දැන්වීම් පුවරුව . ( පින්තූර මතට මවුස් පොයින්ටරය රැගෙන යන්න )

දැනට වසර දෙකක පමණ සිට සෑම සතියකටම වරක් ලිපියක් හෝ දෙකක් පළ කළෙමි. සිත් ගත් ලිපියක් වේ නම් හිතමිතුරන් අතරත් බෙදාගන්න.

මෙම වෙබ් අඩවිය ලෝඩ් වීමට පමා වේ නම් මෙම ලින්ක් එක භාවිතා කරන්න.

Go and get Sinhala Unicode to your Computer
Face Book Link Share.

July 3, 2012

අපේ රයිටර්ගේ සීයගේ මොළේ ...Silent Einstein..

මේකත් මේ ඉතාම සුට්ටන් ගණයේ පෝස්ට් බට්ටෙක් හරිද ..?
කාරණාව මේකයි ..ගොඩක් දෙනා මේ වෙද්දී බලල ඇතිනේ
සිතුම් පැතුම් රයිටර්ගේ මෙන්න මේ ලස්සන සිනා රසය පිරි කතාව ..



මේකේ අවසාන හරියට වෙන්න තියෙනවා මළ ගෙවල් වලට එහෙම
තහඩු හට් දෙන එක සීයා කෙනෙක් ගැන කතාවක් ..දෙබස මෙහෙමයි ..




"මරණාධාර සීයේ....මරණාධාර සීයේ..!!!"


"හිපාටුවෝ තොගේ අවමගුලත් මේ ගමන්ම ගන්න ඕනෙනම් තව පොඩ්ඩක් හයියෙන් ඔහොම කතා කරපන්..ඒක ලේසියි එක පාර දෙකක් ගන්න එක." අපිත් එක්ක ආව ඔඩියාට කනේ පාරක් ගහන ගමන් රම්බා කිව්වා.

"ආ ළමයිනේ..මගුලක්ද..කොටහළු මගුලක්ද..අවමගුලක්ද"

"මගුලක් මගුලක් සීයේ හැබැයි අවමගුලක්"

සීයාගේ කට මල පිපිලා පරවුනා වගේ වුනා

"සීයේ අපිට හට් දෙකම ගන්න ඕනෙ..කොහොමද සීයේ හට් දෙක අඳුන ගන්නේ පැටලෙන්නේ නැතුව" මම ඇහුවා.

"හෙහ් හෙහ් හෙහ්... බය වෙන්න එපා කොලුවෝ මම එකක රතු ගෑවා"

"එතකොට සීයේ අනික"

"ඒකෙත් රතු ගෑවා" සීයා හෙන ආඩම්බරෙන් කියපි.


උපුටා ගැනීම අවසන් ..හැමෝටම හිනා යන්නැතිනේ ඒ දෙබස
අවසාන උන විදිහට ..ඒ වගේම " මරණාදාර සීයා " වගේ මෝඩයෙක්
කියලත් හිතෙන්නැති ...


ඒත් දැන් මම ඔප්පු කරන්න යන්නේ ඒ සීයාගේ නිහඬ බුද්ධිය ගැන .
හිතන්න ඔබ ඒ සීයා කියල ..දැන් ඔබ යනවා භූමිදාන කටයුතු අවසන් උන
මළ ගෙදරට..


මළ ගෙදර හැමෝම හට් ගලවනවා , පුටු අස් කරනවා , ටෙන්ට් ගලවනවා
වගේ වැඩ රාජකාරි ගොඩයි ..කඩියෝ වගේ වැඩ ..







ඒත් බලන්න වට පිට ...














ඔහොම නෙවේ හොඳට බලන්න ..






















දැක්කද ...




පුටු , ටෙන්ට් , යකඩ බට , ටකරන් ,




දැන් ඉතින් 




" ළමයෝ මේකේ අනික් බටේ කෝ "

" නෑ නෑ මේක නෙවේ අනික් දිග එක "

" තව ටකරමක් අඩුයි "

" කෝ ඒක "


" යටින් තියෙන බේස් එක කෝ "

" ඕවා මාරු උනොත් පළේම රුයිතෙට යන්නේ "


" කෝ කොකු දෙක මෙතන්ට එන "




කිය කියා කිසිම කෙනෙක්ගෙන් අහන්න ඕනේ නැහැ ..

