දැන්වීම් පුවරුව . ( පින්තූර මතට මවුස් පොයින්ටරය රැගෙන යන්න )

දැනට වසර දෙකක පමණ සිට සෑම සතියකටම වරක් ලිපියක් හෝ දෙකක් පළ කළෙමි. සිත් ගත් ලිපියක් වේ නම් හිතමිතුරන් අතරත් බෙදාගන්න.

මෙම වෙබ් අඩවිය ලෝඩ් වීමට පමා වේ නම් මෙම ලින්ක් එක භාවිතා කරන්න.

Go and get Sinhala Unicode to your Computer
Face Book Link Share.

February 9, 2013

Memory and Humanity | සහෘදයෙකුගේ අවසන් සටහන.




හිතවත ,

        දැනට මාස කීපයකට පමණ පෙර සිට අප දිගින් දිගටම මෙලෙස මුණ ගැසුණා . මීට පෙර
මෙතරම් ලඟින් අප දැන හැඳින නොසිටියත් , මේ හමුවීම් සමග අප බොහෝ ලන් වූවා .මා මෙලෙස පැමිණීමට හේතු වූයේ මා නික්ම යෑමට පෙර කල නොහැකිව තිබු , ඉතුරු කර යා යුතු  දෙයක් මා සතුව පැවති නිසයි . මුලින් මුලින් සිතට තදින් වද දුන් කාරණාවක් මත මෙවැන්නක් කල යුතුයැයි මට එදා සිටම වැටහුණා , ඒ මීට වසර 8 කට පමණ පෙර සිටයි. එදා සිට මා බොහෝ තැන් වල සටහන් තබා ඇත්තෙමි , ඒ සියල්ල එක් තැනකට ගැනීමේ අරමුණින් මාගේ මෙම අවසාන එකතුව සකස් කිරීමට සිත් වූ නමුත් , පසුව එවැන්නක් අනවශ්‍යයි හැඟෙන්නට වූ හෙයින් ඒ සියල්ල අත් හැර දැමූවා .


            ඉතා විශාල ලෙස දුරස්ථ භාවයක් ඇති දේ එක් කිරීම ඇතැමෙකු අපහසුතාවයට පත් වීමට හේතුවක් වන නිසා එසේ නොකරමි. ඒ ආකාරයෙන්  විසිරුණු සටහන් කෙදිනක හෝ අන් කෙනෙකු යා කරනු ඇත. එයින් එකිනෙක යා වන තැන් දැක ඔවුන් විසින්ම එහි ඵලද නෙලා ගනු ඇත... එයට මා අවශ්‍ය නොවනු ඇත , මාගේ සහෘදයන් ඒ කාර්ය ඔවුනොවුන් වෙනුවෙන් ඉටු කර ගනු ඇත .



           වසර ගණනක අද්දැකීම් එක් රැයකින් , දිනකින් , මසකින් ගොනු කල නොහැක. කෙටියෙන් පැවසිය හැකි බොහෝ දෑ  මේ වනවිටත් පවසා ඇත.එහෙත් ඒද කාලානුරූපව අනුන් ගැන  අනුන්ට ලියු දේ පමණි .මා ගැන මා පැවසු දේ කොහිද ?


               එම ප්‍රශ්නයට පිළිතුරු සෙවීමේ අරමුණින් පටන් ගත් දෙයද , අද මෙලෙසව අනුන් වෙනුවෙන්ම ලිය වෙන්නේ ඇයි දැයි නොදනිමි . ඒ මා හට තව කාලය ඇති නිසාද ? මා මීටත් වඩා සිටිය යුතුද ? එසේ නම් මා වෙනුවෙන් වෙහෙසෙන්නේ කවදා සිටද ?


            අද වන විට පිළිතුරු තදිම්ම දැනී තිබේ. ඒ අනුව තීරණයක් / තීන්දුවක් ලැබී මේ සටහන තබමි . මෙතෙක් කල් අවසානය තෙක් සිටි ඔබට බොහෝ තුති.මේ සටහන නොදකින ඇත්තන්ද සිටි , කිසිදා නොදකින ඇත්තන්ද සිටි .ඔවුන් වෙනුවෙන් හැකි පමණ මා මේ බව දැනුම් දීමට උත්සාහ දරා ඇත . උත්සාහය මල්පල නොගැන්වීම මාගේ වරදක්ද ? මා පමණටත් වඩා උත්සාහ කර ඇති නිසා මෙවන් මොහොතක තව තවත් ඒ ගැන වෙහෙසීමට නොහැක .

        ඇතැම්හු ප්‍රෝඩාකාරී මායාවක් සමග අප වෙත පැමිණි ඇත්තෝහුය , ඇතැම්හු ඇත්තෙන්ම මානුෂීය ලෙන්ගතු කමින් පැමිණියවුන්ය. දෙපාර්ශවයටම මා එක සේ සලකා ඇත .එහෙත් අද මෙවැන්නකින් ඒ සියල්ලන්ම ඇමතීමට සිදු වීම අදද මට පෙහේළිකාවකි .



