දැන්වීම් පුවරුව . ( පින්තූර මතට මවුස් පොයින්ටරය රැගෙන යන්න )

දැනට වසර දෙකක පමණ සිට සෑම සතියකටම වරක් ලිපියක් හෝ දෙකක් පළ කළෙමි. සිත් ගත් ලිපියක් වේ නම් හිතමිතුරන් අතරත් බෙදාගන්න.

මෙම වෙබ් අඩවිය ලෝඩ් වීමට පමා වේ නම් මෙම ලින්ක් එක භාවිතා කරන්න.

Go and get Sinhala Unicode to your Computer
Face Book Link Share.

February 25, 2013

බෝලේ පාස් කරගත්තම ඔක්කොම හරිද ?|Dont miss the catch .

.මුල් අදියර.
      දැන් බලන්න මේ රටේ ඉස්සර ඉඳම්ම වගේ ටික ටික උනේ වැඩේ වරචස් වේගෙන එද්දී ළඟම පුද්ගලයට බෝලේ පාස් කරගන්න ට්‍රයි කරණ එක..අනේ ඒ අහිංසකයා කැච් එක මිස් කරගන්නැතුව අල්ලගත්තොත් දැවී යන්නේ පිති කරු නෙවේ , කැච් එක අල්ලගත්තු මිනිහා..

etc etc etc etc etc Sf , Shirani , NSB chairman etc eyc etc etc etc etc etc  >>>>>>>>>> (kabral ) next?
හැබැයි ඔතොකොට අපි කියන්නේ " තොප්පිය හරි නම් දාගන්න එකයි " කියල නේද ?

                 ඉතින් ඔය වගේ අනන්ත සෙල්ලන් , වචන පෙරලි අපි දානවා .පොඩි කාලේ සෙල්ලන් ගෙදර වැලි බත් උයන කාලේ ඉඳල .ඒ පුරුද්දට මන්ද ලොකු වෙද්දීත් ඒ තියරිම දාන්නේ .

                මේ දේවල් වල ප්‍රශ්නේ තියෙන්නේ රටක් විදිහට යන ගමනකදී උනත් අපි කිසිම හිරිකිතක් නැතුව මේ දේවල් අනුගමනය කිරීම.මේ දේවල් රාජ්‍ය මට්ටමට ආවේ පැහැදිලිවම 94 වගේ පස්සේ .ඊට කලින් තිබ්බ ඔලුව අත ගාල උම්මා දීල කනට ගැසීම ගැන මෙතැන ඇති. ඒ නිසා මන් 94 වගේ පස්සේ උන ටික විතරයි අද කියන්නේ..

                      කට්ටියම දන්නවනේ " ම " යන්න .අන්න ඒ පුද්ගලයා තමයි අමුවෙම්ම පිරිමි චීත්ත අඳින කලාව රජයට හඳුන්වා දුන්නේ.මොකද ප්‍රධානම තැන කාන්තා පාර්ශවයේ කෙනෙක් හිටපු නිසා වෙන්නැති ඒ කාලේ .මල් මල් චීත්ත වලට ගෑනු ආසනේ .ගෑනුන්ට ආස පිරිමිත් ඒ කාලේ චීත්ත ඇන්ඳා ඉතින් . කොහොම හරි අපේ දත් දොස්තර , මේල් , වගේ අය විටක පඩික්කම් වල කෑම බෙදා ගැනීමේ කලාවත් ( ඕන කුණු ගොඩක පුංචි රස කෑල්ලක් හොයන් රස කර කෑම ) , ගෙඹි සිස්ටම් එක ( වාසියට ඒ පැත්තට මේ පැත්තට පැනීම ) වගේ දේවල් දියුණු කරා , ඒ වගේම ඒ වගේ නින්දිත වැඩ බෞතීස්ම කරා රාජ්‍ය මට්ටමට උනත් ඒ දේවල් ගැලපෙන බවට ශාක්ෂි ඇතුව ඔප්පු කරමින්...

කොහොම හරි අපේ දිවංගත ගාමිණි මහත්තයත් ලස්සනට හොර ලිපි ලේඛන කලාව
තුලින් කඩිනම් ගසා කෑම් ක්‍රමය හඳුන්වා දීලත් තිබ්බනේ..

ඔහොම ඔහොම 2002 පහු කරා ටික ටික , 2004 ත් පහු කරා..


ඊට පස්සේ උන ඒවා කියන්නම ඕනෙද ?



