දැන්වීම් පුවරුව . ( පින්තූර මතට මවුස් පොයින්ටරය රැගෙන යන්න )

දැනට වසර දෙකක පමණ සිට සෑම සතියකටම වරක් ලිපියක් හෝ දෙකක් පළ කළෙමි. සිත් ගත් ලිපියක් වේ නම් හිතමිතුරන් අතරත් බෙදාගන්න.

මෙම වෙබ් අඩවිය ලෝඩ් වීමට පමා වේ නම් මෙම ලින්ක් එක භාවිතා කරන්න.

Go and get Sinhala Unicode to your Computer
Face Book Link Share.

February 19, 2013

ලැම්බට් වවුලා | A Funny Story .

                හැමෝටම මතක ඇතිනේ ගල් කොල්ලෝ එකේ හිටපු ලැම්බට් වවුලව.මේ කතාවත් මිනිහ ගැන තමයි .මේක වෙද්දී අපි 8, 9 වගේ ඇති. ඔය සිංහල වගේ පාඩම් වලදී අපි පන්තියෙන් එළියට ගිහින් තමයි පාඩම කරන්නේ ..
                 හැමෝම දන්නවා ඇතිනේ ඕකේ තියෙන රහ .මැඩම් මැද්දේ අපි වටේ..ඔහොම ගියපු දවසක පාඩම ඉවර වෙලා ආයෙම අපි පන්තියට යන්න සූදානම් උනා..මන් වැඩිය පඳුර වටේ තලන්නැතුව කියන්නම්කො ..



ප.ලි .My Next post මීළඟ කතාව සින්දුවක ඉතිහාසය "මන් හැමදාම ජීවත් වෙන්න ආස කරපු" ලස්සන දූපතක් ගැන බැඳුන San pedro වල ...
        
සූදානම් උනා කිව්වට මහා අමුතු දෙයක් නැහැ , "ආයුබෝවන් ළමයි" කිව්වම පොතත් අරන් පන්තියට යන්න තියෙන්නේ ..

                  එදා මැඩම් ආයුබෝවන් කිව්ව හැටියේම අපේ ලැම්බට් වවුලා කරේ එක පාරට කඩාගෙන බිඳගෙන දිව්වා පොතත් අරන් ..





     අපිත් බැලුවා මොකෝ මේ සීන් එක කියල..




මේක බලන් හිටපු මැඩමුත් " ලක්ෂාන් " කියල කතා කරා..

               දුවන ගමන්ම පොර ආයේ පිටිපස්ස බැලුව විතරයි ඒ එක්කම තිබ්බ කොන්ක්‍රීට් කණුවේ පටෝන් ගාල වැදිලා සිහි නැතුව වැටුනා ..

            අපිට මැරෙන්න හිනා සීන් එකට, අපි හිනාව කාගෙනම ලැම්බට් වවුලා දිහාට දිව්වා.



දුවල මිනිහව කෙලින් කරලා ඇහුව " යකෝ උබට මොකද උනේ " කියල ..

ලැම්බට් වවුලා ගත්ත කටටම කෙඳිරි ගගා කිව්වේ නැද්ද





 

" මචන් කූල් එකක් බිව්වොත් හරියයි " කියල...
 


40 comments:

  1. හික් හික්... කූල්... බොමු අපිත් කූල්

    ReplyDelete
    Replies

    1. අපි කොහේ බොන්නද අපේ ඒවා තමයි මු බිව්වේ...:D

      Delete
  2. මෙහෙම කපටි උන් එක්කද පංතියෙ හිටියේ??? හි හී

    ReplyDelete
    Replies
    1. තේරෙනවනේ ඉතින් මිනිහගේ හැටි..අපි නම් 8 ඉද්දි
      එක දෙයයි වැඩිහිටියෝ කරන ලිස්ට් එකේ ඒවගෙන් කරන්න
      දැනගෙන හිටියේ..එකට මේකා ..:P

      Delete
  3. යකො පුදුම යකෙක්නෙ ඌ... මමනම් තෝ මැරියන් කියල යනව....

