දැන්වීම් පුවරුව . ( පින්තූර මතට මවුස් පොයින්ටරය රැගෙන යන්න )

දැනට වසර දෙකක පමණ සිට සෑම සතියකටම වරක් ලිපියක් හෝ දෙකක් පළ කළෙමි. සිත් ගත් ලිපියක් වේ නම් හිතමිතුරන් අතරත් බෙදාගන්න.

මෙම වෙබ් අඩවිය ලෝඩ් වීමට පමා වේ නම් මෙම ලින්ක් එක භාවිතා කරන්න.

Go and get Sinhala Unicode to your Computer
Face Book Link Share.

April 20, 2013

කඔරු ඉකෙයා.අපේ කාලයේ පුංචි විද්‍යාඥයා.My little hero.



              මෙයාව මතකයි නේද හැමෝටම?එක පාරට මතක් උනා නේද නම අහපු ගමන්.මට නම් මේ ලඟදි මෙයාව මතක් උනේ මගේ චන්ද්‍රිකා තාක්ෂනය ගැන ලිපි මාලාවේදී හිරු එක්ක කතා කර කර ඉද්දි. අද අපේ අසාර්ගේ spell binders පෝස්ට් එක දකිද්දී ආයෙම පහු ගිය දේවල් මතක් උනා මට ...




           අපේ කතා නායකයා ඉපදිලා තියෙන්නේ 1943 දී හැමානා විල
අසබඩ * ( මේ විල ඉස්සරම මිරිදිය විලක්ලු .1498 වෙච්චි භූමිකම්පාවකින් පස්සේ කිවුල් ස්වභාවයට පත් වෙලා ) . පියානෝ කම්හලක තමයි මෙයා පුංචි කාලේ වැඩ කරලා තියෙන්නේ.පුංචි කාලේ ඉඳල රෑ අහසේ තියෙන තරු , වෙනත් ග්‍රහ වස්තු ගැන අවදානෙන් හිටපු ඉකෙයා ඩිංග ඩිංග දුරදක්නයක් හදාගන්න තැනට ඇවිත්. මුළු දවසම මහන්සි වෙලා වැඩ කරලා කීයක් හරි හොයන් ආවත් මහන්සියට නින්දට වැටිලා නැහැ ..මෙයාව බොහොම කෙට්ටු වෙලා ඉතින් මේ විදිහට වැඩ කරපු නිසා ..කෑමක් බීමක් නැහැ නින්දක් නැහැ වැඩ වැඩ වැඩ.dont_worry.


                         මුළු රෑ දවසම කරලා තියෙන්නේ අහසේ තියෙන එක එක දේවල් නිරීක්ෂණය කරන එක.මුදල් එකතු කර කර ඔහුම ඔහුට අවශ්‍ය විදිහට දුරදක්න කීපයක් හදාගෙන තියෙනවා.මෙයාට වයස 20 වගේ වෙද්දී තමයි ලෝ ප්‍රසිද්ද ධූම කේතුව හොයා ගන්න ලැබිලා තියෙන්නේ. ඒක නම් කරලා තියෙන්නේ එයාට ගෞරවයක් විදිහට ඉකෙයා-සෙකි කියන නමින්  .. ( සුටෝමු සෙකි කියන අනික් විද්‍යාඥයත් මේ ධූමකේතුව 1965 කියන කාලේදී හොයා ගත්ත නිසා එයාටත් ගෞරවයක් විදිහට සෙකි කියන නමත් ඇතුලත් වෙලා තියෙනවා ..)


                   පහත තියෙන්නේ එදා එයා හොයාගත්ත ධූමකේතුව ..1965 සැප්තැම්බර් 18 වෙනිදා තමයි මේ ධූමකේතුව හොයාගෙන තියෙන්නේ හරියටම . ඒකෙ කක්‍ෂය නිවරදි විදිහට ගණනය කරගන්න පුළුවන් වෙලා තියෙනවා ඒ අවුරුද්දෙම ඔක්තෝම්බර් 1 වෙනිදා වෙනකොට. ඒ වෙද්දී මේ ධූමකේතුව සූර්යාගේ මතුපිට පෘෂ්ඨයේ ඉඳලා 450,000 km පමණ දුරින් තමයි ගිහින් තියෙන්නේ .ධූමකේතුවක් ගැන අනාවැකි පල කරන්න අපහසු උනත් මේ ධූමකේතුව නම් ඉතාම තදින් දීප්තියෙන් බැබළිලා තියෙනවා 1965 ඔක්තෝම්බර් වෙද්දී. ඒ බැබළීම කොච්චරද කියනවා නම් දහවල් කාලේදී උනත් අහසේ මේ ධූමකේතුව දර්ශනය වෙලා තියෙනවා.( මම ඒ කාලේ හිටියා නම් මාත් ඕක හොයා ගන්නවනේ එහෙනම් කියල හිතුනා නෙහ් ?
hehe1. ) ඉතාම ලඟින් පෘතුවි කක්ෂයට ඇතුල් උනාට පස්සේදී මේ ධූමකේතුව තාරකා හඳුනා ගැනීම් ශ්‍රේණියේ 10 වැනි ස්ථානයට පවා ළඟා වන මට්ටමට විශාලව පෙනිලා තියෙනවා .චන්ද්‍රයාගේ ප්‍රමාණයෙන් හතරෙන් එකක් වගේ කියල හිතාගන්නකෝ. ඒ කියන්නේ පසු ගිය වසර දහස ඇතුලත දර්ශනය උන විශාලතම හා දීප්තිමත්ම ග්‍රහ වස්තුව තමයි මේ ධූමකේතුව. පෘතුවි කක්ෂයට එන්න එන්න ලන් වීම එක්ක මේ ග්‍රහ වස්තුව කැබලි තුනකට කැඩිලා තියෙනවා.ඒ උනත් ඒ කැබලි තුනම එකම කක්ෂයේ තමයි ගමන් කරලා තියෙන්නේ. එහෙම නොවුනානම් ඇතැම් විට පෘතුවියට උනත් තර්ජනයක් වෙන්න පුළුවන් කක්ෂයෙන් පිට පැනපු ධූමකේතු කොටසකින්.මෙතනින් න්‍යෂ්ඨි දෙකක් නම් පැහැදිළිවම හඳුනා ගන්න ලැබිලා තියෙනවා .අනික් න්‍යෂ්ඨිය නම් වෙන් වීම හරියට ඇරඹිලා නැහැ ඒ දින කීපයට.පෘතුවි කක්ෂයට ලඟිම්ම ගියපු දිනයේ තාරකා හඳුනා ගැනීම් ශ්‍රේණියේ 10 වැනි ස්ථානයට ලන් වෙන තරම් ලොකුවට පෙනුනත් එක දවසෙන් ඒක ශ්‍රේණියේ  4 වැනි ස්ථානයට පසු බැහැලා තියෙනවා .ඒ කියන්නේ ඉතාම තද කෝණයක් සාදමින් පෘතුවි කක්ෂයෙන් ඉවත් වීම අරඹලා.මුල් දිනයේම අංශක 6 පමණ අති විශාල කෝණයක් සාදමින් ඉවත් වෙන්න මාන බැලීම තමයි ධූමකේතුව තුල වෙනස් වෙනස් කෝණික ප්‍රවේග හදන්නේ.මේ විදිහට ඇති වෙන තද කෝණික ප්‍රවේග කීපය නිසා තමයි ඒක කොටස් වලට කැඩෙන්නේ.

( මේ විදිහට ඇති වෙන බලය සහ බර මැන්නොත් එහෙම එක ටොන් එහෙකින් ටොන් කෝටි 50,000 ක විතර පීඩනයක් එක මොහොතෙන් ඇති වෙනවා . මේක g වලට සාපේක්ෂව කිව්වේ .වැඩිය දුර හිතන්න එපා මේ කතා කරන්නේ A / L physics නෙවේ කාර් බස් වලට apply කරපු.

