දැන්වීම් පුවරුව . ( පින්තූර මතට මවුස් පොයින්ටරය රැගෙන යන්න )

දැනට වසර දෙකක පමණ සිට සෑම සතියකටම වරක් ලිපියක් හෝ දෙකක් පළ කළෙමි. සිත් ගත් ලිපියක් වේ නම් හිතමිතුරන් අතරත් බෙදාගන්න.

මෙම වෙබ් අඩවිය ලෝඩ් වීමට පමා වේ නම් මෙම ලින්ක් එක භාවිතා කරන්න.

Go and get Sinhala Unicode to your Computer
Face Book Link Share.

January 13, 2013

රටක පාලන ව්‍යුහයක බිහිසුණු තැන් (01)

( මෙම ලිපිය අවසානයේ ඔබට සමස්ත රටක පාලන ව්‍යුහය ගැන අවබෝදයක්
ඉතා සරල ලෙස ගත හැකිය, එනිසා දේශපාලනය ගැන උනන්දු නොවූවද
මෙය කියවන්න.)




          පසු ගිය ලිපියෙන් අග්‍ර විශ්චය ධූරය හා සම්බන්ද නීති රීති ගැනද මෙම ලිපියෙන් අග්‍ර විශ්චය බල තල ගැනද ,එම බල තල අඩපණ වූ විට රටකට ඇති විය හැකි අරාජික තත්වය හැකි තරම් කෙටියෙන් සාකච්චා කරමි .

             ඊට පෙර පළමු ලිපිය නොකීයවුන් පළමු ලිපිය කියවීමටද , පළමු ලිපිය කියවූවන් එහි කමෙන්ට් තීරුවද කියවා සිටින්න .මන්ද පළමු ලිපියේ කමෙන්ට් මගින් විශාල ලෙස අග්‍ර විනිශ්චය ධූරය ගැන අවබෝදයක් ලැබිය හැකි කරුණු ඉදිරිපත් වී තිබෙනවා.එම ලිපියට කමෙන්ට් කල සියලු දෙනාටද එහි ගව්රවය හිමි විය යුතුයි.

01.අනික් සිවිල් වැසියන් තමා ඉදිරියෙහි කෙසේ හැසිරිය යුතුද යන්න;
02.සිවිල් වැසියන් ඉදිරියේ තමා කෙසේ හැසිරිය යුතුද යන්න;
i .තම පුද්ගලික ජීවිතය කෙසේ ගත කල යුතුද යන්න .
ii .තම රාජකාරි ජීවිතය කෙසේ ගත කල යුතුද යන්න .
යන කරුණු පෙර ලිපියෙන්ද



දෙවියන් වහන්සේට හු කීමට තරම් ආරෝවක් ඇති වන්නේ කිමද ?
01.තම පටු අරමුණක කටයුතු කරගැනීමට දෙවියන් ඉඩ නොදීමද?
02.වෙන දෙවියෙකු පත් කර ගැනීමට දැන් සිටින දෙවියා එළවීමට
03.දැන් සිටින දෙවියාට වඩා හොඳ දෙවියෙකු ගෙන්වා ගැනීමට
04.දෙවියාට මනු ලොව එපා කරවීමටද?
05.ඔහු චුත කිරීමට
06.ඔහු චුත කර මනු ලොව දේවත්වය ලැබුමටද?
06.දෙවියා අඩපණ කර,දෙවියන් වත් කැමති නැති උවමනාවන් භාව්තීස්ම කර ගැනුමටද?
07.දෙවි අතින් ගිළිහෙන දේවත්වයත් රාජ්‍යත්වයත් ලබා ගනුමටද?
යන කරුණු මේ ලිපියෙන්ද සාකච්චා කරමි


                 අප රටේ සමස්ත ජන සමූහය පාලනය වන්නේ වත්මනයේ මූලිකවම ආයතන 3 ක එකමුතුවක් මගිනි. ඒ දැනට වසර 600 පමණ පෙර, ඒ දක්වා එතෙක් පැමිණි රාජාණ්ඩු ක්‍රමයත් , ඉන්පසු මෑත ඉතිහාසයේ ඇති වූ ආණ්ඩුකාර ධූරය හා එහි සබැඳී පරිපාලන කටයුතුත් , ඒ මගින් විකාශනය වූ වත්මන් පාර්ලිමේන්තු ක්‍රමය මගිනි .(ආණ්ඩුකාර ධූරය , එංගලන්ත රාජාණ්ඩු , තේසවලමෙයි නීති ව්‍යුහය ගැන සියලු විස්තර පසු ලිපියකින් විස්තර කරමි, එය තේරුම් නොගෙන මේ කිසිත් තේරුමට නොහැකිය)


01.විධායකය
02.ව්‍යවස්ථා දායකය
03.අධිකරණය

                විශාල ජන පිරිසක් එක් රොක් වී තම අයිතීන් , යුතුකම් , නව වැඩපිලිවෙත් ගැන කෑ කෝ ගැසීම වෙනුවට සමාන අදහස් දරන්නන් එකමුතු වී , උන්ගෙන් එකෙක් , සමූහයේ නියෝජිතයා වී , සමූහයා වෙනුවෙන් පෙනී සිටීමට ඉදිකරගත් ආයතනය 02.ව්‍යවස්ථා දායකය ලෙසද

                 එහිදීද ඇති විය හැකි අක්‍රමිකතා වලක්වා ලීම පිණිස ඇති කරගත් තනතුර 01.විධායකය (ගරු අග්‍රාමාත්‍ය ධූරයද , අති ගරු ජනාධිපති ධූරයද) ලෙසද

                 ඒක මතිකව සම්මත කරගත් නීති රීති සමූහය , සියල්ල එක ගොන්නකට ගෙන , එකින් එක විමසා බලා , කිසිදු ලෙසකින් කිසිවකට යට නොවී ක්‍රියාත්මක කරන්නාවූ ආයතනය 03.අධිකරණය ද වේ ..

    (ඉහත ගොනු කර ඇත්තේ අතිශය සංකීර්ණ ක්‍රියාවලී රැසක මූලික මුහුණුවරයි.මෙහි අභ්‍යන්තරයේ තවත් අනු , ප්‍රති අනු කොටස් විශාල ප්‍රමාණයක් අන්තර්ගතයි.ඒ පිළිබඳවද පසු ලිපි වලින් කරුණු ගොනු කරන තෙක් අද ලිපියට ඉහත කරුණු සිහි තබා ගන්න ) .........

     මේ සා විශාල ලෙස පුළුල්ව පරිනතව වැඩුණු ක්‍රමවේදයක් භාවිතා කරන්නේ රටෙහි ජීවත් වන සෑම මිනිසෙකුටම , ජීවියෙකුටම, සම්පතකටම අගතියක් නොවී , සෑම දෙනා හට සර්ව සාදාරනය ඉටු කල යුතු නිසාවෙනි ; අප ගෝත්‍රික යුගයෙන් මනුෂ්‍ය යුගයට පැමිණ ඇති නිසාය.


         ජනතා නියෝජිතයන් සියලු දෙනා ඒක රාශී වී කටයුතු මෙහෙයවන පාර්ලිමේන්තුව සතුව රටෙහි හුවමාරු වන සියලු මුදල් පරිපාලනය ,නීති සම්පාදනය , රාජ්‍ය සේවක / ආයතන / ආරක්ෂක / පරිපාලනය, අන්‍ය විදේශ සමග පවත්වන රාජ්‍යතාන්ත්‍රික ක්‍රියා මාර්ගයේ සිට ඔබගේ නිවස කිට්ටුව හන්දියට ලයිට් එකක් දැමීම දක්වා අයිතිය - කල හැකිය - ඇතුලත්ය.

               දැනට වසරකට රු ලක්ෂ 1000 ඒවා 1500 පමණ වන මුදලක් , 225 හෝ 240 වැනි පුද්ගලයන් පිරිසකට පරිපාලනයට ගත හැකි නම්ද ඒ මුදල් සියල්ල රටෙහි ජීවත් වන සියලු ජනතාවගේ මුදල්දනම්ද ඉහත කී 240 කට පමණ සීමා වූ පිරිස ඉතා කල්පනාකාරීව දිවි හිමියෙන් අනික් සියලු ජනයා වෙනුවෙන්

01.ඒ මුදල් රැක ගත යුතුය.
02.ඒ මුදල් මනාව යෙදවිය යුතුය
03.ඒ මුදල් සතයක් හෝ අන් සතු නොකර රැක ගත යුතුය
04.ඒ මුදල් වලින් රට තවත් දියුණුව කරා සියල්ලන් වෙනුවෙන් ගෙනිය යුතුය
05.ඒ මුදලින් ඉතුරුවක් මතු අහේනියකදී ප්‍රයෝජනයට වෙන් කල යුතුය .
06.ඒ මුදලින් අත්තනෝමතික , ප්‍රෝඩාකාරී ක්‍රියා සුළු පිරිසකගේ වින්දනයට නොකළ යුතුය


               පරිපාලන සම්බන්දව කටයුතු කිරීමේදී මහ ජනතාව වෙනුවෙන් අත්‍යවශ්‍ය සේවා සැපයීමත් , ඔවුනගේ එදිනෙදා ජීවිතයේ කටයුතු කරගැනීමට අවශ්‍ය දේ සම්පාදනයට ආයතන පිහිටුවීමත් , ඒ ආයතන නඩත්තුවත් , සේවක මඩුල්ල පරිපාලනයත් ඉහත මුදල් ක්‍රමවත්ව යෙදවීම තුලින් කල යුතුය.

ආරක්ෂක    සේවා , අංශ
සව්ක්‍ය සේවා , අංශ
අධ්‍යාපන සේවා, අංශ
ප්‍රවාහන සේවා , අංශ
ප්‍රජා සේවා , අංශ
යටිතල පහසුකම්
හඳුනා ගත් නව සේවා

          ආදිය කල යුතුය .ආරක්ෂාව සම්බන්දව මුල් තැන උක්ත කී ආයතන තුන සාමුහිකත්වයෙන් කල යුතුමය.මන්ද රට වෙනත් ආක්‍රමණයට අසු වුවහොත් ඉහත සදහන් කිසිදු කරුණක් තව දුරටත් වලංගු නොවනු ඇත .එනිසා බොහෝ සෙයින් ඊට මුල් තැන දිය යුතුමය.එය දෙවැනි වන්නේ රටෙහි ආහාර පිලිබඳ ගැටළුවක් ඇති වූ අවස්ථාවක පමණි, හාමත් වූ ජනතාවකට ආරක්ෂාවකින් පලක් නැත. තම ආරක්ෂාව සපයා ගත නොහැකි අවස්ථාවක දීර්ග කාලයක් තිස්සේ විශ්වාසය ගොඩ නැගී ඇති වෙනත් සහෝදර රටක පිහිට පැතීම කල යුතුය.( එය වෙනම විෂයකි ) රටෙහි ස්වාධිපත්‍ය ආරක්ෂා කිරීම පිණිස ආරක්ෂක අමාත්‍යංශය මගින් අති විශාල කරුණු ගොන්නක් ඉටු වේ .එයට ඇති තරම් මුදල් , සම්පත් යොමු කල යුතුය .සොල්දාදුවන් බඳවා ගැනීම , අවි අයුධ යුධ නැව් , ගුවන් යානා , ලබා ගැනීමේ සිට අති විශේෂිත හැකියාවන් දක්වන පුද්ගලයන් රාජ්‍ය චර පුරුෂ සේවයට බඳවා ගැනීම දක්වා එයට ඇතුලත්ය . ( චර පුරුෂ සේවා හි යම් අවබෝදයක් පමණක් ලැබිය හැකි ලිපියක් පසුව ඉදිරිපත් කරමි, එය වෙනම විෂයකි ) මෙවැනි පසුබිමක් දරණ ආරක්ෂක අමාත්‍යංශය ඒ නිසා අතිශය රහස්‍ය හා විස්වාස වන්තව පිහිටුවීම අත්‍යවශ්‍ය වේ.නැතිනම් ඇතැම් විට මෙම ධූරය දරන්නා හට අවි බලයෙන් රටෙහි සියලු තැන් එක් රැයකින් අඩපණ කර සමස්ත පාලනය අතට ගැනීමට හැකිය. (මනාව වැඩුණු චර පුරුෂ සේවා හැකියාව ඇති මොලකාරයෙකුට වුවද එවැන්නක් සැලසුම් කල හැකිය .)එනිසා මෙම ධූරයද විවස්ථාපිත නොවූවද බිහිසුණු බලයක් ඇති තැනකි .


                   ඉන්පසු සව්ක්‍ය අධ්‍යාපන ප්‍රවාහන හා වෙනත් සියලු සේවා රටෙහි ජීවන ගුණාත්මක භාවය ඉහල නැංවීම පිණිස භාවිත කල යුතුය.එහිදී නව ආයතන පිහිටුවීම , පවතින ආයතන පරිපාලනය හා සේවක පිරිස් බඳවා ගැනීමේදීද මනාව සුදුස්සන් පමණක් පිහිටුවා , සුදුස්සක් පමණක් කල යුතුමය . නැතිනම් කාර්තු කීපයකදී දශක ගණනාවක වැඩ පිළිවෙල හැඳි ගෑවී සෝදා පාලු වීම වැළක්විය නොහැක.ඉහත 240 වැනි පිරිසට බලය පවරා ඇත්තේ මෙවැනි ක්‍රියා අති සමූහයක් පාලනයටය.එසේ නොමැතිව අන් කිසිවකට නොවේ.


