අවදානයක් දෙන නිසා..ඒ උනත් ඊයේ අපි කෙලිම්ම පුකෙම ගහගත්තනේ
අහක ගිය ඊතලේ .ඉතින් තව මේකේ රවුන් කරන්න දෙයක් නැහැ..
ඒ පින්තූර දකිද්දී " කව්ද , කාගේද , කින්ද මන්ද නැතුව පපුව කුඩු උනා "
ආයේ ඒකෙ කතා දෙකක් නැහැ ..
හැබැයි ආන්න ඒකම තමයි කව්රු නමුත් ඔය රූප එලියට දාපු අයගේ අරමුණ
වෙලා තිබ්බෙත් . අපේ හදවත තුලට කිඳා බැසීම .හිතන්න ඒක ඒ විදිහටම උනා
නේද ?
ඒක දැක්ක වෙලේ ඉඳන් " මොන බල්ලා මේවා කරත් , මුන්ට හෙණ හත ගහන්න
ඕනේ කියල හිත කිව්වා නේද ?"
ඒත් හිතන්න මෙච්චර කාලෙකට නාපු මෙච්චර කාලෙකට නාපු වීඩියෝ එකක් ආවේ කොහොමද කියල දැන් එක
පාරට මේ මානව හිමි කම් සැසි අස්සේ ..
-----------------------
හැමෝම දන්නවා ඇති කෙල්ලෙක්ගෙ ගවුම උඩ ගියත් හද්ද පිටිසර ගමක , ඒක කොළඹ
එනවා..කොළඹ එක ගමට යනවා..
එහෙම රටක හිතනවද මේක මීට කලින් අපේමම ලීක් නොවී එක පාරට ප්‍රන්සෙන් මතු
වෙන්නේ කොහොමද කියල ඩිංගක් ?
ශ්‍රී මහා බෝදියට කොටි ගහපු එකත් මෙතන ඉන්න ඕනේ කෙනෙක් බලල ඇති.VHS
යුගයේ ඒවා තිබ්බේ..ඒත් ඒවත් අපි බැලුව නේද ? ඒ BTooth , වලින් අරන්ද ?
net එකෙන් අරන්ද ?
නැහැනේද ?
ඒ නිසා එක පාරට මේ අහක යන ඊතලේ තිය ගැනීමෙන් වෙන්නේ මේවා එලියට දාපු
මිනිස්සුන්ගේ අරමුණම ඉෂ්ට වීම තමයි.වැඩේ කියන්නේ කෙලිම්ම තියාගත්තා
ගොඩක් දෙනෙක් මේක නිකම් බොළඳ මොන්ටිසෝරි පාර්ට් එකක් දාල.ඒ විතරක් නෙවේ
බුදු දහම , සදාචාරය ශිෂ්ටාචාර වගේ මානව හිත කාමී ඔක්කොම පටලන් විකාර නැතුව..
හැබැයි කට්ටියට ඕනේ නැහැ හොයන්න මේ වීඩියෝ ආවේ කොහෙන්ද , මොකටද එව්වේ,
හරියට මානව හිමිකම් සැසි තියද්දි මේවා එන්නේ කොහොමද , එවීමේ අරමුණ මොකක්ද වගේ.
මේ බොරු ආටෝප කාරයෝ දන්නේ ලෝකෙට පේන්න අඬන්න විතරයි ..ඒකත් හේතුවක්
ඇතුව නෙවේ රැල්ලට ..ලස්සනට එක පෙලට කට්ටිය සූ ගාල අඬනවා දැක්කා .
ඔය ගොන් පාර්ට් එක වහගන්න කෙලිම්ම පාවිච්චි කරේ මනුස්ස කම කියන වචනේ..
අනේ ඇත්තට පින්තූරයක් දැක්ක ගමන් මනුස්ස කම බේරෙනවා නම් එතන ගැටළුවක් .
මොකද ඒ රැල්ලට එන මනුස්ස කමක් මිස සැබෑ මනුස්ස කමක් නෙවේ..
