දැන්වීම් පුවරුව . ( පින්තූර මතට මවුස් පොයින්ටරය රැගෙන යන්න )

දැනට වසර දෙකක පමණ සිට සෑම සතියකටම වරක් ලිපියක් හෝ දෙකක් පළ කළෙමි. සිත් ගත් ලිපියක් වේ නම් හිතමිතුරන් අතරත් බෙදාගන්න.

මෙම වෙබ් අඩවිය ලෝඩ් වීමට පමා වේ නම් මෙම ලින්ක් එක භාවිතා කරන්න.

Go and get Sinhala Unicode to your Computer
Face Book Link Share.

March 19, 2013

+16 " ගෙඩිය පිටින් " යන යෙදුමේ අරුත| gediya pitin kama !





          මේක කෙටිම කෙටි කතාවක් හොදද ?ඔක්කොටම කලින් අපිට මෙන්න මේ දේවල් අවශ්‍ය වෙනවා ..hehe.




අවශ්‍ය ද්‍රව්‍ය :


කිඹුලා
හරකා
මුවා
මැක්කා ( අවශ්‍ය තරම් ප්‍රමාණයක් )
බෙලි ගෙඩිය
පළා වර්ග කීපය
ෂොපින් එක




සාදන ක්‍රමය :
explain.


            අපි හැමෝම දන්න කියන සත්තු 4 දෙනෙක් ඉන්නවා මේ කතාවේ .එතනින් සත්තු දෙන්නෙක් අහක ඉඳන් කයිට් වෙනවා
.hehe. අනික් සත්තු දෙන්නගේ ගති ලක්ෂණ තේරුම් ගන්න උදාහරණ ගැනීමේදී .ඒ ගති ලක්ෂණ තේරුම් ගත්තට පස්සේ අපි කරන්නේ උපකල්පනයක් .. " අරයා මෙහෙම නම් මෙයා කොහොම වේවිද " වර්ගයේ .. ඊට පස්සේ අපි කරන්නේ ආදේශ කිරීමක් " එයාලත් එහෙම නම් ,ඇයි අපිට බැරි " වර්ගයේ. අන්තිමටම පුංචි ලොරි ටෝක් kitta.දෙකක් විතර තියෙනවා .එච්චරයි..
දවසේ ඕනෑම වේලාවක රස විදින්න පුළුවන් හදා ගත්තට පස්සේ ..

දැන් අපි පෝස්ටුව සකසා ගනිමු ...
stir.

ඔන්න කතාව මෙහෙමයි.පහත රූපය බලන්න .

මේ තමයි මුවා.









 

දැන් දෙවන රූපය බලන්න ..




ඔය තමයි කිඹුලා ..


        දැන් අපි ප්‍රධාන මාතෘකාව දිහාට එමු ..මේ කිඹුලට එනවා බඩගින්නක්. කිඹුලා කරන්නේ මුවාව කනවා පින්වතුනි.
diablo.මේක එහෙම ලේසි පහසු කෑමක් නෙවේ.මුවාගේ මස් ටික, අං තට්ටුව , ඔලුව , ඇස් දෙක , හොම්බ , දත් ටික , දිව , කටේ තිබ්බ කෙළ ටික , බෙල්ල , උගුරු දණ්ඩ , පෙනහළු , හදවත , අග්න්‍යාශය , පිත්තාශය , වකුගඩු , බඩවැල් , මුත්‍රාශය සහ එකේ තිබ්බ චූ ටික drunk2., මහා බඩවැල සහ එකේ තිබ්බ කක්කි ටික .eee., කකුලේ කුර ටික , කුර අස්සේ තිබ්බ මඩ ටික සහ අවසාන වශයෙන් නැට්ට සහ නැට්ටේ හිටපු මැක්කෝ ටික .hehe1.