              ඉහත දක්වා ඇත්තේ ඉතා කෙටියෙන් පාර්ලිමේන්තුවක බලයෙන් රටක පාලන ක්‍රමවේදයයි .මෙයද අස්ථාවර මට්ටමකට පැමිණීමක් ඇති වූ විට මෙතෙක් යුක්ති ප්‍රකාරව පැමිණි ක්‍රමවේදය හා සංසන්දනය කර තීරණයක් දීමත් , නව ප්‍රශ්නයක් පැමිණි විට නීතියට අනුකූලව ඒ මත පමණක් පිහිටා කරුණු විශ්ලේෂණය කර තීන්දුවක් දීමට ගරු අධිකරණයට බලය පවරා ඇත.එහි උත්තරීතර පුද්ගලයා ගරු අග්‍රවිනිශ්චය කාර තුමා වේ.



              අධිකරණයට යටත් කල නොහැක්කේ අති ගරු ජනාධිපති ධූරය පමණි . ඒ ඇර අන් සියල්ල එම ධූරයට හිස නැමිය යුතුය.එය ඉදිරියේ අන් කිසිවක් නැත. පාර්ලිමේන්තු සාමාජිකයන් මගින් ගන්නා තීරණ තීන්දු , විධායකය මගිනුත් , මේ සියල්ල යලි අධිකරණය ඉදිරියේත් විශුද්දී කරණය වන නිසා ඉතා නිරවුල්ව , පිරිසිදුව , විනිවිද පෙනෙන ආකාරයට සංවිදානය වී ඇත.කිසිවෙකුට අත්තනෝමතික ලෙස හැසිරීමට මේ මගින් ඉඩ හැකි පමණ අහුරා ඇත. ඉහත මා සදහන් කල පරිදි අති විශාල මුදල් ප්‍රමාණයකුත් , අති විශාල බලයකුත් මේ 240 පමණ වන පුද්ගලයන් පිරිසක් අත වේ .


                           නමුත් මොවුන් සියල්ල ඉතා සූක්ෂම ලෙස ක්‍රියාත්මක වූ තැනක ඇති විය හැකි තත්වය ඔබට මේ වන විට වැටහිය යුතුය. සියලු මුදල් , බලය , ජනයා හිතු මතේ පාලනය කිරීමට පුද්ගලයන් කීප දෙනෙකුට හැකිවනු ඇත.එයින් නැවත රට රාජාණ්ඩු ක්‍රමයකට ගෙන යාම ඉතා පහසුවෙන් කල හැකිය.සියල්ල පාලනයට එක් පුද්ගලයෙකු පමණක් අවැසි, ඒකාධිපතිත්වයක් ඉතා පහසුවෙන් මේ සියුම් තැන් වල දුර්වල කම් හඳුනා ගන්නෙක්ට පිළිවන.යුධ ශක්තිය නගා ගත් පසු නැවත එවැන්නෙක් යටපත් කිරීම දෙවියන්ටවත් කල නොහැක. ..

              මෙතෙක් රටක සමස්ත පාලන ක්‍රමවේදය මා කෙටියෙන් අද ලිපියේ අරමුණට අවශ්‍ය වන පරිදි ගෙනහැර දක්වා ඇත . මෙහි මා දෙවියන් යනුවෙන් පවසා ඇත්තේ කවුරුන්දැයි දීර්ඝව පෙර ලිපියෙන් කරුණු දක්වා ඇත. මේ කරුණු ඇසුරෙන් පහත ප්‍රශ්න වලට පිළිතුරු ඔබටම සපයා ගත හැක . පහත ප්‍රශ්න කියවා නැවත ලිපිය කියවූ විට පිළිතුරු ඔබ ඉදිරියේ මැවෙනු ඇත , මා නවතිමි .


03.දැන් සිටින දෙවියාට වඩා හොඳ දෙවියෙකු ගෙන්වා ගැනීමට
මෙහි හොඳ දෙවියෙකු යනු කවරෙක්ද?
i. එනම් එකිනෙකාගේ ඉල්ලීම් මත වෙනස් වන , එකිනෙකාගේ
සුහදත්වය මත වෙනස් වන සැමට එකක් නොවූ දේවත්වයද ?

02.වෙන දෙවියෙකු පත් කර ගැනීමට දැන් සිටින දෙවියා එළවීමට
i.එවැනි දේවත්වයකින් කිනම් පුද්ගලයන් දේවාශිර්වාදය ලබාවීද ?
ii .දේව උදහසට ලක් වන්නන් හට කුමක් සිදු වේද ?

07.දෙවි අතින් ගිළිහෙන දේවත්වයත් රාජ්‍යත්වයත් ලබා ගනුමටද?
i .එවැනි බලයකින් සිදු කිරීමට හැකි , එවැන්නක් නොමැතිව කල
නොහැකි කරුණු මොනවාද ?



නැවත පෙර කරුණ



           මොවුන් සියල්ල ඉතා සූක්ෂම ලෙස ක්‍රියාත්මක වූ තැනක ඇති විය හැකි තත්වය ඔබට මේ වන විට වැටහිය යුතුය. සියලු මුදල් , බලය , ජනයා හිතු මතේ පාලනය කිරීමට පුද්ගලයන් කීප දෙනෙකුට හැකිවනු ඇත.එයින් නැවත රට රාජාණ්ඩු ක්‍රමයකට ගෙන යාම ඉතා පහසුවෙන් කල හැකිය.සියල්ල පාලනයට එක් පුද්ගලයෙකු පමණක් අවැසි , ඒකාධිපතිත්වයක් ඉතා පහසුවෙන් මේ සියුම් තැන් වල දුර්වල කම් හඳුනා ගන්නෙක්ට පිළිවන.යුධ ශක්තියද නගා ගත් පසු නැවත එවැන්නෙක් යටපත් කිරීම දෙවියන්ටවත් කල නොහැක. ..





  ප.ලි.  ආර්ථික , ආරක්ෂක , නීති , සමාජ ප්‍රතිපත්ති ගැන කාලය සීමිතව ඇති පරිදි ඔබට ලිපි ඉදිරිපත් කරමි. දැනට පල වන්නේ ප්‍රති උත්තර දීමට මා සිටිය යුතු කරුණු පමණයි.ඉදිරියේ මා අවැසි නොවන ලිපි මෙම බ්ලොග් අඩවිය තුල ස්වයන්ක්‍රීයව බොහෝ විට ඉරිදා දිනය තුල පලවෙනු ඇත.මෙහි ඇති කරුණු කියවා අන්‍යන්ද හැකි පමණ දැනුවත් කරන්න. ඔබගේ දුවා දරුවන් මතු දිනෙක යහපාලනය අගයන රටක ජීවිතය ගෙනියනු වස් , දැන්ම දෙමව්පියන්ට යුක්ති සහගත සේ හැසිරෙන්න.නියමුවන් යානය හැර ගියද , ගමනාත්යට ඔබ යා යුතුය. .
...

49 comments:

  1. මේක තව දෙපාරක් වත් කියවන්න වෙනවා දෙයක් කියන්න තරම් තේරුම් ගන්න... ඒත් තෑන්ක්ස් සහන්... මේක හරි පැහැදිලියි...

    ReplyDelete
    Replies

    1. ඔව් හිරු මේක එක පාරින් තේරුම් නොයන්න පුළුවන් ,
      ඒත් මන් ගොඩක් සරලව මේ දේවල් කිව්වේ, මේ ලිපියට
      ඕනේ ටික විතරක්ම බේරලා .නැත්නම් ඔක්කොම පටල ගත්තොත්
      මොකුත් කරන්න බැහැ .ඒ නිසා මන් දාන්නේ ලිපියේ අරමුණට ,
      ඒකට ගැලපෙන පිරිස එක්ක කතා කරන ටික විතරයි. ( ඔයත් ඇතුලත්
      හොදද ඒ ගොඩට )නැත්නම් එකක් තියෙද්දී වෙන එකක් කතා කරන්න
      වෙනවා.ඒ නිසයි මෙහෙම දාන්නේ..හරි පිරිස විතරක්ම grab කරන්න ..
      බලන්න තව පාරක් ඔතොකොට හරිම සරලව මේ දේ පැහැදිලි වේවි ඔයාට...
      ඒ වගේම කලින් පෝස්ට් එකෙත් ගොඩ දුරක් කරුණු එලියට ආවේ ඔයාගේ
      ප්‍රශ්න කිරීම් නිසා..ඒ ගැනත් ස්තූතියි...

      Delete
    2. අහන්න ප්‍රශ්නයක් නෑ සහන්.. මේ කියන කතාව තේරෙනවා.. නමුත් මේ තත්වයෙදි ජනතාව විදියට කළ මොකද්ද කළ යුත්තේ කියන එකයි හිතාගන්න බැරි... මේ කියන පොතේ කතාව 100% ඇප්ලයි නොවුනත් මේ තත්වයට පත් වෙලා තියෙන බව මේ වෙනකොටත් පේනවා...මට පේන විදියට රතිඤඤා පත්තු කරපු බොහොම පොඩි කොටස නැතුව වැඩි දෙනෙක් ඉන්නේ මේ සිද්ධියේ ඇත්ත තත්වය තේරුම් අරගෙන.. ඒත් ප්‍රශ්න පෙන්වා දෙනවා මිසක් කළ යුත්තක් කියන්න කෙනෙක්වත්, ඒකට පෙරමුණ ගන්න සුදුසු පුද්ගලයෙක් නැති එකත් තමයි මේ රටේ දැනට තියෙන ලොකුම ප්‍රශ්නේ මට ‌තේරෙන හැටියට...

      Delete
    3. ////මේ කියන පොතේ කතාව///

      therune naha hiru...

      Delete
    4. ඔයා මේ කියන්නේ විය යුතු දේ සහ එහෙම නොවුනොත්/ වුනොත් විය හැකි දේ ගැන නේ සහන්.. ඒක තියරි නේ.. ( පොතේ තියෙන දේ) පොත හැම තිස්සෙම 100% ඇප්ලයි වෙන්නේ නෑ නේ ප්‍රායෝගිකව ගොඩක් තැන් වල දි ( ගොඩක් සබ්ජෙක්ට් වල) .. ඒකයි කිව්වේ.. හි හි

      Delete
    5. මට පේන්නේ ඔයත් යාන්ත්‍රික මොලේකින් හිතන්න පටන්
      අරන්ද ? මේ දේවල් කොහේවත් පොත් වලින් අරන් කොපි
      පේස්ට් කරපුව නෙවේ හිරු.මේ දේ තමයි ඇත්ත.මන් එදා
      ඉඳන් කියන ඇත්ත.සමහරු එදත් මට කිව්වා ඕව වෙන්නේ නැහැ ,
      කියල ඔහොම පුළුවන් කමක් තිබ්බට.
      "අපිට අත් දෙකක් තිබ්බට අපි
      අපේම බෙල්ල මිරිකගන්නවද _____ කියල" මගෙන් ඇහුව එදත් .

      මට එදා එහෙම කියපු අය දැන් නැහැ, ඒත් මන් ඉන්නවා.
      ඒත් ප්‍රශ්නේ මන් හැමදාම ඉන්නේ නැහැ .
      ( මෙතන ගොඩක් හිතන්න දේවල් තියෙනවා, කවදාක හෝ මේ කමෙන්ටුව
      දකින කෙනෙක් ඒක තේරුම් ගනී )

      Delete
    6. ඔන්න ඉතිං මට උඹත් එක්ක මල පනිනවා දැං.. මං කිව්වේ මේ වගේ තියරියක් 100% ඇප්ලයි කරන්න බෑ කියලා ප්‍රැක්ටිකලි.. මේවා ඉලෙක්ට්‍රොනික් නෙවෙයිනේ... මේ වයර් එක ඇරන් ගිහින් අර ප්ලග් එකට ගැහුවාම වැඩේ හරි කියන්න වගේ සරල දෙයක් නෙවෙයි නේ...

      දැං ඔයා කලින් පෝස්ට් එකේදි සර්ව බළධාරී දෙයියෝ කියලා සමාන කරපු පදවිය ප්‍රැක්ටිකලි ඇත්තටම ඒ තියරිය ඇප්ලයි වෙන්නේ නැති තැනක් නේද.. මොකද මේ ලෝකේ කිසිම කෙනෙක්ට ඒ ව‌ෙග් සමාජ සම්බන්ධතා, පවුල් සම්බන්ධතා නැතුව ඉන්න බෑ..ඒත් පොතේ හැටියට එහෙම ඉන්න ඕනේ... අපිට පුළුවන් ඒවා අවම කරන්න විතරයි.. දැං මෙතන මැඩම්ට එල්ල කරන ‌චෝදනා මොන හේතුවක් නිසා ඉදිරිපත් කළත්, ඒවා ඇත්තනේ... නැතුව හදපු දේවල් නෙවෙයි නේ... ( මෙතනදි මේ චෝදනා එල්ල කරන්න හේතුව කලින් පෝස්ට් එකේදි අපි කතා කළා‌ෙන.. ඒ ගැන ප්‍රශ්නයක් නෙවෙයි මේ...)