අපේ මරයියගේ " ඔක්කෝම හරි..අපි වැරදියි..." දී කට්ටිය පුදුම විදිහට බොරුවට නිදා ගත්තා .
කොච්චර සත්‍ය තේරුම් කරන්න හැදුවත් අර මනුස්ස කම පෙන්නීමේ පුහු ගොන් පාර්ට්
එක ගොඩක් දෙනෙක් දැම්මා ..ඒ අතර මේ කියන දෙය පසුව ගොඩක් දෙනා තේරුම් ගත්ත.
සමහරු අවංකව , නිහතමානීව ඒ බව පිළිගත්තා ( සමහරු දිගටම බොරුව කරා ).
එතැනදී සහෘද මාතලන් මගෙන් දීර්ග වශයෙන් ප්‍රශ්න , කිරීම් , කරුණු කීම උනා ..
එතන සියල්ල අන්තර්ගත නිසා ඒ සම්බන්දව ඔහුවත් දැනුවත් කර මේ ලෙස එහි දෙබස්
මෙයට ඇතුල් කරනවා , තවත් ටයිප් කිරීමට වෙහෙස නිසා..( 100% ohuta dun pilithuru newe, anik aya wenuwen dun pilithuruda athulath)
----------------------------------------------------------------------------------------------
මා ඉහත කියා ඇත්තේ අපි මනුස්සකම පටලවා නොගැනීමටත් , යුද්ධයක ඇති
කූඨ උපක්‍රම වලට අපි අසු විය නොයුතු බවත්ය ..
මෙතන මන් පැහැදිලිවම කියනවා ඔය දරුවා මට දුන්නොත් මන් හදා ගන්නවා..මගේ
දෙමව්පියන්ගේ නාමයෙන් මා දිව්රනවා, ඒ වගේම ඔහු සමග මරු තුරුලට යන්න උනත් මා සූදානම්..
හැබැයි වැදගත්ම දේ ඒ දරුවා හදාගන්න දුන්නොත් එක එක මිනිස්සුන්ට බොරු වාසි ගන්න
එයාව පාවිච්චි කරන්න ඉඩ නම් දෙන්නේ නැහැ..
නැතුව " මේ බලන්න මන් තමයි අහවලාගේ අහවලා හදන්නේ "කියල ලකුණු දාගන්න නම්
නෙවේ..මොකද අමතක කල යුතු නැහැ ඔහු වටා එක් විය හැකි බලවේග ..අනිවාර්යෙන්
" යකෝ තොගේ අහවලාට , අහවල් එක කරපු සක්කිලි හැත්ත එක්ක තෝ ඉන්නේ "
කියල ඔය දරුවාගේ ඔලුවට දානවම තමයි අනාගතේදී..ඒ නිසා දෙයක් කරන්න ඕනේ සෑහෙන්න
වගකීමෙන් .නැතුව හනේ පනේ ශෝක් බබා කියල වඩාගෙන ගෙදර එන තාත්තෙක් නෙවේ
silentsahan කියන්නේ ..
හරි මෙතැනදී මට සහ අනික් ගොඩක් මේ ප්‍රශ්නේ තුලදී කියපු දෙයක් තමයි ජාති වාදී කියල..
නමුත් මා මතක් කර දිය යුතුයි මාතලන්ගේ
රිසානා දුව මරා දමයි - RIZANA NAFEEK EXECUTED
මේ පෝස්ට් එකේදී ගොඩක්
දෙනෙක් ආණ්ඩුව වෙනස් කරන්න , සංදේශ යවන්න , සියලු විදේශ ශ්‍රමිකයන් නැවත
කැඳවන්න හිටියා ..
ඒත් මන් මෙහෙම යෝජනාවක් ගෙනාවම ..
..
