දැන්වීම් පුවරුව . ( පින්තූර මතට මවුස් පොයින්ටරය රැගෙන යන්න )

දැනට වසර දෙකක පමණ සිට සෑම සතියකටම වරක් ලිපියක් හෝ දෙකක් පළ කළෙමි. සිත් ගත් ලිපියක් වේ නම් හිතමිතුරන් අතරත් බෙදාගන්න.

මෙම වෙබ් අඩවිය ලෝඩ් වීමට පමා වේ නම් මෙම ලින්ක් එක භාවිතා කරන්න.

Go and get Sinhala Unicode to your Computer
Face Book Link Share.

March 13, 2013

ඈ සතුටින්ද ? | It hurts me .



හිමි නුගුණ කලත්
ඒ දුක වින්දත්
උහුලනු බැරිව මට කිව්වත්
" ආදරය කරණ කෙනාට වඩා
ආදරය දෙන කෙනා වටිනවා "
යැයි ඔබම මට කිව්වත්
දැනේ මට , නුඹ හිමි හා තුරුළු වන අන්දම ...
රිදේ මා හිත ...!

පැවසු සියල්ල බොරුවක්ද මා තුරුලේ හිඳ ?





ඒ මුළු කාලයම බොරුවක්ද ?









52 comments:

  1. සිංදුව නම් ඇහුවේ අදමයි...
    කවියත් ලස්සනයි සහන්..!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ශම්මි ඔයාට ..
      ඇත්තටම කියන්න මට එයා
      සතුටින්ද ?


      හ්ම්ම්ම්ම් ඔය සින්දුව කියන්නේ අමරදේව මහත්මයා.
      මේ ගීත දැන් ප්‍රචාරය වෙන්නේ නැති නිසා මන් දාන්න
      හිතුවා මෙහෙම හරි..ඔතොකොට ආස කෙනෙක් රස විඳීවි ...

      ස්තූතියි ශම්මි ආයේ එන්න...

      Delete
  2. ලස්සන හිතුවිල්ලක් වගේම ලස්සන ගීතයක් සහන් .

    ReplyDelete
  3. ගීතයට ගැලපෙන ලෙස අමුණා ඇති සිතිවිල්ල ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ලිහිණි ..

      මේකේ සිද්දිය මෙහෙමයි...

      විවාහක කාන්තාවක් හා අනියම් සම්බන්දයක් තියෙන
      අනියම් පෙම්වතෙක් ඉන්නවා. අර විවාහක කාන්තාව
      තමන්ගේ නියම කසාද ස්වාමියා හා ආදරෙන් බැඳෙද්දී ,
      ආදරෙන් මත් වෙද්දී ,


      අර අනියම් පෙම්වතාට දුක හිතෙනවා..!

      Delete
  4. කොහෙන් හොයා ගන්නවද මන්ද නියම ගීතයක්.

    මම මේක අහලා තියනවා?????

    මෙක අහන කොට ඕමාර් ඛයියාම් මතක් වෙනවා,.......

    ඇයි පරසතු මල්....

    ReplyDelete
    Replies
    1. ඔව් වෙද මහත්මයා මේක රාගයක් ආශ්‍රිතව නිර්මාණය
      උන , සරාගී හැගීමක් දැනෙන ගීතයක්..ආදරයේ මධු විත
      තොල ගෑවෙන අවස්ථාවක්..ඒත් තහනම් මී විතක්.
      මත් වෙලා තොල ගෑවට , මී විත ඇනුණ තැන රිදුම්
      දෙනවා..!

      ඔබ කැමති වෙනත් ගීත තියේ නම් කියන්න මට..

      Delete
  5. බොහොම ලස්සනට ගීතයට සිතුවිලි එක්කොට තිබෙනවා සහන්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නලින් අයියේ ..
      ඔබේ පැමිණීම වටිනවා, දිගටම එන්න....