කිසිම ලැජ්ජාවක් නැතුව අම්මව උනත් විකිණීම .
විකුණලා මම නෙවේ කීම ..




 


------------------------------------------------------------------------------------------


.හොඳම ටික.






හිතන්න රටක් විදිහට අපිට ඉස්සරහට යන්න පුලුවන්ද මේ විදිහට .
දැන් වෙන්නේ වැටත් නියරත් ගොයම් කන එක නෙවේද ?
දැන් අල්ලන්න ඕනේ හැම තැනම අල්ලලා ඉවරයි.ඒ කියන්නේ





වැට
නියර
වී ටික කොටන මෝල්
කුඹුරට වතුර එන වතුර පාර
පොහොර ටික
බිත්තර වී ටික
ඔය එක එක ගොජිරි බජිරි වලට ගහන තෙල් බෙහෙත්
කුඹුරේ සින්නක්කර ඔප්පුව


 
-------------------------------------------------------------------------------------------

.අන්තිම ටික.






ඔක්කොම ඉවරයි...දැන් අපිට මොකද ?

තාම දේශීය පාරම්පරික වී වර්ග එක එක තැන් වල තියෙනවා
කියල පහු ගිය ටිකේ මන් දැක්කා.මොකද කියන්නේ
එක කන්නයක් වත් වපුරමුද කේක් වලට යන්න කලින් ..?



නැත්නම් ආයෙම බෝලේ පාස් කරමුද අපේ ළඟම ඉන්න එකෙක්ට ? හැබැයි මේ පාර නම් පිටියේ සියලු දෙනාම දැවී යනවා කැච් එක ඇල්ලුවොත් !



දැන් වත් පයින් යමුද බූරුවෝ පිටේ දුවන්නැතුව ..?
ශ්‍රී ලංකාවට ගැලපෙන ආර්ථික ප්‍රතිපත්ති වලට දැන් වත් යන්න ඕනේ. අපිට හඳ අල්ලන්න යන්න බැහැ කියල දැන් වත් තේරුම් ගන්න ඕනේ.

34 comments:

  1. මේ සියල්ල වැටහෙද්දිත් අපි නිහඬව බලා ඉඳිමු.

    ReplyDelete
    Replies
    1. කතා කරලා වැඩක් නැහැ සාගර මේ විදිහට තව අවුරුදු
      20 කට වඩා නම් යන්න බැහැ .10 වගේ නම් අදියි .

      Delete
  2. මොකෝ ස්පෑම් කරන්නේ බයද. මහලොකු කතා කිව්වට විරුද්ධ මතයක් දරා ගන්න බෑ නේද?

    ReplyDelete

  3. විරුද්ද මතයක් නෙවේනේ මෙයා ඔයා කියන්නේ..
    ඔයා කරන්නේ පොඩි ආතල් එකක් ගැනීමක්නෙ ..
    ඔයා එක පාරක් මගේ මූණට කිව්වොත් ඔන්න
    කිසි අවුලක් නැහැ..:D

    ReplyDelete
  4. අපි හැමදාම හිතන් හිටියේ කලින් උන් පොලේ පාස් කලාට දැන් ඉන්න උන් බෝල පාස් කරන්නේ නැහැ කියලනේ.අන්තිමේදී අපි හැමදාම දැවී යනවා.

    ReplyDelete
  5. අල්ලන්න පුළුවන් ලොකය ඇල්ලුවම ඉවරයි.කථාව ඇත්ත.

    ReplyDelete
  6. චීනෙන් ඉල්ලපු ලෝන් එක හම්බ උනේ නැත්නම්.

    අබ සරණයි සිරි ලංකා....!!!

    ReplyDelete
  7. @ අසාර්

    දැන් මචන් මන් හිතන්නේ තව අවුරුදු කීපෙකට වඩා කොහොම
    කරත් ෂෝ එක ගහන්න බැහැ .ආතල් කුඩු වෙන්න යන්නේ .
    එක පාරට ආර්ථිකේ කළු කුහරයක් වගේ ඇදිලා යයි ආපස්සට.

    @ ගයනි

    ලෝකේ අල්ලන්න තරම් වත් හයියක් නැහැ ගයනි අපිට තාම.
    හයි වේ හැදුවට , එයාර් පෝර්ට් දෙකක් තිබ්බට අනික් රටවලට
    ඕව මහ දේවල් නෙවේ..ඊට වඩා හොඳයි යාපනේට කෝච්චි පාර
    හැදුවා නම්, යන්ත්‍රෝපකරණ දෙපාර්තමේන්තුව වගේ අතුගෑවිල
    ගිය ආයතන හැදුවා නම් ඉවරයි..ඔහොම කියන්න තව ලිස්ට් නම්
    ගොඩක් තියේ..ඒත් මොකටද අනේ...