ඉකෙයා සෙකිගේ වලිගයේ දිග අංශක 23 පමණ වන අගයක් . ඒ කියන්නේ කිලෝ මීටර් අවම වශයෙන් මිලියන 12 වත් වෙනවා . අපි මේ වගේ දේවල් වල දිග මනින්නේ අංශක වලින් .මොකද කිලෝ මීටර් වලින් හදන්න ගියාම ගණන් හැදීම අපහසු නිසා .සාමාන්යෙන් චන්ද්‍රයා සහ සූර්යා අංශක 10 විතර , ඇන්ඩ්‍රෝමීඩා චක්‍රවාටය අංශක 2 විතර මේ ගැන කමෙන්ට් වලින් පැහැදිළි කරන්න පුළුවන් අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් දැනගන්න.ඉකෙයා-සෙකිගේ එක් කක්ෂයක් සම්පූර්ණ කරන්න යනවා අවුරුදු 880.ඒ කියන්නේ මේ ලිපිය දකින කිසිම කෙනෙක් නැවත ඉකෙයා සෙකිව දකින්නේ නැහැ .


ඒ වගේම විශ්වයට ගියපු ධූමකේතුවක් ගැන අනාවැකියක් කියන්නත් අතිශය සංකීර්ණ
ගණිත සමීකරණ ටිකක් ඕනේ.අහල පහල තියෙන හැම ප්‍රභල වස්තුවකම චලිතය ගණනය
කරන්න ඕනේ.මොකද එහෙකට එකක් බැඳිලා තියෙන්නේ ආකර්ෂණ බල එක්ක .
එක වස්තුවක් වෙනස් උනොත් අනික් වස්තුවට ඒකෙ බලපෑම ඇති වෙනවා ,
ඒ බලපෑම නිසා තව වස්තුවක් වෙනස් වෙනවා .ඒ වෙනස් වීමෙන් තව කීපයක්
වෙනස් වෙනවා.ඔය විදිහට එහෙකට එකක් ගැන වෙන වෙනමත් / පොදුවේත්
ගණිත සමීකරණ ටිකක් හදන්න වෙනවා . .අඩුම තරමේ ග්‍රහ වස්තු 600 ක වත්
චලිත සමීකරණ හදන් ඉන්න ඕනේ වැඩේ කරන්න කලින් . ගොඩක්ම
වෙලාවට වෙන්නේ මේ වගේ ධූමකේතු කෑලි කෑලි වලට කැඩිලා ධූවිලි බවට පත් වෙන එක ..
)


 



මෙම චායාරූපය ගැන පැහැදිලි කිරීමක් mouse pointer එක
චායාරූපය මතට ගෙනගිය විට දිස්වේ ...


                  ඔක්තෝබර් මාසේ අග හරිය වෙනකොට මේ ධූමකේතුව දර්ශනය වෙලා තියෙන්නේ පාන්දර නැගෙනහිර අහසේදී.කොහොමින් කොහොම හරි 1966 මුල් කාලේ වෙද්දී නැවතත් මේ ධූමකේතුව බාහිර කක්ශයටත් , ඉන්පසුව ටිකෙන් ටික පෘතුවි කක්ෂයෙන් ඉවත් වෙමින් අපෙන් ඈතටම යන්න ගියා. ඒ වගේම දන්නවද ඉකෙයා-සෙකි කියන මේ ධූමකේතුවේ මව කව්ද කියල ?


                 ඉකෙයා-සෙකිගේ මව තමයි ක්‍රේයුට්ස් සංග්‍රාසර්ස් කියන අති විශාල ධූමකේතු ධේනුව. එයාගෙන් කැඩී කැඩී වෙන් උන කොටසක් තමයි ඉකෙයා-සෙකි කියන්නේ.( මතකයි නේද ඉකෙයා-සෙකිත් කැඩිලා ගියා කොටස් තුනකට පෘතුවි
කක්ෂයෙන් ඉවත් වීමත් එක්ක ? ) මේ කියන සංග්‍රාසින් කියන ධූමකේතු වර්ගය ඉතාම ලඟින් කක්ෂයක් පිහිටුවා ගන්නවා සූර්යා එක්ක.ඒක තමයි විශේෂත්වය.

                      ඔතොකොට ක්‍රෙයුට්ස් පවුලේ ධූමකේතු කියන්නේ මේ විදිහට කැඩී වෙන් වෙන එකම පවුලේ අයට.මෙහෙම සියවස් ගාණකට
කලින් කැඩිලා වෙන් උන ධූමකේතු ගැන හොයන්න පාවිච්චි කරනවා ඉතාම සංකීර්ණ ගණිත ක්‍රමයක්. ජර්මන් ජාතික හෙයින්රිච් ක්‍රෙයුට්ස් කියන ශ්‍රේෂ්ඨ තාරකා විද්‍යාඥ ගණිතඥයා තමයි මේ ගණිත සමීකරණ පද්ධතිය නිර්මාණය කරේ. ඒ සියලුම ගණිත සමීකරණ පද්ධතිය අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් කියන්න මීළඟ පෝස්ටුවකින් ඉදිරිපත් කරන්නම් මම . මේ ගණිත ක්‍රමයෙන් තමයි හොයා ගත්තේ ඉකෙයා-සෙකි කියන්නේ 1106 අවුරුද්දේදී ක්‍රෙයුට්ස් පවුලෙන් වෙන් උන සාමාජිකයෙක් කියලා. ගොඩක් වෙලාවට මෙහෙම කැඩෙන්නේ සූර්යා ලඟින් යද්දී වෙන බන්ධන නිදහස් වීම එක්ක.එක එක කොටස් වලට එක එක ප්‍රවේග ලැබෙන්න ගන්නවා , ඉතින් කැඩී වෙන් වීම ඇරඹෙනවා.ඒ සියලුම ගණිත සමීකරණ පද්ධතිය අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් කියන්න මීළඟ පෝස්ටුවකින් ඉදිරිපත් කරන්නම් .. මේ ක්‍රමෙන් හොයාගත්ත 1680 දී මේ ක්‍රෙයුට්ස් පවුලේ කෙනෙක් සූර්යාට ඉතාම සමීපව ගිය බව.කොච්චර ලඟින්ද කියනවනම් 200,000km .ඒ කියන්නේ හරියටම පෘතුවියත් චන්ද්‍රයාත් අතර දුරෙන් හරි අඩකට සමාන දුරකින්.කොහොම උනත් දැනට පවතින ධූමකේතුවක මේ විදිහට අලුතිම්ම වෙන්න යන වෙන් වීම් නම් අපිට ගණනය කරන්න බැහැ.ඒ කියන්නේ කොයි මොහොතේ පෘතුවිය දිහාට අලුතෙන් ග්‍රාහක කොටසක් , ධූමකේතුවක් ඒවිද කියන්න අමාරුයි.නොකැඩි තියෙන තාක් නම් කක්ෂය ගණනය කරන්න පුළුවන් මම කලින් කියපු ගණිත සමීකරණ පද්ධතියෙන්.

මේක තනිකර තාරකා විද්‍යා පාඩමක් වෙන්න හොඳ නැති නිසා මෙතනින් නවත්තනවා මම .








                මේ ඉන්නේ අපේ පුංචි කාලයේ වීරයෙක් උන අද පෝස්ටුවේ කතා නායකයා උන කඔරු ඉකෙයා .මේ අපූරු දක්ෂ විද්‍යාඥයා තවමත් ජීවත් වෙනවා ජපානයේ හොකයිඩෝ ප්‍රාන්තයේ.






( පෝස්ටුවේ සඳහන් දුර ප්‍රමාණ ආසන්න වශයෙන් දක්වා ඇත
.hehe.)





ප.ලි. මට ඉස්සර අපි ඉගෙන ගත්ත සිංහල පොත නම් හොයාගන්න බැරි උනා.
දැන් මන් ඉන්න තැන නැහැ කිසිම දෙයක්.මේක දකින කෙනෙක් ළඟ ඒ පොත
තිබ්බොත් කරුණාකරලා අදහස් බෙදා ගන්න ...
 

