දැන්වීම් පුවරුව . ( පින්තූර මතට මවුස් පොයින්ටරය රැගෙන යන්න )

දැනට වසර දෙකක පමණ සිට සෑම සතියකටම වරක් ලිපියක් හෝ දෙකක් පළ කළෙමි. සිත් ගත් ලිපියක් වේ නම් හිතමිතුරන් අතරත් බෙදාගන්න.

මෙම වෙබ් අඩවිය ලෝඩ් වීමට පමා වේ නම් මෙම ලින්ක් එක භාවිතා කරන්න.

Go and get Sinhala Unicode to your Computer
Face Book Link Share.

July 7, 2013

සරාගේ ලෝකය ලියු සරත් අයියා ගැන ආරංචියක් දන්නෙහිද ? ( මෙය හිකිස් හිකිස් කේස් එකක් නොවන බව සලකන්න )


                සරාගේ ලෝකය ලියු සරා අයියා (සරත් චන්ද්‍රසිරි) මාස දෙකකින් අන්තර්ජාලය භාවිතා කර නැහැ. (ඔහු මීට පෙර භාවිතා කල පරිගණක 5 අන්තර්ජාලයට සම්බන්ධිතව පවති.) ඔහුට අයිති බ්ලොගයේම සඳහන් කර ඇති පරිදි ඔහු සේවය කලේ මැදපෙරදිග රෝහලක වායුසමීකරණ අංශයට අනුබද්ධිතවයි. එසේම මීට මාස 4 පමණ සිට ඔහු ලංකාවට පැමිණීමට අපේක්ෂාවෙන් හිඳිනා බවද සදහන් කර තිබූවා.




                ඔහු ලංකාවට පැමිණ තම පවුලේ සහෘදයන් හා එක්ව ඇතිනම් බිය වීමට කරුණක් නැත. එහෙත් ඔහු එසේ පැමිණියද මාස දෙකක කාලය පුරා මෙතරම් නිහැඬියාවක් දැරීමට හේතුවක් නොමැත. බොහෝ දෙනා දැක ඇති පරිදි ඔහුගේ පසු ගිය පෝස්ටු වලද ඔහු වටා ආගමික අන්තවාදය තදින් ක්‍රියාත්මක බව සඳහන් වූවා. එසේම ඔහු එවන් දෑ ගැන මුනිවත රකින අයෙක්ද නොවන බව ඔහුගේ හැසිරීම් දන්නා අය දැක ඇති.

ගැටළුව ඇත්තේ මෙතැනයි . ඔහු කිසියම් විපතකට පත් වී ඇතිද ...?


             සරාගේ පුංචි දුව දකිද්දී පපුව පත්තු වෙනවා...ඒකයි දන්න කියන කෙනෙක්ට හොයලා බලන්න කියන්නේ මෙහෙම..  මැද පෙරදිග වෙසෙන
සියලු හිතවතුනි මේ ගැන සොයා බලන්න.. අපිට උනත් මෙච්චරනේ...!




131 comments:

  1. සරත් අයියගෙ කමෙන්ට් නම් දැකල තිබුනට එයාගෙ බ්ලොග් එක මම දැක්කෙත් අදමද කොහෙද. බලමු ... අපේ අනිත් යාළුවො හෝඩුවාවක් දේවිනේ.

    ReplyDelete
    Replies
    1. හරි හොඳ මනුස්සයෙක් DDT සරත් අයියා කියන්නේ..ඒ වගේම හොඳ දැනුමක් තියෙන කෙනෙක්...පුළුවන් වෙලාවට බ්ලොග් ඇචීව් හරහා ගිහින් පෝස්ට් ටික බලන්න විනාඩි 15 වැය කරලා..වෙනස් තේරේවි ....

      Delete
  2. මාත් කොමෙන්ටු දැකලා තියනවා විතරයි ...එහෙවු එකේ කොහොමෙයි හෝඩුවාවක් දෙන්නේ :(

    ReplyDelete
    Replies
    1. මම දීලා තියෙන ලින්ක් වලින් ගිහින් බලන්නකෝ රෙහානි එයාගේ බ්ලොග් එකට..හරිම හොඳ මනුස්සයෙක්...ඔයාටත් පුළුවන් කමක් තියේ නම් මහත්තයට කියලා පොඩ්ඩක් හොයලා බලන්න...රියාද් වල තමයි එයා හිටියේ...

      Delete
  3. තොරතුරක් නැහැ නේද? ලඟදි කමෙන්ට් එකකින්වත් දැක්කේ නැහැ.

    ReplyDelete
    Replies
    1. මේ අනිකා උඹත් ඔය ඉන්න දීපන්කරේ ගැන විස්තරයක් කියලා හිටපන් අපිට..නයෙක් පොළන්ගෙක් ගහලා මැරුණත් අපිට දැනගන්න විදිහක් නැහැ... ඒ නිසා හැකි විදිහට තමන්ව කරදරයකදී හොයාගන්න පුළුවන් තොරතුරක් දීපන්.. කාලයක් තිස්සේ දන්න අඳුනන එවුන් විදිහට මෙහෙම වත් ලින්ක් එකක් නැත්නම් කරදරයකදී වැඩකුත් නැහැනේ බන්...

      Delete
    2. සහතික ඇත්ත

      Delete
    3. සිරාවට බං. අසරණයා ලංකාවට ආපු වෙලෙත් කොටු පැන පැන හිටිය මිස මුලිච්චි වුනෙ නැහැ.

      Delete
  4. සහන්,

    මටනම් හිතෙන්නෙ අපිට දැන්ම කලබල වෙන්න තරම් දෙයක් නෑ කියලයි. මොකද සරාගෙ බිරිඳ - නංගි බබා - අන්තර්ජාලය හා සිංහල බ්ලොග් අවකාශය නොහුරු කෙනෙක් නෙමේනෙ. මොකක් හරි කරදරයක් තියනවානම් අනිවාරයයෙන් සඳහනක් කෙරෙන්නෙ ඕනා ඇය වෙතින් හරි. අපි තව ටිකක් බලමු..තෙරුවන් සරණින් සරාට කරදරයක් වෙලා නැතිව ඇති. මමත් ටිකක් හොයලා බලන්නම්.. හිටිය තැන ගැන හරි විස්තරයක් නොදන්න එක තමා පරහකට තියෙන්නෙ..

    ReplyDelete
    Replies
    1. ඒ අයත් නිශ්ශබ්ධයි නේද පහු ගිය කාලේ පුරාවටම සෙන්නා...? ඇත්තටම මොකක් හරි වෙලා නම් ඒ අයත් ඔලු විකාර වෙලයි ඇත්තේ. මට හිතේ සැකේ වැඩි ඒකයි .. අපේ එතෙර ගැන්සියට පණිවිඩේ දෙන්න සෙන්නා ඔයත් පුළුවන් විදිහට..දුකා දුමිලත් දැක්කොත් හොඳයි...උඹත් පුළුවන් විදිහට මුට්ටිය දාපන්...