    @ මාතලේ
    මන් නම් කියන්නේ මේවා මෙහෙම ළඟ ළඟම කෙල උනොත්
    හොඳයි.නැත්නම් මීට එහා දුර ගියොත් ආයේ මුලට එන්නවත්
    අතේ සතයක් ඉතුරු වෙන්නේ නැහැ..කොහේ හරි කාණු පල්ලක
    කූරිය ගහන්න වෙනවා බන්..

    දැන් IMF වලින් කියල මොනාද උනේ? ඕක ගන්න කලින් නිකන්
    දෙයියෝ දීපු -බ්බ වගේනේ නයි TN එකේ කිව්වේ..දැන් දෙයියොත්
    නැහැ , දෙයියන්ගේ -බ්බත් නැහැ..

    ඉතින් ඔය චීනගේ නයත් ඔහොම දිය වෙයි..ඒ නිසා ඕනේ නැහැ ඕක..

    ReplyDelete
  8. අපේ රටේ දේශපාලනය කියන්නෙ කියවන්නවත් කතා කරන්නවත් ..අදහසක් දක්වන්නවත් හිතෙන දෙයක් නෙමේ සහන්..

    ReplyDelete
    Replies
    1. මමත් ඉන්නේ ඔයාගේ පැත්තේ ලිහිණි.

      Delete
  9. @ ලිහිණි

    මට තේරෙනවා ලිහිණි මාත් මේ කෙහෙල් මල අටවගත්තේ මේ වගේ
    දේවල් දාන්නවත් නෙවේ.ඒත් පත්තර , TV , radio ටික ටික වැහීගෙන
    එද්දී මෙහෙම වත් දෙයක් කරන්න ඕනේ.නිකම්ම නිකන් ඉන්න හිතෙන්නේ
    නැහැ..ඒ උනත් මේක දේශපාලන බ්ලොග් එකක් නොවී තියාගන්න මන්
    හදනවා..

    මට තේරුණා දැන් ටික කාලෙක ඉඳන් අටවපු කාල බෝම්බෙ ට්‍රිගර් වෙලා
    තියෙන්නේ ..දැන් තියෙන්නේ හෙමීට පුළුන් ලන් කරන්න..සමහර විට
    2014 වගේ වෙද්දී මොකක් හරි වේවි....

    ReplyDelete
  10. ඔය ඔක්කොටම වඩා දාලා තියෙන පින්තූර මරු බන් :)

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම නිශාන් . ලස්සන පින්තූර දාල
      බයිලා ගහන සීන් එකක් ගැන තමයි මේ කතාව
      යන්නෙත්..:D

      Delete
  11. 1977 දී වගේ සම්පූර්ණයෙන්ම කනපිට වෙනසක් අත්‍යාවශ්‍යයි. දැන් යන සරදියෙල් වගේ පෙන්නන හැබැයි එහෙමත් නොවෙන ක්‍රමය නම් අති අස්ථාවරයි. මට නම් හිතෙන්නෙ කොහොමත් 2022 තරමේ මේ සිස්ටම් එක විනාශ වෙනවා. යා හැකි උපරිම දුර එච්චරයි. එතනින් මෙහා අපිට කාළය තිබෙනවා මේක කනපිට ගහන්න. හැබැයි අර 225 ත්, උන්ට කත් අදින එකෙක්වත් නැතුව වෙනම ක්‍රමයක් සහ පිරිසක් එන්න ඕනෙ.

    එහෙම වුනොත් අපි උදව් කරනවා. නැත්නම් මේ පැත්තවත් නොබලා හිත හදා ගන්නවා. සදහටම සියල්ල අමතක කරලා.

    ReplyDelete
    Replies
    1. /////හැබැයි අර 225 ත්, උන්ට කත් අදින එකෙක්වත් නැතුව වෙනම ක්‍රමයක් සහ පිරිසක් එන්න ඕනෙ.////
      බැ බැ මෙන්න මේක ඇර වෙන ඕනම විසඳුමක් කියන්න.
      හැබැයි අනිවා විය යුත්තේත් ඕකමයි වේද මහත්තයෝ..ඒත් ඔබ හිතනවාද
      ඕක කරන්න පුළුවන් කියල මීළඟ අවුරුදු 8- 10 ඇතුලත?
      අපි ජීවිතේට නොදැකපු , තාම රටටම නිරාවරණය නොවුණු
      පුදුම චරිත ගොඩක් ඉන්නවා රංගනේට එන්න බලාගෙන..