ගාණට රතු පාට ගාපු හට් දෙකේ යකඩ බට , ටකරන් , අනිත්
කළමනා ටික පැහැදිළිව පේනවා නේද ..?



කොහොමද සීයාගේ මොළේ ..?

42 comments:

  1. හොඳ වෙලාවට කොළ පාට ගෑවෙ නැත්තෙ. එහෙමනං ඉතිං හොයල හමාරයි.

    ReplyDelete
    Replies
    1. කොලපාට එක තැනක තියන්න බැරි නිසා ද..? කෑලි තැන් තැන් වල නේ. :)

      Delete
    2. මටත් තේරුණේ නැහැ කතාව ප්‍රසන්න අයියේ...

      Delete
    3. නෑ මං කිව්වෙ ඔය ගස් කොළං කොළ පාට හින්ද ඕව ගලෝල තැන් තැන් වල විසිකලාම ‍හොයාගන්න අමාරු නිසා. හරියට අර හමුදාවෙ අය කැමා කරනව වගේ.

      Delete
  2. සීයාගේ ටිකිරි මොලේ.

    ReplyDelete
    Replies
    1. ඒකනේ මටත් කල්පනා කර කර ඉද්දි තමයි මතක්
      උනේ ...

      Delete
  3. යකෝ සහන්ටත් හිතෙන දේවල්....

    ReplyDelete
    Replies
    1. මම ඔහොම දෙයක් ගැන ආයේ ආයේ හිතනවා
      නලින් අයියේ ..ඔතොකොට තමයි තේරුණේ
      සීයා තමයි මොළේ පාවිච්චි කරලා වැඩ කරලා තියෙන්නේ
      කියල ...

      Delete
  4. සහන් මේකෙන් කියන්න ට්‍රයි කරේ හට් එකට අදාල ඒවා විතරක් පැහැදිලිව අඳුන ගන්න ලැබෙනවා කියලද?
    ටිකක් විතර පැහැදලි නෑ..

    ReplyDelete
    Replies

    1. ඔව් රූ හරියට හරි...ඕනෙම තැනක , ඕනෙම හට් ගොඩක් මැද්දේ
      ඕනේ රැක දවාලක තමන්ගේ හට් එක අඳුනගන්න පුළුවන් ....

      Delete
  5. අනේ......මොලේ හොදා දාන්න ඇලේ! ;)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. සීයාගේ නෙවේ , සීයාගේ මොළේට හිනා උන
      අපෙයි දාන්න ඕනේ...

      Delete
  6. හැක් හක් හැක... සීයා තමයි සීයා..අඩේ මටවත් තේරුනේ නෑනේ සීයාගේ නිහඬ බුද්ධිය ගැන.

    "ගොඩක් ස්තුතියි මචං සහනා"...මොකටද කියල කියන්න ඕනි නෑනෙ..

    ReplyDelete
    Replies
    1. මටත් පස්සෙයි ඒ මනුස්සයාගේ බුද්ධිය ගැන තේරුම් ගියේ
      පැතුම් ..මුලින් හිනා උනාට දැන් බලද්දී අපියි අනුවණ වැඩේ
      කරලා තියෙන්නේ ...

      " ස්තූතියි මචන් පැතුමා " හැක හැක

      Delete
  7. බලාගෙන ගියාම ඒ සීයා සෑහෙන දුරදිග බලල වැඩ කරන කෙනෙක් වගේනෙ..

    ReplyDelete
    Replies
    1. ඒක තමයි චම්ස් ..මටත් වැඩේ තේරුම් ගියේ පහු වෙලා ..
      තේරුණ ගමන්ම තව දුර යන්න නොදී පෝස්ට් එක දැම්මා ...

