දැන්වීම් පුවරුව . ( පින්තූර මතට මවුස් පොයින්ටරය රැගෙන යන්න )

දැනට වසර දෙකක පමණ සිට සෑම සතියකටම වරක් ලිපියක් හෝ දෙකක් පළ කළෙමි. සිත් ගත් ලිපියක් වේ නම් හිතමිතුරන් අතරත් බෙදාගන්න.

මෙම වෙබ් අඩවිය ලෝඩ් වීමට පමා වේ නම් මෙම ලින්ක් එක භාවිතා කරන්න.

Go and get Sinhala Unicode to your Computer
Face Book Link Share.

November 21, 2012

චන්ද්‍රිකා තාක්ෂනය මුල සිට සරලව:Satellite Transmission technology in Sinhalese, beginners mode .

.....


මෙතන තියෙන්නේ මම කාලෙකට කලින් එළකිරි . කොම් එක වෙනුවෙන් ලියපු
දේවල් වගයක් . මොකද මේක කිව්වේ නැත්නම් වෙන කෙනෙක් කියයි මම කොපි
කරලා කියල එතනින් . මේ තියෙන්නේ එතන ලින්ක් එක ..






01. The basic
02. Sat වලින් ගන්න පුළුවන් වැඩ .
03. වැඩි දෙනෙක්ට ඕනේ TV සහ Inet නිසා ඒක ගැන ටිකක් වැඩි පුර කතා කරනවා ..

         
චන්ද්‍රික රූපවාහිනී ක්‍රියාත්මක වෙන්නේ                 කොහොමද.
          චන්ද්‍රිකා හා බැඳුනු මිත්‍යා මත .
          එන චැනල් මොනවද .
          Footprints කියන්නේ මොකක්ද ..
         අවශ්‍ය කරන උපකරණ මොනවද , තමන්ට        ගැලපෙනම දේ තෝරාගන්නේ කොහොමද ..
         නිවැරදි ආකාරයට Azimuth, elevation අනුව   චන්ද්‍රිකාවකට දිශා ගත කරන විදිහ ..
         Data Scramble කරන විදිහ ...
         Unscramble කරන්න පාවිච්චි කරන ක්‍රම ...
         ඒ සදහා විශේෂිතව හදපු උපකරණ මොනවද ..
         Pay TV  EMM keys පාවිච්චි කරලා ගන්න විදිහ
         Encryption keys ගණනය කරන ක්‍රම ....
         Encrypted data stream එකක් ගන්න විදිහ .
         Getting Internet..
         Mobile Internet

චන්ද්‍රිකා තාක්ශනය....මූලික හැදින්වීම....




චන්ද්‍රිකා ගැන හැමෝම දන්නවනේ. දළ වශයෙන් කිමි 35,000 විතර උඩ තමා මේව තියෙන්නේ.මිනිසා විසින් හදලා උඩ යවන ගොඩක් වටින දේවල් තියෙන පෘතුවියේ ගුරුත්වයෙන් මිදිල නිදහසේ අහසේ නිශ්චිත කක්ශයක තමා මේ චන්ද්‍රිකා තියෙන්නේ... හරියටම කියනවා නම් අපේ ලන්කාවට එක එල්ලේ උඩින් තියන Express 2A 80E සැටලියිට් එකට දුර 35,859.06 කිමි වෙනවා.

ප්‍රදාන වශයෙන් සැටලයිට් කොටස් දෙකකට බෙදනව.
1.Geostationary satellites
2.Non - orbital satellites


------Geostationary satellites------

මේ චන්ද්‍රිකා වලින් තමා අපි එදිනෙදා ජීවිතේපනිවිඩ හුවමාරු කරගන්න භවිතා කරන්නේ.රූපවාහිනී වැඩසටහන් , අන්තර්ජාල සේවා වගේ...


