දැන්වීම් පුවරුව . ( පින්තූර මතට මවුස් පොයින්ටරය රැගෙන යන්න )

දැනට වසර දෙකක පමණ සිට සෑම සතියකටම වරක් ලිපියක් හෝ දෙකක් පළ කළෙමි. සිත් ගත් ලිපියක් වේ නම් හිතමිතුරන් අතරත් බෙදාගන්න.

මෙම වෙබ් අඩවිය ලෝඩ් වීමට පමා වේ නම් මෙම ලින්ක් එක භාවිතා කරන්න.

Go and get Sinhala Unicode to your Computer
Face Book Link Share.

October 12, 2013

අද කාලේ කූඹිත් විකුණන්න පුළුවන් Ants as pets ?


                   වර්ග අඩි 2X2 ප්‍රමාණයේ කුඩා කුටියක කූඹි ජනාවාසයක් ඇති කිරීමට ඔබ කැමතිද? එම කූඹින් එදිනෙදා ජීවිතය ගෙවන ආකාරය , ආහාර ගෙන එන ආකාරය , පියවරෙන් පියවර තම ජනාවාසය විශාල කරගන්නා ආකාරය ඔබටම දැක බලාගැනීමට හැකියි. පැය 24 පුරාම මොවුන් ක්‍රියාකාරීයි. මම  දැක්කේ ජර්මනියේ සාප්පුවක තියෙද්දී. කැමති වර්ග වල කූඹියෙක් අපිට තෝරාගන්න පුළුවන්. එහෙම තෝරා ගැනීම සඳහා කූඹි වර්ග 30 පමණ ඉන්නවා.


                         ඒ ඒ වර්ගයට ගැළපෙන ආකාරයට ජනාවාසය ඔබට නිම කර දීමට මෙම කූඹි සාප්පුවේ හිමිකරු සූදානම්. සමහර කූඹි ගෙවල් හදන්නේ ලී කොට අස්සේ. සමහර කූඹි ගෙවල් හදන්නේ පොළොව ඇතුලේ. සමහර අය කොළ රොඩු අස්සේ. සමහර කූඹි කන්නේ කොළ ජාති , සමහර කූඹි කන්නේ මාංශ. මාංශ භක්‍ෂක වර්ගයක් ඔබ මිලදී ගනිද්දී අවසරයක් ගන්නත් වෙනවලු. ඒ වගේම බාහිර පරිසරයට මුදාහැරීමට අවසරත් නැහැ.


                        මේ වගේ කොලනියක් යුරෝ 50 සිට ඉහළ මිළකට මිළදී ගන්න පුළුවන්. ඔබට මුලින්ම ලැබෙන්නේ එක කූඹි රැජිනකුයි එක සේවක කූඹියෙකුයි විතරයි. ඒ දෙන්නා එකතු වෙලා තමයි ටික ටික කූඹි මිලියන ගණනක කොළනිය ගොඩනගන්නේ. දවසෙන් දවස කොලනිය වර්ධනය වෙන අයුරු බලා ඉන්නත් ඔවුන්ට උපකාර කරන්නත් ඔබට පුළුවන්. ඒ කියන්නේ ආහාර , කොළ , කොලනිය සෑදීම සඳහා උවමනා කරන කළමනා එහෙම ලබා දෙන්න ඕනේ ඔබ.


                        මෙතන ඉන්නවලු ඇමරිකන් ඩෙසර්ට් ශුලුන්ප් ක්ස් ජ්හ්ස්ක් ක්ෂ්ද්ක්ඩ් වගේ නමක් තියෙන කූඹි වර්ගයක්. එක එක වර්ග වල නම් සෑහෙන ප්‍රමාණයක් කිව්වා. මට ඇහුනේ එහෙමයි. අන්න එයාලා අවුරුදු දෙකක් යද්දී මීටර් 8 ක් පොළොව ඇතුළට යන සද්ධන්ත කොලනියක් හදනවලු. ඉතින් අවුරුදු දෙකක් අවසානයේ එම කොලනිය
ඔබට කැමති නම් සත්ව උද්‍යානයකට අලෙවි කරන්නත් පුළුවන්.


මේ ඉන්නේ ..මෙයා තමයි වැඩේ කරන්නේ....මාර්ටින් සෙබෙස්ටර් තමයි මේ මල්ලිගේ නම.




විනිවිද පේන විදිහට හදලා තියෙන කොලනියේ කොටසක්. කූඹි මහන්සි වෙලා වැඩ කරන හැටි බලාගන්න පුළුවන්.




මේ තියෙන්නේ ලී ආශ්‍රිතව ගෙවල් හදන කූඹි වර්ග වලට හදාපු ගෙයක් කියලයි අයිතිකාර මල්ලි කිව්වේ.




මේ තියෙන්නේ පොළොවේ යට ගෙවල් හදන අයට සුදුසු නිවසක්ලුණේ.




මෙන්න මේ විදිහට හැමදාම කෑම , බීම සහ ගොඩනැගිලි උපකරණ දෙන්න ඕනේ කූඹි රැජිණට. නැත්නම් හොඳ නැහැ නෙව සල්ලි දීලා ගෙනාව කූඹිනේ.



නිකන් වලව්වේ බත් බැලයෙක් වගේ නේද :P තමන්ගේ ඇඟේ බර වගේ 30 ගුණයක් උස්සන්න පුළුවන් කියන්නේ.





මේ ඉන්නේ උග්‍ර විෂ සහිත එක්කෙනෙක්.මට නම් කියාගන්න බැරි උනේ මෙයාගේ තමයි.



මේ පෙට්ටි වල ඉන්නේ එක එක ජාති වල කූඹි.



මේ තියෙන්නේ මම අර ශුජ්ස්ක්ජ්ඩ් හ්ජ්ඩ් ද්ක්ඩ් වගේ නමකින් කියපු අයගේ ගෙදරක්.මේක යුරෝ 250 විතර වෙනවා.



