රත්‍රන්( යනු එදා සිටම ලෝකයේ ඉහළ වටිනාකමක් ගත් ලෝහයකි. බුදු උපත වූ සමයේ පවා රත්‍රන් භාවිතය තිබු බවට සාධක ඕනෑ තරම් ඇතිය. එසේම මුදල් ලෙසින් රන් කහවණු භාවිතා වූ බවටද සාධක ඇත. සුදත්ත සිටුවරයා ජේත කුමාරයාගෙන් ජේත උද්‍යානය මිළට ගෙන ඇත්තේ මුළු මහත් උද්‍යානයම
"පාහේ" ( 100% ම නොවේ ) රන් කහවණු වලින් වැසී යන සේ ආවරණය කරමිනි. ( සුදත්ත සිටුවරයා ගැන ප.ලි. මගින් හෝ කමෙන්ට් මගින් කරුණු ටිකක් ලියන්නම්. )
රන් වලට මෙතරම් ආකර්ෂණයක් (වටිනාකමක්) හිමි වූයේ ඇයි?
අපි යමු අතීතයට. දිදුලන ගතියෙන් යුක්ත වීම රන් ලෝහයේ ස්වභාවය වේ. ස්වර්ණාභරණ නිපදවීම සඳහා මේ ගුණය හොඳින් ගැළපේ. රන් වන් පාටින් දිදුලන මාලයක් , ඔටුන්නක් , පළදින්නට අකමැති කව්ද ? මේ නිසා පුරාණයේ සිටම රන් ලෝහයට මනුෂ්‍ය ආකර්ෂණය ( ඉල්ලුම ) නොඅඩුව ලැබිණි. මිසරයේ රජ දරුවන් අතර විශාලතම සහ පැරණිතම රන් ගබඩා තිබී ඇති බවට සාධක පිරමීඩ කැණීම්වලින් සොයා ගෙන ඇත. ඒ පවුම් 100යය 200 යෙන් නොව කිලෝ ගණනිනි. ඈත අතීතයේ සිටම රන් වෙනුවෙන් ගොඩ නැගුණු ආකර්ෂණය අඩු වූවාද වැඩි වූවාද ? අපි සොයා බලමු.
රන් වෙනුවෙන් හිමි වූ ආකර්ෂණය කෙබඳුද?
අතීතයේ සිටම රන් ලෝහයේ ද්‍රව්‍යමය අගය බෙහෙවින් වැඩි වූ නිසා දුප්පතුන්ට රන් පරිහරණය කිරීමේ අවස්ථා අඩු විය.විශාල රන් ආභරණ ප්‍රමාණයකට සහ රන් කහවනු/පවුම්/කාසි ප්‍රමාණයකට හිමි කම් දැරීමට හැකි වූයේ නිතැතින්ම රජවරුන් , සිටු වරුන් ,පොහොසත් වෙළෙන්දන් වැනි පිරිසකටය. ඔවුන් තම භාණ්ඩ අලෙවි කිරීමේදී රනින් සෑදු කාසි හෝ රන් කැබලි වටිනාකම වෙනුවෙන් හුවමාරු කරගෙන ඇත. සේද මාවත සම්බන්ධ වෙළඳ පුරාවෘත කියවීමීදී භාණ්ඩ වෙනුවෙන් රන් කාසි හුවමාරු වූ සැටි ගැන අවබොධයක් ඔබට ලැබිය හැක.
" ගවයන් 10 දෙනෙකුගේ මිළ මෙපමණ වේ " යයි ඒ කොතැනවත් ස්ථීරව සඳහන් කර නැත. අද තිබු මිළට වඩා වෙනස් මිළක් ඊයේ තිබී ඇත. අදට වඩා වෙනස් මිළක් හෙට තිබෙනු ඇත. ක්‍රි.ව. 1100 පමණ වන විට බ්‍රිතාන්‍ය තුළදී විධිමත් ආකාරයෙන් කාසි නිපදවා ඇත.( මෙයට මීටත් වඩා ඉතිහාසයක් ඇති වුවත් නිශ්චිතවම ලේඛන ගතව ඇති තැනකින් ආරම්භය ගනිමු. ක්‍රි.පූර්ව කාලයේ සිට නොයෙක් කාසි හුවමාරු වෙලා තියෙනවා. ) ක්‍රි. පූර්ව යුගයන් වලදී
"භාණ්ඩ-භාණ්ඩ" හුවමාරුව , "භාණ්ඩ-මුදල්" හුවමාරුව ගැන වෙන දවසක කතා කරමු...!