මේවට ඒ නම ලැබිලා තියෙන්නේ පෘතුවියට සාපෙක්ශව නිශ්චලව තිබෙනවා වගේ පෙනෙන නිසා.ඒත් ඇත්තටම පැ.සැ. 6,872 වේගයකින් මේවා පෘතුවිය වටේට කැරකවෙමින් තියෙන්නේ...
පෘතුවියේ ඉදලා 36,000කිමි විතර දුරකින් පැ.කි.මි 10,995 විතර වේගෙකින් දෙයක් යවන්න පුලුවන්නම් සදාකාලිකවම ඒක පෘතුවිය වටේට යවන්න පුලුවන් . ඒ කිව්වේ ඒක හැමදාම ලෝකේ වටේ කැරකි කැරකි තියෙනවා...ඔය දේවල් A ලෙවල් ‍ෆිසික්ස් කරපු අය නම් දන්නව ඇති, එත් මන් කිව්වෙ නොදන්න අයට.


-----Non- orbital satellites-----


මේ චන්ද්‍රිකා තමා කාලගුන තොරතුරු යුදමය කටයුතු වලටම යවන විශේශිත ඒව..
මොකද  කියනවනම් මේවට පුලුවන් අවශ්‍ය  විදිහට තමන් ඉන්න තැන වෙනස් කරගන්න.තැනින් තැනට ගිහින්  ඔත්තු  එහෙම බලල  ඉක්මනට වෙන තැනකට යන්න  පුලුවන් මෙයාලට තව සිතියම් ගත කිරීම්, කනිජ සම්පත් සෙවීමේ කටයුතු,විශේශිත පනිවිඩ සන්නිවෙදන කටයුතු එහෙමත්  කරනවා..ඒ කිව්වේ හිතන්න ඇමෙරිකාවට ඕනේ උනා කියලා ඇෆ්ගනිස්තානේ එයලගේ හමුදවට රහසිගත තොරතුරක් දෙන්න, ඒ වගෙ වෙලාවට කරන්නේ ඇෆ්ගනිස්තානේ කිට්‍ටුවට මෙයාලව යවල ඕනේ පනිවිඩේ රහසිගතව යවනව..එහෙම දෙයක් වෙද්දි වෙන කෙනෙක් දන්නේ නැ...ඔක්කොම වැඩේ උඩ වෙනව...තව කියනව අදි බලැති ලේසර් යවන්න පුලුවන් වගේ එවත් තියෙනවලු.. ඒත් මම නම් දන්නෙ නෑ  ඇ ත්ත නැත්ත..


(ඒත් කාලගුන කටයුතු වගෙ දේවල් වලට කලින් ජාතියේ චන්ද්‍රිකාත් ගන්නවා )


මේ බොහොම මුල, ඉස්සරහට අපි ටික ටික ගැබුරටම යමු....
ගොඩාක් දෙනා මට තේරෙන විදිහට ආසයි සැටලයිට් චැනල් ගන්න.
මම මුල් බේසික් දැනුමක් දීල ඒව කියන්නම්... මොකද තව දේවල් ටිකක් තියෙනවා හරියට ඔලුවට දා දාගන්න ඕනේ...නැත්නම් බැරි වෙනවා තනියම සැටලයිට් එකකට සැටලයිට් ඇන්ටෙනාවක් දිශා ගත කරගෙන සිග්නල් එකක් උපරිම ප්‍රබල තාවයෙන් ගන්න.. හිතන්න කිමි 36,000 විතර ඇතින් තීයෙන දේකට යමක් ඉලක්ක කරන කොට එක අන්ශකයක වෙනසකින් මොන තරම් වෙනසක් වෙනවද කියලා...



















කලින් පැහැදිලි කලේ  සැටලියිට් එකක් අහසේ තියෙන හැටි ගැන.




(කොහොමද ඒක පොලොවට කඩා වැටෙන්නැතුව තියෙන්නෙ කියල. මුලින් මන් කිව්වේ සැටලයිට් එකක් අපේ පෘතුවිය වටේ ගමන් කරන වේගය ගැන,ඒ වේගය වැඩි උනොත් වෙන්නෙ ඒක පෘතුවියෙන් එහාට විසි වෙලා යනව,අඩු උනොත් වෙන්නේ එක පොලොවට කඩා වැටෙනවා


කලින් තිබුනු රුසියාවට අයත් මීර් අභවකාශ මධස්ථානයපොලොවට කඩා වැට්‍ටුවේ එහෙමයි. .එහෙම වැටෙද්දි තත්පර කීපයකදිම පැ.කි.මී ලක්ශයක විතර වේගයක් ඒවට එනව ගමන පටන් ගත්තෙම 10,900 පැ.කි.මී පමන වේගයකින් නිසා.