               මෙතන මැක්කෝ කිව්වම මැක්කගේ ඔලුව , ඇස් දෙක , හොම්බ , දත් ටික , දිව , කටේ තිබ්බ කෙළ ටික , බෙල්ල , උගුරු දණ්ඩ , පෙනහළු , හදවත , අග්න්‍යාශය , පිත්තාශය , වකුගඩු , බඩවැල් , මුත්‍රාශය සහ එකේ තිබ්බ චූ ටික , මහා බඩවැල සහ එකේ තිබ්බ කක්කි ටික , සහ මැක්කගේ ඇඟේ මස් ටික.
( මෙතන මම එක මැක්කෙක් ගැන විතරයි උදාහරණයට ගත්තේ .ඔක්කොම මැක්කෝ
ගැන කියන්න ගියොත් ලිපිය දීර්ඝ වෙනවා
delete. )


             යනාදී වශයෙන් මුවාගේ සියල්ලම ආහාරයට ගන්නවා මේ කිඹුලා.මස් ටික වෙනමත් අයින් කරන්න ඕනේ කක්කි ඒවා වෙනමත් කියල නැතුව ඔක්කොම කාල දානවා .
tazz.


දැන් අපි එමු දෙවන උදාහරණයට ..
පහත රූපය බලන්න



            මේ ඉන්නේ හරකා ..මෙයා කන්නේ විවධ පලතුරු ජාති සහ  කොළ ජාති .ඒ උනාට හැම කොළ ජාතියම කන්නේ නැහැ
dont. .තෝරලා බේරලා තමයි කන්නේ ..මුකුණුවැන්න , ගොටුකොල , තම්පලා , රතු තම්පල , සාරණ , නිවිති , කතුරුමුරුංග කොළ , කෝවක්කා කොළ , අඟුනකොළ , බටු කොළ මැල්ලුම shy.වගේ දේවල් තමයි කන්නේ . නිකම්ම නිකන් වල් තණකොළ ජාති කන්නේ නැහැ ..

         තේරුණාද හරකා උනත් ඔක්කොම තණකොළ ජාති කන්නේ නැහැ . තෝරලා බේරලා තමයි කන්නේ ..හරකා පළතුරු ජාතිත් කනවා කියල මම කිව්වනේ.. හිතන්න අපි බෙලි ගෙඩියක් දුන්නා කියල හරකාට .නමුත් හරකා කන්නේ නැතුව ප්‍රතික්ෂේප කරනවා
dont.. බෙලි ගෙඩිය දෙකට පලලා මදේ වෙනම දුන්නොත් විතරයි කන්නේ .. බෙලි කොච්චර ගුණ පළතුරක් උනත් ගෙඩිය පිටින් කන්නේ නැහැ හරකා ..forget_it.




දැන් උපකල්පණය කරමු කිඹුලා බෙලි කනවා කියලා ...
eyerub.

එහෙනම් එකෙම්ම මුළු බෙලි ගෙඩිය පිටින්ම කාල දානවා නේද? මුවාගේ අං
තට්ටුව , කුර , කක්කි පවා කාපු කිඹුලට බෙලි කට්ට මොකක්ද ?
laugh.




      දැන් පැහැදිළිද ගෙඩිය පිටින් කනවා කියන්නේ මොකක්ද කියල...කිසිම තෝරාගැනීමක් , ඉවත් කිරීමක් , පැහැදිළි කිරීමකින් තොරව සියල්ලම බාර ගැනීම තමයි ගෙඩිය පිටින් කනවා කියන්නේ ...
annoy.




            ඔහොම ගෙඩිය පිටින් වෙන සිද්දි වලදී සත්ව ලෝකයේ ගොඩක් සත්තු
ලිංගික එක් වීම වගේ කාරණා සම්බන්දව දරන්නේ පොදු මතයක් . අම්මා , තාත්තා , නංගි , මල්ලි , අක්කා , අයියා , බාප්පා , පුංචි etc වගේ දේවල් සලකන්නේ නැහැ .ස්ථානය , වෙලාව , කරාට අවුලක් නැද්ද වගේ කාරණා සළකන්නෙම නැහැ . කෙලිම්ම ගෙඩිය පිටින් සබ්ජෙක්ට් එකට එන්ටර් වෙනවා .
fucking.mastur.


