දැන්වීම් පුවරුව . ( පින්තූර මතට මවුස් පොයින්ටරය රැගෙන යන්න )

දැනට වසර දෙකක පමණ සිට සෑම සතියකටම වරක් ලිපියක් හෝ දෙකක් පළ කළෙමි. සිත් ගත් ලිපියක් වේ නම් හිතමිතුරන් අතරත් බෙදාගන්න.

මෙම වෙබ් අඩවිය ලෝඩ් වීමට පමා වේ නම් මෙම ලින්ක් එක භාවිතා කරන්න.

Go and get Sinhala Unicode to your Computer
Face Book Link Share.

August 18, 2013

ඇයි මම මේ විදිහට හැසිරෙන්නේ ? Why am I ?



          
ඒක දිග කතාවක්. සේරම ටික ලියන්න ගියොත් මේක කොහොමවත් කරන්න වෙන්නේ නැහැ. ඒ නිසා ඉවත් කරන්න ඕනේ ඒවා ඉවත් කරලා , මූලික අවබෝදයක් ලැබෙන දේවල් ටික විතරයි මේ ලිපියට ඇතුලත් කරන්නේ.


           හැමෝම දන්නවා ඇතිනේ මම එදා ඉඳන් දේශපාලනේ හිටිය කෙනෙක්. ඒකට මූලික හේතුවක් උනේ මගේ තාත්තා සහ ලොකු තාත්තලා ඇතුළු පවුලේ ගොඩක් දෙනෙක් දේශපාලනේ යෙදුණු අය වීම. මමත් පුංචි කාලේ ඉඳලා හැදුනේ වැඩුණේ දේශපාලන වටපිටාවක් එක්ක. අපි පුංචි කාලේ මේ රටේ වීරයෝ වෙලා හිටියේ මැතිනිය වගේ පිරිස. එයාල එක්ක බලද්දී අපේ තාත්තල නිකන් හාල් කෑලි වගේ. එදා ඉඳන් වෙච්ච වෙනස් කම් මට හොඳට තේරුණා.එයාලා එයාලගේ දූවරුන්ට , පුතාට සළකන විදිහයි අපිට සළකපු විදිහයි අහසට පොළොව වගේ.

            එයාලගේ දූවරු ඒරොප්පේ කැම්පස් වලට ගියා. අපි නිකම්ම නිකම් හිපාටුවෝ වගේ ඔහේ බලන් උන්නා. ගමේ හිටපු මිනිස්සුන්ට සාපේක්ෂව බලද්දී අපි මහා ඉහළ පවුලක් උනත් මැතිනිලාට සාපේක්‍ෂව ගද්දි අපි දූවිලි ගානයි. ඒත් මොනවා කරන්නද ඉවසනවා ඇර. මට මතකයි ඉස්සර අපි එහෙ යද්දී යන්නේ හරියට බලු කුක්කෝ වගේ. එයාලගේ දූවරු අපිට පෙන්නපු ආඩම්බර හිනාවන් අදටත් මට මතකයි.

             " අනේ මුන් වගේ හිඟන හැත්තක් "
වගේ බැල්ලමක් තිබුණේ එයාලගේ ඇස් වල. එහෙමයි කියලා කටක් අරින්නද ? මොනවා හරි කිව්වා නම් හරි ඇදයක් කරා නම් හරි කන් අඩි පුපුරන්න උනත් ගහන්න එයාලගේ ගෙදර අය පසුබට වෙන්නේ නැහැ.


           ඒ සියල්ල අත්දකිමින් තමයි අපි ලොකු මහත් උනේ. ටික ටික මම යෞවන වයස පහු කරලා තරුණ වයසට ඒමත් එක්ක මාව ඉබේම වගේ දේශපාලනයට පිවිසුණා. ඒකට එකම හේතුව උනේ මගේ පවුලේ අයත් දේශපාලනයේ නිරත වීම. එහෙම නොවෙන්න අපිටත් ඔලුව උස්සගන්න හම්බෙන්නේ නැහැ. මට එදා ඉඳන්ම තේරුණා මේ ලිං වලෙන් ගොඩ එන්න තියෙන්නේ එකම ගැට්ටයි කියන දේ.


          මගේ අයියලා සහ මල්ලිලා නම් මේ දේවල් ගැන එතරම් පැන්නුවේ නැහැ එදා ඉඳන්ම. එයාලට තේරුණා මේ මිනිස්සු එක්ක අපිට හැප්පෙන්න බැරි බව. කටින් නොකීවත් හැම වෙලේම මූණේ ඇඳිලා තිබුණේ එහෙම අදහසක්. එතනදිත් මම තනි උනා. මට තේරුණා මේ ලිං ගැට්ටෙන් ගොඩ වෙන්න වෙන්නේ තනියමයි කියන දේ. ඒ කොහොම උනත් මගේ සහෝදරයෝ ටික මගේ කකුළෙන් ඇද්දේ නැහැ කවදාවත්. සහෝදරයෝ විදිහට ආරවුල් , මත ගැටුම් තිබුණට අපි කවදාවත් එකිනෙකාට වල කැපෙන දේවල් කරේ නැහැ.


=== මෙතනින් එහාට දේවල් ඔයාලත් හොඳින් දන්න නිසා මම ඒ ටික
ස්කිප් කරමින් මග අරින්නම්   ===

          මගේ තරුණ වයස ඒමත් එක්ක මම ක්‍රියාකාරී දේශපාලනයට ආව. නිතරම මට තේරුණා පොඩි මනුස්සය එක්ක හිතවත්ව ඉන්න ඕනේ කියන දේ. ඕනෙම දේකට එන්න ඉන්නේ මේ මිනිස්සු විතරයි සහ අපේ පැවැත්ම තියෙන්නෙත් මේ මිනිස්සු ඉන්නකම් විතරයි කියන දේ මම හැම වෙලේම හිතුවා. අනිත් එක ඒ මගේ හොඳම තරුණ කාලේ. සමාජ වාදී අදහස් ඕසේට තිබුණා ඕනෙම තරුණ දේශපාලකයෙක් ළඟ තිබුණා වගේම. ඒත් මම හැම වෙලේම සැලකිලිමත් වුණු දෙයක් තිබුණා , ඒ තමයි මම කවදා හෝ තැනකට එන්න ඕනේ කියන දේ. නිකම්ම නිකම් දේශපාලන චරිතයක් වෙලා වැඩක් නැහැ මගේ තාත්තා වගේ. සමාජය ඉදිරියේ මහා විශාල චරිතයක් උනාට රජ ගෙදරදී නිකම්ම නිකම් කෙනෙක් විතරයි මගේ තාත්තා. මට ඕනේ උනා එතනින් ඉස්සරහට යන්න. ඒ ගමන යන්නේ මෙන්න මෙහෙමයි කියලා අදහසක් හරියටම තිබුණේ නැහැ . ඒත් පුංචි සන්දියේ උන සිත් රිදවීම හරහා සියුම් තරහක් , වාඩු ගැනීමේ උවමනාවක් ටික ටික හිත යට පැළපදියම් උනා.









             කාලයත් එක්ක මට පුළුවන් උනා

යම් තරමක ප්‍රභල නියෝජනයක් ඇති කරගන්න. මට මිනිස්සු දහස් කීපයක් ( 1000 x X) උන්නා ඕනෙම වෙලාවක මා වෙනුවෙන් පාරට බහින්න බලන්. හයිය පෙන්නන්න ඕනේ වෙන බොහෝ වෙලාවට මම මගේ හයිය පෙන්නුවා.


එවැනි දේකින් වාසි දෙකක් වෙන බව තේරුණා.

i. සාමාන්‍ය මිනිස්සු අතර " මම "  විශාල දේශපාලන චරිතයක් බව තහවුරු වීම


ii. දේශපාලන ලෝකය තුළ " මම "  විශාල ජන බලයක් ඇති කෙනෙක් බව තහවුරු වීම.



           නිතරම මම මේ ගොඩ නැගෙන බලයන් ගැන විමසිල්ලෙන් හිටියා. හැකි සෑම විටම ඒ බලයන් වැඩි වෙන තැනට කටයුතු කරා. මේ සියල්ල කරන්න උනේ පොඩි කාලේ ඉඳන් අවඥාවෙන් අපි දිහා බලපු දෝණි ඇන්ඳලාගේ කෙනෙහිලිකම් මැද්දෙමයි. පොඩි කාලේ ඉඳන් ඔලුව බේරන් ඉන්න හුරු වෙලා තිබුණ නිසා මම නිහඬ පුද්ගලයෙක් උනා. නිහඩව මම මගේ බලය ගොඩනගා ගත්තා. අවශ්‍ය වුනු ගමන් පුපුරන්න බලන්න ඉන්න බෝම්බයක් වගේ තව තව බලය ගොඩ නැගුවා. හරි අරමුණක් නොතිබ්බත් දිගටම මම මගේ ක්‍රමේට වැඩ කරා. මට තේරුණා මම සාර්ථකයි කියන දේ.


            මේ විදිහට කාලයක් ගත වෙද්දී ඒ කිව්වේ මට වයස 40 විතර වෙද්දී ලංකාවේ දේශපාලනය තුළ හොඳම හොඳ ස්ථාවරයක් හදාගන්න සමත් උනා. මම දැනගත්තා මොනවා උනත් නැතත්, මොන පක්ෂෙන් ඉල්ලුවත් , ඕනෙම වෙලාවක පාර්ලිමේන්තු මැතිවරණයකට ඉදිරිපත් වෙන්න පුළුවන් බවත් , අනිවාර්යෙන් දිනන බවත්.


ඒකම හිතට සැහැල්ලුවක් , සහනයක්. අනාගතය සුරක්ෂිතයි කියන හැගීම හරි වටිනවා මිනිහෙකුට.විශේෂෙන්ම දේශපාලනයේ නිරත වෙන කෙනෙකුට.



=== ඔන්න මම නැවත කාලය ස්කිප් කරනවා ලිපිය දිග වෙන එක වළක්වා ගන්න ඕනේ නිසා ===
=== මේ කාලය පුරාවට රටේ වෙච්චි පොදු දේවල් මෙතන ඉන්න සියලු දෙනාම දන්නවනේ ===



             මේ අතරතුර මහා විනාසයක පෙර නිමිති පාමින් දේශපාලන සුළියක් ආවා. කොහෙන් මොන පැත්තට සුළිය ඒවිද කියන දේ හිතන්න බැරි තරම් කාලයක් ඒක. සුළිය කරකැවුනොත් හොඳ වගේම නරක ප්‍රතිඵලත් ලැබෙන සුළියක්. සුප්‍රකට කතාවක් වෙන " ජයග්‍රහණයකට පියවරුන් දහසකි , පරාජය අවජාතකය " පිරුළ මතක් කරන දේශපාලන සුළියක් ඒක. ( නව පාලකයෙක් තෝරා ගැනීමේ දේශපාලන සුළිය )



දේශපාලනය තුළ හිටපු පථාකයින්ගේ නිරුවත සහ දේශපාලන බෙලහීනත්වය මම දැක්කා ඒ සුළිය තුළදී. කිසිවෙක් ඉදිරිපත් උනේ නැහැ සුළියට පය තියන්න.


          අන්න එදා මට විශේෂ දෙයක් තේරුම් ගියා උනා. ඒ තමයි පුංචි කාලේ ඉඳන් අපිට උසුළු විසුළු කල පුංචි දෝණි මොන තරම් හයියක් තිබුණ ගැහැණියක්ද කියන දේ. දාහක් පිරිමි අවජාතක විදිහට පල්ලම් බහිද්දී මේ කෙල්ල මොන තරම් ධෛර්යක් ඇතුවද මේතාක් ගමන ගියේ කියන දේ වැටහුණා. සෑහෙන වෙලාවක් කල්පනාවට වැටුණා. පුංචි කාලේ ඉඳන් වුණු සිදුවීම් ටික බයිස්කෝප් එහෙක පින්තූර පටි ඇදිලා යන තාලෙට ඇදිලා යන්න ගත්තා ඔලුව ඇතුළෙන්.