      උන් ටිකත් සුළු සුළු හරි චරිත රඟපාලා , film එක edit කරලා එද්දී
      මන් හිතන්නේ ෂෝ එක බංකොලොත්.
      ප්‍රේක්ෂකාගාරෙත් හිස් වෙලා තියෙයි.

      \\\\එහෙම වුනොත් අපි උදව් කරනවා. නැත්නම් මේ පැත්තවත් නොබලා හිත හදා ගන්නවා. සදහටම සියල්ල අමතක කරලා.\\\



      මොකද ඔබ කීවා සේම දැන් ගොඩක් දෙනා තීරණය කරලා ඉන්නේ
      film එක බලන්නේ නැහැ කියලා .


      පූර්ව ප්‍රචාරක පටි වල උනත් හඬ කැවීම් විතරනේ සුපිරිම මට්ටමෙන් තියෙන්නේ.
      බලද්දී තේරෙනවා දෙබස් සහ රූප රාමු නොගැලපෙන බව..

      කොහොම හරි මාත් පතන්නේ අලුත් ෆිල්ම් එකක් දුවන්න ඕනේ කියල
      තමයි..අඩුම තරමේ කෙටි චිත්‍රපටියක් වත්...:D ( හැබැයි ජෝක් ෆිල්ම් එකක් නම් දුවල බැහැ )

      ඔබට නිර්දේශ කල හැකි මට්ටමේ නළුවන් සිටීද වෙද මහත්මයා...?

      Delete
    2. පැහැදිලිවම ඇත. මා ඔවුන් පොළඹා ගන්න අසමත්. නමුත් ඔවුන්ම කෙදිනක හෝ ස්වාධීනව එයි. එහෙම නොවුනොත් මමත් ෆිල්ම් එක බලන්නේ නැහැ. හිම කිරමක් රසවිඳලා යන්න යනවා.

      Delete
    3. @මහ වේදනා
      ඔබ යම් කිසි විදියකින් වෙදකමේ භාවිතයෙන්ද මන්දා හරියටම රෝගලක්ෂ්නයේ නිලයෙන් අල්ලාගෙන ඇත. අපි මේ යන විදිය කණපිට ගහන්න ගොස් බෙල්ල නැතිකර ගත යුතු නැත. එළියේ ඇත්තේ අමු පිස්සුවකි. පිස්සන්ට ඇති වන තුරු හඳපානේ පිස්සු නටන්න දෙන්න.මේ කාලයේ ලංකාවේ බුද්ධිමත් මිනිසුන් හිම කිරම බි ,හිම වලසුන් මෙන් සැඟවී කලක් නිදාගත්තත් මම නම් මුකුත් කියන්නේ නැත. වසන්තය ලං වන විට එලියට එන්න.

      Delete
  12. \\\හිම කිරමක් රසවිඳලා යන්න යනවා. \\\\

    දෙවියනේ ඔතොකොට අපි මේ ගත්ත ටිකට් පත් ? D
    ඉතාමත් ලොල් සහගතයි වෙද මහත්තයෝ ඉතාමත් ලොල් සහගතයි..:D

    ReplyDelete
  13. apita barida ara parlimenthuwa kiyana eka samathala karala danna (sasiyak pawathwena welawaka)? hehe.

    ane mita wada deyak mata hithaganna ba sahan.

    ReplyDelete
    Replies
    1. ඕක කරන්න නියම බාන්ඩයක් හිටියා සයුරි ..:P
      හැබැයි මිනිහ හිටියනම් අපිට වෙන්නේ ඉඟුරු දීල
      මිරිස් වත් නැතුව එන්න..


      අර සියඹලා වෙළෙන්දාගේ කතාව දන්නවා නේද ඔයා ?
      අන්න ඒක වෙනවා එහෙනම්..කොහොම හරි ඔයාල අපි
      නම් ජීවිතේ ගෙනියයි කොහොම හරි..ඒත් මේ රටේ ලක්ෂ
      40 විතර ඉන්නවා යන්තන් නහය ළඟටම වතුර පාර
      ආපු...තව දුරක් යන්න බැහැ ඒ අයට ...