වසර දෙසීයක සිට ලෝකයේ රන් මිළ සංශෝධනය වූ හැටි. ( වැඩි වූ හැටි )
මෙහි මිළ දක්වා ඇත්තේ රත්‍රන් අවුන්සයක් සඳහායි. අවුසයක් යනු ග්‍රෑම් කොපමණද යන්න ගැන වැටහීමක් ලබා ගැනුමට මෙය බලන්න. ඖෂධ ,රසායන ද්‍රව්‍ය , රන් වැනි දේ මැනීමේදී එකිනෙකට වෙනස් අවුන්ස ලෝකය පුරා භාවිත කරන බව සළකන්න. මෙම සටහනේ ඇති රන් මිළ දක්වා ඇත්තේ International troy ounce වළින් පමණි ! ( A kilogram bullion bar contains 32.15074657 troy ounces. )
______________
1800 සිට අද දක්වා රත්‍රන් මිළ අඩු වැඩි වූ ආකාරය බලන්න .
1791 19.39 US$
1800 19.39 US$
1810 19.39 US$
1820 19.39 US$
1830 19.39 US$
1840 20.67 US$
1850 20.67 US$
1860 20.67 US$
1870 27.49 US$
1880 20.67 US$
1890 20.67 US$
1900 20.67 US$
1910 20.67 US$
1920 20.67 US$
1930 20.67 US$
1940 35.00 US$
1950 35.00 US$
1960 35.00 US$
1970 54.00 US$
1980 614.00 US$
1990 384.00 US$
2000 270.00 US$
2010 1227.00 US$
2011 1900.00 US$
2014 1200.00 US$
The End
_____________
ප.ලි.
දැන් පොඩි ගණන් මිණුම් කීපයක් හදමු. ( මේවා ඕනේ වෙන්නේ මම ලියන් යන
ආර්ථික විද්‍යා ලිපි වලට . ඒ විශයන් ගැන උනන්දු අය මේ කොටස මග හරින්න එපා )
මම මෙතන දානවා මිණුම් කීපයක්. මේවා ගැන ඉගෙන ගන්නම වෙනවා ඉස්සරහට යන්න නම්. එකිනෙක අතර ඇති වෙනස්කම් හඳුනාගන්න. මෙතන දාළා තියෙන්නේ පොඩ්ඩයි. බැංකුකරණය සහ මූල්‍ය කටයුතුවලදී අදටත් මේවා භාවිතා වෙනවා ඉතාම තදින්. ඒ ඒ රටවලින් ආ වෙළෙන්දන්ගෙන් භාණ්ඩ මිළදී ගැනීමේදී මේ ගැන හොඳ අවබෝධයකින් ඉන්න වෙලා තියෙනවා ඉස්සර . අදටත් රත්‍රන් බිස්කට් නමින් ඔබ අතර ප්‍රසිද්ද රන් කැබලි ,රත්‍රන් බාර් වල ගනුදෙනු වෙන්නේ මෙවැනි ඒකක වලින්. රත්‍රන් හොන්ඩර වලින් තැන්පත් කරන සේප්පු වල ග්‍රේන් 5 ක් අඩු උනත් විශාල පාඩුවක් විය හැකි නිසා තිතටම ගණන් හදනවා සේප්පුවට දාලා වහන්න කළින්. නැවත සේප්පු කුටියක් විවෘත වන දාට එකම ග්‍රේන් එකක් වත් අඩු වෙන්න බැහැ. වාණිජ බැංකුවක ප්‍රධාන ශාඛා සේප්පු පද්ධතිය භාර ප්‍රධානීන්ට මේ සියල්ල ගැන අවබෝධයක් තිබිය යුතුයි. එංගලන්තයේ , ස්විස් බැංකු වල එහෙම කාමර ගණන් විහිදෙන සේප්පු පද්ධතියක් තියෙන්නේ. තමා භාරයේ ඇති සේප්පු තුළ අසවල් බරින් අසවල් පරිමාවෙන් යුතු දෑ මෙපමණ ගණනක් තිබේ යැයි ඔහු දැනුවත් විය යුතුයි.