මෙතන මාතලන් මිනිස්සුන්ගේ කුහකත්වය හොදටම
පැහැදිලි වෙනවා..මන් ඔබේ කලින් පොස්ටුවේම සදහන්
කළා රිසානාගේ ජීවිතය වෙනුවෙන් අපිට කල හැකි
දෙයක් නැහැ කියල.අපිට කල හැක්කේ රසනගේ පවුලේ අයට
කුසට පාන් කෑල්ලක් හෝ වැටෙන තැනට කටයුතු කර , හිසට
කාමර දෙකක් හෝ අටවා දී මේ දුක් බර අවස්ථාවේ ඔවුන් අසල
සහෘදයන් සේ ළඟ සිටීමයි.
ඔවුන් මේ අවස්ථාවේ ඇත්තේ අවුරුදු කීපයක් තිස්සේ ආ මිරිගුවේ
මධ්‍යස්තයේ ..එයින් ඉවතට අපි ඔවුන් රැගෙන එමු...
එක ගඩොලක් , එක පාන් කෑල්ලක් , එක ලෙන්ගතු
වචනයක් ප්‍රමාණවත් ..
ඒ දේ කරමු එකා වන්ව 2013 නව අරමුණ කරගෙන .
නැවතත් කියන්නේ වැඩි යමක් එපා ...
එක ගඩොලක් , එක පාන් කෑල්ලක් , එක ලෙන්ගතු
වචනයක් ප්‍රමාණවත් ..
ReplyDelete
////නැවතත් කියන්නේ වැඩි යමක් එපා ...ReplyDelete
එක ගඩොලක් , එක පාන් කෑල්ලක් , එක ලෙන්ගතු
වචනයක් ප්‍රමාණවත්////
කෙස් පැලෙන , කෙරෙන්නේ නැති දේවල් පැත්තක තියල
අපි එක්කෙනෙක් රු 100 දාමුකෝ කලින් මාතලන්ගේ පෝස්ටුවේ
කතා කර ගත්ත ගිණුමකට ..ලියන අයයි , කියවන අයයි එකතු
උනොත් 2000 වගේ පිරිසක් ඇති ..
100 x 2000 = 200,000 Rs.
200 x 2000 = 400,000 Rs
යන්තන් හරි දෙයක් කරන්න ඒ ඇති හොදටම.
ආණ්ඩු ක්‍රම විවස්තාවයි , ඇමතිලයි , විදේශ ප්‍රතිපත්තියි
වෙනස් කරන්න ඕනේ නැහැ .අරයට මෙයාට සංදේශ යවන්න
ඕනෙත් නැහැ..
මන් කලිනුත් කිව්වා වගේ මහ දේවල් ගැන නොහිත පොඩි දෙයක්
කරමු.මගේ 200 රු දාන්න ගිණුම් අංකයක් දෙන්න ....
--------------------------------------------------------------------------------------------------------
88665668.
ට කිව්වේ උබට පිස්සුද මචන් ඔවුන්ට ගෙවලුත් හදල දෙන්න යන්නේ කියල..ඒ කිව්වෙත් අද ඔය මහාමානව හිතවාදී ලේබලය අලවන් ඉන්න අයමයි .( මේක මාතලන් dewa , දුකා , දුමි etc
ඇතුළු පිරිසට නම් අදාළ නැහැ .) ඉතින් ඔන්න ඔහොමයි මේ සෙල්ලමේ හැටි..
තව මේ තියෙන්නේ මන් එදා ඉඳන් ජාති වාදයට විරුද්දව කතා කරපු ඒවගෙන් බොහොම
ටිකක් .( මොකද මන් මගේම වෙනත් අඩවි වල ජාතිවාදය දැඩි ලෙස පිළිකුල් කරලා
තියෙනවා..මෙතන කීපයක් දාන්නේ silentsahan නමින් ඇති කීපයක් පමණයි )
හලාල් සහ ජාතිවාදය
.
මන් මෙතන මේ සිරාගේ පෝස්ට් එහෙකට මම දාපු කමෙන්ට් එකක්
මේ දාන්නේ..හැබැයි සිරා දෝෂ දර්ශනයට ලක් කිරීමක් නම් නෙවේ .
