මායි ෂේරිලුයි 89787 වලට යන බස් එක එනකම් තව අපේ යහළුවෝ ටිකක් එක්ක පාරේ අයිනකට වෙලා බලන් ඉන්නව .වෙලාව උදේ 9 ට වගේ වෙන්න කිට්ටුයි . අපි ගමනට උවමනා කරණ දේවල් ටිකත් එක්ක මෙතනට ඇවිත් දැන්
විනාඩි 20 වගේ ඇති , කට්ටියම කතා වෙන්නේ 77565 වල තියෙන බලන්න ආස හිතෙන දේවල් ගැන .
ඔන්න ඔය අතරේ අපි බලාපොරොත්තුවෙන් හිටපු බස් එක ආව .කට්ටියම ගොඩක් උනන්දුවෙන් පොර කාගෙන වගේ නැග්ගා .මායි ෂේරිලුයි ඉතින් කොහොමත් අනිත් අයට ඉඩ දීල අන්තිමටම නැග්ගා .
හැමෝම වගේ ජනෙල් පැත්ත අහු වෙන්න වාඩි වෙලා , ඒත් පිටිපස්සේ ඉඳන් 3 වෙනි 4 වෙනි වගේ සීට් එහෙක කෙනෙක් ඉන්නවා තනියම .අපේ කට්ටියේ කෙනෙක් නෙවේ පිට කෙනෙක් .අවුරුදු 28 වගේ පෙනුමක් තියෙන 33 ,34 වගේ කෙනෙක් .මුහුණ පුරා ලාවට වැවීගෙන එන රැවුල් ගස් , ඒක හරියට ඊයේ උදේ කපපු ගමන් ( රැවුල ඈ ) තාම කපල නැති ගාන .ඇදුම් පැළදුම් උනත් ඒ හැටි ලකයක් නැහැ .අපි දෙන්නට වෙන හරිහමන් තැනකුත් නැති නිසා අපි එතනින් වාඩි වෙන්න හිතාගෙන ලගට ගියා ..
" මහත්මයා මෙතන වෙන කෙනෙක් ඉන්නවද , අපි වාඩි උනාට කමක් නැහැද " මටත් කලින් ෂෙරිල්
" අහ්, නැහ් නැහ් කව්රුත් නැහැ ඔයාල වාඩි වෙන්න " එතෙක් වේලා ජනේලයෙන් පිටත කල්පනාවක උන් අමුත්තාගෙන්
" බබා මේක උඩ රැක් එකෙන් දාන්න " හම්මෝ උම්ම්ම්ම්ම්හ් හ්ම්ම්ම්ම්ම්
" අහ් මේකත් ඔතනිම්ම දාන්න " හම්ම්ම්ම්ම්ම්මියෝ උම්ම්ම්ම්හ්
අපගේ පමණක් නොව අනික් සියලු දෙනාගේද මෙවැනි දෙබස් දිහා ඔහු සිනාමුසු මුහුණින් යුතුව , මිත්‍ර ශීලීව බලා සිටියේය ..
අපි වාඩි උනාට පස්සේ මේ කෙනා ආයෙම පාරක් ඔහේ ජනේලෙන් එහා පැත්ත බලාගෙන කලින් හිටපු කල්පනාවටම වැටුන .
'" ඔයත් 76796 වලට යන්නද " නැවත මටත් කලින් ෂෙරිල්
" හ්ම්ම්ම්ම්ම් " අප දෙසට හැරෙමින් මිත්‍ර ශීලී සිනාවක් පාමින් ඔහු ..
" කෑම්පින්ද මේ කට්ටියම , ඒක හොඳයි . බලන්න ආස හිතෙන දේවල් ගොඩක් තියෙනවා 556445 වල " සුහද ලෙස අප දෙදෙනාට කරුණු පැහැදිලි කරමින් ඔහු ..
" මේ මහත්මයා කොහාටද යන්නේ , ගෙදරද " කටට උත්තර ෂෙරිල්ම දෙමින් ප්‍රශ්න කරයි ..
" ඔව් " නිකන් වෙන්න-ඇති වගේ හරිම අවිනිශ්චිත උත්තරයක් ඒක ගොඩක්, අහිංසකව කටෙන් එලියට දාගත්ත ..
මොකද පෙනුමින් මේ කෙනා යන්නේ විනෝද ගමනක් වෙන්න බැහැ , එහෙම නම් ජනේලෙන් එහා පැත්ත බලාගෙන ඔහේ කල්පනාවට වැටෙන්නේ නැහැනේ. අතීතයක් මතක් කරමින් වගේ , ආයේම ඒකෙන් එලියට එමින් යන ගමනක් මේ ...
ඔහොම කල්පනා ටිකකට මාත් වැටුන ෂෙරිල්ගේ කකුල පෑගුවත් අර ප්‍රශ්න අහද්දී ..
