ප්‍රධාන විධායක විතරයි ඉන්න ඕනේ ආයතනයක පාලනයට. එතනින් එහා කිසිම ජගතෙක් ඉන්න බැහැ ....



      Delete
  36. එකඟයි pra jay , politically correct සහ කාන්තා සම අයිතිවාසිකම් උල්ලංඝනය වීම වැළැක්වීම සඳහා මමද ඇයට හරකි , වැස්සි , යස්සනී හෝ ඊරි යන ආමන්ත්‍රණ යොදා ගැනීම වඩා උචිත යැයි යෝජනා කරනවා.

    ඔව් මට තේරෙනවා සහන්. ඔය බුවල්ලා කියා කියන්නේ sector diversification නේ. මේ වගේ ආයතනයකට මම දන්න හොඳම උදාහරණ තමා GE , Berkshire Hathaway. ( ලංකාවේ ආයතන දැම්මේ නැහැ )

    නමුත් එහෙම diversify කරන්නේ නැතිව බබලන ආයතනත් තියෙනවා නේද ? උදා : coca cola , Microsoft.

    ReplyDelete
    Replies
    1.                  අනිවාර්යයෙන්ම මහසෝනා ... පිටස්තර  පුද්ගලයෙක්ට  කොයිම විදිහකින් වත් එම ආයතන වලට  බල කරන්න බැහැ " ඔබ ආයතනය අනිවාර්යයෙන්ම sector diversification කරන්න" කියලා

                      එසේම  sector diversification  කරේ නැහැ කියලා ඔවුන් දුර්වල ආයතන කියලා කියන්නත් බැහැ අපිට. හැබැයි ඔවුන් සතු අවදානම සාපෙක්ෂව ඉහළයි.

      පොඩි අමතර දෙයක් කියන්නම් ..

      i. රටක මහ බැංකු අධිපතිවරයාට පුළුවන් යෝජනාවක් කරන්න " ඔබ ආයතනය සුදුසු ආර්ථික ප්‍රතිපත්තියක් දැන් වත් අනුගමනය කරන්න. නැතිනම් ඔබ ආයතන යම් අභියෝග වලට මූණ දෙන්න පුළුවන්. එය රටේ සමස්ත මූල්‍ය පද්ධතියට බලපාන්නත් පුළුවන් "කියල .. එසේ කරන්නේ එම ආයතන රැක ගැනීමේ පරමාර්ථයෙන් පමණයි. කොකා කෝලා සහ MS කියන්නේ ඇමෙරිකානු ආර්ථිකයට හොඳම හොඳ හයියක්... එවැනි ආයතන කවමදාවත් විනාශ වෙන්න දෙන්නේ නැහැ රජය විසින්. ( SL ගැන කතා නොකර ඉමු )

      ii. මූල්‍ය ආයතන වලට නම් කෙළින්ම නියෝග පනවන්න පුළුවන් මහ බැංකු අධිපතිවරයාට .. " ඔබ මෙසේ කළ යුතුයි " මහ බැංකු අධිපතිට පිටින් යන්න බැහැ කාටවත් ... !

      Delete
    2. ii. මූල්‍ය ආයතන වලට නම් කෙළින්ම නියෝග පනවන්න පුළුවන් මහ බැංකු අධිපතිවරයාට .. " ඔබ මෙසේ කළ යුතුයි " මහ බැංකු අධිපතිට පිටින් යන්න බැහැ කාටවත් ... !


      එහෙම නොවන අවස්ථා ඕන තරම් තියෙනව සහන්...

      අදටත් ඔය නියෝග අමු අමුවේ කඩනව බොහෝ බංකු හා මුල්‍ය ආයතන.

      Delete
    3. ( SL ගැන කතා නොකර ඉමු )

      ඔන්න ඕකයි ගැටලුව නිශ් .... රාජ්‍ය නිලධාරීන්ව විනාෂම කරලා ඇතැම් රටවල...