නමුත් අද ලිපියේ උක්ත මාතෘකාවට කඳුළු සලන 90% පමණ පිරිස
ඔවුන් කැති ගෑ යුතුයි යන ලෙස දැඩි ජාති වාදී අදහස් දරන බව එතනට
ගියොත් නම් පෙනෙයි..අද ඒ අයම සම්පූර්ණ සුදු අය වෙලා හැබැයි....
e wagema kiyanna one Sira ape me baalage siddiya sambandawa
kathaa baha yaddi ethana hitiye naha..ithin ohu me kisima dekata
sambanda naha..ohuge postuwe athi mage comment uputa ganeemak
pamanai...
මචන් සිරා උබේ පොස්ට් එක සම්පූර්නෙනුත් ඇතැම්
අයගේ කමෙන්ට් දළ වශයෙනුත් කියෙව්වෙමි ..ලිපියේ
හරය ගැන විවාදයක් නැහැ ..හලාල් ලේබලයකට මුවා
වී කරන වංචාව ගැන කරුණු කිව්ව එක හොදයි..මෙතන
තියෙන ප්‍රශ්නේ මචන් දෙපැත්තේම අය ඉන්නවා තමන්ගේ
ජාතිය පමණක් සිටිය යුතුයි කියන මතය දරන..දෙපැත්තේම
අය කරන්නේ පැරණි පොත් පත් , උදෘත , ලේඛන ගෙනහැර
පාමින් තම මතය සනාථ කරගැනීම...අන්තිමට දෙපැත්තෙන්ම
ජනතාව කුපිත කර ලේ විලක් කර හෝ තමන්ගේ පහත් අරමුණ
කරා යන එක..
මේක මචන් දෙපැත්තෙන්ම කරනවා.දෙපැත්තෙන්ම..හැබැයි රජෝ
දැන් බළලා ගලේ පහරල ඉවරයි..දැන් අනිවාර්යෙන් හත් පොලේ
ගාගන්නවා.ඒ ගාගැනීම තමා අපි අද දකින්නේ...
හැබැයි ඉතින්
මේ විනාසේ වෙද්දී නම් මාත් නිරායසෙන්ම සිංහල පිලේ..ඒත්
සටනට එන්නේ අනිත් පිලේ උන් මරන්න නෙවේ මගේ උන් බේරගන්න..
බේරන් දැන් වත් දෙවියනේ කියල ජීවත් වෙන්න..
අපි රණ්ඩු උනා ඇති..
පුදුම විප්ලවයක් කරලා අන්තිමට වැටිලා තිබ්බ ගිනි පුපුරු ටික
යන්තන් අළු යට ගහගත්තේ...මන් අළු යට ගහගත්තේ කිව්වේ
හේතුවක් ඇතිව..මන් කියන හැම වචනයක්ම කියන්නේ හේතුවක් ඇතිව..
කලින් අව්ළුන ගින්නේ ගිනි පුපුරු තාම තියෙනවා..ඒවා ගැන
කව්රුත් දන්නේ නැහැ ...මචන් අවුරුදු 20,22 වගේ දෙමල කොල්ලෝ හැම එකාම
ඉන්නේ ගේම පටන් ගන්න බලන් .හැම එකාම..හැම එකාම කියන්නේ
හැම එකාම...ඒ අස්සේ තව නයෙක් රෙද්ද අස්සට රිංගල ඉවරයි දැන්..එහෙන්
සරම ගිනි ගන්නවා මෙහෙන් ඉතුරු උන සරන් පඩන්ගුවට නයෙක් රිංගල..
මචන් උබ දන්නවද විශේෂ පුහුණුව ලබපු ( ) අය තාම 300 අසන්න පිරිසක් ඉන්නවා මේ 6----km ඇතුලේ..
හරි අමාරුයි හොයන්න.මුළු දුරකථන ජාලයම , * ටිකම අවුරුදු ගානක ඉඳන්
එකතු වෙනවා මේ අය හොයන්න.මේ අය ක්‍රියාත්මක උනොත් , තව තව
සාමාජිකයෝ හැදුවොත් අපිට කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ.