                 හිතට සහනයක් ගන්න පුළුවන් හොඳ වැඩක්. ඒ වගේම කූඹි මොනතරම් උත්සාහවන්ත සත්තු ජාතියක්ද කියලත් හොඳටම තෙරුම් යනවා මේ වගේ එකක් ගෙදර තියෙද්දී. පුංචි දරුවට තෑග්ගක් විදිහට දෙන්නත් හොඳයි. පුංචි අය හරි ආසයි බලන් ඉන්න කූඹි වැඩ කරන හැටි. මා ළඟ තව ගොඩක් පොටෝ තිබ්බා. ඒත් දැම්මේ නැහැ. තව පොටෝ ඕනේ කෙනෙක් ඉන්නවා නම් කියන්නකෝ පහළින්... අහ්හ් මේ වගේ එකක් ගන්න ඕනේ නම් ඒත් මට කියන්න.. ඕස්ට්‍රේලියාවේ ඉන්න අයට නම් මේ අයව ගෙන්න ගන්න බැහැලු. නීතියෙන් තහනම්ලු කූඹියෙක් වත් රට ඇතුළට ගේන්න.. දුක් වෙන්නේ මොකටද තනියම එකක් හදාගන්ට උනත් ඇහැකි නෙව සිස්ටෝන් එක බලගත්තම...!




පෝස්ටුවට සම්බන්ධයක් නැති ගීතයක්





117 comments:

  1. දැන් මිනිස්සුන්ට ඇතිකරන්න සත්තු නැති වෙලාද දන්නේ නෑ කූඹි ඇතිකරන්නේ. මොනා උනත් සත්වයන්ගේ චර්යා රටා අධ්‍යනය කරන කෙනෙකුට නම් හරි වටිනවා.
    අපිත් එක්ක බෙදාගත්තාට ස්තූතියි

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ලංකාවේ ඉන්න නයි කූඹි වගේ නෙවේ පණ්ඩුල මේ කූඹි ජාති.. හරිම උද්යෝගීමත් විදිහට වැඩ කරනවා. එක මාසෙන් තට්ටු පිට තට්ටු හදනවා. කොළ අරන් ගෙවල් හදන අයගේ නම ග්‍රාස් කටර් ද කොහේ.. ඒ අය හරිම වේගවත්.. බලන් ඉන්න ආස හිතෙනවා... සත්ව චර්යා ගැන හොඳ අවබෝදයක් එනවා.. පණ්ඩුලව GT හෙව්වා...මට කෝල් එකක් දෙන්න පුළුවන් වෙලාවක.........

      Delete
    3. ඔයා කියන්නේ ලංකාවේ මිනිස්සු විතරක් නෙවෙයි කූඹිත් කම්මැලියි කියලද..?

      Delete
    4. කම්මැලිකමම නෙවේ...ඒත් අපේ කූඹි ලොකු ලොකු අයිටම් බස්සන්න යන්නේ නැහැ..ඔහේ ලෑලි ගෙයක් හදන් ඉන්නවා වගේ වැඩනේ කරන්නේ...

      ඒකට ඒරොප්පේ කූඹි...

      Delete
  2. ලස්සන විනෝදාංශයක්. හැබැයි මේ විනෝදාංශයේ යෙදී ඉන්න අයගෙන් 10% ක් වත් මේ කූඹි දිහා බලලා, 'මමත් මේ වගේ කම්මැලි නැති කඩිසර ජීවිතයක් පටන්නගන්න ඕනේ' කියන සිතුවිල්ල ඇතිකරගන්නවනම් කොච්චර හොඳද

    ReplyDelete
    Replies
    1. ඉතින් අනේ මේක කම්මැලි අයට කරන්න තියෙන විනෝදාංශයක්නේ..

      Delete
    2. ඒ මනුස්සයාගේ කම්මැලිකම නිකම්ම නැතිවෙනවා කූඹින්ට ඕනේ කරන දේවල් හොයන්න, දිනපතා උන් ගැන හොයාබලන්න ගියාම. මම හිතන්නේ කම්මැලි අය මේ වැඩේ කරන්න කියන්නෙත් උපක්‍රමයක් හැටියට තමයි.

      Delete
    3. ඔබ කියන සම්පූර්ණයෙන්ම ඇත්ත. "මේ පොඩි කූඹි ටික එකතු වෙලා කරන වැඩ ! ! ! "කියලා හිතෙනවා මාස දෙකක් යද්දී ....

      Delete
  3. වර්ග අඩි 2x2 කියන්නෙ කුමන සංක්‍යවක්ද?

    ReplyDelete
  4. ගණිතමය රීති අනුව මා පවසා ඇති ආකාරය වැරදිය. එය වර්ග අඩි 2ක් ලෙස නිවැරදි කරගන්න.

    ReplyDelete
  5. itnishantha

    අන්න පට්ට වැඩේ. හිටහන්කෝ මමත් හදනවා එකක්. අපේ ගමේ ගොඩක් එවුන්ට තියෙන්නේ මාළු පිස්සුව. මම කැමති මාළු හට්ටියක ඉන්නකොට. අනික සුද්ද කරන්නයි වතුර මාරු කරන්නයි මල වදේ. මේක නියමයි.

    ReplyDelete
    Replies
    1. සාමාන්‍ය නයි කූඹි එක්ක නම් වැඩේ සාර්ථක වෙන එකක් නැහැ නිශාන්ත. අඩුම තරමේ කඩී, දළ කඩී , වේයෝ වත් ගන්න...

      Delete
  6. හොද විස්තරාත්මක ලිපියක්.
    මෙහෙ නම් කුඩා දරුවො පෙට්ටි ඇතුලෙ කුරුමිනියෝ/කුඩා මියෝ ඇති කරනව.

    ReplyDelete
    Replies
    1. ඊට වඩා මේකේ ගතියක් තියෙනවා කෙන්ජයියේ ... අටමෝ අර ගුයීනා පිග් වගේ නමක් තියෙන හා පැටව් වගේ පෙනුමක් තියෙන්නෙත් මීයෝ වර්ගයක්......

      අනේ ඒ සත්තු විඳින දුකක් ....:(

      Delete
    2. සීනි කනවා කියලද කිව්වේ DD ...?

      Delete
    3. semi kiyanne japane kuruminiyo wage jathiyak.

      Delete
    4. ඉතින් ඒ කුරුමිනියන්ව කනවද ...?

      Delete
  7. සත්වයෙක්ගේ ජීවන චර්යාව දිහා බලාගෙන ඉන්න එක හොද මානසික විවේකයක් වෙනවනේ.. ඒ හන්දා මේකත් හොද දෙයක්..

