දැන්වීම් පුවරුව . ( පින්තූර මතට මවුස් පොයින්ටරය රැගෙන යන්න )

දැනට වසර දෙකක පමණ සිට සෑම සතියකටම වරක් ලිපියක් හෝ දෙකක් පළ කළෙමි. සිත් ගත් ලිපියක් වේ නම් හිතමිතුරන් අතරත් බෙදාගන්න.

මෙම වෙබ් අඩවිය ලෝඩ් වීමට පමා වේ නම් මෙම ලින්ක් එක භාවිතා කරන්න.

Go and get Sinhala Unicode to your Computer
Face Book Link Share.

May 1, 2013

අකුණක විද්‍යාත්මක පැහැදිළි කිරීම සහ අකුණු අනතුරු වලින් ආරක්ෂා වෙමු|safety precautions for lightning.


             මේ ලිපිය අන්තර්ජාලයට එක් වන මොහොත වන විට ලංකාවේ තදින් අකුණු සිදු වන කාලයකි. ස්භාවිකව ඇති වන අකුණක ඇම්පියර් අවම වශයෙන් 25,000 පමණද වෝල්ටීය තාවය අවම වශයෙන් වෝල්ට් මිලියන 3 පමණද අඩංගුය.එමෙන්ම අකුණක් සම්බන්දව කිසිවෙකුට අනාවැකියක් පල කල නොහැකි නිසා අකුණකින් විය හැකි අනතුර බෙහෙවින් වැඩිය.ලිපියේ අරමුණ අකුණු අනතුරු හැකිතාක් අවම කර ගැනීමට ඔබට තොරතුරු ඉදිරිපත් කිරීමයි..

ස්වභාවික අකුණක් හට ගන්නේ ධන හා ඍණ වශයෙන් ස්ථිති විද්‍යුත් ආරෝපිණ ලද වලාකුළු තුළදීය.බොහෝ විට වර්ෂාව ඇති අවස්ථා වලදී

01.වලාකුලක් හා තවත් වලාකුලක් අතර (CC )
02.එකම වාලාකුලේ ස්ථර දෙකක් අතර (IC )
03.වලකුළුත් පොළොවත් අතර (CG )





මෙවැනි අකුණු ඔබ දැක ඇත.ඈත අතීතයේ සිටම විද්‍යාඥයන් අකුණක මූලික ස්වරූපය හඳුනා ගැනීමට උත්සාහ කලද වර්තමානය වන තෙක් අකුණක සමස්ථ ක්‍රියාවලීය අධ්‍යනය කර නොමැත.අදටද හඳුනා ගැනීමට අපහසු සංසිද්ධි කීපයක් අප හමුවේ ඇත.

අකුණක් යනු ඉතා තද විද්‍යුත් බලයක් සහිත අයනීකරණ වූ වායු ( ප්ලාස්මා ) පරිපථයක් ඔස්සේ ගමන් ගන්නා කිලෝ මීටර 4 සිට 8 දක්වා දුරක් සහිත විදුලි ධාරාවකි. ඇත්තෙම්ම අකුණක විසර්ජන ක්‍රියාවලිය , එනම් එය පොළොව කරා පැමිණ භූගත වන තෙක් අති සංකීර්ණ ක්‍රියා රැසකට භාජනය වේ. ( ප්ලාස්මා පරිපථයක් යනුවෙන් මෙහිදී හඳුන්වා ඇත්තේ ඉතා සීග්‍ර වේගයෙන් අයනීකරණය වෙමින් / නැති වෙමින් අකුණේ ශක්තිය උරා ගනිමින් එයට භූගත වීමට මාර්ගය සලසන මිලි තත්පර 10 කට පමණ සීමා වූ වායු ධාරාවටයි.මින් ඉදිරියට ලිපිය තුල වායු = gas යනුවෙන් භාවිත කරමි )


උණුසුම් වායු ස්ථර හා සිසිල් වායු ස්ථර අතර හට ගන්නා චලන හේතුවෙන් පෘතුවි වායු ගෝලය තුල නොයෙක් නොයෙක් කැළඹීම් ඇති කරයි.සාමාන්‍ය සුළන් හැමීමේ සිට විශාල කුණාටු , ටොර්නාඩෝ දක්වා මෙම කැළඹීම් පැතිරිය හැක.




අකුණක ඉතාම සරළ සිංහල පැහැදිළි කිරීම.



මෙතැන තියෙන්නේ අධිවේගී කැමරාවකින් ගත්ත අකුණක චායාරූප මාලාවක්.තත්පරයට frame 500 ක වේගයෙන්
ප්‍රංශයේ Toulouse නගරයේදී තමයි මේක අරන් තියෙන්නේ..පැරිසියේ ඉඳල 600km වගේ දුරකින් තමයි මේ පැරණි නගරය පිහිටලා තියෙන්නේ..


ඉහළ අකාශයේදී ඇති වන උෂ්ණත්ව වෙනස් කම් නිසා වලාකුළක එක් එක් මට්ටම් වලදී අයිස් ස්ඵටිකද , ජල අංශු වෙන වෙනමද ගැටීමකට ලක් වී අයිස් ස්ඵටික වලට ධන ලෙස ආරෝපණය වීමට අවස්ථාවද , දූවිලි සහ ජල අංශු වලට ඍණ ලෙස ආරෝපණය වීමටද අවස්ථාව සලසා දේ.

දීර්ඝ වශයෙන් මෙවැනි ගැටීම් ප්‍රකෝටි ගණනක් ඇති වීම හේතුවෙන් පියවරෙන් පියවර වලකුලෙහි පහළ ස්ථරය තුල (මුල් කිලෝ මීටර 5) ඍණ වශයෙන් ආරෝපණය වූ අණුද , ඉහල ස්ථරය තුල ( ඉහළ කිලෝ මීටර 6- 8 ) ධන වශයෙන් ඇති වූ අරෝපණද තැන් පත් වීමට ගනී.



මේ විදිහට ටිකෙන් ටික වර්ධනය වන විද්‍යුත් ක්ෂේත්‍රය තුල ඇම්පියර් 50,000 දහසක පමණ ශක්තියක් ඒක රාශී වීමටත් , ටිකෙන් ටික විභව අන්තරය වෝල්ට් මිලියනය පසු කිරීමටත් අවස්ථාව සලසයි. දිගින් දිගටම වායු කැළඹීම් සිදු වෙමින් මෙම ක්‍රියාවලිය ඉතා බිහිසුණු ස්වරූපයක් ගැනීම ආරම්භ වේ.

{ මෙම ක්‍රියාවලිය තුළදී ආරෝපණ ඒක රාශී වීම සංස්ථිති නියමයේ එක් ප්‍රබෙධයක් වූ (Space charging) ඒකක වර්ගඵලයක් මත
ආරෝපණ විසිරීමේ මූලධර්ම භාවිතයෙන් මැනිය හැක.Space charging වූ මෙම ක්‍රියාවලිය සිදු වන්නේ පාරවිද්යුත් ද්‍රව්‍ය තුල හෝ රික්තකයක් තුළදීය. මන්ද යත් විදුලිය සන්නයනය කරන ද්‍රව්‍යක් තුලදී නම් ආරෝපණ ඉතා ඉක්මනින් උදාසීන මට්ටමට ළඟා වේ . මනින්නට දෙයක් ඉතුරු නොවේ. මෙය සොයා ගැනීමට මුල් වී තිබෙන්නේ ලෝ ප්‍රකට විද්‍යාඥයෙක් වූ තෝමස් අල්වා එඩිසන් විසින් රික්තයක් තුල දැවී අළු වී යාමේදී සිදු වන ශක්ති වෙනස් කම් අධ්‍යන කිරීමේ ප්‍රතිඵලයක් ලෙසයි .මෙම මූලධර්මය භාවිතයෙන් තමයි රික්තක වෑල්ව් පවා හදල තියෙන්නේ . ඒ නිසා මේ දේ ඔබ විද්‍යාව ගැන උනන්දු අයෙක් නම් අතිශය වැදගත් ක්‍රියාවලියක් .මොකද ට්‍රාන්සිස්ටර් ගැන ඉගෙන ගන්න තැන් වලදී මේ දේවල් හරි ප්‍රයෝජනවත් .හොඳ දක්ෂ ඉලෙක්ට්‍රොනික් ඉංජිනියර් කෙනෙක් වෙන්න පුළුවන් මේ දේවල් ගැන පැහැදිලි අවබෝදයක් තියෙන කෙනෙක්ට . ලෝකෙට අලුතෙන් ට්‍රාන්ස්සිස්ටර් එකක් දායාද කරන්න පවා පුළුවන් එහෙම ඉගෙන ගත්ත කෙනෙක්ට . }


ඔන්න දැන් මේ වලකුළේ ඉහලම ස්ථරය ඉතාම දැඩි ලෙස ධන වශයෙන් ආරෝපණය වෙලා , පහළ ස්ථරය ඉතාම දැඩි ලෙස ඍණ ලෙස ආරෝපණය වෙලා ..පෘතුවිය උදාසීන විදිහට ඉන්නවා..නමුත් මේ විද්‍යුත් වශයෙන් active layer 3ටම තවම ලොකු බාධකයක් තියෙනවා. ඒ තමයි මේ ස්ථර අතර පවතින දුර ..කිලෝ මීටර 4- 6 දක්වා දුරක් තියෙන නිසා තවමත් මේ layer 3 එන්න එන්න electrically activate වෙනවා වායු කැළඹීම් එක්ක තව තවත් වලාකුළ තුල ආරෝපණ එකතු වෙනවා ..ඇම්පියර් ගණන එන්න එන්න 80,000 පමණ වන තෙක්ද , වෝල්ටීය තාවය මිලියන 2 පසු කිරීමත් ඉතා සීග්‍රයෙන් සිදු වෙන්න ගන්නවා. පළමු මිලියනය සැදීමට ගත වූ කාලයට වඩා අඩු කාලයක් තමයි දෙවෙනි මිලියනයට ගත වෙන්නේ , 3 හැදෙනවා ඊටත් වඩා ඉක්මණින් ...


(එහෙම වෙන්න හේතු වෙන්නෙත් space charging වලම වෙන තවත් සංසිද්දියක් උන හීටීරියෝ චාර්ජින් සහ හෝමෝ චාර්ජින් කියන තත්වයන් නිසා.AC ධාරාවක මුළු circle එක දිහා බැලුවොත් එහෙම net sum එක ශූන්‍ය උනත් ද්‍රැව දෙක වෙන් කලොත් අති විශාල ශක්තියක් ගැබ් වෙලා තියෙනවා වගේ සිද්දියක් මේක.
අපි බලපු spell binders කතාවෙත් මායා බන්ධකයෝ කරන්නේ කාන්දම් ගල් වල ගැබ් උන ශක්තිය ද්‍රෑවීය තාවය වෙන් කරලා ලොකු ශක්තියක් නිපදවා ගැනීම )


මේ විදිහට පොළොවත් වලකුලේ ස්ථර දෙකත් අතර ඇති වෙන ඉතා තද විද්‍යුත් ආරෝපණ නිසා පොළොවේ මතු පිටත් වලකුලේ පහල ස්ථරය මතත් විද්‍යුත් ක්ෂේත්‍රයක් ඇති වෙනවා . තව දුරටත් වායු බිත්තියකින් මේ ස්ථර කීපය මෙල්ල කරන්න බැහැ.මෙන්න මේ අවස්ථාව භයානකයි.මේ තැනට පත් උනාට පස්සේදී කරන්න දෙයක් ඇත්තේ නැහැ.ගත වෙන මොහොතක් මොහොතක් ගානේ වලකුලේ ඒකක වර්ගඵලයක් මත එකතු වෙන ශක්තිය සීග්‍රයෙන් වැඩි වෙනවා..

මෙතනින් එහාට වෙන්නේ වලකුලේ පහලම layer එකේ තියෙන වායු අංශු අයනීකරණය වෙන්න ගන්නවා.මුල්ම ඇරඹීම වෙන්නේ වළාකුලෙහි ඍණ ලෙස ආරෝපිත කලාපයෙන් අර්ධ වශයෙන් අයනීකරණයට ලක් වෙමින් පවතින වායු අණු නිදහස් වීමත් එක්ක.ධන ලෙස ආරෝපිත වූ අංශු මීළඟට නිදහස් වෙන්න ගන්නවා. ධන ලෙස ආරෝපිත අංශු ඉහළටත් , ඍණ ලෙස ආරෝපිත අංශු පොළොව දෙසටත් ගමන් අරඹනවා.ඒ කියන්නේ මිලියන 7 පමණ වන වොල්ටීයතාවයෙන් යුතු , ඇම්පියර් 80,000 පමණ ශක්තියක් අඩංගු විදුලි කදම්භය පොළොව දෙසට ගමන් ඇරඹීම සිදු කර අවසන් ...



මේ විදිහට පැන නගින අයනීකරණය වෙමින් පවතින වායු අණුව කරන්නේ තමන්ට ඉස්සරහින් තියෙන වායු අංශුවත් අයනීකරණය කරන්න ශක්තිය ලබා දීම.මොකද පිටිපස්සෙන් දරන්න බැරි තරම් විද්‍යුත් පීඩනයක් / ශක්ති ප්‍රභවයක් / එන්න එන්න හැදෙමින් තිබීම .

( මේ දේවල් වල 100% පැහැදිළි කිරීම මම ටිකකට skip කරනවා හොඳද ? නැත්නම් මේ සංසිද්දිය තේරුම් ගන්න බැරුව යනවා.මේ විදිහට විදුලිය ගමන් කිරීමට කියන්නේ කොරෝනා සංසිද්දිය කියලා . ප්‍රභව දෙකක් හෝ ඉලෙක්ට්‍රොඩ දෙකක් අතර අවම වශයෙන් 12,000v හෝ ඊට වඩා විභව අන්තරයක් ඇති විටක ඉලෙක්ට්‍රෝඩ දෙක අතර පවතින gas අයනීකරණය කරමින් ඒ ඔස්සේ විදුලිය පුළිඟුවක් ලෙස ඉවතට විසි වීම තමයි මේ සංසිද්දියේ මුල්ම මට්ටම .



පෙට්‍රෝල් එංජිමේ spark plug එක වැඩ කරන්නේ මේකේ මූලිකම අදියරෙන් .මේ සංසිද්දී වල වැඩිදියුණු අදියරකින් තමයි ෆොටෝ කොපි මැෂින් එක දෙවෙනි වර භාවිතා කරන්න පුළුවන් විදිහට Reset කරන්නේ . මේ සංසිද්දියේදී වෙන තවත් එක් සුවිශේෂීම සංසිද්දිය තමයි ඕසෝන් වායුව නිපදවීම . අකුණු ගැසීම හේතුවෙන් විශාල විදිහට ඕසෝන් වායුවත් වක්‍රාකාරව නිපදවෙනවා. අපි බලපු spell binders කතාවෙත් මායා බන්ධකයෝ කරන්නේ කාන්දම් ගල් වල ගැබ් උන ශක්තිය ද්‍රෑවීය තාවය වෙන් කරලා ලොකු ශක්තියක් නිපදවා ගැනීම සහ එහෙම හදා ගත්ත ස්ථිති විදුලිය කොරෝනා එෆෙක්ට් එකෙන් වාතය හරහා " අවශ්‍ය තැනට " යැවීම. හැබැයි අපි ජීවත් වෙන පෘතුවියේ නම්" අවශ්‍ය තැනට "කොටස වලංගු නැහැ. )


ඒ විදිහට හැදෙන විදුලි ධාරාව නිසා වාතය සෙන්ට්‍රිගේට් අංශක 50,000 ලොකු උෂ්ණත්වයකට පත් වෙනවා මිලි තත්පර කීපයක් ඇතුලට.මේ උණුසුම කොච්චරද කියනවනම් සූර්යාගේ මතුපිට උෂ්ණත්වය වගේ 5 ගුණයක්. මේ තද උණුසුමයි දැඩි ලෙස අයනීකරණය වෙන gas ටික නිසා ඒ අවට ප්ලාස්මා එෆෙක්ට් එක ඇති කරනවා .අන්න එහෙම ඇති වෙන ප්ලාස්මා තරලය තමයි සුදු / නිල් පාටට හුරු එළියකින් පේන්නේ. Plasmatized gas  කියල තමයි මේකට කියන නියම සිංහල වචනේ. මේ Plasmatized gas විදිහට දිගින් දිගටම අලුත් පාරවල් හොය හොයා පෘතුවිය දිහාට එනවා හරියට ගහක අතු බෙදෙනවා වගේ..සමහර අතු වලට ශක්තිය මදි වෙනවා තව තවත් වර්ධනය වෙන්න ..සමහර අතු දිගින් දිගටම ශක්තිය උරා ගනිමින් පෘතුවිය දිහාට එනවා.මේ විදිහට හැදෙන අත්තක් සාමාන්‍යයෙන් අඩි 100 සිට අඩි 200 විතර දිගයි.සාමාන්‍යයෙන් මේ විදිහට ඇති වෙනඅත්තක් ඇම්පියර් 100 සිට 3000 දක්වා ප්‍රමාණයක ශක්තියක් වැය කරනවා.මේ විදිහට වලකුලේ ඉඳල පෘතුවියට පාර හොයන් එන ගමනටම විශාල ශක්ති ප්‍රමාණයක් නාස්ති
වෙනවා.( ඇත්තටම මෙහෙම නාස්ති නොවෙන්න අකුණක් වැදුණු තැනක් ඉතුරු වෙන්නේ නැහැ )

{ මෙන්න මේ අවස්ථාවේදී හරියටම ( අයනීකරණය උන වායු ) Ionized air පාර හොයා ගන්නේ කොහොමද කියන එක ගැන අදටත් , ඒ කියන්නේ 2013 මේ ලිපිය ලියන මොහොතේත් ඒක මතික තීරණයකට ඇවිත් නැහැ.ගොඩක් විද්‍යාඥයෝ කියනවා කොස්මික් කිරණ විහිදීමේ මූලධර්ම අනුව එනවා කියල.මොකද සත්‍ය වශයෙම්ම අකුණක තියෙන ශක්තිය මදි පොළොවට එක එල්ලේ විදුළි ධාරාවක් එල්ල කරන්න.කිලෝ මීටර 6 විතර දුරට කොරෝනා එෆෙක්ට් එකෙන් විදුළිය යන්නේ නැහැ.අන්න ඒකයි අදටත් විසදුමක් නැත්තේ.






