දැන්වීම් පුවරුව . ( පින්තූර මතට මවුස් පොයින්ටරය රැගෙන යන්න )

දැනට වසර දෙකක පමණ සිට සෑම සතියකටම වරක් ලිපියක් හෝ දෙකක් පළ කළෙමි. සිත් ගත් ලිපියක් වේ නම් හිතමිතුරන් අතරත් බෙදාගන්න.

මෙම වෙබ් අඩවිය ලෝඩ් වීමට පමා වේ නම් මෙම ලින්ක් එක භාවිතා කරන්න.

Go and get Sinhala Unicode to your Computer
Face Book Link Share.

April 8, 2013

අන්තර්ජාල ජීවිත ..අඹු දරුවෝ ...? Where are my babies..?




             මේක වචන දහයෙන් ඉවර කරන සුට්ටන්ම සුට්ටන් පෝස්ට් බට්ටෙක් හරිද ..?කාරණාව මේකයි ..මේක බ්ලොග් ගැන පමණයි...FB , .............................. සහ ඒ සමගාමීව යන ඒවා ගැන නෙවේ ...


                          මොකද බ්ලොගර් වල ගොඩක් ඉන්නේ FB හා වෙනත් දේවල් වලින් පැත්තකට උන වගේ පිරිසක් ..මම එහෙම කිව්වේ නැත්නම් මුළු දවසම FB , chat rooms වල ඉන්න අය පිට සමාජේ ගොඩක් ඉන්න නිසා..නමුත් අද කතා කරන්නේ බ්ලොග් සමාජේ ගැන ..සිංහල බ්ලොග් සමාජේ ගැන ..


මුලින්ම බලමු බ්ලොග් කියවන පිරිස ගැන ..

                     සිංහල බ්ලොග් අවකාශේ වර්තමානයේ ඉන්න මුළු පාඨක පිරිස 3500 වගේ තමයි ඉන්නේ .. එතනින් 1000 විතරම ඔහේ එන යන පිරිස ..මොකක් හරි බලල යන පිරිස..තව 1000 විතර ඉන්නවා සාමාන්‍ය මට්ටමෙන් තෝරා බේරා ගත්ත බ්ලොග් ලිපි කියවන පිරිස .. තව 300 විතර ඉන්නවා හොඳටම තදින් මේ දේවල් වලට ඇබ්බැහි උන ..

මේ අය අතර වයස පරාසය බැලුවොත්

15- 20 අතර 11% විතර ..
20 - 25 අතර 30% විතර ..
25-30 අතර 35%
30 - 40 අතර 18%
40 ට වැඩි 6%
වෙනත් ---%

දැන් බලමු සිංහල බ්ලොග් admin වරුන් ගැන ..


අපි මේ ඉන්න සිංහල බ්ලොග් පිරිස අතර වර්තමානයේ ක්‍රියාකාරී බ්ලොග් හිමියන්
විදිහට ඉන්නේ 210 වගේ පිරිසක් ..
මේ අය අතර වයස පරාසය බැලුවොත්

15- 20 අතර 4% විතර ..
20 - 25 අතර 26% විතර ..
25-30 අතර 30%
30 - 40 අතර 24%
40 ට වැඩි 9%
වෙනත් ---%


                  එතනින් 120 වගේ දෙනා හොඳටම ක්‍රියාකාරියි ..තව 80 වගේ දෙනා සතියට සැරයක් විතර පෝස්ට් එකක් දාල , වෙන කෙනෙක් ලියපු දෙයක් බලලා යන පිරිස..නිකමට හිතන්න අපේ ( වර්තමාන ) දුකා වගේ ...



                  ඔය මම කියපු 120 ඉන්නවා උඝ්‍ර ක්‍රියාකාරී 50 වගේ දෙනෙක් ..මෙන්න මේ කට්ටිය සතියට පැය 30 කට එහා බ්ලොග් වලට සම්බන්දයි..ඒ කියන්නේ දවසට පැය 4 කටත් වැඩි ..( සමහර අය දවසට පැය 4 සිට 12 වගේ දක්වා ..)

දැන් ප්‍රශ්නේ එන්නේ මෙතැනදී..අපි හැමෝම නිකන් isolated ජීවීන් ටිකක් වගේ..


01.අරහෙන් මෙහෙමන් ( FB ........ ) හැලිච්ච ,
02.ඒවා මේවා එපා උන (FB .... ) ,
03.වෙන මොකක් හරි දෙයක් අමතක කරගන්න ( affair break , හෝ වෙනත් පුද්ගලික හේතු ),
04.කාන්සිය පාළුව මග හරවා ගන්න ( පිට රට සේවයේ නියුතු අය වගේ ) ,
05.තමන්ටපුළුවන් කවියක් සිංදුවක් නිසඳැසක් වගේ දෙයක් වෙනත් අය එක්ක බෙදා ගන්න ,
06.දේශපාලන සිදු වීම් ගැන කතා බහ කරන්න ( සමහරු 100% එහෙමයි , සමහරු මෙතනට
ආවට පස්සේ දේශපාලෙනේට වැටෙනවා කැම්පස් එකේ ජෙප්පන්ට අහු වෙනවා වගේ ),
07.තව තමන් ළඟ තියෙන දැනුම අනික් අය එක්ක බෙදා ගන්න වගේ ..
08.වෙනත්



ලිපියේ අරමුණ ..........


                      ඔය වගේ එක එක හේතු වලට ආව අය තමයි මෙතන ඉන්නේ..මේ ලිපිය කියවන බ්ලොග් admin වරු ටිකට තේරෙනවා ඇති මම මේ කියන දේ හොඳටම ..කොහොම හරි අපි මොන හේතුවකට ආවත් අපි අමතක කරන්න හොඳ නැහැ අපිට අපේම කියල පුද්ගලික ජීවිත තියෙන බව .අම්මලා තාත්තල , නෑදැයෝ අසල් වාසීන් , පෙම්වතියො , පෙම්වතුන් , බිරින්දෑ වරුන් , සැමියන් , දූ දරුවන් ,අනියම් පෙම්වතියන් , අනියම් පෙම්වතුන් යනාදී එකී නොකී මෙකි සියලු දෙනා අපි එනතුරු බලා ඉන්න බවත් අමතක කරන්න එපා ...




                 තමන්ගේ හිතට එකඟව දන්නවනේ තමන් අයත් වෙන්නේ කොතනටද කියල ..ඉතින් ඔබ ඉන්නේ ටිකක් විතර addicted කියන තැනට ළඟ නම් වහාම පවුලේ අය වෙත ලං වෙන්න ..නැත්නම් මේ සැබෑවක් නොවූ virtual ලොවක් නිසා ඔබට ඔබේ සැබෑ ලෝකයේ සහෘදයන් අහිමි විය හැකිය..


                එසේ වුවහොත් ඔබව සදාතනිකව මේ virtual ලොවෙහි හිර කාරයෙක් වනු ඇත .. ඔබ වයස 16 ක කොලු පැංචෙක් උනත් වයස 40 ක පියෙක් උනත් තත්වය එක හා සමානය ..!


ප / ලි :

               දැන් මෙතන අනේ අපි නම් ඔහොම නැහැ ..ගාණට හැම දේම සමබරව ගෙනියන්නේ කියල කමෙන්ට් කරන්න ඕනේ නැහැ..තමන්ගේ වෙනසක් පේනවා නම් වහාම මේ අන්තර්ජාල ජීවිතයෙන් ඈත් වෙන්න .. පරිගණක තිරයක් ඉදිරියේ මැවෙන ලෝකයට පෙම් නොඹදින්න.


ඔක්කොම ගාණට කරන අය පමණක් කමෙන්ටුවක් දමන්න ..:P


                 සැලකිය යුතුයි ..: මෙම ලිපිය ලිව්වේ සිංහල බ්ලොග් ගැන්සිය ගැන විතරයි. අනික් දේවලුත් පටල ගත්තොත් මේක අද ඉවර කරන්න වෙන්නේ නැහැ .. ඒ නිසා ඉතාම කෙටියෙන් බොහෝ දේවල් ටිකක් මේ කිව්වේ.FB ........... etc etc වගේ දේවලුත් මේකට අදාලයි..බුද්ධියෙන් අවංකව හිතට එකඟව පෝස්ට් එක කියවන්න .. වැරද්දක් කොහේ හරි වෙමින් යනවා නම් අඩුම ගානේ ඒක තේරුම් ගැනීම හරි වටිනවා ..සමහර වැරදි වෙනවා ජීවිතේදී .. ඒවට වෙන විසදුම් නැහැ...ඒ දේවල් වලට බණ කියන මේ මා ළඟත් විසදුම් නැහැ ... වැරද්දක් කොහේ හරි වෙමින් යනවා නම් අඩුම ගානේ ඒක තේරුම් ගැනීම හරි වටිනවා විසදුම් නැතත්...!

ඔබ එන තුරා , කෙනෙකු ඇත මඟ බලා ...



පුද්ගලික ජීවිතයේ මෙවැනි සිද්ධි ගැන පසුව කතා කරමු..ඒ ගැනත් කතා කරන්නම ඕනේ..

77 comments:

  1. ගනන් මිනුම් හරිද කියලනම් දන්නෙ නෑ. ඒත් මමත් මේක කරන්නෙ පාලුවට, හැබැයි මෙහෙ ඉතින් මම වෙලාව දෙන්න ඕනි කෙනෙක් නැති නිසා ප්‍රශ්නයක් නෑ. සැමි අයියා ආවාහම නම් මෙච්චර බ්ලොග් එකේ රැදෙන්න අදහසක් නෑ. ඒත් ඒකාකාරී බව නැති කරගන්නයි, ලියන්න තියන උවමනාව නිසායි බ්ලොග් එක නවත්තන එකක් නෑ. කොහොමත් මම සැමි අයියට දීලා තියෙන්නෙ ෆෝන් එක එහෙම බල බල හිටියොත් කොයි තරම් ලොකු ගානක එකක් උනත් පොලවෙ ගහනවා කියලා. මොකද කොයි වෙලේත් එයා ඒක දිහා බලාගත්ත ගමන් තමයි..