      ( SL ගැන කතා නොකර ඉමු )

      Delete
  37. තාක්ෂණික කරුණු සහ විෂයානුබද්ධ න්‍යායන් පදනම් කරගනිමින් මේ ගෙන යන සංවාද සහ විවාද, තර්ක විතර්ක අපේ ඥාන පරාසය පුළුල් කරනවා. කමෙන්ට්ස් කියවීමෙන් අනිවාර්යයෙන්ම අපේ අවබෝධය පුළුල් වනබව කිවයුතුමයි. සැහැල්ලුව බ්ලොග් අඩවියෙත් මේ ගැන විවාදාත්මක අදහස් සහිත ලිපියක් අද පලවී තිබෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි විචාරක..ඉන්න මම බලන්නම්.. මන් හිතන්නේ කිතුලට ගිය ළමයගේ ලතාවේ 2 වෙන්න ඕනේ ...:P

      Delete
  38. @සහන්,&මම ඇතුළු All ......බිත්තියකට හරි කෙළින් ඇණයක් ගහ ගන්න බැරි මම වගේ එකෙක් උඹ ඇතුළු කියවන පාඨකයින්ට මේ වගේ ඇණ කමෙන්ට්ස් දාන එක වැරදියි. නමුත් මේ පෙන්නන්නේ කෙනෙකුට වඩා තව කෙනෙක් දන්නව කියන එකම හැර වෙන මොකක්ද? සහන් දන්න දේවල් ඇති....අනිත් අය දන්න දේවල් තවත් ඇති....මගේ ගාවත් තව කවුරුත් නොදන්න දේවල් ඇති. මම කිසිම කෙනෙක්ගේ දැනුමට නිග්‍රහ කරන්නේ නැහැ.....මම හැම තිස්සේම කියනවා වගේ මම මම වෙන්න. සාකච්ඡා සහ සංවාද ඕනේ.....නමුත් උඹලා බොහෝමයක් අයගේ වචනත් ආයුධ වගේ...ආයුධ තියෙන්නේ ෆීල්ඩ් එකට මිසක් බ්ලොග්වල ගහ මරා ගන්න නෙමේ.

    ආයුධ භයානකය!!!!!!! නපුරු වචන ඊටත් වඩා භයානකය!!!!!!!!!!!!

    @ All අපි යථාර්ථවාදී වෙමු.!!!!!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. Nice comment Aru! It shows your maturity through real life experiences!!

      -A silent reader of the Sinhala blog sphere since 2009 May

      Delete
    2. @ අරූ

      ඔබ දැක්කද මේ බ්ලොග් අවකාශයේ සිටින දෙබිඩි චරිත...? ප්‍රභාකරන්ට එක විදිහක් ... ෆොටෝ එහෙක තමන්ගේ නම දාලා පෝස්ට් දාපු කෙනෙකුට තව විදිහක් ...?

      මම ඉතින් අන්න ඒ වගේ අයට නම් බරපතල උත්තර දෙනවා... බොරුවට නිදන් ඉන්න අයව ඇහැරවන්න ඇහැට අනින්නම එපැයි අරූ... මම ලඟදි දන්නේ " කිතුලට ගිය එකාගේ 2 " වගේ අයත් බ්ලොග් අවකාශයේ ඉන්න බව.. මට නම් හිනා...

      කිසිම අහිතක් හිතන්න එපා අරූ... දෙයක් ගැන නිහතමානීව අහන අයට මම ගරු කරනවා.. නිකන් එහෙන් මෙහෙන් කැල් වලින් ගණන් පෙන්නන්න එන , මේ පෙනී පෙනී ඇත්ත තියෙද්දී ඒක නැහැ කියන , වචන වල කොන් අල්ලන් බොරුවට නටන අයට අපි මොකද කරන්නේ ...?

      ඔබේ කමෙන්ටුව ඉතා අගය කරමි....

      Delete
    3. අරූ අයියා
      එකෙන්ම ඈ !!!

      Delete
  39. බ්ලොග්වල ගහ මරා ගන්න එක entertaining to the readers නේද? But, wit, irony and sarcasm are preferable to outright rudeness and abuse.

