දැන්වීම් පුවරුව . ( පින්තූර මතට මවුස් පොයින්ටරය රැගෙන යන්න )

දැනට වසර දෙකක පමණ සිට සෑම සතියකටම වරක් ලිපියක් හෝ දෙකක් පළ කළෙමි. සිත් ගත් ලිපියක් වේ නම් හිතමිතුරන් අතරත් බෙදාගන්න.

මෙම වෙබ් අඩවිය ලෝඩ් වීමට පමා වේ නම් මෙම ලින්ක් එක භාවිතා කරන්න.

Go and get Sinhala Unicode to your Computer
Face Book Link Share.

May 1, 2013

අකුණක විද්‍යාත්මක පැහැදිළි කිරීම සහ අකුණු අනතුරු වලින් ආරක්ෂා වෙමු|safety precautions for lightning.


             මේ ලිපිය අන්තර්ජාලයට එක් වන මොහොත වන විට ලංකාවේ තදින් අකුණු සිදු වන කාලයකි. ස්භාවිකව ඇති වන අකුණක ඇම්පියර් අවම වශයෙන් 25,000 පමණද වෝල්ටීය තාවය අවම වශයෙන් වෝල්ට් මිලියන 3 පමණද අඩංගුය.එමෙන්ම අකුණක් සම්බන්දව කිසිවෙකුට අනාවැකියක් පල කල නොහැකි නිසා අකුණකින් විය හැකි අනතුර බෙහෙවින් වැඩිය.ලිපියේ අරමුණ අකුණු අනතුරු හැකිතාක් අවම කර ගැනීමට ඔබට තොරතුරු ඉදිරිපත් කිරීමයි..

ස්වභාවික අකුණක් හට ගන්නේ ධන හා ඍණ වශයෙන් ස්ථිති විද්‍යුත් ආරෝපිණ ලද වලාකුළු තුළදීය.බොහෝ විට වර්ෂාව ඇති අවස්ථා වලදී

01.වලාකුලක් හා තවත් වලාකුලක් අතර (CC )
02.එකම වාලාකුලේ ස්ථර දෙකක් අතර (IC )
03.වලකුළුත් පොළොවත් අතර (CG )





මෙවැනි අකුණු ඔබ දැක ඇත.ඈත අතීතයේ සිටම විද්‍යාඥයන් අකුණක මූලික ස්වරූපය හඳුනා ගැනීමට උත්සාහ කලද වර්තමානය වන තෙක් අකුණක සමස්ථ ක්‍රියාවලීය අධ්‍යනය කර නොමැත.අදටද හඳුනා ගැනීමට අපහසු සංසිද්ධි කීපයක් අප හමුවේ ඇත.

අකුණක් යනු ඉතා තද විද්‍යුත් බලයක් සහිත අයනීකරණ වූ වායු ( ප්ලාස්මා ) පරිපථයක් ඔස්සේ ගමන් ගන්නා කිලෝ මීටර 4 සිට 8 දක්වා දුරක් සහිත විදුලි ධාරාවකි. ඇත්තෙම්ම අකුණක විසර්ජන ක්‍රියාවලිය , එනම් එය පොළොව කරා පැමිණ භූගත වන තෙක් අති සංකීර්ණ ක්‍රියා රැසකට භාජනය වේ. ( ප්ලාස්මා පරිපථයක් යනුවෙන් මෙහිදී හඳුන්වා ඇත්තේ ඉතා සීග්‍ර වේගයෙන් අයනීකරණය වෙමින් / නැති වෙමින් අකුණේ ශක්තිය උරා ගනිමින් එයට භූගත වීමට මාර්ගය සලසන මිලි තත්පර 10 කට පමණ සීමා වූ වායු ධාරාවටයි.මින් ඉදිරියට ලිපිය තුල වායු = gas යනුවෙන් භාවිත කරමි )


උණුසුම් වායු ස්ථර හා සිසිල් වායු ස්ථර අතර හට ගන්නා චලන හේතුවෙන් පෘතුවි වායු ගෝලය තුල නොයෙක් නොයෙක් කැළඹීම් ඇති කරයි.සාමාන්‍ය සුළන් හැමීමේ සිට විශාල කුණාටු , ටොර්නාඩෝ දක්වා මෙම කැළඹීම් පැතිරිය හැක.




අකුණක ඉතාම සරළ සිංහල පැහැදිළි කිරීම.



මෙතැන තියෙන්නේ අධිවේගී කැමරාවකින් ගත්ත අකුණක චායාරූප මාලාවක්.තත්පරයට frame 500 ක වේගයෙන්
ප්‍රංශයේ Toulouse නගරයේදී තමයි මේක අරන් තියෙන්නේ..පැරිසියේ ඉඳල 600km වගේ දුරකින් තමයි මේ පැරණි නගරය පිහිටලා තියෙන්නේ..


ඉහළ අකාශයේදී ඇති වන උෂ්ණත්ව වෙනස් කම් නිසා වලාකුළක එක් එක් මට්ටම් වලදී අයිස් ස්ඵටිකද , ජල අංශු වෙන වෙනමද ගැටීමකට ලක් වී අයිස් ස්ඵටික වලට ධන ලෙස ආරෝපණය වීමට අවස්ථාවද , දූවිලි සහ ජල අංශු වලට ඍණ ලෙස ආරෝපණය වීමටද අවස්ථාව සලසා දේ.

දීර්ඝ වශයෙන් මෙවැනි ගැටීම් ප්‍රකෝටි ගණනක් ඇති වීම හේතුවෙන් පියවරෙන් පියවර වලකුලෙහි පහළ ස්ථරය තුල (මුල් කිලෝ මීටර 5) ඍණ වශයෙන් ආරෝපණය වූ අණුද , ඉහල ස්ථරය තුල ( ඉහළ කිලෝ මීටර 6- 8 ) ධන වශයෙන් ඇති වූ අරෝපණද තැන් පත් වීමට ගනී.



මේ විදිහට ටිකෙන් ටික වර්ධනය වන විද්‍යුත් ක්ෂේත්‍රය තුල ඇම්පියර් 50,000 දහසක පමණ ශක්තියක් ඒක රාශී වීමටත් , ටිකෙන් ටික විභව අන්තරය වෝල්ට් මිලියනය පසු කිරීමටත් අවස්ථාව සලසයි. දිගින් දිගටම වායු කැළඹීම් සිදු වෙමින් මෙම ක්‍රියාවලිය ඉතා බිහිසුණු ස්වරූපයක් ගැනීම ආරම්භ වේ.

{ මෙම ක්‍රියාවලිය තුළදී ආරෝපණ ඒක රාශී වීම සංස්ථිති නියමයේ එක් ප්‍රබෙධයක් වූ (Space charging) ඒකක වර්ගඵලයක් මත
ආරෝපණ විසිරීමේ මූලධර්ම භාවිතයෙන් මැනිය හැක.Space charging වූ මෙම ක්‍රියාවලිය සිදු වන්නේ පාරවිද්යුත් ද්‍රව්‍ය තුල හෝ රික්තකයක් තුළදීය. මන්ද යත් විදුලිය සන්නයනය කරන ද්‍රව්‍යක් තුලදී නම් ආරෝපණ ඉතා ඉක්මනින් උදාසීන මට්ටමට ළඟා වේ . මනින්නට දෙයක් ඉතුරු නොවේ. මෙය සොයා ගැනීමට මුල් වී තිබෙන්නේ ලෝ ප්‍රකට විද්‍යාඥයෙක් වූ තෝමස් අල්වා එඩිසන් විසින් රික්තයක් තුල දැවී අළු වී යාමේදී සිදු වන ශක්ති වෙනස් කම් අධ්‍යන කිරීමේ ප්‍රතිඵලයක් ලෙසයි .මෙම මූලධර්මය භාවිතයෙන් තමයි රික්තක වෑල්ව් පවා හදල තියෙන්නේ . ඒ නිසා මේ දේ ඔබ විද්‍යාව ගැන උනන්දු අයෙක් නම් අතිශය වැදගත් ක්‍රියාවලියක් .මොකද ට්‍රාන්සිස්ටර් ගැන ඉගෙන ගන්න තැන් වලදී මේ දේවල් හරි ප්‍රයෝජනවත් .හොඳ දක්ෂ ඉලෙක්ට්‍රොනික් ඉංජිනියර් කෙනෙක් වෙන්න පුළුවන් මේ දේවල් ගැන පැහැදිලි අවබෝදයක් තියෙන කෙනෙක්ට . ලෝකෙට අලුතෙන් ට්‍රාන්ස්සිස්ටර් එකක් දායාද කරන්න පවා පුළුවන් එහෙම ඉගෙන ගත්ත කෙනෙක්ට . }