      Delete
  14. සිරා කියලා තියනවා මම දැක්කා අළුත් විදුලි බල ඇමතියව පිළිගන්න ලක්ෂ 42ක් ගිහින්ලු..

    කාටද බන් මේවා කියන්නෙ ? එක බල්ලෙකුටවත් කිසිම හැඟීමක් නැති කමක හැටි.. කවද්ද මේ වසංගතෙන් රට ගලව ගන්නෙ.. දැන්නම් පක්ෂ මාරු කරන්න කතිර ඇඳ ඇඳ හිටියා ඇති කියලයි මට හිතෙන්නෙ..

    පාර්ලිමේන්තු ක්‍රමය නැති මොකක් හරි වෙන විසදුමකට දගලන්න වෙයි වගේ.. නැත්නම් අනිවා මෙලෝ සුගතියක් නෑ මේ ලෝකෙ තියන තාක්කල්..

    ReplyDelete
    Replies
    1. මාත් ඔය සින්දුව දාන්න හදල දැම්මේ නැහැ සෙන්නා.
      ඕක තමයි ගැලපෙන්නේ මේ කතාවට..මන් නම් කියන්නේ
      මේ මහා ලොකු සංවර්ධන ඕනේ නැහැ..යන්තන් හැම මිනිහටම
      ජීවත් වෙන්න සරල පරිසරයක් හදන්න..ඒ ඇති , ඊට පස්සේ
      මිනිස්සු ටික ටික දීර්ග කාලීන සංවර්ධනේකට යාවි..
      නැතුව බොරුවට පුම්බපු සංවර්ධනේකට නම් ????????

      Delete
  15. //මේ සියල්ල වැටහෙද්දිත් අපි නිහඬව බලා ඉඳිමු.//
    අර උඩම සාගර කියල තියෙන්නේ. ඒක හරියට ගිල්ටි හැඟීමක් නේ අපි තේරිලත් මුකුත් කරන්නේ නෑ කියල
    ඇත්තටම තේරුම් ගත්ත අය මුකුත් කරන්න ඕනෑ කාලයක් නොවෙයි මේක.
    පිස්සු හදාගත්ත අය වැඩියෙන් ඉන්න තැනක පිස්සෝ එකතුවෙලා පිස්සෝ කියන්නේ පිස්සු නැති එකාට
    පිස්සු පූසන්ට මේ දිනවල එළියේ ඕනෑ පිස්සුවක් නටා ගන්න දෙන්න.
    මාලකට ඇතිතරම් ගහගන්න දෙන්න. සිරිපාලගේ පුතාලට ඕන තරම් පොලිස් කාරයින්ගේ පුත්තු එක්ක ගහගන්න දෙන්න.
    මේ කාලේ ඇති වෙන්න උන්ට සෙල්ලම් කරන්න ඉඩ දෙන්න. අපි මොනවටද කොකු දාන්නේ නාමල් බේබිල ඇති තරම් රේස් යන්න. මගේ බ්ලොග් එකත් ඕනෑ නම් තහනම් කරන්න.
    ඒක නිසා මේ යන විදියට යන්න ඇරලා මොලේ තියන මිනිස්සු කරන්න තියෙන්නේ ගෙවල් ඇතුලට වෙලා ඉන්න එක.
    සහන් උඹ තව අවුරුදු 10 ක් මේ පිච්චුව මේ විදියටම යයි කිව්වට මම දෙන්නේ අවුරුදු දෙකයි.නැත්නම් අවුරුද්දයි.
    කතන්දරගේ අලුත් වචනයෙන් කියනවනම් පුකත්වයට පුක නැතිවන තුරු නටන්න දී අපි බලා ඉඳිමු.

    ReplyDelete
    Replies
    1. මන් වෙන තැන් වලත් කීප පාරක් කියල ඇති උදිත මන් 2008 ඉඳන්
      මේ දේශපාලනය ගෑවෙන කිසිම දේකට සම්බන්ද උනේ නැහැ.අඩුම
      තරමේ TV , radio වත් බැලුවේ නැහැ .ඔක්කොම අත ඇරලා දාල
      හිටියා.මොකද ඒ තරම් මානසික බරක් මේ දේවල් .මොකද අපි
      දැඟලුවට පවතින ක්‍රමය එක රැයෙන් වෙනස් කරන්න ඒ දේවල් වලට
      බැහැ ..

