දැන්වීම් පුවරුව . ( පින්තූර මතට මවුස් පොයින්ටරය රැගෙන යන්න )

දැනට වසර දෙකක පමණ සිට සෑම සතියකටම වරක් ලිපියක් හෝ දෙකක් පළ කළෙමි. සිත් ගත් ලිපියක් වේ නම් හිතමිතුරන් අතරත් බෙදාගන්න.

මෙම වෙබ් අඩවිය ලෝඩ් වීමට පමා වේ නම් මෙම ලින්ක් එක භාවිතා කරන්න.

Go and get Sinhala Unicode to your Computer
Face Book Link Share.

April 29, 2013

හා පැට්ටගෙ ආදරේ... ( You fucked your honey bunny )





ඔන්න එක මත් එක කාලෙක පුංචි හා පවුලක් හිටියා .
 මේ පවුලේ අම්මටයි තාත්තටයි ටික දවසක් යද්දී ලස්සන
හා පැන්චෙක් හම්බුණා .







       මේ හා පැංචා ටිකෙන් ටික තමන්ගේ ඉලන්දාරි වයසට ආව.
හා පැංචා පොඩි කාලේ ඉඳන්ම ටිකක් වෙනස්.ඒ කියන්නේ හිතන පතන විදිහ එහෙම ඩිංගක් වෙනස්, ගුල් හාරණ එක තමයි මෙයාගේ විනෝදාංශය හා එකම දේ කරන.තාත්ති හාවයි , අම්මි හාවයි මොන තරම් කීවත් අහන්නේ නැහැ , ගුල් හාරණ එකමයි කරන්නේ.මෙයා තීරණය කරා තරුණ වයසත් එක්ක ගෙදරින් පිට වෙලා තනියම ජීවිත් වෙන්න .







ඉතින් මේකට මෙයා තෝර ගත්තේ තමන්ගේ දුරින් ඥාති වෙන හාව මාමෙක්ගේ ගෙදරක්.එහෙ හාව මාමයි , එයාගේ නෝනයි තමයි ජීවත් උනේ,










අපේ හා පැංචා මෙහේ නැවතිලා ටික දවසක් හිටිය.
ඒත්
හා පැංචා කරන්නේ හා ගතිය නිසා ගුල් හාරන එක.
හා මාම උදේම වැඩට යනවා
.














 අක්කා  තමයි ගෙදර වැඩ පල කරගෙන ඉන්නේ( මාමගේ නෝනා අක්කා උනේ ඇයි කියල අහන්න එපා , මන් දන්නෙත් නැහැ ).












       ඔහොම ටික දවසක් යද්දී හා අක්කා පොඩි පොඩි උසුළු විසුළු එහෙම කරන්න ගත්තා හා පැන්චට.ඒ කියන්නේ උදේට මිදුල අතු ගගා ඉද්දි කකුල පාගනවා වගේ දේවල්.ඒත් මේ හා පැන්චට තේරුමක් නැහැ.




මේ එක එක ඉඟි බිඟි මේ හා පැන්චට තේරුණේම  නැහැ ,අක්කා කොච්චර උත්සාහ කරත් හා පැන්චා නෙවේ කැමති උනේ වැඩේට .එක දිගටම එයා එයාගේ පාඩුවේ ගුලක් හාරනවා ... .













ඔන්න ඊළඟ දවසේ උනේ හිතුවෙවත් නැති දෙයක් ගෙදර. හා මාම ගෙදර ආවම අක්කා කියලනේ මෙහෙම ..
















" හා පැංචාව ගෙදර තියාගන්න බැහැ , එයා මට කරදර කරනවා ඔයා ගෙදර නැති වෙලාවට " කියල ..හා මාමට හිතා ගන්නත් බැහැ මේ දේ,
මොකද හා පැංචා හරි හොඳ ගුණකරුක ළමයෙක්











 නමුත් තමන්ගේ නෝනගේ පෙරැත්ත කිරීම එන්න එන්න වැඩි උනා...
>>>>>>>>>>>>>>>>>>>>>>>>>>













මේ දේ නිසා හා පැන්චගේ වීසා කැන්සල් උනා.












හා පැන්චට නොසෑහෙන්න දුකයි මේ වෙච්ච දේට ...එත් මොනවා කරන්නද  









හා පැන්චා කලේ අර හාරගෙන හාරගෙන  යන ගුල දිගටම හාරාගෙන ගියා .ගිහින් අනික් පැත්තෙන් මතු උනා .බොහොම ලස්සන පරිසරයක් .




ලස්සන විලක් කිට්ටුව තැනකින් තමයි මේ හා පැංචා මතු උනේ .ගොඩක් ලස්සනට
මල් එහෙම පිපිලා මේ විල කිට්ටුව .හා පැංචා තීරණය කරා මෙතන නවතින්න .







ඔහොම කාලයක් යද්දී ලස්සන ගෙඹි ගෑල්ලමයෙක් මෙයාට මුණ ගැහුණා.කතා බස් කර කර කාලයක් ගත වෙද්දී මේ දෙන්න අතර මෙව්වා එකක් ඇති උනා.










හා පැංචා හා ගුලේ , ගෙඹි පැටික්කි පොකුණේ .මේ දෙන්නා අතර තිබුණ මෙව්වා එක නිසා ඉතින් මෙයාල විල අද්දරට ඇවිත් හම්බෙනවා .ඔහොම ඔහොම කාලයක් ගියා.හා පැට්ට පුදුම ආදරෙයි මේ ගෙඹි පැන්චිට .නිතරම එයාට පරිස්සමෙන් ඉන්න කියල කියනවා .ආරක්ෂා කරනවා.




මෙව්වා එක නැගල ගිය නිසා දෙන්නට දෙන්න නොදැක ඉන්න බැහැ දැන් .ගෙඹි පැටික්කිත් පණ ඇරලා හා පැන්චට .









ඒත් හා පැංචා හා ගුලේ , ගෙඹි පැටික්කි විලේ, ආදරේ හිතේ.





            ඒ නිසාම දෙන්නා තීරණය කරා පොඩි නූලකින් එක්කෙනෙක්ගේ කකුලක්
බඳින්න , නූලේ අනික් කෙලවර අනික් කෙනාගේ කකුලේ බඳිනවා.මේක ගෙඹි පැන්චිගේ අදහසක්. මොකද ගෙඹි පැන්චි කැමති උනෙම නැහැ හා පැටියගේ ගෙදර නවතින්න පොඩි පොඩි අපහසුකම් තිබ්බත්.ගෙඹි පැංචි කෑ ගහල අඬල , අනිත් අයට බොරු කියල , රට පටලලා තමන්ගේ හිතේ තියෙන දේම ඉෂ්ට කරගත්ත.


              කොහොම හරි මේ දේටත් කැමති කරගත්ත හා පැටියව.හා පැටිය මොන තරම් එපා කිව්වත් කැමති කරගත්ත.

         හා පැන්චට ගෙඹි පැටික්කිව මතක් උනොත් එක පාරක් නූලෙන් අදිනවා .ගෙඹි පැන්චිට හා පැට්ටව මතක් උනොත් එක පාරක් නූලෙන් අදිනවා.ඔහොම තමයි අදහස් හුවමාරු කරගත්තේ ...





         දවසක් මෙයාල විල අද්දර ආදරෙන් ඉද්දි ඈත අහසේ ගොදුරු හොය හොයා හිටපු මෙන්න මෙයා දැක්ක.




         හෙමීට අවස්තාව එනකම් මෙයා බලන් හිටිය .හා පැංචා ටිකක් එහෙට මෙහෙට වෙනකම් ඉඳල ,මේ උකුසු තඩියා කරපු වැඩේ පැනපු ගමන් ගෙඹි පැන්චිව අල්ල ගත්තා හොදට රසට ගෙඹි පැටික්කිව කන්න පුළුවන් නිසා .අනික ඇහැට කනට පේන්න මේ ගෙඹි පැංචි හිටියනේ.




              ඔන්න දැන් උකුස්ස අල්ලන් යනවා ගෙඹි පැන්චිව .ගෙඹි පැන්චිට ඒත් තේරුමක් නැහැ .මෙයා ටිකක් මෝඩයි.හා පැංචා කියපු කිසිම දෙයක් ඇහුවේ නැහැනේ .


         මේ අතරේ මේ කිසිම දෙයක් නොදැන ඉන්න අපේ හා පැන්චවත්, ගෙඹි පැන්චිට ආදරේ නාමෙන් බැඳලා තිබුන නූල නිසා ඇදී ඇදී යන්න ගත්තා.දැන් පරක්කු වැඩි , බැමි හොදටම තද වෙලා ඉවරයි මේ වෙද්දී .ලේසියෙන් ගැලවෙන්නේ නැහැ දැන්.








          ඔහොම ඇදිල ගිහින් දෙන්නගෙම ජීවිත විනාස උනා, අපේ අහිංසක හා පැන්චවත් ගෙඹි පැටික්කි පස්සෙන්ම ඇදිල ගියා මරු තුරුලට.





ඉතුරු උනේ ආදරේ නාමෙන් බැඳලා තිබුණු නූල් කෑල්ල විතරයි...!




ප.ලි. දවසක් මම ගොඩක් දුකින් ඉද්දි තමයි මේ කතාව මට මගේ යාලුවෙක් කියලා දුන්නේ හිත හදන්න .මම පැය ගාණක් එදා ............

          ඒ වෙද්දී මට වයස අවුරුදු 2X ගාණක් ..ජීවිතේ සමහර සිද්ධි වලදී අපි නොදැනුවත්වම පුංචි ළමයි වගේ හිතින් වැටෙනවා ..ඕනේ අයියෙක් එදාට වැටෙනවා ..එහෙම වැටුණ වෙලාවට , වැටුණ දාකම බලන්න ඕනේ ඕනේ රඟේ ..මම මෙතන කිව්වට වැඩක් නැහැ ..


                 ජීවිතේ අපි ඒ ඒ වයසේදී සමාජයේ පවතින රාමුව එක්ක යන්නම ඕනේ .පමණට වඩා හිත හොඳ මිනිහෙක් වෙන්න එපා ..සීමාව පැන්නහමවත් තව තව ඒ මත්තේ යන්න එපා ..අත අරින්න. ඕනේ කෙනෙක්ට ඕනේ දෙයක් කරගන්න ඉඩ දීලා ..නැත්නම් අනිවාර්යේම්ම මරු තුරුලට යනවා යනවාමායි කිසිම තේරුමක් නැති හිස් දේවල් නිසා .. කොච්චර උත්සාහ කරත් ගැලවෙන්න බැහැ බැමි තද වෙලා තිබ්බොත් .


              අඩුම තරමේ වැදගැම්මක් ඇති දේකට නහින්න හරි ජීවිතේ රැක ගන්න .නිෂ්ඵල දේවල් වලට බැඳෙන්න එපා ...මෝඩ ගෙම්බියෝන්ගේ හරක් වැඩ නිසා විහින් නැහිලා වැඩක් නැහැ ..!