ඔන්න දැන් මේ වලකුළේ ඉහලම ස්ථරය ඉතාම දැඩි ලෙස ධන වශයෙන් ආරෝපණය වෙලා , පහළ ස්ථරය ඉතාම දැඩි ලෙස ඍණ ලෙස ආරෝපණය වෙලා ..පෘතුවිය උදාසීන විදිහට ඉන්නවා..නමුත් මේ විද්‍යුත් වශයෙන් active layer 3ටම තවම ලොකු බාධකයක් තියෙනවා. ඒ තමයි මේ ස්ථර අතර පවතින දුර ..කිලෝ මීටර 4- 6 දක්වා දුරක් තියෙන නිසා තවමත් මේ layer 3 එන්න එන්න electrically activate වෙනවා වායු කැළඹීම් එක්ක තව තවත් වලාකුළ තුල ආරෝපණ එකතු වෙනවා ..ඇම්පියර් ගණන එන්න එන්න 80,000 පමණ වන තෙක්ද , වෝල්ටීය තාවය මිලියන 2 පසු කිරීමත් ඉතා සීග්‍රයෙන් සිදු වෙන්න ගන්නවා. පළමු මිලියනය සැදීමට ගත වූ කාලයට වඩා අඩු කාලයක් තමයි දෙවෙනි මිලියනයට ගත වෙන්නේ , 3 හැදෙනවා ඊටත් වඩා ඉක්මණින් ...


(එහෙම වෙන්න හේතු වෙන්නෙත් space charging වලම වෙන තවත් සංසිද්දියක් උන හීටීරියෝ චාර්ජින් සහ හෝමෝ චාර්ජින් කියන තත්වයන් නිසා.AC ධාරාවක මුළු circle එක දිහා බැලුවොත් එහෙම net sum එක ශූන්‍ය උනත් ද්‍රැව දෙක වෙන් කලොත් අති විශාල ශක්තියක් ගැබ් වෙලා තියෙනවා වගේ සිද්දියක් මේක.
අපි බලපු spell binders කතාවෙත් මායා බන්ධකයෝ කරන්නේ කාන්දම් ගල් වල ගැබ් උන ශක්තිය ද්‍රෑවීය තාවය වෙන් කරලා ලොකු ශක්තියක් නිපදවා ගැනීම )


මේ විදිහට පොළොවත් වලකුලේ ස්ථර දෙකත් අතර ඇති වෙන ඉතා තද විද්‍යුත් ආරෝපණ නිසා පොළොවේ මතු පිටත් වලකුලේ පහල ස්ථරය මතත් විද්‍යුත් ක්ෂේත්‍රයක් ඇති වෙනවා . තව දුරටත් වායු බිත්තියකින් මේ ස්ථර කීපය මෙල්ල කරන්න බැහැ.මෙන්න මේ අවස්ථාව භයානකයි.මේ තැනට පත් උනාට පස්සේදී කරන්න දෙයක් ඇත්තේ නැහැ.ගත වෙන මොහොතක් මොහොතක් ගානේ වලකුලේ ඒකක වර්ගඵලයක් මත එකතු වෙන ශක්තිය සීග්‍රයෙන් වැඩි වෙනවා..

මෙතනින් එහාට වෙන්නේ වලකුලේ පහලම layer එකේ තියෙන වායු අංශු අයනීකරණය වෙන්න ගන්නවා.මුල්ම ඇරඹීම වෙන්නේ වළාකුලෙහි ඍණ ලෙස ආරෝපිත කලාපයෙන් අර්ධ වශයෙන් අයනීකරණයට ලක් වෙමින් පවතින වායු අණු නිදහස් වීමත් එක්ක.ධන ලෙස ආරෝපිත වූ අංශු මීළඟට නිදහස් වෙන්න ගන්නවා. ධන ලෙස ආරෝපිත අංශු ඉහළටත් , ඍණ ලෙස ආරෝපිත අංශු පොළොව දෙසටත් ගමන් අරඹනවා.ඒ කියන්නේ මිලියන 7 පමණ වන වොල්ටීයතාවයෙන් යුතු , ඇම්පියර් 80,000 පමණ ශක්තියක් අඩංගු විදුලි කදම්භය පොළොව දෙසට ගමන් ඇරඹීම සිදු කර අවසන් ...



මේ විදිහට පැන නගින අයනීකරණය වෙමින් පවතින වායු අණුව කරන්නේ තමන්ට ඉස්සරහින් තියෙන වායු අංශුවත් අයනීකරණය කරන්න ශක්තිය ලබා දීම.මොකද පිටිපස්සෙන් දරන්න බැරි තරම් විද්‍යුත් පීඩනයක් / ශක්ති ප්‍රභවයක් / එන්න එන්න හැදෙමින් තිබීම .

( මේ දේවල් වල 100% පැහැදිළි කිරීම මම ටිකකට skip කරනවා හොඳද ? නැත්නම් මේ සංසිද්දිය තේරුම් ගන්න බැරුව යනවා.මේ විදිහට විදුලිය ගමන් කිරීමට කියන්නේ කොරෝනා සංසිද්දිය කියලා . ප්‍රභව දෙකක් හෝ ඉලෙක්ට්‍රොඩ දෙකක් අතර අවම වශයෙන් 12,000v හෝ ඊට වඩා විභව අන්තරයක් ඇති විටක ඉලෙක්ට්‍රෝඩ දෙක අතර පවතින gas අයනීකරණය කරමින් ඒ ඔස්සේ විදුලිය පුළිඟුවක් ලෙස ඉවතට විසි වීම තමයි මේ සංසිද්දියේ මුල්ම මට්ටම .



පෙට්‍රෝල් එංජිමේ spark plug එක වැඩ කරන්නේ මේකේ මූලිකම අදියරෙන් .මේ සංසිද්දී වල වැඩිදියුණු අදියරකින් තමයි ෆොටෝ කොපි මැෂින් එක දෙවෙනි වර භාවිතා කරන්න පුළුවන් විදිහට Reset කරන්නේ . මේ සංසිද්දියේදී වෙන තවත් එක් සුවිශේෂීම සංසිද්දිය තමයි ඕසෝන් වායුව නිපදවීම . අකුණු ගැසීම හේතුවෙන් විශාල විදිහට ඕසෝන් වායුවත් වක්‍රාකාරව නිපදවෙනවා. අපි බලපු spell binders කතාවෙත් මායා බන්ධකයෝ කරන්නේ කාන්දම් ගල් වල ගැබ් උන ශක්තිය ද්‍රෑවීය තාවය වෙන් කරලා ලොකු ශක්තියක් නිපදවා ගැනීම සහ එහෙම හදා ගත්ත ස්ථිති විදුලිය කොරෝනා එෆෙක්ට් එකෙන් වාතය හරහා " අවශ්‍ය තැනට " යැවීම. හැබැයි අපි ජීවත් වෙන පෘතුවියේ නම්" අවශ්‍ය තැනට "කොටස වලංගු නැහැ. )


