දැන්වීම් පුවරුව . ( පින්තූර මතට මවුස් පොයින්ටරය රැගෙන යන්න )

දැනට වසර දෙකක පමණ සිට සෑම සතියකටම වරක් ලිපියක් හෝ දෙකක් පළ කළෙමි. සිත් ගත් ලිපියක් වේ නම් හිතමිතුරන් අතරත් බෙදාගන්න.

මෙම වෙබ් අඩවිය ලෝඩ් වීමට පමා වේ නම් මෙම ලින්ක් එක භාවිතා කරන්න.

Go and get Sinhala Unicode to your Computer
Face Book Link Share.

April 20, 2013

හිස් බව ඇති වීම සහ එයට විසදුම් | කෙදිනක හෝ වැදගත් විය හැක , එනිසා කියවන්න! scenarios between loneliness

මාතෘකාව දැක්ක ගමන්ම පිරුණුඅය නම් එන එකක් නැහැ .
ජීවිතේ නොයෙක් තැන් වලදී අපිට අද්දකින්න වෙන දෙයක් තමයි
හිස් බව. ඒ උනත් ගොඩ දෙනෙක් මේකේ විද්‍යාත්මක පැත්ත දන්නේ
නැහැ .ඒ නිසාමයි මේක ලියන්නේ .ඔබ නොදැනුවත්වම ඔබව මේ තත්වයට
කෙදිනක හෝ පත් විය හැකි නිසා අකමැත්තෙන් වුවද කියවන්න.


01.බලන්න පහත රූපය .
ඒක සම්පූණයෙන්ම වටකුරු රවුමක් .ඒකෙ හිස් තැන් නැහැ .













02.දැන් බලන්න දෙවෙනි රූපය .
ඒක සම්පූර්ණයෙන්ම වටකුරු රවුමක් වගේ උනාට පොඩ්ඩක් කඩතොළු
වෙලා නේද ? හිතන්න මනසත් මේ විදිහම තමයි , සම්පූර්ණ වටකුරු
රවුමක් .සමහර හේතු නිසා මනසටත් ඔය විදිහට කඩතොළු වෙන්න
පුළුවන් . හරියට ප්‍රතිකර්මයක් නොවුනොත් ඇති වෙන තුවාලේ ගැඹුර
වැඩි , ඒ වගේම වෙන ප්‍රශ්නේ ස්වභාවය එක්කත් තුවාල වෙන ප්‍රමාණය
වැඩි වෙනවා...


හරි ඕක තමයි මූලික පැහැදිලි කිරීම , මෙතැනින් එහාට තියෙන්නේ හරියටම
ප්‍රශ්නේ ගැන විමසා බැලීම .





පුංචි කාලේ උන ප්‍රශ්න කෙනෙක්ට තද තුවාලයක් ඇති කරන්න පුළුවන් .
ඒක හරිම බරපතල දෙයක් හේතු තුනක් නිසා


01. පුංචි කාලේ මනසට තද බල දුකක් / පීඩනයක් වගේ දෙයක් දරාගන්න බැහැ .
ඉතින් සුළු හේතුවකින් උනත් ලොකු තුවාලයක් මනසේ හැදෙන්න පුළුවන් .

02. එහෙම තුවාලයක් ඇති උනා කියමු , හරි වීදිහට සුව නොවුණාත් කියමු.
හිතන්න ඒ දරුවා ලොකු වෙන්නෙම දිගින් දිගටම අර තුවාලේ ඔලුවේ තියන් නේද ?
ළමයා එක්කම තුවාලේ වැඩෙනවා ...

03. හිස් තැන සම්පූර්ණ කරගන්න ඒ ළමයා වෙන වෙන දේ කරා යොමු
වෙන්න පුළුවන් ..( ඒ ගැන පසුවට කතා කරමු )

ඉහත තියෙන්නේ දරුවෙක්ගේ මනසට තුවාලයක් කරන බලපෑම .ඒ නිසා
හැකි සෑම විටම ළමා මනස ගැන වැඩි පුර අවධානයක් දෙන්න ඕනේ වැඩිහිටියෝ
විදිහට අපි ..විශේෂයෙන් තනි කරන්න හොඳ නැහැ , තදින් සැර වැර කරන්න හොඳ
නැහැ . ( දරුවෙක් ඉපදුනාට පස්සේ කොහොමද මිනිහෙක් කරන්නේ කියල
පසු ලිපියකින් කතා කරමු )



දැන් බලමු තරුණ වයස හා වැඩිහිටි වියේ පසු වන අපි මූණ දෙන මානසික තුවාල
ගැන.
මෙතැනදී තදින් තරුණ වයසේදී වෙන දෙයක් තමයි ආදර සම්බන්ධතා
බිඳ වැටීම තුලින් වෙන තුවාල සහ හිස් බව .. ඒ ඇර මෙන්න මේ හේතුත්
බලපානවා


01. ආදර සම්බන්ධතා බිඳ වැටීම
02. ආර්ථික ප්‍රශ්න
03. සමාජ ප්‍රශ්න














මන් මෙතන සදහන් කලේ කෙටියෙන් විතරයි . නමුත් ඔය මාතෘකා තුන
යටතේ සීමා රහිත විදිහට කෙනෙක්ට ප්‍රශ්න එන්න පුළුවන් .තදින් තුවාල ඇති
වෙන්නත් පුළුවන් ..


තුවාල උනොත් මොකද වෙන්නේ ?


මෙතන තමයි ප්‍රධාන තැන .බලන්න පහත රූපය ..


පේනවා නේද අපේ තියෙන හිස් තැන වහගන්න අපි නොදැනුවත්වම තුන් වෙනි
පාර්ශවයකට ලන් වෙනවා. ඒ හිස් තැන පිරෙනකම් අපි එයාට ලන් වෙනවා...












