දැන්වීම් පුවරුව . ( පින්තූර මතට මවුස් පොයින්ටරය රැගෙන යන්න )

දැනට වසර දෙකක පමණ සිට සෑම සතියකටම වරක් ලිපියක් හෝ දෙකක් පළ කළෙමි. සිත් ගත් ලිපියක් වේ නම් හිතමිතුරන් අතරත් බෙදාගන්න.

මෙම වෙබ් අඩවිය ලෝඩ් වීමට පමා වේ නම් මෙම ලින්ක් එක භාවිතා කරන්න.

Go and get Sinhala Unicode to your Computer
Face Book Link Share.

January 6, 2013

රටක අග්‍රවිනිශ්චය ධූරයට හූ කියන තුට්ටු දෙකේ පාපතර දේශපාලනය (01) ...

කරුණාකර මෙහි කමෙන්ට් තීරුව කියවීම අමතක නොකරන්න .

      
  
            ඕනෑම රටක වගකිවයුතු , අනෙක් මහජන සේවා හා සම්බන්ද නොවූ  ලෙස ස්ථාපනය වූ,  රටෙහි අනික් වැසියන්ගෙන් මිදුණ,   ගරු කටයුතු  තනතුරු ඇත. ඒ අතලොස්ස  අතරින් ප්‍රධානතම තැන ලබා ගනුයේ අග්‍ර විනිශ්චය කාර ධූරයයි. අග්‍ර විනිශ්චය ධූරය යනු මිනිස් ලෝකයේ වර්තමාන කාලයෙහි ජීවත් වන අපට, දෙවියන් වහන්සේගේ යුක්තියත් , රජෙකුගේ බලයත් එක්  තැන් වන ලොව ඇති එකම ධූරයයි.

      එහි ඇති වටිනාකාම , ගාම්භීරත්වය ආරක්ෂා කිරීම පිණිස එම ධූරය පත් කිරීමේ සිට එහි ධූර කාලය අවසන් කිරීම දක්වා පවතින සියලු ක්‍රියා දාම අනික් රැකියාවන්හි ඔබ අප දකින සියල්ලට වඩා වෙනස්ය. එය එසේ නොවන්නට එහි ඇති බලය වෙනෙකුගේ පාපතර ක්‍රියා සමූහයකට ආශීර්වාදයක් නොවීම වලකනු බැරිය.එහෙයින් ධූරයෙහි පිහිටවූ පසු ඔහු / ඇය වෙනත් කිසිවෙකුට ස්වායක්ත නැත. තම වේතනය තීරණය කිරීමේ සිට ඇති මහත් ක්‍රියා සමූහයකට ඔහු යටත්ය.
ඒ මොනවාද ?


01.අනික් සිවිල් වැසියන් තමා ඉදිරියෙහි කෙසේ හැසිරිය යුතුද යන්න;
02.සිවිල් වැසියන් ඉදිරියේ තමා කෙසේ හැසිරිය යුතුද යන්න;

පවා ඔහුගේ / ඇයගේ තීරණය මත සිදු විය යුතුය.එම ධූරය හොබවන්නා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දෙවියන් වහන්සේ හා සමානය . ඔහුට රිසි සේ සමාජයේ  හැසිරිය නොහැක.මෙහි මූලික අංග දෙකකි .

එකින් එක ගෙන බලමු.


i .තම පුද්ගලික ජීවිතය කෙසේ ගත කල   යුතුද යන්න .
ii .තම රාජකාරි ජීවිතය කෙසේ ගත කල යුතුද යන්න .

             ''තාත්තේ අද අරෙහි යමු '' කී විට පුංචි පුතු කරට ගෙන එලි බැසීමට රටක අග්‍රවිනිශ්චය ධූරයට බැරිය. 
තම දු දරුවන් , අඹුවන් තව දුරටත් ධූරය දරන්නාට අඹුවන් වත් දරුවන් වත් නොවේ.මහප්පලා , බාලම්මලා ඔහුට නැත.මහ මගදී හමු වූ පාසල් මිතුරෙක් හා  දොඩමලු වීමට නයිතිකව ( IME fault ) ඔහුට නොහැක .ගත කරන පුරා වසර 12 තෙක්ම එය මෙසේම විය යුතුය.කිසිදු අයුරකින් වෙනෙකුගෙන් තේ උගුරක් හෝ පරිහරණයට ඔහුට නොහැක.
ඒ තම පුද්ගලික ජීවිතයෙන් ඔහු කරණ කැප කිරීමය . 

              දෙවැන්න නම් රාජකාරීමය වශයෙන් 
 මගේ වේතනය ප්‍රමාණවත් නොවේ යයි හඬමින් වෙනත් අයවලුන් පසු පස යා යුතු නැත.තම වැටුප තමාට තීරණය කිරීමට හැක .ඒ අන් කිසිවක් නිසා නොව දෙවියන් වහන්සේව මනු ලොව තුල හිගන්නෙකු කර , අනෙකෙක් ඉදිරියේ දෙවියන් දණගස්සවා ගැනීමට හැකිනම් ඔහුගේ දේවත්වයෙන් මනු ලොවට  ඵලක් නොවන නිසාය.මෙහි අති මහත් අරුතක් අන්තර්ගත වුවත් චේදය මීට වඩා දික් කල නොහැක.ඒ  ඕනෑම කෙනෙක් දන්නා පරිදි පවතින ආර්ථික තත්වයන් මත පුද්ගලයෙකු වක්‍රව අඩපන කිරීමට වේතනයට  හැකි නිසාය.
             ඔහුට රාජකාරීමය වශයෙන් වෙනත් කිසිදු නිලයක් , තලයක් හා සුහදත්වයක් රාජකාරීමය අවශ්‍යතා සඳහා පැවැත්විය නොහැක. "අසවල් ගොණුව තත් දිනට ලබා දීම සඳහා කාරුණික වන්න " යනුවෙන් වෙනත් තනතුරක් මත යැපීමට ඔහුට අවශ්‍ය නැත .අග්‍ර විනිශ්චය ධූරය ලොව  සියල්ලට ඉහලින් පවත්නා නිළයයි.එහෙයින් ඔහුට රාජකාරීමය දැන හැඳිනුම් කම්ද නැත.
ඒ තම රාජකාරී ජීවිතයෙන් ඔහු කරන කැප කිරීමය .



               ඉහත 
01.අනික් සිවිල් වැසියන් තමා ඉදිරියෙහි කෙසේ හැසිරිය යුතුද යන්න; හා නැවත සලකා බලමු. ඔහු මේ ලොව තනි පුද්ගලයෙකි; කිසිදු දෙයකින් ඔහු හා බැඳීමට කිසිවෙකුට බැරිය.ඔහුගේ දූ දරුවන්ට අසවලා මගේ  පියා , මව යැයි හඳුන්වා දීමට නොහැක.ඔහුගේ කාලාත්‍රයාට මේ මාගේ කාලාත්‍රයා යැයි හැඳින්වා දිය නොහැක. මේ කාරණය තේරුමට  සංකීර්ණ නම් පහත  උදාහරණය බලන්න ...

හිතන්න මගේ තාත්ත කොහේ හරි රටක අගවිනිසුරු කියල..
එයාගේ නම ( name ) AAA කියමු. මට දැන් AAA ගැන අයිති නැහැ..
එයා මගේ තාත්තත් නෙවේ..මට කොහේ වත් AAA වෙනුවෙන් පෙනී
ඉන්නත් බැහැ.කොටින්ම AAA කියලා කව්රුත් මගේ ජීවිතේ නැහැ.
ඒ උනාට මගේ තාත්ත ඉන්නවා, ඒත් එයා AAA නෙවේ..
ඒ පුද්ගලික ජීවිතය තුල ඔහු හා අයිතිවාසිකම් කීමට ඔහුගේ පවුලේ අයට ඇති හැකියාව හා නොහැකියාවයි.
 
හිතන්න දක්ෂ අවංක නිළධාරියෙක් ඉන්නවා , විශාල වශයෙන් රාජකාරීමය
ජීවිතයේදී හමුවෙනවා ; කාලයාගේ ඇවෑමෙන් සොරකමකට චෝදනා ලබනවා .
එදාට චෝදනා ලත් තැනැත්තාට " මෙච්චර කල් ළඟ හිටපු මගේ අවංක කම
ගැන සර් දන්නවා නේද, මාව බේරලා දෙන්න" යනුවෙන් අගවිනිසුරු හමුවේ
පැවසිය නොහැක.
ඒ රාජකාරීමය ජීවිතය තුල ඔහු හා සාමාන්‍ය සිවිල් තනතුරු දරන්නෝ  හැසිරිය යුතු ආකාරයයි .



               එවන් අති සංකීර්ණ  කැප කිරීමක් මධ්‍යයේ මේ ධූරය දරන්නාට රාජකාරී කිරීමට සිදු වන්නේ මනස නිරවුල්ව , අතිශය නිරවුල්ව තබා ගනිමින් රටෙහි ඇති ප්‍රශ්න කෙරෙන ප්‍රශ්න කෙරෙහි බැලීමටය.වෙනත් කිසිදු දෙයකින් තොරව තීන්දුවක් ගෙන තම බලයෙන් මුදා හල යුතුය.ඒ  තම හස්තය මත ජීවත්වන ලක්ෂ 200 කගේ ජීවිතය සුරැකිය යුතු නිසාවෙනි ;
ලක්ෂ 200 කට ඔහුගේ බලය බලාත්මක වන නිසාවෙනි.ඉඳීන් මෙවැනි ගරු කටයුතු , මනු ලොව දෙවියන් වැනි රජෙකුට තම ධූරයෙහි හිඳිනා විටදීම කිසියම් කෙනෙකු හූ කීමට පෙළඹේ නම් ඒ ගැන සොයා බැලිය යුතුය .මන්ද දෙවියන් වහන්සේට හු කීමට තරම් ආරෝවක් ඇති වන්නේ කිමද ?


01.තම පටු අරමුණක කටයුතු කරගැනීමට දෙවියන් ඉඩ නොදීමද?
02.වෙන දෙවියෙකු පත් කර ගැනීමට දැන් සිටින දෙවියා එළවීමට

03.දැන් සිටින දෙවියාට වඩා හොඳ දෙවියෙකු ගෙන්වා ගැනීමට
04.දෙවියාට මනු ලොව  එපා කරවීමට
ද?
05.ඔහු චුත කිරීමට
06.
ඔහු චුත කර මනු ලොව දේවත්වය ලැබුමටද?
06.දෙවියා අඩපණ කර,දෙවියන් වත් කැමති නැති උවමනාවන් භාව්තීස්ම කර ගැනුමට
ද?
07.දෙවි  අතින් ගිළිහෙන දේවත්වයත් රාජ්‍යත්වයත් ලබා ගනුමටද?