          මා ඉතා දිගු කාලයක සිට සටහන් තබා ඇති නිසා මෙවැන්නක් තැබීමද මට වෙහෙසක්ය , එහෙත් මෙලෙස මා සමු ගැනීමද සටහන් කළ බැවින් මට තව තවත් සිතීමට අන් දෙයක් නැත. සියල්ල පියවරෙන් පියවර අත් හරිමින් පැමිණි මා අද අවසන් සටහනද තබමින් 100% කින් නිදහස් වෙමි. මින් පසු මා අලුතින් සටහනක් තැබීමක් ගැන බලාපොරොත්තුවක් නොතබන්න.




                     එහෙත් මා නොමැතිව ටික දුරක් යාමට ඇවැසි යම් යම් දෑ කීපයක් ඔබේ සහයෝගයෙන් පසු ගිය කාලයේ එක් කර ගැනීමට හැකි වූවා. එනිසා ඒ සියල්ලෙහි අයිතිය ඔබට පවරමි . මා නැතිවද ඒවා ඔබේ මෙන් පරිහරණය කරන්න . එහි ඇති කරුණු මාගේ හැසිරීම් දන්නා අයවලුන් සමග විසදන්න .පෙර මෙන් ඔබට ඉඟි දීමට මා මතුවට සිටිනු නැත .


            මා සමග මෙම ගමන යාමට පැමිණිනි හෘදයාංගම මිතුරෙක් ඇත , මතු දිනක ඔහු තද බල අපහසුතාවයට පත් විය හැකි නිසා මා අදින් ඔහුවද නිදහස් කරන්නේ මෙසේ ඔබ සියල්ලන්ගෙන්ම සමු ගැනීම සටහන් කරමින් .



          තව තවත් දේ කීමට ඇති මුත් නොපවසමි , මන්ද පෙර මග ඒමට ඒවා බලා සිටි. නිළ සමු ගැනීම මෙයින් සටහන් කරමි! පෙර මෙන් ප්‍රති උත්තර දීමට මා නැති වුවද , අමනාප නොවන්න .ඔබේ අදහස් කෙදිනක හෝ මා දකීවි යැයි සිතා අදහස් පල කිරීමද කිරීමද කරන්න ..!පසු ගිය සටහන්ද හැකි පමණ කියවන්න, මෙය එකම ලිපියක විසිරුණු චේද පමණි .




ඔබේ අදහස් කෙදිනක හෝ මා දකීවි යැයි සිතා අදහස් පල කිරීමද කිරීමද කරන්න ,මන්ද අදහස් ලියා තැබුණු විට අන් අයටද ප්‍රයෝජනයක් විය හැකි නිසාවෙනි .
juste me prendre dans votre cœur, je vivrai pour toujours et avec les souvenirs. .............



M. Shermiya Fernandezqe
pas xx/x de route l'école
montage Lavinie
Sri Lanka




M.Shermiya Fernandezqe
pays de rêve
xx, rue de Rivoli-Saint-Honoré
xx008 Rennes





55 comments:

  1. Ok son.. See you later. Ah. the song is beautiful

    ReplyDelete
  2. Replies
    1. බය වෙන්න එපා ශම්මි මන් දිගටම පෝස්ට් දානවා ..
      digatama enna..eka eka wenas kam thiyena
      post godak man danawa.balannako..okkoma
      kiyawanna..

      Delete
  3. මේ සිදුවිය යුත්තක් නම් නොවේ...මට කීමට ඇත්තේ එපමණයි...

    ReplyDelete
    Replies
    1. එහෙම හිතන්න එපා..තව ඉස්සරහට පෝස්ට් 30 විතර
      දානවා කලුසුදු .සති දෙකක් ඇර දෙකක් වගේ තමයි
      දාන්න ඉන්නේ...ඉතින් අවුරුද්දක් විතර යනකම් ඉන්නවා..
      ඒ අතර තව තව පොස්ට් ලියන්නත් පුළුවන් වේවි මට.....

      Delete
    2. දැන් තමයි ටිකක් හරි අවබෝධ වුනේ..මනුස්ස ස්වභාවය නේ දෙයක් දැක්ක ගමන් මතු පිටින් බලලා කලබල වෙන එක....

      Delete
    3. හි හි ඒක නම් ඇත්ත ..ඒත් ඉක්මන් ප්‍රතිචාර
      ඕනේ වෙලාවලුත් තියෙනවා ..(කළුසුදු ඉන්න
      වෘතිය එක්ක නම් ඒක හොදටම දැනෙනවා
      ඇති ..)

      Delete
  4. ඒ මොකද ඒ ප්ලේ වෙන්නේ නැත්තේ ..
    මෙන්න මේ ලින්ක් එක ට්‍රයි කරලා බලන්න...
    Memory and Humanity | සහෘදයෙකුගේ අවසන් සටහන.
    ස්තූතියි ගයනි .ඉන්නකෝ මන් එන්න ඒ පැත්තේ....

    othana thiyenne mobile version eka..
    oka aniwa wada karayi...

    ReplyDelete
  5. හ්ම්ම්ම්.... කිසිවක් නොකියමි.... බැලුවා කියන්නට පමණක් මෙලෙස කෙටුවෙමි.
    සිංදුව ලස්සනයි.......