      Delete
  8. සහන්ගේ මොලේමයි සීයටත් තියෙන්නේ.උඹලා දෙන්නා අයියයි මල්ලියිද? අනේ කපාපු පළුව වගේ.

    ReplyDelete
    Replies
    1. ඔයාට තැන්කුයි නිසානයෝ...හැක හැක

      Delete
  9. අයියෝ ඒ පෝස්ට් එක තාම කියෙව්වේ නෑ නේ. අද මම අග ඉඳන් මුලට තමා බ්ලොග් බලන්නේ.

    ReplyDelete
    Replies

    1. මෙතනිම්ම යන්න ..ප්‍රවාහනය සපයලා තියෙන්නේ
      සල්ලි සල්ලි කියල බලන්නේ නැතුව ...:P

      Delete
  10. අන්න සහන්, රයිටර් ගේ සීයට සාධාරණයක් කළා. :)

    ReplyDelete
    Replies
    1. ඒවා යුතුකම් නෙව චන්දන ...:P

      Delete
    2. එහෙනම් එහෙනම් :)

      Delete
  11. සීයා මොළකාරය

    කමෙන්ට්ස් වල අකුරු පොඩි කරපු එක හොඳයි..

    ReplyDelete
    Replies
    1. මම නම් පොඩි කරේ නැහැ සෙන්නා ..
      පොඩි වෙලා වගේ දැන් මටත් පේනවා
      පේනවා වගේ..මගේ හිතද මන්ද ..මම ඊළඟට
      දාන්න ඉන්නේ බ්ලොග් භාවිතය ගැන පෝස්ට්
      එකක් , ඊටත් පස්සේ දානවා අන්තර් බ්ලොග් සන්නිවේදන
      පහසුකම් සපයන සිස්ටම් එකක් ..

      ඊට පස්සේ සෙන්නට කුරුන්දේ ඉඳන් කෙලිම්ම මේ පැත්තේ
      වෙන ඒවා බලන්න පුළුවන් ..

      මේ තියෙන්නේ පූර්ව ප්‍රචාරක පටය ...:P
      ====================================================







      මම මේ දවස් වල සියලුම සිංහල බ්ලොග් අතර අන්තර් පණිවිඩ හුවමාරු
      ජාලයක් ගැන පරීක්ෂන කරමින් ඉන්නේ ...

      මේ තියෙන්නේ පූර්ව ප්‍රචාරක පටයෙන් උපුටා ගත් යම් යම් කොටස් ...

      =========================================================
      ඔබේ අලුත්ම පෝස්ට් URL , වෙනත් වැදගත් පණිවිඩ ගැන තොරතුරු මෙතන බෙදා ගන්න ...
      ඔබේ බ්ලොග් නික් නාමය / URL එක සඳහන් කර වරක් msg එකක් දැමු පසු නැවත රෙජිස්ටර්
      වීමක් අවශ්‍ය නැත ... සිංහල බ්ලොග් අන්තර් පණිවිඩ හුවමාරු
      ජාලය .. ඔබේ අලුත්ම පෝස්ට් URL , වෙනත්
      වැදගත් පණිවිඩ ගැන තොරතුරු මෙතන බෙදා ගන්න ... ඔබේ බ්ලොග් නික් නාමය / URL එක
      සඳහන් කර වරක් msg එකක් දැමු පසු නැවත රෙජිස්ටර් වීමක් අවශ්‍ය නැත ... මේක
      අපි හැමෝගෙම බ්ලොග් වල අප්ඩේට් වෙන්න දාගත්තොත් ඉබේම සියලු බ්ලොග් අතර අන්තර්
      පණිවිඩ හුවමාරුවක් වෙනවා ..


      ඒ කියන්නේ මම මෙහෙ ඉඳන් දාන msg එක චන්දනට එයාගේ
      බ්ලොග් එකේ ඉඳන් බලන්න පුළුවන් ..අයිලෂ් අයියා එතනට msg එකක් දැම්මොත් මට මෙහෙ
      අප්ඩේට් වෙනවා ...
      ====================================================================



      thawa wisthara thiyenawa senna..balamu hemeeta mama meka
      hadala iwara karanna..