            එක පුංචි කොල්ලෙක්. එක පුංචි කෙල්ලෙක්. කෙල්ලගේ කෙනෙහිලිකම් වලට හිත රිදුන පුංචි කොල්ලෙක්. දෙන්නම ටික ටික ලොකු උනා. දෙන්නගෙම හිත් වල මොන තරම් දේවල් තියෙන්න ඇත්ද මේතාක් කාලය පුරාවට එකිනෙකා නොදැන. අද වෙනකොට මේ පුංචෝ දෙන්නා විශාල අභියෝගයක් මැද එකිනෙකා දිහා බලන්.


           ඒත් අද තමයි පුංචි කෙල්ලගේ හිතේ හයිය , දේශපාලන හයිය , පිරිමියෙක් වගේ තිබුණ ජවය හොඳටම තේරුම් ගියේ. මේතාක් කාලය පුරාවට තේරුම් නොගිය ගොඩක් දේ තේරුම් ගියා.



" හොඳයි මම ලෑස්තියි මේ දේශපාලන සුළියට බිලි වෙන්න. එක්කෝ මම දිනයි. නැත්නම් මම සියළු දේත්  නැති කරගෙන විනාශ වේවි "



           මම තීරණයක් ගත්තා. මගේ ගමන ඇරඹුවා දේශපාලන සුළිය දිහාට. බොහෝ දෙනෙක් මා සමග හිටියා. සමහරු අවංකව සමහරු වංකව. දේශපාලනය තුළදී මේ සියල්ල අත්විඳින්න වෙනවා. ඒකට මම එදා ඉඳන් හුරු කෙනෙක්.


                අති විශාල සිදුවීම් රැසකින් පස්සේ මම ජයගත්තා. ජයක්ද සාපයක්ද කියන්න මට තේරුමක් තිබුණේ නැහැ. කෙසේ නමුත් සුළිය කරකැවිලා මගේ දෙපා මුලට ඇවිත් තිබුණා. එදා ඉඳන් මේ දේශපාලන සාපය ගැන වැටහීමක් තිබුණු නිසා අමුත්තක් දැනුනෙත් නැහැ එච්චරම. කොහොම නමුත් සුළිය මගේ දෙපා මුලින් කරකැවෙන්න ආරම්භ වෙලා කියන දේ දැනුණා, හරියට ජුමාන්ජි ෆිල්ම් එකේ වගේ.


              මට මගේම කියලා පිරිසක් ඕනේ කරේ මේ වෙලාවේදී. ඒකට ඉන්නේ මගේම ලෙයින් මට හැදුන මගේ සහෝදරයෝ ටික විතරයි බලකණු වගේ. ලිං ගැට්ට කොහොම හරි මම ජයගත්තා තනිවම.ඒත් එතනින් එහාට යන්න මට මගේම ලේ ඇති අය ඕනේ. වෙන වෙන අයගේ කරපිටින් ගිහින් කවමදාවත් බැහැ කියන දේ ජීවිතේ පුරාවට ඉගෙනගෙන තිබුණ දෙයක්.





                   මගේ බාල සහ වැඩිමහල් සහෝදරන්ගේ සහය තුලින් මේ ගමන යන්න මම තීරණය කරා. මේ රටේ ඉතිහාසය පුරාවට හරි ගමනක් යන්න බැරි උනේ කිසිම ලේ සම්බන්ධයක් නැති පිරිස් තනතුරු වලට පත් කරගැනීම නිසා කියන දේ මම බොහොම කාලයකට කලින් තේරුම්ගත්ත දෙයක්. රටේ ආරක්ෂාව , ආර්ථිකය , සියුම් තැන් වල පාලනය මගේම ලේ වලට ලැබුණේ ඒ නිසයි. එහෙම නොකරන්න ඒ තැන් වලටත්  පැනලා පරණ පුරුදු චීත්ත රාජකාරි කරන්න පිරිසක් ලකලැහැස්ති වෙලා උන්නු බව මේ ලිපිය කියවන හැමෝම සහතික කරයි මටත් වඩා. ( මැන්ගී වගේ අය )



            මෙන්න මේ අතරතුර හීනෙකින් වත් නොහිතපු විනාශයකට මුහුණ දෙන්න උනා. ඒ තමයි සුනාමිය. මොන මගුලකින් කඩන් පාත් වුණු හෙණයක්ද ඒක කියන දේ හිතාගන්න මට දවස් ගාණක් ගියා.


                   දන්න කියන විදිහට දෙයක් කරනවා මිසක් මේකට කොහොම මොනවා කරන්නද කියන දේ කල්පනා වුණේ නැහැ. බැලු බැලු අත මිනිස්සු මැරිලා. බල්ලෝ කුකුළෝ වගේ අහිංසකයෝ අනාථ වෙලා ===== මෙතනින් එහාට දේවල් නොකියන්නේ අමිහිරි අද්දැකීම ඇති අයගේ හිත් පරවන්න ඕනේ නැති නිසා =====



               දින කීපයක් ගෙවුණා. විදේශ වලින් බොහොම ආධාර ලැබුණා. දින සති යද්දී ලැබෙන මුදල් ප්‍රමාණය අති විශාල බව තේරුණා. ඩොලර් බිලියන ගණනක් ලැබෙන්න ගත්තා එක දිගට. ඒ අතර විශාල වශයෙන් සංවර්ධන සැලසුම් ගලාගෙන එන්න ගත්තා. මුදල් සහ සංවර්ධන සැලසුම්. මින් පෙර කිසිම දාක දැක නොතිබුන අලුත් ලෝකයක් විවර වෙන්න ගත්තා සති කීපයක් තුළ. අපේ දෑස් අන්ධ උනා මුදල් එක්ක.

              රුපියල් වලින් ගත්තොත් රුපියල් ලක්ෂ කෝටි සිය ගණනක් ( රුපියල් ලක්ෂය X කෝටිය ). මේ සියලු මුදල් වල එකම භාරකාරයා විදිහට කටයුතු කරන්න වුණේ මට. මට මේක තනිව කරන්න බැහැ. ඒ නිසා මම මගේ සහෝදරන්ගේ සහය එක්ක මේ සියල්ල ගැන සාකච්චා කරා. පාලම් , ගොඩනැගිලි , නිවාස , නව මාර්ග , දුම්රිය මාර්ග , වෘත්තීය පුහුණු ආයතන , නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘති ගැන පැටවුණු බර එන්න එන්න වැඩියි සහ ගත වෙන සතියක් පාසා ඩොලර් බිලියන ගණනින් මුදල් ලැබීමට නියමිත බව දැනුම් දෙනු ලැබුණා.



" ඇයි අපි අපිට යමක් නොකරන්නේ අයියේ ? බලන්න මේ ලැබෙන මුදල් ප්‍රමාණය . සීයට 1ක් ( 1% ) කියන්නෙම බිලියන කීයක්ද ? මොන තරම් දේපලක් ගොඩනගන්න පුලුවන්ද මේ විදිහට ? ඒ වගේම මින් ඉදිරියටත් ලැබෙන ආයෝජන අවස්ථා එක්ක මොන තරම් මුදල් ප්‍රමාණයක් ගන්න පුලුවන්ද ? ඇයි අයියේ මේක තේරුම්නොගන්නේ ? " මෙන්න මෙහෙම ඇහුවේ මගේම ලෙයින් හැදුන කෙනෙක් .


            "එයා කියන දේත් ඇත්ත. අපේ තාත්තලා දේශපාලනය කරා කියලා අපිට මොනවද ලැබුණේ ? නිකම්ම නිකම් එක එක්කෙනාගේ හිම්පිඩි අත ගාන්න නේද උනේ? අපේ දරුවන්ටත් වෙන්නේ මේකද ? අනිත් දේ ප්‍රකෝටි ගණනින් මුදල් ලැබෙන තැනකින් මේ විදිහට දෙයක් ලබා ගත්තා කියලා ඇති වරදකුත් නැහැ නේද ? මේ රටේ මෑත ඉතිහාසය පුරාවට මොන තරම් සල්ලි දේශපාලකයෝ වංචා කරාද ? එහෙම බලද්දී අපි මේ ගන්නේ අපිට පිටින් ලැබෙන දේවල් මිසක් අපේම මිනිස්සුන්ගේ දාඩිය මහන්සිය නෙවේ. " ඔන්න ඔහොමයි මම හිත හදාගත්තේ.


            එකතු වේලා අලුත් සැලසුම් හැදුවා . සියලු මුදල් අපිට ඕනේ විදිහේ යාන්ත්‍රණයක් ඇතුව රටට එන විදිහට ක්‍රමයක් හැදුවා. අපේ මේ අලුත් ක්‍රමය නිසා බොහෝ දෙනා නැවත හැරිලා යෑමත් උනා. එවැනි දේවල් නම් සිදු උනේ රාජ්‍ය නිළධාරීන් හා වැඩ කරන්න නොදන්නා විදේශ නිළධාරීන්ගේ අණුවනකම් නිසා. ඒවට කරන්න දෙයක් නැහැ සහ ඒව පස්සේ දුවන්න කාලයකුත් නැහැ.


=== ඔන්න ඔහොමයි ඒ දේ සිද්ධ උනේ ======= තව තියෙනවා .ඒත් කොහොම කියලා ඉවර කරන්නද ====



===මේ අතර රටේ සිවිල් යුද්ධය ඇවිලෙන්න ගත්තා. ඒකටත් මුහුණ දෙනවා ඇර වෙනත් දෙයක් තිබුණේ නැහැ. ඒ විස්තරත් මග හරිමු වෙන වෙලාවක කතා කරන්න ඉඩක් ලැබේවි කියලා හිතලා.====



              කොහොමින් කොහොම හරි මේ සියලු දේ සිද්ධ වුණු විදිහට දැන් මේ සියල්ල එකිනෙකට බැඳිලා ඉවරයි. මේ ගොඩ නැගුන බලය මම රැක ගන්න ඕනේ. නැත්නම් අනිවාර්යෙන් මාව පාරට වැටෙනවා.මහ පුටුවෙන් විසික් වෙලා නිකම්ම නිකම් මන්ත්‍රී කෙනෙක් වුනු කෙනෙක්ට මොනවද නැවත ලැබෙන්නේ ? මේ මුළු කාලය පුරා මට ගොඩ නැගුණ සතුරන්ට මුහුණ දෙන්නේ කොහොමද මම ? එක් රැස් කරපු ධනය , බලය රැකගන්න , ජීවිතය රැක ගන්න , සමාජ මට්ටම රැකගන්න ඕනේ නේද මම . කිසිවක් නැති මිනිහෙකුට මේ වගේ රටක ආත්මයක් තියේවිද ?

               හිතන්න මුළු ලෝකෙම පිළිගත්ත කෙනෙක් වෙලා හිටපු , මුළු රටක් මගේ එක අණට දණගහපු යුගයක් , ලෝකෙම නායකයෝ එක්ක එකට කෑම කාපු කෙනෙක් මම .එහෙව් මම අවුරුදු 12 අවසානයේ නිකම්ම නිකම් මන්ත්‍රී කෙනෙක් වෙලා ඉන්නේ කොහොමද ? මගේ ජීවිතේ බේරේවිද ? මට යහතින් ඉන්න ඉඩ තියාවිද මේ එකට කාලා ඉන්න මිනිස්සු ටිකම ?


               අන්තිමට අර පුංචි කෙල්ලට වගේ ඔහේ පැත්තකට වෙලා ඉන්න පුළුවන් වේවිද මම කරපු දේවල් එක්ක මේ රටේ? එකක් මතක තියාගන්න මම රටට දෙයක් කරා. ඒ නිසාමයි මම අද මේ තරම් හිර වීමකට ලක් වෙලා ඉන්නේ. මම ගොඩනගපු පාලන ක්‍රමය එක්ක එවැනි බලයක් වෙනත් කෙනෙකුට ගියොත් වෙන්න පුළුවන් කුණාටුව මම හොඳින්ම දන්නවා. දාහක් දෙනා ඉන්නවා මගේ මස් කීතු කීතු කරලා කන්න බලන් ඉන්න. ඒ නිසා කිසිම විටක මට මේ කටු ඔටුන්න ගලවලා නැවත බිමට බහින්න බැහැ. හිත මහා බරකින් වෙළිලා.