    ReplyDelete
    Replies
    1. අඩේ.... මං මේක කියෝනකොට මේකා කමෙන්ට් දාලා තිබ්බේ නෑ.... දැන් බලනකොට.....අයියෝ සල්ලි.... අපරාදේ මං කෙටුවේ....... :(

      Delete
  6. මේක ලෝර්ඩ් වීමේ අවුලක් තියෙනවා. පොඩ්ඩක් බලපන්. මේ මට නම් උඹ කියන මොනවත් තේරෙන්නේ නෑ. මම හිතන්නේ එක අතකට ඒක හොදයි. මිනිස්ස්සු එකිනෙකා තේරුම් ගන්න යාමේදී තමයි ප්‍රශ්න වැඩි කියල මට හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. එහෙමම අහක දාන්නත් එපා රතු. ටික ටික උත්සාහ
      කරන්න ඕනේ ලෝකය තේරුම් ගන්න .ස්තූතියි කමෙන්ට්
      කරාට රතු...

      Delete
  7. අපි කෑ ගහනවා. ඉල්ලිම් ඉල්ලලා කෑ ගහනවා. ලෝකෙට ඇහෙන්න බණ කියනවා. ලෝක පූජිත උපදේශන සේවා තියනවා. උදව් ඉල්ලලා අඩනවා.

    මේවා ඇහෙන අය ඉන්නවා. ගොඩාක් ඉන්නවා. නෑහෙන අය ඉන්නවා. ගොඩාක් ඉන්නවා. ඒත් අහගෙන ඉන්න ඕන අයට නෑහෙන කොට, ඇහුනත් නෑහුනා වගේ ඉන්නකොට..අපි තවත් සද්දේ වැඩි කරනවා. ඒත්......?

    උඹ මේ ලිව්වේ අවසන් සටහන නොවෙන බව මුලදිම දැන ගත්තත්, කියන්න කැමති එක දෙයක් තියනවා. හොද බ්ලොග් කාරයෝ මැරුනත්, සමුගත්තත්...නොමැරෙණ දේවල් දෙකක් තියනවා. ඒ මනුස්ස සුවද සහ බ්ලොග් එක. ඔබාගේ බ්ලොග් එකට අදත් හිට්ස් විතරක් නෙමේ කමෙන්ට් තියෙන්නෙත් ඒ නිසා. ඔබ ගාව ඒ සුවද මට දැනෙනවා. යන්න කලින් නොදන්න අසරණයො වෙච්චි අපි කවද ගියත් කලින් කියල තිබ්බහම හිතට හොදයි.

    උඹ පෝස්ට් එකක් විදිහට මේ ලිපියට ලොකුම ලොකු අසාධාරණයක් කලා. ඒත් ඒ අසාධාරණකම මට සාපේක්ෂව විතරයි. මම උඹනම් අමාරුවෙන් හරි මම සතියක් කමෙන්ට් වලට රිප්ලයි නොකර ඉන්නවා. ඒත් මේ උඹනේ.

    පෝස්ට් එක වගේම සමහර විට ඊටත් වඩා සිංදුව භාව ප්‍රකාශණයක් කරනවා. මට හැගීම තේරෙන්නේ, හදවතට සමීප නිසා වෙන්නැති.

    ReplyDelete
    Replies
    1. \\\\මම උඹනම් අමාරුවෙන් හරි මම සතියක් කමෙන්ට් වලට රිප්ලයි නොකර ඉන්නවා. ඒත් මේ උඹනේ.////

      machan anik hama detama wenama uththara dannam, me tikata danata uththara kiyala..
      machan kattiya ho gaala out yanna gaththa nisai wahaama comment damme..
      ithuru tikata man wenama reply karannam machan aniwaaaaaaa...

      dakka neda eka pelata out yaagena aawa ....?
      ekai tag gaala comment kale..
      mehema deyak daranna puluwan aya nah machan..

      Delete
  8. සහන්.. පෝස්ට් එක කියවද්දී මගේ හිතට ආපු ප්‍රශ්නයට කමෙන්ට් වලින් උත්තර ලැබිල තියනවා නේ. ඒක නිසා මෙහෙම කියන්නම්. "සයිලන්ට් සහන් යනු බ්ලොග් අවකාශයේ සිටිය යුතුම කෙනෙකි."

    ලිපි එකෙන් දෙකෙන් මං මේ බ්ලොග් එකට ඇබ්බැහි වුනා කිව්වොත් හරි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි චන්දන මිත්‍රයා ..
      දිගටම ලියන දේවල් කියවන්න එන්න .
      මටත් ලොකු සතුටක් ඒක ..ඒ වගේම හිතෙන
      දේ කියන්න , මට පුළුවන් ඒක තව පැහැදිලි කරන්න
      ...
      ස්තූතියි දිගටම එන්න...

      Delete
  9. මට තේරුනේ නෑ..
    තව පාරක් කියෝලා බලන්නෝනා...