    ReplyDelete
    Replies
    1. \\ගනන් මිනුම් හරිද කියලනම් දන්නෙ නෑ.///
      මේවා හරි අනේ ..බොරු නම් විදුලි හා ජල අධිකාරියෙන් අහල බලන්න ..[im]http://lankawap.com/xhtml/smilies/spy.gif[/im]


      \\\ඒත් මමත් මේක කරන්නෙ පාලුවට, හැබැයි මෙහෙ ඉතින් මම වෙලාව දෙන්න ඕනි කෙනෙක් නැති නිසා ප්‍රශ්නයක් නෑ.///

      ඔයා නම් මේ දේවල් වැරදියට පාවිච්චි කරන්නේ නැහැ කියල තේරෙනවා
      නදිනි ..ඔයා ඉතින් ඔයාගේ පාඩුවේ සාස්තරයක් බලන් පාඩුවේ ඉන්න ළමයනේ...[im]http://lankawap.com/xhtml/smilies/hehe.gif[/im]


      \\\සැමි අයියා ආවාහම නම් මෙච්චර බ්ලොග් එකේ රැදෙන්න අදහසක් නෑ. ඒත් ඒකාකාරී බව නැති කරගන්නයි, ලියන්න තියන උවමනාව නිසායි බ්ලොග් එක නවත්තන එකක් නෑ. ///

      ඕනේ තරම් එහෙම හැම දේම සමබරව ගෙනියන අය ඉන්නවා නදිනි ..දවසට පැය
      2 වගේ net ආවාම ඇති ඔය හැම දේටම ..කියවන්නයි ලියන්නයි...
      දිගටම ලියන්න ..සැමි වත් අපිට අඳුන්වල දෙන්න ..එයටත් ලියන්න කියමු අපි..[im]http://lankawap.com/xhtml/smilies/delete.gif[/im]


      \\\කොහොමත් මම සැමි අයියට දීලා තියෙන්නෙ ෆෝන් එක එහෙම බල බල හිටියොත් කොයි තරම් ලොකු ගානක එකක් උනත් පොලවෙ ගහනවා කියලා. මොකද කොයි වෙලේත් එයා ඒක දිහා බලාගත්ත ගමන් තමයි..///


      හපොයි ..[im]http://www.banglatorrents.com/images/smilies/btnew/bt_omg02.gif[/im] සැමියා පව් අනේ ... හෙමීට පොළොවේ ගහන්න ..කුඩුම වෙලා
      ගියොත් වැඩක් නැහැ ..කෑලි ටික සෙලෝ ටේප් කරලා කෑලි එල්ලන් කතා
      කරන්න පුළුවන් මට්ටමට පොළොවේ ගහන්න ...[im]http://lankawap.com/xhtml/smilies/hehe.gif[/im]

      Delete
  2. මං නං ඉතිං ඔය එක එක තත්ව වලින් ඉක්මණට වෙනස් වෙන ජාතියේ එකෙක් නිසා එච්චරම ගානක් නෑ...කාලයක් එල්ලිලා බ්ලොග් බැලුවා... දවසම ... මේ දවස් ටිකේ එපා වෙලා ඉන්නවා කියවන්න කියලා මේ ලෝකේ දෙයක් මේකේ නැති නිසා.. ඕවා ඔහොම තමයි අප්පා.. හැබැයි ෆෙස් බුක් තත්වෙ බ්ලොග් තත්වෙට වඩා වෙනස් කියලා මට හිතෙනවා... පේන විදියට.. මට නම් ඒ ලෙඩේ හැදිලම නැති නිසා අත්දැකීම් නෑ... ඒත් දන්න අයට හැදිලා තියෙන නිසා බ්ලොග් වලට වඩා පරිස්සම් උනොත් හොඳයි ෆේස් බුක් එකෙන්....

    ReplyDelete
    Replies
    1. \\\මං නං ඉතිං ඔය එක එක තත්ව වලින් ඉක්මණට වෙනස් වෙන ජාතියේ එකෙක් නිසා එච්චරම ගානක් නෑ..///

      මාත් මෙන්න මේ ගොඩේ ..කාලෙන් කාලෙට එක එක පිස්සු ..මේ ටිකේ නම්
      ඔහේ ඉන්නවා වැඩ වැඩි නිසා..

      \\\මේ දවස් ටිකේ එපා වෙලා ඉන්නවා කියවන්න කියලා මේ ලෝකේ දෙයක් මේකේ නැති නිසා.. ///


      මාත් බ්ලොග් ලිපි බලන්නේ TV රේඩියෝ පත්තර බැලෙන්නේ නැති නිසා හිරු..
      ඇත්තටම බ්ලොගක් බලන් ඉන්න එක හොඳයි සාපේක්ෂව ...ලේ රත් වීම එහෙම
      අඩුයි නෙව ...



      \\\හැබැයි ෆෙස් බුක් තත්වෙ බ්ලොග් තත්වෙට වඩා වෙනස් කියලා මට හිතෙනවා... පේන විදියට.. මට නම් ඒ ලෙඩේ හැදිලම නැති නිසා අත්දැකීම් නෑ... ඒත් දන්න අයට හැදිලා තියෙන නිසා බ්ලොග් වලට වඩා පරිස්සම් උනොත් හොඳයි ෆේස් බුක් එකෙන්.... ///

      කාටවත් කියන්න එපා මාත් දැන් හොරෙන් හොරෙන් යනවා ...[im]http://lankawap.com/xhtml/smilies/shy.gif[/im]

      Delete
  3. එදිනෙදා වැඩ අස්සෙ වෙ‍නසකට බ්ලොග් බලන්නෙ... ලියන්නෙ... දැන් ටිකක් ඈත් වෙලා ඉන්න හිතිල තියෙන්නෙ ඉහත සඳහන් කිසිම හේතුවක් නිසා නෙවෙයි... ඇස් දෙක පරිස්සම් කර ගන්න ඕන නිසා... පොතුත් කියවන නිසා ඇස්වලට දැනෙන වෙහෙස, පීඩනය වැඩි... රතු එළි දැල්වෙන බව දැනෙනවා...

    මේ ලිපියෙන් අවධානය යොමු කරන කාරණය ඉතාම වැදගත්... අපේ ජීවිතවල සමීපතම බැදීම් නැති කර ගන්න එක මෝඩකමක් අන්තර්ජාලය නිසා...

    ReplyDelete
    Replies
    1. \\\එදිනෙදා වැඩ අස්සෙ වෙ‍නසකට බ්ලොග් බලන්නෙ... ලියන්නෙ... ///

      හිරුට කිව්වා වගේම මාත් බ්ලොග් ලිපි බලන්නේ TV රේඩියෝ පත්තර බැලෙන්නේ නැති නිසා ..


      \\\\ඇස් දෙක පරිස්සම් කර ගන්න ඕන නිසා... පොතුත් කියවන නිසා ඇස්වලට දැනෙන වෙහෙස, පීඩනය වැඩි... රතු එළි දැල්වෙන බව දැනෙනවා... ///
      මට නම් දැන් පරක්කු වැඩි තරුරිසි ..මගේ වැඩ නිසාම මම කාලයක්
      තිබ්බා පැය 30 - 50 එක දිගට ස්ක්‍රීන් 80 විතර දිහා බලන් වැඩ කරන්න
      උන ..සමහර දාට මම එළිය දකින්නේ දවස් 4 කට වගේ පස්සේ..මට නම්
      කණ්ණාඩි නැතුව අඩි 3, 4කට එහා පේන්නේ නැහැ ...

      මෙන්න මේක බලන්න ඉඩක් තියෙන වෙලාවට ...

      රූපවාහිනී ආයතනයක ප්‍රධාන පාලක මැදිරිය


      \\\මේ ලිපියෙන් අවධානය යොමු කරන කාරණය ඉතාම වැදගත්... අපේ ජීවිතවල සමීපතම බැදීම් නැති කර ගන්න එක මෝඩකමක් අන්තර්ජාලය නිසා... ///

      මේ සුන්දර තිර මත මැවෙන ලෝකය වෙලාවකට අපිටත් අඳුන ගන්න
      බැරි වෙනවනේ තරු රිසි ..ඒ වෙලාවට නොදැනීම අපේ පුද්ගලික ජීවිතේ
      අයට ලොකු අසාදාරනයක් වෙනවා ..අන්න ඒකයි මේ ප්‍රශ්නේ..ඒ අයට
      දුකක් නොදී ඕනේ දෙයක් ..මම මේ ලිපියෙන් කතා කලේ ඒ ගැන අද ..
      දුවලා පුතාල ඉන්න අය එහෙම විශේෂෙන් මේ ගැන හිතන්න ඕනේ..
      බ්ලොග් ලෝකෙට වඩා දරුවන්ට අපිව ඕනේ...

      ගොඩක් ස්තූතියි තරුරිසි මේ ගැන අදහස් කිව්වට ..විවේක වෙලාවට නැවත
      එන්න ...


      Delete
  4. මල්ලියේ කොහෙන්ද බන් උඹ මේ stats ගත්තේ? අපි ඉන්නේ ඔකේ කොතනද?

    ඔන්න ඕන එකෙක් කියලා මමත් මේ බ්ලොග් එක අතහැරලා දානවා.

