දැන්වීම් පුවරුව . ( පින්තූර මතට මවුස් පොයින්ටරය රැගෙන යන්න )

දැනට වසර දෙකක පමණ සිට සෑම සතියකටම වරක් ලිපියක් හෝ දෙකක් පළ කළෙමි. සිත් ගත් ලිපියක් වේ නම් හිතමිතුරන් අතරත් බෙදාගන්න.

මෙම වෙබ් අඩවිය ලෝඩ් වීමට පමා වේ නම් මෙම ලින්ක් එක භාවිතා කරන්න.

Go and get Sinhala Unicode to your Computer
Face Book Link Share.

November 6, 2013

ලෝකාශ්වාදයේ පළමු අද්දැකීම කෙබඳුද ? You showed me how to do.



                  මේ ලිපිය කියවන බොහෝ දෙනෙක් ලිංගික එක්වීමක මිහිර අත්දැක ඇත. සත්වයන්ගේ ලිංගික ක්‍රියාකාරකම්  සහ මනුෂ්‍යයන්ගේ ලිංගික ක්‍රියාකාරකම් අතර  යම් යම් වෙනස් කම් ඇතැයි සලකති. ඊට හේතු වශයෙන් දක්වන්නේ වන සත්වයන් ලිංගික එක් වීම් හි නිරත වන්නේ හුදෙක් ප්‍රජනනය සඳහා පමණක් බවත් , මනුෂ්‍යයන් ලිංගික ඇසුරක පහස ලබන්නේ හුදෙක් ප්‍රජනනය පමණක් නොවන බවත් පවසමිනි. ( අනේ මාව නම් අල්ලගන්න එපා මේවට .මන් නෙවේ ඕක කියන්නේ )

            කාන්තාවක් හා පුරුෂයෙක් අතර ඇති වන බැඳීම ලිංගික ඇසුරක් දක්වා යෑමට නම් තවත් කරුණු කීපයක් සම්පූර්ණ විය යුතුය. ආදරය සහ සෙනෙහස , විවාහ බලාපොරොත්තුව , එකිනෙකා සමග යහන් ගත වීමට අවශ්‍ය මානසික වටපිටාව මේ අතරින් ප්‍රධානය. සිප වැළඳ ගැනීම් , තුරුළට ලං කරගැනීම , ස්පර්ශය , සහකරුගේ සරාගී ඉරියව් රස විඳීම තුළින් ලබන මිහිර මිහිපිට වෙන යම් දෙයකින් ලබාගත නොහැකියි.






         බුදුරජාණන්වහන්සේ දේශනා කර ඇති ආකාරයට කාන්තාවක සහ පුරුෂයෙකු අතර ඇති වන බැඳීම තරම් සසරට ඇද දමන  බැඳීමක් මේ ලොව වෙන නැහැ. මේ බැඳීමට ලක් වූ තරුණ සිතක හැගීම් කෙසේ ඇතිද ? ඒ අතරිනුත් පළමු ලිංගික එක් වීම කෙසේ වනු ඇතිද ?



                    You showed me how to do  ගීතය ලියැවී ඇත්තෙත් ස්ත්‍රී පුරුෂ එක් වීමක  මිහිර පදනම් කර ගනීමිනි. Jim McGuinn සහ Gene Clark විසින් 1964 දී ලියවුණු පද පෙළ මුල්ම වරට ගීතයක් බවට පත් කරනු ලැබූවේ එවකට  ඉහළම ජනප්‍රියත්වයක් ලබා සිටි  The Turtles නම් වූ සංගීත කණ්ඩායම විසිනි. එසේම මා සහෝදර ------ ( ඔහු පුද්ගලික මාධ්‍ය ආයතනයක හිමිකරුවෙක්. මේ දේ කිව්වේ ඇතැම් අයට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් නිසා ) පවසන පරිදි එම ගීතය ලැබූ ඉහළ ජනප්‍රියත්වය නිසාම වෙනත් සංගීතවේදීන් විසින්ද එහි සංස්කරණයන් ඉදිපත් කරනු ලැබූවා. ඇතැම් සංස්කරණ පිළිතුරු ගී ලෙසද ඉදිරිපත් වූවා. 80 සහ 90 දශකයේදී රාත්‍රී සමාජශාලා වලට උචිත ලෙස මේ ගීතය වෙනස් වීමද ඇරඹුණා. ගීතයකට අර්ථයන් රාශියක් පැවතිය හැකිය. 80 දශකයේ ලොව පුරා පැතිර ගිය මත් ද්‍රව්‍ය සහ කාම උන්මාදය නිසා එවකට නිකුත්ව ඇති ඇතැම් සංස්කරණ තුළ මත් ද්‍රව්‍ය භාවිතයේ අනිටු පළ ගැන කියවුණු  පද වැල්ද ඇතුළත්. නමුත් මුල්ම ගීය ලියැවී ඇත්තේ රති සුවයේ මිහිර පදනම් කර ගනිමිනි.


==========================


You showed me how to do
Exactly what you do
How I fell in love with you
Oh, oh, oh, it's true
Oh, oh, I love you

                රති සුවය ලැබීමේදී මුල්ම පියවරයන් තබන්නේ බොහෝ විට පුරුෂ පාර්ශ්වය විසිනි. පළමු සිප ගැනීමට , පළමු වැළඳ ගැනීමට ඉස්සර වන්නේ පුරුෂයන්ය. ඔවුන් රතියට පළපුරුදු කාරයන්ය. සරාගී නෙතින් තම සහකාරිය දෙස බලන විට ඇයගෙන් ලැබෙන්නේ ලජ්ජා බර ප්‍රතිචාරයන්ය. ඇයට ලං වන්නට වන්නට ; ඇය හා තව තවත් බැඳෙන්නටත් , ඇයව තම වසඟයට ගන්නටත් ඔහු පෙළඹේ. තවත් ඉදිරියට යාමේදී පෙර තිබු බිය සහ චකිතය තුරන්ව ගොස් ආශ්වාදය සඳහා සිතුවිළි පහළ වීම සිදු වේ. පළමු පද දෙක මගින් පෙන්නුම් කරන්නේ පළපුරුදුකාරයාගේ පෙම් බස්ය. තෙවන පදය මගින් ලොකාශ්වදයට සිත් පහළ වීමද අවසන් පද මගින් ඔවුන් ඒ මිහිරි මතකය අවදි කරන ආකාරයත් කියැවේ.



You showed me how to say
Exactly what you say
In that very special way
Oh, oh, oh, it's true
You fell for me too

                  සිප ගනිමින් , තව තවත් තුරුළු වෙමින් පෙම් බස් දොඩනා අයුරු හා අනිකාගෙන්ද එවැනිම ආදර බර වදන් ලබනා සැටි ඉතා මිහිරිය. වෙනදා සිනහා වෙමින් සිටි ඔබ නොවේ අද මේ සිටින්නේ. අද ඔබ වෙනමම කෙනෙක් . ඉතා සරාගීයි . ඔබේ වදන් මින් පෙර මෙපමණ මිහිරක් දී නැහැ. මේ හැගීම විශේෂයි. හරිම විශේෂයි . ආගන්තුකයි . එහෙත් මා එයට කැමතියි . බොහෝ සෙයින් කැමතියි . ඔව් මගේ ප්‍රියයාණෙනි එය හරිම මිහිරියි. එන්න මා වෙතට . ගෙන දෙන්න මා වෙත මිහිර.

And when I tried it
I could see you fall
And I decided
It's not a trip at all

                  රති සුවය විඳීමට නම් දෙදෙනාගේම සහයෝගය අත්‍යාවශ්‍යයය . එක් අයෙකුගේ උවමනාව තිබු පමණින් එහි රසය විඳිය නොහැකිය. එසේම එක් අයෙකු අනෙකාගෙන් මිහිර ලබන විට එයට ඉඩ දිය යුතුය. තම ප්‍රියයා උපරිම රසයක් ලබා ගන්නා  තෙක් ඉවසා සිටිය යුතුය. මෙය පුදුමාකාර වූ දෙයකි. ඔව් . දැන් මා දන්නවා මෙහි සැඟව ඇති රටාව. ලෝකාශ්වාදයේ සැඟවුණු මිහිර මා දැන් දන්නවා. එය කිසි සේත්ම  මින් පෙර අප අත් අල්ලා ගියාවූ ගමන් තරම් සරළ නොවන බව මට වැටහේ. මගේ මිහිර එන්න මා වෙත ...

You taught it to me too
Exactly what you do
And now you love me too
Oh, oh, oh, it's true
We're in love we too

             ඔබ කියා දුන් දේ හරි මිහිරියි. මා ඒ රසයට කැමතියි.. බොහෝ සෙයින් කැමතියි. දැන් මට දැනෙන්නේ මගේ ඇතුළාංතයෙන්ම මා එය විඳින බවයි.  ඔව් එය ඇත්තමයි . ඔබද මට ලංව ඇති බව දැනෙනවා. මින් පෙර ඔබ  හා මා මෙපමණ ලංව තිබු බවක් මට දැනී නැහැ. ඔව් එය ඇත්තමයි . අප දෙදෙන බොහෝ සෙයින් ලංව ඇත. අප අතර තිබු සීමා මායිම් ඉවත්ව ඇත.මගේ සොඳුර එන්න මා වෙත .

Na na na na na na
Na na na na na
Na na na na na
Oh oh oh oh oh
We're in love we two
We two

             එන්න මගේ සොඳුර . මා ප්‍රීතියෙන් ප්‍රීතියට පත් කරන්න. තව දුරටත් අප අතර සීමා නැහැ . අප මේ සුවය විඳිමු. අප දැන් ආදරයෙන් බැඳිලා . එන්න සොඳුර . . . Oh oh oh oh oh  .. .. .. ... ... ...


You showed me how to do
Exactly what you do
How I fell in love with you
(You...)

Showed me how to say
Exactly what you say
In that very special way
(You...)

Taught it to me too
Exactly what you do
And now you love me too
Now you love me too



Na na na na na na
Na na na na na
Na na na na na
Oh oh oh oh oh
We're in love we two
We two

             මා ප්‍රීතියෙන් ප්‍රීතියට පත් කරන්න. තව දුරටත් අප අතර සීමා නැහැ . එන්න අප මේ සුවය විඳිමු. අප දැන් ආදරයෙන් බැඳිලා . එන්න සොඳුර . . . Oh oh oh oh oh  .. .. .. ... ... ...

.........









ප.ලි. මෙහි මුල්ම පටිගත කිරීමේ සිට සියලු වර්ෂන් මා සතුව පවතී. එහෙත් මා දැනට බ්ලොග් අඩවියට එක් කරන්නේ Lutricia McNeal විසින් 2002 දී ගයනු ලබන පිළිතුරු ගීයකි. එයට හේතුව මුල් වර්ෂන් තුළ ඇති යම් යම් ගී ඛණ්ඩ  තුළින් ඔබේ රසාස්වාදයට බාධාවක් විය හැකි නිසාවෙනි. ( පළමු වර්ෂන් වල මෙලඩිය මේ තරම් ලස්සන නැහැ. මැද්දෙන් මරලතෝනියක් තියෙනවා.. ) එසේම මුල් ගීතයේ පද පෙළට සුළු වශයෙන් වෙනස් කම් කීපයක් කරලා තියෙනවා පිළිතුරු ගීයක් නිසා.