                  එදා මම කැමැත්තෙන් බාරගනිපු සුළිය මම ජය අරන්ද , සාපයක් වෙලාද කියන දේ මට අද වෙනකොට හිතාගන්න බැහැ. දැන් කල හැකි එකම දෙය නම් මේ විදිහටම දිගින් දිගටම ඉස්සරහට යන එක විතරයි. එහෙම යන්න යන්න තව තවත් අගාධයටම යැවෙන බවත් දන්නවා හොඳාකාරවම. ඒත් අඩුම තරමේ මගේ දරුවන්ගෙවත් තරුණ කාලේ රැක ගන්න ඕනේ නේද මම ?


             අද වෙනකොට හිතෙනවා මම මුළු පවුලම විනාශ කරාද කියලා.
පුංචි දෝණිගේ උසුළු විසුළු වලට බිම බලන් උන්නු එදා හිටපු පොඩි කොල්ලා විදිහටම හිටියා නම් එකක් කියලා මට දැන් හිතෙනවා ..!



ප.ලි. මම ඉතාම සංයමයෙන් මේ ලිපිය ලිව්වේ. ඒ නිසා මේක බලන අයත් ඉතාම සංයමයෙන් අදහස් දක්වයි කියලා හිතෙනවා. ඒ වගේම සෑහෙන්න පීඩනයකින් ඉන්න මගේ හිත වැටෙන දේවල් කියලා අපහසුතාවයට පත් කරන්න එපා කියලත් කාරුණිකව ඉල්ලනවා. මේ වෙච්ච දේවල් නැවත ආපස්සට ගන්න බැහැනේ අපි මෙතන මරා ගත්තා කියලා.








නියම පලිය = මම ආසයි එදා ඉඳන් දේශපාලනයට. ඒත් ඉතින් මට දැන් බැහැ මාස ගණන් ඇදෙන දේවල් කරන්න. ඒ නිසා ඔක්කෝම දේවල් නවත්තලා පුංචියට එකම කතාවක් ලිව්වා. පහු ගිය ටිකේ මට සිද්ධ වුනු දේවල් ගැන මම ඊළඟට පෝස්ට් එක දාන්නම්. ඒ ලිපියේදී අපි ඒ ගැන කතා කරමු. මේ ලිපිය බොහෝ විට ටික කාලයකින් අන්ත්‍රස්දහන් වෙන්න පුළුවන් නෙව .. කමෙන්ට් කරන්න පරක්කු උන ලිපියට කමෙන්ට් කරේ අද උදේ. ඒකට මෙතනින් යන්න..




සංයමයෙන් අදහස් පල කරන්න . බලන්න මම කොච්චර සංයමයෙන්ද කතා කරේ කියලා මෙච්චර දෙයක් වේලා තියෙද්දිත්?

85 comments:

  1. කොහේද බං ගිහින් හිටියෙ, අසනීපයි කිව්වෙ, දැන් සුපුරුදු සුවෙන්ද.

    කියවන්න ගත්ත ගමන් බැලුවා මේ මොකක්ද මේ කියල, ටිකක් දුර ආවම තමයි තේරුනේ වැඩේ මොකක්ද කියල. මේක මුල ඉඳන්ම මෙහෙම වෙන්න පුළුවන්ද, දශක හතරක ඉවසීමක්, මම නම් හිතන්නෙ නෑ බං. ඒ අදහස එන්න ඇත්තෙ පහුවෙලා. එකාතකට ඒක කනාවක් කියන්නත් පුළුවන්. මොකද ඔය සුළු වපසරියෙන් පිට තවත් හුඟක් දේවල් සිද්ධ උනා. තනි පුද්ගලයෙක්ට හෝ ඔහු විසින් මවපු බලවේගයකට කළමනාකරණය කරගන්න බැරි තරම් වූ බාහිර සාධක වාසනාවටමද මන්ද ඒ පැත්තට බර උනා.

    මේ මට හිතෙන හැටි. මට තේරෙන හැටි වැරදි වෙන්නත් පුළුවන්. මට තේරෙන්නෙ නැත්තෙ ඇයි මෙහෙම එකක් ලිව්වෙ කියල.

    ReplyDelete
    Replies
    1. මට වෙච්චි දේ ගැන මම ඊළඟ පෝස්ට් එකෙන් හැම දේම කියන්නම් DDT. මොනවා උනත් උඹලා ටික මෙහෙම ඉන්න එක මට ලොකු හයියක් . කොච්චර කෙළින් කටින් ඉන්න බැරුව උන්නත් බ්ලොග් එකට එන්නේ උඹලා ටික බලන්න. දැන් ඉතින් මෙච්චරයි ඉතුරු මට. මම මේ ගැන ඊළඟ පෝස්ට් එක ලියන්නම්..එතෙක් මට දෙන්න ටික කාලයක් තව. මා ගැන අහපු හැමෝටම මම වෙන වෙනම කතා කරන්නම් ...

      මේ ටික ලිව්වේ DDT ඇතුළු හැමෝම වෙනුවෙන්..

      _________________________________________________________

      \\\එකාතකට ඒක කණාවක් කියන්නත් පුළුවන්. \\\

      මටත් හැමදාම හිතෙන්නේ මෙන්න මේ දේ විතරයි බන්. ඒ මනුස්සයාගේ වාසනාව. වෙන මොනවත් නෙවේ බන්..

      \\\මේ මට හිතෙන හැටි. මට තේරෙන හැටි වැරදි වෙන්නත් පුළුවන්.\\\

      නැහැ නැහැ බන් උඹ හරි. මේ සියල්ල එකට කැටි වුණු දෙයක් මිසක් තනි තනි ගේම් වල ප්‍රතිඵලයක් නෙවේ. තනිකර කණා ෂොට් එකක් වෙන්න ඕනේ. පුදුම ග්‍රහ බලයක් .. ( වෙන මොනවා කියන්නද )

      \\\මට තේරෙන්නෙ නැත්තෙ ඇයි මෙහෙම එකක් ලිව්වෙ කියල.\\\\

      මගේ draft වල ගොඩක් කතා තියෙනවා DDT. පස්සේ මට තේරුණා දැන් ඉන්න තත්වේ එක්ක ඒවා පටන් ගත්තට ඉවර කරන්න වෙන්නේ නැහැ කියලා. ඒ නිසා එකම එපිසෝඩ් ඇති කතාවක් විදිහට ලිව්වා. ( පිටු ගණන් ලියලා තිබුණ ඒවා මකලා දැම්මා )

      ඇරත් ඇයි අපිට බැරි ඒ මනුස්සයා දිහා සානුකම්පිතව බලන්න..? ඇයි සේරම උන් ටික ඒ මනුස්සයව කන්න බලන් ඉන්නේ ? ඇයි අපිට බැරි එයාව තේරුම්ගන්න :p



      Delete
    2. සිදුවීම් පෙළ ගැසුන විදියට සියල්ල අවසානයේ ඔහුගේ වාසියට පෙරළුනා.හැබැයි ඔහු පුදුමාකාර ඉවසීමක් සහිත කෙනෙක්.ඔය බලාපොරොත්තුව මුල ඉදලම තිබුන කියල නම් මටත් හිතෙන්නෙ නෑ.මේ වගෙ කෙනෙක් කාලයක පටන් ජාතියේ අවශ්‍යතාවය වෙලා තිබුනා.කිසියම් ගුප්ත විදිඅයට සියල්ල ඔහුගෙ වාසියට පෙරළුන බව අපට පෙනුනත් ඇත්තටම වුනේ විය යුතුව තිබුන දේයි.ඒ වගේම මේ වාසනාව මෙතනින් නතර වෙන්නෙ නෑ.මටහිතෙනව අඩුම තරමින් තව අවුරුදු දහයක් පහලොවක් වත් වාසනාව ඔහු වටේ කැරකෙනවාමයි

      Delete
    3. සැමට මිතුරු එක්ක 100% එකඟයි ..වෙන කියන්න කිසිම දෙයක් ඉතුරු නැහැ. ( මෙයා තව අවුරුදු 6 කට වඩා නම් ඉන්නවා ඉන්නවාමයි.. )

      Delete
    4. \\\\\\මේ සියල්ල එකට කැටි වුණු දෙයක් මිසක් තනි තනි ගේම් වල ප්‍රතිඵලයක් නෙවේ. \\\

      මෙන්න මේ කොටස ඉල්ලා අස් කරගන්නවා. එකිනෙකට පරස්පරයි වගේ නේද ටිකක් ?

      Delete
  2. පුනරාගමනයට තුති,

    එක දෙයක් හිතාගන මගක් දුරට කියවනකොට වෙන දෙයක්නේ , සාර්ථක බ්ලොග් ලිපියක් කියලා හිතෙනවා ,පරිස්සමීං ලිවිම කියන එක කාට හරි තේරුම් කරන්න හොදම හොද උදාහරණයක් මේ ලිපිය

    ReplyDelete
    Replies
    1. අටමෝ මම ඊළඟ පෝස්ට් එකෙන් උඹල එක්ක අනික් ගැටලුව ගැන කතා කරනවා. දැන් ඉතින් මේවා අපේම තැන් වෙලා ඉවරයිනේ.

      ___________________________________________________


      ස්තූතියි අටමෝ ඇගයීම ගැන. මේක මහ දිගට ලියන්න බැරි නිසා බොහොම කෙටියෙන් ලිව්වේ ගොඩක් දේවල් මග හැරලා. ඒත් කොටස් 3 කින් වගේ ලියන්න තිබුණා නම් තමයි ගති.

      Delete
  3. කොටසක් ඇත්ත තව කොටසක් වාසනාව.කොහොම වෙතත් අන්තිම ටික නම් හරි.,.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම මචන්. මේක ඒ මනුස්සයාගේ වාසනාව .අපි කෑ ගැහුවට වැඩක් නැහැ. කෙටියෙන්ම ඔච්චරයි..

      Delete
  4. ආපහු ලියන්න පටන් ගැනිම ගැන සතු‍ටුයි..
    මටත් මඟක් හරියක් එද්දී තමයි තේරුනේ මේ අර අහවලා ගැන නේද කියලා..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගජින්. මා ගැන අහලා කතා කරපු ඒකටත් ගොඩක් ස්තූතියි ඔයාලට.

      ______________________________________________


      මේක තව ටිකක් අදින්න තිබුණා නම් හොඳයි කියලා හිතුණා. ඒත් ඉතින් ඉවර කරගන්න ලැබුණේ නැති උනොත් වැඩක් නැහැනේ.

      Delete
  5. පොඩ්ඩක් හිටහන්.. උඹට දෙයක් මතක් කරලා දෙන්න ඕනා.. සුනාමිය එන්නෙ උඹ ජයගන්න ඉස්සෙල්ලා නේද ? උඹ සුළියත් එක්ක හැප්පෙන්න යද්දි ඒකත් අවාසියක් වුනා නේද ? මතක නැද්ද කට්ටිය ඒ දවස්වල උඹට මඩ ගැහුවෙ "හෙල්.... ..........."කියලා.

    උඹේ එක තියරියක් හරි.. (උඹේ පැත්තෙන්) ඒ උඹ සහෝදරයන්ව ලංකර ගත්තු එක.. උඹ කියපු අර පුංචි කුමාරි විනාශ වුනෙත් එහෙම නොකරපු නිසා කියලයි මට හිතෙන්නෙ. එහෙම නෙමේද ?

    ඉතින් දැන් උඹ අපිට මොකද කරන්න යන්නෙ ? අපිට දැන් උඹව එපා වෙලා තියෙන්නෙ. ඒ වෙන මොකවත් නිසා නෙමේ මේ රජ යන අවජාතක අවනීතිය නිසා. උඹෙ හෙන්චයියලයි, උන්ගෙ පුතාලයි නටන බලු රැඟුම් නිසා. ජීවන වියදම නොදැනෙනවා නෙමේ, ඒ ඒක ඉවසන්න පුළුවන්. අරවා බෑ.. මොනවා හරි කරහන්. නැත්නම් උඹට බල්ලෙක් වගේ ගෙදර යන්න වෙන එක වලක්වන්න බෑ..

