දැන්වීම් පුවරුව . ( පින්තූර මතට මවුස් පොයින්ටරය රැගෙන යන්න )

දැනට වසර දෙකක පමණ සිට සෑම සතියකටම වරක් ලිපියක් හෝ දෙකක් පළ කළෙමි. සිත් ගත් ලිපියක් වේ නම් හිතමිතුරන් අතරත් බෙදාගන්න.

මෙම වෙබ් අඩවිය ලෝඩ් වීමට පමා වේ නම් මෙම ලින්ක් එක භාවිතා කරන්න.

Go and get Sinhala Unicode to your Computer
Face Book Link Share.

November 22, 2012

ළඳුනේ ගීතය ගැන මීට කලින් උන කතා බහක් මගේ අතින් උන ...


04-16-2011, 09:07 PM ...
මේ තියෙන්නේ එතන ලින්ක් එක

 








              මම දැන් දැක්කේ ගොඩක් අය මේක ගැන උනන්දු වෙනවා කියල.එකයි මේ ටික ලියන්නේ හැමෝටම ස්තූති.මේ මාතෘකාව ගැන නම් මම මීට කලිනුත් කතා කරලා තියනවා.කතා කරන්නත් දේ තියනවා, වෙලා නෑ ඒ හින්ද මේක ගැනපාදක උණු කතාව විතරක් කියන්නම්.  මම කියන්න ගියපු එකට සමාන කතාවක් khewagee  කියල තියනවා.අනික thilangr8 කියපු එකත් අමූලික ඇත්ත.මොකද කව්රුත් මේක සුදනෝ නෑ බන්, එත් ඉතින් බුලත් පයියට හෙන ගැහුවත් හුණු ටික හරි නිකන් කන කෙනෙක් නොවී ඒ වගේ අයටත් දුක කියන දේ, සමාජ ගරහුම කියන දේ , ,හැමෝම හොයන් එන එත් දැක්කම හැන්ගෙන , වතුර ටිකක් ඉල්ලගන්න වත් කෙනෙක් නැති මේ අය ගැන  අහපු ගමන් out යන මේ වගේ සින්දුවක් ලියවුන එක ගැන අගය කරන්න ඕන .රන්බණ්ඩා මහත්මයාගේ මුනුබුරෙක් වෙන කෙනෙක් මා එක්ක ඉගෙන ගත්ත. එයාගේ මල ගෙදරත් මම ගියා අනුරාධපුරේ තිබ්බේ.මන් හිතන්නේ 2000 වගේ වෙන්න ඕන මට මතක නෑ අවුරුද්ද දැන්..


           මේ කෙනා නුවර ලොකු සමාජ බලයක් තිබුන පවුලක පොඩි දුවලු, පොඩි වයසෙන් කෙනෙක් එක්ක සම්බන්දයක් ගොඩ නැගිලා මුළු ජීවිතේම එයා වෙනුවෙන් කැප කරලා අන්තිමට ඒ මිනිහගෙන්ම ඔහුලාගෙන ඉන්න බැරි තරම් දේවල් වෙන  නිසා අයෙත් පාරක් තමන්ගේ අම්ම තාත්ත ලගට යන්න වෙන තැනට පත් වෙනවා. එත් ගියාට වැඩක් නෑ, ගහල එලවනවා, අන්තිමට මුළු ජීවිතේම කැප කරපු කෙනත් අද නෑ මෘගයෙක් වෙලා , එයා ලගට එද්දී හිටපු තමන්ගේ සමීපතමයොත් අද පිළිගන්නේ නෑ. ඒ වෙනුවට ඉන්නේ තුරුලේ කැටි වෙලා නිදන් ඉන්න කිරි කැටියෙක් විතරයි.කාට කියන්නද  කව්රු අහන්නද ? සමාජෙන් ආදරේ බලාපොරොත්තු උන එයාට අද කව්රුත් නෑ.ඒ සමජෙන්ම  ගහල බැනල , රැවටීමට ලක් වෙලා.***** ******************.******************************* ******************************** තමන් මෙතෙක් විශ්වාස කරපු හැම දේම තමන් ඉස්සරහ බොරුවක්, නිකන්ම නිකම් වචනයක් වෙලා හැල්ලු වෙලා යද්දී කාත් කව්රුත් ඇත්තටම නැති කෙනෙකුට තව මොනවද මේ සමාජේදී රැක ගන්න කියල ඉතුරු වෙන්නේ..? අන්තිමට වචන විතරයි, ඒ වචන ක්‍රියාත්මක වෙන්නේ නෑ.ක්‍රියාත්මක වෙන්නේ එකම සත්‍යයයි ... ඒ සත්‍ය එයා තේරුම් ගන්නවා.උබල හිතනවද ඒ අය නිදාගද්දී අපිට සාප කරනවා හිතින්.ඒ අය මේ සමාජයේ තියෙන හෙළුව හොදටම දකින අය.හැම කෙනාගේම රෙද්ද ගැලවෙන්නේ ඒ අය ඉස්සරහ, හැමෝගෙම හෙළුව දකිනවා.එහෙම බැලුවම අපි මොන තරම් හිස් මිනිස්සුද ...?

