දැන්වීම් පුවරුව . ( පින්තූර මතට මවුස් පොයින්ටරය රැගෙන යන්න )

දැනට වසර දෙකක පමණ සිට සෑම සතියකටම වරක් ලිපියක් හෝ දෙකක් පළ කළෙමි. සිත් ගත් ලිපියක් වේ නම් හිතමිතුරන් අතරත් බෙදාගන්න.

මෙම වෙබ් අඩවිය ලෝඩ් වීමට පමා වේ නම් මෙම ලින්ක් එක භාවිතා කරන්න.

Go and get Sinhala Unicode to your Computer
Face Book Link Share.

December 9, 2013

( Rajitha-Dilan )අමාත්‍යවරුන් දෙදෙනෙකුගේ අභ්‍යන්තර ගැටුමක් ...!


             මම දැක්කා ගිය සතියක ( 2013-11-24 page no 18 ) ලංකාදීප පත්තරේක තියෙනවා ධීවර සහ ජලජ සම්පත් ඇමති රාජිත සේනාරත්න මහතා සහ විදේශ රැකියා ප්‍රවර්ධන සහ සුබසාධන ඇමති ඩිලාන් පෙරේරා මහතා අතර ඇතිව ඇති මතභේදයක්.


ප්‍රශ්නේ මේකයි ..

රාජිත මහත්තයගේ පැත්තෙන් :ලෝක ධීවර සංවිධානයේ තීරණයක් මත ශ්‍රී ලාංකික ධීවරයන් 4,000 කට වෙනත් රටවලට ගිහින් වැඩ කරන්න අවස්ථාවක් ලැබිලා. නිකන් සුහද මාරුවක් වගේ සිදුවීමක්... දැන් මේ සුහද මාරුව සිදු වෙන්නේ කොරියාවට.. අපේ ධීවරයන් කොරියාවේ යනවා.. ( එහෙ අය මෙහෙ එන්නේ නැහැ..බය වෙන්න එපා.  ඒකපාර්ශවික මාරුවක් !)

            නමුත් කොරියාවට යෑම සඳහා විදේශ රැකියා කාර්යාංශය මගින් අවසර දෙන්නේ නැතිලු කොරියානු භාෂා විභාගය සමත් නැති අයට. එම කාර්යංශය බාර  ඇමති ඩිලාන් පෙරේරා මහත්තයට.

          රාජිත මහත්තයා ඩිලාන් මහත්තයා එක්ක කතා කරාලු.. ඒත් බැහැයි කිව්වලු. නිසි පටිපාටියට අනුව අවසර දීම කල නොහැකිලු!



ඩිලාන් මහත්තයගේ පැත්තෙන් : කොරියාවට රැකියා සඳහා යන සියලු දෙනාම කොරියානු භාෂා ලිඛිත විභාගයෙන් සමත් වෙන්න ඕනේ. නැත්නම් කොරියාවට ගන්නේ නැහැ. කොරියානු ශ්‍රී ලංකා ගිවිසුමට අනුව වැඩ කරන්න ඕනේ. නීත්‍යානුකූල ක්‍රමයෙන් පරිබාහිර කිසිම කෙනෙකුව යවන්න බැහැ. එය ගිවිසුම උල්ලංගනය කිරීමක්.


ඇමතිවරුන් දෙන්නා පුද්ගලිකව තරහද ? : රාජිත මහත්තයා සහ ඩිලාන් මහත්තයා අතර කිසිම ගැටළුවක් නැහැයි කියලයි කියන්නේ . (මට පේන්නේ පොඩි ෂෝ එකක් කරනවා දෙන්නම කම්මැලිකම යන්න. ගැලරිය පිනවීමක්ද මන්දා )


ධීවරයින්ගේ පැත්තෙන් : ධීවරයින් 4,000 දෙනාට යන්න තිබුණ අවස්ථාවක් නැති උනාලු. අපිට එහෙම අවස්ථාවක් තිබ්බලු. මොකක්ද E-10 කේස් එකක් නිසා දැන් යන්න බැරිලු.


පිට ඉඳන් බලන මට හිතෙන හැටි :  රාජිත මහත්තයත් හරි. ලෝක ධීවර සංවිධානය නිසා ලැබුණ රැකියා අවස්ථා ටිකක් නෙව මේක. කොරියානු භාෂා ගිවිසුමක් මේකට අදාළ නැහැ. ඩිලාන් මහත්තයත් හරි මොකද මේ දේවල් කරන්න ගිහින් කොරියානු රැකියා ගිවිසුම අහෝසි උනොත් දස දහස් ගණනකට කොරියානු රැකියා නැති වෙන්න පුළුවන්. දුවන මුවන් දැක නොදමුව නෙලූ පළා කියන කතාවත් මතක් උනා.

ධීවරයෝ ගැන හිතද්දී මතක් වෙන්නේ වල් ඌරෝ කැකුණ තලද්දී හබන් කුකුළන්ට රජ මගුල් කියන කතාවේම රී මික්ස් එක.






              වල් ඌරෝ කැකුණ තලද්දී හබන් කුකුළන්ගේ බෙළි පෑගෙන්න පුළුවන්. අන්තිමට වල් ඌරෝ යාලු වෙනවා. හබන් කුකුල්ලු පොඩි වෙලා මැරෙනවා. හිනත් යනවා අප්පා මේවට..





පොඩි ප්‍රශ්නයක් : එහා පැත්තේ  හෝල් එකේ 2.30 පෙන්නලා ඉවරද ? 6.30 ක් තියෙනවද අයියා ?

මොකද අපිත් 9.30 ගහන්න ඕනේ .. :D




91 comments:

  1. බොට වැරදිලා.. ෆීලික්ස් - රාජිත

    ReplyDelete
    Replies
    1. දැනට මා සතුව 2013-11-24 page no 18 ඉරිදා ලංකා දීපය ඇත... පත්තරේ අරන් බලපන්කො ටිකක් උඹත් ....

      Delete
    2. ආනේ මං හිතුවේ නැහැනේ පත්තරේ බලං ලියන් විත්තියක්.. හැක් හැක්

      Delete
    3. \\\\\\\\බොට වැරදිලා.. ෆීලික්ස් - රාජිත\\\\\\\\

      ඔයා ලියන්නේ මොකක් බලන්ද ...?හැක හැක හැක ..

