දැන්වීම් පුවරුව . ( පින්තූර මතට මවුස් පොයින්ටරය රැගෙන යන්න )
දැනට වසර දෙකක පමණ සිට සෑම සතියකටම වරක් ලිපියක් හෝ දෙකක් පළ කළෙමි. සිත් ගත් ලිපියක් වේ නම් හිතමිතුරන් අතරත් බෙදාගන්න.
මෙම වෙබ් අඩවිය ලෝඩ් වීමට පමා වේ නම් මෙම ලින්ක් එක භාවිතා කරන්න.

Face Book Link Share.
මෙම වෙබ් අඩවිය ලෝඩ් වීමට පමා වේ නම් මෙම ලින්ක් එක භාවිතා කරන්න.

Face Book Link Share.
August 5, 2013
සයිලන්ට් සහන් ඉවරද ? සහන් වෙනුවෙන් ගෙතු තිරිසන් කතා වලට පිළිතුරු 01 . truth and the myth
සියලු දෙනාම දකින්න ඇතිනේ දැනට මාසයක් පමණ තිස්සේ සයිලන්ට් සහන් ගැන වැටුණු බ්ලොග් පෝස්ට් ? හැංගි හෝරා එහෙන් මෙහෙන් තිබුණු දේවල් දැන් ඔන්න නියම ප්‍රොෆයිල් වලින්ම තියෙනවා දැන් . විශාල විදිහට සත්‍ය විකෘති කරලා තියෙනවා මම දැක්කා පාඨක ඔබව මුළා වන ලෙසත් සහන් කියන පුද්ගලයා කෙරෙහි වෛරයක් ඇති වන ලෙසත්...
මම ඉතින් ඔහේ බලන් හිටියා ඕනෙම දෙයක් කරගන්න දීලා..ඒත් මගේ හිතවත් අය කීප දෙනෙක් මගින් මගට කිව්වා සහන් ඔයා නිස්කාරනේ කගෙන් වත් බැනුම් අහන්නත් එපා මඩ ගහන බ්ලොග් කරුවන්ට තව නටන්න දෙන්නත් එපා කියන දේ. ඒ අය නිසා තමයි මේ පෝස්ට් එක පවා මන් ලියන්නේ.එහෙම ඇර මට කිසිම උවමනාවක් නැහැ කාගෙන්වත් සහතික ගන්න. ඕනේ කෙනෙක් ඕනේ දෙයක් කිව්වට මට කිසිම ගැටළුවක් වෙන්නේ නැහැ. ඒ වගේම කාට හරි මාව මුණගැහෙන එන්න ඕනේ නම් මම ඒකටත් ඉඩ දීලා තියෙන්නේ. වැඩේ තියෙන්නේ ස්කයිප් කෝල් එකක් අරන් මට කතා කරන්න හයියක් නැති අය තමයි මේ බ්ලොග් පෝස්ට් වලින් චන්ඩි වෙන්න හදන්නේ.
මම සියලුම චෝදනා වලට එකින් එක උත්තර දෙනවා පෝස්ට් කීපයක් තුළින්.මොකද මට ඉතින් බ්ලොග් හදලා දෙන , පෝස්ට් හදලා දෙන , FB එකෙන් චැට් කරන වැඩර්ලා නැහැ අනිත් අයට වගේ. ඒ වගේම මිනිහෙක්ට ගහන්න තියෙන උවමනාව මිනිහෙක්ට සපෝර්ට් එකක් දෙන්න නැති බවත් මම දන්නවා.
මට මඩ ගැසීමේ මුළ
01.දැනට වසරකට විතර කළින් ඊ මේල් කවිකාරි කියලා හිටපු කෙනෙක් සමග පොඩි වචන හුවමාරුවක් උනා කට්ටිය දකින්න ඇති. ඒක ඉතින් සුළු දෙයක්නේ කියලා මම නිකන් හිටියා. මෙන්න බොලේ දවස් තුන හතරක් යද්දී පෝස්ට් එකක් වැටිලා
" සහන් යනු වයස 50 ක නාකියෙක්"
"කෙල්ලෝ රවටගන්න ආව කාමතුරයෙක්"
"සහන් කියන්නේ මුස්ලිම් එකෙක්"( මීට වඩා රසට තිබ්බේ)
සහන් යනු මුස්ලිම් කෙනෙක් කියන චෝදනාව
ඉස්සර මම එළකිරි.කොම් එකට යනවා එනවා.එකේ තියෙන පෝස්ට් බලනවා කියවනවා. ඉස්සර එළකිරි එකේ හොඳටම නැගලා ගියපු එකක් තමයි "මුස්ලිම් අයට දොස් කීම". එවැනි පෝස්ට් වලදී මම කියපු එකම දේ තමයි
"සිංහල අපි මුස්ලිම් අයට දොස් කීමෙන් වැඩක් නැහැ.මුස්ලිම් අය අතර තියෙන සාමූහිකත්වය සිංහල අය අතර නැහැ.ජාතියක් විදිහට නැගිටින්න නම් කරන්න ඕනේ අනිත් අයට බැන බැන යෑම නෙවේ අපි එකමුතු වීම පමණය"කියලා.
හැබැයි බහුතර අයට ඕනේ මුස්ලිම අයට අපහාස කරලා පහත් සතුටක් ලබන්න. ඒ නිසා ඔන්න කට්ටිය මට ගැහුවා මුස්ලිම් ලේබලේ. මම මුස්ලිම් අයට කඩේ යන කෙනෙක් කියලා කිව්වා.පස්සේ කිව්වා මමත් මුස්ලිම් කෙනෙක් කියලා. ඊටත් පස්සේ කිව්වා මම ස්ත්‍රී දූෂකයෙක් කියලා. ඔහොම ඔහොම දිගින් දිගටම ගියා. මට පිස්සු කියලා කිව්වා .මන් අංගොඩ හිටියලු. මගේ ගෑණි මැරිලා කිව්වා. ගෑණු ළමයි රේප් කරන කෙනෙක් කිව්වා. වයස 50 ට වැඩි කිව්වා.ඔය වගේ අනත්ත කතා එළකිරි එක පුරාවටම තියෙනවා. මා ගැන විතරක් නෙවේ එළකිරි එකට යන එන ඕනෙම කෙනෙක් දන්නවා ඇති එතන තත්වය. අපි කිසිම කෙනෙක් ඒ දේවල් ගණන් ගන්නේ නැහැ සහ ඇඩ්මින් වරුන්ට කියන්නේ නැහැ "අනේ අතන මට බැනලා .pls ඒක අයින් කරන්න "කියලා. ඉතින් ඔය සේරම අදටත් ඉන්ටනෙට් එක පුරවලා තියෙනවා.
නරක ආරංචි වලට පියාපත් තියෙන්නා හේ ඒවා තමයි ගූගල් එකේ සහන් කියලා ගැහුවත් උඩින්ම එන්නේ. ( ඒකට හේතුව වැඩි දෙනෙක් එවැනි දේවල් බලන නිසා පේජ් රෑන්කින් වලදී ඒ සෙවුම් ඉහළින්ම පෙන්නීම ).. ඔන්න ඉතින් අපේ ඊ මේල් කවිකාරි ගැහුවා ගූගල් වල මගේ නම..!
අම්මට සිරි මෙන්න එනවා පෝලිමට මට ගහපු මඩ ටික. එයාත් දැම්මා පෝස්ට් එකක් ලොකුවටම සහන් කියන්නේ මුස්ලිම් නාකියෙක්. කාමාතුරයෙක්. ගෑණු ධූෂණය කරන කෙනෙක් ආදී වශයෙන්. ඉතින් ඒ කුණු කුණුවත් බ්ලොග් අවකාශය පුරාම ගියා. මම ඒ කිසි දේකට උත්තර දුන්නේ නැහැ. . ඉස්සරත් මට ඇනෝ කමෙන්ට් වැටුණා එක දිගට.. මම ඉතින් ඒවා පස්සේ යන්නේ නැහැ...මොකද මට එවැනි දේවල් විහිලු පමණයි අඳබාලයන්ගේ.
නමුත් එවැනි දේවල් වලින් ඔයාටම පාඩුවක් වෙනවා සහන් කියලා මගේ බ්ලොග් මිතුරන් කියපු නිසා ඔන්න මාස 8 කට විතර පස්සේ මම ඒ ගැන පැහැදිළි කරලා පෝස්ට් එකක් දැම්මා මගේ උපන් දිනය සහ බ්ලොග් එකේ හිට්ස් 75,000 ත් එක්ක . මේ තියෙන්නේ ඒක..හැබැයි එවැනි පෝස්ට් FB තුළින් හුවමාරු වෙන්නේ නැහැ, චැට් කරද්දී කව්රුත් ඒ ගැන කියන්නේ නැහැ , කෝල් කරද්දී කියන්නේ නැහැ. අපේ අය බලන්නේ මිනිහෙක්ට ගහන්න විතරනේ.
