දැන්වීම් පුවරුව . ( පින්තූර මතට මවුස් පොයින්ටරය රැගෙන යන්න )

දැනට වසර දෙකක පමණ සිට සෑම සතියකටම වරක් ලිපියක් හෝ දෙකක් පළ කළෙමි. සිත් ගත් ලිපියක් වේ නම් හිතමිතුරන් අතරත් බෙදාගන්න.

මෙම වෙබ් අඩවිය ලෝඩ් වීමට පමා වේ නම් මෙම ලින්ක් එක භාවිතා කරන්න.

Go and get Sinhala Unicode to your Computer
Face Book Link Share.

November 22, 2012

02. චන්ද්‍රිකා තාක්ෂනය මුල සිට සරලව:Satellite Transmission technology in Sinhalese, beginners mode




මෙතන තියෙන්නේ මම කාලෙකට කලින් එළකිරි . කොම් එක වෙනුවෙන් ලියපු
දේවල් වගයක් . මොකද මේක කිව්වේ නැත්නම් වෙන කෙනෙක් කියයි මම කොපි
කරලා කියල එතනින් . මේ තියෙන්නේ එතන ලින්ක් එක ..



                      පහු ගිය ලිපියෙන් කතා කලේ කොහොමද සැටලයිට් එකක් අහසේ පිහිටුවල තියෙන්නේ, එහෙම පිහිටවපු තැන ගැන හරියටම සදහන් කරලා තියෙන හැටි , එහෙම සදහන් කරපු සැටලයිට් එකකින් එන සිග්නල් සැටලයිට් ඩිෂ් එකේ පිහිටුම ටික ටික වෙනස් කිරීම මගින් ගන්න පුළුවන් විදිහක් තියෙනවා කියලනේ .අද අපි කතා කරන්න යන්නේ ඒ ක්‍රමය ගැන වැඩිපුර විස්තර.මුලින්ම කතා කරමු ඇයි එහෙම ක්‍රමයක් ඕන උනේ කියල.දැනටම අපි දන්නවනේ පෘතුවියෙන් ඉහල අහසේ ගොඩක් සැටලයිට් ප්‍රමාණයක් විවිධ අවශ්‍යතා සදහා විවිද අය විසින් යවල තියෙන බව.ඒ හැම සැටලයිට් එකම ස්ථාන ගත වෙලා තියෙන්නෙත් සමකය උඩ අහසේ ක්‍රම වත් පිළිවෙලකට.

ඉතින් මේ හේතුව හින්ද එදා මන් කිව්වා වගේ අපිට ගන්න ඕන සැටලයිට් එකේ පිහිටුම හොයාගෙන එතනට ගිහින් උඩ බලන් ඩිෂ් එකක් ගානේ හයි කරන්නත් බෑ.අනික එක අයිති වෙන කාගේ හරි ඉඩමක වෙන්නත් පුළුවන්නේ.ඔය කරුණු හින්දා තමා මේ ක්‍රමය දියුණු කලේ මේ ක්‍රමය පාවිච්චි කරලා අපිට පුළුවන් නියමිත පිටුවීම දන්නා ඕනෙම සැටලයිට් එකකට තමන්ගේ සැටලයිට් ඇන්ටෙනාව දිශා ගත කරගෙන ඒකෙන් එන සිග්නල් එක උපරිම ප්‍රබල තත්වයෙන් ලබා ගන්න.මේ වැඩේට බහින්න කලින් අපි අක්ෂාංශ , දේශාංශ , Azimuth ,Elevation කියන ඒවා හදුනා ගෙන ඉමු.





අක්ෂාශ / Latitudes

අක්ෂාංශ කියන දේ ගැන නම් අපි ඉස්ස්කොලේ යන කලේ ඉගෙන ගත්තනේ හොදට එත් තව පාරක් මේ වැඩේට ඕනේ වෙන හින්දා බලමු රූප සටහන් එක්ක.අක්ෂාංශ කියන්නේ අපේ පෘතුවියේ තිරස් අතට ඇඳපු මනඃ කල්පිත රේකා පද්ධතියක්. අංශක 0 දරන රේකාව තමා සමකය (Equator) යන නමින් හදුන්වන්නේ.ඊට පස්සේ උත්ත්‍රාත් ධ්‍රැවයට හා දක්ෂිනත් ධ්‍රැවය දෙසට රූපයේ පිළිවෙලට මේ රේකා පද්ධතිය විහිදෙනවා. දක්ෂිනත් ධ්‍රැවය පැත්තේ කෙලවරේම තියෙන්නේ දකුණු අක්ෂාංශ 90.