      Delete
    4. මූ ටපෝලගෙන... මමත් ලියන්න උන්නේ මේ ගැන ඒත් මිස් උනා.. ඩිලාන් මහ නරුමයෙක්, එතනදි.. දේශකයා කතා කරන්නෙ අනිත් වලිය.

      Delete
    5. @ මාතලන්

      එයාගේ හැටි නෙව ... :)

      ( මන් කිව්වේ දේශා ගැන හරිය ? )

      Delete
  2. පීලික්ස් රාජිතයි අතරෙත් මොකක්ද එකක් තියෙනවා මම යන්තමට ඉරිදා ලංකාදීපේ දැක්කා....ඔවා කොහොමත් ශෝ කියලා පුර්ව නිගමනයක් ඉන්න හින්දා කියවලවත් බැළුවේ නෑ.....

    ReplyDelete
    Replies
    1. රාජිත සේනාරත්න = ධීවර සහ ජලජ සම්පත් ඇමති

      ඩිලාන් පෙරේරා = විදේශ රැකියා ප්‍රවර්ධන සහ සුබසාධන ඇමති

      ෆීලික්ස් මහත්තය = ????????? ( කොරියානු භාෂා ඇමතිද ? අනේ දන්නේ නැති නිසා ඇහුවේ . අපහාසයක් නම් නෙවේ .. සීනි වලටත් ඇමති ධූර ඇති නිසයි ඒ වගේ ප්‍රශ්නයක් ඇහුවේ මම :P )

      Delete
    2. ෆීලික්ස් මහත්තය =ධීවර නි‍යෝජ්‍ය ඇමති.
      මතක නැද්ද ඡීවරයන් මියගිය ‍වෙ‍ලේ ආපදා ඇමති එක්ක ෆයිට් ක‍ලේ.(‍කො‍හේද සති ‍‍දෙක පැනල‍නෙ)

      Delete
    3. ෆීලික්ස් මහත්තය ඉස්සර ධීවර ඇමති,දැන් සමාජ සේවා ඇමති

      Delete
    4. \\\\\\\\\\(‍කො‍හේද සති ‍‍දෙක පැනල‍නෙ)\\\\\\\

      ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      දැනුයි ටිකිරි මොළේට වැටහුණේ

      Delete
    5. ධීවර පොඩි එකා, ඒ කියන්නේ රාජිතයාගේ බඩියා තමයි සරත් ගුණරත්න නොහොත් මීගමුවේ නිමල් ලංසා නැමති නයාගේ මුගටියා.

      Delete
    6. සොරි වේවා! සරත් ගුණරත්න සහ ෆීලික්ස් ටැපලුනා. සති ‍‍දෙක පැනල‍නෙ!

      Delete
  3. ඇමැති වරුන්ට විෂයන් පැවරුවාම,අන්තිමට මුකුත්ම වෙන්නෙ නැති විත්තිය දන්න හින්දා වෙන්ඩ ඕනේ ලොක්කා වැදගත් විෂයන් ටික ඔක්කොම තියන් ඉන්නේ :D

    ReplyDelete
    Replies
    1. ඔය දේට කියන ලස්සන නමක් තියෙනවා මචන්... පටන් ගන්නේ " ඒ " අකුරෙන් ...

      Delete
  4. ලොක්කා !!!

    "" මේ පාරෙන් එන්න ""

    දැන් පෙන්වනවා !!

    ( පාසල් දර්ශන සඳහා විශේශ වට්ටම් - විමසන්න පත්තර මල්ලි )

    ReplyDelete
    Replies
    1. උපරිම වට්ටමක් ගන්න පුළුවන් වෙයිද අයියා ...?

      Delete
    2. දෙන්නංකො පොරි හැලෙන්න !!

      Delete
  5. පිට ඉඳන් බලන මට හිතෙන හැටි : රාජිත මහත්තයත් හරි. ලෝක ධීවර සංවිධානය නිසා ලැබුණ රැකියා අවස්ථා ටිකක් නෙව මේක. කොරියානු භාෂා ගිවිසුමක් මේකට අදාළ නැහැ. ඩිලාන් මහත්තයත් හරි මොකද මේ දේවල් කරන්න ගිහින් කොරියානු රැකියා ගිවිසුම අහෝසි උනොත් දස දහස් ගණනකට කොරියානු රැකියා නැති වෙන්න පුළුවන්.

    සිම්පල් ‍කේස් එකක් මචං. ‍මේක මං ව‍ගේ සුළු රාජ්‍ය ‍සේවක‍යෙකුට උනත් විසඳන්න පුළුවන් ‍දෙයක්. බලන්න ති‍යෙන්‍නෙ ‍කොරියානු භාෂාව ගැන ‍කෙතාරියාව එක්ක ගහපු ගිවිසුම ‍මේකටත් බලපානවද කියන කාරණාව විතරයි. ඒක බලපානව නං ධීවරයන් 4000 ‍නොයැව්වට අවුලක් නෑ. ‍මොකද ‍කොරියානු රැකියා ඊට වඩා වටිනව. ඒ‍කෙ බලපෑමක් නැත්තං අවුලක් නෑ.

    නමුත් ‍මෙ‍හෙම ‍දෙයක් ‍වෙන්‍නෙ නං ‍දෙන්න‍ගෙ ඇරියස් ඇති, නැත්තං ‍තෝරගන්නා පිරි‍සෙන් යම් ප්‍රතිශතයක් ඩිලාන්ටත් දුන්නනං හරි. (හැබෑට බදුල්ලෙ ධීවර‍යො ඉන්නවද? බදුල්ලට මූදක් තියනවද?)