ආයෙම කියනවා කොස්මික් කිරණ විහිදීම් වලට යටත් නැහැ කියල.මොකද අකුණක මේ සිද්දි දාමය වෙන්න සාපේක්ෂව ගන්න කාලය වැඩි. කොස්මික් කිරණ නිසා තමයි කාබන් 14 සමස්ථානිකය හැදෙන්නේ .පුරා විද්‍යා කැනීම් වලදී කාලය හොයාගන්නේ ඒ ක්‍රමෙන් තමයි..මීළඟ ළිපියකින් ඒක ගැන දාන්නම් }

දැන් මේ විදිහට Ionized air වලින් ටික ටික පාර හදා ගන්නවා අකුණ පොළොවට ඒම සඳහා.මේ පරිපථය සම්පූර්ණ වීම මේ විදිහට උන හැටියේම මෙතෙක් ඉතුරු වෙලා තිබුණ මුළු ශක්තියම කිසිම බාධාවකින් තොරව පොළොවට එනවා.

වලකුළත් පොළොවත් අතර අගල් 6 පමණ වන ප්‍රමාණයේ විශ්කම්භයක් ඇති කිලෝ මීටර 4-8 දක්වා දිගකින් යුතු වන යෝධ විදුළි ධාරාවක් ඇති වෙනවා.ක්ෂණිකව වායුව සෙන්ට්‍රිගේට් අංශක 50,000 පමණ උෂ්ණත්වයකට පත් වෙනවා .ඒකෙන් තමයි තද පිපුරුම් හඬක් ඇති වෙන්නේ.ඒ වගේම තත්පර 2 ඉඳන් 10 වගේ කාලයක් යනකම් අපිට Plasmatized gas පෙනෙන්න තියෙනවා ..







01.මේ විශාල විදුලි ධාරාව නිසා ලොකු චුම්භක ක්ෂේත්‍රයක් අවට ඇති වෙනවා
02.විශාල bandwidth එකක් තියෙන විද්‍යුත් චුම්භක තරංග මාලාවක් ඇති වෙනවා


අකුණ පොළොවට ආවට පස්සේ මොකද වෙන්නේ ?



25,000A X 6,000,000V විතර වෙන ධාරාවක් බලාපොරොත්තු නැති වෙලාවක ලැබුණම වෙන්නේ ඒක ක්ෂණිකව විහිදෙන්න ගන්නවා පොලොව දිගේ.මේ විදිහට පොළොව දිගේ විහිදිලා යන විදුලි සැර නිසා තමයි ගොඩක්
අනතුරු වෙන්නේ .ඒ කියන්නේ සතෙකුගේ එක කකුලකින් ඇතුල් උන විදුලිය අනික් කකුලෙන් නැවත භූගත වෙන්න පුළුවන්.අවාසනාවකට මෙහෙම යන විදුලි ධාරා ටිකත් කොහොම පැතිරේවිද කියන එක ගැන අනාවැකි කියන්න බැහැ.අකුණ වැදුන තැන ඉඳන් 15m විතර යනකම් සිටීම මාරාන්තික වෙන්න පුළුවන් එක එල්ලේ අකුණක් නොවැදුණත්..


සාමාන්‍ය ජීවිතයේ ඔබට හුරු පුරුදු නැති විශේෂිත අකුණු වර්ග.

01. පොළොවේ සිට වලාකුළු දක්වා විහිදෙන අකුණු (GC )
02. Positive lightning

මෙහි පළමු වර්ගය ගොඩක් වෙලාවට වෙන්නේ Transmission towers වලදී.ඒ කියන්නේ කාලයක් තිස්සේ RF power එක නිසා හෝ උස් කඳු මුදුන් වලදී වෙන වලාකුළු ස්පර්ශය නිසා හෝ එකතු උන ස්ථිති විද්‍යුත් ආරෝපණ නිසා වලාකුළකට ඒ ආරෝපණ නිදහස් කිරීම .සාමාන්‍ය අකුණක් තරම්ම ප්‍රභලව වදිනවා.දිශාව විතරයි වෙනස්.හරි විදිහට හදපු නැති Transmission towers මේ නිසා විනාශ වෙනවා..




Positive lightning කියන මේ වර්ගය තමයි අතිශය භයානක.අපි කලින් කතා කරපු සාමාන්‍ය අකුණු ඇති උනේ වලකුලේ පහළ ස්ථරය හා පෘතුවිය අතරනේ.නමුත් මේ අකුණු වර්ගය ඇති වෙන්නේ අකුණක තියෙන ධන ලෙස ආරෝපණය උන ඉහලම ස්තරය හා පෘතුවිය අතර.පොළොව හා තියෙන දුර වැඩි . විදුලි ධාරාව හිතන්නත් බැරි තරම් අගයක් ගන්නවා..ඒ කියන්නේ ඇම්පියර් ලක්ෂම 3 කට වැඩි..වෝල්ටීයතාවය වෝල්ට් මිලියනම 1000 ට වැඩි. ඒ කියන්නේ වෝල්ට් බිලියනයක් ! මෙහෙම අකුනකදී වෙන තවත් වැදගත් දෙයක් තමයි




01.අධික චුම්භක බල රේකා පිහිටීම / වෙනස් වීම් ( flux )
02.විද්‍යුත් චුම්භක තරංග ඇති වීම ( EMF )
03.හර්ට්ස් 1 සිට 1000 දක්වා පරාසයේ රේඩියෝ තරංග(EMF ) අධිකව ඇති වීම

ඔය වගේ හේතු වල අතුරු ප්‍රතිපල විදිහට ඔබ ලෝහ දණ්ඩක් අල්ලන් හිටියත් ඒක තුලින් විදුලිය ජනනය වෙන්න පුළුවන්..( මේක වෙන්නේ Positive lightning වලදී විතරමයි හොඳද ? සාමාන්‍ය අකුණකට මේ හැකියාව නැහැ )

ගුවනේ සැරි සරමින් ඉන්න ගුවන් යානයක් මෙහෙම අකුණකට මූණ පෑවොත් සම්පූර්ණ පරිගණකගත ජාලයම බිඳ වැටෙනවා එක මොහොතෙන්.ගොඩක් ගුවන් යාන විනාශ වීම වෙලා තියෙනවා 1970 විතර වෙනකම්.අයිස් ස්පටික , හිම ස්ඵටික එක්ක වෙන ඝර්ෂණය නිසාත් ගුවන් යානයක් තුලත් ලොකු ස්ථති විද්‍යුතයක් ඇති වෙලා ගුවන් යානයේ සංනිවේදන ඇන්ටෙනා / පරිගණක ජාලය අක්‍රීය වෙන තත්වයක් එනවා ..නමුත් අද පියාසැරීමට අවසර ලැබෙන්නේ මෙවැනි අකුණකට / ස්ථති විද්‍යුත් ප්‍රහාරයකට උනත් ඔරොත්තු දෙන්න පුළුවන් ආකාරයේ ප්‍රමිතියක් තියෙන ගුවන් යාන විතරයි..

ඒ නිසා බය වෙන්න එපා ගුවනේදී ඔබ ආරක්ෂිතයි...





කට්ටියට මතකද මීට අවුරුදු 6 කට විතර කලින් ඔයාලට TV බලන්න බැරුව ගියා දවස් 4 විතර? හේතුව තමයි අකුණකින් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ පිදුරුතලාගල ප්‍රධාන සම්ප්‍රේෂණ මධ්‍යස්ථානය විනාශ උනා.ඔක්කොම දේවල් කර වෙලා අඟුරු උනා.ප්‍රධාන 20kw ධාරිතාවය තියෙන transmitter එකේ ගොඩක් steps අඟුරු උනා මේ අකුණෙන්.අපි විස්වාස කරන්නේ එදා වැදුනෙත් Positive lightning කියන වර්ගයේ අකුණක් කියලයි.ඒක වෙද්දී මගේ සහෝදරයත් සේවයේ යෙදී හිටියා .වාසනාවකට පිළිස්සුම් තුවාල ඇර ජීවිත හානි උනේ නැහැ කාටවත්.
spy.




මෙහෙම අකුණක් සාමාන්‍ය තැනකට වැදුනොත් නම් අනිවාර්යෙන්ම වෙන විනාශය හිතන්න වත් බැහැ.Telecommunication විශයේදී අපි මූණ පාන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි අකුණු අනතුරු . ඒ නිසා අකුණු ගැන ගොඩක් ගැඹුරට ඉගෙන ගන්න වෙනවා මේ විශයට කෙනෙක් ආස නම්. ඩොලර් මිලියන ගණනක් වටිනා උපකරණත් , ජීවිතත් ආරක්ෂා කරගෙන දිගටම සේවය පවත්වා ගන්න වෙනවා අකුණු පිට අකුණු ගැහුවත්.අකුණු ගැහුවා කියල Tx off කරන්න බැහැනේ. ඉතින් ගොඩක් තාක්ෂණික ක්‍රම පාවිච්චි කරනවා මේ සඳහා...පහත දක්වන්නේ ඉන් කීපයක් විතරයි නිවසකට අවශ්‍ය මට්ටමේ...


කොහොමද එදිනෙදා සාමාන්‍ය ජීවිතේදී අකුණු අනතුරු වලක්වා ගන්නේ ?


දැන් හැමෝම දන්නවා ඇති නේද අකුණක් ගැන ගොඩක් විස්තර. ඒ කියන්නේ අකුණක් ගැන ලොකු අවබෝදයක් , අකුණක හැසිරීම් ගැන විස්තරයක් වගේ.දැන් අපි සැලසුම හදමු අකුණ කියන සතුරාගෙන් බේරෙන්න ....


01. උස ස්ථාන වල ඉන්න එපා

හිතන්න ඔබ ඉන්නේ rooftop එකේ නම් වහින වෙලාවට අකුණක් වැදීමේ අවදානම වැඩි ඔබට.ඒ නිසා ඉක්මනට බිම් මහලකට එන්න වහින වෙලාවට

02. පාලු පිට්ටනි / පාරවල් වගේ එළිමහන් තැනක ඉන්න එපා..හිතන්න ඔබ ඉන්නේ පිට්ටනියක මැද්දේ කියල .ඒ කියන්නේ නොදැනුවත්වම ඔබ පිට්ටනියේ ඇති උසම ස්ථානය බවට පත් වෙලා ..වහාම ඉවත් වෙන්න ඕනේ..නැත්නම්
.upset.

03.රැහැන් සහිත දුරකථන භාවිතය කිසිසේත් හොඳ නැහැ .. ඒ කියන්නේ දුරකථන කුලුණකට අකුණක් වැදුනොත් එහෙම රැහැන් දිගේ අකුණෙන් කොටසක් එනවා එනවාමයි..ඔබේ ස්ථාවර දුරකථනය , මොඩමය පරිගණක සහ අනිකුත් උපකරණ switch off නොව unplug කරන්න ...

04.ප්‍රධාන 230/400 විදුලි ජාලයෙන් TV , Radio , ෆ්‍රිජ් වැනි වටිනා උපකරණ unplug කරන්න .මොකද switch off කරලා තිබ්බට වැඩක් නැහැ..කිලෝ මීටර් ගානක් දුර ඉඳන් ආව අකුණකට switch එක ඇතුළේ තියෙන 4mm දුර මොකක්ද ?

 
05.TV ඇන්ටෙනාව TV එකෙන් ගලවා නිවසෙන් එළියට දමන්න.( TV එක නෙවේ වයර් එක
roll. ) මොකද TV ඇන්ටෙනාවට අකුණක් වැදුනොත් ඒකෙන් කොටසක් ඇන්ටෙනා වයරය දිගේ එන්න පුළුවන් .

06. කම්බි වලින් රෙදි වැල් එහෙම හදලා තියෙනවද ?
ඒවා හැකි තරම් නිවසෙන් ඈතට කරන්න..

07. ගෙදර වැට කම්බිද / යකඩද / ග්‍රිල්ද ?
අකුණු සහිත වෙලාවට ඈතින් ඉන්න .මොකද වැට දිගේ අකුණක
කොටසක් එන්න පුළුවන් ...

08.නිකන් ආවට ගියාට අකුණු සන්නායක කියල වෙළඳපොලේ තියෙන දේවල් ගෙනත් ගෙදර හයි කරගන්න එපා .අහක යන අනතුරකට අත වැනීමක් වෙන්න පුළුවන් ඒක.
peace.

09. තදින් අකුණු ගහන වෙලාවක ඔබ රිය පදවනවා නම් කොහොම වත් රියෙන් බහින්න එපා .වාහනය තුලම ඉන්න එංජිම නවත්තලා.මොකද වාහනයක් ඇතුළේදී ෆැරඩේ චේම්බර් කියන සංසිද්දිය ඉබේම වෙන නිසා ඔබ හොඳටම ආරක්ෂිතයි..

10.අකුණු වලින් ආරක්ෂා වීමට ඇති හොඳම විදිහ තමයි වාහනයක් තුලට වී සිටීම . විනාඩි 10 ඇතුළත අකුණු 3 කට වඩා ඇති වෙනවා නම් හොඳම දේ ආරක්ෂා කාරී තැනකට යෑම.

වැදගත්ම දේ තමයි ඔබ අකුණක් දුටු මොහොතේ පටන් තත්පර 10 ඇතුලත එහි ගිගිරුම් හඬ ඇසෙනවානම් , ඒ කියන්නේ ඔබ ඉන්නේ අකුණට කිලෝ මීටර 3ක් පමණ දුරින්. මේ විදිහට තත්පර ගණන අඩු වෙනවා නම් වහාම ආරක්ෂාව සලසා ගත යුතුයි...


අකුණු ගැන ඇති මිත්‍යා මත
.
( ඔබ දන්නා වෙනත් මිත්‍යා මතද තිබේ නම් ඉදිරිපත් කරන්න...)

01. Transmission towers වලින් අකුණු විසි කරනවා කියන
කතාව ගොඩක් දෙනා විස්වාස කරනවා .ඒත් එහෙම දෙයක් වෙන්නේ නැහැ . එහෙම දෙයක් තියෙනවනම් ඒකෙන් වෙන්නේ හොඳක්.ඔබේ නිවසට වැදෙන්න ඉඩ කඩ තියෙන අකුණක් tower එක හරහා භූගත වෙලා ඔබේ නිවස / ජීවිත බේරෙන්න පුළුවන්..