           සීමාව පැන්නහමවත් තව තව ඒ මත්තේ යන්න එපා ..අත අරින්න. ඕනේ කෙනෙක්ට ඕනේ දෙයක් කරගන්න ඉඩ දීලා ..නැත්නම් අනිවාර්යේම්ම මරු තුරුලට යනවා යනවාමායි කිසිම තේරුමක් නැති හිස් දේවල් නිසා .. කොච්චර උත්සාහ කරත්/ දැනගෙන හිටියත් ගැලවෙන්න බැහැ බැමි තද වෙලා තිබ්බොත් .අඩුම තරමේ වැදගැම්මක් ඇති දේකට නහින්න හරි ජීවිතේ රැක ගන්න .





comments:

// සීමාව පැන්නහමවත් තව තව ඒ මත්තේ යන්න එපා ..අත අරින්න. ඕනේ කෙනෙක්ට ඕනේ දෙයක් කරගන්න ඉඩ දීලා ..නැත්නම් අනිවාර්යේම්ම මරු තුරුලට යනවා යනවාමායි කිසිම තේරුමක් නැති හිස් දේවල් නිසා .. කොච්චර උත්සාහ කරත්/ දැනගෙන හිටියත් ගැලවෙන්න බැහැ බැමි තද වෙලා තිබ්බොත් .අඩුම තරමේ වැදගැම්මක් ඇති දේකට නහින්න හරි ජීවිතේ රැක ගන්න .//

මිට වඩා කියන්න දෙයක් නැහැ.
ReplyDelete

89 comments:

  1. ඕනේ බම්බුවක් වෙන්න කියල අත ඇරල දාන එක තරම් ඔය වගේ ප්‍රශ්න වලට වෙන විසඳුම් නෑ... අපි ඔලුවෙන් හිටගෙන ට්‍රයි කලත් ප්‍රශ්නේ ගොඩ යන්නෙ නෑ.. හැබැයි ඕනේ එකක් කරගනින් කියල අත ඇරල දාල ගියාට පස්සේ අපිත් ගොඩ යනවා.. අනිත් පාර්ශවේටත් සුදුසු විදියට දේවල් සිද්ද වෙනව. (නරකක් වෙනව නෙවෙයි). අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි.. අර හසිත මල්ලිගෙ දංඩි පැටව් කතාව බලල එනකොට මෙයත් දාල හා පැටව් ගැන කතාවක්.. හික් හික්..

    ReplyDelete
    Replies



    1. මගේ ගතියක් තමයි යන්න දුන්නට 100% හිතින් අත් හරින්නේ නැහැ .නැවත පැමිණීම උනොත් බාර ගන්නවා මම .කොච්චර කිව්වත් තදින් බැඳෙනවා මම ..එහෙම උනාම එක රැයෙන් අමතක කරන්න බැහැ . " තෝ පල " කියන්න බැහැ මට .කරන කරන දේට සමාව දෙමින් මම දිගින් දිගට හිටපු අවස්ථා ගොඩයි .දැන් මම හොඳින් දන්නවා ඒ විදිහට බලා ඉඳීම හරිම නිෂ්ඵලයි පැතුම් ..

      \\\ර හසිත මල්ලිගෙ දංඩි පැටව් කතාව බලල එනකොට මෙයත් දාල හා පැටව් ගැන කතාවක්.. හික් හික්.. //

      ඔව් රත් උන වෙලාවේ මගේ යකඩෙත් දැම්මා තැලිලා යන්න ...:P

      ගොඩක් ස්තූතියි පැතුම් කමෙන්ට් කරාට අදහස කියල ..පුළුවන් වෙලාවට
      නැවත ඇවිත් යන්න එන්න ...

      Delete
    2. සහන් 100% අතාරින්න ට්‍රයි කරන එක කරන්න අමාරුයි. ඒ කියන්නේ මැරෙන මොහොත වෙනකම් අපිට ඒ පුද්ගලයින්ව අමතක කරන්න බෑ... ඒ අපේ හැටිනේ... මම කියන්නේ ඒ පුද්ගලයට අපේ ජීවිතෙන් අපි දෙන වටිනාකම අඩු කරන එක. ඒ කියන්නේ අපි හිත ඇතුලේ එයා ගැන හදාගෙන ඉන්න සිතිවිලි එකින් එක අයින් කරල දාල එදිනෙදා ජීවිතේ හම්බවුණ තවත් කෙනෙක් විදියට හිතන්න පුරුදු වෙන එක.. එක රෑකීන් කරන්න පුලුවන් දෙයක් නෙවෙයි මේක. හැබැයි කරන්න පුළුවන්.. ආයේ ආවොත් බාර ගන්න එක කරන්න වුණත් එතකොට අමාරු නෑ.. මොකද අපි කලින් දුන්න තරම් වටිනාකමක් ආයෙත් නොදෙන නිසා.. හොඳින් ඉන්න තාක් ඉන්නත් ආයෙත් යන්න ඕනේ කියල ගියොත් යන්න අරින්නත් පුළුවන් වෙනවා..

      අපි සංවේදී විය යුතුයි හැබැයි ඒ සංවේදී කමට අපව පාලනය කරන්න දෙන්න හොඳ නෑ... එහෙම වුණා කියල අපි නපුරු මිනිස්සු වෙන්නෙ නෑ.. මොකද අපේ සංවේදි කම ඕනේ කරන අසරණ අය ඕනේ තරම් (අසරණ නොවන එහෙත් අපෙන් ඒ ලැදියාව බලාපොරොත්තු වෙන අය ඕනේ තරම් අපි අවට ඉන්නවා).

      ඉතින් අර වෙනමම ගමනකට උරුම කම් කියන කෙනෙක්ව අපේ ගමනට බලෙන් එක් කරගන්න ට්‍රයි කරල අපිත් එක්ක ඒ ගමන යන්න කැමැත්තෙන් එන අයව මඟ ඇරගෙන ජිවත් වෙන්න හදන එක තේරුමක් නෑ නේද? නිකන් ඉන්න වෙලාවක හොඳට හිතල බලන්න, අඩන්න ඕනේ නම් අඩන්න.. විඳවල ඉවර කරන්න.. ඊට පස්සේ ආයේ විඳවන්න දෙයක් ඉතිරි වෙන්නේ නෑ.. ඒක තව එක සිද්දියක් විතරක් වෙනවා..

      මීට අවුරුදු 4-5කට කලින් ඔයවගේම ඉඳල මම මේ ලියපු දේ ප්‍රායෝගිකව කරල බලල ඒකෙන් සීයලු දේ කාටවත් කරදරයක් නැති විදියට.. ඕනෙම වෙලාවක ආයේ හම්බ වුනොත් කතා බහ කරල සුවදුක් විමසල උපේක්ෂාවෙන් යන්න අරින්න පුළුවන් (ඔන්නම් රෑට පොඩ්ඩක් මතක් වෙයි) ගානට විසඳල දාලයි මම ඉන්නේ ඒ නිසයි මේක ලිව්වේ.. කාගෙන්වත් අහපු දෙයක් වත් කොහෙන්වත් කියවපු දෙයක් වත් නෙවෙයි. 100% පැක්ටිකල්.. :)

      Delete
    3. \\\\සහන් 100% අතාරින්න ට්‍රයි කරන එක කරන්න අමාරුයි. ඒ කියන්නේ මැරෙන මොහොත වෙනකම් අපිට ඒ පුද්ගලයින්ව අමතක කරන්න බෑ... ඒ අපේ හැටිනේ... මම කියන්නේ ඒ පුද්ගලයට අපේ ජීවිතෙන් අපි දෙන වටිනාකම අඩු කරන එක. ඒ කියන්නේ අපි හිත ඇතුලේ එයා ගැන හදාගෙන ඉන්න සිතිවිලි එකින් එක අයින් කරල දාල එදිනෙදා ජීවිතේ හම්බවුණ තවත් කෙනෙක් විදියට හිතන්න පුරුදු වෙන එක.. එක රෑකීන් කරන්න පුලුවන් දෙයක් නෙවෙයි මේක. හැබැයි කරන්න පුළුවන්... ///////

      මේ දේට ආයේ එකතු කරන්න කිසිම දෙයක් නැහැ පැතුම් ..සියල්ල අන්තර්ගතයි
      ඔයාගේ කමෙන්ට් එකේ ..මමත් බ්ලොග් එකට උනත් වැඩි කාලයක් දෙන්නේ
      සමහර දේවල් වලට යන percentage එක අඩු කරන්න ..එහෙම තමයි ටිකෙන්
      ටික මිදෙන්නේ ගැටළුවකින් ... මොකද අපි කොච්චර හිත හිත ගෙදට්ට වෙලා
      හිටියට වැඩක් නැහැ ..ප්‍රශ්නේ එහෙමමයි ..අපිත් එතනමයි ..සමහර අවස්ථා වලදී
      අපි ඍණ පැත්තට යන්නත් පුළුවන් ..

      ඒ නිසා කල යුතු හොඳම දේ මනස වෙන පැත්තකට ගැනීම .මොන විදිහකින්
      හරි ගැනීම තමයි කල යුත්තේ ..ඊට පස්සේ ටිකෙන් ටික පුළුවන් මනස ශක්තිමත්
      වීම එක්ක යථාර්තයට මූණ දෙන්න ..එතෙක් සෙල්ලම් දාන්න යෑම නම්
      කරන්නම හොඳ නැහැ පැතුම් ...


      \\\ ආයේ ආවොත් බාර ගන්න එක කරන්න වුණත් එතකොට අමාරු නෑ.. මොකද අපි කලින් දුන්න තරම් වටිනාකමක් ආයෙත් නොදෙන නිසා.. හොඳින් ඉන්න තාක් ඉන්නත් ආයෙත් යන්න ඕනේ කියල ගියොත් යන්න අරින්නත් පුළුවන් වෙනවා.//


      යේස් අනිවාර්යේම්ම ඊට පස්සේ පුළුවන් බුද්ධියෙන් යුතුව තීරණයක්
      ගන්න ...ඒ තීරණ ගොඩක් දුරට සාර්ථකයි පැතුම් ..



      \\\අපි සංවේදී විය යුතුයි හැබැයි ඒ සංවේදී කමට අපව පාලනය කරන්න දෙන්න හොඳ නෑ... එහෙම වුණා කියල අපි නපුරු මිනිස්සු වෙන්නෙ නෑ..\\\

      මට වැරදුණ තැන ඔන්න ඔතනයි හැමදාම ..මෙතැනදී කොහොමද හැසිරෙන්න
      ඕනේ කියන දේ නම් මන් කවද ඉගෙන ගනීද මන්දා ..මෙතැනදී මම දුර්වලයි
      හරි හමන් තීරණයක් ගන්න ..

      \\\මොකද අපේ සංවේදි කම ඕනේ කරන අසරණ අය ඕනේ තරම් (අසරණ නොවන එහෙත් අපෙන් ඒ ලැදියාව බලාපොරොත්තු වෙන අය ඕනේ තරම් අපි අවට ඉන්නවා).//

      පැතුම් කියන දේ 100% ඇත්ත ..ඒත් පුද්ගලිකව මම වගේ කෙනෙක් වැඩිපුර
      ඔහොම තත්වයන්ට නිරාවරණය වෙන්න හොඳ නැහැ ..මම ඉතින් අර asking
      ඇන් ----- වර්ගයේ කෙනෙක්නේ ..

      හැබැයි මේ ක්‍රමය බොහොම වැදගත් සහ සමාජීය වශයෙන් ලොකුම වටිනාකමක්
      තියෙන දෙයක් පැතුම් ..ආකල්පමය වශයෙන් අපි සියලු දෙනාම කල යුත්තේත්
      මේ දේ පැතුම් ....

      \\\ඉතින් අර වෙනමම ගමනකට උරුම කම් කියන කෙනෙක්ව අපේ ගමනට බලෙන් එක් කරගන්න ට්‍රයි කරල අපිත් එක්ක ඒ ගමන යන්න කැමැත්තෙන් එන අයව මඟ ඇරගෙන ජිවත් වෙන්න හදන එක තේරුමක් නෑ නේද?//

      අකුරක් අකුරක් ගානේ ඇත්ත පැතුම් ..යන අයට යන්න දෙන්න ..නවතින අයට
      නවතින්න දෙන්න ... තමන් ආදරේ කරණ කෙනා නෙවේ වටින්නේ තමන්ට ආදරේ
      කරන කෙනා ..