    ReplyDelete
  40. පොඩ්ඩක් බිසි උනා පහුගිය ටිකේ බොස්.
    මං නැති වලි කොහෙද මේකෙ ..

    බුවා මචං මං ආවෝ !!!

    ReplyDelete
  41. මේ විෂය ගැන මෙලෝ සසරක් නොදනිමි..දන්නා එකෙකු මා නිවසක් ගොඩනගනා කල මට පිහිට වෙත්වා...නැතිනම් අමාරුවෙන් ඉපයූ මුදල් අපතේය...

    ReplyDelete
    Replies
    1. මේක නම් බොක්කෙන්ම දාපු කමෙන්ට් එකක් ..... :D

      Delete
  42. හරිම බොලද සටහනක්.. මේ සබ්ජෙක්ට් එක පැත්ත පලාතෙ නොගිය අයට නම් මේවා මැජික්.. ඒ වගේම ප්ෙරාකියුමන්ට් මැනේජ්මන්ට් තියෙන තැනකට පය තියාපු නැති අලයෙක්ට හොදයි මේ වැල් බයිලා..

    ReplyDelete
    Replies
    1. අල බහිනකම් ඉන්නකෝ ..කෑල්ලක් කාලම බලන්න අමිල ....

      Delete
  43. සහන්ගේ හැටි මම දන්නාවා. ඒත් සහන් මේ පොස්ට් එක ආවේගශීලී, ඒ වගේම උපහාසාත්මක එකක්. නමුත් ඉගෙන ගන්න බොහෝ දේ තියෙනවා. අතරින් අපට සීතල යුද්ධ ගණනාවකම ලකුණු පේනවා. එදා වගේම අදත් පොස්ට් එක අමතක වෙනවා කමෙන්ට් බැලුවම. මම මේ පොස්ට් එක දැක්කේ Exponential Growth ගැන ලියවුනු එකක් විදියට. අර කොටස් විකිනිල්ලෙදී 1% කොටස් ගන්නේ නෑ මම නම් කිව්වට, සැබෑ ලෝකයේදී කොටස් ගන්නේ එතන ලාභයම ලබන්න නෙවෙයිනේ. ඒවා වෙළඳපොලේ විකුණලා වෙන ඒවා අරගෙන වෙනම ගාණක් හොයන්න නේ. අපි හිතද්දී මෙතන තියෙන ඉලක්කම එක්කම ගැටෙන්නේ නැතිව, ප්‍රායෝගික ලෝකේ ගැන පොඩ්ඩක් හිතලා බලනවා නම් හොඳයි.

    ReplyDelete
    Replies
    1. @ සුදීක

      01. ඇතිව ඇති ගැටළු කාරී තත්වය ගැන

      මෙතන වෙලා තියෙන දේ පේනවනේ.. බොළඳ ප්‍රශ්න අසමින් පෝස්ටුව වෙන පැත්තකට ගෙනියන්න හදපු ඇනෝ වෙසින් ආව බුවාට මම ඔහුට ගැළපෙන විදිහටම උත්තර දුන්නා...

      02. පෝස්ටුව ගැන

      කොටස් වෙළඳපලට ඒම ගැන වෙනම කතා කරන්න ඕනේ දෙයක් සුදීක..එතරම් සංකීර්ණයි.. වටපිටාව පැහැදිළි කරන්නම පෝස්ට් 3 ක් විතර ඕනේ.. කොටස් කිරීමට අවශ්‍ය වන්නේ ඇයි , කොටස් වීමෙන් පසු තත්ත්ව , කොටස් වීමෙන් පසු 2 වෙනි තත්වය ..

      ඔය ගැන මම වෙනම ලියන්නම් ඉඩක් ආවොත්... ස්තූතියි සියල්ල කියවීම ගැන.. මෙතන බොහෝ දේ තියෙනවා විශය ගැන .........

      Delete
  44. Dear Sahan,
    I’m in no position age wise nor social/academic experience wise to guide you on this. But I m certain that the sincere and honest person we all know you as will no doubt be wholeheartedly open to a suggestions put forward by even a stranger like me.