  ඉහත සඳහන්  කාරණා කීපයක්  ගැන පමණක් මේ ලිපියෙහි දෙවැනි ලිපියට මත්තෙන්  සලකා
බලමු.


03.දැන් සිටින දෙවියාට වඩා හොඳ දෙවියෙකු ගෙන්වා ගැනීමට 
 මෙහි හොඳ දෙවියෙකු යනු කවරෙක්ද?
i.  එනම් එකිනෙකාගේ ඉල්ලීම් මත වෙනස් වන , එකිනෙකාගේ
සුහදත්වය මත වෙනස් වන සැමට එකක් නොවූ දේවත්වයද ?

02.වෙන දෙවියෙකු පත් කර ගැනීමට දැන් සිටින දෙවියා එළවීමට
  i.එවැනි දේවත්වයකින් කිනම් පුද්ගලයන් දේවාශිර්වාදය ලබාවීද ?
ii .දේව උදහසට ලක් වන්නන් හට කුමක් සිදු වේද ?     


 07.දෙවි  අතින් ගිළිහෙන දේවත්වයත් රාජ්‍යත්වයත් ලබා ගනුමටද?
i .එවැනි බලයකින් සිදු කිරීමට හැකි , එවැන්නක් නොමැතිව කල
නොහැකි කරුණු මොනවාද ?



මේ සියලු කාරණා ගැන පසු ලිපියකින් කතා කරන තෙක්
කරුණාකර දෙවියන්ට හු නොකියන්න ,
 හු කීමට ඉඩද නොතබන්න ..නොඑසේනම් ඔබට , අපට
දෙවියන් යැයි කියා
 මින් මත්තට යාමට , දණින් වැටීමට
 දෙවියෙකු හෝ ඉතුරු නොවණු ඇත! 





ප.ලි .කාලයක් මුළුල්ලේ එමින් සිටිනා ගමන් මග තේරුමට අපහසු නම් පහත
ලිපි කියවා නැවත මෙය කියවන්න
01.මීළඟ ජනාධිපති විය යුත්තේ කව්ද?විය හැක්කේ කව්ද ?(ලිපි කීපයක පළමු වැන්න)
02.වර්තමාන(2012 Dec)දේශපාලනය හා අඳ ගැහැණිය!




  

67 comments:

  1. Replies
    1. ස්තූතියි නලීන් ඉන්නකෝ මම එන්නම් ..
      අපේ අනිත් යාළුවොත් බලාවි ..ලින්ක් එක දැම්මට
      ස්තූතියි ...

      Delete
  2. ඈ සහන්.. මං මේ කාගේවත් පැත්තක් අරගෙන එහෙම කියනවා නෙවෙයි ...

    ඒත්
    දෙයියෝ දේවත්වයට නෙගලපෙන විදියට වැරදි කරනවා පෙනුනොත් දෙයියෝ මාරු කරන්න ඉල්ලන්න බැරිද....

    ඒත් දෙයියන්ට හූ කියන එක නම් අන්තිම පහත් වැඩක්... විවේචනය කිරීම එකක්.. අපහාස කිරීම තව එකක්..

    (මං මේ ඔයා කියන දේ නොතෙරුම් කමට ඇහුවා‌ නෙවෙයි.. මට ‌තේරෙන විදියට මේ ප්‍රශ්නෙදි නම් දෙයියොත් වැරදි කරලා තියෙනවා... )

    ReplyDelete
    Replies
    1. හිරු ඇත්තම කියනව නම් අගවිනිසුරු එක්ක මූණ බලල
      හිනා වෙන්නවත් බැහැ.ඒකත් වරදක්.දෙවියෝ වැරදි කරන්නේ නැහැ
      හිරු.දෙවියන්ව ප්‍රශ්න කිරීමට කිසිවෙකුට බැහැ.දෙවියන්ට දොස් නැගීමට
      පාර්ලිමේන්තුව තුල පමණක්; පාර්ලිමේන්තු වැසියන්ට පමණක්; පුළුවන්
      "යම් තත්වයක්" ( පස්සේ කියන්නම් ලිපියකින් ) ගොඩ නැගීමෙන් පසු .
      එතෙක් කිසිවෙකුට කිසිවක් පැවසීමට බැහැ.කිසිවක් කියන්නේ කිසිවක්
      බැහැ.වචනයේ උපරිමයෙන් කිසිවක් කීමට තබා හිතීමට වත් බැහැ.සාමාන්‍ය
      වැසියෙකුට කිසිම කිසිම කිසිම විදිහකින් දොස් නැගීමට බැහැ.ඔයාට මට ඒක
      මෙහෙම එක කමෙන්ට් එහෙකින් කියන්න බැහැ .හරි සංකීර්ණ තනතුරක් ඒක.
      මට මේ හැම දේටම වෙලාව තිබ්බොත් කියන්නම්.ඒකයි මන් මේ හැම දේටම
      මුල හරි දාගෙන යන්නේ .මට බැරි උනොත් වෙන කෙනෙක් මේක ඉස්සරහට
      ගෙනියන්න ඕනේ.මට කාලය සීමිතයි ඒකයි හදිස්සියෙන් හදිස්සියෙන් අවශ්‍යම පොස්ට් දාන්නේ..

      Delete
    2. සොරි සහන්... මම දෙයියෝ ගැන දන්‌නේ නෑ...// ඒක නිසා දෙවියෝ වැරදි කරන්නේ නැහැ/// නැද්ද කියලා මම දන්නේ නෑ.. නමුත් මම උත්තරීතර මනුශ්‍යයෙක් ගැන දන්නවා... එතන කියවිලා තියෙනවා “මම කියන දෙයක් උනත් ප්‍රශ්න නොකර ඇත්ත කියලා බාර ගන්න එපා” කියලා... කුකුසක් තියෙනවා නම් ඒක විසඳ ගන්න කියලා...

      මෙතන ඔයා දෙයියන්ට සමාන කරන්නේ මනුශ්‍යයෙක්ව... අන්න ඒකයි මම මේක කිව්වේ... මේ ඔයා කියන දෙයියන්ට තියෙන්නේ නීතිමය බලයක් මිසක් අධ්‍යාත්මික හෝ මානූශීයත්වයෙන් එහා ගිය බලයක් නෙවෙයි... එහෙම ඒකේ එයා අතින් වැරදි සිදු වෙන්න පුළුවන් කියලා මම දන්නවා...

      ///හරි සංකීර්ණ තනතුරක් ඒක.//

      මේ තනතුර දන්නේ සාමාන්‍ය පෘතග්ජන මනුශ්‍යයෙක්.. අනිත් අයට තියෙන දේවල් එයාටත් ඒ විදියටම බලපානවා...

      ඔයා කියන්‌ෙන් විය යුතු දේ.. මම කිව්වේ විය හැකි දේ...

      Delete

    3. සොරි කියන්න ඕනේ නැහැ හිරු අපි අපිනේ මේ .


      ***දෙවියන්ට දොස් නැගීමට
      පාර්ලිමේන්තුව තුල පමණක්; පාර්ලිමේන්තු වැසියන්ට පමණක්; පුළුවන්
      "යම් තත්වයක්" ( පස්සේ කියන්නම් ලිපියකින් ) ගොඩ නැගීමෙන් පසු .
      එතෙක් කිසිවෙකුට කිසිවක් පැවසීමට බැහැ.කිසිවක් කියන්නේ කිසිවක්
      බැහැ****
      මේ බලන්න මේ ටික; මේ දේ වෙනකම් කිසිම කෙනෙක්ට මුකුත්
      කියන්න බැහැ.මේ දේ කරන්නත් මූලාරම්භය දැමිය යුත්තේ තවත්
      දේවල් ටිකක් පහු කරාට පස්සේ..ඊට පස්සේ මේ අයටම උනත් දෙවියන්
      විවේචනය කිරීමට , ප්‍රශ්න කිරීමට බැහැ.අතිශය ගරු කල යුතුයි .මේ
      ඉන්නේ දෙවියෝ හිරු, මනුස්සයෙක් නෙවේ.

      ///මම කියන දෙයක් උනත් ප්‍රශ්න නොකර ඇත්ත කියලා බාර ගන්න එපා” කියලා... කුකුසක් තියෙනවා නම් ඒක විසඳ ගන්න කියලා...///
      බැහැ ඔයාට කිසිම කිසිම කිසිම විදියකින් දෙවියන්ව ප්‍රශ්න
      කිරීමට බැහැ.දෙවියන්ගේ තීන්දු තීරණ ගැන දෙවෙනි වර
      විචාරයක් කරන්න ඔයාට බැහැ.

      ///එහෙම ඒකේ එයා අතින් වැරදි සිදු වෙන්න පුළුවන් කියලා මම දන්නවා... ////
      බැහැ ඔයාට කිසිම කිසිම කිසිම විදියකින් දෙවියන්ව ප්‍රශ්න
      කිරීමට බැහැ.දෙවියන්ගේ තීන්දු තීරණ ගැන දෙවෙනි වර
      විචාරයක් කරන්න ඔයාට බැහැ.

      ////අනිත් අයට තියෙන දේවල් එයාටත් ඒ විදියටම බලපානවා...////
      නැහැ දෙවි කෙරෙහි පවතින නීති , රීති , සමාජ , රාජකාරීමය ,
      පුද්ගලික දේවල් සියල්ල වෙනස් හිරු.ඔහු දෙවියෙක් පමණයි .
      ඒ ගැන මම පෝස්ට් එකේ දාල තියෙනවා හිරු ..

      ///ඔයා කියන්‌ෙන් විය යුතු දේ.. මම කිව්වේ විය හැකි දේ... ////
      බැහැ ඔයාට කිසිම කිසිම කිසිම විදියකින් දෙවියන්ව ප්‍රශ්න
      කිරීමට බැහැ.දෙවියන්ගේ තීන්දු තීරණ ගැන දෙවෙනි වර
      විචාරයක් කරන්න ඔයාට බැහැ.


      සාමාන්‍ය වැසියෙකුට කිසිම කිසිම කිසිම විදිහකින් දෙවි කෙරෙහි දොස් නැගීමට බැහැ!