    ReplyDelete
    Replies
    1. හොඳ කූඹි වර්ගයක් තෝරා ගන්න ඕනේ දිනේෂ්... නයි කූඹි වැඩේට ගැළපෙන්නේ නැහැ..ලංකාවේ මේ වැඩේට ගැළපෙන කූඹි වර්ගයක් ඉන්නවද මන්ද ... මම කියපු ඇමරිකන් ඩෙසර්ට් ඈන්ට්/ග්‍රාස් කටර් වගේ අය තමයි තට්ටු පිට තට්ටු හදන්නේ... එක දවසකට කොළ ග්‍රෑම් 200 විතර ගෙනියනවා කූඩුව හදන්න........

      Delete
  8. බලගෙන ගියහම මිනිස්සු විනෝදයට මාරම දේවල්නේ කරන්නේ.
    මේක කියෙව්වම කූඹි නැතත් මොකෙක් හරි සතෙක් ඇති කරන්ඩත් හිතුනා.

    ReplyDelete
    Replies
    1. එළදෙනක් දැනටම ඇති කරනවා නේද ..? ඒ හොඳටම ඇති ... ( කැමති නම් ලාබාල වැස්සියෙක් ඇති කරන්ට )

      Delete
  9. කූඹි සෙට් එක වැඩි වෙනකොට ඔව්වො ගණන් කරන්නෙ කොහොමද අප්ප.
    කොහොම උනත් හොඳ විනෝදාංශයක්.

    ReplyDelete
    Replies
    1. කෑමයි වතුරයි දීලා ගණන් කරන්නේ නැහැ බලන් ඉන්නවා විතරයි ...:P

      Delete
  10. අද උදේ ලැප් එක on කරද්දී ඒක වටේ කුඹී. ටිකක් රත් වෙද්දී එකා දෙන්නා එලියට එනවා. මට නම් උන් කරදරයක් කියලා මයි හිතෙන්නේ

    ReplyDelete
    Replies
    1. ලැපී ඇතුළට නම් කූඹි යනවා.. ආස ඇති දකිද්දී...!

      Delete
    2. කියන තරම් කළුවර නැහැ..බය නොවී යන්ට...

      Delete
  11. මම educational toys ගැන හොයපු වෙලාවක මමත් දැක්කා ඕවා. ඔය වගේ ඒවා නොවෙයි අතුල විනිවිද පෙන ජෙල් වලින් හදපු ලස්සන ඒවා තියෙනවා ඇතුලේ වැඩ බලන්න පුළුවන් ඒවා. කුඹි නැතිව එවන ඒවා. කුබි අල්ලන උපදෙස් සහිතව. මගේ පොඩි එකී තවම ඔය වැඩ වලට පොඩි නිසා මම ගෙන්වුයේ නම් නැහැ.
    http://www.ebay.com/sch/i.html?_trksid=p2050601.m570.l1311.R1.TR8.TRC1.A0.Xant+farm&_nkw=ant+farm&_sacat=0&_from=R40

    http://insects.about.com/od/toysgamesothergifts/gr/Ant-Farm-Gel-Colony.htm
    ඕන නම් ජෙල් එක හදන්න අමුද්‍රව්‍ය විතරක් ගෙනල්ල හදාගන්නත් පුළුවන්.

    ReplyDelete
    Replies
    1. අපිට තනියම කූඩුව සහ කූඹිත් අල්ල ගන්න පුළුවන් කියමු. ඒත් රැජිණ ගේන්නේ කොහෙන්ද ? රැජිණක් අල්ලා ගන්නේ කොහෙන්ද ? අන්න ඒ ගැනත් ටිකක් හොයන්න ඕනේ...කෙසේ උනත් ලංකාවේ ජීවත් වන කූඹි විශේෂ එක්ක මේ වැඩේ කරන්න බැහැ වගේ රංග... වේයෝ ගත්තොත් නම් ටිකක් හෝ සාර්ථක වේවි....

      Delete
  12. ඔය වැඩේට කූඹි කැමතිද කියලා දැනගන්ඩ විදිහක් නැද්ද?
    කූඹි හදනවට වඩා මම කැමති බල්ලො කීප දෙනෙක් හදන්ඩ.එතකොට ගේට්ටුවේ ගහන්ඩ පුළුවන්නේ බල්ලන්ගෙන් ප්‍රවේසම් වනු කියලා.

    ReplyDelete
    Replies
    1. කූඹින්ට අකමැති වෙන්න දෙයක් නැහැනේ මෙතන...කන්න, බොන්න සහ අත්‍යවශ්‍ය සියලු ද්‍රව්‍ය දෙනවා නම් කොහොමද එයාලා බැහැ කියන්නේ..?


      අපේ නම් මුකුත් ගේට්ටුවේ ගහලා නැහැ...ගේට්ටුවත් ඇරලා තියෙන්නේ.... මිනීකන බල්ලෝ දෙන්නෙකුත් ඉන්නවා...

      Delete
    2. The dog is OK, beware of owner

      Delete
  13. ශා ........ නියම වැඩක්නේ..

    ඒත් පව් නේද උන් කොටුවෙලා ඉන්න එක

    ReplyDelete
    Replies
    1. එහෙම කොටුවීමක් කියලා කියන්න බැහැ රෙහානි.. මාසයක් විතර ගියාට පස්සේ වීදුරු තහඩු අයින් කරන්න පුළුවන්... කූඹි ටික එළියට එනවා උනත් කරදරයක් නැහැ.. කෑම බීම හොයාගෙන නැවත ගෙදර යනවා...අපිට හානියක් නැහැ..උන් හුරු වෙනවා අවට පරිසරයට...

      Delete
  14. ගෙදර ඉන්න කට්ටිය නිකන් හරි දෙන්න තියනව නම් ලොකු දෙයක්!

    ReplyDelete
    Replies
    1. ඔක්කෝම නිකම්ම ගන්න වගේ නේද ඇහැ ගහන් ඉන්නේ...?

      Delete
  15. මමත් පොඩිකාලෙ කූබි ගැන උනන්දුවෙන් බැලුව. කොටින්ම සහන් තුත්තිරි ඉස්මෙන් මද්‍යසාර හදල බොන්ඩත් දුන්න.
    ඒ හිතවත් කමටද මන්ද තාමත් මාව හොයාගෙන ගෙදරටම එනව. දැන්නම් තුත්තිරි ඉස්මෙන් මද්‍යසාර හදල බොන්ඩ දෙන්න වෙලාවක් නෑ ටක් ගාල මෝර්ටීන් පාරක් දෙනව.