බරපතල තත්වය



බලන්න පහත රූපය , ගොඩක් තදින් උන තුවාල කීපයක් .මෙහෙම උනාම
වෙන්නේ A පුද්ගලයට වෙනවා B වෙතට තව තව ලන් වෙන්න , තමාගේ
සිදුර / කඩතොළු වූ තැන වැහෙනකම් . A ටිකෙන් ටික ගිලෙනවා B තුල .














නියම බරපතල තත්වය . ( කලින් තිබ්බ බරපතල තත්වය බොරුවක් )

පේනවා නේද ? A ට වෙනවා B තුල සම්පූර්ණයෙන් ගිලෙන්න . B මුළු ලෝකෙම
වෙනවා A ට . B ගේ එක පුංචි වෙනසක් A ට මහා මෙරක් තරම් විශාලයි.
මොකද A ට B ගෙන් තොර ලෝකයක් ඇත්තෙම නැහැ මේ තැනට ආවට
පස්සේ .
















It's getting worse ,


හිතන්න

01. B ත් ඉන්නේ A වගේම හිස් තැන් එක්ක නම්
02. B ඉඩ දෙන්නේ නැත්නම් A ට හිස් තැන් සම්පූර්ණ කරගන්න
03. දෙන්නට දෙන්න ඉන්න මට්ටම දෙන්නටම තේරෙන්නේ නැත්නම්
04. B තවත් A ගේ තුවාල පාරනවා නම් ,


මොකද වෙන්නේ ? ජීවිතයක් ගැන හිතන්න පුලුවන්ද A ට ?




ඒ නිසා A කෙනෙක් වෙන්න නම් යන්නේ , එහෙම ඔබට දැනෙනවා නම්
කරුණාකරලා ගොඩක් පරිස්සම් වෙන්න .මන් A ගැන වෙනම ලිපියක් දානවා.
ඒකෙදි වැඩි පුර දේවල් කතා කරමු..


ඒ නිසා A කෙනෙක් වෙන්න එපා , හොඳ B කෙනෙක් වෙන්න ..නරක B කෙනෙක්
වෙලා තව තව A වැන්නන් බිහි කරන්න එපා..




ප.ලි. ලිපිය දීර්ග වෙන නිසා මෙතනින් මේ කොටස නවත්තනවා.මෙතනින් එහාට මම
ගොඩක් ගැඹුරට යන ලිපි කීපයක් දානවා..මේ ගත්තේ ඒ පටන් ගැනීම විතරයි.
මේ දේවල් ගැන අවබෝදයක් ඇති කෙනෙක් මේ ලිපි දැක්කොත් කරුණාකරලා
තව කෙනෙක්ගේ ජීවිතයක් බේරාගැනීම වෙනුවෙන් , තව තව කරුණු එකතු
කරන්න .මොකද මැරුණ කෙනෙක්ට නැවත ජීවය දෙන්න බැහැ , මැරුණට
පස්සේ දඟලල , " හනේ පනේ " කියල වැඩක් නැහැ . දෙයක් කරන්න ඕනේ නම්
මැරෙන්න කලියෙන් කරන්න .



After all , we all are B s among A s... So Be a good B!








.après cette série d'articles, je ne suis pas poursuivre l'écriture de ce blog, dans l'avenir .. au revoir à jamais mes amis .. .
Roshain Shermie Fernandez for http://obeth-mageth-addakeem.blogspot.com





ඔබට වැදගත් වෙනත් ලිපි

සයුරිගේ පහන් යායේ ඔබ සතුටින්ද
පෙම් සබඳතාවක් බිඳ වැටූණොත් රටට සමාජයට මූහූණ දීමට සිත හදාගන්න හැටි දන්නවාද? .........



47 comments:

  1. කාලෙකින් කියවපු වැදගත් ලිපියක්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මදාරා .කව්රු හරි කියවල දෙයක් ඉගෙන ගෙන
      වෙන්න යන විපතකින් ගැලවෙනවා නම් මට ඒකයි ඕනේ ..
      මගේ අරමුණත් ඒකයි..මේ පෝස්ට් මගේ නම ගම නැතුව
      හරි කමක් නැහැ කොපි කරන්න ..කව්රු හරි දකින්නයි ඕනේ..

      පළමු පැමිණීමට ගොඩක් ස්තූතියි..දිගටම ඉඩක් තියේ නම්
      එන්න ..මට සතුටක් ඒක ...

      Delete
  2. නොදැන සිටි විග්‍රහයක්... මම මොකෙක්ද කියලා මම මේ කල්පනා කළේ..

    ReplyDelete


  3. \\\මම මොකෙක්ද කියලා මම මේ කල්පනා කළේ..////


    ඒ කිව්වේ සෙන්නා ? A , B ගෙන් කව්රු වෙන්න ඇත්ද කියලද ?

    ඔබ හොඳ B කෙනෙක් . සාක්ෂි මා ළඟත් තියෙනවා.
    ඔබ තුල ඉන්නා මිනිසා මන් අඳුනන් ඉන්නේ සෙන්නා ..

    ReplyDelete
  4. කාහටත් වටිනා ලිපි පෙළක් වේවි.මොකක්ද අර සින්දුවට පස්සෙ දාල තියෙන හරුපෙ???

    ReplyDelete
    Replies
    1. කෙන්ජි මම ටික වෙලාවකට මගේ කමෙන්ට් එක Spam
      කරනවා හොඳද ?

      Delete
  5. හ්ම්ම්ම්.... හිතන්නට බොහෝ දේ ඇති ලිපියක්..... ඇත්ත... මිනිස්සු ප්‍රශ්න වලින් හෙම්බත් වුනාම, ඒ අවස්ථා වල තමන්ගේ ජීවිතේට ලංවෙන කෙනෙක්ට ගොඩක් තදින් ලංවෙන්න බලනවා තියෙන ප්‍රශ්නත් එක්ක. හැබැයි වැඩේ තියෙන්නේ ඒ ලංවිම තවත් දුකක් වෙයිද කියන එකයි. ඒ නිසා කල්පනාවෙන් වැඩ කරන්න ඕනි.....