02. ඉහත 01 විස්තර කරපු කුනුකන්දල් ටිකම දැන් ටිකක් මොඩ් වෙලා. අරගෙන් මෙයාගෙන් අහගන්න ඒවයි , ගොතන ඒවයි සේරම එකතු කරලා නියම කතා ටිකක් තියෙනවා.
"මමත් බූට් එකක් කෑවා " කියලා කිව්වොත් ඔන්න කතාව යනවා ගෑණි දාලා ගියා කියලා.
"වයිෆ් ලෙඩින්" කිව්වොත් වයිෆ් මැරිච්ච විදිහට කතාව යනවා.
"වයිෆ් සිංහල නෙවේ " කිව්වොත් කතාව යනවා සුද්දියෙක් බැඳගෙන සල්ලි වලට කියලා.
" ඔව් මට පිළිකාවක්.ඇයි මොකද ?" කියලා ඇහුවොත් යන්නේ ළඟට යන්න එපා බෝ වෙයි කියලා.
මට කැස්ස තියෙනවා ටිකක් තදින්. මට ක්ෂය රෝගය තියෙන විදිහට තමයි කතාව යන්නේ දැන්. තව ටික දවසකින් මට HIV AIDS කිව්වත් පුදුම නම් වෙන්න දෙයක් නැහැ.:D මගේ ලෙඩ ගැනත් උනන්දුයි මේ මහත්තුරු සහ නෝනලා ටික. ඉස්සර මම එළකිරි එකේ ඉද්දි බහින් බස් වීම් , විහිලුවට කියපු දේවල් තමයි මේ කට්ටියම අදටත්ඇදලා ගන්නේ.
03. මුස්ලිම් අයට පක්ෂව කතා කරපු නිසා මට ලැබුණ දේ තමයි ඒ. එතනින් පැහැදිළි වෙන්නෙත් සිංහල ජාතිය සතු අනිකා පෑගීමේ ලක්ෂණයමයි. සිංහල ජාතිය දිනෙන් දින පිරිහීම ගැන පුදුම වෙන්න දෙයක් නැහැ අපිට.
04. ඉස්සර එළකිරි එකේ ඉද්දි එතන අය කරන දෙයක් තමයි
" උඹ ඉස්කෝලේ ගියේ නැහැනේ. 8 පාස් වත් නැති උඹ කොහෙද ඕවා දන්නේ" කියලා විහිළුවක් කරන එක .
" උඹ අතන ලෝඩ් පකීර් වගේ කතා කරාට මේක බැහැනේ " කියලා කියන ලින්ක් එකක් දාන්න ගිහින් වැරදුණත්.
මම දැක්කා ඒ වගේ සිඟිති විහිලුත් වෙනවා මේ අස්සේ.
05. ඔන්න දැන් එමු අලුත් චෝදනා වලට එකින් එක.
වීඩියෝ එකක් දැම්මොත් වෙන දේ :- මම දාපු කොරල් මාලිගාව සම්බන්ධ පෝස්ට් එකේ වීඩියෝ එකක් මම දාලා තිබ්බා දකින්න ඇති. ඒ වීඩියෝව තුළ "කොරල් මාලිගාව " කියන දේ සත්‍ය රූප තිබ්බා. හැබැයි වැඩේ කියන්නේ කට්ටිය මගෙන් අහලා තිබ්බා
"සහන් ඔය කියන මාළිගාවේ රූපයක් දෙන්න" කියලා.. : ඒ කියන්නේ ඒ අය වීඩියෝ එක බලලාවත් නැතුව මට කියනවා මේක ඇත්තක් වෙන්න බැහැ කියලා.. මුළු වීඩියෝවම බැලුවා නම් කිසිම ගැටළුවක් එන්නේ නැහැ අකුරෙන් අකුර කොරල් මාළිගාවේ විස්තර එහි ඇතුලත් උනා. මට ඒක ඩවුන්ලෝඩ් කරගන්න බැරිව අන්තිමට සිරා තමයි mp3 එක ඩවුන්ලෝඩ් කරලා එව්වෙත්. ඒ බව සිරා දන්නවා.
මම දන්නවා විනාඩි 15 , 20 වීඩියෝ එකක් එම්බෙඩ් කරාට කිසි කෙනෙක් ඒක බලන්නේ නැහැ ඉවර වෙනකම්. ඊට වඩා හොඳයි නෙට් එකෙන් හෝ වීඩියෝවෙන් රූප ටිකක් අරන් දාන එක අසවල් දේ මේකයි අසවල් දේ අරකයි කියලා. කොරල් මාළිගාව ගැන පෝස්ට් එක මම ලියද්දි මට හමුවුණා බොහෝ දේවල්
"අයියෝ ඕක කරන්නේ අරහෙමයි මෙහෙමයි.අතනින් දාලා මෙතනින් ගත්තා නම් හරි" කියලා ඉතාම සැහැල්ලුවෙන් කියපු කතා. හැබැයි වැඩේ තියෙන්නේ එවැනි දෙයක් මේ වෙනකම් කිසිම කෙනෙක් හදලා නැහැ :D
කිසිම වීරයෙක්ට ටොන් 10 ක ගල් කුට්ටියක් තනියම උස්ස ගන්න බැහැ.වීඩියෝව දැන් වත් බලන්න .එහි උදාහරණ එක්ක තියෙනවා ගල් කුට්ටියක් දොඹකරයක් ආධාරයෙන් උස්සන්න ගන්න වෙහෙස ගැන.මට දැන් කියන්න එපා ටොන් 50 පවා උස්සන දොඹකර දැකලා නැද්ද කියලා. ඒවා මට කියලා වැඩක් නැහැ දැන්.
වීඩියෝ එකක ඇති දෙයක් වෙනම උපුටා දැම්මොත් වෙන දේ :- අවශ්‍ය කරන කොටස් ටික විතරක් එන විදිහට පොටෝ දැම්මොත් කියනවා ඇයි පොටෝ වලට නම් ගැහුවේ කියලා. පොටෝ වලට නම් ගහන්නේ වෙන මොකවත් නිසා නෙවේ කෙළින්ම බ්ලොග් පෝස්ට් කොපි කරන අය නිසා. පොටෝ එහෙකට නමක් හරි ගැහුවම කොපි කිරීම කරත් එහි දෙවෙනි තුන්වෙනි කොටස් බලන්න කට්ටිය එනවා. මම මීට කළින් ලියපු අකුණ පෝස්ට් එක මම දැක්කා බ්ලොග් අඩවි කීපයක තියෙනවා. මම දැනට සති දෙකකට කළින් වගේ ලියපු "රන් මිළ " පෝස්ට් එක මෙන්න මෙතන තියෙනවා .
sinhayareader.com/world-news/economy/gold-price-ounce?rd=1389110329599
මීට කළින් මම කොහේවත් කියලා නැහැ අනේ මම ලියපු එක අතන තියෙනවා කියලා.හැබැයි මේ බ්ලොග් අවකාශයේ බ්ලොග් වල සමහර අය නම් කෙළින්ම කියලා තියෙනවා "අපේ ඒවා කොපි කරන්න එපා" කියලා.මටනම් මගේ දෙයක් කව්රු ගත්තත් කමක් නැහැ.මම ලියපු දෙයක් වෙනත් කෙනෙක් දකින්නයි ඕනේ.කව්රු එයට ක්‍රෙඩිට් එක ගත්තත් මට ප්‍රශ්නයක් නැහැ. හැබැයි මම මගේ පෝස්ට් වලට බ්ලොග් එකේ නම ගහනවා ඒ තුළින් දෙවෙනි තුන් වෙනි කොටස් වලටත් කෙනෙක් ඒවි කියලා.