{ මීට අමතරව රහස් සේප්පු ක්‍රමයක්ද තියෙනවා ඇතැම් වාණිජ බැංකු වල . රහස් කුටි තුළ තියෙන්නේ මොනවාදැයි හෙළි කිරීමට බැංකු ප්‍රධානීන් බැඳී නැහැ උසාවියට ඇර. එවැනි කුටියක් විවෘත කිරීමට නම් හිමිකරු ( හෝ බලය පැවරූවෙක් ) පැමිණිය යුතුයි. ඔහු එන තෙක් විවෘත කරන්න බැහැ. ඔහු නාවොත් සදාකාලිකවම එම කුටියේ දොර වැසී යනවා. බැංකු හිමිකරුගේ තීරණය අවසන් තීරණය වේ ! } . ලංකාවේදී උනත් තත්වය මීට සමානයි. විශ්වාස කළ නොහැකි මට්ටමේ දේපළ ප්‍රමාණයක් මේවායේ අඩංගු වෙනවා . ඩොලර් බිලියනය ගුණ කිරීම බිලියනය වැනි ගණන් වලින් වටිනාකම් තක්සේරු වෙන්නේ. ලංකාවේදී උනත් තත්වය මීට සමානයි.
________________________________
කැරට් 24 රන් යනු 100.00% ක් රත්‍රන් ප්‍රතිශතයක් හිමි රන්. ( වාණිජමය වශයෙන් 99.98% අගය පිළිගන්නවා. කැරට් 24 රන් බිස්කට් එකක් කටින් හැපුවොත් දත් පාර හිටිනවා බිසක්ට් එකේ. ඒ තරම් මෙළෙක් පිරිසිදු රත්‍රන් . )
කැරට් 22 රන් යනු 91.60% ක්( හෝ ඊට වැඩි ) රත්‍රන් ප්‍රතිශතයක් හිමි රන්. ( මේක කටින් හපන්න බැහැ තදයි)
කැරට් 22 රන් යනු 91.60% ක්( හෝ ඊට වැඩි ) රත්‍රන් ප්‍රතිශතයක් හිමි රන්.
කැරට් 18 රන් යනු 75.00% ක් ( හෝ ඊට වැඩි )රත්‍රන් ප්‍රතිශතයක් හිමි රන්.
කැරට් 14 රන් යනු 58.50% ක්( හෝ ඊට වැඩි ) රත්‍රන් ප්‍රතිශතයක් හිමි රන්.
කැරට් 10 රන් යනු 41.70% ක් ( හෝ ඊට වැඩි )රත්‍රන් ප්‍රතිශතයක් හිමි රන්.
කැරට් 6 රන් යනු 25.00% ක් ( හෝ ඊට වැඩි ) රත්‍රන් ප්‍රතිශතයක් හිමි රන්.