      \\නිකන් ඉන්න වෙලාවක හොඳට හිතල බලන්න, අඩන්න ඕනේ නම් අඩන්න.. විඳවල ඉවර කරන්න.. ඊට පස්සේ ආයේ විඳවන්න දෙයක් ඉතිරි වෙන්නේ නෑ.. ඒක තව එක සිද්දියක් විතරක් වෙනවා.. ///

      අනිවර්යේම්ම පැතුම් ..මමත් පහු ගිය දේවල් ගැන ඔය කොණෙන් බලනවා
      වෙලාවකට ..වෙලාවකට නම් අමාරුයි ..:(

      \\\මීට අවුරුදු 4-5කට කලින් ඔයවගේම ඉඳල මම මේ ලියපු දේ ප්‍රායෝගිකව කරල බලල ඒකෙන් සීයලු දේ කාටවත් කරදරයක් නැති විදියට.. ඕනෙම වෙලාවක ආයේ හම්බ වුනොත් කතා බහ කරල සුවදුක් විමසල උපේක්ෂාවෙන් යන්න අරින්න පුළුවන් (ඔන්නම් රෑට පොඩ්ඩක් මතක් වෙයි)//



      මටත් එක කෙනෙක් ඉන්නවා මෙහෙම ජීවිතේ ...මම මුලිම්ම ආදරේ කරපු
      කෙනා ..අනේ මන්ද දැන් මගේ හිතේ කඳුළු ඉවරද කියල ..ඒත් දැන් මට
      කිසිම හැඟීමක් දැනීමක් නැහැ ඒ දරුවා ගැන ..අනිත් අය ගැන නම් තවම
      අමාරුයි ..ඒත් මම උතසහ කරනවා .. එයාලට පුලවන් නම් ඇයි අපිට බැරි
      නේද ..?



      \\ගානට විසඳල දාලයි මම ඉන්නේ ඒ නිසයි මේක ලිව්වේ.. කාගෙන්වත් අහපු දෙයක් වත් කොහෙන්වත් කියවපු දෙයක් වත් නෙවෙයි. 100% පැක්ටිකල්.. :) //



      තමන්ගේ අද්දැකීම් බෙදා ගැනීම වටිනවා පැතුම් ..දැන් මම උනත් මෙතන මගේ
      පුද්ගලික දේවල් යම් මට්ටමකට එළි වෙන දේවල් උනත් දැම්මේ තව කෙනෙක්ට
      දෙයක් දැනගන්න ලැබෙන නිසා ..තව කෙනෙක් ප්‍රශ්නෙකට මැදි වෙන්න යද්දී
      මොනවා හෝ රුකුලක් ලැබෙන්න පුළුවන්නේ එයාට ප්‍රශ්නෙන් මිදෙන්න
      මේ දේවල් ලියලා තිබ්බම ..


      ගොඩක්ම ස්තූතියි පැතුම් සෑහෙන වටින කමෙන්ට් එකතු කරන එකට මේ වගේ ..
      මම ගොඩක් වෙලාවට කාලය අරන් රිප්ලයි කරන්නෙත් ඒකයි ඔයාගේ කමෙන්ට් වලට ..
      හිතන්න දේවල් ගොඩක් තියෙනවා ඔයාගේ කමෙන්ට් එහෙක ..පෝස්ට් එකට ලොකුම
      වටිනාකමක් එකතු උනා ඔයාගේ අදහස් එක්ක ..ගොඩක්ම ස්තූතියි..කවදා හරි මේවා
      ඉතුරු වේවිනෙ පැතුම් අපි නැතත් ..ඒ ඇති ....

      නැවත වාරයක් ගොඩක් ස්තූතියි...

      Delete
    4. ++++++++++++++++++++

      Delete
  2. හැම කෙනෙක්ටම වගේ පොදු අත්දැකීමක්. අත්හැරීම හොඳ පිළියමක් තමයි.
    මමත් ඔය වගේ පපලි දැකල තියෙනවා. ඉතින් මම යනවා යන්න මගෙ වැඩක් බලාගෙන.

    ReplyDelete
    Replies
    1. ඔව් draki මේ වගේ දේවල් අපි හැමෝගෙම ජීවිත වලට පොදුයි .
      එක එක්කෙනා හැසිරෙන විදිහ විතරයි වෙනස් ..ස්තූතියි මිත්‍රයා
      මේ පැත්තේ ආවට ..නැවත එන්න ..

      Delete
    2. +++++++++++++++++++++

      Delete
  3. රසවත්, අර්ථවත්....!! (Y)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ශම්මි ..දැන් ඔයාට කොහොමද ? ලෙඩ උනා කිව්වා නේද
      පහු ගිය ටිකේ ..

      Delete
    2. O.o :O ඔයා කෝමද දන්නේ,, ම්ම් ඔව්,, සේලයින් එකකුත් ගහලම හරි ගියා.. :)
      ස්තූතියි සහන් ඇහුවට...

      Delete
    3. හ්ම්ම්ම් එහෙනම් කමක් නැහැ ශම්මි දැන් හොඳ නම් ..මටත්
      හෙම්බිරිස්සාව හැදෙන්න වගේ එනවා ...බලමුකෝ .. වීයටත්
      හොඳටම උණ හැදිලා ඉඳල කියල කියනවා මම දැක්කා පහු ගිය ටිකේ ...

      Delete
    4. ++++++++++++++++++++++

      Delete
  4. දන්ඩි පැටව් කතාව කියවලා මේ කතා කියවන්න ආසාවක් ඇතිවෙලා තිබුනෙ.. මෙන්න තවත් එකක්.. මරු..

    පණිවිඩෙත් තේරුනා..

    අක්කලගෙනුයි, ගෙම්ම්බියන්ගෙනුයි පරිස්සම් වෙන්න ඕනා කියලා නේද කියන්නෙ.. :D

    ReplyDelete
    Replies
    1. \\\අක්කලගෙනුයි, ගෙම්ම්බියන්ගෙනුයි පරිස්සම් වෙන්න ඕනා කියලා නේද කියන්නෙ.. :D///

      ඔය තියෙන්නේ යස අගේට .. :D

      \\දන්ඩි පැටව් කතාව කියවලා මේ කතා කියවන්න ආසාවක් ඇතිවෙලා තිබුනෙ.. //

      රත් වෙලා තියෙද්දී ඒ පිටටම දාන්න ඕනේ සෙන්නා තලා ගන්න ඕනේ දේවල්.ඉස්සෙල්ලම මෙන්න
      මේ පෝස්ට් එක ශිමරින්ගේ මීයා


      පස්සේ රූගේ මීයා

      පස්සේ හසිතගේ දණ්ඩියා :P


      දැන් මගේ හාවා


      ඊළඟට කාගේ කව්ද ..? :P

      Delete
    2. +++++++++++++++++++++++

      Delete
    3. කතාව කියෙව්වට ගත යුතු ආදරුසේ ගැන හිතා ගන්න බැරුව හිටියේ, සෙන්නට පින් සිද්ද වෙන්න යන්තම් ඒකත් හරි. හැක්...

      Delete
  5. "කවදා හෝ, කාට හෝ" මරු ආදර්ශ පාඨෙ සහන්.. නියමයි..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි සෙන්නා .මතකද අපි දෙන්නම දවසක් කතා කර කර ඉද්දි
      ඔය ගැනත් කතා කරා ..? ඉතින් මට හිතුණා මේ දේ ඇතුළත් කරන්න ..
      පොඩි වැඩිද මන්දා ...

      Delete
    2. පොඩි වුනාට එකේ ලොකු කතාවක් තියනවා සහන්... මගෙත් බ්ලොග් කරණයේ මූලික පරමාර්ථය ඕක..

      Delete
    3. මට මේ බ්ලොග් එකේ නමත් වෙනස් කරන්න ඕනේ
      වෙලා ඉන්නේ සෙන්නා ..තවම ගැලපෙන නමක් හම්බ උනේ
      නැහැ .ඉන්නකෝ 50 දාන දවසට ඔයාලම තීරණය කරන්න
      මොන වගේ නමක්ද හොඳ කියලා ..

      මුලදී නම් මම බ්ලොග් එක පටන් ගත්තේ මගේ චන්ද්‍රිකා තාක්ෂනය
      ගැන පෝස්ට් ටික දාන්නයි , තව මගේ පුද්ගලික කරුණු ටිකක් ලියලා
      යන්නයි ..ඊට වඩා රැඳෙන්න අදහසක් ආවේ ඔයාල නිසා ...

      ඒ නිසා මුල් නම ගැලපෙන්නේ නැහැ ..ඉවර තියෙන විදිහට විහිලු
      තහළු එක්ක ටිකක් අමුතු අමුතු දේවල් මම පෝස්ට් කරන්නේ කාට හරි
      උදව්වක් වේවි කියල හිතන නිසයි ..මේ දේවල් වලින් මහා දෙයක් කරන්න
      බැරි බව මන් දන්නවා ..ඒත් ඉතින් අවුරුද්දකට 10 දෙනෙක් හරි දකීවිනේ
      ගූගල් හරහා ඇවිත් ..එහෙම එන කෙනෙක්ට මොනවා හරි ඉගෙන ගන්න
      දෙයක් ඉතුරු කිරීම තමයි එකම අදහස සෙන්නා ...

      Delete
    4. එහෙනං මේකත් අපැහැදිලි උන අයත් ඉන්නවා ඈ ...?
      හොඳ වෙලාවට සෙන්නා හිටියේ සරත් අයියේ ..:P

      Delete
  6. අපුරුම කතාවක්නේ සහන්.. මේ උපදේශයනම් බ්ලොග් ලියන කියවන අපට බොහෝ සෙයින් වටිනවා.. ඔයත් ඉදල ඉඳල ඇණල දාන්නේ ලොකුම ලොකු ටොකු තමා.... නියමයි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නලින් අයියේ ගොඩක් .දැන් මට හිතෙනවා සැර වැඩිද කියලා
      පෝස්ට් එක ..නිකන් සීමාව ඉක්මවා ගිහින් වගේ කියල දැනෙනවා මට .

      මේවා කියලත් බැහැ , හංගන් හිටියා කියලත් වැඩක් නැහැ ..

      ගොඩක් ස්තූතියි අදහස කිව්වට ..නැවත එන්න නලින් අයියේ ...

      Delete
  7. මුලින්ම කියන්න ඕන පින්තූරත් එක්ක කතාව ලියල තියෙන විදිහ නියමයි. මුල හරිය කියවගෙන එද්දි ළමා කථාවක් කියවනව වගේමයි දනුනෙ :) අන්තිම හරියෙ තියෙන ආදර්ශ නම් හරිම වටිනව සහන්...

    සමහර දේවල්/මිනිස්සු වෙනස් වෙයි කියල කොයි තරම් බලාගෙන හිටියත් වැඩක් නෑ. ඒ මත්තෙම එල්ලිල ඉන්න එකෙන් වෙන්නෙ අපි ජීවිතේ ගැන කලකිරෙන එක විතරයි. ඒ වගේ බැඳීම් වලින් ඈත් උනාම හිත නිදහස්.

    //සීමාව පැන්නහමවත් තව තව ඒ මත්තේ යන්න එපා ..අත අරින්න. ඕනේ කෙනෙක්ට ඕනේ දෙයක් කරගන්න ඉඩ දීලා//

    මේක මාත් මේ ළඟදි ඉගෙන ගත්ත පාඩමක් :)

    ReplyDelete
    Replies
    1. \\\\මුලින්ම කියන්න ඕන පින්තූරත් එක්ක කතාව ලියල තියෙන විදිහ නියමයි. ///
      ගොඩක් ස්තූතියි චම්ස් ..රස වින්දා නම් සතුටක් මට ..