ඒ විදිහට හැදෙන විදුලි ධාරාව නිසා වාතය සෙන්ට්‍රිගේට් අංශක 50,000 ලොකු උෂ්ණත්වයකට පත් වෙනවා මිලි තත්පර කීපයක් ඇතුලට.මේ උණුසුම කොච්චරද කියනවනම් සූර්යාගේ මතුපිට උෂ්ණත්වය වගේ 5 ගුණයක්. මේ තද උණුසුමයි දැඩි ලෙස අයනීකරණය වෙන gas ටික නිසා ඒ අවට ප්ලාස්මා එෆෙක්ට් එක ඇති කරනවා .අන්න එහෙම ඇති වෙන ප්ලාස්මා තරලය තමයි සුදු / නිල් පාටට හුරු එළියකින් පේන්නේ. Plasmatized gas  කියල තමයි මේකට කියන නියම සිංහල වචනේ. මේ Plasmatized gas විදිහට දිගින් දිගටම අලුත් පාරවල් හොය හොයා පෘතුවිය දිහාට එනවා හරියට ගහක අතු බෙදෙනවා වගේ..සමහර අතු වලට ශක්තිය මදි වෙනවා තව තවත් වර්ධනය වෙන්න ..සමහර අතු දිගින් දිගටම ශක්තිය උරා ගනිමින් පෘතුවිය දිහාට එනවා.මේ විදිහට හැදෙන අත්තක් සාමාන්‍යයෙන් අඩි 100 සිට අඩි 200 විතර දිගයි.සාමාන්‍යයෙන් මේ විදිහට ඇති වෙනඅත්තක් ඇම්පියර් 100 සිට 3000 දක්වා ප්‍රමාණයක ශක්තියක් වැය කරනවා.මේ විදිහට වලකුලේ ඉඳල පෘතුවියට පාර හොයන් එන ගමනටම විශාල ශක්ති ප්‍රමාණයක් නාස්ති
වෙනවා.( ඇත්තටම මෙහෙම නාස්ති නොවෙන්න අකුණක් වැදුණු තැනක් ඉතුරු වෙන්නේ නැහැ )

{ මෙන්න මේ අවස්ථාවේදී හරියටම ( අයනීකරණය උන වායු ) Ionized air පාර හොයා ගන්නේ කොහොමද කියන එක ගැන අදටත් , ඒ කියන්නේ 2013 මේ ලිපිය ලියන මොහොතේත් ඒක මතික තීරණයකට ඇවිත් නැහැ.ගොඩක් විද්‍යාඥයෝ කියනවා කොස්මික් කිරණ විහිදීමේ මූලධර්ම අනුව එනවා කියල.මොකද සත්‍ය වශයෙම්ම අකුණක තියෙන ශක්තිය මදි පොළොවට එක එල්ලේ විදුළි ධාරාවක් එල්ල කරන්න.කිලෝ මීටර 6 විතර දුරට කොරෝනා එෆෙක්ට් එකෙන් විදුළිය යන්නේ නැහැ.අන්න ඒකයි අදටත් විසදුමක් නැත්තේ.






ආයෙම කියනවා කොස්මික් කිරණ විහිදීම් වලට යටත් නැහැ කියල.මොකද අකුණක මේ සිද්දි දාමය වෙන්න සාපේක්ෂව ගන්න කාලය වැඩි. කොස්මික් කිරණ නිසා තමයි කාබන් 14 සමස්ථානිකය හැදෙන්නේ .පුරා විද්‍යා කැනීම් වලදී කාලය හොයාගන්නේ ඒ ක්‍රමෙන් තමයි..මීළඟ ළිපියකින් ඒක ගැන දාන්නම් }

දැන් මේ විදිහට Ionized air වලින් ටික ටික පාර හදා ගන්නවා අකුණ පොළොවට ඒම සඳහා.මේ පරිපථය සම්පූර්ණ වීම මේ විදිහට උන හැටියේම මෙතෙක් ඉතුරු වෙලා තිබුණ මුළු ශක්තියම කිසිම බාධාවකින් තොරව පොළොවට එනවා.

වලකුළත් පොළොවත් අතර අගල් 6 පමණ වන ප්‍රමාණයේ විශ්කම්භයක් ඇති කිලෝ මීටර 4-8 දක්වා දිගකින් යුතු වන යෝධ විදුළි ධාරාවක් ඇති වෙනවා.ක්ෂණිකව වායුව සෙන්ට්‍රිගේට් අංශක 50,000 පමණ උෂ්ණත්වයකට පත් වෙනවා .ඒකෙන් තමයි තද පිපුරුම් හඬක් ඇති වෙන්නේ.ඒ වගේම තත්පර 2 ඉඳන් 10 වගේ කාලයක් යනකම් අපිට Plasmatized gas පෙනෙන්න තියෙනවා ..







01.මේ විශාල විදුලි ධාරාව නිසා ලොකු චුම්භක ක්ෂේත්‍රයක් අවට ඇති වෙනවා
02.විශාල bandwidth එකක් තියෙන විද්‍යුත් චුම්භක තරංග මාලාවක් ඇති වෙනවා


අකුණ පොළොවට ආවට පස්සේ මොකද වෙන්නේ ?



25,000A X 6,000,000V විතර වෙන ධාරාවක් බලාපොරොත්තු නැති වෙලාවක ලැබුණම වෙන්නේ ඒක ක්ෂණිකව විහිදෙන්න ගන්නවා පොලොව දිගේ.මේ විදිහට පොළොව දිගේ විහිදිලා යන විදුලි සැර නිසා තමයි ගොඩක්
අනතුරු වෙන්නේ .ඒ කියන්නේ සතෙකුගේ එක කකුලකින් ඇතුල් උන විදුලිය අනික් කකුලෙන් නැවත භූගත වෙන්න පුළුවන්.අවාසනාවකට මෙහෙම යන විදුලි ධාරා ටිකත් කොහොම පැතිරේවිද කියන එක ගැන අනාවැකි කියන්න බැහැ.අකුණ වැදුන තැන ඉඳන් 15m විතර යනකම් සිටීම මාරාන්තික වෙන්න පුළුවන් එක එල්ලේ අකුණක් නොවැදුණත්..


සාමාන්‍ය ජීවිතයේ ඔබට හුරු පුරුදු නැති විශේෂිත අකුණු වර්ග.

01. පොළොවේ සිට වලාකුළු දක්වා විහිදෙන අකුණු (GC )
02. Positive lightning

මෙහි පළමු වර්ගය ගොඩක් වෙලාවට වෙන්නේ Transmission towers වලදී.ඒ කියන්නේ කාලයක් තිස්සේ RF power එක නිසා හෝ උස් කඳු මුදුන් වලදී වෙන වලාකුළු ස්පර්ශය නිසා හෝ එකතු උන ස්ථිති විද්‍යුත් ආරෝපණ නිසා වලාකුළකට ඒ ආරෝපණ නිදහස් කිරීම .සාමාන්‍ය අකුණක් තරම්ම ප්‍රභලව වදිනවා.දිශාව විතරයි වෙනස්.හරි විදිහට හදපු නැති Transmission towers මේ නිසා විනාශ වෙනවා..




Positive lightning කියන මේ වර්ගය තමයි අතිශය භයානක.අපි කලින් කතා කරපු සාමාන්‍ය අකුණු ඇති උනේ වලකුලේ පහළ ස්ථරය හා පෘතුවිය අතරනේ.නමුත් මේ අකුණු වර්ගය ඇති වෙන්නේ අකුණක තියෙන ධන ලෙස ආරෝපණය උන ඉහලම ස්තරය හා පෘතුවිය අතර.පොළොව හා තියෙන දුර වැඩි . විදුලි ධාරාව හිතන්නත් බැරි තරම් අගයක් ගන්නවා..ඒ කියන්නේ ඇම්පියර් ලක්ෂම 3 කට වැඩි..වෝල්ටීයතාවය වෝල්ට් මිලියනම 1000 ට වැඩි. ඒ කියන්නේ වෝල්ට් බිලියනයක් ! මෙහෙම අකුනකදී වෙන තවත් වැදගත් දෙයක් තමයි




01.අධික චුම්භක බල රේකා පිහිටීම / වෙනස් වීම් ( flux )
02.විද්‍යුත් චුම්භක තරංග ඇති වීම ( EMF )
03.හර්ට්ස් 1 සිට 1000 දක්වා පරාසයේ රේඩියෝ තරංග(EMF ) අධිකව ඇති වීම

ඔය වගේ හේතු වල අතුරු ප්‍රතිපල විදිහට ඔබ ලෝහ දණ්ඩක් අල්ලන් හිටියත් ඒක තුලින් විදුලිය ජනනය වෙන්න පුළුවන්..( මේක වෙන්නේ Positive lightning වලදී විතරමයි හොඳද ? සාමාන්‍ය අකුණකට මේ හැකියාව නැහැ )

ගුවනේ සැරි සරමින් ඉන්න ගුවන් යානයක් මෙහෙම අකුණකට මූණ පෑවොත් සම්පූර්ණ පරිගණකගත ජාලයම බිඳ වැටෙනවා එක මොහොතෙන්.ගොඩක් ගුවන් යාන විනාශ වීම වෙලා තියෙනවා 1970 විතර වෙනකම්.අයිස් ස්පටික , හිම ස්ඵටික එක්ක වෙන ඝර්ෂණය නිසාත් ගුවන් යානයක් තුලත් ලොකු ස්ථති විද්‍යුතයක් ඇති වෙලා ගුවන් යානයේ සංනිවේදන ඇන්ටෙනා / පරිගණක ජාලය අක්‍රීය වෙන තත්වයක් එනවා ..නමුත් අද පියාසැරීමට අවසර ලැබෙන්නේ මෙවැනි අකුණකට / ස්ථති විද්‍යුත් ප්‍රහාරයකට උනත් ඔරොත්තු දෙන්න පුළුවන් ආකාරයේ ප්‍රමිතියක් තියෙන ගුවන් යාන විතරයි..