=============================
ක්‍රාත් කියන්නේ මැණික් , මුතු වැනි දේවල් මනින්න ගන්න මිනුමක්. ( පුංචි පුංචි රන් කොටස් මැනීමටත් ගන්නවා. ක්‍රාත් සහ කැරට් යනු දෙකක්. සේප්පුවට දාන්න කළින් ඒ සියල්ලෙහි බර මනිනවා ක්‍රාත් වලින් )
ක්‍රාත් 1 = 200 mg
_________________________________
කිලෝග්‍රෑම් 1ක් යනු රාත්තල් 2.2046213 කි. ( බ්‍රිතාන්‍ය ක්‍රමය , ප්‍රංශ ක්‍රමය , ඕස්ට්‍රියන් ක්‍රමය, රුසියන් ක්‍රමය, එක්සත් ජනපදය තුළ භාවිතා කරන අගයන් අතර සුළු වෙනස් කම් තියෙනවා. )
__________________________________
රාත්තල් 1 ක් යනු කිලෝග්‍රෑම් 0.45359243 කි. ( බ්‍රිතාන්‍ය ක්‍රමය , ප්‍රංශ ක්‍රමය , ඕස්ට්‍රියන් ක්‍රමය, රුසියන් ක්‍රමය, එක්සත් ජනපදය තුළ භාවිතා කරන අගයන් අතර සුළු වෙනස් කම් තියෙනවා. )
____________________________________
සාමාන්‍ය බර කිරුම් මිණුම් වලදී ට්‍රෝයි ! ( පුරාණ බ්‍රිතාන්‍ය විජිතය )
ඩ්රෑම් 16 = අවුන්ස 1
අවුන්ස 16 = රාත්තල් 1
රාත්තල් 14 = ස්ටෝන් 1
ස්ටෝන් 2 = කාර්තු 1
කාර්තු 4 = හොන්ඩර 1
හොන්ඩර 20 = ටොන් 1 යි ( කිලෝ 1000 යි )
ග්‍රෑම් 1 = ග්‍රේන් 15.43
අවුන්ස 1 = ග්‍රෑම් 28.35 ( අවර්දුපුවා ! )
අවුන්ස 1 = 31.1035 ( ට්‍රෝයි ! )
රාත්තල් 56 = තුක්කු 1
තුක්කු 2 = හොන්ඩර 1
හොන්ඩර 5 = පාරම් 1
පාරම් 4 = ටොන් 1 ( කිලෝ 1000 යි )
රාත්තල් 26.25 = තුලම් 1
____________________________________
ස්වර්ණාභරණ කර්මාන්තයේදී ට්‍රෝයි !
ග්‍රේන් 24 = පැන්ස බර 1 ( මුදල් පැන්සය නොවේ )
පැන්ස බර 20 = අවුන්ස 1
අවුන්ස 12 = රාත්තල් 1
____________________________________
ස්වර්ණාභරණ කර්මාන්තයේදී අවර්දුපුවා !
ග්‍රේන් 437.5 = අවුන්ස 1
අවුන්ස 16 = රාත්තල් 1
____________________________________
සිංහල ස්වර්ණාභරණ මිනුම !
මංචාඩි 12 = පගෝදි 1
මංචාඩි 42 = රුපියල් බර 1 ( මුදල් රුපියල නොවේ )
මංචාඩි 28 = රන්පවුම් බර 1 ( මුදල් රන් පවුම නොවේ )
_________________________________
-----------------
-----------------
-----------------
_________________________________
මුදල් හුවමාරුව ( පුරාණ බ්‍රිතාන්‍ය විජිතය )
පාදීම් 4 = පැන්ස 1 ( මුදල් පැන්සය )
පැන්ස 12 = සිලිම් 1
සිලිම් 20 = පවුම් 1 ( රන් පවුම් නොවේ. මේක වෙනම පෝස්ට් එකක් තරම් දිගයි. )
සිලිම් 2 = ප්ලෝරීම් 1
සිලිම් 5 = ක්‍රවුන් 1
සිලිම් 21 = ගිනි 1
________________________________
මුදල් හුවමාරුව ( පුරාණ එක්සත් ජනපදය )
මිල් 10 =සත 1
සත 10 = ඩයිම් 1
ඩයිම් 10 = ඩොලර් 1
________________________________
මුදල් හුවමාරුව ( ප්‍රංශ )
සෙන්ටයිම් 100 = ෆ්‍රෑන්ක් 1
_______________________________
ගැනුම් ( පුරාණ බ්‍රිතාන්‍ය විජිතය )
12 හේ ගොඩක් = දුසිම් 1
20 හේ ගොඩක් = ස්කෝර් 1
දුසිම් 12 = ග්‍රොස් 1
_______________________________
දැන් පොඩි ගණන් මිණුම් කීපයක් හදමු. ( මේවා ඕනේ වෙන්නේ මම ලියන් යන
ආර්ථික විද්‍යා ලිපි වලට . ඒ විශයන් ගැන උනන්දු අය මේ කොටස මග හරින්න එපා )
01. හොඳට බලන්න ක්‍රි.ව. 1800 සිට 1900 දක්වා රන් මිළ වෙනස් වූ ප්‍රමාණය.
