මේක කෙටිම කෙටි කතාවක් හොදද ?ඔක්කොටම කලින් අපිට මෙන්න මේ දේවල් අවශ්‍ය වෙනවා .

අවශ්‍ය ද්‍රව්‍ය :
කිඹුලා
හරකා
මුවා
මැක්කා ( අවශ්‍ය තරම් ප්‍රමාණයක් )
බෙලි ගෙඩිය
පළා වර්ග කීපය
ෂොපින් එක
සාදන ක්‍රමය :

අපි හැමෝම දන්න කියන සත්තු 4 දෙනෙක් ඉන්නවා මේ කතාවේ .එතනින් සත්තු දෙන්නෙක් අහක ඉඳන් කයිට් වෙනවා


දවසේ ඕනෑම වේලාවක රස විදින්න පුළුවන් හදා ගත්තට පස්සේ ..
දැන් අපි පෝස්ටුව සකසා ගනිමු ...

ඔන්න කතාව මෙහෙමයි.පහත රූපය බලන්න .
මේ තමයි මුවා.
දැන් දෙවන රූපය බලන්න ..
ඔය තමයි කිඹුලා ..
දැන් අපි ප්‍රධාන මාතෘකාව දිහාට එමු ..මේ කිඹුලට එනවා බඩගින්නක්. කිඹුලා කරන්නේ මුවාව කනවා පින්වතුනි.




මෙතන මැක්කෝ කිව්වම මැක්කගේ ඔලුව , ඇස් දෙක , හොම්බ , දත් ටික , දිව , කටේ තිබ්බ කෙළ ටික , බෙල්ල , උගුරු දණ්ඩ , පෙනහළු , හදවත , අග්න්‍යාශය , පිත්තාශය , වකුගඩු , බඩවැල් , මුත්‍රාශය සහ එකේ තිබ්බ චූ ටික , මහා බඩවැල සහ එකේ තිබ්බ කක්කි ටික , සහ මැක්කගේ ඇඟේ මස් ටික.
( මෙතන මම එක මැක්කෙක් ගැන විතරයි උදාහරණයට ගත්තේ .ඔක්කොම මැක්කෝ
ගැන කියන්න ගියොත් ලිපිය දීර්ඝ වෙනවා

යනාදී වශයෙන් මුවාගේ සියල්ලම ආහාරයට ගන්නවා මේ කිඹුලා.මස් ටික වෙනමත් අයින් කරන්න ඕනේ කක්කි ඒවා වෙනමත් කියල නැතුව ඔක්කොම කාල දානවා .

දැන් අපි එමු දෙවන උදාහරණයට ..
පහත රූපය බලන්න
මේ ඉන්නේ හරකා ..මෙයා කන්නේ විවධ පලතුරු ජාති සහ කොළ ජාති .ඒ උනාට හැම කොළ ජාතියම කන්නේ නැහැ


තේරුණාද හරකා උනත් ඔක්කොම තණකොළ ජාති කන්නේ නැහැ . තෝරලා බේරලා තමයි කන්නේ ..හරකා පළතුරු ජාතිත් කනවා කියල මම කිව්වනේ.. හිතන්න අපි බෙලි ගෙඩියක් දුන්නා කියල හරකාට .නමුත් හරකා කන්නේ නැතුව ප්‍රතික්ෂේප කරනවා


දැන් උපකල්පණය කරමු කිඹුලා බෙලි කනවා කියලා ...

එහෙනම් එකෙම්ම මුළු බෙලි ගෙඩිය පිටින්ම කාල දානවා නේද? මුවාගේ අං
තට්ටුව , කුර , කක්කි පවා කාපු කිඹුලට බෙලි කට්ට මොකක්ද ?

දැන් පැහැදිළිද ගෙඩිය පිටින් කනවා කියන්නේ මොකක්ද කියල...කිසිම තෝරාගැනීමක් , ඉවත් කිරීමක් , පැහැදිළි කිරීමකින් තොරව සියල්ලම බාර ගැනීම තමයි ගෙඩිය පිටින් කනවා කියන්නේ ...

ඔහොම ගෙඩිය පිටින් වෙන සිද්දි වලදී සත්ව ලෝකයේ ගොඩක් සත්තු
ලිංගික එක් වීම වගේ කාරණා සම්බන්දව දරන්නේ පොදු මතයක් . අම්මා , තාත්තා , නංගි , මල්ලි , අක්කා , අයියා , බාප්පා , පුංචි etc වගේ දේවල් සලකන්නේ නැහැ .ස්ථානය , වෙලාව , කරාට අවුලක් නැද්ද වගේ කාරණා සළකන්නෙම නැහැ . කෙලිම්ම ගෙඩිය පිටින් සබ්ජෙක්ට් එකට එන්ටර් වෙනවා .


ආදේශ කිරීම
සත්තුන්ට වඩා හිතන්න පුළුවන් මිනිස්සුත් ඇයි අනේ ගෙඩිය පිටින් සමහර ඒවා කරන්නේ ? හරකට තරම් වත් මොළයක් නැද්ද ?ආගම ධර්මය අමතකද ?

නිගමනය
ඒ නිසා හැම දේ ගැනම තෝරාබේරා ගැනීමක් කරන්න ..ආශ්‍රය කරන අය , කතා කරන්න ඕනේ දේ , නොකරන්න ඕනේ දේ , ඉන්න ඕන විදිහ , යන්න ඕනේ තැන් , කරන්න ඕනේ දේවල් etc ...

අවවාදය
හැබැයි රජෝ වැඩිය තෝරන්නත් එපා .මදේ වත් කන්න හිතෙන්නේ නැතුව යාවි. ඔතොකොටත් පැවැත්මක් නැහැ ...!

ප.ලි. මේ කාලේ නම් හරක් ශොපිනුත් කනවා ..බෙලි කටුත් කනවා ඇති දැන්..
( කරුණාකර ප.ලි. කොටස මනුෂ්‍යන්ට ආදේශ නොකරන්න . ඔතොකොට ගෙඩිය
පිටින් හරකෙක්ම වෙනවා.

බොහෝ විට මීළඟ පෝස්ටුවෙන් නිවසකට අවශ්‍ය මට්ටමෙන්
සරල TV ඇන්ටෙනාවක් අඩු වියදමෙන් සාදා ගන්නා ආකාරය
පැහැදිළි කරමි...!
සරල TV ඇන්ටෙනාවක් අඩු වියදමෙන් සාදා ගන්නා ආකාරය
පැහැදිළි කරමි...!

ඇන්ටෙනාව කඩා ගත්ත දේශකට වෙච්ච දේ ගැන මෙතනින්