      Delete
    4. දෙවියන් වැරදි කරු කොට අවසන් මේ වෙනකොට. තමන්ට එරෙහි චොදනාවක් නැගුණු කළ අඩුම තරමින් විමර්ශන අවසන් වන තුරු හෝ රාජ කාරියෙන් දෙවියන් බැහැරව සිටියා නම් මේ තත්ත්වය ඇති නොවෙන්න ඉඩ තිබුණා නොවෙද?

      Delete
    5. @නලීන්
      නලීන් හරියට රාජකාරී නොකර ඉවසා සිටීම නිසා තමයි
      මේ හැටි අනික් අය දගලන්නේ , හූ කියන්නේ .
      රාජකාරි වලින් ඉවත් වීමට අවශ්‍යතාවයක් නැහැ නලීන් .
      පාර්ලිමේන්තු කමිටුවකින් ඒ ගැන තීන්දු කර තීරණයක්
      දෙන තෙක් කිසිවකින් ඉවත් වීමට , කිසිවකින් හිතා මතා
      කරුණු නොසොයා ඉඳීමට දෙවි කෙනෙක්ට කල නොහැක.
      ඒ ඇසිල්ලෙන් වෙනෙකෙක් ප්‍රයෝජනයක් ගනු ඇත.

      Delete
    6. මළ මඟුලක් සහන්...

      ඔයාට දෙයියො නැතුව වෙන උපමාවක් නැති උනාද... මට දෙයියො දෙයියෝ කිව්වම යකා නගිනවා.. මොකද දෙයියෝ කියන්නේ අපෙන් දෙයක් බලාපොරොත්තු වෙලා, අපි දෙනකම් අතපාගෙන ඉන්න ජාතියක් කියලා විතරයි මම හිනත්නේ.. ඉතිං කො‌හොමත් දෙයියෝ කියන කෙනා ( එහෙම කෙනෙක් ඉන්නවනං) මං වැඩිය ගනං ගන්‌ෙන් නෑ.. ඒත් නීතිය කිවිවම මං ගොඩක් ගරු කරන දෙයක්... ඒකයි මට මේ දෙක එක තැන තියලා හිතන්න බැරි.. නැතුව ඔයා කියන කතාව තේරුම් ගන්න බැරැව නෙවෙයි.....

      Delete

    7. මෙතන හිරු හින්දු දේව සංකල්පය නෙවේ , සර්වබලධාරී රෝමානු
      සම්බවය ඇති දෙවි කෙරෙහි ඔබගේ චින්තනය මෙහෙයවන්න මෙයා.
      ඔතොකොට හරි .එයා සියල්ලට ඉහලින් , සියලු දෙනා හට සර්ව සාදරණය
      ඉටු කරනවා ..
      නමුත් දැන් මේ හදන්නේ හින්දු දෙවියෙක්ව ගෙන්නගන්න ..
      තේරුනාද ?

      Delete
    8. හිරූ කියන එක ඇත්ත සහන්...

      ඔයාට මේකට වෙන උපමාවක් හොයාගන්න තිබුණ.. අපි හිතමු මම දෙවියො අදහනව කියල... එහෙනම් එයා උත්තරීතරයි.. ඒත් මේ පොළවෙ ඉන්න සාමාන්‍ය කෙනෙක් තනතුරක් ලබපු පමණින් එයා උත්තරීතර වෙන්නෙ කොහොමද? දෙවියන් හා සමාන වෙන්නෙ කොහොමද?

      සාමාන්‍ය කෙනෙක් අතින් ඕනම වරදක් වෙන්නත් ඒක ප්‍රශ්න කරන්නත් පුළුවන් වෙන්න ඕන..

      ඔයාගේ මුළු තර්කෙම හරි වෙන්න පුළුවන් මේ වගේ ධූරයක් දෙවියන්ට සමාන නොකළා නම්..

      තව ටිකක් හිතන්න... අගවිනිසුරු ධුරය ප්‍රශ්න කරන්න වෙන්නනෙ නෑ එයා අයින් වෙලා ප්‍රශ්න කිරීමට උදවු කළා නම්... ඒත් හැර එයාට තිබුණ ප්‍රශ්නෙට මුහුණ දෙන්න... එහෙනම් මේවගේ හූ කියන ගැටළු එන්නෙ නෑ...

      ආයිත් මං කියනව ඔයා මුළු පෝස්ටුවටම වරද්ද ගත්තේ පෘතග්ජනයෙක්ගෙ ධූරයක් දෙවියන්ට සමාන කිරීම කියල...

      Delete
    9. @ යාන්ත්රිකයෝ

      මෙතන කිසිම දෙයක් වැරදිලා නැහැ යාන්ත්රිකයෝ .
      අග්‍ර විනිශ්චය කරු කියන්නේ දේවිගේ යුක්තියත් ,
      රජුගේ බලයත්.ඒ ඇර වෙන දෙයක් නැහැ.අග්‍ර විශ්චය
      ධූරය ගැන මීට වඩා ඔබ දැනුවත් විය යුතුයි.මේ රටේ
      තුට්ටු දෙකේ දේශපාලකයෝ නිසා ඒ තනතුරත් කෙලෙසෙනවා .
      ඒකයි දැන් ඔයා උනත් ඔහොම කියන්නේ..

      කිසිම විදිහකින් හිතන්න එපා සිවිල් තනතුරක් එක්ක
      සංසන්දනය කරලා අග්‍ර විනිශ්චය කාර ධූරය.

      Delete
    10. ඔයාගේ තර්කය හරි සහන්... ඔයා අනිත් කමන්ට් වලට දීලා තියෙන උත්තර කියෙව්වම මට මෙහෙමයි හිතෙන්නේ...

      අපි ඔය දෙයියෝ කතාව පැත්තකින් තියමුකෝ.... ඒකත් එක්ක ලොකු පැටලවීමක් තියෙන්‌ෙන්...

      ඔයා කියන්නේ අගවිනිසුරුතුමිය රජයට ( මහින්දටම කියමුකෝ) අවශ්‍ය පරිදි වැඩ කරන්නේ නැති නිසා එයාව අයින් කරලා නටවන්න පුලුවන් කෙනෙක් දාගන්න හදනවා කියලා... මම ඒකට 80% ක් එකඟයි..

      ඉතුරු 20% තමයි අගවිනිසුරුතුමිය වැරදි කරලා තියෙන බව.. එකක් තමයි නඩු තියෙද්දි අර ගෙයක් අරං දුන්න එක.. එතන තමන්ගේ සල්ලි උනත් කරලා තියෙන්නේ බොර වෙලා තියෙන හොද්දට හැන්දක් දාලා අතේ ගෑවෙන්නේ නැතුව කන්න පුලුවන් දෙයක් අරගත්ත එක.. අනිත් එක ගිණුම් ප්‍රශ්නේ.. හැමෝටම බෑංකූ කිපයක ගිණුම් කීපයක් තියෙනවා මේ වෙනකොට... ඒක ඇත්ත.. නමුත් ඇයි ආදායම් බදු ගණනය කරන දවසට කලින් ඒ ගිණුම් ශේෂය බින්දුව වෙන්නේ... අවුරදු කීපයක් පුරාම... මම දන්න තරමට පොඩි බිස්නස් කාරයෝ උනත් ඕක කරන්‌ෙන් ආදායම් බද්දෙන් නිදහස් වෙන්න... අනිත් එක තමන්ගේ ස්වාමි පුරුෂයා සමබන්ධ නඩුවක තීන්දුවට සම්බන්ධ වීම.. එතනදි නීතිමය නොවුනත් සදාචාරත්මක හැකියාවක් තිබ්බා ඒකෙන් අයින් වෙලා ඉන්න..

      මේක සිවිල් තනතුරක් නොවන බව ඇත්ත.. නමුත් මට පේන විදියට නම් අගවිනිසුරුතුමිය තමන්ගේ බලය පාවිච්චි කරලා තියෙනවා තමන්ගේ අභිමතාර්ථ ඉෂ්ට කරගන්න... එහෙමනම් ඔයා කියන විදියේ පිරිසිදු චරිතයක් නෑ නේද එතුමියට... එහෙම නම් ඇය තවදුරටත් මේ ධුරයේ රැඳී සිටිය යුතුද...?

      ඔයා කියනවා වගේ මේ තනතුර ඉහල එකක් උනත් මේ වෙනකොට ඒ තනතුරේ තත්වය පහල වැටිලා තියෙන්නේ.. දේශපාලනය නිසා වෙන්න පුලුවන්.... එහෙම නැත්තම් තනි තනිව ගත්තම පුද්ගල චරිත වල තියෙන දුර්වලකම් නිසා වෙන්න පුලුවන්....

      ( මම මේ ගැන ටිකක් ලෝයර් කෙනෙක් එක්ක කතා කළ ඊයේ.. ඒකයි මේ තරම්වත් පැහැදිලිව මේ ගැන මගේ අදහස කියන්න පුලුවන් උනේ.. නැත්තම් මටත් මේක අවුල් ජාලයක් වෙලා තිබ්බේ... හි හි)

      Delete
    11. ///අපි ඔය දෙයියෝ කතාව පැත්තකින් තියමුකෝ.... ඒකත් එක්ක ලොකු පැටලවීමක් තියෙන්‌ෙන්... ///
      ආසියානු චින්තනයෙන් බැහැරව බටහිරකරණීය වෙන්න හිරු .
      එවිට බටහිර දෙවි ඔබ ඉදිරියේ විද්‍යමාන වනු ඇත ...


      ////ඔයා කියන්නේ අගවිනිසුරුතුමිය රජයට ( මහින්දටම කියමුකෝ) අවශ්‍ය පරිදි වැඩ කරන්නේ නැති නිසා එයාව අයින් කරලා නටවන්න පුලුවන් කෙනෙක් දාගන්න හදනවා කියලා... මම ඒකට 80% ක් එකඟයි..////
      ඔයාගේ කතාවට මන් 100% එකගයි.නමුත් මෙතන මුල ගැන
      හිතුවොත් ඔයාල ,අපි, උක්ත පුද්ගලයා ( පෝස්ට් එකෙහි ) උනත්
      මේවට පලි නැහැ.M ,B , G , C උවමනාවට තමයි මේ සියල්ල ..
      මේ ටික ගැටෙන දවසට මීට වඩා දේ එලියට ඒවි..හැබැයි එදාට නම්
      කෙල්ලේ වරෙන් සෙරෙප්පුව අරන් ළමයි ලපටි දාල හරි මේක ආයේ
      හදල ගන්න අපේ නීතියෙන්.