    To put it straight … the most important thing for a person is his ego. The best way to offend or put down a person is to attack or humiliate his ego. No one like being called a donkey or a cow. Its no excuse for a cultured person like you to put the blame on hot temper and people’s inability to grasp complex ideologies even though how true and exact they are and then call people names. Grown up men take responsibility of their actions with out passing the blame to their temper.

    Discussions or a debate on a topic is healthy as long as they don’t get personal. When in a heated debate most of us tend to get excited and personally get attached with the side we are in. Then rather than being a fruitful discussion, it becomes a win/loose fight that our ego depends on. But great men never loose control over their topic of discussion and never take criticism personally.

    As Warren Buffet puts it: Praise by name, criticise by category.
    As Dale Carnegie puts it : “Any fool can criticize, condemn and complain - and most fools do. But it takes character and self control to be understanding and forgiving.”

    But never forget that the best way to have an argument is to not have one at all.

    Abraham Lincoln was a very intelligent and hot-headed person.. Just like you. But early in his life he learned a valuable lesson on controlling his anger with people. The letters he wrote when in anger and despair he never mailed and the letters eventually sent out were filled with sincere appraisals and diplomacy. We all agree to his greatness till date. Don’t we?

    Loosing friends over a technical argument is the most unwise thing a man can do. Even if we shove our point of view in to our challenger it wont make any sense if he is not our friend anymore. Does it?

    Have you herd of this one Sahan ?
    A person convinced with out his will, is of the same opinion still....

    ReplyDelete
    Replies
    1. බුවා මචං
      දැක්ක කල් මා !! :-):-)

      Delete
    2. @ මහසෝනා

      ඔබ මගෙන් ප්‍රශ්න කීපයක් අහලා තිබුණා..මම ඒවට එකින් එක උත්තර දුන්නා.. ඒ කතාව ඉවරයි...

      ඊට පස්සේ Warren Buffet ගැන ඔබ දෙයක් කිව්වා ... මටත් තියෙනවා ඔහු ගැන ඔබට දෙයක් කියන්න..එය එළිපිට කියන්න බැහැ.. ඒ බවයි මා කීවේ..නැතුව ඔබට අපහාසයක් උපහාසයක් කළා නෙවේ. Warren Buffet යනු ඔබ දකිනා කෙනා නෙවේ...!

      මෙයට අමතරව ඇතිව ඇති තත්වය ගැන මා පැහැදිළි කර අවසන්.. නැවත ඒ ගැන මගෙන් පැහැදිළි කිරීමක් ලැබෙන්නේ නැහැ...

      @ බුවා

      මම ඔබට කිව්වා උනු දේ අමතක කරන්න.. ඒත් ඔබ එයට ප්‍රතිචාර දක්වා නැහැ.. කිසිම යහපත් ප්‍රතිචාරයක් දක්වා නැහැ.. මටත් එහෙම මිනිස්සු වැඩක් නැහැ...අන්න ඒක මතක තියාගන්න ... ජෝන් ජුවන් දෙකක් බැහැ ...

      Delete
    3. ඇනෝ ලෙස මා මෙහි පැමිනියේ නැත
      ///මම ඔබට කිව්වා උනු දේ අමතක කරන්න.. ඒත් ඔබ එයට ප්‍රතිචාර දක්වා නැහැ.. කිසිම යහපත් ප්‍රතිචාරයක් දක්වා නැහැ.. මටත් එහෙම මිනිස්සු වැඩක් නැහැ...අන්න ඒක මතක තියාගන්න ... ජෝන් ජුවන් දෙකක් බැහැ ...///
      අනිවා අමතක කරමු
      සංවාදය වැදගත් බව මගේ අදහසයි

      Delete
    4. \\\\\\\\\\\සංවාදය වැදගත් බව මගේ අදහසයි\\\\\\\\\

      සන්වාදයක් මගින් ගැටළුවක් නිරාකරණ කරගැනීම් වෙනයි ... සංවාදය මගින් වාදයට පැමිණීම එකක් බුවා...මම වෙනස අඳුනනවා ...