ඒ නිසා එකකින් බැට කන අතරේ තව දෙයක් එකතු උනොත් දරන්න බැහැ.
ඒත් ඒක කරගත්ත සාර්ථකව දෙපැත්තේම අන්තවාදී පිරිස...
මගේ අම්මා ඉතාම තද, අවංක , ස්වාදීන කෙනෙක් .මට මතකයි මාත් aggressive
වෙලා පොඩි කාලේ ඉන්න වෙලාවක මට එයා කිව්වා
'' පුතා දන්නවද අපේ අය කරපු දේවල් ? ඔයා ඔය දගලන්නේ අපිට
ඒ අය කරපු දේවල් ටික danagena විතරනේ .ඉන්න මන් ඔයාට ඒ ටිකත් කියන්නම්
කියල.."
මචන් ඒ ටික ඇහුවම මගේ කේන්තිය නිවුණා .මට තේරුනා මේවා තනි අතෙන්
වැදුන අත්පුඩි නෙවේ බව..අම්ම කෙනෙක් විදිහට මගේ අම්ම හැමදාම මාව
හරි මාර්ගයේ තිබ්බා.ඒ කියන්නේ වැරැද්ද වැරැද්ද විදිහටත් , හරි දේ කාගේ
උනත් හරි විදිහටත් දකින්න ඉගැන්නුවා...
ඒ දේවල් මන් මෙතන නොදැ ඉන්නම් තව මේක දිග්ගැස්සෙනවා ..
ඉතින් මචන් මන් කියන්නේ මේ දේවල් තව ඇවිලෙන්න දෙන්න හොද නැහැ.
ඒත් ඇවිලිලා ඉවරයි.ඒ පිරිසත් ආර්ථික පැත්ත එක්ක හෙමීට මඩකලපුවෙන්
2 වන ජාතිවාදී යුද්දය පටන් ගත්ත දාට මෙතන ඉන්න සියල්ලේ පැමිණීම සිද්ද
වේවිද මචන් ?අපි අපිට මොනවද හදන් තියෙන්නේ ? අපි හදන් ඉන්නේ නිකන්
අරයගෙ මෙයාගේ කතා අහන් ෆෝර්ම් උන 20, 22 කොල්ලෝ ටිකක් විතරයි.
ගින්න අවුලන්න නියම පිරිස..83 උනෙත් මේකමයි..ඒත් ගින්න නිවන්න 20, 22
අය එන්නේ නැහැ.ඒ නිසා අපි වැඩිහිටියෝ විදිහට පුදුම පරිස්සමෙන් මේවා කතා
කරන්න ඕනේ මචන්...
උබට දොසක් කිව්වා නෙවේ හොදද ?ඒත් අපි කව්රුත් නොදන්න මහ අවුලක්, ගින්නක් ,
නයෙක් හැදෙමින් ඉන්නේ...
( අනේ මන්ද මේවා මාත් ඉතින් මේ පිලේ. ඒ කිසි සේත් සිංහල
කම වත් බොදු කම වත් පෙන්නීමට නෙවේ හැබැයි.
ආයෙත් කියන්නේ
මේ විනාසේ වෙද්දී නම් මාත් නිරායසෙන්ම සිංහල පිලේ..ඒත්
සටනට එන්නේ අනිත් පිලේ උන් මරන්න නෙවේ මගේ උන් බේරගන්න..
බේරන් දැන් වත් දෙවියනේ කියල ජීවත් වෙන්න.. )
අම්ම කියපු සම්පූර්ණ කතාවම අවශ්‍ය කෙනෙක්ට බලන්න
ඕනේ නම් දාන්නම් ...
silentsahanDecember 14, 2012 at 1:44 PM@ Dayal bathee
ඔව් බතී මන් දාන්නම්කො වෙලාවක මගේ බ්ලොග් එකේ..