මේ වීඩියෝ මගෙන් විතරයි චෝදනාව:- මම මාරයාගේ පෝස්ට් එකේදී කිව්වා ඔන්න මම පෝස්ට් එකක් දානවා ඒවා නම් මගෙන් විතරයි කියලා පට්ට රණ්ඩුවක් මැද්දේ. අනේ එදා මම ඒ කියපු එක වචනයක් අල්ලන් තමයි මේ සේරම දෙනා නටන්නේ. මම ඒ පොටෝ වලට නම ගහපු එක තමයි මේ සේරම අල්ලන් නටන්නේ. මොකක් හරි දෙයක් ගැන ලියද්දි එයට අවශ්‍යම තැන් වලින් පොටෝ ගන්නේ ඇයි කියන දේ මම ඉහත කිව්වා. පොටෝ වලට නම ගහන්නේ ඇයි කියන දේත් කිව්වා. මෙහෙම දෙයක් වත් අග මුළ පටල ගන්නේ නැතුව ලෝකේ පෙරළන්න එන අය ගැන කිසිවෙක් කලබල වෙන්න ඕනේ නැහැ. ඒ ඒ අයගේ දැනුම් මට්ටම ගැන තීරණයක් ගත්තම ඉවරයි.
ටෙස්ලා කාර් එක මගේ චෝදනාව:- මම ඒ පෝස්ට් එකේදී පැහැදිලිවම කිව්වා "මට මගේ නමින් බයික් එකක් වත් නැහැ" කියලා.. වැඩේ තියෙන්නේ මගේ ඒ කමෙන්ට් එක කිසිම කෙනෙක් උපුටලා අරන් තිබ්බේ නැහැ.
හැබැයි මම W3 එකේදී ඇනෝ කෙනෙකුට කිව්වා " ඔව් ඒ කාර් එක මම ගත්තේ දැන් නිකම් පපුව පැළෙන්න වගේද ඉරිසියාවෙන් :P " කියලා... p මාර්ක් එකක් දැම්මා..
දිගින් දිගට වාදයට එද්දී මම කිව්වොත් එහෙම " ඔව් මම ඔක්කෝම දන්නවා අකුරක් නෑර.ඇයි මොකද " කියලා අන්න ඉවරයි.ඔබ දකින්න ඇතිනේ එවැනි කෙනෙක් සමග මම කරපු
වැඩේ තියෙන්නේ අන්න ඒ කමෙන්ට් එක තමයිහැම තැනම කිය කියා යන්නේ! හේතුව දැන් හොඳටම පැහැදිලිනේ. සහන්ට මඩ ගැසීමේ අරමුණ.
{ අන්තිමේදී ඔහුම කිව්වා "සහන් මම අහපු හැම දේකටම ස්කයිප් තුළින් උත්තර දුන්නා සහ ඔහුට කොච්චර අපහාස කරත් නොකියන දේ නොකියන බව" ...... එහෙම කියපු කෙනාම අනික් පැත්තට කරන දේවල් දකින්න ඇති ඔබ.. මට යුධ අපරාධ චෝදනාවක් පවා තිබුණා ඒ අතරේ. මම ඒ ගැනත් සොයලා බලන්නම් හිමින් සීරුවේ . }
වීඩියෝ වල ඇති දේවල් මැකීම :- මම වීඩියෝ එකකින් ගත්ත රූපයක මනුස්සයෙක් ඉන්නවා නම් වාහනයක අංක තහඩුවක් තියෙනවා නම් වෙනත් ගැටළුවක් වෙන දෙයක් ඇතිනම් එවැනි දේවල් මකනවා.ඉස්සරහටත් ඒක එහෙමයි.බය වෙන්න එපා.අතනද මකන්නේ මෙතනද මකන්නේ කියන දේ තීරණය කරන්නේ මම මිසක් කාගෙන් වත් අවසර අරන් නෙවේ. ඒ නිසා ඒ ගැන කලබල වෙන්නත් එපා. වීඩියෝ එකක බැජ් නම්බර් එකක් , වීඩියෝ ස්ක්‍රැම්බල් ID එකක් තියෙනවා නම් අනිවාර්යෙන්ම ඒක මකනවා. මොකද එයින් හොයන්න පුළුවන් සැටලයිට් සිග්නල් එක ගන්න ආයතනයේ නම. ( මම මෙතන පාවිච්චි කරේ වෘත්තීමය වචන නෙවේ. ටෙක්නිකල් ටර්ම්ස් වලින් කතා කරන්න ගිහින් වෙච්චි දේවල් දකින්න ඇතිනේ මීට කළින් )
උදා :- NHK ආයතනය මගින් ලබා ගත් නැරඹුම් ගිණුමක් මගින් සේවය ලබා ගනී නම් විටින් විට කෝඩ් අප්ඩේට් වීම/නොවීම තිරයේ දිස් වෙන්න පුළුවන්. එම කෝඩ් එක දුටු පමණින් කියන්න පුළුවන් මේ තරංගය එන්නේ SLRC වෙනුවෙන්ද ITN වෙනුවෙන්ද MTN වෙනුවෙන්ද MBC වෙනුවෙන්ද යනාදී වශයෙන්. එවැනි දේවල් ගැන මට තුන්වෙනි පාර්ශවයක අවවාද සහ අනුශාසනා අවශ්‍ය නැහැ. මකනවාම තමයි.
වීඩියෝ හොරකමක්ද:- රූපවාහිනී ආයතන මගින් තම තමන් සතු වාර්තා වැඩසටහන් හුවමාරු කරගන්නවා. එක්කෝ වෙළඳ අරමුණින් නැතිනම් වීඩියෝ හුවමාරු කරගැනීමේ ගිවිසුම් අනුව. ඉස්සර SLRC එකෙන් හදපු මැණික් පතල් කැපීම , පාරු කර්මාන්තය , සිංහරාජ වනාන්තරය ගැන වැනි අනෙක වැඩසටහන් ලොව පුරා මාධ්‍ය ආයතන වෙත දුන්නා. එසේම SLRC වෙතත් ලක්ෂ ගණනක වීඩියෝ ලැබුණා. රිචඩ් ද සොයිසා පවා සභාගී වූ වැඩසටහන් තියෙනවා .අද ජීවත් වන බොහෝ අය නම් ගම් දන්නෙවත් නැහැ රිචඩ් ගැන .හිමි නමක් ගිණිතියාගත් වීඩියෝව පවා පැය දෙක තුනක පමාවක් කිරීමෙන් පසු අනික් සහෝදර ආයතන වෙත ලබා දුන්නා. ඒක තමයි වීඩියෝ හුවමාරුවේ ස්වභාවය කියන්නේ ආයතන ආයතන අභ්‍යන්තරයේ වෙන. මෙවැනි දේවල් ගැන ජීවිතේට නාහපු අය වීඩියෝ හොරකමක් ගැන නීතිමය තත්වය පවා පැහැදිළි කරලා පෝස්ට් දාලා තියෙනවා දකිද්දී මට දුකයි ඔවුන්ගේ මට්ටම ගැන. යු ටියුබ් වීඩියෝ වලින් ලෝකය දෙස බලන අය ගැන අප කලබල වෙන්න ඕනේ නැහැ.
ඔහොම වීඩියෝ කියන තරම් තියෙනවා නම් ඇයි ඒවා ප්‍රචාරය කරන්නේ නැත්තේ :- මේ ප්රශ්නය අහන්න ඕනේ මගෙන් නෙවේ. රූපවාහිනී ආයතන ප්‍රධානීන්ගෙන්. අපෝ ඕවා පරණයි / අලුත් උනත් හිට් වෙන්නේ නැහැ / ඇඩ්වර්ටීස්මන්ට් ලැබෙන්නේ නැහැ වැනි අභියෝග ගොඩක් තියෙනවා ජය ගන්න. මාධ්‍ය ආයතනයක තියෙන හැලහැප්පීම ගැන මම පෝස්ට් දෙකක්ම ලියලා තියෙනවා. ඒවා බලන්න අවශ්‍ය අය විතරක්.වැරදිත් හොයන්න. හැබැයි ඉතින් නිෂ්ඵල දේවල් වෙනුවෙන් මම කාලය වැය කරන්නේ නැහැ. දැනුමට යමක් සොයන කෙනෙක් එයින් ගත හැකි ප්‍රයෝජනයක් ගනී. අනිත් අය තමන් දන්නා සෙල්ලම් ටිකෙන් සෙල්ලම් ගෙයක් හදයි. මම ඉතින් එවැනි දේ ගැන වෙහෙසෙන්නේ නැහැ.ඒ බව දැන් හොඳටම පැහැදිළි ඇතිනේ.
ශ්‍රී ලාංකික මාධ්‍ය භාවිතය , එහි විකාශය හා වත්මන් තත්වය . වෙනසක් අවශ්‍යද ? ඒ කුමක්ද ?Who should have a TV Channel ?