      \\මුල හරිය කියවගෙන එද්දි ළමා කථාවක් කියවනව වගේමයි දනුනෙ :) \\
      මම හෙමීට වැඩිහිටියන්ට උචිත විදිහට සංස්කරණය කරා අන්තිම ටික ..:P


      \\\\අන්තිම හරියෙ තියෙන ආදර්ශ නම් හරිම වටිනව සහන්...

      සමහර දේවල්/මිනිස්සු වෙනස් වෙයි කියල කොයි තරම් බලාගෙන හිටියත් වැඩක් නෑ. ඒ මත්තෙම එල්ලිල ඉන්න එකෙන් වෙන්නෙ අපි ජීවිතේ ගැන කලකිරෙන එක විතරයි. ඒ වගේ බැඳීම් වලින් ඈත් උනාම හිත නිදහස්. ///

      මම ලබපු අද්දැකීම් අනුව කියන්නේ චම්ස් මේ ; අපි මුල ඉඳන්ම සීමාව දැනගෙන
      තමයි ලං විය යුත්තේ ..පමණට වඩා බැඳීමක් ඇති වෙන්න යන බව දැනෙද්දී
      බොහොම පරිස්සම් වෙන්න ඕනේ ..මතකනේ අපි දීර්ඝව මෙතැනදී සාකච්චා කරා ..
      හිස් බව ඇති වීම සහ එයට විසදුම් | කෙදිනක හෝ වැදගත් විය හැක , එනිසා කියවන්න! scenarios between loneliness
      ස්වාධීනව ශකිතියක් ගොඩ නගා ගැනීම හරි වැදගත් ...


      \\\සීමාව පැන්නහමවත් තව තව ඒ මත්තේ යන්න එපා ..අත අරින්න. ඕනේ කෙනෙක්ට ඕනේ දෙයක් කරගන්න ඉඩ දීලා

      මේක මාත් මේ ළඟදි ඉගෙන ගත්ත පාඩමක් :)\\\


      මමත් ඉස්සර තදින් කරපු දෙයක් තමයි ගියපු " දේවල් " ගැන බලන් හිටියා .
      සමහර වෙලාවට අවුරුදු ගණන් ..අනේ ඒ දේවල් නැවත කිසි දාක එන්නේ
      නැහැ කියලා තේරුම් යද්දී අන්තිම බස් එකත් ගිහිල්ලා ..දැන් ඉතින් හෙට
      උදේ වෙනකම් ඉන්න ඕනේ බස් එකක් ගන්න නම් ..

      ඒත් තනියම , සීතලේ වෙව්ල වෙව්ල , බයේ ගැහි ගැහි රෑ දවස ගෙවන්න තරම් මට
      හයියක් නැහැ ..මම හා පැටියෙක් ..:(


      අනික එක රැයකින් එළි වෙන එහෙකුත් නැහැ මේ රාත්‍රිය ...!


      Delete
  8. Mama ksleth anthimata kiyapu de thamai..mama nam godama giyaa.. Singlish walin liwwata sorry..

    ReplyDelete
    Replies
    1. කිසිම ප්‍රශ්නයක් නැහැ ටිමුතු ..ඕනෙම විදිහකට අදහසක් කියන්න විවෘතයි
      මේ බ්ලොග් එකේ ඔයාට ...ඔයාව සාදරයෙන් පිළිගන්නවා මුලින්ම ..
      පුළුවන් වෙලාවට පහු ගිය පෝස්ට් එහෙමත් බලන්න .ස්තූතියි දිගටම
      එන්න ..

      Delete
  9. පොඩිකාලෙට ගියා ;)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies

    1. ඒකනේ කියන්නේ රජෝ ..
      ස්තූතියි ආවට මේ පැත්තේ ..
      නැවත එන්න ...

      Delete
    2. ++++++++++++++++++++++

      Delete
  10. බැදීම් අඩු වෙන්න අඩු වෙන්න සැනසීම නම් වැඩි තමයි...... හැබැයි සමහර වෙලාවට ටිකක් පාලුයි.....

    ReplyDelete
    Replies

    1. සමනළී මේ පෝස්ට් එක බැලුවේ නැහැ නේද ..?
      ටිකක් නිදහසේ ඉන්න වෙලාවක මුළු පෝස්ට් එකයි
      අනිත් අය සහ මම දාපු කමෙන්ට් ටික කියවන්න ..
      ඔයාට සමහර දේවල් ප්‍රොයෝජන වේවි සමනලී ...
      ස්තූතියි ආයේ එන්නකෝ ඉඩක් තියෙන වෙලාවට ..

      Delete
    2. පොස්ට් එක බලලා තමා අප්පා කමෙන්ට් කලේ. මං කවදාවත් ලිපියක් කියවන්නේ නැතුව කොමෙන්ට් කරන්නේ නැතෝ...... :)

      Delete
    3. හිස් බව ඇති වීම සහ එයට විසදුම් ලිපිය මං කියෝලා තියෙනවා කමෙන්ට් එකකුත් දාලා ඇති :)

      Delete
    4. නැහැ නැහැ මම කිව්වේ මම මේ ලින්ක් කරලා තියෙන පෝස්ට්
      එක .." හිස් බව ඇති වීම " කියන පෝස්ට් එක ..මට ඒක ලින්ක්
      කරන්න බැරි උනා නේ කමෙන්ට් එකත් එක්ක ..
      හිස් බව ඇති වීම සහ එයට විසදුම් | කෙදිනක හෝ වැදගත් විය හැක , එනිසා කියවන්න! scenarios between loneliness

      Delete
  11. සහන් අයියේ බොට මේ මොකෑ වුනේ? ඔලුව කොහේ හරි වැදුනද?

    ReplyDelete
    Replies
    1. වැදුණා නිසානයෝ 4 පාරක්ම ..හොඳ වෙනවා ,
      ඔන්න ආයෙම වදිනවා ..ආයේ හොඳ වෙනවා ..
      අයියෝ සල්ලි ...:P

      ස්තූතියි මේ පැත්තේ ආවට ..නැවත එන්න ..

      Delete
  12. /ඔන්න එක මත් එක කාලෙක පුංචි හා පවුලක් හිටියා .
    මේ පවුලේ අම්මටයි තාත්තටයි ටික දවසක් යද්දී ලස්සන
    හා පැන්චෙක් හම්බුණා//

    මම මේ ජොලියට අහන්නේ :) හා පැන්චා හම්බ උනාට පස්සේ නේද ලොකු හා ජෝඩුව අම්මයි තාත්තයි වෙන්නේ..

    එතකොට අර අක්කගේ කතාවෙත් ගත යුත්තක් ඇති නේද? අන්තිම සිද්ධියට වැඩි බරක් දීල තිබුනට අතනත් මොකක්ම හරි පණිවිඩයක් තියනවා.

    //ඒ වෙද්දී මට වයස අවුරුදු 2X ගාණක්//

    ම්ම්..මම හිතාගෙන හිටියේ තාමත් එහෙමයි කියලනේ :)

    ReplyDelete
    Replies
    1. \\\මම මේ ජොලියට අහන්නේ :) හා පැන්චා හම්බ උනාට පස්සේ නේද ලොකු හා ජෝඩුව අම්මයි තාත්තයි වෙන්නේ..//

      හෑ බොල ඒකත් හැබෑව නෙව ..



      \\\එතකොට අර අක්කගේ කතාවෙත් ගත යුත්තක් ඇති නේද? අන්තිම සිද්ධියට වැඩි බරක් දීල තිබුනට අතනත් මොකක්ම හරි පණිවිඩයක් තියනවා. ///

      ඔව් පැහැදිළිවම එතන තමයි උපත .කතාවේ උපත. ඒ අක්කා
      හෙමීට පොළඹව ගන්න හදනවා හා පැටියව ..හා පැටියට ගාණක්
      නැහැ.අක්කා කරන්නේ තව තව දේවල් කරනවා හා පැටියව පොළොඹව
      ගන්න ..හ්ම්ම්ම්හම් ඒත් හරියන්නේ නැහැ ...අන්තිමට මෙහෙමත් ඉන්නවා ..

      [im]http://1.bp.blogspot.com/-I43ISzS42m4/UPAlvQce-LI/AAAAAAAAAcM/mePJXQd7dAQ/s1600/Rabbit_Girl.jpg[/im]



      ඒත් හ්ම්ම්ම්හම්...



      හා පැටියව හලන්න තීරණය කරන්නේ අන්න එතැනදී තමයි අක්කා ..
      හා පැටියව පාවලා දීල බොරුවක් ගොතලා මහත්තයට කියනවා ..
      හා මහත්තය විස්සාස කරන්නේම නැහැ ..මොකද ඒ තරම් විස්සාසයි
      හා පැටියව ..හරිම හොඳ ගුණගරුක ළමයෙක් මේ හා පැටියා ...


      අක්කත් වැඩේ අත අරින්නේ නැහැ ..අන්තිමට ලොකු පාවාදීමක් කරලා
      හා පැටියට යන එන මන් නැති කරනවා මේ අක්කා ..හා පැටියත් ඉතින්
      යනවා එපා වෙලා හැමදේම ...


      \\\ඒ වෙද්දී මට වයස අවුරුදු 2X ගාණක්
      ම්ම්..මම හිතාගෙන හිටියේ තාමත් එහෙමයි කියලනේ :) ///

      සයුරි අන්තිම පින්තූරේ උඩ ක්ලික් කරන්නකෝ මම දාපු.. ( yes click it )
      ඔයාගේ ප්‍රශ්නෙට උත්තර එතන තියෙනවා ...:P

      ස්තූතියි සයුරි මේ පැත්තේ ආවට ...නැවත එන්න ...

      Delete
    2. ඔන්න ක්ලික් නම් කරා..පින්තුරයක් මිසක් උත්තරයක්නම් දැක්කේ නෑ :)

      Delete
    3. :P :P :P


      ඔතැන නිල් පාටට හුරු එකක් ඇඳන් ඉද්දි මට 20 , 21 වගේ ඇති ..
      ඒ කාලේදී තමයි ඔය සිද්ධි උනේ ..ක්‍රීම් පාට එකක් ඇඳන් හිටපු
      ඒකෙ හැටියට කීයක් වගේ දාන්න පුලුවන්ද සයුරි...? :P

      Delete
    4. අහා...ඒ දෙකේ වැඩි වෙනසක් නෑ නේ. ඔය ක්‍රීම් පාට එක දැකලා තමයි මම මෙච්චර කල් හිතාගෙන හිටියේ විසි ගානක් ඇති කියලා. ඒකනේ නමෙන්ම කතා කරෙත් :-/. දැන් ඉතින් 30 ට වැඩියි කියපු හින්දා මම හිතන්නේ 30 - 35 අතර වගේ ඇති කියලා :) ඊට වැඩිනම් කියන්න එපා. මම විස්සාස කොරන්නේ නෑ

      Delete
    5. එහෙනම් අපි 29 දාමු ..හැම පැත්තටම ගැලපෙනවනේ
      ඔතොකොට ..


      \\ඊට වැඩිනම් කියන්න එපා. මම විස්සාස කොරන්නේ නෑ \\
      ඒ මොකද අනේ ඒ ...:P :P :P



      Delete
  13. සහන් ඉඳල ඉඳල දෙනවා නිකං කරකවල ලස්සනට දෙන්න ඕන තැනට. ලස්සන කතාව. (yes click it... :) )

    ReplyDelete
    Replies

    1. ගොඩක් ස්තූතියි චන්දන ..මම හිතන්නේ ගැටළුවක් නැතුව 100%
      දෙනාට තේරුණ පලවෙනි පෝස්ට් එක මේක ..:P
      මේ කතාවේ තව ටිකක් තිබ්බා .දිග වැඩි වෙන නිසා ලිව්වේ නැහැ ..