" ඔයා බැඳලද මහත්මයා " මගේ ඉවසීමේ සීමාව ආක්‍රමණය කරමින් නැවතත් ෂෙරිල්.
" මන් දන්නේ නැහැ " ෂෙරිල්ගේ ප්‍රශ්නයෙන් කේන්තියෙන් එයා දිහා බලමින් හිටපු මට, මේ උත්තරේ ඇහීමත් එක්ක ආයෙම මේ කෙනා දිහා බැලුනේ ඉබේටම ...
ඇත්තටම මේ තැනට ගන්නයි ෂෙරිල් ඒ විදිහට ප්‍රශ්න කලේ. දැන් මටත් කුකුසක් ඒ දේ ඇහීමත් එක්ක .
" ඔයා ඒකෙන් අදහස් කලේ මොකක්ද මහත්මයා " මේ පාර මන්
" මෙහෙමයි " ඔහු ඉතා දිගු කතාවකට මුල පුරමින් අපි දෙන්න පැත්තට හැරුන
" මන් බැඳපු කෙනෙක් , මීට අවුරුදු 8 කලින් .දැනට අවුරුදු 3 කලින් මාව 76577 හිර ගෙදරට නියම උනා . මගේ නෝනා මට දිගටම මට ලියුම් එව්වා හිරේ ඉද්දි ..ඒත් මට තේරුණා මේ දේවල් මන් හිතනවට වඩා දුර දිග යාවි කියල ..ඉතින් මන් එයාට කිව්වා
ළමයි දිගටම මන් ගැන ඇහුවොත් , ඔයාට එන්න එන්න කරදර ආවොත් මාව අමතක කරන්න කියල. පස්සේ පස්සේ මන් ලියන එක නැවැත්තුව එයාට .මගේ නෝනා ගොඩක් හැඩයි , ඉතින් මන් නැතිව එයාට වෙන විවාහයක් උනත් කරගන්න පුළුවන් .. "
" මේ තියෙන්නේ " එහෙම කියල එච්චර වෙලා අතේ තියන් හිටපු පුංචි පිංතූරයක් අපි දිහාට දික් කරා ...
පව් පුංචි උන් තුන්දෙනෙක් තුරුළු කරගත්ත ලස්සන ගෑනු කෙනෙක් ඒ පින්තූරේ හිටියා .
අවුරුදු ගානක් අතේ තියන් ඉඳලම ඒ පින්තූරේ අඳුරු වෙලා ..
" හැබෑමයි , ඔයාගේ නෝනා ගොඩක් හැඩයි , ඒ වගේමයි මේ පුංචි බෝනික්කෝ ටිකත් " ඒ මගේ ෂෙරිල්
" මට හදිසියේ මේ නිදහස ලැබෙන බව දැනගත්තම මන් එයාට කිව්වා , මන් එනවා ආයෙම , ඔයාට මාව බාරගන්න පුළුවන් නම් අපේ නගරයේ මැද්දේ තියෙන ලොකු ඕක් ගහ පාමුල පුංචි කොල පාට ලේන්සුවක් එල්ලන්න .ඒත් ඔයා දැනටත් මගෙන් වෙන් වෙලා නම් එහෙම එල්ලන්න එපා කියල "
" ඉතින් මන් ඇත්තටම දන්නේ නැහැ දැන් , මන් විවාහකද නැද්ද කියන්න " ඒ උත්තරයට අපි දෙන්නම ගොළු උනා ...
.
අපේ අමුත්තා විටක බලාපොරොත්තු ගොන්නක් තුරුලට ගනිමින්ද , ආයෙම ඒ ඔක්කොම ජනේලයෙන් එලියට විසි කරමින්ද ඒ කතාව අපි දෙන්නට විස්තර කරා .
මේ වෙද්දීත් මේ කතාවට ඇහුම් කම් දීගෙන හිටපු අපේ යාළුවො ටිකත් පුදුම උද්යෝගෙකින් මීළඟ නැවතුමේදී වෙන්න යන දේ ගැන අපේ අමුත්තා වගේම බලන් හිටියා .
එකම පවුලක් වෙලා මේ ටික වෙලාවට , මේ පුංචි වචන ටිකට අපි හැමෝම . ෂෙරිලුත් කියන්න බැරි තරම් උනන්දුවකින් ඉදිරිය ගැන .
ටිකෙන් ටික බස් රථය නගරයට ළඟා වෙමින්
බස් රථය ටිකෙන් ටික නගරයට ළඟා වෙමින්
නගරය ටිකෙන් ටික බස් එකට ළඟා වෙමින්
බස් එක නගරයට කිට්ටු වෙමින්
බස් රථය ටිකෙන් ටික නගරයට ළඟා වෙමින්
නගරය ටිකෙන් ටික බස් එකට ළඟා වෙමින්
බස් එක නගරයට කිට්ටු වෙමින්













15099537_n.jpg