    ReplyDelete
    Replies

    1. මේකයි තරියා ඇත්තටම එක පාරට තේරුම් ගන්න
      නම් බැහැ තමයි .හැබැයි මෙහෙම දෙයක් ලියල තියන
      එක වටිනවා කියල දැනුන මට .ඒකයි ලිව්වේ..බලන්නකෝ
      හෙමීට කියවල...
      ස්තූතියි ආවට තරිය ...

      Delete
  10. කාලය දෙස විමැසිල්ලෙන් ඉන්නෙමි...

    ReplyDelete
    Replies
    1. හි හි ඒ මොකද ඒ ? සින්දුව ඇහුවද නලින් අයියේ ?
      ඔයාගෙත් අර කතා ටික ලියන්න නලින් අයියේ .
      බලන්න ඒවට නේද හැමෝම කැමති ඒ නිසා
      ඔයා මාසෙකට සැරයක් හරි කතාවක් ලියන්න ..
      ස්තූතියි ආවට නලින් අයියේ.දිගටම එන්න ...

      Delete
  11. Replies
    1. මෙහෙම හිතන්නකෝ වීයෝ ..
      අපි කවද යනවද කියල නොදන්න නිසා
      අවසානය මෙහෙම සටහන් කරන්න හිතුන..

      මිනිස්සු අවසන් කැමැත්ත ලියනවා වගේ මෙහෙම
      දෙයක් ලිව්වොත් කියල හිතුනා ..:D

      Delete
  12. කියන දෙයක් තේරුම් ගහන්න පහසු විදියකට කිව්වොත් නරකද ?

    ReplyDelete
    Replies
    1. මචන් සිරෝ මිනිස්සු අවසන් කැමති පත්‍රය ලියනවා
      වගේ , අවසන් සටහන ලිව්වොත් කොහොම
      වේවිද කියල හිතුන බන් ...
      පේට්‍රියගේ කමෙන්ට් එක බලපන්කො හරියටම
      සීන් එක ඒකේ තියෙනවා...

      Delete
  13. මටත් මේ කියල තියෙන දේවල් නම් තේරුනේ නෑ. ඒත් බ්ලොග් එක ඉස්සරහටත් ලියනව කියල කමෙන්ට්ස්වලදි කියල තියෙනවනෙ. ඒක හොඳයි. මේ ගීතය නම් මගේ ප්‍රියතම ගීත වලින් එකක්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි චම්ස් කමෙන්ට් කරාට .ඔව් බ්ලොග් එක ලියනවා
      දිගටම .මන් දැනට පෝස්ට් 20 වගේ ලියල අලුතෙන් තියෙන්නේ.
      සතියක් ඇර සතියක් වගේ දාන්න ඉන්නේ..ඔයා මගේ මේකට කලින්
      දාපු එක බැලුවද ?

      මට මේක හිතුනේ ඉස්සර ගුවන්විදුලි රඟමඩලේ ගියා
      කතාවක් හරියටම දිනේ, වෙලාව කියල අවමංගල්‍ය උත්සවෙත්
      ලැස්ති කරලා ඒ වෙලාවටම මැරෙන කෙනෙක් ගැන...

      ඒ කතාව මීට අවුරුදු 20 වත් ඇති අහල , ඒත් තාම මතකයි මට..

      Delete
  14. මේකයි අය්යේ බ්ලොග් එක කියන්නෙ ජීවිතේ නෙවෙයිනේ.අපි කැමති වෙලාවට ලියන්න කැමති වෙලාවට අත හරින්න තියෙන දෙයක්.ඕනම දෙයක් ඕන වෙලාවක අත හරින්න පුලුවන් අහිමි වෙන්න පුලුවන් කියලා හිතුවාම ගොඩක් ප්‍රශ්න විසදෙනවා මං හිතන්නෙ.අපි කැමති වුණත් නැතත් යථාර්ථය ඒකනේ.ඒ නිසා ඔයාට ලියන්න ඕන කියල හිතෙනව නං ලියන්න.මටත් ලියන එක කරදරයක් කියලා හිතෙන කොට මාත් නොලියා ඉන්නවා.ආපහු හිතුණාම ලියනවා.

    මේ සින්දුව ගැනත් මොනව හරි කියන්න ඕන.මං මේක කියන්නෙ කවුද කියල නම් දන්නෙ නෑ.අනුමානය හරි නම් ටී.එම්.ජයරත්න වෙන්න ඕන.කොහොම වුණත් මං මේ සින්දුවට හරි ආසයි.ස්තූතියි බෙදාගත්තට ඒක.

    ජය වේවා!

    ReplyDelete
    Replies
    1. හැබැයි මේ ලියමන ලිව්වේ නම් ආයේ කිසි දාක නොඑන ගමනක්
      යන කෙනෙක් ගැන .බ්ලොග් එකේ ලිපි වැටුනත් කමෙන්ට් කරන්න
      ඉන්න වෙන්නේ නැති කෙනෙක් ගැන .. හැබැයි මෙතැනදී කොහෙවත්
      කියල නැහැ මොකක්ද මේ යන ගමන කියල..ඒක විබාගයක් , වෙන රටකට
      යෑමක් , මහණ වීම වගේ දෙයක් වෙන්නත් පුළුවන් ..