      කොහොම හරි ස්කයිප් දාගන්නකෝ චන්දන ..ඔයාට කියන්න වැදගත්
      දෙයක් තියෙනවා අර කතාව සම්බන්දව ..ඒක ටයිප් කරලා කියන්න බැහැ
      දිග වැඩියි...

      චන්දනත් එහෙනං එබුවා ඈ ... :P

      Delete
    2. මං කොහොමත් පෝස්ට් එකක් කියවද්දී වට පිට හාරලා අවුස්සලා බලනවා. :D (හයියෝ ඉස්කයිප්පුවට මොකද කරන්නේ.. බලමුකෝ.. තව ටිකක් උත්සාහ කරලා, පිලියමක් හොයා ගන්න.)

      Delete
    3. skyp eka download karagannako ..25 mb wage...
      yanthan 8kbps thibbath athi katha karanna chandana...

      Delete
  14. මුල ඉඳලාම හෙමීට කියවගෙන ආවා... අර ඉස්සර පොඩි කාලේ කතා පොත අරහෙන ඇහෙන්න කිවනවා වගේමයි කියෙව්වේ :)
    අන්තිමට පසුව ලියපු ටික කියවද්දී නම් එතන තිබ්බ ගොඩක් දේවල් මටත් අදාලයි කියල හිතුනා... එතකොට නම් හිතුනා අමාරුවෙන් හරි මන් අරගෙන තියෙන තීරණ හරි නේද කියල...

    ReplyDelete
    Replies
    1. \\\මුල ඉඳලාම හෙමීට කියවගෙන ආවා.අර ඉස්සර පොඩි කාලේ කතා පොත අරහෙන ඇහෙන්න කිවනවා වගේමයි කියෙව්වේ :) ..\\
      බොහොම සන්තෝසයි මට ..:P


      \\අන්තිමට පසුව ලියපු ටික කියවද්දී නම් එතන තිබ්බ ගොඩක් දේවල් මටත් අදාලයි කියල හිතුනා... එතකොට නම් හිතුනා අමාරුවෙන් හරි මන් අරගෙන තියෙන තීරණ හරි නේද කියල... //

      අපි හැමෝම මෙහෙම තමයි කිබෑ ( කියාගන්න බැහැ ) ..මේ වගේ
      දේකට මූණ පාල අඩුම තරමේ මාස 3 වත් යනකම් බොහොම කල්පනාවෙන්
      ඉන්න ඕනේ ..එක එක අය කියන දේවල් එක පාරට කරන්න යන්න හොඳ
      නැහැ ..තත්වය තවත් දරුණු වෙන්නත් පුළුවන් ඒ වගේ දේවල් වලින් ..

      මම කියන්න ඕනේ සේරම ටික පැතුම් හේරත් කියල තියෙනවා කමෙන්ට්
      එහෙකින් කිබෑ ...බලන්නකෝ ඒක ටිකත් ..ගොඩක්ම වැදගත් කරුණු
      ටිකක් එතන තියෙනවා ...

      ස්තූතියි ආවට යාළුවා ..ආයේ එන්නකෝ පුළුවන් වෙලාවට එහෙනම් ...

      Delete
  15. මරු කතාවක්..... මගේ ජීවිතේටත් ටිකක් අදාලයි..... අන්තිමට තියෙන පනිවිඩෙත් මරු ..... පපලි ත් මරේ මරු :D එත් මුලින්ම තියෙන ////You fucked your honey bunny//// කෑල්ලට මම එච්චර කැමති නෑ කතාවේ වටිනාකම අඩු වෙනවා

    ReplyDelete
    Replies


    1. මෙතන පොඩියක් විතර ද්වේශ සහගත බවක් එකතු කරන්න
      ඕනේ නිසයි එහෙම දැම්මේ මා මිත්‍ර මොරබ්බා ..දැන් මාත් ටික ටික
      හා පැටියා වගේ ඉඳල බැහැ නෙව ..මට තියෙනවා දිගු රාත්‍රියක්
      ගත කරන්න ..ඒ නිසා අනුවර්තනය වෙන්න ඕනේ ...

      ( විහිළුවක් කරේ හොඳද ..? )


      ඉන්නකෝ මම ඒක අයින් කරන්නම් ..පිරිමි අපි හැමෝටම මේ අද්දැකීම
      තියෙනවා මොරබ්බා ..අපි ඉතින් කෑමක් බීමක් නැතුව විහින් නහිනවා ..
      අනිත් අය පාර්ටි පිට පාර්ටි ..හරි හරි ඕව කතා කරන්න ගියොත් මෙතන
      අපි දෙන්නගේ ඔලුව කයි හිරුලා එහෙම ...හෙමීට අපි පල්ලන් බහිමු ..:P


      ස්තූතියි මොරබ්බා නැවත එන්න ...

      Delete
  16. සහන් මේ කතාව සයිමන් නවගත්තේගමගේ "සාගර ජලය මදි හැඬුවා නුඹ සන්දා" කියන කෙටි කතා පොතේ එන ඒ මාතෘකාවෙන්ම තියන කෙටිකතාවක්.. මට මතක හැටියට හාවෙක් නෙමෙයි මීයෙක් හිටියේ... ඒ කතාව ගොඩ නගලා තියෙන්නේ පරණ උපමා කතාවකින්ද කියලා නම් දන්නෙ නෑ. කෙටි කතාවක් උනත්, ඒක බොහොම දීර්ඝ කතාවක් බව මතකයි. ඇත්තටම ඒකේ අවසානය මට මතක නැහැ... කීයවාගෙන යද්දි බොහොම සංවේදී බව දැනෙන කතාවක් බව නම් මතකයි.

    සහන්ගේ ප.ලි.යට නම් මම එකඟ නැහැ. "පමනට වඩා හිත හොඳ", "සීමාව පැන්නහම", වැදගැම්මක් ඇති", "නිෂ්ඵල", "මෝඩ ගෙම්බියන්ගේ හරක් වැඩ"... මේ හැමදේම වගේ අපිට අදාල අවස්ථාවෙදි තීරණය කරන්න හරිම අපහසුයි. ආපසු හැරිලා බලද්දි, මම කලේ මෝඩ වැඩක් කියලා හිතුනත් අදාල අවස්ථාවෙදි එහෙම හිතෙන්නෙ නෑ.

    දැන් අපි මේ සෙනාරියෝ එකත් සලකමු... බැරි වෙලා හරි වෘකයෙකුට හා පැංචව ගොදුරු උනා නම් එහෙම අර ගෙම්බිගෙ ජීවිතෙත් නැති වෙනවා නේද?

    මම කියන්න හදන්නේ දෙන්නෙක් එකඟතාවයකින් නූලක් ගැට ගහ ගත්තා නම්, අනෙකා වෙනුවෙන්, අනෙකා යන ඕනේම තැනකට, ඕනෑම ඉරණමකට මුහුණ දෙනවා කියන අවබෝධය එතන තියනවා නේද? දෙන්නෙක් එකතුවීමේ නියම හේතුව ඒක නේද... ජීවිතයට එකමුතුව මුහුණ දීම, අනෙකාගේ දුක සතුට තමාගේ යැයි සිතීම. මට නම් අවසානය වෙනකම්ම හිතුනේ, නියම ප්‍රේමවන්තයන් දෙදෙනෙක් කියලා... ඒකයි ප.ලි.යට එකඟ නැහැ කිව්වේ.

    ReplyDelete
    Replies
    1. [si="5"]
      \\\සහන් මේ කතාව සයිමන් නවගත්තේගමගේ "සාගර ජලය මදි හැඬුවා නුඹ සන්දා" කියන කෙටි කතා පොතේ එන ඒ මාතෘකාවෙන්ම තියන කෙටිකතාවක්..//[/si]


      මට මේ කතාව කිව්වේ තිසර මගේ යාලුවෙක් ..ඊට කළින් මමත් අහලා තිබුණේ නැහැ ...
      මේක අහපු දවසේ නම් සෑහෙන්න නැගිටීමක් මම නැගිට්ටා හිටපු තත්වෙන් ..ලොකු
      තේරුමක් තියෙන කතාවක් තිසර ඇත්තටම ..


      [si="5"] \\\ මට මතක හැටියට හාවෙක් නෙමෙයි මීයෙක් හිටියේ.// [/si]

      ඔව් ඔව් මේකේ ඉන්නේ මීයෙක් ..මම හාවෙක් කියල වෙනස් කරේ
      මීයා කියපු ගමන් ඔලුවට එන්නේ වෙන දේවල් ටිකක් නිසා ..
      අන්තිමට නිකන් මීයා ගුලට රිංගුවා වගේ දේවල් එද්දී හරි නැහැ නෙව ..:P
      හාවා නියමෙට ගැලපුනා , පින්තූරත් හම්බුණා ගූගල් එකෙන් ..
      හැබෑට තිසර ගූගල් එකේ මේ කතාව තියෙනවා මට දැනුයි මතක් උනේ ..
      ඒ කියන්නේ මේකත් යුරෝපියානු සාහිත්‍යයේ එන කතාවක් වෙන්න පුළුවන් ..
      මීයෝ සම්බන්ධ ගොඩක් උපහාසාත්මක කතා තියෙනවා නේද ...?
      [si="5"]

      \\\සහන්ගේ ප.ලි.යට නම් මම එකඟ නැහැ. "පමනට වඩා හිත හොඳ", "සීමාව පැන්නහම", වැදගැම්මක් ඇති", "නිෂ්ඵල", "මෝඩ ගෙම්බියන්ගේ හරක් වැඩ"... මේ හැමදේම වගේ අපිට අදාල අවස්ථාවෙදි තීරණය කරන්න හරිම අපහසුයි. ආපසු හැරිලා බලද්දි, මම කලේ මෝඩ වැඩක් කියලා හිතුනත් අදාල අවස්ථාවෙදි එහෙම හිතෙන්නෙ නෑ.

      දැන් අපි මේ සෙනාරියෝ එකත් සලකමු... බැරි වෙලා හරි වෘකයෙකුට හා පැංචව ගොදුරු උනා නම් එහෙම අර ගෙම්බිගෙ ජීවිතෙත් නැති වෙනවා නේද?

      මම කියන්න හදන්නේ දෙන්නෙක් එකඟතාවයකින් නූලක් ගැට ගහ ගත්තා නම්, අනෙකා වෙනුවෙන්, අනෙකා යන ඕනේම තැනකට, ඕනෑම ඉරණමකට මුහුණ දෙනවා කියන අවබෝධය එතන තියනවා නේද? දෙන්නෙක් එකතුවීමේ නියම හේතුව ඒක නේද... ජීවිතයට එකමුතුව මුහුණ දීම, අනෙකාගේ දුක සතුට තමාගේ යැයි සිතීම. මට නම් අවසානය වෙනකම්ම හිතුනේ, නියම ප්‍රේමවන්තයන් දෙදෙනෙක් කියලා... ඒකයි ප.ලි.යට එකඟ නැහැ කිව්වේ..///
      [/si]

      මම මේ සියල්ලටම එකටම උත්ත්තර දෙන්නම් තිසර හොඳද ..?
      මෙහෙමයි තිසර ඇත්තටම මම මගේ හිතේ තිබුණ තරහත් ටිකක් පිට කරා මේ
      පෝස්ට් එක ඇතුළෙන් ...එහෙම නොකර ඉන්න පුළුවන් තරම් උතසාහ කරා ..
      ඒත් බැරි උනා මට ..පොඩ්ඩක් විතර ද්වේශය එකතු වෙලා තියෙන්නේ ඒකයි
      මේ පෝස්ට් එකට ...