ඒත් CR පිටු 8 වගේ කතාවක්.තව මගේම හමුදා සේවයේ
ඉන්න අය කීප දෙනෙක්ගේත් කතා දාන්නම් මගේ අද්දකීමුත්
එක්ක පව්ද්ගලික..මොකද යුද්දේ දිනන්න වැඩ කරපු හැම
කෙනෙක්ම තමන්ගේ ක්ෂේත්‍රයෙන් දායක උනේ දෙමල අය මරන්න
නෙවේ.දෙමල ජාති වාදය මැරීම විතරයි.ඒ හවුලේ අය අද විවිද
තැන් වල..ඒත් ඒ වැඩපිළිවෙල නිසයි යුද්දේ නිමා කරගත්තේ..
එතැනදී සිංහලු දිනලත් නැහැ , දෙමල අය පරද්දලත් නැහැ..
පරද්දුවේ ජාති වාදය විතරයි ..
ස්තූතියි බතී මේ කාරණාව තේරුම් ගත්තට..මන් හිතන්නේ ඔබ වැනි
පරිනත බුද්ධියක් ඇති අය තරුණ පිරිස අයට මග පෙන්නන්න ඕන..මන් බ්ලොග් එකේ දාන්නේ
පේපර් එකේ නොයන article විතරයි.මන් සැබෑ ජීවිතේ ඕන තරම්
මේ රට වෙනුවෙන් වැඩ කරලා තියෙනවා.ඒ නිසාම ඇති උන දේවල්වල ප්‍රති ඵල නිසා මගේ ජීවිතෙත්
මන් ඉතාම නුදුරේ අවසන් කරනවා..
354
හැබැයි එදත් මට මේ අය කිව්වේ උබට පිස්සුද මචන් මුන්ට අනුකම්පා කරන්නේ
කියල..
ඔන්න මගේ හැටියි , මේ බොරු සුචරිත වාදියන්ගේ හැටියි..මන් හැමදාම වෙන්න ඕනේ
දේ වෙනුවෙන් තනියම බර ඇද්ද.එදා මට ජාති වාදියෙකු නොවීම වෙනුවෙන් දොස්
කියපු අයම , අද වෙනත් කතාවක් කියනවා ???
පුතෙකු වෙනුවෙන් කඳුළු සලනවා .ඒත් ඒ ඇත්තටම කඳුළුද ? නැත්නම් පාට වතුරද ?
-------------------------------------------------------------------------------------------
---------------------------------------------------------------------------------------------------------------
මන් මෙතෙක් නොකියූ කතාවක් ඩිංගක් කියන්නම් පසුවට කතා කරන්නම් වෙන ලිපියකින් .
මාත් ආදරේ කලේ , ඔය කියන ජාතියේ සම්භවය ඇත්තෙක්ට . එයාගෙයි මගෙයි උපත් වල
වෙනස තියෙන්නෙත් හරියටම පැය 21 . එයාගේ රූපෙන්ත් මන් වගේමයි .හැසිරීම් , කතා බහ ,
සිතන පතන විදිහ හැම දේම එකයි .අපි දෙන්නා හම්බුනෙත් හරි අමුතු විදිහට .
..
දවසක් එයයි මායි ID එක බැලුව හරියටම XX246X45XX එනවද කියල බලන්න
( 500 add වෙලා ) එයා මගේ surname එක ID එකෙන් කියෙව්වේ හරි අමාරුවෙන් .
මොකද එයාට සිංහල බැහැ .එවෙලෙයි මට තේරුනේ ශශුට එයාගේ ID එකවත්
කියවන්න බැහැ( අපහසුයි ) නේද කියල .. මිනිහෙක්ට ඒ මිනිහගේ හැඳුනුම්පත වත්
එයාට තේරෙන විදිහට දෙන්න තරම් බැරි කුහක තුප්පහි තැනක ඉඳන් නේද මේ අපේ
මිනිස්සු ප්‍රබාගේ පුතාට නහින්නේ බොරුවට ලෝකෙට පේන්න ?