      ඔයා වෙද මහත්තයට දීපු උත්තරේ කියලා තියෙනවනේ “ බලය දරන්නා දෙවියෙක් මෙන් යුක්ති සහගත විය යුතුයි ” කියලා... ඒක තමයි තියරිය... නමුත් ඒ තත්වය ලෝකේ කොතනකවත් නෑ.. ඒකයි ප්‍රා‌යෝගික සත්‍යය..

      මම මේ ඔයා කියන එකට එකඟ නොවෙනවා කියන එක නෙවෙයි... නමුත් හැම කෙනාම මෙහෙම වෙලා තියෙනවා, මෙහෙම වෙනවා , මෙහෙම වෙන්න ඉඩ තියෙනවා කියන එක මිසක් කිසි තැනක මෙහෙම කළ යුතුයි කියන්‌ෙන් නෑ.. මෙහෙම කළ යුතුයි කියන්නෙක් උනත් නායකත්වයක දැනට ඉන්නවා හෝ නායකත්වයට පත් වෙන්න සුදුසු තැනක නෑ... ඒක නේද ඇත්ත කතාව...

      හැම කෙනාටම තේරෙනවා මේක විසඳිය යුතුයි කියලා.. ඒත් කිසි කෙනෙක් පිළිගන්න පුළුවන් විසඳුමක් නම් ඉදිරිපත් කරන්‌ෙන් නෑ..

      Delete
    7. ////ඔයා වෙද මහත්තයට දීපු උත්තරේ කියලා තියෙනවනේ “ බලය දරන්නා දෙවියෙක් මෙන් යුක්ති සහගත විය යුතුයි ” කියලා... ඒක තමයි තියරිය... නමුත් ඒ තත්වය ලෝකේ කොතනකවත් නෑ.. ඒකයි ප්‍රා‌යෝගික සත්‍යය.. ////


      මේ ටිකට උත්තරයක් දීල ඉන්නම්කො ඉස්සෙල්ලම හොදද ?

      මෙහෙමයි ඔන්න එක තියරියක් තියෙනවා
      01. බෙල්ල ඇතුලෙන් ස්වාස නාලය යනවා..
      02.අත් දෙකෙන් ඕනෑම දෙයක් කරන්න පුළුවන්

      අමතර කරුණු
      i.ස්වාස නාලය හිර කලොත් මරණය වෙන්න පුළුවන්
      ii.අත උනත් ඒකට භාවිතා කරන්න පුළුවන්

      *****************************************************
      දැන් සියල්ල දන්නා කෙනෙක්ට බෙල්ල පරිස්සන් කරන්
      අත් දෙකෙන් ඕන වැඩක් කරන්නත් පුළුවන් ,
      සියල්ල දන්නා කෙනෙක්ට අත් දෙකෙන්ම බෙල්ල මිරිකන්නත්
      පුළුවන් ..

      නේද ?
      නුවණැත්තා කුමක් කරාවිද ?
      අඥානයා කුමක් කරාවිද ?
      පාපිෂ්ඨයා කුමක් කරාවිද ?

      Delete
  2. රටක විධායකය කියන්නේ සරලව ගත්තොත් රටේ සියලුම පරිපාලන, මූල්‍යමය, සමාජීය, ආධ්‍යාත්මික නායකත්වය, සහ ඒ රටේ ඒ ඒ කාලවල තිබිය යුතු පරිපාලන රටාව තීරණය කරන්නා.

    ඒ වගේම ව්‍යවස්ථාදායකය කියන්නේ ඒ පරිපාලන, මූල්‍ය, හා සමාජීය ව්‍යුහය මහජනතාව වෙනුවෙන් පරිපාලනය කරන්නා. කෙටියෙන් කිව්වොත් ඒ ඒ සේවාවන් කෙසේ විය යුතු ද කියන එක තීරණය කරන්නා. එහෙමත් නැත්නම් නීති රීති හදන්නා.

    අධිකරනය කියන්නේ ඒ නීති වලට ජීවය හෙවත් බලය ලබා දෙන්නා.

    ඒ හැමටම බලය ලබා දෙන්නේ ව්‍යවස්ථාව මගින්. විධායකය, ව්‍ය්වස්ථාදායකය, අධිකරනය කෙසේ හැසිරිය යුතු ද, කියන කාරණා සම්මත සියල්ල තිබෙන්නේ මේ ව්‍යවස්ථාව තුල. සමහර රටක් මේක ලිඛිතව තබාගෙන නැහැ. අවබෝධය මත සහ පූර්වාදර්ශ මත රට පාලනය කරනවා. උදාහරණ මහා බ්‍රිතාන්‍ය. අපි එහෙම නැහැ. කෝල්බෘක් සිට 77 දක්වා අපි ව්‍යවස්ථා කීපයක්ම හදලා තියනවා. ඒකෙනුත් 72 ව්‍යවස්ථාව මොන තරම් දුර්වල වුනත් ඒක සම්මත කළ ආකාරයත්, ඒක නිර්මාණය කළ ආකාරයත් විශිෂ්ඨයි. 78 ව්‍යවස්ථාවේත් දුර්වලකම් තියනවා. කොහොම වුවත් ව්‍යවස්ථාව තමයි, මේ විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරනය කියන සංස්ථා තුනටම බලය දෙන්නේ. එහෙම නම් ව්‍යවස්තාවයි වඩා බලවත් විය යුත්තේ. මේ හැමෝම ව්‍යවස්ථාව රැකිය යුතුයි.

    මම නම් කැමති නැහැ ජනතාවගේ මුක්තිය කාටවත් පවරනවට. එය ජනතාව සතු විය යුතුයි. නමුත් 78 ව්‍යවස්ථාව නිසා ඒ මුක්තිය ඡන්දෙන් පස්සේ විධායකයට හිමි වෙනවා. (මගේ මතයේ හැටියට.) එතකොට ජනතාව මොක්කු ද??

    තව දෙයක් රට ගැන හිතද්දී මේ සියලු ප්‍රශ්න ඉක්මනින් විසදිය යුතුයි. නැත්නම් අපි මහා අඝාතයකට යනවා ඉක්මනින්. ඒ ගැන නම් මට බොහොම විශ්වාසයි.

    ReplyDelete
    Replies
    1. ///78 ව්‍යවස්ථාවේත් දුර්වලකම් තියනවා.///
      ඔව් නමුත් වේද මහත්මයා මෙතන වැඩේ තියෙන්නේ අපි අන්ඩුකාරයාගෙන්
      නිදහස් වීමන් පස්සේ ඉඳන් ටිකෙන් ටික ආව , එකතු උන දේවල් නේ මේ .අන්න
      එතැනදී අපිට බැහැ වර්තමානයේ ඉන්දන් පිටිපස්ස බලන්න .එහෙම බැලුවොත්
      හයියෝ මේ මොනවද කියන දේ හිතෙනවා..ඒක හරියට අපි දැන් 98( Ms ) ගැන
      හිතුවොත් " මහ පල් , ගන්නම දෙයක් නැති " දෙයක් විදිහට නේද හිතෙන්නේ ?

      නමුත් dos වල ඉඳන් 98 වලට ආවොත් කොහොමද හිතෙන්නේ ?
      නියමයි නේද ?

      අන්න එහෙම දෙයක් , ඔබ කියන අදහසට විරුත්දත්වයක් නෙවේ කලේ ,
      තහවුරු කිරීමක් ...

      ඉතින් තව තව අලුත් ගුණාංග මේකට එකතු වෙන්න ඕනේ ( ඕනෙම කියල
      දෙයක් නැහැ , ඕනේ නම් ඕනේ එච්චරයි ) හැබැයි මතක තියාගන්න ඕනෙම
      දේ තමයි අනිවාර්යෙන් මන් පොස්ට් එකේ උක්ත කරපු කරුණු ටික රැකෙන්න
      ඕනේ..මොකද ඒ ටික රක්කවන්නමයි මෙහෙම දෙයක් අපි හදාගෙන යන්නේ
      හැම බග් එහෙකටම පිළියම් යොද යොදා.නමුත් කෙනෙක් බග් ටික අඳුනන්
      එතනින් ගේම ගහනවා නම් අන්න ප්‍රශ්නයක්.

      ඒ ප්‍රශ්නෙන් මිදෙන්න පුළුවන් එකම ක්‍රමයයි තියෙන්නේ .
      ඒ තමයි බලය දෙන්න කලින් අඳුන ගන්න ඕනේ වැඩේ
      මකබාස් වේවිද කියන දේ.මන් හිතන්නේ j r එතෙක් තිබ්බ
      දේවල් එක්ක මේ දේ අටවනොගන්න අපි තාම මීට එහා තැනක ..
      අනිත් දේ තමයි ඒ මනුස්සයට බනින හැමෝම හිතට ගන්න ඕනේ
      ( මාත් ඇතුළුව ) එයා මොන සෙල්ලන් දාල හරි බලය ගත්තත්
      රට ලියාගත්තේ නැහැ සුදු හුණු ගාගෙන ..

      ජනපති ධූරය අවස්ථා දෙකකට වඩා නොදී ඉන්න නොතිබ්බා ඕන
      තරම් .නමුත් ඒ මනුස්සයා එහෙම නොකළ එක ගැන හරි අපි කෘතන්ඥ
      වෙන්න ඕනේ .( මා j r අදහන්නෙක් නොවේ, habai mata awulakuth nah maha loku,
      api edaa hitapu thana gana hithaddi )


      ////මේ හැමෝම ව්‍යවස්ථාව රැකිය යුතුයි. ///

      ඉහත උනත් මේකට පිළිතුරු තියේ.නමුත් මෙකමනේ අද වෙනකොට ප්‍රශ්නේ.
      ඒ නිසා කියන්න තියෙන්නේ ආයෙම මේකේ තියෙන බග් වලින් කූට වැඩ
      නොකර , ඒ හිඩැස් පුළුවන් තරම් වහල , ශක්තිමත් , සමබර , එක එක තනි
      පුදගලයන්ට බලය නොපවෙරෙන ව්‍යවස්ථාවකට යන්න ඕනේ.
      තව දෙයක් දැනට ( මේ මැතක වෙනස් කරපු එක නෙවේ ) තියෙන ව්‍යවස්ථාවේ
      මට නම් හරියට අවංක කෙනෙකුට හරියට රට හරි පාරේ ගෙනියන්න ඕනේ
      තරම් බලය , හැකියාව තිබ්බා ..නමුත් දැන් ඒක විනාසම කරලා..
      ඒකයි මාත් මේ දේවල් කරන්නේ..

      ////ව්‍යවස්ථාව නිසා ඒ මුක්තිය ඡන්දෙන් පස්සේ විධායකයට හිමි වෙනවා. (මගේ මතයේ හැටියට.) එතකොට ජනතාව මොක්කු ද?? ////


      අන්න හරි ගොඩ දෙනෙක්ට නොතේරිලා තිබ්බෙත් මේකමයි .ඔය දේ සරලවම
      වෙනවා වේද මහත්තයෝ මහා දුර යන්න ඕනේ නැහැ.මුදල් අමාත්යංශය , ආරක්ෂක
      අමාත්යංශය වගේ දේවල් විධායකය යටතට ගත්ත කියන්නෙම ආයේ කතා කරන්න
      දෙයක් නැහැ .මොන දෙයක් වත් ඕනේ නැහැ.සුදු හුණු ගෑවත් එකයි , නැතත් එකයි.
      සාමූහික එකගත්වය නැහැ එතනින් එහාට..

      නමුත් එහෙම බලයක් දීල තියෙන්නේ සෙල්ලන් කරන්න නෙවේ , අති දරුණු බලයක්.
      බලය දරන්නා දෙවියෙක් මෙන් යුක්තිසහගත විය යුතුමයි..අන්න ඒකයි සම්පූර්ණ
      ඇත්ත මෙතැනදී ..මන් හිතන්නේ මේ පෝස්ට් එකේ අරමුණ දැන් සම්පූර්ණයි මේ
      කමෙන්ට් එක එක්කම ..


      ///තව දෙයක් රට ගැන හිතද්දී මේ සියලු ප්‍රශ්න ඉක්මනින් විසදිය යුතුයි. නැත්නම් අපි මහා අඝාතයකට යනවා ඉක්මනින්. ඒ ගැන නම් මට බොහොම විශ්වාසයි. ///

      මන් හිතන්නේ මේ පෝස්ට් එකේ අරමුණ දැන් සම්පූර්ණයි මේ
      කමෙන්ට් එක එක්කම ...!

      Delete
  3. විශිෂ්ටයි. දැන් ටිකක් බිසී පස්සෙ මොනව හරි කියන්නම්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි Dr. ගයාන් .පුළුවන් වෙලාවක නැවත එන්න එහෙනම් ..
      හැකිනම් ඔබගේ ඊ මේල් ලිපිනයක් ලබා දෙන්න...

      Delete
  4. හිටු. ඉස්සරවෙලා මේක හොඳට කියවන්න ඕනේ. අගේ ඇති වැඩක් කරලා තියෙන්නේ...

    ReplyDelete
    Replies
    1. අගේ ඇති නෙවේ ළඟදීම අපි ටිකට හොඳ හෝටලේකින්
      ලැබෙයිද දන්නේ නැහැ ....:)

      Delete
  5. Replies

    1. ගොඩක් ස්තූතියි නලීන් ..