      මම මේතැනින් පහලට උත්තර දෙන්නේ මේ වටා මතු වෙන සමස්ථ කතන්දරේට හොඳද
      තිසර ..?ඒ කිව්වේ මනුස්සයන්ට ආදේශ කරලා හරිය ..?

      [si="5"]

      බැරි වෙලා හරි වෘකයෙකුට හා පැංචව ගොදුරු උනා නම් එහෙම අර ගෙම්බිගෙ ජීවිතෙත් නැති වෙනවා නේද [/si]

      මෙන්න මෙහෙම විපතක් වෙන්න පුළුවන් නිසාමයි මේ නූල් පටලැවිල්ලට
      විරුද්ධ උනේ මුල ඉඳන්ම හා පැටියා.ඒත් ගෙම්බි කරන්නේ කොහොම හරි තමන්ගේ අදහසම ක්‍රියාත්මක
      කරගන්න උත්සාහ කිරීම ..බැරිම තැන බොරු ගොතලා රට පටලලා තමන්ගේ අදහසම
      ඉටු කරගන්නවා .. ඔන්න ඔහේ කමක් නැහැ කියල ඉන්නවා ඒත් හා පැටියා..
      හිතන්න එතැනදී හා පැටියා වැරදිද සමස්ථය අවසානයේ ..? මේ ගෙම්බි තමයි
      හා පැටියවත් විනාසයට ගෙනියන්නේ ...වගකීම් විරහිත හැසිරීම තියෙන්නේ
      ගෙම්බිගේ ...හාවගෙ නෙවේ ..

      ***කොහොම හරි මේ දේටත් කැමති කරගත්ත හා පැටියව.හා පැටිය මොන තරම් එපා කිව්වත් කැමති කරගත්ත.***

      හාවා කරන්නේ හැම වෙලේම අනික් පාර්ශවය
      ගැන හිතලා එයාලගේ අදහසට ඉඩ දීම ..( හාවා 100% සර්ව සාධාරණ , දේවත්වයට
      සුදුසු කෙනෙක් කියලා මම කියන්නේ නැහැ හැබැයි හරිය ..? )


      Delete
    2. [si="5"]
      මම කියන්න හදන්නේ දෙන්නෙක් එකඟතාවයකින් නූලක් ගැට ගහ ගත්තා නම්, අනෙකා වෙනුවෙන්, අනෙකා යන ඕනේම තැනකට, ඕනෑම ඉරණමකට මුහුණ දෙනවා කියන අවබෝධය එතන තියනවා නේද? [/si]

      තිසර අදහස් කරපු නූල මොකක්ද කියල මට තේරෙනවා ..එහෙම බැඳීමක් අවශ්‍ය
      නිසා තමයි හා පැටියා කියන්නේ ගෙම්බිට හා ගුලට එන්න කියල ..ඒත් ගෙම්බි කැමති
      නැහැ ..ගෙම්බිට ඕනේ නිදහස් ජීවිතයක් සුපුරුදු විදිහටම ගත කරමින් හාවා එක්ක
      තොන්දෝල් වේවි ඉන්නයි ..හාවට ඕනේ එක වහලක් යට ඉන්නයි ..ගෙම්බිට ඕනේ
      නිකන් sms ආදරයක් ...

      ඒත් කමක් නැහැ කියල හාවා හිතපු එකයි මෙතන ඇත්තටම වරද තිසර ..
      හා පැටියා හා පැටික්කියෙක් එක්ක යාලු නොවුණ එකත් මෙතන වරදක් ..
      අඩුම තරමේ " හා අක්කා " එක්කවත් හිටියනම් මෙහෙම වෙන්නේ නැහැ
      කියල හිතෙනවා මට ..තිසරට මොකද හිතෙන්නේ ...?පැහැදිළිවම
      තියෙන්නේ තමන්ට නොගැළපෙන අය එක්ක එක් වීමේ විපාක ..

      " හා අක්කා " එක්ක නොහිටපු හා පැටියාට අන්තිමට ඉන්න වෙන්නේ
      කිසිම විදිහකින් නොගැලෙපෙන ගෙම්බියෙක් එක්ක ..ඊට වඩා හා අක්කා
      එක්ක හිටියනම් හොඳයි කියලයි මට හිතෙන්නේ ...තිසරගේ අදහස කියන්න
      බලන්න ..

      i .තදින් නොගැලෙපෙන පිරිස් හා එක් වීම .
      ii .තදින් නොගැලෙපන දේවල් කෘතීමව ගැළපීමට යෑම .

      මේ දෙකම හොඳ නැහැ ..මම ඒ නිසයි කිව්වේ පොඩ්ඩක් විතර නොගැලපුනත්
      " හා අක්කා " එක්ක හිටියනම් මෙහෙම විනාසයක් නොවෙන්න තිබ්බා .( but who knows )අඩුම තරමේ කුලේ හරි සමානයි නෙව ...:P
      [si="5"]

      \\\ දෙන්නෙක් එකතුවීමේ නියම හේතුව ඒක නේද... ජීවිතයට එකමුතුව මුහුණ දීම, අනෙකාගේ දුක සතුට තමාගේ යැයි සිතීම. .// [/si]

      අනිවාර්යෙම්ම විය යුත්තේ තිසර කියන දේ තමයි ..එහෙම නොවුණ තැන
      වෙන්නේ මේ වගේ විනාසයක් ..


      [si="5"]
      \\\\මට නම් අවසානය වෙනකම්ම හිතුනේ, නියම ප්‍රේමවන්තයන් දෙදෙනෙක් කියලා... ඒකයි ප.ලි.යට එකඟ නැහැ කිව්වේ//// [/si]


      ගෙඹි පැටික්කිත් බුද්ධිමත්ව යථාර්තයට මූණ දීල සාමූහික විදිහට වැඩ කරා
      නම් අනිවර්යේම්ම මේ කතාව නියම ප්‍රේම කතාවක් තිසර..ජීවිත විනාස උනාට
      ප්‍රශ්නයක් නැහැ , ප්‍රේමය වෙනුවෙන් ජීවිතය පුද කරා කියලා කියන්න පුළුවන් ..!



      කොහොම නමුත් තිසර ගෙම්බියෝයි හාවෝයි අතර වෙන එක් වීම්
      ගැන තිසරගේ අදහස නම් දැනගන්නම ඕනේ මට ...

      ඒක වටිනවා ලියලා තියෙන එක තිසර ...


      ගොඩක්ම ස්තූතියි දීර්ඝ හරවත් කමෙන්ටුවක් දාපු එක ගැන තිසර ..
      [ma]
      මම ගොඩක් වෙලාවට තිසරගේ කමෙන්ට් එක එනකම් බලන් ඉන්නවා පෝස්ට් එකක් දැම්මම ..විශේෂෙන් සීරියස් පෝස්ට් වලදී ...
      [/ma]

      Delete
  17. කොච්චර තර්ක කලත් සමහර දේවල් තර්ක වලින්ම පැහැදිලි කරන්න අමාරු වෙලාවල් එනවා..ආදරය ගැන මේ කතාවත් ඒ වගේ..
    පැහැදිලි කරන්නැතිව ඒක රසවිඳින එක ලේසියි..පහසුයි..;)

    ReplyDelete
    Replies
    1. +++++++++++++++++++++++

      Delete

    2. ඇනෝ සමග මාත් එකඟ වෙනවා ..සමහර දේවල් තියෙනවා අර්තකථන
      දෙන්න යන්න හොඳ නැහැ ..


      ස්තූතියි රූ අදහස කිව්වට ...නැවත එන්න ඉඩක් ලැබුණ වෙලාවට ..

      @ ano
      thanks ...:)

      Delete
    3. ඒකනේ සරත් අයියේ මාත් රූ කියන දේ අනුමත කරේ ..


      ඒත් මගේ පැත්තෙන් එද්දී නිකම්ම නිකම් අනුමත කරලා
      නිකා ඉන්නත් බැහැ නෙව...හිතේ දුකට ලිව්වා ...:(

      [ce] [si="6"] ඇයි අනේ එයා මෙහෙම කලේ ...? [/si] [/ce]

      Delete
  18. සහන් මේ පොස්ට් එකට පලවෙනි කොමෙන්ට් එක ඉතා සරලව දීලා, මේ සම්බන්ධයෙන් නිහඬ පිළිවෙතක් අනුගමනය කලත්, අවසානයේදී මේ සම්බන්ධයෙන් මට හිතෙන හැටි කෙටියෙන් ලියන්න හිතුවා. මේ ගැන පසුව දිර්ගාව කතා කරන්න පුළුවන් නමුත් මේ කොමෙන්ට් එකෙන් කියන්නේ ඉතාම කෙටියෙන්.

    ඒ වගේම සහන්, මේ කොමෙන්ට් එකට මම ගන්න උදාහරණය ගැන තරහක්, අමනාපයක් ඇතිකරගන්න එපා. මට වෙන උදාහරණයක් මතක් වෙන්නේ නැහැ. මේ උදාහරණයක් පමණක් විදිහට ගන්න.


    සහන් ඔය බුද්ධිමත් කෙනෙක් බව පාප පුද්ගලිකවම දන්නවා, ඒ නිසා මේ කියන දේ වරදවා ගන්න එපා. මල්ලි අපි හැමෝම ප්‍රශ්නයක් දෙස බලන ආකාර දෙකක් තියෙනවා.
    1. ප්‍රශ්නයට මැදිවූ කෙනෙක් ලෙස
    2. ප්‍රශ්නයෙන් බාහිර කෙනෙක් ලෙස.

    මෙයින් දෙවෙනි කාණ්ඩයට ඇතුලත් උනාම පුශ්නය දෙස බලන්න ලේසියි. විවිධ පැති වලින් බලන්න පුළුවන් වගේම විවිධ ආකාර වලින් උපදෙස් දෙන්න පුළුවන්. නමුත් ඒ කෙනාම උනත් පලවෙනි කාණ්ඩයට අයත් උනොතින් තත්වය හාත්පසින්ම වෙනස් වෙනවා.

    පලවෙනි කාණ්ඩයට අයත් උනාම ඒ ප්‍රශ්නයට අපි බැඳිලා නිසා, කොපමණ උත්සහ කලත් එයින් මීමක් නැහැ. හරියට සෙක්කුව වගේ තමයි. ඒ වටේම තමයි කැරකෙන්නේ. ඒ ප්‍රශ්නයෙන් මිදෙන්න අපිට කොපමණ උවමනාවක් තිබුනත්, අවබෝධයක් තිබුනත්, ඒ වටේම තමයි යන්නේ. ඒකට හේතුව ඒරිය කඳින් සේක්කුවට බැඳිලා ඉන්නවා වගේ, අපිත් හිතින් අපේ ප්‍රශ්නයට තදින් බැඳිලා තියෙන එක. කලයුතු වන්නේ මේ බැඳීම කඩා දැමීමයි. මේක කියන්න ලේසියි නමුත් කරන්න ඉතාම අපහසු දෙයක්. ඒ අපහසු වන්නේත් අපි බැඳිලා තියෙන නිසාමයි.

    ප්‍රශ්නය වෙත අපේ තියෙන බැඳීම දැඩි වෙන තරමට ඉන් මිදීම අපහසු වෙනවා වගේම, ඉන් ලැබෙන වේදනාවත් වැඩි වෙනවා.මෙසේ වේදනාව වැඩි වෙනකොට එයින් මිදෙන්න කොපමණ උත්සාහ කලත්, බැඳීම ඇතිතාක් කල් ඒ වටේම ති දමමින් දිවීමක් මිසක් ගැලවීමක් ලැබෙන්නේ නැහැ.