    ReplyDelete
    Replies
    1. //.. සුනාමිය එන්නෙ උඹ ජයගන්න ඉස්සෙල්ලා නේද ?//

      ඔට් බං මමත් ඕක හිතුවා, ඊට අවුරුද්දකටත් කලින්. එතකොට හිටියෙ අර පුංචි ආඩම්බරකාරි. මෙයා හිටියෙ දෙවැනි පුටුවෙ. ඒත් සල්ලි ඇවිත් කට්ටිය වැඩ කරන්න ලැහැස්ති වෙනකොට චාන්ස් එක අපේ පුංචි කතානායකට ලැබිලා. ඒ සල්ලි ගොඩ අවුරුදුගානක් රන්කරා. වැඩි විස්තර නැතිව මෙහෙම ලියන්න ඇත්තෙ ඒ නිසා වෙන්න ඕන.

      Delete
    2. DDT කියපු එක තමයි කේස් එක... මටත් ඒක මතක් උනේ ඒ දවස්වල සමහර ආධාර කන්ටේනර් ආවේ මේ කට්ටියගේ ළඟම අයගේ නම් වලටමයි..

      Delete


    3. @ සෙන්නා

      \\\පොඩ්ඩක් හිටහන්.. උඹට දෙයක් මතක් කරලා දෙන්න ඕනා......... ...... ....\\\

      මචන් උඹලා දැක්කේ තිරයෙන් ඉදිරියේ තිබුණ දේවල් ටික විතරනේ. ප්‍රධාන නළුවා තෝරාගැනීමේ සෙල්ලම් ටික සෑහෙන කාලයක් තිස්සේ උනා. ගොඩක් ජේෂ්ඨයෝ ගෑණු වගේ පස්ස ගැහුවා. කව්ද කැමති පීචන් ෆිල්ම් එහෙක ප්‍රධාන නළුවා වෙන්න .. උඹලම දැක්කනේ ෆිල්ම් එක කොච්චර පීචන් වෙලා තිබ්බද කියලා ඒ කාලේ.

      කොහොමින් හරි නව ප්‍රධාන නළුවට නොමිනේට් වෙලා ඉද්දි තමයි අනිත් දේවල් ටික උනේ..

      01. සුනාමි ප්‍රශ්නේ ( ඒකෙදි තමයි දැක්කේ රාජ්‍ය බලය ගත්තට පස්සේ කොහොම සෙල්ලන් දාන්න පුලුවන්ද කියලා . මගේ ඇස් අන්ධ උනේ ඔන්න ඔතනින් . ගුවන් පාලම් , අධි වේගී මාර්ග වලින් විතරයි ලෝක බැංකුව රවට්ටන්න පුළුවන්. අපි දැන් සංවර්ධනය කරා යමින් ඉන්නවා කියලා ලෝකෙටම පේන්නේ ඒවගෙන් සහ ගතමන්ට් එක පට්ට )

      02. බලය අතට ගත්තට පස්සේ ඉතින් ආයේ මොනවද ? කොහොම නමුත් පුදුම විදිහට බඹරේ කැරකුනා.


      03. දැන් නම් ඉතින් බිමට බැහැලා යන්න බැහැ මචන්. අනිවාර්යෙන් ආත්මයක් නැහැ කරපු දේවල් එක්ක. පොදු සමා කාලයත් පහු වෙලා ගොඩක් කල්.


      04. කොහොම උනත් මට තේරෙන්නේ නැහැ ඉස්සරහට මොනවා කරන්නද කියලා. මම පට්ට හිඟන්නෙක් වෙලා බන් ඉන්නේ.එහෙන් අරන් මෙහෙට ගෙව්වා.මෙහෙන් අරන් එහෙට ගෙව්වා. තව අවුරුදු කීපයක් ඇතුළත මේ ගොඩ නගපු සියලු දේ කඩන් වැටෙනවා.


      05. ඊට කළින් මම කරන දෙයක් කරගන්නවා. බිලියන 40 විතර එකතු කරන් ඉවරයි .ඒත් බලය නැති උන දාක ඒවා රැකගන්න විදිහක් නැහැ . නඩු පිට නඩු , දූෂණ චෝදනා ඒවිද බන් පෝලිමට ...?

      \\\ඉතින් දැන් උඹ අපිට මොකද කරන්න යන්නෙ ? \\\

      අනේ නිකන් විකාර කතා කරන්න එපා සෙන්නෝ. මම මේ මට වෙච්චි දේ ගැන හිතනවා.උඹල විකාර කියවනවා. උඹලා ඔය ඉන්න විදිහටම හිටපල්ලා. උඹලා වැටුණොත් වැටෙන්නේ පැදුරෙන් බිමට විතරනේ.

      \\\අපිට දැන් උඹව එපා වෙලා තියෙන්නෙ.\\\

      හරි හරි බන් ටිකක් තේරුම් ගන්න මාව. ඉස්සෙල්ලම මේ වෙච්ච දේවල් මුල ඉඳන් හිතන්න මට කාලයක් දෙන්න. ටික ටික විසදුම් හොයාගමු අපි. කරුණාකරලා මගේ ඔලුව කන්නේ නැතුව පොඩ්ඩක් හිටපල්ලා. කෙල්ලෙක් පැනලා ගියත් උඹලා අල්ල ගන්නේ මාවනේ මචන්. ඉතින් කොහොමද මම ඔලුව උස්සන්නේ.

      \\\\නැත්නම් උඹට බල්ලෙක් වගේ ගෙදර යන්න වෙන එක වලක්වන්න බෑ..\\\

      ඕවා ඉතින් හිතේ වේගෙට කියන කතානේ සෙන්නා. මම කිව්වනේ පොඩ්ඩක් කල් දෙන්න කියලා...




      Delete
    4. @ DDT

      මම සෙන්නට පැහැදිළි කරලා තියෙනවා සම්පූර්ණ සිද්දිය. තරහා නැතුව ඩිංගක් ඒක බලන්න මෙයා. වෙහෙසට පත් කරන්න එපා මාව.:P

      ____________________________________________

      DDT , පුංචි කථානායක ඉද්දි තමයි අපිට හොද්දේ රහ දැනුණේ ( සුවඳ විතරයි ) . අපිටම කියලා කුස්සියක් හදන් හොදි මාළු පිහාගන්න චෑන්ස් එකක් වැදීගෙන එන බව මීටර් උනේ අපේ මලයටයි මුළින්ම. මම ඉතින් දස්සයට අවස්ථාව දුන්නා. පොර ඉව්වා ඉවිල්ලක් හොදි ඕන්නෑ... :D


      @ හිරු


      හරි හරි ඉතින් එකම නමට ඔක්කෝම ගේන්න බැහැනේ ළමයෝ. ඉක්මනට රියලයිස් කරගන්න ඕනේ නිසා ළඟම අයගේ නම් වලට ගෙනාව.පස්සේ අසරණ මිනිස්සුන්ට බෙදලා දුන්නා සේරම ටික.

      යල්පැනපු රාජ්‍ය යාන්ත්‍රනය අපි වෙනස් කරා එවැනි නව ක්‍රම අත්හදා බලමින්. මම හිතන්නේ අපි සාර්ථකයි හිරු..

      Delete
    5. එපා වෙලා නම් විකල්පය මොකක්ද ඔය කියන හැම නරක වැඩේම හැම එකාම කරනවා.ඉතිහාසය පුරාම වෙලා තිබෙන්නෙ නම් ලිස්ට් එක වෙනස් වුන එක විතරයි.ඒ නිසා ඔන්න ඔහෙ මේ හාදය දිගටම හිටපුදෙන් බන්

      Delete

    6. @ සැමට මිතුරු

      බොහෝ දෙනා දරන්නේ ඔය මතය .. වෙන විසදුමක් නැති තාක් ඔහොමයි...

      Delete
  6. මුල කියවන් එද්දී මීටර් වුනේ නැහැ.
    >>මැතිනිය වගේ පිරිස <<තැන ඉදල තේරුම් ගියා ලොකු අයිය කියල.
    හොද ලිපියක්.
    මේ උත්තමයාට ලංකාවේ සහ ලෝකයේ සම හරක් නායකයන්ට සිදු වූ විපතක් නොවේවා කියා ප්‍රාර්ථනා කරන අතර,දැහැමින් රට පාලනය කල හැක්කෙකුට ඉක්මනින් පාලන බලය ලැබී අයියාට විශ්‍රාම සුවය ලැබීමට වාසනා මහිමය ලැබේවායි මගේ පර ම පැතුමයි.
    මෙහෙම පතන්නෙ කොච්චර උනත් ත්‍රස්තවාදය නිම කරපු එකට තිබෙන ගරුත්වය නිසයි.
    දැන් යන්න කාලය හරි කියන්නෙ ඒ ත්‍රස්තයට දික් කරපු බටෙන් දැන් සිංහල,දමිල,මුස්ලිම් ජනතාවගෙ ඔලු ගෙඩි කුඩු වන නිසයි.
    රජ මාලිගය ජනතාව තනල දුන්නෙ අයියලාට මල්ලිලාට ඕන විදියට ඩෙගා නටන්න නොව,රට-දැයට සහ ජනතාවට සෙත සලසා ගන්න.

    ReplyDelete
    Replies
    1. කෙන්ජි අයියා දරණ මතයම තමයි අද ලංකාවේ

      01. නාගරික පිරිසෙන් 75 % දෙනා හිතන්නේ

      02. ග්‍රාමීය පිරිසෙන් 20 % දෙනා හිතන්නේ

      03. මුළු රටෙන්ම 15 % විතර අය ඉන්නවා තමන්ගේ වාසියට ඕනෙම දෙයක් කරන


      කොහොම හරි අන්තිමට වෙන්නේ මේ මනුස්සයා දිගටම ඉන්න තැනට කටයුතු වෙන එක විතරයි අය්යේ..

      ( කෙන්ජි අය්යට බොහොම ස්තූතියි කරපු උදව් වලට )

      Delete
  7. ලාවට ලිවුවට හොඳ චරිත විග්‍රහයක් සහන්,,..

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මේ ගානට තමයි ලියන්න ඕනේ සරත් අය්යේ. ලේ කෝප වෙන්නෙත් නැහැ , සරළ අවබෝධයක් ගන්නත් ලැබෙනවා..ඒ ඇති නෙව..

      Delete
  8. වෙල්කම් සහන්....මොකද බං වුනේ උඹට...

    ඉතිරි ටිකෙන් ටිකක්..........
    මම දන්නවා මම මෙතන ඉඳන්ම මැරුනේ නැත්තං මට වෙනදේ , අයියෝ ඒ ටික හිතන්නවත් මම කැමති නෑ.

    ReplyDelete
    Replies
    1. සේරම ප්‍රශ්න වලට මම ඊළඟට උත්තර දෙන්නම් මචෝ. බොහොම ස්තූතියි හොයලා බලපු එක ගැන මචන්..

      _______________________________________________________

      කට කැඩිච්ච කතා කියන්න එපා බන් හිත කීරි ගැහිලා යන ..

      Delete
  9. නැවත දැකීම සතුටක්.
    මුල හරියෙදි මඤ්ඤං උනත් බාගයක් යනකොට වැඩේ තේරුණා. නියම ලිපියක්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ප්‍රසන්න අය්යේ.. තව දේවල් ටිකක් ඇතුල් කරන්න හිතලත් දැම්මේ නැහැ. දිග වැඩියි වගේ තේරුණා එක පෝස්ට් එහෙකට දානකොට..

      Delete
  10. නැවත දැකීම සතුටක් මල්ලි..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයිල්ෂ් අය්යේ.. පුළුවන් උන හැටියේ මේකට එන්නේ ඔයාලා ඉන්න නිසයි..නැත්නම් මේ බ්ලොග් කෙරුවාවෙන් මම ලබන දෙයක් නැහැනේ හිතේ සැනසුම මිසක්..කරන හැම දේටම ගොඩක් ස්තූතියි..

      Delete
  11. *දැන් කල හැකි එකම දෙය නම් මේ විදිහටම දිගින් දිගටම ඉස්සරහට යන එක විතරයි. එහෙම යන්න යන්න තව තවත් අගාධයටම යැවෙන බවත් දන්නවා*

    නමුත් හිමින් සැරේ හිතලා බැලුවොත් ඔය බලයෙන්ම කොයිතරම් දෙයක් කරන්න පුලුවන්ද රටේ ළමයි වෙනුවෙනුත් ,ඔහොම හියොත් නම් කොහොම වෙයිද ??????????