      Delete
  6. අමාරුවෙන් කියෝල ‍තේරුම් ගත්තා..(ඒත් තේරුම් ගත්ත විදිය වරදින්නත් පුළුවන්..)
    01.උඹ පොලිටිකල් සයන්ස් කළාද?
    සෛද්ධාන්තිකව ඇත්ත... ප්‍රායෝගිකව අමූලික පච... එකක්වත් වෙන්නෙ නෑ...
    02.සව්ක්‍ය නෙමෙයි සෞඛ්‍යය :)

    සුපිරි අදහස් ට්කක්.. ඒත් මට තියෙන අවුල ඔයා මේව තනියෙන් ඉගෙනගත්ත වෙන්න බෑ කියන එක... ඒ නිසා ඉගෙනගත්ත කෙනාගෙ හරි ඔයාගෙම හරි දේශපාලනික මතය මේකෙ ගෑවිලා තියෙන්න පුළුවන්..

    ReplyDelete
    Replies
    1. ////(ඒත් තේරුම් ගත්ත විදිය වරදින්නත් පුළුවන්..)///
      100% correct

      ///01.උඹ පොලිටිකල් සයන්ස් කළාද?///
      නැත , මා වෘතියෙන් විදුලි සංදේශ එංජිනේරු ක්ෂේත්‍රයේ
      නියැළුන කෙනෙක්.ජනාධිපති ධූරය ගැන මගේ පොස්ටුවේ
      කමෙන්ට් තීරුව කියෙව්වොත් මේ දේවල් මට සම්බන්ද
      කොහොමද කියන දේ තේරුම් යයි.අනික් දේ A / L පොලිටිකල්
      ටික ඔලුවේ දාගෙන නම් මේ එකම දෙයක් වත් තේරුම් ගන්න
      බැහැ .

      ///ප්‍රායෝගිකව අමූලික පච... එකක්වත් වෙන්නෙ නෑ...///
      ඔබගේ සමාජය , දේශපාලනික දැනුම ගැන 100% අවබෝදයක්
      ලැබිය හැකි ප්‍රකාශයක් ...

      ///ඒ නිසා ඉගෙනගත්ත කෙනාගෙ හරි ඔයාගෙම හරි දේශපාලනික මතය මේකෙ ගෑවිලා තියෙන්න පුළුවන්.. ///
      ////(ඒත් තේරුම් ගත්ත විදිය වරදින්නත් පුළුවන්..)///
      100% correct

      Delete
    2. A / L පොලිටිකල්
      ටික ඔලුවේ දාගෙන නම් මේ එකම දෙයක් වත් තේරුම් ගන්න
      බැහැ .



      අහන්න කැමතියි එංගලන්ත රාජාණ්ඩු , ආණ්ඩුකාර ධූරය , විවිධ නීති
      ( තේසවලමෙයි වැනි )රාජතාන්ත්‍රික වැඩපිළිවෙල් ක්‍රියාත්මක වෙන හැටි
      ගැන වත් අවබෝදයකින්ද ඉන්නේ කියල ?
      එහෙම නැතිනම් කතාව නිෂ්පලයි.වේද මහත්තයාගේ කමෙන්ට් එකෙන් ඔබට ඉගෙන
      ගැනීමට නිහතමානී නම් සියල්ල ඇතුලත්.ඔබ මගෙන් අහපු එකම ප්‍රශ්නයක් වත්
      අහන්නේ නැහැ ඒ ටික හෝ තේරුම් ගියා නම් ...

      අනිත් දේ සව්ක්ය යන්න මට ගැටළුවක් නොවේ.රෙද්ද කැඩිලා තියෙද්දී
      මන් ඕව හොයන්නේ නැහැ .

      ඇගිල්ල දිගු කර හඳ පෙන්නන විට ඇඟිල්ල දෙස බලන්නෝ
      කව්රුන්ද ?

      Delete
  7. ඔන්න දෙයියව ගෙදර යවලා...

    ReplyDelete
  8. @ sira
    ///මේ සියුම් තැන් වල දුර්වල කම් හඳුනා ගන්නෙක්ට පිළිවන.යුධ ශක්තියද නගා ගත් පසු නැවත එවැන්නෙක් යටපත් කිරීම දෙවියන්ටවත් කල නොහැක. ..///

    quote from post ...

    ReplyDelete
  9. ඇත්තටම හිරු කිවිවා වගේ දෙපාරක් කියවලා තමයි තේරුමි ගත්තෙ...
    එක කොමෙන්ටුවකදි කියලා තිබිබා ජේ ආර් උන්නැහේ ඹක දෙපාරකට වඩා නොගෙනාපු එක හොදයි කියලා ..
    ==ඒකට හේතුව විදියට මම නමි දකින්නෙ උන්නැහැගේ වයස
    අනිත් කාරණය තමයි ඔය 225 දෙනාගෙන් 2/3 එක්ක විධායක බලය කියන්නෙ වෙන්න පුලුවන් ලොකුම දෙයක්...
    ඉතින් හොද පාලකයෙක්ට පුලුවන් ඔය ව්‍යවස්ථාවෙ තියෙන සියලු අඩු පාඩු එක රැයෙන් අයින් කරලා දාන්න..
    ඒත් ඇයි අයින් නොකරන්නෙ!.....
    අනික අගවිනිසුරු වරිය දුෂීතයිනමි කිසිදු සැකයක් නැහැ යන්න ඔන...
    ඒත් දුෂීත බව හෙලිවෙන්නෙ ඇය දෙන තීරණ වලින් නමි ඇයව පත් කරපු පුද්ගලයා ඇයව ඔතනට පත් කලේ සියල්ල නොදැනද.....
    අනික අගවිනිසුරු අද හෙට අභියාචනාධිකරණ විනිසුරුවරු... අනිද්දා....?
    බලය විධිමත්ව බෙදිය යුතුයි පළමුව ජනාධිපති සතු අද්විතීය බලය කවුරුන් හෝ ඉවත් කළ යුතුයි එදිනට ඔහු සැබැවින්ම රජකු වනවා ඇත...
    අවසානයේ අපි හැමදාම මෙතනය උන් හැමදාම එතනය..
    බලය ඇති විට මොළය නැත.. මොළය ඇති විට බලය නැත....(එතකොට නිකං මට මුකුත් මතක නෑ ඔයි වගේ තමා..)

    ReplyDelete
    Replies
    1. ////ඇත්තටම හිරු කිවිවා වගේ දෙපාරක් කියවලා තමයි තේරුමි ගත්තෙ...////
      ### පහත ප්‍රශ්න කියවා නැවත ලිපිය කියවූ විට පිළිතුරු ඔබ ඉදිරියේ මැවෙනු ඇත , මා නවතිමි .####

      quote from post



      ///ඒත් දුෂීත බව හෙලිවෙන්නෙ ඇය දෙන තීරණ වලින් නමි ඇයව පත් කරපු පුද්ගලයා ඇයව ඔතනට පත් කලේ සියල්ල නොදැනද...../////

      ####මේ හැම දේම වෙන්නේ ලොකු තැනගේ උවමනාවට.මුළු රටේම හිටපු පාපතර ගස් බල්ලට
      ( එයාල අන්තිමට කියපු විදිහ , නැතුව මන් කියපු දෙයක් නෙවේ )
      මේ රටේ වටිනාම තනතුරක්වෙන යුධහමුධාපති කම දුන්නේ කව්ද ?
      ගස් බල්ලෙක්ව ( එයාල අන්තිමට කියපු විදිහ , නැතුව මන් කියපු දෙයක් නෙවේ )එහෙම පත් කරේ ඇයි ?
      පස්සේ එයාගේ වැරදි අපිට ( සාමාන්‍ය එදා වේල හොයාගන්න නැති අපි වගේ අය ) කියන්නේ
      මොන දේකටද ?
      ඕව කලින් දැනන් හිටියේ නැහැද ?####

      quote from my comment , last post ..




      ////අනික අගවිනිසුරු අද හෙට අභියාචනාධිකරණ විනිසුරුවරු... අනිද්දා....?////

      ###07.දෙවි අතින් ගිළිහෙන දේවත්වයත් රාජ්‍යත්වයත් ලබා ගනුමටද?
      i .එවැනි බලයකින් සිදු කිරීමට හැකි , එවැන්නක් නොමැතිව කල
      නොහැකි කරුණු මොනවාද ? ####

      මේ පොස්ටුවේ මේ ගැන තමයි හැම කරුණම කිව්වේ .
      මටත් හිතා ගන්න බැහැ මින් ඉදිරිය මිත්‍රයා.හිතා ගන්න
      බැරි නැහැ , විසදුමක් නැහැ සමහර කඩුලු වලින් පැන්නට
      පස්සේ...

      ////අවසානයේ අපි හැමදාම මෙතනය උන් හැමදාම එතනය..///

      හරියට හරි . ඕක මන් පැහැදිලිව විස්තර කරා
      මෙතැනදී ...

      වර්තමාන(2012 Dec)දේශපාලනය හා අඳ ගැහැණිය!

      Delete
    2. ////ඒකට හේතුව විදියට මම නමි දකින්නෙ උන්නැහැගේ වයස
      අනිත් කාරණය තමයි ඔය 225 දෙනාගෙන් 2/3 එක්ක විධායක බලය කියන්නෙ වෙන්න පුලුවන් ලොකුම දෙයක්...////


      මෙතන මොන මනුස්සයද හැන්ද අතේ තියෙද්දී බෙදා
      නොගන්නේ හෙට මැරුණත් ?
      ඒ අතින් එයා එහෙම කරේ නැහැ ...

      Delete
  10. ඔ ඔයා පොලිටිකල් සයංස් කලාද ක්‍රියාවෙං නං අමූලික ඇත්ත ප්‍රයෝගිකව කරන්න ගියොත් අමූලික බොරු :D

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මාත් මේ හිතලුවක් විතරයි කිවේ.. :D

      Delete
  11. ඔව් මේ ක්‍රියා පටි පාටිය සීයට සීයක්ම කරන්න ගියොත් ප්‍රශ්න ගොඩායි. නමුත් ඒ ලංකාව වගේ තුනවන ලෝකයේ රටවල වලට විතරයි.

    ReplyDelete
    Replies
    1. ///නමුත් ඒ ලංකාව වගේ තුනවන ලෝකයේ රටවල වලට විතරයි.////

      මේ ටික පැහැදිලි නැහැ ගයාන් මල්ලි මට..
      මේ දේ 3වෙනි ලෝකේ කියල නැහැ , උනොත්
      ඕනෑම රටක් විනාස වෙනවා ...

      Delete
  12. සහන් මට කියන්න තියන ඒවා ජාති දෙකකට වෙන් කරන්න පුළුවන්... ඒ උඹේ බ්ලොගය සහ ලිපිය කියලා දෙකට කඩන්නම්කෝ.

    බ්ලොගය

    1. උඹේ බ්ලොගය, මීට වඩා පිළිවෙලක් ඇතුව සකස් කල යුතුයි. ඇතුල් වෙච්ච ගමන් පෙනෙන්නේ අපිළිවෙල බවක්.

    2. ලිපි වල වෛවාරණ පාට භාවිතය "වහාම" අත් අරින්න ඕනේ. පිලියේ හුවා දක්වන්න අත්‍යවශ්‍යම පාඨ 2, 3 වෙන පාටකින් දැම්මට ප්‍රශ්නයක් නෑ. ලිපියේ වැඩි කොටස විවිධ පාට වලින් යුක්ත වෙනකොට ඇහැට අපහසුයි.. හුවා දක්වන්න අවශ්‍ය විට බෝල්ඩ්, අයිටැලික්, ක්වෝට්ස් භාවිතා කරන්න. ලිපියේ වැඩි කොටස හුවා දැක්වීම් වෙනකොට, හුවා දැක්වීමේ අර්ථය විනාශ වෙනවා.


    ලිපිය

    1. ලිපියේ මාතෘකාව කියවූ මට, ලිපියේ අන්තර්ගතය තුල එවැනි බිහිසුණු ස්ථානයක් සොයා ගතනොහැකි විය. එනම් බිහිසුණු තැන, සිදුවීම හෝ ක්‍රියාවලිය කුමක්දැයි සොයාගත නොහැකියි. පොදුවේ දේශපාලනය ගැන අවබෝධයක් ඇතත්, මෙවැනි දේශපාලන විද්‍යාත්මක කරුණු ගැන මගේ දැනීම බින්දුව බවත් සලකන්න. //නමුත් මොවුන් සියල්ල ඉතා සූක්ෂම ලෙස ක්‍රියාත්මක වූ තැනක// ... බිහිසුණුය කියන්නේ මෙතැන නම්, අවුලක් නැත... නමුත් සූක්ෂම ලෙස ක්‍රියාත්මක වීම කියන එක එච්චර පැහැදිලි දෙයක් නෙමෙයි නේද?

    2. //පාර්ලිමේන්තු සාමාජිකයන් මගින් ගන්නා තීරණ තීන්දු , විධායකය මගිනුත් , මේ සියල්ල යලි අධිකරණය ඉදිරියේත් විශුද්දී කරණය වන නිසා ඉතා නිරවුල්ව , පිරිසිදුව , විනිවිද පෙනෙන ආකාරයට සංවිදානය වී ඇත//... මේ කියන නිරවුල් බව නැති එක නේද මෙතන ප්‍රශ්නේ... මෙතැනදී අධිකරණය දෙන නියෝග ප්‍රතික්ෂේප කරන්නේ විධායකය නෙමෙයි ව්‍යවස්ථාදායකය...