    ReplyDelete
    Replies
    1. \\\\\\\\\\නමුත් ‍මෙ‍හෙම ‍දෙයක් ‍වෙන්‍නෙ නං ‍දෙන්න‍ගෙ ඇරියස් ඇති, නැත්තං ‍තෝරගන්නා පිරි‍සෙන් යම් ප්‍රතිශතයක් ඩිලාන්ටත් දුන්නනං හරි.\\\\\\\\\\
      +++

      \\\\හැබෑට බදුල්ලෙ ධීවර‍යො ඉන්නවද? බදුල්ලට මූදක් තියනවද?\\\\\\\\\

      අපි හදමුකෝ ඉතින්... මම හදන්නම් ප්‍රොජෙක්ට් එකක් ටාර් ගාලා ... උදව්වට අරගොල්ලොත් ඉන්නවා ... :)

      \\\\\\\\බලන්න ති‍යෙන්‍නෙ ‍කොරියානු භාෂාව ගැන ‍කෙතාරියාව එක්ක ගහපු ගිවිසුම ‍මේකටත් බලපානවද කියන කාරණාව විතරයි.\\\\\\

      මොකක්ද E - 10 එකක් ගැන දෙන්නම කියවනවා... අනේ පිට ඉඳන් බලන අපිට සීන් එකේ කිසිම දෙයක් තේරෙන්නේ නැහැ ...:D
      ______________________________________


      මොනවා උනත් රාජ් විශාල ඇමති ධූර ප්‍රමාණයක් ඇති උනාම ගැටුම් ඇති වෙනවා... වලක්වන්න බැහැ... එක්කෙනෙක්ට එක්කෙනෙක් නැහැ නෙව..ඒකට සහෝදර සමාගම ..! අන්න මිනිස්සු ! පුදුම සමගියක් .... ( සහෝදර සමාගමට අපි කොච්චර බැන්නත් ඒ මිනිස්සුන්ගෙන් ඉගෙන ගන්න දේවල් තියෙනවා අපිට )

      Delete
  6. මමනම් කියනවා ඔය විදේශ රැකියා ප්‍රවර්ධන සහ සුබසාධන ඇමතිකම දරන එකා ගොන්ම ගොන් යකෙක් තමයි මේ දැනට අවුරුදු දෙකකට විතර කලින් ඇවිත් කියලා ගිය කෙප්ප තොගේ මෝඩ මුසල නරියා.... නොදොකින් විතරක්

    චෝගම් එකට මෙහෙ අගමැති තුමා ලංකාවට අව වෙලාවේ රටේ ඉහලම කට්ටිය එක්ක සාකච්චාවකදී කියලා මෙහෙ රැකියා අවස්ථා ටිකක් ඕනනම් දෙන්නම් කියලා.... අපේ ලොක්කෝ කියලා අනේ ඕන නෑ අපේ රටෙත් සංවර්ධන වැඩසටහන් ගොඩාරියක් යනවා ඒවටත් කට්ටිය මදි කියලා ......
    චාන්ස් එක අපි වෙලාවේ ඔය එකෙක්ටවත් මතක් වෙලා නැනේ දැනට මෙහෙ මොනම එකක්වත් නැතුව ඉන්න 5000කට කිට්ටු ප්‍රමාණයට මොකක් හරි සහනයක් දෙන්න කියලා ඉල්ලන්න...... අනේ අපේ ලොක්කෝ

    ReplyDelete
    Replies
    1. හපොයි මෙන්න බනිනවෝ ......................................

      Delete
    2. හා හා !! සහන් ප්‍රශ්නෙන් පිට් පනින්නෙපා !! :-)

      Delete
  7. මගේ නම් ඔය දේශ පාළුවෝ ගැන කිසිම පැහැදීමක් නෑ. ඒත් අපේ රටට ලැබෙන මේ වගේ අවස්ථාවන් නිකරැනේ නාස්ති නොකර එකතු වෙලා කොහොම හරි විසදගන්න තිබුනේ. මේක වැඩේ වැඩක් හරි ගිහිල්ලා කාට හරි ලකුණු වැටෙනවට අනිකා කැමති නෑ.

    ReplyDelete
    Replies
    1. \\\\\\\\\මේ වගේ අවස්ථාවන් නිකරැනේ නාස්ති නොකර එකතු වෙලා කොහොම හරි විසදගන්න තිබුනේ. \\\\\\\

      අනිවා.. ඇමතිලත් ගොඩ ... ධීවරයොත් ගොඩ.. දෙගොල්ලොම ලක්ෂ බර ගාණක් හොයනවා එහෙනම් ...

      Delete
  8. මුන්ගේ අභ්‍යන්තර ගැටුම් දුරදිග ගිහින් හරි අර මුල්ලේරියාවේදී වගේ එකට එකා මරාගෙන හරි කමක් නැහැ ඇමති මණ්ඩලේ වුන් නැතිවෙලා යනවානම්.

    ReplyDelete
    Replies
    1. මටත් ඔහොම හිතුන වෙලාවල් නැත්තේ නැහැ...

      Delete
  9. වල් ඌරෝ කැකුණ තලද්දී හබන් කුකුළන්ගේ බෙළි පෑගෙන්න පුළුවන්. අන්තිමට වල් ඌරෝ යාලු වෙනවා. හබන් කුකුල්ලු පොඩි වෙලා මැරෙනවා. හිනත් යනවා අප්පා මේවට..

    +++

    ReplyDelete
  10. අපේ අය කෙටිකාලීන කෑමවල් වලට පොරබදනවා මින අවුරුද්දකින් එහා පැත්තෙ ලැබෙන කෑම ගැන හිතන්නෙ නැහැ. ඔතනදි දෙන්නටම තම තමුන්ගේ නිලදාරි ගෙනල්ලා සාකච්චා කරලා කොරියාවට දෙතුං දෙනෙක් යවල ඇත්තම විස්තරේ දැනගෙන කොරියන් විබාගෙ අනුව හරි කමක් නැහැ කස්ටිය යවාගන්න හැකි වුනොත් දෙන්නටම හොදයි..කෝටා එක ඉතිං බෙදාගන්න ඕනි දෙන්නම..
    එකෙක්ගෙන් එක ඇමතියට පනස්දාහක් තිබුනත් ඔය හාරදාහෙන් ලොකු ගානක් හොයත හැකි.. කොරියාවෙ ගියාම එක මාසෙට ලක්ෂ දෙකක් හම්බ කරන්න පුලුවන් චාන්ස් එකක් හදල දුන්නු ඇමතිතුමන්ලා දෙන්නට ලක්ෂ්‍යක් දෙන්න බැරි ගෝතයෙක් ඉන්නවා නම් ඌට මෙහෙට වෙලා මෙහෙ සමාජවාදී රටක් හැදිලා රට සාධාරන වෙනකල් කෙපර බබා ඉන්න චාන්ස් එක තියෙනවා..