      Delete
  6. බොහොම ලස්සනට ගීතයට සිතුවිලි එක්කොට තිබෙනවා සහන්

    ReplyDelete
  7. මොන අවුලක්ද මන්දා... කොහෙද සින්දුවක් තියෙන්නේ...???????????? ඉහි ඉහි ඉහි.......

    ReplyDelete
    Replies
    1. දැන් නම් play වෙනවා හිරු .එවෙලේ නම්
      මගෙත් play නොවී ගියා...

      අහ් මේ අර 4 බීරි කතාවට ඔයාගේ කමෙන්ට් එක
      නැතුව ඉන්නේ..pls කමෙන්ට් එකක් දාන්න බලන්න...
      හි හි
      හතර බීරි කතාව . ( මුල්ම සටහන / originalma එක ) hathara beeri kathawa

      Delete
  8. Replies
    1. sayuri mata kiyanna oyata sinduwa play wenawada ?

      mata hadissiyema play wenne nathuwa giya...
      hirutath play wenne nahalu..

      Delete
    2. දැන් හරි සයුරි .ඔක්කොම play වෙනවා.
      මේක කියන්නේ අමරදේව මහත්තයා .අද මන්
      ගොඩක් දේවල් ඇවිස්සුවා library එකේ
      ඉතින් මට අමතක ගොඩක් සින්දු මතක් උනා..

      හතර බීරි කතාව . ( මුල්ම සටහන / originalma එක ) hathara beeri kathawa

      ඔය පෝස්ට් එකේ නම් වුන හැම සින්දුවක්ම මන් දුන්නා ..
      ඔයත් කැමති සින්දු ඇත්නම් එතනින් දැන්මම ගන්න..
      මොකද ටික දවසකින් මට ඒවා අයින් කරන්න වෙනවා...

      Delete
  9. කලින් අහපු නැති සිංදුවක්...ඔයා දාල තියෙන කවියත් ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි chams ..
      නැවත එන්න ...

      Delete
  10. අනේ මචං..මේ වගේ ගී ගැන දාන කොට..ලියපු කෙනා,සංගීත ශිල්පියත් පුලුවන්නම්දාපන් හරි වටිනව.
    ගැඹුරු අරුතක් ඇති ගීයක්. මීට කලින් අහල තිබුනෙ නෑ හැබැයි අහල පුරුදු තනුවක්.

    ReplyDelete
    Replies

    1. හරි වීයෝ මන් ඒකත් ඇතුලත් කරන්නම් මීට
      පස්සේ..වැඩේ තියෙන්නේ පොඩි නීති ප්‍රශ්න ටිකක්..
      නැත්නම් මීට වඩා දෙයක් මන් කරනවා...

      \\\\\හැබැයි අහල පුරුදු තනුවක්.\\\\

      ඔව් ගොඩක් දෙනා කැමැත්තෙන් හෝ අකමැන්ත්තෙන් වයන
      තනුවක් ..
      ( වීයා අදහස් කරේ මෙහෙම දෙයක් නෙවේ බව මන් දන්නවා,
      ඒත් මට දකිද්දී කියන්න හිතුණා .මොකද එරමිණියා ගාලක උන
      පැටලුමක් මෙතන තියෙන්නේ ..

      මගේ මේ කමෙන්ට් එකෙන් ඔබව ඉලක්ක කර අපහාසයක් ,
      උපහසක් කිසිදු අයුරුකින් නොවූ බව සලකන්න හොදද ? )


      \\\ගැඹුරු අරුතක් ඇති ගීයක්. \\\

      අනිවාර්යෙන්ම ඒක හඳුනා ගැනීම ගැන ස්තූතියි වීයෝ..
      නැවත එන්න ...

      Delete
  11. >>"ආදරය කරන කෙනාට වඩා ආදරය දෙන කෙනා වටිනවා "<< සිතිවිල්ලෙ හිතට දැනෙන්න වදින වචන ටිකක්. සිතිවිල්ල නම් ඉස්තරම්.ඉස්සර නම් අමරදේවගෙ සින්දු අහපු කාලයක් තිබුන.එත් මේ සින්දුව මතකෙට එන්නේ නැහැ.දැන් ඉතින් ළමයි දෙන්නගෙ සින්දු අහනව මිසක් වෙන සින්දු අහන්න වෙලාවක් නැහැ :).