එදා නම් මන් ශශුව බදාගත්තා දුකෙන් එයා මගේ ID එක කියවපු හැටි දැකල
අසරණව. පොලිසියේ කෙනෙක් දකිද්දී බය වෙලා මගේ පිටිපස්සට වෙන හැටි
( dan kiyanna epa koti kiyala .) ,
චෙක් පොයින්ට් එකක් දකිද්දී අත් බෑගයේ තියෙන සනීපාරක්ෂක තුවා පවා
ඇද ඇද එලියට ගන්න හැටි මන් දැකල තියෙනවා පුදුම අපහසුතාවට එයා පත්
වෙමින් .
තව දවසක් මන් ඇහුවම ඔයා දන්නා සිංහල සින්දු මොනවද කියල එයා කිව්වේ
" හා හා හරි හාවා "
" ah wait wait kanna there is another song wait ok.....
ah I got it
Lasana lasana maga adariyaa ,
whats that song kanna ? also have tamil verses in that song kanna ..
"ලස්සන ලස්සන මගේ ආදරියේ , මෙච්චර ලස්සන ඔයා කොහෙද හිටියේ " කියන සින්දුවද
ඇහුවම ඔව් කිව්වා..
හා හා හරි හාවා දන්නේ කොහොමද ඇහුවම කිව්වේ පුංචි කාලේ ඉගෙනගෙන
තියෙනවලු..
අනික් සින්දුව එයා සනීපාරක්ෂක තුවා පෙන්නද්දී කියන සින්දුවක්ලු ...! ( තැන , ස්ථානය , පුද්ගලයෝ
නම් නොකර ඉමු අපි )
හිතන්න ඔබේ පෙම්වතියගේ , බිරිඳගේ සනීපාරක්ෂක තුවා සහිත
බෑගය හන්දියක් හන්දියක් ගානේ ලෝකෙට පෙන්න පෙන්න යද්දී ඔබට
කොහොමද දැනෙන්නේ ? ඇයට කොහොමද දැනෙන්නේ ?
අහ් දැන් කරුණාකරලා කියන්න එපා ජාතියේ ආරක්ෂාවට කියල හොඳද ?
මතකනේ අපි කතා කරන්නේ හදවත් ගැන ..අද මාතෘකාව හදවත් ගැන ..
මතකනේ අපි කතා කරන්නේ හදවත් ගැන ..අද මාතෘකාව හදවත් ගැන ..
තව
ඔය වගේ අනන්ත දේවල් වෙලා තියෙනවා.ඒ හැම දේම මන් කියන්නේ නැහැ .මන්
මේ ජාතිවාදය ඇවිලීම ගැන දිගටම දේවල් ටිකක් දාන්න ඉන්නේ..ඒත් හදිස්යේ ඇති උන
දෙයක් නිසා මේ ටික දැම්මේ .
අනික් දවසේ මන් දාන ඒවට කියන්න දේවල් නැති වේවි..
හරියටම කට්ටියට මගේ මේ පෝස්ට් එකේදී උනා වගේ..ඒ නිසා ඔය ජාති වාදී
ප්‍රශ්නේ ගැන මෙතන ඉන්න හැම එකාටම වඩා විඳපු කෙනෙක් silentsahan
කියන්නේ .ඒත් මන් මගේ දුක , වේදනාව ලෝකෙට පෙන්නන්නේ නැහැ .
.
මගේ සිඟිති දියණියත් , අපේ ලෝකයත් .If you have a weak heart please DO NOT read!