      පාඨකයා තමයි තීරණය කල යුත්තේ ඉතුරු ටික ..අන්න එහෙම හිතුවිල්ලක්
      එන්න තමයි මේක ලියවුනේ ..

      අහ් මේ සින්දුව කියන්නේ ජගත් වික්‍රමසිංහ , වෘතියෙන් එන්ජිනේරු වරයෙක් ..
      ඔයා


      ආස නම් මේ ලින්ක් එකෙන් සින්දුව ගන්න ...
      ස්තූතියි වර්ෂා කමෙන්ට් කරාට .ඔයාගේ බ්ලොග් එකෙත් ගොඩක් පරිණත
      දේවල් මන් දැක්කා , ඔයාගේ වයස කාලේ අපි නම් ලෝකේ හොයන්න
      ගත්ත විතරයි .. ඒ අතින් ඔයාල ගොඩක් ඉදිරියෙන් ඉන්නවා...ඒ ගැන සතුටුයි..
      හොදට ඉගෙන ගෙන ලොකු නෝනෙක් වෙන්න ..ඉඩක් තියේ නම් අනික්
      ලිපිත් බලන්න ටිකක් ...

      Delete
    2. ආ ජගත් වික්‍රමසිංහ නේද..මට කටඅඩ අදුරගන්න බැරි වුණා.රන් තාරකාවන් දිලෙන රැයේ එහෙමත් කියන්නෙ එයානේ.මගේ තාත්තා ලියූ සින්දුවකුත් කියනවා එයා.ස්තූතියි සින්දුව දුන්නාට..

      මං හිතුවෙ නැහැ එහෙම දෙයක් ගැනයි ලියල තියෙන්නෙ කියල.පාඨකයාට විවිධ පැතිවලින් හිතන්න පුළුවන් නිසා මේක සාර්ථක ලිපියක් කියල හිතෙනව.

      Delete
    3. ඒ මොකක්ද ඔයාලගේ තාත්ත ලියපු සින්දුව ?
      මන් සිංහල ගයකයන්ගෙන් දිවුල්ගනේගෙන් පස්සේ
      කැමතිම ජගත්ට තමයි .ඒත් එයාගේ ගති ගුණ වලට නම්
      කැමති නැහැ එච්චර ..

      කොහොම උනත් හරි විශිෂ්ට සින්දු ටිකක් නම් කරලා තියෙනවා .
      late 80's and early 90's වලදී එයාල ඇති කරපු දේවල් නිසා
      තමයි අද උනත් සංගීත සමාගම් පවා ඇති වෙලා තියෙන්නේ ..
      ( නිල්වලා , ටොරානා වගේ..) තාත්තාගෙන් ඇහුවත් මීට වඩා විස්තර
      කියාවි ඒ ගැන ...

      ඒ කාලේ හැටියට මේ සින්දු විශ්ව කර්ම වගේ අපි ඇහුවේ ඉස්සර ..
      තාම මතකයි ඕව .....හ්ම්ම්ම්ම්ම්ම්

      Delete
    4. ඒ සින්දුවෙ ලින්ක් එකක් හොයාගන්න පුළුවන් වුනොත් දෙන්නම්කො.එයාගෙ ගතිගුණ ගැන නම් එච්චර දන්නෙ නෑ.අනික ගායකයන්ගෙ වැදගත්ම දේ කටහඩනෙ නේද?ඔය කාගෙ කාගෙත් ජීවිතවල අඩුලුහුඩුකම් වැරදි අඩුපාඩු තියෙනවනෙ.මගෙ නම් ආසම ගායකයා කපුගේ මහත්තයා!

      Delete
    5. අනික ගායකයන්ගෙ වැදගත්ම දේ කටහඩනෙ නේද?ඔය කාගෙ කාගෙත් ජීවිතවල අඩුලුහුඩුකම් වැරදි අඩුපාඩු තියෙනවනෙ




      නැහැ නැහැ මට එයාගේ පුද්ගලික ජීවිතය ගැන
      උනන්දුවක් නැහැ .නමුත් කෙනෙක් නිහතමානී
      නොවෙද්දී ටිකෙන් ටික ඈතට යනවා හිතින් ..
      ඒක ගැනයි මන් කිව්වේ වර්ෂා .

      ඒ ඇර ජගත්ගේ හැම දක්ෂකමක්ම මන් අගය කරනවා
      මෙතන උනත් ඒ බව කිව්වේ මගේ ඇති නිහතමානී කම
      නිසා ...



      /////////////කොහොම උනත් හරි විශිෂ්ට සින්දු ටිකක් නම් කරලා තියෙනවා .
      late 80's and early 90's වලදී එයාල ඇති කරපු දේවල් නිසා
      තමයි අද උනත් සංගීත සමාගම් පවා ඇති වෙලා තියෙන්නේ ..
      ( නිල්වලා , ටොරානා වගේ..) තාත්තාගෙන් ඇහුවත් මීට වඩා විස්තර
      කියාවි ඒ ගැන .../////////////////


      ලින්ක් එක ලින්ක් එක ඕනේ නැහැ වර්ෂා මා ළඟ
      සින්දු නම් තියෙනවා එයාගේ හැම , මට කියන්නකෝ ඒකෙ නම
      හොයාගන්න පුළුවන් .ඔතොකොට මට....