    ReplyDelete
    Replies


    1. ඔබගේ පළමු පැමිණීම ගැන බෙහෙවින් සතුටුයි මට ,
      ඔබව සාදරයෙන් පිලිගනිමි මුළින්ම ..


      \\\සිතිවිල්ලෙ හිතට දැනෙන්න වදින වචන ටිකක්. සිතිවිල්ල නම් ඉස්තරම්.\\


      මේකේ උපරිම රසය විඳින්න පුළුවන් විවාහකයන්ට පමණමයි
      කෙන්ජි.තදින් හිතට දැනෙන්නේ ඒකයි වරක් ඇසූ පමණින් .
      මොන තරම් දේවල් වල හිත එහෙ මෙහෙ යනවද මේක ඇහෙද්දී...
      බලාපොරොත්තු සුන් වෙච්ච තැන් , හිත් බිඳිච්ච තැන්;
      විතරක් නෙවේ ආදරෙන් මුසපත් වෙච්ච තැන් ...


      \\\දැන් ඉතින් ළමයි දෙන්නගෙ සින්දු අහනව මිසක් වෙන සින්දු අහන්න වෙලාවක් නැහැ\\

      ඇත්ත උන් අඬද්දී ඔක්කොම කියුම් කෙරුම් අමතක වෙලා
      උන්ව බදාගෙන ඉන්න හිතෙනවා..ඇත්තෙම්ම ඒ අපේ ආදරයේ
      ඵලය නේද කෙන්ජි ..?

      යලි යලි මල් පසු පස යා නොයුතුයි ඵල නෙලූ බඹරෙක් ..!

      Delete
    2. >> යලි යලි මල් පසු පස නොයා යුතුයි ඵල නෙලූ බඹරෙක් ..!<< මේක අපි වගේ අය රැකිය යුතු අනිවා දෙයක් උනාට ඔබ වැනි අයට තව කල් තියෙනව මෙය රකින්න :).මේ දෙන්නගෙ ඇඩිල්ල නෙමෙ,දෙන්නගෙ [17 &11]වැඩයි එදිනෙදා වැඩයි,මේ වගේ මොනව හරි කොටන්නයි ගියාම දවස හරි සහන් .

      Delete
    3. සාදරයෙන් පිලිගත්තට ස්තුතියි!!!

      Delete
    4. අනියම් සම්බන්ද සදාරනීයකරණය කරනවා නෙවේ
      ඒ උනාට කෙන්ජි ඔබටම තේරෙනවා ඇති මිනිස්සු ඒ
      තැනට පත් වෙන තැන් . පිරිසක් ලිංගික ආසාවටම කරද්දී ,
      තව පිරිසක් මොකක් හෝ හිස් තැනක් සම්පූර්ණ කරගන්න
      කරනවා.

      අන්න එතැනදී සමහර දේවල් වැරදි උනත් කෙරෙනවා මිනිස්සු
      අතින් .

      තේරෙනවනේ කෙන්ජි වේස කමෙයි ආදරය සෙවීමෙයි වෙනස.

      \\\මේක අපි වගේ අය රැකිය යුතු අනිවා දෙයක් උනාට ඔබ වැනි අයට තව කල් තියෙනව මෙය රකින්න :)\\\
      ප්‍රශ්න අහන්න ඔට්ටු නැත්නම් මෙන්න මේක බලන්න කෙන්ජි..

      "මගේ සිඟිති දියණියත් , අපේ ලෝකයත් .If you have a weak heart please DO NOT read! "

      Delete
    5. නො ප්‍රස් පුතා! හැබැයි බොලද නොවන්න!! :) :) .