    මේ සින්දුවටත් මං මාර ආසයි ඈ..... :)

    ReplyDelete
    Replies
    1. ඔයාගේ මුළු කමෙන්ට් එකේම මේ post එකේ අරමුණ
      තියෙනවා සමනලී .ඔන්න ඔය දේ තමයි තේරුම් ගන්නත්
      ඕනේ . හැබැයි දෙයක් වෙද්දී , පියවරෙන් පියවර අගාදෙටම
      යද්දී නම් ටිකක් අමාරුයි උහුලන් ඉන්න..නමුත් අවබෝදෙන්
      ඉන්න එක සෑහෙන්න වටිනවා..

      ඔතොකොට අපිට පුළුවන් තව තව වැටෙන එක හරි නවත්තගන්න ...

      මන් මේ සින්දුව දාන්න නෙවේ හිටියේ සමනලී .ඒත් ඕනේ දෙයක් වෙන්න
      කියල හිතන් දැම්මා . මොකද සින්දුවේ කියවෙන්නෙත් A කෙනෙක්ගේ
      අහිංසක ඉල්ලීමක් ...

      ගොඩක් ස්තූතියි සමනලී වැදගත් දෙයක් ලිපියට එකතු කිරීම ගැන...
      නැවත එන්න...

      Delete
  6. ඉතාමත් වටින මාතෘකාවක්
    යතාර්ථය තේරුම් ගන්න පුරුදු වෙනවනම් අතීතයේ වත් අනාගතේවත් ජීවත් නොවී මේ මොහොත තුල ජීවත් වෙන්න පුළුවන් නම් ගොඩක් ප්‍රශ්න වලට විසදුම හොයාගන්න පුළුවන් කියලයි මට හිතෙන්නේ.......

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මොරබ්බා ලිපිය කියවල අදහසකුත් කීම ගැන .
      ඔබ කියන කතාවත් ඇත්ත .මම ඒක කොහෙත්ම නැහැ
      කියනවත් නෙවේ ..

      නමුත් මොරබ්බ සමහර අයගේ වර්තමානය ගිණිගන්නවා ..
      අතීතයත් හොඳයි , අනාගතයත් හොඳ ඇති..ඒත් වර්තමානය
      ගිණිගන්නවා ..අනාගත එන්න කලින් දැවිලා ඉවර වෙනවා....!



      ( මිත්‍රයා ඔබේ අදහසට විරුද්ධව දෙයක් කීවා නෙවේ හොඳද ? මන් කිව්වේ
      මේකේ බරපතල තත්වය..බලන්න මගේ අර දුව ගැන සිද්දියේදී මොකද උනේ?
      හැමෝටම කරකියාගන්න දෙයක් නැති උනා නේද ? අන්න ඒ වගේ සිද්දි තියෙනවා
      මේ ලෝකේ ..දෙපැත්තම හොඳයි, මැද්ද ගිණිගන්නවා .
      අනාගත එන්න කලින් දැවිලා ඉවර වෙනවා....! )

      Delete
  7. සහන් ගීතය නම් ඇහුවේ නැහැ. අද මට අහන්න වෙලාවක් නැහැ. හෙට දිහාට නැවත ඇවිත් අහන්නම්. ඒත් ලිපිය ගැන නම් සුපිරි. ඉතාම හොද මනෝවිද්‍යාත්මක විග්‍රහයක්. ඔයා කොහොමද කියන්නෙ ඔයාගේ කාර්‍ය්‍යභාරය අවසන් කියලා අන්ත්‍රජාලය තුල. කවදාවත් නැහැ. සහන් මේක ඉවර වෙන්නෙ නැහැ. අපිට අවසන් කරන්නත් බැහැ. ඊලඟ පරම්පරාව මේක බාරගන්නකම්ම ඇදගෙන යන්න වෙනවා. ඒහෙනම් ජය!!!!

    ReplyDelete


  8. මන් දන්නවා වෙද මහත්මයා වැඩ රාජකාරි එක්කයි
    ඔබ ඇවිත් යන්නේ කියල..කමක් නැහැ පුළුවන් වෙලාවට
    නැවත එන්න .ඒ වගේම නිදහසේ අදහසකුත් කියන්න
    A වැනි අය වෙනුවෙන්..මොකද ඔබ ජීවකයෙක් ...

    \\ඔයා කොහොමද කියන්නෙ ඔයාගේ කාර්‍ය්‍යභාරය අවසන් කියලා අන්ත්‍රජාලය තුල. කවදාවත් නැහැ. සහන් මේක ඉවර වෙන්නෙ නැහැ. අපිට අවසන් කරන්නත් බැහැ. ඊලඟ පරම්පරාව මේක බාරගන්නකම්ම ඇදගෙන යන්න වෙනවා. ඒහෙනම් ජය!!!!\\

    ඔබට බෙහෙවින් ස්තූතියි වෙද මහත්තයෝ
    ජය පැතීම ගැන .
    මට තිබ්බ ලොකුම උවමනාව මේ මාතෘකා ගැන ලිපි
    ටිකක් දාන එක විතරයි වෙද මහත්තයෝ..මම දැක්කා
    වෙනත් අය විශාල ලිපි ටිකක් මේ මාතෘකා ගැන දාල
    තියෙනවා...එයාලට මග අරුණු දේවල් මන් පුරවනවා
    විතරයි මේ විදිහට . ( මොකද නැවත මාත් එකම දේ
    කියල වැඩක් නැහැ නිසා )


    ඉතින් එතනින් පස්සේ මගේ හිත නිදහස් ..නිදහස් හිතකට
    මොනවා නම් කරන්න බැරිද ...!