ඒක පෘතුවි වාසීන්ට අනතුරක් හින්ද හිතු මතේ කාටවත් මේ දේවල් කරන්න දෙන්නේ නැ.මේව කරන්න අන්තර්ජාතිකව පිහි‍ටුව ගත්තු සම්ගම් හරහා තමා නියමිත ගනනයකිරීම් කරලා අවසරය දෙන්නෙ කාටහරි යමක් උඩු ගුවනට යවන්න ඕන උනොත්.




දැන් අපේ වැඩේට ඔන වෙන තැනට එමු.දැන් හැමොම දන්නවනේ මේව තියෙන්නේ ගොඩාක් දුර අහසේ කියල ඒත් වැඩගත්ම දේ තමා අර වගේ අමාරු දේවල් ටිකක් කරලා අභාවකාශයට යවපු සැටලයිට් එක අහසෙ රදවන්නේ කොතනද කියන එක.

අනික උඩ බැලුවම
හඳ පේනවා වගේ අන්න මගේ සැටලයිට් එක කියල පේන්නෙත් නෑ කොටි ගානක් තරු අස්සේ.මොකද හඳ එක්ක බලද්දි සැටලයිට් ගොඩක් පුන්චිනේ අපි හදන.


දැන් මේක යවන්නෙත් සාමාන්‍ය  ජනතාවට සේවා ලබා දෙන්නනෙ, නැත්නම් ටිකක් සන්කීර්න ගනිත සමීකරන වලින් හොයා ගන්න පුලුවන්#1. ඉතින් ඒකට කරපු විසදුම තමා සමකයට ඉහලින් හැම සැටලයිට්
එකක්ම පිහිටවමු කියන එක...ඔතොකොට නම් සමකය ලගට ගිහින් උඩ බලපු ගමන් නොපෙනුනත් දන්නව මෙතන ඉදන් උඩ බලපු ගමන් මගේ සැටලයිට් එක තියෙන බව.

දැන් අපි එමු මෙච්චර කල් හැමොම අහපු දේ ගැන, ගේම පටන් ගන්නේ කවද්ද කියලනේ හැමොම අහුවේ. ඒත් අර වගේ මුල් අවබෝදයක් නැතිව ගේම පටන් ගත්තොත් වෙන්නේ ටිකක් ඉස්සරහදි මන් කියන ඒව නොතේරී යන එක.. ඒක නිසා තමන් දැනටම දැනගෙන හිටියත් ඒව බලන්න ටිකක් අවදානෙන්, අනික මේක මුල ඉන්දලම අකුරක් නෑර ඉගෙන ගන්න ආස අයත් ඉන්නව ... අනික  ඇතිවෙන ඕනම ගැටලුවක් මගෙන් පුද්ගලිකව හො මෙතනදි අහන්න... උත්තර දෙන්නම්...


දැන් අර කලින් කිව්ව විදිහට එක පෙලට අපි උඩු අහසට යවපු සැටලයිට් ටික තියනව සමකය දිගේ.

ඇමෙරිකාවෙන් යවපු සැටලයිට් එකක් තියෙනව කියන්න එයාලගෙ රටට උඩින් සමකයට හරි කෙලින් ඔතොකොට ඇමෙරිකාවේ ඉන්න කෙනෙකුට හරිටම උඩ බැලුව ගමන් ඒක හදුන ගන්න පුලුවන්.ඒකට තවත් ලේසි වෙන්න හරියටම සැටලයිට් එක තියෙන තැන අහසේ දේශාණ්ශකය සලකුනු කලා.ඔතොකොට අදාල දේශාන්ශය තියෙන තැන අහසේ ඉහලින් සැටලයිට් එක තියෙන බව හොය ගන්න පුලුවන්.මේ විදිහට දැනට උඩු ගුවනට යවලා තියෙන හැම සැටලයිට් එකේම දේශාන්ශය නියමිත විදිහට ලකුනු කරලයි තියෙන්නේ.