ඒ නිසා බය වෙන්න එපා ගුවනේදී ඔබ ආරක්ෂිතයි...





කට්ටියට මතකද මීට අවුරුදු 6 කට විතර කලින් ඔයාලට TV බලන්න බැරුව ගියා දවස් 4 විතර? හේතුව තමයි අකුණකින් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ පිදුරුතලාගල ප්‍රධාන සම්ප්‍රේෂණ මධ්‍යස්ථානය විනාශ උනා.ඔක්කොම දේවල් කර වෙලා අඟුරු උනා.ප්‍රධාන 20kw ධාරිතාවය තියෙන transmitter එකේ ගොඩක් steps අඟුරු උනා මේ අකුණෙන්.අපි විස්වාස කරන්නේ එදා වැදුනෙත් Positive lightning කියන වර්ගයේ අකුණක් කියලයි.ඒක වෙද්දී මගේ සහෝදරයත් සේවයේ යෙදී හිටියා .වාසනාවකට පිළිස්සුම් තුවාල ඇර ජීවිත හානි උනේ නැහැ කාටවත්.
spy.




මෙහෙම අකුණක් සාමාන්‍ය තැනකට වැදුනොත් නම් අනිවාර්යෙන්ම වෙන විනාශය හිතන්න වත් බැහැ.Telecommunication විශයේදී අපි මූණ පාන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි අකුණු අනතුරු . ඒ නිසා අකුණු ගැන ගොඩක් ගැඹුරට ඉගෙන ගන්න වෙනවා මේ විශයට කෙනෙක් ආස නම්. ඩොලර් මිලියන ගණනක් වටිනා උපකරණත් , ජීවිතත් ආරක්ෂා කරගෙන දිගටම සේවය පවත්වා ගන්න වෙනවා අකුණු පිට අකුණු ගැහුවත්.අකුණු ගැහුවා කියල Tx off කරන්න බැහැනේ. ඉතින් ගොඩක් තාක්ෂණික ක්‍රම පාවිච්චි කරනවා මේ සඳහා...පහත දක්වන්නේ ඉන් කීපයක් විතරයි නිවසකට අවශ්‍ය මට්ටමේ...


කොහොමද එදිනෙදා සාමාන්‍ය ජීවිතේදී අකුණු අනතුරු වලක්වා ගන්නේ ?


දැන් හැමෝම දන්නවා ඇති නේද අකුණක් ගැන ගොඩක් විස්තර. ඒ කියන්නේ අකුණක් ගැන ලොකු අවබෝදයක් , අකුණක හැසිරීම් ගැන විස්තරයක් වගේ.දැන් අපි සැලසුම හදමු අකුණ කියන සතුරාගෙන් බේරෙන්න ....


01. උස ස්ථාන වල ඉන්න එපා

හිතන්න ඔබ ඉන්නේ rooftop එකේ නම් වහින වෙලාවට අකුණක් වැදීමේ අවදානම වැඩි ඔබට.ඒ නිසා ඉක්මනට බිම් මහලකට එන්න වහින වෙලාවට

02. පාලු පිට්ටනි / පාරවල් වගේ එළිමහන් තැනක ඉන්න එපා..හිතන්න ඔබ ඉන්නේ පිට්ටනියක මැද්දේ කියල .ඒ කියන්නේ නොදැනුවත්වම ඔබ පිට්ටනියේ ඇති උසම ස්ථානය බවට පත් වෙලා ..වහාම ඉවත් වෙන්න ඕනේ..නැත්නම්
.upset.

03.රැහැන් සහිත දුරකථන භාවිතය කිසිසේත් හොඳ නැහැ .. ඒ කියන්නේ දුරකථන කුලුණකට අකුණක් වැදුනොත් එහෙම රැහැන් දිගේ අකුණෙන් කොටසක් එනවා එනවාමයි..ඔබේ ස්ථාවර දුරකථනය , මොඩමය පරිගණක සහ අනිකුත් උපකරණ switch off නොව unplug කරන්න ...

04.ප්‍රධාන 230/400 විදුලි ජාලයෙන් TV , Radio , ෆ්‍රිජ් වැනි වටිනා උපකරණ unplug කරන්න .මොකද switch off කරලා තිබ්බට වැඩක් නැහැ..කිලෝ මීටර් ගානක් දුර ඉඳන් ආව අකුණකට switch එක ඇතුළේ තියෙන 4mm දුර මොකක්ද ?

 
05.TV ඇන්ටෙනාව TV එකෙන් ගලවා නිවසෙන් එළියට දමන්න.( TV එක නෙවේ වයර් එක
roll. ) මොකද TV ඇන්ටෙනාවට අකුණක් වැදුනොත් ඒකෙන් කොටසක් ඇන්ටෙනා වයරය දිගේ එන්න පුළුවන් .

06. කම්බි වලින් රෙදි වැල් එහෙම හදලා තියෙනවද ?
ඒවා හැකි තරම් නිවසෙන් ඈතට කරන්න..

07. ගෙදර වැට කම්බිද / යකඩද / ග්‍රිල්ද ?
අකුණු සහිත වෙලාවට ඈතින් ඉන්න .මොකද වැට දිගේ අකුණක
කොටසක් එන්න පුළුවන් ...

08.නිකන් ආවට ගියාට අකුණු සන්නායක කියල වෙළඳපොලේ තියෙන දේවල් ගෙනත් ගෙදර හයි කරගන්න එපා .අහක යන අනතුරකට අත වැනීමක් වෙන්න පුළුවන් ඒක.
peace.

09. තදින් අකුණු ගහන වෙලාවක ඔබ රිය පදවනවා නම් කොහොම වත් රියෙන් බහින්න එපා .වාහනය තුලම ඉන්න එංජිම නවත්තලා.මොකද වාහනයක් ඇතුළේදී ෆැරඩේ චේම්බර් කියන සංසිද්දිය ඉබේම වෙන නිසා ඔබ හොඳටම ආරක්ෂිතයි..

10.අකුණු වලින් ආරක්ෂා වීමට ඇති හොඳම විදිහ තමයි වාහනයක් තුලට වී සිටීම . විනාඩි 10 ඇතුළත අකුණු 3 කට වඩා ඇති වෙනවා නම් හොඳම දේ ආරක්ෂා කාරී තැනකට යෑම.

වැදගත්ම දේ තමයි ඔබ අකුණක් දුටු මොහොතේ පටන් තත්පර 10 ඇතුලත එහි ගිගිරුම් හඬ ඇසෙනවානම් , ඒ කියන්නේ ඔබ ඉන්නේ අකුණට කිලෝ මීටර 3ක් පමණ දුරින්. මේ විදිහට තත්පර ගණන අඩු වෙනවා නම් වහාම ආරක්ෂාව සලසා ගත යුතුයි...


අකුණු ගැන ඇති මිත්‍යා මත
.
( ඔබ දන්නා වෙනත් මිත්‍යා මතද තිබේ නම් ඉදිරිපත් කරන්න...)

01. Transmission towers වලින් අකුණු විසි කරනවා කියන
කතාව ගොඩක් දෙනා විස්වාස කරනවා .ඒත් එහෙම දෙයක් වෙන්නේ නැහැ . එහෙම දෙයක් තියෙනවනම් ඒකෙන් වෙන්නේ හොඳක්.ඔබේ නිවසට වැදෙන්න ඉඩ කඩ තියෙන අකුණක් tower එක හරහා භූගත වෙලා ඔබේ නිවස / ජීවිත බේරෙන්න පුළුවන්..