ආදේශ කිරීම


සත්තුන්ට වඩා හිතන්න පුළුවන් මිනිස්සුත් ඇයි අනේ ගෙඩිය පිටින් සමහර ඒවා කරන්නේ ? හරකට තරම් වත් මොළයක් නැද්ද ?ආගම ධර්මය අමතකද ?
pop.

නිගමනය 

 
        ඒ නිසා හැම දේ ගැනම තෝරාබේරා ගැනීමක් කරන්න ..ආශ්‍රය කරන අය , කතා කරන්න ඕනේ දේ , නොකරන්න ඕනේ දේ , ඉන්න ඕන විදිහ , යන්න ඕනේ තැන් , කරන්න ඕනේ දේවල් etc ...
kitta.


අවවාදය
හැබැයි රජෝ වැඩිය තෝරන්නත් එපා .මදේ වත් කන්න හිතෙන්නේ නැතුව යාවි. ඔතොකොටත් පැවැත්මක් නැහැ ...!
teeth1.

ප.ලි. මේ කාලේ නම් හරක් ශොපිනුත් කනවා ..බෙලි කටුත් කනවා ඇති දැන්..
( කරුණාකර ප.ලි. කොටස මනුෂ්‍යන්ට ආදේශ නොකරන්න . ඔතොකොට ගෙඩිය
පිටින් හරකෙක්ම වෙනවා. 
roll.)



බොහෝ විට මීළඟ පෝස්ටුවෙන්  නිවසකට අවශ්‍ය මට්ටමෙන්
සරල TV ඇන්ටෙනාවක් අඩු වියදමෙන් සාදා ගන්නා ආකාරය
පැහැදිළි කරමි...!tv.


ඇන්ටෙනාව කඩා ගත්ත දේශකට වෙච්ච දේ ගැන මෙතනින්

March 13, 2013

ඈ සතුටින්ද ? | It hurts me .



හිමි නුගුණ කලත්
ඒ දුක වින්දත්
උහුලනු බැරිව මට කිව්වත්
" ආදරය කරණ කෙනාට වඩා
ආදරය දෙන කෙනා වටිනවා "
යැයි ඔබම මට කිව්වත්
දැනේ මට , නුඹ හිමි හා තුරුළු වන අන්දම ...
රිදේ මා හිත ...!

පැවසු සියල්ල බොරුවක්ද මා තුරුලේ හිඳ ?





ඒ මුළු කාලයම බොරුවක්ද ?









March 11, 2013

හතර බීරි කතාව . ( මුල්ම සටහන / originalma එක ) hathara beeri kathawa




මේ කතාව පුරාණයේ සිට ලංකාවේ ගැමි බස් වහරේ යෙදෙන කතාවක්.
fit. මට මතක විදිහට තමයි මේ දාන්නේ. කරුණාකර මෙහෙ වරදක් ඇත්නම්
නිවැරදි කරන්න..
kitta.මොකද පළාතෙන් පළාතට මේ කතාව ටිකක් වෙනස් වෙනවා .spy.මෙතන තියෙන්නේ මගේ පුංචි මට කිව්ව කතාව.. විශේෂ ස්තූතිය අපේ වෙද මහත්තයා සහ අසාර් වෙතට ,මොකද  මගේ කලින් මල්ලේ පොල් පෝස්ට් එකේදී එයාල තමයි මේක
මතක් කරේ මට...
hehe1. ඒ වගේම ඔබ දන්නා මේවත් කතාන්දර තිබේ නම්
අනාගත පරපුර වෙනුවෙන් ඒ සියල්ල අන්තර්ජාල ගත කරන්න..
( ඔබට බ්ලොගයක් ඇත්නම් එහිද , නැතිනම් වෙනත් කෙනෙකුගේ
බ්ලොගයක කමෙන්ටුවක් ලෙස හෝ )




ඔන්න එක්තරා තරුණයෙක් " දොම්පේ " නමින් හැදින්වෙන ගම සොයා
පැමිණෙනවා. මග දිගට හම්බෙන අයගෙන් පාර අහන් තමයි මෙයා යන්නේ.
.walk.