      ////එකක් තමයි නඩු තියෙද්දි අර ගෙයක් අරං දුන්න එක.. එතන තමන්ගේ සල්ලි උනත් කරලා තියෙන්නේ බොර වෙලා තියෙන හොද්දට හැන්දක් දාලා අතේ ගෑවෙන්නේ නැතුව කන්න පුලුවන් දෙයක් අරගත්ත එක.. අනිත් එක ගිණුම් ප්‍රශ්නේ.. හැමෝටම බෑංකූ කිපයක ගිණුම් කීපයක් තියෙනවා මේ වෙනකොට... ඒක ඇත්ත.. නමුත් ඇයි ආදායම් බදු ගණනය කරන දවසට කලින් ඒ ගිණුම් ශේෂය බින්දුව වෙන්නේ... අවුරදු කීපයක් පුරාම... මම දන්න තරමට පොඩි බිස්නස් කාරයෝ උනත් ඕක කරන්‌ෙන් ආදායම් බද්දෙන් නිදහස් වෙන්න..////

      ඕක කණගාටුදායකයි හිරු.ඒත් අපිට ( සාමාන්‍ය මිනිස්සුන්ට ) දැන්ද ඕව
      කියන්නේ මේ මහ ඇත්තෝ ? කලින් ඕව දැනන් හිටියේ නැද්ද එයාල ?
      එහෙම කෙනෙක්ට ඔහොම තනතුරු දුන්නේ ඇයි ? හොදටම දන්නවනේ
      මේ අය කාගේ කව්ද කියල හිරු මේ අය .අපිට TV එකෙන් මහා බොරු
      චිත්‍රයක් මවනවා මේ අය.එතකම් හැමෝම එකතු වෙලා තමයි චිත්‍ර ඇන්දෙ.



      ////අනිත් එක තමන්ගේ ස්වාමි පුරුෂයා සමබන්ධ නඩුවක තීන්දුවට සම්බන්ධ වීම.. එතනදි නීතිමය නොවුනත් සදාචාරත්මක හැකියාවක් තිබ්බා ඒකෙන් අයින් වෙලා ඉන්න.. /////
      මේ කතාවට එකගයි මම .නමුත් _________ _______ ________
      කියල මහ ගොඩක් කියන්න පුළුවන්.
      01.සදාචාරය ගැනත් ____ _____
      02.පත් කල තැනැත්තා ___ ______ ______
      03.පත් වූ ______ _________ _____
      04.
      05

      දේවල් ටිකක් කියන්න පුළුවන්..
      මේ ප්‍රශ්න පත්තරේට උත්තර හිස් තැන් තියෙන්නේ හිරු..:)
      අපි හැමෝම පුරවගන්න දන්න නිසා කියන්න ඕනේ නැහැනේ:D


      ////මේක සිවිල් තනතුරක් නොවන බව ඇත්ත.. නමුත් මට පේන විදියට නම් අගවිනිසුරුතුමිය තමන්ගේ බලය පාවිච්චි කරලා තියෙනවා තමන්ගේ අභිමතාර්ථ ඉෂ්ට කරගන්න... එහෙමනම් ඔයා කියන විදියේ පිරිසිදු චරිතයක් නෑ නේද එතුමියට... එහෙම නම් ඇය තවදුරටත් මේ ධුරයේ රැඳී සිටිය යුතුද...? ////
      හිරු කෙලින්ම තියෙන්නේ පාර්ලිමේතු තීන්දු තීරණ මගින්
      ඒ සම්බන්දව කටයුතු කිරීම විනා වෙන වෙන නීච පුද්ගලයන්
      මගින් අපහාස කිරීම නෙවේ...

      එකම හේතුව අපේ ඇඟේ කුණු නැහැ , අපි දන්නේ නැහැ මෙයා
      මේ තරම් වැරදි කළා කියල පෙන්නන්න.අපි බබ්බු , අපිව රැවැට්ටුව.
      ඔන්න ඕකයි මේ කරන්නේ ..ඔය මුකුත් ඕනේ නැහැ කෙලින්ම
      එක මාස දෙකෙන් දෝෂාභියෝගෙකින් මේ ප්‍රශ්නේ විසදන්න පුළුවන් ..
      නමුත් මේ කරන්නේ විශුද්දී කරණය වීම මේ පිටුපස සිටින පිරිස ..
      ඒකයි මේ තුට්ටු දෙකේ තැනට චූදිතයාව ගේන්නේ .සේරම වැරදි
      කලේ එයා , අපි දන්නෙවත් නැහැ , අනේ මෙයාව එලවමු .
      හූ හරි කියමු යන්නේ නැත්නම් ...

      ඔන්න ඕකයි මේ වෙන්නේ ...


      ////ඔයා කියනවා වගේ මේ තනතුර ඉහල එකක් උනත් මේ වෙනකොට ඒ තනතුරේ තත්වය පහල වැටිලා තියෙන්නේ.. දේශපාලනය නිසා වෙන්න පුලුවන්.... එහෙම නැත්තම් තනි තනිව ගත්තම පුද්ගල චරිත වල තියෙන දුර්වලකම් නිසා වෙන්න පුලුවන්....
      /////
      මේ සඳහා උත්තර මන් හිතන්නේ මේ වෙද්දීත් ඉහත සදහන්..



      අහ් තව දෙයක් හිරු මන් මේ නිකන් මෙහෙම ස්වරයකින් කතා කලේ.
      නැතුව මුකුත් අහිතකට නෙවේ හොදද ? මොකද මගේ සමහර කමෙන්ට් දැක්කම
      කෙනෙක් හිත් රිදවීමකට ලක් වෙන්න පුළුවන් තෙතමනයක් නැහැ කියල ...

      Delete
    12. හහ්... දැන් හරි... ඔන්න දැං නොතේරුනු කට්ටියට කියවලා බලලා තේරුම් ගන්න පුලුවන්... හි හි...

      දැං ඔන්න ඔයා කියන දේට මම එකඟයි... 100% ම.. හි හි

      Delete
    13. හිරු කියන්නේ මෝඩ ගහක්..ඉතිං මේ මගුල් කියවල එපා වෙලා ආයෙත් මේ ඇනෝ මේ පැත්තේ එන්නේ නෑ. තරහ වෙන්න එපා සහන්.

      Delete
    14. ඒ මොකද ඇනෝ එහෙම කියන්නේ ?හිරු ගොඩක් තැන්
      සවිස්තරව ප්‍රශ්න කරලා තියෙනව. මේ සංවාදයේ අනික්
      අයගේ කමෙන්ට් වලට වඩා එයා අහන දේ කෙලින්ම අහල
      තියෙනවනේ .සමහර ඒ ප්‍රශ්න කිරීම් නොවෙන්න ඇතැම් කරුණු
      සදහන් වෙන්නෙත් නැහැ .මොකද ප්‍රධාන ලිපිය තරම් කරුණු
      කමෙන්ට් හරහා ඇවිත් තියෙනවා..එයින් බහුතරය හිරුගේ
      ප්‍රශ්න වලට මා දුන් පිළිතුරු..

      ඔන්න ඔය අලුත් අවුරුද්දේ තරහ මරහ අමතක කරන්න ඇනෝ.
      මේ දේශපාලනයක් හින්ද අපි අපි ගහගෙන වැඩක් තියේද .

      Delete
  3. මේ ප්‍රශ්නේ ගැන මගේ දැනුවත් කමනම් මදි සහන් මේකට මුකුත් කියන්න. මොනවා උනත් අර උඩින් කියල තියන විස්තර ටිකනම් අද තමයි දැන ගත්තේ.

    ReplyDelete
    Replies
    1. ඒකට කමක් නැහැ සයුරි , මෙහෙම ගව්රවාන්විතව හැසිරීමම ඇති ඔයා මේ ගැන
      දැනුවත් කියන්න.දැන් නම් හරිම අප්‍රසන්න තත්වෙකට පත් වෙලා තියෙන්නේ
      සයුරි.ඔයාට පුළුවන් නම් අර ලින්ක් වලින් තියෙන පොස්ට් කියවන්න .
      ගොඩක් ස්තූතියි ඇවිත් කමෙන්ට් කරාට සයුරි...

      වර්තමාන(2012 Dec)දේශපාලනය හා අඳ ගැහැණිය!

      Delete
  4. මට වැඩිය මේ වගේ දෙශපාලන කරුණු ගැන දන්නේ නෑ. නමුත් මේකෙන් මාත් සෑහෙන දේවල් ඉගෙන ගත්තා

    ReplyDelete
    Replies
    1. ඒකට කමක් නැහැ ගයාන් , මෙහෙම ගව්රවාන්විතව හැසිරීමම ඇති ඔයා මේ ගැන
      දැනුවත් කියන්න.

      Delete
  5. රටක අග්‍රවිනිශ්චයකරුට

    1.තමන්ගේ පඩියට අමතර සල්ලි තමන්ගේ ගිණුම්වල තබා ගත නොහැක

    2.හම්බකරගත්ත විදිහ පැවසිය නොහැකි කළු සල්ලි ගිණුම් අතර හුවමාරු කරගනිමින් මුදල් විශුද්දීකරන කල නොහැක

    3.මගේ අම්මා ඔය ඔක්කොටම දඩුවම් කරාවියැයි ඇයගේ පුතුට ෆේස් බුක් ඒකෙ ස්ටේටස් දැමිය නොහැක

    4.තමන්ගේ මුදල් වලින් සහෝදරියන් නමින් ගෙවල් මිලදී ගත නොහැක

    5.තමන්ගේ නඩු තමන් විසින් පත්කරන විනිසුරුවන් විසින් ඇසිය නොහැක

    6.අන විනිසුරුවරුන් අවුරුදු ගණනක් තිස්සේ සාක්ෂි විමසා තීන්දු දෙන්න ඕන්න මෙන්න තියෙන නඩු තමන් යටතට පවරාගෙන හාත්පසින්ම වෙනස් තීන්දුවක් ලබාදිය නොහැක

    අපගේ අගවිනිසුරුතුමිය ඉහත කිසිවක් කරනොමැති නිසා අයට හූ කීම බලවත් අපරාදයකි.