02.ජංගම දුරකථන වලට අකුණු ඇදිලා එනවා කියන එක .
මේකත් සම්පූර්ණ මිත්‍යා විස්වාසයක්.කිසිම විදියකින් අකුණක්
ජංගම දුරකතනයක් නිසා පොළොවට ඇදිලා එන්නේ නැහැ .ඒ නිසා
ඕනේ තරම් අකුණු ගැහුවත් පාවිච්චි කරන්න.( නමුත් ඔබ ඉන්න ස්ථානයේ
සිට මීටර 300 ඇතුලත අකුණක් ගැහුවොත් නම් දුරකථනය දැවී
යන්න පුළුවන් ඉඩ වැඩි.)

03.අකුණු ගහද්දි TV බැලීම
230/400 ප්‍රධාන පරිපථයෙන් වෙන්ව තියෙන generator එහෙකින් වගේ දේකින් විදුලිය ලබා ගෙන ආරක්ෂා කාරී ඇන්ටෙනාවක් භාවිතයෙන් බලනවා නම් කමක් නැහැ. නමුත් මෙහෙම තත්වයක් සාමාන්‍ය නිවසක නැහැ.ඒ නිසා කිසිම විදිහකින් TV බලන්න එපා අකුණු ගහද්දි.

04.දුරකථනයෙන් mp3 / Radio ඇසීම
banana.
ප්‍රශ්නයක් නැහැ ගැටළුවක් කරගන්න එපා.හැබැයි අකුණ මීටර් 200 වගේ
ඇතුලත වැදුනොත් දුරකථනය පිළිස්සී යාමේ ඉඩ වැඩි..

05.අකුණු ගහන විට ලෝහ භාණ්ඩ ඇල්ලීම සුදුසුද ?
ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ.ලෝහ භාණ්ඩ නිසා අකුණු ඇදිලා එන්නේ නැහැ.නමුත් මතක තියාගන්න Positive වර්ගයේ අකුණක් වැදුණොත් නම් ලෝහ දඬු තුළින් විදුලිය නිපදෙන්න පුළුවන් .ඒත් positive වර්ගයේ අකුණක් සාමාන්‍ය නිවසකට වැදුණොත් නියත වශයෙන්ම විනාශ වෙනවාමයි.ඒ නිසා ඔන්න ඔහේ අල්ලන් හිටියත් එකයි , අල්ලන්නේ නැතුව හිටියත් එකයි... කොහොමත් ඉවරයි.

06.ලෝහ වස්තු නිසා අහක යන අකුණු ඇද ගන්නවද ? ( උදලු , කැති , මන්නා පිහි )
නැහැ කිසි සේත්ම නැහැ.නමුත් මේ වගේ ආයුධ අතේ තියන් එළි මහනෙ වැඩ කරන්න යන්න හොඳ නැහැ..ඔබව අකුණකට ඉලක්ක වෙන්න පුළුවන්..නමුත් ලෝහ භාණ්ඩයත් ඒ අතරත් සම්බන්දයක් නැහැ ..

07.බොරු කිව්වම අකුණු එනවද ?
ayyo.
පිස්සුද මෙයා එහෙනම් මේ පෝස්ට් එක හද හද ඉද්දිත්
මට වදින්න එපැයි ..
.hehe.




සාමාන්‍ය නිවසකට ගැළපෙන පරිදි අකුණු ආරක්ෂණ පද්ධතියක් නිර්මාණය...




අකුණක මූලික ක්‍රියාකාරීත්වය තමයි හැකි ඉක්මණින් කෙටිම මග දිගේ භූගත වීම.පොළොවේ සිට වඩාත්ම උසින් පිහිටි තැනට තමයි වදින්නේ.


පහත රූපයේ දෙස බලන්න .එහි වම් පසින් පෙන්වා ඇත්තේ යම් කිසි උස් ස්ථානයක සිට අංශක 45 කෝණයක් සාදමින් පවතින කලාපය අකුණකින් ආරක්‍ෂිත බවයි.ඔබේ නිවස අසලද මෙවැනි උස ගසක් , කුළුණක් වැනි යමක් ඇත්නම් ඔබ බොහෝ දුරට අකුණක ඍජු ප්‍රහාරයකින් ආරක්ෂිතයි.





නමුත් ඔබේ නිවස පිහිටා ඇත්තේ හිස් / පාලු භූමියක / කුඹුරක් සමීපයේ නම් අකුණු වැදීමේ තද අවදානමක් ඇත.නිවසේ වහලය මත නිල් පැහැයෙන් දක්වා ඇති පරිදි අගල් 2.5 ගැල්වනයිස් බට වලින් සෑදු සැකිල්ලක් යෙදීමෙන් බොහෝ දුරට අකුණකින් ආරක්ෂා විය හැක.බට වල කෙලවර පොළොව තුල අඩි 6 වත් අවම වශයෙන් භූගත කල යුතුය.වඩාත්ම ආරක්ෂාකාරී වන්නේ උස ගස් කීපයක් හෝ සිටුවීමයි..( මෙහෙම දෙයක් හදනවා නම් කරුණාකර ඉංජිනේරු උපදෙස් ඇතුව හදන්න , නැතිනම් අහක යන අකුණක් ගේ ඇතුළට එන එක වෙන්න පුළුවන් . අනිත් දේ මම මේක ඇන්දේ paint වලින්.නිසි පරිමාණයට නැහැ .දළ අදහසක් ගන්න විතරයි මේක දැම්මේ )


පහත තියෙන්නේ පෝස්ටුවේ විස්තර උන සමහර දේවල් වල චායාරූප විස්තර සහිතව ..






මෙතන බොහොම සරළව ඉදිරිපත් කරලා තියෙන්නේ ෆැරඩේ චේම්බර් එකක ස්භාවය. සාමාන්‍යයෙන් අකුණු අනතුරු වලින් ආරක්ෂා වීම සඳහා මේ ක්‍රමය තමයි හොදම. ඔයාල දකින හැම දුකථන / රූපවහිනී / වෙනත් සම්ප්‍රේෂණාගාරයම හදල තියෙන්නේ මේ ක්‍රමයට .1mm වගේ ප්‍රමාණයේ සිදුරු තියෙන දැලකින් ආවරණය කරලා තියෙන්නේ හැම බිත්තියම .මෙහෙම කරාට පස්සේ කිසිම විදිහකින් පිටත අවකාශයේ තියෙන ගුවන් විදුලි තරංග ඇතුළටත් , ඇතුලේ හැදෙන ගුවන් විදුලි තරංග පිටටත් යන්නේ නැහැ. ඒ වගේම අකුණකින් උනත් ආරක්ෂා කාරී...


1mm වගේ ප්‍රමාණයේ සිදුරු තියෙන දැල



මේ තියෙන්නේ අපි වෘතීමය වශයෙන් transmission house හදද්දී ඒ සම්පූර්ණ මහළම ෆැරඩේ චේම්බර් එකක් බවට පත් කරන ක්‍රමය.දැල් වලටත් වඩා මේ ක්‍රමය තමයි විශාල Tx power එකක් හදන තැනක අපි කරන්නේ ...





මේ තියෙන්න ෆැරඩේ චේම්බර් මූලධර්ම භාවිතා කරලා පුංචි පුංචි පරීක්ෂණ සඳහා හදපු ෆැරඩේ කුටි.මතකද පෝල්ගේ තාත්තටත් මෙහෙම එකක් තිබ්බා ?

මේ චායාරූපය හොදින් නිරීක්ෂණය කරන්න .බලන්න ප්‍රධාන විදුලි ධාරාව වටේට ඇති වෙන
ලා නිල් පැහැති ආලෝක ධාරාව .අන්න ඒක තමයි ප්ලාස්මා ගෑස් කියල හඳුන්වන්නේ.මේ වෙලාවේදී
තමයි ඕසෝන් හැදෙන්නෙත් .ඕසෝන් වායුව උග්‍ර විෂක් !






මේ තියෙන්නේ මේ මූලධර්මයේ සත්‍ය තහවුරු කරන ඇඟේ මයිල් කෙළින් වෙන පරීක්ෂණ ..