    ReplyDelete
    Replies
    1. ඔයා මැරිලා කූඹියෙක් වෙලා ඉපදෙයි..ඊට පස්සේ ඔයාටත් මෝර්ටීන් පාරක් වදියි...තුත්තිරි ඉස්සම හම්බෙන්නත් පුළුවන් සමහර විට...


      මේ කම්මල ආව පළවෙනි පාරද ...? මගේ අනිත් පෝස්ට් ටිකත් පුළුවන් නම් බලන්න උඩින් පල්ලෙන් හරි... මේ වගේ සරල පෝස්ට් විතරක් නෙවේ තියෙන්නේ.. Home පේජ් ගිහින් බලන්න ලින්ක් ඇති...

      Delete
  16. ඇහුවෙ අදමයි.නරක නැ වැඩෙ.සහනො කො ෂර්ලොකා

    ReplyDelete
    Replies
    1. ඒ කතාව හදන හිටපු draft එක අවාසනාවන්ත විදිහට මකුණා...නැවත ඒ පෝස්ට් එක පල නොවේ.......:(

      Delete
    2. innako ehenam danata ithuru tika hari mama ewanna......

      Delete
  17. ස්වයං රැකියාවක් ලෙස මමත් මේක පටන් ගන්න ඕනේ බලන්න.
    එතකොට ඇහිකිනේ ගෙදර ඉන්න කුබි පැකට් කරලා රට පටවා විදේශ විනිමය ගෙන්න.

    ReplyDelete
    Replies
    1. ඊට හොඳ නැද්ද නයි පටවන එක ...?

      Delete
  18. ඔය ග්‍රාස් කටර්ලගේ වීඩියෝ එකක් දැක්ක ඩිස්කවර් එකේද කොහෙද... ෆාස්ට් කරලා පෙන්නුවෙ.. බලං ඉන්නකොට පිස්සු හැදෙනවා අර පත කොළ ජාති කෑල්ලෙන් කෑල්ල කපාගෙන උස්සගෙන යන විදියට.. හබරල කොළයක් වගේ එකක් විනාඩි ගාන්ක ඇතුලත සම්පූර්ණයෙන්ම කපන්න පුළුවන්ලු උන්ට...

    සහන්ටත් මාර ඒවා තමා අහුවෙන්නෙ... හි හි... මේවා කාංසියට නං මරු... පොඩි ළමයි ආසයිනේ හැමදේම අධ්‍යයනය කරන්න... එයාලා හැමදේම විමසිල්ලෙන් බලනව... එයාලට හොඳ අත්දැකීමක් තමයි....

    ReplyDelete
    Replies
    1. ඒ කොළ වල හැදෙන දිලීරයක් තමයි කූඹි ආහාර විදිහට ගන්නේ..අවුරුදු දෙකක් යද්දී සාමාන්‍ය කාමරයක කොහොමවත් නඩත්තු කරන්න බැරි මට්ටමට එනවලු මාර්ටින් කියපු විදිහට..

      ඔව් පොඩි එක්කෙනා ආසාවෙන් බලන් ඉන්නවා..මේ ටිකේම ඉතින් කූඹි තමයි එයාගේ ජීවිතේ....

      Delete
  19. mama me gedara inna kubi wada karanna kramayak hoyanawaa..

    ReplyDelete
    Replies
    1. meya me kubi athi karanna katha karanawa.

      ( හරීගේ කමෙන්ට් එකේ ඉතුරු ටික මම සම්පූර්ණ කරා )

      Delete
  20. කූඹින්,වේයන් වැනි සතුන්ගෙ සමාජ සංවිධානය මා මවිත කළ එකක්.ඇත්තටම මේ සතුන් සියල්ලම එක් සතෙකුගෙ අවයව වගෙයි.මෙවැනි සාමූහික විඥ්ඥානයක් මේ සතුන්ට තිබෙන්නෙ කොහොමද? මම අහල තිබෙනවා රැජින මැරුනොත් වැඩකාර මැස්සියක් රැජින බවට පත් වෙනවා කියලා.ගනාවාසයේ සියළු සතුන්ගේ ජීවිත යාන්ත්‍රිකයි.සොබා දහමේ අරුමයක් තමයි මේ.මේ අරුමය මුදල් කිරීම ඊට වඩා අරුමයක් බවයි පේන්නේ.

    http://samatamituru.blogspot.com/

    ReplyDelete
    Replies
    1. \\\\\\\මෙවැනි සාමූහික විඥ්ඥානයක් මේ සතුන්ට තිබෙන්නෙ කොහොමද? \\\\\\\

      වැදගත්ම දෙයක් ඔබ මතු කලේ..කූඹි කොලනියක සියලු දෙනා වැඩ කරන්නේ distributed intelligent එකකින්.. රොබෝටික් සිස්ටම් සහ ඔටෝ පයිලට් පහසුකම් වලදීත් අපි මේ දේ යොදාගන්නවා ... දැකලා ඇති නේද ෆයිටර් ජෙට් 10 , 15 එකම වෙලාවට එකම ආන්ගල් එක අරන් යන හැටි...අන්න ඒක කරන්නේ මේ ක්‍රමයෙන්... එක්කෙනයි සියලු දේවල් පාලනය කරන්නේ... එකම කොන්ට්‍රෝලින්ග් සිග්නල් එකට සියලු දෙනා වැඩ .......

      එදිනෙදා ජීවිතය | Trance : 02 ප්‍රහාරක ජෙට් නියමුවෙකුගේ සහ ප්‍රහාරක හෙළිකොප්ටර් නියමුවෙකුගේ වෙනස් කම් 02". මම ලියපු මේ ලිපිය බලන්න කමෙන්ට් වල වැඩේ විස්තර කරලා ඇති මම ...

      Delete
  21. ඇත්තෙන්ම කුඩා ළමයින්ට පමණක් නොවේ අපේ ඇතම් ආයතන වල කණ්ඩායම් ක්‍රියාකාරකම් කර ගත නොහැකි, එකමුතුව කිසිම දෙයක් කර ගත නොහැකි අයට ආදර්ශයක් ලෙස දියුණු කල හැකි දෙයකි.

    - ප්‍රියා.

    ReplyDelete
    Replies
    1. ඔව් ආයතනයකට හොඳයි මේ වගේ එකක්....පාමු පැමිණීම නේද ...? සාදරයෙන් පිළිගන්නවා.. පැරණි ලිපිත් බලන්න උඩින් පල්ලෙන් හරි .....