      Delete
    6. නැහැ නැහැ කෙන්ජි මන් පුළුවන් තරම්
      අල්ලන් ඉන්නවා .පුළුවන් තරම් අල්ලන් ඉන්නවා..
      එතනින් එහාට නම් මට කරන්න දෙයක් නැහැ ..

      Delete
  12. මමත් අසා නැත කලින් :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔව් මචන් මේක ඒ තරම් ප්‍රසිද්ද නැහැ...
      ගොඩක් දෙනා අහලා නැහැ...
      අමරදේව මහත්තයාගේ සින්දු 382 විතර
      තියෙනවා , ගොඩක් දෙනා අහල නැහැ ..

      ඔතොකොට නන්දා මාලනීගේ සින්දු 624 තියෙනවා .
      ඒවගෙන් මන් හිතන්නේ ගොඩක් දෙනා සින්දු 50 කට
      වඩා අහලම නැහැ ..

      Delete
  13. E mata sinduva pennanne naa ne :/
    Phone eken aava nisaada manda :(

    ReplyDelete
    Replies
    1. ow machan script eka encrypt karala
      man dala thiyenne. pc ekemma enna
      wenawa sinduwa ahanna nam..

      sthoothi awata digatama enna..

      Delete
  14. දැන් නම් ඔෆිස් සිංදුව අහන්න වෙන්නෙ ගෙදර ගිහින් තමයි, කොහොම උනත් අර්ථය නම් හරි ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. මතක ඇතුව සින්දුව අහන්න නදිනි ඔයා ගෙදර ගිහින් .
      ඔෆිස් එකේ බලාගෙන මේක බලන්නේ ,
      පික් එක ටිකක් අවුලනේ.දකින අය හිතන්නේ වෙන දෙයක්..
      ස්තූතියි නැවත එන්න සින්දුව අහන්න ...

      Delete
  15. නෑ..
    ඇය කිව්වේ බොරුවක් නොවෙයි .. !!

    සිංදුව ලස්සනයි :)

    ReplyDelete
    Replies
    1. \\\නෑ.. \\\

      ඔව් මන් දන්නවා ඈ සතුටින් නෙවේ බව.
      ඒත් ඈ අතරමං වෙලා ඉන්නේ..

      ඇයට ස්වාමියාත් ඕනේ , පෙම්වතාගෙන් ලැබෙන
      ආදරයත් ඕනේ.


      \\\ඇය කිව්වේ බොරුවක් නොවෙයි .. !!\\\

      ඒත් ඇයට ඇත්තට මූණ දෙන්න , තීරණයක්
      ගන්න බැහැ .හොදම දේ ඇයගෙන් ඈත් වීම නේද ?

      Delete
    2. ඇයට සැමියා ඕන පැවැත්මට .. නමුත් ජීවත් වෙන්න ඕන කරන්නේ ආදරය .. ඒක සැමියාගෙන් ලැබෙන්නේ නැත්නම් ඇය වෙනතක යනවා ඒක ලැබෙනකන් .. ඉන්නවද නැද්ද කියලා තීරනය කරන්න ඕන ඇයගේ පෙම්වතා .. පිටින් බලන කිසි කෙනෙක්ට කලයුත්ත මොකද්ද නොකල යුත්ත මොකද්ද කියන්න බෑ..
      මම උනානම් .. මම ඉන්නවා .. එච්චරයි .. !!

      Delete
    3. මුලින්ම දීර්ග පිළිතුරට ස්තූතියි ලකී ...

      \\\\ඇයට සැමියා ඕන පැවැත්මට .. ///



      ඔව් පැහැදිලිවම . " ඔයා මාව දාල යන්නේ නැහැ නේද
      මහත්තයෝ " කියල සැමියාගෙන් ඉල්ලනවා ..පෙම්වතාට
      අනන්ත ඇහිලා තියෙනවා , මොකද පෙම්වතාගේ තුරුලේ ඉද්දීමයි
      එහෙම දුරකතනයෙන් කියන්නේ ..