    ReplyDelete
    Replies
    1. හසරැල් ඔයා 03 වෙනියට කියපු කාරණේ නම් මන් පොස්ට් එකේම
      කියල තියෙනවා .
      ////හිතන්න මගේ තාත්ත කොහේ හරි රටක අගවිනිසුරු කියල..
      එයාගේ නම ( name ) AAA කියමු. මට දැන් AAA ගැන අයිති නැහැ..
      එයා මගේ තාත්තත් නෙවේ..මට කොහේ වත් AAA වෙනුවෙන් පෙනී
      ඉන්නත් බැහැ.කොටින්ම AAA කියලා කව්රුත් මගේ ජීවිතේ නැහැ.
      ඒ උනාට මගේ තාත්ත ඉන්නවා, ඒත් එයා AAA නෙවේ..//////

      මේකට හේතුව නුසුදුස්සෝ තම වාසියට පත් කර ගැනීම ...


      මුදල් ගැන කාරණය නම් හසරැල් ව්‍යාපාරික කටයුතු වලදී ඔහොම කරනවා.
      මාත් ගිණුම් කීපයක් තියන් ඉන්නවා ක්ෂණික ගනුදෙනු සඳහා .මගේ තාත්තගේ
      නමින් තියෙන ( නීතියෙන් මටත් ගනු දෙනු කල හැකි ) ගිණුම් මාත් මගේම ගිණුම්
      තියෙද්දී පාවිච්චි කරනවා.ඒ දේවල් වලට හේතු තියෙනවා හසරැල්.
      කාලයක් තිස්සේ පුද්ගලික හුරු වූ ක්‍රම වෙනස් කරන්න බැහැ ව්‍යාපාරික කටයුතු
      වලදී. ( මට තනතුරක් හම්බුනා කියල මගේ නමින් තියෙන , කරන් ආව ව්‍යාපාරික
      තීන්දු තීරණ මට වෙනස් කරන්න බැහැ.සෑම ගිනුමකටම ඒකටම අවේනික දේවල්
      ටිකක් තියෙනවා . ලොකු ගනු දෙනු වලදී වෙන්නේ නිකන් ගිණුමකින් ගිණුමකට
      සල්ලි දාන එක විතරක් නෙවේ .මේවා මීට වඩා පැහැදිලි කරන්න අමාරුයි )

      05, 06 කාරණා උනේ වෙන අයගේ උවමනාවට හසරැල් .මන් පහල ඇනෝට විස්තරේ
      කියල ඇති.ප්‍රශ්නේ තියෙන්නේ යුධහමුධාපතිට ඕන කෙනෙක්ට බනින්න ගහන්න ( ඉඩක් ලැබේ නම් )
      පුළුවන් .එතනින් එහාට සිවිල් නීතිය ( සිවිල් කෙනෙක් ගැහුවා නම් )
      ඒත් මේ ප්‍රශ්නෙදි තත්වේ වෙනස් .ඒකයි මන් මේ කියල තියෙන්නේ ..
      එක එක හන්දි ගානේ පහරන්න බැහැ මේ තනතුරට ..

      Delete
    2. ඉතින් අනේ පුතාට අයිතියක් නැත්නම් අම්මට එහෙනම් අහවල් එකටද මෑන් ෆේස් බුක් එකේ ස්ටේටස් දාන්නේ

      එහෙනම් ඔයා කියන්නේ අගවිනිසුරුට බිස්නස් කරන්න පුළුවන් ,මරුනේ ආ.....එයා එක පාරටම උඩින් අගවිනිසුරු තනතුරට ආවද ,නැහැනේ ,අගවිනිසුරු තියා මහේස්ත්‍රාත් කෙනෙක්ටවත් බිස්නස් කරන්න බැහැ

      මුදල් විශුද්දීකරණය ගැන මම හොදින් දන්නවා මම කියලා හිතනවා.ඔයාට උනත් තාත්තගේ ගිණුම් පාවිච්චි කරන්න බැහැනේ ඒවා ඔයත් එක්ක බද්ධ ගිණුම් විදිහට නෙමෙයිනම් තියෙන්නේ,මම ඉතින් මුදල් ගනුදෙනු ගැනනම් දන්නවා ඒක මගේ රාජකාරි ක්ෂේත්‍රය නිසා ,

      හැබැයි ඉතින් දෙවියොත් බිස්නස් කරන්න ගියෝත්නම් මාරුවට තිබේවි නේද ?

      Delete
    3. හසරැල් මුලින්ම ඔයා මගේ
      වර්තමාන(2012 Dec)දේශපාලනය හා අඳ ගැහැණිය!
      මේ පොස්ට් එක කියවන්න
      විනාඩි 5 වැය කරලා.ඔතොකොට තේරේවි මන් මේ කියන දේවල් නිකන්
      උඩින් පල්ලෙන් කියන දේවල් නොවෙන බව..මේ පොස්ට් එක කාලයක්
      තිස්සේ එන අමතර පොස්ට් කීපෙක කොටසක් .ඒකයි ඔයා මේ මන් කියන
      කරුණු ගැන වැරදි කෝනෙකින් ඉන්නේ..
      මුලින්ම තේරුම් ගත යුත්ත තමා වගකිවයුතු සියලු තනතුරු වලට " හෙන්චයියෝ "
      පුරවන එක මේ කරන්නේ ..ඒ දේවල් නිසා ඔයාවත් මම වත් ගහගෙන වැඩක් නැහැ ..
      අර පහල ඇනෝට මම දීපු උත්තරේ ආයෙම බලන්න හසරැල් ....


      ////ඉතින් අනේ පුතාට අයිතියක් නැත්නම් අම්මට එහෙනම් අහවල් එකටද මෑන් ෆේස් බුක් එකේ ස්ටේටස් දාන්නේ /////
      මුලින්ම තේරුම් ගත යුත්ත තමා වගකිවයුතු සියලු තනතුරු වලට " හෙන්චයියෝ "
      පුරවන එක මේ කරන්නේ ..


      /////එහෙනම් ඔයා කියන්නේ අගවිනිසුරුට බිස්නස් කරන්න පුළුවන් ,මරුනේ ආ.....එයා එක පාරටම උඩින් අගවිනිසුරු තනතුරට ආවද ,නැහැනේ ,අගවිනිසුරු තියා මහේස්ත්‍රාත් කෙනෙක්ටවත් බිස්නස් කරන්න බැහැ////

      මේ හැම දේම වෙන්නේ ලොකු තැනගේ උවමනාවට.මුළු රටේම හිටපු පාපතර -------
      ( එයාල අන්තිමට කියපු විදිහ , නැතුව මන් කියපු දෙයක් නෙවේ ) මේ රටේ වටිනාම තනතුරක්
      වෙන ----------- කම දුන්නේ කව්ද ? පාපතර---------- එහෙම පත් කරේ ඇයි ?
      පස්සේ එයාගේ වැරදි අපිට ( සාමාන්‍ය එදා වේල හොයාගන්න නැති අපි වගේ අය ) කියන්නේ
      මොන දේකටද ? ඕව කලින් දැනන් හිටියේ නැහැද ?

      අදාළ හිස් තැන පුරවා නැවත බලන්න හසරැල් .
      ඔයාල අපිට මේ හැමෝම කරන්නේ අමූලික
      වංචාවක් .ඔය සේරම එකට හොඳ කෙලි
      කරපු අය...එච්චරයි..වැඩ වැරදුනාම අපිට
      කියනවා...

      ///මුදල් විශුද්දීකරණය ගැන මම හොදින් දන්නවා මම කියලා හිතනවා.ඔයාට උනත් තාත්තගේ ගිණුම් පාවිච්චි කරන්න බැහැනේ ඒවා ඔයත් එක්ක බද්ධ ගිණුම් විදිහට නෙමෙයිනම් තියෙන්නේ,මම ඉතින් මුදල් ගනුදෙනු ගැනනම් දන්නවා ඒක මගේ රාජකාරි ක්ෂේත්‍රය නිසා ,////

      මව පටලවන්න එපා හොදද :) මාත් වරහන් ඇතුලේ
      කිව්වනේ මට ඒකට නීතියෙන් අයිති කියල ..



      ///හැබැයි ඉතින් දෙවියොත් බිස්නස් කරන්න ගියෝත්නම් මාරුවට තිබේවි නේද ?//////

      අන්න හරියටම හරි හසරැල් .ඔයා පොයින්ට් එකට් ආව ..
      දෙවියෝ එක්ක කරණ බිස්නස් එකක් කොහොමට හිටීද ?
      නැගල නොයයි කියල හිතනවද ?
      ඒ බිස්නස් එකට තමා මේ ලැස්ති වෙන්නේ ...
      ඊට පස්සේ ඔයාල අපිට පාරිභෝගිකයෝ වෙන්න පුළුවන් ..
      නඩුත් හම්දුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ!

      Delete
    4. හසරැල් මතු කරන මුලික කරුණු 6 සඳහා අගවිනිසුරුතුමිය කටයුතු කළ අයුරු ඔබ පෙන්වා දෙන්න හදනා උත්තරීතර වෘත්තිය සඳහා කොතෙක් දුරට ගැලපේ ද.වෘතිතියේ ගෞරවට සත්‍ය ලෙසම පිලිගනිමි.හූ කීම අනුමත නොකරමි. එනමුත් හු ලැබෙන තැනට කටයුතු යෙදුණේ කෙසේද?

      Delete
    5. @Naleen Dilruksha
      එකම දේ නැවත නැවත ප්‍රශ්න නිසා මේ ටික නැවත කියනවන්න ...


      **********************************************************
      මේ රටේ වටිනාම තනතුරක්
      වෙන ----------- කම දුන්නේ කව්ද ?
      ---------- එහෙම පත් කරේ ඇයි ?
      පස්සේ එයාගේ වැරදි අපිට ( සාමාන්‍ය එදා වේල හොයාගන්න නැති අපි වගේ අය ) කියන්නේ
      මොන දේකටද ?
      ඕව කලින් දැනන් හිටියේ නැහැද ?

      ඔයාල අපිට මේ හැමෝම කරන්නේ අමූලික
      වංචාවක් .ඔය සේරම එකට හොඳ කෙලි
      කරපු අය...එච්චරයි..වැඩ වැරදුනාම අපිට
      කියනවා...
      ****************************************************************

      Delete
  6. මොන දෙවිවරුද සහන් මේ හැමෝම එක පතේ කාපු අය.සරත් පොන්සේකා පැහැරගෙන ගිහින් කැලෑ අධිකරණයක් පවත්වල ඒ මනුස්සයාගේ සියලු අයිතිවාසිකම් උදුරාගනිද්දී අධිකරණයත් එයට සහය දුන්නා.දැන් තමන්ගේ වාරය ඇවිත්,වර්තමාන පීඩකයන් වෙනුවෙනුත් දවසක් ඒවි.