    ReplyDelete
    Replies
    1. \\\නමුත් හිමින් සැරේ හිතලා බැලුවොත් ඔය බලයෙන්ම කොයිතරම් දෙයක් කරන්න පුලුවන්ද රටේ ළමයි වෙනුවෙනුත් ,ඔහොම හියොත් නම් කොහොම වෙයිද ??????????\\\

      දැන් පරක්කු වැඩි මනෝජ් ආපහු හැරෙන්න. පොඩි මිනිස්සු ඉන්න විදිහටම හිටපුදෙන් තව කාලයක් යනකම්.. ඉස්සරහට කරන්න වැඩත් එපැයි ( මගේ ළමයින්ට ).

      ඔක්කොටම කලියෙන් මේ හදන අධිවේගී මාර්ග ටිකයි , නගර අලංකරණ ටිකයි ඉවර කරන් ඉන්න ඕනේ. ජාත්‍යන්තරයෙන් බේරෙන්න නම් ඒ වගේ ව්‍යාපෘති වලින් රට පුරවන්න ඕනේ මනෝජ්. ඊට පස්සේ ඕනේ තැනක කියන්න පුළුවන් " අපි අරවා හැදුවා , මේවා හැදුවා " කියලා.

      පොඩි පොඩි ලපයි සිපයි වැඩ කරලා ජාත්‍යන්තර ගොඩගන්න බැහැ මනෝජ්. ( ගම් වල ඉන්න හිඟන හැත්තට හෙණ ගැහුණත් අපේ මොකද බන් ? කාලකන්ණින්ව ගොඩගන්න බැහැ ... )

      Delete
  12. මාත් මේ කල්පනා කලේ කොහෙද අතුරුදහන් වෙලා හිටියේ කියලා
    නැවත දැකීම සතුටක්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කියාස් හොයලා බැලීම ගැන.ඉතින් ඔයාලට කොහොමද . හොඳින් ඉන්නවද ඔයාලා ..මම නම් මේ ටිකේ ටිකක් අසනීපෙන් ඉන්නේ.වැඩිපුර බ්ලොග් බලන්න එන්න උනේ නැහැ. ඉන්නකෝ පුළුවන් උන හැටියේ ඔයාලගේ පැත්තේ ඇවිත් යන්න එන්නම් මම.. දිගටම එන්න කියාස්..ඒක සතුටක් මට..

      Delete
  13. හප්පෙ.. දෙපාරක් කියෙව්වමයි මොකද්ද මේ කියන්නෙ කියලතේරුනේ.. මූ දේශකයට හපන් මංඤ්ඤං දේශන දෙන්න...

    ReplyDelete
    Replies
    1. කාලෙකින්නේ හිරු ආවේ. මෙහෙට ආවම තමයි සෙටල් ඩවුන් වෙන්නේ. ඉන්නකෝ ටික කාලයක් සන්සුන් වෙනකම්..

      Delete
  14. සහන්ව ආපසු බ්ලොග් ලෝකයේ දැකීම සතුටක් :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි චම්ස් ඔයාට.. මම දැනට පෝස්ට් කීපයක් draft වල බාගෙට ලියලා තියෙනවා.ඒ ටික ඉවර කරලා schedule දාලා තියෙනවා. මම හිටියත් නැතත් ඒවා ඇවිත් බලන්න..දිගටම එන්න චම්ස් ..

      Delete
  15. මේ තමා සහන්. සහන් කියන්නේ කවුද කියල ඇහුවොත් පෙන්වන්න තියෙන්නේ මෙන්න මේ ශෛලිය. වෙල්කම් බැක්!

    ප/ලි: මට එකපාරට සමනළ විප්ලවය මතක් වුණා.

    ප/ප/ලි: සමහර නොගැළපෙන තැන් ටිකක් තියෙනවා අහක් කරන්න හැකිනම් තවත් සුපිරි.

    ReplyDelete
    Replies



    1. (45) සමාන්තර විශ්වයෙන් එළියට! || Out of the parallel universe!

      අන්තර්ජාලයෙන් සම්පූර්ණයෙන් පළා ගොස් මගේ වැඩක් බලාගන්ට ඇති නම් කෙතරම් සහනයක්දැයි මේ දිනයන්හි මට නොයෙක් වර කල්පනා වේ. ඒ තරමටම අන්තර්ජාලය – බ්ලොග්, ඊ-මේල්, ෆේස්බුක් සියල්ල – වර්ගවාදී වෛරයෙන් පිරී ඇත්තේය. මානවයන් අතර භේද නැති කරන්ට ඉවහල් වනු ඇතැයි අප කලෙක විශ්වාස කළ අන්තර්ජාලයම ඒ භේද වපුරන තෝතැන්නක් බවට පත්ව තියේ. මම ඒ කුණු ගොඩෙහි රැඳී සිටින්ට අකැමැත්තෙමි. නිදහස් මතධරයන් ස්ටාලින්ගේ සෝවියට් දේශයෙන් හිට්ලර්ගේ ජර්මනියෙන් නික්ම ගියාක් සේම අපටද අන්තර්ජාලයෙන් සමු ගන්ට කාලයද මේ?

      එහෙත් පළා යන්ට මත්තෙන් මගේ පාඨකයින්ට වූ පොරොන්දුව ඉටු කළ යුතුව ඇත. මවිසින් කළ සුළු සංස්කරණ කිහිපයකින් යුතුව, මේ කතාංගය පළ වන්නේ එනිසාය. (එය විකල්ප අවසානයක්ද නොදනිමි. මෙහි රචකයා, කතාවේ ලේඛකයාද සමඟ කතාවෙන් එළියට පනියි!)

      විශේෂ උපදේශයක් නොදුන් නිසා නොනමින් පළ කරමි. රචකයාට අවශ්‍ය නම් තම අනන්‍යතාව කමන්ට් එකකින් හෙළි කළ හැකිය. (ඔහු මෑතකදී බ්ලොග් එකක් පටන් ගත් බ්ලොග්කරුවෙකි.)

      - ලේඛක
      ________________________________________________

      කාලය: සුදුසුම කාලයයි, සමාන්තර විශ්වයේ නොවේ.
      ස්ථානය: පර්ත්, ඕස්ට්‍රේලියාව


      සමාන්තර විශ්වයෙන් එළියට! || Out of the parallel universe!

      Delete
    2. ස්තූතියි තහනමා .. පහු ගිය ටිකේ එන්න උනේ නැහැ මට. මේ ආවේ සති 5 කින් විතර .. දවසක් කල්පනා කර කර ඉද්දි තමයි මේ පෝස්ට් එක ගැන අදහස ආවේ මට.. සමනළවිප්ලවය කියන්නේ එතෙක් මෙතෙක් තිබුණ හොඳම බ්ලොග් එකක් .. එවැනි බ්ලොග් නැවතීම ලොකු පාඩුවක් අපිට.

      @ ඇනෝ

      ස්තූති ලින්ක් එක බෙදාගත්තට.. ඉන්නකෝ මම බලන්න ගිහින්..

      Delete
  16. හදිසියට මුලින් කොටාපු කමෙන්ට් එකට මක්කද උනා බං. කොහොමත් ගමේ එකාට කෙලින්නෙම ගමේ එකා තමා බං. උඹ ගමේ කිය කිය..ආලවන්තකම් පෑ වට අපිට තේරෙනව ඒ මක්ක ද කියල.

    උඹේ ගම් පලාතෙමවෙච්චි මගේ නෑ යන්ට සුනාමියෙන් විනාසවෙලාඉන්නකොට උඹ පැත්තපලාතේඅවෙ නෑ කියලයි උන් කියන්නෙ. නිල්වලාගං තොටින් එහා උඹලටම සින්නෙට ගිය නිසා..එහේ උන් වගේ වගක් නැතිව..උඹට බේබිලට වහ වැටිල හිටියට..මෙහේ නන් එහෙම නෑ කියල උඹ නොදන්නවා නොවේනෙ.

    මම නම් මේකෙමේට ආසයි බං..මම කිව්වෙ ලියවිල්ලට.මුල් ටිකේදිම හිතුන මක්කෙයි කියල..!

    ReplyDelete
    Replies
    1. \\\හදිසියට මුලින් කොටාපු කමෙන්ට් එකට මක්කද උනා බං. \\\

      අනේ අපරාදේ වීයෝ. ( හොඳ වෙලාවට ඒක මැකුණේ. අනිවා සැරට තියෙන්න ඇති ඒ කමෙන්ට් එක )


      \\\උඹේ ගම් පලාතෙමවෙච්චි මගේ නෑ යන්ට සුනාමියෙන් විනාසවෙලාඉන්නකොට උඹ පැත්තපලාතේඅවෙ නෑ කියලයි උන් කියන්නෙ. නිල්වලාගං තොටින් එහා උඹලටම සින්නෙට ගිය නිසා..එහේ උන් වගේ වගක් නැතිව..උඹට බේබිලට වහ වැටිල හිටියට..මෙහේ නන් එහෙම නෑ කියල උඹ නොදන්නවා නොවේනෙ.කොහොමත් ගමේ එකාට කෙලින්නෙම ගමේ එකා තමා බං. උඹ ගමේ කිය කිය..ආලවන්තකම් පෑ වට අපිට තේරෙනව ඒ මක්ක ද කියල.\\\

      මේ මොනවද වීයෝ මේ කියවන්නේ ? මන් හිතන්නේ මා ගැන සෑහෙන්න වැරදියට හිතන් ඉන්නේ උඹලා. පොඩ්ඩක් හිතපන් වීයෝ මම මුළු රටක් ගැනම හිතන්න ඕනේ. එහෙම වෙලත් මම උඹලට බැලුවේ නැද්ද ? අවංකව හිතපන්. කොච්චර දේවල් තිබ්බත් මම වාරයක් දුන්නේ නැද්ද ? එයාර් පොර්ට් එකක් දුන්නේ නැද්ද ?

      අනිත් මිනිස්සුන්ගෙන් බැනුම් අහගෙන මම උඹලට කරා. දැන් උඹලම මට මෙහෙම කතා කරනවා. දැන් බැලුවම මම රටට කරලත් නැහැ , උඹලට කරලත් නැහැනේ. හරි කතාවක්නේ උඹ කියන්නේ මේ. ඔතොකොට මම කාටද කරේ මෙච්චර කල් ? හරිම වැරදි මචන් උඹලා හිතන් ඉන්න විදිහ නම්. අවංකවම කලකිරිලා ඉන්නේ ..

      \\\මම නම් මේකෙමේට ආසයි බං..මම කිව්වෙ ලියවිල්ලට.මුල් ටිකේදිම හිතුන මක්කෙයි කියල..!\\\

      ආයේ මොකැටයි බන් තෙපර බාන්නේ.කාලයක් තිස්සේ වද දුන්නු දෙයක් මේක.දැන් නම් ටිකක් සැහැල්ලුවක් දැනෙනවා.ඒත් උඹලා නිකන් ඔලොක්කුවට වගේ කතා කියද්දී නම් හිතට මක්කද වෙනවා වීයෝ..

      Delete
  17. තව නම් ආගාධයට වැටෙන්න දෙයක් නැහැ.දැන්වත් මුරන්ඩු නොවී බුද්ධිමත් මිනිස්සු ටිකක් ලංකරගන්න.සුභ අනාගතයක්!!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. කරන්න බැරි දේවල් කියන්න එපා අරූ.. බක පණ්ඩිතයෝ දාගෙන වැඩ කරන්න බැහැ. ජී එල් , චොක්සි වගේ මිනිස්සු දාගෙන කරපු විගඩන් මම දැකලා තියෙනවනේ මෙයා. ඒ නිසා උගත්තු අනවශ්‍යයි.


      ස්තූතියි සුබ පැතීමට ...!

      Delete
    2. ඇත්තටම ආඩම්බර තාත්තේ මම කියන්න හැදුවේ උගත්තු ගැන නෙමේ බුද්ධිමත්තු ගැන.අනේ රජතුමෝ අර වගේ අන්දරේලා ගැන නෙමේ.මේවට උත්තර නොදුන්නත් කමක් නැහැ වෑන් එවන්නේ නැතුව.