    ReplyDelete
  9. පුදුම විග්‍රහයක් සහන් කරලා තියෙන්නේ. මම මේ කල්පනා කරේ මම ඉනිනේ කොතනද කියලා.

    මම ආසම සින්දුවක්

    ReplyDelete
    Replies
    1. මම ආව හේතුව මේකයි අයිලෂ් අයියේ .මේ දේවල්
      ටික සම්පූර්ණ කරාට පස්සේ මට ගොඩක් සැහැල්ලුයි
      හිතට ...

      එක පාරට බරපතල දේවල් දාන්න බැරි නිසා ටික ටික තමයි
      මේ ගැන දාන්න ඉන්නේ..මම Tx වලට වඩා පස්සේ ආස උනේ
      මේ විෂයට .. මේක ගැන ගොඩක් දේවල්
      අසාවෙන් කරා මම පස්සේ පස්සේ ..ඉතින් අන්තර්ජාලය තුල
      දැමිය හැකි මට්ටමේ දේවල් ටිකක් දාන්න තමයි මම ඉන්නේ..


      මොකද සමහර concept තියෙනවා හෙළි නොකළ යුතු මට්ටමේ
      ඒවා..( මනසේ ක්‍රියාකාරීත්වය ගැන එහෙම ..)ඉතින් එහෙම දේවල්
      කිරලා මැනලා ඩිංග ඩිංග තමයි දාන්නේ මේ විදිහට...


      ඉතින් ගැටළුවක් එන ඕනෑම තැනක් අහන්න. ස්තූතියි කමෙන්ට් කරාට .
      දිගටම එන්න...


      (සිංදුව ඔයා ළඟ නැත්නම් කියන්න මන් දෙන්නම්...)

      Delete
    2. දෙවනි සැරෙත් කියවමින්..

      Delete
    3. හොදට විවේක වෙලාවක කියවන්න ශම්මි .
      මේකේ ඊළඟ කොටස තමයි death process
      එක ගැන පැහැදිලි කිරීම ..මම මේ කරන්නේ එතනට එන්න
      පරිසරය සකස් කිරීම . death process කියන සිද්දිය හරිම
      වැදගත් ක්‍රියාවක් මනසේ වෙන. ඒක ගැන දැන ගන්න එකත් ,
      කියල දෙන එකත් පරිස්සමට කරන ඕනේ..

      සමහර විට මේ බ්ලොග් එකේ Administrator විදිහට ඉස්සරහදි වෙන
      කෙනෙක් ඒවි .ඒ එන කෙනත් මම වගේම ඔයාලට උත්තර
      දේවි ..ගැටළුවක් ආවොත් ඕනේ වෙලාවක මම නැතත් එයාගෙන්
      අහන්න ..එයා දිගටම පිළිතුරු දේවි ..

      Delete
  10. එක සැරයක් කියෙව්වා,ආයෙමත් කියවන්න ඕනැ
    සහන් ප්‍රෙන්ච් ඉගෙනගන්නවද,අකුරු ටික දැක්කම කාලෙකට පස්සෙ ගෙදර ගියා වාගෙ දැනුනා.

    ReplyDelete
  11. \\\\එක සැරයක් කියෙව්වා,ආයෙමත් කියවන්න ඕනැ\\\

    ඒ මොකද අපැහැදිලි තැනක් තියෙනවා නම් අහන්න හැලප අයියේ ..
    මොකද සියලු දෙනා වෙනුවෙන් මට පැහැදිලි කරන්න පුළුවන්...

    \\\අකුරු ටික දැක්කම කාලෙකට පස්සෙ ගෙදර ගියා වාගෙ දැනුනා.\\\\
    එහෙනම් මම කියපු දේ තේරුණා නේද ?

    ReplyDelete
  12. මාත් හැලප අයියා කිඅපු දේමයි කියන්නේ..ඒක වරක් කියෙව්වා..නැවත කියවන්න ඕන සහන්...නොපදිලි වීමක් නිසා නෙවෙයි..එය නැවත කියවීමෙන් හරය ඔලුවට ගත හැකි නිසයි...

    ReplyDelete
    Replies
    1. ඒ මොකද කළු සුදු ඒ ? මම හිතුවේ ඔයා ඉන්නෙත් මේ
      ක්ෂේත්‍රයේම නිසා තව කරුණු ටිකක් එකතු වේවි කියල ඔයා
      මේ දේවල් දැක්කොත් එහෙම ...

      Delete
  13. මේවගේ ලිපි ගොඩක් වැදගත් සහන්. ගොඩක්ම වැදගත් වෙන්නෙ ප්‍රශ්නයක් තියෙන කෙනෙකුටත් වඩා ප්‍රශ්න නැති කෙනෙක්ට. මොකද ප්‍රශ්න වල පැටලිලා ඉන්න කෙනෙක්ගෙ ඔලුවට මේ දේවල් යනව අඩුයි...ඒත් කලින් මේ දේවල් ගැන හොඳ අවබෝධයක් ලබාගෙන තියෙනව නම් ප්‍රශ්නයකදි ඒකට මූණදෙන්න ලේසියි.

    සමාජයේදි අපි ගොඩක් දකින්නෙ තමන්ට තියෙන ප්‍රශ්න වලට විසඳුමක් හොයාගෙන B කෙනෙක් ලඟට යන Aලා. කෙනෙක්ට ඒක සාර්ථක උනත් තවත් කෙනෙක්ට ඒක නැති ප්‍රශ්නත් ඇති කරගැනීමක් වෙන්න පුලුවන්. මං නම් හිතන්නෙ වඩාත්ම හොඳ, තමන්ට තියෙන ප්‍රශ්නවලට විසඳුම් තමන් තුලින්ම හොයාගන්න උත්සහ කරන එක කියලයි...