    ReplyDelete
    Replies
    1. මේකනේ ඇනෝ ඔය සිද්දි ටික මන් කෙලින්ම කිව්වා මගේ කලින් පොස්ට් එහෙක ..

      මේ හැම දේම වෙන්නේ ලොකු තැනගේ උවමනාවට.මුළු රටේම හිටපු පාපතර ගස් බල්ලට
      ( එයාල අන්තිමට කියපු විදිහ , නැතුව මන් කියපු දෙයක් නෙවේ )
      මේ රටේ වටිනාම තනතුරක්වෙන යුධහමුධාපති කම දුන්නේ කව්ද ?
      ගස් බල්ලෙක්ව ( එයාල අන්තිමට කියපු විදිහ , නැතුව මන් කියපු දෙයක් නෙවේ )එහෙම පත් කරේ ඇයි ?
      පස්සේ එයාගේ වැරදි අපිට ( සාමාන්‍ය එදා වේල හොයාගන්න නැති අපි වගේ අය ) කියන්නේ
      මොන දේකටද ?
      ඕව කලින් දැනන් හිටියේ නැහැද ?
      වර්තමාන(2012 Dec)දේශපාලනය හා අඳ ගැහැණිය!


      100% ඔබ සමග එකගයි .මුන් සේරම එකයි ...
      මේක සම්පූර්ණ පිටපතකට අනුව කරණ නළු නිළි
      තෝරාගැනීමක්.චරිතය අවසානයේ නළුවා බරක් ..

      ස්තූතියි අදහස් ප්‍රකාශයට ...

      Delete
  7. දෙවියන් සහ මනුශ්‍යයෙක් කියන්නෙ දෙන්නෙක් සහන්... අගවිනිසුරු ධූරය දේවත්වයකට සමාන කරන්න බැහැ.. (මම දෙවියන් අදහන්නේ නැහැ..නමුත් විශ්වාස කරනවා.) අනික අපි අදහන බෞද්ධ දෙවියෙක් අතින් උණත් වරදක් වෙන්න පුළුවන්.. මොකද උන් වහන්සේත් පෘතජ්ඣන නිසා...

    මේ නිසා මේවගේ තනතුරක් උණත් සර්ව සම්පූර්ණ අතිශය නිවැරදි විය නොහැකියි... එවිට චෝදනා කිරීමේ අයිතිය තිබිය යුතුයි..

    ReplyDelete
  8. යාන්ත්රිකයෝ ඕක පැහැදිලි කරන්න නම් මෙහෙම එක කමෙන්ට් එහෙකින් බැහැ .
    මන් ගොඩාක් දේවල් පොස්ට් එකෙත් දාල තියෙනවා, ඒ ටික
    කියවල නැහැ යාන්තිකයෝ.අග්‍ර විනිශ්චය තනතුර කියන්නේ
    ඔයා හිතන් ඉන්න සිවිල් තනතුරක් නෙවේ .ඔයාට පාරේ හම්බුනා
    කියන්න

    01. ඔයාට බැහැ අහ් එන්න සර් කියල පාරේ ඉඩ දෙන්නත්
    02. ඔයාට බැහැ මග හරස් කරන් ඉන්නත්

    ඔය දෙකම වැරදි .කරන්න ඕනේ ගව්රවයෙන් මගෙන් ඉවත් වීම.
    නැතුව ඉඩ දීම නෙවේ.ඔයාට බැහැ තේ ටිකක් දෙන්න වත් ඔයාලගේ ගෙදර
    අපරාදයක් උන වෙලාවට මහේස්ත්‍රාත් කෙනෙක් ආවත් .
    අල්ලසක් දීමට තැත් කිරීමක් විදිහට සලකන්න පුළුවන් .( හැම දේම ඔහොම නැහැ ,
    නමුත් එහෙම තනතුරක් මේ )

    මේක සම්පූර්ණ සිවිල් තනතුරු ගැන ඔයා හිතන් ඉන්න ඒවගෙන් අමතක
    කරලා හිතන්න .

    ReplyDelete
    Replies
    1. තමන් යටතේ ඇහෙන නඩුවක ට අදාළ පුද්ගයයෙකු ගේන් පිරිත් නූල් බැඳගනන් හැකි ද?
      මෝටර් රථයට නගින විට ජනතාවට ආචාර කරම්න් යන්න හැකිද?
      නඩු කටයුත්තක විත්ති කරුවන්ගෙන් තමනට වාසි සහගත ප්‍රචාර ලබා ගත හැකි ද? මේ කටයුතු සිදු කීරීමෙන් ඔබ පෙන්වා දෙන්න හදන උත්තරීතර වෘත්තිය හැල්ලු කොට ඇතැයි නොසිදේ ද?
      මගේ සවිස්තර අදහස කියවන්න මෙතැනින් යන්න

      Delete
  9. සහන් කාලීන ලියවිල්ලක් අර ඔබගේ උදාහරනේ මේකට ඉතාම හොදින් ගැලපෙනවා. මේ කියන්නේ දෙවියන් ගැණ නෙමේ. ඒත් දේයන් ගැනම තමයි. අපි හිතන හින්දු දේව මණ්ඩලේ නෙමෙයි, අපි හිතන රෝමානු කතෝලික දේවියන් හෙවත් සර්ව බල්ධාරී දෙවියන් වහන්සේ තමයි මින් නිරූපණය වන්නේ. මොකද මේ රෝම ලන්දේසි නීතිය නිසා.

    සහන් ඔබ දන්නව ද මට මේ හොද අවස්ථාවක් වුනා. මම දැන් මේවැනි දේ පිළිබඳ බෞද්ධ නීතිය කුමක් ද කියා හොයනවා. ත්‍රිපිටකයේ විනය පිටකයේ. මට දැනටමත් හොද කරුණු බොහෝමයක් ලැබිලා තියන්නේ. බලමු දිනක කතා කරන්න හැකි වෙයිද දන්නේ නැහැ.

    අපි 2000 ට කලින් සිටි විශ්ව විද්‍යාල කථිකාචාර්‍යවරිය ගැන කතා කරනව නම් ඇය යම් යහපත් ලකුණු තිබූ අයෙක් අඩු වැඩි වශයෙන් මනුශ්‍ය දුර්වලකම් ඇති. හැබැයි ඇයම සුප්‍රීම් කෝට් ජජ් කෙනෙක් ලෙස මම ඇයව එහෙම හිතන්නේ නැහැ. ඇයගේ ඒ භූමිකාව ඇරබෙන හැටි හොද නැහැ.

    අග්‍රවිනිශ්චයකාරිනිය වන විදිය ගැනත් මම තෘප්තිමත් නැහැ. ඒ මුලදී දුන් තීන්දු ගැනත් මම සතුටු නැහැ.

    එහෙම කියලා ඒ තනතුර හෑල්ලු කරනවටත් මම සුතුටු නැහැ. මිනිසා හා දෙවියන් අතර සිටින අතරමැදියාව ඊට පහලින් මෙහෙම වනවා කියන්නේ අපිට දිනක හොදම කෙලියෙන් කෙලවෙනවා කියන එක.

    ReplyDelete


  10. ////සහන් කාලීන ලියවිල්ලක් අර ඔබගේ උදාහරනේ මේකට ඉතාම හොදින් ගැලපෙනවා. මේ කියන්නේ දෙවියන් ගැණ නෙමේ. ඒත් දේයන් ගැනම තමයි. අපි හිතන හින්දු දේව මණ්ඩලේ නෙමෙයි, අපි හිතන රෝමානු කතෝලික දේවියන් හෙවත් සර්ව බල්ධාරී දෙවියන් වහන්සේ තමයි මින් නිරූපණය වන්නේ. මොකද මේ රෝම ලන්දේසි නීතිය නිසා.////
    ඔව් මම දෙවියන් කිව්වම හින්දු දේව සංකල්පය ගැන නෙවේ ,
    සර්ව බලධාරී දෙවි කෙරෙහි සංකල්පය ගෙනාවේ.ඒක පටගත්තොත්
    බැහැ.ඇත්තෙන්ම රෝමානු නීතිය ගැන කතා කරොත් අන්තිම පිළිකුල්
    ( රජ කාලේ; මා නැවත පවසන තෙක් පහත සියල්ල වර්තමාන අධිකරණය
    ගැන නොවන බව සියලු දෙනා සැලකුව මැනවි )තමන්ගේ යටත් වැසියන්
    තලා පෙලා සුදු හුණු ගා ගැන්මට ඇති කරගත් සංකල්පයක් මේ නීතියේ මූලය.
    දිව්රමකින් හර්ද ( IME fault ) ශාක්ෂිය විමසන විශ්චය කරු මීළඟට එක් එක්
    අයගේ ශාක්ෂි විමසයි ..

    01.චූදිතයා හර්ද ශාක්ෂිය දිව්රා කී පසු අදිකරණය එය පිලි ගනී නම්, තෙවැන්නක්ගෙන්
    ( ඇසින් දුටු වැනි ) නිවැරදි කරුද නැත්ද යන්න අසන්නේ කිමද ?

    02.එසේ නම් හර්ද ශාක්ෂිය දිව්රීමෙන් ඇති ඵලය කුමක්ද ?

    03. සියල්ල ශාක්ෂි මත පදනම්ව අවසාන විභාගය දේ නම් , හර්ද ශාක්ෂිය දිව්රීමෙන්
    වන්නේ එයටම අවසානයේ අගව්රව වීම නොවේද ?

    04. දැන දැනත් මේ සා විශාල බොරුවක් කරන්නේ ඇයි ?
    05.යුක්තිය මුල් තැනට දේ නම් චූදිතයාට රිසි සේ තම නිර්දෝෂී
    භාවය ඔප්පු කිරීමට ඉඩ නොදෙන්නේ මන්ද ?

    06. මේ සියල්ල සුදු හුණු ගාගැන්මට කල වංචාවක් නිසාද ?
    07.රජෙකුගේ ඒකාධිපතිත්වයෙහි ඇති කළු තැන් වසා ගැන්මට කල වංචාවක්ද ?

    ඔය වගේ දේවල් මේක අස්සේ හැංගිලා තියේද වේද මහත්තයෝ..ඔයාට මේ දේ
    තේරෙනවා.මේ බොරුව තේරෙනවා ඒකයි මෙතන සදහන් කලේ.


    ////සහන් ඔබ දන්නව ද මට මේ හොද අවස්ථාවක් වුනා.////
    ඒ මගේ මේ ලිපියද ?