    ReplyDelete
    Replies
    1. \\\\\\\කෝටා එක ඉතිං බෙදාගන්න ඕනි දෙන්නම..\\\\\

      කොරියන් විබාගේ කරන්න කොච්චර කාලයක් යනවද දන්නේ නැහැ මම... ඒ ගැන දන්න කෙනෙක් විස්තර කියයිද බලමු... ඊට පස්සේ අමිල කියන දේ කරන්න පුළුවන්...

      \\\\\\\\\\රට සාධාරන වෙනකල් කෙපර බබා ඉන්න චාන්ස් එක තියෙනවා.. \\\\\\\\

      වැල යන අතට මැස්ස ගහන්නම ඕනේ අමිල ... නැත්නම් ඔලුව උස්සන්න බැහැ ....

      Delete
  11. යුද්ධෙත් නැතුව කම්මැලිකමේ ඉන්න අපේ රටේ මිනිස්සුන්ට පොඩි ආතල් එකක් දෙනවා මේගොල්ලෝ.වැඩිය හිතන්ඩ නරකයි.බලලා සතුටු වෙලා, පොරි ටික කාලා, අන්තිමට ලයිට් දැම්මම නැගිටලා එන එකයි තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. චෝගම් එක ගැන පත්තර වල ගියපුවා දැක්ක නේද දිනුක... එළිපිට වංචාව ...

      Delete
  12. ඔන්න ඕකයි රටේ තත්වේ ......

    ReplyDelete
    Replies
    1. ( මසක පඩිය ලක්ෂ දෙකට ගණන් හැදුවොත් ) මිලියන 19 දාහක් එනවා ශිරන්ත ඔය ධීවරයෝ 4,000 දෙනා වසර දෙකක් සඳහා කොරියා යැව්වා නම් .... ( 200,000 X 24 X 4000 = 19,200,000,000 )

      මිලියන 19 දාහෙන් 35 % ක් නැවත ශ්‍රී ලංකාවට එව්වත් මිලියන 6000 ක් තියෙනවා ...දැන් ඒ මුදල් සේරම වතුරේ..

      Delete
  13. පොඩ්ඩක් ඔහොම ඉන්න......වැඩේට ආඩම්බරකාර තාත්තා එන්ටර් වෙලා, අර දෙන්නාව පැත්තකින් තියලා ,බස්නාහිර ඡන්දෙට මීගමුව, බේරුවල පැත්තේ ලොකු සද්දයක් දාලා කොරියන් චන්ද ගේමක් දෙයි......රාජිත බේරුවල.....සරත් ගුනරත්න..මීගමුව.

    ReplyDelete
    Replies
    1. අරූ අයියගේ කතාව දකිද්දී මට හිතෙන්නේ එකම දෙයයි... ලංකාවේ සියලුම දේවල් ඉලක්ක වෙන්නේ මීළඟ චන්දය සඳහා මිසක් වසර 10 - 15 අනාගතය වෙනුවෙන් නෙවේ . එදා වේල ටුවර්ස් ...


      ඔබේ කමෙන්ටුව වෙද මහත්තය දැක්කා නම් තව එකතු කරයි ....

      Delete
    2. ඒකනේ සහන් අපි දන්න කාලේ ඉඳන්ම වුනේ.....දැන්නම් ඉතින් අවු 10-15 නෙමේ මාසෙන් මාසට පරිපූරක දාගෙන රට දුවන්න වෙන්නේ. එදාවේල වචනෙට වඩා හොඳ එකක් නැද්ද බං?

      Delete
    3. ඇයි ඒක ග්‍රාම්‍යයි වගේද ? ඉන්න බලන්න පොත පෙරළලා .... පොඩි කාලයක් දෙන්න මට ............

      Delete
    4. "හිඟා නොකා හිඟා ටුවර්ස්" වගේ මොඩන් එකක්!

      Delete
  14. දෙගොල්ලා දෙපැත්තට බෝලේ පාස් කරද්දී ආසවෙන් බලාගෙන හිටපු ධිවර‍යො ටික තමයි පවු.. අන්තිමේ වෙනද වගේම මුකුත් නැති වෙන්නේ අහිංසකයන්ට..

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත දිනේෂ් ...... තනියම ඔලුව උස්සනවා ඇර විසඳුමක් නැහැ ඔවුන්ට...

      Delete
  15. ඔය කොරියන් භාෂා විභාගයෙන් සමත් දරුවෝ දහස් ගානක් ඉන්නවා මල්ලි යන්න බලාගෙන.
    මේ පර දේශපාලුවන්ගේ කඹ ඇදිල්ල නිසා වසරකට රටට අහිමි වන සම්පත් ප්‍රමාණය කියල වැඩක් නැහැ.
    ඔය ගොන් වැස්සෝ දෙන්නගෙම වැඩ ගැන මම හොදට දන්නව.
    ඩිලාන් කාරය අමු ගොන් වස්ස.

    ReplyDelete
    Replies

    1. හා හා කෙන්ජි අයියේ .... මේ මොනවද මේ කියන්නේ...මෙන්න මෙහෙම සංශෝදනය කරන්න
      ________________________________________________


      මෙවන් අනුවණ දේශපාලකයන්ගේ අනුවණ ක්‍රියාවන් නිසා වසරකට රටට අහිමි වන සම්පත් ප්‍රමාණය සිතා ගත නොහැක.
      ඔබ සඳහන් කල අයගේ අනුවණ ක්‍රියා ගැන මා දැනුවත්.
      ඩිලාන් මහත්මයා රත්තරන් මිනිහා . . !

      _______________________________________________

      Delete
  16. ගැලරිය පිනවීම තමයි මේගොල්ලො කොහොමත් කරන්නෙ දැං.....

    ReplyDelete
    Replies
    1. සාමාන්‍ය වැසියන්ටත් ඒක පුරුදු වෙලා හිරු ....

      Delete
  17. "අනුවණ දේශපාලකයන්ගේ අනුවණ ක්‍රියාවන් නිසා වසරකට රටට අහිමි වන සම්පත් ප්‍රමාණය සිතා ගත නොහැක."
    ඒත් දේශපාලුවන්ට සම්පත් සහ චන්දය දෙකම ලැබෙනව

    ReplyDelete
    Replies
    1. @ ප්‍රා , ජේ ,


      ඒකනේ වැඩේ ....!