02.ජංගම දුරකථන වලට අකුණු ඇදිලා එනවා කියන එක .
මේකත් සම්පූර්ණ මිත්‍යා විස්වාසයක්.කිසිම විදියකින් අකුණක්
ජංගම දුරකතනයක් නිසා පොළොවට ඇදිලා එන්නේ නැහැ .ඒ නිසා
ඕනේ තරම් අකුණු ගැහුවත් පාවිච්චි කරන්න.( නමුත් ඔබ ඉන්න ස්ථානයේ
සිට මීටර 300 ඇතුලත අකුණක් ගැහුවොත් නම් දුරකථනය දැවී
යන්න පුළුවන් ඉඩ වැඩි.)

03.අකුණු ගහද්දි TV බැලීම
230/400 ප්‍රධාන පරිපථයෙන් වෙන්ව තියෙන generator එහෙකින් වගේ දේකින් විදුලිය ලබා ගෙන ආරක්ෂා කාරී ඇන්ටෙනාවක් භාවිතයෙන් බලනවා නම් කමක් නැහැ. නමුත් මෙහෙම තත්වයක් සාමාන්‍ය නිවසක නැහැ.ඒ නිසා කිසිම විදිහකින් TV බලන්න එපා අකුණු ගහද්දි.

04.දුරකථනයෙන් mp3 / Radio ඇසීම
banana.
ප්‍රශ්නයක් නැහැ ගැටළුවක් කරගන්න එපා.හැබැයි අකුණ මීටර් 200 වගේ
ඇතුලත වැදුනොත් දුරකථනය පිළිස්සී යාමේ ඉඩ වැඩි..

05.අකුණු ගහන විට ලෝහ භාණ්ඩ ඇල්ලීම සුදුසුද ?
ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ.ලෝහ භාණ්ඩ නිසා අකුණු ඇදිලා එන්නේ නැහැ.නමුත් මතක තියාගන්න Positive වර්ගයේ අකුණක් වැදුණොත් නම් ලෝහ දඬු තුළින් විදුලිය නිපදෙන්න පුළුවන් .ඒත් positive වර්ගයේ අකුණක් සාමාන්‍ය නිවසකට වැදුණොත් නියත වශයෙන්ම විනාශ වෙනවාමයි.ඒ නිසා ඔන්න ඔහේ අල්ලන් හිටියත් එකයි , අල්ලන්නේ නැතුව හිටියත් එකයි... කොහොමත් ඉවරයි.

06.ලෝහ වස්තු නිසා අහක යන අකුණු ඇද ගන්නවද ? ( උදලු , කැති , මන්නා පිහි )
නැහැ කිසි සේත්ම නැහැ.නමුත් මේ වගේ ආයුධ අතේ තියන් එළි මහනෙ වැඩ කරන්න යන්න හොඳ නැහැ..ඔබව අකුණකට ඉලක්ක වෙන්න පුළුවන්..නමුත් ලෝහ භාණ්ඩයත් ඒ අතරත් සම්බන්දයක් නැහැ ..

07.බොරු කිව්වම අකුණු එනවද ?
ayyo.
පිස්සුද මෙයා එහෙනම් මේ පෝස්ට් එක හද හද ඉද්දිත්
මට වදින්න එපැයි ..
.hehe.




සාමාන්‍ය නිවසකට ගැළපෙන පරිදි අකුණු ආරක්ෂණ පද්ධතියක් නිර්මාණය...




අකුණක මූලික ක්‍රියාකාරීත්වය තමයි හැකි ඉක්මණින් කෙටිම මග දිගේ භූගත වීම.පොළොවේ සිට වඩාත්ම උසින් පිහිටි තැනට තමයි වදින්නේ.


පහත රූපයේ දෙස බලන්න .එහි වම් පසින් පෙන්වා ඇත්තේ යම් කිසි උස් ස්ථානයක සිට අංශක 45 කෝණයක් සාදමින් පවතින කලාපය අකුණකින් ආරක්‍ෂිත බවයි.ඔබේ නිවස අසලද මෙවැනි උස ගසක් , කුළුණක් වැනි යමක් ඇත්නම් ඔබ බොහෝ දුරට අකුණක ඍජු ප්‍රහාරයකින් ආරක්ෂිතයි.





නමුත් ඔබේ නිවස පිහිටා ඇත්තේ හිස් / පාලු භූමියක / කුඹුරක් සමීපයේ නම් අකුණු වැදීමේ තද අවදානමක් ඇත.නිවසේ වහලය මත නිල් පැහැයෙන් දක්වා ඇති පරිදි අගල් 2.5 ගැල්වනයිස් බට වලින් සෑදු සැකිල්ලක් යෙදීමෙන් බොහෝ දුරට අකුණකින් ආරක්ෂා විය හැක.බට වල කෙලවර පොළොව තුල අඩි 6 වත් අවම වශයෙන් භූගත කල යුතුය.වඩාත්ම ආරක්ෂාකාරී වන්නේ උස ගස් කීපයක් හෝ සිටුවීමයි..( මෙහෙම දෙයක් හදනවා නම් කරුණාකර ඉංජිනේරු උපදෙස් ඇතුව හදන්න , නැතිනම් අහක යන අකුණක් ගේ ඇතුළට එන එක වෙන්න පුළුවන් . අනිත් දේ මම මේක ඇන්දේ paint වලින්.නිසි පරිමාණයට නැහැ .දළ අදහසක් ගන්න විතරයි මේක දැම්මේ )


පහත තියෙන්නේ පෝස්ටුවේ විස්තර උන සමහර දේවල් වල චායාරූප විස්තර සහිතව ..






මෙතන බොහොම සරළව ඉදිරිපත් කරලා තියෙන්නේ ෆැරඩේ චේම්බර් එකක ස්භාවය. සාමාන්‍යයෙන් අකුණු අනතුරු වලින් ආරක්ෂා වීම සඳහා මේ ක්‍රමය තමයි හොදම. ඔයාල දකින හැම දුකථන / රූපවහිනී / වෙනත් සම්ප්‍රේෂණාගාරයම හදල තියෙන්නේ මේ ක්‍රමයට .1mm වගේ ප්‍රමාණයේ සිදුරු තියෙන දැලකින් ආවරණය කරලා තියෙන්නේ හැම බිත්තියම .මෙහෙම කරාට පස්සේ කිසිම විදිහකින් පිටත අවකාශයේ තියෙන ගුවන් විදුලි තරංග ඇතුළටත් , ඇතුලේ හැදෙන ගුවන් විදුලි තරංග පිටටත් යන්නේ නැහැ. ඒ වගේම අකුණකින් උනත් ආරක්ෂා කාරී...


1mm වගේ ප්‍රමාණයේ සිදුරු තියෙන දැල



මේ තියෙන්නේ අපි වෘතීමය වශයෙන් transmission house හදද්දී ඒ සම්පූර්ණ මහළම ෆැරඩේ චේම්බර් එකක් බවට පත් කරන ක්‍රමය.දැල් වලටත් වඩා මේ ක්‍රමය තමයි විශාල Tx power එකක් හදන තැනක අපි කරන්නේ ...





මේ තියෙන්න ෆැරඩේ චේම්බර් මූලධර්ම භාවිතා කරලා පුංචි පුංචි පරීක්ෂණ සඳහා හදපු ෆැරඩේ කුටි.මතකද පෝල්ගේ තාත්තටත් මෙහෙම එකක් තිබ්බා ?

මේ චායාරූපය හොදින් නිරීක්ෂණය කරන්න .බලන්න ප්‍රධාන විදුලි ධාරාව වටේට ඇති වෙන
ලා නිල් පැහැති ආලෝක ධාරාව .අන්න ඒක තමයි ප්ලාස්මා ගෑස් කියල හඳුන්වන්නේ.මේ වෙලාවේදී
තමයි ඕසෝන් හැදෙන්නෙත් .ඕසෝන් වායුව උග්‍ර විෂක් !






මේ තියෙන්නේ මේ මූලධර්මයේ සත්‍ය තහවුරු කරන ඇඟේ මයිල් කෙළින් වෙන පරීක්ෂණ ..



මතකද මම කිව්වා වාහනයක් තුළත් ෆැරඩේ එෆෙක්ට් එක ඇති වෙනවා කියල ? මේ තියෙන්නේ ඒ ගැන පුංචි පරීක්ෂණයක් ..




ඒ නිසා අහස කළු කරන් ආවත්, පාලු පිට්ටනියක හිටියත් බය නැතුව ඔබේ ගමන ඔබ යන්න ..!




අකුණු ගැන තවත් මේ වගේම පෝස්ට් 2 කට විතර කරුණු තියෙනවා .අවශ්‍ය අයට කමෙන්ට් මගින් කරුණු කියන්නම්. පුදුමයි නේද මිලි තත්පර 6 වගේ කාලයක් ඇතුළත වෙන සංසිද්දියක මේ තරම් දේවල් ඇතුළත් වෙනවා කියද්දී ? ඒ වගේම දන්නවද තාමත් හඳුනා නොගත්ත සංසිද්දී ගොඩක අභිරහසක් තමයි අකුණක් කියන්නේ..

Note : පෝස්ටුව ගොඩක් සංකීර්ණ වෙන එක වළක්වා ගන්න ඕනේ නිසා සමහර පැහැදිළි කිරීම් හරිම වචන වලින් කරලා නැහැ . ගොඩක් ටෙක්නිකල් ටර්ම්ස් පැහැදිළි කිරීම එදිනෙදා භාවිතා වෙන සිද්දි ඇසුරෙන් තමයි කරේ.100% අවශ්‍ය අයට කමෙන්ට් වලින් පැහැදිළි කරනවා ..


කුණාටුවක් ඇති වෙන්නේ කොහොමද කියන දේ ගැන බොහොම සරළ පැහැදිලි කිරීමක් සයුරිගේ පහන් යායේ තියෙනවා .මෙන්න link එක ...

කඔරු ඉකෙයා.අපේ කාලයේ පුංචි විද්‍යාඥයා.My little hero.


ප.ලි. මෙම පෝස්ටුවේ ප්‍රධාන අරමුණ අකුණු වලින් ආරක්ෂා වීම ගැන තොරතුරු ටිකක් දීම උනත් මේ විදිහට පැහැදිළි කිරීම් ටිකක් කරේ මෙවැනි විශයන් ගැන අන්තර්ජාලයේ සිංහලෙන් නැති කම නිසයි.ඉස්සර අපි පුංචි කාලේ ගොඩක් විද්‍යා ලිපි කියවන්න ලැබුණත් අද වෙද්දී එහෙම ලිපි ලංකාවේ නැහැ.විද්‍යාවට උනන්දු අයට මේ ටිකත් මදි කියන හැගීම නිසයි සමහර සංසිද්දී ගැන පැහැදිළි කිරීම් පවා දීර්ඝව කලේ.මොකද අපි හැමදාම H2O ගැන ඉගෙන ගෙන හරියන්නේ නැහැ .මටත් තිබ්බා අකුණක මෙච්චර ඇම්පියර් ගාණක් තියෙනවා ඒ නිසා පරිස්සම් වෙන්න කියලා වචන දහයෙන් පෝස්ට් එක ඉවර කරන්න .ඒත් මගේ පැතුම මේවා දැකලා විශයට ආස කරන පුංචි ළමයි ටිකක් බිහි වෙනවා දකින්නයි..තව තව ඉස්සරහට උනන්දුවෙන් යන ළමයි ටිකක් බිහි වෙනවා දකින්නයි..අලුත් සොයා ගැනීම් ලෝකෙට ඉදිරිපත් කරන්නේ එහෙම අයයි.පොතේ තියෙන ටිකත් වැඩියි කියල පැත්තකට වෙන අය නෙවේ අලුත් දේවල් ලෝකෙට ඉදිරිපත් කරේ..පොතෙන් එහාට යන පිරිසක් වෙනුවෙන් තමයි මෙහෙම ලියවුණේ ...එක රැයෙන් එළි වෙන්නේ නැහැ කියල මන් හොදටම දන්නවා .ඒ උනත් මේ දේවල් අන්තර්ජාලයේ ඉතුරු වේවි ..කවදා හරි එළි වේවි...




109 comments:

  1. ඇත්තටම ගොඩාක් හොද දැනුවත් කිරීමක්...

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි මචන්..නැවත එන්න...

      Delete
  2. ඉතාමත්ම වටිනා හර බර විස්තරයක් සහිත අගනාම ලිපියක් සහන්..බොහොම ස්තුතියි

    ReplyDelete
    Replies
    1. අගය කිරීමට දිරි ගැන්වීමට ගොඩක් ස්තූතියි නලින්
      අයියේ..

      Delete
  3. හප්පේ...මම බයම සබ්ජෙක්ට් එකක් තමා අකුණු. බක් මහ එනවා කිව්වමත් බයයි. ගෙදර උන්නොත් ඇඳෙන් බිමට කකුලක් වත් තියන්නෙ නෑ...හි හි හී

    //වැදගත්ම දේ තමයි ඔබ අකුණක් දුටු මොහොතේ පටන් තත්පර 10 ඇතුලත එහි ගිගිරුම් හඬ ඇසෙනවානම් , ඒ කියන්නේ ඔබ ඉන්නේ අකුණට කිලෝ මීටර 3ක් පමණ දුරින්//

    අකුණක එළියක් දකිනවා කියන්නෙත් ඒ වෙද්දී ඒ අකුණ පතිත වෙලා ඉවරයි කියන එක නේද ? එතකොට අපිට හානියක් කොහෙත්ම නෑ නේද ?

    ReplyDelete
    Replies
    1. \\\අකුණක එළියක් දකිනවා කියන්නෙත් ඒ වෙද්දී ඒ අකුණ පතිත වෙලා ඉවරයි කියන එක නේද ? එතකොට අපිට හානියක් කොහෙත්ම නෑ නේද ?///

      ගොඩක් වැදගත් ප්‍රශ්නයක් ළිහිණි ඔයා ඇහුවේ .ඔව් දැකපු අකුණ නම්
      වැදිලා ඉවරයි සද්දේ ඇහෙනකොට.නමුත් අකුණේ එළියයි සද්දෙයි
      අතර පරතරය තත්පර 10 කට වඩා අඩු උනා කියන්නේ මීළඟ අකුණ
      වදින්නේ අපි ඉන්න තැනට වෙන්න පුළුවන්. අපි ඉන්න තැන ඉහල
      වලකුලේ තදින් ආරෝපණ එකතු වේලා / Ionized වෙලා තියෙන්නේ
      කියල අවබෝදයක් ගන්න හොදම ඒ ශාක්ෂිය ප්‍රමාණවත්...

      දඩ බඩ ගාල TV ඇන්ටෙනා ගලවලා , ආරක්‍ෂිත ක්‍රියා මාර්ග ගන්න ඕනේ...

      \\\එතකොට අපිට හානියක් කොහෙත්ම නෑ නේද ?///

      ළඟම තැනකට වැදුණා කියන්නේ මීළඟ විනාඩි කීපය ඇතුළත 230/400 ප්‍රධාන විදුලිය
      විසන්දි වෙන්න පුළුවන්.ගෙදර ලයිට් යන්න පුළුවන් , හොරෙක් පනින්න පුළුවන් ..
      වගේ දේවල් වෙන්න පුළුවන් ...

      ස්තූතියි කමෙන්ට් කරාට ළිහිණි .
      නැවත එන්න ..

      Delete
  4. වටිනා උත්සාහයක් ශාන්..හොඳින් අවබෝද උනා.එකපාරක් අපේ ගෙවල් වලට දුරින් කිතුල් ගහකට අකුනක් වැදිල ගෙවල්කීපයකම ප්ලග්,මේන්,ට්‍රිප්ස්විච් ආදිය බරපතල විදියට හානි උනා.

    කිතුල් ගස්වලට වැඩිපුර අකුනු වදිනව අත්දැකල තියෙනව. ඒකට යම් විද්‍යාත්මක හේතුවක් තියෙනවද..?