      Delete
  22. මමත් මාර ආසයි කූබි දිහා බලන් ඉන්න. ඉස්සර මම උන්ට පොල් සීනි එහෙමත් දෙනවා :D පුදුම වෙන්න දෙයක නැහැ මේවගේ දෙයකට සැහෙන ඉල්ලුමක් එන්න ඕනා. එත් උන්ව සවභාවික පරිසරයේ තියල රසවිඳින්න පුලුවන්නම් වඩා හොඳයි.

    ReplyDelete
    Replies
    1. කූඹි න්ව මේ විදිහට හැදුවා කියලා නම් උන්ට ලොකු හානියක් වෙන එකක් නැහැ මොරේ.. ඒ නිසා බය නැතුව ඇති කරන්න... හොඳ අද්දැකීමක් ගන්න පුළුවන්....

      Delete
  23. මානසික සහනයක් ගන්න පුළුවන් වැඩක් ඔක්කොමත් හරි ඕකුන් නිදහසේ හැදෙන එක තමයි දිරවන්නේනත්තේ

    ReplyDelete
    Replies
    1. මෙතුවාක් කාලෙකට මට නම් කූඹි නිසා හානියක් වෙලා නැහැ..ඒත් නිදාගෙන ඉන්න වෙලාවට ඇඳට කූඹි ආව දවස් කීපයක නම් මගේ මාරයා ඇවිස්සුනා.. මට මේ ලෝකේ වැඩිපුරම තරහා යන්නේ නිදාගෙන ඉන්න වෙලාවට මාව ඇහැරවන්න එන අය එක්ක...

      Delete
  24. අපි හිතන්නැති සත්තු හුරතල් සත්තු විදිහට හැදෙනවා නොවැ.. ස්තුති ලිපියට..

    මාත් හූනෝ ඇති කරන්න ඉන්නෙ හුරතලේට :)

    ReplyDelete
    Replies
    1. හුරතලේට නම් ඊට වඩා අගේට හදන්න පුළුවන් සතෙක් ඉන්නවා...:P එවන්නෙයි දෙන්නෙක් තුන්දෙනෙක් ...

      Delete
  25. මුල් කාලේ ආතල් එකේ කරාට ටික දවසක් යනකොට හෙනම ඇනයක් වෙයි... :D

    ReplyDelete
  26. ශෝක් අනේ මාත් ආසයි ඒත් කුබිංට මන් ආස නැහැ .. ගෙම්බෝ තමයි මන් හැදුවේ

    ReplyDelete
    Replies
    1. හපෝ ගෙම්බෝ.....? ඒත් ඉතින් ගෙම්බෝ කියන්නෙත් අහිංසක සත්තු ජාතියක්... :(

      Delete
  27. ඕක ගෙදර ගෙනත් තිබ්බම එක්කො ගෙදර ඉන්න අනිත් කුපාඩි කූඹි ඔය ජනාවාසෙ අස්සෙ රිංගලා රැජිණට ටෝක් එක දෙන්න පටන් ගන්නවා...නැත්නම් උන්ට කඩෙන් ගෙනා ගෙදර ජනාවාස හදන්නෙ නැතුව අපේ ගෙවල් වල මුල්ලක ජනාවාස හදන්න ගන්නවා..ඒ නිසා කූඹි එපා...නමුත් නිර්මාණාත්මක සංකල්පයක්...අර සුදු මල්ලි අඩියක් ගහලා ඉන්න වෙලාවකද දන්නෙ නෑ මේ නව අදහස පහළ උනේ...

    ReplyDelete
    Replies
    1. සිරා ඔබ සඳහන් කර ඇති පළමු අවස්ථාව වීමේ ඉඩ අඩුයි. රැජිණට ඉහළම ආරක්ෂාවක් ලබා දෙනවා සෙබළ කූඹීන් විසින්.. ( ඒත් අපිට රැජිණ ගැන විස්වාසය තියන්න අමාරුයි නේද ..? මන් කියන්නේ " ගැහැණු කව්රුද හැකි විට වරදේ නොබැඳෙන " කියලා කියන්නේ කට කහනවට නෙවේනේ බොල )

      ඔබ සඳහන් කර ඇති දෙවන අවස්ථාවද වීමේ ඉඩ අඩුයි . මොකද අපි තෝරා ගන්නේ ඉහළ කුලයක කූඹීන් නිසා.. ( ඒත් ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි කියලත් කතාවක් තියෙනවනේ.. ඒ නිසා අවදානමක් තියෙනවා )

      සිරා මම කියනවට මේ වගේ පොඩි එකක් හදන්න මාළු ටැංකියක සයිස් එකේ.. ඊට පස්සේ මිළ නියම කරන්න ඩොලර් 50 කට විතර.. අනිවා සේල් කරන්න පුළුවන්... අමතර අදායමක් ....

      Delete
  28. මාරයිනේ හලෝ ...... අපරාදේ කියන්න බෑ මේ මැලේ එවුනුත් අලුතෙන් එන ඕනෑම දහජරාවක් දෝත බදලා බාරගන්න ජාතියක් තමයි ..... ඒ නිසා මුන්ටත් ඔය වගේ අලුත් එකක් බෝ කරානම් මට ඉක්මනට ලංකාවට එන්න තිබ්බ ටාගට් කවර් කරගෙන

    ReplyDelete
    Replies
    1. මම කියනවට උද පින්තූර බලාගෙන අටවන්න කෙමනක්.. ඩොලර් 50 ගානේ විකුණපන් ...හොද්ද බොර වේගෙන එනවා නම් තියලා අඹරපන් හක්කටම...

      Delete
    2. රාළෙ උඹට කූඹි අල්ලන්න නිවාඩු දවස් වල මමත් උදව්වට එන්නම් පෝර කවරෙකුත් අරගෙන...

      Delete
    3. සිරා කූඹින්ව එකතු කරා කියලා වැඩක් නැහැ ... වැඩේට ඕනේ රැජිණක් සහ එක කූඹියෙක් විතරයි.... ඒ නිසා එවැනි යුගල් පමණක් එකතු කරන්න... මෙහෙකාර කූඹි කොච්චර උන්නත් වැඩක් නැහැ " රැජිණක් " නැතුව..