    ReplyDelete
    Replies
    1. \\\මොකද ප්‍රශ්න වල පැටලිලා ඉන්න කෙනෙක්ගෙ ඔලුවට මේ දේවල් යනව අඩුයි...///

      පැහැදිළිවම මනෝ උපදේශන වලදී එක එක මට්ටමේ
      අය මුණ ගැහෙනවනේ..විවිධ විදිහට තුවාල උන අය ..
      මෙන්න උදාහරණ

      01.සාමාන්‍ය පැහැදිලි කිරීමකින් ගොඩ එන්න පුළුවන් අය
      02.ටිකක් ගැඹුරු පැහැදිලි කිරීමකින් ගොඩ එන්න පුළුවන් අය
      03. පුංචි ෆැන්ටසි ලෝකයක් මවලා එතන ජීවත් කරවීම .( පුංචි
      කාලෙකට එහෙම කරන්නේ . නැවත මනස ශක්තිමත් උනාම ටිකෙන්
      ටික එයාම ඇත්ත ලෝකෙට එනවා ...)

      04. බෙහෙත් වලින් ටික කාලයක් දුවන්න ඕනේ අය
      05.බෙහෙත් සමග මනෝ උපදේශනය
      06. බෙහෙත් වලින් වත් විසදුමක් නැති
      07. කල හැකි කිසිවක් නැති ...




      ඔතන මම කියපු 03. අවස්ථාවේදී chams අපිට වෙනවා , අවස්ථානුකූලව බොරු කරන්න .
      මෙන්න මේ බොරුව කරන්න ඕනේ බොහොම පරිස්සමෙන් .මොකද patient ට
      තේරුනොත් අපි කරන්නේ ෆැන්ටසියක් මැවීම කියල , එතනින් එහාට එයා
      අපි කියන විධාන පිළිගන්නේ නැහැ ..




      \\\ඒත් කලින් මේ දේවල් ගැන හොඳ අවබෝධයක් ලබාගෙන තියෙනව නම් ප්‍රශ්නයකදි ඒකට මූණදෙන්න ලේසියි.//

      ඔව් chams අපි හැමෝම මනසේ ක්‍රියාකාරීත්වය ගැන
      ඩිංගක් අවබෝදයක් අරන් ඉන්න ඕනේ ..එහෙම උනාම
      අපිටම තේරෙනවා ඉස්සරහට මොනවා වේවිද , නොවේවිද
      කියන දේ .. ඒ අනුව දරන්න බැරි අවස්ථා වලින් ඉවත් වෙලා
      මනස බේරගන්න පුළුවන් තුවාල වෙන්න නොදී ..



      \\\සමාජයේදි අපි ගොඩක් දකින්නෙ තමන්ට තියෙන ප්‍රශ්න වලට විසඳුමක් හොයාගෙන B කෙනෙක් ලඟට යන Aලා. කෙනෙක්ට ඒක සාර්ථක උනත් තවත් කෙනෙක්ට ඒක නැති ප්‍රශ්නත් ඇති කරගැනීමක් වෙන්න පුලුවන්. ///


      පැහැදිලිවම මටත් වෙලා තියෙනවා..කෙටිම උදාහරණෙ
      " වදින්න යන දෙවොල ඉහට වැටීම "
      ඒ නිසා බොහෝම පරිස්සමෙන් තමයි දෙවොල් වලට
      යන්න ඕනේ..ගොඩක් ඉන්නේ බොරු දෙවිවරු !

      \\\මං නම් හිතන්නෙ වඩාත්ම හොඳ, තමන්ට තියෙන ප්‍රශ්නවලට විසඳුම් තමන් තුලින්ම හොයාගන්න උත්සහ කරන එක කියලයි... //

      මන් මේ කරන්නේ ඒ දේ තමයි chams , නිවැරදි දැනුම දීමයි
      කල යුත්තේ..ඔතොකොට වෙන්න කලින් පරිස්සම් වෙන්න
      පුළුවන් ..ඔයාගේ කමෙන්ට් එක සෑහෙන්න වටිනවා chams .
      දිගටම එන්න .මේ කමෙන්ට් එකට උනත් නැවත එකතු කිරීමක්
      කරන්න ඕනේ නම් pls කරන්න..ඒක ලොකු පිනක් ..

      Delete
  14. දෙපාරක්ම කියවලා ඕලුවට දාගත්තෙ. ..!

    ReplyDelete
    Replies
    1. ටිකක් විවේක වෙලාවක කියවන්න ඕනේ
      වීයෝ මේ post එක..ඔතොකොට බොහොම සරලව
      තේරුම් යනවා...

      Delete
  15. ඔතන සහන් ප්‍රශ්නේ තියෙන්නේ කොතනද කියන එකයි ගොඩක් අය තේරැම් ගන්‌ෙන් නැත්තේ...

    දැන් ඔයා මෙතන කියන විදියට කෙනෙක් ප්‍රශ්න වලින් හෙම්බත් උනාම සහනයක් ලබාගන්න වෙන කෙනෙක් වෙත ලංවෙන්න තියෙන අවස්ථාව වැඩියි... ප්‍රශ්නයක් කතා කරන එකත් ලොකු සහනයක් නේ.. හැබැයි ආදරය වගේ සංවේදී හැඟීමකින් තුවාල කරගත්ත කෙනෙක් නම්, ඇත්තටම ඒ හැඟීම සොයා යන්න උත්සාහ කරන එක තමයි වැඩිපුර කරන්නේ... අන්න එතනදි මේ වගේ විග්‍රහයක් තියෙනවා, මේකේ ඇත්ත තත්වය මේකයි කියලා දැනගත්ත කෙනෙක් උනත් ඇත්තටම වෙන්නේ හැඟීම් වලට යටත් වෙලා වැඩ කරන එක... එතනදි ඒකනේ කවුරු මොනවා කිව්වත් ගනං ගන්නේ නැති ගතියක් තියෙන්නේ... ඔන්න ඕක හරියට තේරුම් ගන්නෙ නැති එක තමයි ප්‍රශ්නේ...