      Delete
  45. Great Explanation!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!Well Done Mr. Mahasohon

    ReplyDelete
  46. ඔය ඉරිසියාව සහ ක්‍රෝධය තියෙන තුරු ඔබට ජීවිතයේ සැබෑ සතුට ලැබෙන්නේ නැත.

    ඔබේ අවලාදවලින් මට කිසිදු අවැඩක් නොවේ. සිදුවන එකම දෙය ඔබේ මනසේ රොගී තත්වය තවත් වැඩිවීමයි.

    දැන්වත් සිත පිරිසුදු කරගන්න. මෛත්‍රී බාවනාව පුරුදු වෙන්න.

    ReplyDelete
    Replies
    1. මේක කියවන්න.. ඔබට ප්‍රයෝජනවත් විය හැකිය ..... පන්සල් යන්න ...නිතිපතා පන්සිල් රකින්න ..

      ඒහි භික්ෂු භාවයට පත් කරන්නේ ඇයි ? කල නොහැකි අවස්ථාවන් .

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
    3. \\\\\\\ඔය ඉරිසියාව සහ ක්‍රෝධය තියෙන තුරු ඔබට ජීවිතයේ සැබෑ සතුට ලැබෙන්නේ නැත.

      ඔබේ අවලාදවලින් මට කිසිදු අවැඩක් නොවේ. සිදුවන එකම දෙය ඔබේ මනසේ රොගී තත්වය තවත් වැඩිවීමයි.

      දැන්වත් සිත පිරිසුදු කරගන්න. මෛත්‍රී බාවනාව පුරුදු වෙන්න.\\\\\\

      :D

      Delete
  47. සහන් ඊයේ මට මේල් එකක් දාලා උඹ නේද ඇනෝ කොමෙන්ට් දාන්නේ පිලිගනින් නැති නම් අයිපී එඩ්‍රස් එකත් එක්ක එලිකරනවා කිව්වට පස්සේ තමයි මාස ගානකින් මේ බ්ලොග් එක පැත්තේ ආවේ.

    මේ මාස ගානට බැලුවේ වෙනී අයියගේ දූෂන පෝස්ට් එක ඉතරයි ඒකත් සපා කිව්ව නිසා.

    මේ පොස්ට් එක ගැන කියන්න තියෙන්න QS කෙනෙක් උනත් මට නම් සහන් කියන්න හදපු මෙලෝ දෙයක් තේරුනේ නෑ.

    බිල්ඩින්ග් වලට එස්ටිමේට් කරන ක්‍රම සෑහෙන ප්‍රමානයක් තියෙනවා.

    සුලු හෝ මහා පරිමාන එක එක වර්ග වල ව්‍යාපෘති වලට පෙර / දළ ඇස්තමේන්තු හෝ ආසන්න වටිනාකම ලබා දෙන ඉන්ජිනියර් ඇස්තමේන්තු කරන්න වෙනස් වෙනස් වර්ග වල ක්‍රම යොදා ගන්නවා.

    ලක්ෂරි එපාර්ට්මන්ට් එකක් නම් හදලා විකුනද්දී Life Cycle Costing එකකුත් කරලා තමයි ගොඩනැගිල්ලේ වටිනාකම ගනන් බලන්නේ එතන්දී ගොඩනැගිල්ල පවත්වාගෙන යෑමේ වියදම් වගේම ඒකේ ලයිෆ් ටයිම් එක අවසානයේ කඩලා අයින් කරන්න යන වියදමත් ගනන් බලනවා.

    ගොඩනැගිල්ල පාරිභෝගිකයාට විකුනද්දී මුලින් ඉඩම බලන්න ගිය සර්වේයර්ගේ ටැක්සි වියදමේ ඉඳන් පත්තරේ ඇඩ් එකක් දාන්න උනත් ගිය ගාන රිපෝස්ට්ස් වල ප්‍රින්ට් අවුට්ස් වලට ගිය ගාන වගේ අන්තිම සතේ උනත් ගනන් හදලා තමයි ව්‍යාපාරිකයාගේ ලාභාංශය එකතු කරනවා ඇත්තේ . .