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි වීයෝ අගය කරාට .කිතුල් ගස් වලට වැඩි පුර
      වදින්නේ ඒවා ගොඩක් උසට කෙලින් යන නිසා..අකුණක් භූගත
      කරන්න හොඳ හයියක් තියෙනවා ..මතක තියාගන්න මම මෙහෙම
      කිව්වා කියල කිතුල් ගස් ටික කපල දාන්න එපා " මේවට අකුණු එනවා " කියල..

      ගෙදරට එන්න පුළුවන් අකුණු කිතුල් ගහට වැදිලා ගෙදර බේරෙනවා..
      ඒ නිසා ගස් කපන්න එපා ..තව ගස් කීපයක් වවන්න...
      ස්තූතියි වීයෝ කමෙන්ට් කරාට ..නැවත එන්න...

      Delete
  5. Replies
    1. තැන්කුයි රාජ් .
      නැවත එන්න ..

      Delete
  6. අම්මෝ මෙක කියවන කොට මතක් උනේ අපේ ගෙවල් පැත්තේ අයියා කෙනෙක් රැ පාර හරස් කොට වැටුණු ගසක් උඩින් උදේ වැඩට යන්න ගිහිං කරනට් වැදිලා නැති උනා. කරනට් වයර් එකක් ගහේ තිබිලා.

    ReplyDelete
    Replies

    1. ඒක තමයි ගයනි විශේසෙන්ම කුණාටු වගේ තත්වෙකින්
      පස්සේ ඔහොම දේවල් ගැන පරිස්සම් වෙන්න ඕනේ..
      230 යන කම්බි තියෙන්න පුළුවන් පාරට වැටිලා...
      ස්තූතියි කමෙන්ට් කරාට ..නැවත එන්න...

      Delete
    2. ඉස්කෝලේ යන කාලේ කරන්ට් වයර් එක වතුර වලකට වැටිලා තිබිලා මං තව පොඩ්ඩෙන් සෙට්ටපොච්චි... මහ පාන්දර කලුවරේනේ ඉස්කෝලෙ යන්නේ... අපේ බලුරාල පෙරඩ් එකේ ගිහින් බිරුවම තමයි ටෝච් එක ගහලා බැලුවේ... පාරේ මැද්දේ හැදිලා තිබ්බ පංචමහා විල් වලින් පැනලා ගියානං අද හිරුවා මැරිච්ච තැන් වල ගසුත් පැළවෙලා....

      ( හිටියයි කියලත් ඉතිං එච්චර හරි වැඩක් ඇති දෙයක් වෙලා නං නෑ තමා.. හි හි)

      Delete
    3. ඔහොම දේවල් මටත් වෙලා තියෙනවා හිරු..අපේ මිදුලේ ගහක්
      වැටුනා කුණාටුවකට ..මම රෑම ගියා බලන්න ..තව ඩින්ගෙන් මට
      current වයර් එක පෑගෙනවා...:(

      තව පාරක් මම ගියපු වාහනේට අමුවෙම්ම අකුණක් ගැහුවනෙ..
      එන්ජිමත් off උනා ..මටත් නිකන් පිස්සු වගේ...එදා නම් අකුණක්
      සබැහින් දැක්කා ..ඔයා දන්නවද මාව ඔය වගේ සිද්දි වලින් දැන්
      8 පාරක් විතර වීසා හම්බෙන්නම ගියා..:(

      Delete
  7. හම්බෝ බං උඹ වෙලා තියන මහන්සිය..උඹේ මහන්සිය අපතේ යන්නේ නෑ..

    අපේ ගෙදර ඉස්සරහ කොස් ගහටත් අකුණක් ගැහුවා මට හොඳට මතකයි. මම 5 වසරේදී.

    ReplyDelete
    Replies

    1. ඔව් පැතුම් මම මහන්සි බලන්නේ නැතුව ලිව්වා..
      කාට හරි වැදගත් වේවි කියල හිතල..අකුණු ගැන
      google කරත් මේ පෝස්ට් එක එනවා ඉස්සරහට...
      ස්තූතියි මචන්...දිගටම එන්න..

      Delete
    2. ඇත්තටම සිංහල බ්ලොග් පාඨකයන්ට මේ ලිපිය ඉදිරිපත් කරන්න ඔබ ගත් මහන්සියට ගොඩක් ස්තුතියි සහන් එය අගය කල යුතුමයි

      Delete
    3. ස්තූතියි මොරබ්බා මා මිත්‍රයා ...
      ඔබටත් ස්තූතියි බ්ලොගයට ගොඩ වැදී
      මේ දේවල් කියවීම ගැන.....
      ඉඩ තියෙන විදිහට නැවත එන්න මිත්‍රයා...

      Delete
  8. ගොඩක් මහන්සි වෙලා ලියපු වැදගත් ලිපියක්... ස්තුතියි...

    ReplyDelete
    Replies
    1. ඔව් තරුරසි මහන්සි නොබලා මම මේක හැදුවා ..
      ස්තූතියි අගය කරාට...නැවත එන්න...

      Delete
  9. //05.අකුණු ගහන විට ලෝහ භාණ්ඩ ඇල්ලීම සුදුසුද ?
    ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ.ලෝහ භාණ්ඩ නිසා අකුණු ඇදිලා එන්නේ නැහැ.නමුත් මතක තියාගන්න Positive වර්ගයේ අකුණක් වැදුණොත් නම් ලෝහ දඬු තුළින් විදුලිය නිපදෙන්න පුළුවන් .ඒත් positive වර්ගයේ අකුණක් සාමාන්‍ය නිවසකට වැදුණොත් නියත වශයෙන්ම විනාශ වෙනවාමයි.ඒ නිසා ඔන්න ඔහේ අල්ලන් හිටියත් එකයි , අල්ලන්නේ නැතුව හිටියත් එකයි... කොහොමත් ඉවරයි.//

    මේක තමයි මම කැමතිම කොටස.

    ReplyDelete
  10. //අකුණ වැදුන තැන ඉඳන් 15ම් විතර යනකම් සිටීම මාරාන්තික වෙන්න පුළුවන් එක එල්ලේ අකුණක් නොවැදුණත්..///

    ඇත්තටම මම මේක දැනගෙන හිටියෙ නෑ. මං හිතුවෙ අකුණක් එක එල්ලේ වැදුනොත් තමයි ප්‍රශ්නයක් වෙන්න පුලුවන් කියල. අනිත් එක තමයි අකුණු ගහන වෙලාවට ජංගම දුරකථන පාවිච්චි කලාට ප්‍රශ්ණයක් නෑ කියන එකත් දැනගත්තෙ අද. එතනදි
    //( නමුත් ඔබ ඉන්න ස්ථානයේ සිට මීටර 300 ඇතුලත අකුණක් ගැහුවොත් නම් දුරකථනය දැවී යන්න පුළුවන් ඉඩ වැඩි.)// කියල සහන් අදහස් කලේ මොකක්ද කියන එක මට ටිකක් පැහැදිළි මදි වගේ. ඒ වගේම ෆෝන් එකෙන් කථා නොකර mp3 අහද්දි උනත් මේ විදිහට දුරකථනය දැවී යන්න පුලුවන් කියන්නෙ, මීටර් 200ක් ඇතුළත ෆෝන් එක ඔන් කරල තිබුන පමණින්ම උනත් ෆෝන් එකට හානියක් වෙන්න ඉඩ තියෙනව කියන එකද?

    සහන් ගොඩක් මහන්සි වෙලා පෝස්ට් එක ලියන්න. මේ පෝස්ට් එකෙන් අකුණු අනතුරු වලක්වාගන්නෙ කොහොමද කියන එක වගේම ඒ සම්බන්ධ විද්‍යාත්මක කරුණුත් හොඳින් දක්වල තියෙන නිසා එහි අගය වැඩියි. ස්තූතියි මේ වටිනා දැනුවත් කිරීමට...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි චම්ස් අහපු ජංගම දුකථන ප්‍රශ්නයට උත්තර මෙහෙමයි.

      01.ගොඩක් දෙනා මම දැකලා තියෙනවා පොඩ්ඩක් ගෙරෙව්වත් mobile
      එක off කරනවා එහෙම නැත්නම් call ආවට answer නොකර mobile එක
      අල්ලන්නේ වත් නැතුව ඉන්නවා අකුණක් ඇදිලා ඒවි කියලා බයෙන්.. එහෙම
      mobile 4n නිසා අකුණු ඇදිලා එන්නේ නැහැ .ඒ නිසා බය නැතුව 4n එකට
      call එකක් ආවොත් answer කරන්න..

      02. හැබැයි 200m වගේ ඇතුළත අකුණක් වැදුනොත් එහෙම ඇති වෙන ලොකු
      චුම්භක බල රේකා නිසයි ( flux density ), electromagnetic field එකයි නිසා ( RF )
      ජංගම දුරකතනයේ තියෙන පුංචි transmitter සහ receiver එක පිච්චෙන්න පුළුවන්.
      මොකද අකුණකින් එක මොහොතෙන් ක්ෂණික ශක්තියක් හැදෙනවා.ඒක පුංචි පුංචි
      චිප් වලට දරාගන්න බැහැ..

      03. හැබැයි 4n එක පිච්චුනාට 4n එක නිසා අකුණක් ඇදිලා එන්නේ නැහැ..ඒ දෙක
      අතර සම්බන්දයක් නැහැ..

      04. ජංගම දුරකථන විතරක් නෙවේ ගොඩක් සංවේදී උපකරණ off කරලා තිබ්බත් on
      කරලා තිබ්බත් ඔය මම කියපු ක්‍රමෙන් පිච්චෙන්න පුළුවන්.හැබැයි අකුණක් ගහපු හැටියේ
      අහල පහල ඔක්කොම ඉවරයි කියන දේ නෙවේ මම මේ කියන්නේ හොඳද ?

      05. ඔය ක්‍රමෙන්ම යුධමය කටයුතු වලදී සතුරු පාර්ශව වල communication system
      අඩපන කරන්න ලොකු RF energy එකක් තියෙන RF generator පාවිච්චි කරනවා.
      හැම දෙයක්ම පිච්චිලා යනවා..( අන්තර්ජාතික යුධ නීතියෙන් තහනම් ඒ වැඩේ.
      ඒක කරන්නේ ලොකු current එකක් 800k වගේ frequency එහෙකට
      phase modulate කරනවා.ඔතොකොට ඒ බලය වාතයට නිදහස් වෙනවා.මිනිහෙක්ව
      උනත් අඟුරු කරන්න පුළුවන් ලොකුවට හැදුවොත් .)


      \\\සහන් ගොඩක් මහන්සි වෙලා පෝස්ට් එක ලියන්න.මේ පෝස්ට් එකෙන් අකුණු අනතුරු වලක්වාගන්නෙ කොහොමද කියන එක වගේම ඒ සම්බන්ධ විද්‍යාත්මක කරුණුත් හොඳින් දක්වල තියෙන නිසා එහි අගය වැඩියි. ස්තූතියි මේ වටිනා දැනුවත් කිරීමට...///

      ඔව් පැය 17 තිස්සේ ලිව්වා මම මේක ..පින්තූර හොයලා , නැති පින්තූර
      paint වලින් ඇඳලා , හරි තැන් වලට add කරලා , පින්තූර වලට කැප්ෂන්
      ලියලා , ලින්ක් දාල ඔක්කොම ඉවර කරන්න තව පැය 15 විතර ගියා..

      හරිම මහන්සියෙන් තමයි මේක ඉවර කරේ චම්ස් ..ස්තූතියි අගය කරාට ..
      මේ පෝස්ට් එක දකිද්දී මට ලොකු සතුටක් එනවා ..මේවා අපි නැතත්
      ඉතුරු වෙනවා කියන හැගීම එද්දී මහන්සි නැහැ.

      Delete
    2. ගොඩක් ස්තූතියි සහන් මේ ලබාදුන්න උත්තරවලට :) නොදැන හිටිය කරුණු ගොඩක් දැනගන්න ලැබුනා මේ පෝස්ට් එකෙන්...

      Delete
  11. සේරටම කලින් මේ පෝස්ටුව ලියන්න ගත්ත මහන්සියට බොහොම ස්තුතියි. ලේසි නෑ මෙහෙම එකක් ලියන එක. දැන් ප්‍රශ්න පත්තරේ..

    1. සාමාන්‍ය අකුණු වර්ග තුන හැර පෘථිවියෙන් ඉවතට යන අකුණු වර්ගයක් තියනවා ද.. (ටවර් වලින් යනවා කිව්ව ඒවා නෙවෙයි. වලාකුළු වල ඉඳල අභයකාශයට යන අකුණු..?)

    2. තියුණු උල් වගේ දේවල් වලට ආරෝපණ එකතු වීමේ වැඩි හැකියාවක් තියනවා ද.. අකුණු සන්නායක වලදී ඉහලින් පාවිච්චි කරන්නේ ඒ වගේ දෙයක් නේ ද..

    3. ආරෝපණ සුළං කියල එකක් තියේ ද..

    4. ජලාශයකට අකුණක් වදින මොහොතේ දී ම ඒ ජලාශය ඔස්සේ ඇති නල මාර්ගයකට සම්බන්ධ ටැප් එකකින් වතුර ගන්නා කෙනෙකුට අකුණු වදිනවා ද..?

    5. //මේ තියෙන්නේ මේ මූලධර්මයේ සත්‍ය තහවුරු කරන ඇඟේ මයිල් කෙළින් වෙන පරීක්ෂණ ..// මේ මුලධර්මය යොදාගෙන රැහැන් රහිත ක්‍රමයකට විදුලිය ලබා දෙන්න පුලුවන් ද කියන එක ගැන මොනවා හරි පරීක්ෂණ කෙරෙනව ද ලෝකයේ කොහේ හරි..?

    ReplyDelete
    Replies
    1. 01. නැහැ චන්දන එහෙම දෙයක් නම් වෙන්නේ නැහැ .
      හැබැයි ද්‍රැව ආසන්නව ඇව්රෝරා තත්වය ඇති වෙනවා..
      ඒකත් theoretically අකුණක් තමයි...

      02. ඒක වෙන්නේ මෙහෙමයි හිතන්න යකඩ තැටියකින් කොරෝනා
      එෆෙක්ට් එක හදනවා කියල.එතැනදී මුළු තැටියේම පෘෂ්ඨීය වර්ග ඵලයෙන්
      විදුලි පුළිඟු පනින්නේ නැහැ .එක තැනකින් විතරයි ( නැත්නම් බොහොම කීපයක් )
      පුළිඟු පනින්නේ..ඒ නිසා තමයි අකුණු සන්නායක වල අග උලට හදන්නේ ..
      පෘෂ්ඨීය වර්ග ඵලය වැඩි කරා කියල වාසියක් නැහැ..
      හැබැයි අකුණු සන්නායකයේ විෂ්කම්භය නම් වැඩි වෙන්න ඕනේ.
      ලොකු ඇම්පියර් ගාණකට ඔරොත්තු දෙන්න පුළුවන් විදිහට..අඩුම ගානේ
      අගල් එකයි කාලේ පොල්ලක් වගේ තරම් වත් මහත වෙන්න ඕනේ...


      03. චන්දන ඔහොම කියනවා ඇත්තේ සූර්ය සුලන් කියන දේ ගැනද ?
      පෘතුවියේ නම් ආරෝපණ සුලන් කියල දෙයක් නැහැ.සමහර විට
      මේක ගැන තව විස්තර ඇතුව ඇහුවොත් හරියට උත්තර දෙන්න
      පුළුවන්..මම අර කිව්ව කොස්මික් කිරණ කියන්නෙත් සූර්ය සුලන්
      එක්ක සම්බන්ද දෙයක්..සූර්යාගෙන් එක එක විදිහේ කිරණ , තරංග
      එනවා..එහෙකට එකක් වෙනස් ගුණ තියෙන්නේ...


      04. හොදම ප්‍රශ්නයක් ..අනිවාර්යේම්ම එනවා .ඒ උනත් චන්දන කිලෝ
      මීටර් ගාණක් දුරට යන්නේ නැහැ ..වර්ග මීටර 200 වගේ ඇතුළත
      ඔක්කොම භූගත වෙනවා...ඒ නිසා ආරක්ෂිතයි..
      හැබැයි මහල් නිවාස වලදී වගේ නම් පොඩි risk එකක් තියෙනවා ..