      Delete
  29. අමුතුවෙන් කූඹි ඇති කරන්න ඕන නෑ මට නම්. කොහොමත් අපේ ගෙදරම කූඹි ජනාවාසයක් තමයි :D

    ReplyDelete
    Replies
    1. කූඹි රැජිණක් වගේ චම්ස්සුත් ...:P

      Delete
  30. ලංකාවට නම් අමුතුවෙන් කූඹි හුරතලේට හදන්න මහන්සිවෙන්න ඕන නෑ. කූඹි විතරක් නෙමෙයි, කැරපොත්තෝ හූනෝ මැස්සෝ වගේ අයත් එනවනේ හුරතල් වෙන්න.

    ReplyDelete
    Replies
    1. මේ කමෙන්ට් එකට නම් මට ඇත්තටම හිනා ගියා දැකපු ගමන් ...තව කතාවකුත් මතක් උනා...තරු කාලෙකින් නේද ...?

      Delete
    2. නරකද මතක් උනා කියපු කතාවත් ලිව්වනම්.

      Delete
    3. ඒ කතාව ලස්සන එකක් නෙවේ තරු....:(

      Delete
    4. ඒත් මම ලියන්නම් දවසක .........

      Delete
  31. සහන්.....මේක නම් නියම වැඩක්. සත්තු ඇති කිරිල්ලටනම් මම කැමති නැත්තේ ඕවා හරියට බලාගන්න බැරි නිසා. මේ වැඩේ නම් කිසිම අවුලක් නැහැනේ. ටොප් බං.

    ReplyDelete
    Replies
    1. ඉතින් මේ කූඹින්ට කෑම , වතුර , ගොඩනැගිලි උපකරණ දෙන්න ඕනේ... නිකන් බලන් ඉඳල විතරක් බැහැ ......!

      Delete
  32. මම නම් කැමති, ස්වාභාවිකව ඔය වගේ කොළනි තියන තැන් වල කැමරා හයි කරලා මාස අවුරුදු ගණන් බලා ඉඳලා හදන පැයක විතර වාර්තා වැඩ සටහනක් බලන්න තමයි. මෙන්න මේ වගේ

    ReplyDelete
    Replies
    1. තිසර ආස බලන්න විතරද එහෙම හදන්න නෙමේද ,,හි හි

      Delete
    2. \\\\පැයක විතර වාර්තා වැඩ සටහනක් බලන්න තමයි||
      :P මම මේ සිරාවටම කියන්නේ පුංචි දෙන්නා තව ටිකක් ලොකු උන කාලෙක තිසරට පුළුවන් වේවි පැයක වැඩසටහනක් හදන්න.... අපේ සයුරිත් බිනර මලක් ගෙනත් කියලා මම තිසරට කිව්වද ......?

      @ ඔමා

      තිසර කියන්නේ නොම්බර එකේ කම්මැලියෙක්... කිලෝම 78 කට එහා දැන්...

      Delete
  33. මචං අපේ ගෙදර කූඹි ගුලක් තියෙනව... අනේ මචං ඒක අරගෙන මට කීයක් හරි දියන්.... උන් කෑවම චූත් යනව....

    ReplyDelete
    Replies
    1. රයිට් මම මේ දැන්ම එන්නම් ... ඔතනම හිටපන් ....

      Delete
  34. මම ආව පලවෙනි වතාව නෙමේ සහන්, එත් කොමෙන්ට් කරන්න බැරිඋනා. මිස් උන ලිපි තියනව, ඒවා හිමින් කියවන්නම්. ලංකාවේ මෝටර් රථ නිෂ්පාදනයට උන දේ ගැනනම් මම තුන් පාරක් විතර බලල තියනවා.
    තාක්ෂණික පොස්ට් නම් බලන්නෙ උඩින් පල්ලෙන්. මීට පස්සෙ දිගටම බලන්න පුළුවන් දැන් මගේ රෝලෙ අප් ඩේට් වෙනව.

    ReplyDelete
    Replies
    1. රයිට් ok ...කම්මල ආස මොන වගේ ඒවා බලන්නද වැඩියම .... ? මම එක එක ඒවා ගැන හිතුනම පෝස්ට් දානවා... ටිකක් විතර ටෙක්නිකල් සහ පොලිටිකල් ඒවා තමයි වැඩි... මෙන්න මේක බලන්න එහෙනම් ....

      "02 ශ්‍රී ලංකාවේ ආර්ථිකයට අනාගතයේදී විය හැකි දේ. ( දෙවන කොටස ) what is happening to Sri Lanka's economy 02.".

      Delete
    2. //කම්මල ආස මොන වගේ ඒවා බලන්නද වැඩියම .... ? //දැන් දීහල්ලකො උත්තර...D. LINK එකේ තියන පොස්ට් එක බරසාර එකක් වගේ. අනිවා ගෙදර ගිහින් කියවනව.

      Delete
  35. නොගැලපෙන් සින්දු දාන්නේ ඇයි, මෙන්න ගැලපෙන ගීතයක්.

    http://youtu.be/hjTANRfgqSQ

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් කකා ...කළු කූඹියා ..ෆ්‍රෙඩීගේ.... මේ සින්දුව අහද්දී මතක උනේ පොඩි බබෙක් කියන කළු කඩියෝ කියලත් සින්දුවක් තියෙනවා..හරි ලස්සනයි... වෙලාවක මම දාන්නම්.. හරි හුරතලේට කියන්නේ ...!

      ඒක නෙවේ ඔය පැත්තේ නැද්ද මේ වැඩේට ගැලපෙන කූඹි වර්ග ...?

      Delete
  36. උඹට කියන්න අපි දැනුත් කූඹි ඇතිකරනව බං. අද උදේ පොඩි එකාගෙ කකුල් දෙකට අනවසරයෙන් ගොඩවෙච්ච කූඹි දෙන්නෙකුට ගේම දෙන්න උනා. කරදරකාරී කුඹියෙකුට දෙන පනිෂ්මන්ට් එක දන්නවද?