.මගේ මේ පෝස්ට් එකේදිත් ඔය බොරු සුචරිත වාදියෝ කිසිම කෙනෙක්
හිටියේ නැහැ .නිකන් ශේප් උනා විතරයි, සමහරු ඇයි ෆොටෝ දැම්මේ
ඇහුවා , වැරදියි කිව්වා ඕව දාන එක ..මන් මේවා කියන්න නෙවේ හිටියේ
නමුත් මේ දෙබිඩි මිනිස්සුන්ගේ වැඩ එක වෙලාවකට උහුලන්නම බැරි නිසයි
දැම්මේ.නමුත් එදත් අදත් අත්තෙම්ම ගුණ සුවඳ තියෙන අය ඉන්නවා..ඒ අය
මන් අදුනනව හොදට.. ( මට ඒ කිසි කෙනෙක් අමතකත් නැහැ , නම් නොකියන්නේ
පසුවට පෝස්ට් කීපෙකින් ඒ අය ගැන කියන්න ඉන්න නිසා .සමහරු ජීවිතේට දැකල නැහැ ,
ඒත් හොයන් ආව ළඟටම .)
ඉස්සරහට මන් දාන දේවල් වලට ඒ නිසා දොස් කියන්න එපා.
මෙතන කමෙන්ට් දාන්න කලින් කරුණාකරලා මෙන්න මේ පෝස්ට් එක බලල
ඉන්න...මගේ පුද්ගලික දුකත් , හදවත ගැනත් , ලිපියේ උක්ත කරුණ ගැන මන්
බොරු සෝබන මවා නොකර දරණ මතයත් තේරුම් යාවි..
බොරු සෝබන වලින් ප්‍රශ්න විසදන්න බැහැ ...
නැවතත් කියන්නේ ...
අනික් දවසේ මන් දාන ඒවට කියන්න දේවල් නැති වේවි..
හරියටම කට්ටියට මගේ මේ පෝස්ට් එකේදී උනා වගේ..ඒ නිසා ඔය ජාති වාදී
ප්‍රශ්නේ ගැන මෙතන ඉන්න හැම එකාටම වඩා විඳපු කෙනෙක් silentsahan
කියන්නේ .ඒත් මන් මගේ දුක , වේදනාව ලෝකෙට පෙන්නන්නේ නැහැ .
ප.ලි. මෙහි කමෙන්ට්, පොස්ටු උපුටා දැක්වීමේදී කකා , මාතලන් , උදිත , මාරයා ,
සිරා, වැනි සහෘදයන්ගේ නම් ගම්ද සටහන් වී ඇත.මට තිබ්බා XXXX වගේ හිස් තැන් තියන්න ,
නමුත් එය එසේ කරා නම් මීට වඩා අපහසුවක් වන නිසා ( කව්රු කාට , කොහේදී කියපුවද යන්න )
ඉවත් නොකලෙමි..ඉතින් එහි නම් ගම් සටහන් වූ පලියට ඔවුන් මේ කිසි දෙයකට ඍජු
චෝදනාවක් ලබන්නේ නැහැ . පුද්ගලිකව ඔවුන් ඉලක්ක කර ලියු කිසිවක් මෙහි නැත.
ඔවුන් හා යෙදුනු කතා බහ අදාළ පොස්ටුවේ සටහන් වී ඇත...මෙයින් පසු හෝ අප වෙනස්
විය යුතුයි යන්න සිතීමට ඉඩ සලසන ලිපි පෙළක මූලාරම්භය පමණි...Shall I enter my arena ?
.
පැහැදිළිවම .යුද්ධය කියන්නේ එක එක මුහුණුවරින්
එන දෙයක් .මාරාගෙන මැරෙන තත්වය වැනි
අති බිහිසුනම තත්වය එන්නේ " මානසික යුද්ධයේ "
ප්‍රති ඵල නිසා..
එන දෙයක් .මාරාගෙන මැරෙන තත්වය වැනි
අති බිහිසුනම තත්වය එන්නේ " මානසික යුද්ධයේ "
ප්‍රති ඵල නිසා..
මෙතනත් වෙන්නේ ඌරගෙ මාළු ඌරගෙ පිටේ තියන්න
ඒමක් ..
ඒ නිසා මාළු කපන්න ඌරු පිට නම් දෙන්න එපෝ...









15099537_n.jpg