මෙතන පේන විදිහට සැටලයිට් 900 විතර තොරතුරු අවශ්ය වෙලාවේදි ගන්න පුලුවන් මේ වෙනකොට.මම දැනට මේ දාල තියෙන්නේ උදාහරනයක් සදහා විතරයි.ඉදිරියේදි අපි මේ 900න් අඩුම තරමේ 40 කින් වත් එන සිග්නල් ගන්න මට්ටමට එමු ....
 

මේක හොදට බලන්න ,පේනව නේද අන්ශක වලින් ලකුනු කරල තියෙන විදිහ? සමහර ඒව අන්ශක 0.5/ 0.2 වගේ ඉතාම ලගින් තමා තියෙන්නේ. ඒකට හේතුව තමා මේ මුලු සැටලයිට් 900 යම සමකය වටේට පිහි‍ටුවා ගන්න ඕන

වෙන හින්දා ඉඩ හදා ගන්න හැම කෙනාගෙම සැටලයිට් එකට. ඉතින් දැන් අපි නොදන්න ලොකු යුද්දෙකුත් තියෙනවා මේ ඉඩ ප්‍රස්නෙ ගැන... කෙනෙක් කියන්න පුලුවන් සමකය වටේට උනත් මහා ඉඩක් හැදෙනව නේද අහසෙදි කියල,පෘතුවියේ පරිදිය එච්චර උඩ අහසෙදි කි.මී කෝටි ගානක් වෙන හින්ද! ඔව් ඒක අත්ත තමා. ඒත් මොකක්ද අවුල, පෘතුවියේදි ඔය ඉඩ එන්නේ නිකන්ම නිකන් අන්ශක 360 ඇතුලට... ඒ කියන්නේ එක අන්ශකයකින් කි.මීටර් ලක්ශ ගානක් තීරනය වෙනවා. ඉතින් දැන් තේරෙනව නේද පොඩි වරදකින් කිලෝ මීටර ලක්ශ ගානකින් එහා මෙහා වෙන බව.( තව පැහැදිලි කිරීම් අවශ්‍ය  නම් කියන්න )


දැන් අපි දන්නවා කොහොමද සැටලයිට් එකක් ස්තානගත වෙලා තියෙන්නෙ අහසේ නියමිත පරිදි කියලා. සරලව ඒක තියෙන තැනට පහල ඉන්න කෙනෙකුට වැඩි කරදරයකින් තොරව ඒකේ සිග්නල් ගන්න පුලුවන්..හිතමු අපිට Astra 1D සැටලයිට් එකේ සිග්නල් ගන්න ඕනේ කියලා, ඒ දෙශාන්ශකය( 2E*) තියෙන තැනට ගිහින් සැටලයිට් ඇන්ටෙනාවක් කෙලින්ම උඩට හරවන්න.

තත්පර කීපකෙන් ඔයාලට
අවශ්‍ය සිග්නල් ලැබෙන්න පටන් ගනීවි.අපි හිතමු ඔයා ඉන්නේ සැටලයිට් එක තියෙන දේශාන්ශකයට අන්ශක 5ක් නැගෙනහිරින් කියල කියලා, දැන් කරන්න ඕනේ තමන්ගේ ඇන්ටෙනාව ටිකාක් නැගෙනහිර පැත්තට හරවන එක. දැන් තෙරෙනව නේද යම් මට්ටමකට ඇන්ටෙනාවක් චන්ද්‍රිකාවකට ඉලක්ක කරන හැටි? ඉස්සරහට තව වැඩි විස්තර කතා කරමු..

12 comments:

  1. හොඳ දැනුමක් ගන්න පුළුවන් සයිට් එකක්...!