      Delete
  5. කව්රු ගැන උනත් මේ විදිහට හොයලා බලන එකනම් මාර වටිනවා. එක වෙලාවකට මටත් හිතිලා තියනවා මම මැරුනොත් ඔයාල දනේවත් නැහැ නේද කියලා මොකද මගේ බිර්ද අන්තර්ජලය බවිතා නොකරන නිසා
    ඔයාගේ උත්සහයට මගේ ප්‍රණාමය

    ReplyDelete
    Replies
    1. අනුන්ට කිව්වට මම මගේ ගේ ඉස්සරහ මැරිලා හිටියත් අල්ලපු ගෙදර මනුස්සයා දන්නේ නැහැ..ඔන්න ඔහොමයි පුල්මුඩේ තත්වේ සංජීව . කෙසේ උනත් අපි අතර පොඩි ලින්ක් එකක් තියෙන්න ඕනේ කියලයි මම හිතන්නේ..හැමෝම එකතු වෙන්නේ පරිගණකය හරහා . හදිසියේ වෙනත් කරදරයක් නිසා ලොග් වෙන්න බැරි උනොත් කොහොමද අනිත් අය දැනගන්නේ ...?

      හිතන්න ඕනේ දෙයක් මේක...

      ස්තූතියි සංජීව සිංහල බ්ලොග්කරුවන් සමග ඉඳීම ගැන...එය අපට සතුටක්...

      Delete
  6. මොන තරම් වාද තිබ්බත් ජාලෙ වටින්නෙ මේකයි. සහන් මගේ ආචාරය ඔබට. සරා ගැන මට මේ ලඟදිත් මතක් වුනා. ඒත් එතරම් හිතුවෙ නැහැ. ඇයි දන්නෙ නැහැ මේ???? ඉක්මනින් කතා කරයි. දන්න කෙනෙක් මේ බ්ලොග් එක ඔස්සේ යමක් කියන්න. සරාට තෙරුවණ් සරණයි!!!

    ReplyDelete
    Replies
    1. මම වැඩිමනක්ම මේ ගැන සොයා බැලුවේ මොකද දන්නවද වෙද මහත්තයෝ ? සරා කියන්නේ ටිකක් කෙළින් කතා කරන මනුස්සයා නිසා..එහෙම අයටමනේ " කල හොඳ පස්සෙන් එන්නේ " අනිත් එක මනුස්සයා හිටියේ වවුලගේ මගුලට ගිහින්.. තවත් නම් එල්ලිලා ඉන්න බැරි බව නිතර නිතර බ්ලොග් එකෙත් කිව්වා..ඔබම දකින්න ඇතිනේ එවැනි ලිපි ...? ( බැරි වෙලාවත් ටිකට් එක හම්බුනා නම් බඩු සුම්මා නෙව )

      කෙසේ උනත් වෙද මහත්තයෝ බ්ලොග් ක්‍රියාකාරීන් අතර අන්තර් පණිවිඩ ජාලයක් තිබීමේ වටිනාකම මෙවැනි සිද්දීන් නිසා ඉස්මතු වෙනවා..අපි එවැනි දෙයක් ගැන හොයා බලන්න ඕනේ ඉදිරියට..එහෙම නැතුව බොරුවට " හනේ පනේ ගෑවට " වැඩක් තියේද ... එහෙම නේද වෙද මහත්තයෝ...

      Delete
  7. සරා අයියා ගෙදර ඇවිල්ලා ... මුකුත් කරදරයක් නෑ.. බය වෙන්න එපෝ.... ( ටිකක් වැඩ වැඩියිලු.... හි හි)

    ReplyDelete
    Replies
    1. බය හිතෙන්නේ නැද්ද? අන්තිමට ලිපියක් ලියලා තියෙන්නේ අප්‍රේල් 30 වැනිදා. මම එකට දාපු කමෙන්ට් එකට උත්තර දීලා තියෙන්නේ තවම ලංකාවට ආවේ නැහැ කියලා.

      අසමි දකිමි සොයමි ලියන විචාරක

      Delete
    2. අනේ එහෙනං ලොකු දෙයක්. මට මං ගැන ලැජ්ජයි . සහන් කියනකං සරතව මතක් උනේ නැනේ මට

      Delete
    3. සරා අයියා හිරුලගෙ කේක් කඩේ පැත්තෙ එන කතාවකුත් කිව්වනේද ඒ දවස්වල.

      Delete
    4. @ හිරු

      කරුණාකර මූලාශ්‍ර සඳහන් කරන්න. දිනය , වේලාව ස්ථානය පැහැදිළිව සටහන් කිරීමට කාරුණික වන්න.

      @ විචාරක

      ඒකනේ කියන්නේ.. කොච්චර වැඩ තිබුණත් බ්ලොග් එකේ පෝස්ට් දාන මනුස්සයා ලංකාවට ආව කියලා පෝස්ට් දැමීම නවතින්න විදිහක් නැහැනේ.

      @ අටමා

      මේ හිරුවා කියන්නේ කවදා වෙච්ච දෙයක්ද කියලා සැකහැර දැනගන්නකම් අවධානයෙන් පසුවන්න...ලංකාවට ආවත් මාස දෙකක් තිස්සේ මොනවද මේ මනුස්සයා කරන්නේ මෙච්චර කල්...?(පොල් වැටෙනවා වගේ පෝස්ට් ලියපු කෙනෙකුත් නෙවේනේ සරතා කියන්නේ ) අනිත් එක පොරගේ රියාද් කම්පියුටර් වලින් දිගටම ට්‍රැෆික් එනවා සිංහල බ්ලොග් වලට.... ආන්න ඒකයි සැකය වැඩි වෙලා මම හොයලා බැලුවේ මේ ගැන...( කිසියම් සැක සහිත ස්වභාවයක් තිබුණා එම ලොග් වීම් වල.. හරියට කෙනෙක් හොර අල්ලන්න එයාගේ හිස්ට්‍රි චෙක් කරනවා වගේ )

      Delete
    5. මං මේක දැම්මේ හොයලා බලලා තමයි සහන් ... සරා අයියා ලොකු වැඩකට හිර වෙලා මේ දවස්වල.. මේ පෝස්ට් එකට කමෙන්ට් එකක් දායි ...

      Delete
    6. @ හිරු
      එහෙමද ? මේ ප්‍රශ්නේ මෙහෙම විසඳුනු එක ගැන ගොඩක් සතුටුයි හිරු..එහෙම නොවෙන්න මේවා දුර දිග යන වැඩ නෙව.. ඉක්මන් ප්‍රතිචාර දැක්වීම ගැන සිංහල බ්ලොග් කරුවන් වන අපගේ ප්‍රණාමය බාර ගන්න හිරු... [im]http://lankawap.com/xhtml/smilies/spy.gif[/im]

      Delete
    7. බොහොම ස්තුතියි සහන්. බොහොම ස්තුතියි හිරූ. හිරූ කියන්නකො සරාට මේකට කමෙන්ට් එකක් දාන්න කියලා.
      උඹලට මතකද ලොකු පුතා කියලා බ්ලොගර් කෙනෙකුත් ඔහොම ලංකාවට ආවට පස්සෙ කිසිම ආරංචියක් නැතුව ගියා. ඒකටත් හේතුව අර ජීවන රටාව වෙනස් වීමයි.