NOTE : පිරිමි සංගීත කණ්ඩායමක් විසින් ගැයුවද මුල් ගීය ලියා ඇත්තේ ස්ත්‍රියකගේ කෝණයෙන්. බ්ලෝග අඩවියේ ඉදිරිපත් කර ඇති Lutricia McNeal විසින් ගයනු ලබන ගීය පිළිතුරු ගීයකි. ඒ නිසා සියුම් පැටලීමක් එන්න පුළුවන්. පටල ගන්න එපා.

එසේම විවිධ වර්ෂන් වලදී මුල් පද පෙළ සුළු වශයෙන් වෙනස් කර විවිධ අර්ථකථනයන් දී තිබෙනවා. පටල ගන්න එපා.

ගීතය ලබා ගැනීමට අවශ්‍ය නම්

මේ ගමන්ම අපේ ශානු ඉතාලියේ ඉඳන් ලියන බ්ලොග් එකටත් ගොඩවෙලා ෆලෝ කරලා , පෝස්ට් කියවලා , කමෙන්ට් කරලා එන්න එයාට සහයෝගයක් විදිහට .. ලස්සන ලස්සන පෝස්ට් ගොඩක් ඒකෙ තියෙනවා දැක්කා ....මුහුදු පාරාදීසය
---------------------------------------------------------------------------------------------





සල්ලාල බිරිඳට ලියු පෙම් පත . Domino Dancing - PET SHOP BOYS 1987


දේව භක්තිය... Aesop's Fables.


තම මව තුලින් ලෝකය ගොඩ නගන දුවණිය| A little girl,dreaming about her mom


වසර සීයක් ආපස්සට|මාගේ පුතුගේ පුතුට හෝ සෙවණක් දිය හැක් වේද මට ?

අහිංසක ආදර කතාවක්!සියල්ල හැර යාමට මත්තෙන්



ඔයා බැඳලද ? මන් දන්නේ නැහැ | මොකා ! ( WTF )?


Happy Valentine's Day My Love!


නුවරුන් තනා ලූ උගුලේ වැටී , සඳ ගිරි හිසේ ලූ කිඳුරෙකුද මේ ප්‍රාණය යදින්නේ ? Love of goddess.


යම ලොවට අධිපති යම රජ|.A horror story.


හා පැට්ටගෙ ආදරේ... ( You fucked your honey bunny )




110 comments:

  1. සහන පොට්ටුව කියෙව්වා සින්දුව අහන්න විදියක් නෑ ඔපීසියේ නිසා ...... අහලම බලන්නම්කෝ කලින් අහලා තියන වර්ෂන් එකමද කියලා

    ReplyDelete
    Replies
    1. මන් දැන් දාලා තියෙන්නේ ඉලෙක්ට්‍රොනික් බීට් එකක් දාපු එකක් ... පරණ එක නම් මට අල්ලන්නෙම නැහැ කොච්චර කරත්... රයිට් ගෙදර ගිහින් අහලා බලන්න ...

      Delete
  2. සහන් පුරුෂයෙක්ට කාන්තාවකගේ දර්ශනය, ස්පර්ෂය, තරම් වටිනා දෙයක් තවත් නැහැ. කාන්තාවකටත් එසේමයි. බුදුන් වහන්සේත් එය අනුදැන වදාරා තිබෙනවා. බුදු දහම තරම් ලිංගිකත්වය පිළිබඳ කතා කළ දහමක් ලොව නැහැ. ඒ තරම්ම වටිනා දේ එහි ඇතුල් වෙනවා. ඔබට මතක ඇති මම කාලෙකට කලින් බුදු දහම හා ලිංගිකත්වය පිළිබඳ ලිපියක් ලිව්වා.
    ගීය අහන්නම් අද රෑට ගෙදර ගිහින් දැන් වැඩ වෙලාව.
    ඔබට ස්තුතියි මෙය ලිව්වාට.

    පුද්ගලයෙක් ගේ පරම යුතුකම මොකක්ද?????????????
    .
    .
    .
    පරපුර බෝ කිරීම. හෙවත් ප්‍රජනනය.
    මෙකෙන් තොර ලොවක් තියනවද?? අනිත් හැම දේම අපි පටලවා ගත්ත දේ මිසක් ස්වභාව ධර්මය නෙමේ.

    ReplyDelete
    Replies
    1. මේ දවස් වල මගේ අතීතය මතක් වෙලා ඉන්නේ වෙද මහත්තයෝ.. මාව අවුරුදු ගාණකින් පිටුපස්සට ගෙනියන්න සමත් දෙයක් මම අත්දැක්කා.. තාමත් එදා ශාන්මයි ..මන් හිතුවේ මන් වෙනස් වෙලා ඇති කියලා..බලද්දී එහෙම නැහැ... එදා ශාන්මයි... ජීවත් වෙන බව දැනීම තරම් සතුටක් වෙන තියෙනවද ...?


      \\\සහන් පුරුෂයෙක්ට කාන්තාවකගේ දර්ශනය, ස්පර්ෂය, තරම් වටිනා දෙයක් තවත් නැහැ. කාන්තාවකටත් එසේමයි.\\\\

      පුරුෂයෙක්ව අවදි කරන්න පුළුවන් කාන්තාවකට විතරමයි. බොහෝ දෙනා මෙවැනි මාතෘකා විවෘතව කතා බහ කරන්න මැළිකමක් දක්වනවා. ඒත් ලෝක සත්‍යට පිටු පාන්න අපිට බැහැ. මන් මේ ගැන තවත් පෝස්ට් එකක් දාන්න ඉන්නේ... ඔබේ අදහස් ඒකට නම් අවශ්‍යමයි...

      රති සුවය කියන්නේ ඉතාම හොඳ ඔසුවක් මනසට වගේම කයටත්..!

      Delete
    2. සහන් මල්ලියා දෙසැරයක්ම කියෙව්වා..
      තව සැරයක් කියව ල එන්නම් ...
      ලන්ච් එකට ඉස්සෙල්ල දෙකක් නමාගෙන :):)...

      Delete
    3. ////තාමත් එදා ශාන්මයි////
      "ශාන්" ද? "සහන්" ද?

      Delete
    4. සහන් කියන නමට මන් කැමතියි ...:)

      Delete
    5. @ කෙන්ජි අය්යා ...

      රයිට් රයිට් අපිටත් එක්ක දාගෙන එන්න ...................

      Delete
    6. මො‍කද මේ අඹ අමුතු එකක් දැම්මේ

      Delete
    7. මුළින්ම ආදරේ කරපු කාලේ මතක් උනා අටම් හේතුවක් නිසා ...

      Delete
  3. සහන් මේකටත් අර පිස්සා ඇවිත් විකාර කියවයි. බලාගෙන .

    ReplyDelete
    Replies
    1. පිස්සෙක් කවදාවත් හිතන්නෙ නෑ තමන්ට පිස්සු කියලා ........
      Do n't worry .. .. I wont come .. .. ..

      Delete
    2. අනේ මාව නම් අල්ලගන්න එපා මේ හතර බීරි කතා වලට ....මේවගේ යටි අරුත් මන් දන්නේ නැහැ...

      Delete
    3. පිස්සෝ තමයි දකින්නේ අනෙක් අයටත් පිස්සු කියලා.

      Delete
    4. [co="red"]ඉහල කමෙන්ට් එකෙහි විශ්ව රංගනාත් නමින් පෙනී සිට ඇත්තේ මම නොවන බව කරුණාවෙන් සලකන්න. එය කවුරු හෝ Anonymous කෙනෙකුගේ වැඩකි. මෙම කමෙන්ට් එක දමා ඇත්තේ මගේ නම සහ සහන්ගේ profile එක යොදාගෙන වේ. කවුරු හෝ කමෙන්ට් කරන විට Name/URL තෝරා මගේ නම දමා කමෙන්ට් කර ඇත. එසේ කර ඇති දෙයක් බව පෙනීමට profile image එකක් නොමැති කම සාක්ෂි දරයි[/co]

      Delete
    5. කවුරු නමුත් මගේ නමින් දමා ඇත්තේ හොඳ කතාවකි.

      Delete
    6. මන් ඒ කමෙන්ට් එක ඉවත් කරා විශ්ව...

      Delete
  4. "මේ අගමුල නොවිසඳුණු ගැටලුව මගේ හිස ගිනිතියද්දී ,ගැටලුව විසඳීමට භාරගත් රහස්පරීක්ෂකයා හෝම්ස් ඉතාම තැන්පත් වූ පෙනුමකින් යුක්තව මිහිරි වීණා නාදයක් කරමින් සිටියී " - දොස්තර වොට්සන්

    " චන්ද්‍රිකාවක සැකැස්ම මෙසේයි තේරුම් ගැනීමට මා පෙර පොස්ටුවක් කියවමින් කැස කවද්දී ..සයිලන්ට් සහන් ශෘංගාරාතමක ගීයක අර්ථය පහදමින් සිටී " - ඉවාන් පවුලූශා

    ReplyDelete
    Replies
    1. පුහ්..ඉවාන්.. නියමයි.. :) :) :) :)

      Delete
    2. @ ඉවාන් :)

      මන් ඉවාන් ඉතාම ආසාවෙන් කලේ එකම එකම ජොබ් එකයි ජීවිතේට..ඒ මගේ වයස 14 වගේ ඉඳලා 18 විතර වෙනකම් කාලේදී..සංගීතයට සම්බන්ධ දෙයක් ඒක.. ඒ කාලේදී පුදුමාකාර සතුටක් ලැබුවා ... එකම සින්දුවේ වර්ෂන් 80 , 90 පවා මා ළඟ තිබ්බා. පස්සේ මන් ඒ ජීවිතෙන් අයින් උනා. සියලු දේවල් වලින් ඉවත් උනා..(අන්සාර් , නෞෂාඩ් , තාරික් , ශිරාන් මගේ සමකාලීනයෝ ..) නමුත් අදට උනත් ගීත අහන එක අඩු වෙලා නැහැ , එයින් ලොකු සතුටක් ලබනවා.

      මන් මේ ඉන්න ගෙදර කම්පියුටර් එකේ හාර්ඩ් එකේ සහ DVD විදිහට සින්දු තියෙනවා ලක්ෂ කීපයක්. ( දැකලා ඇති නේද මම නෙට් එකේ නැති ගීත දීලා තියෙනවා ) DVD නම් බාගෙට බාගයක් පරණ වෙලා...ඒ ටික දකිද්දී අතීතයට ගියා මාව...හරිම ලස්සන අතීතයක්...

      @ ඇල්බන් අය්යේ

      ඉවාන් කියන්නේ ඉතින් සුපිරි ලියන්නෙක් නෙව... පේනවනේ .... :)නීරෝත් වීණාව වාදනය කරාලුනේ රෝමය ගිණිබත් වෙද්දීත්.. මන් සංගීතයට ඉතාම ආසයි..

      Delete
  5. හොඳ ලිපියක් අර්ථවත් ගීතයක් ගැන ලියපු. මම මේක කලින් අහලා නැහැ.