    3. //නමුත් මොවුන් සියල්ල ඉතා සූක්ෂම ලෙස ක්‍රියාත්මක වූ තැනක// ... නැවතත්.. මම දකින තත්වය, මේ ලිපිය තුල ඇති කාරණා සමග ගැලපේ... විධායකය, වැඩිම මුදල් ගැවසෙන අමාත්‍යාංශ, ආරක්ෂක අමාත්‍යධූරය සහ ආරක්ෂක ලේකම්ධූරය, ව්‍යවස්ථාදායකයේ භාරකාරත්වය (කථානායකධූරය ) එකම පවුලකට සීමා වීම තමයි මම දකින බිහිසුණු තත්වය. දැන් අගවිනිසුරුධූරයට හෙන්චයියෙක් පත්කරගත් කල, බිහිසුනු බවේ උපරිමයට ළඟාවෙයි.

    4. මම මේ අංක 3, කියන කාරණා උඹේ ලිපිය එක්ක ගැලපෙනවා.. නමුත්, ලිපියේ අඩංගු තොරතුරු ඉතා වැඩි නිසා කියවන්නාගේ අවධානය එතැනට යොමුවෙන්නේ නෑ. තොරතුරු පෙළගැස්මක් විදිහට මේ ලිපියේ මුල කොටස ඉතා හොඳයි... නමුත් දී තියෙන මාතෘකාවට අදාල කරුණ සාකච්ඡා කිරීම පැත්තෙන් දුර්වලයි කියල මට හිතෙන්නේ. කියන්න උත්සහ කරන කරුණ, කියවීමෙන් පසු පැහැදිලි නැහැ.



    කීප දෙනෙක්ම කියලා තියනව නේද එක වරක් කියවලා තේරුම් ගන්න බැහැ කියලා... උඹේ වෙන තැන්වල කොමෙන්ට්ස් ආදියෙනුත් මම දැකලා තියන දෙයක් තමයි ඒක... ඒ ගැන තව ප්‍රශ්න නොකර කියන්නේ මොනවද කියන එක තේරුම් ගන්න බැහැ. කවියක වගේ දෙයක නම් මේක වැඩි මහන්සියක් නැතුව විසඳගන්න පුලුවන්. නමුත් මේ වගේ සංකීර්ණ විෂයකදී අමාරුයි. ඒ නිසා උඹ ලියන්න යන්නේ මොනවද, කියවන්නාට පැහැදිලි විය යුත්තේ මොකද්ද, පැහැදිලි කලයුත්තේ කොහොමද කියන ඒවා ගැන හොඳට හිතන්න වෙනවා. බ්ලොග් පෝස්ට්ස් කියන්නේ මිනිස්සු අමාරුවෙන් නැවත නැවත කියවලා තේරුම් ගන්න දෙයක් නෙමෙයි. අවශ්‍ය අදහස, විශේෂයෙන් උඹ කතා කරන විෂය සම්බන්ධයෙන්, කියවන්නාට වැටහෙන විදිහට ලියලා තියෙන්න ඕනේ.

    //ආණ්ඩුකාර ධූරය , එංගලන්ත රාජාණ්ඩු , තේසවලමෙයි නීති ව්‍යුහය ගැන සියලු විස්තර පසු ලිපියකින් විස්තර කරමි, එය තේරුම් නොගෙන මේ කිසිත් තේරුමට නොහැකිය//.... මෙවැනි දේවල් ඔට්ටු නැත... බ්ලොග් කියවන කීදෙනෙකුට මේවා ගැන අවබෝධය තිබේද? අනෙක මෙය උඹේ බ්ලොගයේ තීම් එක සමගත් පටහැනියි නේද?

    ReplyDelete
    Replies
    1. 01. මුලින්ම කමෙන්ට් කිරීම ගැන ස්තූතියි..
      02.බ්ලොගය ගැන අපිළිවෙල ගැන නම් කිසිම ගැටළුවක් හිතන්න
      බැහැ තිසර.උඩින්ම තියෙන සින්ඩි ටිකේ ඉමේජ් ටික නිසයි මේක
      රුයිතෙට තියෙන්නේ , ඒ ඇර වෙනත් දෙයක් නැහැ.ඒ ටික යටින් දාන්න
      පුළුවන් , ඒ උනාට සප් එක දෙන අය හලන්න බැහැ නේද ?

      03.වර්ණ භාවිතය ගැන , මේකයි තිසර මේ ගැන අග මුල දන්න ඕනේ කෙනෙක්
      ඇස් දෙක පියාගෙන'' ඔය මන් quote කරපු ටික කියෙව්වොත් පෝස්ට් එක නොකියවා ,
      ඒත් සමස්තයම තේරෙනවා.''මන් ගොඩක් වෙලාවට කතා කරන්නේ තිසර අදාළ පුදගලයෝ
      එක්ක විතරයි.ඒ කෙනා විතරක් ආවම අනවශ්‍ය මැදිහත් වීම් නැහැ .නැත්නම් මට
      වෙන වෙන දේවල් පැහැදිලි කර කර ඉන්න වෙනවා..ඔයා දකින්නැති මන් සමහර
      පොස්ට් වල කෙලින්ම දාල තියෙනවා " මේ කරුණු සියල්ල දන්නා වුන්ගේ සාබාගීත්වය
      පමණක් සෑහේ " කියල..

      මොකද තිසර මට බැහැ සමහර දේවල් කතා කරද්දී ( ඒ කියන්නේ අධිකරණය ගැන වගේ දේවල් ).නිකන් හන්දි ගානේ කතා කරන විදිහට කතා කරන්න , මොකද අධිකරණය කිසිම කිසිම කිසිම විදිහකින් විවේචනය කරන්න බැහැ. ඒ නිසා අධිකරණයක මූලික ලක්ෂණ වත් නොදන්නා අය එක්ක කතා කරන්න බැහැ මට .මේක සෙල්ලමක් නෙවේ තිසර .නිකන් මට වැඩ නැතිවට බ්ලොග් එකක් කරනවා නෙවේ.ඒ නිසා ඇතැම් මාතෘකා වලදී ඒ පිරිස පමණක් හිටියම ඇති. ඒ අය හරියට ග්‍රහණය කර ගනී.


      ///1. ලිපියේ මාතෘකාව කියවූ මට, ලිපියේ අන්තර්ගතය තුල එවැනි බිහිසුණු ස්ථානයක්
      සොයා ගතනොහැකි විය.///
      මචන් කරුණාකරලා වරදවා නම් හිතන්න එපා, මේ දේ තේරුම් නොගිය
      නම් තව මොනවා කරත් තේරුම් යන්නේ නැහැ .
      //මෙවැනි දේශපාලන විද්‍යාත්මක කරුණු ගැන මගේ දැනීම බින්දුව බවත් සලකන්න. ////
      මේක තේරුම් ගන්න බැරි ඇයි මචන් මේ තරම් දේවල් වෙද්දීත් ..
      අර වේද මහත්තයගේ කමෙන්ට් එක හරි කියෙව්වා( තේරුම් ගත්ත ) නම්
      උබ මෙහෙම කියන්නේ නැහැ .

      ///බිහිසුණුය කියන්නේ මෙතැන නම්, අවුලක් නැත... නමුත් සූක්ෂම ලෙස ක්‍රියාත්මක
      වීම කියන එක එච්චර පැහැදිලි දෙයක් නෙමෙයි නේද?
      ///
      ///මේ කියන නිරවුල් බව නැති එක නේද මෙතන ප්‍රශ්නේ... ////
      ///නැවතත්.. මම දකින තත්වය, මේ ලිපිය තුල ඇති කාරණා සමග ගැලපේ... ///
      ///එකම පවුලකට සීමා වීම තමයි මම දකින බිහිසුණු තත්වය. දැන් අගවිනිසුරුධූරයට
      හෙන්චයියෙක් පත්කරගත් කල, බිහිසුනු බවේ උපරිමයට ළඟාවෙයි.////
      ////4. මම මේ අංක 3, කියන කාරණා උඹේ ලිපිය එක්ක ගැලපෙනවා.. නමුත්, ලිපියේ
      අඩංගු තොරතුරු ඉතා වැඩි නිසා කියවන්නාගේ අවධානය එතැනට යොමුවෙන්නේ නෑ.
      තොරතුරු පෙළගැස්මක් විදිහට මේ ලිපියේ මුල කොටස ඉතා හොඳයි... /////
      ///නමුත් දී තියෙන මාතෘකාවට අදාල කරුණ සාකච්ඡා කිරීම පැත්තෙන් දුර්වලයි කියල
      මට හිතෙන්නේ. කියන්න උත්සහ කරන කරුණ, කියවීමෙන් පසු පැහැදිලි නැහැ.//////

      මචන් පැහැදිලිවම උබ මේ කරන්නේ පොස්ට් එකේ වැරදි හෙවීම වචන පෙරලි කිරීමෙන් ..
      විටෙක පැහැදිලි යැයි ඔබම කියා ගන්නා , එහෙත් එයම පැහැදිලි නැතැයි කීමෙන් ඔබගෙ
      අරමුණ පැහැදිලි මචන්..

      /////කීප දෙනෙක්ම කියලා තියනව නේද එක වරක් කියවලා තේරුම් ගන්න බැහැ කියලා... උඹේ වෙන තැන්වල කොමෙන්ට්ස් ආදියෙනුත් මම දැකලා තියන දෙයක් තමයි ඒක... ඒ ගැන තව ප්‍රශ්න නොකර කියන්නේ මොනවද කියන එක තේරුම් ගන්න බැහැ. /////

      මචන් මන් උඩිනුත් කිව්වා හේතුව.ඒ වගේම මචන් උබ දැක්කද මන් grab කරන පිරිස එක වචනෙන්
      මන් කියන දේ අල්ල ගන්නවා . මාතලන් , වේද මහත්තයා , රතු , Dr .ගයාන් සරත් අයියා ... etc
      අයගේ කමෙන්ට් බලන්න .ඉතින් මන් මේ කරන දේ "අදාළ පිරිසට පමණමයි ලියන්නේ තිසර.."
      මන් හිට් වලට නෙවේ ලියන්නේ මචන් .
      අනිත් දේත් ඉස්සරහට ඕනේ වෙන දෙයක් මෙතනම කියන්නම් .බලන්න සයුරිගේ ,
      ගයාන් මල්ලිගේ ,පැතුම්ගේ කමෙන්ට් පොඩ්ඩක් පහු ගිය මේකේ 1 වෙනි කොටසේ..
      ඒ අය ඉතාම නිහතමානීව තමන් මේ
      ගැන කතා කරන්න දන්නේ නැහැ කියන දේ කිව්වා, ඉවත් උනා , ඒ වගේම
      කවදාවත් නොදන්නා දේවලුත් ඉගෙන
      ගත්තා කියල කිව්වා..ඒක නිහතමානී කම ඒ අයගේ.


      /// නමුත් මේ වගේ සංකීර්ණ විෂයකදී අමාරුයි. ඒ නිසා උඹ ලියන්න යන්නේ මොනවද, කියවන්නාට පැහැදිලි විය යුත්තේ මොකද්ද, පැහැදිලි කලයුත්තේ කොහොමද කියන ඒවා ගැන හොඳට හිතන්න වෙනවා. බ්ලොග් පෝස්ට්ස් කියන්නේ මිනිස්සු අමාරුවෙන් නැවත නැවත කියවලා තේරුම් ගන්න දෙයක් නෙමෙයි. අවශ්‍ය අදහස, විශේෂයෙන් උඹ කතා කරන විෂය සම්බන්ධයෙන්, කියවන්නාට වැටහෙන විදිහට ලියලා තියෙන්න ඕනේ./////

      නැවතත් කියන්න තියෙන්නේ පෙර කරුණුමයි , අවශ්‍ය පිරිස සමග පමණක් කතා කිරීමත් ,
      නිහතමානීව දෙයක් විමසන අයට දෙවන වටයක් දීමත් , දෙවන වටයෙන් පසු සියල්ලන් හා
      පළමු වටයේදී කතා කිරීමත් තමයි මගේ ක්‍රමය තිසර.නැතුව ඔක්කොම එක්ක දගලන්නේ නැහැ ..

      ///මෙවැනි දේවල් ඔට්ටු නැත...////

      බලන්න මා මේ පිළිතුර දීමට හේතු වූ කරුණ.එසේම ඒ සඳහා මාගේ නිර්දේෂත්
      බලන්න .තිසර අපි මේ ඉන්නේ යුධ පිටියක .නැතුව යුධ හමුධා පුහුණු පාසලේ නෙවේ...

      Delete
    2. ///බ්ලොග් කියවන කීදෙනෙකුට මේවා ගැන අවබෝධය තිබේද?//////

      තිසර හිරු තමයි මගෙන් වැඩිම ප්‍රශ්න ගානක් අහල තියෙන්නේ.බලන්න එයාට මන්
      ඉතාම සරලව උත්තර දීල , සමහර දේවල් වලට එයාගෙන්ම උත්තර ගන්න නැවත
      මන් ප්‍රශ්න කරනවා, පස්සේ එයාටම පැහැදිලි වෙනවා හැම දේම .
      අනිත් මගෙන් ප්‍රශ්න කරපු හැම කෙනෙක්ටම මන් නොපැහැදිලි තැන් පැහැදිලි
      කරලා තියෙනවා.( හැබැයි නිහතමානීව විමසන අයට විතරක්)


      ///අනෙක මෙය උඹේ බ්ලොගයේ තීම් එක සමගත් පටහැනියි නේද?///
      නැහැ තිසර , මේ බ්ලොග් එක ලියන කෙනාගේ විස්තර බැලුවොත් ඒකත්
      පැහැදිලි වේවි...