    ReplyDelete
    Replies
    1. \\\මල්ලියේ කොහෙන්ද බන් උඹ මේ stats ගත්තේ?///

      මම අධිරාජ්‍යවාදී යුරෝපා ගැති පහත් මානසිකත්වයෙන් හෙබි
      පිරිසකගේ ආධාර පැතුවා මේ දේවල් හොයා ගන්න ..[im]http://lankawap.com/xhtml/smilies/diablo.gif[/im]ඊට පස්සේ
      කහ වතුර ඉහලා දුන් අල්ලලා දේශීය මුහුණුවරකින් ඉදිරිපත් කරා ..[im]http://lankawap.com/xhtml/smilies/legi.gif[/im]

      \\\අපි ඉන්නේ ඔකේ කොතනද?///
      ඔබ තුමා දිනකට පැය 6 කට වඩා ඔය පුටුවෙමයි..[im]http://lankawap.com/xhtml/smilies/ayyo.gif[/im]ඔයාගේ කනෙක්ෂන්
      එක always online .pc එක දවසට පැය 15 විතර වැඩ..[im]http://lankawap.com/xhtml/smilies/shy.gif[/im]


      \\\ඔන්න ඕන එකෙක් කියලා මමත් මේ බ්ලොග් එක අතහැරලා දානවා.///

      එපා එපා ..ෆන් එකට සෙට් වෙන්න ...අපේ ආතල් නම් කඩල
      යන්න එපා අයිලෂ් අයියේ ..[im]http://lankawap.com/xhtml/smilies/aaa.gif[/im] කොහේ ගියත් ජාලේ කාල් ගාන්න
      එන්න දේශකයා වගේ...[im]http://lankawap.com/xhtml/smilies/stir.gif[/im]



      Delete
    2. යන්න එපා අයියා යන්න එපා

      Delete
  5. කොහොමද බං මේ සමීක්ෂණය කරේ..? මම නම් බොග ලියන්නේ ආතල් එකට...අපි ලියපු දෙයක් කවුරු හරි ඇවිත් කියවල කමෙන්ට් එකක් දාල යනවනම් මට ඒක හෙන ත්‍රිල් එකක්. කොටින්ම කියනවනම් ආත්ම තෘප්තියක්. ඔෆිස් එකේ නිකන් ඉන්න වෙලාවට කරන්න වැඩක් නැති හින්දා මම නම් කරන්නේ බ්ලොග් ලියන කියන එක. දරුණු ඇබ්බැහි වීමක් නෑ...බ්ලොග් කියන්නේ අමුතු ආතල් එකක්. ඒත් බ්ලොග් කියන්නේ /ෆේස්බුක් කියන්නේ ජීවිතේම කියලා හිතාගෙන ඉන්න අයට නම් පුතෝ මානසික වෛද්‍යවරයෙක් හම්බුනොත් හොඳයි වගේ දැන්ම ඉඳන්. හැමදේකටම සීමාවක් තියනවා. බ්ලොග් කියන්නෙත් ජීවිතේ එක අංගයක් විතරයි.

    ReplyDelete
    Replies
    1. \\\කොහොමද බං මේ සමීක්ෂණය කරේ..? ///

      අප්සරා ගැන දැනගත්ත විදිහෙම්ම තමයි..:P

      \\\\මම නම් බොග ලියන්නේ ආතල් එකට...අපි ලියපු දෙයක් කවුරු හරි ඇවිත් කියවල කමෙන්ට් එකක් දාල යනවනම් මට ඒක හෙන ත්‍රිල් එකක්. කොටින්ම කියනවනම් ආත්ම තෘප්තියක්. ඔෆිස් එකේ නිකන් ඉන්න වෙලාවට කරන්න වැඩක් නැති හින්දා මම නම් කරන්නේ බ්ලොග් ලියන කියන එක. දරුණු ඇබ්බැහි වීමක් නෑ...//

      අන්න හරි පැතුම් මෙන්න මේක තමයි විය යුත්තේ ..තමන්ට ලැබෙන
      නිදහස් කාලය හරි විදිහට භාවිතා කිරීම ..නැතුව අපේ වටිනා කාලය මේ වෙනුවෙන්
      වැය කිරීම නෙවේ කල යුත්තේ..පැතුම් නම් ගාණට මේකේ අර්ථය වටහාගෙන
      වගෙයි..සතුටුයි පැතුම්...


      ස්තූතියි පැතුම් මේ පැත්තට ආවට ..ඉඩක් තියෙන වෙලාවට නැවත එන්න ...
      අවුරුදු එහෙම කොහොමද මෙදා පාර ...?

      Delete
  6. ඇබ්බැහි වෙච්ච කාලයක් තිබුන. දැං නං එහෙමකට නෑ.

    ReplyDelete
    Replies
    1. ඒ කිව්වේ දැන් ඇබ්බැහි වෙන්න තරම් දෙයක් නැහැ කියලද රාජ් ..:P
      ස්තූතියි මචන් මේ පැත්තට ආවට ..ආයේ වරෙන් පුළුවන් වෙලාවට...

      Delete
  7. ගණන් මිනුම් ගත් විදිය ගැන කියවුණානම් මසුරං ම තමා. අනික් කාරණා ගැන නං විවාදයක් නැති තරම්ම තමා. මම බේලොග ලියන්න ගත්තේ රැකියාවේ ඇතිවන පිඩන තත්ත්වයන් මගැරගන්නයි. ඒ කියන්නේ ඒ කාලේ රට පුරා ඇවිද්මින් කළ දේවල් මේ වෙනකොට අසුනකට හිරවෙලා ඉදගන බලා ඉන්න වෙලා. ඒ අතරේ අවුරුද්දකට සැරයක් දෙකක් වෙනත් රටක නම් ඇවිද්න්න ලැබෙනවා. ඒ තොරතුරු හුවමාරු කරගන්න අදහස තමයි මුලින්ම තිබුණේ. දැන් එය ඔබ කි සේම වෙනත් මානයන්ට ගිහින් වගේ... මා තව වරක් මේ ගැන හිතනවා.කොහොමත් මා අවම ලෙස දිනකට පැට 10කට වඩා කාලයක් පරිගණක තුනක් ඉදිරියේ රැදී ඉන්නවා. ඒ බ්ලොග් නිසාවත් එෆ් බි නිසාවත් නොවේ රස්සාව නිසා. ඒ අතර බ්ලොගටත් කාලය යොදවනවා. ආයිමත් ගෙදර යන්නට ඇති පැය දෙකත් බ්ලොග වෙනුවෙන් වැය කරනවා.. ඒත් උදේ වැඩට එන පැය දෙක නම් පොත් කියවන්න තමා. මේ සේරම මගේ සාමාන්‍ය කාලයෙන් තමයි..

    ReplyDelete
    Replies
    1. ඒ වගේම සහන් ඔයාගේ සමීක්ෂණේට අනුව මං ඉන්නේ කොයි තැන ද? ඒකත් දැන ගන්න ආසයි.

      Delete
    2. \\\ගණන් මිනුම් ගත් විදිය ගැන කියවුණානම් මසුරං ම තමා. අනික් කාරණා ගැන නං විවාදයක් නැති තරම්ම තමා.///

      නලින් අයියගේ pvt මේල් ඇඩ්රස් එක දෙන්නකෝ මට...

      \\\මම බේලොග ලියන්න ගත්තේ රැකියාවේ ඇතිවන පිඩන තත්ත්වයන් මගැරගන්නයි. ඒ කියන්නේ ඒ කාලේ රට පුරා ඇවිද්මින් කළ දේවල් මේ වෙනකොට අසුනකට හිරවෙලා ඉදගන බලා ඉන්න වෙලා. ඒ අතරේ අවුරුද්දකට සැරයක් දෙකක් වෙනත් රටක නම් ඇවිද්න්න ලැබෙනවා. ඒ තොරතුරු හුවමාරු කරගන්න අදහස තමයි මුලින්ම තිබුණේ. දැන් එය ඔබ කි සේම වෙනත් මානයන්ට ගිහින් වගේ... ///////

      ගොඩක් අය එන්නේ " ඔන්න ඔහේ මෙහෙම එකක් වත් පටන් ගන්නවා "
      කියල..පස්සේ තමංම නොදැන ගොඩක් දුරක් යනවා නලින් අයියේ.මේ මැවෙන
      ලෝකය හරි ලස්සනයි නෙව ..ඒත් ඉතින් අපේ වචනයක් අහන්න , ආදරෙන්
      ඔලුව අත ගාව ගන්න කැමති පිරිසක් ගෙදර ඉන්නවා කියන දේ අමතක කරන්න
      හොඳ නැහැ ..ඒ නිසාමයි මම මේ දේ ලිව්වේ නලින් අයියේ...
      ඔයාගේ බබාලා දෙන්නා කොහොමද දැන් ..ලොක්කි මේ පාරද o / l කලේ ..?



      \\\මා තව වරක් මේ ගැන හිතනවා.කොහොමත් මා අවම ලෙස දිනකට පැට 10කට වඩා කාලයක් පරිගණක තුනක් ඉදිරියේ රැදී ඉන්නවා. ඒ බ්ලොග් නිසාවත් එෆ් බි නිසාවත් නොවේ රස්සාව නිසා.///

      රස්සාව වෙනුවෙන් නම් කොච්චර pc එක්ක කාලේ ගෙව්වත් මුකුත්
      කියන්න බැහැ ..ඒක ඉතින් රාජකාරිය ..ඕකෙත් පොඩි ගතියක් තියෙනවා
      නේද ..?

      \\\\ඒ අතර බ්ලොගටත් කාලය යොදවනවා. ආයිමත් ගෙදර යන්නට ඇති පැය දෙකත් බ්ලොග වෙනුවෙන් වැය කරනවා.. ඒත් උදේ වැඩට එන පැය දෙක නම් පොත් කියවන්න තමා. මේ සේරම මගේ සාමාන්‍ය කාලයෙන් තමයි.. ////


      විවේක කාලයෙන් බ්ලොග් ටිකත් බලලා , පොතක් දෙකකුත් කියවල
      හැම දේම ගාණට කරනවානම් හරි නලින් අයියේ...හැබැයි මම පත්තර
      කන්තෝරුවක හිටියනම් පොතක් තියා කඩල ගොට්ටක් වත් ගන්නේ නැහැ
      කඩදහි වලින් හදපු .....[im]http://lankawap.com/xhtml/smilies/delete.gif[/im]

      \\\\ඒ වගේම සහන් ඔයාගේ සමීක්ෂණේට අනුව මං ඉන්නේ කොයි තැන ද? ඒකත් දැන ගන්න ආසයි.///


      ප්‍රතිඵල වල හැටියට ඔබත් ඉන්නේ අවදානම් කළාපයේ ....[im]http://www.banglatorrents.com/images/smilies/btnew/bt_omg02.gif[/im]




      Delete
    3. ndilruksha@gmail.com මගේ ලිපිනය. ලොක්කි ලබන අවුරුද්දේ තමා විභාගේ ලියන්නේ. ඒ දෙන්නම වෙනුවෙන් තමා මගේ සති අන්තය වෙන් වෙලා තියෙන්නේ.ලිංකු එකක්වත් වැඩ නැත මලයෝ..

      Delete
    4. ලිංකු වැඩ නැහැ කිව්වේ නලින් අයියේ ? මම මේ දාල තියෙන
      කෝඩ් ගැනද කිව්වේ කමෙන්ට් එක්ක ? ඒවා ඔක්කොම ලෝඩ්
      වෙනකම් ඉන්න ..ඒ පුංචි පුංචි පින්තූර වගයක් දාල තියෙන්නේ ...