ඒ වසර 100 සඳහාම රන් අවුන්සයක මිළ වෙනස් වී ඇත්තේ
"ඩොලර් 1 ක්" වැනි ප්‍රමාණයකින් පමණයි. ( මෙහි සඳහන් කළ ඩොලර් 1ක මුදල ගැන විශේෂ අවධානයක් යොමු කරන්න . inflation යන මාතෘකාවෙන් පසුව කතා කරමු )
02. ක්‍රි.ව 1900 සිට 2000 දක්වා රන් මිළ වැඩිව ඇති ආකාරය බලන්න. ඒ
වසර 100 තුළදී රන් අවුන්සයක මිළ
ඩොලර් 250 ක පමණ මිළක් දක්වා වැඩිව ඇත.
03. ක්‍රි.ව 2000 සිට 2010 දක්වා
වසර 10 තුළ මිළ වැඩිව ඇති ආකාරය බලන්න.
ඩොලර් 1000 කට ආසන්න අගයකින් මිළ වැඩිව ඇත.
ඉහත 01 02 03 අවස්ථා වලදී රන් මිළ විවිධ අගයෙන් වැඩි වීමට හේතුව කුමක්ද ?
01. අඩු පරිභෝජනය හේතු වූවා වන්නට පුළුවන්. ( ක්‍රි.ව 1800 යුගයට සාපේක්ෂව රන් පරිභෝජනය 2000 යුගයේදී අතිශයින් වැඩිය. )
02. කාර්මික විප්ලවය සමග ඇති වූ සමාජ පෙරළිය සහ ආර්ථික පෙරළිය නිසා රන් පරිභෝජනය ටික ටික වැඩි වීම. ( රත්‍රන් ලෝහය යොදාගෙන නොයෙක් ආකාරයේ ව්‍යාපාර බිහි වීම. උකස් ගැනීම ඇතුළු මූල්‍යමය ව්‍යාපාර පවා ඇතුලත් කරන්න ).
03. ලෝකය තුළ ඉතා සීග්‍රයෙන් රන් වෙනුවෙන් වෙළඳපොළක් හිමි වීම. ( ක්‍රි.ව 1800 දී මගේ මිත්තණිය සතු වූවාට වඩා වැඩි රන් පවුම් ගණනක් අද මගේ දුවණියට හිමියි. ලෝකය පුරා රන් මුල් කරගත් කාර්මික/ස්වර්ණාභරණ/මූල්‍ය ක්ෂේත්‍රයන්ට අදාළව කර්මාන්ත බිහි වීම )
දැක්කද ඉල්ලුම වැඩි වෙන්න වැඩි වෙන්න මිළ ගුණෝත්තර විදිහට වැඩි වෙන හැටි. මම කළින් ලිපියේදී සඳහන් කළ විනිමය අගය සම්බ්න්ධ කළු කුහරයේ ස්වභාවය මතකද? අන්න ඒ වගේම දෙයක් මෙතන වෙන්නෙත්. මේකත් එක්තරා විදිහක කළු කුහරයක්. දැන් බලමු මෙයින් කරන්න පුළුවන් දේවල් ටිකක්. හොඳට මතක තියාගන්න මේ දේවල් ලියන්නේ මගේ ඊළඟ ලිපියට වටපිටාවක් හදන්න විතරයි.
AAA.