    වැඩි විස්තර පසුව කතා කරමු. මම හිතන්නේ මම කියපු දේ ඔයාට තේරුනා කියලා.




    ReplyDelete
  19. හ්ම්ම්.. මම ආදරෙයි ආදරේ නාමෙන් ඉතුරු උනු නූල් කෑල්ලට ... !!

    ReplyDelete
    Replies
    1. නූල් කෑල්ලට ඉන්නේ කව්ද කියල නොදැනයි මෙයා
      මේ කියන්නේ ..:P


      ස්තූතියි මේ පැත්තට ආවට ලකී ..නැවත එන්න ...

      Delete
  20. ඇයි මීට කලින් ආදරේ නිසා විඳවපු උන් දැකල නැද්ද ?

    නිකන් යනවා මනුස්සයෝ යන්න ...

    ReplyDelete
    Replies

    1. කියන්න සතුටුයි ඔබ මෙම බ්ලොග් අඩවියේ 15,000 වෙනි
      විසිටර් වීමේ තරඟයෙන් ජය ගෙන ඇත ..ඔබට හිමි ත්‍යාගය
      ලබා ගැනීමට කාර්යාල වේලාවන් තුලදී අපගේ ප්‍රධාන කාර්යාලයට
      පැමිණෙන්න ...

      Delete
  21. මේ කතාව කාලෙකට කලින් මටත් වැදගත් වෙන්න තිබුණා. දැන් ඒවා ඔක්කෝම හරි. ඒත් මේ කතාව කියවලා ඒ පරණ දේවල් මතක් වෙලා පොඩ්ඩක් හිනා ගියා :D

    ReplyDelete
    Replies
    1. අනේ එහෙම සිනහවකින් කතාව අවසන් කරන්න පුළුවන්
      විදිහට සියල්ල සිදුවුණා නම් මොන තරම් දෙයක්ද හසිත...
      විහිළුවක් නෙවේ මන් මේ කියන්නේ...හරිද...?

      Delete
  22. ඕනම දේකට ඕනවට වැඩිය ඇලෙන්න ගියොත් අන්තිමට දුකක් තමයි ඉතුරු වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඕක තේරෙන්නැති එකනේ ප්‍රසන්න අයියේ මෙතන
      පුරස්නේ...පහන් දැල්ලට ලං වෙන පළඟටියා වගේ
      පිච්චිලා අළු වෙනකම් දන්නේ නැහැ...
      පරක්කු උනාට සොරි හොඳද ...?

      Delete
  23. මාත් ඔය වගේ පඹ ගාල් වල පැටලිලා තියෙනවා. සමහර දේවල් කොච්චර ට්‍රයි කළත් අමතක කරන්න බෑ සහන. නම්බර් එක ෆෝන් ඒකෙන් මැකුවත් හිතෙන් මකන්න බැරි අවස්ථා තියෙනවා. ඒත් කොහොම හරි කාලයක් පන්න ගත්තොත් පහු ගිය අතීතේ ගැන වෙනම කෝනෙකින් බලන්න පුළුවන්.
    "අතීතය සිහිනයාක් පමණයි...
    සැබෑ සුවඳක් නෑ...
    එදා සෙනෙහෙන් නොබැඳුනා නම්
    මෙදා වියෝවක් නෑ...."

    ReplyDelete
    Replies
    1. කීප වතාවක් ඇවිත් කියවලා ගියත් අද තමයි කමෙන්ට් එකක් දාන පලවෙනි අවස්ථාව. සොරි වෙන්න ඕනා. ඒ වගේම තමයි මම ආවත් නැතත් ඔයා මගේ පෝස්ට් එක පැත්තෙ ඇවිත් දෙන සහයෝගයට ගොඩාක් ස්තුතියි!!
      ආ... 49යි නේද? ජයවේවා!!!!

      Delete
    2. \\\\නම්බර් එක ෆෝන් ඒකෙන් මැකුවත් හිතෙන් මකන්න බැරි අවස්ථා තියෙනවා.\
      මෙහෙම වීම ගැන දුක් වෙන්න එපා අකම් ..මොකද අපි ඇත්තටම
      ආදරේ කරන නිසයි එහෙම වෙන්නේ ..අපිට තවත් එක no එකක්
      නොවෙන නිසයි හිතින් අමතක කරන්න බැරි ..

      \\කීප වතාවක් ඇවිත් කියවලා ගියත් අද තමයි කමෙන්ට් එකක් දාන පලවෙනි අවස්ථාව. සොරි වෙන්න ඕනා. ඒ වගේම තමයි මම ආවත් නැතත් ඔයා මගේ පෝස්ට් එක පැත්තෙ ඇවිත් දෙන සහයෝගයට ගොඩාක් ස්තුතියි!! ///

      මම ඉතින් මට මුණගැහෙන බ්ලොග් වලට යනවා , අදහසක් කියනවා
      ඒ ඇත්තෝ ආවත් නැතත් ..සුහදත්වය නෙව වැදගත් ...

      ස්තූතියි අකම් ...මම 50 දාන දවසට එන්නකෝ එහෙනම් ..අනිත් දේ
      මේක 49 නෙවේ ...පෝස්ට් කීපයක් තියෙනවා Repost වෙලා ...

      පරක්කු උනාට රිප්ලයි කරන්න ....

      Delete
    3. parakku unata sorry reply karanna ...

      Delete
    4. ...//ඒ ඇත්තෝ ආවත් නැතත් ..සුහදත්වය නෙව වැදගත් ...//..
      සහතික ඇත්ත සහන්. මම ඔයාගෙ බ්ලොග් එකට නෝආවට ඔයා ගැන අදහසක් තිබ්බා. මුලදීම හිතුනේ හැම දෙකටම බකට් එක දාන එකෙක් කියලා. ඒත් වැඩි කාලයක් යන්න ඉස්සෙල්ලම ඔයාගෙ කෙලින් අදහස් ප්‍රකාශ කිරීමේ ගතිය දැක්කා. එකට මං ගොඩක් ගරු කරනවා. කවුරු තරහ උණත් නැතත් තමන්ගේ අදහස පතෝල වගේ නොඉඳ ප්‍රකාශ කරන එක ඇත්තටම වටිනවා.

      මේ කාරණයත් කෙලින්ම මේකෙම කියලා දාන්නේ ඔයා මේ කමෙන්ට් එක බාරගන්න විදිය දන්න නිසයි.

      තාක්ෂණික පැත්ත ගැන ලියවුණු ලිපි ටික නිදහසේ බලන්න ඕනි. ඒවයේ සමහර තැන් තියෙනවා විසඳ ගන්නත් එක්ක.

      Delete
    5. පිස්සුද සහන රිප්ලයි එක පරක්කු උනේ පැය කීපයයිනේ. මං එක දවසක් දේශකයට බැන්නා රිප්ලයි කරන එක දවස් ගානක් පරක්කු වෙනවා කියලා. අන්තිමේදී මගේ අන්තිම පෝස්ට් එක දාලා දවස් තුනකට අස්සෙ තමයි රිප්ලයි කරන්න උනේ. ඊට කලින් එකකට තාම රිප්ලයි කරලා නෑ. ඔන්න මගේ වැඩ. :p

      Delete
    6. \\\මුලදීම හිතුනේ හැම දෙකටම බකට් එක දාන එකෙක් කියලා. ඒත් වැඩි කාලයක් යන්න ඉස්සෙල්ලම ඔයාගෙ කෙලින් අදහස් ප්‍රකාශ කිරීමේ ගතිය දැක්කා. එකට මං ගොඩක් ගරු කරනවා. කවුරු තරහ උණත් නැතත් තමන්ගේ අදහස පතෝල වගේ නොඉඳ ප්‍රකාශ කරන එක ඇත්තටම වටිනවා.///

      මම පුංචි කාලේ ඉඳලම ඒ ගතිය තිබ්බා අකම් .ඉස්සර ට්‍රයිසිකල් පදින කාලේ
      මම පාරේ එහා කෙලවරේ ඉඳන් මෙහා කෙළවරටම පදිනවා .දවසක් අන්කල්
      කෙනෙක් මට කිව්වා " දුවනවා ගෙදර " කියලා ..මම වහාම
      demolition mood active කරලා ප්‍රති ප්‍රහාරයක් දුන්නා අංකල්ට
      ගෙදර දුවන්න .. ඔතොකොට මට අවුරුදු 3 යි ..:P

      හැබැයි මම හිතවත් අය එක්ක හරිම හිතවත් . මේ එයාමද කියල අඳුන ගන්න
      බැරි තරම් ඔය තත්ව දෙක හරිම දුරස්තයි ..

      මම බ්ලොග් වලත් ඉතින් සුහදව අදහස් ප්‍රකශ කරනවා ..සමහර වෙලාවට
      ඉතින් ඩිරෙක්ට් ටෝක් කරනවා . ගොඩක් දෙනෙක්ට නුහුරට යන්නේ ඒ දේවල් ..
      මම දැකලා තියෙනවා ගොඩක් දෙනෙක්ට විරුද්ධ මතයක් දරා ගන්න බැහැ ,
      පුද්ගලික තරහක් ගොඩ නගා ගැනීම මිසක් ..ගොඩක් දෙනෙක් මා එක්ක කතා
      කරන්නෙත් නැහැ ඔය හේතු නිසා ..:P

      හැබැයි silentsahan කියන්නේ කව්ද කියල අඳුනා ගත්ත පිරිස දිගටම මා එක්ක
      ඉන්නවා ..මම හිතන්නේ එහෙම අවබෝදෙකින් යුතුව ඇති වන ආශ්‍රය තමයි
      වැදගත් ..නැතුව හලෝ මචන් අශ්‍රයකට පැවැත්මක් නැහැ ..විශේෂෙන් අන්තර්ජාලය
      තුලදී ......මතකනේ අපි දෙන්නා අර පියයුරු සිද්ධියක් සම්බන්ධව කතාවක් ගියේ දවසක් ..?
      එදත් ඒ වගේ misunderstand එකක් වෙන්න ගිහින් හරි අවබෝදෙකට ආව අපි 2නා ...


      අකම් දැකලා ඇති මම බොහොම විහිළුවෙන් වගේම, තදින් අදහස් ප්‍රකාශ කරන තැනුත් ..?
      නිකන් වැනෙන්නේ නැතුව සමහර දේවල් වලදී ඉන්න ඕනෙනෙ අකම් ...නදිනි එහෙම
      100% මාව විනිවිද මාව දැකලා තිබ්බා ..( අර සාස්තර කාරී :P)


      \\\\තාක්ෂණික පැත්ත ගැන ලියවුණු ලිපි ටික නිදහසේ බලන්න ඕනි. ඒවයේ සමහර තැන් තියෙනවා විසඳ ගන්නත් එක්ක.///

      හරි එහෙනම් වෙලාවක එන්නකෝ ඒ පැත්තේ ...

      මම දන්නවා අකම් ඉස්සර ඉඳන් සමනළ විප්ලවේ පැත්තේ ඉඳන් මේ
      පැත්ත බලනවා , ආයේ අර පැත්ත බලනවා ...:P


      හරි කොහොම හරි කමක් නැහැ අකම්ව අඳුනා ගන්න ලැබීම සතුටක් ලොකු ....

      Delete
    7. @ අකමා, ෆෝන් එකෙන් ඩිලීට් කරත් හිතෙන් කවදාවත් ඩිලීට් කරන්න බැරි නම්බර් එකක් මකන්න මමත් මේ දවස් වල ගොඩාක් උත්සාහ කරනවා, මට තේරෙන්නෙ නෑ ඒක කරන විදිහ, ඔයාගෙ මේකතාව නම් සෑහෙන්න දැනුනා.. කරුනාකරල ගිහින් ඔයගේ බ්ලොග් එකේ කමෙන්ට් වලට රිප්ල්යි කරල එනවද ගුටි නොකා?