   ඉස්සර සිංහල පොතේ හිටපු කඔරු ඉකෙයා නිසා සයිලන්ට් සහනුත් පුංචි කලේ ඉඳන් ඕව පස්සෙමයි ගියේ. මමත් පුංචි කාලේදී ඕව ගැන අහන්න කෙනෙක් නැතුව ඔහේ හිටියා.සමහර දාට තනියම ඕනේ තරම් අඬලත් තියෙනවා.ඒත් කිසිම කෙනෙක් නොදන්න දෙයක් නම් කියල දීල නැහැ...!dnd.

      එදා මම සිංහල පොතෙන් කියවපු ඒ ලස්සන කතාවේ තිබ්බ ධූමකේතුව කියන්නේ මොකක්ද කියලවත් මට තේරුම් කරන්න කෙනෙක් හිටියේ නැහැ. ඒත් අද මම දන්නවා ඉකෙයා-සෙකි මේ විශ්වයේ ඉන්නේ කොතනද කියල එක විනාඩි 15න් හොයන්න.

කවමදාවත් කුහක වැඩ නම් ඉගෙන ගන්න පුංචි උන්ට කරන්න එපා .. කරත් කමක් නැහැ උන්ව නවත්තන්න ඒ 2.50 වැඩ වලට බැහැ ..!


--------------------------------------------------------------------------------------------


දුක සේ සිටුවා අඹ ඇටයක් අද
එක අඹයක් වත් කන්න ලැබේවිද ?



මම ළමයෝ මින් අඹයක් නොපතමි
යුතුකම පමණක් ඉටුකොට යන්නෙමි...




තමන්ට නොලැබෙන දේකින් ලෝකෙට
කරන්ට හැකි දේ නොම තේරෙයි මට




පෙරඋන් අය සිටවූ අඹ ගස් වල
ඵලයෙන් අප කව්රුත් ලබුවෙම් ඵල
අපෙන් පසුව එන අයටත් එම ඵල
ලැබෙන්ට සැලසුම අපගේ යුතුකම ...







මම ළමයෝ මින් අඹයක් නොපතමි
යුතුකම පමණක් ඉටුකොට යන්නෙමි...

එකම අත්තේ වහපු තව කුරුල්ලෝ ...
පහන් යාය
කුරුන්ඳ

71 comments:

  1. එළ මචන්.දැනුම බෙදා හදා ගන්න අපිට මේ බ්ලොග් අවකාශේ කොයිතරම් හොදට පාවිච්චි කරන්න පුලුවන්ද?මටත් ඒ කාලේ දුරේක්ෂයක් ගන්න මාර ආසාවක් තිබ්බා.ඒත් අම්මලාට ඒ කාලේ එහෙමදෙයක් අරන්දෙන්න කියලා මන් බලකලේ නෑ.(කිව්වත් අරන්දෙන්න බෑ කියලා මං දන්නවා)ම්ම්ම්....දැන්නම් එකක් ගන්න පුළුවන්.හොයලා බලන්න ඕන.

    ReplyDelete
    Replies
    1. ඉවරයි...ඉවරයි...අහල පහල ගෑනු මනුස්සයෝ නාලා කරලා ඉවරයි දැන්.........

      Delete
    2. උබත් නිවාඩු වෙලාවට වරෙන්...අවුලක් නෑ...

      Delete
    3. \\\එළ මචන්.දැනුම බෙදා හදා ගන්න අපිට මේ බ්ලොග් අවකාශේ කොයිතරම් හොදට පාවිච්චි කරන්න පුලුවන්ද?//


      ඔව් හසරැල් මාත් ගොඩක් වෙලාවට කරන්නේ ඒ දේ තමයි..
      විහිලු තහළු වගේ දේවල් දැම්මට මටත් ඕනේ මෙහෙම දේවල්
      ගැන සිංහලෙන් කරුණු එකතු කරන්න.google හරහා ඔතොකොට
      මේ දේවල් කව්රු හරි දකීවි අපි හිටියත් නැතත් ...


      \\මටත් ඒ කාලේ දුරේක්ෂයක් ගන්න මාර ආසාවක් තිබ්බා.ඒත් අම්මලාට ඒ කාලේ එහෙමදෙයක් අරන්දෙන්න කියලා මන් බලකලේ නෑ.(කිව්වත් අරන්දෙන්න බෑ කියලා මං දන්නවා)//

      අනිවා මේ වගේ දේවල් මටත් වෙලා තියෙනවා .මම ඉස්සර ආසම උනේ
      සැටලයිට් සිස්ටම් වලින් එන සිග්නල් ගැන.ඒ කාලෙත් 12ft ඩිෂ් එකක් ලක්ෂ
      8 විතර උනා.දැන් කාලේ විදිහට නම් ලක්ෂ 45 කට එහා.ඕව ඉතින් කියන්න
      පුලුවන්ද ගෙවල් වලට ..

      \\\ම්ම්ම්....දැන්නම් එකක් ගන්න පුළුවන්.හොයලා බලන්න ඕන.//


      මචන් වෙන කිසිම දෙයක් ඕනේ නැහැ යන්න කණ්නාඩි සාප්පුවකට.
      එයාලගෙන් ගන්න මම කියන පවර් එක තියෙන කාච ටිකක්.ඔයාට ඕනේ
      නම් 8000 වෙද්දී චන්ද්‍රයාගේ තියෙන ඇමරිකන් කොඩිය උනත් බලන්න
      පුළුවන් විදිහේ බඩ්ඩක් හදා ගන්න පුළුවන් ...:wink

      Delete

    4. @ මානවක
      ඉටිකිරිස් එකට පේන විදිහේ බඩ්ඩක්
      හදල දෙන්නද ? හැබැයි අනතුරු සහිතයි පොලු
      පාරවල් වගේ ...

      Delete
  2. සහන් මල්ලි, මම තවත් ආසම කරන විෂයක් තමයි මේ.

    ReplyDelete
    Replies
    1. මුරේ වෙනස් උනාට එක වල්ලේ පොල් අයිලෂ් අයියේ
      අපි ටික ..බලමුකෝ මොකක් හරි කරන්න ..හිර බත් හරි
      කන්න බැරියෑ ...

      Delete
    2. //මුරේ වෙනස් උනාට එක වල්ලේ පොල් //

      මේ වසරේ හොඳම කතාව මල්ලි.

      Delete
    3. ස්තූතියි අයිලෂ් අයියේ ..මම දැන්
      ඔය වගේ වචන දෙකේ තුනේ කතා කියන්නේ
      හරි පරිස්සමෙන් ..කොයි වෙලේ නුහුරට යාවිද
      කව්ද දන්නේ ..:D

      Delete
    4. මගෙත් එක්ක එහෙම හිතන්න එපා, ඕන දෙයක් කියපන්, මට ඕන දෙයක් අල කොලේට වතුර දානවා වගේ...

      හික්ස්.

      Delete

    5. අන්න මට අල කොළයා කිව්වා ..ඉහි ඉහි :(

      Delete
  3. කඔරු ඉකෙයාගෙ විස්තරේ තිබුනෙ පහවසර සිංහල පොතේ අන්තිම හරියට වෙන්න..මමත් ආසම කරපු පාඩමක්..ඒ දවස්වල රෑට තරු පේන තැනකට ගිහින් තරු දිහා බලන් හිටපු වාර අනන්තයි..

    මේ පාඩම තිබුනේ පහ වසර ශිෂ්‍යත්වෙ ඉවර වෙලා ඉතුරු මාස තුනේ කරන්න තියන පාඩම් වල..ඒක නිසා අපි හැමෝම ඉකෙයාට ආදරේ වෙච්ච එක අමුතු දෙයක් නෙවි..

    ඒ දවස්වල පාඩමක් තිබුනා අපිට ආරාධනා පත්‍ර හදන හැටි ගැන..කඔරු ඉකෙයාට උපහාර දක්වන්න පවත්තවන උතස්වේට ආරාධනා පත්‍රයක් හැදුවේ..:)ස්තුතියි ඒ මතකයට ආපහු අරන් ගියපු එකට..!!