දේශාංශ / Longitudes

දේශාංශ කියන්නේ උත්‍රාත් ධ්‍රැවයේ සිට දක්ෂිනත් ධ්‍රැවය දෙසට ඇඳපු රේකා පද්ධතියට .පහත රූපයෙන් තේරුම් යාවී . දේශාංශ 0 කියන්නේ ඒ විදිහට එංගලන්තේ ග්‍රිනිච් නගරය උඩින් වැටිලා තියෙන රේකාවට.ඊට පස්සේ එතන ඉඳන් ලෝක ගෝලයේ නැගෙනහිර පැත්තට තියෙන රේකා නැගෙනහිර දේශාංශ කියලත්, බටහිර පැත්තට තියන රේකා බටහිර දේශාංශ කියලත් හඳුන්වනවා .නැගෙනහිර පැත්තට අංශක 180 කුත් , බටහිර පැත්තට අංශක 180 කුත් තියෙනවා. රූපයෙන් පැහැදිලි වේවි හරියටම.








Elevation

රූපය දිහා හොදට බලන්න , Elevation කියන්නේ අපේ සැටලයිට් ඇන්ටෙනාව හරි කෙලින් උඩු අතටත්,පහල අතටත් හැරවෙන ප්‍රමාණය .ඒ කියන්නේ ක්ෂිතිජය දිහා ඉඳල හරි කෙලින් උඩු අතට හැරවුණු කෝණය තමා අපි මේ අගයෙන් හඳුන්වන්නේ.මේ අගය මනින්නේ අංශක වලින්.හරියටම ක්ෂිතිජය අංශක 0 අගයකුත්,හරියටම උඩු අත අංශක 90 අගයකුත් විදිහට තමා අපි මින් ඉදිරියට සලකන්නේ.පැහැදිලිද මන්ද .









Azimuth


Azimuth කියන දේ නම් හරියටම තේරුම් ගන්න ඕනේ ,මොකද මේක ඉතාම වැදගත් වෙන දෙයක් මින් ඉදිරියට.ඒ හින්දා පියවරෙන් පියවර ඉස්සරහට යමු අපි.හිතන්න උතුරු දිශාව බලාගෙන ඉන්නවා කියල ,ඊට පස්සේ ටික ටික හැරෙනවාකියල හිතන්න නැගෙනහිර පැත්තට,මෙහෙම හැරෙන කෝණය තමා අපි මේ azimuth කියල හඳුන්වන්නේ. ඔය විදිහට අපි සම්පූර්නෙන්ම හැරුනා කියල හිතන්න නැගෙනහිර දිශාවට, දැන් අපි මේ වෙනකොට හැරුන මුළු කෝණය හරියටම අංශක 90 ප්‍රමාණයක්.ඔය විදිහට අපි සම්පූර්නෙන්ම දකුණු දිශාවට හැරුනොත් අපි හැරුන මුළු කෝණය අංශක 180 යි. දැන් පැහැදිලියි නේද Azimuth කෝණය හදා ගන්න හැටි?ඔය විදිහට සම්පූර්නෙන්ම බටහිර දිශාවට හැරුනාම අපේ Azimuth අගය අංශක 270 යි.දැන් හරියටම පැහැදිලි නේද මේ Azimuth අගය කියනදේ ගැන?රූප සටහනේ තියනවා මේ අගයන් සලකුණු කරලා.


මේ තියෙන්නේ Azimuth හා elevation අගයන් එකම සටහනක දැක්වෙන ආකාරය.







දැන් පැහැදිලිනේ අක්ෂාංශ, දේශාංශ , Azimuth , Elevation , කියන කාරණා ගැන.දැන් බලමු මම අර කලින් කියපු විදිහට අපිට අවශ්‍ය සැටලයිට් එකකින් එන සිග්නල් එක ලබා ගන්න පුළුවන් විදිහට ඇන්ටෙනාව හරවන්නේ කියල.අපි බලමු ඊලග පාඩමෙන් ලංකාවට ඉහලින් තියෙන චන්ද්‍රිකාවක සිග්නල් ගන්න පුළුවන් වෙන විදිහට ඩිෂ් ඇන්ටෙනාවක් හරවන හැටි ...