ඔහොම යද්දී බතල පාත්තියක උදලු ගගා ඉන්න ගොවි රාළ කෙනෙක් දැකල මේ
තරුණ ඉලන්දාරියා අහනවා ...



දොම්පෙට යන පාර කෝයිබදෝ
මාමේ මට කියල දෙන්නකෝ...


අර උදලු ගගා ඉන්න ගොවි රාලගේ කන් ඇහෙනවා ඩිංගක් අඩුයි.
ඉතින් හරියටම මේ ඉලන්දාරියා කියන දේ ගොවි රාළට ඇහෙන්නේ
නැහැ . එයා හිතන්නේ බතල ඉල්ලන් ආව කෙනෙක් කියල .ඒ නිසා
ඉලන්දාරියට මෙහෙම උත්තර දෙනවා ...

බතල හොඳට එරිල තියෙනවා
හාරනකම් ටිකක් ඉන්නවා ...


මේක ඇහුවම අර තරුණ පිරිමි ළමයට ටිකක් තරහ යනවා ,
මොකද ප්‍රශ්නේ ඇහුවේ වෙන දෙයක් උත්තර ලැබුණේ වෙන
දේකට ...
ayyo.ඒ පාර ඒ පිරිමි ළමයා මෙහෙම උත්තර දෙනවා..


උබේ ඉලව් බතල මට එපා..
දොම්පෙට යන පාර කියාපන් ..

එහෙම කියන ගමන් වට පිට බලනවා.ඔතොකොට දකිනවා මේ
ගොවි රාළගේ ගම මහගේ පැදුරක් විය විය ඉන්නවා ගෙයි ඉස්සරහා .
ඒ නැන්දා ලඟට ගිහින් මේ තරුණ ඉලන්දාරියා මෙහෙම අහනවා...



දොම්පෙට යන පාර කෝයිබදෝ
නැන්දේ මට කියල දෙන්නකෝ..



වැඩේ කියන්නේ මේ ගම මහගේගේත් කන් ඇහෙනවා අඩුයි.
dislike.
එයා හිතන්නේ මේ ඇවිත් ඉන්නේ පැදුරු හොයන් ආව කෙනෙක් කියල.
ඉතින් ගම මහගේ මෙහෙම උත්තර දෙනවා..



පැදුර හොදට වියලා තියෙනවා..
සායම් ටික දමල ඉවර නෑ ...


මේ උත්තරේ ලැබුණාම අර තරුණ ඉලන්දාරියට තවත් ටිකක් කේන්තියි.
bye2.
ඒ කේන්තිය පිටින්ම අර තරුණයා මෙහෙම කියනවා ඊට පස්සේ.

උබේ ඉලව් පැදුර මට එපා
දොම්පෙට යන පාර කියාපන්...
මේකත් මහ බීරි හටනයක්
උබේ ගෙදර නැද්ද වෙන කෙනෙක් ?


දැන් ඔන්න ගම මහගේටත් තේරිලා වැඩේ නුහුරට ගිහින්
තියෙන බව.
angry1.ඊට පස්සේ ගම මහගේ කරන්නේ ගේ ඇතුලේ
ඉන්න එයාලගේ දෝණි ඇන්දට අඬ ගහනවා මෙන්න
මෙහෙම ..


අනේ දුවේ මෙන්න මෙහෙ වරෙන්
මේ මිනිහට පැදුර ගැන කියන් ..