    ReplyDelete
  2. දෙයියන්ගේ පිහිටයි.. තාරකා විද්‍යාව නම් ඒ කාලේ ඉඳලා ආසයි.. ඒත් සැටලයිටි නං ඉතිං බටලයිට් තමයි...... ඒ උනාට ඔන්න කියෙව්වා.. දිගටම කියෝගෙන යනකොට තේරෙයි නොවැ....

    ඒ කියන්නේ දැං ඔය උඩ කැරකෙන කට්ටිය ඔක්කොම ඉන්නේ සමකය දිගේද..? මම කිව්වේ කක්ෂගත කරලා තියෙන ඒවා....?

    ReplyDelete
  3. @ රෙහානි :

    හොදයි ආස නම් දිගටම කියවන්න . මම එළකිරි එකේ කරපු එකත් ආස අය කියෙව්වා . එත් කීප දෙනෙක් නිසා උවමනාව තිබුන අයටත් නැති උනා මම මෙතන ඉතුරු ටික දාන්නේ ඒ අය නිසා . රුවන් තීක්ෂණ කියල මල්ලි කෙනෙක් හිටිය , එයා වෙනුවෙන් තමා මෙතන හරි දානවා කියල හිතුවේ . එයා දකිද්දී මට මගේ පොඩි කාලේ මතක් වෙනවා ...

    @ හිරු :

    ඔව් අනේ ඔහේ කියවන්න , සමහර ඒවා තේරෙන්න ඕනෙත් නැහැනේ කරන්න .. හි හි
    ඔයාට මතකයි නේද කඹුරු ඉකෙයා ? ඕවගෙන් තමා හිත වැටුනේ මගෙත් ..
    නැහැ හැම එකම නෙවේ , සමකය වටේ තියෙන්නේ රූපවාහිනී , අන්තර්ජාල , තව
    Repeating(අපිට ඕන මොනවා හරි පණිවිඩ එක තැනක ඉඳල තව තැනකට යවද්දී signal වල
    ප්‍රබල කම අඩු වෙද්දී ඒක වැඩි කරගන්න පාවිච්චි කරන ක්‍රමයක් .) වගේ එදිනෙද සාමාන්‍ය මිනිස්සුන්ට
    ඕන වෙන සීමාවේ තියෙන චන්ද්‍රිකා විතරයි . ඒකට එකම හේතුව අර මන් කිව්ව Aim කරන ප්‍රශ්නේ .

    අනික් GPS system එකට ගන්න ප්‍රධාන සැට් 36 ( මේ වෙද්දී එක එක company වලින් තමන්ගේම කියල වෙන
    වෙනම GPS system හදනවා ) , කාලගුණ , ඛනිජ හොයන ඒවා , සිතියම් හදන ඒවා ( g maps වගේ ) , යුද්දෙටම
    හදපු Repeating ලොකු bandwidth තියෙන සම්පූර්ණ encrypted සැට් , 4to ගන්න පුළුවන් වගේ ( අපි මිදුලේ
    පත්තරයක් බලනවා කියන්න , ඒකෙ අකුරු පවා කියවන්න පුළුවන් ඒ lens එකට, ටිකක් Gmaps වලින් ජපානේ
    ටෝකියෝ බලන්න පාරේ සුදු ඉර පවා පේනවා, අරුගේ බම්බු කැමරාව වගේ නෙවේ හි හි ) සැට් හැම එකක්ම තියෙන්නේ
    සමකයෙන් ඈතට වෙන්න . ඒවගෙන් සිග්නල් ගන්නේ ගණිත සමීකරණයකින් දිශාව හොයාගෙන . අපි දිශාව හොයාගත්තත්
    වැඩක් නැහැ ඒවගෙන් එන සිග්නල් එක පාවිච්චි කරන්න පුළුවන් විදිහට ( එකට කියන්නේ down convert කරනවා කියල )
    ගන්න ඕන උපකරණ කඩේ නැහැ . ඒවා තියෙන්නේ ඒ සැට් එක හදපු අය ගාව විතරයි ..