    //රති සුවය විඳීමට නම් දෙදෙනාගේම සහයෝගය අත්‍යාවශ්‍යයය . එක් අයෙකුගේ උවමනාව තිබු පමණින් එහි රසය විඳිය නොහැකිය. එසේම එක් අයෙකු අනෙකාගෙන් මිහිර ලබන විට එයට ඉඩ දිය යුතුය.// රති සුවය මුදලට ගන්න ගියහම නියම විඳීම නොදැනෙන්න ඕන හොඳට හිතලා බැලුවොත්. එහෙම නම් සහන් ඒ ව්‍යාපාරය සාර්ථක වෙන්නේ කොහොමද

    ReplyDelete
    Replies
    1. සාර්ථක වෙන්නෙද ? උඹ වගේ හාවො හින්දා

      Delete
    2. \\\\\රති සුවය මුදලට ගන්න ගියහම නියම විඳීම නොදැනෙන්න ඕන හොඳට හිතලා බැලුවොත්. \\\\\\

      ඔව්. අනිවාර්යයෙන්ම .... ( දැන් හිතට එන ප්‍රශ්නයත් මන් දන්නවා )

      \\\\\\\\\\\එහෙම නම් සහන් ඒ ව්‍යාපාරය සාර්ථක වෙන්නේ කොහොමද \\\\\\\

      පෙම්වතිය හෝ බිරිඳ සමග ලෝකාශ්වාදයට පෙළඹීම සහ වෛශ්‍යාවක් හා යහන් ගත වීම කියන්නේ දෙකක්... හුදෙක් ලිංගික අවශ්‍යතාව සඳහා ස්ත්‍රියක හා එක්‌වීමයි බොහෝ විට වෛශ්‍යාගාරයකදී වෙන්නේ.. ( වෛශ්‍යාවන් හා පෙමින් බැඳෙන අයත් ඉන්නවා. ඒක මෝඩ කමක් ..මේ ගැන ඉවාන් ඉහළම මට්ටමේ කතාවක් ලියලා තිබුණා .... ප්‍රේමය නම් )

      පෙම්වතිය හෝ බිරිඳ සමග රති සුවය විඳින්නේ හුදෙක් රාගය නිසා නෙවේ නේද ...? ( මේක ඉතින් පිරිමියගෙන් පිරිමියාට වෙනස් .. 100% කියන්න බැහැ )

      Delete
    3. \\\\\රති සුවය මුදලට ගන්න ගියහම නියම විඳීම නොදැනෙන්න ඕන හොඳට හිතලා බැලුවොත්. \\\\\\

      ඔව්. අනිවාර්යයෙන්ම එක මම අත්දැකීමෙන් දන්නවා. පොඩි වෙනසක් බලාගෙන මමත් කිහිප විටක් ඔය ටත් වලට ගියා. ඒ හැමදාම අන්තිමට ඉතුරු වුනේ අය්යෝ සල්ලි කියන හැගීම තමයි. මම හිතන්නේ ලංකාවේ ගණිකාවන්ට එම සේවය සැපයීම පිළිඹඳ වෘර්තීය පුහුණුවක් දිය යුතුයි. ඔය ජොබ් එක කරන උන් දන්නේ පළල් කරන් ඉන්න විතරයි. කිසි උවමනාවක් නැහැ. මම හොන් කොන් ගිය වෙලාවක නම් නියම එකෙක් සෙට් කරගත්තා. එකී මම මෙහෙ ඉඳන් ඔන්ලයින් සෙට් කරගත්තේ. සහන්ටයි විශ්වටයි දෙන්නටත් අත්දැකීම් තියෙනවා කියලා පේනවා.

      Delete
    4. නැහැ. මන් කිසිම දවසක අනියම් ඇසුරක් පවත්වා නැහැ...

      Delete
    5. අත් දැකීම් අවශ්‍ය නැහැනේ අනෝ යමක් හිතන්න. සල්ලි ගෙවලා කුණු හිල් වලට ඔබන්නේ මොකටද?

      Delete
  6. //කාන්තාවක් හා පුරුෂයෙක් අතර ඇති වන බැඳීම ලිංගික ඇසුරක් දක්වා යෑමට නම් තවත් කරුණු කීපයක් සම්පූර්ණ විය යුතුය. ආදරය සහ සෙනෙහස , විවාහ බලාපොරොත්තුව , එකිනෙකා සමග යහන් ගත වීමට අවශ්‍ය මානසික වටපිටාව මේ අතරින් ප්‍රධානය//

    ඔව්වා නැතුව මේ ලෝකෙ කස්ටිය බුදියන්නෙ නැද්ද ආයුබොවන්.... ගණිකාවන්ටත් ලව් කරන්ඩ කියලැයි ඔහේ අපිට කියන්නෙ.....

    ඒ නැතත් ඔය මළ දාන මුකුත් නැතිව තනිකර ලිංගික අවශ්‍යතාවයටම ඔය වැඩේ කරන කීයක් දෙනා ඉන්නවද.....

    වෙදා කිව්වා වගේ බුදුන් වැදලා හුxxx ගියොත් නම් ඉතින් අබ සරණයි......

    ReplyDelete
    Replies
    1. ලෙඩ දාන්නේ නැතුව හිටින් ...වෙස් මූණු දාගෙන හිටියත් පවුල් කැඩෙන වැඩ මේවා ..:)

      Delete
  7. ස්තූතියි සහන් අතීතය මතක් කලාට.

    මම නම් මේ ගීතයේ කැමතිම salt 'N' Pepa ලගේ වර්ශන් එකට.

    ලි0ගිකත්වය සම්බන්දයෙන් ලන්කාවෙ අපි ඉන්නේ බොහෝ පහළ තැනක නේද? අපේ මනසට පොඩි කාලෙ ඇතුල් කරල තියෙන්නේ ලි0ගිකත්වය කියන්නෙ වැරදි දෙයක් හැටියට. මට මතකයි ටීවී ආපු දවස් වල සිප ගැනීමේ දර්ශනයක් යනව නම් අම්මා කියනව "චික් ජරාව" කියලා. කසාද බැදල ලමයි හම්බවුනාම ලන්කාවෙ බොහෝ කාන්තවන් ලි0ගික කාර්යයට "කම්මැලි" වෙන්නත් මේ මානසික කා වැද්දීම හේතු වෙලා ඇති.

    මම ලගදි අහපු දෙයක තිබ්බා විවාහයක් සාර්තක වෙන්න නම් කරුනු තුනක් තියෙන්න ඔනෙලු.

    1. එකිනෙකා කෙරෙහි ලෙන්ගතුකම. මේකෙන් අදහස් කරන්නෙ එකිනෙකාගෙ හැගීම් අනෙකාට තේරෙනව කියන එක. "මොකද අනේ ඔයා අද හිතේ අමාරුවෙන්" කියලා අහන්නෙ ලෙන්ගතුකම නිසා.

    2. එකිනෙකා කෙරෙහි කැපවීමෙ ප්‍රමාණය. "ඔයාට ඔලුවෙ කැක්කුම තියෙනවනම් ගිහිල්ල බෙහෙත් ගන්න" කියල වැඩක් නැහැ එක්කගෙන ගිහිල්ල බෙහෙත් අරන් දෙන්නෙ නැතිව. සම්බන්දතාවයකදි අනිවාර්යෙන්ම තමන්ගෙ පෙර ජිවිතය සහ පෙර පුරුදු වෙනස් කරන්න වෙනවා.

    3. ලි0ගික ආකර්ශනය. ගෑනුළමයෙක් දැක්කම එකෙකුට ආකර්ශනයක් ඇතිවෙන්නෙත් අනෙකාට එහෙම නොවෙන්නෙත් ලි0ගික ආකර්ශනය විවිදාකාර නිසා. ඒක නිසා අනිවාර්යයෙන් එකිනෙකා කෙරෙහි ලි0ගික ආකර්ශනයක් තියෙනවද කියා බැලීම වැදගත්. නමුත් අපේ සාමාජයේ නොබලන්නෙත් මෙයයි.

    අනෙකුත් රටවල ලි0ගිකත්වය කොච්චර එලිපිට කතා කරන දෙයක්ද කියල පේන්නෙ, හැටේ දශකයෙත් මේ වගේ ගීත රචනා වෙන කොට.

    ReplyDelete
    Replies
    1. අ0ක 2 විතරක් තිබුනම මදිලු ඉවාන්. අනිත් ඒවත් හරි හරියට තියෙන්න ඕනෙලු..!

      Delete
    2. @ ඇල්බන් අය්යේ

      සාර්ථක විවාහයක් සඳහා අවශ්‍ය කරන කරුණු ගොඩක් එකතු කරලා ලියපු පෝස්ට් එකක් කතන්දර දාලා තිබුණා.. ඒක නම් පුදුමාකාර වැදගත් ලිපියක්..හැමෝම කියවන්න ඕනේ... මේ තියෙන්නේ ලින්ක් එක.... මන් කළින් දාපු "සල්ලාල බිරිඳ" පෝස්ට් එකේදී කකා ලින්ක් එක දාලා තිබ්බා.... අනිවාර්යෙන් ඒ පෝස්ට් එක හැමෝම බලන්න.. http://kathandara.blogspot.com/2012/04/necessary-condition-for-successful.html

      ඔයාලා අපි හැදුන වැඩුන කාලේදී ලංකාවේ තිබුණේ " ලිංගිකත්වය " කියන වචනෙත් කුණුහරුපයක් විදිහට සළකන යුගයක්.. මට හොඳට මතකයි මුවට මුව සිප ගැනීමේ දර්ශන ඉවත් කල ආකාරය. සාමාන්‍යයෙන් රූපවාහිනී සම්ප්‍රේෂණයෙදී යටත් විය යුතු රෙගුලාසියක් තමයි ෆකින් ඕඩියෝ සහ වීඩියෝ යවන්න බැහැ වැඩිහිටියන්ට පමණක් සුදුසු බලපත්‍රයක් නැත්නම්.( ලයිසන් එක තිබ්බත් යවන්න පුළුවන් ඒ නියමිත කාලයේදී විතරයි )

      නමුත් ලංකාවේදී උනේ බෙල්ල සිප ගැනීමේ දර්ශනයක් වත් ගහන්න දුන්නේ නැහැ සංස්කෘතියට හානියක් කියලා. එහි අවසාන ඵලය >>> පුදුම අමාරුවක් තියෙන ජාතියක් බිහි වීම.. ඔන්න මෙන්න තියලා වීඩියෝ නවත්තන එකෙන් බරපතල මානසික හානියක් වෙනවා ප්‍රේක්ෂකයන්ට.. අර නැවතුණු කෑල්ලේ මොනවද තියෙන්නේ කියලා දන්නේ MCR එකේ අය විතරයි .. බොහෝ විට ඇති දෙයක් නැහැ.. ( "ඇති දෙයක් නැහැ" කියන්නේ මාත් ඒ ටික බලපු නිසානේ..මට බලන්න ලැබුණේ නැත්නම් මටත් ඕනේ කම එනවා එතන තියෙන්නේ මොනවද කියල බලන්න )

      දැන් නම් බොහෝ සීමා ඉවත් වෙලා තියෙනවා නාළිකාවෙන් නාළිකාවට. පියයුරු පවා පෙන්නුම් කරන මට්ටමට දැන් ඇවිත් තියෙනවා ඇතැම් නාළිකා..( මන් නම් එයට ඉඩ දෙනවා )

      01. අනිවාර්යයෙන්ම ප්‍රේම සම්බන්ධයකින් හෝ විවාහයක් මගින් අපි බලාපොරොත්තු වෙන්නේ එය නේද ..? නැත්නම් මොකටද කොහෙවත් ඉන්න ගෑණියෙක්ට කන්න අඳින්න දෙන්නේ මැරීගෙන ... ? ( අවසාන වාක්‍ය සැර වැඩිද මන්දා )


      02. අනිවාර්යයෙන්ම .. තම ප්‍රියයාගේ සිතුම් පැතුම් වලට අනුව අපේ පුරුදු වෙනස් කරගන්න ඕනේ.. බිරිඳ කැමති නම් කකුල් උඩ දාගෙන නිදාගන්න සැමියා එය ඉවසා සිටින්න ඕනේ.. ( එහෙම නෝනලත් ඉන්නවා හරිය )

      03. අනේ ඔය 3 තේරුම් ගන්න බැරි කම නෙව මේ හෙණේ.. තුන ගැන අපි වෙනම දවසක කතා කරමු.. අනිවා අවස්ථාවක් දෙනවා අය්යේ...