      අනිත් දේ මේ පොස්ටු සියල්ල පෙර සිට පැමිණෙන ලිපි වල දෙවෙනි , තුන්වෙනි
      කොටස්.මන් පටන් ගැනීමේදීම කිව්වා නේද
      ### ඊට පෙර පළමු ලිපිය නොකීයවුන් පළමු ලිපිය කියවීමටද , පළමු ලිපිය කියවූවන් එහි කමෙන්ට් තීරුවද කියවා සිටින්න .මන්ද පළමු ලිපියේ කමෙන්ට් මගින් විශාල ලෙස අග්‍ර විනිශ්චය ධූරය ගැන අවබෝදයක් ලැබිය හැකි කරුණු ඉදිරිපත් වී තිබෙනවා####



      අනිත් දේ තිසර මේ මගේ පළමු අන්තර්ජාල ආගමනය නෙවේ.මා විවිද ක්‍රම වලට
      ලිපි ලියන තැන් තියෙනවා.. ඒ දේවල් එහෙකට එකක් වෙනස්.මේ එක් ක්‍රමයක්
      පමණයි .එක් එක් තැන් වල ඊටම අවේනික වූ පුද්ගලයන් සමග හැසිරීම වෙනස් මගේ.

      අවසාන වශයෙන් තිසර මන් කෙටි කාලයකින් දේවල් ටිකක් දාගෙන දාගෙන යන්නේ එක
      හේතුවක් නිසා.ඒ නිසා අවශ්‍යම දේ පමණයි එක ලිපියක වැටෙන්නේ, ඒ ලිපිය ගැන
      කතා කරන්න ඕන ටික වෙන ලිපියක තියේ නම් මන් ආයේ ආයේ දාන්නේ නැහැ .
      මොකද මට කාලය නැහැ , අනිත් දේ මේ දේවල් මන් කරන්නේ අදට නෙවේ.
      ඉස්සරහ ගැන හිතල , මන් බලන් හිටපු දේ උනා.එතෙක් මන් වෙන දේ බලන්
      හිටියා .මේ යන්නේ අවසානය .මේක අදුන ගන්න පුළුවන් අය ඉතාම ඉක්මනින්
      අදුන ගනීවි .එදාට ඔබටත් සියල්ල පැහැදිලි වේවි..අපැහැදිලි තැන් එදාට ඔබගේ
      සහෘදයන් වටහා දෙවි ...

      අපි මේ ඉන්නේ යුධ පිටියක .නැතුව යුධ හමුධා පුහුණු පාසලේ නෙවේ...

      Delete
    3. //මචන් පැහැදිලිවම උබ මේ කරන්නේ පොස්ට් එකේ වැරදි හෙවීම වචන පෙරලි කිරීමෙන් ..
      විටෙක පැහැදිලි යැයි ඔබම කියා ගන්නා , එහෙත් එයම පැහැදිලි නැතැයි කීමෙන් ඔබගෙ
      අරමුණ පැහැදිලි මචන්..//

      මේ විදිහට දැකීම කණගාටුවට කරුණක්... ඔබට ඔබගේ පාඩුවේ කැමති අයත් එක්ක සාකච්ඡාව කරගෙන යාමට ඉඩදීමට තමයි මම ඇවිත් කොමෙන්ට් නොකර ගියේ... නමුත් ඔබම ඇවිත් 'හොරෙන් ඇවිත් ගියාට විරෝධය' කිව් නිසා තමයි මේ තරම් දිගු කොමෙන්ටුවක් දැම්මේ... මගේ කොමෙන්ටුව ඔබගේ පෝස්ටුවේ වැරදි සෙවීම යැයි ඔබට සිතීම ගැන නැවතත් කණගාටු වෙමි....

      Delete
    4. නැහැ මචන් තේරුම් ගනින් ප්ලීස් මචෝ මන් උබට දොසක් කිව්වා නෙවේ..
      මේ බලපන් උබේ කමෙන්ට් එකක් ..

      /////විධායකය, වැඩිම මුදල් ගැවසෙන අමාත්‍යාංශ, ආරක්ෂක අමාත්‍යධූරය සහ ආරක්ෂක ලේකම්ධූරය, ව්‍යවස්ථාදායකයේ භාරකාරත්වය (කථානායකධූරය ) එකම පවුලකට සීමා වීම තමයි මම දකින බිහිසුණු තත්වය. දැන් අගවිනිසුරුධූරයට හෙන්චයියෙක් පත්කරගත් කල, බිහිසුනු බවේ උපරිමයට ළඟාවෙයි.//////

      මචන් උබ උබේ දේශපාලන දැනුම බින්දුවයි කිව්වා නේද ? උබටත් හොදම හොඳ දැනුමක්
      තියෙනවා..උබ ඒකෙන් මන් කියන දේ තේරුම් ගත්තා ඉතාම නිවැරදිව..උබේ මේ කමෙන්ට් එකේ
      වචන ටිකෙන් ඒක නෙවේද පැහැදිලි වෙන්නේ..?
      මන් නොකියා කිව්වෙත් ඔය බලතල ටික , ටික ටික එකතු කරගෙන යන එක ගැනම
      නෙවේද මචෝ...?

      ඒ තියෙද්දිත් උබ කියනවා අපැහැදිලිලු... මට නොතේරෙන්නේ ඒක ..
      ඔතන මන් quote කරපු උබේ කමෙන්ට් කෑල්ලෙන් උබ මේ මන් කියන දේ 100%
      නිවැරදිව grab කරා කියන දේ පැහැදිලිනේ මචන්...


      ////ඔබට ඔබගේ පාඩුවේ කැමති අයත් එක්ක/////

      //මගේ කොමෙන්ටුව ඔබගේ පෝස්ටුවේ වැරදි සෙවීම යැයි ඔබට සිතීම ගැන නැවතත් කණගාටු වෙමි....////

      මෙහෙම කොහොම වත් හිතන්න එපා මචන්..එහෙනම් බලපන් හිරු
      පහු ගිය පෝස්ට් එකේ මගෙන් අහල තිබ්බ ප්‍රශ්න කන්දරාව ?
      එතනදී මන් කිව්වද අනේ හිරු දන්නේ නැත්නම් කියවන්නැතුව ඉන්න
      කියල ? ( හැබැයි මෙතැනදී කෙනෙක් ඇනෝ ඇවිත් හිරුට දෙයක් කියල
      තිබ්බ. එහෙම ආව කෙනා ගැන තමයි මන් උබට අද උබේ බ්ලොග් එකෙත්
      කිව්වේ , මතකනේ. පස්සේ එයාම ඒක කිව්වා.අවශ්‍ය නම් පෙන්නන්නම් , නමුත්
      ඒක දැඩි ලෙස කෙනෙක්ව අපහසුවයට පත් කිරීමක් )

      එයාගේ හැම ප්‍රශ්නෙකටම මන් උත්තර දුන්න , කිසිම දෙයක් මග නොහැර .
      ඒ වගේම මන් උත්තර දෙන විදිහ නිසා හිත් රිදවීමක් වෙනවා නම් සමාවත්
      ඉල්ලුවා .මොකද මන් කතා කරද්දී දැඩි ලෙස අනික් අය හිත් රිදවීම් වලට
      ලක් වෙන බව දන්නවා , ඒකමයි මන් මගේ සමහර වෘති වලින් ඉවත්
      උනෙත් කොච්චර ඒ දේවල් වලින් මන් ඉහලට ගියත්.මුදල් වලට
      මිනිස්සුන්ගේ ආත්මය එක්ක සෙල්ලම් කරන්න මන් කැමති නැහැ.
      ඒ නිසා කවදාවත් හිතන්න එපා මචන් මන් මේ ලොරි ටෝක් දෙනවා කියල..
      උබටම තේරෙනවා ඇති අධිකරණය ගැන කතා කරද්දී කුණුහරපයක් කිව්වත්
      වෙන දේ ? මතකනේ පාර්ලිමේන්තු සාමාජිකයෙක් " ___ මුඛ " යනුවෙන් කියල
      වෙච්ච දේ ?

      ඒ වගේ මෙතනත් "අනේ #ත්තේ ##කරණය , උබට ඕක ලොකු උනාට අපිට
      නෑ " කිව්වොත් කොහොමද ?

      අන්න ඒකයි මන් බොහොම පරිස්සමෙන් ලියන්නේ..එහෙම නැති තැන් වල
      මන් නිදහසේ වචන use කරලා තියෙනවා..
      ඒ නිසා ඉතාම ආයාචනාත්මකව ඉල්ලා සිටිනවා අර විදිහට හිතන්න එපා.


      මචන් ඉතාම යටහත් පහත්ව තව දෙයක් කියන්නම් , මන් ගොඩක් වෙලාවට
      එක්කෝ ඕනේ නැහැ ..ඒක කිව්වොත් උබ පට්ට අවුල් යනවා...

      නැවත කියන්නේ මේ දේ නිසා හිත් රිදවීමක් උනා නම් දැඩි ලෙස
      සමාව ඉල්ලනවා බාල සහෝදරයෙක් විදිහට .

      Delete
  13. සහන්., සියල්ල සාවධානව කියවනු ලැබුවා. මාත් තිසර සමඟ එකඟයි. ඔබ ඉදිරිපත් කර ඇති කාරාණා දත්ත වශයෙන් ඉතාම වැදගත්. නමුත් සහන් මට මෙතනදී මතු කරගත නොහැකි වූ කාරණාව වූයේ මේ කාරණා ඉදිරිපත් කිරීම ඔස්සේ ඔබ තහවුරු කරන්නට සූදානම් වන මතය කුමක්ද යන්නයි. මම කියන්නේ මේ තරම් දීර්ඝව ලියන්න එපා. එක් කරුණක් ගැන පැහැදිලිව සවිස්තරාත්මකව ලියන්න.
    බොහෝ දෙනා ඔබේ සටහන කියවා ඇත්තේ දේශපාලනික පොතේගුරු ඉගැන්වීමක් වශයෙන් ගනිමින්. නමුත් මෙහි ඊට වඩා ගැඹුරු ප්‍රවේශයක් ඇති බැව් පැහැදිලිය. එනමුත් ඔබ එය මතු කර දක්වන්නට අපොහොසත් වී ඇත.

    ReplyDelete
    Replies
    1. රතු මන් තිසරට පිළිතුරක් දෙමින් ඉන්නා විටයි ඔබ
      කමෙන්ට් කර ඇත්තේ.ඒ නිසා ඉහත පිළිතුර නැවත
      ඔබද බලන්න.එවිටද නොවැටහේ නම් මට කියන්න..

      //නමුත් සහන් මට මෙතනදී මතු කරගත නොහැකි වූ කාරණාව වූයේ මේ කාරණා ඉදිරිපත් කිරීම ඔස්සේ ඔබ තහවුරු කරන්නට සූදානම් වන මතය කුමක්ද යන්නයි///
      ### මොවුන් සියල්ල ඉතා සූක්ෂම ලෙස ක්‍රියාත්මක වූ තැනක ඇති විය හැකි තත්වය ඔබට මේ වන විට වැටහිය යුතුය. සියලු මුදල් , බලය , ජනයා හිතු මතේ පාලනය කිරීමට පුද්ගලයන් කීප දෙනෙකුට හැකිවනු ඇත.එයින් නැවත රට රාජාණ්ඩු ක්‍රමයකට ගෙන යාම ඉතා පහසුවෙන් කල හැකිය.සියල්ල පාලනයට එක් පුද්ගලයෙකු පමණක් අවැසි , ඒකාධිපතිත්වයක් ඉතා පහසුවෙන් මේ සියුම් තැන් වල දුර්වල කම් හඳුනා ගන්නෙක්ට පිළිවන.යුධ ශක්තියද නගා ගත් පසු නැවත එවැන්නෙක් යටපත් කිරීම දෙවියන්ටවත් කල නොහැක. ..####

      මොවුන් = විධායකය , ව්‍යවස්ථා දායකය , අධිකරණය
      රාජාණ්ඩු = රාජාණ්ඩු
      ඒකාධිපතිත්වය = කාටවත් යට කල නොහැකි සේ බලයක් ගොඩ නගා ගන්නා
      දෙවි = අධිකරණය


      මචන් මෙහෙම දේකින් වත් තේරුම් නොයන්නේ ඇයි මචන්..
      අනික් දේ මන් පැහැදිලිව කිව්වා (ඔබත් කිව්වා වගේම ) මේ දේවල්
      ලොකු පෝස්ට් එකක වැටෙන එක නවත්තන්න ඕනේ නිසාමයි කඩ
      කඩ දාන්නේ..එහෙම කඩපු එකක් අල්ලන් ඒකෙ අග මුල හොයනවා
      නම් බැහැ ..
      මුල සිට පැමිණෙන්න...( ගෑනු දරුවෝ , රස්සාවල් මැද්දේ උබ කියන්නේ
      උබේ බ්ලොග් එක කියව කියව ඉන්නද කියල හිතෙනවා නේද :D )



      රතු මන් තිසරට පිළිතුරක් දෙමින් ඉන්නා විටයි ඔබ
      කමෙන්ට් කර ඇත්තේ.ඒ නිසා ඉහත පිළිතුර නැවත
      ඔබද බලන්න.එවිටද නොවැටහේ නම් මට කියන්න..