    ///මම දැන් මේවැනි දේ පිළිබඳ බෞද්ධ නීතිය කුමක් ද කියා හොයනවා. ත්‍රිපිටකයේ විනය පිටකයේ. ///

    මන් දන්නා විදිහට වේද මහත්තයෝ බුදු හාමුදුරුවෝ රජුගේ තීන්දු තීරණ
    වලට හිස නැමිය යුතුයි කියන තැන ඉන්නේ.රජු ධාර්මික වීම නොවීම / විය හැක්කේ
    කෙසේද යන්න නම් සදහන් .ඒ ඇර රජුගේ නීතියට යටයි .කොසොල් රජු බුදුන්ගේ
    ඉල්ලීම් අහක දාපු අවස්ථා කොතෙක්ද ( ඝාතකාගාරය ඉවත් නොකිරීම වැනි) ?
    ඒවාට ඵල ලැබුවා ඒ ආත්මෙදිම නේද (මහා පාරේ බල්ලෙක් වගේ මැරිලා ..)?

    ///ඇයගේ ඒ භූමිකාව ඇරබෙන හැටි හොද නැහැ.///
    ඒක තමයි සුදුසු කමත් ..:)


    ///අග්‍රවිනිශ්චයකාරිනිය වන විදිය ගැනත් මම තෘප්තිමත් නැහැ.///
    ඔව් අරය මෙයා පත් කරනවා , මෙයා අරය ඉස්සරහ පත් වෙනවා ,
    කට්ටිය ඒවා මේවා කරනවා .අපි බලන් ඉන්නවා ...
    (අපිට තහනම්ලු හිතන්නවත් ..)

    ///මිනිසා හා දෙවියන් අතර සිටින අතරමැදියාව///
    ඉතාම හොඳින් සියල්ල ග්‍රහණය කර ගත් අති සාර්ථක අර්ථ
    ගැන්වීමක් මේ වේද මහත්තයෝ..හරියටම හරි ..100%

    ///මෙහෙම වනවා කියන්නේ අපිට දිනක හොදම කෙලියෙන් කෙලවෙනවා කියන එක. ///
    බලමු මේ උඩ පළමු ඇනෝ කිව්වා වගේ දිනයක් ඒවි .එදාට
    මේ මොන නීතියක්වත් ඕනේ නැහැ ..අහිංසක අපේ කැලෑ නීතියෙන්
    පිහිට පතා ගමු ...

    ඉතා අගේ කරනවා ඔබගේ අදහස් වේද මහත්තයෝ...ගොඩක් ස්තූතියි...

    ReplyDelete
  11. Thank you for your "Reincarnation".

    ReplyDelete
    Replies
    1. hmmmm Thank you , but soon i should leave all these..
      after that there will be no "Reincarnation" for me..

      Delete
  12. මේක සම්පූර්ණම දේශපාලන නාටකයක්.... ලොව හොදම හමුදාපති ඉන්නෙ අපිත් එක්කයි කියලා කාලයකට කලින් කිව්වෙත් දැන් අගවිනිසුරුතුමියට චෝදනා කරන ඇත්තොම තමයි.... ලංකාවෙ දේශපාලඥයො හිටියෙ ඉස්සර දැන්...ඉන්නෙ දේශපාලුවො ටිකක් සහ උන්ට කඩේ යන බත්බැලයො රංචුවක් විතරයි...

    ReplyDelete
    Replies
    1. නමුත් දැන් පරක්කු වැඩියි සිරා .මන් හිතන්නේ නැහැ
      අපිට යමක් කරන්න දැන් ඉතුරුද කියල ..
      ස්තූතියි හැමදාම බ්ලොග් එකට ගොඩ වදිනවට ...

      Delete
  13. මම ඔබත් එක්ක 100% ක් එකයි.
    කොටින්ම කියුවොත් මේක කන්න ඔනවෙනකොට කබරයා තලගොයා කරණ රටක්. ඒ විතරක් නෙවේ සහන් මේකත් කියන්න ඕනේ.
    පළමු ගල ගැසිය යුත්තේ වැරදි නොකළ කෙනෙක්.

    ReplyDelete
    Replies
    1. ///පළමු ගල ගැසිය යුත්තේ වැරදි නොකළ කෙනෙක්.////


      බොහොම පරිස්සමෙන් ඔය දේ කියන්න,
      මොකද සිය දහසක් දෙනා බලන් ඉන්නවා
      " පාරිශුද්දත්වයේ ( fake ) නාමෙන් පළමු ගල ගසන්න "
      ස්තූතියි කමෙන්ට් එකට අයිලාෂ් ...
      නැවත එන්න ...

      Delete
    2. ///පළමු ගල ගැසිය යුත්තේ වැරදි නොකළ කෙනෙක්.////

      මේ දේ ලියුවේ ඉතාම අවබෝධයකින්, ඔය ගල්ගොඩ තියන් ඉන්න උන් එකෙක්වත් පළමු ගල අතට ගැනීමට නුසුදුස්සන් බවට.

      Delete
  14. දකින දකින පත්තරේ, ඇහෙන ඇහෙන නිව්ස් එකේ ඔය මාතෘකාව ඇහිලාම පෙනිලම,මට එපා වෙලා

    ReplyDelete
    Replies
    1. මටත් කාලයක් ඔහොම තිබ්බා පැතුම් ,
      නමුත් නැවත මන් ආව...

      Delete
  15. ..... මාරයි මාරයි මචං මට කියන්න වචන නැහැ.මේක මම කාලෙකට පස්සේ බ්ලොග් එකකින් කියවපු විශිෂ්ට දේශපාලනික වටිනාකමකින් යුක්ත පෝස්ටුවක්. නියමයි. දිගටම ලියපන්. ඔන්න මගේ සිංඩියෙත් එල්ලා ගත්තා. ෆලෝව් පාරකුත් දැම්මා දැන් මිස් වෙන්නේ නෑ.
    උඹෙ පෝස්ටුවේ සමහර කාරණා ගැන එකගවීම් වගේම මම නොපිළිගන්නා කාරණාත් තියෙනවා. නමුත් ඒ ගැන දීර්ඝව කතා කරන්න මේක වෙලාවක් නෙමෙයි. නැවත් එන්නම් ..දිගටම ලියපන්. ජයපතනවා.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි රතු .මේ පොස්ට් එක කෙලින්ම සම්බන්ද වෙන්නේ
      අර මන් යටින් ලින්ක් දාපු පොස්ට් වලින් පස්සේ.ඒ නිසා ඒ ටිකත් කියවිය
      යුතුයි රතු හරියටම වටහා ගැනීමක් අවශ්‍ය කෙනෙක්ට.හොදයි නැවත අපි
      හමු වෙමු දීර්ගාව කතා කරන්න ..
      ගොඩක් ස්තූතියි සින්ඩියේ ඇතුලත් කිරීමට ..හැකි නම් පෙර ලිපිද ඇතුළු කරන්න...
      ගොඩක් ස්තූතියි ජය පැතීම ගැන ..

      Delete
  16. සහන්ගේ තීක්ෂණ බුද්ධිය හරියටම දැනගත්තේ අද, පෝස්ට් එකටත් වඩා කොමෙන්ට් වලට දීල තියන රිප්ලයි වලින්. දන්න දේ හරියට දැනගෙන බ්ලොග් කරුවෙක්. මේ ලිපි ටිකයි කොමෙන්ට් ටිකයි පත්තරේක පල කරගන්න පුලුවන් උනොත් ඒක මේ රටේ වාසනාවක්.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි Dr . ගයාන් ඇත්තටම මම ගොඩ කාලයක් නිහඩව
      හිටියා.පස්සේ ආයෙම තීරණය කරා මම නැවත ලියන්න පටන්
      ගන්නවා කියල.මොකද මන් තව මාස කීපෙකට වඩා ඉන්නේ නැහැ .මන් ලියපු
      ගොඩක් ලිපි මම ඉබේ පලවෙන්න ( automated ) දැනටමත් හදල ඉවරයි.
      ඒත් වර්තමානයේ සිද්ද වෙන දේවල් ගැන ලියන්න ඕනේ නිසයි පරක්කු නොකර
      මේ දේවල් පල කරේ.මොකද සමහර දේවල් වලට ප්‍රති උත්තර බඳින්න
      මන් ඉන්න ඕනේ නිසා.ඔබ තුමාට පුළුවන් නම් මේ වගේ කාරණා ගැන උනන්දු
      ඔබේ මිතුරන්ටත් ආරාධනා කරන්න මේ දේවල් බලන්න .
      බලමු මම මේ දේවල් කරන බව මගේ පවුලේ කිසි කෙනෙක් දන්නේ නැහැ .
      ඒ නිසා ඒ අයගෙත් කැමැත්ත / නීතිමය විශුද්දී කරණය විමසල මන් පල
      කරන්නම් .
      නැවතත් ඔබට ස්තූතියි පැමිණීමටත් , කියවීමටත් , අදහස් ප්‍රකාශ කිරීමටත් .
      ඔබගේ සහෘදයන්ටත් දැනුම් දෙන්න Dr . ගයාන් ...

      Delete
  17. සහන්.. උඹ කියල තියෙන දේවල් ඔක්කොම ඇත්ත කියල හිතුවත් අන්තිමට බැලුවම ඔය දෙයියා පත් කිරීම හා ඉවත් කිරීම කියන කාරණා සිද්ධ වෙන්නේ යම පල්ලන් අතින් කියල විතරයි මට කියන්න තියෙන්නේ...

    ReplyDelete
  18. @දේශකයා

    යම පල්ලන්ගෙන් විවරණ ලද දෙවි තෙම .
    අහෝ කරබාගෙන යනු මැන .
    කරනට යමක් ඇති කල
    නුඹට නැවත විවරණ දෙනු ඇත...

    ReplyDelete
  19. මම මේ ප්‍රශ්ණයේදි අධිකරනය පැත්තේ ඉන්නේ.. මොකෝ පාර්ලිමේන්තුවේ ඉන්නේ හාල්පාරුවෝ නිසා. අඩු ගානේ මේ මිනිස්ස්ය් ලෝ එන්ටරන්ස් එක හරි පාස් උදවියනේ. නමුත් මෑත කාලයේ ඔබ කියනා තරම් දෙවොලක් ඔතන තිබුනේ නෑ.. වරාවැව මහත්තයත් කියන්නේ...