      Delete
  18. ඔකට කියන්නෙ සහන් ආශ්චර්ය කියල.තව මුලට ආසියාවෙ කියලත් දාගන්න
    (සතිදෙක ඉක්මගෙස් ඇතිනිසා හැගිමක් නොමැතිව )

    ReplyDelete
    Replies
    1. මට දුක අර මිලියන 6000 ගැන ...ඒ ටික ආව නම් ගෙවල් කීයක් හැදෙයිද ? ධීවර ළමයි කීදෙනෙක් අකුරක් හරි වැඩිපුර ඉගෙන ගනීද ? UN එකෙන් ඇවිත් ප්‍රොජෙක්ට් කරන්න ඕනේ නැහැ අමුතුවෙන්.. ඔන්න ඕවයි සංවර්ධන ව්‍යාපෘති කියන්නේ .......

      ( අරක්කු , සිගරට් වෙනත් විෂමාචාරයන් සඳහා යන මුදල් අමතක කරන්නකෝ..සියල්ල එක රැයෙන් කරන්න බැහැනේ. අඩුම තරමේ මිලියන 500 කින් වත් වැදගත් වැඩක් වේවිනෙ )

      Delete
  19. කාලයක් මන් ලංකාවේ පත්තර බැලුවා,කාලයක් නිවුස් ඇහැව්වා දැන්නම් ඔය දෙකෙන් එකක්වත් කරන් නෑ....බොරුවට ඕවල තියෙන දේවල් බලලා හුල්ලන්නයි වෙන්නේ......පව් අසරණ මිනිස්සු,දේශපාලුවෝ මහා නරුමයෝ කිව්වට එව්වා වචන විතරයි,,,,කිසිම දෙයක් ,කිසිම කෙනෙක් හරි ගස්සන්න උත්සහා කරන් නෑ හැමදාම වගේ පෝසතා බලවතා වෙලා දුප්පතා අසරණයා වෙන එක විතරයි වෙන්නේ....අනේ මන්දා ......

    ReplyDelete
    Replies
    1. දුක් වෙන්න එපා ශානු.. ලිබියාවක් වේවි ඉක්මණට... එතකම් අපි ඉමු..

      Delete
  20. දවසට ගැලපෙන පෝස්ටුව..... මට නං මේකේ සහන් කියන්නේ වෙන කතාවක් කියලයි වැටහුණේ. ඒත තමා සහන්ගේ ඇති සුවිශේෂත්වය. කැකුණ තලන කේස් එකත් එක්කයි මට එහෙම හිතුණේ.

    ReplyDelete
    Replies
    1.  @ නලින් අයියේ ,

      වටහා ගන්නෝ වටහා ගනිත්වා..
      සෙස්සෝ මං මුළා වෙත්වා !
      මං මුළා වූවෝ හති වැටෙත්වා .
      හති වැටෙන්නෝ මැරී වැටෙත්වා !
      මට පිටු නොපෑවෝ දිය ලබත්වා.
      දිය ලැබූවෝ එතෙර වෙත්වා !

      Delete
    2. බොස්

      පානා . . ඔය සිනාවේ

      මොනවද හැංගිලා තියේ !!

      කැකුණ ෆිනීතො ! හබං කුකුල් මස් හෑව් ඕසෙට !!

      Delete
    3. @ පත්තරේ

      ඔයා ආස බැදලද ෆ්‍රයි කරලද :)

      Delete
    4. උඹ අපේ මස් අපිටම කවනවද බං ?? :-):-):-)

      අපිම තලපු කැකුණ තෙලෙන් බැදලා ?

      Delete
    5. එතකොට ලේසියි නෙව ...පිටින් ගේන්න ඕනේ නැහැ කද බැඳන් .... :)

      ඔව් ...බැදුම් වලට මනාපයි මම .... :P

      Delete
  21. ඔය වගේ ගොං පාට් පෙන්න පෙන්න තමයි මුන් අනික් පැත්තෙන් බදු බර වැඩි කරලා, අපේ බඩට ගහන්නේ. ඩිලාන් කියන්නේ මෙලෝ රහක් නැති මී හරකෙක්. මම ඌව ආශ්‍රය කලේ 1990 දී විතර. හැම වෙලාවේම පුම්බගෙන ඉන්නේ. රාජිත කියන්නේ එක අරමුණක් නැති වාසි අතට හෝයියා කියන දේශපාලන වවුලෙක්.

    සහන්, අර 2.30, 6.30, ෂෝ ගැන කතාකරද්දී මට මතක්වුනා ඉස්සර අපේ රටේ ඇත්තටම වුන දෙයක්. කොළඹ ආශ්‍රිතව තමයි වුනේ. කිලෝමීටර් කීපයක් දුරින්, පිහිටි හෝල් දෙකක එකම චිත්‍රපටිය පෙන්නනවා. එක හෝල් එකක 6.00 අනික් හෝල් එකේ 6.30. පලවෙනි හෝල් එකේ 6.00 ට පටන් අරන් පලවෙනි රීල් එක (ඒ රීල් එකක් බොහෝවිට යන්නේ විනාඩි 20 යි) ඉවර වුන ගමන් ටැක්සියක් පිටත් වෙනවා එකත් අරන් ඊළඟ හෝල් එකට. එතැනදී විනාඩියෙන් රීල් එක රිවයින්ඩ් කරලා පෙන්නනවා. ටැක්සිය ආපහු ගිහින් දෙවෙනි රීල් එක ගේනවා. (හෝල් දෙකේම ප්‍රොජෙක්ටර් දෙක බැගින් තියෙන්න ඕනේ) ඒකත් රිවයින්ඩ් කරලා දෙවෙනි ප්‍රොජෙක්ටර් එකෙන් ගහනවා. ඊළඟ සැරේදී තුන්වෙනි රීල් එක ගෙනල්ලා ටැක්සිය ආපහු යන්නේ පලවෙනි රීල් එක අරගෙන පලවෙනි හෝල් එකේ 9.30 ෂෝ එක සඳහා. ඔය විදිහට ටැක්සිය ෂටල් සර්විස් එකක් කරනවා.

    ReplyDelete
    Replies
    1. දෙවැනි චේදය ඉතාම අගය කරනවා. ඔබේ මෙවැනි අමතර අද්දැකීම් එකතු කරන්න හැකි සෑම විටකම.. ජීවිතේට මෙවැනි දේ ගැන නෑසු බොහෝ දෙනා ඉන්නවා... මෙහෙම හරි දැනගන්න ලැබෙන එක ඉතාම වටිනවා..