      Delete
    8. @ හෙන්රි අයියේ ( අනිත් අයත් බැලුවට කමක් නැහැ )

      ඔන්න මම නම් මීට මාස 4 කට වගේ කළින්ම මගේ සමුගැනීම ගැන කියලා තියෙන්නේ හරිද ..? Memory and Humanity | සහෘදයෙකුගේ අවසන් සටහන.

      මේ තියෙන්නේ ඒ ගැන ලියපු පෝස්ට් එක ...අනිවාර්යෙන්ම මගෙත් මේ ගෙවෙන ජීවන රටාව වෙනස් වීම එක්ක මම බ්ලොග් වලින් ඈත් වේවි... ඒ උනත් බ්ලොග් ලෝකෙදි හම්බුණ යාලුවෝ ටික නම් මට ගොඩක් වටිනවා... මැරුණත් අමතක වෙන එකක් නැහැ...

      හරිම සුන්දර කාලයක් මේ ගෙවෙන්නේ...!


      Delete
  8. හිරු කියන එක හරි..!
    මටත් අන්තිමට මතකයි...ඌ ලංකාවට එන නිසා..ඔහුගෙ ‍රැකියාවට වෙන එකෙක්ට සෙට් කරන්න පුලුවන් කියල පෝස්ට් එකක් දැම්ම. අනිවා ලංකාවෙ ඇත්තෙ...කොහොමත් මැදපෙරදිග එපාවෙලා තමා ඌ හිටියෙ. දන්න කියන එකෙක් කියාපල්ල ඌට ඇවිල්ල කමෙන්ට් කරල යන්න කියල.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි වීයෝ මෙහෙම හරි හොයා බලන්න ඕනේ අහලපහල ඉන්න මිනිස්සු ගැන. මම නම් ටිකක් බය උනේ සරා ගොයියා කරන කියන වැඩ එක්ක මොකක් හරි කරදරයක් වෙලාද කියලා... ආයේ ඉතින් ජනාධිපති ආවත් බේරාගන්නවා බොරු නෙව...

      Delete
  9. මාත් මේ බලාගෙන හිටියෙ සරාගෙ ලෝකයෙ පෝස්ට් එකක් දානකල්.
    මෙහෙම ආරංචියක් නැති උනාම කලබල වෙනව තමයි. සහන්ගෙ මේ සොයාබැලීම අගය කරනව.
    හිරු‍ කියල තියෙනව වගේ තෙරුවන් සරණින් සරත්ට කරදරයක් නැතුව ඇති.

    ReplyDelete
    Replies
    1. මම දිගටම බලන් ඉන්නේ කට්ටියගේ ඒම් යාම් ගැන. පහු ගිය ටිකෙත් සමනලී , රෙහානි , යාන්ත්‍රිකයා නැති වෙද්දී මම ටිකක් හොයලා බැලුවා.. අඩුම තරමේ මලක් පහනක් හරි පත්තු කරන්න එපැයි සිහි කරලා...

      Delete
  10. මාත් පහුගිය ටිකේ කල්පනා කලා සරා අයියට මොකෝ වුනේ කියලා.... කිසිම සද්දයක් නෑනේ....
    හිරු අක්කගේ කමෙන්ට් එක දැක්කමයි ලේ ඩිංගක් ඉනුවේ....

    ReplyDelete
    Replies
    1. මෙයත් පහු ගිය කාලේ නැති වෙලා ඉද්දි අපි හෙව්වා..හිරුවා තමයි කිව්වේ ගමේ හරි ගිහින් වෙන්ටෑ කියලා..ඊට පස්සේ තමයි ගමේ ගිහින් එනකම් බලන් උන්නේ...[im]http://lankawap.com/xhtml/smilies/hehe.gif[/im]

      Delete
    2. මෙයත් පහු ගිය කාලේ නැති වෙලා ඉද්දි අපි හෙව්වා..හිරුවා තමයි කිව්වේ ගමේ හරි ගිහින් වෙන්ටෑ කියලා..ඊට පස්සේ තමයි ගමේ ගිහින් එනකම් බලන් උන්නේ...[im]http://lankawap.com/xhtml/smilies/hehe.gif[/im]


      Delete
  11. //(ඔහු මීට පෙර භාවිතා කල පරිගණක 5 අන්තර්ජාලයට සම්බන්ධිතව පවති.)//

    අම්මෝ උඹ මහා භයානක පොරක්

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් හොහ් .... අටං අයියා ඔයා මාව හිනස්සනවා.

      Delete
  12. ඒ... මේවගේම තව එකෙක් මිසින්... මඩිස්සලේ නිශානයා... දන්න එකෙක් ඉන්නවනම් විස්තරයක් දීහල්ලා..

    ReplyDelete
    Replies
    1. ඔව්මයි මඩියත් නැහැ තමයි...පහු ගිය කාලේ අම්මත් අසනීපෙන් හිටියේ මඩියගේ ... පොඩ්ඩක් අටමා , සැමා ලව්වා හරි හොයලා බලන්න වෙනවා..ස්තූතියි මේ ගැන මතක් කල එකට සෙන්නෝ....( මඩියා නම් කූරියා ගහලා නැහැ කියලා කඳට දැනෙනවා මගේ )

      Delete
    2. නිශාන්ට නම් මම පහුගිය දොහේ කමෙන්ට් එකකුත් කොටල ආවා සද්ද නැත්තෙ මොකද අහල, ඒකට රිප්ලයි කරලවත් නෑ තාම. ඌව නම් අටම් අයියා පුද්ගලිකවම දන්නවය කියල කිව්වනේ.

      Delete
    3. ඌත් හොඳින් ඉන්නව බොල...මේ ලඟදි ශම්මියගෙ බ්ලොගේ ඕකව මම ඇහැව්ව විතරය් ..මේං කොමෙන්ට් එකක් දානව..ඉන්නව කියල...!මොකකට හරි හිරවෙල ඇත්තෙ..එදා කිව්වෙ නෑ..ශම්මියගෙ බ්ලොගේට සැට් වෙනව අනිවා.

      අර සිරාට මක්ක වෙලාද කියල දන්න එකෙක් කියනවද..?

      Delete
    4. ඕන් බලපල්ලකො අපි මෙහෙ මුන්ව දාගෙන හොයනවා එතකන් මුන් මගුලේ රිංගලා...මාත් දැන් බැලුවා ගිහින්..වීයා අහලා ඉවර වෙන්නත් කළින් ඌ කමෙන්ට් එකක් දාල ඉන්නවා කියලා...සංසාරේ සංසාරේ ...

      Delete
    5. සිරා නම් සිරාවටම බිසී වෙන්න ඕන වීයා. ලංකාවෙ හිටිය වගේ නෙවිනේ, දැන් ඌ ජීවන අරගලයෙ නියැලෙනව සිරාවටම. ඌ දැන් සතියකට කලිනුත් ලිපියක් දැම්මා, ඒකෙ කමෙන්ට්ස්වලට රිප්ලයි තමයි නැත්තෙ.