      05. ඔව් ඔව් මේ ගැන ගොඩක් පරීක්ෂණ කරනවා මේ මොහොතේත් .
      ඒත් ඔය ක්‍රමෙන් වොට් දෙතුන් දාහක ශක්තියක් යවන්න බැහැ
      ප්‍රයෝජනවත් විදිහට..අපතේ යන ප්‍රමාණය 80% කටත් එහා.
      අනිත් දේ අපේ මුළු සංනිවේදන ජාලයම අඩපණ වෙනවා ඔහොම
      දේකින් හැදෙන RF energy එක නිසා..හානිකර අතුරු ඵල වැඩි..
      ඒ නිසා භාවිතා කරන්න බැහැ ඔය ක්‍රමේ..


      ගොඩක් ස්තූතියි මචන්..නැවත එන්න...

      Delete
    2. හා .. මේ මට මතක් උනේ අර Ancient Aliens එකේ තිබ්බ එක තියරියක්.... පිරමිඩ් සහ තවත් මොකද්ද උස කුළුණක්.. ( ෂික් මට එකේ නම මතක් නෑ) ගැන... තියරිය තමයි ගිසා පිරමිඩ් කියන්‌ෙන් විදුලි බලාගාරයක් සහ අර උස කුළුණු කියන්නේ රැහැන් රහිත සම්ප්‍රේෂණ කුළුනක් කියලා... අඩේ එහෙම උනා නම් පාරවල් දිගෙයි රට වටෙයි වයර් අඳින්න ඕනේ නෑ නේ.. හි හි

      Delete
    3. රැහැන් රහිත විදුලි සම්ප්‍රේෂණය ගැන පරීක්ෂණ කරේ "tesla". ටෙස්ලා කොයිල් අහලා ඇතිනේ. දැනටත් ටෙස්ලා කොයිල් එකක් යොදාගෙන ඊට මීටර් කීපයක් එහායින් ඉන්න කෙනෙකුගේ අතේ තියන බල්බයක් දල්වන්න පුළුවන් රැහැන් රහිතව. එයා ගැන මම පෝස්ට් එකක්ම දාල ඇති. ඒ මනුස්සයාට ඒ පරීක්ෂණ ඉවර කරන්න ලැබුනේ නැහැ :(

      Delete
    4. ඔව් ඔව් සයුරි මගේ මේ පෝස්ට් එකේම තියෙනවා ටෙස්ලා කොයිල්
      එකෙන් කරන වැඩ.අර ඇඟේ මයිල් කෙලින් වෙනවා කියල තියෙන පින්තූරේ
      තියෙන්නේ ටෙස්ලා කොයිල් එක.300,000V හැදෙනවා මම එතන දාල තියෙන
      එකේ..

      හැබැයි වැඩේ කියන්නේ සයුරි ඔය ක්‍රමේ commercially නම් කරන්න පුළුවන්
      වෙන එකක් නැහැ..අනිත් එක හිතන්න කිලෝ මීටර 50 , 60 ඔහොම ලොකු V
      එකක් යැව්වොත් මිනිස්සු අඟුරු වේවිනේ ගෑවෙන ගෑවෙන කෙනා .අහසේ ප්ලේන්
      එකක් ගිහිල්ලත් ඉවරයි..අනිත් එක හැදෙන RF ටික ඇති අහල පහල ඔක්කොම
      tv , radio ටික down කරන්න ..

      ඔය විදිහට මෙගා වොට් එකක් කිලෝ මීටර 10 දුරට යවන්න නම් මෙගා වොට්
      40 වත් නිකරුණේ වැය කරන්න ඕනේ..ඒ අතින් බලද්දී කම්බි තමයි ලාබම..
      අනිත් දේ සූර්ය කෝෂ ලාබයි දෙවෙනි තැනට...හැබැයි ටෙස්ලා වැඩේ නිසා
      ලොකු V හදන්න පුළුවන් wastage එක අඩුවෙන්..එතැනදී නම් ගොඩක් වැදගත්...



      ඒත් කව්ද දන්නේ ඉස්සරහට මොන මොනවා හොයා ගනීද කියල..
      සයුරි ඔයාගේ පෝස්ට් එකේ ලින්ක් එකක් දාන්න තිබ්බේ හොයල...

      Delete
    5. ඒ ක්‍රමයේදී විදුලිය සම්ප්‍රේෂණය කරාට අතර මැදියෝන්ට ප්‍රශ්නයක් වෙන්නේ නැහැලු. ටෙස්ලා "ටෙස්ලා කුලුන" හද හද හිටියේ ඕක commercially කරන්න. විදුලිය විතරක් නෙමෙයි සංගීතය, වීඩියෝ මේ හැම එකක්ම සම්ප්‍රේෂණය කරන්න පුළුවන් වෙන විදියට. ඒක පුළුවන් කියලා එයාට හොඳටම ෂුවර් එකක් තිබිලා තියනවා. අවාසනාවට ඒකෙ ෆන්ඩින්ග් නතර කරලා.

      ඔන්න එහෙනම් සහන් කියපු නිසා ලින්ක් එක දාන්නම් :)
      http://pahanyaaya.blogspot.com/2012/06/blog-post_19.html

      මේ ලෝකයේ එතෙක් මෙතෙක් බිහිවූ විශ්වකර්මයා ටෙස්ලා බව මම අවිවාදයෙන් පිලිගන්නවා :)

      Delete

    6. මාත් මෙහෙම එයාගේ ජීවිතේ ගැන විස්තරයක් දැනගත්තේ අද.
      ඔයා නිසා සයුරි..ගොඩක්ම ස්තූතියි..එයාගේ ජීවිත කතාව ගැන
      ඔය ලිපිය නොකියවන්න මම ඔයා මේ කමෙන්ට් එකේ කියල තියෙන

      ******ටෙස්ලා "ටෙස්ලා කුලුන" හද හද හිටියේ ඕක commercially කරන්න. විදුලිය විතරක් නෙමෙයි සංගීතය, වීඩියෝ මේ හැම එකක්ම සම්ප්‍රේෂණය කරන්න පුළුවන් වෙන විදියට. ඒක පුළුවන් කියලා එයාට හොඳටම ෂුවර් එකක් තිබිලා තියනවා. *****

      කොටසට උත්තර දෙනවා..ඒත් දැන් මුකුත් කියන්නේ නැහැ ..
      මගේ mood එකත් වෙනස් උනා සයුරි ඒ පෝස්ට් එක නිසා...
      එයා ජීවත් උනා නම්
      අනිවාර්යෙන් ඒ දේ කරාවි කියන තැන දැන් මාත් ඉන්නවා...ඔහොම මිනිස්සුන්ට
      වචනෙකින් වත් නිගරු වෙන දේවල් කියන්න හොඳ නැහැ...මිනිස්සු කීදාහක්
      පිස්සා පිස්සා කියල අවමන් කරන්න ඇත්ද ඉස්සර ? ඒත් එයා කියපු දේවල්
      හරි කියල එයාව හොයන් යද්දී එයා මේ ලෝකේ නැහැ...අපිට හොඳම වැඩේ..
      වටිනාකමක් තියෙන මිනිහෙක්ගේ වටිනාකම තේරුම් යන්නේ ඒ කෙනා නැති උන දාට...

      ***මිහිපිට විසූ විශ්වකර්මයා--නිකොලා ටෙස්ලා***

      Delete
    7. සහන් මේ දේවල් ගැන ගොඩක් උනන්දු වගේම ගොඩක් දන්න කෙනෙක් නේද. ඔයාට ගොඩක් හිතට අල්ලාවි මේ documentary එක.

      https://www.youtube.com/watch?v=jUnvQ9sKDZw

      ඒ ටෙස්ලා ගැන. කොටස් 5ක් තියනවා. එක හුස්මට බලන්න පුළුවන්. මම ලිපියට ගොඩක් කරුණු හොයාගත්තේ ඒකෙන් තමයි. මගේ ලිපියට වඩා දහස් ගුණයක් තාත්විකයි වගේම් සිත් ඇදගන්නා සුළුයි.

      Delete
    8. \\\ඔයාට ගොඩක් හිතට අල්ලාවි මේ documentary එක. ///

      ගොඩක් ස්තූතියි සයුරි මේ ලින්ක් එක දුන්නට..මම ඒක ඉතින්
      අනිවාර්යෙන් බලනවා .මොකද මම කිසිම ෆිල්ම් එකක් ටෙලි
      නාට්‍යක් බලන්නේ නැහැ .බැලුවොත් බලන්නේ කාර්ටුන් හරි
      ඔය වගේ දෙයක් විතරයි..ආයෙම ගොඩක් ස්තූතියි...

      තව දෙයක් ඔයා බලන්න සිංහලෙන් google කරලා නිකොලායි
      ටෙස්ලා ගැන , සිංහල ලිපි එනවා 80කට එහා..ඒ කියන්නේ අපි
      හිතුවට වඩා ඒ උත්තමයට සිංහල අපි යුතුකම ඉටු කරලා තියෙනවා...
      ඒක දැක්කම හිතට ලොකු හයියක් ආවා ..අපේ ලංකාවේ කොල්ලෝ ,
      කෙල්ලො ටික හොඳ ගමනක් යාවි කියල හොදටම දැනුනා අද ....





      \\සහන් මේ දේවල් ගැන ගොඩක් උනන්දු වගේම ගොඩක් දන්න කෙනෙක් නේද///



      ( ගුවන් විදුලි තරංග ගැන පුදුම පිස්සුවක් තියෙනවා..
      ඉස්සර මම මුළු රේඩියෝ ස්කේල් එකම tune කරනවා 12Ghz
      වගේ වෙනකම් .එක එක විදිහට ඒවගේ side band හැදෙන හැටි ,
      carrier wave හැදෙන හැටි බලනවා. තව කියන්න ගියොත් ඕනේ තරම්
      දේවල් තියෙනවා.ඒත් වැඩක් නැහැ දැන්..මම ඒවා හිතින් අමතක කරමින්
      ඉන්නේ)


      අපෝ නැහැ ඩිංගක් වත් එහෙම දන්නවා කියල හිතන්නේ නැහැ..
      හැබැයි මිනිස්සු කරන්න බැහැ කියපු වැඩ මම කරලා තියෙනවා
      පොත් වල තියෙන දේවල් පැත්තකට දාල.මටත් සමහර දේවල්
      හදද්දී " පිස්සා " කියලා තියෙනවා..ඒත් පස්සේ මම කරලා පෙන්නුවම
      පිළිගන්නවා ..

      ඔයා දන්නවා ඇතිනේ ඔයත් මේ විශයේම ඉන්න කෙනෙක් නිසා
      Characteristic impedance කියන දේ ගැන .ඒකක දුරක්
      අවසානයේ එකම ප්‍රතිරෝදී අගයක් එන සිද්දිය..:wink
      ඔය ක්‍රමයෙදී මම කිව්වා සාමාන්‍ය < 1 Ghz වගේ සිග්නල් එකක් weak වෙන
      එකම ක්‍රමේ කැරක්ටරිස්ටික් ඉම්පිඩන්ස් නෙවේ wire එකෙන් එන රෙසිස්ටන්ස්
      එක කියල..ඉතින් වයර් එක මහත කරොත් හරි කියල..ඒත් ගොඩක් අය මට
      ගණන් හදල පෙන්නුවා ඕක වෙන්නේ නැහැ කියල...

      මම කරේ මගේම කේබල් එකක් හැදුවා 100m දුරට .ඒක හැදුවේ සාමාන්‍ය earth වයර්
      සහ ඇලුමිනියම් බට වලින්..මම හදපු කේබල් එකෙන් වෙනදා අපි ගත්තට වඩා
      20db විතර වැඩි සිග්නල් එකක් ගත්තා ..මම ඒවා ගැන පේටන්ට් නම් හොයන්න ගියේ
      නැහැ..ඔය වගේ දේවල් මම ගොඩක් හදලා තියෙනවා සයුරි..ඇත්තටම මම හදපු කේබල්
      එකේදී වෙන්නේ atmospheric noise එකෙන් 100% ආරක්ෂා වෙලා අපිට ඕනේ
      සිග්නල් එක වයර් එක දිගේ ඩිකොරඩර් වලට ගන්න පුළුවන් කම..ගොඩක්ම
      වෙලාවට අපිට s / n රේශියෝ එක තියාගන්න බැරි ඔය මම කියපු atmospheric noise
      එක නිසා...ලොකුවට ගණන් හදන අය ඒ ගැන ඩිංගක් හිතන්නේ නැහැ..

      අනිත් දේ තමයි සයුරි ගොඩක් දෙනා පිළිගන්න සූදානම් නැහැ තමන්ට වැරදුණ බව..
      සමහර දේවල් මම කරලා පෙන්නුවමත් පිළිගන්න සූදානම් නැති අය ඉන්නවා..
      ඔයා කිව්වා වගේ එඩ්සන් වගේ කුහක මිනිස්සු..

      ඔයා කියන්නේ මම හදපු ඔය කේබල් එකට පේටන්ට් උනත් ගන්න පුළුවන් ඇති..
      ඒත් පුළුවන් උනත් මම ගන්නේ නැහැ..දරුවෙක් වගේ හදපු දේ විකුණන් කන්න මට බැහැ ..

      Delete
    9. අර කිව්වත් වගේ සෑහෙන ලිපි ගණනක් තියනවා තමා. මොන ක්‍රමයෙන් හරි මේ තොරතුරු මිනිස්සු අතරට යනවනම් ලොකු දෙයක්. විදුලි සංදේශ ක්ෂේත්‍රය ගැනනම් මගේ ලොකු දැනීමක් නෑ ඇත්තටම. ඒත් කියලා තියන දේනම් තේරුම් ගන්න පුළුවන්. සහන් ඕක හැදුවේ වැඩ කරපු ආයතනයට වෙන්න ඇති මම හිතන්නේ. හදලම ඔප්පු කරපු එක හොඳයි.

      //ඒත් පුළුවන් උනත් මම ගන්නේ නැහැ..දරුවෙක් වගේ හදපු දේ විකුණන් කන්න මට බැහැ//

      ටෙස්ලාත් මේ විදියට හිතන්න ඇති

      Delete
    10. @ හිරු

      හ්ම්ම්ම්ම්ම් තවත් හොයන් බලන්න ඕනේ ෆිල්ම් එකක් .
      ඔන්න ඔය වගේ ඒවට තමයි මගේ හිත යන්නේ...තැන්කුයි
      නම කිව්වට...ඔය මොනවත් ඕනේ නැහැ හිරු සූර්ය කෝෂ
      ටිකක් හයි කරගත්තනම් ..
      25,000 විතර වියදම් කරොත් 200w වගේ සිස්ටම් එකක් හදා ගන්න
      පුළුවන්..ආයේ ලෝකේ විනාස වෙනකම්ම කන්න නැතත් ලයිට්
      තියෙනවා...මූලික වියදම පමණයි...කියන්නකෝ අනේ අපේ මහත්තයට ..
      එයාට මේ post එක පෙන්නන්න...

      Delete
    11. හැමෝටම ස්තුතියි..

      අංක 03. සඳහන් කල කාරණය අහන්න හිතුනේ මං මොකක් හෝ ලිපියක (හරියටම දැන් මතක නෑ මොකේද තිබුනේ කියල) තිබුන මෙහෙම.

      "ඉහලින් තියන විදිහට ස්ථාපනය කරපු තියුණු ලෝහ තුඩු වල අගට ආරෝපණ එකතු වෙනවා. ඒ වගේ ආරෝපණ එකතු වීමේදී ඒ තුඩ පිසගෙන හමන සුළඟක් ඇති වෙලා ඒ ආරෝපණ යම් ප්‍රමාණයක් එතනින් ඉවත් කරනවා" කියල.

      අනෙක් කමෙන්ට් ටික කියවන්නත් එක්ක ආයේ එන්නම්. මේ දවස් වල කාලය හරස් වෙලා මට :(

      Delete
  12. වටිනා පාඩමක්. අර ඇන්ටනා වයර් එක ගෙදරින් එලියට දාන්න කියන එකනම් හරිම වැදගත්. ඒක ගලවලා එතනම බිම දැම්මට වැඩක් නැහැ. එහෙම වයර් එකක් නිසා පොඩි ළමයෙක් මරුන සිද්ධියක් මට මතකයි.