      පළමු චේදය ගැන :- රාජිතලා තමයි 94 ආව ගැම්මත් කෑවේ.. මතකනේ විහාරමහාදේවියගෙ වතුර කපලා --------------- ----------------- ------------- -------------- ඇක්ට් කරලා පෙන්නපු හැටි ..........

      රාජිතලා කියන්නේ නියම බළල් අත්...දන්නවනේ ඉතින් වැඩ.

      Delete
    2. ඔය රාජිත අතීතයේ බනිපෙන්ද කොහෙද චන්දේ ඉල්ලනකොට පොඩි කඩදාසිවල අතින් ලියපු පෝස්ටර් ගහනවා "දොස්තර රාජිත" දිනවමු කියලා....කොල්ලෝ ඇවිත් ඒක" කොන්දොස්තර පරාජිත" කරලා යනවා.

      Delete
    3. අරූ කියන්නේ බහු ජන නිදහස් පෙරමුණ ගැනද ? කරුණාකර ඔබ දන්නා සියලු දේවල් මෙහි සටහන් කරන්න... මේවා ගැන ජීවිතේට නාහපු අය ඉන්නවා ..... සියලු දේවල් අන්තර්ජාලයේ සටහන් වීම වටිනවා ..................

      Delete
    4. ඔව්. බනිපෙ හදන්නත් ඉස්සෙල්ල ශ්‍රිලමප..ඊටත් ඉස්සෙල්ලා ලසසප හෝ යම් වාමාංශික පක්ෂයක රාජිත හිටියා...ඔය කාලේ වෙන්න ඕන....මට හරියටම මතක නැහැ.

      Delete
  22. හෙහ් හෙහ් මම නම් ධිවර කේස් එක මෙලෝ දෙයක් දන්නේ නෑ... අපිට තාම කෙනෙක් යමක් කිව්වම එකේ තියෙන කොන්සේප්ට් එක ඔළුවට ගන්න තේරෙන්නේ නෑ... දත්ත අල්ලාගෙන හතර වටේ ගා ගන්න විතරයි අපි දන්නේ... (රාජිත ලා දිලාන් ලා කොන්සේප්ට් සහ දත්ත දෙකම දන්නේ නෑ කියල මම අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේ..)

    ReplyDelete
    Replies
    1. ඇඟිල්ල දිගු කර සඳ පෙන්නු විට සඳ දෙස නොබලා ඇඟිල්ල දෙසම බලා සිටිනා ඈයන් ගැන අප කුමක් කරම්හුද .

      Delete
  23. අඩේ කඩු ෆයිට් එහෙමත් ඉස්සරහට තියේද..අපි නම් ආශාවෙන් බලාන ඉන්නෙ...

    ReplyDelete
    Replies
    1. ඊයා ඒවා පරණ කාලේ ෆිල්ම් වල ඒවනේ සිරා ...

      Delete
    2. අද ෂෝ එකේ සින්දු විතරයි අප්පා !

      මොනවද ලොක්කා මේ ගහන ෆිල්ම් .. චැහ් .!

      චක් නොරිස් කොමඩියක රඟපානව වගේ .

      Delete
    3. ගැලරිය ආස කොමඩි වලට බන් .... චක් නෝරිස්ගේ වැරද්දක් නෙවේ ... :)

      Delete
    4. අපරාදෙ හොඳ නලුවෙක් නාස්ති වෙලා යනවා !!

      Delete
  24. සහන් මේ කාරනය ඇත්තටම පත්තරේක වැටෙන්නවත්, ප්‍රසිද්ධියේ කියන්න වත් ඔනි එකක් කියල මට නම් පේන්නෙ නෑ මොකද
    එහෙම අවස්තාවක් තියනවනම් යවන එක එයාලගෙ යුතු කම සහ රාජකාරියනේ. අනික මේක මේ දෙන්න කොල් එකක් ගත්ත නම්
    විනාඩියෙන් වැඩේ අහවරයිනෙ හා නම් හා බැරි නම් බැහැ. ලංකාවෙ ඇතැමුන්ට අද ඔවුන්ගෙ රාජකාරියත් අමතක වෙලා.
    ඔය ඩිලාන් කියන ****** කොරියාවට ඇවිත් එක පාරක් කිව්වාලු දෙන පඩිය අඩු කරලා ලංකාවෙන් වැඩිපුර ගෙන්නවන්න කියල.
    ( මම ඒ වෙලාවෙ එතන හිටියෙ නැති හින්ද මම ඒ ගැන කියන්නේ නෑ )කොරියාව තුල සැම සේවකයකුටම අවුරැද්දකට වරක් 7% ,
    8% ක් වැටුප වැඩි කරනවා කොරියානු රජයෙන්ම. ඒක කාටවත් අඩුවක් නැතිව වර්ධනය වෙනව මොකා කිව්වත් නැතත්... දැන් දැන්
    කොරියාවේ සේවය නිම කර තම ‍රටවල් බලා යන විට කොරියානු රජයෙන් ලැබෙන පාරිතොෂිකයත් ( කොරියාවෙ ඒකට
    කියන්නෙ කුක්මින් එක කියලා . සාමාන්‍ය‍යෙන් රුපියල්ම බර ගානක් තියනව වසර 5 අවසානයේ )ගන්න වයස 55 පිරෙන තෙක්
    ඉන්න ඕනි කියලා යෝජනාවක් ගෙන්න හදනවලු