      මම මේල් එකක් දාන්නම් ඔයාට...

      Delete
  8. [box]Yes, it's correct... i'm back to studies...!!![/box]

    ReplyDelete
    Replies
    1. මටත් දැනගන්න ඕන මං ඉන්න තැන............

      Delete
    2. ඉන්න බලන්න ..ඔයා සතියටම පැය 5 වගේ ඉන්නේ( දිනකට නෙවේ ) ..සාර්ථකයි..
      දෙවෙනි වටයට සුදුසුකම් සපුරනවා ..මෙන්න ආදර්සෙට අරන් හැදෙනවා නම් හැදෙන්න
      ළමයි...බොහොම සන්තෝෂයි බොහොම සන්තෝෂයි....[im]http://lankawap.com/xhtml/smilies/old.gif[/im]

      Delete
  9. එක ඇත්ත සමබර තාවය ජීවිතයට ගොඩක් වැදගත් අපිට පුද්ගලික ජීවිතයක් සමාජ ජීවිතයක් කියල දෙකක් තිබුනා දැන් virtual ලෝකෙකුත් එකතු වෙලා.මේ හැමදේම කළමනාකරණය කරගෙන තමන්ගේ සැබෑ චරිතය සැබෑ ජීවිතය සමග ගලපාගෙන ජීවත් වෙන එක තමයි සාර්ථකත්වය....

    ReplyDelete
    Replies

    1. ඔව් මොරබ්බා දැන් මේ online දේවල් නිසා අපිට පිට ලෝකෙට වඩා මේ
      ලෝකේ හොඳයි , හරි ලස්සනයි වගේ හිතෙන අවස්ථා එනවනේ..එක මොහොතෙන්
      ලෝකේ ඕනේ තැනක කෙනෙක් එක්ක සම්බන්ද වෙන්න පුළුවන් ..ඉතින් සමහර
      අවස්ථා වලදී අපි නොදැනුවත්වම online වැඩ වලට කාලය වැඩිපුර වෙන් කරනවා..

      ඒකෙන් පාඩු වෙන්නේ අපේ ජීවිත වල ඉන්න හැබෑ මිනිස්සුන්ට ..විශේසෙන් දරුවෝ ,
      ප්‍රේමවන්තිය/වතා ..ඒ අයට හානියක් , දුකක් නොදී ඕනේ දෙයක් ..මම මේ පෝස්ට්
      එක දැම්මේ ගොඩක්ම ඔන්න ඔය හේතුව මත ..


      ස්තූතියි මොරබ්බා මෙහි පැමිණීම ගැන ..ඉඩක් ඇති වෙලාවට නැවත එන්න ..
      ( පෝස්ට් එකේ හැටියටනම් නැවත එන්න කියන එකත් හරි නැහැ වගේ..
      නිකන් බණ කිය කියා දුම්මැස්ස අත ගානවා වගේ වැඩක් නෙව...)

      Delete
  10. මමත් ගාණට බ්ලොග් කරන කෙනෙක් කියලා හිතෙනවා.විවේක වෙලාවට විතරයි බ්ලොග් ලියන්නෙ.බොහෝ වෙලාවට දවසට දෙසැරයක් වගෙ ලොග් වෙනවා.සමහර දවසට ලොග් වෙන්නේම නැහැ.ඉතින් අද්දියාපන කටයුතුත් එක්ක කොහොමත් වැඩි වෙලාවක් නැහැ නොවැ!!

    ReplyDelete
    Replies
    1. ඔව් වර්ෂත් බොහොම හික්මීමකින් බ්ලොග් වලට යන එන කෙනෙක් කියල
      තේරෙනවා ..යන්නෙත් සීමිත බ්ලොග් කීපෙකට විතරනේ ...අනිත් දේ වර්ෂා
      ඔයා වටා තියෙන පුද්ගලික ජීවිතේ හැටියට ඔයාට බ්ලොග් වලින් ගන්න දෙයක් නැහැ ..
      ඒ කිව්වේ ඔයාගේ පුද්ගලික ජීවිතේ ඇසුරු කරන අය ගොඩක් දැනුම් තේරුම් ඇති අය ..

      ඒ නිසා ඔයා මේවට බැඳෙන්නේ නැති එක පුදුමයක් නෙවේ ..හැබැයි එතැනදී ඔයාට
      කරන්න යුතුකමක් තියෙනවා..ඒ තමයි ඔයා ළඟ තියෙන වටිනා දේවල් ,
      දැනුම , අදහස් සිංහල බ්ලොග් අවකාශෙට එකතු කරන එක ..මේ දේවල්
      අවුරුදු ගාණකට අන්තර්ජාලයේරැඳෙවී ...

      ඒ නිසා මම කැමති ඔයා ගොඩක්ම සාහිත්‍ය ලිපි එහෙම එකතු කරනවනම් ..
      ඔයාගේ වට පිටාවේ ඉන්න අයගෙත් උදව් ඇතුව එහෙම දේවල් කරන්න ..
      සංදේශ කාව්‍ය ටික , දුර්ලභම දුර්ලභ ලේඛන, කවි , ගද්‍ය මාලා , එවැනි
      නිර්මාණ කරපු අය ගැන විස්තර ගැන එහෙම හොඳ
      පරියේෂණාත්මක ලිපි ටිකක් ලියන්න A / L කරන අතරේ ලැබෙන විවේකයට ..

      අනිත් එක දෙකම එකම මාතෘකා යටතේ යන නිසා පහසුවක් වේවි ..විභාගෙටත්
      හොඳ අත්වැලක් වේවි එහෙම තොරතුරු හොයල ලියන ලිපි...


      ස්තූතියි වර්ෂා කමෙන්ට් කලාට ..නැවත එන්න ...

      Delete
  11. සහන් මම නම් ලියන්නෙ අත්දැකීම් බෙදා ගන්නයි අලුත් යාළුවො හඳුනා ගන්නයි.
    මාත් අවදානම් කලාපයේද?

    ReplyDelete
    Replies
    1. හැලපේ අයියත් ඉතාම වේගයෙන් virtual ලෝකය දිහාට
      එනවා...හැබැයි මුළු පවුලම මේකෙන් විනෝදයක් ලබනවා
      ඔයාලගේ දිහා නම් ...ඒ නිසා කමක් නැහැ..සිය පවුල පිටිම්මනේ
      කරන හැම දේම කරන්නේ..අනිත් එක ඔයා මෙහෙම වත් සැහැල්ලුවක්
      ලබන එක හොඳයි..ඔයා කොහොමත් සමාජ ඇසුර ප්‍රිය කරන කෙනානේ ...

      ඔයා මේ ටිකේ වැඩිපුර net හිටියත් ඒකෙන් ඔයාගේ පවුලේ සාමාජිකයන්ට
      නම් ලොකු ගැටළුවක් තාම නැහැ...ඕනම දෙයක් විනෝදෙන් කරන්න
      දස්සයා නෙව ඔයා ..වේගේ වැඩි උනාට හැප්පෙන එකක් නැහැ ...
      හොඳ කප්පිත්තෙක් වෙච්චි කොට ...

      ( එහෙම නොවෙන්න මෙලහට බ්ලොග් ලියන්න ඉතුරු වෙන්නෙත් නැහැ ..
      මම වැරදි නම් කෙලිම්ම කියන්න වැරදි කියල ..! )

      Delete
  12. කාලයක් තිබ්බ බ්ලොග් එක පලාතේ ආවෙ නැති. ඒ කාලේ පාඩම් වැඩ වලට මුල් තැන දුන්න නිසා අන්තර්ජාලේ පැත්තෙ වැඩිපුර යන්න උනේ නෑ. ඒත් දැන් ටිකක් විවේකයෙන් ඉන්න නිසා වැඩිපුරම කාලෙ ගෙවෙන්නෙ ඉන්ටර්නෙට් එකයි පොත් එක්කයි තමයි. ආයෙත් ටික දවසකින් මේ දේවල්වලින් ඈත් වෙලා අනිත් වැඩ ගැන හිතන්න පටන් ගන්න වෙනවා. එතකොට නම් ආසාවටවත් අන්තර්ජාලෙ පැත්තෙ එන්න ලැබෙයිද දන්නෙ නෑ.
    කොහොම උනත් මේ සටහන සෑහෙන්න හිතන්න දෙයක් ඉතුරු කරනව...

    ReplyDelete
    Replies
    1. මටත් ඔය දේ වෙනවා චම්ස් ..එක කාලෙකට net එන්නෙම නැහැ .
      තව කාලෙකට එනවා ..එහෙම ආවම පැය 10 විතර ඉන්නවා ..

      කොහොම නමුත් චම්ස් FB සහ chat rooms වලට වඩා නම් බ්ලොග්
      හොඳයි කීප ගුණයක් ..මොකද වෙන කෙනෙක්ට ඩිංගක් හරි වැදගත්
      දෙයක් දෙන්න පුළුවන් නිසා..

      FB ගියා නම් like , share කර කර ඉන්නවට වඩා වෙන දෙයක් නැහැනේ..
      ඒ අතින් බ්ලොගර් හොඳයි..අපේ පුද්ගලික ජීවිතේ පුද්ගලයන්ට දුකක් , සිත්
      රිදවීමක් නොකර මේ දේවල් කරනවා නම් හරියටම අපි සාර්ථකයි..!

      ඔයා දැකලා තියෙනවද මල් කැකුළු , සත් සමුදුර බ්ලොග් ..අන්න ඒවා කරන
      විදිහට මම හරි ආසයි..නියම වෙබ් admin කෙනෙක්ගේ භූමිකාව නිරූපණය
      වෙනවා ඒ අයගෙන් ...


      අනේ චම්ස් මම ලොකු කමෙන්ට් එකක් හදලා මේකට දාන්න යද්දී පේජ් එක
      හිර උනා ..මට දැන් කලින් අදහස් ටික ඒ විදිහටම ලියන්න බැහැ ..ඒ ටික
      හිස් අවකාශයට මුසු උනා ..