    නොතේරුනාට කමක් නැහැ ඔහේ කියවන්න . පස්සේ තේරෙයි හයියෝ මේකනේ මේ කියල . ඇති දෙයක් නැහැ
    බොරුවට පුම්බල විතරයි..

    ReplyDelete
    Replies
    1. නම නම් ටාර් ගාලා මතක් උනා... හි හි... හරි පුදුමයි නේද අවුරුද 18කට විතර කලින් කියෝපු නමක් එකපාරටම මතකෙට එන හැටි.. ඒ තරම් ඒ පාඩම් හිතට වැදිලා..... අනේ අර අහිංසක වෙනියගේ බම්බු කැමරාවට නෝණ්ඩි දාන්න ඒපා අනේ.... හි හි

      Delete
  4. ඔව් ඒවා පුදුම විදිහට මතකයි මට , කිසිම දෙයක් තේරෙන්නේ නැහැ ඉස්සර ඕව
    ගැන හරියට හරියට , ඒත් කියවනවා ආසාවෙන් . එස්ලෝන් බටයක් අස්සෙන්
    රෑට උඩ බලන් ඉන්නවා .මන් හිතන්නේ වෙනිත් අපි වගේ තමා , එකම කාල පරාසේ,
    එකම මතකයන් . එයා කැමරාව ලග නතර උනා , මන් ඩිෂ් එක ලග නතර උනා .

    සැට් වලට කලේ , කාන්දන් කෑලි දෙකක් මැද්දට
    යෝගට් කෝප්පයක් ගහල රෑට මිදුලෙන් තියල නිදා ගන්නවා . උදේම ඇහැරිලා
    බලනවා මොකද වෙලා තියෙන්නේ කියලා ... ඉස්සර සිනමන් එකේ ඩිෂ් එක
    තමා මගේ මුළු ලෝකෙම ... නිකනුත් ඉස්සරහට ගිහින් බලන් ඉන්නවා ..
    ඒත් කිසිම කෙනෙක් අබ මල් රේණුවක දෙයක් නම් කියල දීල නැහැ .

    ReplyDelete
  5. දැනුම බෙදා දෙන්න ඔබ ගන්නා උත්සාහය අගය කරනවා සහන්.. මෙවැනි දේ ලියන්න දිගටම. පුළුවන් නම් මේ පෝස්ට් එකේ අකුරු වල වර්ණය වෙනස් කරන්න. පේනවා ටිකක් මදි වගේ මට නම්..

    ReplyDelete
  6. kaiyala wedak ne ban ela ela... mama godak asa subjet ekak... digatama karagena yan..

    ReplyDelete
  7. niyamai mama godak asa subjet ekak .... apith innwa karagena yan..

    ### THARUNA EKAMUTHUWA ###

    ReplyDelete
  8. නියමයි සහන. මට තව ගොඩක් විස්තර කියවන්න පුළුවන් ලිපි වල ලින්ක් එවනවද.
    මම ඔයාගෙ මේ බ්ලොග් එක දිගටම බලනව.