    ReplyDelete
    Replies
    1. \\\කරදරකාරී කුඹියෙකුට දෙන පනිෂ්මන්ට් එක දන්නවද?\\\

      හපෝ මට නම් බැහැ ඕවා අහලා දුගතියට යන්න...( මිනිස්සු මරණ එක වෙනම කතාවක් :P )

      සිරාවටම රාජ් අපි අපිටම මොන තරම් බොරුවක් කරගන්නවද නේද ...? මමත් සිරාවටම කැමතියි කූම්බියෙක්ට වත් කරදරයක් නොකර ඉන්න.. මගේ තාත්තා පල්ලා ( මොකද මට අම්මට වඩා වටින්නේ තාත්තා ) උදේට කක්කුස්සියේ පෝච්චි කටේ කූඹි වහලා උන්නොත් මම එළියේ ලැට් එකට යනවා.. සින්ක් එකේ කූඹි හිටියොත් එළියට ගිහින් අත හොඳනවා...

      පාරක බල්ලෙක් බළලෙක් හිටියොත් ගෙදර අරන් එනවා.. යකෝ මගේ ගෙදර පූසෝ 32 ක් හිටියා... විශ්වාස කරනවද ...? හාල් කිලෝ 3 විතර දවසකට ගියා ...

      ඒත් මචන් මට මිනිස්සු ගැන අනුකම්පාවක් දැනෙන්නේ නැහැ... මටම පුදුමයි ඇයි මට මෙහෙම වෙලා තියෙන්නේ කියලා.. හුරු වීම වෙන්න පුළුවන් එක අතකට... අපිවත් නොදැන අපි පුදුම විදිහට දුෂ්ඨ පුද්ගලයෝ වෙනවා බන්.. දැන් මේවා අපි කැමැත්තෙන් කරන පව් වැඩද ? නැත්නම් අපිට කරන්න වෙන වැඩද ...?

      මේවට අකමැති නම් එකම විසඳුමයි තියෙන්නේ..ඒ තමයි මේ සංසාරෙන් එතෙර වීම ( එහෙම එකක් තියේ නම් ) ....

      ( හිතුවට වඩා කතාව දුර ගියා )

      Delete
    2. රාජ් කියන්නේ වෙන කතාවක් මයේ හිතේ කුබියාට උස්සගෙන යන්න බැරි තරම් පැණිරස කෑමක් දාල ඌට අනික් කුබින්ගෙන් පෝරියල් එකක් සෙට් කරන වැඩක්.. :D

      Delete
    3. ඒකත් හැබෑව මොරේ... අපි බලමු රාජ් කියන පනිෂ්මන්ට් එක මොකක්ද කියලා ...

      Delete
    4. morabba de morabba
      අන්න හරි! :-)

      Delete
    5. තවදුරටත් පැහැදිළි කරන්න ....

      Delete

  37. සහන් කූබින්ට රජ කෙනෙක් (ඒකාධිපති නෙවෙයි ) නැද්ද? මී මැස්සන්ගෙත් රැජිණ ගැන විතරයි මම අහලා තියෙන්නෙ

    ReplyDelete
  38. නැහැලු... සෙබළ කූඹීන් සහ මෙහෙකාර කූඹීන් විතරලු ඉන්නේ... රජතුමෙක් නැහැ..

    රැජිණ මළොත් එහෙම මෙහෙකාරියක් රැජිණ බවට පත් වෙනවාලු ....

    ( ඒකාධිපති රැජිණක් ! හරි ආසාවක් ඇති උනා මට ...)

    ReplyDelete
  39. මන් පළමු වතාවට තමා කූඹි ගුල් වලින් මෙහෙම වැඩක් කරනවා දැක්කේ..........දෙවනි පින්තුරයේ තියෙන විදිහට ආලෝකයට සංවේදි මීයෝ ඇති කරනවා නම් දැකල තියෙනවා. පින්තූරය මේලයකින් එව්වා බලන්න.

    ReplyDelete
    Replies
    1. පින්තූරය එවීම ගැන ස්තූතියි ශානු .... මම ඒක වෙනත් පෝස්ටුවක් මගින් අනිත් අයටත් බලන්න සලස්වන්නම් .... මේ ආව පළමු වතාව නේද .......? සාදරයෙන් පිළිගන්නවා ඔයාව.. මගේ පැරණි ලිපිත් ඉඩක් ඇති විටක කියවන්න ශානු.....

      Delete
  40. සහන්ගේ මොලය හරිම අමුතු එකක් මොකද එකිනෙකට කිසිම සම්බන්ධයක් නැති , එත් උද්යෝගිමත් පොස්ට් දානවා ...සමහර ඒවා අපි කොහොමත්ම නොහිතන ඒවා...මට මතක් වුනේ ෂර්ලොක් හෝම්ස් ගේ මොළෙත් ඔය වගේම නේද කියලා. මොකද ඇති සංකීර්ණ ගැටළුවක් විසඳන වෙලාවට ඒ අතර මැද පියානෝ වාදනයකට සමවදිලා ඉන්න එයාට පුළුවන් නේ...!
    කූඹි ඇති කරන වැඩේ අපේ රටට නම් නොඑන එකම හොඳයි. නැත්තන් අපේ මිනිස්සු ඔය කූඹි කූඩුව ලොකු වුනාම අල්ලපු ගෙදර එකාගේ වත්තට විසිකරයි කෙලවෙලාම පල කියලා

    ReplyDelete
    Replies
    1. ඉවෝන් මම ලොකු කමෙන්ට් එකක් ගහලා ආයේ මැකුවා... මෙහෙමයි ඉවෝන් මම හරි කැමතියි ඔහේ පැත්තකට වෙලා ඉන්න සරල දෙයක් කතා බහ කරමින්...

      ඒත් මා වටා වෙන දේවල් සහ මම සම්බන්ධ දේවල් එක්ක එහෙම ඉන්න ලැබෙන්නේ නැහැ..ඒ නිසයි මේ බ්ලොග් එක අටව ගත්තේ ඔහේ මොනවා හරි පුංචි දෙයක් කතා කර කර ඉන්න මෙතන හරි...

      නමුත් පහු ගිය කාලේ වෙච්චි දේවල් එක්ක මම ආව අරමුණ ඉටු කරගන්න බැරි උණා..