    ReplyDelete
    Replies
    1. ගොඩක්ම ස්තූතියි රූ විස්තර ටික කිව්වට.ඔයා කියද්දී මතක් උනේ
      ආරාධනා පත්‍ර ගැන.මම නම් හරිම ආසාවෙන් ඕව කරා පුංචි කාලේ.
      ඒ කාලේ කියල නැහැ දැනුත් එහෙමම තමයි .වැඩ වැඩ වැඩ .

      ස්තූතියි රූ ආවට .ඉඩක් තියෙන වෙලාවක නැවත එන්න ...

      Delete
  4. සහන් වනාහී ඇවිදින පුස්තකාලයකි.. :)

    //අපි මේ වගේ දේවල් වල දිග මනින්නේ අංශක වලින්// එතකොට දැන් ආලෝක වර්ෂ කියන එක භාවිතයේ නැද්ද.. නැත්නම් ආලෝක වර්ෂයකට අඩු දුරක් ද මේ ක්‍රමයෙන් මනින්නේ.. ?

    //කවමදාවත් කුහක වැඩ නම් ඉගෙන ගන්න පුංචි උන්ට කරන්න එපා// සම්පූර්ණ ඇත්ත කතාව සහන්..

    වටිනා විස්තර වලට ස්තුතියි යාළුවා..!

    ReplyDelete
    Replies
    1. """අපි මේ වගේ දේවල් වල දිග මනින්නේ අංශක වලින්"""

      \\\එතකොට දැන් ආලෝක වර්ෂ කියන එක භාවිතයේ නැද්ද.. නැත්නම් ආලෝක වර්ෂයකට අඩු දුරක් ද මේ ක්‍රමයෙන් මනින්නේ.. ?////

      චන්දන වැදගත්ම ප්‍රශ්නය ඔයා ඇහුවේ.ස්තූතියි ඒ ගැන ...
      අපි පෘතුවියේ පරිධිය හොයල ඉමු ඉස්සෙල්ලම.
      පරිධිය = 2πR
      පරිධිය = 2 X 3.141592654 X 6,450km
      පරිධිය = 40,500km

      දැන් හිතන්න චන්දන ඔයා පෘතුවියේ කේන්ද්‍රයේ ඉන්නවා
      කියල.කේන්ද්‍රයේ සිට මතුපිට පොළොව දක්වා 6,450km දුරක්
      තියෙනවා.පෘතුවියේ කේන්ද්‍රයේ ඉඳලා සම්පූර්ණ අංශක 360
      කෝණය සම්පූර්ණ වෙනවා කියන්නනේ 40,500km දුරක්
      යන්න ඕනේ කියන එක .(මුළු පරිධිය = අංශක 360 )


      අංශක 180 ප්‍රමාණයක් කියන්නේ 20,250km දුරක්
      අංශක 90 ප්‍රමාණයක් කියන්නේ 10,125km දුරක්

      ----------------------------------------------------

      දැන් හිතන්න පෘතුවියේ කේන්ද්‍රයේ ඉඳන් 100,000km වගේ දුරක් r
      වෙන වෘතයක් ගැන.ඒකෙ පරිධිය වේවි 630,000km විතර ..
      ඒකෙ අංශක 180 ප්‍රමාණයක් කියන්නේ 315,000km විතර
      ඒකෙන් අංශක 90 ප්‍රමාණයක් කියන්නේ 110,000km විතර




      දැන් හිතන්න පෘතුවි කේන්ද්‍රයේ ඉඳන් කිලෝ මීටර් මිලියන 100 විතර
      ඈතට මේ සමීකරණ ටික apply කරලා. එක අංශකයකින් විශාල දුරක්
      කියන්න පුළුවන් නේද ? මේ විදිහට මනින්නේ චන්දන දිග . ( දුර නෙවේ )
      පෘතුවියේ සිට චන්ද්‍රයාට ඇති දුර 412,000km විතර වෙනවා.
      රෑ අහසේ අපිට අංශක කීයක් විතර කෝණයකින් එයාව පේනවද ? ගාණ
      හදන්න බලන්න...




      ඔන්න ඔහොමයි අංශක වලින් දිග ගැන අවබෝදයක් ලබන්නේ.ගොඩක් විට
      දුරේක්ෂයකින් අපි බලද්දී අංශක 0.012 වගේ දේවල් ගැන පැහැදිළි මිම්මක්
      ගන්නේ මේ ක්‍රමේට ..ඇන්ඩ්‍රෝමීඩා චාක්‍රවාටයේ වාටයේ ප්‍රමාණය
      ගණනය කරේ මේ විදිහෙන්...

      අලෝක වර්ෂ වලින් මනින්නේ දුර අපි. ඒ ක්‍රමෙන් දුර හොයා ගත්තට පස්සේ
      මේ theory එක apply කරලා වස්තුවල ප්‍රමාණ සමීක්ෂණය කරනවා...


      පැහැදිළි මදි නම් කියන්න මචෝ..මේවා සිංහලෙන් නැහැ අන්තර්ජාලයේ .
      ඒ නිසා ඔයාල මගෙන් අහන හැම ප්‍රශ්නයක්ම තව කෙනෙක්ට උදව්වක් වේවි
      ඉගෙන ගන්න ආස...

      Delete
    2. ස්තුතියි සහන්.. පැහැදිලියි.

      මේ වගේ දේවල් සිංහලෙන් ලියල තියන එක නම් බොහොම වටිනවා මචං.. ජය..!!

      Delete
  5. දුරේක්ෂ ගැන කතා කරන්න කලිං අර ඇන්ටනාව හදල ඉඳිමුද? :-)

    හොඳ විස්තරයක්. //ඉකෙයා-සෙකිගේ එක් කක්ෂයක් සම්පූර්ණ කරන්න යනවා අවුරුදු 880.ඒ කියන්නේ මේ ලිපිය දකින කිසිම කෙනෙක් නැවත ඉකෙයා සෙකිව දකින්නේ නැහැ .//
    අපරාදෙ!

    ReplyDelete
    Replies
    1. \\\දුරේක්ෂ ගැන කතා කරන්න කලිං අර ඇන්ටනාව හදල ඉඳිමුද? :-)//
      පොඩ්ඩක් හිටින් අභ්‍යවකාශෙන් බිමට බහිනකම්..

      \\\හොඳ විස්තරයක්.///
      තැන්කුයි :)

      නැවත එන්න රාජ් .
      ස්තූතියි කමෙන්ට් කරාට ..

      Delete
  6. "ඉකෙයා-සෙකි" කවදාවත් දකින්න හම්බෙන්නේ නෑ...ශික් අපරාදේ...මමත් ඉස්සර පහ වසරේදී පත්තරේකට රචනාවක් ලිව්වා "මගේ අනාගත බලාපොරොත්තුව තාරකා විද්‍යාඥයෙක් වෙන්න" කියලා

    ReplyDelete
    Replies
    1. ධූමකේතුවකට අභ්‍යවකශේදී වෙන අතවර ටික ඇහුවොත්
      ඔයා තව රචනාවක් ලියයි දුකටම පැතුම්.ඒ නිසා දැන් ඉතින්
      ඉකෙයා සෙකි ගැන හිතන්න එපා.වෙන්න ඕනේ දේවල්
      ටික වෙලා ඉවරයි එයාට ..:(

      \\\මමත් ඉස්සර පහ වසරේදී පත්තරේකට රචනාවක් ලිව්වා "මගේ අනාගත බලාපොරොත්තුව තාරකා විද්‍යාඥයෙක් වෙන්න" කියලා ///
      ඒ උනාට මොකද හොඳම හොඳ writer කෙනෙක් වෙලා ඉන්නේ .
      ඒ මදිද ? බලන්නකෝ කඔරු ඉකෙයාගෙන් යමක් ඉගෙන ගත්ත
      අය ගොඩයි මෙතනම ...