    හැබැයි එයා, එහෙම ලං වෙන කෙනා පරිණත නම්, මේ තත්වය හරියට තේරැම් ගත්ත කෙනෙක් නම්, අවස්ථාවට හරියට මුහුණ දෙන්න පුළුවන් කෙනෙක් නම් ( අපේ රට වල කවුන්සිලින් යන්නේ ඉහල පැලැන්තියේ අය විතරනේ තාම... උපදේශනය කියන්නේ තාම පිස්සු බේත් ගන්නවා කියන මතේ තමයි ලංකාවේ තාම වැඩිහරියක් ඉන්නේ.. ඒකත් මේ කේස් වැඩිපුර වෙන්න හේතුවක්..) ඔන්න තුවාල වෙච්ච කෙනාව ගොඩ දාගන්න පුළුවන්.. නැත්තම් සොරි තමා... සමහර විට කෙලවර වෙන්නේ මිනිමැරමකින්....

    ReplyDelete
    Replies
    1. \\\\හැබැයි ආදරය වගේ සංවේදී හැඟීමකින් තුවාල කරගත්ත කෙනෙක් නම්, ඇත්තටම ඒ හැඟීම සොයා යන්න උත්සාහ කරන එක තමයි වැඩිපුර කරන්නේ... අන්න එතනදි මේ වගේ විග්‍රහයක් තියෙනවා, මේකේ ඇත්ත තත්වය මේකයි කියලා දැනගත්ත කෙනෙක් උනත් ඇත්තටම වෙන්නේ හැඟීම් වලට යටත් වෙලා වැඩ කරන එක...////

      කට කට ..බණ කිව්වට මාත් දුම්මැස්ස අත ගානවා ..:D

      සමහර දේවල් වලදී හිරු බුද්ධියට වඩා හදවත ඉස්සර වෙනවා..
      සංවේදී හදවත් තිබීම තමයි ප්‍රධාන හේතුව මානසික ගැටළු වලට..
      මොනම දෙයක් දැනගත්තත් දෙයක් පොල්ලෙන් ගැහුවා වගේ උනොත්
      ඕනම යකඩ හිතක් වැටෙනවා වැටෙනවමයි ..ඒකේ දෙකක් නැහැ ..

      බොහොම ටික ටික තමයි හිත හදාගන්න ඕනේ..එක රැයෙන් මානසිකව
      නැගිටින්න බැහැ ...


      \\\\හැබැයි එයා, එහෙම ලං වෙන කෙනා පරිණත නම්, මේ තත්වය හරියට තේරැම් ගත්ත කෙනෙක් නම්, අවස්ථාවට හරියට මුහුණ දෙන්න පුළුවන් කෙනෙක් නම් ඔන්න තුවාල වෙච්ච කෙනාව ගොඩ දාගන්න පුළුවන්.. නැත්තම් සොරි තමා..///


      ඔව් B වෙන කෙනාට විශාල වගකීමක් තියෙනවා A වෙනුවෙන් කරන්න..
      B හරියට ප්‍රශ්නේ තේරුම් අරන් හැසිරුණේ නැත්නම් A ඉවරම තමයි..නරක
      B කෙනෙක්ට එක රැයෙන් A ව කන්න පුළුවන් ..මේ ගැන දීර්ඝව කතා කල
      යුතුයි හිරු...


      \\\( අපේ රට වල කවුන්සිලින් යන්නේ ඉහල පැලැන්තියේ අය විතරනේ තාම... උපදේශනය කියන්නේ තාම පිස්සු බේත් ගන්නවා කියන මතේ තමයි ලංකාවේ තාම වැඩිහරියක් ඉන්නේ.. ඒකත් මේ කේස් වැඩිපුර වෙන්න හේතුවක්..)////

      මෙතන තමයි ප්‍රධානතම ගැටලුව . ගොඩක් දෙනා හිතන්නේ පුංචි බෙහෙතක්
      බිව්වත් පිස්සෙක් කියල..මම දන්න එක වෛධ්‍ය වරයෙක් ඉන්නවා , ඒ හිස්
      පුද්ගලයා හිතන්නෙත් එහෙමයි.. වැඩේ කියන්නේ එයා තමයි ලංකාවේ ප්‍රධානතම
      රෝහලක රෝහල් අධ්‍යක්ෂක ...

      මීගමුව මාළු market එකට මාළු කපන්න යවන්න ඕනේ
      මිනිහෙක් මොකට ඉස්පිරිතාලෙට යැව්වද මන්දා ...


      ඉතින් වෛද්‍ය වරුත් ඔහොම හිතද්දී සාමාන්‍ය මිනිස්සු ගැන කවර කතාද
      හිරු ? ඒ වගේ මිනිස්සුන්ගේ MBBS එක වෙනුවෙන් අපි ගෙවපු සල්ලි
      වල බල්ලන්ට ආප්ප්ප්ප්ප්ප්ප්ප්ප අරන් දුන්නනම් හරි ...


      සමහර බෙහෙත් වලින් පුළුවන් කෙනෙක්ගේ හිත අඩපණ කරන්න .
      ඒ බෙහෙත් ගත්තම කිසිම දෙයක් හිතන්න බැහැ. ඔයා කුරුල්ලෙක්
      දැක්කත් ඔයාට define කරන්න බැහැ ඒ කුරුල්ලෙක් කියල..
      තව සමහර බෙහෙත් තියෙනවා තදින් නිද්‍රාවට පත් කරනවා .
      තව සමහර බෙහෙත් තියෙනවා කෘතීමව සතුට කියන feeling එක
      ඇති කරනවා .