      Delete
    3. ඇත්තටම අරූ ජී එල් , චොක්සි වගේ අය ඉන්න ඕනේ. ඉහළම පෙලේ ආර්ථික සැළසුම් සඳහා නියම සුදුස්සෝ ඒ අය. එවැනි අයගේ සහය නොගෙන දෙයක් කරන්න බැහැ. අයි මීන් ඩිප්ලොමටික් අයගේ දැනුම ඉතාම අවශ්‍යයි රටකට. ජාතික ලස්යිස්තුව තියෙන්නෙත් එවැනි අයව පාර්ලිමේන්තුවට ගන්නනේ.

      අද වෙනකොට වෙන්නේ නිකන්ම නිකන් හිස් මිනිස්සු පාර්ලිමේන්තුවට පුරවනවා. ඉතාම කණගාටුදායකයි... ( ඔබ එවෙලේ කියපු දේ මට හොඳටම තේරුණා..ඒත් ව්‍යංගයෙන් එවෙලේ කිව්වේ.. )

      Delete
  18. ප්‍රධාන නළු තනතුරට කෙනෙක් හිටියා ඔහු හරිම කලබලකාරයෙක්.අන්තිමට කට නිසා මහ උළු ගෙදරත් ගියා.දැන් නම් ඔහුට ඒ වගෙ ඉලක්කයකට යන්න හිතන්නවත් බෑ.මම හිතන්නෙ නෑ දෙපැත්තෙම මෙයා එක්ක හැරෙන්නවත් පුළුවන් කෙනෙක් ඉන්නවා කියල.

    ReplyDelete
    Replies
    1. මේ කියන්නේ රිකිල්ලගස්කඩ කෙනා ගැනද ? මම නම් හිතන්නේ නැහැ එයා මහ පුටුවට ගැලපෙනවා කියලා. එහෙම උනා නම් රටක් නැහැ.. අන්තිම වාක්‍ය ගැන නම් මම එකඟයි අකමැත්තෙන් උනත්. දේශපාලන නායකත්වය වඳ වෙලා සැමට මිතුරු. මේ රටට වෙලා තියෙන ව්‍යයසනය ඒකයි. නායකත්වයක් නැහැ. ( පුද්ගලිකව සහන් වන මම සජිත්ට යම් තරමකට කැමති. 100% නොවේ . වෙන ඔප්ෂන් එකක් නැහැ )

      Delete
    2. අපෝ ඌ කොහෙත්ම හරි යන්නෑ එතෙන්ට. අනිවා..

      Delete
    3. rikillagaskada කෙනා ගැනද සෙන්නා කිව්වේ ..? ඒ මිනිහා නිකන් කටවාචලයෙක් විතරයි. ජාතික නායකත්වයට කොහෙත්ම ගැළපෙන්නේ නැහැ. නිකන් හිස් මිනිස්සු හරයක් නැති.

      Delete
  19. කීප දෙනෙක් කිව්වා වගේ සාර්ථක ලිපියක්. පොඩ්ඩක් අතරමංවෙලා වගේ වුනාට කියවන් යද්දි මීටර් වෙනවා. මෙහෙමනේ සහන්.......... මේක........... දැන් ඒ අයගේ............ ඊලඟට එන අයගේ ... ඊලඟට එන අයගේ.... ඊලඟට එන අයගේ............ මෙහෙමයි චක්‍රය. අසරණ අපි තාමත් හූල්ලනවා. හැකි පුළුවන් අය වෙන රටකට පනී අසරණයෝ. ?????????????????????

    ReplyDelete
    Replies
    1. ස්තූතියි වෙද මහත්තයෝ ඔබට. පහු ගිය කාලේ කරපු උදව් වලටත් බොහොම පින් ඔබට මුළින්ම ..

      \\\\මෙහෙමනේ සහන්.......... මේක........... දැන් ඒ අයගේ............ ඊලඟට එන අයගේ ... ඊලඟට එන අයගේ.... ඊලඟට එන අයගේ............ මෙහෙමයි චක්‍රය. අසරණ අපි තාමත් හූල්ලනවා. හැකි පුළුවන් අය වෙන රටකට පනී අසරණයෝ. ??????????????????\\\\\

      මම මෙන්න මේ ටිකට වෙනම පෝස්ට් එකක් දානවා අනිවාර්යෙන්ම තව දවස් 20 වගේ ඇතුළත. ලංකාවට ඉස්සරහට වෙන දේ ගැන ඒකෙන් පැහැදිලි කරගන්න පුළුවන් අපිට.ඔබගේ පැමිණීම අනිවර්ය්නේ විය යුතුයි ඒකට මහත්තයෝ..

      Delete
  20. උඹ මේකෙන් කරන්න හදන්නේ උඹ කරන කුජීත වැඩ සාධාරණීයකරණය කරන එකද?

    හරි කටු ඔටුන්නක් කියමු . .

    ඒත් 1% හරි 10% හරි ගන්න කොමිස් එකක් අරගෙන ශෝ එකට නැතුව රට වෙනුවෙන් රටේ සාමාන්‍ය මිනිහා වෙනුවෙන් යමක් කරන්න බැරි ඇයි . .

    අනික කොමිස් හරි මොන කලු ක්‍රමේකට හරි මිනිහෙක් රටක සල්ලි කන එකේ අවසානයක් තියෙන්න ඕන. රට රටවල් වල ප්‍රොපටීස් අරගෙන සියල් සැප සම්පත් ලබන්න පුලුවන් තරම් හම්බ කර ගත්තායින් පස්සේ ඒක නවත්තලා රට වෙනුවෙන් දෙයක් කරන්න් බැරි ඇයි . .

    අන්න එතනදීයි උඹ කරන දේ සාදාරණීය කරන්න බැරි පොයින්ට් එක. . .

    අන්න ඒ පොයින්ට් එක තමා "රට යන අගාදය තේරුම් ගත්තු" මිනිස්සු උඹට වෛර කරන පොයින්ට් එක . . සාප කරන පොයින්ට් එක . .

    අද වෙනකොට විනාඩියක් පාසා උපදින ළමයෙක් පවා රුපියල් ලක්ෂ 3ක් ලෝකෙට නයයි.

    අපේ හෙට පරම්පරාවට එක එක රටවල වහල්ලු වෙලා සල්ලි හොයලා මේ රටේ ඉන්න තමන්ගේ පවුල් වල උන්ට කන්න බොන්න දීලා ඉතුරුවායින් උඹයි උඹේ අයිලල මල්ලිලා ටිකයි පුතාලයි ලෝකෙන් ගත්තු ණය (අරගෙන කාලා බීලා යටි මඩි ගහලා විනාස කරලා දාපු ණය) ගෙවනවා ඇර වෙන කරන්න දෙයක් ඉතුරු වෙන එකක් නෑ මේ යන විදිහට . .

    ReplyDelete
    Replies
    1. \\\උඹ මේකෙන් කරන්න හදන්නේ උඹ කරන කුජීත වැඩ සාධාරණීයකරණය කරන එකද?\\\

      ඇයි මචන් කොක්කටම එන්නේ උඹලා හැමවෙලේම ..


      \\\ඒත් 1% හරි 10% හරි ගන්න කොමිස් එකක් අරගෙන ශෝ එකට නැතුව රට වෙනුවෙන් රටේ සාමාන්‍ය මිනිහා වෙනුවෙන් යමක් කරන්න බැරි ඇයි . . \\\

      ඇයි බන් මම කරේ. වී.දා.ථා. / දිවි නැගුම / මග නැගුම / නැණසල වගේ දේවල් කීදාහක් කරාද මම ? ඇයි උඹල ඔය තරම් කුහක . පොඩ්ඩක් අවංකව හිතපන්කෝ මචෝ..


      \\\අනික කොමිස් හරි මොන කලු ක්‍රමේකට හරි මිනිහෙක් රටක සල්ලි කන එකේ අවසානයක් තියෙන්න ඕන. රට රටවල් වල ප්‍රොපටීස් අරගෙන සියල් සැප සම්පත් ලබන්න පුලුවන් තරම් හම්බ කර ගත්තායින් පස්සේ ඒක නවත්තලා රට වෙනුවෙන් දෙයක් කරන්න් බැරි ඇයි . \\\

      අපි රට වෙනුවෙන් ඕනේ තරම් දේවල් කරලා තියෙනවා . අලුතෙන් වරායවල් හැදුවා. ගුවන්තොටුපලවල් හැදුවා. මහා මාර්ග හැදුවා. වෙන මොන ආණ්ඩුවෙන්ද එහෙම කරේ ..? මෙච්චර කරත් ඇයි නැති බනේම කියන්නේ තවත් ලැජ්ජා නැතුව. ( සමාවෙයන් මචන් පොඩ්ඩක් මටත් කේන්ති ගියා )



      \\\අන්න එතනදීයි උඹ කරන දේ සාදාරණීය කරන්න බැරි පොයින්ට් එක. . .
      අන්න ඒ පොයින්ට් එක තමා "රට යන අගාදය තේරුම් ගත්තු" මිනිස්සු උඹට වෛර කරන පොයින්ට් එක . . සාප කරන පොයින්ට් එක . . \\\
      උඹේ පොයින්ට් වලට මම උත්තර දීලා තියෙනවා මචන්..



      \\\අද වෙනකොට විනාඩියක් පාසා උපදින ළමයෙක් පවා රුපියල් ලක්ෂ 3ක් ලෝකෙට නයයි. \\\

      උඹ හරියට කතා කරන්නේ උඹ හරියට යාළුවෙක්ගෙන් වත් අතමාරුවක් ඉල්ලන් නැති ගාණටනේ .. උඹ හවුසින් ලෝන් එකක් ගත්තා කියමු ලක්ෂ 10 ක. දැන් උඹේ ළමයා කීයක් ණයද ? පටු විදිහට හිතන්න එපා මචන්.අපි මේ දීර්ග කාලීන ගමනක් යන්නේ. නැතුව අද ඉඳලා හෙට දාල යන්න ආව නෙවේ.. අන්න ඒක මතක තියාගනින් මචන්..


      \\\අපේ හෙට පරම්පරාවට එක එක රටවල වහල්ලු වෙලා සල්ලි හොයලා ......... ......... ............ \\\\


      ඉතින් හරි දුකෝ මම හැම වෙලේම උඹලව මතක් කරන්නේ ඒ නිසයි..උඹලා වගේ මිනිස්සු ඉන්න එක මට සෑහෙන හයියක් .මම කීපාරක් නම් කියන්න ඕනෙද ඒක. අපිට එක රැයෙන් මහ සෙල්ලම් දාන්න බැහැනේ බන්. අවුරුදු 10 විතර තව ඕනේ මේ සියල්ල ගොඩදාගන්න නම්.එතෙක් මට උඹලා හැමෝගෙම සහය ඕනේ. අන්න ඒක තේරුම් ගනින්.තනි අතින් අත්පුඩි ගහන්න බැහැ නේද අපිට. අපි දෙගොල්ලොම සහයෝගෙන් ඉන්න ඕනේ මචෝ..

      පොරොන්දු වෙයන් මා එක්ක ඉන්නවා කියලා දිගටම..

      Delete
  21. කතාවත් කියවලා කමෙන්ට් ටිකත් කියෙව්වමනේ ඔලුවට වැටුනේ

    ReplyDelete
    Replies
    1. උඹලා වගේ උන් වාසනාවන් මචන්.. මේ කෙහෙල්මල් උඹ ඔලුවට දාගන්න එපා මචන්. කොටින්ම මාත් කැමති නැහැ මේ වගේ දේවල් ගැන කතා කරන්න. හොඳ එකා වගේ ඔය හිටපු විදිහටම හිටපන් මචන්..

      Delete
  22. මාගල් මුදියන්සෙ කෙටි මාගලක් එළලා තියෙන්නෙ. කියන්න දෙයක් නං එච්චර නෑ. ඒකෙ ඔක්කොම කියල තියෙනවනෙ. ජය වේවා!

    ReplyDelete
    Replies
    1. එල එල මචන්.. සේරටම කළින් කරපු හැම උදව්වටම ස්තූතියි මචන්..දිගටම වරෙන් මචන් ඉඩක් ලැබෙන විදිහට..