      ඒ නිසා මම මේ ටිකේ ලොකු පෝස්ට් දාන්නේ නැහැ ..
      පුංචි පුංචි ඒවා දැම්මේ ඒකයි ...ඔය ටික ඉවර උන ගමන්ම
      මම දානවා පොඩි තාක්ෂණික පෝස්ට් දෙක තුනක් ,
      ඊට පස්සේ ඔලුව බර වෙන දෙයක් , ඊටත් පස්සේ විහිලු
      කතාවක් ...

      ඔය ඔක්කොම ටික සමගාමීව මේ දවස් වල මම හද හද ඉන්නේ සෙන්නා...

      Delete
    2. අඩේ නියමයිනෙ බන්.. උඹ රජ වැඩකාරයෙක් වගේ...බලාසිටිමි..

      Delete
    3. සහන් ඒකයි එහෙනම් මේ දවස් වල හොයනවා කිව්වේ. එල එල.. !!

      Delete
  12. රතු-----
    උණුසුම්,
    සටන් කාමීයි
    සෙක්සියි- රාගිකයි

    පුරාම රතු ගාලාද එහෙමනම් ඒක අවමගුලකට නම් ගැලපේද

    සීය මොල කාරයා එහෙම කරන්න නැතුව ඇති
    colour code එකක් වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. ඈ මා මිත්‍ර බතී ඔබ සඳහන් කරන කාරණාවෙත් ,
      තිසර සඳහන් කරණ කාරණාවෙත් කිසියම් නැවත
      සලකා බැලිය යුත්තක් ඇතැයි දැන් දැන් මටද හැඟෙ ..

      Delete
  13. මෙහෙම කතාවකුත් මම අහලා තියනවා.

    ඉස්කෝලෙ චිත්‍රයක් අඳින්න දුන්නහම ඔය 9, 10 වසරෙ ගෑනු ළමයෙක් මුළු කොලේ පුරාම රතු පාටින් චිත්‍රයක් ඇඳලා තිබ්බලු. ටීචර්ට දැක්ක ගමන් හිත කලබල වෙලා ගිහින් ස්ටාෆ් එකෙ අනිත් අයටත් මේක පෙන්නුවලු. දැන් මෙහෙම ඇහෙනවලු.

    "මේ ළමයාගෙ රාගික හැඟීම් වැඩි ඇති"

    "මේ ළමයා පොඩි කාලෙ ගොඩක් ලේ දකින්න ඇති, ඇක්සිඩන්ට් එකක් වගේ"

    "සමහර විට කා එක්ක හරි තද කේන්තියකින් ඉන්නවද දන්නෙ නෑ"

    ".........."

    ".........."

    අන්තිමේ ඊළඟ දවසේ දෙමාපියන්වයි ළමයවයි ගුරුවරියවයි ගෙන්නලා විදුහල්පතිගෙ කාමරේට. ළමයා බයවෙලා ඉන්න නිසා, විදුහල්පති බොහොම කරුණාවෙන් ඇහුවලු "දූගෙ චිත්‍රෙ බොහොම ලස්සනයි, ඒත් ඇයි දූ රතු පාටින් විතරක් ඇන්දේ?"

    ළමයා බිම බලාගෙන ඉන්නවලු, උත්තර නොදී. ඉතිං ආයෙත් කිව්වලු, දුව කිසිදේකට බයවෙන්න එපා, දූගෙ අම්මලත් ඉන්නවා, ටීචර් ඉන්නවා මම ඉන්නවා, බය නැතුව කියන්න කියලා.

    කෙල්ල බයෙන් බයෙන් කිව්වලු.. "සර්.. අනිත් පාට ටික ඉවරවෙලා රතු පාට විතරයි තිබ්බේ" කියලා.