      මට හොඳට මතකයි නලින්ගේ " කැකිරි පළුව " ගීතය ආව කාලේ.. ලංකාවේ අය හැසිරුණේ හරියට ගෑණියෙක් එක්ක බුදියලා නැති ගාණට ... හැමෝම පව් කාරයාට ගල් ගැහුවා ... ( ඒ ගීතය නම් ටිකක් සැර වැඩි ..මාත් පිළිගන්නවා ) "උන්මාද වූ ප්‍රේමාදරේ " ගීතය නම් නියමයි.. හැම දේම නියම ගාණට... අපි හැමෝටම ලිංගික සතුටක් අවශ්‍යයි .. නොවළහා පිළිගත යුතුයි මේ සත්‍ය..


      \\\\\ස්තූතියි සහන් අතීතය මතක් කලාට.\\\\

      මම ඉවාන්ට දාපු කමෙන්ට් එකේ මගේ අතීතයත් මන් මතක් කරලා තියෙනවා අය්යේ.. ඒකත් පොඩ්ඩක් බලන්නකෝ...මට නම් මේක තරම් සෝල්ට් ඇන්ඩ් පෙපර් එකත් හරියන්නේ නැහැ.. ටර්ටල්ස්ලගේ එකත් මැද්දෙන් අවුල ....මේකේ ක්ලබ් වර්ෂන් ටිකක් තියෙනවා ..සෑහෙන හොඳයි... ඒවා දාන්න බැරි නිසා රේඩියෝ එඩිට් එක අප්ලෝඩ් කරා...

      Delete
    3. ඔව් සහන් සමහර දර්ශන "කොටු ..කොටු.." දාන්නෙ මොකටද දන්නෙ නැහැ. මේ ලගදී හිරු ටීවී එකේ ගිය මර්ලින් සීරීස් එකේ කොටු දානවා. ටික දවසකින් පුතා ඔය සීරීස් එකම ඩවුන් ලෝඩ් කරලා තිබ්බා. එකේ මන් බැලුවා අර කොටු දාපු තැන් සමහරක මොන්වද තියෙන්නෙ කියල. ඇති දෙයක් නැහැ. පොඩි සිප ගැනීම් දර්ශන ටිකක් විතරයි.

      Delete
    4. දර්ශන mosaic කිරීම මගින් හානි වෙනවා ප්‍රේක්ෂක මනසට. මන් නම් බොහෝ විට උත්සාහ කරන්නේ අවශ්‍ය කොටස පමණක් mosaic කිරීමට . මුළු තිරයම mosaic කිරීම උචිත නැහැ..

      අය්යට පුළුවන් වෙලාවක මේ පෝස්ට් දෙක උඩින් පල්ලෙන් හරි බලන්න ....පුතාත් බලන්න ආස වේවි...

      ශ්‍රී ලාංකික මාධ්‍ය භාවිතය , එහි විකාශය හා වත්මන් තත්වය . වෙනසක් අවශ්‍යද ? ඒ කුමක්ද ?who-should-have-tv-channe


      රූපවාහිනී ආයතනයක ප්‍රධාන පාලක මැදිරිය

      Delete
  8. අර උඩ කියලා තියෙන කතා නං ටිකක් ඇත්තද කොහෙද.. වැඩිය කියන්ඩ යන්නේ නෑ :)
    සිංදුව අහලාම බලමු !

    ReplyDelete
    Replies
    1. අහලම බලලම කියන්න මධු... මන් හිතන්නේ උඩ ටික ඇත්ත ..නේද ... :)

      Delete
    2. මම නම් ඔය මොඩලයේ සිංදු වලට වැඩිය මනාපයක් නෑ. උබ කියන නීසා අහනේ නැතුවත් බෑ. ඒක ඩවුන් වෙන්න මාර වේලාවක් ගන්නවා බං. ඒ වුනාට බං 80-90 දශකවල අපේ රටේ හොඳ සිංදු නිශ්පාදනය උනා. අද සිංදු හුඟක්ම මෙලෝ රහක් නැති ඒවා.

      Delete
    3. @ කාවා

      අහලා බලන්න ..හිතට කියලත් සතුටක් තියෙන්න එපැයි ...

      Delete
  9. ශාන්, විශ්වගෙ ප්‍රශ්ණෙ නම් මටත් ආවා. දෙන්නගෙම එග්කගතාවය සහයෝගය අනිවාර්‍යෙන් අවශ්‍යයි.
    ඒත් ගණිකා වෘතියෙදි වගේම දූශණ සිදුවීම් වලදිත් එතකොට පිරිමියා සතුටු වෙන්නෙ කොහොමද කියන එක මට ප්‍රශ්ණයක්.

    ReplyDelete
    Replies
    1. එතනදී මට හිතෙන හැටියටනම් සිද්ධ වෙන්නේ සතුටක් ලබනවාට වඩා ,විකෘති මානසික තත්වයක් සංසිඳුවා ගැනීමයි.

      Delete
    2. එතැනදී තියෙන්නේ හුදෙක් රාගය ..ආදරය තියේ නම් කෙලසන්නේ නැහැ .. ඕනේ තරම් ක්‍රම තියෙනවා නේද ආදරයෙන් ඉන්නේ දෙන්නෙකුට ආශාව සංසිඳුවා ගැනීම සඳහා...?

      @ ඉවාන්

      ඒක 51 % විතර කාමාශාව නේද ..? කාලයක් තිස්සේ එකතු වූ හැගීම් පිට වෙන්නේ බෝම්බයක් පුපුරනවා වගේ ....අන්තිමට බෝම්බේ ගහපු කෙනත් අමාරුවේ , බෝම්බෙන් බැටකාපු කෙනත් අමාරුවේ...

      බෝම්බ නිෂ්ක්‍රීය කරන්න ඕනේ.. මේක තේරුම්ගන්න බැරි ආණ්ඩුවක් ඉද්දි අපි බණ කතා කරාට වැඩක් නැහැ ඉවාන්..තව තවත් බොරු සිල් රකින්න යාමෙන් වෙන්නේ මහ විනාශයක්.... කැබිනට් ඇමතිලම නීති විරෝධී ගණිකා හල් වල ඉඳලා අහු වෙන රටේ මේවා කතා කරලා වැඩක් නැහැ..

      Delete
  10. ලස්සනට සිංදුවෙ අරුත පැහැදිලි කරල තියෙනව.

    'පළමු වර්ෂන් වල මෙලඩිය මේ තරම් ලස්සන නැහැ. මැද්දෙන් මරලතෝනියක් තියෙනවා..' වැඩේ කරන අතරෙදි බෙල්ල මිරිකනවද දන්නෑ. :D

    ReplyDelete
    Replies
    1. \\\\\\\වැඩේ කරන අතරෙදි බෙල්ල මිරිකනවද දන්නෑ. \\\\\\\\

      හයි පිච් වලට යන්නේ සැඟවුණු අර්ථයක් දෙන්න තමයි..ඒත් ඒක ලතෝනියක් ... :(

      Delete
  11. සිංදුව නම් අහලා නැහැ ශාන්.. සින්දුවේ පැහැදිලි කිරීමට එකගයි .. ගොඩක් පුලුල් මාතෘකාවක්.

    ReplyDelete
    Replies
    1. ඇත්ත පත්තරේ... හොඳම දේ සිංදුව අහලා නිකන් ඉන්න එක...................... ( හිත හදාගෙන )

      Delete
    2. නැහැ නැහැ මන් කිව්වේ " ආදරය , සංස්කෘතිය , ගණිකා සේවය නීතිගත කිරීම " වැනි මාතෘකා ගැන කතා නොකර හිත හදාගමු කියලා.. කොච්චර කොරත් තවලම නෝ හෙල්ලුම් ... :(

      Delete
    3. මං හිතුවෙ වෙන සීන් එකක්..
      ත්‍රීවීල් එහෙක පිටිපස්සෙ ගහල තිබුන මෙහෙම මචං
      ලිඳ මගේ නම් මම ලිඳේ නම් - කාටවත් ඇයි වේදනා .. !

      Delete
  12. මේ මැදියම් රැයයි. සුන්දරියන් කැටුව ආ මිතුරන් තිදෙන තම කුටියන්හි නිදන්නට ගොසිනි. වල්ගය නැති ගොනුන් සේ එළියෙහි තනිවී, සයනයෙහි පෙරළෙමින් සිටින සිටින දෙමිතුරනට නිදි නො එන්නාක් සේය. මේ මානසික වදය තව දුරටත් දරාගත නොහී විමල් කුමාර ද කොස්තා ගොස් එක් කාමරයක දොරට තට්ටු කරයි. කිහිප වතාවක් තඩි බෑමෙන් පසුව ඇරෙන දොරින් ප්‍රේක්ෂකයා දකින්නේ මිතුරාගේ කෝපාශ්‍රිත මුහුණය. ඔහු පසුපසින් අඩ නිරුවත් පෙම්වතියගේ (ස්වර්ණා මල්ලවආරච්චි) වතද යන්තමින් පෙනේ. කොස්තා යමක් අසන මුත් එය ප්‍රේක්ෂකයාට නෑසේ. ඇසෙන්නේ මිතුරාගේ ප්‍රතිචාරයයි. “උඹට පිස්සුද බං?”

    කොස්තා ඉවත යන්නේ “අපිත් ලේ මස් ඇති මිනිස්සුනේ මචං!” කියමිනි.

    නිදහසින් පසු වසර හැටක කාලය තුළ ඩී. ඇස්. සේනානායකගේ සිට මහින්ද රාජපක්ෂ දක්වාත්, එන්. එම්. පෙරේරාගේ සිට රෝහණ විජේවීර දක්වාත්, එස්. ජේ. වී. චෙල්වනායගම්ගේ සිට වේලුපිල්ලෙයි පිරබාහරන් දක්වාත් සිංහල, දෙමළ, මුස්ලිම්, වාමාංශික, දක්ෂිණාංශික භේදයක් නැතිව සියළුම දේශපාලන නායකයින් විසින්, එකකු නෑර, ඉතාම ලෙහෙසියෙන් අමතක කර දමන ලද කාරණය ලාංකීය තරුණ තරුණියන් ඇට, ලේ, මසින් සැදුණු මිනිසුන් බවය.

    ආහාරය මානවයාගේ පැවැත්ම සඳහා අත්‍යාවශ්‍යය. ගෞතමයන් “සබ්බේ සත්ථා ආහාරට්ඨිතිකා” යි දේශනා කරන්නේ එහෙයිනි. සාගින්දරෙන් පෙළෙන්නකුට ආහාර දීම මහ පින්කමක් සේ දකිති, බෞද්ධයෝ. එහෙත් ආහාරය සේම මානවයාගේ පැවැත්ම උදෙසා අත්‍යාවශ්‍ය ලිංගික ක්‍රියා සම්බන්ධව මෙවන් එම්පතික හැඟීමක් දක්වන සිරිතක් තමන් සැදැහැවත්ය සිතා සිටින බෞද්ධයින් තුළින් දහයෙන් නවයකට නැති සේය. මේ වෙනස කවර හෙයින්ද
    Copied from TABOO SUBJECT

    ReplyDelete
    Replies
    1. \\\\\\\මේ වෙනස කවර හෙයින්ද\\\\\\\\\\\\

      ආත්මාර්ථය.. තමා සතු වස්තුව අනිකාට දීමට කිසිවෙක් ඉදිරිපත් නොවේ.. මේ ලොව යම් අයෙක් කැමැත්තෙන් දෙන එකම වස්තුව වූ කලි "තම බිරිඳ" නොව "තම ආගමයි" ...