    අපේ පැත්තට හරියට අකුණු ගහනවා(lankaawe). මිනිස්සු ගොඩක් මැරුණා අකුණුවලින්. ඒ පොලවේ මොකක් හරි විශේෂිත තත්වයක් හින්දා කියලයි කියන්නේ. අන්තිමට අකුණු සන්නායකයක් දැම්මා. ඊට පස්සේ කරදරයක් නෑ.

    ReplyDelete
    Replies
    1. \\\අර ඇන්ටනා වයර් එක ගෙදරින් එලියට දාන්න කියන එකනම් හරිම වැදගත්. ඒක ගලවලා එතනම බිම දැම්මට වැඩක් නැහැ. එහෙම වයර් එකක් නිසා පොඩි ළමයෙක් මරුන සිද්ධියක් මට මතකයි. ///

      ඇන්ටෙනාව උන ගස් වලින් නම් හදල තියෙන්නේ අනිවාර්යෙන් වයර්
      එක දිගේ එන්න පුළුවන්..ගැල්වනයිස් බට නම් දාල තියෙන්නේ ඔන්න
      ටිකක් ශේප් ..මොකද ගෙඩිය පිටින් earth වෙනවනේ...( ගෙඩිය පිටින්
      කිව්වට ගෙඩිය පිටිම්මත් නෙවේ ඉතින් )



      \\\අන්තිමට අකුණු සන්නායකයක් දැම්මා. ඊට පස්සේ කරදරයක් නෑ. ///

      මොන වගේ අකුණු සන්නායකයක්ද දැම්මේ සයුරි..? සමහර තැන් වල
      සංවහන ( වචනේ හරිද මන්ද ) ක්‍රියාව වැඩි නිසා එහෙම තැන් වල වලාකුළු
      වැඩි වේගෙකින් charge වෙනවා ඇති සයුරි..ඒ ඇර නම් පොළොවේ
      තියෙන සංඝටක එක්කයි අකුණකයි අතර සම්බන්දයක් තියෙන්න බැහැ ..
      වලාකුළු charge වෙලා පොළොව කිට්ටුවට ඇවිත් >>> අනිත් දේවල්
      ටිකත් සම්පූර්ණ උනොත්

      පොළොව හැදිලා තියෙන්නේ කළු ගල් උනත් රිජිෆොර්ම් උනත්
      අකුණ වදිනවා අනිවාර්යෙන් ..



      හැබැයි සයුරි මාත් පුද්ගලිකව දැකල තියෙනවා එක වත්තක්..පාළු
      ඉඩමක් ..ඒ ඉඩමට අවුරුදු 3කට අකුණු 2 වත් වදිනවා...ඒ ඉඩමේ
      අයිති කාරයොත් නැහැ , කව්රුත් පදිංචි වෙන්නෙත් නැහැ ..
      අපි ඉස්සර සෙල්ලම් කරද්දී බෝලයක් ඒ වත්තට ගියත් ආයේ
      හම්බෙන්නේ නැහැ ..

      Delete
    2. ම්ම්..පොලවේ මොකක් හරි මැග්නටික් සීන් එකක් කියලා තමයි කතාව ගියේ. අනේ මන්දා ඉතින්. මටනම් ඒ ගැන වැඩි දැනුමක් නෑ. අකුණු සන්නායකය ගැනත් වැඩි විස්තර දන්නේ නෑ සහන්. හැබැයි හොඳට වැඩ කරන බවනම් ෂුවර්.

      Delete
    3. hmmm ehenam echcharayi.mama inna than walath loku akunu
      sannayaka thiyenawa..100% arakshithayai..:D

      Delete
  13. බොහොම හොඳ වැඩක් සහන්..මේ වගේ විස්තර අන්තර්ජාලෙට එක් කරන එක පිනක්.. මට ඉතින් ඔය තාක්ෂනික කරුනු ගැන එච්චර අවබෝධයක් නැති නිසා.. ලිපියෙන් දළ අදහසක් ගත්තා.. අන්තිම උපදෙස් ටික බොහොම වැදගත්.. බොරු කියන උන්ට අකුණු ගහනවනම් මෙලහකට ලංකාව ජන ශූන්‍ය දූපතක්..

    මෝඩ ප්‍රශ්ණයක් කියලා හිතෙන ප්‍රශ්ණයක් මතු වුනා.. ඇයි වලාකුළු පොලවටම එන්නෙ..? ඇයි අනිත් පැත්තට ගමන් නොකරන්නෙ ?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සෙන්නා අගය කරාට ..

      \\\ඇයි වලාකුළු පොලවටම එන්නෙ..? ඇයි අනිත් පැත්තට ගමන් නොකරන්නෙ ?///

      මෙතන සෙන්නා අදහස් කරේ වලකුළුද ? නැත්නම් අකුණුද ?

      01 .පිළිතුර වලකුලු නම්

      i. වාෂ්ප උන ජලය උඩ අහසේ තියෙන සීතල එක්ක ආයෙම ජලය , අයිස් ස්ඵටික විදිහට හැරෙනවා..ඒ නිසා අපිට ඒවා පේනවා වලාකුළු විදිහට .මේ ජල වාෂ්ප ගොඩාක් උඩටම යන්නේ නැත්තෙත් මගදීම ඒවා අයිස් ස්ඵටික තත්වෙට පත් වෙලා බර වැඩි වෙන නිසා..නැත්නම් මීට වඩා ඉහල ආකාසේට ජල වාෂ්ප පැතිරෙනවා.. පොළොවේ ඉඳන් උඩට යන හැම මීටර් 200කටම නියමිත අංශක ගානක් උෂ්ණත්වය අඩු වෙනවා ..මට හරියට මතක නැහැ දැන්..කොහොම හරි කිලෝ මීටර් 10, 15 වගේ සීමාව වෙද්දී අංශක 0 ටම එනවා.. ඒ සීමාවෙන් එහාට ජල වාෂ්ප නැහැ...

      ii. වලාකුළු උනත් රැඳිලා තියෙන්නේ පෘතුවි ගුරුත්වාකර්ෂණය නිසානේ සෙන්නා.ජල වාෂ්ප සැහැල්ලු නිසා උඩ යනවා..උඩ ගියත් සීතල වැඩි නිසා ආයෙම අයිස් බවට හැරිලා බර වැඩි වෙනවා.. freezing point එක මීට වඩා පහළ නම් තිබ්බේ ඔන්න වැඩේ හරි..කිලෝ මීටර් 100 විතර උනත් උඩට වලාකුළු තියේවි..

      02. පිළිතුර අකුණු නම්

      i.විද්‍යුත් ක්ෂේත්‍රයක් ඇති වෙන්න වස්තුවක් නැහැ ඉහල ආකාසේදී.
      ඒ කියන්නේ ධන හා ඍණ විදිහට electrically active වෙන්න දෙයක්
      නැහැ.තියෙන එකම වස්තුව පොළොවයි , වලාකුලුයි නිසා ඒ දෙක අතර
      තමයි අකුණු වදින්නේ...

      ii. ගුවන් යානා වලට උනත් වදිනවා .අර ලොකු බැලුන් වල නැගල මිනිස්සු
      යන්නේ , අන්න ඒවා නියම වස්තු අකුණු වදින්න...බැලුම ගිණි ගන්නවා .
      බකට් එක ඔන් ද ස්පොට් ..:(


      ඕව එකක් වත් මෝඩ ප්‍රශ්න නෙවේ සෙන්නා ..බලන්න කොච්චර
      දේවල් ඒ ප්‍රශ්න ටිකෙන් එලි උනාද ?

      Delete
    2. ස්තූතියි සහන්.. මෝඩ ප්‍රශ්ණෙ මෝඩ විදිහටමනෙ අහල තියෙන්නෙ..:D මම අදහස් කළේ අකුණු.. කමක්නෑ එකෙනුත් තව පැහැදිලි කිරීමක් ලැබුනනෙ..

      ස්තූතියි..

      Delete
    3. ow ow senna balanna ara chandana ahapu prashna tika
      nisaa mona tharam dewal eli unaada ? anna e wage thamai..
      one deyak ahanna...ekak wath moda prashna kiyala naha..

      ehenam apple gediya bimata watuna ekath moda prashnayakne..

      Delete
  14. ස්තුතියි පැහැදිලි කිරීමට සහන්..
    අපි ඉන්නෙ සාගරයක් මැද්දෙ නිසා සාගරය උඩින් එන වලාකුළු අනාරෝපිත වෙන්නෙ ලංකාවෙදි..
    අකුණු සන්නායක ගැනත් ලියන්න පුළුවන්ද සහන්?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රූ අගය කරාට ලිපිය කියවලා ....
      ඔව් මම අකුණු සන්නායකයක් හදන හැටි ගැන
      post එකක් දාන්නම් එහෙනම් ..හැබැයි TV ඇන්ටෙනාවක්
      හදන හැටි දැම්මට පස්සේ...

      ස්තූතියි රූ නැවත එන්න....

      Delete
  15. මට නම් ඇන්ටනා එකත් එක්ක තියෙන්නේ මහ කරදරයක්.. බූස්ටර් එකේ ඉඳලම ගලවන්න ඕනේ.. මේ දවස්වල ටීවී එක ගලෝලම දාලා තියෙන්නේ.. කොහොමත් ඕකේ බලන්න දෙයක් නෑ නේ.. හි හි

    අර The Darkest Hour ෆිල්ම් එක බැලුවට පස්සේ ඔය ෆැරඩේ කේජ් එක ගැන ටිකක් හොයන්න හිතිලා විකිපීඩියා පැත්තේ කරක් ගැහුවම මේ විස්තර දැක්කා.. හැබැයි අප්පේ ඒවා නම් මේ ලෝකේ දෙයක් තේරුන් නෑ... නොදන්න බාසාවල් දෙකක් එක්ක එකපාර හටන් කොරන්න බෑ... ඉංග්‍රීසියි ඉලෙක්ට්‍රොනිකුයි..... හි හි..

    ඒක නිසා සිංහලෙන්ම ලියපු එක මාර වටිනවා.... සහන් වෙච්ච මහන්සිය අපතේ යන්නේ නෑ කියලා දන්නවනේ..... හි හි

    ReplyDelete
    Replies
    1. ඔන්න ඒකත් හොයන් බලන්න ඕනේ එහෙනම්...
      ඉන්නකෝ මම ඇන්ටෙනාවක් සරළව හදන හැටි
      දාන්න...ඒකෙන් පස්සේ ඔය බූස්ටර් ඕනේ නැහැ...
      හැබැයි දැන්මම හොඳ coaxial කේබල් එකක් ගන්න ..
      කේබල් එකේ තමයි රහස තියෙන්නේ.....ඉන්නකෝ
      හෙමීට පෝස්ට් එකක්ම දාන්න ...

      Delete
  16. සෑහෙන්න වටින විස්තරයක්.. ටික දවසකින් මේ පැත්තේ එන්න බැරි වුණා.. අකුණක් ගැන මෙච්චර පැහැදිලිව සිංහලෙන් කියෙව්වමයි. මට නම් වැඩියෙන් ම අල්ලල ගියේ අර ට්‍රාන්සිස්ටර් කතාව. ඔන්න කවුරු හරි ඉලෙක්ට්‍රොනික් ඉගෙන ගන්න කෙනෙකුට කරන්න හොඳ රිසර්ච් එකක්.. මම මේ බලන් ඉන්නේ දත්ත ගබඩා කිරීමට වායු අණු යොදාගන්න පුළුවන් කියන සීන් එක සැබෑවක් වෙනකම්.. අන්න ඒ කාලෙදි මේ අලුත් ට්‍රාන්සිස්ටර් සීන් එකකුත් ගොඩ ගියොත් අපිට් පිස්සු හැදිල නතර වෙන ගැජට්ස් එයි.. ෆැන්ටසී ලෝකයක් අප්පා..

    ReplyDelete
    Replies
    1. \\\මට නම් වැඩියෙන් ම අල්ලල ගියේ අර ට්‍රාන්සිස්ටර් කතාව///

      ගොඩක් හයි frequency ට්‍රාන්සිස්ටර් හදද්දී අදටත් ප්‍රශ්න එනවනේ
      පැතුම් ..ඒකයි මම එහෙම කිව්වේ..circuit එකක් වෙන වෙනම කොටස්
      කරලා හදන එක අඩු කරගන්න පුළුවන් ..තව ඉතින් මහා විසාල සිද්දි
      තියෙනවා ..ට්‍රාන්සිස්ටර් එකම නෙවේ ප්‍රධාන ප්‍රශ්නේ මෙතන ...


      \\මම මේ බලන් ඉන්නේ දත්ත ගබඩා කිරීමට වායු අණු යොදාගන්න පුළුවන් කියන සීන් එක සැබෑවක් වෙනකම්.////

      ඔයා ඔය කියන වායු අනු සිද්දිය උනත් කාටවත් වෙන්නේ නැහැ කියන්න
      බැහැ ඉතින්..දැන් බලද්දී මොනවද නොවුනේ..හෙට කව්රු හරි කෙනෙක්
      කිව්වොත් සූර්යාගේ ගිණි ජාලව නිවන්න ක්‍රමයක් තියෙනවා කියල
      එයාට හිනා වෙලා හරියන්නේ නැහැ ..ඒවත් කරන්න පුළුවන් දේවල්
      හදයි තමයි...

      \\\අන්න ඒ කාලෙදි මේ අලුත් ට්‍රාන්සිස්ටර් සීන් එකකුත් ගොඩ ගියොත් අපිට් පිස්සු හැදිල නතර වෙන ගැජට්ස් එයි.. ෆැන්ටසී ලෝකයක් අප්පා.. ///


      රහත් වෙන්නත් බෙහෙත් හදයි.. අමරණීය වෙන්නත් දේවල් හදයි...එකකට වත්
      හිනා වෙන්න හොඳ නැහැ ..ඒවත් කරයි තව අවුරුදු 200 / 300 යද්දී ..නැද්ද ?
      එච්චර කල් හිටියොත් අපිට මේ වෙනස දරන්න බැරුව පිස්සු හැදෙයි පැතුම් ....

      ස්තූතියි මචන් කමෙන්ට් එකක් දැම්මට ගොඩක් දේවල් එකතු උන..කාලෙකින්
      නේද එන්න ලැබුණේ ඔයාට ...

      Delete
    2. මම ඕවට හිනාවෙන්නේ නෑ.. ආසාවෙන් බලා ඉන්නවා.. මම පූර්ණකාලීනවම ෆැන්ටසිවල ජීවත් වෙන්න කැමති කෙනෙක්.. දැන් ඇත්ත වෙන හැමදේම එක කාලෙක කාගෙ හරි ෆැන්ටසිතමා.. ටිකක් වැඩ තිබිච්ච කාලයක් පහු කළා.. දැන් ආයෙත් ටිකක් ෆ්‍රී වගේ.. සෑහෙන්න දේවල් ටිකක් තියෙනවා මට මිස් මෙච්ච...

      Delete
  17. වටින කියන ගොඩාක් දේවල් දැනගත්තා.. ස්තූතියි සහන්,,,

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූති නදිනි කියවල කමෙන්ට් කරාට ...
      සොරි රිප්ලයි කරන්න පරක්කු උනාට ...
      වැඩ වැඩ වැඩ අනේ..

      Delete
  18. වැදගත් විස්තරයක්. මේ වගේ විස්තර හොයාගන මේ ලිපිය ලියන්න මහන්සි වෙච්ච එක අගය කරනව.

    අර චන්දන අහල තියෙනව වගේ ටැප් ලයින් දිගේ යන අකුණු සමහර වෙලාවට ටැප් එක ලෝහ එකක්නං ඒක අල්ලගෙන ඉන්න කෙනාට වදිනව. මටත් එහෙම වෙලා තියෙනව.

    ReplyDelete
    Replies

    1. ප්‍රසන්නගේ පළමු පැමිණීම සාදරයෙන් පිළිගන්නවා ...
      ස්තූතියි අගය කිරීම ගැන ..ඔව් ප්‍රසන්න මහල් නිවාස
      වල ජල සැපයුමට අකුණක් වැදුනොත් නම් ප්‍රශ්නයක් එනවා...
      වෙන මුකුත් ඕනේ නැහැ XXX XXXX එක දැම්මත් වැඩේ ඉවරයි...
      තේරුණනේ සිද්දිය ?

      නැවත එන්න ප්‍රසන්න ඉඩක් ලැබෙන වෙලාවට.....