      ස්තූතියි පැතුම් නැවත එන්න...

      Delete
  7. මටත් හෙනම තාරකා විද්‍යා උණක් තිබ්බා පොඩි කාලේ ඉඳලම... තාම එළියට බැස්සම තරැ පේනවා නම් ඔය එක එක තාරකා පන්ති හොයන එක පුරුද්දට ගිහින්... අපේ මහත්තයා නම් ඔය එකක්වත් දන්නේ නෑ.. එයාට කියලා දෙන එක තමයි මගේ වැඩේ.. හි හි...

    කඹුරු ඉකේයා තමයි ඔය උණේ මුල... අපේ අම්මා කඩදාසි බට වලින් දුරේකෂයක් වගේ එකක් හදලත් දුන්නා.. මගේ වැඩේ ඕකෙන් අහස දිහා බලං ඉන්න එක... හි හි... පස්සේ කාලෙක A Walk to Remember බලන කොට ඔය ටික මතක් උනා... හි හි

    මේක ලිව්වේ කොහොමද බං සහන්... මට නම් මෙහෙම එකක් ලියන්න ගියාම ගැලපෙන වචන හොයන්න හෙන ආමරුයි... විශේෂයෙන් විද්‍යාත්මක දේවල් සිංහලෙන් ලියන්න ගියාම... හි හි....

    ReplyDelete
    Replies
    1. //මටත් හෙනම තාරකා විද්‍යා උණක් තිබ්බා පොඩි කාලේ ඉඳලම//

      හිරුට, තරු ගැන උණක් නැත්නම් කාටද අප්පා තියෙන්නේ. හිරු කියන්නේ අපේ ලඟම තියෙන තරුවනේ?

      Delete
    2. \\\අපේ මහත්තයා නම් ඔය එකක්වත් දන්නේ නෑ.. එයාට කියලා දෙන එක තමයි මගේ වැඩේ.. හි හි..//

      අනේ අහිංසකයා පව් දෙයියනේ.තරු නෙවේ හිරු පෙන්නන්න ...:)

      \\\කඹුරු ඉකේයා තමයි ඔය උණේ මුල... අපේ අම්මා කඩදාසි බට වලින් දුරේකෂයක් වගේ එකක් හදලත් දුන්නා.. මගේ වැඩේ ඕකෙන් අහස දිහා බලං ඉන්න එක... හි හි...//මාත් පුංචි කාලේ

      කරන්නේ ඕකම තමයි හිරු.
      මොකක් හරි රෝල් කරලා ඒක හරහා තමයි
      බලන්නේ.ඔතොකොට නිකන් ලන් වෙලා පේනවා
      පේනවා වගේ දැනෙනවා ..

      \\\මේක ලිව්වේ කොහොමද බං සහන්... මට නම් මෙහෙම එකක් ලියන්න ගියාම ගැලපෙන වචන හොයන්න හෙන ආමරුයි... විශේෂයෙන් විද්‍යාත්මක දේවල් සිංහලෙන් ලියන්න ගියාම...///

      සියලුම බර වචන නිර්ධය ලෙස කපා හැරලා දැම්මා.
      අනුකම්පාවක් දැක්වුවේ නැහැ ..

      Delete
  8. ජපනා හපනා කියන්නෙ නිකං ඈ :D :D

    ReplyDelete
  9. මමත් ඒ කාලේ පරණ කැමරාවකින් ගත්ත කාච අරගෙන හැදුවා දුරේක්ෂයක්...ඒ උනාට ඒකෙන් දුර තියන ඒවා කොකු වෙලා පේනවා වෙනුවට ළඟ තියන පොඩි ඒවා ලොකු වෙලා පෙන්න ගත්ත..(කුඹි බස් විතර) එතනින්ම මගේ තාරකා විද්‍යාව ඉවර උනා....

    ඒ උනාට තරු රටා ගැන නම් මම තාම උද්යෝගිමත්.....

    ReplyDelete
    Replies
    1. අනේ මන් මුකුත් නොකිය ඉන්නම් ඒ කාලේ ගැන ....

      Delete
    2. \\\ඒ උනාට ඒකෙන් දුර තියන ඒවා කොකු වෙලා පේනවා වෙනුවට ළඟ තියන පොඩි ඒවා ලොකු වෙලා පෙන්න ගත්ත..(කුඹි බස් විතර) එතනින්ම මගේ තාරකා විද්‍යාව ඉවර උනා.... //
      ඕන්නැති වැඩක්නේ කරලා තියෙන්නේ.උබට තිබ්බේ අපි
      වගේ කඩදාසි දුරේක්ෂයක් භාවිත කරන්න ...

      \\\ඒ උනාට තරු රටා ගැන නම් මම තාම උද්යෝගිමත්..... ///

      උබේ කවි දකින ඕනෙම එකෙක්ට ඒක දැනෙනවා ..:D

      Delete
  10. පික්සු පීකුදු....

    ඉක්කේයියා...මං වගේ පොරක් ^_^

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. යට බලන්න යට බලන්න ..අන්ඩ ද මූඩි ...^_^

      Delete
    2. අදේ,,මටත් මේක කියවන් එද්දි රජාව තමයි මැවිලා පෙනුනේ.. :P

      Delete
  11. අපිට තරු ගැන කොල්ලො කාලෙ තිබ්බ උනන්දුව නිසා පිට්ටනියකට් ගිහින් දිගාවෙලා අහසෙ තරු වෙනස් වෙන හැටි බලා ඉන්න පුරුද්දක් තිබ්බා

    ReplyDelete
    Replies
    1. ඒ එක්කම දුඹුරු පැහැති ද්‍රාවණයේ පරිමාව අඩු උනාද
      හැලප අයියේ ? ඇත්ත කියන්න ...

      Delete
  12. මටත් තාරකා විද්‍යාව ගැන උනන්දුවක් ඇති උනේ පහ වසරෙදි වගේ තමයි. O/L කාලේ ඒක තවත් වැඩි දියුණු වෙලා යාලුවො කට්ටියක් එක්ක ඔය බර්මියුඩා ත්‍රිකෝණය, පිටසක්වල ජීවින්, මුහුද යට ලෝකය වගේ දේවල් ගැනත් හොයන්න පටන් ගත්තා.

    සහන්ගෙ මේ පෝස්ට් එක කියවද්දි මට ඒ දේවල් මතක් උනා. තාරකා විද්‍යාව ගැන උනන්දුවක් තියෙන අයට ගොඩක් වැදගත් මේ විස්තර.

    ReplyDelete
    Replies
    1. \\\තවත් වැඩි දියුණු වෙලා යාලුවො කට්ටියක් එක්ක ඔය බර්මියුඩා ත්‍රිකෝණය, පිටසක්වල ජීවින්, මුහුද යට ලෝකය වගේ දේවල් ගැනත් හොයන්න පටන් ගත්තා.///

      බර්මියුඩාව ගැන නම් මටත් ලොකු උනන්දුවක් තිබ්බා
      චම්ස්.පුදුම අද්භූත දෙයක් විදිහටනේ ඒක දැක්කේ අපි.
      පස්සේ මම දැක්කා රුසියන් ලිපි ටිකක් ඒ දේවල් ගොතපු
      හේතු ගැන.

      මුහුද යට ලෝකය ගැනත් ලොකු උනන්දුවක් තිබ්බා.මොකක්
      හරි පොතක් තිබුණ නේද මුහුද යට ලෝකය ගැන අද්භූතව ලියපු .
      ලීග දහසක් යටද මන්දා ..බිස්මාර්ක් වගේ දේවල් අහද්දී බයත්
      හිතුණා..ආයෙම little mermaid දකිද්දී මුහුදට පෙම් බැන්දා මම ..:)

      පිටසක්වල උන නම් X files වලට පින් සිද්ද වෙන්න එක එක තත්වයන්ට
      භාජනය උනා.හරි සංකීර්ණයි මෙයා ..ස්කලීත් හිටියනේ ...