      කමක් නැහැ පෙම්වතා දන්නවා ඇයට සැමියත් ඕනේ බව ..ඒකට
      කමක් නැහැ .ඒත් දුකයි මේ පැත්තට කියපු දේ අනික් පැත්තට
      බොරු වෙද්දී ....


      \\\නමුත් ජීවත් වෙන්න ඕන කරන්නේ ආදරය .. ඒක සැමියාගෙන් ලැබෙන්නේ නැත්නම් ඇය වෙනතක යනවා ඒක ලැබෙනකන් .. ///


      අන්න ඒකමයි පෙම්වතාට ඇයව අමතක / තනි කල නොහැක්කේ.
      කොහේ යාවිද දන්නේ නැහැ , මොනවා කර ගනීවිද දන්නේ නැහැ ( thani kaloth ).
      එහෙම වෙලා ඇයව තවත් දුකකට වැටෙනවා නම් දකින්න බැහැ ..
      ඒක ඊට වඩා දුකක් පෙම්වතාට ( සැමියා සමග තුරුළු වීමට වඩා )

      \\\ඉන්නවද නැද්ද කියලා තීරනය කරන්න ඕන ඇයගේ පෙම්වතා .. \\\\

      ඔහු ඉඳීවි , ඔහු ඉඳීවි ලකී ඔහු ඉඳීවි ..




      ( ලකී මේ කමෙන්ටුව ඔබ දුටු පසු ඒ බව මට කියන්න..
      මොකද මේක ඉවත් කරන්න වෙනවා මට ..)

      Delete
  16. ගෘංගාරයට, ආදරයට වඩා මට මේකෙන් ඉස්මතු වෙලා පේන්නේ ඛේදවාචකයක්.

    ආදරය කියන්නේ ගන්න පුළුවන් දෙයක් නෙමේ...දෙන්න පුළුවන් දෙයක් කියන අදහසට මම විරුද්ධ කෙනෙක්.

    ReplyDelete
    Replies
    1. \\\ගෘංගාරයට, ආදරයට වඩා මට මේකෙන් ඉස්මතු වෙලා පේන්නේ ඛේදවාචකයක්.\\\

      100% aththa machan petryo..
      ආදරයේ මධු විත
      තොල ගෑවෙන අවස්ථාවක්..ඒත් තහනම් මී විතක්.
      මත් වෙලා තොල ගෑවට , මී විත ඇනුණ තැන රිදුම්
      දෙනවා..!


      \\\ආදරය කියන්නේ ගන්න පුළුවන් දෙයක් නෙමේ...දෙන්න පුළුවන් දෙයක් කියන අදහසට මම විරුද්ධ කෙනෙක්.\\\

      තව පොඩියක් විතර පැහැදිලි කරා නම් මචෝ තරහ නැතුව...

      Delete
    2. ආදරය කියන්න දෙන්න විතරක් නෙමේ අනිවාර්යෙන් ගන්නත් පුළුවන් දෙයක්. හැබැයි බොහෝ විට ආදරයෙදි ප්‍රශ්ණ ඇති වෙන්නේ එක්කෙනෙක් ආදරය ගන්න දන්නේ නැති වෙලාවට.

      Delete
    3. ඇත්ත පේට්‍රියෝ ගොඩක් වෙලාවට අපි හිතන්නේ ආදරේ කරන්නේ නැති
      කම ගැනනේ ..නමුත් ඇත්තටම ප්‍රශ්නේ තියෙන්නේ ගන්න දන්නේ නැති
      කම...ඉන්නකෝ මේක වෙනම පෝස්ට් එහෙකට යන්න ඕනේ මාතෘකාවක්..
      මට නම් සෑහෙන්න දේවල් කියන්න තියෙනවා ඕක යටතේ..මන් ඉතින් මෙච්චර
      කල් කට වහන් හිටියට ..
      ස්තූතියි මචන් බොක්කෙම්ම කමෙන්ට් කරනවට ...