      Delete
    2. වෙන මක්කා කියන්නද...?

      මගෙත් වීරයා ටැබූම තමයි...

      මේ ගීය ඉස් ඉස්සෙලාම ඇහුවේ දැනුයි.. ආයේ බොරු මක්කටෙයි.. මම ආසම සරාගී සින්දුවක් තියෙනවා ජෝ කොකර්ගේ... "You can leave your hats on"



      Delete
  13. සහන් මගේ කවදත් බ්ලොග් ලෝකෙ වීරයා ටැබූමයි. පේනවනේ මේ කෙටි සටහනේ වටිනාකම. ඒ නැවත මෙහි පළ කළ භවතාට තුති.

    ReplyDelete
    Replies
    1. එසේය.. අන්තර්ජාලයේ සිංහල කෝටාව තුළ රැඳෙන එකම නම ටැබූ පමණි. . . !

      Delete
  14. හරිම වටිනා සටහනක්. සිංදුවක් ගුරැ කරගෙන උවත් මේ කාරණය ජීවිතයට ඉතාම වටිනවා. අපි කොහොම කිව්වත් විවාහයක් රැඳිලා තියෙන්න උනත් ප්‍රධානම සාධකය ලිංගික තෘප්තියම තමයි.
    අපේ රට වගේ රටවල නොයෙකුත් ආර්ථික හා සමාජමය ප්‍රශ්න නිසා විවාහය නිසි වයසෙදි සිදුවන්නේ නෑ. ඉතිං ගොඩක් වෙලාවට වෙන්නේ අසහනය හා නිසි කළට විවාහ නොවීම නිසා නිරෝගි දරැවන් නොලැබීම වගේ කාරනා. ඒ වගේම අපේ ආසියතික රටවල ලිංගික අධ්‍යාපනයත් හරියට දරැවන්ට ලැබෙන්නේ නෑ. දැන්නම් ලැබෙනවද දන්නේ නෑ. ඒ කාරනය කුණු හරැපයක් වගේ තමයි සැලකුවේ.
    හැබැයි මේ රටවල විවාහය කෙසේ වෙතත් අනික් කාරනා ඒ කියන්නේ ලිංගික සුවය නම් නිසි කලට ලබා ගන්නවා. ඒ වගේම දරැවන්ටත් අවුරැදු දහයෙදි පමණ මුලික ලිංගික විපර්යාස, දරැවන් ලැබෙන හැටි වගේ කියලා දෙනවා. ඉතං ළමයි ලංකාවේ වගේ මල්ලී හෝ නංගි දෙයියෝ ගේනකන් බලාගෙන ඉන්නේ නෑ.
    ඒ කොයි හැටි වෙතත් හැම කාරණයකම වගේ මේකෙත් දෙපැත්තක් තියෙනවා. මේ රටවල තමයි දික්කසාද වැඩිම. ඒ වගේම තමයි ඉතා අඩු වයසින් දරැවන් ලැබීම.
    ඒ අතින් බලන කොට සදාචාරය පිරි අපේ නිර්මල සංස්කෘතිය කෙතරම් හොඳද කියලා හිතෙනවා. ඔබට ජය!!

    ReplyDelete
    Replies
    1. පළමු පැමිණීම නේද ...? සාදරයෙන් පිළිගන්නවා සඳුන්... මම නම් මගේ දරුවන්ට වයස 12 සිට වගේ ලිංගික කරුණු ගැන ටික ටික කියාදෙන්න පටන් ගන්නවා. ලිංගික සතුට උනත් සීමාවකින් එහාට අවශ්‍ය නැහැ.. මුළු ලෝකෙම එය නෙවේනේ... ඔබ කියා ඇති සියලුම දේට එකඟයි සඳුන් ... ලංකාවේ තියෙන්නේ පුහු සදාචාරයක්.. උපාසක මහත්තුරුන්ට ලස්සන නෝනෙක්ව දීලා බලන්න ඕනේ සීලේ බිඳෙන හැටි...

      ස්තූතියි ...දිගටම එන්න සඳුන් ....

      Delete
    2. ලි0ගික කරුනු නම් දැන් ලන්කාවේ International School වල අවුරුදු 12 දී හොදට කියලා දෙනවා. ඒක ටිකක් හරි සතුටට කාරනවක්

      Delete
    3. ඒක හොඳයි ඇල්බන් අය්යේ.. මැජික් එක නැති කරන්න ඕනේ..

      Delete
  15. සහන් ගීතය අපුරුවට විස්තර කරලා තියෙනවා.
    ලිංගිකත්වය හැංගිලා කතා කලයුතු දෙයක් නෙමේ.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත මනෝජ්... අපේ තාත්තලාගේ පරම්පරාවට වඩා ටිකක් ඉදිරියෙන් ඉන්නවා.. .අඩුම තරමේ අපි පෙම්වතිය හෝ බිරිඳ එක්ක හරි විවෘතව කතා කරනවනේ ලිංගික කරුණු..

      Delete
  16. වෙන මක්කා කියන්නද...?

    මගෙත් වීරයා ටැබූම තමයි...

    මේ ගීය ඉස් ඉස්සෙලාම ඇහුවේ දැනුයි.. ආයේ බොරු මක්කටෙයි.. මම ආසම සරාගී සින්දුවක් තියෙනවා ජෝ කොකර්ගේ... "You can leave your hats on"



    ReplyDelete
    Replies
    1. ටැබූට වගේම තැනක් කවදා හරි අමිලටත් එනවා..මිනිහෙක්ගේ අගේ තේරෙන්න නම් නැති වෙන්නම ඕනේ..ඉන්නකම් අගය තේරෙන්නේ නැහැ....ඇත්ත කීම ගැන මගේ ප්‍රණාමය මාතලන්.. ආයේ බොරු මක්කටයි මේ අපි අපිනේ.... ඉන්න ඔය සිංදුවෙත් තේරුම වෙලාවක දාන්නම් .....

      Delete
  17. මිනිස්සු සංතෘප්ත ජිවිතයක් ගෙවන්න කොච්චර නම් දේවල් කරනවද .. වරද්ද ගත්ත දහමකට හිර වෙලා අපේ මිනිස්සු ඔය සංතෘප්ත වීම කරගන්න බැරුව කොච්චර දුකක් විඳිනවද ... mage me google input tools eka hariyata weda karanne nee.. ithiri tika passe liyala dannam..

    ReplyDelete
    Replies
    1. හොඳයි පැතුම් ...හදාගෙන එන්නකෝ ....

      Delete
  18. ලින්ක් එකක් දාන්නයි අර කමෙන්ට් එකක කෑල්ලක් පාට පාටින් දාන්නයි කියල දියං බන්. මම දන් නෑ.

    ReplyDelete
    Replies
    1. 〈a href="http://obeth-mageth-addakeem.blogspot.com"〉එදිනෙදා ජීවිතය | Trance 〈/a〉

      ඔන්න ඔය විදිහට දාන්න ....ලින්ක් එක සහ ටෙක්ස්ට් ටික කැමති විදිහට වෙනස් කරන්න .....පාට පාටින් අකුරු දාන එක නම් වැඩ කරන්නේ ෆයර් ෆොක්ස් වල විතරයි... ! හොඳද බලන්න ෆයර් ෆොක්ස් වලින් ඇවිත් .....

      [ma+]
      [co="red"]
      [si="6"]
      හලෝ පත්තර මල්ලි
      [/si]
      [/co]

      [im]http://3.bp.blogspot.com/-LlnY_CDVWBM/UnOpypw_NGI/AAAAAAAAACk/OiyiZlKwNZM/s45/depositphotos_10529025-Cute-Paper-Boy.jpeg[/im]

      [/ma+]

      Delete
    2. ඔය පොඩි බයික්කෙට බැහැ නෙව ලොකු ලෝඩ් එකක් අදින්න... ඉන්න ලොකු කරන්න ...
      [ma+]
      [im]http://3.bp.blogspot.com/-LlnY_CDVWBM/UnOpypw_NGI/AAAAAAAAACk/OiyiZlKwNZM/s1600/depositphotos_10529025-Cute-Paper-Boy.jpeg[/im]
      [/ma+]

      කෝ බලන්න ලස්සන ....

      Delete
    3. බොහොම පිං සහන් අයියෙ.. මං පෝං කට්ටෙන් බලන හින්දා වෙන්ටැ අකුරු ගොඩක් පේන්නෙ බං.. වැඩ අතරෙ නොවැ කොටන්නෙ මේව.. ලගදි පවුල් උන එකා කොට ගෙදර ගෙහුං කරන්ඩ වැඩ එලෝකෝටියයි. .:-)

      Delete
    4. මොකක්ද මොඩල් එකේ ෆෝන් එකේ ....? වෙබ් වර්ෂන් එකෙන් ඇවිත් බලන්න..එතකොට පෙනේවි ....

      Delete
    5. එහෙමද ....එහෙනම් පරක්කු නොවී යන්ටකෝ ගෙදර ..:)

      Delete
    6. Galaxy S2 සහන් අයියෙ.. වෙබ් වර්ශන් එන්නම්කෝ .. ගෙදර ගියාට වැඩක්‍යැයි බන් ලමාතැනී සූට් එක ගහන් ඉන්නෙ රස්තියාදුවෙ යන්ට ..මොන නෙට් යාමක්ද :-)

      Delete
  19. එකෙන්ම ...මාත් හරිම විරුද්දයි අපේ මේ බොරු සෝබන සංස්කෘතිකාරයොන්ට.අනිත් උන්ට බණ කියලා හවසට ගොන්පොට් වලට රිංගන උන් තමා අපේ රටේ වැඩිපුර ඉන්නේ....

    ReplyDelete
  20. හරි දැන් හරි .. මම හිතුව ගොඩ දාගන්න බැරි වෙයි කියල මේක .. ලංකාවේ සමාජය ඇතුලේ හැදෙන ගැණු ළමයෙක් එක්ක පිරිමියෙකුට කසාදයක් ඔය පැත්තෙන් කරගෙන ඉන්න ලේසියි මොකද මොන මොන ප්‍රශ්න තිබ්බත් අපේ ගෑනු ඔය සබ්ජෙක්ට් එකේදී එච්චර උනන්දු නැති හෝ උනන්දුවක් තිබ්බත් සංස්කෘතිය හින්ද හැදුන ආදරණිය භාර්යාවගේ චරිතය කරන නිසා .. (බහුතරයක් මෙහෙමයි කියලයි මම නම් හිතන්නේ ) .. පිරිමි උනත් ටික කාලෙකදී ටිකක් සංතෘප්ත වෙනවා කියලයි මගේ නම් අදහස .. එක ඉතින් සාපේක්ෂයි .. ඔය සබ්ජෙක්ට් එක පොඩි කාලේ (අවුරුදු 12න් පස්සේ විතර) හරියට ඔළුවට දාන එක නම් මාර වටිනවා ... අපි ඕක දැන ගන්න කාපු කට්ට අමුතුවෙන් මම කියන්න ඕනේ නෑ නේ ..