      @ සහන්,මේ කතාව මටම ගැලපෙනවා සහන්... කියවල පහලට එද්දි දැක්කෙ අකමගෙ කමෙන්ට් එක, ඒකට රිප්ල්යි කරාට ඔයා තරහ නෑනේ?
      අර චන්දන කියල තියනවා වගේ සහන් ඉදල ඉදල හොදම තැනට වදින්න දෙනවා..

      Delete
    8. //.....මම දන්නවා අකම් ඉස්සර ඉඳන් සමනළ විප්ලවේ පැත්තේ ඉඳන් මේ
      පැත්ත බලනවා , ආයේ අර පැත්ත බලනවා ...:P ..//

      මේකනම් තේරුණේ නෑ. මම ඔයාගෙ ප්‍රොෆයිල් එක හරහා ඉස්සර (මං බ්ලොගේ පටන් ගත්ත කාලේ) එන්න හැදුවට මොකක් හරි හේතුවක් හින්දා බ්ලොග් එකට ආවේ නෑ. මං හිතුවේ ඔයා බ්ලොග් එකක් කරන්නෑ කියලා. පස්සේ (මේ ළඟදී) ටැබ් එහෙක ඕපන් කරගෙන කියවන්න වෙලාවක් නැතුව මාසයක් විතර තියාගෙන හිටියා. ඔයා කොහේ හරි දාපු ටෙලි විකාශනයක කොස්ට් එක ගැන දාපු ලින්ක් එකක් හරහා තමයි තාක්ෂණික පැත්තෙ එකක් කියෙව්වේ.

      සමනළ විප්ලවේ කිව්වේ.......?

      @නදිනි; මට තේරුණා මේ දවස්වල උඹ ලොකු අවුලක කියලා. (සැමී අයියා හින්දානම් වෙන්න එපා කියලා තමා මං ප්‍රාර්ථනා කරන්නේ)
      ගුටි..? යකෝ දැන් වෙලාව කීයද? ඉතින් මං කොහොමෙයි තව නිදි මරාගෙන කමෙන්ට් රිප්ලයි කරන්නේ? :D

      Delete
    9. @ nadini

      නැහැ නැහැ කිසිම අමනාපයක් නැහැ ඕනේ දෙයක් ඕනේ තැනක
      කියන්න.එහෙම නැතුව කොහොමද සංවාදයක් ගෙනියන්නේ.මටත්
      කියන්න තියෙන්නේ මේ පහල අකම් කියල තියෙන දේම තමයි..
      හපොයි මම එහෙම දෙයක් ගැන අහන්න වත් යන්නේ නැහැ..කවමදාවත්
      එහෙම නොවේවා කියල ප්‍රර්ථනා කරනවා මිසක්..හැබැයි නදිනි
      ඔයාට පොඩි හරි හිතට වද දෙන ගැටළුවක් තියේ නම් හිරු එක්ක ටිකක්
      කතා බහ කරන්න ..එයාට පුළුවන් වේවි ඔයාට උදව්වක් වෙන දෙයක්
      කරන්න...

      Delete
    10. @ අකම්

      [si="4"]මම හිතන්නේ දේශගේ පෝස්ට් එහෙකට මම දාපු මෙන්න මේ කමෙන්ට් එක
      වෙන්න ඕනේ...[/si]

      ===========================================================

      මචන් ඔක්කෝමටම කලින් add ගැන දෙයක් කියන්නම් .
      සාමාන්‍යයෙන් MCR එකේම current බිල එනවා මාසෙකට
      ලක්ෂ 6 විතර . Tx වල බිල එනවා ලක්ෂ 30 විතර kandy , col
      ගැහුවත් .MCS එකක් ලක්ෂ 90 විතර වෙනවා .( MCS X 3)
      5kw UHF Tx එකක් ලක්ෂ 165 විතර වෙනවා .
      පුංචි පුංචි රිපීටර් ඕනේ වෙනවා තව ලක්ෂ 80 විතර ..


      ඔක්කොම හදන්න ලක්ෂ 1200 විතර යනවා හරියට TV channel
      එකක් කරන්න නම් ...මාසෙකට මුළු වියදම විතරක් යනවා
      සේවයකන්ගේ පඩි වලටම ලක්ෂ 35 විතර ..( 50 දෙනෙක් වැඩ
      කරන තැනක උනත් )

      ඔක්කොම බිල් ගෙවල , ණය ගෙවල , පඩි ගෙවල නිදහස් වෙන්න නම්
      ඕනේ මාසෙකට ලක්ෂ 165 විතර ..
      තව ආණ්ඩුවට ගෙවන්න ඕනේ ලක්ෂ 30 විතර . අර රන්මිණි තැන්න හදන
      බද්දට ගෙවන්න උනා ලක්ෂ 80 ගානක් එක මාසෙට ..

      ඔක්කොම එකතු කරලා බලන්න දේශා ..මේවා නිකන් ඉබේ පහල වෙන්නේ
      නැහැ...
      ( සැලකිය යුතුයි නිකන් lap දෙකයි වීඩියෝ mixer එකයි තියන් කරන සෙල්ලන්
      ගෙවල් ගැන නෙවේ කිව්වේ ..)

      ඔය ඔක්කොම බේරන් තමයි යන්තන් අටවන් කරන්නේ.කියන්න නම්
      ලේසි .කරලා බලන්න ඕනේ.


      නිර්මාණ ගැන කතා කරොත් එහෙම කියන්න තියෙන්නේ දැන් ඉන්න
      ප්‍රේක්ෂකයෝම තමයි තුට්ටු දෙකේ රසය හොයන්නේ .තවමත් ජාතික
      රූපවාහිනියේ යනවා ඕන තරම් උසස් නිර්මාණ.( චන්ගුමි නෙවේ ) නමුත්
      ඒවා බලන්නේ නැතුව රන් දෙපැය පස්සේ ගියේ කව්ද ?

      අන්න එතනයි ප්‍රශ්නේ තියෙන්නේ ...තාමත් SLBC වල උබ ඔය කියන සින්දු ,
      ඉස්සරම ගිය වැඩසටහන් යනවා ....ඒ රසමයි ..ඒවා නොබලා නිකන්
      මෙතන ඔහොම කියන එක හරි නැහැ නේද ?

      ===========================================================





      Delete
  24. ඔයා ලියලා තියෙන මේ හරිම ලස්සන ලිපිය මම කීප සැරයක්ම කියෙව්වා. රූප ත් එක්ක එකතු වුනාම ඒ විස්තරය හරිම රසවත්. මම ඔයාට සුබ පතනවා. මමත් බ්ලොග් එකක් කරනවා. ඔයාට පුලුවන් නම් මගේ බ්ලොග් එකටත් ඇවිල්ලා මගේ ලිපි කියවලා බ්ලොග්කරණයට තවමත් ආධුනික මාව දැනුවත් කරලා මගේ අඩුපාඩු වැරදි පෙන්නලා දීලා යන්න ඔයාට බොහෝම ස්තූතියි...

    ReplyDelete
    Replies
    1. oya kawda kiyala man dannawa. me ape Dr. neda ...? :P
      kamak naha kamak naha ithin...

      Delete
  25. කොමෙන්ට් ටිකත් බැලුවමයි මට හිතෙන්නේ හවොයි ගෙම්බොයි පෑහෙන්න නාකයි කියා මම තේරුම් ගත්තට මේකේ කියලා තියෙන්නේ එහෙම එකක් නෙමේ කියලා. ඩී.........
    ඇත්තම කියනවා නම් මගේ කොමෙන්‍ටුවේ වචන ටිකම තමයි මේ රූ කොටලා තියෙන්නේ. ඒත් සහන් ගේ පැත්තෙන් හිතුවම.................. නෑ ඒක ඕන නෑ එක්කෝ

    ReplyDelete
    Replies
    1. ඒකනේ සරත් අයියේ මාත් රූ කියන දේ අනුමත කරේ ..


      ඒත් මගේ පැත්තෙන් එද්දී නිකම්ම නිකම් අනුමත කරලා
      නිකා ඉන්නත් බැහැ නෙව...හිතේ දුකට ලිව්වා ...:(

      [ce] [si="6"] ඇයි අනේ එයා මෙහෙම කලේ ...? [/si] [/ce]

      Delete
  26. මදැයි ඉතින්..කතාව කියව ගෙන යද්දී..තිබුනෙම ගුල් හැරගෙන යනවා කියලම නේ..මම හිතුවේ හාවට නිධානයක් වත් හම්බ වෙනවා ඇති කියලා..එකෙත් හැටි..මේක ගේ කරුමේ ..හම්බ වුනෙත් ගෙම්බියෙක් නේ...
    කතාවේ මතුපිට දැනුනේ..සුරංගනා කතාවක මිහිර...
    ඒත්..එකේ අන්තර්ගතය...බොහොම බැරෑරුම්...

    ReplyDelete
    Replies
    1. මේ හාවා නම් හොයන් යන්නෙම ඔහොම ලෙඩ තමයි අක්කේ.මොනවා කරන්නද හාවට හඳ රාහු අල්ලලා තියෙන්නේ මේ දවස් වල...ඒකයි ඔහොම වෙන්නේ....

      ඔව් අක්කේ මේ කතාව ඇහුව දා නම් හරිම දේවල් ටිකක් ඉගෙන ගත්තා ජීවිතේ ගැන...අපි හරි වයසේදී හරි දේවල් කරන්න ඕනේ.අනිත් දේ සියල්ල ගළපන් දෙයක් කරන්නත් හොඳ නැහැ.ලැබෙන හැටියට ඔහේ කරලා දාන්න තියෙන්නේ හිතට එන දේ...( වැරදි උපදෙසක් වගේ තමයි ටිකක් ) ඕනෑවට වඩා ගළපන්න ගියාම අන්තිමට ලැබෙන්නේ අන්තිම නොගැළපෙන දෙයක්...

      Delete
  27. පුංචි කාලෙට ගෙනිහින්ම හොද ආදර්ශයක් දුන්න. අක්ක ගැන කියද්දීම තේරුණා මල්ලි වලේ කියල :P .. කොහොමත් අක්කල මල්ලිලට විසයි ... හොද උත්සාහයක් අයියේ... මගේ සුබපැතුම් ...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කසුන් මල්ලි..ඔයා ගොඩක් දේවල් තේරුම් අරන් මේ කතාවෙන් නේද....? ඒක හොඳයි .... අපිට ඕව කියලා දෙන්න කව්රුත් හිටියේ නැහැ නේ ඒ කාලේ...

      ස්තූතියි නැවත එන්න....

      Delete

ඔබ කමෙන්ටුවක් දමයි නම් කරුණාකර මෙහි කමෙන්ටු E mail subscribe කරන්න .. නැතිනම් පිළිතුරු මග හැරී යනු ඇත ...

කමෙන්ට් යනු ඔබගේ අදහස් ප්‍රකශ කිරීමට සලසා ඇති ඉඩයි. සිතුවිලි ලියා තැබුණු විට අන් අයටද ප්‍රයෝජනයක් විය හැක !

http44444444://1.bp.blogspot.com/-F0lMkO9hSe8/UjM37DArTZI/AAAAAAAAAwo/wtP9O0K_6UE/s1600/543431_208554675978924_1215099537_n.jpg15099537_n.jpg

සහයෝගය දක්වන වෙබ් එකමුතු ...

මාතලන්ගේ සින්ඩිය...api apita Blog Readerlankeeya sithuwililankeeya sithuwili lankeeya sithuwili