      ඔය වගේ විවිධ විවිධ බෙහෙත් තියෙනවා ..එක එක අවස්ථාවේදී පාවිච්චි
      කරනවා patient ගේ තත්වය අනුව .
      අවාසනාවකට ඔය මොන බෙහෙතක් ගත්තත් මිනිස්සු හිතන්නේ
      " පිස්සු හැදිලා දැන් පිස්සෝ බොන බෙහෙත් බොනවා " කියල...

      ඉතින් කොහොමද එහෙම අහිංසකයෙක් ගොඩ එන්නේ හිරු ......?


      \\\සමහර විට කෙලවර වෙන්නේ මිනිමැරමකින්.... ///

      ඔව් දුක අහන්න එක බල්ලෙක් නැහැ.
      ඉවසල ඉවසල බැරිම තැන ඒ අහිංසක මිනිහා
      මැරුණම නම් ඉතින් දුක් වෙන්න මුළු ලෝකෙම එනවා .

      Delete
  16. තව කීප වතාවක් කියවන්න වෙනවා

    ReplyDelete
    Replies
    1. ඔව් හසිත විවේකි වෙලාවක කියවන්නකෝ එහෙනම් ..
      නැවත එන්න ...

      Delete
  17. මාර සංකීර්නයිනේ මචං..

    ReplyDelete
    Replies
    1. ඔව් එක පාරටම නම් තේරුම් ගන්න බැහැ මේ
      ක්‍රියාවලීය මනසේ වෙන ..නමුත් පැතුම් ඇත්තටම සිද්ද
      වෙන්නේ මේක තමයි .මේ වගේ දේවල් මම පුළුවන් තරම්
      සරලව දාන්න ඉන්නේ. මොකද සිංහල භාෂාවෙන් මෙහෙම
      ලිපි අන්තර්ජාලය තුල අඩුයි.

      ඉස්සරහට මම death process කියන ක්‍රියාවලීය ගැන ලිපියක්
      දානවා ..ඒක බලන්නකෝ පැතුම් .ඒකෙදි මම පැහැදිළි කරනවා
      තුවාල උන මනස recovery වීම ගැන .. recovery එකට

      01. යන කාලය
      02.recover වෙන තැන්
      03.recover වීමට කල් ගත වෙන තැන්
      04.recover නොවිය හැකි තැන්
      05.recover වීමෙන් පසු


      වගේ දේවල් කතා කරනවා..ඩිංගක් බලන්නකෝ සංකීර්ණ වගේ
      දැනුණත් ...

      Delete
  18. වෙනස් විදියේ විග්‍රහයක්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අසාර් ...දෙයක් ඉගෙන ගත්ත නම් සතුටක් ....
      නැවත එන්න...

      Delete
  19. සංකීර්ණ කාරනයක් ගොඩක් පැහැදිලි අකාරයෙන් ඉදිරිපත් කර තිබෙනවා. රූප සටහන් යොදාගෙන තියන ආකාරය ගොඩක් සාර්ථකයි. දිගටම ලියන්න, මේ කරුණු ගොඩක් වටිනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ගිමන් ...

      Delete
  20. හ්ම්ම්... කියෙව්වා... ඉදිරි ලිපියත් බලමු... හරවත් ලිපි පෙළක ඇරඹුමක් බව දැනෙනවා...

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි අනු නංගි ..පුළුවන් වෙලාවට ඒ
      ලිපි ටික බලන්න...නැවත එන්න ...

      Delete
  21. අනේ සහන් මේක මට මග ඇරිලා. මේ දවස්වල ගොඩක් බ්ලොග්ස් මග අරුනා.

    මේකට එක පාරටම දෙයක් කියන්නත් අමාරුයි වගේ. සංකීර්ණ වගේම වැදගත් කරුණක්. සමහර වෙලාවට ඔය B ලට A ලව අඳුර ගන්න, තේරුම් ගන්නත් බැරි වෙනවා නේද? thaman B කෙනෙක්ද A kenekda kiyalaa nodanna ayath innawa.

    ReplyDelete
    Replies
    1. \\\මේකට එක පාරටම දෙයක් කියන්නත් අමාරුයි වගේ. සංකීර්ණ වගේම වැදගත් කරුණක්. //
      ඔව් සයුරි මනසේ සමහර ක්‍රියාකාරීත්වයන් ගැන තේරුම් ගනිද්දී හරි
      සංකීර්ණ තැන් එනවා .මෙහෙම දෙයක් පැහැදිළි කරද්දීත් ගොඩක් විට
      පරිස්සම් වෙන්න ඕනේ.ඇතැම් කරුණු තියෙනවා කියලත් බැහැ
      නොකියත් බැහැ ..

      \\සමහර වෙලාවට ඔය B ලට A ලව අඳුර ගන්න, තේරුම් ගන්නත් බැරි වෙනවා නේද? thaman B කෙනෙක්ද A kenekda kiyalaa nodanna ayath innawa. //
      අන්න හරි සයුරි ලෝකේ ඉන්න 90% දෙනා දන්නේ නැහැ තමන් A ද B ද
      කියල..ඒ වගේම එක් එක් අවස්ථාවේදී වෙනස් වෙනවා A සහ B තත්වයන්.
      අපි හැමෝම විටක A කෙනෙක් තව විටක B කෙනෙක්..

      A අවස්ථාවේදී එක විදිහකටත් , B අවස්ථාවේදී එක විදිහකටත් තමයි හැසිරෙන්න
      ඕනේ..


      ගොඩක් ස්තූතියි සයුරි වැඩ රාජකාරි තිබුණත් ඇවිත් අදහසක් කියල යනවට .
      ගොඩක් වෙලාවට මම මේ වගේ post වලදී ඔයාගේ කමෙන්ට් එක එනකම්
      මග බලන් ඉන්නවා...

      Delete
  22. මට තේරුන් නැ බං

    ReplyDelete
    Replies
    1. මෙතන කියන්නේ අටම් අපිට මොන විදිහේ හරි දුකක්
      කරදරයක් උන වෙලාවට අපි තව කෙනෙක්ට ලන් වෙන එක
      ගැන ...