රූපවාහිනී ආයතනයක ප්‍රධාන පාලක මැදිරිය
කෙනී දෙමටගොඩගෙන් මම අහපු LED ප්රශ්නය :- මම දැක්කා වසර3 ,4 ක් පමණ පරණ දේවල් පවා අදිමින් කරලා තිබුණු විහිලුව. ඉලෙක්ට්‍රොනික් පරිපත ගැන උනන්දුවක් තියෙන ඕනෙම කෙනෙක් එවැනි දේවල් හදන්න හෝ වෙනත් බාහිර විස්තර ගැන අහන්න පෙළඹෙනවා. එයට හේතුව තමයි පරිපථයෙන් පරිපථයට සැළසුම වෙනස් වෙන්න පුළුවන්. එක් සුළු වෙනසකින් පරිපථයම දැවී යන්න පුළුවන්. ඒ නිසා එකම ක්ෂේත්රයේ ඉන්න කෙනෙක් දැක්ක හැටියේ අහනවා
අර පරිපථයේ විස්තර කොහොමද .
මම හැදුවේ මෙහෙම.ඒක වැඩ කරද්දී රත් උනා ,
කැප් පිපිරුවා ,
රෙසිස්ටර්ස් ඕවර් හීට් වෙනවා ,
ට්‍රාන්සිස්ටර් එකක් කොච්චර කරත් පිච්චෙනවා ,
LED ටික ඩිම් වෙනවා,
සති කීපයකින් පිච්චෙනවා ආදී වශයෙන්.
මේ විදිහට හුවමාරු කරගන්න තොරතුරු පොත් පත් වල නැහැ. මේවට කියන්නේ වෘත්තීය අද්දැකීම්. වෘත්තීය අද්දැකීම් හුවමාරු කරගන්න PhD තියෙන්න ඕනෙත් නැහැ CEO කෙනෙක් වෙන්න/නොවෙන්න ඕනේ නැහැ. මම අර මුළින් කියපු සිඟිති ප්‍රශ්න ක්‍රමය මතකනේ.මෙතනත් වෙන්නේ ඒ දේ. එකම අරමුණ සහන් ගැන වෛරයක් ඇති කිරීම පමණයි. අපි ඉතින් එවැනි දේ ගැන කලබල වෙන්න ඕනේ නැහැ.
LED ගැන නැවත :- LED යොදාගෙන නිවසකට උචිත විදිහට බල්බ් හැදීම කියන දේ දැනට වසර 3 කට විතර කළින් අද තරම් පහසු උනේ නැහැ. එයට හේතුව තමයි LED වෙනුවෙන් ස්ථාවර වෝල්ටීයතාවයක් සැපයියයුතු වීම. 3V ලෙස සඳහන් බල්බයකට 3.6V පමණ ලැබෙන්න ගත්තොත් පැය 6 ක් පමණ බල්බයේ ආයු කාලය බෙහෙවින් අඩුවෙනවා. සූත්‍රිකා පහන් වගේ විශාල වෝල්ටීය පරාසයකට ඔරොත්තු දෙන්නේ නැහැ. ( දැන් කියන්න එපා 3v LED ගැන විතරද දන්නේ කියලා. වෝල්ටීයතාවය කීයක් වෙන LED එකක් ගත්තත් පොදු ගැටළුවක් එනවා ප්‍රධාන සැපයුම් ධාරාවේ අගය උච්ච්වචනය වීම එක්ක )
i.නියමිත විදිහට වෝල්ටීයතාවයක් දෙන්න බැරිද :- දෙන්න පුළුවන්. හැබැයි පිට කොටුවේ තියෙන සත 50 රෙසිස්ටර්ස් ,ට්‍රාන්සිස්ටර්ස් කැපසිටර්ස් IC , ඩයෝඩ් අරන් මේ වැඩේ කරන්න අමාරුයි. එහි අගය 12%+- විතර වෙනස් වෙනවා ඇතැම් විට . ( දැන් කියයිද දන්නේ නැහැ IC වල අගය වෙනස් වෙනවා කියලා ඇහුවමයි කියලා.. සිඟිති ප්‍රශ්න අහන අය ගැන කලබල වෙන්න එපා )
නිසි ලෙස සකස් නොවූ පරිපථයක ඇති ට්‍රාන්සිස්ටර් එකක බේස් කරන්ට් වෙනස් වීමක් නිසා පිටවන වෝල්ටීයතාවය 1v සිට 2 v දක්වා උනත් වෙනස් වෙන්න පුළුවන්. ඒ වෙනස හොඳටම ඇති සුරුස් ගාලා බල්බ් ටික පිච්චිලා යන්න.
ii. වෝල්ටේජ් රෙගිව්ලේටරයක් දැම්මා නම ගොඩනේ කියාවි මේ ටික දැකපු හැටියේ. එහෙම දෙයක් කරනවා නම් වොට් 3 - 12 පමණ වෙන රෙගිව්ලේටරයක් හෝ රෙගිව්ලේටර පද්ධතියක් , ට්‍රාන්ස්ෆෝමර් එකක් ඕනේ. ( නැත්නම් smps එකක් ඕනේ.මේ ගැන පසුව කියන්නම් ). දැන් ඔය ඔක්කෝම දාලා හදන්න කීයක් යනවද?මෙන්න මේ නිසයි හදන්න කළින් හදපු එක්කෙනෙක්ගෙන් අහන්නේ හදන්නද/එපාද / වැඩ කරාද/ගැටළුවක් ආවද කියලා. මොරටුවෙන් ආව එන්ජිනියර් කෙනෙක් උනත් මෙහෙම දෙයක් ගැන අහනවා 8 වසරේ පොඩි ළමයෙක්ගෙන් උනත්..එය ලැජ්ජාවට කරුණක් නෙවේ. මොකද පළපුරුද්දෙන් ලත් අද්දැකීමක් වටිනවා.
iii.මේ සේරම කරලත් බල්බ් ටික ටික දවසකින් ඩිම් උනොත්මොකද කරන්නේ? මෙන්න මෙතැනදී තමයි මිළ කියන සාධකය එන්නේ. රුපියල් 400 ක් විතර වියදම් කරන්න ඕනේ ප්‍රමාණවත් එළියක් ගන්න පුළුවන් වෙන විදිහේ බල්බ් එකක් හදන්න. LED ටිකටම ඇතැම් විට 300 කට වැඩිය යන්න පුළුවන්. මොන වර්ගයේ බල්බ්ද ගන්න ඕනේ කියලා මෙතැනදී නම් අනිවාර්යෙන්ම පළපුරුද්ද ඇති කෙනෙක්ගෙන් අහන්නම ඕනේ! නැත්නම් වෙන්නේ සියලු මුදල් වතුරේ යෑම.
iv. ඔය මම කිව්වේ මීට වසර 3 , 4 කට කළින් තත්වය.අද වෙද්දී නම් කෙළින්ම සුරුස් ගාලා හදන්න පුළුවන් කිට්ම තියෙනවා. ඉස්සර අපි මේවා හැදුවේ ආසාවට මිසක් ආර්ථික ලාබයක් බලාගෙන නෙවේ. කෙනී පවා ඒවා කලේ ආසාවට පමණයි. අපි ඉස්සර කරපු දේවල් පවා සූක්ෂ්මව " මහ ලොකු ඉන්ජිනියර් LED එකක් හයි කරගන්න දන්නේ නැද්ද " කියලා මඩ ගැසීමේ අරමුණින් යොදාගෙන තිබුණේ ඔහොමයි මට CEO ලේබලේ ගහලා. CEO ලේබලේ පයිලට් ලේබලේ එන්ජිනියර් ලේබලේ ගැහුවේ මෙන්න මෙහෙම දේකට යොදා ගන්නයි මේ මිනිස්සු. මහා ලොකු ඉන්ජිනියර් ඕවා දන්නේ නැද්ද කිව්වම වැඩේ ඉවරයි කියලා හිතන්! අනතුරට පත් පයිලට් කෙනෙක් ගැන ගුවන් හමුදා මූලස්ථානයේ ඇති තොරතුරු Google මගින්හෙව්වෙත් මේ මිනිස්සුමයි. තේරෙනවනේ සිඟිති විනෝදයේ තරම. ගුවන් හමුදා මූලස්ථානයේ ඇති දේවල් පවා ගූගල් වලින් හොයන්න යන මිනිස්සු ගැන කලබල වෙන්න එපා.