    E-10 කියන්නෙ කොරියාවේ ධීවර කටයුතු සම්බන්ධ වීසා එකක් .. මුහුද සහ කළපු ආශ්‍රිතව තමයි රැකියාව ලැබෙන්නෙ. මුහුදු යෑමට
    , මසුන් ඇසුරුම් කිරීමට( බර , වර්ග හා නොයෙකුත් ප්‍රමාණ අනුව) ,අහාර දැමිම් , මසුන් ශුද්ධ කිරීම් වගේ දේවල් තමයි. නමුත්
    මෙවර සිට ධීවර අංශයට වෙනමම ඉල්ලුම් කිරීමට අවස්තාව දි තිබුනා. ඊට පෙර කොරියානු භාෂා විභාගයෙන් ලකුණු 116-124
    ත් අතර අයටත් පුලුවන් කම ලැබුනා. ඒ -9 විසා යටතේ . කොරියනු රජයෙන් දෙන වීසා ගැන තව විස්තර
    මෙතනින් තවත් බලා ගන්න පුලුවන්
    මම දන්න තරමින් නම් ලංකාවට 10 විසා තවම දීලා නැහැ. එහෙම ක්‍රමයක් හදුන්වා දෙන්න යන්නෙත් මෙම ක්ෂේත්‍රයට තියෙන
    ඉල්ලුම නිසයි . ඉල්ලුමක් ඇතිවී තිබෙන්නෙත් ධීවර අංශය තුල ඉහල වැටුපකට විදෙශිකයකුට යාගත නොහැකි නිසයි. කොරියාවෙ
    මුලික වැටුපත් අනිකුත් දීමනා හැරුනු කොට වැඩි පඩියක් ගත හැකි වන්නෙ අති කාල සේවයේ යෙදීමෙනි. මෙම අංශයෙ එවැනි
    අවස්ථා කලාතුරකිනි. ඒ සවස 2.00 පමණ වන විට දවසේ බොහෝ කාර්යයන් නිමා කල හැකි බැවිනි. මීට අමතරව අවුරුද්දෙන්
    මාස 4ක් 5ක් පවතින ශීත සෘතුවේදි ද වතුරත් සමග ගණුදෙනු කිරීම අසීරුය. එනිසාම එම සේවා ගිවිසුමට අනුව වසර 5 දක්වා
    වෙනත් ක්ෂේත්‍ර වලට මාරු වීමට අවස්තාව නැත. මාරු වෙනවනම් ඒ ධීවර වලට අදාල ස්ථාන වලට විතරයි
    මීට අමතරව E-5 වීසා යටතේ ගොවිපළ වල් සම්බන්ධව රැකියා සදහා ශ්‍රමිකයින් ගනු ලබයි. කොහොම වෙතත් මා දකින ලෙස
    නිෂ්පාදන සහ ඉදිකිරීම් යන ක්ෂේත්‍ර තුල ඉහල වැටුපකට යාමේ හැකියාව සුලබයි
    ලංකාවේ පවත්වන කොරියන් භාෂා විභාගය ගැන නම් මම කතා කරන්න කැමති නැහැ . අයදුම් පත ලබා ගන්න තැන ඉදලම
    අසාධාරණය. ඒ මදිවට පාස්පෝට් එකත් විභාගය ලිවීම සදහා අනිවාර්ය කරලා. විභාගෙ පාස් වුනොත් එපැයි රට යන්න. අයියෝ
    සල්ලි :) එක එකාගෙ වංචා, ගසා කෑම් , ගෙරවිලි රැවුම්-බැලුම් අපහාස තර්ජන සහ මානසික වේදනා වලට පදමට ලක් වෙලා තමයි
    දෙයියනේ කියලා කොරියාවට සැපත් වෙන්නෙ........
    Ministry of Employment and Labor එකෙන් තමයි රැකියා සදහා ගෙන්වන්නෙ ඒ සදහා ඒ සදහා පවත්වන කොරියන්
    විභාගයේ ආදර්ශ ප්‍රශ්න මෙතනින්
    ගන්න පුලුවන් ඕඩියෝ සහ PDF ලෙස. උනන්දු වුනොත් මේ ටික අරන් හොදට සමත් වන්න පුලුවන් විභාගේ .


    ප.ලි.
    ලංකාවේ විශ්වවිද්‍යාල කථිකාචාර්යවරු මහාචාර්ය වරු ,විධායක වරු මැනේජර් වරු අධ්‍යක්ෂක වරු ලබන වැටුපටත් ඉහල වැටුපක්
    කොරියාවට ගොස්‌ වැටුපක්‌ ලෙස ලබා ගැනීමට අට වසර සමත් අයෙකුට ඕනෑ තරම් අවස්තාව තිබේ. ඊට අමතරව ලැබෙන
    විනයානු කුල බව , ක්‍රමවත්ව වැඩ කිරිමේ හැකියාව , නීතිගරුක බව සහ නිර්මානාත්මකව සිතීම වැනි දෑ තුලින් තම අනාගතය
    සාර්ථක ඉලක්කයක් වෙත රැගෙන යාමට නිතැතින්ම හැකිය.ඒ විතරක් ද සහනො ලංකාවෙදි අප දිහා බලපු වත් නැති නැන්දලා
    මාමාලා දූලා දෙන්න පොරකන හැටී....





    ReplyDelete
    Replies
    1. හෙහ්හ් මේ තියෙන්නේ තොරණෙ විස්තරේ යස අගේට ............ මේ කමෙන්ට් එක මුළින්ම ව්ටුණා නම් අගය බොහොමයි ... කමෙන්ටුව ඉතා අගය කරමි ... ඇමතිලා දෙන්නා කරන්නේ පුද්ගලික ඇරියස් එකක් ගන්න එක.. එහෙම නැතුව ධීවරයෝ ගැන හිතන්නේ නැහැ කිසිම කෙනෙක්...

      \\\\\\\ඒ විතරක් ද සහනො ලංකාවෙදි අප දිහා බලපු වත් නැති නැන්දලා මාමාලා දූලා දෙන්න පොරකන හැටී....\\\\\\

      එපා එපා... කළින් නාපු අයගේ දූලා එපා...වාසියට ලං වෙන අය එපා ...

      Delete
    2. @ පත්තරේ

      දෑවැද්ද බරට තියේද ? ඉන්නකෝ හවස් අතේ මන් එන්නම් මාමේ ඔය පැත්තේ ... මල් ටිකකුත් කඩන් අපි පන්සල් යමුද ?

      Delete
    3. ඉතාලි වීසා එකක් දෙන්නම් !

      එච්චරයි බං සන්තකේටම තියෙන්නෙ.

      බෝනස් විදියට වරෙන්තුවක් තියනවා :-)

      Delete
    4. ඉතාලි වරෙන්තුවක්ද SL එකක්ද ? මේ ටිකේ නම් මුකුත් කරගන්න විදිහක් නැහැ. කට්ටිය ඩිස් මිස් වෙලා ඉන්නේ දොරේ ........... ඉන්න තැනම හිටින් වාවලා ..

      Delete
    5. S L එකක් ආයිබෝං !!