    ReplyDelete
  9. URGENT ණය ලබා දැන්ම යොමු කරන්න.
    ආයුබෝවන්,
     මගේ නම මහත්මිය වැනෙසා ක්ලාරා වන්නේ රොබට්, මම මම මම, විවාහ වුනා, ඔහියෝ ඇමරිකා එක්සත් ජනපදයේ සිට මම
    පසුගිය මාස 5 සඳහා අව්යාජ ණය සමාගම සොයමින් හා
    මම ගත්තා සියලු ඔවුන් විශ්වාස කිරීමට මට කළ හඳුනාගන්නා අයුරැ පොකුරේ වූ අතර අවසානයේ දී
    දවසේ, ඔවුන් සියළු ප්රතිලාභ ලෙස කිසිවක් ලබා දීමට තොරව මගේ මුදල් රැගෙන
    මගේ බලාපොරොත්තුව මම ව්යාකූල සහ කලකිරුනු තියෙනවා, නැති වූ, මම ඉතා එය සොයා
    මගේ පවුලේ පෝෂණය කිරීමට අපහසු, මම කරන්න දෙයක් කිරීමට අවශ්ය නැහැ
    අන්තර්ජාලය මත ණය සමාගම් සමඟ, ඒ නිසා මම යම් මුදල් ණයට ලබා ගැනීමට ගොස්
    මිතුරා, මම සිදු වූ ඇයට පවසා ඇය බව, මට උදව් කළ හැකි බවයි
    ඇය ණය ප්රමාණයක් ඕනෑම මට උපකාර කළ හැකි ණය මුදලක් සමාගම දන්නා
    ඇය පමණක් ලැබුණ බව, 2% ක ඉතා අඩු පොලී අනුපාතයක් මට අවශ්ය
    ඔවුන් වෙතින් ණය, ඇය මම කළා, ණය අයදුම් කරන්නේ කෙසේද යන්න පිළිබඳ මට යොමු
    ඇය මම විද්යුත් ඔවුන් සමග අයදුම් මට කිව්වා මෙන්: (williamsloans14@gmail.com), මම විශ්වාස නැහැ නමුත් මම උත්සාහ මගේ
    ශ්රේෂ්ඨතම පුදුම මම පැය 24 ක් තුළ මෙම ණය මුදල තියෙනවා, මම විශ්වාස කල නොහැකි,
    මම නැවත ප්රීතිමත් හා පොහොසත් වෙමි සහ i වැනි ණය දෙවියන් ස්තුති කරමි
    මෙම ස්ථාන වැඩි සියලු හඳුනාගන්නා අයුරැ මත මේ වගේ සමාගම් තවමත් පවතී,
    මම යන්න ණය අවශ්ය කරන සිදු එහි සෑම උපදෙස් කරුණාකර
    (williamsloans14@gmail.com) ඔවුන් ඔබ අසමත් වන අතර, කිසි දිනක
    බිම් බෝම්බ මෙන් ඔබේ ජීවිතය වෙනස් ය.

    ReplyDelete
  10. අපි (පෞද්ගලික ණය) පුද්ගලයින් විවිධ ණය ලබා හා වහා අවලංගු කරන්න අනුව 2% ක පොලී අනුපාතිකයක් යටතේ මළ සිරුරු සහයෝගයෙන්. මෙය ඔබ විශේෂයෙන් ලෝක මූල්ය අර්බුදය යන මත ඔබේ මුල්ය ස්ථාවරය උපකාර කිරීමයි. ඔබ 1000 අතර ණයට හැක - වැඩිදුර පරීක්ෂණ සඳහා 100,000,000 (පවුම්, යුරෝ හෝ ඩොලර්), කරුණාකර ඊ-තැපැල් (georgeanderson.loanfirm255@gmail.com) ශුබාශින්ෂණ හරහා අප හා සම්බන්ධ වන්න.

    ණය පර්

    ReplyDelete
  11. නියමයි. තේරෙන සිංහලෙන්ම තියෙනවා. සැටලයිට් හරහා අන්තර්ජාල පහසුකම් ගන්න පුළුවන් කියල මං අහල තියෙනවා. ඒ ගැනත් පෝස්ට් එකක් ඕනි.
    දිගටම කරගෙන යන්න. ජය!!!

    ReplyDelete

ඔබ කමෙන්ටුවක් දමයි නම් කරුණාකර මෙහි කමෙන්ටු E mail subscribe කරන්න .. නැතිනම් පිළිතුරු මග හැරී යනු ඇත ...

කමෙන්ට් යනු ඔබගේ අදහස් ප්‍රකශ කිරීමට සලසා ඇති ඉඩයි. සිතුවිලි ලියා තැබුණු විට අන් අයටද ප්‍රයෝජනයක් විය හැක !

http44444444://1.bp.blogspot.com/-F0lMkO9hSe8/UjM37DArTZI/AAAAAAAAAwo/wtP9O0K_6UE/s1600/543431_208554675978924_1215099537_n.jpg15099537_n.jpg

සහයෝගය දක්වන වෙබ් එකමුතු ...

මාතලන්ගේ සින්ඩිය...api apita Blog Readerlankeeya sithuwililankeeya sithuwili lankeeya sithuwili