      Delete
    2. වලියක් වලියක් හෝවි හෝවි :3

      Delete
  14. @ මේ පෝස්ට් ටික නොතේරෙනවයි කියන සියලු දෙනා හට ...

    01.අධිකරණය අඩපණ කරලා ,
    ඒක පැහැදිලි කරා.

    02. පාර්ලිමේන්තුවේ වෙන දේවල් පැහැදිලි කරා

    03.ඊළඟට මේ මොනවත් නැතිව උනත් බලය අල්ලන්න
    පුළුවන් තැන් ගැන පැහැදිලි කරා.

    04.(01,02,03,) මේ ඔක්කොම ටික සම්පූර්ණ උනොත් කොහොමින් කොහොම
    වෙනවද කියන එක ඇස් පනා පිට වෙමින් තියෙද්දිත් තේරෙන්නේ නැති
    නම් එය මාගේ වරදක්ද ???

    ReplyDelete
  15. මටත් එක පාරක් කියවලා තේරුම ගන්න අමාරුයි වගේ. කොහොම උනත් අපේ ජනාධිපති ධූරයට බලය මධ්‍යගත වෙලා වැඩියි කියලනම් ඉස්සර ඉඳලම මට හිතුනා.

    ReplyDelete
    Replies
    1. @ සයුරි

      එහෙමද සයුරි .මන් මීට පස්සේ වෙනස් කරන්නම්කො මේ ක්‍රමේ
      ටිකක් .ප්‍රශ්නේ තියෙන්නේ මන් මේ බ්ලොග් එකේ නොදැමිය යුතු
      පෝස්ට් එකක් දැම්ම ඉවසල ඉවසල බැරිම තැන.ඊට පස්සේ ඉතින්
      " # කප්පරක් කාපු බල්ලට පඩ ගඳත් මහ දෙයක්ද "
      වගේ දෙයක් උනේ.

      සොරි මේ දේවල් නිසා හිත් කැළඹීම ගැන හැම දෙනාගේම ..

      Delete
  16. සහන්, ඇත්තම කිව්වොත් මම අද තමයි මේ දේශපාලන ක්‍රමය ගැන හරියටම දැන ගත්තේ. මම කවදාවත් උනන්දු නැති විෂයක් නමුත් මේ සටහනින් මම හරියටම මේ ක්‍රමය ගැන දැන ගත්තා කියල හිතුණා. ස්තූතියි ඔබට.

    මට හිතෙන විදියට මේ ක්‍රමයේ කිසිම වැරැද්දක් නෑ. මේ ක්‍රමේ වැරදියි වැරදියි කියල මේ හැම කෙනාම කෑ ගැහුවට. ක්‍රමය ඇතුලේ ඉන්න පුද්ගලයින් හිතා මතා වැරදි කිරීම ක්‍රමයට වලක්වන්න බෑ කියලයි මට නම් තේරෙන්නේ. ඕක ඇතුළට රිංගන මිනිස්සු ටික ඉන්නව නේද ඒ මිනිස්සුත් මේ අපි වගේම තමයි කියල හිතෙන්නෙ නැද්ද? උදාහරනෙකට ඔබ ජනධිපති උනොත් වගේ එකක් ආදේශ කරගෙන බලන්න. අපි මේ හැදිල තියෙන විදියට ඔය තමන්ගේ පවුලට කරන ආකල්පෙ නම් කවුරු ආවත් තියෙයි.සිස්ටම් වල කොහොම තිබ්බත් අපේ උන්ට(පවුලෙ උන්ට) අපි කරන ගතිය නැති කරගන්න නම් බෑ මම හිතන්නේ. බුද්ධිමත් ලෙස හිතල පවුලට කරගන්න ගමන් රටටත් යමක් කිරීම තමයි මට නම් හිතෙන්නේ අපේ රටේ අනාගතේදි හරි පහළ වෙන නායකයින්ගෙන් අපි බලාපොරොත්තු වෙන්න ඕනේ. මේ ගැටුම් හැමදාම තියෙයි.

    අද ආපු සී.ජේ මොන මොන සෙල්ලං නටයි ද කියල ඉතින් ඉඳලම බලන්න වෙයි. සමහරවිට ගිය කෙනා හොඳයි කියල හිතෙයි අලුත් කෙනා ආවම. ඊට පස්සෙ පලු යන්න බනියි. එකම රවුමේ අපි හැමදාම කැරකි කැරකි ඉන්නවා. හැබැයි තව පරම්පරා 2-3ක් යනකම් මේ දැනුම හරිවිදියට දීල හරි ආකල්ප තියෙන මිනිස්සු ටිකක් බිහි කලොත් මේ සිස්ටම් එකේ නියම ප්‍රයෝජනේ රටට ලැබෙයි.

    ඒකට කරන්න ඕනේ හන්දියක් හන්දියක් ගානේ තමන් එහෙන් මෙහෙන් අහපු කතා ටිකක් තමන්ගෙ මතෙත් දාල හතර වටේට බෙදා හරින එක නෙවෙයි. මේ වගේ නිවැරදි දැනුම දෙන එක. පොලිටික්ස් එපා වෙන්නේ ඇත්ත පැත්තක තියල තමන් හරි කියල හිතන එක අනුන්ගේ ඔලුවලට පුරවන්න හදනකොට.

    ReplyDelete
    Replies
    1. ///මට හිතෙන විදියට මේ ක්‍රමයේ කිසිම වැරැද්දක් නෑ. මේ ක්‍රමේ වැරදියි වැරදියි කියල මේ හැම කෙනාම කෑ ගැහුවට.///
      ඔව් පැතුම් මේ ක්‍රමය මීට වඩා හොඳ එකක් කරන්න ඕනේ කමක් නැහැ .
      මන් අර වේද මහත්තයට කමෙන්ට් කරපු තැන උනත් කිව්වේ ඒකයි.මේ
      ටික ඇති හොදටම රට හරි පාරේ ගෙනියන්න..මේ අලුතෙන් එක එක
      මිනිස්සුන්ගේ පුද්ගලික පහත් ආශාවන් වලට බොරුවට මේ ක්‍රමේට බැනල
      මේකේ බග් වලින් ප්‍රයෝජන ගන්නවා..ඔය බග් පැහැදිලි කිරීම මන් වේද
      මහත්තයාගේ කමෙන්ට් එකේ ගානට පැහැදිලි කරා.ඔබත් පරිගණක සම්බන්ද
      කෙනෙක් නිසා ඒ දේ හොදින් වැටහේවි...


      /////ඕක ඇතුළට රිංගන මිනිස්සු ටික ඉන්නව නේද ඒ මිනිස්සුත් මේ අපි වගේම තමයි කියල හිතෙන්නෙ නැද්ද? උදාහරනෙකට ඔබ ජනධිපති උනොත් වගේ එකක් ආදේශ කරගෙන බලන්න. අපි මේ හැදිල තියෙන විදියට ඔය තමන්ගේ පවුලට කරන ආකල්පෙ නම් කවුරු ආවත් තියෙයි.සිස්ටම් වල කොහොම තිබ්බත් අපේ උන්ට(පවුලෙ උන්ට) අපි කරන ගතිය නැති කරගන්න නම් බෑ මම හිතන්නේ. බුද්ධිමත් ලෙස හිතල පවුලට කරගන්න ගමන් රටටත් යමක් කිරීම තමයි මට නම් හිතෙන්නේ අපේ රටේ අනාගතේදි හරි පහළ වෙන නායකයින්ගෙන් අපි බලාපොරොත්තු වෙන්න ඕනේ.//////

      අනිවාර්යෙන්ම පැතුම් මේ අපි ගියත් ඔය දේම කරාවි( ඒක ගැන මන් මීළඟ ජනාධිපති විය යුත්තේ කව්ද කියන පෝස්ට් එකේ මාතලන්ට කියල ඇති විස්තරව ) , මේ වත්මන් දේශපාලන ලෝකේ වෙන දේවල් කරපින්නන් ගියොත් නම් .අපි මුලින්ම කරන්න ඕනේ පැතුම් ආකල්ප වෙනසක්. දැන් මේ මිනිස්සු හිතන් ඉන්නේ දේශපාලනය කියන්නේ තනිකරම බඩට වේලක් කියන දේ. නමුත් ඒක නෙවේ විය යුත්තේ හරියට ආහාර වේලක් සකස් කර ගන්නේ කොහොමද , ඒ තැනට සියලු දෙනාම වැඩ කිරීමයි වෙන්න ඕනේ..(පහල දේශහකට මන් දීපු මාළු සහ බිලි පිති උදාහරණෙ
      ඒක ගැන විස්තර තියෙනවා මීට වඩා.)

      ඒත් අද වෙන්නෙම අනික් කෙනාගේ එක එක්කම තමන් කාල විනාස කරන එක. මන් මේ රටේ භාරකාරයා උනා කියල , ඒකෙන් කියැවෙන්නේ නැහැ " තොපි ඔක්කොම මගේ යටත් වැසියෝ " කියල. මන් කරන්න ඕනේ හරි දැක්මක් ඇතුව පොඩි තැන ඉඳන් හදාගෙන ඒම , ඇවිත් ඒ මිනිස්සුන්වත් රජු හා සමාන මට්ටමට ගේම.නමුත් රාජාණ්ඩු කාලේ වගේ සාමාන්‍ය මනුස්සයව පාගන් ඉන්නවා කියන්නේ නම් ඉතාම ඉක්මනින් මේ සියල්ල අහිමි වීම.
      " හැඳි ගෑවිලා සෝදා පාලු වීම "





      ////සමහරවිට ගිය කෙනා හොඳයි කියල හිතෙයි අලුත් කෙනා ආවම. ////

      අනිවාර්යෙන්ම මේ දේ වෙනවා පැතුම් බලන්න ඉස්සර අපි CJ ඉස්සරහ මූණ බලන් කතා කරේ
      නැහැ කැඳවීමකදී උනත්.දැන් බලන්න නිල නිවස ඉස්සරහ හු කියනවා .ගල් වලින් ගහනවා .
      ඒ දේට ඉඩ දීපු රජය කොහොමද ඊළඟ අවස්ථාවේදී රැලියකට කඳුළු ගෑස් ගහන්නේ..
      අම්මව මරල එහා ගෙදර කෙල්ලගේ කඳුළු පිහදාන්නේ කොහොමද කියල මට හිතා ගන්න බැහැ .
      නමුත් එහෙම කරාවි නිරුවතින් .බලන්නකෝ ඉස්සරහට ...

      Delete
    2. ////එකම රවුමේ අපි හැමදාම කැරකි කැරකි ඉන්නවා. හැබැයි තව පරම්පරා 2-3ක් යනකම් මේ දැනුම හරිවිදියට දීල හරි ආකල්ප තියෙන මිනිස්සු ටිකක් බිහි කලොත් මේ සිස්ටම් එකේ නියම ප්‍රයෝජනේ රටට ලැබෙයි.////

      ඔව් පැතුම් මන් මේ දේ කරන්නේ මේ රවුමෙන් එලියට පනින්න , මේ දේ ඉස්සරහට වැදගත් වෙනවා.අද මේක නිකන් වචන ටිකක් විතරක් විදිහට සමහරු දකී , නමුත් මේකේ තියෙන ඇත්ත ගොඩක් දෙනා තේරුම් ගනීවි පහු කාලෙකදී.(මොකද ඉස්සර මාව නොහොයපු අය අද මාව හොයනවා , එදා මන් කියපුව අද ඇත්ත උන නිසා.ඒ වගේම අද නොපිළිගන්න අය තව ඉස්සරහට මාව හොයයි .)




      ///ඒකට කරන්න ඕනේ හන්දියක් හන්දියක් ගානේ තමන් එහෙන් මෙහෙන් අහපු කතා ටිකක් තමන්ගෙ මතෙත් දාල හතර වටේට බෙදා හරින එක නෙවෙයි.මේ වගේ නිවැරදි දැනුම දෙන එක. /////

      හරියටම හරි පැතුම් .මේ රටේ දැන් වෙන්නෙත් ඔය ටිකමයි.හැමෝම හිතන් ඉන්නේ මාළු ගන්න.මොකද මාළු වලට මිනිස්සු පුරුදු කරලා.ඇත්තෙන්ම විය යුත්තේ බිලි පිති දීම. දැන් මෙතන උනත් ඔබ දකින්නැති මාළු හොයන් ආව අය.මන් මාළු නෑ බිලි පිති තියෙන්නේ කිව්වම ඔන්න ප්‍රශ්නයක්!

      දැන් වත් අපි මාළු අත ඇරලා බිලි පිති අරන් මුහුදට යන්න ඕනේ පැතුම් .
      ඉතාම ස්තූතියි මේ කරුණු තේරුම් ගැනීම ගැන..