v. එහෙනම් කොහොමද CFL , අලුත් LED බල්බ ලස්සනට හදලා එවන්නේ? ඒවට යොදාගන්නේ smps කියන ක්‍රමය වෝල්ටීයතාවය පාලනය කරන්න. smps පරිපථයක් සාමාන්‍ය ගෙදර දොරේදී හදාගන්න එක සුදුසු නැහැ. හදන්න ගිහින් වෙන සුළු වැරද්දකින් වෝල්ට් 100 විතර එන්න පුළුවන් එක මොහොතේන්. අන්තිමට ජීවිතත් නැති වෙලා ඉවර වෙන්න පුළුවන්. හරි හමන් බඩු මුට්ටු වලින් විතරයි smps හදන්න ඕනේ. මහා පරිමාණයෙන් බල්බ් නිපදවන ආයතනයක් තුළ smps වර්ගයේ වෝල්ටීයතා පාලකයක් ඉතා අඩු පරිශ්‍රමයකින් හදන්න පුළුවන් වගේම ඔවුන් යොදාගන්නෙත් smps වර්ගයේ ඒකකමයි. මහා පරිමාණයෙන් කරද්දී එවැනි දේවල් ඉතාම ලේසියෙන් හදන්න පුළුවන්. වර්තමානයේ එන බොහෝ විදුලි උපකරණ වල වෝල්ටීයතාවය පාලනය කරන්නේ smps මගින්. හැබැයි අපිට නිකම්ම ගෙදරදී ඒවා කරන්න බැහැ.මේ ලිපිය smps ගැන නොවෙන නිසා දැනට මෙතනින් නවත්තනවා.
vi.ඉස්සර ඇම්ප්ලිෆයර් හදන ආසාව තිබුණ අය දන්නවා ඇති කොච්චර නම් STK සර්කිට් හොය හොයා ගියාද කියලා. බැහැ බැහැ ඕක නෙවේ මචන් මේක හදමු කිය කියනවා. ඒක හදන්න එපා බේස් නැහැ කියනවා තව කෙනෙක්. අපෝ IC එක පිච්චෙනවා රත් වෙලා කියයි තව කෙනෙක්. එදා ලබපු හුරුව අදට උනත් දෙයක් කරද්දී අපි කා තුළත් තියෙනවා.දෙයක් කරන්න කළින් අපි අහනවා. එවැනි දේවල් පවා සමච්චලයට ගන්න අය තමයි ඉන්නේ තමන්ගේ සිඟිති සතුටක් වෙනුවෙන්. බව්ත්( ඊයම් පෑස්සුම උපකරණයක්) එකක් අතින් අල්ලා නැති අය මම වීඩියෝ වලින් දාපු දේවල් අරන් කියපු දේවල් වල මට්ටම දකිද්දී මට අනුකම්පාවක් ඇති වුනා ඔවුන් ගැන.හැබැයි ඒ අය සිඟිති සතුටක් ගද්දි විශය ගැන වැටහීමක් තියෙන කෙනාට තේරෙනවා කව්ද බොරු කාරයා කව්ද මඩ කාරයා කියන දේ.
vii. ඔය තරම් සෙල්ලම් කරන වෙලාවේ වර්තමානයේ කඩේ තියෙන බල්බ් එකක් 500 ක් දීලා ගෙදර ගේන එක තමයි ලේසි. CFL බල්බ් එකක් දාන එක ඊටත් ලේසියි. ආසාවට දෙයක් හැදීම සහ කඩෙන් ගේන එක කියන්නේ දෙකක්. සර්කිට් පිස්සුව තියෙන අය දන්නවා ඇති කොච්චර සල්ලි වියදම් කරන් මේවා කරලා ඇතිද කියන දේ. සර්කිට් එකක පාත් එකක් ෂෝට් වෙලා තිබ්බොත් සියල්ල ඉවරයි. එක ඊයම් ඩොට් එකක් වැරදියට තියලා තිබ්බොත් සියල්ල ඉවරයි. කම්බි කෑල්ලක් වෙන කොහේ හරි ගෑවිලා තිබ්බොත් ඉවරයි.අද්දැකීම් නැති කෙනෙකුට නම් මේවා වචන විතරයි. අරහෙන් දාලා මෙහෙන් ගත්තා කියයි. හැබැයි කරලා බලන්න ඕනේ තියෙන අමාරුව.
මට තියෙන ගැටලුව අච්චර මට මඩ ගහන්න දරපු මහන්සියෙන් මිනිහෙකුට වැදගත් දෙයක් කරා නම් කොච්චර වටිනවද? චන්ද්‍රිකා ගැන තව කරුණු ටිකක් අර වීඩියෝ එකෙන්ම අරගෙන ලිව්වා නම් කොච්චර වටිනවද ?ටෙස්ලා කාර් එක ගැන තව විස්තර ටිකක් ඒ වීඩියෝ එකෙන් බලලා ලිව්වා නම් කොච්චර වටිනවද? ඩොලර් 170 එහෙම නැත්නම් රුපියල් 20,000 කට ආසන්න වෙන මුදලක් වියදම් කරලා ඇණයක් හදන්නේ ඇයි කියල ලිව්වා නම් කොච්චර වටිනවද ?
කිසි කෙනෙක් බය වෙන්න එපා.ඒ සියලු දේ ගැන මම ලියනවා ඕනෙම පොඩි ළමයෙකුට උනත් තේරෙන විදිහට මට පුළුවන් විදිහට සහ මට ඇති අවබෝධයෙන්, වැරද්දක් තිබ්බොත් නිවැරදි කරන්න ඔබ විසින්. මට කාලය දෙන්න. මොකද මට කරන්න වැඩ තියෙනවා එදිනෙදා ජීවිතය තුළදී.අනිත් අයට වගේ අනුන්ගේ රෙදි අස්සේ රිංග රිංග ඉන්න නම් වෙලාවක් නැහැ.ඒ නිසා සතියට දෙකට පෝස්ට් දාන්න මට බැහැ.
06. මේ බ්ලොග් අවකාශය තුළදී මම ඉතාම සුහදව ඉන්න බව දැකලා ඇති. අනික් අයට කරන්න පුළුවන් උදව්වක් තිබ්බොත් මම ඒක කරනවා. කිසිම කෙනෙක් එක්ක ලොකු කමින් ඉඳලා නැහැ. හැබැයි බලු වැඩ කරන බල්ලන්ට සහ ඔවුන්ගේ ස්ත්‍රී පක්ෂයේ අයට මම කියන්න ඕනේ දේ කෙළින්ම කියනවා. මම හැමදාම කියන දෙයක් තමයි මට මෙතනින් කාගේ වත් චරිත සහතික වැඩක් නැහැ. මූණට එකක් කියන පස්සට තව එකක් කියන අයව මට කොහෙත්ම වැඩක් නැහැ. මම මිනිස්සුන්ට උදව් කරපුවා , වචනෙකින් හෝ සහය දීපුවා , LTTE යට විරුද්ධව කතා කරපුවා , අන්තිම තිරිසන් ලෙස හිමි නමක් විවේචනය කරද්දී එයට විරුද්ධ වූ දේවල් , රට ගැන කතා කරපු දේවල් අද කාටවත් මතක නැහැ.
උදිත මීගහතැන්න මම උපාලි මැස්ඩා ලිපිය දාපු වෙලාවේ කිව්වා " සහන් ඔබ මගේ ලේ සොයුරෙක් හැටියට පිළිගන්නවා අදින් පසු" කියලා .. අනේ මෙන්න සති දෙක තුනක් යද්දී උදිත මගේ නෝනව ඉල්ලනවා ලිංගිකව සතුටු වෙන්න. ඊටත් පස්සේ මට පිස්සු ලේබලේ ගහලා තිබ්බා..
ලේ සොයුරා කියපු කෙනාම මගේ නෝනා සමග හිතින් ලිංගිකව එකතු වී මට පිස්සු ලේබලේත් ගැහුවා. !
ඔන්න ඕකයි මේ බ්ලොග් කලාවේ හැටි.තව මහත්තුරු සහ නෝනලා සෑහෙන පිරිසක් ඉන්නවා මෙහෙම කරපු.මට ඒ සියලු දෙනාවම මතකයි හොඳ හැටි. හැබැයි මම ඔබේ තත්වයට වැටෙන්නේ නැහැ. සහන්ට ඇති තෙක් කතා හදන්න. පද බඳින්න. බොරු ගොතන්න. සත්‍ය බොරුවලෙස පෙන්වන්න. මට කිසිම ගැටළුවක් නැහැ. මට ඔබේ චරිත සහතික වැඩක් නැහැ.