    හැබැයි ඉතින් මම මේ දවස් දෙක තුනකට කලින් ලංකාවට ගිය වෙලාවේ දැක්ක ගේම් ඔෆ් ත්රෝන්ස් හිරු ටි වී එකේ පෙන්නනවා .. එඩිට් කරලවත් ඒවගේ එකක් ලංකාවේ පෙන්නන්න හදන එක නම් හරි නෑ කියලයි මම හිතන්නේ .. හිර වෙලා ඉන්න අපේ පොඩි උන් එකේ තියෙන විකෘති සංකල්ප ඔළුවට අරගෙන මුලික අවබෝධය කොහොම වුනත් කවදාවත් නොකළ යුතු ලෙවල් එකටම ඕව කරන මානසිකත්වයක් ඒ වගේ කතා වලින් නම් ඇති වෙයි කියල මට හිතුන .. කොටින්ම මම අක්කටයි අයියටයි කිව්වා එක පොඩි උන් දෙන්නට බලන්න දෙන්න එපා කියල..

    ReplyDelete
    Replies
    1. මේ කාරණය ටිකක් බරපතලයි පතුම්ම් ...ළමයෙකුට ලිංගික අධ්‍යාපනය දීම සහ ඒ දරුවා නිසි වයස එනකම් රැකගැනීම කරන්න ඕනේ. ලිංගික කරුණු කියාදෙනකොට ආසාවක් ඇති වෙන විදිහට කියාදෙන්න හොඳ නැහැ( වයස 15 වත් වෙනකම් ) .. වයස 15 විතර ළමයෙකුට ලිංගිකත්වය ගැන කියාදිය යුත්තේ වෙනස් විදිහකට.. තවත් හංගන්න දෙයක් නැහැ. එක් සහකරුවෙක් සමග පමණක් එක් වීමේ වැදගත්කම කියාදෙන්නම ඕනේ....

      අද tv වල යන ඒවා නිසා ළමයින්ගේ නෙවේ අපෙත් හිත් ඇවිස්සෙනවා ... දෙමව්පියන් විදිහට අපි අනිවාර්යයෙන්ම " තාර බර " ඇරලා සත්‍ය කියාදෙන්න ඕනේ දරුවන්ට...වැරදි අදහසක් පුංචි කාලේ ඔලුවට යෑම හරි භයානකයි පැතුම්... ඔයා ගත්ත තීරණේ හරි ( කාගේ චැනල් එක උනත් :P )..

      Delete
    2. \\හැබැයි ඉතින් මම මේ දවස් දෙක තුනකට කලින් ලංකාවට ගිය වෙලාවේ දැක්ක ගේම් ඔෆ් ත්රෝන්ස් හිරු ටි වී එකේ පෙන්නනවා .. එඩිට් කරලවත් ඒවගේ එකක් ලංකාවේ පෙන්නන්න හදන එක නම් හරි නෑ කියලයි මම හිතන්නේ ..\\

      ස්තුතියි පැතුම්.. මේ සීරීස් එක මෙච්චර අවුල් කියලා දැනගෙන හිටියෙ නැහැ. පුතාට කියන්න ඕනෙ බලන්න එපා කියලා.

      Delete
    3. රේනෝ මට කේස් එක දායිද දන්නේ නැහැ..:)

      Delete
  21. සින්දුව අහන ගමන් කමෙන්ට් එක ලියන්නේ. ලස්සන ගීතයක්. සෑම සත්ව වර්ගයක මෙන්ම මානව වර්ගයාගේත් පැවැත්ම රඳා පවතින්නේ මේ සනාතන ධර්මය උඩයි. අපි මනසින් උසස් නිසා තිරිසන් ආකාරයට හැසිරෙන්නේ නැති වෙතැයි සිතා සිටියත් දැන් දැන් එහෙම නොවෙන බවත් පෙනෙනවා. අපිට අපේ සහකරුවා/සහකාරිය හරියට තේරුම්ගන්න පුලුවන්නම් හැමදාම අලුත බැඳපු ජෝඩුවක් වෙලා ඉන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. අපි වගේම අපේ සහකරුත් තේරුම් ගන්න ඕනේ.. තේරුම් අරන් නිකන් ඉඳලා හරියන්නෙත් නැහැ .. ක්‍රියාත්මක කරන්නත් ඕනේ..

      තවත් දෙයක් තියෙනවා විචාරක මන් විස්වාස කරන.. ඒ තමයි වාසනාව කියන දේ තියෙන්න ඕනේ මිනිහෙක්ට...

      Delete
  22. අනේ මම නම් ඔවා ගැන දන්නෙ නෑ....සිරා තාම සූටි කොලුවෙක්..

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඉතින් මේක බලන්නම ඕනේ සිරෝ ....

      Delete
  23. ලංකාවේ ගොඩක් අඹු සැමියෝ ලිංගික කාර්යයෙදි තමන්ට අවශ්‍ය විදියට හැසිරෙන්නෙවත් , අනෙකා හසුරුවා ගන්නෙවත් නැති බවයි මගෙ හැඟීම....තමන් කැමති විදිය කියන්නෙ නැතිව සඟවා ගන්නවා අනෙකා ඒ ගැන වැරදියට හිතයි කියල....ඉතින් ආශ්වාදය ගැන මොන කතාද....කසද බඳිනවා කියල නීතියෙන්ම දෙන්නෙක් එක්කරන්නෙ තම තමන්ට කැමති විදියට බාදාවකින් තොරව ලිංගික අවශ්‍යතා ඉටු කරන්ගන්නත් එක්ක තමයි...අනෙක ගොඩක් කොල්ලො ඇඳට ගොඩ වෙච්ච ගමන්ම මෝල තදවෙච්ච හරක් වගේ ඇනගෙන ඇනගෙන යනවා මිසක් ස්ටෙප් බයි ස්ටෙප් යන්නෙ නෑ...කිසිම එකක් ඇත්තෙත් නෑ....අන්තිමට හම ගිහින් තමයි නතර වෙන්නෙ.... කිස් එකකින් පටන් අරගෙන ක්‍රමානුකූලව තමයි ෆයිනල් ස්ටේජ් එකට එන්න ඕන...එහෙම නැති උනොත් කාන්තාවට හුලං තමයි...ඊට පස්සෙ උන්ට ඕන දේවල් කරගන්න වෙන උන් හොයා ගන්නව... අන්න එ වගේ උන්ට අහු උනාම හිටවල, කරකවලා,ඔලුවෙනුත් හිටවලා තමයි නතර කරන්නෙ...අන්තිමට පවුල් ප්‍රශ්න....

    මට ඔය ස්ටෙප් ටික කියල දුන්නෙ අඬිඅම්බලමේ ඉන්න කාලෙ දන්න කියන බෝඩිං ගෑනු ලමයි වගයක්....

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත................

      ගෑනු ළමයි වගයක් කියලා දුන්නා.................:O

      Delete
    2. //කිසිම එකක් ඇත්තෙත් නෑ// කිසිම හැඟීමක් ඇත්තෙත් නෑ...විය යුතුය

      Delete
    3. කියන්න කිසිම දෙයක් නැහැ යට ලියන්නා.. 100 % එකඟයි ....

      ++++++++++

      Delete
    4. යට ලියන්නට බෝඩිම් ළමයි කියලා විතරක් නතර වෙලා නෑ....මට පේන විදියට ප්‍රැක්ටිකල්ම කරලා වගෙයි...

      Delete
    5. සිරා ,

      ඒකනේ මෙච්චර හොඳට තියරිය මතක හිටලා තියෙන්නේ යට ලියන්නට ...

      Delete
    6. සිරා කටුනායක බෝඩිං ගැන නොදැන ඉන්න විදියක් නෑ...කී පාරක් ආවද ඒ පලාතෙ?????....

      කෙල්ලෝ ටික ප්‍රැක්ටිකල් පාර්ට් එක නම් නියමෙට කලා...ඔක්කොම අක්කලා නෙ...මගෙ අම්මො උන්ගෙ ඇඳන්වල මෙට්ට යට තිබුනු පත්තර ගොඩ.....ඒවා කියවලමයි උන් වල්වෙලා තිබුනෙ...කතාවට හරියටම සෙට් උනාම උන් කියන ඒවට පිස්සු හැදෙනවා..

      ආරම්භක ස්ටෙප් ටික හරියට කරලා ෆෝම් වෙච්ච කෙල්ලෙක් එක්ක සෙක්ස් කරනවා කියන්නෙ ඉතින්....ආයෙ අපිට කරන්න දෙයක් ඉතුරු වෙන්නෙ නෑ......

      Delete
  24. කතා කළ යුතුම මාතෘකාවක් රසවත් ආරම්භයක් එක්කම ,  සටහන වගේම කොමෙන්ට් වලිනුත් අපට නැවත සිතන්නට දෙයක් තිබෙන බව දැනෙනවා නම් ඒකම ජයක්! ..

    සිංහල බ්ලොග් පාඨකයා වෙනුවෙන් ඔබ කරනා කාර්යය අගය කරමි , ස්තුතිවන්ත වෙමි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මහේෂ්..දැන් දැන් මේවා එළිපිට කතා කරන තැනට ඇවිත් ..අපි එය අගය කල යුතුයි සහ අපේ දායකත්වයත් ලබා දෙන්න ඕනේ.. ඔබේ පෝස්ට් තුළිනුත් නිවැරදි සෞඛ්‍ය කරුණු දැනගන්න ලැබෙනවා... ඒ පෝස්ට් නම් සෑහෙන්න වටිනවා.......

      Delete
  25. ඔන්න සහන් ලන්කාවෙ ස0ස්කෘතිය ලි0ගිකත්වය කියන දෙයට අපේ කට්ටිය කොච්චර බය කරල තියෙනවද කියල මේකට කමෙන්ට් කරලා තියෙන විලාශයෙන්ම පෙනෙනවා. කෝ එක කමෙන්ට් එකක්වත් නැහැනෙ ගැණු ළමයෙක්ගෙන්. අඩුම ගානෙ සින්දුව ලස්සනයි කියන්නත් බයයි, අනික් උන් මහ වල් ගෑනීයෙක් කියල හිතයි කියල. අපේ අනාගත පරපුරවත් මේ මානසිකත්වයෙන් අයින් වෙලා ලි0ගිකත්වය කියන්නෙ යක්ශයෙක් නොවෙයි කියල හිතනවනම් ලොකු දෙයක්.

    ReplyDelete
    Replies
    1. මේකට හේතුව ඇල්බන් අය්යේ හිරු , සයුරි , ලිහිණි , සමනලී , ලකී දැන් වැඩිය බ්ලොග් අවකාශයේ නො ගැවැසීම ... එයාල හිටියා නම් කෙළින්ම තමන්ගේ අදහස් කියනවා...

      ඔය අනිත් 2.50 පත්තිනි අම්මලා වගේ නෙවේ ඒ කට්ටිය.. මට නම් පේන්නම් බැරි පත්තිනි අම්මලා වෙන්න දඟලන ගොන් ගස් ...

      Delete
    2. මේකට හේතුව ඇල්බන් අය්යේ හිරු , සයුරි , ලිහිණි , සමනලී , ලකී දැන් වැඩිය බ්ලොග් අවකාශයේ නො ගැවැසීම ... එයාල හිටියා නම් කෙළින්ම තමන්ගේ අදහස් කියනවා...