    ReplyDelete
    Replies
    1. ඔබගේ ප්‍රකාශය ඉතාම ලොල් සහගතයි...:D

      Delete
  4. කූල් මචන් කූල්,, හයියෝ,, ඔය වගේ කස්ටිය වැටුනත් පාඩුයි අප්පා... :P

    ReplyDelete
    Replies
    1. >>>>>ඔය වගේ කස්ටිය වැටුනත් පාඩුයි අප්පා... :P<<<<

      වසරේ කතාව සඳහා මා නිර්දේශ කරනවා ශම්මියෝ
      මේක ..නියම කතාව...දැන් තමයි මන් ජීවිතේ තේරුම්
      ගනිමින් ඉන්නේ...

      ඇත්ත ඔහොම උන් වැටුනත් පාඩුයි. අදටත් ලක්ෂාන් එක්ක වැඩි
      ඇයි හොඳයියක් නැත්තේ ඕකමයි..මිනිහා හරි අමුතු ගේම් දෙන්නේ...

      Delete
  5. හෙහ්.. ලැම්බටාගේ මොලේ අවුල් වෙලා වැදිච්චි පාර.. මොකක්ද බං අර පොඩියට දාපු සුකුරුත්තම. බලන්න එපා කියලද තියෙන්නේ

    ReplyDelete
    Replies

    1. ඔන්න ලොකු කරා..මන් එතන දැම්මේ ඊළඟට දාන්න ඉන්න
      පෝස්ට් එක ගැන දෙයක් . තව අර උඩම පුංචියට තියෙන්නේ
      image එකක් බ්ලොග් රෝල් වල අප්ඩේට් වෙන්න ..ඒක අදාළ
      නැති නිසා එතනට , පුංචිම කරා...

      Delete
  6. පසු ලිවීම මැදට ආවේ කොහොමද කියලයි මම මේ කල්පනා කරන්නෙ..:)

    ReplyDelete
    Replies
    1. මේකනේ රූ කතාව කියවල ඉවර වෙද්දී ප.ලි. එක දැම්මම
      වැඩේ කචල් වගේ පෙනුනා .ඉතින් මැද්දෙන් දැම්මා ..මොකද
      සිනා කතාවේ ලොල් තත්වයට හානියක් නොවී කෙලින්ම පාඨකයාට
      එය තවත් තත්පර කීපයක් රස විඳින්න දෙන්න ඕනේ නිසා...
      ( තේරුණා නේද :P )

      Delete
  7. ඌ කූල් එකක් බොන්න බොරුවට කලන්තයක් දැම්මද දන්නේ නෑ..එක්කෝ සිරාවට වැටුනද දන්නෙත් නෑ.

    උඹ ප.ලි.යක් දැම්මේ කවුරු හරි උඹට කලින් ඕක ලියාවී කියලා නේද ? හෙහ් හෙහ් හෙහ් :P

    ReplyDelete
    Replies
    1. පොර මචන් සිරාවටම වැටුණේ .සෑහෙන වේගෙන් දිව්වා නිකන්
      විනාඩි 45 ක චූ බරක් ඉවසන් ඉඳල දුවන එකෙක් වගේ..:D

      ප.ලි. නැහැ බන් පොඩි ඉඟියක් දුන්නේ ..මෙහෙම දෙන්න ඉඟි 35 තියෙනවා
      මා ළඟ දැන් ..:wink

      Delete
  8. හෙ...හේ.. මටත් වැටෙන්න හිතෙනවා. : D

    පට්ට සීන් එක. මැවිලා පෙනුනා ලැම්බට් වවුලා ඒක කියන හැටි..!

    ReplyDelete
    Replies
    1. අදටත් මට මිනිහව ඩයල් අප්සට් චන්දන එයාගේ වැඩ
      නිසා..නැත්නම් අපි දුරින් ඥාති පවා වෙනවා.එයාලගේ සීයල
      අපේ සීයල එක ගැන්සියේ කකුල් ...