      නමුත් උදිත CJ ගේ ප්‍රශ්නෙදි තමයි නිකම්ම ඉන්නත් හොඳ නැහැ
      කියල තේරුණේ ..මොකද අධිකරණයත් ඇල්ලුවට පස්සේ ආයේ
      හිම කිරමක් වත් කන්න ලැබෙන්නේ නැහැ .අන්න ඒකයි ප්‍රධාන
      ගැටලුව..

      මේ රට දැන් යන්නේ පැහැදිළිවම one man show වගේ තැනකට.
      එතනට ගියාම නම් උදිත ආයේ මේ පැත්තට ගන්න බැහැ .
      පුදුම විශාල බලයක් , මහන්සියක් ගොඩ නගාගන්න ඕනේ එහෙම
      කෙනෙක්ව චිත්‍රපටියෙන් ඉවත් කරන්න...

      ඉතින් අපි තනිකර අමතක කරලා ඉන්න හොඳ නැහැ .
      අඩුම තරමේ one man show එකෙන් වත් බේරගන්න ඕනේ..


      \\\සහන් උඹ තව අවුරුදු 10 ක් මේ පිච්චුව මේ විදියටම යයි කිව්වට මම දෙන්නේ අවුරුදු දෙකයි.නැත්නම් අවුරුද්දයි.\\\


      අවුරුද්දකින් දෙකකින් නවතිනවා නම් උදිත මාත් පුදුම
      කැමතියි සහ බලන් ඉන්නවා නවතිනකම්..ඒත් මචන්
      මුන් ටික කොහොම හරි අදියි කියල මට තේරෙනවා
      තව අවුරුදු කීපයක් ( 2,3 කට වඩා . සමහර විට 15 වගේ උනත් )..

      Delete
  16. This is nonsense. Some Keyboard fireworks. Everyone speaks relatively measured things. Sorry I do not get it, just cut the neck if you can.

    ReplyDelete
    Replies
    1. දේශා

      මචන් මේ පෝස්ට් දකින්නේ දැනට 150 වගේ ප්‍රමාණයක් තමයි.
      ඒත් මෙහෙම දෙයක් කරලා තියමු, ඉස්සරහට බලන කෙනෙක්
      බලාවි..එක්කෝ 100 වෙන්නත් පුළුවන් ලක්ෂ ගණනින් වෙන්නත්
      පුළුවන්..කිසිම කෙනෙක් නොබැලුවත් කමක් නැහැ .

      ඒත් මේ දේවල් ගැන කව්රු හරි කතා කල යුතුයි නේද ?

      වැල යන අතට මැස්ස ගහන්න පුළුවන් බිම දිගේ යනකම් විතරයි..
      බෙල්ල වටේ එතෙන්න යද්දී මැහි නෙවේ කපල පොඩි කරලා
      දාන්න ඕනේ...

      Delete
  17. හ්ම්ම්... ඔන්න මමත් ඇවිත් ගියා.

    ReplyDelete
    Replies

    1. අවුලක් නැහැ අයිලෂ් අයියේ ..දිගටම එන්නකෝ..

      Delete
  18. මේ විදිහට ගියොත් ටින් ටින් තමයි..

    ReplyDelete
  19. අගම වැකි තුනට මාත් මාර ලයික් සහන්

    ReplyDelete
  20. අනේ මං නම් ඔය දේශපාලනය ගැන කතා කරන්න කැමති නැත.....

    ReplyDelete
  21. අයියෝ සිරි ලංකා

    ReplyDelete

ඔබ කමෙන්ටුවක් දමයි නම් කරුණාකර මෙහි කමෙන්ටු E mail subscribe කරන්න .. නැතිනම් පිළිතුරු මග හැරී යනු ඇත ...

කමෙන්ට් යනු ඔබගේ අදහස් ප්‍රකශ කිරීමට සලසා ඇති ඉඩයි. සිතුවිලි ලියා තැබුණු විට අන් අයටද ප්‍රයෝජනයක් විය හැක !

http44444444://1.bp.blogspot.com/-F0lMkO9hSe8/UjM37DArTZI/AAAAAAAAAwo/wtP9O0K_6UE/s1600/543431_208554675978924_1215099537_n.jpg15099537_n.jpg

සහයෝගය දක්වන වෙබ් එකමුතු ...

මාතලන්ගේ සින්ඩිය...api apita Blog Readerlankeeya sithuwililankeeya sithuwili lankeeya sithuwili