07. හිට්ස් ගැන මට ඇති ආසවක් නැහැ. අඩුම තරමේ හිට්ස් 100,000 වෙනුවෙන් වත් මට පෝස්ට් එකක් දාන්න විවේකයක් ලැබුණේ නැහැ. නිකන් කුණුහරප ලියලා හිට්ස් වැඩක් නැහැ.. කෙනෙකුට දෙයක් ඉගෙන ගන්න පුළුවන් යමක් දීම ඇර මට වෙන උවමනාවක් නැහැ. මම මේ ඔක්කෝම දන්නේ නැහැ අකුරක් නෑර .මට පුළුවන් විදිහට ලියනවා මිසක් සහ මම නොදන්නා දෙයක් නිහතමානීව අසා දැනගන්නවා මිසක් . හැබැයි මට තේරෙනවා වැරදි හොයන්න එන අය සහ සද්භාවයෙන් ගුණ දොස් කියන අයගේ වෙනස. මට වෙනස හොඳට තේරෙනවා .
මම මේ ටික හරි ලිව්වේ විචාරක තුමා සහ කෙන්ජි අයියා ඇතුළු වෙනත් ළඟම කීප දෙනෙක් කියපු නිසා පමණයි. ලියනවා නම් තව සෑහෙන දේවල් ලියන්න පුළුවන් නම් ගම් පටලලා. ඒත් මට එහෙම කරන්න ඕනේ නැහැ. මේ එක්කම ඉතින් අනිත් අය දාලා තියෙන අනුන් නොමග යවන කරුණු සහිත ලිපි වල නම් නිරුවත මම හෙළි කරනවා ඔවුන්ගේ කැරැට්ටුව එක්කම ඊළඟ පෝස්ට් එකකින්.
08. සහන් කියන කෙනා පුද්ගලික දුරකථන අංකයකින් කතා කරලා තියෙන්නේ 4 දෙනෙක් සමග පමණයි. ඒත් වාර දෙකකට වඩා අඩුවෙන්. මම කිසිම කෙනෙකු සමග කිසිම ගණුදෙනුවක් , මුදල් හුවමාරුවක් කරලා නැහැ. අනිත් මෝඩයෝ එවැනි දේවල් කරගෙන රට පටලා ගත්තට අපිට කරන්න දෙයක් නැහැ. රට වටේ ඇනෝ කමෙන්ට් දදා ගියාට සල්ලි හම්බෙන්නේ නැහැ. හිතේ දුකට අනිත් මිනිස්සුන්ට මඩ ගැහුවට වැඩක් වෙන්නේ නැහැ. මේවා සිඟිති ආතල් විතරයි. බොරු ගෙතුවට අපිට කිසිම හානියක් වෙන්නේ නැහැ.
ඔහුගේ ප්රෝෆයිලයෙන්ම " සහන්ගේ නෝනා ගියපු තැනටම ඔයත් යාවි මොළේ නහරයක් පුපුරලා " වගේ කතාවක් කියලා තිබ්බා මම ලියපු කොරල් මාලිගාව පෝස්ට් එකේදී.. ඔහුම කියනවා "අපි වෙඩි තියන්නේ සීනි දාලා. කූඹි කාලා මැරෙන්න " කියලා..බලන්න කොච්චර අඳබාල කතාද ඒ ..? මම නම් O/L කාලේදී වත් ඔහොම කතා කියලා නැහැ. මෙවැනි මානසික රෝගීන් කරන දේවල් ගැන කලබල වෙන්න එපා.
( අර අනික් මානසික රෝගියා ගැන නම් කීමත් නිෂ්ඵලයි.මගේ වචන අපරාදේ )
ඒ වගේම සියලු දෙනාට කියන්න ඕනේ ඉන්දික උපශාන්ත වැනි තිරිසන් මඩ බ්ලොග් කරුවන්ට බය වෙන්න එපා. ඔවුන්ට කරන්න පුළුවන් දේ ටිකයි. ඒ බැරි උනාම මට වගේ තිරිසන් කතා හදලා ඇනෝ කමෙන්ට් ටිකක් දායි මාසයක් දෙක තුනක් යනකම්. එවැනි ගෑණු ගැන කලබල වෙන්න එපා. එවැනි දේවල් දැක්ක තැන විරුද්ධ වෙන්න.මොකද සිංහල බ්ලොග් අවකාශය කියන්නේ රැකගන්න ඕනේ දෙයක්.මේක කාගෙවත් බූදලයක් නෙවේ.මේකේ කව්රුත් ලොක්කෝ , පකීර්ලා නැහැ. බල්ලෝ බිරුවට කඳු හෙල්ලෙනේ නැහැ. ඒ වගේම නිවට කොන්දක් නැති එහෙයියෝ කියන ඒවා ගණන් ගන්නත් එපා. උන් ටිකත් පරිස්සම් පිට ඉන්න.
සහන්ට තිබුණ හයිය ඔබට නැති වෙන්න පුළුවන් මෙහෙම දේකට තනියම මුහුණ දෙන්න. ඔබට කවදා හරි මේ බල්ලෝ බලු කතාවක් කිව්වොත් සහන් උත්තර දීපු හැටි මතක් කරගන්න. කෙන්ජිත් මේ වැඩේ කරාවි. බල්ලෙක් දැක්ක තැන ඔවුන්ගේ ගමන නවත්තන්න. නැත්නම් වෙන්නේ පළාතම විනාශ වෙන එක. සිංහල බ්ලොග් යනු එකාට එකා මරාගන්න තැනක් කියලා ලේබල් වැදීම සහ වැදගත් මහත්මා ගති ඇති අය මෙයින් ඉවත් වීම. මෙවන් පහත් මඩ බ්ලොග් හිමියන්ගේ අරමුණත් ඒකමයි. මෙතනට වෙලා කුණුහරප කියමින් සිඟිති සතුටක් ලැබීම.
මේ ලිපි නම් මඩ පෝස්ට් වගේ FB තුළින් , චැට් තුළින් , ස්කයිප් තුළින් යන එකක් නැහැ. ලින්ක් ෂෙයාර් වෙන එකකුත් නැහැ.
ලෝකයටම විරුවෙක් වූ කෙනෙකුට කළ දේ සහ රටේ ඉහළම තනතුරට මහ දවල් හූ කීම කලෙත් මේ මිනිස්සුමයි. සිංහල ජාතිය ගැන ආදරයක් ඇති නම් දැන් වත් හරි තීරණයක් ගන්න. මඩ කරුවන් සමග පල් වෙනවාද ? ඔවුන්ගෙන් බැහැර වෙනවාද?
July 25, 2013
ළන් වීමක මිහිර .
ජීවිතයේ අනේක අවස්ථාවන්හීදි යම් පුදගලයින් හා කතා බහ කිරීමටත් , එක්ව රාජකාරි කරන්නටත් සිදු වේ. ඇතැමුන් තුළින් කිසිදු විශේෂයක් පිළිඹිබු නොවූවද , ඇතැමුන් අපටත් හොරා අප සිත් පැහැරගන්නා අවස්ථා මා ජීවිතය තුලදී අද්දැක ඇත. විටක ඔවුන්ගේ ගුප්ත හැසිරීම අප සිත් සොරා ගනී , තවත් විටක ඔවුන්ගේ කතා විලාසය අප සිත් සොරා ගනී. රාජකාරීමය වශයෙන් හමුවුවද ඇතැම් අය අපටද නොදැනී ජීවිතයම වෙලා ගනී. රාත්‍රී නිදි යහනේ සිටින නොයෙක් වර එවැන්නන් ගැන කල්පනා කරන වාර අනන්තය. කිසිදු අගක් මුළක් සිතා ගැන්මට නොහැකිව " මැදක් " පමණක් ඉතිරිව තිබියදී ඔවුන් සැඟවී හමාරය. කොහි සිට ආවෙහිද , කොහි යන්නේදැයි සිතා ගැනීමට තබා ඔවුන් මෙහි කුමක් කරනේදැයි යන්නවත් සිතා ගැනීම පෙහේළිකාවකි.