    එස්ටිමේටින් කියන විෂය මේ වගේ එක පොස්ට් එකකින් උගන්වන්න පුලුවන් විශයක් නෙමේ මම දන්න තරමින්.

    මේ පෝස්ට් එකෙන් සහන් මොනවා කියන්න හැදුවද දන්නේ නෑ . .

    කොමෙන්ට්ස් බැලුවට පස්සේ කියනන් හිතුනේ ගෙවල් හදන අය මේ වගේ බ්ලොග් පෝස්ට් බලලා තීරණ ගන්න එපා ඒ ඒ විෂයට අදාල අයගේ සේවය ලබා ගන්න. නැතිනම් ඉතින් සොරි ඩොට් කොම් තමා :D

    ReplyDelete
    Replies
    1. අනේ බබා ..මම පව් කියලා ඒ කමෙන්ට් දෙක අයින් කරා... ලස්සනට සුබාෂ් ගුණවර්ධන මහත්තයගේ නිරුවත මම දැක්කා ඇනෝ ඇවිත් කරපු ... වැරදි කරලා තව සුදනෝ වෙන්නත් එනවනේ ....

      \\\\\\\\මේ පොස්ට් එක ගැන කියන්න තියෙන්න QS කෙනෙක් උනත් මට නම් සහන් කියන්න හදපු මෙලෝ දෙයක් තේරුනේ නෑ.
      ගොඩනැගිල්ල පාරිභෝගිකයාට විකුනද්දී මුලින් ඉඩම බලන්න ගිය සර්වේයර්ගේ ටැක්සි වියදමේ ඉඳන් පත්තරේ ඇඩ් එකක් දාන්න උනත් ගිය ගාන රිපෝස්ට්ස් වල ප්‍රින්ට් අවුට්ස් වලට ගිය ගාන වගේ අන්තිම සතේ උනත් ගනන් හදලා තමයි ව්‍යාපාරිකයාගේ ලාභාංශය එකතු කරනවා ඇත්තේ . . \\\\

      අන්න හරි ... දැන් වත් තේරුනාද මේවා QS කරන අයට සත පහක් වත් තේරෙන්නේ නැහැ කියලා... මහත්තයෝ මේ කතා කරන්නේ QS නෙවේ..මේ කතා කරන්නේ ඩිරෙක්ටර බෝර්ඩ් එකේ හැදෙන ගණන් ගැන...

      කී පාරක් කිව්වද සුළු සේවකයෝ නොදන්නා දේවල් දන්නේ ඩිරෙක්ටර සහ ඉහළම නිලධාරීන් විතරයි කියලා ..... ? QS කෙනෙක්ගෙන්ම ඔය ටික කියවුන එක ලොකු දෙයක් ...
      _____________________________________

      ######අධ්‍යක්‍ෂක , කොටස් හිමියන් සහ ප්‍රධාන විධායකවරයා එකතුව ව්‍යාපෘතිය ගැන අවසාන කථිකාවට ආවට පස්සේ තීරණය කරනවා සමාගම සතු විවිධ අංශ වලට වැඩ පවරන්න. සුළු නිලධාරීන් හට දැනුම් දිය යුත්තේ මොනවාද , දැනුම් නොදිය යුත්තේ මොනවාද , සැඟවිය විය යුත්තේ මොනවාද යන්න තීරණය කරන්නේ සමාගම් අධ්‍යක්‍ෂක ඇතුළු ඉහළම නිලධාරීන් විතරයි.######

      සුභාෂ් ගුණවර්ධන වැනි QS මහත්තුරු හිතන් ඉන්නේ ගෙවල් ටික හැදුවම හරි කියලා... ඊට කළින් වෙන්න ඕනේ ඒවයි , ගෙවල් හැදුවට පස්සේ කරන්න ඕනේ දේවලුයි , නීතිමය ගැටලුයි , අනාගත ණය පියවීම් වැනි දේවල් QS දන්නේ නැහැ... ලොකු දෙයක් ඔයාම ඒක පෙන්නුම් කරපු එක...