      කොහොම හරි අන්තර්ජාලයේ අනික් දේවල් වලට සාපේක්ෂව බ්ලොග් කියන්නේ
      හොඳ දෙයක්..ඒකත් අපේ පවුල් වල අයට දුකක් වේදනාවක් සිත් රිදවීමක් නොවෙන්න
      පාවිච්චි කරනවා නම් සාර්ථකයි අපි..

      ඉන්න ආයේ මතක් උනොත් ඉතුරු ටික සම්පූර්ණ කරන්නම් චම්ස් ...

      Delete
  13. අනේමන්දා මන් නම් මොන කලාපේද කියල...

    ReplyDelete
    Replies
    1. ඔයා නම් සාමාන්‍ය විදිහට ඉන්නවා ඇති මගේ හිතේ..
      කොහොම නමුත් ඔක්කොම මිම්මක් ඇතුව කරාම
      හරි ..අනිත් එක ගොඩක් අයට වයස එක්ක මේ දේවල්
      එනවා , වයස එක්ක යනවා...

      කොහොම නමුත් අමුරුවෙන් හරි ඔය ටික හරි කියාගත්ත
      එක ගැන මට සතුටුයි ඔයා ගැන ...

      ආයෙම වෙලාවක එන්නකෝ එහෙනම් ...

      Delete
  14. ඒ මම කොයි කලාපෙද ඉන්නෙ... ? බ්ලොග් එක වහලා දාන්න ඕනා.. බ්ලොග් වගේද පවුල ?

    ReplyDelete
    Replies
    1. සෙන්නත් ටිකක් කාලේ වැය කරනවා වැඩි.වැඩි කියන්නේ දෙපාරක්
      හිතන්න වෙන මට්ටමට ..ඒ කිව්වේ නිකන් හොඳටම වැඩි වගේ.
      සිරාවටම සෙන්නෝ බොලා ඉන්නේ ඉතාම අවදානම් කලාපයේ .සෙන්න
      ඉන්නවා මුල් 10 දෙනා අතර ..දවසට පැය 4 කට වඩා තනිකර online ..
      මම හරි නේද සෙන්නෝ ..?

      ඩිංගක් මචෝ දවසට පැය 2 වගේ මට්ටමට එන්න ..නිතරම පුතා එක්ක
      කාලේ ගෙවන්න ..හිතට එකඟව කිව්වොත් මම මේ කියන්නේ ඇත්ත නේද ?

      Delete
    2. මගේ අන්තර් ජාල සැරි සැරුම මෙහෙමයි මචන්.. උදෙන්ම ඔෆිස් ගිය ගමන්.. බ්ලොග් එක උඩින් පල්ලෙන් බලලා, පත්තර ටිකත් උඩින් පල්ලෙන් බලනවා.. විනාඩි 15ක් විතර.. දවල් ලන්ච් එක වෙලාවට කෑමෙන් පස්සෙ පැය භාගයක් විතර ජාලයේ සරණවා.. හවස කාමරයට ආවට පස්සෙ ඉතින් හසව හතේ ඉඳන් රෑ දොළහා විතර වෙනකම් ( ඔතනින් පැයක් සකයිප් එකේ ගෙදරට කතා කරන්න ) ජාලයේ තමා.. බ්ලොග් කියවනවා, ලියනවා, සිංදු අහනවා, ටෙලි බලනවා.. ඕවා තමා ඉතින් වැඩ.. මේ ඔක්කොම මෙහෙ ඉන්නකම් විතරයි බන්.. ලංකාවට ගියාම මම හිතන්නෙ බ්ලොග් එකත් නතර වෙයි.. මම අවධානම හදුනාගෙන ඉන්නෙ.. බලමු එන විදිහකට..

      Delete
    3. සෙන්නගේ කතාව ඇහුවම ඉතින් වෙන කරන්න දේකුත් නැහැ තමයි..
      සිංහල පුස්තකාල වත් තියෙනවා කියලයි ඔහේ නේද ..? නිකන් ගඟක්
      මුහුදක් වත් තියේ නම් නිස්කලංක වටපිටාවක් එක්ක ඒ වගේ තැනකට
      යන්න සෙන්න සතියට දවසක් දෙකක් ..

      හැබැයි සෙන්න මට තේරෙනවා ඔයාගේ තත්වේ ..හතර අතේ බිල්ඩින්ග් ගොඩක්
      මැද්දේ තමන්ගේ කියල කව්රුත් නැති ජීවිත ..( සැර වැඩිද මන්ද ) එක අතකට
      ඔය වගේ තැනක ඉද්දි වෙන වෙන දේවල් වලට යොමු නොවී මෙහෙම බ්ලොග්
      අවකාශේ ඉන්න එකත් හොඳයි සෙන්නා ..

      හිතන්න හවසට බීලා , වෙන වෙන ඒවා පස්සේ යනවට වඩා නම් සෙන්නගේ
      ප්‍රශ්නෙදි සෙන්න ඉන්න තැන හොඳයි වගේ..අපි බලමු වෙනත් අයගේ අදහස් ..



      හැබැයි රජෝ ලංකාවට ගිහිල්ලත් මෙහෙමම හැසිරුනොත් නම් ලකුණු කපනවා
      හරිය ...?

      Delete
    4. >> .( සැර වැඩිද මන්ද ) <<

      සැරක් ඇත්තෙම නෑ.. ඒක තමයි ඇත්ත..

      >> හිතන්න හවසට බීලා , වෙන වෙන ඒවා පස්සේ යනවට වඩා.... <<

      රට එන හුගක් උන් වරද්දගන්න පොටක් තමා බන් ඕක.. නිදහස, වල් බූරු නිදහසක් කරගෙන අයාලේ ගිහින් ජීවිතේ( ත ) කාලකණ්නි කරගන්නවා / කරණවා.

      ලංකාවට ගිහින් මෙහෙම හැසිරෙන්න බෑ බන්.. පොතක් කියවන්න අතට ගත්තත්.. " හ්ම්.. ඔන්න ගත්තා, ඔන්න ගත්තා ඉතින් කියවන්න" ගානවා... හෙහ් හෙහ්..

      Delete
    5. \\\\
      රට එන හුගක් උන් වරද්දගන්න පොටක් තමා බන් ඕක.. නිදහස, වල් බූරු නිදහසක් කරගෙන අයාලේ ගිහින් ජීවිතේ( ත ) කාලකණ්නි කරගන්නවා / කරණවා.///

      අන්න ඒ අතින් සෙන්න ඉහල තැනක ඉන්නවා ..අපි ඒක ගැනයි කතා
      කල යුත්තේ..මම දැකල තියෙනවා ගොඩක් කට්ටිය එකට සෙට් හදන්
      බීල බීල අප්සට්ම වෙනවා..මට වඩා සෙන්න සැබැහින් දකිනවා ඇතිනේ..

      බීමත් කමක් නැහැ කියමු..වෙන වෙන සබ්ජෙක්ට් ...! නැද්ද ? ඒ අතින්
      කාමෙරේට වෙලා මෙහෙම ඉන්න එක හොඳයි සෙන්නා ..හැබැයි මේකට
      excuse එකක් දෙන්න පුළුවන් සෙන්න ඉන්න පසුබිම එක්ක ...

      නැතුව සාමාන්‍ය ජීවිතයක් ගත කරන කෙනෙක් නම් ඔහොම ජීවිතයක්
      ගත කිරීම හොඳ නැහැ...
      මේක බලන අයත් නැත්නම් එක පාරට සෙන්නා ගැන වැරදි වැටහීමක් ගනී...



      \\\ලංකාවට ගිහින් මෙහෙම හැසිරෙන්න බෑ බන්.. පොතක් කියවන්න අතට ගත්තත්.. " හ්ම්.. ඔන්න ගත්තා, ඔන්න ගත්තා ඉතින් කියවන්න" ගානවා... හෙහ් හෙහ්..///

      මෙන්න මේවා රස කරලා කියන්නේ රවියා තමයි...සෙන්නා ලියන්න
      කියවන්න වැඩි පුර උනන්දු කෙනෙක්ද ? එහෙනම් ඉතින් ඔහොම තමයි..
      කොහෙද ඕව ගෙවල් වල මිනිස්සු තේරුම් ගන්නේ නැහැ නෙව..

      ( මේ ඒක නෙවේ අපි මාතෘකාවට ලම්භකව නේද මේ දැන් දැන් යන්නේ ඈ )

      Delete
    6. සෙන්නා......උඹ බ්ලොග් වලට ඉන්නම ඕන චරිතයක් බං. ලංකාවට ආවත්...ඉඳහිට බ්ලොග් වලට වරෙන්.

      Delete
  15. මං දිනපතා පැය 3ක් වගේ බ්ලොග් කියවනවා. ඒත් ලියන්නෙ සතියකට පෝස්ට් එකක් හෝ දෙකක් වගේ තමයි... FB,G+,Twitter,YouTube, Forums අනං මනං හැමතැනම ඔය වෙලාවෙ රිංඟනවා.. ඒකෙන් තමයි ජීවිතේ ඒකාකාරි බව ටිකක් හරි නැති වෙන්නෙ...

    මේක මගේ ජීවිතේට බලපෑමක් උන දවසට මේ ඔක්කොම නවත්වනවා.......... සිම්පල් ප්ලෑන් එකක්නේ

    ReplyDelete
    Replies
    1. \\\මං දිනපතා පැය 3ක් වගේ බ්ලොග් කියවනවා. ඒත් ලියන්නෙ සතියකට පෝස්ට් එකක් හෝ දෙකක් වගේ තමයි... ////

      මම නම් වසරක දෙකක නිහැඬියාවකින් පස්සේ මේ ආවේ පසු
      ගිය මාස 5 ට කලින්..ඒ ආව දා ඉඳන් ගොඩක් විට දවසට පැයක්
      දෙකක් online හිටියා ..හැමදාමත් නෙවේ ...

      \\\\FB,G+,Twitter,YouTube, Forums අනං මනං හැමතැනම ඔය වෙලාවෙ රිංඟනවා.. ///


      හපෝ මම ඕවගේ යන්නේ නැහැ..මට මහා බරක් ඔය FB සහ G +
      එහෙම ..අනේ මන්ද බන් මට ආසාවක් එන්නෙම නැහැ නෙව...