    කවුද දන්නේ සීයටත් රතු පාට විතරද දන්නෙ නෑනෙ තිබ්බේ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඇත්ත සහතික ඇත්ත වගේ . ( තාම 100% තීරණයකට ගමන්
      කරමින් පවතී ) මේ කතාවත් ඇත්ත ..ඒ කියන්නේ සීයා ගැන නැවත
      වරක් සිතා බැලිය යුතුයි නේද ...ඉන්නකෝ බලන්න මොනවා හරි
      කරන්න .....


      තිසර මේ කතාව මමත් අහලා තියේ .98 වගේ සිරසේ 6.30 ට ගියා
      යාන් හෑල්ල කියල වැඩසටහනක් ..මතකද තිසරට ..මම ඔය කතාව අහල
      තියෙන්නේ 1 වසරේ වගේ ළමයෙක් මුල් කරගෙන ...

      හැබැයි තිසර දන්නවද ඒ කතාව මගෙත් හිතන
      පතන විදිහ වෙනස් කරා ..දෙයක් ගැන එකම මිම්මෙන්
      මනින්න හොඳ නැහැ කියන දේ ..

      විහිලු කතාවක් වගේ උනත් ලොකු තේරුමක් තියෙනවා තිසර ...

      Delete
  14. සීයගෙත් මොලේ තමා මොලේ..

    ReplyDelete
    Replies
    1. ඒකනේ චින්තක ..ස්තූතියි මේ පැත්තේ ආවට...නැවත එන්න ...

      Delete
  15. මාත් ඔය කතාව කියෙව්ව.. හැබැයි සහන් මේක කියනකම් ඔහොම එකක් නම් හිතුණේ නෑ.. සියල ආච්චිල සෙල්ලන් නෑ..

    ReplyDelete
    Replies
    1. ඇත්ත පැතුම් සමහර අයට කේන්තිත් යනවා තදින් ...

      Delete
  16. සහන් අයිය එක්ක මම තරහයි... :( :( :(

    දැන් තරහ නෑ... සුභ අලුත් අවුරුද්දක් වේවා...!!!

    අර කිව්ව තාක්ෂණික පෝස්ට් නම් මට හුඟක් වැදගත් වේවි මට...

    ReplyDelete
    Replies
    1. hapoi e mokada tharaha...? mama ithin tikak ehe mehe
      wenawane hitapu gaman ..e nisa parakku unaata ganan
      ganna epa... hmmm e tika me awurudu kalabale iwara unaama
      daanawa..nathnam godak ayata balanna wenne nahene.....

      oyatath subama suba awuruddak wewa anu nangi.....!

      Delete
  17. sthoothi nalin ayye oyatath subama suba nawa wasarak wewa...

    ReplyDelete
  18. godak sthoothi warsha nangi oyaata ..oyageth me labuwa wu nawa
    wasara wasanawantha nawa wasarak wewa...hodata A/ L karanna labewa
    kiyalath prarthana karanawa oyaata...

    ReplyDelete
  19. හනේ සීයගෙ ටිකිරි මොළේ...

    ReplyDelete
  20. සහන් ඔයාගේ පෝස්ට් මුල ඉඳලම කියවන ගමන්. සීයාගේ මොලේ පෑදෙන්න කොච්චර කල් යන්න ඇත්ද කියල මට හිතුනා.

    ReplyDelete

ඔබ කමෙන්ටුවක් දමයි නම් කරුණාකර මෙහි කමෙන්ටු E mail subscribe කරන්න .. නැතිනම් පිළිතුරු මග හැරී යනු ඇත ...

කමෙන්ට් යනු ඔබගේ අදහස් ප්‍රකශ කිරීමට සලසා ඇති ඉඩයි. සිතුවිලි ලියා තැබුණු විට අන් අයටද ප්‍රයෝජනයක් විය හැක !

http44444444://1.bp.blogspot.com/-F0lMkO9hSe8/UjM37DArTZI/AAAAAAAAAwo/wtP9O0K_6UE/s1600/543431_208554675978924_1215099537_n.jpg15099537_n.jpg

සහයෝගය දක්වන වෙබ් එකමුතු ...

මාතලන්ගේ සින්ඩිය...api apita Blog Readerlankeeya sithuwililankeeya sithuwili lankeeya sithuwili