ඈ යුරෝපයේ පදිංචිකාරියකි. හැඩකාරියකි. නිතර වෙනස් වන සුළු ලෝකය සමග මනාව ජීවිතය හැඩගස්වා ගන්නියකි. එහෙත් එහෙත් එහෙත් ඈ තුළින් හෙළි නොවන යම් දෙයක් ඇත. ඇගේ ජීවිතයෙන් පුරා වසර 8 පමණ කාලයක් සම්පූර්ණ හිඩැසකි . ඒ ගැන මතකයන් අලුත් වන සෑම විටකදීම ඇගේ හැසිරීම් මා නිරීක්ෂණය කර ඇත. ඈ මටත් සඟවා හෙළන සුසුම් දැනෙන්නට තරම් මාද ඇයට ලංවී හමාරය . ඇයටද නොදැනී ඇයව වෙනත් ලෝවකට ඇදී යන සැටි , තත්පර 20 කට පමණ පසු මතකයෙන් නික්ම මා දෙසට හැරී " ඉතින් ශාන් කියන්න " කියමින් වෙනත් මාතෘකාවක් මා හා මුල පුරයි.
ඈ අපහසුතාවයට පත් විය හැකි යැයි සිතා ඇගේ සුසුමට හේතුව මෙතෙක් විමසා නැත. එහෙත් ඇය ගැන මතකයන් සමඟ රෑ නිදි යහනේ තනි වන මගේ සුසුම් හඬ දැන් දැන් මටද බරක් , අපහසුවක් ගෙනෙන්නට වේ.
හොර රහසෙන් මා ඇයව තේරුම් ගැනීමට පෙළඹි සිටින්නේ මේ නිසාය. සිතේ කොණක අගුලු ලා ඇති අතීතයක් යලි ඇවිස්සීම යනු තුවාලයක් පෑරීමක් බඳුය. එසේ පෑරීමෙන් පසු නිසි අවධානයකින් ප්‍රතිකාරයක් නොලදහොත් ලේ විලක් මැදම ඈ දිවි නිමා කරණු ඇත. ඉතින් පැසවූ තුවාලය රෙදි පටියකින් බැඳ සඟවා ගනිමින් හැකිතාක් කාලයක් ජීවත් වීම වටි යැයි ඈ සිතනවා විය හැකිය. අනිවාර්යෙන්ම මේතාක් කාලය පුරා අමිහිරි අද්දැකීම් තුළින් ඇගේ තුවාලය පෑරුණු වාර ගණන අනන්ත විය යුතුය.
July 22, 2013
රහතන් වහන්සේ නමක් ඒහි භික්ෂු භාවයට පත් කරන්නේ ඇයි ? කල නොහැකි අවස්ථාවන් .
බොහෝ දෙනා පිංකම් වලදී අටපිරිකරයන් පූජා කර ඇති. එහෙත් මෙයින් ලැබෙන ආනිසංස ගැන වැටහීමක් නැතිවා වන්නට පිළිවන. ඒ නිසා මෙම සටහන තැබීමට සිතුවෙමි. බෞද්ධ ආගමිකයන්ගේ එකම අරමුණ නිර්වාණය සක්ෂාත් කරගැනීමයි. එනම් බුද්ධත්වය , පසේ බුද්ධත්වය , රහත් යන බෝධීන් තුනෙන් එකකට පත් වීමෙනි. වැඩි දුර කතාබහ කිරීමට ප්‍රථම ඒ ගැන සුළු අවබෝධයක් ලබාගත යුතුය.
බුද්ධත්වය.
ලොව්තුරා බුදුන් වහන්සේ නමකට තමා විසින්ම දුක , දුක ඇති වීමට හේතුව , දුකින් එතෙර වීමේ මග අවබෝධ කොටගෙන , දුකින් නිරෝධනය වීමට හැකියාවක් ඇත්තා සේම ; ධර්මාවබෝධය ලැබීමට පෙරුම්පුරා පැමිණෙන ඕනෑම කෙනෙකු හට ( ත්‍රිහේතුක ප්‍රතිසංදියක් ඇත්තෙකු හට ) නිර්වාණය සඳහා කරුණු කාරනා අවබෝධ කරවීමට හැකියාව ඇත. එකිනෙකාගේ බුද්ධි මට්ටම තේරුම් ගෙන ඉලක්කගතව ඒ ඒ පුද්ගලයාට කරුණු පැහැදිළි කිරීමේ හැකියාව ඇත. ( එකිනෙකාගේ බුද්ධි මට්ටම තේරුම් ගෙන ඉලක්කගතව කරුණු පැහැදිළි කිරීමේ හැකියාව සිව්පිලිසිඹියාපත් රහතන් වහන්සේ නමකටද ඇත )
පසේ බුද්ධත්වය.
පසේ බුදුන් වහන්සේ නමකට තමා විසින්ම දුක , දුක ඇති වීමට හේතුව , දුකින් එතෙර වීමේ මග අවබෝධ කොටගෙන , දුකින් නිරෝධනය වීමට හැකියාවක් ඇත්තා වුවද වෙනත් කිසිදු කෙනෙකු හට එම ධර්මය අවබෝධ කරවීම සඳහා කරුණු කාරනා පැහැදිළි කර දීමේ හැකියාවක් නැත ( සරළම පැහැදිළි කිරීම ) . එහෙත් සාමාන්‍ය පෘතග්ජන පුද්ගලයන් හට පවින් වැළකීමේ ආනිසංස , යහමගට ඒමේ ආනිසංස වැනි දේ ගැන කරුණු වටහා දීමේ සමත් කම් ඇත. ඒ ඇරුණුකොට සමස්ථ ධර්මස්කන්ධයම සිතේ ධාරණය කරගනිමින් එකින් එක අවශ්‍ය ස්ථානයේදී ගැළපෙන ලෙස ලිහා දීමට පසේ බුදුන්වහන්සේ කෙනෙකුන් හට බැරිය. ( පසේ බුදුවරුන් ගොළු වේ වැනි මනස්ගාත ඇත්නම් එය ඉවත් කරගන්න ) ..
රහතන් වහන්සේ.
ලොව්තුරා බුද්ධත්වයට පත් වහන්සේ නමකගෙන් ධර්ම කරුණු එකින් එක අසා දැනගනිමින් නිර්වාණ මගට පත් වේ ( රහත් ඵලයට ). එසේම වෙනත් අයටද නිර්වාණාවබෝධය සඳහා ධර්ම කොටස් එකින් එක වෙන් කර දීමේ හැකියාව ඇත. එසේම සිව්පිලිසිඹියාපත් රහතන් වහන්සේ නමකට මීටත් වඩා හැකියාවන් ප්‍රමාණයක් පොදුවේ හිමි වේ. ( භාෂා සියයක් කතා කිරීමේ හැකියාව , අසූහාරදහසක් වූ ධර්මස්කන්ධය ධාරණය කරවීමට සමත් බුද්ධියක් , පුද්ගලයෙකුගේ චෛතසිකයන් නිවැරදිව හඳුනාගැනීමට ....... , ........ , අර්ථ, ධර්ම, නිරුක්ති, පටිභාන පටිසම්බිදාන ඥානයන් ආදී වශයෙන්. ඒ ගැන වෙනත් ලිපියකින් ) එසේම සංසාරයේ පුරණා ලද පාරමී අනුව රහතන්වහන්සේලා අතර එකිනෙකට දෙවෙනි නොවන්නා වූ හැකියාවන් ඇති රහතන් වහන්සේලාද පහල වේ. උදාහරණයක් :- ඍර්ධි ලාබීන්ගේ අග්‍රස්ථානය මුගලන් තෙරුණුවන් වන විට , බුද්ධිමත් රහතන් වහන්සේලා අතරින් අග්‍රස්ථානය සැරියුත් තෙරණුවන් වේ. ( මේවා වෙන වෙනම පැහැදිළි කල යුතු කරුණු වේ )
රහත් භික්ෂූන් වහන්සේගේ පැවැත්මෙහි අවශ්‍යතාවය.
බුද්ධශාසනයේ පැවැත්ම සඳහා බුදු කෙනෙකුට පමණක් දෙවෙනි වන්නා වූ මෙහෙයක් ඉටු වන්නේ රහතන්වහන්සේලාගේ අතිනි. පරපුරෙන් පරපුරට ධර්මය පවත්වාගෙනයාම , ධර්මය සොයා එන්නන් හට ධර්මය වටහාදීම , ඇති වන ගැටලුසහගත තැන් නිරවුල් කර දීම , අනාගතය උදෙසා ධර්මය ආරක්ෂා කිරීම ආදී වශයෙන් බොහෝ උත්තම කාර්යන් රාශියක් රහතන්වහන්සේලා අතින් ඉටු වේ.