      \\\\ඒකෙන් තමයි ජීවිතේ ඒකාකාරි බව ටිකක් හරි නැති වෙන්නෙ... //


      මම නම් ........
      එක්කෝ ඕනේ නැහැ ...:P [im]http://lankawap.com/xhtml/smilies/legi.gif[/im]


      \\\
      මේක මගේ ජීවිතේට බලපෑමක් උන දවසට මේ ඔක්කොම නවත්වනවා.......... සිම්පල් ප්ලෑන් එකක්නේ///

      ඔව්වා කියන තරම් ලේසි නැහැ පුතෝ කරන්න ගිය දාට...
      ඕන් බලහන්කො මම කියන දේ ...[im]http://lankawap.com/xhtml/smilies/old.gif[/im]


      ස්තූතියි යසිත් මේ පැත්තට ගොඩ වැදුනට...නැවත එන්න...

      Delete
  16. මගේ නම් දුකට සැපට ලැපා තමා ඉන්නේ,හැබැයි ජොබ් 1 කරන වෙලාවට අවස්ථාව තිබුනත් FB වත් බ්ලොග්වත් බලන්නේ නෑ.ගෙදර ආපු වෙලාවේ සිට නිදන්න යන තෙක් ජාලේ තමා.මං බ්ලොග් ලියන්න ගත්තේ ඒ දවස්වල තිබුණු අධික මානසික පීඩනය නැති කරගන්න

    ReplyDelete
    Replies
    1. මට නම් FB ඒ කාලෙත් හිතට ඇල්ලුවේ නැහැ ..දැනුත් අල්ලන්නේ
      නැහැ හසරැල් ..මේ ළඟදී FB එකක් හැදුවා ..ඒත් set වෙන්නේ නැහැ ..
      අනේ මන්දා ...මම වැඩිය sociable නැති නිසා වෙන්නැති..FB නම්
      එපාම වෙනවා ..log උන ගමන් එක එක්කෙනාගේ කුණු කන්දල් ටික
      පෝලිමට එනවා . hi , bye , how sweet ... ඕවට වැඩිය දෙයක් නැහැ ..

      එක්කෝ ජාති වාදය , ෆේස් බුක් වීර පුරන් අප්පුලා ...ඉතින් එපා නොවෙයිද ..?

      \\\\ගෙදර ආපු වෙලාවේ සිට නිදන්න යන තෙක් ජාලේ තමා.මං බ්ලොග් ලියන්න ගත්තේ ඒ දවස්වල තිබුණු අධික මානසික පීඩනය නැති කරගන්න////


      මම net නාවට මාත් ගත කරන්නේ විකෘති ජීවිතයක් තමයි හසරැල් ..
      බලමු වැරදි හොයාගත්තට පස්සේ වත් මේවා වෙනස් කරගන්න .


      ස්තූතියි හසරැල් මේ පැත්තේ ඇවිත් අදහසක් කියල ගියාට ..නැවත
      එන්න ...

      Delete
  17. මං නම් පැයයි බ්ලොග් ඉන්නේ. [im]http://lankawap.com/xhtml/smilies/hehe.gif[/im]

    මේ දවස් ටිකේ මං නෙට් ඉන්න පැය ගාණ සහන් දන්නවා ඇති. ඒත් ඒ මුළු කාලයම බ්ලොග් ම නෙවෙයි ඉතින්. FB නම් යන්නේ පෝස්ට් එකක ලින්ක් එකක් ෂෙයාර් කරන්න විතරයි වගේ. මං ඉතින් එක එක කාලෙට එක එක ඒවා. සමහර විට ඉදිරියේදී බ්ලොග් එකක් තිබුන ද කියල අමතක වෙන්නත් පුළුවන් මට.

    ReplyDelete
    Replies
    1. \\\\මං ඉතින් එක එක කාලෙට එක එක ඒවා. සමහර විට ඉදිරියේදී බ්ලොග් එකක් තිබුන ද කියල අමතක වෙන්නත් පුළුවන් මට.///

      චන්දන නම් ලියන දේවල් බලන්න මම විතරක් නෙවේ
      මුළු බ්ලොග් ලෝකයම ආසයි ..අනේ මන්ද ඇත්තටම
      කුරුවිට පැත්තේ සීතල කඳු පන්තියක් මැද්දේ ඉන්නවා
      කියලයි හිතෙන්නේ චන්දනගේ පෝස්ට් දකිද්දී ..ඒ නිසා
      මම නම් කියන්නේ දවසට පැය 2- 3 වගේ අතර කාලය වැය
      කරලා හොඳ ලිපි ටිකක් ලියන්න ..

      කොහොම නමුත් දරුවෙක් මල්ලෙක් එන්න කලින් නිදහස් කාලය
      ප්‍රයෝජනයක් ගන්න එක වටිනවා.. ...



      \\\මං නම් පැයයි බ්ලොග් ඉන්නේ. මේ දවස් ටිකේ මං නෙට් ඉන්න පැය ගාණ සහන් දන්නවා ඇති. ඒත් ඒ මුළු කාලයම බ්ලොග් ම නෙවෙයි ඉතින්.///

      මේවා පවුල් කැඩෙන වැඩ ඈ ...[im]http://lankawap.com/xhtml/smilies/slap.gif[/im]

      Delete
  18. මමනම් මේ උසස් පෙළ එහෙම ලියලා කියලා ඉවර වෙලා තමයි බ්ලොග් කෙරුවාවට බැස්සේ ඕං... දැන් නිදහස් ආතල් එකේ ඉන්න ගමන් බ්ලොග් එක ලියනවා.. ඒත් දැන්නම් ගොඩාක් කාර්යබහුල වෙලා බ්ලොග් එක සතිය ගානේ අප්ඩේට් කරන්ට වෙන්නේ නෑ.. හිතට එන හැමදේම, කරපු කරන හැම දේම, දන්න කියන හැම දේම ඉතිං මේ බොගේ අස්සෙම ඔබන එකනෙ කරන්නේ.. මට නම් හිතෙන්නේ බ්ලොග් එකක් කියවලා ගොඩාක් වෙලාවට ඒක ලියන කෙනා ගැන දළ අදහසකුත් ගන්ට බැරි නෑ, අර නදිනි අක්කා සාස්තර කියනවා වගේ.... ඔහොම ඔහොම බොගේ අප්ඩේට් එහෙම කාරිය කරලා නිදහස් වෙලාවක ඉන්න ගමන් මෙච්චර කාලයක් ලියපු පෝස්ටු ටික කියවද්දී හිතට හරි අමුතුම සතුටක් එන්නේ නැත්තේමත් නෑ....

    ReplyDelete
    Replies
    1. \\\මමනම් මේ උසස් පෙළ එහෙම ලියලා කියලා ඉවර වෙලා තමයි බ්ලොග් කෙරුවාවට බැස්සේ ඕං...දැන් නිදහස් ආතල් එකේ ඉන්න ගමන් බ්ලොග් එක ලියනවා.. ඒත් දැන්නම් ගොඩාක් කාර්යබහුල වෙලා බ්ලොග් එක සතිය ගානේ අප්ඩේට් කරන්ට වෙන්නේ නෑ.. හිතට එන හැමදේම, කරපු කරන හැම දේම, දන්න කියන හැම දේම ඉතිං මේ බොගේ අස්සෙම ඔබන එකනෙ කරන්නේ.. //


      ඒක වටිනවා මෙහෙම දෙයක් කරන එක ගැන ඔයාගේ වයස එක්ක ...
      මේ ප්‍රශ්නේ දිහා ගොඩක් බලන්න ඕනේ වයස සහ සමාජ පසු බිම එක්ක..
      දැන් බලන්න සෙන්න දිහා ..එයා ගත කරන ජීවිතේ එක්ක වෙන විසදුමක්
      නැහැ ...එතැනදී සාදාරනයි...

      හැමෝම දිහා එකම මිම්මෙන් මැනල බැහැ මේ වගේ සිද්දීයකදි..



      \\\\මට නම් හිතෙන්නේ බ්ලොග් එකක් කියවලා ගොඩාක් වෙලාවට ඒක ලියන කෙනා ගැන දළ අදහසකුත් ගන්ට බැරි නෑ, අර නදිනි අක්කා සාස්තර කියනවා වගේ.... ///


      ඔව් ඔව් සාමාන්‍ය අදහසක් ගන්න පුළුවන් ..කැමති අකමැති දේවල් ,
      එයා කරන කියන දේවල් වගේ .


      \\\\ඔහොම ඔහොම බොගේ අප්ඩේට් එහෙම කාරිය කරලා නිදහස් වෙලාවක ඉන්න ගමන් මෙච්චර කාලයක් ලියපු පෝස්ටු ටික කියවද්දී හිතට හරි අමුතුම සතුටක් එන්නේ නැත්තේමත් නෑ....///

      ඉස්සරම මටත් ඔහොම ගතියක් තිබ්බා .පස්සේ පස්සේ ගාණක් නැති උනා ..ඔයාගේ අදහස් කිව්වට
      ස්තූතියි මල්ලි ..නැවත එන්න එහෙනම් ...

      අහ් ඔයාගේ අර රා ලිපියයි , විජය ලිපියයි නම් ගොඩක් වටිනවා..
      ඒක ගැනත් කියන්නම ඕනේ..

      Delete
  19. ඉතා හොද සමීක්ෂණයක්.
    ඒ වගේම උපදේශනයත් වටිනව.
    මම ඉන්නෙ වෙළද කලාපෙද සහන් මලේ? :)

    ReplyDelete
    Replies
    1. \\\මම ඉන්නෙ වෙළද කලාපෙද සහන් මලේ? :)///

      හෙහ් හෙහ් නැහ් නැහ් එහෙම අවුලක් ඇත්තෙම නැහැ අයියේ ..:)


      ඇත්තටම මම මේ දේ දැම්මේ ගොඩක් දෙනා addict වෙමින් යන බව
      දැනුන නිසයි...බ්ලොගර් set එක මටත් අදාළ නිසයි ඒ අය ගැන විතරක්
      වෙනම දැම්මේ..

      ( අනිත් set ගැන කතා කරන්න ගියොත් ඔලුවේ අත ගහගන්නවා )


      බ්ලොගර් හොඳ දෙයක් උනත් දවසට පැය 3 කට වඩා ඉන්න එක
      හොඳ නැහැ ..අපි නොදැනුවත්ව පවුලේ සාමාජිකයන්ගෙන් ඈත්
      වෙනවා අපි ..ඒක හොඳ නැහැ නෙව පවුල් ජීවිතේට ...ඒ නිසයි
      මේ පෝස්ට් එක දැම්මේ ..ඒ මිනිස්සු පව් නේ ..