ක්‍රි.ව 1800 දී රත්‍රන් අවුන්ස 1000 ක් හිමිව තිබු පවුලක් ගැන සිතන්න. එහි එවකට වෙළඳපොළ වටිනාකම
1,000 X 19.39 USD = 19,390.00 USD
ක්‍රි.ව 1900 දී එම රත්‍රන් අවුන්ස 1000ට හිමි වෙළඳපොළ වටිනාකම
1,000 X 20.67 USD = 20,670.00USD
ක්‍රි.ව 1950 දී එම රත්‍රන් අවුන්ස 1000ට හිමි වෙළඳපොළ වටිනාකම
1,000 X 35 USD = 35,000.00 USD
ක්‍රි.ව 2000 දී එම රත්‍රන් අවුන්ස 1000ට හිමි වෙළඳපොළ වටිනාකම
1,000 X 270 USD = 270,000.00 USD
ක්‍රි.ව 2010 දී එම රත්‍රන් අවුන්ස 1000ට හිමි වෙළඳපොළ වටිනාකම
1,000 X 1227 USD = 1,227,000.00 USD
ක්‍රි.ව 2011 දී එම රත්‍රන් අවුන්ස 1000ට හිමි වෙළඳපොළ වටිනාකම ( ඉතිහාසයේ මෙතෙක් වැඩිම මිළ )
1,000 X 1900 USD = 1,900,000.00 USD
ක්‍රි.ව 2014 දී එම රත්‍රන් අවුන්ස 1000ට හිමි වෙළඳපොළ වටිනාකම ( 2014 ජනවාරි 2 වන දිනට මිළ )
1,000 X 1217 USD = 1,217,000.00 USD
ක්‍රි.ව. 1800 දී පෙට්ටගමක ඩොලර් 19,390.00 ක් තිබ්බා කියමු සල්ලි නෝට්ටු විදිහට . එම නෝට්ටු වල අද අගය කීයද ? අදත් ඩොලර් 19,390.00 ම තමයි ( ඒවා කාවෝ කාල තිබ්බේ නැත්නම් ). හැබැයි ඒ පෙට්ටගමේ රන් පවුම් 1000 ක් තිබ්බා නම් අද වෙළඳපොළ වටිනාකම කීයද ? 1,217,000.00 USD ! ( රුපියල් 164,295,000.00 ..... රුපියල් ලක්ෂ 1600 )
මේ විදිහට හිතලා හම්බෙන "හැම සතයකින්ම" රන් පවුම් එකතු කිරීමෙන් පළක් තියේද ?
ඇත්තෙන්ම නැහැ. එයට හේතුව තමයි,
i. ඇතැම් කාල වලදී වසර 10 ක් 15 ක් වැනි කාලයකට වුවද රන් මිළ වෙනස් වෙලා නැහැ. මිලියන ගණනක මුදලක් වැය කර නිකරුනේ ලෝහ කැබලි ටිකක් මිළදීගෙන සේප්පුවක දමාගෙන සිටීමෙන් පළක් නොවිය හැකියි. එහි ආරක්ෂාව සහ යට කළ මුදලට සාපේක්ෂව ලැබෙන ලාභයක් නොවිය හැකියි.
ii .ඇතැම් කාල වලදී මිළ සීග්‍ර ලෙස අඩු වෙලා තියෙනවා ඔබට පෙනෙන්න ඇති. රන් අවුන්සය 1900 USD ට ( විකිනු අය නොව ) මිළට ගත් අය ගැන ඔබ සිතන්නේ කුමක්ද ? වසර තුනක සිට ඔවුන් දැඩි පාඩුවක් ලබනවා. නමුත් දීර්ඝකාලීනව සැළකුවහොත් විශාල පාඩුවක් ඇති වෙන්නේ නැහැ. ඔවුන් කවදා හෝ එහි පළ නෙලාගනීවී ( රන් මිළ වැඩි වූ දිනක.එය කවදා වේවිද කියන්න කාටවත් බැහැ.)