....
ළඳුනේ ………. ළඳුනේ ………….
 
ඔබේ දෑස දැක ගත්තෙමි
සැදෑ කලෙක ළඳුනේ .. ළඳුනේ…

දෙනෝ දහක් අත ගත්ත ද
සැමියෙකු නැති ළඳුනේ
නෑයෙක් නෑකම් නො කියන
වීදි සරන ළඳුනේ ... ළඳුනේ …

තෙල් මල් ගෙන දෝත පුරා
මුනි කුටියට පිය මනිනා
ඔබේ දෑස දැක ගත්තෙමි
සැඳෑ කලෙක ළඳුනේ .. ළඳුනේ …

බුදුන් දැක නිවන් දකිමැයි
දෙව්රම යන පාර අහන
ඔබ ද පටාචාරාවකි
ඔබ ද කිසා ගෝතමියකි

පිරිමින්ගේ පාප කඳට
දෝස විඳින ළඳුනේ
රහසේ පව් කරන දනා
එලියෙ රවන ළඳුනේ
ලැම පමණක් ලොවට පෙනෙන
ළය නො පෙනෙන ළඳුනේ
කුහුඹුවකුට වරදක් නැති වැරදිකාර ළඳුනේ

පද - රන්බණ්ඩා සෙනෙවිරත්න
නද - ප්රේමසිරි කේමදාස
හඬ - අමරසිරි පීරිස්
....

3 comments:

  1. වෙනස් අත්දැකිමක් වෙයි.ජය ඔබට
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete
  2. හ්ම්ම්ම් අනිවා ඇවිත් බලන්නම්කෝ.
    එත් මේ ටිකේ මම ටිකක් විනෝදෙන් ඉන්නේ ...
    බ්ලොග් හින්ද තමයි ඒ ...

    ReplyDelete
  3. මා කියෙවුවා සහන්. prejudice කියන දෙය එතරම් හොඳ නැහැ (මා කියවන් නැති වෙයි කියන- විහිළු). ඇත්තටම ගොඩ දවසකට පස්සේ අද ටිකක් විවේකයක් ලැබුනේ.

    ReplyDelete

ඔබ කමෙන්ටුවක් දමයි නම් කරුණාකර මෙහි කමෙන්ටු E mail subscribe කරන්න .. නැතිනම් පිළිතුරු මග හැරී යනු ඇත ...

කමෙන්ට් යනු ඔබගේ අදහස් ප්‍රකශ කිරීමට සලසා ඇති ඉඩයි. සිතුවිලි ලියා තැබුණු විට අන් අයටද ප්‍රයෝජනයක් විය හැක !

http44444444://1.bp.blogspot.com/-F0lMkO9hSe8/UjM37DArTZI/AAAAAAAAAwo/wtP9O0K_6UE/s1600/543431_208554675978924_1215099537_n.jpg15099537_n.jpg

සහයෝගය දක්වන වෙබ් එකමුතු ...

මාතලන්ගේ සින්ඩිය...api apita Blog Readerlankeeya sithuwililankeeya sithuwili lankeeya sithuwili