      Delete
  19. //ප.ලි. මෙම පෝස්ටුවේ ප්‍රධාන අරමුණ අකුණු වලින් ආරක්ෂා වීම ගැන තොරතුරු ටිකක් දීම උනත් මේ විදිහට පැහැදිළි කිරීම් ටිකක් කරේ මෙවැනි විශයන් ගැන අන්තර්ජාලයේ සිංහලෙන් නැති කම නිසයි.ඉස්සර අපි පුංචි කාලේ ගොඩක් විද්‍යා ලිපි කියවන්න ලැබුණත් අද වෙද්දී එහෙම ලිපි ලංකාවේ නැහැ.විද්‍යාවට උනන්දු අයට මේ ටිකත් මදි කියන හැගීම නිසයි සමහර සංසිද්දී ගැන පැහැදිළි කිරීම් පවා දීර්ඝව කලේ.මොකද අපි හැමදාම H2O ගැන ඉගෙන ගෙන හරියන්නේ නැහැ .මටත් තිබ්බා අකුණක මෙච්චර ඇම්පියර් ගාණක් තියෙනවා ඒ නිසා පරිස්සම් වෙන්න කියලා වචන දහයෙන් පෝස්ට් එක ඉවර කරන්න .ඒත් මගේ පැතුම මේවා දැකලා විශයට ආස කරන පුංචි ළමයි ටිකක් බිහි වෙනවා දකින්නයි..තව තව ඉස්සරහට උනන්දුවෙන් යන ළමයි ටිකක් බිහි වෙනවා දකින්නයි..අලුත් සොයා ගැනීම් ලෝකෙට ඉදිරිපත් කරන්නේ එහෙම අයයි.පොතේ තියෙන ටිකත් වැඩියි කියල පැත්තකට වෙන අය නෙවේ අලුත් දේවල් ලෝකෙට ඉදිරිපත් කරේ..පොතෙන් එහාට යන පිරිසක් වෙනුවෙන් තමයි මෙහෙම ලියවුණේ ...එක රැයෙන් එළි වෙන්නේ නැහැ කියල මන් හොදටම දන්නවා .ඒ උනත් මේ දේවල් අන්තර්ජාලයේ ඉතුරු වේවි ..කවදා හරි එළි වේවි...
    //

    උඹේ ප.ලි එක තමා බන් ලිපියට වඩා වටින්නේ . ඔන්න අවසර නැතුවම , මම මේක උස්සනවා

    ReplyDelete
    Replies
    1. කෝ බං සෙයාර් කොරන කෑල්ල

      Delete
    2. අනේ මචන් ඔක්කොම බර වැඩි ගැජමැටික්ස් අයින් කරා.share කරන ඒවත් අයින් වෙලා ඉතින්.කමක් නැහැ ඕනේ දෙයක් ගන්න මචන්.කිසි අහිතක් නැහැ ..අටම් කාලෙකින් නේද මේ පැත්තේ ආවේ...සාදරයෙන් පිලිගන්නවා...

      Delete
    3. රෙද්ද තමා .වෙලාවක් ලැබිච්චහම මම ඇවිත් පරණ එව්වත් බලනවා.මේක තමා උඔ ලියුව හොදම එක

      Delete
    4. අටම්..

      බුකියේ ෂෙයාර් කරන්න නම් බට්න් ඒක ඕනම නෑ මචං. අදාළ FB ගෘප් එකට හෝ, ටයිම් ලයින් එකට හෝ ගිහින් අර උඩම තියන පෙට්ටිය අස්සට පෝස්ට් එකේ ලින්ක් එක කොපි පේස්ට් කරන්න. එතනට යටින් පෝස්ට් එකේ පොඩි කොටසක් අලවලා පෝස්ට් කළා නම් හරි.

      Delete
    5. onna atamo share button eka damma..
      dan one tharam share karanna puluwan..
      sthoothi sup eka denawata machan...

      Delete
  20. නියමයි දිගටම ලියන්න.
    තමන්ටම අකුණු නිවාරකයක් නිවැරදිව හදාගන්න විදිය දානවා නම් නියමයි.

    ReplyDelete
    Replies
    1. හොඳයි ගයාන් මම දාන්නම්කො වෙලාවක...
      හැබැයි වරද්ද ගන්නේ නැතුව හදන්න ඕනේ ..

      ස්තූතියි ආවට ගයාන් නැවත එන්න...

      Delete
  21. සිරාවටම මචං මාර වටින පෝස්ට් එකක්. එක හුස්මට ඔක්කොම ටික කියෙව්ව.
    පත්තරේකින්වත් කිසිම දවසක මේ තරම් හොඳ විස්තරයක් කියවල නෑ. මේකත් එක්ක අකුණුගැන හොයන්න තියෙන ආසාව තවත් වැඩිවුනා :D

    (Y)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සොම්බි පෝස්ට් එක කියෙව්වට ..ගොඩක් ස්තූතියි..
      මම දන්නවා මේ විශයට ආස අයට මේ ටිකත් මදි බව ..ඒකයි මම
      මහන්සි නොබලා ලිව්වෙත් , කමෙන්ට් වලට උත්තර දුන්නෙත්..
      මෙතන ගොඩක් දේවල් තියෙනවා ඉගෙන ගන්න කෙනෙක්ට ..
      වෙන්න ඕනේ එකම දේ තමයි ආසාව වැඩි වීම ..ඒක ගැන සතුටුයි
      මට ..දිගටම එන්න සොම්බි...

      Delete
  22. හපොයි මේක මාරයට පෙන්නන්න මිනිහට පොඩිකාලේ පස්සට හෙනයක් වැදුන පොස්ට් එකකුත් දාල තිබුන.
    හොඳ ලිපියක් මේක

    ReplyDelete
    Replies

    1. මිනිහා රීඩරෙන් ගහල දාන්නැති උදිත මේක ...පොර සයිට් විසිට්
      කරනවා අඩුයි...
      ස්තූතියි උදිත අදහස් කීම ගැන ...

      Delete
  23. සෙන්නාගේ කුරුන්දෙදී ඔබ කර තිබුණු ඇරයුම ඔස්සේ මෙහි ආවා. ඉතාම සතුටට පත්වුනා ඔබේ ලිපිය කියවා. එමෙන්ම ඉතාම අගය කරනවා කාලෝචිත සහ දැනුම වර්දනය කරන ලිපියක් ලෙස. නමුත් මේ ලිපිය කොටස් තුනකින් විතර ඉදිරිපත් කරානම් මීට වඩා බොහොම සාර්ථක වෙන්න තිබුනා. මොකද ඔබටම පෙනෙනවා ති කියවන්නන් අසන ප්‍රශ්න ගොඩ. සමහර කියවන්නෝ කමෙන්ට්ස් කියවන්නේ නැහැ වෙලාව නැති නිසා කම්මැලි නිසා ආදී වශයෙන්. මෙවැනි මාතෘකාවක් හැකිතරම් කොටස් වලට කැඩුවොත් අවබෝධය වඩාත් පුළුල් වෙනවා.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ආරාධනය පිලි අරන් මෙහෙ ඒම ගැන මහත්මයා..මම මේක කොටස් වලට
      දැම්මේ නැත්තේ මහත්මයා කව්රුත් අකුණක් ගැන පෝස්ට් කීපයක් බලන්න
      නොඑයි කියල හිතුන නිසා..ඇත්ත මම පිලිගන්නවා කමෙන්ට් වලින් ලොකු බරක්
      අදින්න වෙනවා කියල..ඒත් මට මේක දැන් පුරුදු වෙලා ..මගේ ගොඩක් post වල
      කමෙන්ට් වල ලිපියට වඩා කරුණු තියෙනවා...ගොඩක් දෙනා ඒවා බලන්නේ නම්
      නැහැ ...විශයට උනන්දුම අය තමයි හොය හොයා බලන්නේ ...

      ස්තූතියි මෙහි ඒම ගැන .නැවත එන්න මහත්මයා ....

      Delete
  24. හොද පැහැදිලි කිරීමක් !! කලොච්තයි

    ReplyDelete
    Replies
    1. පළමු පැමිණීම සාදරයෙන් පිළිගන්නවා හශාර ...
      ඔව් බක් මහ අකුනුත් එන නිසයි ලිව්වේ ලංකාවේ මේ
      කාලෙට...ගොඩක් ස්තූතියි අදහස් කීම ගැන..
      දිගටම එන්න හශාර ...

      Delete
  25. මචං ඇත්තටම බ්ලොග් වලින් කෙරෙන්නත් ඕන මේ වගේ දේවල් තමා.අකුණු ගහද්දි වැටෙන "හෙණ වතුර"කියන්නේ ඇසිඩ් නේද?ගස්වලට වැටුනම ගස් මැරෙන්නේ.ඒ ගැන පොඩ්ඩක් පැහැදිලි කරමු.අර ඇන්ටනාව හදන හැටි ගැන ඉක්මනට කියලා දෙන්න ඕන හොදේ

    ReplyDelete
    Replies
    1. මම ඇන්ටෙනා ගැන ලියන්න ගිහින් ඒක දිග වැඩියි කියලයි මේක
      ලිව්වේ..ඇන්ටෙනාව ගැන නම් මෙහෙම කෙටියෙන් කියන්න බැහැ ..
      මේ වගේම දෙතුන් ගුණයක් එනවා..ඒත් මම මෙහෙම කරන්නම්...
      මුලින්ම ඇන්ටෙනාවේ සටහන දීලා , පස්සේ තියරි කොටස දාන්නම් ..
      ඔතොකොට කැමති අයට තියරි සමගත් , අකමැති අයට ඇන්ටෙනාව
      සමගත් කියවා අදහසක් ගන්න පුළුවන් ...

      අහ් හෙණ වතුර ගැන අමතක වෙනවා ...මම නම් දන්නේ නැහැ හසරැල්
      හෙණ වතුර ගැන ..ඇහුවෙත් දැන් ..සමහර විට පළාතෙන් පළාතට වෙනස් උන
      දෙයක් වෙන්නැති...මෙහමයි සිද්දිය

      01. අකුණක් එක්ක නයිට්රේට් මිශ්‍රණ හැදෙනවා..ඒවා පොළොවට එනවා
      තමයි..මම නැහැ කියන්නේ නැහැ ..එත් මහා වැස්සක ලීටර් කෝටි ගාණක් එක්ක
      ඔහොම හැදෙන ටික මැනිය නොහැකි තරම් ...හැබැයි නයිට්රේට් මිශ්‍රණ ටික නම්
      ගස් කොළන් වලට පොහොර වෙනවා මිසක් විෂක් වෙන්නේ නැහැ ..
      ( අනික ඔය ඩින්ගෙන් කරන්න පුළුවන් දෙයක් නැහැ , වැස්සටම හේදෙනවා )

      02. අකුණක් ඩිරෙක්ට් ගහකට වැදුනොත් නම් අනිවාර්යෙන් ගහ මැරෙනවා ..
      ආයේ කතා කරන්න දෙයක් නැහැ..එහෙම වෙන්නේ ගහේ පටක පිච්චෙන
      නිසා අකුණු සැරට ..එතැන වෙන්නේ නම් " හෙණ වතුර " වගේ ඇසිඩ් සිද්දියක්
      නෙවේ ..ලොකු විදුලි සැරට ගහ රත් වෙලා පටක මැරෙනවා / පටක බිත්ති පුපුරනවා
      / පිච්චෙනවා / ඔක්කොම වෙනවා ...



      කොහොම නමුත් මට හරියට හසරැල් කියපු සිද්දිය වැටහුණේ නැහැ ...

      Delete
    2. සහන්, සමහර අය විශ්වාස කරනවා දිය හෙණ කියල එකක්. මේකේ ඇත්ත නැත්ත නම් කියන්න දන්නේ නෑ. මං අත්දැකීමකින් කියන්නම්.

      බෙලිහුල්ඔය පැත්තේ කාලෙකට කලින් නායක් ගියා. ඒ නාය යන්න හේතු වුනේ ඉහල කන්දකට අකුණක් වැදීම. ඒ කන්දට, කතාවට කියන්නෙත් හෙණ ගහන කන්ද කියල. ඒ කන්දේ ඉඳල කුඩා දිය පාරක් ගලා එමින් තිබුනා. අකුණ ගැහැව්වට පස්සේ අඩි පහලවක් විස්සක් තරම් ඉහලින් ජල කඳක් ඒ නිම්නය ඔස්සේ ගලා ගිය බවට සලකුණු තිබුනා පහුවදා බලද්දී. මහ විශාල ගල් දෙකක් කන්ද මුදුනේ ඉඳන් කිලෝමීටර් කිහිපයක් පහලට ඇදිල ඇවිල්ලා තිබුන. දිය පාරේ සැර කොහොම ද කියනවා නම් නාය ගිහින් තිබුන සමනල වැවට යනකල් ම.

      උදේ වෙනකොට අර දිය පාර සාමාන්‍ය අතට හැරිලා තිබුන. මිනිස්සු කිව්වේ "දිය හෙණයක්" ගහල කියලයි. ඒත් මං හිතන්නේ වෙන්න ඇත්තේ නම් භූගත ජල කඳක් නිදහස් වීමක් වෙන්න ඇති. මං අහල තියන "දිය හෙණ කතාව" ඔන්න ඔහොමයි.

      තව දවසක් අපේ ගෙවල් කිට්ටුව තිබුණු ඇට්ටෝනියා ගහකට අකුණක් වැදුනා. ටික කාලෙකින් ගහ මැරුණා. ඒ ගහ වටේ මීටර් දහයක පහලවක වගේ විශ්කම්භයකින් යුක්ත ප්‍රදේශයක, කාලයක් යනකල් තණකොළ ගහක් වත් වැවුනේ නෑ. ඒ අනෙක් අකුණු කතාව.

      Delete
  26. මේ ගොඩක් දේවල් මම දන ගත්තේ අද.
    ඔබේ මහන්සියට බොහොම ස්තුතියි.....!!

    ReplyDelete
    Replies
    1. ප්‍රමුදි මේ ආපු පළවෙනි පාර නේද ? සාදරයෙන් පිළිගන්නවා ඔයාව.
      මම ගොඩක් තැන් වල ඔයාව දැකලා තියෙනවා.ඒත් කතා කරන්න ලැබිලා
      නැහැ ..
      දැන් ඉතින් දිගටම එන්න ඉඩ තියෙන වෙලාවට.පුද්ගලිකව කිසිම ලාබයක් මම
      මේ දේවල් වලින් බලාපොරොත්තු නොවුණත් ගොඩක් ස්තූතියි මගේ මහන්සිය
      අගය කිරීම ගැන.මම මෙහෙම කිව්වේ දෙයක් අගය කරන්නත් පිරිසිදු හදවතක්
      තියෙන්න ඕනේ..ඔයාගේ ඒ ගුණය අගය කරන්න ඕනේ මුලින්ම..


      මේ විදිහට අකුණු අනතුරු වළක්වා ගන්න ක්‍රම ගැන අනික් අයවත් දැනුවත්
      කරන්න ප්‍රමුදි...ගොඩක් ස්තූතියි මෙහෙ ආවට ..දිගටම එන්න ප්‍රමුදි....

      Delete
  27. ඉඩක් ලැබුණ ගමන් මේ ආවේ...ඇත්තටම හරිම වටිනා දෙයක් නේ සහන්..ඔය මේ කියලා දෙන්නේ..මම මේකෙන් ප්‍රින්ට් ඔඋට් එකක් අරන් මගේ පුතාල දෙන්නට කියවන්න දෙන්න හිතන් ඉන්නේ...එයාලත් මේ දේවල් ගැන දැනගන්න ඕන..ගොඩක් ප්‍රයෝජනවත්...ස්තුතියි..(දැනුවත් කරලා එව්ව සටහනට ත් ස්තුතියි..)

    ReplyDelete
    Replies

    1. ගොඩක් ස්තූතියි කළු සුදු ..ඔව් ඒ දෙන්නට කියවන්න දෙන්න මේ ඔක්කොම
      ටික ..මතක ඇතුව කමෙන්ට් ටිකත් කොපි කරන්න ...

      Delete
  28. මෙන්න නියම ලිපි. මම අදමයි මේ පැත්තට ආවේ. හොඳට ලියල තියනවා ලිපිය. බොහොම ස්තුතියි. ආ ඒ එක්කම අර අන්තිම පින්තුරේ ඔක්කොම මකල සැන්ටාෆේ කියන ටික මකන්න බැරිවෙලා. අපරාදේ නිෂ්පාදන නාමය මැකුවේ ඉතිං.