iii.ලෝකය යුද්ධයන් පැවති කාල තුළදී රන් මිළ වෙනස් වී ඇති බවට ඉතිහාස සාධක ඇත. මීළඟ ලෝක යුද්ධය කවදා වේවිද කියන්න කිසිවෙක් දන්නේ නැහැ.
iv. ලෝක ආර්ථික කඩාවැටීම් වූ කාලයන් තුළදී රන් මිළ අඩු වෙනවා. ලෝක ආර්ථික කඩාවැටීමක් නැවත කවදා වේවිද කියන්න කාටවත් බැහැ.
v. තාක්ෂණ දියුණුව සමග නව රන් ආකාර / සංචිත සොයා ගන්න ලැබුණොත් රන් මිළ අනිවාර්යයෙන්ම අඩු වේවි.
vi. පෘතුවිය තුළ ඇති මිනිසාට ලඟා විය හැකි මට්ටමේ ඇති රන් සංචිත ප්‍රමාණය අවසන් වෙමින් යනවා නම් කුමක් වේවිද ? අනිවාර්යයෙන්ම රන් මිළ වැඩි වේවි. ( බොර තෙල් සංචිත ටිකත් තව වසර 100 කට වඩා නැහැ කියලයි ඔපෙක් සංගමය කියන්නේ )
vii. රන් මිළ ගැන කෙටි කාලීන අනාවැකි කියන්න කාටවත් බැහැ. ( දීර්ඝකාලීනව සැළකීමේදී නම් මිළ වැඩි වේවි. 2020 පමණ වෙද්දී අවුන්සය ඩොලර් 2500 ට ලඟා වේවි කියලයි දැනට ගණන් මිණුම් හදලා තියෙන්නේ.)
"වෙන දෙයක් වෙච්චාවේ සහන්" කියලා රත්තරන් ටිකක් අරන් තියාගත්තා නම් හොඳයි කියලා හිතෙනවද ?
ඔබ සතු සියලු දේපළ රන් බවට හරවන්න එපා. ඔබ සතුව කෝටි 10 ක මුදලක් ඇති නම් හොඳම ආයෝජන උපදෙස තමයි ඒවා වෙනස් වෙනස් ක්ෂේත්‍රයන් තුළ ආයෝජනය කරන්න. කෝටියක් හෝ දෙකක් බැංකුවක තැන්පත් කරන්න. ලක්ෂ 170 ක විතර රත්තරන් මිලදීගැනීමට පුළුවන්. හොඳ මැණික් ගල් ටිකක් අරන් තියාගන්න පුළුවන් ලක්ෂ 8 ක් විතර වියදම් කරලා. තදාසන්න පෙදෙසකින් හොඳ ඉඩම් කට්ටි දෙකක් තුනක් අරන් දාන්න තව ලක්ෂ 200 විතර වියදම් කරලා. තව ලක්ෂ 100 විතර යොදවලා හොඳ වගාවක් පටන් ගන්න. වගාව කියන්නෙත් හොඳම හොඳ ආයෝජනයක්. ගොඩේ වැඩ කියලා අතහරින්න එපා.
ඔබට ව්‍යපාර කිරීමට සිත් පහළ වෙලා නම් බය නැතුව ලක්ෂ 100 ක් හෝ 150 පමණ යොදවමින් ඔබේ ව්‍යාපාරයේ පළමු අදියර පටන් ගන්න.
( මෙය වෘත්තීමය උපදෙසක් නොවන බව සළකන්න. දළ අවබෝධයක් ගැනුමට පමණි. ) සාර්ථකත්වය මත එහි අනාගතය ඔබ තීරණය කරන්න. මුදල් කියන දේ නැවත නැවත ඉපයෙන්නේ පෙට්ටගම් වල හිර වෙලා තියෙද්දී නෙවේ.ඔබේ සේප්පුව තුළ ලොවට හොරෙන් ලක්ෂ 1600 ක් තිබුණ කියලා වැඩක් තියේද ඒ මුදල් එළියට එන්නේ නැත්නම් ? LTTE සංවිධානය සතුවත් රත්‍රන් පවුම් ( මෙට්‍රික් ටොන් නෙවේ හොඳද? පටල ගන්න එපා ! ) කීපයක් තිබ්බා කියලා රට්ටු කියනවා. අපි නම් දන්නේ නැහැ ඇත්ත නැත්ත!