      Delete
    6. නිශාන් ඉන්නේ අටං ගේ ගෙවල් ළඟ. මොනවා හෝ ඇබැද්දියක් නං ඒක අටං දැනගන්නවා.

      Delete
    7. සිරා ඉන්න තැන ගැන පුංචි පරහක් ඇවිත් තියෙනවා.සිරා හොඳින් ඉන්නවා කියලා හිතනවා මම..අනිත් එක සරත් ලංකාප්‍රිය , පැතුම් එහෙම ඉන්න නිසා බය වෙන්න දෙයක් නැහැ... අපේ උන් දෙන්නෙක් ඉන්නවනේ ඕනේ දේකට...කෙන්ජි තුමත් ඉන්නවනේ ඉතින් :P

      Delete
    8. ඇය් "හිස් අහස" හිස්වෙලම ගිහින් නේද ????? සඳරු ගැන කිසිම ආරංචියක් නැ නේද ?????????

      Delete
    9. සඳරු නම් හිතලම ඉවත් වෙලා ඉන්නේ බන්..නැතුව කරදරයක් වෙලා නෙවේ... මිනිහව හොයා ගන්න ලින්ක් එක තියෙන 8 දෙනෙක් විතර ඉන්නවා බ්ලොග් අවකාශේ...

      Delete
  13. 1.මේ අඩවිය ගැන මිට කලින් දැනගෙන් හිටියේ නැහැ, ගොහින් බලන්න ඕන.

    2.අනේ බොල සහන්, මම නිදහසේ මැරෙන්න බලාගෙන හිටියා, දැන් උඹත් එක්ක එකත් බැරිවෙයි වගේ.

    ReplyDelete
    Replies
    1. 01.ඔව් පොඩ්ඩක් ගිහින් බලන්නකෝ ඒ සයිට් එකට..විවිධ විෂයන් ගැන පෝස්ට් දාල තියෙනවා..විටක සරළ කමත් , විටක බුද්ධියත් පිරුණු පෝස්ට් බොහෝමයක් තියෙනවා එයාගේ සයිට් එකේ..අයියා ආස වේවි ...


      02.හේ හෙහ් හෙහ්හ් මිනිහෙක්ට නිදහසේ මැරෙන්නවත් නැති වෙලාද ඒ කියන්නේ... ඕකට එකම විසඳුමයි තියෙන්නේ.[im]http://lankawap.com/xhtml/smilies/hehe.gif[/im]

      Delete
  14. හොඳ දෙයක් සහන් කරලා තියෙන්නේ.මේ දෙවල් තමයි අපි අතින් සිදු විය යුත්තේ.වියැකි යන මිනිස් ගුණ නැවත පුනර්ජිව කිරීම ගැන නැවතත් ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගයනි ඇගයීමට .. මෙහෙම වත් හොයා බැලීමක් කරන්න බැරිනම් බොරුවට හිනා වෙලා පලක් නැහැනේ.. නිකම්ම නිකම් ආශ්‍රය කිරීමකින් වැඩක් නැහැ කියලයි මම හිතන්නේ...

      ගයනිට ස්තූතියි මේ පැත්තට හැමදාම ගොඩ වීම ගැන...

      Delete
  15. සරා අයියා ගැන නම් නිතරම මතක් උනා.. ඒත් ලොකු විශ්වාසයක් තිබුනා කරදරයක් නැතුව ඇති කියලා.. අනික ලංකාවට ඇවිත් කරන්න සෑහෙන්න වැඩ ඇති කියලා හිතුනා...
    කොහොම වුනත් සහන්ට මාගේ ප්‍රණාමය...

    ReplyDelete
    Replies
    1. \\\කොහොම වුනත් සහන්ට මාගේ ප්‍රණාමය...\\\

      ස්තූතියි නදිනි ඔයාට.


      මම හිතුවා ලංකාවට ඇවිල්ල වෙන්නත් පුළුවන් කියලා..ඒ උනත් මාස දෙකක් තිස්සේ කිසිම කතා බහක් නැති වෙනකොට හොයලා බලන්න එපැයි නදිනි. මනුස්සයගේ වැඩ ගැන දන්න නිසා නිතරම හෙවිල්ලෙන් ඉන්න වෙනවා..

      මේ ඔයාලත් හදිසි පණිවියක් දෙන්න ක්‍රමයක් දැන්ම ඉඳන් මීටර් කරන් ඉන්න .. වාහනේකට අඩයක් තිබ්බත් , නයෙක් පොළන්ගෙක් ගැහුවත් දන්නේ නැහැ නෙව අපි..

      Delete
    2. අපෝ මම නම් මලත් කාටවත් කරදරයක් කරන්න ඕනි නෑ..

      Delete
    3. එහෙම කියන්න එපා නදිනි. අපිට මාරි කෑල්ලක් කන්න තියෙන අවස්ථාවක් මග ඇරෙනවා නෙව එහෙම උනොත්... :(

      Delete
  16. අපිව නැති වුනත් හොයපං මචං..

    සරා හොද එකා... දැකලවත් නැතුව කියන්නේ...

    ReplyDelete
    Replies
    1. උඹව නැති උනොත් බස් හෝල්ට් එහෙක හරි සැලෝන් එහෙක හරි තමා හොයන්න ඕන.

      Delete
    2. හිහ් හිහ් හිහ් හොහ් හොහ් හෙහ් .........................

      ඇතිද නම් ගම් නැතුව දාලා අහගත්තා.

      Delete
    3. අනිවා කෙන්ජි ඇන්ඩ් DDT ...:)

      Delete
    4. sAm.. හොයන්න අනුන්ගේ මගුල් ගෙවල්වල,බාර්,මල්වතු වල

      Delete
    5. sAm ව හොයනවනම් අනුන්ගේ මගුල් ගෙවල්,බාර්,මල්වතු වල

      Delete
  17. සරාගෙ ලිපි කියවල නැහැ සහන් මල්ලි.ඇත්තටම අපි සමග සිටි කෙනෙක් ගැන සොයා බැලීම ගැන ඔබට තුති.
    ඒ අයටත් යුතු කමක් තිබෙනව කාගෙ හරි ලිපියකට කොමන්ට් එකක් දමල යහතින් ඉන්න බව අගවන්න.
    හැලප ගියා ගියාමයි කොමන්ට් එකක් වත් නැහැ.
    ගිය මාසේ නලිය හොස්පිටිතාලෙ දවස් ගානක් හිටිය කවුරුත් දන්නෙ නැහැ.
    මෙව්ව මහ කැත ................................... එක්කො ඕනේ නැහැ.

    ReplyDelete
    Replies
    1. හැලපේ අයියානම් දැන් ලංකාවට ඇවිත් ඉන්නවා. බොහොම කෙටි නිවාඩුවකට නිසා ඔහුට අධික ගමන් බිමන් වැඩ ඒ නිසා වෙන්නැත් ජාලේ පැත්තේ නේන්නේ. මට ඔහු හමුවුණා.