      Delete
  23. "සුනාමියෙන් ඇත්තටම නෑවේ නෑ. නාගන්න හදනකොට තේරුනා මේක පුංචි දෝණි අටවපු උගුලක් කියල. ඒත් තවමත් ලිඛිත සාක්ෂි හරහට තිබුණ නිසා හොරෙන් මාරු වෙන්න හැදුව විතරයි." මෙහෙමයි මට කෙනෙක් කිව්වේ.

    1% වගේ ප්‍රතිශතයක් දාලා සහන් නිග්‍රහ කරල තියෙන්නේ.

    කවදහරි උඹට හෙන වදියි කියල මට බයයි.

    --- සහන් ගේ කරදර ඉතා ඉක්මනින් ඉවරවෙලා...සැහැල්ලුවෙන් ආයෙත් ලියන්න පුළුවන් වේවා---- මගේ දවසේ පැතුම...සමාවෙන්න බ්ලොග් ලෝකට ආවේ කාලෙකින්.

    ReplyDelete
    Replies
    1. \\\1% වගේ ප්‍රතිශතයක් දාලා සහන් නිග්‍රහ කරල තියෙන්නේ.\\\

      දැන් ඉතින් බැනලා වැඩක් නැහැ පේට්‍රියෝ හිත හදාගන්නවා මිසක්..

      ස්තූතියි මචන් උඹේ පැතුමට..සිරාවටම කතා කලොත් මම මේ කාලේ ගෙවන්නේ බ්ලොග් එක නිසා දැනගත්ත උඹලගේ උදව්වෙන්.. උඹලා එක්ක කතා කර කර ඉද්දි හිත ගොඩක් සැහැල්ලු වෙනවා බන්.. ස්තූතියි ඇවිත් ගියාට. ඉඩක් ඇති වෙලාවට ආයේ වරෙන්..

      Delete
  24. කතාව බාගයක් කියවද්දිම අදුර ගත්තා කතා නායකයව....

    // එහෙම යන්න යන්න තව තවත් අගාධයටම යැවෙන බවත් දන්නවා හොඳාකාරවම. //
    මෙන්න මේදේ කතා නායකයා තේරුම් අරගෙන ඉන්නෙ කියලා නම් කිසිම විශ්වාසයක් නෑ.....

    කොහෙද ලොකු අයියෙ මෙච්චර කල් අතුරුදහන් වෙලා උන්නෙ??? "පුංචි දෝණිගේ උසුළු විසුළු වලට බිම බලන් උන්නු පොඩි කොල්ලා" එවපු සුදු වෑන් එකක ‍ටුවර් එකක් වත් ගියාද??????

    ReplyDelete
    Replies
    1. \\\මෙන්න මේදේ කතා නායකයා තේරුම් අරගෙන ඉන්නෙ කියලා නම් කිසිම විශ්වාසයක් නෑ.\\\

      නැත්තේ නැහැ තිළිණ. තේරෙනවා ඇති එයාට. ඒ උනාට දැන් ගලේ පහරපු බළලාට වෙච්චි දේ වෙලා ඉවරයි..

      මාව ටිකක් අසනීප උනා තිළිණ. ඒකයි එන්න නොලැබුණේ..මේ අවෙත් යන්තම් ඔලුව උස්සගන්න හැකි වුනු වෙලාවේ. මගේ draft වල පෝස්ට් වගයක් තියෙනවා බාගෙට ලියපු.ඒ ටික ඉවර කරලා මම schedule දානවා..අනිවාර්යයෙන්ම ඇවිත් බලන්න ඒවා..

      Delete
  25. මදැයි මම හිතුව හොඳ සැපට රෙස්ට් කරනවා ඇති කියල... නිකමට බලන්න ආවේ... බලනකොට කුණු ගොඩක් ඇදගෙන නානවා.... අනේ මන්ද සරත් ඔයා නම් ... ඔය ලෙඩේ ටිකක් සනීප කරගෙන ඉන්න ... ඊට පස්සේ පුළුවන් නේ ජනතාවට කරුණු පැහැදිලි කරන්න..
    කොච්චර අසනීපෙන් හිටියත් ලියන එක නම් සිරාවටම ලියල තියෙනවා .. . කොහොම වුනත් ඔක්කොම එක සැරේ ලියල ඉවර කරන්න ට්‍රයි නොකර හෙමිහිට ලියාගෙන යමු... බලාපොරොත්තුව සහ අරමුණ තියෙනකොට ඔය ඕනේ එකක් පරදිනවා ..

    ReplyDelete
    Replies
    1. වෙන කරන්න දේකුත් නැහැනේ පැතුම් දැන්.මෙහෙම හරි දෙයක් කිරීමෙන් ලබන සැහැල්ලුව වටිනවා. දැනට බාගෙට ලියලා තියෙන පෝස්ට් ටික මම ඉවර කරනවා පැතුම්. ඒවා draft වල තියන් හිටියා කියලා තේරුමක් නැහැනේ තව දුරටත්. බාගෙට හරි පෝස්ට් කරනවා.

      බලාපොරොත්තුව නම් අඩු වෙලා නැහැ පැතුම්. පුළුවන් තරම් අල්ලන් ඉන්නවා. පැතුම් කරපු හැම දේටම ගොඩක් ස්තූතියි .. මට ලොකු හයියක් ඒක..

      Delete
  26. වෙල්කම් බෑක් මචන්. දෑකිම සතුටක්.හොද ලිපියක්.විස්තර ඉදිරියට බලපොරොත්තුවෙන්නම්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දමිත්..ඊළඟ එකෙන් මම විස්තර කියන්නම්කො.. දිගටම එන්න මේ පැත්තේ දමිත්..

      Delete
  27. Replies
    1. බොහොම ස්තූතියි කකා.. මා ගැන විමසා මේලයක් හෝ එවීමට කාරුණික වීම ගැන බෙහෙවින් ස්තූතියි කකා..

      Delete
  28. ලඟදීම පචන්දපේම ලව්වා ලියවීමට නියමිත පචරිතාපදානයට සමාන්තරව ඔබ මෙය ඇරඹුම කාලයේ අවශ්‍යතාවයක්. කවුරු කවුරුත් ඉතිහාසයට එක්වීම වලකන්න හැකි මොන ජගතාටද? මුදිතා ගුණයත් ඒ අතරින් බේරෙන ව්‍යංගාර්තත් අපූරුයි.

    යුදජයෝන්මාදයෙන් වැසී තිබී රතුපස්වලින් හොඳටම එලියට පැන්න සල්ලි හා බලය කතා කරන අවදියට අප නැවතත් අවතීර්න වී ඇත. මෙය ආකූල ව්‍යාකූල හා බොර කිරීමට දැල්ලා මෙන් ජාතිවාදී අලු විදින විලාසය නොපෙනේද?.

    ඔබ සුවපත් වේවා!

    ReplyDelete
    Replies
    1. දැන් ඉතින් හිතහදාගන්නවා ඇර වෙන කරන්න කියලා දෙයක් නැහැ බතී.. දීගයක් උනත් වැරදුනාම කරන්නේ මේකනේ අපි.. " ඔන්න ඔහේ මූ එක්කම ඉන්නවා " කියලා හිතහදාගෙන ඉමු මෙයා..

      ඉස්සරහට නම් ගඩාෆි යුගයක් එන්නේ. ඔන්න බලන්නකෝ.. ඉර හඳ වගේ ෂුවර් ...

      ඔබේ පැතුමට බෙහෙවින් ස්තූතියි බතී.. බලාපොරොත්තු තමයි මිනිසෙකුට පණ දෙන්නේ ජීවත් වීමට..!

      Delete
  29. කරකෝල අතෑරියා වාගෙ එකක් උනා මුලදි. යන්තම් පහලට ගාටලයි මොකද්ද සිද්දිය කියල ඔලු ගෙඩියට දා ගත්තෙ. බලපුවාම මේ අහවලා ගැන නෙ කියන්නෙ. පින පින.. තවම තියනව. ඒකනෙ තුරුම්පු සේරම අතට එන්නෙ. :)

    ReplyDelete
    Replies
    1. එහෙනං එහෙනං චන්දන මේක ඇවිල්ලා පුදුම වාසනාවක්.. හැම දේම එයාගේ වාසියට කැරකුණා / කැරකෙනවා. තාමත් කැරකෙනවා.. පින පින ..

      මමත් කාලෙකින් ආව නිසා මේ වගේ එකක් ගැලපෙනවා කියලා හිතුණා මට ..ඒ නිසයි මෙහෙම එකක් ලිව්වේ..ස්තූතියි චන්දන එදා ඉඳන් මේ පැත්තේ ඇවිත් යනවට.. දිගටම එන්න..

      Delete
  30. සහන්ට නැවත ලියන්න හැකිවීම සතුටක්... තව ටිකක් කල් යනකොට ඔයා ගැන හොඳ හොඳ ඉතිහාස කතා ලියවෙයි...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තිසර ඔබේ පැතුමට..

      මම ගැන නම් දැනටම ඕසේට ලියවෙනවා තිසර.බලන්න අපේ ජැක්සන් මහත්මයා ලියන ලිවිල්ල.. රුහුණු මාගම්පුර දුටුගැමුණු රජතුමාටම ඥාති කමක් හදලා දෙන්න තරම් ඔහු නිර්ලෝභී උනා.. තව කී දෙනෙක් ඉන්නවද.. හඩ්ඩා , මහින්ද අබේ, ... ... ...

      ස්තූතියි තිසර ආවට මේ පැත්තේ..ඉඩක් ඇති වෙලාවට දිගටම එන්න..

      Delete
  31. මට තවත් දෙයක් කියන්න තිබෙනවා.මෙයා ගෙ කාලෙ වෙන වැරදි නම් වෙන ඕනම කෙනෙකුගෙ කාලෙක වෙන දේවල්.ජනතාවගෙ හැටියටයි නායකයො.ප්‍රාදේශීය මට්ටමේදි ජනතාව චන්දෙ දෙන්නෙත් හොරුන්ට.ඉතින් මෙයාට යමක් කරන්න බෑ ඕන කමකුත් නැතිව ඇති.මට නම් ඇමති මන්ඩලේ ඉන්න කොට ප්‍රදේශවාදිය තමයි පෙන්නන්නම බැරි.මේ රටේ ජනතාව මෙයාට චන්දෙ දෙන්නෙ දේවල් කලමනාකරනය කිරීමෙන් පසුවයි.ඒක මහ උගත්තු නොවෙයි එදා වේල හොයන් කන අසරණ කුලී වැඩ කරන මිනිහත් දේවල් කළමනාකරනය කරල තමයි චන්දෙ දෙන්නෙ. අසරණ ගැමිය මෙහෙම කියනවා "අහවලාට නියරකින් යන්න බෑ.මෙයාට කුරහන් තලප කාල ඇලේ දොලේ නාල එහෙම පුළුවන්නෙ කියල."එතන ලොකු කතාවක් තිබෙනවා.රටක නායකයා වෙන්න ඕන ජනතාවගෙ දුක සැප දන්න කෙනෙක් කියන එක.

    එහෙම නැතිව පසුවදන බලලවත් දිවයින පත්තරේ බලලවත් ඔළු හදාගෙන චන්දෙ දෙනව නොවෙයි.ඇත්තටම අයි ටී එන් එකේ පසු වදනයි දිවයින පත්තරෙයි බලපුවම චන්දෙ දෙන්න හිතෙන්නෙත් නෑ. අර මැක්කො බොරු නම් වලින් කොමෙන්ට් දාන නිව්ස් සයිට් එකත් එහෙම තමයි.
    මම මේ ටික කියන්නෙ මේ ගොන්පාට් වලින් ජනතාව අන්දන්න බෑ කියන එක.තමන් මහලොකු බුද්දිමත්තු කියල හිතාගෙන ඔය නිව්ස් සයිට් එක කරන අය හිතන්නෙ තමන්ට ඕන විදියට අනික් අයගෙ මොළ බ්‍රේන් වොශ් කරන්න පුළුවන් කියල.එකම නමකින් එක තැනක මුස්ලිම්කාරයෙක් විදියට බුද්ධාගමට බනිනවා තව තැනක ඒ නමින්ම ජාතිවාදී ආගම්වාදී කොමෙන්ට් දානවා.මුන්ට හිතෙන්නෙ නෑ මේව බලන එවුන්ට මේක මතක තිබෙනවා කිඅයලවත්.