NOTE : - මෙතෙක් කතා කළ සියලු දේවල් අයත් වෙන්නේ පුද්ගලික මට්ටමෙන් සිදු වන ආයෝජන ගැන වැටහීමක් ගැනීම සඳහා පමණි. මහා පරිමාණ මුදල් සංචිත පරිපාලනය සහ රාජ්‍ය මුදල් පරිපාලනය කියන විශයන් වලදී මීට වඩා වෙනස් ක්‍රම අනුගමනය කරනවා. ඒ මාතෘකාව තුළදී නම් රත්‍රන් වෙනුවෙන් පරිච්ඡේද සිය ගණනක් වෙන් වෙලා තියෙනවා. ඒ ඒ ආයතන/රටවල් සතු රන් සංචිත ප්‍රමණය , ආර්ථික අවපාත වලදී රත්‍රන් සංචිත යොදාගනිමින් කරන්න පුළුවන් දේවල් බොහෝ ප්‍රමාණයක් තියෙනවා ජාත්‍යන්තර මූල්‍ය කටයුතු වලදී. ඉඩක් ලැබෙන විදිහට ඒ ගැනත් කතා කරමු ඉදිරි ලිපි වලින්. නැවත කියන්න තියෙන්නේ මහා පරිමාණව ලාභය ලෙස බිලියන ගණනින් මුදල් එකතු වෙන තැන් වලදී ඒ මුදල් රත්‍රන් බවට පත් වන බවයි. බිලියන ගණනින් වෘත්තීමය විදිහට රත්‍රන් ආයෝජනය කරන හැටි ගැන ඊළඟ ලිපියෙන් කතා කරමු. ලෝකයේ රිදී මිළ , ප්ලැටිනම් මිළ , විදේශ මුදල් වල අගයන් ගැන , විනිමය අනුපාත තීරණය වීම ගැන , පෙග්ඩ් සහ හෙඩ්ජ් කිරීම වැනි දේවල් එකින් එක විස්තර කරගෙන යන ලිපි පෙළක් මේ.
අද ලිපියේ අරමුණ inflation කියන දේ ගැන කතා කරන්න වටපිටාවක් හැදීම (සුළු අවබෝධයක් දීම) පමණයි.
----------------- ක්‍රි.ව. 1800 දී තිබු ඩොලර් 1ක්ද වටින්නේ අද ඩොලර් 1ක්ද වටින්නේ ? ක්‍රි.ව. 1800 දී තිබු රන් පවුමක්ද වටින්නේ අද රන් පවුමක්ද වටින්නේ ? ක්‍රි.ව. 1800 දී ඩොලර් 1කට කරන්න පුළුවන් දේ අද ඩොලර් 1කට කරන්න පුලුවන්ද ? ක්‍රි.ව. 1800 දී ඩොලර් 1ක් උපයන්න දරපු වෙහෙස සහ අද ඩොලර් 1ක් උපයන්න දරන්න ඕනේ වෙහෙස වෙනස්ද ? සමානද ? එසේ ඉපයූ ඩොලරයෙන් කරන්න පුළුවන් දේවල් සමානද ? අසමානද ?
සල්ලි පොඩ්ඩක් ගෙනිහින් බඩු ගොඩක් ගෙන ඒමද ලේසි ?
සල්ලි ගොඩක් ගෙනිහින් බඩු පොඩ්ඩක් ගෙන ඒමද ලේසි ?
කාටද ලේසි ?
ඔබ සියලු දෙනාට සුබ නව වසරක් වේවා...! නව වසරේ සියලු ව්‍යාපාර කටයුතු සාර්ථක වේවා..!
සහන් !
අද්මිරල් ෆර්නැන්ඩස්කිගේ සියවස් කීපයක නාවික අද්දැකීම් 01
..