      එතකොට අපි කලුද :-)

      Delete
  25. එතකොට අපිට ආසාවට කැකුණ පොඩ්ඩක් නෑ ????

    එතකොට අපි තලන්නෙ ... නෑ එක්කො ඕනෙ නැ .

    දැන් ප්‍රශ්න අහන්න කවුරුත් ඇත්තෙත් නෑ වලිත් නෑ එතකොට එහෙනං ඈ . . !

    හරි ඒනං මං ප්‍රශ්නයක් අහනව උත්තර ඕනෙ .

    ඉස්සෙල්ල ආවෙ කිකිලිද බිත්තරේද ???

    අඩෝව් !! චන්ඩි ඉන්නවනං වරෙව් එකා එකා !!

    දැං මමවත් ගේම ඉල්ලනවා තනියෙං . . අපිට වලි ඕනෑ !!

    ReplyDelete
    Replies
    1. සහන් මේවට උත්තර ඕනේ !!!!

      කිකිලිද බිත්ත‍රේද ????

      මල්ලෙ පොල් උත්තර නං එපා ලොක්කා !!

      පත්තර මල්ලි ගේමෙ ඉන්නේ. සෙල්ලං නෑ !

      ප්‍රා ජේ ලොක්කා : ගහගම්මුද අපි දෙන්නා ??

      Delete
    2. @ පත්තරේ

      සුට්ටක් ඉන්නකෝ තැලිච්ච කැකුණ තියේද බලන්න ... ඊට පස්සේ චූටි හොටෙන් ඇණ ඇණ කන්න බන්ඩි පිරෙනකම් .. මහත් වෙලා ඉන්න ...මන් කැමති මහත අයට ...

      @ ප්‍රා ජේ

      ගනින මචන් සුරුට්ටුව ...:)

      @ පත්තරේ

      ඔබ වාදය පිණිස පැමිණෙන කෙනෙක් ... කරුණාකර සමාව අරගෙන නැවත ප්‍රශ්නය අහන්න ... :)

      Delete
    3. සමාව නං ගන් නෑ ලොක්ක මලාට !!

      ප්‍රශ්නෙන් පිටපනින්න ඔට්ටු නෑ

      එක්කො කිකිලි එක්කො බිත්තරේ . දෙකෙන් එකක් !!! හරි

      විද්‍යාත්මක කරුනු එපා මොකෝ මට තේරෙන් නෑ !!

      මට ඕන ගේම . !! උඹට නැත්තං ප්‍රා ජේ ට හරි ගහනවා මං දැන් !!

      චන්ඩිය බඩේ !

      Delete
    4. මගේ උත්තරේ තමයි ඉස්සෙල්ලාම කුකුලෙක් ඉන්න ඕනේ කියන දේ... :)

      Delete
    5. කුකුලට කෙන්ජි ඉන්නවා !!

      පිට පනින්ඩෙපා ප්‍රශ්නෙන් ගහනවා කන පැලෙන්න්න !!

      එක්කො කිකිළි එක්කො බිත්තරේ !!!

      මං ගේමේ !! තව ඉන්නවනං වරෙව් !!!!!

      Delete
    6. @SilentSahan
      //ඉස්සෙල්ල ආවෙ කිකිලිද බිත්තරේද ???//
      //මගේ උත්තරේ තමයි ඉස්සෙල්ලාම කුකුලෙක් ඉන්න ඕනේ කියන දේ...//
      කොයි ලෝකෙන්ද කුකුලෙක් ආවෙ? :D

      @පත්තර මල්ලි
      ඉස්සෙල්ල ආවෙ බිත්තරේ නෙ

      Delete
    7. ඉසුරු මචං

      බිත්තරේද ආවෙ ??

      හොඳමයි හොඳමයි !!

      ගං බිත්තරද ෆාම් බිත්තරද ??



      ෙතකොට

      Delete
  26. පත්තර මල්ලියෝ හෙලුව පේනවා!!!!
    අමුඩයක්වත් ගහගෙන ම ගේම ඉල්ලපන්!!!!
    අහවල් එකත් වැටෙයි බිමට
    පරිස්සමින්

    ReplyDelete
    Replies
    1. නෑහ් :-)

      ඒව බලන්න ඔට්ටු නෑ ඔන්න !!

      අපි කොන්වන්ට් එකේ ලැජ්ජ බයට හැදිච්ච කොල්ලො :-):-)

      Delete
    2. Thanks Manoj for giving links

      Delete
  27. මට මතක් උනේ අර මායා බන්ධන (සීසන් 2) එකේ තිබ්බ සීන් එකක්. රොබෝට්ටෙක්ට උපදෙස් ලැබෙනවා ළමයිගේ හිර කුටිය මුර කරන්නත් ඒ වගේම ළමයිට කරදරයක් නොකරන්නත්. ළමයි දෙන්නා රොබෝ ට කියනවා හිර කරගෙන ඉඳීමෙන් රොබෝ ඔවුන්ට කරන්නේ කරදරයක් කියලා. පරස්පර උපදෙස් නිසා රොබෝට මන්ඥන් වෙලා ෂෝර්ට් සර්කිට් වෙලා යනවා..හිහ හිහ්හ්

    ReplyDelete
  28. රාජිත මහත්තයා හරි, මේකට කොරියානු භාෂාව ගැන දැනීමක් ඕන කරන්නේ නැහැ. මාළු භාෂාව දැනගත්තොත් ඇති :D

    ReplyDelete

ඔබ කමෙන්ටුවක් දමයි නම් කරුණාකර මෙහි කමෙන්ටු E mail subscribe කරන්න .. නැතිනම් පිළිතුරු මග හැරී යනු ඇත ...

කමෙන්ට් යනු ඔබගේ අදහස් ප්‍රකශ කිරීමට සලසා ඇති ඉඩයි. සිතුවිලි ලියා තැබුණු විට අන් අයටද ප්‍රයෝජනයක් විය හැක !

http44444444://1.bp.blogspot.com/-F0lMkO9hSe8/UjM37DArTZI/AAAAAAAAAwo/wtP9O0K_6UE/s1600/543431_208554675978924_1215099537_n.jpg15099537_n.jpg

සහයෝගය දක්වන වෙබ් එකමුතු ...

මාතලන්ගේ සින්ඩිය...api apita Blog Readerlankeeya sithuwililankeeya sithuwili lankeeya sithuwili