      ////සහන්, ඇත්තම කිව්වොත් මම අද තමයි මේ දේශපාලන ක්‍රමය ගැන හරියටම දැන ගත්තේ. මම කවදාවත් උනන්දු නැති විෂයක් නමුත් මේ සටහනින් මම හරියටම මේ ක්‍රමය ගැන දැන ගත්තා කියල හිතුණා. ස්තූතියි ඔබට. ////

      මාත් එහෙමයි පැතුම් , මන් කාලයක් තිබ්බ කිසිම TV , radio , පත්තර වල යන දෙයක් වත් නොබලපු. ඒ තරම් මට මේ දේවල් තිත්ත වෙලා.ඒත් නැවත හිතුව සියල්ල අත් හරින්න කලින් මන් ළඟ තියෙන අනුන්ට වැදගත් හැම දේම දීල යන්න.ඒකයි මේ දේවල් ලියන්නේ මන් . මන් අදහස් කියන ක්‍රමේ වෙනස්.ඒ දේ හරියට අල්ල ගන්න කෙනෙක්ට පුදුම සරලව මේ හැම දේම පැහැදිලි වෙනවා.අමාරු උනත් ආසාවෙන් අල්ලන් ඉන්න කෙනෙක්ට ඉතාම කෙටි කාලයකින් සියලුම දේ වැටහෙනවා. හැම කෙනෙක්ම මන් මටත් වඩා හොඳට ඒ විෂය ගැන ඇලුම් කරන, දැනුමෙන් සන්නද්ද අය බවට පත් කරනවා.පළමු වටයෙන් අල්ල නොගන්න අය අනිවාර්යෙන් දෙවන වටයේදී අල්ල ගෙන ඒ බව මට කියනවා.

      මේ දේවල් අදට නෙවේ ඕනේ වෙන්නේ.මේවා තව අවුරුදු 30 වත් ඩේට සෙන්ටර් එකේ තියෙවිනේ( ලොජිකලි අන්තර්ජාලය තියෙනකම් ) .ඒ කාලේ පුරාවට උනන්දු කෙනෙක් දකීවි .එච්චරයි මගේ පැතුම...

      ඔබට ගොඩක් ස්තූතියි මේ ගැන මෙතරම් දිග , පුළුල් වපසරියක් අසු වෙන පරිදි අදහස් කීම ගැන. නැවත එන්න , ඔබේ මිතුරන්ටත් මේ බව දැනුම් දෙන්න...

      Delete
  17. මචං නියම විදියට නෙලල තියෙනවා. ආයේ කියන්න දෙයක් නෑ..

    ReplyDelete
    Replies
    1. @ දේශක

      ස්තූතියි මචන් දේශක .මේක තමයි ක්‍රමය මචන්.මන් මේ බොහොම සංකීර්ණ
      දේවල් ටිකක් පොඩි පෝස්ට් එහෙකට ගත්තේ.ඒත්

      " මල්ලි අරයා , අයියා මෙයා " වගේ හැමදාම එකම මාළුවා දීල හරියන්නේ නැහැ
      ගෙදර ගිහින් උයන් කන්න.

      මන් මේ කරන්නේ බිලි පිති දෙන එක..ඒත් මාළු හොයන් එන අය බලාපොරොත්තු
      සුන් කර ගන්නවා..නමුත් මට ඉතාම සතුටුයි වේද මහත්මයා, ගයාන් , දිලුම් ,
      හිරු , පැතුම් ඔබ වැන්නවුන් ඉතාම නිවැරදිව බිලි පිත්ත ග්‍රහණය කරනවා..
      ( ඇතැමුන් දෙවන වටයෙන් , සියල්ලන් පළමු වටයට මා ගෙන එනවා.)

      මන් ඉස්සරහටත් පුළුවන් උපරිමයෙන් බිලි පිති දෙනවා , උබල හරි පුළු පුළුවන් විදිහට
      මගෙන් පස්සේ කොටස ඇදන් පලයන් ..

      ඒ වගේම මචන් ඔබ වැනි කීප දෙනෙක් අවශ්‍යයි මට බිලි පිති ටික කරේ තියන් එන්න
      අමාරුයි බර වැඩියි....

      Delete
  18. රටක පාලන ව්‍යුහය සමබර කිරීම සදහා තමයි ව්‍යවස්ථාදායක විධායක අධිකරණ කියන ආයතන තුන පිහිටවල තියෙන්නේ මෙම ආයතන තුන මනා සහසම්බන්දයකින් පවත්වාගැනීම රටක යහ පාලනයට ඉතා වැදගත්.ඇත්තටම සාමාන්‍ය ජනතාවට යුක්තිය ඉටුකරගන්න තමයි අධිකරණ පද්ධතිය පිහිටවල තියෙන්නේ.යම්කිසි ගැටළුවක් පුරවැසියෝ සමුහයකට බලපාන පොදු ප්‍රශ්නයක් උනහම තමයි පාර්ලිමේන්තුව හරහා එය නීතියක් බවට පත් වෙන්නේ.විධායකය කියන්නේ ඇත්තටම කාටහරි ඇතිවන රජ වීමේ සිහිනය සැබෑකරගන්න හදපු තනතුරක් විතරයි දියුණු ප්‍රජාතාන්ත්‍රික රටවල විධායකය බලතල සීමාවෙන්නෙ එකයි.යුධ කටයුතු සඳහා තනි තීරණ ගැනීමට විධායකය වැදගත් උනත් එලෙස උවමනා වන්නේත් ඍජු ප්‍රතිපත්තිගරුක ශක්තිමත් නිලධාරී යාන්ත්‍රණයක් නොමැති අප වගේ රටවලටයි. සසිරිබර මෙසිරිලකේ නම් ලොක්කට වැඳගෙන කකුල් ලෙවකාල ගොඩයන්නම බලන් ඉන්න මිනිස්සු පිරිසක් ඉන්න නිසා බලයට පත්වන උදවියත් බල කාමයෙන් උමතු වෙනවා.ජනපතිතුමත් පවුලේ උදවියත් මර්වින් වගේ අමතියන්ගේත් හැසිරීම් එයට නිදසුන්.
    බල කාමය විසින් සියලු බලය තමාවෙත නතුකර ගැනීමට පොලබනවා මෙ රටේ මිනිස්සු පවා පසුව ඊට හුරු වෙනවා.පාරට bus එකක් නැති උනත් ජනාධිපති මාමට කියල ඉල්ලගන්න පුළුවන් කියල පොඩි එවුන්ට පවා තේරුම් ගිය යුගයක් මේක.අවසානයේ රටක පැවැත්ම හා යහ පාලනය විනාස වෙනවා.ව්‍යවස්ථාදායක විධායක අධිකරණ කියන ආයතන තුන ස්වාධීන වීමතුල (ස්වාධීන රුපවාහිනිය මෙන් නොව) මනාව යුක්තිය ස්තාපිතවූ රටක් ගොඩනන්වාගන්න අපට පුළුවන් වෙනවා.

    ReplyDelete
    Replies
    1. ///යම්කිසි ගැටළුවක් පුරවැසියෝ සමුහයකට බලපාන පොදු ප්‍රශ්නයක් උනහම තමයි පාර්ලිමේන්තුව හරහා එය නීතියක් බවට පත් වෙන්නේ.///
      මෙහෙ වෙලා තියෙන්නේ එක එක වන්දි බට්ටයන්ගේ උවමනා එපා
      කම් වලට පණ පෙවෙන තැනක් විදිහට මොරබ්බා.බලන්න දැන් වෙන
      දේවල් අසික්කිතයි ඉතාම..

      ////යුධ කටයුතු සඳහා තනි තීරණ ගැනීමට විධායකය වැදගත් උනත් එලෙස උවමනා වන්නේත් ඍජු ප්‍රතිපත්තිගරුක ශක්තිමත් නිලධාරී යාන්ත්‍රණයක් නොමැති අප වගේ රටවලටයි.////

      හරියටම හරි මෙහෙම දෙයක් තියෙන්නේ වැට උඩ ඉන්නැතුව කෙලින්ම
      තීරණ දෙන්න ඕනේ වෙන තැන් එන නිසා රටක් විදිහට.නමුත් දැන් දැන්
      එයින් පිට පනිමින් එන්නේ...


      ///සසිරිබර මෙසිරිලකේ නම් ලොක්කට වැඳගෙන කකුල් ලෙවකාල ගොඩයන්නම බලන් ඉන්න මිනිස්සු පිරිසක් ඉන්න නිසා බලයට පත්වන උදවියත් බල කාමයෙන් උමතු වෙනවා.ජනපතිතුමත් පවුලේ උදවියත් මර්වින් වගේ අමතියන්ගේත් හැසිරීම් එයට නිදසුන්.///

      එකනේ මොරබ්බා මෙහෙම දෙන්නේ ඇයි කියන දේ තේරුම් නොගෙන ,
      මේකේ තියෙන බලයෙන් , බග් වලින් තමන්ගේ බඩ සරි කරගන්නා
      මිනිස්සු ඉන්නකම් , යවනකම් මේවා මෙහෙමයි..

      නාමොයෝජනා ලබන පිරිස දිහා බැලුවහමත් හිතන්න පුළුවන් අපිට
      අනාගතයක් ඇත්තෙම නැහැ කියන දේ...

      ///බල කාමය විසින් සියලු බලය තමාවෙත නතුකර ගැනීමට පොලබනවා මෙ රටේ මිනිස්සු පවා පසුව ඊට හුරු වෙනවා.පාරට bus එකක් නැති උනත් ජනාධිපති මාමට කියල ඉල්ලගන්න පුළුවන් කියල පොඩි එවුන්ට පවා තේරුම් ගිය යුගයක් මේක.////

      ඔන්න ඔබ සර්පයා හඳුනාගෙන හරියට .මේ තැනට එන්න නෙවේ මේ ජනාධිපති
      ධූරය තියෙන්නේ.ඔතොකොට මාම හම්බෙන්න බැරි දූලට වෙන්නේ පයින් යන්න..
      මාම හම්බුන දූලා bus එකේ යනවා...

      ඕකෙන් ගොඩක් දේ කියවෙනවා මොරබ්බා.
      01.අනවශ්‍ය පුද්ගලික මැදිහත් වීම්.
      02.මන් හරි හොඳයි යනුවෙන් පෙන්නීමට යෑම.
      03.තෝරාගත් පිරිසකට තෝරාගත් වරප්‍රසාද
      04
      06
      .
      .
      .
      .etc


      ///අවසානයේ රටක පැවැත්ම හා යහ පාලනය විනාස වෙනවා.//
      100%

      Delete
  19. සහෝදරයා ඔබේ ලිවිල්ල මරු.දිගටම කරගෙන යන්න.ඔබට තියෙන්නේ ඔබටම ආවේනික ශයිලියක්(කොම්බු 2 ලියන්න බැ) හැබැයි පාට පාට අකුරු ටික නම් කියවද්දී පොඩ්ඩක් අමාරුයි තමා...ජයවේවා...!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි මොරබ්බා අගය කිරීම ගැන.පුළුවන් වෙලාවට
      මන් ලියනවා මේ දේවල්.මන් දැක්ක ඔබ මගේ පරණ ලිපිත් කියවා
      ඇති බව.ඒ ගැනත් ස්තූතියි..මොකද මේ දේවල් නිකන් එහෙන් මෙහෙන්
      පටන් ගත්තුවා නෙවේ..පැරණි ලිපි එක්ක සම්බන්ද කරලා එන ගමනක්..

      මන් මේ ගොඩ නගන්නේ කතාවක් .ඒ කතාව අවසානයේ හැම දේම පැහැදිලි
      වෙන්න..මේක ඇත්තටම දැන් වෙන කතාවක් , රියල් නම් ගම් , තනතුරු එක්ක..
      මවා ගත්ත චරිත නැහැ .රියල් නම් , තනතුරු...

      ඔබගේ ඇගයීම ගැන නැවත ස්තූතියි, ඒ වගේම මිත්‍රයා ඔබ ඉන්න screen resolution
      එක 800 x 600 වැනි අතිශය අඩු අගයක් .එයින් ඔබ කටයුතු කරගන්නා ආකාරය
      ගැනීමට වත් නොහැකියි .ඉහල අගයකට පැමිණෙන්න...
      linux drivers ඇති ඔබේ වීඩියෝ කාර්ඩ් එකට ගැලපෙන...

      pramadaya gana kanagatu wemi..nawatha ese nowanu atha...

      Delete
    2. බොහොම ස්තුති යි සහන් එම දෝෂය නිවැරදි කරගන්නම්.දිගටම ඔබේ සහය බලාපොරොත්තු වෙනවා අඩු පාඩු ඇතොත් පෙන්වා දෙන්න.ඔබගේ කතාව ඉදිරියටම ගෙනයන්න ජය පතනව....!

      Delete

ඔබ කමෙන්ටුවක් දමයි නම් කරුණාකර මෙහි කමෙන්ටු E mail subscribe කරන්න .. නැතිනම් පිළිතුරු මග හැරී යනු ඇත ...

කමෙන්ට් යනු ඔබගේ අදහස් ප්‍රකශ කිරීමට සලසා ඇති ඉඩයි. සිතුවිලි ලියා තැබුණු විට අන් අයටද ප්‍රයෝජනයක් විය හැක !

http44444444://1.bp.blogspot.com/-F0lMkO9hSe8/UjM37DArTZI/AAAAAAAAAwo/wtP9O0K_6UE/s1600/543431_208554675978924_1215099537_n.jpg15099537_n.jpg

සහයෝගය දක්වන වෙබ් එකමුතු ...

මාතලන්ගේ සින්ඩිය...api apita Blog Readerlankeeya sithuwililankeeya sithuwili lankeeya sithuwili