      \\\සහන්ගෙ මේ පෝස්ට් එක කියවද්දි මට ඒ දේවල් මතක් උනා. තාරකා විද්‍යාව ගැන උනන්දුවක් තියෙන අයට ගොඩක් වැදගත් මේ විස්තර.///


      මේ දේවල් ටික ටික හරි සරලව ලියල තියන්නේ ඒකයි චම්ස්
      කවද හරි කෙනෙක් ඇවිත් දෙයක් ඉගෙන ගන්නවානම් සතුටුයි මට.

      ස්තූතියි කමෙන්ට් කරාට චම්ස් නැවත එන්න ...

      Delete
    2. //පස්සේ මම දැක්කා රුසියන් ලිපි ටිකක් ඒ දේවල් ගොතපු
      හේතු ගැන.//

      බර්මියුඩා වල ඇත්තටම සිද්ධ වෙලා තියන්නේ මොකක් ද සහන්.. ? එතැන අමුතු ස්ථානයක්ය කියන කතාව මවාපෑමක් ද එතකොට..?

      Delete
    3. චන්දන මම ඒ ගැන පෝස්ට් එකක්ම දාන්නම්
      හොඳද ? ඔය දේ ගෙතුවේ ගුවන් නැවියන්වයි ,
      මුහුදු නැවියන්වයි ඒ කලාපයෙන් ඉවත් කරන අරමුණින්..
      මුහුදු නැවියෝ කියන්නේ ඉක්මනට මිත්‍යා කතා විස්වාස
      කරන පිරිසක්.පුළුන් ටික ලන් කරාම හෝ ගාල ගිණි ගත්තා ...

      Delete
    4. //චන්දන මම ඒ ගැන පෝස්ට් එකක්ම දාන්නම්
      හොඳද//
      අන්න හොඳයි..

      Delete
  13. කස්ටියට අර රුසියාවට වැටිච්ච කෑල්ල ගැන මුළින් කියල ආපහු පෙළ පොත්වලට යන්න තිබ්බ. කෝ හැමෝටම මිස් වෙලා නොවැ.
    ඉකෙයා මමත් ආස කරපු කෙනෙක්.

    ReplyDelete
    Replies
    1. \\\කස්ටියට අර රුසියාවට වැටිච්ච කෑල්ල ගැන මුළින් කියල ආපහු පෙළ පොත්වලට යන්න තිබ්බ. කෝ හැමෝටම මිස් වෙලා නොවැ.///
      ඉන්ඩකෝ දූපත් වැසියෝ ඕක ගැනත් වෙනම පෝස්ට් එහෙකින්
      දාන්නම වෙනවා ...:D


      ගොඩක් ස්තූතියි දූපත් වැසියෝ මේ පැත්තට ආවට .
      පළමු පැමිණීම සාදරයෙන් පිලිගන්නවා ...
      නැවත එන්න ...

      Delete
  14. හිතේ සහනය ලැබෙන එකම තෑන තරුපිරි අහස..!

    ReplyDelete
    Replies

    1. පැහැදිළිවම වීයෝ .ඒ උනත් වහලේ හිල් අස්සෙන් තරු
      පෙද්දී නම් හිතේ සහනය මෙව්වා වෙනවා ...

      ස්තූතියි වීයෝ කමෙන්ට් කරාට ..නැවත එන්න ...

      Delete
  15. තරු පෙනිච්ච අවස්ථා තිබුනට තරු ගැන විශේෂ උනන්දුවක් තිබුනෙ නැහැ සහන්.

    ReplyDelete
    Replies

    1. මටත් කාලයක් තිබ්බා දවල් රෑ නැතුව දවසම
      තරු පායපු ..පස්සේ හඳ පෑව්වා කෙන්ජි...:)

      දැන්නම් බහින කලාව ..:(


      ස්තූතියි කෙන්ජි කමෙන්ට් කරලා යනවට..
      ඔයාට පුළුවන් නම් හැමානා විල ගැන විස්තර
      ටිකක් බෙදා ගන්න ...

      Delete
  16. ලේක් හමානා ගැන ගුගල් සර්ච් කලාම නිවැරදි විස්තරක් ඔබට ලබාගන්න පුළුවන් සහන්.අපි නගොයා සිට ටෝකියෝ යද්දී හයිවේ හමනකො සර්විස් ඒරිය එකේ නැවතුනාම හරි ලස්සනට පේනවා.එය තියෙන්නෙ ශිශුඔක[shizoka]නගරයෙ.හමානා වටේම සංචාරක පුරවරයක්.විනෝද වෙන්න කියපු තැනක්.ලංකාවෙන් එනවනම් අඩි 20 සෙ කන්ටේනර් එකක සල්ලි ගේන්න ඕන.මෙම වැවේ ඉන්න මාළු "උනගි [eei,ආඳා]හරි ජනප්‍රියයි.එම මාළුවන් දෙකට කපා පුළුස්සා ගනකම් සෝයා සෝස් තවරා කෑමට ගන්නවා.වැවෙන් ලබාගන්න කෙදි වගේ පාසි වර්ගයක් වියලා කොළ පැහැති කඩදාසියක් වගේ දෙයක් සාදනවා එය නමින් "නොරි".ත්‍රිකෝණ හැඩයට ගුලි කල බත්ගුලිය මැදට "උමේබොෂි "කියන පදම් කල කට්ටම කට්ට ඇඹුල් කුඩා ගෙඩියක් තබලා අර නොරි කොලේ දවටල කනව "ඔනගිරි"කියල.අර උනගි කියන මාළුවෝ දහස් ගණන් අල්ලලා මැෂින් එකට දැම්මම පණපිටින්,අනිත් පැත්තෙන් බෙල්ට් එක දිගේ එනව දෙකට පැලිල.දිය උඩින් පාලම,කේබල් කාර් ඇතුළු කුඩා අයට රිසිසේ විනෝද විය හැකි ආකර්ශනීය තැනකි.ජපානයේ විශාලම ලේක් වලින් එකක්.

    ReplyDelete
    Replies
    1. ++++++++++++++++++++++++++++++++++++++++


      අන්න කෙන්ජි මේ තියෙන්නේ විස්තර ..මන් කිව්වේ මෙන්න මේ වගේ
      පුද්ගලික අද්දැකීම් එක්ක බැඳුන දේවල් බෙදා ගන්න එකයි වැදගත්.google
      එකේ තියෙන්නේ ගොඩක්ම වෙලාවට " දිග පළල , උස ගැඹුර " වගේ දේවල් ..

      ඔයා ඔය පැහැදිලි කරා වගේ ලස්සන විස්තරයක් නැහැනේ හොයා ගන්න ...
      අන්න ඒකයි ඔයාගේ වැදගත් කම ..ජපානේ තියෙන ලස්සන වැදගත් ස්ථාන
      ගැන හරි සිංහලෙන් පුංචි පුංචි ලිපි ටිකක් කරන්න ..මාත් NHK හිටපු
      කෙනෙක් .මට මගේ නමින් transmission approval පවා NHK වලට
      තියෙනවා ..පස්සේ ඒ දේවල් වලින් ඈත් උනා..

      මේ වගේ ලස්සන තැනක් ගැන ලිපියක් ලියන්නකෝ කෙන්ජි...

      Delete
    2. nori hadanne muhuden ganna pasi walin.ewa delakata dala lunu th ekka wela gannawa.kadasasi wage.ume bosi kiyanne godak ebul palathurak.ekata lunu dala red colour dala kal tiyala kemata gannawa.ewa rasayek ape rate siyabala walata tikak samanai.

      Delete
  17. උඹත් නොදන්න දෙයක් නෑනෙ බලන් ගියාම.. කිව්වත් වගේ ඇවිදින පුස්තකාලයක්වත්දෝ.. ?? :-)

    පොඩි කාලෙ මෙයා ගැන විදුසරෙන් එහෙම කියෙව්වා මතකයි.. තව එක්කෙනෙක් හිටියා "කොහුටෙක්" කියලා. එයා ගැනත් කියෙව්වා මතකයි..