      Delete
    2. සහන් මං කියන්න හැදුවේ ඔබ ඉහල ,අසාමාන්‍ය බුද්ධියක් ඇති කෙනෙකු බවයි. මොකද ඔබ කියන ,ලියන දේ හරිම පැහැදිලිව ,සරලව, නියමාකාරයෙන් ලියනවා. ඒවගේම එකිනෙකට වෙනස් මාතෘකා ගනනාවක් - ඉංජිනේරු විද්‍යාව,රසායන විද්‍යාව, ආර්ථිකය,සමාජයීය කරුණු,විමර්ෂණ..........මෙකී නොකී බොහෝ දෑ . මනස ඒ විදිහට හැම පැත්තටම ව්හිදුවා වැඩකරන්න අමාරුයි කෙනෙකුට ....ඔබට ඒ විශිෂ්ට හැකියාව තියෙනවා. මෙය ඔබව මුරුංගා ඇත්තේ තැබීමට කියන කතාවක් නෙවෙයි, එහෙම කිරීමේ අවශ්‍යතාවයකුත් මට නෑ. එත් මේ බ්ලොග් ලෝකය තුල මා දුටු පුදුමාකාරම බ්ලොග් රචකයා ඔබයි.

      Delete
    3. නැහැ නැහැ මට තේරෙනවා ප්‍රගීත් අදහස් කරන දේ. ඒත් ප්‍රගීත් නොදන්න දේ තමයි මගේ පවුල් ජීවිතය ඔය හේතුව නිසාම අවුලකට පත්ව ඇති බව. මම බොහෝ වෙලාවට වැඩ කරද්දී පැය 16 විතර එකම පුටුවේ වාඩි වෙලා වැඩ කරනවා.. බොහෝ වෙලාවට වතුර ටිකක් විතරයි පෙවෙන්නේ වරු කීපයක් සඳහාම ...මම වැඩ කරන හැටි දැකපු මුල්ම කාලේදී සමහර අයට අදහාගන්නත් බැරි වෙලා තියෙනවා ..පස්සේ පස්සේ එයාල හුරු වෙනවා.. මම මේ වෙද්දී නම් තදින් රෝගීව ඉන්නේ.. පහු ගිය අවුරුදු 4 වගේ තුලම මම හිටියේ දීර්ග නින්දක..ගිය අවුරුද්දේ වගේ තමයි මම අවදි උනේ .. ඒක දිග කතාවක් ප්‍රගීත් ...

      Delete
    4. //පහු ගිය අවුරුදු 4 වගේ තුලම මම හිටියේ දීර්ග නින්දක..ගිය අවුරුද්දේ වගේ තමයි මම අවදි උනේ //

      කූඹින්ට මම ආසා නෑ. සහන්ගේ කතාව කියන්ට. මම හැමදාම එනවා...:D

      Delete
    5. එවැනි කතාවක් අනිත් අය කොහොම බාර ගනීද දන්නේ නැහැනේ පොඩ්ඩි.. බොහෝ දෙනා බලන්නේ සඳ දිහා නෙවේනේ ඇඟිල්ල දිහානේ... මම සාමාන්‍ය මට්ටමේ දේවල් නම් මේ වෙද්දීත් ලියලා තියෙනවා සමහර පෝස්ට් තුළින් ....

      Delete
    6. මම එහෙම දෙයක් දැනුවත්ව කිව්වේ නෑ සහන් සමාවෙන්න අයුතු යමක් කිවවුනානම්. පොඩ්ඩි කිව්වා වගේ සහන්ගේ කතාව කියන්ට. මම හැමදාමත් එනවා

      Delete
  41. ශාන් මහාතාණනි ඔබට ඊමේලයක් එවුවා බ්ලොග් ටෙම්ප්ලේට් එක ගැන විස්තාර අහගන්න අදහසින් ටිකක් බැලුවනම් සහ උත්තර එවුවනම් හොදයි නේද ? :(

    ReplyDelete
    Replies
    1. ඔමාවනි ,,,

      මා හට කිසිදු මේලයක් පැමිණ නැත. පසුගිය රාත්‍රියේ ශානු ඒවා තිබු මේලය නම් ලැබුණි.එහෙත් වෙනත් නමකින් කිසිදු මේලයක් ලැබී නොමැති බව අතිශය සංවේගයෙන් යුතුව දැනුම් දෙමි...

      silentsahan@gmail.com යන ලිපිනයට නැවත උත්සාහ කරන්න...

      ස්තූතියි...

      Delete
  42. මමත් මේ කරන්න හරි හමන් ප්‍රයෝජනවත් වැඩ ගැන හිත හිත ඉන්න ගමන්... මේ වගේ අලුත් දෙයක් අත්හදා බැලුව නම් හරි.. හැබැයි ඉතින් මේ ඉන්න කොන්ඩෝ ව ඇතුලේ ඔය කුබි ගුලක් හදන්න ට්‍රයි කරනවා කියන්නේ කුබින්ට සහ මට උන් හිටි තැන් අහිමි වෙනව කියන එක... ඉස්සර ගෙදර හිටපු කාලේ නම් නියමෙට කරන්න තිබ්බ වැඩක්..

    ReplyDelete
    Replies
    1. පැතුම් මේ වැඩේ ඝන අඩි 3 ක වගේ ඉඩක කරන්න පුළුවන්... ඔයා බය නැතුව කරන්න... අවුරුදු දෙක අවසානයේ කැලෑබද පෙදෙසකට කූඹින්ව මුදාහරින්න...........

      Delete
    2. පැතුම්ට ඕනෙ නම් ඉතිං කැරපොතු ගුලක් වවාගන්න බැරිය ?

      Delete
  43. මං කැමති නිදහසේ ඉන්න කූඹි දිහා බලං ඉන්නයි..

    ReplyDelete
  44. niyama vinodanse. ape weyath oya wage thama. balan inna asai.

    ReplyDelete

ඔබ කමෙන්ටුවක් දමයි නම් කරුණාකර මෙහි කමෙන්ටු E mail subscribe කරන්න .. නැතිනම් පිළිතුරු මග හැරී යනු ඇත ...

කමෙන්ට් යනු ඔබගේ අදහස් ප්‍රකශ කිරීමට සලසා ඇති ඉඩයි. සිතුවිලි ලියා තැබුණු විට අන් අයටද ප්‍රයෝජනයක් විය හැක !

http44444444://1.bp.blogspot.com/-F0lMkO9hSe8/UjM37DArTZI/AAAAAAAAAwo/wtP9O0K_6UE/s1600/543431_208554675978924_1215099537_n.jpg15099537_n.jpg

සහයෝගය දක්වන වෙබ් එකමුතු ...

මාතලන්ගේ සින්ඩිය...api apita Blog Readerlankeeya sithuwililankeeya sithuwili lankeeya sithuwili