      ඔය අනිත් 2.50 පත්තිනි අම්මලා වගේ නෙවේ ඒ කට්ටිය.. මට නම් පේන්නම් බැරි පත්තිනි අම්මලා වෙන්න දඟලන ගොන් ගස් ...

      Delete
  26. ලිංගිකත්වයට කලින් දෙන්නගෙම ආශාවන් එක සමාන වෙන්නත් ඕන, නැත්නම් සාර්ථක නැහැ..

    සින්දුව මික්ස් කරල නේද ? ඔරිජිනල් බීට් එක වෙන්න බැහැ

    ReplyDelete
    Replies
    1. ආශාවන් සමාන වීම 100 % වෙන්න ඕනේ නැහැ යසිත්.. අනිකාගේ ආසාවන් ඉවසා සිටීම හොඳටම ප්‍රමාණවත් ...

      ඔව් මේ තියෙන්නේ ඔරිජිනල් එක නෙවේ.. මීටත් එහා ගිය ක්ලබ් මික්ස් වගයක් තියේ..ඕනේ නම් අප්ලෝඩ් කරන්නම් .....

      Delete
  27. එකටම කියන්න ඕනා පබ්ලිසිටි එකට බොහෝමත්ම ස්තුති කියලා
    දෙකට,මම කියන්න ආපු ඔක්කොම දේවල් උඩින් කොමන්ට් කොටපු උන්දලා ලියලා ආයෙත් මන් ඕවා ලියන්න ඕනේ නෑ කියල හිතනවා..... ගෑණියෙකුයි,මිනිහෙකුයි ලිංගිකව එකතු විම කියන්නේ ලෝකයේ මම දකින තවත් එක ලස්සනම සන්සිද්ධියක්
    විදිහටයි.හැබැයි දුකට කාරනාව ලිංගිකත්වට ගැන කතා කරපු ගමන් කෙල්ලෝ ටික අන්තරස්දහන් වෙන එක:)

    තුනට මේ සිංදුව මාරම ලස්සනයි දවසට එක සිංදුවක් හරි ඇහැව්වේ නැත්තම් මටනම් කෑවේ නෑ වගේ mp3 එකට තවත් ලස්සන සිංදුවක් එකතු කලාටත් ස්තූති සහන්....

    ReplyDelete
    Replies
    1. 01 සහ 02 ගැන කට්ටිය කියන්න ඕනේ සේරම ටික කියලා ඉවරයි වගේ ශානු ...මන් පෝස්ට් අතර පරතරයක් තියන්න ඕනේ නිසයි සරළ පෝස්ට් ලියන්නේ .. තවත් සින්දු කීපයක් තියෙනව් පෝස්ට් විදිහට දාන්න සුදුසු.. අනිවාර්යෙන්ම ලස්සන මෙලඩියක් තියෙන ඒවා විතරයි මන් පෝස්ට් විදිහට දාන්නේ... ( ශබ්ධ රසය නෙව වැදගත්.. තේරුමක් තිබීම බෝනස් එකක් )

      ඔයා ටික දවසක් යනකම් නැට්ට හලන් යන්න බ්ලොග් වල... ( නැට්ට = ඔබගේ බ්ලොගයේ ලින්ක් එක )

      Delete
  28. මටත් හිතාගන්න බැහැ සහන් ලිංගිකත්වය ඉදිරියේ සමාජය මෙච්චර කුහක ඇයි කියලා. මම විවාහයට පෙර ප්‍රේම සම්බන්ධකම් තිබූ කෙනෙක්. මගේ බිරිඳත් එහෙමයි. යාළුවෙලා හිටපු දෙන්නෙක් ලිංගික ඇසුරක් පවත්වන එක සාමාණ්‍ය දෙයක් නේ. විවාහයට පසුව අන් ඇසුරකට නොයාම තම තමන් සතු වගකීමක්. මම තරුන කාලේ ගණිකාවන් ගාවටත් ගිහිල්ලා තියෙනවා. තමන්ගේ ජීවිතය තමන්ගේ සහකරුට කියන්නත් පුළුවන් නොකිය ඉන්නත් පුළුවන්. ඇත්ත ඇති සැටියෙන් පැවසීම හරි වැදගත් කියලා මම හිතන්නේ.

    මේ ගීතයේ මේ වර්ශන් එක ඇහුවාමයි. සහන් මොනවද ප්ලේ කරපු බෑන්ඩ්ස්? මතකද ලංකාවේ රොක් බෑන්ඩ් එකක් තිබුනා රැට්ල් ස්නේක්ස් කියලා.

    ReplyDelete
    Replies
    1. \\\\\\\\\\\විවාහයට පසුව අන් ඇසුරකට නොයාම තම තමන් සතු වගකීමක්. \\\\\\\\\\\

      +++++++++++++++++++++++++++++++

      \\\\\\\\\\\ඇත්ත ඇති සැටියෙන් පැවසීම හරි වැදගත් කියලා මම හිතන්නේ.\\\\\\\\\\\\\

      සුදුසු බිරිඳකට විතරමයි අරූ ඇත්ත ඇති සැටියෙන් කියන්න ඕනේ.. රණ්ඩු කෙක්කක් වගේ කෙනෙක්ට නම් කිසිම දෙයක් කියන්න හොඳ නැහැ.. අන්තිමට බූමරංගයක් වෙනවා .. අනිත් එක අරූ සමහර ඇත්ත තියෙනවා හරිම වේදනාකාරීයි .. ඒ දේවල් තමන් තුළම තියාගන්න වෙන අවස්ථාත් තියෙනවා ..

      අරූ මන් බෑන්ඩ් මියුසික් නෙවේ කලේ..මන් කලේ ක්ලබ් මියුසික් .... පෝල් වෑන් ඩයික් තමයි මගේ වීරයා...! පිස්සු හැදෙනවා මතක් වෙද්දීත් ...

      Delete
    2. Sahan thanks for the following in another blog which made me visit yours - "ඔබට ඇත්තෙන්ම සිංහලට වඩා හොඳින් ඉංග්‍රීසි බසයි හසුරුවන්න පුළුවන්.. ඔබ උඩඟු කමින් ඉංග්‍රීසියෙන් කමෙන්ට් නොකරන බව දැනිලා ගොඩක් කල්.. ඒ නිසා ඔබේ අදහස ඔබට පහසු මාධ්‍යයකින් දමන්න.. කිසිම ප්‍රශ්නයක් නැහැ... හැකි වෙලාවට මගේ බ්ලොග් එකටත් එන්න." So here I am!
      I appreciate your welcome and tolerance. But' සිංහලට වඩා හොඳින් ඉංග්‍රීසි බසයි හසුරුවන්න පුළුවන්." may not be entirely correct at all times for me, it varies from subject to subject. But I sure can හසුරුවන්න keyboard in English than in Sinhala! It's more a hand eye co-ordination (and laziness :-) issue than language proficiency!

      Delete
    3. @ ප්‍රා ,

      ඔබ දන්නවාද සාහිත්‍යමය ස්වරූපයෙන් භාෂාවක් හැසිරවීමට ඇති හැකියාවේ වටිනාකම ...?මා දැනට දැක ඇති සුවිශේෂිම ඉංග්‍රීසි අලංකරණ දැක ඇත්තේ රුසියානු සුරඟන කතා පෙළක් වෙනුවෙන් සැකසු කාර්ටූන් වැඩසටහනකය . දැනට වසර 8 කට පමණ පෙර විකාශනයට ලැබුණ දෙයක් එය , අවාසනාවකට මට එහි නම මතක නැහැ. සොයාගත් විගස කියන්නම්..

      ඔබේ බස හැසිරවීමේදීද මා වෙනසක් දුටුවා. " නියම ඉංග්‍රීසි "" ඔබ සතුයි ප්‍රා.. බ්ලොග් ලෝකයේ මා එවැනි කෙනෙක් තව දැක ඇත්තේ එක් අවස්ථාවක පමණය. http://dbsjeyaraj.com/dbsj/archives/21683කතන්දර අඩවිය වෙනුවෙන් Selyna. D. Peiris(LLB (Hull) LLM (London) MAIS (Vienna) ) මහත්මිය විසින් රචිත එම ලිපිය මා සිංහලයටද පරිවර්තනය කළා ඉතාම කැමැත්තෙන්..මේ බ්ලොග් ලෝකයේ එවැනි අය මා දැක ඇත්තේ ඉතාම අතලොස්සයි. . ඉතින් ඔබ අප සමග සිටිය යුතුමයි.. ඔබේ හැකියාව මැරෙනවා දකින්න මන් අකමැති නිසයි මන් ඔබට ආරාධනා කලේ..

      මොකද " මිනිස්සු මරන්න ලේසියි. මැරුණට පස්සේ පණ දෙන්න බැහැ "

      මගේ අඩවිය තුළ තදබල දේශපාලනික හා යුධමය කරුණු ඇතුළත් ලිපි පළ වෙනවා ..බොහෝ විට ඔබ අකමැති වීමටද පුළුවන්. එහෙත් ඉඩක් ලද විගස සරළ මාතෘකා ගැන පෝස්ට් මා දමනවා..ඒ නිසා එන්න දිගටම මගේ අඩවියට.. ඔබ කැමති දෙයක් වේ නම් කියවන්න.. ඕනෑම අදහසක් ලියන්න ඔබට පහසු මාධ්‍යයෙන් ...

      එසේම ඔබට හැකි නම් පුංචි පුංචි පෝස්ට් හදලා එවන්න මට.. අපේ ඒ ලිපි මෙහි පල කරමු.. ඉංග්‍රීසි ලිපිය සහ පරිවර්තනය යන දෙකම එක විට පළ කරමු...

      Delete
  29. @ ප්‍රා

    ඉහත මා දැමු ලින්ක් එක වැඩ කරන්නේ නැහැ ..මෙන්න එම ලිපිය ...

    ___________________________________________________________


    Forgive me for sending out an impersonal email. I wish to draw your attention to the following.


    Last night (28.05.2013), a young trainee nurse from Nawalapitiya was tossed out of a moving bus unto the bustling street in Kirulapone and fell right in front of my moving car.


    While a Police Officer from the Wellawatte Station was questioning the bus driver, a friend and I rushed her to the General Hospital of Colombo – the biggest government hospital in this entire country.


    Upon reaching the emergency entrance of the hospital, we were ordered by the nurse at the entrance to wheel out a stretcher and to place the patient on this stretcher. It was not a busy night. Having so done, we were then ordered to push her into to the accident ward which, after disturbing many, we actually found. Here we had a patient who was vomiting out blood and as far as the attendants, nurses and doctors were concerned, the soap opera on TV was far more important to attend to at this hour.

    I attach a picture as evidence of this. After painfully having managed to get her an x-ray, we had to run around the ward to convince the doctor that this patient was actually worth having a look at.

    Finally, after about 2 hours of mayhem, she was admitted to the ward and we were praying that she has no major injuries.
    The anger and disgust that I felt at this period of time affected me to the very core of my being. I was appalled at the treatment which ordinary citizens face in times of greatest need and ashamed that I was too “privileged” never to have experienced this before.

    This is the sad reality of this “Island in Paradise”. I am ashamed today to live in a country with such blatant disregard for human life. The compassion and loving kindness so inherent to our culture is now merely folklore.

    There are great many young people who are willing to take a stand for reforms in a manner that is the least counter productive for the growth of this country – please help us to do so by sharing this message with people who can make a change, however small.