      Delete
  17. නිවාඩු වෙලාවක ගෙදරදී අහන්න ඕන .

    අමරදේව මාස්ටර්ගේ නම් ලස්සන ගීතයක් වෙන්නම ඇති

    ReplyDelete
    Replies
    1. ඔව් දුකා පුළුවන් වෙලාවක අහල බලන්න..සමහර විට ආස හිතේවි
      ඔයාට...

      Delete
  18. සිතිවිල්ලටම හරියන සිංදුව මං අදමයි මෙ සිංදුව ඇහුවෙ :O

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිලුමෝ . මාත් මේ දවස් දෙකට 100 පාරක්
      විතර ඇහුවා මේ පින්තූරේ දිහා බලන් ..හි හි ( සභාවේ අප්‍රසාදය :D )

      මොනවා කරන්නද නේහ් සුරංගනාවියක් හුරතල්
      වේවි තුරුලේ ඉඳන් දඟ කරන්න අවසර ඉල්ලද්දී ?

      එක වරක් වරදෙහි බැඳීමේ විපාක තමයි මේ..!

      ස්තූතියි දිලුමා නැවත එන්න...

      Delete
  19. අදමයි මේ සිංදුව ඇහුවේ..... ලස්සනයි. ඒත් මේක අහනකොට මාර පාළුවක් වගේ දැනීමක් හිතට දැනෙනවා..... :(

    ReplyDelete
    Replies
    1. ඇත්ත සමනලී හිතේ හැංගුන දුකක් තියේ නම් පටස්
      ගාල ඒ දුක මතු වෙනවා මේ වගේ සින්දු ඇහෙද්දී ..
      මටත් සතුටක් නම් දැනෙන්නේ නැහැ මේ සින්දුව
      අහනකොට... ( දුකක් , වේදනාවක් , පසු තැවීමක්
      මිස )

      Delete
  20. කලින් අහල තිබුනේ නැති සින්දුවක්.. පේනවනේ අහපු වෙලාව. හොඳට විඳින්න පුළුවන්,හොඳට දැනෙන නිහඬ රැයක් මේ...!
    පද ඇමුනුමත් නියමයි.. සහන්.

    ReplyDelete
    Replies

    1. ඔව් චන්දන මේක අහන්නම ඕනේ මැදියම් රැයේ තනියම !
      ඒත් ඉතින් මන්
      " මචන්ලා උපරිම මෙව්වා එක සඳහා මේක රෑට අහන්න "

      කියල දැම්මොත් විනාසයි:P



      හරි කොහොමින් හරි නියම රසය චන්දන වින්ද නම් ඒ ඇති .
      ඒ උනත් ඇත්ත ජීවිතේ නම් මෙහෙම සුවයක් නම් හොයන්න
      එපා..අනිවාර්යෙන් පුංචි තුවාලේ පැහැවනවමයි !

      ස්තූතියි චන්දන අදහස් කීම ගැන ...
      නැවත එන්න ....

      Delete

ඔබ කමෙන්ටුවක් දමයි නම් කරුණාකර මෙහි කමෙන්ටු E mail subscribe කරන්න .. නැතිනම් පිළිතුරු මග හැරී යනු ඇත ...

කමෙන්ට් යනු ඔබගේ අදහස් ප්‍රකශ කිරීමට සලසා ඇති ඉඩයි. සිතුවිලි ලියා තැබුණු විට අන් අයටද ප්‍රයෝජනයක් විය හැක !

http44444444://1.bp.blogspot.com/-F0lMkO9hSe8/UjM37DArTZI/AAAAAAAAAwo/wtP9O0K_6UE/s1600/543431_208554675978924_1215099537_n.jpg15099537_n.jpg

සහයෝගය දක්වන වෙබ් එකමුතු ...

මාතලන්ගේ සින්ඩිය...api apita Blog Readerlankeeya sithuwililankeeya sithuwili lankeeya sithuwili