මෙතෙක් කතා කරපු දේවල් තේරුනේ නැත්නම් අනිවාර්යෙන් කියන්න.



8 comments:

  1. ‌තේරුනා සර්....හි හි ( ඉස්කෝලෙ ටීචර් මොනා කිව්වත් අපි තේරුනා වගේ ඔලුව වනනවනේ... ඒත් මේක නම් ටික්ක තේරුනා.. හි හි)

    මේ අර එළකිරි වලට ලිව්වාය කියලා තියෙන විස්තරේ ලිපියේ උඩට අමුණන්න.. නැත්තම් අන්තිම වෙනකම් කියවන්නේ නැති කෙනෙක්ට අහුවෙන්නෙ නැති වෙන්න පුළුවන්...

    ReplyDelete
  2. ඔව් ඔයා කියන එක ඇත්ත , නැත්නම් මන් මගේම ඒවා හොරකන්
    කරා වගේ වෙනවා . තාම මේ බ්ලොග් එකේ අකුරු
    ප්‍රශ්නේ විසදගන්න බැරි උනානේ මට.. සමහර ඒවා වාක්‍යක් වාක්‍යක්
    ගානේ edit කරන්න වෙලා ...

    ReplyDelete
  3. මොනව උනත් වටිනම ලිපිය..ඇයි හැබෑවටම මේක බ්ලොග් සින්ඩි වල ට දාන් නැත්තේ..ඇවිත්ම හොයාගත්තොත් මිසක් තව පොඩ්ඩෙන් මිස් වෙනවා මේ ලිපියත්..

    ReplyDelete
  4. මේකයි මචන් තාම මට අකුරු ප්‍රශ්නෙයි , හරියටම background එකට මොකක්ද
    කරන්නේ කියල විසදා ගන්න බැරුව ඉන්නේ . ඉතින් හරියට හදා ගන්නකම් දාන්න
    හිත දෙන්නේ නැහැ. අපිට කියලත් ලැජ්ජාවක් තියෙනවනේ හි හි ..
    මට චිත්‍ර වැඩ බැහැ බන් .අඩුම තරමේ කෙලින් ඉරක් වත් ගහන්න බැහැ ..

    ReplyDelete
  5. ඉතින් blog template එකක් හොයලා මේකට අප්ලෝඩ් කරපන්කෝ google කරහන් blogger templates කියලා. ඊලඟ පර්ම්පරාවටත් එක්ක ගූගල් දෙයියො හොයල දෙයි....අපිත් ඉතින් දන්න වෙඩ් ඩිවලොප්මන්ට් කිවලු උඹ ඔය කිවට.

    ReplyDelete
  6. වටිනා ලිපියක්, මම සැටලයිට් ගැන ඉගන ගන්න හිතාගන ඉද්දි හම්බවුනේ. කෝ ඉතින් ඉතුරු ටික? විචාරක මහත්තයාගේ බ්ලොග් එක හරහා මම ආවේ.

    ReplyDelete
  7. ela ela digatama liyagena yaman..

    ReplyDelete
  8. ලංකාෙව් සැටලයිට් ගැන හැමෙද්ම
    මගේ DISH SET UP ඒක
    http://www.warunasat.com/showthread.php?tid=1673

    ReplyDelete

ඔබ කමෙන්ටුවක් දමයි නම් කරුණාකර මෙහි කමෙන්ටු E mail subscribe කරන්න .. නැතිනම් පිළිතුරු මග හැරී යනු ඇත ...

කමෙන්ට් යනු ඔබගේ අදහස් ප්‍රකශ කිරීමට සලසා ඇති ඉඩයි. සිතුවිලි ලියා තැබුණු විට අන් අයටද ප්‍රයෝජනයක් විය හැක !

http44444444://1.bp.blogspot.com/-F0lMkO9hSe8/UjM37DArTZI/AAAAAAAAAwo/wtP9O0K_6UE/s1600/543431_208554675978924_1215099537_n.jpg15099537_n.jpg

සහයෝගය දක්වන වෙබ් එකමුතු ...

මාතලන්ගේ සින්ඩිය...api apita Blog Readerlankeeya sithuwililankeeya sithuwili lankeeya sithuwili