      කපුගෙටත් ආසයි , එත් කියන්නේ නැහැ ..:P

      Delete
  15. මම හිතන්නේ මට ටිකක් විතර තේරුනාද කොහෙද. මෙහෙම කතාවක් ඔයා කලිනුත් කියා කියා හිටියනේ. ඒත් එහෙම බලනකොට අපි හැමෝම කවදාහරි සමු ගන්නවා නේ. හැමෝම මේ වගේ එකක් ලියල තිව්වොත් හොඳයි :)

    ReplyDelete
    Replies
    1. ඔව් සයුරි ඔයා හරි තේරුම් ගත්ත . ඒ නැතත් ඇත්තටම ඕන
      කෙනෙක් මෙහෙම දෙයක් ලියල තියෙන එක වරදකුත් නැහැ
      නේද කියල මට හිතුනා ( මේක ලිව්වට පස්සේ :D ) මට හරියටම කියන්න
      බැහැ කවද ඉඳන් මන් යාවිද කියල ..
      ඉතින් පොදුවේ ගිලින්න ඕනේ තැන් ගිලල පෝස්ට් එක දැම්මා ..
      ස්තූතියි මට සමු දුන්නට සයුරි නිළ වශයෙන් :D

      Delete
  16. ඇයි මැරෙන්න අවුරුදු ගාණක් තියාගෙන දැන්ම සොහොන බදින්නෙ....

    ඉතින් මෙ වගේ දෙයක් නොලිවිව නමි හොදයි කියලා හිතෙනවා..
    ඒත් තමක් නැහැ පෝස්ටි දානවලුනෙ දිගටම ජය

    ReplyDelete
    Replies

    1. මෙහෙමයි දිනපොත මන් ටික කාලෙකට කොහොමත්
      විවේකයක් ගන්න ඉන්නේ..ඉතින් මගේ බ්ලොග් එකේ
      මට කමෙන්ට් දාන්න වෙන්නේ නැහැ, ඒ නිසා කට්ටිය අමනාප
      වෙන්න පුළුවන් ..
      ඒ නිසා මෙහෙම පෝස්ට් එකක් දැම්ම .
      කමෙන්ට් කරන්න මන් නැතත් දිගටම පෝස්ට් කියවන්න ,
      ඒවට කමෙන්ට් කරන්න හොදද ???

      මන් ආපු කාලෙක බලනවා...!

      Delete
  17. අපෝ සහන් මල්ලි, මේ පොස්ට් එක කියවපුවම බය හිතුනා. ඔයාගේ කොමෙන්ට් දැක්කම තමයි හිට හරි ගියේ. ඔය දිගටම ඉන්න ඕනේ කෙනෙක් සහන්. නවත්වන්න එපා. දිගටම ලියන්න.

    ReplyDelete
  18. ගොඩක් ස්තූතියි අයිලාෂ් අයියේ ඔය වචන මට හයියක් .
    මන් ස්වාදීනව මට හිතෙන දේවල් ලිව්වට , ඔයාලගේ කමෙන්ට්
    වලින් තමයි අවන්කවම සතුටක් ලබන්නේ ..නැත්නම් ඉතින් මේවා
    ගහකට කියන්න පුළුවන්නේ ..ඔව් මන් සති දෙකක් ඇර වගේ පෝස්ට්
    එකක් දාන්න ඉන්නේ.මොකද කියවන ඉඩක් දෙන්න ඕනේ ඒවා නිදහසේ
    කියවන්න ..මොකද ඔයා වගේ හැම කියවන අය ඉන්නේ අඩුවෙන්නේ..
    ( ගොඩක් දෙනා කරන්නේ බ්ලොග් එකේ එකේ උදිම්ම තියෙන පොස්ට් එක බලනවා මිසක්
    පහු උන පොස්ට් එකක් බලන්නේ නැහැ )

    ස්තූතියි අයියේ ආවට , දිගටම එන්න පුළු පුළුවන් වෙලාවට.....

    ReplyDelete
  19. සහන් අයිය නවත්තන්න එපා.... දිගටම ලියන්න ඕන ඔයා... ටික ටික ඉඩ තියෙන වෙලාවට ලියන්න... හැමදාම නැතත් ඉඳහිට මං එනවා මේ පැත්තෙ....

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි අනු ඔය වචන වලට ..
      ඔයාල ඉන්න එක මට සතුටක් , කෙනෙක්
      මෙහෙම හරි ඉන්න එක වටිනවා මිනිහෙක්ට .
      පුළුවන් වෙලාවට ඇවිත් යන්න අනු....