      ස්තූතියි මේ ගැන අදහසක් කිව්වට ..නැවත එන්න අයියේ..

      Delete
  20. අපි නම් බ්ලොග් ලියන්නෙ නැති නිසා අවුලක් නැහැ...

    ReplyDelete
    Replies
    1. \\\අපි නම් බ්ලොග් ලියන්නෙ නැති නිසා අවුලක් නැහැ...///


      මුලින්ම බලමු බ්ලොග් කියවන පිරිස ගැන ..

      .........තව 300 විතර ඉන්නවා හොඳටම තදින් මේ දේවල් වලට ඇබ්බැහි උන ..


      තිසර මේ ගොඩෙත් නැති නිසා අවුලක් ඇත්තෙම නැහැ ..හෙක් හෙක් [im]http://lankawap.com/xhtml/smilies/hehe.gif[/im]

      Delete
  21. සහන් සාස්තර කියන්න පටං අරගෙනද?

    මංනං බ්ලොග් එකක් ලිව්වද කොහෙද කාලෙකිං. දැංනං ටිකක් වැඩියි වගේ මේකෙ ඉන්නව. කනෙක්ෂන් එක හැමවෙලේම ඔන්ලයින් හින්ද සැරිං සැරේ එක එක ඒවට ඔලුව දාල බලනව.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න අයියා හැරී හැරී යනවා දකිද්දී මට පිස්සු
      වගේ..ඒකයි මේ තකහනියෙම ආවේ...

      ඔව් මම ටිකක් හොයල බැලුවා අංජනම්දේවතා වහ්සේ
      ගෙන්නලා කට්ටිය මොකෝ කරන්නේ කියල..හොඳ හොඳ
      ඒවා ආව අංජනමට ...


      මොනවා හරි ලියන්න ප්‍රසන්න අයියේ..නිකන් ඉන්න එපා..
      දිගටම ලියන්න ..ප්‍රමාදය ගැන බලවත් කණගාටුව පිළිගන්න ..

      Delete
  22. Replies
    1. තෑන්ක්ස් කකා ..ඒත් මේ පෝස්ට් එකේ වාක්‍ය ගැලපීම
      නම් හරි නැහැ ..මට ආයේ හදන්නත් කම්මැලි ..

      දෙතැනක " ඉන්න " කියල දෙපාරක් තියෙනවා ..


      හරි ඒ දේවල් වැඩක් නැහැ..ඔබව සාදරයෙන් පිලිගන්නවා ..
      මේ ඔබේ දෙවෙනි කොමෙන්ටුව මගේ බ්ලොගයට ..අඩුම
      තරමේ මට නිව් ඉයර් එකටවත් විස් කොරේ නැහැ නෙව ...

      හරි හරි ඒවත් වැඩක් නැහැ ..මේ මුකුත් වැඩක් නැහැ ..



      ඉඩක් තියෙන වෙලාවට නැවත එන්න කකා ...

      Delete
  23. This comment has been removed by the author.

    ReplyDelete
  24. අවුරුදු 6+ තිස්සේ මේ වැඩේ කරන මං ගැනත් ඔය සිස්ටම් එකට අනුව උපදෙසක් දෙන්නකෝ...

    ReplyDelete
    Replies


    1. මේ දරුවා නම් යහපත් කල් ක්‍රියාවෙන් පසු වෙන ගුණ ගරුක දරුවෙක් ..
      එහෙමට කියන්න වැරද්දක් නැහැ ..පොඩ්ඩක් ගැජමැටික්ස් ලෝකෙට
      ආදරේ උනාට , තමන්ගේ පවුලට ඊට වඩා ලෙන්ගතුයි..ඒ නිසා ඔය දරුවා
      බොහොම මධ්‍යස්තව ජීවිතේ ගෙනියනවා ..

      සත් සමුදුරේ දිනේශ්ගෙන් පස්සේ බොහොම වැදගත් අන්තර්ජාල පරිහරණයේ
      ඉන්නේ ඔයා ....
      +++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    2. මේක මාර සාස්තර කීමක් නේ.. :) ගුරුතුමාට ඔන්ලයින් පඩුරු දෙන්න විදියකුත් ලෑස්ති කලා නම් තමයි හොඳ.. බුලත් කොලෙක ඔතල ඊමෙල් එකක් විදියට ඇටෑච් කරන්න පුළුවන් ගාන හරියටම කිව්වනම්.. හි හි..

      Delete
    3. පිස්සුද දරුවෝ මේවා මේ කාසි පණන් වලට යට
      වෙලා කරන්න බැහැ නෙව .එහෙම උනොත් සාස්තරේ
      පිහිටන්නේ නැහැ.ඔය දරුවගේ වේලපත් කඩේ ඇත්නම්
      මහ එකෙක් එක්ක වෙලාවක ඇන්න ආවනම් මීට වඩා
      පැහැදිළිව මම කියනවා...

      ( හැබැයි ඊට පස්සේ silentsahan කියල කෙනෙක් ඔයා දන්නේ
      නැහැ ..එහෙම කෙනෙක් හම්බුනත් ඔයාට මතක නැහැ .. එකඟද ..? )

      Delete
    4. ඔය දැනට පිහිටල තියෙන සාස්තරේ හොඳටම ඇතිනේ... තව මොනව පිහිටන්නද.... :) අනේ මට මතක නෑනේ... බ්ලොග් එකට කොමෙන්ට් එකක් දැම්මා මතකයි.. ඊට පස්සේ මොකද වුණේ කියල මට මතක නෑනේ.. මෙහෙම කිව්වම හරි නේ.. :))))).... ඔය සාස්තර කියන සාස්තරේ අපිටත් පොඩ්ඩක් පැහැදිලි කරල දෙන්නකො.. අම්බානක් සංකීර්ණ ගණිත කර්ම,සූත්තර, ඇල්ජිබරා වගේ ඒව නැත්නම් විතරක් හැබැයි..

      Delete
    5. හරි එහෙනම් මෙන්න මේ තැනට ගිහින් සම්පූර්නෙන් කියවල
      එන්න ..ඊට පස්සේ කැමති නම් කියන්න ..මම ඔයාව පුංචි චාරිකාවක්
      ගෙනියනවා දවස් 3 කට ..ආයෙම එද්දී පිහිටන්න ඕනේ ඒවා පිහිටලා ,
      අමතක වෙන්න ඕනේ ඒවා අමතක වෙලා තියේවි...

      කෝ එහෙනම් එන්න මේකට ....

      යම ලොවට අධිපති යම රජ|.A horror story.

      Delete
    6. වෙද මහත්තයෝ මම චාරිකාව ගිහින් ආවේ.. කිසිම දෙයක් පිහිටපු පාටක් නම් නෑ... තව කල් යයි ද දන්නෑ නේද පිහිටන්න..

      Delete
  25. මමත් කාලයක් තිබ්බ..රෑ 7ට වාඩි උනාම රෑ 11 විතර වෙනකං බ්ලොග් කියවන. ඒත් දැන් නෑ..මම නම් පෝස්ට් ලියන්නෙත් මාසෙකට එකක් දෙකක් වගේනෙ.හැබැයි එක හොඳක් උනා.ටී .වී නම් බලන්නම හිතෙන්නෑ දැන්.

    ප්‍රශ්ණෙ මචං සමහරු සතියට පෝස්ට් 3,4 දානවනෙ එහෙම උනාම කියවන්නත් බෑ..!

    මමත් දවස පුරාම මොනිටර් එකට එබිල ඉන්න එකා වෙච්චි.. ! තව බ්ලොග් වලටත් එල්ලුනාම..????

    ReplyDelete
    Replies
    1. \\\\\\\\\හැබැයි එක හොඳක් උනා.ටී .වී නම් බලන්නම හිතෙන්නෑ දැන්.////////////

      මමත් මේ හේතුව නිසයි වීයෝ බ්ලොග් අස්සේ රිංගුවේ ..
      TV රේඩියෝ , පත්තර මට බැලෙන්නෙම නැහැ ..මම
      බ්ලොග් වල මෙහෙම රැඳෙන්න හේතුව ඔන්න ඕකයි...


      TV , රේඩියෝ වලට සාපේක්ෂව බ්ලොග් හොඳයි...



      \\\\\\\ප්‍රශ්ණෙ මචං සමහරු සතියට පෝස්ට් 3,4 දානවනෙ එහෙම උනාම කියවන්නත් බෑ..!///////


      ඔය ප්‍රශ්නේ මටත් තියෙනවා වගේම , ඔය වරද මාත් කරනවා ..
      බණ කියන්නද දුම් මැස්ස අත ගාන්නද කියල හිතා ගන්න බැහැ ...:P

      ස්තූතියි වීයෝ මේ පැත්තට ගොඩ උනාට නැවත එන්න ...

      Delete
  26. ඉබ්ලොග් හැකර්යාවන්...

    ReplyDelete
    Replies

    1. මට පැහැදිළි මදි ඔබ කීමට උත්සාහ දරන දේ ...:P

      Delete
    2. වචන පිට වෙන්නෙ නෑ වගෙ.. හැක්

      Delete
  27. මං ඉන්නෙ කොයි කලාපෙද?හැබැයි, මායි, පුතයි දෙන්නම ලොග් වෙන්නෙ එකම අකවුන්ට් එකෙන්.මේ නිවාඩු කාලෙ නිසා ගොඩක් වෙලාවට මන් ඔන්ලයින් ඉන්නවා.ඇත්තටම මන් පොත් කියවන කාලෙ දැන් අඩුයි.ඒත් මට ලියන්න තියෙන එකම ඔප්ශන් එක මෙය නිසා අතාරින්න බැ.

    ReplyDelete
    Replies
    1. නැහැ නැහැ මානෙල් අක්කේ කිසිම විදිහකින් නැහැ..ඔබත් දාහක් වැඩ අස්සේ මේවට ඇවිත් යන කෙනෙක් බව දන්නවා.. ඔබ වැනි අය තමයි දිගින් දිගටම බ්ලොග් කරණයට පැමිණිය යුත්තේ...