    සහන් ඉන්නෙ ප්‍රංශෙද ?

    ReplyDelete
    Replies

    1. මම තදින් විද්‍යා විශයන් ගැන ඉගෙන ගත්තා සෙන්නා.
      මට ඒ ගැන තියෙන්නේ ලොකු කැමැත්තක්.ඉතින් පොඩි
      කාලේ බල්ලෙක්ට කෑම දාල තිබ්බ පත්තර කොළයක් දැක්කත්
      ඌ කාල ඉවර උනාම ඒක අරන් කියවනවා ..ඔහොමයි මගේ
      පටන් ගැනීම.

      ස්තූතියි සෙන්නා කමෙන්ට් කරලා ගියාට ..
      තාම සබ් දැම්මේ නැහැ නේද ? :)

      Delete
    2. සබ් වැඩකරන්නෑ සහන්.. මොකක් හරි අවුලක්.. ඒ නැතත් මම කැමති නෑ කියවන ඔක්කොම බ්ලොග් වලට එන කමෙන්ට් වලින් මේල් බොක්ස් එක පිරෙනවට..

      මේක මට පුරුදුයි... මෙහෙම හොඳා... :-) ජන්මෙට වැඩියත් ලොකුයිලුනෙ පුරුද්ද.. :-)

      Delete
    3. ඒකත් ඇත්ත සෙන්නා .දැන් මම බලන්න බල්ලෝ වත් කියවන්නේ නැති
      ඒවා අරන් කියවන්නේ.අදටත් එහෙමයි...

      Delete
  18. මාර දැනුමක් ගත්තා. එත් මට හරියටම මතක නැහැ නේ 5 වසර සිංහල පොතේ මෙහෙම පාඩමක් තිබුනද කියලා.

    මම පොඩි කාලේ දුමකෙතු දෙකක් දැකල තියෙනවා. එකක් හැලිගේ දුමකේතුව.

    ReplyDelete
    Replies
    1. අසාර්ගේ වයස 28 - 38 වගේ ඇතුළතද තියෙන්නේ ? ඒ කුලකයේ අයට
      විතරයි මගේ හිතේ මේ පාඩම හම්බුණේ( not sure ).( කට්ටියගේ වයස් මාට්ටු නේද )
      ස්තූතියි මචන් දෙයක් ඉගෙන ගත්ත නම්.මම මීළඟට ඇන්ටෙනාවක් හදා
      ගන්න හැටි දාන්න ඉන්නේ.ඒ උනත් ඊට කලින් පෝස්ට් එකක් දාන්න ඉන්නේ .
      ලංකාවේ මේ කාලෙට අකුණු අනතුරු වෙනවනේ ..ඒවගෙන් බේරෙන හැටි ගැන
      දැනුවත් කිරීමක් ..නැත්නම් කට්ටිය TV ටිකත් එක්කම කර වෙලා ඉඳියි..

      ඔව් ඔව් 94 පායපු එක නම් මතකයි මටත් .අමුතු බයකුත් දැනුණා ...
      ස්තූතියි මචන් මේ පැත්තේ ගොඩ වැදුනට ...

      Delete
    2. මම හිතන්නේ ඕක කියවපු අවසාන පරම්පරාවේ කෙනෙක් තමා මම. ඉපදුනේ 85 උනාට මම ඉස්කෝලේ ගියේ 84 සෙට් එකත් එක්ක. මම හිතන්නේ අසාර්ට නූලෙන් මිස් වෙලා පාඩම. පව් අසරණයා :)

      Delete
  19. උනන්දුවක් නැති විශයක් ගැන උනන්දුවක් දැනුනා අද.. :D

    ReplyDelete
    Replies

    1. ඒකනේ කියන්නේ ශම්මියෝ සමහර දේවල් ගැන ආසාවක් ඇති
      වෙන්න නම් දකින්නම ඕනේ ..:)

      Delete
  20. podi kaale sinhala padama aye mathak karala dunna apita :) එත් මම හිතුවේ නා ඔහු තාමත් ජිවත් වෙන කෙනෙක් කියලා. කොයි තරම් දෙයක්ද ඒක දැනගත්ත එක. ඇත්තටම සහන් කිව්වා වගේ පොඩි කාලේ ඕවට ආස හිතුනට ඒවාට අත දෙන්න අය තමයි නැත්තේ. සේරටම වඩා අර සින්දුව මාව පොඩි කාලෙට අරගෙන ගියා. ඉස්සර හැමදාම වගේ හවසට ඒක ටී වී එකේ යනවා නේ. මට මතකයි වීඩියෝ එකත් තිබුනා යූ ටියුබ් එකේද කොහෙද.

    ReplyDelete
    Replies
    1. \\\\\සේරටම වඩා අර සින්දුව මාව පොඩි කාලෙට අරගෙන ගියා. ඉස්සර හැමදාම වගේ හවසට ඒක ටී වී එකේ යනවා නේ. \\\\\

      මටත් පුංචිම කාලේ අනික් අය වෙනුවෙන් දෙයක් කරන්න ඕනේ කියල
      හැගීමක් පුදුම විදිහට ආවේ ඔය සින්දුවෙන්...ඒක වචනයෙන් විස්තර කරන්න
      බැහැ සයුරි...පුදුම හැගීමක්...

      \\\\සේරටම වඩා අර සින්දුව මාව පොඩි කාලෙට අරගෙන ගියා. ඉස්සර හැමදාම වගේ හවසට ඒක ටී වී එකේ යනවා නේ. /////////

      ඔව් සයුරි ගොඩක් වෙලාවට සල්ලි නැති කමත් තිබ්බට ඒවට වඩා මූලික
      උනේ අපි කියන දේවල් අහන්න කෙනෙක් නොහිටපු එක ..
      " විකාර දොඩවනවා " කියන එක තමයි උනේ මම දෙයක් ගැන ගෙදර
      උනත් කියද්දී..අන්තිමට මම ගෙදරට ආර්මි එකෙන් එන්නම වැඩක්
      කරා ..අන්න එදා කට්ටියගෙම ඇස් අරුණා ...[im]http://lankawap.com/xhtml/smilies/hehe.gif[/im]


      ස්තූතියි සයුරි අපි හැමෝම මතක අලුත් කරගත්තා නේද අවුරුදු ගාණක ...?

      Delete
  21. ඒ කාලේ මම පුරුදු වෙලා හිටියා අයියලාගේ ඉස්කෝලෙ පොත් අරන් කියවන්න, ඒ නිසාමද කොහෙද මටත් මේ පාඩම මතකයි කියෙව්වා වගේ. ඒ කාලේ මගෙත් වීරයෙක් තමයි මේ. හැබැයි තරු ගැන නම් ලොකු ආසාවක් තිබ්බෙ නැහැ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ලහිරු කමෙන්ට් එකක් දැම්මට ..මම නම් පුංචි කාලේ ඉඳන්
      ඕව හොය හොයා කියෙව්වා ...තාම මතකයි අර විද්‍යා පොත් වල තිබුණ
      රූප එහෙම ..
      ස්තූතියි මචන් නැවත එන්න ..

      Delete
  22. බොහෝ දේ උගත්තෙමි....ඇත්තටම මේ දේවල් කොයි තරම් වටිනවද..?ස්තුතියි සහන්....දැනුමක් ගෙනාවට

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි කළු සුදු ...ඔයාලගේ කාලෙත් මෙයා හිටියද ?

      Delete
  23. පොඩි කාලේ හැදිච්ච පිස්සු වල තරම කොච්චරද කියනවනම් මේ දවස් වල මම මේ ගෙයක් හදන්න ප්ලෑන් කරනවා. මට ඒ ගෙදරට බිං කාමරයක් ඕනෙම වෙලා තියෙනවා.. ඒ කියන්නේ පොලොව යට තියෙන ගබඩා කාමරයක්.. හික් හික්.. ඕකට මුල ඒ කලේ හිටපු මාර්කෝනි, ලොගී බෙයාඩ්, එඩිසන් ඔන්න ඔය කට්ටිය වගේ පොඩි පොඩි පරීක්ෂණ කරන්න.. ඒ කියන්නේ රහසිගත පරීක්ෂාණාගාරයක්.. එහෙම ඒවා තියෙන්න ඕනේ පොළව යට.. (කාට කියන්නද මේව කියල තමා ඔය කතාව අහන ගෙදර උන්දැ නම් කියන්නේ හි හි..)