      Delete
  20. මේක දැක්ක ගමන් මට මතක් උනේ මම කලින් කියවපු ඉංග්‍රීසි කවියක් සහන්. බොහොම අමාරුවෙන් හොයාගත්තා...

    http://www.poemhunter.com/best-poems/marcus-mckinley/my-own-eulogy/

    බලද්දී සහන් බොහොම අපූරු විදිහට මාව "එදිනෙදා ජීවිතය" ට ඇද බැඳලා තියාගෙන!

    ReplyDelete
  21. Brilliant my bro brilliant !

    එහෙනම් ඔබ මගේ ව්‍යන්ගාර්ථ රහස හොයා ගත්තා ?

    ඔබ හරි ඒකා , ඒ උනත් අපි දිගින් දිගටම යාලුවෝ නේද ?
    ගොඩක්ම ස්තූතියි මේ පොයම් එක හොයල දුන්නට ..

    මන් වගේම තවත් කෙනෙක් .

    යන බැව් දැනගෙන ,
    ඉතුරු කරන්නට යමක් වෙහෙසුන .

    කාලය තව නැති බව් දැනගෙන
    ලියා තැබුවා අවසන් පද පෙළත්
    මේ විලසට !
    ඇත්තටම I am not gone just going home
    කියද්දී මටත් කඳුළු ආව ඔයාල මතක් වෙලා ..!





    ReplyDelete
  22. මොකක්ද බන් මේ මට තේරෙන්නෑනෙ ? උඹ කොහේ හරි යන්නද යන්නෙ ?

    ReplyDelete
    Replies
    1. @ senna
      bro,

      සාදරයෙන් පිළිගන්නවා සෙන්නා මේ බ්ලොග් එකට ..
      මන් දැනට පෝස්ට් 30 විතර අලුතෙන් ලියල තියෙනවා .
      ඒවා සති දෙකකට වගේ සැරයක් වැටෙන්න මන් ශෙඩියුල්
      කරා .

      ඒත් මට සමහර විට ඒ අවුරුද්ද පුරාවට කමෙන්ට් කරන්න වෙන
      එකක් නැහැ සෙන්නා ..ඒකයි මන් මෙහෙම දැම්මේ ..මොකද
      මන් ටිකක් ලෙඩින් ඉන්නේ ...

      මන් නැති උනාට කමක් නැහැ , ඔයාල ඇවිත් බලන්න ...
      ස්තූතියි ආයේ එන්න ඉඩ තියෙන වෙලාවට , පරණ පෝස්ට්
      ටිකත් බලන්න විනාඩි 10, 15 ඉඳල ..

      Delete
    2. මම මේ ලඟකදි ඉඳලා තමා උඹව බ්ලොග් අවකාශේ දැක්කේ.. ආපු ගමන්ම යන එක ගැන දුකයි සහෝ... මම උඹ ගැන දන්නැති වුනාට අනිත් අය කියලා තියන ඒවා දැකලා තියනවා.. ඒකමයි මූ කවුද කියලා ඇවිත් බලන්න හිතුනෙ..

      මට උඹෙන් වැඩි දුර ප්‍රශ්ණ අහන්න බෑ.. අපෙන් උදව්වක් ඕනා වුනොත් කියපන්.. පුලුවන් දෙයක් ඕන වෙලාවක කරනවා..

      E-mail : ssdsenna@gmail.com

      Delete
    3. ඇත්තෙම්ම ඔබේ ඔය වචන ටික ඇති සෙන්න .
      නියම සහෘදයෙක් යනු මෙවැනි විටක සමු දීමට
      පැමිණෙන අයයි ..

      සුබ පැතීමට එන්නන් බොහෝ වුවද , සමු දීමට එන්නේ
      අතලොස්සයි ..
      එහෙත් ලෝකයටම වඩා ඔවුන් වටිනවා , මන්ද මියෙන තෙක්
      ළඟින් ඉන්නේ ඔවුන් නිසාත් ,මියෙන තෙක් ජීවය දෙන්නේත් ,
      මියැණු පසු සහෘදයාගේ මළ දේහය විසිරීමට නොදී රැක බලා
      ගන්නෙත් ඔවුම්මයි...

      ඉතින් ඒ මියැණු පුද්ගලයා සදාකල් ඔවුන්ගේ සිත් තුල ජීවත් වනු ඇත..
      ඔබ වැන්නවුන් නිසා ඔහු අමරණීය වනු ඇත...

      ගොඩක් පින් සෙන්න , හොරෙන් හැංගෙන ලෝකෙක , හොයන් ඇවිත්
      දුක සැප විමසීම ගැන ..!

      Delete
  23. aio..mama nam danne ne oba kauda kiyala.eth liyala tiyana dewal lassanai.wedagath.samahara dewal nam terenne ne.eth meke lipi wetena hema ekak wagema asawen kiyawanawa.hemadama wedagath dewal danawa nam godak hodai.

    ReplyDelete
    Replies
    1. මම පුළුවන් හැම වෙලේම හිතට එන දේවල් ලියනවා යාලුවා... මෙතන තියෙන ඒවත් බලලා නැත්නම් බලන්න නිදහස් වෙලාවක... මා එක්ක කතා කරන්න ආස නම් ස්කයිප් වලින් කතා කරන්න පුළුවන්.. silentsahan තමයි ID එක මගේ...