      Delete
  9. මේක කියෙව්වම මටත් පට්ට සීන් එකක් මතක් උනා. අපේ ඉස්කෝලෙ අක්ක කෙනෙක් ඉන්නවා හවුස් මීට් වලට විතරයි දුවන්නේ. ඒ දුවලත් අන්තීම හරියෙදී ගෙම්බා පොලොවේ ගැහුවා වගේ වැටෙනවා...වැටීගෙන කෑ ගහන්නේ " ග්ලූකෝස්...ග්ලූකෝස්..." කිය කියා...හි හි හී..

    ලැම්බට් වවුලත් එල කොල්ලෙක් නෙ...හි හි හී

    ReplyDelete
    Replies
    1. හරියට හරි මේකත් ඔය ජාතියේම තමයි..කෙල්ලෙක් පේන්න බැහැ
      එකට හිටපු එකාව ළඟ නමනවා ..ඔය වගේ මහ 2.50 වැඩ තිබ්බේ..
      කොහොම හරි 10 වගේ එද්දී අපි මිනි මරාගන්න තරම් තරහයි..
      තාමත් ඉතින් ඩයල් අප්සට්....

      Delete
    2. මම කියන්න ආපු කතාව.අපේ මැරතන් අසංකත් ඔහොමයි පරදිනවානම් බිම වැටෙනවා.

      Delete
    3. ‍මැරුණා ලිහිණියෝ හිනාවෙලා! :)

      Delete
  10. හි හි... කතාවත් හරි කමෙන්ට් ටිකත් හරි... හි හි

    ReplyDelete
    Replies
    1. එකනේ හිරු මන් විහිලු දාන වෙලාවට එහෙමයි
      සීරියස් පෝස්ට් දාන වෙලාවට ටිකක් සීරියස්..
      සමහර අයට මාව තේරුම්ගන්න බැහැනේ..:D

      Delete
  11. මේක කියවද්දී මට මගේ හොඳම යාලුවෙක් මතක් වෙනවා...
    එයාව බලන්න දවසක් කොල්ලෙක් ඇවිත්..මරදානේ ස්ටේෂන් එකට..මෙයා බයවුන පාර ඔන්න ඔය වගේ දුවන්න ගිහින් යකඩ කණුවක ඔලුව වැදුනා..කුල් බීල හරි ගියේ නෑ..ඒ මගුලත් එතැනින්ම ඉවර වුනා...

    ReplyDelete
  12. @ කළු සුදු

    හයියෝ ඒ මොකද මගුල ගහල ගියේ ? මොනවා උනත් ඔහොම
    දෙයක් දකිද්දී නම් හිනා යන එක නවත්තන්න බැහැ ..:D
    ස්තූතියි මේ පැත්තේ ආවට කළු සුදු.....නැවත එන්න...

    ReplyDelete
  13. ඇයි දුවලා තියෙන්නේ? මට තේරුනේ නැහැ කතාව

    ReplyDelete
    Replies
    1. සමහර විට චූ බරේ වගේ හිටියා වෙන්නත් පුළුවන්
      නිසනයෝ ලක්ෂාන් ..

      මැඩම් පාඩම ඉවර කරා විතරයි දිව්වා..
      දුවන් යද්දී කණුවක වැදුනා කොන්ක්‍රීට් ..

      ඔන්න ඕකයි සිද්දිය...

      Delete
  14. ඌ ඇයි බන් දිව්වෙ ? ඒ නම නම් හරි අමුතුයි.. "ලැම්බට් වවුලා".. හැක් හැක්...

    ReplyDelete
    Replies
    1. චූ බරක් කියල තමයි අනුමාණ කරන්න වෙන්නේ සෙන්නා :D
      එයාගේ ඇත්ත නම ලක්ෂාන් , අපි තරහට තමයි ලැම්බට් වවුලා කියන්නේ..
      ඒත් ඔය අහක යන ඊතලයක් පුකේ තියාගන්න ගිහින් දාගත්ත නමක් ..:D

      ඒකත් වෙනම පෝස්ට් එහෙකින් දාන්නම්කො...