මතකද මම කිව්වා වාහනයක් තුළත් ෆැරඩේ එෆෙක්ට් එක ඇති වෙනවා කියල ? මේ තියෙන්නේ ඒ ගැන පුංචි පරීක්ෂණයක් ..




ඒ නිසා අහස කළු කරන් ආවත්, පාලු පිට්ටනියක හිටියත් බය නැතුව ඔබේ ගමන ඔබ යන්න ..!




අකුණු ගැන තවත් මේ වගේම පෝස්ට් 2 කට විතර කරුණු තියෙනවා .අවශ්‍ය අයට කමෙන්ට් මගින් කරුණු කියන්නම්. පුදුමයි නේද මිලි තත්පර 6 වගේ කාලයක් ඇතුළත වෙන සංසිද්දියක මේ තරම් දේවල් ඇතුළත් වෙනවා කියද්දී ? ඒ වගේම දන්නවද තාමත් හඳුනා නොගත්ත සංසිද්දී ගොඩක අභිරහසක් තමයි අකුණක් කියන්නේ..

Note : පෝස්ටුව ගොඩක් සංකීර්ණ වෙන එක වළක්වා ගන්න ඕනේ නිසා සමහර පැහැදිළි කිරීම් හරිම වචන වලින් කරලා නැහැ . ගොඩක් ටෙක්නිකල් ටර්ම්ස් පැහැදිළි කිරීම එදිනෙදා භාවිතා වෙන සිද්දි ඇසුරෙන් තමයි කරේ.100% අවශ්‍ය අයට කමෙන්ට් වලින් පැහැදිළි කරනවා ..


කුණාටුවක් ඇති වෙන්නේ කොහොමද කියන දේ ගැන බොහොම සරළ පැහැදිලි කිරීමක් සයුරිගේ පහන් යායේ තියෙනවා .මෙන්න link එක ...

කඔරු ඉකෙයා.අපේ කාලයේ පුංචි විද්‍යාඥයා.My little hero.


ප.ලි. මෙම පෝස්ටුවේ ප්‍රධාන අරමුණ අකුණු වලින් ආරක්ෂා වීම ගැන තොරතුරු ටිකක් දීම උනත් මේ විදිහට පැහැදිළි කිරීම් ටිකක් කරේ මෙවැනි විශයන් ගැන අන්තර්ජාලයේ සිංහලෙන් නැති කම නිසයි.ඉස්සර අපි පුංචි කාලේ ගොඩක් විද්‍යා ලිපි කියවන්න ලැබුණත් අද වෙද්දී එහෙම ලිපි ලංකාවේ නැහැ.විද්‍යාවට උනන්දු අයට මේ ටිකත් මදි කියන හැගීම නිසයි සමහර සංසිද්දී ගැන පැහැදිළි කිරීම් පවා දීර්ඝව කලේ.මොකද අපි හැමදාම H2O ගැන ඉගෙන ගෙන හරියන්නේ නැහැ .මටත් තිබ්බා අකුණක මෙච්චර ඇම්පියර් ගාණක් තියෙනවා ඒ නිසා පරිස්සම් වෙන්න කියලා වචන දහයෙන් පෝස්ට් එක ඉවර කරන්න .ඒත් මගේ පැතුම මේවා දැකලා විශයට ආස කරන පුංචි ළමයි ටිකක් බිහි වෙනවා දකින්නයි..තව තව ඉස්සරහට උනන්දුවෙන් යන ළමයි ටිකක් බිහි වෙනවා දකින්නයි..අලුත් සොයා ගැනීම් ලෝකෙට ඉදිරිපත් කරන්නේ එහෙම අයයි.පොතේ තියෙන ටිකත් වැඩියි කියල පැත්තකට වෙන අය නෙවේ අලුත් දේවල් ලෝකෙට ඉදිරිපත් කරේ..පොතෙන් එහාට යන පිරිසක් වෙනුවෙන් තමයි මෙහෙම ලියවුණේ ...එක රැයෙන් එළි වෙන්නේ නැහැ කියල මන් හොදටම දන්නවා .ඒ උනත් මේ දේවල් අන්තර්ජාලයේ ඉතුරු වේවි ..කවදා හරි එළි වේවි...




April 29, 2013

හා පැට්ටගෙ ආදරේ... ( You fucked your honey bunny )





ඔන්න එක මත් එක කාලෙක පුංචි හා පවුලක් හිටියා .
 මේ පවුලේ අම්මටයි තාත්තටයි ටික දවසක් යද්දී ලස්සන
හා පැන්චෙක් හම්බුණා .







       මේ හා පැංචා ටිකෙන් ටික තමන්ගේ ඉලන්දාරි වයසට ආව.
හා පැංචා පොඩි කාලේ ඉඳන්ම ටිකක් වෙනස්.ඒ කියන්නේ හිතන පතන විදිහ එහෙම ඩිංගක් වෙනස්, ගුල් හාරණ එක තමයි මෙයාගේ විනෝදාංශය හා එකම දේ කරන.තාත්ති හාවයි , අම්මි හාවයි මොන තරම් කීවත් අහන්නේ නැහැ , ගුල් හාරණ එකමයි කරන්නේ.මෙයා තීරණය කරා තරුණ වයසත් එක්ක ගෙදරින් පිට වෙලා තනියම ජීවිත් වෙන්න .







ඉතින් මේකට මෙයා තෝර ගත්තේ තමන්ගේ දුරින් ඥාති වෙන හාව මාමෙක්ගේ ගෙදරක්.එහෙ හාව මාමයි , එයාගේ නෝනයි තමයි ජීවත් උනේ,










අපේ හා පැංචා මෙහේ නැවතිලා ටික දවසක් හිටිය.
ඒත්
හා පැංචා කරන්නේ හා ගතිය නිසා ගුල් හාරන එක.
හා මාම උදේම වැඩට යනවා
.














 අක්කා  තමයි ගෙදර වැඩ පල කරගෙන ඉන්නේ( මාමගේ නෝනා අක්කා උනේ ඇයි කියල අහන්න එපා , මන් දන්නෙත් නැහැ ).












       ඔහොම ටික දවසක් යද්දී හා අක්කා පොඩි පොඩි උසුළු විසුළු එහෙම කරන්න ගත්තා හා පැන්චට.ඒ කියන්නේ උදේට මිදුල අතු ගගා ඉද්දි කකුල පාගනවා වගේ දේවල්.ඒත් මේ හා පැන්චට තේරුමක් නැහැ.




මේ එක එක ඉඟි බිඟි මේ හා පැන්චට තේරුණේම  නැහැ ,අක්කා කොච්චර උත්සාහ කරත් හා පැන්චා නෙවේ කැමති උනේ වැඩේට .එක දිගටම එයා එයාගේ පාඩුවේ ගුලක් හාරනවා ... .













ඔන්න ඊළඟ දවසේ උනේ හිතුවෙවත් නැති දෙයක් ගෙදර. හා මාම ගෙදර ආවම අක්කා කියලනේ මෙහෙම ..
















" හා පැංචාව ගෙදර තියාගන්න බැහැ , එයා මට කරදර කරනවා ඔයා ගෙදර නැති වෙලාවට " කියල ..හා මාමට හිතා ගන්නත් බැහැ මේ දේ,
මොකද හා පැංචා හරි හොඳ ගුණකරුක ළමයෙක්











 නමුත් තමන්ගේ නෝනගේ පෙරැත්ත කිරීම එන්න එන්න වැඩි උනා...
>>>>>>>>>>>>>>>>>>>>>>>>>>













මේ දේ නිසා හා පැන්චගේ වීසා කැන්සල් උනා.












හා පැන්චට නොසෑහෙන්න දුකයි මේ වෙච්ච දේට ...එත් මොනවා කරන්නද  









හා පැන්චා කලේ අර හාරගෙන හාරගෙන  යන ගුල දිගටම හාරාගෙන ගියා .ගිහින් අනික් පැත්තෙන් මතු උනා .බොහොම ලස්සන පරිසරයක් .




ලස්සන විලක් කිට්ටුව තැනකින් තමයි මේ හා පැංචා මතු උනේ .ගොඩක් ලස්සනට
මල් එහෙම පිපිලා මේ විල කිට්ටුව .හා පැංචා තීරණය කරා මෙතන නවතින්න .