      ඔබට ජය පතවනවා...( පිළිතුරු පමා උනාට සමාවෙන්න ඕනේ )

      Delete
  28. මමත් අවදානම් කලාපෙද බං

    ReplyDelete
    Replies
    1. නැහැ නැහැ බන් කොහෙත්ම නැහැ..උඹ දාහක් වැඩ කරලා ඇවිත් ඩිංගක් හරි ඔලුව දාල යන්නේ ෆිට් එකට කියලා දන්නවා මචෝ... උඹට ජය..කවද හරි මාත් ඔලුව ඉස්සුව දාක අනිවා උඹවත් ගන්නවා උඩට...

      Delete
  29. ඔබේ ලිපිය හරිම වැදගත්. මෙහෙම සමිෂණයක් කරන්න කැමැත්ත විතරක්ම තිබීමම මදි. දැනුම සහ හැකියාවකුත් තිබෙන්න ඕනෑ. ඒ අතින් ඔබ ධනවත්වීම ගැන මට නම් හරිම සතුටුයි. මම නම් පරිගණකයේ යතුරු ඔබනවාට වඩා ඉහලට යමක් දන්නේ නැහැ. මා සිරිතක් හැටියට දෛනිකවම පාහේ උදේට අන්තර්ජාලයේ මගේ වියදමෙන් ඉන්නවා. (unlimited package එකක් මට තියෙන්නෙ. පත්තර ටික ඔක්කොම් වාගේ කියවනවා.(පුවත් නෙමේනේ අපට දෙන්නෙ.ඒගොල්ලන්ට උවමනා කොටස් ටික විතරයිනෙ. එබැවින් සිදුවුයේ කුමක්දැයි යන්න දැනගැනීමට ඔක්කොම පුවත්පත් ටික බලන්න ඕනෑ.)

    සිංහලෙන් ලියන්න මග පෙන්නුවේ "අන්වර් මනතුංග" (එයාගේ නරුම ලිපිවලට උත්තර ලියන්න ගිහිල්ල) මගේ සමහර වැදගත් comments ඔහු පල කලේ නැති වුන නිසා මටත් blog එකක් කරන්න ඕනැ වුනා. ඒ උනාට කරන විදිය් ගැන මොකුත්ම දන්නේ නැ. මගේ ඉල්ලීම සැලකු "විචාරක" මහතා මුලික උපදෙස් දුන්න."සෛබර් හෙල්ප්" මහතා තමයි ආලවට්ටම් දමල blog එක දැන් තියෙන තත්වයට ගෙනාවේ. ඔන්න ඔහොමයි "අන්වර්මනතුන්ගට පිළිතුරු" blog එක මගේ අතින් නිර්මාණය උනේ.හැබැයි මම උපන් ගෙයි කම්මැලියෙක් එබැවින් "සිංහල බුධාගමේ 4 කොටස තවමත් ලියන්න බැරි උනා.මගේ හිතට එන තවත් බහුබූත ලියන්න "සමහරසේකරගේ සමහර සිතුවිලි " කියල තවත් blog එකක් මම ලියනවා. මේ දෙකම බලන ය ඉන්නවා කියල මට පේනවා.ඒක මට සතුටටක් එත් comments ලියන අය හරිම අඩුයි .

    මා ප්‍රතිපත්තියක් හැටියට අනිවාරතේ බුදුසසුනට (භික්ෂු,භික්ෂුණි,උපාසක,උපාසිකා) පහර ගසමින් ලිපි ලියන අයගේ ලිපි වලට ඔවුන්ගේ තරාතිරම නොබලා උත්තර සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් ලියනවා.මා කල රැකියාවෙන් ලැබුණු පරිචය අනුව වෙහෙන් ඔරෝ උත්තර හෝ අකර්මන්‍ය උත්තර (passive voice) මට හුරු නැහැ. (මා රැකියාවට කලේ ඕඩිට් කරණ සමුපකාර ශේත්‍රයේ රජයේ නිලධාරීන්ට ඔඩිට් කරන ශිල්පිය දැනුම දීමයි. දැන් විශ්‍රාමිකයි ) blog post කියවීමෙන් මා නොදන්නා ගොඩක් දේවල් ඉගෙනවා.

    ඔබේ වර්ගීකරණයේ මා ඉන්න තැන දැන ගැනීමට මා කැමතියි.

    සමරසේකර

    ReplyDelete
    Replies
    1. ඉන්නකෝ අපි ඔබේ බ්ලොගය ගැන අනිත් අයව දැනුවත් කරමු..මමත් මගේ බ්ලොග් එකෙන් ඔබට ප්‍රචාරයක් ලබා දෙන්නම්... ඔබේ මහන්සිය අගය කරනවා සමරසේකර මහත්තයෝ... ඉස්සර නම් අපි දෙන්නා මතවාදීව ගැටිලත් තියෙනවා..ඒ ගැන සමාව අයදිනවා...

      ඔබට හැකි නම් ස්කයිප් මගින් මා අමතන්න..ඔබට උවමනා කරන තොරතුරු මම දෙන්නම් ... නැවතත් කියන්නේ ඔබ වැනි අය බ්ලොග් කරණයේ ඉන්න ඕනේ..වැඩි වැඩියෙන් ලිපි පල විය යුත්තේ ඔබ වැනි අයගෙන් ...

      මම මේ පහල සමනලී නංගිට දීලා තියෙන උත්තරය ඩිංගක් බලන්නකෝ...ඒකට අනුව නම් ඔබ කිසි සේත්ම අවදානම් කළාපයේ නැහැ.. ඔබ අන්තර්ජාලයට පිවිසෙන්නේ විවේක කාලය භාවිතා කරලනේ...එහෙම නැතුව දවසේ වැඩ පාඩු කරන් නෙවේනේ...

      ඔබට බොහෝම ස්තූතියි මෙවැනි දීර්ඝ කරුණු ඇතුව කමෙන්ට් එකක් දැමීම ගැන මහත්මයා..අපි නිදහස් වෙලාවක ටිකක් කතා කරමු...


      ඔබේ දඟකාර සිඟිති මිණිබිරියවත් මම(silentsahan) මතක් කරා කියන්න..!

      Delete
    2. ඔබේ දිරිගැනීම මා තව දුරතත් උනන්දු කරණවා. ඒ ගැන ස්තුතියි.ඔබේ උනන්දු කිරීම මතම මා අද දින ලිපි දෙකක්ම මගේ blog එකේ දැම්මා. ඒ දෙකම භික්ෂුන් වහන්සේලා ගැන .ඒක බලල ප්‍රතිචාරයක් දෙන්න.මගේ මිනිබිරිට ඔබේ සුදහ පැතුම් දුන්නා.

      සමරසේකර

      Delete
  30. අදනේ මං මේ පෝස්ට් එක දැක්කේ..... මටත් කාලයක් වැඩ නිසා බ්ලොග් බලන්න බැරි වුනානේ... ඒ කාලේද කොහෙද මේ පෝස්ට් එක දාලා තියෙන්නේ....

    මාත් මේ කාලේ නම් හැම තිස්සෙම වගේ ඔන්ලයින් තමා..... හැබැයි ඉතිං අනිත් වැඩ කරන අතරේ තමා බ්ලොග් කියවන්නේ.... වැඩිය ලියන්නේ නම් නෑනේ මං. අනිත් අය ලියල තියෙන ඒවා කියවන්න තමා වැඩිපුර කැමති.....
    මාත් අවධානම් කලාපයකද මන්දා ඉන්නේ.....

    ReplyDelete
    Replies
    1. සමනලී ,

      මෙතන අවදානම් කලාපය කියලා මම අදහස් කලේ යම් විශේෂිත පිරිසක්ව ..ඒ තමයි දරුවන් සිටින විවාහක පිරිස් හා පුද්ගලික වැඩ රාජකාරි අත පසු කර ගන්න පිරිස මේ online ලෝකය නිසා.මහා ලොකු වැඩක් නැත්නම් ඉතින් පාරේ රස්තියාදු ගහන වෙලේ ඉන්ටර්නෙට් එකේ ලිපියක් කියවන එකේ වරදක් නැහැ...

      ඒ උනාට FB , චැට් රූම් වැනි දේවල් වලට නම් යන්න හොඳම නැහැ..අපිවත් නොදැන මායාවකට ඇදිලා යනවා අපිව... හැම දේම ගාණට කරගන්න පුළුවන් නම් දවසට පැය 2,3 ක් නෙට් හිටියත් කමක් නැහැ ...

      මොනවා උනත් අන්තර්ජාලය මත මැවෙන ප්‍රොෆයිල් වලට නම් පෙම් බඳින්න හොඳ නැහැ..බොහෝම නපුරු මිනිස්සු ඉන්නවා හා පැටව්න්ගේ මූණු වලට හැංගිලා...

      ඒ නිසා බොහෝම පරිස්සමින් තමයි අපි ඉන්න ඕනේ..කිසිම කෙනෙකුට නිරාවරණය වෙන්න එපා...ඒක තමයි හොඳම ක්‍රමය ...

      බොහෝම ස්තූතියි සමනලී පරණ පෝස්ට් එකක් උනත් කමෙන්ට් එකක් දාල ගියාට...( ගොඩක් අය බලන්නේවත් නැහැනේ මේවා )

      Delete
  31. අදයි මේ ලිපිය කියුවේ දැන් මං ඉන්නේ මොන කලාපේද?

    ReplyDelete

ඔබ කමෙන්ටුවක් දමයි නම් කරුණාකර මෙහි කමෙන්ටු E mail subscribe කරන්න .. නැතිනම් පිළිතුරු මග හැරී යනු ඇත ...

කමෙන්ට් යනු ඔබගේ අදහස් ප්‍රකශ කිරීමට සලසා ඇති ඉඩයි. සිතුවිලි ලියා තැබුණු විට අන් අයටද ප්‍රයෝජනයක් විය හැක !

http44444444://1.bp.blogspot.com/-F0lMkO9hSe8/UjM37DArTZI/AAAAAAAAAwo/wtP9O0K_6UE/s1600/543431_208554675978924_1215099537_n.jpg15099537_n.jpg

සහයෝගය දක්වන වෙබ් එකමුතු ...

මාතලන්ගේ සින්ඩිය...api apita Blog Readerlankeeya sithuwililankeeya sithuwili lankeeya sithuwili