      ඔයා අසාවෙන් බ්ලොග් එක කියවන්න ඒම ගැන සතුටුයි ...

      02 ශ්‍රී ලංකාවේ ආර්ථිකයට අනාගතයේදී විය හැකි දේ. ( ...

      ප්‍රහාරක ජෙට් නියමුවන් පුහුණු කිරීම . Fighter Pil...

      රහතන් වහන්සේ නමක් ඒහි භික්ෂු භාවයට පත් කරන්නේ ඇයි ...

      මගේ සිඟිති දියණියත් , අපේ ලෝකයත් .If you have a we...

      Delete
  24. aluth dewal liyanna.godak lassani.
    මගේ සිඟිති දියණියත් , අපේ ලෝකයත් .If you have a we. meka.පරිවර්තන tawa tikak ekathu karanawanm hodai.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි යාළුවා මම ලියමින් පවතිනවා මේ දවස් වල.. ඒ උනත් ඒවා පබ්ලිෂ් කරන්නේ සතියකට වරක් වගේ.. මොකද එක දිගට දැම්මම සමහර අයට අමරුලු කියවන්න...


      මම දැනට ආර්ථික විද්‍යාව ගැන පෝස්ට් එකේ 3 වෙනි කොටස , ප්‍රහාරක නියමුවන් ගැන 2 කොටස , ෂර්ලොක් හෝම්ස් ගැන 2 කොටස , ශ්‍රී ලංකාවට ගැළපෙන විදුලි සංදේශ සැලසුමක් , හරිතාගාර ආචරණය ගැන ලියලා තියෙනවා.. ඒ ටික ඉඩ ලැබෙන විදිහට දාන්නම්.. ඔයා එන්න බලන්න... අහ්හ් ඊළඟට බොහෝ දුරට තාත්තා ගැන පෝස්ට් එකක් දාන්න පුළුවන්...

      තව පරිවර්තන කීපයකුත් කරන්නම් මම වෙලාව ඇති විදිහට... තව දෙයක් කියන්න ඕනේ යාලුවා , ඒ තමයි මගේ මේ බ්ලොග් එකේ එක එක දේවල් ගැන තියෙනවා .. ඒ කියන්නේ සරළ අරුත් සුන් පෝස්ට් පවා.. එහෙම ඒවත් ලියන්නේ ඒකාකාරී බව නැති කරගන්න ඕනේ නිසා... නැතුව බැහැ බ්ලොග් එකක් කරන්න බරපතල පෝස්ට් විතරක්ම දාලා...


      ඔයාගේ ඇගයීමට ගොඩක් ස්තූතියි ... හිතට බොහොම සතුටුයි ජපානේ ඉඳන් කෙනෙක් කතා කළා කිව්වම...:)

      Delete
    2. ගොඩක් ස්තූතියි.eth meke lipi balanna taram deyak den ne.kiyawana ayata newe wage lipi pala karanne neda.anith Blog walata wada wenasak tiyanawa.eth kiyawanna deyak danakam balan idala den nam me Blog eka epa wela.

      Delete
    3. හපොයි හපොයි ඒ මොකද ... මම මේ ටිකේ පොස්ට් දැම්මේ නැහැ.. මොකද සයුරි , DDT , චන්දන වගේ කට්ටිය එහෙ මෙහෙ ගිහින් ... බ්ලොග් අවකාශේ පාලු වෙලා වගේ.. කට්ටිය එනකම් බලන් හිටියා..

      මට කියන්න ඔබ තුමා / තුමිය කැමති මොන වගේ දේවල් වලටද කියල වැඩිපුරම ...?

      දිගටම එන්න... ලබන බදාදා වෙන්න කලින් පොස්ට් එකක් දානවා මම.. බොහෝ විට අර ෂර්ලොක් හෝම්ස්ගේ එක තමයි වැටෙන්නේ... දිගටම එන්න අනේ..:P

      Delete
    4. ඔබට හැකි නම් මට ස්කයිප් මගින් ඇමතුමක් දෙන්න... ( ඔබ කතා කිරීමට අකැමති නම් මම කියන දේ අහන් හිටියත් කමක් නැහැ )

      Delete

ඔබ කමෙන්ටුවක් දමයි නම් කරුණාකර මෙහි කමෙන්ටු E mail subscribe කරන්න .. නැතිනම් පිළිතුරු මග හැරී යනු ඇත ...

කමෙන්ට් යනු ඔබගේ අදහස් ප්‍රකශ කිරීමට සලසා ඇති ඉඩයි. සිතුවිලි ලියා තැබුණු විට අන් අයටද ප්‍රයෝජනයක් විය හැක !

http44444444://1.bp.blogspot.com/-F0lMkO9hSe8/UjM37DArTZI/AAAAAAAAAwo/wtP9O0K_6UE/s1600/543431_208554675978924_1215099537_n.jpg15099537_n.jpg

සහයෝගය දක්වන වෙබ් එකමුතු ...

මාතලන්ගේ සින්ඩිය...api apita Blog Readerlankeeya sithuwililankeeya sithuwili lankeeya sithuwili