      Delete
    2. හැලපෙගේ එතෙර කම්පියුටරේ නම් තාමත් වැඩ ඒ විදිහටම..පොඩි හැලපයා වැඩ පටන් අරන් වෙන්නත් පුළුවන්... තව දේවල් ඉතින් කියන එක හරි නැහැ නෙව.. දරු පවුල් කාරයෙක්නේ මොනවා උනත්...

      කෙසේ උනත් මුන් එකට ඉන්න උන්ට කොලේ වහලා ගේම ගහනවා..හැලපෙලා නලියලා සෙට් වෙලාවත් අපිට කිව්වේ නැහැනේ..අන්න ඒක වැරදි කෙන්ජි අයියේ ...නැද්ද මන් කියන්නේ ..?

      ඈ බොල නලියෝ " ඔන්න අපි සෙට් උනා කියලවත් " උඹලට කියන්න බැරි ඇයි ...?

      Delete
    3. මම ඕක නලින්ට කිව්ව.තනියම සෙට් වුනා නේද කියල.
      අඩු ගානේ පුළු පුළුවන් කීප දෙනෙක් හරි එකතු වෙලා පැයකට,දෙහෙකට හරි ගේට්ටුවක් ඇරගන්න වා නම් තමා හරි.

      Delete
  18. සරත් ලංකාප්‍රිය නෙමෙයි නේද? මම නම් මෙයාව දන්නෙ නෑ. නමුත් සයිබර් යාළුවෙක් ගැන හොයන එකත් ළොකු දෙයක්..

    ReplyDelete
    Replies
    1. නැහැ නැහැ ලංකාප්‍රිය ලොක්කා නෙවේ.. අපරාදේ මාතලන් නියම බ්ලොග් එකක් මිස් වෙලා ඒ කියන්නේ උඹට. දැන් ඉතින් ගිය දේ ගියාවේ.. අද ඉඳන් වත් සින්ඩියේ එල්ලන්න...


      පැහැදිළිවම මාතලන් බ්ලොග් කාරයෝ විදිහට රහසිගතව හරි අපි අතර හදිසි පණිවිඩ ජාලයක් තියෙන්න ඕනේ.. මරණයක් උනත් දැනගන්න විදිහක් නැහැ නැත්නම්..

      Delete
    2. මැරුණහම කොහොමද බන් පනිවිඩේ දෙන්නේ...?

      Delete
    3. නෝනට කියලා තියන්න මම මළොත් බ්ලොග් එකේ උන්ට කියන්න කියලා...දැන්මම පුහුණු කරලා තියන්න..කොහොමත් මාතලන්ගේ ඔපීසියේ එකෙක්ගෙන් නම් උඹේ මළ ගම ගැන නිව්ස් එක ඒවි ....

      ( අපි දෙන්නම් ඇට්ටි පිටින් හැලෙන්න ශෝක ප්‍රකාශ බ්ලොගේ පිරෙන්න .කමක් නැහැනේ ? )

      Delete
  19. සහන් මල්ලි... මගේ ඇඟ හිරිවැටී ගියා මේ පෝස්ට් එක කියවද්දී... ඒ එක්කම මා ගැන ලැජ්ජාවකුත් ඔබේ මනුස්සකම ගැන මහා ආඩම්බරයකුත් ඇති වුණා. ඇත්තටම හිරුගේ විස්තර මදි නිවැරදි තහවුරුවකට. දන්නා තරමින් සරා ගේ ගම වේයන්ගොඩ වටද්දර; මා දන්නෙත් එපමණයි.

    ReplyDelete
    Replies
    1. මම හිතන් හිටියේ සරා සබරගමුවෙන් උපන් හාදයෙක් කියලයි...වේයන්ගොඩ නම් නලින් අයියටත් පුළුවන් වේවිනේ සරලාගේ ගෙදට්ට පොඩ්ඩක් ගොඩ වෙලා එන්න.

      මම පොඩ්ඩක් අවධානෙන් ඉන්නේ කට්ටිය ගැන නලින් අයියේ..( මම කෙනෙක් එනකම් බලන් ඉන්නවා කියලා දන්නවා ඇතිනේ ) ඔයා උනත් එදා මිසින් වෙද්දී මම හොයලා බැලුවේ ඒකයි...

      ස්තූතියි නලින් අයියේ ඔබේ ඇගයීමට ...ඔබ වැන්නේක්ගෙන් එසේ අසන්නට ලැබීම ගෞරවයක් මට...

      Delete
    2. >> මම කෙනෙක් එනකම් බලන් ඉන්නවා කියලා දන්නවා ඇතිනේ <<

      උබ මහ පරස්පර කතා කියනවා බන් වෙලාවකට...

      මට හිතෙන්නෙ උඹ දැන් බලන් ඉන්නෙ ජේසු හරි මෛත්‍රී බුදුහාමුදුරුවො හරි එනකම් කියලා විතරයි.. :D

      Delete
    3. \\\මට හිතෙන්නෙ උඹ දැන් බලන් ඉන්නෙ ජේසු හරි මෛත්‍රී බුදුහාමුදුරුවො හරි එනකම් කියලා විතරයි.. :D\\\\

      මේ සිරාවටම අහන්නේ ජේසුගේ නැවත පැමිණීමක් ගැන සඳහන් වෙනවද බන් ?


      මම බලන් ඉන්නේ මගේ යාලුවෙක් එනකම් සෙන්නා..දැන් දැන් වැඩේ පත්තු වෙලා තියෙන්නේ..මගේ කඳට දැනෙනවා වෙනසක් ..:P

      සිරාවටම මම අහපු දේ ගැන දන්නවා නම් කියපන්...

      Delete
    4. බයිබලේ කියවෙනවා ලෝකය අවසානයේදී ජේසුස් වහන්සේගේ නැවත පැමිණීමක් ගැන. එහිදී එතුමා විසින් මිනිස්සුන්ගෙ හැසීරීම මත කරණ විනිශ්චයකින් පස්සෙ වැරදි කරුවන්ට දඩුවමුත්, යහපත් මිනිසුන්ට අලුත් ලෝකයකුත් තිළිණ කරනවා කියලා.

      මට ඔය ගැන එච්චර දැනුමක් නෑ, හරී හෝ ගිහාන් සහෝදර තුමා මේ පැත්තට ඔළුව දැම්මොත් හරි විස්තරයක් දැනගන්න පුළුවන් වෙයි. හැබැයි දෙන්නම මේ ටිකේ පට්ට බිසි.

      Delete
    5. හ්ම්ම්ම් හ්ම්ම්ම්ම් සෙන්නගේ මේ කමෙන්ට් එක මට සෑහෙන්න වටිනවා..මම එවැන්නක් ගැන දැනන් හිටියේ නැහැ මීට කළින්.. ඇත්තටම මරණය කියන දේ ගැන අද්භූත හැගීමක් මට තියෙනවා..( මට නෙවේ කාටත් එහෙම වෙන්න ඇති ) ප්‍රශ්නේ තියෙන්නේ අපෙන් ජීවිතේ යදින අයට වෙන දේ ගැන අපි නැති දාක.. සංසාරෙට බැඳෙන හැටි පේනවද සෙන්නෝ ...?

      Delete
    6. ඔන්න සෙන්නගේ යාලුවෙක් මෙතනට ආව ලින්ක් එකක් හරහා..