    කවදහරි ගේ හදල ඉවර කලොත්.. ඒකේ තියෙන උසම තැන දුරේක්ෂයක් හයි කරගන්න එකත් ඒ හීනේ කොටසක්... ඒකට මුල මේ ඉකෙයා මහතා තමා.. පොඩි කාලේ ඉෂ්ට කරගන්න බැරුව දුක් වෙච්ච හීන නාකි වෙලා හරි ඉෂ්ට කරගන්න ඕනේ.. හික් හික්..

    ReplyDelete
    Replies
    1. \\\පොඩි කාලේ හැදිච්ච පිස්සු වල තරම කොච්චරද කියනවනම් මේ දවස් වල මම මේ ගෙයක් හදන්න ප්ලෑන් කරනවා. ///

      මම පුංචි කාලේ කොටු කෑලි වලින් ලොරියක් හදන්න හෙන ගේමක්
      දුන්නා ..අයියෝ සල්ලි...

      \\මට ඒ ගෙදරට බිං කාමරයක් ඕනෙම වෙලා තියෙනවා.. ඒ කියන්නේ පොලොව යට තියෙන ගබඩා කාමරයක්.. හික් හික්.. ඕකට මුල ඒ කලේ හිටපු මාර්කෝනි, ලොගී බෙයාඩ්, එඩිසන් ඔන්න ඔය කට්ටිය වගේ පොඩි පොඩි පරීක්ෂණ කරන්න.. ඒ කියන්නේ රහසිගත පරීක්ෂාණාගාරයක්.. එහෙම ඒවා තියෙන්න ඕනේ පොළව යට.. (කාට කියන්නද මේව කියල තමා ඔය කතාව අහන ගෙදර උන්දැ නම් කියන්නේ හි හි..) ///

      මට ඕක අදටත් තියෙනවා පැතුම් ..ඒත් දැන් මගේ ගෙදර බිම්
      මහලක් හදනවා කියන්නේ මගේ වීසා පවා නැති වෙන්න පුළුවන් වැඩක්..
      ඒ නිසා නිකන් ඉන්නේ..පුදුම ආසයි වැලි මීයෙක් වගේ ගුහාවක රින්ගන්
      අවුරුදු ගාණක් එළියට එන්නේ නැතුව පරීක්ෂණ කර කර ඉන්න ..
      දැනටත් මම ඩිංගක් විතර එහෙම ජීවිතයක තමයි ඉන්නේ...බලන්නකෝ
      එක එක ආසාවන් වල හැටි පැතුම් ...



      \\\\කවදහරි ගේ හදල ඉවර කලොත්.. ඒකේ තියෙන උසම තැන දුරේක්ෂයක් හයි කරගන්න එකත් ඒ හීනේ කොටසක්... ඒකට මුල මේ ඉකෙයා මහතා තමා.. පොඩි කාලේ ඉෂ්ට කරගන්න බැරුව දුක් වෙච්ච හීන නාකි වෙලා හරි ඉෂ්ට කරගන්න ඕනේ.. ///


      අනිවාර්යෙන්ම පැතුම් මම ඔයාට දෙන්නම්කො ගන්න ඕනේ බඩු මුට්ටු ලැයිස්තුවක් ..
      ඔයාටම හදා ගන්න පුළුවන් රුපියල් 6,000 විතර යද්දී ...

      ස්තූතියි පැතුම් කමෙන්ට් කරාට හැම පෝස්ට් එකටම ...

      Delete
  24. ආස හිතුනා ඔබේ ලිපිය කියවන විට.සමහර නොතේරුන ඒවා ස්කිප්කලා. හරි වැදගත් ලිපියක් . ගොඩක් මහන්සි වෙලා ලියලා තියෙන්නෙ කියා පේනවා.අර ප්‍රිකෝශන්ස් ටික නම් හරි වැදගත්. මන් හිතන් හිටියෙ වැස්ස වෙලවට මොබයිල් එකෙන් කත කරන්න හොඳනැ කියල.

    ReplyDelete
  25. නියමයි යාලුවා මටත් මතකයි අපි පහේ පංතියෙදි හරි හයේදි හරි අපේ සිංහල පොතේ ඉකෙයා ගැන පාඩමක් තිබුනා. ඊට පස්සේ ටික දොහක් යද්දි වල්ග තරුවක් පායනවා කියලා ඕක බලන්නත් ඇහරලා හිටියා වංගියක්. ස්තුතියි ඒ මතක අතරට ආයේ ගෙන ගියාට. මට අවුලක් තියෙනවා පෝස්‍ටුව මුදුනේ තියෙන දිනේ ගැන නම්. කරුනා කොරලා ඒ ගැන පැහැදිලි කෙරුවොත්.......

    ReplyDelete
    Replies
    1. ඒක පෑයෙව්වෙ සරත් අයියේ 98 වගේ.මමත් ඕක බැලුව රෑ 12 ට
      විතර ඇහැරන් ..මුළු අහසම එළියයි ඒ කාලේ මතකද ..?එලිෆන්ට්පාස්
      වලට ගැහුවෙත් ඒ කාලේ ..හපෝ හරිම නපුරු කාලයක් ඒ කාලේ ..
      ඒ මුළු කාලෙම අමුතුම කාලයක් උනා මගේ ජීවිතේට..

      අහ් දින වෙනස් කලේ මේ පෝස්ට් ටික උඩට ගන්නයි ..හෙමීට ඒ ටික හරිගස්සන්නම්
      මම හෙට දිහාට ..මගේ ඊළඟ පෝස්ට් කීපය ඇතුලත ඔයාට වැදගත් වෙන්න
      පුළුවන් දේවල් ටිකක් දානවා ..එන්න බලන්න ..ඒ වගේම ඔයාට ස්කයිප් වලින්
      කතා කරන්නත් ඕනේ ඩිංගක් ...

      මගේ ස්කයිප් ID එක silentsahan

      ගොඩක් ස්තූතියි පෝස්ට් එක ඇවිත් බැලුවට සරත් අයියේ ...

      Delete
  26. @ DD

    ජපන් ජන ජීවිතය ගැන වටිනා කරුණු එකතු කිරීම ගැන ගොඩක් ස්තූතියි...ඉඩක් ඇති විටක තව මේ වගේ දේවල් ලියන්න...මන් පෝස්ට් එකක් විදිහට දාන්නම්...

    ReplyDelete
  27. දෙවෙනි සැරේටත් කියෙව්වා ....

    ReplyDelete
  28. මට මේ නම මතක් වෙලා ගූගල් සර්ච් කරාම මේ පොස්ටුව දැක්කෙ. එළ එළ!!!

    ReplyDelete

ඔබ කමෙන්ටුවක් දමයි නම් කරුණාකර මෙහි කමෙන්ටු E mail subscribe කරන්න .. නැතිනම් පිළිතුරු මග හැරී යනු ඇත ...

කමෙන්ට් යනු ඔබගේ අදහස් ප්‍රකශ කිරීමට සලසා ඇති ඉඩයි. සිතුවිලි ලියා තැබුණු විට අන් අයටද ප්‍රයෝජනයක් විය හැක !

http44444444://1.bp.blogspot.com/-F0lMkO9hSe8/UjM37DArTZI/AAAAAAAAAwo/wtP9O0K_6UE/s1600/543431_208554675978924_1215099537_n.jpg15099537_n.jpg

සහයෝගය දක්වන වෙබ් එකමුතු ...

මාතලන්ගේ සින්ඩිය...api apita Blog Readerlankeeya sithuwililankeeya sithuwili lankeeya sithuwili