ඔන්න දැන් දෝණි ඇන්දත් එනවා ඉස්සරහට මේ කලබලේ
ඇහිලා ..වැඩේ කියන්නේ මේ දුවගේත් කන් ඇහෙනවා අඩුයි..
hehe1.
ඉතින් ඒ දුව හිතන්නේ මේ කතා කරන්නේ වෙන දේකට
කියලා ... එයා එළියට එන්නේ මෙන්න මෙහෙම අහගෙන ..
laugh.



තරුණයෙක් මට එනවාමයි කියා
කපුටා කිව්වේ ඒ තමයි ඔයා
අම්ම අප්පා දෙන්න කැමති නම්
... කසාදෙට බොහොම කැමති මන් ...shy.


මෙහෙම ආවට පස්සේ දෝණි ඩින්ගයි , අර ඉලන්දාරියයි
කරට අත දාගෙන සතුටින් විසිර යනවා ..( විසිර යනවා
කිව්වට විසිර යන්නේ නැහැ ..මෙව්වා වෙනවා එයාල දෙන්න
firstmove.)



ප.ලි. ඔබ දන්නා මෙවන් කතා ඇත්නම් නම හෝ සදහන්
කර කමෙන්ටුවක් දමන්න..ඉඩ ලද වේලාවට එකින් එක
ඒ සියල්ල අන්තර්ජාල ගත කරමු අපි ...

February 25, 2013

බෝලේ පාස් කරගත්තම ඔක්කොම හරිද ?|Dont miss the catch .

.මුල් අදියර.
      දැන් බලන්න මේ රටේ ඉස්සර ඉඳම්ම වගේ ටික ටික උනේ වැඩේ වරචස් වේගෙන එද්දී ළඟම පුද්ගලයට බෝලේ පාස් කරගන්න ට්‍රයි කරණ එක..අනේ ඒ අහිංසකයා කැච් එක මිස් කරගන්නැතුව අල්ලගත්තොත් දැවී යන්නේ පිති කරු නෙවේ , කැච් එක අල්ලගත්තු මිනිහා..

etc etc etc etc etc Sf , Shirani , NSB chairman etc eyc etc etc etc etc etc  >>>>>>>>>> (kabral ) next?
හැබැයි ඔතොකොට අපි කියන්නේ " තොප්පිය හරි නම් දාගන්න එකයි " කියල නේද ?

                 ඉතින් ඔය වගේ අනන්ත සෙල්ලන් , වචන පෙරලි අපි දානවා .පොඩි කාලේ සෙල්ලන් ගෙදර වැලි බත් උයන කාලේ ඉඳල .ඒ පුරුද්දට මන්ද ලොකු වෙද්දීත් ඒ තියරිම දාන්නේ .

                මේ දේවල් වල ප්‍රශ්නේ තියෙන්නේ රටක් විදිහට යන ගමනකදී උනත් අපි කිසිම හිරිකිතක් නැතුව මේ දේවල් අනුගමනය කිරීම.මේ දේවල් රාජ්‍ය මට්ටමට ආවේ පැහැදිලිවම 94 වගේ පස්සේ .ඊට කලින් තිබ්බ ඔලුව අත ගාල උම්මා දීල කනට ගැසීම ගැන මෙතැන ඇති. ඒ නිසා මන් 94 වගේ පස්සේ උන ටික විතරයි අද කියන්නේ..