    ReplyDelete
    Replies
    1. ඇලෙක්ස්ගේ පළමු පැමිණීම සාදරයෙන් පිළිගන්නවා ..දිගටම
      එන්න ඉඩක් ලැබෙන වෙලාවට..ඔව් මම මහන්සි නොබලා ලිව්වා
      ඇලෙක්ස් ..අපේ අටම් නොහිටින්න මෙහෙම වත් මේ ලිපිය කට්ටිය
      දකින්නේ නැහැ ..ගොඩක් දෙනෙක්ට මග ඇරිලා තිබුණේ මේ පෝස්ට් එක ..


      \\\ඒ එක්කම අර අන්තිම පින්තුරේ ඔක්කොම මකල සැන්ටාෆේ කියන ටික මකන්න බැරිවෙලා. අපරාදේ නිෂ්පාදන නාමය මැකුවේ ඉතිං.///
      හි හි ඒ ටික ඇත්තටම මට ගාණක් නැතුව ගියා.නිෂ්පාදන නාමයත් මැකුවා
      ඇලෙක්ස්.තව ඔය ගේට් පාස් වගේ දේවල් ටිකක් තිබ්බ නිසයි මැකුවේ.
      අහස කළු කරන් එන පාළු තැනක පින්තූරයක් වෙන තිබ්බෙම නැහැ ..ඉතින්
      no ප්ලේට් එහෙම මකලා දැම්මා .

      ස්තූතියි ඇලෙක්ස් කියවල කමෙන්ට් කරාට ..දිගටම එන්න මිත්‍රයා...

      Delete
    2. මුගෙ ඔරිජිනල් නිෂ්පාදිත නාමය "ක්සැන්ඩර්". මම ඒ නමට මාර ආසයි.. ඇයි දන්නෑ මූ දැන් ඒක පාවිච්චි නොකරන්නෙ.. තව ටිකක් කල් බලලා මම ඕක උස්සනවා. අනිවා. :D

      Delete
    3. \\\තව ටිකක් කල් බලලා මම ඕක උස්සනවා. අනිවා. :D \\\\


      ඔන්න මෙහෙම කිව්වාම නම් වෙනසක් වෙන්න පුළුවන්
      තමයි සෙන්නා ..D

      Delete
  29. ශා... නියමයි සහන් අයියා... අනේ අපේ ගෙදරත් ඇන්ටනා වයර් එක නම් ගලවන්නෙ නෑනේ... ෆ්‍රිජ් එක අන්ප්ලග් කරන්නෙත් නෑ... (ලැප් එක නම් එක පාරක් ඕක නිසා කඩාගත්තු නිසා හැමදාම ගලෝනවා ඔක්කොම ප්ලග්,වයර්)

    ReplyDelete
    Replies

    1. ස්තූතියි අනු නංගි මේ පැත්තේ ආවට...අනිවාර්යෙන් plug එකෙන්
      ගලවන්න ඕනේ..නැත්නම් පිච්චෙන්න පුළුවන්.මේ දවස් වල කොහොමත්
      පරිසමෙන් ඉන්න ...

      ගොඩක් ස්තූතියි කමෙන්ට් එකක් දැම්මට..පුළුවන් වෙලාවට ආයේ
      එන්න...

      Delete
  30. අපිට අකුණක වෝල්ටීයතාවය හරියටම කියන්න බෑනේ නේද? අපි කොතරම් හොඳින් අකුණු සන්නායක යෙදුවත් වඩා විශාලත්වයන් යුතු අකුනකට ඒ සියල්ල අභිභවා යන්න පුළුවන් නේද? එක නේ අකුනට "Act of God" (දෙවියන්ගේ නීතිය) කියන්නේ,අතිශය අගේ ඇති පොස්ටුවකි.

    ReplyDelete
    Replies
    1. ඉවාන් පව්ලූශා ( Prageeth Anuradha )

      \\\අපිට අකුණක වෝල්ටීයතාවය හරියටම කියන්න බෑනේ නේද?//

      අතනට ගහපු අකුණ මෙච්චරයි මෙතනට ගහපු අකුණ අච්චරයි
      කියල නම් කියන්න බැහැ.ඒ උනත් අකුණක් පොළොවට එන්න
      නම් තිබිය යුතු අවම ප්‍රමාණයක් තියෙනවා..පළපුරුද්දෙන් කියන්න
      පුළුවන් roughly .මාසෙකට අකුණු 2 වත් වදින තැනක ඉන්න ඕනේ ..:P

      \\\අපි කොතරම් හොඳින් අකුණු සන්නායක යෙදුවත් වඩා විශාලත්වයන් යුතු අකුනකට ඒ සියල්ල අභිභවා යන්න පුළුවන් නේද? //



      පොසිටිව් අකුණකට ඇර අනිත් ඕනෙම අකුණකින් බේරෙන්න පුළුවන්
      අපි ට්‍රාන්ස්මිෂන් හවුස් හදන ක්‍රමෙන්..100% ආරක්ෂාකාරී..කිසිම ප්‍රශ්නයක්
      වෙන්නේ නැහැ එහෙම හදපු තැනකට ..

      \\\එක නේ අකුනට "Act of God" (දෙවියන්ගේ නීතිය) කියන්නේ,අතිශය අගේ ඇති පොස්ටුවකි.///

      ඔව් ගොඩක් සාහිත්‍ය , ජන කතා වලට නිතරම අකුණ යොදා ගන්නවනේ..
      මේ ඉවොන්ගේ පළමු පැමිණීම නේද ? සාදරයෙන් පිලිගන්නවා ..ඉඩක් ලැබෙන
      වෙලාවට නිතර එන්න මීට පස්සේ...

      Delete
  31. හෆෝ දැන් අවුරුදු දෙක තුනකට කලින් බැරිබැරිගාතේ මෙව්වා පාඩම් කළා මතකයි...))))) අකුණු කාලෙට මේ පෝස්ට් එක දමපු එක නම් සෑහෙන්න වටිනවා..ස්තූතියි!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි වර්ෂා මේ පැත්තේ ආවට..ඔයත් වැහි සම්බන්දම
      කෙනෙක් නිසා ආපු එක හොඳයි ඔයා..දිගටම එන්න නංගි ඉඩක් ලැබෙන
      වෙලාවට...

      Delete
  32. ගොඩාක් මහන්සි වෙලා ලියපු ලිපියක්. ඇතැම් වචන තේරුනේ නම් නැහැ.මොකද මේ සම්බන්දව ලොකු දැනුමක් නැති නිසා.

    ස්තුතියි මචං මහන්සියට.

    ReplyDelete
    Replies
    1. නෑ මචන් අපහැදිලි නොවුන තැනක් ඇත්නම් අහන්න
      අසාර් ..මම පැහැදිළි කරන්නම්...මහ අමාරු දේවල් නෙවේ
      මේ ..බොහොම සරල පැහැදිලි කිරීමකින් සියල්ල තේරුම්
      ගන්න පුළුවන්...ස්තූතියි මචන් මේ පැත්තේ ආවට..
      නැවත එන්න අසාර් ...

      Delete
  33. බක්මහ කාලෙට වටිනම ලිපිය......

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තිළිණ මේ පැත්තේ ආවට මගේ ඇරයුමෙන් ..
      ඉඩක් ලැබෙන වෙලාවට නැවත එන්න ...

      Delete
  34. බොහොමත්ම වැදගත් යාලුවා. හරි අපූරුයි...!!

    ReplyDelete
  35. සංකීර්ණ කරුණු ඉතා සරළව සහ සිත්ගන්නා අයුරින් ඉදිරිපත් කිරීමක් ! , ඉතාවැදගත් කරුණූ රැසක් දැන ගන්නට ලැබුණූ ටම් ලිපියට ඔබ වූ වෙහෙසට ගරු කරමි , තුති පුද කරමි

    ReplyDelete
  36. ගොඩක් වටින ලිපියක් සරලව ඉදිරිපත් කරලා තියෙනවා.
    ඇත්තටම ඔබේ වෙහෙස අගය කලයුතුයි.
    ස්තුතියි ඔබට.

    ReplyDelete
  37. නියම ලිපියක්. දන්නෙ නැති දේවල් ගොඩක් දැන ගත්ත.

    ReplyDelete
  38. නිකොලොයි ටෙස්ලා....සුපිරි ගනයේ වැඩ්ඩෙක්....ඒ වගේම කෙනෙක් තමා අර කොරල් මාලිගාව හදපු එඩ්වඩ් කියන කෙනා.... ටෙස්ලට මුලින්ම හින්දු යෝගීන් දකින්නට ලැබිලා එයාලාව ඇසුරු කරන්න ලැබිලා තියෙනවා....ඒ වගේමය ඔහු කියල තියෙනවා බුද්ධ දර්ශනය ඔහුගේ නිර්මානවලට මග පෙන්වූ බව..

    මනස නිදහස්ව තියාගෙන ජිවත්වෙනකොට අනික් මිනිස්සුන්ට මැජික් වගේ පේන විශ්ව රහස් කොච්චර එලිකරගන්න පුලුවන්ද කියන එකට මේ පුද්ගලයන් දෙන්නා සුපිරි උදාහරණ...

    ReplyDelete
  39. ගොඩක් හොද ලිපියක් සහන් ... සාමාන්‍ය ජනතාවට සහ වැඩි දුර ඉගෙන ගන්න අයටත් වැදගත්.

    //ඒත් මගේ පැතුම මේවා දැකලා විශයට ආස කරන පුංචි ළමයි ටිකක් බිහි වෙනවා දකින්නයි..තව තව ඉස්සරහට උනන්දුවෙන් යන ළමයි ටිකක් බිහි වෙනවා දකින්නයි..අලුත් සොයා ගැනීම් ලෝකෙට ඉදිරිපත් කරන්නේ එහෙම අයයි//

    නියමයි...රටට ලෝකෙට වැඩදායි දෙයක් කරලා ලංකාවෙන් නොබෙල් ත්‍යාගය ගන්න පුළුවන් කෙනෙක් බිහිවේවා...

    ///07.බොරු කිව්වම අකුණු එනවද ?ayyo.
    පිස්සුද මෙයා එහෙනම් මේ පෝස්ට් එක හද හද ඉද්දිත්
    මට වදින්න එපැයි ///

    මම බයේ හිටියේ... ඇති යන්තම් මම බේරිලා....

    ReplyDelete
  40. වටින ලිපියක්,ගොඩක් මහන්සි වෙලා කරන්න ඕනේ වැඩක්...ජය වේවා...

    ReplyDelete
  41. සිංහලෙන් මෙච්චර හොඳට විස්තර කරල තියෙන පැහැදිලි කරීමක්, ඉන්ටර්නෙට් එකෙන් මේ දැක්කමයි.. තැන්කියු මචං
    නොදන්න දේවල් ගොඩක් දැනගත්ත.. මම AnuradhaRa

    ReplyDelete
  42. ද්‍රව අකුනු කියන්නෙ මොකද්ද?

    ReplyDelete
    Replies
    1. ඒ නමින් දෙයක් ගැන නම් අහලා නැහැ.. අකුරු හරිද ..?

      Delete
  43. ගොඩක් හොද පොස්ට් එකක්.
    1. අඹ ගස් වලට අකුණු වදින්නැ කියන්නෙ ඇත්තක්ද?
    2. රුවන්වැලි සෑය වගෙ ඉස්සර තිබ්බ උස් ගොඩනැගිලි වල තිබ්බ තාක්ෂණය මොකක්ද?
    3. කැමති නම් contact number eka දාන්න. If u like only.

    ReplyDelete
    Replies

    1. 01. ලංකාවේ අකුණු ගහන කාලයක් නිසා රිප්ලයි එකක් දාන එක හොඳයි කියලා හිතුණා. කාගේ හරි ජීවිතයක් බේරෙනවනේ .. අඹ ගස් වලට අකුණු වදින්නේ නැහැ කියලා එකක් නැහැ.. සම්පූර්ණ බොරු මතයක්.. අකුණක් වැදීමේ ඉඩ අඩු / වැඩි වශයෙන් හඳුනාගත් කිසිම ගහක් නැහැ... අකුණට ඉක්මණට පොළොවට භූගත විය හැකි උසම ස්ථානය තෝරා ගන්නවා අකුණ.. ඒ හැර වෙන කිසිම දෙයක් ගැන අකුණ බලන්නේ නැහැ..

      02. ලෝහයෙන් හදපු පටියක් සවි කර තියෙනවා ෆවුන්ඩේෂන් එකේ ඉඳලා චූඩා මාණික්‍ය තියෙන තැනටම වෙනකම්.. තඹ / පස් ලෝහ , පිත්තල හෝ යකඩ වැනි ඕනෙම ලෝහයක් මේකට භාවිත කරලා තියෙනවා.. වැඩිපුරම හම්බුණේ නම් පස් ලෝහයෙන් හදපු ලෝහ පටි තමා.. ( අඟල් භාගයක් විතර ගණකම , අඟල් 4ක් විතර පළල පටියක් මේක )

      03. ඉහත දක්වා ඇති ලිපිනයට මේල් එකක් දැම්මොත් මා එක්ක කතා කරන්න පුළුවන්..

      සහන්..

      Delete
  44. Getting caught with DUI is incredibly common in the United
    States but this is certainly no longer a big deal to many on the drivers because they know that they can find DUI Lawyers
    who is able to help them get out form the situation. In fact there is
    a better way for you to find DUI Lawyers who is able to request the court to cut back
    your punishments or even traité you from your DUI event. Thus
    with the expertise regarding DUI Lawyers you do not have to hold
    your image as a consumed driver forever.

    Although you can actually find DUI Lawyers who is able to defend
    you against your case, you should take for granted the DRIVING UNDER
    THE INFLUENCE charges which will be filed in opposition to you because this can really have an effect on your whole life.

    It can lead you to lose your job and even land anyone in prison. Some of the
    drivers who have been caught DUI tend not to their way to find DWI Lawyers who can help them take care of their case but employing DUI Lawyers
    can steer clear of your name to be produced in criminal
    record forever. This will hinder your success in the future and so
    after you have been arrested, you should look for DUI Legal representatives immediately to
    get out from your current legal case in the soonest possible time.


    You do not have to have a difficult experience in seeking reliable in addition to
    trustworthy DUI Lawyers because you can find DUI Lawyers from the comfort of your computer.
    Yes, there are many qualified DUI Lawyers who can assist you in facing
    your penalties. DRUNK DRIVING Lawyers will dedicate all their time and effort to study your
    case and to make sure that you can gain it in the end. In fact the aim of DUI Lawyer is to avoid court proceedings which
    will waste much of your time and you will be declared not guilty after the arraignment.

    Or perhaps if you did not get the possible opportunity to
    be acquainted in your case, DWI Lawyers can at least reduce your penalties.


    You have to tell every piece of information about your case to DUI Lawyers.
    This way, they will understand what to take advantage to ensure your own success
    in the case. Generally, DRIVING WHILE INTOXICATED Lawyers will
    not charge you for a lot of legal advice. You have to make sure that you choose the right DUI Lawyers so that you could keep track what is going on with your case.
    Since DUI Lawyers have more expertise in the law, you
    have to listen to their every instruction. This way,
    you could avoid any wrong shift which can give negative influence to your case.

    ReplyDelete

ඔබ කමෙන්ටුවක් දමයි නම් කරුණාකර මෙහි කමෙන්ටු E mail subscribe කරන්න .. නැතිනම් පිළිතුරු මග හැරී යනු ඇත ...

කමෙන්ට් යනු ඔබගේ අදහස් ප්‍රකශ කිරීමට සලසා ඇති ඉඩයි. සිතුවිලි ලියා තැබුණු විට අන් අයටද ප්‍රයෝජනයක් විය හැක !

http44444444://1.bp.blogspot.com/-F0lMkO9hSe8/UjM37DArTZI/AAAAAAAAAwo/wtP9O0K_6UE/s1600/543431_208554675978924_1215099537_n.jpg15099537_n.jpg

සහයෝගය දක්වන වෙබ් එකමුතු ...

මාතලන්ගේ සින්ඩිය...api apita Blog Readerlankeeya sithuwililankeeya sithuwili lankeeya sithuwili