    Thank you

    Selyna. D. Peiris
    LLB (Hull) LLM (London) MAIS (Vienna)


    ReplyDelete
    Replies
    1. හිතවත් සූරියාරච්චි මහත්මයාණෙනි ,

      පළමුවෙන්ම මෙවන් ලිපියක් එවීම ගැන සමාව අයදිමි. ඔබේ අවදානය පහත සඳහන් කරුණ සම්බන්දව යොමු කරන මෙන් ඉල්ලා සිටිමි.

      පසු ගිය 28 වන දින රාත්‍රියේදී නාවලපිටියේ පදිංචි පුහුණු හෙද නිළධාරිනියක දරුණු රිය අනතුරකට මුහුණ පා තිබුණා.අතිශය ජනාකීර්ණ කිරුළපණ මාර්ගයේ ධාවනය වෙමින් පැවති බස් රථයක ගමන් ගනිමින් සිටියදී , හදිසියේම ඇයව ඉන් ඉවතට විසි වී ඇද වැටුණේ ධාවනය වෙමින් පැවති මගේ මෝටර් රථය ඉදිරියටයි.

      එම අනතුරින් පසු වැල්ලවත්ත පොලිසියේ පොලිස් නිලධාරියෙකු , බස් රථයේ රියදුරාගෙන් ප්‍රශ්න කරන අතරතුරදී මා මගේ මිතුරෙකුගේද සහය ඇතිව ඇයව ඉතා ඉක්මණින් රෝහල් ගත කිරීමට කටයුතු කලෙමි. ඒ සමස්ථ ශ්‍රී ලංකාවෙහිම ප්‍රධානතම හා විශාලතම රෝහල වන කොළඹ ජාතික රෝහල වෙතටයි.

      කොළඹ ජාතික රෝහල් හදිසි පිවිසුම් දොරටුව වෙත ළඟා වූ පසු , එහි සිටි හෙද නිලධාරිනියකගේ උපදෙස් පරිදි අපට රෝගියාව නංවා ලීමට ට්‍රොලියක් රැගෙන ඒමටත් , එය ගෙන ආ පසු රෝගියාව එහි නංවා ලීමටත් , රෝගියා සමග ට්‍රොලිය හදිසි අනතුරු ඒකකය වෙත තල්ලු කරගෙන යෑමටත් සිදු විය. මහත් පරිශ්‍රමයකින් පසු හදිසි අනතුරු වාට්ටුව වෙත අප ළඟා විය. මෙම අවස්ථාව වන විට අනතුරට මුහුණ පෑ පුහුණු හෙද නිළධාරිනිය දිගින් දිගටම ලේ වමනය කරමින් ඉතා බරපතල තත්වයකට පැමිණෙමින් තිබිණ ..එහෙත් සාත්තු සේවකයාගේ සිට හෙද නිලධාරීන් හා වෛද්‍ය වරුන්ගේ පවා අවධානය යොමු වී තිබුණේ අසරණ රෝගීන් වෙත නොව , වාටුවේ සවි කර තිබු රූපවාහිනී යන්ත්‍රය වෙතයි.

      එම සිදුවීම තතවුරු කිරීම පිණිස මා ඔබ වෙත එම අවස්ථාවේදී ගනු ලැබූ චායාරූපයක්ද මේ සමග එවමි.කරුණාකර එදෙස අවදානය යොමු කරන්න . වේදනාකාරී සිදු වීම් මාලාවකින් පසු රෝගියාගේ එක්ස් කිරණ චායාරූප කීපයක් ලබා ගැනීමට හැකි වුවද ඉන්පසු අප පත් වූයේ දැඩි අපහසු තාවයකටය . එනම් වාට්ටු භාර වෛද්‍යවරයා සොයා යාමටත් , එකින් එක කරුණු ගෙන හැර පාමින් මෙම රෝගියාට ඉක්මන් අවධානයක් නොලදහොත් ඇයගේ තත්වය වඩාත් දරුණු විය හැකි බවට කරුණු කීමට සිදු වීමත්ය.

      කෙසේ හෝ පැය දෙකකට අධික කාලයක් තිස්සේ පොර බැදීමෙන් අනතුරුව ඇයව රෝහල් වාට්ටුව වෙත ඇතුළත් කිරීමට හැකි විය. ඉන්පසු යම් අස්වැසිල්ලක් ලැබුවද , අපගේ එකම ප්‍රාර්ථනය වූයේ කිසිදු බරපතල තුවාලයක් නොලබා ඇයට ඉක්මණින් සුවය ලැබීමට හැකි වේවා යන්නයි...!

      එහෙත් ඉහත සිද්දීන් හමුවේ මා තුල ඇති වූ තද බල සිත් පීඩාවත් , පිළිකුලත් කෙසේ වත් අමතක කර නොහැකි සේ දැනෙන්නට විය. මෙවන් සිද්දියකට හෝ අනතුරකට මුහුණ පෑ පුද්ගලයෙකු කෙතරම් අසරණ බාවයට පත් වන්නේද යන්නත් , එවැන්නක් හමුවේ පිළිසරණක් නොමැති සාමාන්‍ය රෝගීන් කොපමණ අපහසු තාවයට පත් වන්නේද යන්නත් , මෙවන් දෑ මිහි පිට සිදු වන්නේදැයි යන්නත් ගැන සිතන විට මට මා කෙරෙහිම දැඩි පිළිකුලක් ඇති වේ.

      ඇත්තෙන්ම මේ "පින් බිමේ" සැබෑ තත්වය මෙයයි. මනුෂජීවිතයක වටිනා කමක් නොදන්නා මෙවන් පහත් නින්දිත රටක ජීවත් වන්නට ලැබීම ගැන මුළු හදවතින්ම මා , මා ගැනම ලැජ්ජාවටත් ඉච්චභන්ගත්වයටත් පත් වූයෙමි. සංකෘතියෙන් අපට උරුම වූවා යැයි කියනු ලබන සහජීවනය , මානව දයාව හා සානුකම්පිත බව අද හුදෙක්ම වචන කිහිපයක් බවට පත් වී ඇති බව මේ සිද්දීන් හමුවේ දුටීමි.

      තත්වය මෙසේ වුවද මේ විනාශය තේරුම් ගත් බොහෝ තරුණ පිරිස් අද වන විට මේ ක්‍රියාදාමයට එරෙහිව නැගී සිටීමට පෙළඹීම අප අගය කල යුතුය. ඇත්තෙන්ම පවතින තත්වය හමුවේ අපට සුළු හෝ විශ්වාසයක් තැබිය හැක්කේද එම තරුණ පිරිස් ගැන පමණි. එම නිසා මෙවන් දෑ ගැන අන් අයද දැනුවත් කරන මෙන් ඔබගෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි. එයින් විශාල වශයෙන් සමාජයට බලපෑමක් කල නොහැකි බව දනිමි, එහෙත් සුළුවෙන් හෝ අප උත්සහයක් ගත යුතු තැනට පත්ව ඇතැයි සිතමි..

      නීතිඥ සෙලීනා ඩී. පීරිස්

      ( පරිවර්තනය සයිලන්ට් ශාන් )

      Delete
  30. Thanks for the compliment and also for posting Ms. Peiris's writing.
    "මගේ අඩවිය තුළ තදබල දේශපාලනික හා යුධමය කරුණු ඇතුළත් ලිපි පළ වෙනවා ..බොහෝ විට ඔබ අකමැති වීමටද පුළුවන්." I'm basically a tolerant guy and only intolerant fanatics anger me. So, I'd love to read your stuff and maybe send a post or two sometime (but it will be as comments, right? I don't know how to post here otherwise) BTW, it's true that I prefer to write in English on serious subjects but when it comes to funny, witty or even nasty stuff I like writing in both English and Sinhala. Only problem is this unicode business on English keys is so difficult for me. I'd welcome any hints on how to make it easier.

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම ඉංග්‍රීසි භාවිතය පහසුයි සිංහලට වඩා .. මාත් මේ සියලු දේවල් ටයිප් කරන්නේ යුනිකෝඩ් ඇසුරෙන් ..... මොකද මටත් සිංහල කී බෝර්ඩ් එක බැහැ ....

      ඔබ ඉතා විනෝදයෙන් පසු වන්නෙක් බව මට වැටහුණා ප්‍රා මුල ඉඳන්ම ... ඔබට ඕනේ තමන්ගේ අදහස කියලා යන්න විතරයි ...ඒ ඇර වෙනත් අරමුණක් ( ෂෝ එක දාන්න ) නැහැ ඔබේ.. මගේ අඩවියේ ඔබට ඕනෑ තරම් නිදහස තියෙනවා ...

      Delete
  31. This comment has been removed by the author.

    ReplyDelete
  32. Sahan, I've commented (in my name) a bit on Aruni Shapiro's blog, if you are interested. (hoping I will not be attacked there too!). I enjoy annoying people by being witty or funny (or even insulting them at times) but it's rather unpleasant for me when people get angry with me only because of the language I comment in.

    ReplyDelete
    Replies
    1. අන්න ඒක තමයි ගැටලුව මෙතන ( ඇඟිල්ල දිගු කර සඳ පෙන්වූ විට ඇඟිල්ල හා උරණව ඇඟිල්ලට දොස් නැගීම ) ..මටත් ඕනේ උනේ එම තත්වය මග හරින්න.. ඕනේ ඇඟිල්ලක් ගහන්න ..මන් කැමති ඒකට .. කැමති තරම් ප්‍රමාණයේ අදහසක් කියන්න...

      ඔබට කුමක් හෝ මාතෘකාවක් ගැන ලිපියක් ලිවීමට ඉඩක් තිබ්බොත් එය මාගේ පුද්ගලික මේල් ලිපිනයට එවන්න ... silentsahan@gmail.com මා එය ලිපියක් විදිහට මෙහි පල කරන්නම් සිංහල පරිවර්තනයද සමග ....කැමති ඕනෙම දෙයක් ගැන ලියන්න ............

      Delete
  33. මෙව්වා ප්‍රසිද්දියේ කියන්න බැ බොලව්.... එකයි මේ වෙස් මාරු කරගෙන ආවේ ...
    \\\\\රති සුවය මුදලට ගන්න ගියහම නියම විඳීම නොදැනෙන්න ඕන හොඳට හිතලා බැලුවොත්. \\\\\\

    මෙන්න මේ කතාවනම් සහතික ඇත්ත .....
    ඕන එකෙක්ගෙන් අහල බලන්න බොරුනම් ....

    ReplyDelete
    Replies
    1. ඇහුවට එළිපිට කියන්නේ නැති එකනේ වැඩේ... :)

      Delete

ඔබ කමෙන්ටුවක් දමයි නම් කරුණාකර මෙහි කමෙන්ටු E mail subscribe කරන්න .. නැතිනම් පිළිතුරු මග හැරී යනු ඇත ...

කමෙන්ට් යනු ඔබගේ අදහස් ප්‍රකශ කිරීමට සලසා ඇති ඉඩයි. සිතුවිලි ලියා තැබුණු විට අන් අයටද ප්‍රයෝජනයක් විය හැක !

http44444444://1.bp.blogspot.com/-F0lMkO9hSe8/UjM37DArTZI/AAAAAAAAAwo/wtP9O0K_6UE/s1600/543431_208554675978924_1215099537_n.jpg15099537_n.jpg

සහයෝගය දක්වන වෙබ් එකමුතු ...

මාතලන්ගේ සින්ඩිය...api apita Blog Readerlankeeya sithuwililankeeya sithuwili lankeeya sithuwili