      එහෙම ලන් වෙනකොට අනික් කෙනත් අපිව තේරුම් නොගෙන
      තව තව රිද්දනවා නම් වෙන්නේ ලොකු දුකක් නේද ?

      හිතන්න ඔයාගේ දරුවෙක්ට කරදරයක් වෙලා ඔයා යනවා
      ඉස්පිරිතාලෙට ..ඉස්පිරිතාලේ දොස්තර කරන්නේ ඔයාව
      බැනල එලවගන්න ගන්න එක...දැන් ඔයාට මොකද හිතට
      දැනෙන්නේ ?


      ඒ අස්සේ ඔයාගේ job එක නැති වෙනවා , ඉඩම උකස් වෙනවා .
      දරු පවුල පිටින් පාරට වැටෙනවා ..දැන් මොකද හිතට දැනෙන්නේ ?

      මේ දුක කියන්න පන්සලේ හාමුදුරුවෝ ලඟට යනවා..හාමුදුරුවොත්
      කරන්නේ බැනල එලවගන්න එකනම් ඔයාට මොකද දැනෙන්නේ ?

      ඔයාව අන්ත අසරණ වෙනවා නේද ?ඔය වගේ සිද්දි වලදී අපේ මනස
      හැසිරෙන විදිහ ගැන තමයි මේ පැහැදිලි කරලා තියෙන්නේ ...
      ආයේ එන්න අටම් ..ගැටළු තියේ නම් අහන්න.....

      Delete
  23. ඔන්න පෝස්ට් එකයි කමෙන්ට් ටිකයි ඔක්කොම කියවල ඔලුවට දා ගත්තා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි චන්දන ...ගොඩක් වටිනවා ඒක ..පුළුවන් තරම්
      ඉගෙන ගන්න ..ඒක වටිනවා...

      Delete
  24. හෙන කොයිල් බං ඒක

    ReplyDelete
    Replies
    1. වැඩියම හිතන්න එපා දිලුමෝ මේ ගැන එහෙනම් ..
      සමහර වෙලාවට මේ වගේ දේවල් දරා ගන්න බැරුව
      යනවා...වෙන දෙයක් ගැන හිතන්න...

      Delete
  25. ඔහොම වෙලාවට කරන්න ඕනේ එකම දේ අතහැරීම කියලයි මම නම හිතන්නේ.. ඒ කියන්නේ සිතෙන් අතහැරීම.. කරන්න පට්ට අමාරුයි ඒත් මොන බම්බුවකට මම මේ දුක් වෙනවද කියල හිතල බලල ඕනේ බම්බුවක් වෙච්ච දෙන් කියල අතැරල දාල ඉන්න පුළුවන් නම් ගොඩක් වෙලාවට ප්‍රශ්නේ තියෙන බර ගතිය යනවා... සමහර වෙලාවට අපි ප්‍රශ්නේ අත ඇරපු ගමන් විසඳුම අපි පේන්න ගන්නවා.. සමහර වෙලාවට ඒ ප්‍රශ්නේන් ඉගෙන ගන්න තියෙන දේ අපි හරියට ඉගෙන ගන්න කම් අපිට විසඳුම පෙන්නෙ නෑ. නමුත් ඒක අපි ඉගෙන ගත්ත ගමන් විසඳුම අපිට පැහැදිලි වෙන්න ගන්නවා..

    ඕක සමාජ ප්‍රශ්න, ආදර ප්‍රශ්න වලට මම පාවිච්චි කරල හොඳ ප්‍රථ්පල අරන් තියෙනවා.. මේ දැනුත් එහෙම කරන ගමන් ඉන්නේ.. 3න් වෙනි පාර්ශවයකින් උදව් ලැබෙන එක හොඳ දෙයක්.. හැබැයි ඒක ප්‍රශ්නේ තවත් අවුල් කරන්නේ නැත්නම් විතරයි.. අර වර්ස්ට් කේස් සිනාරියෝ එක (ඒ කිව්වේ වෙන්න පුළුවන් නරකම දේට් ඕනේම වෙලාවක මූණ දෙන්න ලෑස්ත් වෙලා ඉන්න එක)ට මූණ දෙන්න ඉගෙන ගත්තම ඔය ගොඩක් කඩතොළු හීන් සීරුවේ සුමට වෙලා යනවා අපි නොදැනුවත්වම.. ඒකට ටිකක කාලය ගත වුණත් අවසානයේදී අපිට හරියටම හරියන විසඳුම හම්බවෙනවා.

    ReplyDelete
  26. අර්ථවත් ලිපියකි
    ජය ඔබට

    ReplyDelete
  27. බුදු දහම්න් ගත හැකි දේ බොහෝයි ....... ඔලුව වටෙන් කන අල්ලන්න යන එක නම් අමාරුයි ....

    ReplyDelete

ඔබ කමෙන්ටුවක් දමයි නම් කරුණාකර මෙහි කමෙන්ටු E mail subscribe කරන්න .. නැතිනම් පිළිතුරු මග හැරී යනු ඇත ...

කමෙන්ට් යනු ඔබගේ අදහස් ප්‍රකශ කිරීමට සලසා ඇති ඉඩයි. සිතුවිලි ලියා තැබුණු විට අන් අයටද ප්‍රයෝජනයක් විය හැක !

http44444444://1.bp.blogspot.com/-F0lMkO9hSe8/UjM37DArTZI/AAAAAAAAAwo/wtP9O0K_6UE/s1600/543431_208554675978924_1215099537_n.jpg15099537_n.jpg

සහයෝගය දක්වන වෙබ් එකමුතු ...

මාතලන්ගේ සින්ඩිය...api apita Blog Readerlankeeya sithuwililankeeya sithuwili lankeeya sithuwili