      Delete
    7. මෙතනත් උත්තර තියෙනවා...

      http://aagiyakatha.blogspot.com/2012/12/blog-post_23.html

      Delete
  20. ඔහුට කරදරයක් නෑති හෑඩයි.එහෙම නොවෙවා කියල පතනව.සහන් උබ ග්‍රේට් මචන්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දමිත් ඔබට...මම ඉතින් ටිකක් කට්ටිය ගැන විමසිල්ලෙන් ඉන්නේ..යම් කිසි කෙනෙක් මාස දෙකක් තිස්සේ රේඩාර් තිරයෙන් අතුරුදහන් වෙද්දී හොයලා බලනවා මම...

      ඔබට ස්තූතියි දමිත් මේ ගැන කමෙන්ටුවක් සටහන් කිරීම ගැන...හැකි වෙලාවට නැවත එන්න දමිත් , ඒ වගේම පැරණි ලිපිත් බලන්න පුළුවන් වෙලාවට ....

      Delete
  21. බොහෝමත්ම ස්තුතියි සහන් මෙහෙම විපරම් කරලා බලපු එකට. ඇත්තටම අඩුපාඩුව උනේ මගේ අතින්. මට තිබුනා මම ලංකාවට ආව බව මගේ බ්ලොග් හිතවතුන්ට දැනුම් දෙන්න. ඒත් ඉතින් නෑදෑයෝ හිතවතුන් පවුලේ උදවියත් ඒ අතරට ව්‍යාපාර කටයුතුත් පටලවා ගත්ත නිසා මගේ නිදහස උපරිමේටම සීමා උනා. ඒත් ඒකෙන් ඔයාලට ඇතිවෙන කුතුහලය ගැන නොහිතපු එක මගේ අඩුපාඩුවක්. ඒ ගැන කමාව. ඒවගේම කොමෙන්ට් වලින් අදහස් දැක්වූ සැම දෙනාටමත් මගේ ස්තූතිය. පුළුවන් තරම් ඉක්මනට මම නැවතත් බ්ලොග් ලියන්න කියවන්න එනවා. සුභ ආරංචි කිහිපයකුත් අරගෙන.එතකම් ජයවේවා කිව්වා එහෙනම්.....!!

    ආයේ මක්කැයි සරා කියන්නේ ගලේ ගහලවත් මරන්න පුළුවන් එකෙක්යෑ.....හැක්....

    ReplyDelete
    Replies
    1. ආ මේ ඇවිත් ඉන්නෙ. :D

      Delete
    2. කරදරයක් නැතිව ඉන්නවනම් ඒ මැදෑ...
      සහන් සගයෝ ගැන මෙහෙම අවධානයෙන් ඉන්න එක ලොකු දෙයක්.....ඔබේ මනුස්සකමට අපේ අචාරය!

      Delete
    3. එල ... ඔය ඉන්නෙ බුවා..... :D

      සහන් මෙන්න උඹට මගේත් ශීර්ෂ ප්‍රණාමය ! මනුස්සකම් නැතිවේගන යන ලෝකෙට උඹලා වගේ උන් හරි වටිනවා.. උඹව කන්ටැක්ට් කර ගන්න විදිහකුත් එකෙකුට හරි කියලා තියහන්..

      Delete
    4. මේ ඉන්නේ ........

      Delete
    5. මේන්.... ඇවිත්..... :D

      Delete
    6. @ සරා

      අහ මේ ඉන්නේ මනුස්සයා..මේ ප්‍රශ්නේ මෙහෙම විසඳුන එක ගැන නම් බොහෝම සතුටුයි මට..මම හිතුවේ හිරේ විලංගුවක වත් වැටිලද කියලා. හරි ඒවගෙන් කමක් නැහැ ඔහේ මට කේක් එකක් ණයයි ...ආන්න ඒක ලැබෙන්න සැලස්සුවොත් හොඳයි මට ඉක්මණටම ...

      @ ගජින්

      බොහෝම ස්තූතියි ගජින් මේ ගැන සොයා බැලීම ගැන ඔබටත් ...මට මේක තනියම කරන්න පුළුවන් දෙයක් නෙවේනේ ඔයාලගේ සහයෝගය නැතිනම්..

      @ සෙන්නා..

      ස්තූතියි මචන්.. මේ වැඩේට මුල ඉඳන් දීපු සහයෝගය ගැන බොහෝම ස්තූතියි..ඔව් ඔව් මමත් කීප දෙනෙක්ට කියලා තියන්න ඕනේ එවැනි දෙයක් ගැන..හදිස්සියක් උනොත් කව්රු නමුත් දැනගන්න එපැයි...

      @ ප්‍රසන්න DDT සමනලී ..

      ඒකනේ මේ ඉන්නේ මෑන්ස් ..

      අවසාන වශයෙන් හිරුට ස්තූතියි මේ ගැන සොයා බලා අපිව දැනුවත් කිරීම ගැන...

      Delete
    7. මම හිතන්නෙ සරා මටත් කේක් එකක් ණයයි... අර උගේ වයස කියන තරගෙන් අපි දෙන්නනේ දිනුවේ.. සරෝ බොලා අපිව ගෙන්න ගන්න ඔය තනන්නෙ..

      Delete
    8. ඒක තමයි අපිට කේක් එක නොදී මාරු වෙන්න නම් හම්බෙන්නේ නැහැ ගොයියෝ...

      Delete
    9. අම්ම්මෝ සරා අයියව දැකපුකල්.. ආපහු පෝස්ට් එකක් වැටෙනකන් බලාගෙන ඉන්නව අපි...

      Delete
  22. Replies
    1. සුබ පැතුම් දිගටම කරගෙන යන්න බලන්න අපිත් එන්නම්...

      Delete
  23. සුන්දර හෘදයාංගම බැඳීමක සුවඳ දැනෙන සටහනක් , ඔබේ මේ යොමු වීම අගය කරනවා සහන් !

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි මහේෂ් මහත්මයා ඔබේ අදහස් දැක්වීමට.. ඇත්තටම මෙවැනි පෝස්ට් එකක් දැම්මම ඇවිත් සහයෝගය දෙන පිරිසටත් ස්තූති කරන්න ඕනේ අපි.. මොකද තනි මට මෙච්චර දෙයක් කරන්න බැහැ අනිත් අය සහයෝගය නොදෙන්න...

      ඉඩක් ඇති විටක නැවත පැමිණෙන්න මහේෂ් මහත්මයා..ඔබේ පැමිණීම වටිනවා...

      Delete
  24. අර නිහාල් ගුරුසිංහත් පේන්න නෑ.

    ReplyDelete
    Replies
    1. ලින්කුව දෙන්න බලන්න කකෝ නිහාල් ගුරුසිංහගේ ...

      Delete
    2. ස්තූතියි DDT ලින්ක් එක දීම ගැන... ( මට ඔය WP ටිකක් අරහන් නෙව. ලේසියෙන්ම පිෂින් කරන්න පුළුවන්... පොඩි සෙල්ලමකින් අයිතිකාරයටවත් Cp එකට ලොග් වෙන්න බැරි කරන්න පුළුවන්. )

      Delete
  25. අපිනම් උන්නත් මලත් එකවගේ තමයි.එකෙක්වත් අපි ගැන හොයන්නේ නෑ ...හි...හි...