                      කට්ටියම දන්නවනේ " ම " යන්න .අන්න ඒ පුද්ගලයා තමයි අමුවෙම්ම පිරිමි චීත්ත අඳින කලාව රජයට හඳුන්වා දුන්නේ.මොකද ප්‍රධානම තැන කාන්තා පාර්ශවයේ කෙනෙක් හිටපු නිසා වෙන්නැති ඒ කාලේ .මල් මල් චීත්ත වලට ගෑනු ආසනේ .ගෑනුන්ට ආස පිරිමිත් ඒ කාලේ චීත්ත ඇන්ඳා ඉතින් . කොහොම හරි අපේ දත් දොස්තර , මේල් , වගේ අය විටක පඩික්කම් වල කෑම බෙදා ගැනීමේ කලාවත් ( ඕන කුණු ගොඩක පුංචි රස කෑල්ලක් හොයන් රස කර කෑම ) , ගෙඹි සිස්ටම් එක ( වාසියට ඒ පැත්තට මේ පැත්තට පැනීම ) වගේ දේවල් දියුණු කරා , ඒ වගේම ඒ වගේ නින්දිත වැඩ බෞතීස්ම කරා රාජ්‍ය මට්ටමට උනත් ඒ දේවල් ගැලපෙන බවට ශාක්ෂි ඇතුව ඔප්පු කරමින්...

කොහොම හරි අපේ දිවංගත ගාමිණි මහත්තයත් ලස්සනට හොර ලිපි ලේඛන කලාව
තුලින් කඩිනම් ගසා කෑම් ක්‍රමය හඳුන්වා දීලත් තිබ්බනේ..

ඔහොම ඔහොම 2002 පහු කරා ටික ටික , 2004 ත් පහු කරා..


ඊට පස්සේ උන ඒවා කියන්නම ඕනෙද ?



කිසිම ලැජ්ජාවක් නැතුව අම්මව උනත් විකිණීම .
විකුණලා මම නෙවේ කීම ..




 


------------------------------------------------------------------------------------------


.හොඳම ටික.






හිතන්න රටක් විදිහට අපිට ඉස්සරහට යන්න පුලුවන්ද මේ විදිහට .
දැන් වෙන්නේ වැටත් නියරත් ගොයම් කන එක නෙවේද ?
දැන් අල්ලන්න ඕනේ හැම තැනම අල්ලලා ඉවරයි.ඒ කියන්නේ





වැට
නියර
වී ටික කොටන මෝල්
කුඹුරට වතුර එන වතුර පාර
පොහොර ටික
බිත්තර වී ටික
ඔය එක එක ගොජිරි බජිරි වලට ගහන තෙල් බෙහෙත්
කුඹුරේ සින්නක්කර ඔප්පුව


 
-------------------------------------------------------------------------------------------

.අන්තිම ටික.






ඔක්කොම ඉවරයි...දැන් අපිට මොකද ?

තාම දේශීය පාරම්පරික වී වර්ග එක එක තැන් වල තියෙනවා
කියල පහු ගිය ටිකේ මන් දැක්කා.මොකද කියන්නේ
එක කන්නයක් වත් වපුරමුද කේක් වලට යන්න කලින් ..?



නැත්නම් ආයෙම බෝලේ පාස් කරමුද අපේ ළඟම ඉන්න එකෙක්ට ? හැබැයි මේ පාර නම් පිටියේ සියලු දෙනාම දැවී යනවා කැච් එක ඇල්ලුවොත් !



දැන් වත් පයින් යමුද බූරුවෝ පිටේ දුවන්නැතුව ..?
ශ්‍රී ලංකාවට ගැලපෙන ආර්ථික ප්‍රතිපත්ති වලට දැන් වත් යන්න ඕනේ. අපිට හඳ අල්ලන්න යන්න බැහැ කියල දැන් වත් තේරුම් ගන්න ඕනේ.
http44444444:https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhDP_TzQ1FplRA_zxlV_C4k0m0MI2TEr3ZZnZtW8RixsNwvmsP66tFRI9cF0Z9rX7Kzlcg9P5HrKW1F4L1tgdblcG4-nKeH5MhUvYZfTjHmsTGLC77PDHuJXXVo2A1MSehtgATK-GnatG2g/s1600/543431_208554675978924_1215099537_n.jpg15099537_n.jpg

සහයෝගය දක්වන වෙබ් එකමුතු ...

මාතලන්ගේ සින්ඩිය...api apita Blog Readerlankeeya sithuwililankeeya sithuwili lankeeya sithuwili