ඔහොම කාලයක් යද්දී ලස්සන ගෙඹි ගෑල්ලමයෙක් මෙයාට මුණ ගැහුණා.කතා බස් කර කර කාලයක් ගත වෙද්දී මේ දෙන්න අතර මෙව්වා එකක් ඇති උනා.










හා පැංචා හා ගුලේ , ගෙඹි පැටික්කි පොකුණේ .මේ දෙන්නා අතර තිබුණ මෙව්වා එක නිසා ඉතින් මෙයාල විල අද්දරට ඇවිත් හම්බෙනවා .ඔහොම ඔහොම කාලයක් ගියා.හා පැට්ට පුදුම ආදරෙයි මේ ගෙඹි පැන්චිට .නිතරම එයාට පරිස්සමෙන් ඉන්න කියල කියනවා .ආරක්ෂා කරනවා.




මෙව්වා එක නැගල ගිය නිසා දෙන්නට දෙන්න නොදැක ඉන්න බැහැ දැන් .ගෙඹි පැටික්කිත් පණ ඇරලා හා පැන්චට .









ඒත් හා පැංචා හා ගුලේ , ගෙඹි පැටික්කි විලේ, ආදරේ හිතේ.





            ඒ නිසාම දෙන්නා තීරණය කරා පොඩි නූලකින් එක්කෙනෙක්ගේ කකුලක්
බඳින්න , නූලේ අනික් කෙලවර අනික් කෙනාගේ කකුලේ බඳිනවා.මේක ගෙඹි පැන්චිගේ අදහසක්. මොකද ගෙඹි පැන්චි කැමති උනෙම නැහැ හා පැටියගේ ගෙදර නවතින්න පොඩි පොඩි අපහසුකම් තිබ්බත්.ගෙඹි පැංචි කෑ ගහල අඬල , අනිත් අයට බොරු කියල , රට පටලලා තමන්ගේ හිතේ තියෙන දේම ඉෂ්ට කරගත්ත.


              කොහොම හරි මේ දේටත් කැමති කරගත්ත හා පැටියව.හා පැටිය මොන තරම් එපා කිව්වත් කැමති කරගත්ත.

         හා පැන්චට ගෙඹි පැටික්කිව මතක් උනොත් එක පාරක් නූලෙන් අදිනවා .ගෙඹි පැන්චිට හා පැට්ටව මතක් උනොත් එක පාරක් නූලෙන් අදිනවා.ඔහොම තමයි අදහස් හුවමාරු කරගත්තේ ...





         දවසක් මෙයාල විල අද්දර ආදරෙන් ඉද්දි ඈත අහසේ ගොදුරු හොය හොයා හිටපු මෙන්න මෙයා දැක්ක.




         හෙමීට අවස්තාව එනකම් මෙයා බලන් හිටිය .හා පැංචා ටිකක් එහෙට මෙහෙට වෙනකම් ඉඳල ,මේ උකුසු තඩියා කරපු වැඩේ පැනපු ගමන් ගෙඹි පැන්චිව අල්ල ගත්තා හොදට රසට ගෙඹි පැටික්කිව කන්න පුළුවන් නිසා .අනික ඇහැට කනට පේන්න මේ ගෙඹි පැංචි හිටියනේ.




              ඔන්න දැන් උකුස්ස අල්ලන් යනවා ගෙඹි පැන්චිව .ගෙඹි පැන්චිට ඒත් තේරුමක් නැහැ .මෙයා ටිකක් මෝඩයි.හා පැංචා කියපු කිසිම දෙයක් ඇහුවේ නැහැනේ .


         මේ අතරේ මේ කිසිම දෙයක් නොදැන ඉන්න අපේ හා පැන්චවත්, ගෙඹි පැන්චිට ආදරේ නාමෙන් බැඳලා තිබුන නූල නිසා ඇදී ඇදී යන්න ගත්තා.දැන් පරක්කු වැඩි , බැමි හොදටම තද වෙලා ඉවරයි මේ වෙද්දී .ලේසියෙන් ගැලවෙන්නේ නැහැ දැන්.








          ඔහොම ඇදිල ගිහින් දෙන්නගෙම ජීවිත විනාස උනා, අපේ අහිංසක හා පැන්චවත් ගෙඹි පැටික්කි පස්සෙන්ම ඇදිල ගියා මරු තුරුලට.





ඉතුරු උනේ ආදරේ නාමෙන් බැඳලා තිබුණු නූල් කෑල්ල විතරයි...!




ප.ලි. දවසක් මම ගොඩක් දුකින් ඉද්දි තමයි මේ කතාව මට මගේ යාලුවෙක් කියලා දුන්නේ හිත හදන්න .මම පැය ගාණක් එදා ............

          ඒ වෙද්දී මට වයස අවුරුදු 2X ගාණක් ..ජීවිතේ සමහර සිද්ධි වලදී අපි නොදැනුවත්වම පුංචි ළමයි වගේ හිතින් වැටෙනවා ..ඕනේ අයියෙක් එදාට වැටෙනවා ..එහෙම වැටුණ වෙලාවට , වැටුණ දාකම බලන්න ඕනේ ඕනේ රඟේ ..මම මෙතන කිව්වට වැඩක් නැහැ ..


                 ජීවිතේ අපි ඒ ඒ වයසේදී සමාජයේ පවතින රාමුව එක්ක යන්නම ඕනේ .පමණට වඩා හිත හොඳ මිනිහෙක් වෙන්න එපා ..සීමාව පැන්නහමවත් තව තව ඒ මත්තේ යන්න එපා ..අත අරින්න. ඕනේ කෙනෙක්ට ඕනේ දෙයක් කරගන්න ඉඩ දීලා ..නැත්නම් අනිවාර්යේම්ම මරු තුරුලට යනවා යනවාමායි කිසිම තේරුමක් නැති හිස් දේවල් නිසා .. කොච්චර උත්සාහ කරත් ගැලවෙන්න බැහැ බැමි තද වෙලා තිබ්බොත් .


              අඩුම තරමේ වැදගැම්මක් ඇති දේකට නහින්න හරි ජීවිතේ රැක ගන්න .නිෂ්ඵල දේවල් වලට බැඳෙන්න එපා ...මෝඩ ගෙම්බියෝන්ගේ හරක් වැඩ නිසා විහින් නැහිලා වැඩක් නැහැ ..!





           සීමාව පැන්නහමවත් තව තව ඒ මත්තේ යන්න එපා ..අත අරින්න. ඕනේ කෙනෙක්ට ඕනේ දෙයක් කරගන්න ඉඩ දීලා ..නැත්නම් අනිවාර්යේම්ම මරු තුරුලට යනවා යනවාමායි කිසිම තේරුමක් නැති හිස් දේවල් නිසා .. කොච්චර උත්සාහ කරත්/ දැනගෙන හිටියත් ගැලවෙන්න බැහැ බැමි තද වෙලා තිබ්බොත් .අඩුම තරමේ වැදගැම්මක් ඇති දේකට නහින්න හරි ජීවිතේ රැක ගන්න .



April 20, 2013

හිස් බව ඇති වීම සහ එයට විසදුම් | කෙදිනක හෝ වැදගත් විය හැක , එනිසා කියවන්න! scenarios between loneliness

මාතෘකාව දැක්ක ගමන්ම පිරුණුඅය නම් එන එකක් නැහැ .
ජීවිතේ නොයෙක් තැන් වලදී අපිට අද්දකින්න වෙන දෙයක් තමයි
හිස් බව. ඒ උනත් ගොඩ දෙනෙක් මේකේ විද්‍යාත්මක පැත්ත දන්නේ
නැහැ .ඒ නිසාමයි මේක ලියන්නේ .ඔබ නොදැනුවත්වම ඔබව මේ තත්වයට
කෙදිනක හෝ පත් විය හැකි නිසා අකමැත්තෙන් වුවද කියවන්න.


01.බලන්න පහත රූපය .
ඒක සම්පූණයෙන්ම වටකුරු රවුමක් .ඒකෙ හිස් තැන් නැහැ .