    ReplyDelete
    Replies
    1. හසරැල් ඉතින් කට්ටි පැනපු ගමන්ම ඉන්න ළමයෙක්නේ.. හැමදාම ඉස්කෝලේ එන ළමයෙක් වීමේ වටිනාකම දැන් වත් තේරෙනවද මේ ළමයට ..? හෙට ඉඳන් දිගටම ඉස්කෝලේ එන්න...

      Delete
  26. එතකොට හසිත කෝ බන්ස්ලා.. එයත් කාලෙක ඉඳන් නිහඬයි..???

    ReplyDelete
    Replies
    1. හසිතයා නම් ෂුවර් එකට ගලක් අත ගගා ඇත්තේ පඳුරක් අස්සට වෙලා..ඕවට බාදා කරන එක හරි නැහැ සෙන්නා.. [im]http://lankawap.com/xhtml/smilies/spy.gif[/im]

      Delete
    2. ඈක්.. ???? උඹ කියන්නෙ ඔය මොන හසිතයෙක් ගැනද ?? මම කියන්නෙ අර බෝ පැලයක් වගේ ඉන්නෙ - ආ ගිය කතා ලියන හසිත ගැන..අර කැම්පස් කොලුවා බන්..

      Delete
    3. ඔව් ඔව් මාත් කියන්නේ ඒ බෝ පැලේ ගැන තමයි... අර ගල්කණු , සෙල්ලිපි ගැන හොය හොය යන හාදයනේ ...?

      Delete
    4. සහනුත් කියන්නේ ඒ හසිත මලයා ගැනම වෙන්න ඔනේ. ඉතිහාසය කරන වුන් තමයි ගල් වලට වැඩිය මනාප....

      Delete

    5. @ සෙන්නා ඇන්ඩ් ගජින්

      මගේ කමෙන්ට් එකක් ස්පෑම් වෙලා තිබුණා..මන් හිතන්නේ දැන් හරි...

      Delete
  27. බ්ලොග් ලෝකෙ හොට්ම හොට් නිව්ස් එක.මාතලන් සහ සැමට මිතුරු කිය්යන්නෙ එක්කෙනෙක්.මම දාපු කොමෙන්ට් එක ඩිලීට් කළේ මේක චාටර් වුන නිසා.හරක් අහුවෙනවා.ඔය මුස්ලිම් නමෙන් කොමෙන්ට් කරන්නෙත් මාතලන්.නෑ කියන්න කාටවත් බෑ.ඉස්සරහට එළිවෙයි මේ සෙල්ලම්

    යාළුවනේ සැමට මිතුරුගෙ ලිපියකුයි මාතලන්ගෙ ලිපියකුයි සංසන්දනය කරන්න අද්හස් නොවෙයි ලියන ස්ටයිල් එක.එක වගේමයි.මදපෙරදිග හිටි නිසා මුස්ලිම් ආගම ගැන මාතලන් දන්නව.හරක් ටික අහුවෙනව.මට දැන් හිතෙනව අර මුස්ලිම් නමෙන් කොමෙන්ට් කරන්නෙත් මාතලන්ද කියල

    ReplyDelete
    Replies
    1. 01.මාතලන් ඒ පෝස්ට් එක ලියලා තියෙන්නේ බුර්කාවට විරුද්ධව ...

      02.සැමට මිතුරු කමෙන්ට් කරලා තියෙන්නේ බුර්කාවට පක්ෂව...මුස්ලිම් නමෙන් කමෙන්ට් කරන කෙනා කමෙන්ට් දාල තියෙන්නෙත් බුර්කාවට පක්ෂව .


      ඔබට 01 සහ 02 අතර සම්බන්ධයක් පේනවද ...? ( මේක රුසියානු කුමන්ත්‍රණයක් නෙවේ රට පටලපු . ඒ නිසා සරළව හිතුවම ඇති.)

      Delete
  28. සරත් චන්ද්‍රසිරි ඉන්නවා?
    බ්ලොග් රෝල් එකේ ටික් එකක් /හරි ලකුණක් දාගත්තා.
    එතකොට නිහාල් ගුරුසිංහ ?
    Thanks our friend Silentsahan.

    ReplyDelete
    Replies
    1. ඔබට ස්තූතියි මේ ගැන සටහනක් තැබීම ගැන දයාල් ...


      නිහාල්ගේ ලොගින් එකවුන්ට් එක බ්ලොක් වෙලාද දන්නේ නැහැ බති. සාමාන්‍යයෙන් එයා වෙනත් බ්ලොග් වල කමෙන්ට් දැම්මෙත් අඩුවෙන් නේද ..? අන්න එතකොට හොයන්න අමාරුයි එයාගේ pc එකෙන් එන ට්‍රැෆික් ... ( ප්‍රශ්නේ තියෙන්නේ මම එයාගේ හැසිරීම් ගැන අවදානෙන් ඉඳලා නැහැ ) කෙසේ වෙතත් අපි පඬුරක් ගැට ගහලා තියමු " අපි අටවන බොරු වලේ වැටේවා " කියලා.. එහෙම හොඳයි නේද මගේ මිත්‍රයා ...?

      Delete
  29. මම එනකොට නැති වෙච්ච අය හම්බ වෙලත් ඉවරයි :) මොනවා උනත් සහන් කරපු වැඩේ අදහන්න වටිනවා. ඒකට මගේ ප්‍රණාමය..ඒ වගේම අර අටම් කිව්වා වගේ මටත් හිතෙන්නේ සහන් මහා භයානක පොරක් කියලා...හිහි.... :))

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි සයුරි.. සයුරිව නැති උනොත් නම් එන්න ඕනේ තැන මම දන්නවා..ඔන්න මාස දෙකකට වඩා අතුරුදහන්ව හිටියොත් අපි එනවා හරිද ...? හපෝ නැහැ නැහැ මම දැන් ඒ සේරම දේවල් වලින් අයින් වෙලා ඉන්නේ... පරණ පුරුද්ද ඇර ගන්න බැරි කම මිසක්කා [im]http://lankawap.com/xhtml/smilies/hehe.gif[/im]

      Delete
  30. නිකං බොරුවට කිපෙන්නේ නැතිව අහල බලල මේ වගේ වැඩ කරහං. ගොං පාර්ට්...හොයන එක අපිත් හොයනවා හැබැයි මෙහෙම පෝස්ට්කටු දදා හොයනවනං ඒක වෙන විදියකට කරහං. අහල පහල මිනිස්සු බොරුවට කුලප්පු නොකර..

    ReplyDelete
    Replies
    1. හපොයි හපොයි ඉරිසියාවේ පැලෙනවා නේද ...? බණක් දහමක් කර ගත්තොත් නරකද ඔහේ ...?

      Delete
  31. බොහොම සන්තෝසයි සහන් ඔබේ මේ කැපවීම ගැන.