    විජාතික බලවේග,රටට සතුරු බලවේග,ජාත්‍යාන්තර කුමන්ත්‍රණ ,තව වටයකින් ක්‍රියාත්මක වීම,මේ වගෙ වචන සෙට් එකක් නිසා පරම්පරා ගනනක් ගොඩ ගිය නිසා හිතනවද දන්නෙ නෑ රටේ ඔක්කොම අං වලිග තියෙන හරක් කියල.

    අපි නම් ගඟෙන් එහා මිනිස්සු නොවෙයි ඒත් අපි මෝඩයො නොවෙයි.අමුතු දක්ෂතා නැතත් අපිට ඔය යමක් කමක් චුට්ට චුට්ට තේරෙනවා.

    මෙයා වටේ ඉන්න අය හිතනවනම් ජනතාව උපන්ගෙයි මෝඩයො වෙලා චන්දෙ දෙනව කියල ඒක වැරදියි.

    මම නම් මෙයාට චන්දෙ දෙන කෙනෙක්.ඊට හේතුව වෙන විකල්පයක් නෑ.වෙන කෙනෙක් ආවොත් දේශීයත්වයට තිබෙන තැන සම්පූර්නයෙන්ම නැතිවෙන නිසා.

    මට අත්දැකීම් තිබෙන්නෙ වෝඩ් පෙදෙසෙ මහත්තයගෙ කාලෙ ඉදන්,ඊට පස්සෙ කෙසෙල්වත්තෙ රාල,හොරගොල්ලෙ කුමාරිහාමි.ඔය හැම කාලෙකම හොරකම,නීතිය අවභාවිතය,මර්ධනය,පසුවදාන් මොඩලයේ මාධ්‍ය,හොරා කෑම,නාස්තිය දූෂණය,මෙකී නොකී හැම නරක වැඩේම අඩු නැතිව තිබුනා.ඒ ඔක්කොම බලපුවම මෙයා යුද්දෙ හරියට කළා.කෙළෙහි ගුණ අවශ්‍ය එතෙන්ටයි.රට වෙනුවෙන් පෙනී ස්ටිනවා.කෙළෙහි ගුණ අවශ්‍ය එතෙන්ටයි.

    වෙනසක් ඕන නම් ජනතාව මුලින් හැදෙන්න ඕන.දැන් බලන්න ඔය චෝදනා ලබන ප්‍රාදේශීය දේශපාලකයො.ඔවුන් පත් කළේ ජනතාවනෙ.ආයෙ චන්දෙ ඉල්ලුවත් දිනනවනෙ.අර ගුරුවරිය දනගස්සපු එක්කෙනා ගැන බලන්න.එයාව එහෙම නොසළකා අහ්‍රින්න බෑ.එයා මනාප ලැයිස්තුවෙ අංක එකට එන කෙනෙක්.වැරැද්දක් තිබෙනවානම් වැරැද්ද ජනතාවගෙමයි. මෙතන ප්‍රශ්නෙ තිබෙන්නෙ ජනතාවත් නරක වීම.ගම් මට්ටමේදි කෙරෙන වැඩක මොන තරම් වංචා දූෂණ සිදුවෙනවාද්
    අ.රජයේ සේවය බලන්න හැම රජයේ සේවකයගෙම සිහිනයනෙ කස්ටම් එකට ගිහින් අයථා ලෙස මුදල් උපයන එක.ආන්ඩු වලට බණිඅන් හැම එකකම මූල බීජ අවස්ථාව ඕනම පුරවැසියෙකුගෙ තිබෙනවා.ප්‍රශ්නෙ තිබෙන්නෙ සුළු පරිමානෙන් ඒව වීමයි.සමාජයම ජරාජීර්න වෙලා.යකාගෙ හැටියට විමානෙ.පාලකය විදියට කවුරු ආවත් එකයි.මේ නම් ලිස්ට් එකට කැමති නැති කෙනෙකුට වෙන නම් ලිස්ට් එකක් දාගන්න එකයි තිබෙන්නෙ.

    බලන්න මේ චෝදනා ලබන ඇමතිවරු ව්පක්ෂෙට ගියොත් විපක්ෂෙ උන් මේ අයට මල් මාලා දාන්නෙ නැද්ද .එහෙමනම් මෙච්චර කල් ඇයි බැන්නෙ .බැන්නෙ කරපු නරක වැඩ වලට නොවෙයි මෙපමන කල් තමන්ගෙ නොවන පක්ෂෙක ඇමතිවරු වූ නිසයි.ඇයි තමන්ගෙ පක්ෂ්යා බලයට ගේන්න හදන්න .අයථා වැඩ කර ගන්නනෙ.චිට් එකෙන් රස්සා වලට යන්න,ටෙන්ඩර් පටිපාටිවලි රිංගල වාසි ගන්න ඔය වගෙ වැඩ වලටනෙ.හරි දේ හරි කියන වැරදි දේ වැරදි කියන කවුරුවත් නෑනෙ.අන්න එතනයි වැරැද්ද

    මුලින්ම කරන්න ඕන පුද්ගලය හැදෙන එක.

    ReplyDelete
    Replies
    1. සැමට මිතුරිගේ කමෙන්ට් එකේ සියල්ල ඇතුළත් කියන්න ඕනේ ..ලංකාවේ දේශපාලනය තුළ ඇති විය යුතු වෙනස මේකයි. නොවෙන්නෙත් මේකයි. මට වැඩිය කියන්න දෙයක් නැහැ සැමට මිතුරු. ඔයාගේ කමෙන්ට් එකේ සියලුම දේ අඩංගුයි...

      ++++++++++++++++++

      Delete
  32. මගෙ දීර්ඝ කොමෙන්ට් එක වාක්‍ය දෙක තුනකින් කියන්නම්
    ජනතාවයි නරක පාලකයො නොවෙයි.යකාගෙ හැටියට විමානෙ
    ජනතාව චන්දෙ දෙනකොට බලන්නෙ තමන් වගේම කෙනෙකුට දෙන්න.
    මොන පාලකය ආවත් මේ එක දෙයක්වත් අංශු මාත්‍රයකින් වත් වෙනස් වෙන්නෙ නෑ මොකද මේක තමයි ජනතාවගෙ ක්‍රමය
    එහෙම නොවන පාලකයෙක් අසාර්ථක වෙනවා.
    හැබැයි ඉතින් ගොන්පාට් වලට අකමැති පිරිසකුත් ඉන්නවා
    ඔන්න ඔච්චරයි

    ReplyDelete
    Replies
    1. ගොන් පාර්ට් වලට අපි මොන තරම් අකමැති උනත් වැඩක් නැහැ සැමට මිතුරු. දැන් රජ කරන්නේ ගොන් පාර්ට්. ගඩාෆි පාලනයකට ඉතාම නුදුරේදී යනවා මෙයා.. බලන්නකෝ..

      Delete
  33. නිර්මානාත්මක විදියට ලියපු හොද ලිපියක්...මට මීටර් වෙන්න මැද හරියට කියවන්න උනා. මේක කියෙව්වම හිතුනා මේ මනුස්සය ගැන අනුකම්පාවක් වගේ එකකුත් :)

    සහන් තවමත් ලෙඩින්ද ඉන්නේ? දැන් ඉන්න තත්වෙත් එක්ක කියල කිව්වේ?

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මටත් තියෙන්නේ අනුකම්පාවක්. මෙයා මෙහෙම හැසිරෙන්නේ පණට තියෙන ආදරේට . තමන්ගේ ජීවිතේ රැකගන්න ඕනේ දෙයක් කරන්න පෙළඹීම සාදාරනයි නේද සයුරි ..?

      හැබැයි මීළඟ පෝස්ට් එක බැලුවම නම් ඔයාට අනුකම්පාව එන එකක් නැහැ. හෙමීට ඒකත් බලන්නකෝ.මම පෝස්ට් එක දිගට දානවා සයුරි මේ ටිකේ. අසනීප නිසා ඉඩක් ලැබුණ හැටියේ පෝස්ට් දානවා.මොකද මීට වඩා අසනීප උණොත් මට ලියන්න වත් පුළුවන් කමක් එන එකක් නැහැ. ස්තූතියි සයුරි හැමදාම මේ පැත්තේ ගොඩවෙලා යන එකට..

      එදිනෙදා ජීවිතය | Trance : ශ්‍රී ලංකාවේ ආර්ථිකයට අනාගතයේදී විය හැකි දේ. ( පළමු කොටස ) what is happening to Sri Lanka's economy ( දැනටමත් ඔයා කියවමින් ඉන්න බව දන්නවා. කමක් නැහැ වෙන කෙනෙක්ට හරි ප්‍රයෝජනවත් වේවිනෙ )

      Delete
  34. මේ බ්ලොගය නවතීද කියල මම බය උනා ආපහු ආපු එක නම් ලොකු සතුටක් සහන් ඇත්තටම සතුටුයි. අපි බලමු රට වෙනුවෙන් හොද දෙයක් කරලා යන්න. උපන් බිමට ණය නැති මිනිහෙක් වගේ මැරෙන්න.
    නිතරම බ්ලොග් එකට ආවේ නැතත් පැත්තේ ගොඩ වෙලා යන්නේ දිගටම ලියන්න.....

    ReplyDelete
    Replies
    1. මම ඉන්න එකම හේතුව ඔයාලා. මොන තරම් දේවල් සිද්ද උනත් මැරෙන්න කලින් මෙහෙම හරි දෙයක් කරන්න ඕනේ මොරබ්බා. අපි නැති කාලෙක හෝ මේ දේවල් ඉතුරු වේවිනෙ. බ්ලොග් එකට මම ලියපු සියලු දේ මගේ අද්දැකීම්.

      තව දේවල් ටිකක් තියෙනවා කොහොම හරි ලියන්න ඕනේ.

      Delete
  35. මේ අවකාශයට එක් වෙද්දී ඔබ දේශපාලනයට හවුල් බව නොදැන සිටීම ලොකුම ලොකු දෙයකි. දැනගෙන හිටියා නම් ඔබ තුල සිටින ලේඛකයා ජීවිතේට මට දැක ගන්න නොලැබෙන බැවිනි !!

    ReplyDelete
    Replies
    1. ඔව් දේශපලෙනේ ගෑවුනහම එපා වෙනවනේ. මම මේ බ්ලොග් එක පටන් ගත්තෙම දේශපාලන බ්ලොග් කරලා එපා වුනු නිසා. ඒත් මගේ අතින් ලියවෙන්නෙම දේශපාලනයට සම්බන්ධ දේවල් ලකී.. මොනවා කරන්නද .. :(


      දිගටම එන්න ලකී.. ඔයාව දකින්න ලැබීම සතුටක් මගේ බ්ලොග් එකේ..

      Delete
  36. ඔයා නැති අඩුව හැමදාම දැනුනා මල්ලි...ආපහු ලියන්න ඇවිත් බව දැනුනාම හිතට ආවේ සතුටක්..දිගටම ලියන්න එන්න..

    ReplyDelete

ඔබ කමෙන්ටුවක් දමයි නම් කරුණාකර මෙහි කමෙන්ටු E mail subscribe කරන්න .. නැතිනම් පිළිතුරු මග හැරී යනු ඇත ...

කමෙන්ට් යනු ඔබගේ අදහස් ප්‍රකශ කිරීමට සලසා ඇති ඉඩයි. සිතුවිලි ලියා තැබුණු විට අන් අයටද ප්‍රයෝජනයක් විය හැක !

http44444444://1.bp.blogspot.com/-F0lMkO9hSe8/UjM37DArTZI/AAAAAAAAAwo/wtP9O0K_6UE/s1600/543431_208554675978924_1215099537_n.jpg15099537_n.jpg

සහයෝගය දක්වන වෙබ් එකමුතු ...

මාතලන්ගේ සින්ඩිය...api apita Blog Readerlankeeya sithuwililankeeya sithuwili lankeeya sithuwili