      මටත් අන්තිම වශයෙන් කියන්න තියෙන්නේ QS ලා එක්ක එකතු වෙලා බිස්නස් ප්‍රොජෙක්ට් නම් කරන්න යන්න එපා .... එයාලා දන්නේ ගෙයක් හදන්න යන වියදම හදාගන්න විතරයි ... ප්‍රොජෙක්ට් එකක් සැලසුම් කරන්න බැහැ :D
      මතක ඇතුව ඊළඟ පෝස්ට් එකට එන්න ඩිරෙක්ටර ලෙවල් වැඩ ටිකක් ගැන කියලා දෙන්නම් ....
      අහ්හ්හ් තව දෙයක් ...ගල් ගහන්නත් දන්නවා... අනේ සුබාෂ් මහත්තයෝ ඔයා ගැන මම හොඳටම දන්නවා ඩුබායි අබු ඩාබි සිට කරන දේවල් ... :D

      Delete
    2. \\\\\\\\\\\\\සුලු හෝ මහා පරිමාන එක එක වර්ග වල ව්‍යාපෘති වලට පෙර / දළ ඇස්තමේන්තු හෝ ආසන්න වටිනාකම ලබා දෙන ඉන්ජිනියර් ඇස්තමේන්තු කරන්න වෙනස් වෙනස් වර්ග වල ක්‍රම යොදා ගන්නවා. \\\\\\\\\\\\

      අහ්හ්හ්හ් මේ තියෙන්නේ ... මෙහෙම එකක් ගැන ඇහිලා හරි තිබුණ එකම මදැයි....

      Delete
  48. සිංහලෙන් කිව්වට තේරෙන්නේ නැතිනම් වෙන කරන්න දෙයක් නෑ සහන්, මම ඇනෝ දාන්නේ නෑ කැමති නම් පිලිගන්න නැතිනම් ඔයාගේ බ්ලොග් එකේ ඔයා කැමති විදිහට ආතල් ගන්න . . . මයි කා මයි පෙට්‍රෝල්නේ . . හිකිස්

    ReplyDelete
    Replies
    1. නැහැ ඔයා දැම්මා අනේ ... :)

      \\\\\\\සිංහලෙන් කිව්වට තේරෙන්නේ නැතිනම් වෙන කරන්න දෙයක් නෑ\\\\\\\

      ඇත්තටම දුකා මේ සියලු ප්‍රශ්න වලට මුල ඕකයි... යම් කිසි කෙනෙක් දෙයක් කිව්වම පිළිනොගෙන ; ඒ පිළිබඳවද වාදයට යෑම නිසා තමයි මේ සියලු අවුල් වලට මුල.

      ( මේ ටික කිව්වේ ඇනෝ කමෙන්ට් ගැන නෙවේ.. )

      Delete

ඔබ කමෙන්ටුවක් දමයි නම් කරුණාකර මෙහි කමෙන්ටු E mail subscribe කරන්න .. නැතිනම් පිළිතුරු මග හැරී යනු ඇත ...

කමෙන්ට් යනු ඔබගේ අදහස් ප්‍රකශ කිරීමට සලසා ඇති ඉඩයි. සිතුවිලි ලියා තැබුණු විට අන් අයටද ප්‍රයෝජනයක් විය හැක !

http44444444://1.bp.blogspot.com/-F0lMkO9hSe8/UjM37DArTZI/AAAAAAAAAwo/wtP9O0K_6UE/s1600/543431_208554675978924_1215099537_n.jpg15099537_n.jpg

සහයෝගය දක්වන වෙබ් එකමුතු ...

මාතලන්ගේ සින්ඩිය...api apita Blog Readerlankeeya sithuwililankeeya sithuwili lankeeya sithuwili