    මේ කියන බ්ලොග් එක ගැන දැනගත්තේ ඔබේ පොස්ට් එකේ තිබුන ලින්ක් එක දිගේ ගිහින්.
    ඇත්තෙන්ම ඔහු අපුරු ලියන්නෙක්..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මනෝජ් ඔබේ ඇගයීමට ... ඔය උඩ ඉන්න කුහකයා නම් ඉරිසියාවේ පැලෙනවා ..පේනවනේ ...

      ඔව් මනෝජ් පුළුවන් වෙලාවට ඒ බ්ලොග් එකට යන්න ..එක එක මාතෘකා ගැන ලිපි තියෙනවා දවසක් දාගෙන කියවන්න පුළුවන්...

      Delete
    2. <> මේ කියන්න ඇත්තේ දේශක ගැනද..?
      දේශක නම් මට මාර විදියට උදව් කරන එළ කොල්ලෙක්.
      බුවා එහෙම කමන්ට් කරන්න ඇත්තේ විහිලුවට...:)

      Delete
    3. නැහැ නැහැ ඕකා කුහකයා ..මම දන්නවනේ පොර ගැන... :)

      Delete
  32. මගේ කමන්ට් එක නැහැනේ මේකට දාපු..:(

    ReplyDelete
    Replies
    1. මම ටිකකට මේකේ admin එකවුන්ට් එක වෙන කෙනෙක් යටතට පත් කරා මනෝජ් පුංචි ඩොමේන් අප්ග්‍රේඩ් එකක් කරන්න...එතකම් කමෙන්ට් වැටෙන්න වෙලා යාවි...

      Delete
  33. ඕං අපි එන වෙලාව...
    පෙරහැරත් ඉවරයි....
    බලන්න ආපු උනුත් ගෙදර ගිහින්....
    අඩුගානේ වඩේ කාරයෙක්වත් නෑ.... ^_^

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. අලි බෙටි තියෙනවා රජෝ..සුද්ද කරනවනම් වඩයක් අරන් දෙන්නම් ඊළඟ පෙරහැර දාට ... කැමතිද ..?

      Delete
  34. මේ ඇත්තටම තමුන් නැහේ කවුද @ SilentSahan

    ReplyDelete
    Replies
    1. හයියෝ බන් ඕක ගැන එතරම් හිතන්න දෙයක් නැහැ. මම මේ කෙටි විවේකයක් ගන්න කියලා ආව කෙනෙක්.. එතෙක් ලැබුණ කාලයෙන් බ්ලොග් එකක් පටන් ගත්තා.. බොහෝ විට මේ දෙසැම්බර් වෙද්දී මම නැවත යනවා නිවාඩු අහවර කරලා.. එතෙක් මම බ්ලොග් පෝස්ට් ටිකක් දානවා , කට්ටිය එක්ක විනෝදෙන් ඉන්නවා...

      පහු ගිය සැප්තැම්බරයේ සිට මාව ජීවත් කරේ උඹල ටික තමයි අටමෝ.උඹලට බොහෝම පින්.කවදාවත් අමතක වෙන්නේ නැහැ...! ( මම මෙහෙම කියන්නේ විහිළුවට නෙවේ )

      Delete
    2. සහන් ගේ අකුරු, වචන, වැකි දැන් අපට තේරෙන තත්වයට පත් වී තිබේ!

      Delete
  35. උබේ වැඩේ අගේ කරන්න මචං. හැබැයි ඉතින් අපි එද්දි ඔක්කොම වෙලා ඉවරයි නොවැ.

    //ඔහු මීට පෙර භාවිතා කල පරිගණක 5 අන්තර්ජාලයට සම්බන්ධිතව පවති.//
    අඩෝ උබ පිෂින් කරනවද ඈ

    ReplyDelete
    Replies
    1. නැහැ නැහැ පිෂින් වලින් මේවා හොයන්න බැහැනේ..

      Delete
  36. එක පැත්තකින් එක සරත් කෙනෙක් නැ කියල ඔක්කොම හොයද්දි මම කවුරුත් මාව හෙවුවෙ නැ කියල අඬන්න පෝස්ට් එකක් ලිවුවා. මටම ලජ්ජයි.. ඒත් මේක පුදුම කෝඉන්සිඩන්ස් එකක් නෙවෙයිද සහන් ?

    ReplyDelete
    Replies
    1. නැහැනේ මට එහෙම හිතෙන්නේ නැහැනේ...:P

      Delete
  37. මං එද්දි නං පෙරහැර ගිහින්... සහන් හොද මිත්‍රයෙක්, ‍සහෝදරයෙක් බව දැනෙනවා.. අගෙයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තරු..මෙහෙම කෙනෙක් නැති උනාම හොයන්න එපැයි ඉතින් ටිකක්..යුතුකම් නෙව..

      Delete
  38. හපොයි පෙරහැර ගිහින් පාර සුද්ද කරලත් ඉවරයි නොවැ..

    ReplyDelete
    Replies
    1. එහෙම හිතන්න එපා රූ..දැන් ඉතින් ආව එකේ අයිස් කිරින් එකක් වත් අරන් දෙන්නම්කො මන් ළඟ කඩේකින්..මොකද කියන්නේ රූ ..?

      Delete
  39. ඉතාම අගය කරනවා සහන්. මම මේ ලිපිය දුටු ගමන්මයි කමෙන්ට් කරන්නෙ. මා යන එන සීමිත බ්ලොග් අතර ඔහුගේ බ්ලොග් එකත් තියෙනවා. මාත් සෑහෙන කාලෙකින් තමයි ආවෙ. ඇවිත් පුරුදු පරිදි ඔහුගෙ බ්ලොග් එකට ගියාම තමයි දැක්කෙ ඔහු සෑහෙන කලකින් ඇවිත් නෑ කියලා. කමෙන්ට් එකක් කොටලා ආවාට එයින් එහා මාත් මුකුත්ම කළේ නෑ ඒ ගැන. ඔබ ගැන ආඩම්බරයි සහන් . ඒ වගේම මේ පෝස්ට් එක මේ ජාතියෙ පළමුවෙනි එක වෙන්නැති. එහෙමනම් මේක ඓතිහාසිකයි.
    (And Last but not the least : Thank you very much Hiru! )

    ReplyDelete

ඔබ කමෙන්ටුවක් දමයි නම් කරුණාකර මෙහි කමෙන්ටු E mail subscribe කරන්න .. නැතිනම් පිළිතුරු මග හැරී යනු ඇත ...

කමෙන්ට් යනු ඔබගේ අදහස් ප්‍රකශ කිරීමට සලසා ඇති ඉඩයි. සිතුවිලි ලියා තැබුණු විට අන් අයටද ප්‍රයෝජනයක් විය හැක !

http44444444://1.bp.blogspot.com/-F0lMkO9hSe8/UjM37DArTZI/AAAAAAAAAwo/wtP9O0K_6UE/s1600/543431_208554675978924_1215099537_n.jpg15099537_n.jpg

සහයෝගය දක්වන වෙබ් එකමුතු ...

මාතලන්ගේ සින්ඩිය...api apita Blog Readerlankeeya sithuwililankeeya sithuwili lankeeya sithuwili