    ReplyDelete
    Replies

    1. ඔව් මාත් පැහැදිලිවම මුල් තැන දෙන්නේ අධිකරණයට මේ
      ප්‍රශ්නෙදි .නමුත් ඉන් එහාට එකග නොවීම් ගැන මන් මගේ අධිකරණ
      ක්‍රමය ගැන සදහන් කරපු පොස්ට් එකේ කිව්වා ..
      ස්තූතියි මාතලන් කමෙන්ට් කිරීම ගැන.

      Delete
  20. මේ අගවිනිසුරු පදවිය ගැන බොහෝ දේ දැන ගත්තා සහන්. ඔබගේ බ්ලොග් එකට ආවෙ අදයි. දැන් නිතර එන්නම්.

    දේශපාලනය සහ රටේ කාලීන දේවල් ගැන මගේ දැනුම නම් බොහෝම අල්පයි. මොකද මට හිතෙන්නේ අපි මේ හුදී ජනතාව විදියට ඉදගෙන කරන්නේ හතර වටේ කයිය ගගහ ඉන්න එක විතරක් නිසා ඕව ගැන දැන ගත්ත කියල තේරුමක් නෑ කියල. කවුද හරි කවුද වැරදි කිය කිය කෑ ගගහ ඉන්නවට අමතරව ගොඩක් වෙලාවට මම නම් දකින්නෙ නෑ මිනිස්සු හරි තීරණ අරගෙන වැඩ කරනවා.

    මම දන්න අතීතෙදිත් එහෙමයි, දැන් වර්තමානෙදිත් ඒක එහෙමයි. අනාගතෙත් කොහොමත් තව අවුරුදු 10-20ක් යනකම් නම් වෙනසක් වෙන එකක් නෑ. අපි අපිම එකා එකා හරි, හරි විදියට වෙනස් වෙන්න පටන් ගන්න කම්. නමුත් මේ විස්තර දැනුමට වැදගත්.

    ReplyDelete
    Replies
    1. හරියටම හරි පැතුම් .මේ දේවල් මේ විදිහටම තව අවුරුදු
      10 වත් යනවා .ඒක නම් හොදටම විස්වාසයි .නමුත් තව
      තව විනසේටම යාම මේ වගේ දේ වලින් හරි අඩු කරගන්න
      පුළුවන් නම් ඒ දේ කරන්න ඕනේ..ඒකයි මන් මේ වගේ
      ලිපි මාලාවක් කරන්නේ .
      ඔබ දැනුවත් වූවා නම් එය මට සතුටක් , මෙහි අරමුණත්
      ඒකයි ..නැවත ඉඩක් ලද වෙලාවක එන්න..
      ස්තූතියි පැමිණීම ගැන පැතුම් ..

      Delete
  21. ඔබ වැන්නෙක් වෘතියෙන් මිදී සිටීම මහත් විපතක්.කරුණාකර නැවත ක්‍රියාකාරී ජීවිතයට පැමිණෙන්න.ඔබ කල කී දෑ සියල්ල පෙරටත් වඩා දැනෙන යුගයයි මේ.ඒ නිසා කරුණාකර නැවත කඩ තිර ඉවත දමා රඟ මඩලට පැමිණෙන්න.

    ReplyDelete
  22. අදමයි මම හිතන්නෙ ගොඩවුණේ.....
    ගොඩාක් දේවල් දැනගත්තා..
    ඒත් යුක්තියේ දෙවොල විනාශ වු වාට පසු නැවත දෙවියන් එහි වඩීවි යැයි කවුරුන් විශ්වාස කරන්නද..
    මක් නිසාද යත් උත්තරීතර ආයතනට මිනිස්සු පත් කලේ අපි නමි අපිද උත්තරීතරය..
    එසේ නමි නීතිය??............. අනාගතයට බාරය.......
    අපේ පැත්තටත් ගොඩවෙන්න..

    ReplyDelete
    Replies
    1. @ මගේ දිනපොත..........

      ඔය ප්‍රශ්න ටික ගැන මන් ඊලංග ලිපියෙන් කරුණු
      කියන්නම්.මොකද මේ පොස්ටුවත් කමෙන්ට් මගින්
      විශාල දුරක් ගියා.නැවත දෙවියන් වඩීවී අනිවාර්යෙන්ම .
      හැබැයි අපි ඒ තැනට වැඩ කරන්න ඕනේ...
      ස්තූතියි මෙහි පැමිණීම ගැන ...
      හොදයි මන් එන්නම් ඔබගේ වෙබ් අඩවියටත් අද ...

      Delete
  23. කන්න ඕන උනාම කබරයා තලගොයා කරගෙන කෑමත් එපා උනාම තලගොයා කබරයා කිරීමත් අපෙ රටේ හැම පැත්තකම මට මතක අතීතය පුරාම මම දැක්ක දෙයක්.. දේශපාලනයේ මේක දැකීම අරුමයක් නොවෙන්නේ ඒ අයට පාර පෙන්නන්න ඉන්නවයි කියන මහා පූජ්‍ය පක්ශෙත් ඒ වගේම හින්දා.

    ReplyDelete
    Replies
    1. @ සරත් ලංකාප්‍රිය

      ඔව් පූජ්‍ය පක්ෂය යැයි කියාගන්න නගරවාසී බහුතර චීවරධාරීන්
      දැඩි ලෙස ( අපටත් වඩා ඇතැම් විට ) මුදලට , තනතුරු වලට
      ගිජුයි .
      පැහැදිලිවම ත්‍රිපිටකයේ සදහන් වාසි , ලැබ ප්‍රයෝජන ( සිව්පසය )
      අරමුණු කරන බණ කීම වැරදියි කියල..නමුත් කරන්නෙම බහුතර
      චීවරධාරීන් එකමයි සරත් මහත්මයා ..
      ආගමේ මුවාවෙන් වංචාවක් කරන්නේ..

      Delete
  24. කෝ අනිත් ලිපිය දැන් දහ පාරක් විතර ආවා ?

    ReplyDelete
    Replies
    1. @ gayanmm


      මේ දින වල ඉතා වෙහෙසකර තත්වයක් පැවතී නිසා ලිපියේ කටයුතු
      ඉවර කරගැනීමට නොහැකි උනා.අනික් කරුණ උනේ මා මේ ලිපිය
      ඉරිදා දිනට පල කිරීමට සිතා සිටීමයි .නමුත් ඔබට අවැසි නම් ඊට
      පෙර ඔබට ලබා දිය හැකියි ඊ මේල් මගින්.


      අනික් කරුණ නම් ඔබගේ
      පැමිණීම සඳහා භාවිතා කරන පරිගණකය තුල හඳුනා නොගත් වැඩසටහනක්
      ක්‍රියාත්මක බව සටහන් වෙනවා.ඒ නිසා එය අක්‍රීය කරන්න ,නැතහොත්
      ස්වයන්ක්‍රීයව ඔබගේ සම්බන්දය විසන්දි වීම විය හැකියි.

      Delete
    2. මම බ්ලොග් බලන්නේ මොබයිල් එකෙන් ඒ හින්දා වෙන්න ඇති ඔය ප්‍රශ්ණේ.
      හිමීට ලියන්න ඉරිදම බලන්නම්.

      Delete
  25. කාලින මාතෘකාවක්. මොකක්ද වෙන්නේ කියල ඈතට වෙලා බලන් ඉන්න එක තමා මම කරන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔව් අසරණයෝ ගොඩක් දෙනෙක් ඒ තැන ඉන්නේ..
      ඒ උනාට මේ යන විදිහ නම් හරි නැහැ අසරණයෝ.
      ඒකයි අපි හැමෝම ටිකක් ඇස් කන් අරින්න ඕනේ.
      නැත්නම් මන් හිතන්නේ නැහැ අපේ දරුවන්ට වෙන
      දේ ඉස්සරහට ...

      ස්තූතියි ඇවිත් කමෙන්ට් කරාට ...
      ( Ghana නේද )

      Delete
  26. අදහස් දැක්වීමට ලිපිය අවසාන වෙනෙතෙක් බලා ඉන්නවා යාලුවා.

    ReplyDelete
    Replies
    1. @ Sarath Chandrasiri

      ඉන්න ඉක්මනටම දාන්නම් මන් එහෙනම් ඉරිදා වෙනකම්
      නොයිඳ .මොකද මන් බැලුවේ මේකේ කමෙන්ට් වලින් ගොඩක් දුරක්
      ගිහින් තියෙනවා .

      ඔතොකොට මීළඟ ලිපිය පටන් ගත යුත්තේ කොතනින්ද කියන
      ප්‍රශ්නේ එනවා .ලිපියේ අවසානයෙන් මීළඟ ලිපිය පටන් ගත්තොත්
      මෙහි ඇති කරුණු බොහෝ ගණනක් නැවත සටහන් කිරීමට වෙනවා.

      එසේ නොකළහොත් දෙවෙනි ලිපිය හා මෙම ලිපිය අතර සම්බන්දය ඇතැම්
      පාඨකයෙක්ට තේරුම් ගන්න බැරි වෙන්න පුළුවන් ..
      කමක් නැහැ මන් සුදුසු දෙයක් කරන්නම් ඉක්මනින් ...

      ස්තූතියි සරත් මහත්මයා මෙහි පැමිණීම , ඒ වගේම මා පෙර දිනයේ ඔබට
      ඊ මේල් එකක් යොමු කළා . එය ලබුනිදැයි දැන ගැනීමට කැමතියි ...

      Delete
  27. ලංකාවේ ඉන්න හරක් මෝඩ දේශපාලුවන්ට සහන් අයියගේ බ්ලොගේ මේ ලිපිය කියෙවුවානම් මොලේ පෑදෙයි නේද?..

    අම්මපා අයියේ කියන්න වචන නෑ.....සුපිරියි.......

    ReplyDelete

ඔබ කමෙන්ටුවක් දමයි නම් කරුණාකර මෙහි කමෙන්ටු E mail subscribe කරන්න .. නැතිනම් පිළිතුරු මග හැරී යනු ඇත ...

කමෙන්ට් යනු ඔබගේ අදහස් ප්‍රකශ කිරීමට සලසා ඇති ඉඩයි. සිතුවිලි ලියා තැබුණු විට අන් අයටද ප්‍රයෝජනයක් විය හැක !

http44444444://1.bp.blogspot.com/-F0lMkO9hSe8/UjM37DArTZI/AAAAAAAAAwo/wtP9O0K_6UE/s1600/543431_208554675978924_1215099537_n.jpg15099537_n.jpg

සහයෝගය දක්වන වෙබ් එකමුතු ...

මාතලන්ගේ සින්ඩිය...api apita Blog Readerlankeeya sithuwililankeeya sithuwili lankeeya sithuwili