      Delete
  15. ලක්ෂානයත් මං වගේ එකෙක්..
    කූල් බොන්න තියෙනවනං මුකුත් ඕන්නෑ..

    ReplyDelete
    Replies
    1. man nam kama aran cool wathura ekak
      bonawa..e ara sisil beema pawichciyak naha
      thariyo..

      sthoothiyi awata machan...

      Delete
  16. hih hih...pinthura tika galapennama dala thiyanawa

    ReplyDelete
    Replies
    1. ඔව් සයුරි net එකෙන් හොයල හොයල ගත්තේ..
      ඔය අන්තිමට තියෙන එක නම් ගත්තේ මීට අවුරුදු
      3 වගේ කලින් තිබ්බ මතකෙකින්..මොකද ඒ පින්තූරේ
      තමයි ඕකට ගැලපෙන්නෙම ...
      ස්තූතියි සයුරි ආවට...

      Delete
  17. හයියෝ..... මිනිහගේ මොලේ කචල් වුනාවද්ද ඔලුව වැදුන පාරට.....
    අර ප.ලි. ය මොකෝ උඩට ආවේ?

    ReplyDelete
  18. මගේ යාලුවෙක් ඉන්නවා ඇම්ඩන්ට කියන්නේ ලැම්බට් කියලා. ඉතිං ඒ කතාව මේකටත් කදිමට ගැලපෙනවා. මේ වගේ බීම තිබහ හැදෙන එවුන් ඉන්නවා. හහ් හහ්

    ReplyDelete
  19. හරි මංඤාමිකයි බං ලොල්

    ReplyDelete
  20. මේ වගේ සිද්දියක් අපේ උදේ රැස්වීමේදී වුනා. ක්ලන්තේ හැදිලා වැටෙන ළමයින්ට සංගීත සර් කැන්ටිමෙන් රෝල්ස් අරන් දෙනවා. දවසක් සර් අපු නැති දවසක එකෙක් වැටුනා එදා පන්තියට එක්ක ගියේ. පැය ගානක් යනකන් අමාරුවෙන් හිටියේ. පසේ ඌම කියනවා රෝල්ස් එකක් කෑවනම් හරියයි බං.

    මැරතන් දුවන එකා ගැන උඩින් කියල තියෙනවා.

    ReplyDelete
  21. හප්පේ මම වගේ ඩයල් එකක් සිහිය නැති වුනත් ඉන්නේ කෑමක සිහියෙන්.

    ReplyDelete
    Replies
    1. ඇයි මම.... දැක්කනේ මම මාරි ගිලින හැටි :)

      http://www.youtube.com/watch?v=JdxRtDU8FXI&feature=player_embedded

      Delete
  22. ආ කතාවේ මැදට වෙන්න කොමර්ෂල් බ්රේක් එකකුත් දාලා තියෙන්නේ :)

    හික් හික් මාර ඩයල් එකක් තමයි අෆ්ෆා

    ReplyDelete
  23. හෙහ්... මිනිහා නම් ලොවෙත් බං :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete

ඔබ කමෙන්ටුවක් දමයි නම් කරුණාකර මෙහි කමෙන්ටු E mail subscribe කරන්න .. නැතිනම් පිළිතුරු මග හැරී යනු ඇත ...

කමෙන්ට් යනු ඔබගේ අදහස් ප්‍රකශ කිරීමට සලසා ඇති ඉඩයි. සිතුවිලි ලියා තැබුණු විට අන් අයටද ප්‍රයෝජනයක් විය හැක !

http44444444://1.bp.blogspot.com/-F0lMkO9hSe8/UjM37DArTZI/AAAAAAAAAwo/wtP9O0K_6UE/s1600/543431_208554675978924_1215099537_n.jpg15099537_n.jpg

සහයෝගය දක්වන වෙබ් එකමුතු ...

මාතලන්ගේ සින්ඩිය...api apita Blog Readerlankeeya sithuwililankeeya sithuwili lankeeya sithuwili