02.දැන් බලන්න දෙවෙනි රූපය .
ඒක සම්පූර්ණයෙන්ම වටකුරු රවුමක් වගේ උනාට පොඩ්ඩක් කඩතොළු
වෙලා නේද ? හිතන්න මනසත් මේ විදිහම තමයි , සම්පූර්ණ වටකුරු
රවුමක් .සමහර හේතු නිසා මනසටත් ඔය විදිහට කඩතොළු වෙන්න
පුළුවන් . හරියට ප්‍රතිකර්මයක් නොවුනොත් ඇති වෙන තුවාලේ ගැඹුර
වැඩි , ඒ වගේම වෙන ප්‍රශ්නේ ස්වභාවය එක්කත් තුවාල වෙන ප්‍රමාණය
වැඩි වෙනවා...


හරි ඕක තමයි මූලික පැහැදිලි කිරීම , මෙතැනින් එහාට තියෙන්නේ හරියටම
ප්‍රශ්නේ ගැන විමසා බැලීම .





පුංචි කාලේ උන ප්‍රශ්න කෙනෙක්ට තද තුවාලයක් ඇති කරන්න පුළුවන් .
ඒක හරිම බරපතල දෙයක් හේතු තුනක් නිසා


01. පුංචි කාලේ මනසට තද බල දුකක් / පීඩනයක් වගේ දෙයක් දරාගන්න බැහැ .
ඉතින් සුළු හේතුවකින් උනත් ලොකු තුවාලයක් මනසේ හැදෙන්න පුළුවන් .

02. එහෙම තුවාලයක් ඇති උනා කියමු , හරි වීදිහට සුව නොවුණාත් කියමු.
හිතන්න ඒ දරුවා ලොකු වෙන්නෙම දිගින් දිගටම අර තුවාලේ ඔලුවේ තියන් නේද ?
ළමයා එක්කම තුවාලේ වැඩෙනවා ...

03. හිස් තැන සම්පූර්ණ කරගන්න ඒ ළමයා වෙන වෙන දේ කරා යොමු
වෙන්න පුළුවන් ..( ඒ ගැන පසුවට කතා කරමු )

ඉහත තියෙන්නේ දරුවෙක්ගේ මනසට තුවාලයක් කරන බලපෑම .ඒ නිසා
හැකි සෑම විටම ළමා මනස ගැන වැඩි පුර අවධානයක් දෙන්න ඕනේ වැඩිහිටියෝ
විදිහට අපි ..විශේෂයෙන් තනි කරන්න හොඳ නැහැ , තදින් සැර වැර කරන්න හොඳ
නැහැ . ( දරුවෙක් ඉපදුනාට පස්සේ කොහොමද මිනිහෙක් කරන්නේ කියල
පසු ලිපියකින් කතා කරමු )



දැන් බලමු තරුණ වයස හා වැඩිහිටි වියේ පසු වන අපි මූණ දෙන මානසික තුවාල
ගැන.
මෙතැනදී තදින් තරුණ වයසේදී වෙන දෙයක් තමයි ආදර සම්බන්ධතා
බිඳ වැටීම තුලින් වෙන තුවාල සහ හිස් බව .. ඒ ඇර මෙන්න මේ හේතුත්
බලපානවා


01. ආදර සම්බන්ධතා බිඳ වැටීම
02. ආර්ථික ප්‍රශ්න
03. සමාජ ප්‍රශ්න














මන් මෙතන සදහන් කලේ කෙටියෙන් විතරයි . නමුත් ඔය මාතෘකා තුන
යටතේ සීමා රහිත විදිහට කෙනෙක්ට ප්‍රශ්න එන්න පුළුවන් .තදින් තුවාල ඇති
වෙන්නත් පුළුවන් ..


තුවාල උනොත් මොකද වෙන්නේ ?


මෙතන තමයි ප්‍රධාන තැන .බලන්න පහත රූපය ..


පේනවා නේද අපේ තියෙන හිස් තැන වහගන්න අපි නොදැනුවත්වම තුන් වෙනි
පාර්ශවයකට ලන් වෙනවා. ඒ හිස් තැන පිරෙනකම් අපි එයාට ලන් වෙනවා...












බරපතල තත්වය



බලන්න පහත රූපය , ගොඩක් තදින් උන තුවාල කීපයක් .මෙහෙම උනාම
වෙන්නේ A පුද්ගලයට වෙනවා B වෙතට තව තව ලන් වෙන්න , තමාගේ
සිදුර / කඩතොළු වූ තැන වැහෙනකම් . A ටිකෙන් ටික ගිලෙනවා B තුල .














නියම බරපතල තත්වය . ( කලින් තිබ්බ බරපතල තත්වය බොරුවක් )

පේනවා නේද ? A ට වෙනවා B තුල සම්පූර්ණයෙන් ගිලෙන්න . B මුළු ලෝකෙම
වෙනවා A ට . B ගේ එක පුංචි වෙනසක් A ට මහා මෙරක් තරම් විශාලයි.
මොකද A ට B ගෙන් තොර ලෝකයක් ඇත්තෙම නැහැ මේ තැනට ආවට
පස්සේ .
















It's getting worse ,


හිතන්න

01. B ත් ඉන්නේ A වගේම හිස් තැන් එක්ක නම්
02. B ඉඩ දෙන්නේ නැත්නම් A ට හිස් තැන් සම්පූර්ණ කරගන්න
03. දෙන්නට දෙන්න ඉන්න මට්ටම දෙන්නටම තේරෙන්නේ නැත්නම්
04. B තවත් A ගේ තුවාල පාරනවා නම් ,


මොකද වෙන්නේ ? ජීවිතයක් ගැන හිතන්න පුලුවන්ද A ට ?




ඒ නිසා A කෙනෙක් වෙන්න නම් යන්නේ , එහෙම ඔබට දැනෙනවා නම්
කරුණාකරලා ගොඩක් පරිස්සම් වෙන්න .මන් A ගැන වෙනම ලිපියක් දානවා.
ඒකෙදි වැඩි පුර දේවල් කතා කරමු..


ඒ නිසා A කෙනෙක් වෙන්න එපා , හොඳ B කෙනෙක් වෙන්න ..නරක B කෙනෙක්
වෙලා තව තව A වැන්නන් බිහි කරන්න එපා..




ප.ලි. ලිපිය දීර්ග වෙන නිසා මෙතනින් මේ කොටස නවත්තනවා.මෙතනින් එහාට මම
ගොඩක් ගැඹුරට යන ලිපි කීපයක් දානවා..මේ ගත්තේ ඒ පටන් ගැනීම විතරයි.
මේ දේවල් ගැන අවබෝදයක් ඇති කෙනෙක් මේ ලිපි දැක්කොත් කරුණාකරලා
තව කෙනෙක්ගේ ජීවිතයක් බේරාගැනීම වෙනුවෙන් , තව තව කරුණු එකතු
කරන්න .මොකද මැරුණ කෙනෙක්ට නැවත ජීවය දෙන්න බැහැ , මැරුණට
පස්සේ දඟලල , " හනේ පනේ " කියල වැඩක් නැහැ . දෙයක් කරන්න ඕනේ නම්
මැරෙන්න කලියෙන් කරන්න .



After all , we all are B s among A s... So Be a good B!








.après cette série d'articles, je ne suis pas poursuivre l'écriture de ce blog, dans l'avenir .. au revoir à jamais mes amis .. .
Roshain Shermie Fernandez for http://obeth-mageth-addakeem.blogspot.com





ඔබට වැදගත් වෙනත් ලිපි

සයුරිගේ පහන් යායේ ඔබ සතුටින්ද
පෙම් සබඳතාවක් බිඳ වැටූණොත් රටට සමාජයට මූහූණ දීමට සිත හදාගන්න හැටි දන්නවාද? .........



http44444444:https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhDP_TzQ1FplRA_zxlV_C4k0m0MI2TEr3ZZnZtW8RixsNwvmsP66tFRI9cF0Z9rX7Kzlcg9P5HrKW1F4L1tgdblcG4-nKeH5MhUvYZfTjHmsTGLC77PDHuJXXVo2A1MSehtgATK-GnatG2g/s1600/543431_208554675978924_1215099537_n.jpg15099537_n.jpg

සහයෝගය දක්වන වෙබ් එකමුතු ...

මාතලන්ගේ සින්ඩිය...api apita Blog Readerlankeeya sithuwililankeeya sithuwili lankeeya sithuwili