බුද්ධඃප්‍රමුඛ මහා සංඝයා සහ ගිහි දායක-දායිකාවන්ගේ සභාගීත්වයෙන් බුද්ධශාසනයේ මූලික පැවැත්ම සිදු වේ. බුදු කෙනෙකු විසින් අවබෝධ කරගන්නා වූ ධර්මය අසා දැනගෙන , ඒ මගෙහි යන්නෙකු අවසානයේදී රහත් ඵලයට පැමිණෙන බව ඉහත සඳහන්. යම් කිසි භික්ෂුවක් භික්ෂූත්වයේ සිටියදී රහත් ඵලයට පැමිණියේ නම් , එම භික්ෂුව රහත් භික්ෂුවක් බවට පත් වේ.
එහෙත් යම් කිසි අයුරකින් ගිහි ස්වභාවයෙන් සිටියදීම අයෙක් බුදු කෙනෙකු ඉදිරියේ ධර්මය අවබෝධ කර රහත් භාවයට පත් වූයේ නම් එම රහතන් වහන්සේට ඒහිභික්ෂුභාවයෙන් පැවිදි උපසම්පදාව ලබා දිය යුතුය. කිසිදු ගිහි රහතන්වහන්සේ නමකට ගිහි ස්වරූපයෙන් පැවැත්මක් ගෙන යා නොහැකිය. එම නිසා බුදුන්වහන්සේ විසින් එම රහතන්වහන්සේව ඒහිභික්ෂූභාවයට පත් කරලනු ලබයි. නැතහොත් නියත වශයෙන්ම පිරිනිවන් පෑමට පැමිණේ!
( මෙයින් පහතට ඇති කොටස් සඳහා නියමිත අයුරින් ගෞරව පදයෙන් ඇමතීම යෙහෙකි. කළේය = කල සේක ආදී වශයෙන් )
ඒහි භික්ෂුභාවය යනු බුදුන් විසින් දකුණු අත දිගු කර " මහණ මෙහි එව " යනුවෙන් ආමන්ත්‍රණය කරමින් එම භික්ෂුවට තමා අභිමුඛයට පැමිණීමට අණ කිරීමයි ( යුධ සේවයේ වැනි අණ දීමක් නොවේ ) . එවිට හිස් රැවුල් බෑවී , පාත්‍රා සිවුරු පහළ වී බුදු පා මුලට පැමිණේ.
ඒහිභික්ෂුභාවයට පත් කිරීමට සිදු වූ අවස්ථාවක්.
දිනක් අප ගෞතමයන් වහන්සේට වඩින මගදී ඇතෙකු පිට යන තරුණයෙක් දකින්නට ලැබෙනවා. මේ තරුණයාද බුදුන් දුටුවනම බුදුන් වහන්සේට වැඳ ආචාර කොට නික්මෙනවා. ඔහු පිටව ගිය පසු බුදුන්වහන්සේ විසින් මද සිනහවක් පහල කළේය. බුදුවහන්සේගේ වෙනස් වීම දුටු සැරියුත් මහා රහතන්වහන්සේ විසින් සිනහා පහල කිරීමට හේතුව විමසුවේය.
" පිංවත් සාරිපුත්තය ඔබ මේ දුටු තරුණයා අද සවස් වීමට ප්‍රථම රහත් භාවයට පත් වනවා. ඒ බැව් දැනගෙන මට සිනහා පහල විය " යනුවෙන් වදාලේය . එවිට සියලු භික්ෂු පිරිසද සාදු කාරයක් දී එය අනුමත කළෝය.
කී පරිදිම සවස් යාමය එළඹීමත් සමග යට කී තරුණ තෙම බුදුන් දැකීමට ආරාමයට පැමිණියේය. පැමිණ එකත්පසව හිඳ බුදුන්වහන්සේ සමග තමා පැමිණි කාරණය මෙසේ එළි කර සිටියේය. ( පහත දක්වා ඇත්තේ වාචික භාෂාවෙන් බව සළකන්න )
ස්වාමීන්ද්‍රයන්වහන්ස මා නමින් සංතතික. මා අසවල් රජුගේ ප්‍රධාන ඇමති තෙම වේ. රාජ්‍යයේ බොහෝ උවමනා එපාකම් ඉටු කරන්නේ මා විසින්. විදේශයන් වෙතින් යුද්ධයන් පැමිණෙන විට රජු මගේ පිහිට පතයි.
" සංතතික අසවල් රටෙන් යුධ ප්‍රකාශ කර තිබෙනවා අනේ අපව බේරා දෙන්න " යැයි රජු මා හමුවට පැමිණ කියයි. එවිට මම වහා මගේ චරපුරුෂ උපක්රමයන් භාවිතා කර රට ගලවා ගනී. කාලයක් ඉක්ම ගිය තැන නැවතත් රජු මා හමුවට පැමිණ " සංතතික අසවල් රටෙන් යුධ ප්‍රකාශ කර තිබෙනවා අනේ අපව බේරා දෙන්න " යැයි කියයි. එවිට නැවතත් මම වහා මගේ චරපුරුෂ උපක්රමයන් භාවිතා කර රට ගලවා ගනී. මෙයාකාරයෙන් මම නිහඬව , සියලු ප්රයෝගයන් භාවිතා කරමින් රට ආරක්ෂා කරයි. මෙලෙස කාලයක් ඉක්ම ගිය තැන ඉතා විශාල ආක්‍රමණයක් පැමිණියා. එවිටද රජු මා හමුවට පැමිණ " අනේ සංතතික මෙවර ඉතා බැරෑරුම් ප්‍රශ්නයක් ඇති වී තිබෙනවා. අප රාජ්‍ය වුවද වැනසී යා හැකිය . ඒ නිසා අපව බේරා දෙන්න " යැයි ඉල්ලා සිටියා.

July 15, 2013
02. චරපුරුෂ සේවයක අවශ්‍යතාවය සහ යුධ සැලසුම්කරණය. Tactical Management 02
පසු ගිය ලිපියෙන් චරපුරුෂ සේවාවන් ගැන මූලික අවබෝධයක් ඔබට ලැබෙන්නට ඇති. චරපුරුෂ සේවයක අවශ්‍යතාවය පැන නගින්නේ ඇයි , සේවය ලබාගන්නේ කිනම් තරාතිරම් පුදගලයින්ද ,ඔවුන් වෙනුවෙන් කවර ආකාරයේ සේවයන් සැපයේද යන කරුණු එම ලිපිය තුලත් , කමෙන්ට් ඔස්සේත් සාකච්චා කෙරුණා. මේ පිළිබඳ උනන්දුවක් දක්වයි නම් කරුණාකර කමෙන්ට් සමග එම පෝස්ටුව කියවන්න.
Edward Snowden - Wikileaks සහ රාජ්‍ය චරපුරුෂ සේවයන්
සාමාන්‍ය සන්නද්ධ යුධ හමුධා සහ චරපුරුෂ සේවයන් අතර වෙනස ගැන අද ලිපිය ඔස්සේ කරුණු එළි කරමි.
සාමාන්‍ය සන්නද්ධ සේවා
ඔබ බොහෝ දෙනා දැක ඇති පරිදි යුධ හමුධා , නාවික හමුධා , ගුවන් හමුධා සේවාවන් වල නිළධාරීන් මේ යටතට ගැනේ. නිළයට / ඒකකයට උචිත නිශ්චිත අවි පුහුණුවක් , උපකරණ පුහුණුවක් , තවත් අමතර පුහුණු වීම් කීපයකින් පසු රටක ආරක්ෂාව වෙනුවෙන් ඔවුන් සේවයේ යොදවයි. තම ඉහළ නිළධාරීන්ගේ අණට යටත්ව ක්‍රියාකරන අවිකරුවන් ලෙස හැඳින්විය හැකිය ( යම් හේතුවක් මත ) .
මෙයටම පොලිස් සේවයද එක් කළ හැකිය. ඉහත සඳහන් ත්‍රිවිධ හමුදා රටෙහි ආරක්ෂාව සම්බන්ධව වෙහෙසෙන විට රටෙහි සිවිල් නීතිය අරක්ෂාකිරීමේ වගකීම පැවරී ඇත්තේ පොලිස් සේවය වෙතටයි. ඒ සඳහාද අවශ්‍ය විටදී අවිආයුධ භාවිතා කිරීම සඳහා නිසි පුහුණුවක් පොලිස් සේවය සතුය.
චරපුරුෂ සේවයන්
ප්‍රධානවම මොවුන්ගේ වගකීම නම් සන්නාහ සන්නද්ධ සේවා වෙනුවෙන් අවශ්‍ය කරන බුද්ධි තොරතුරු , මෙහෙයුම් සකස් කිරීම , සැළසුම් ලබාදීම , තාක්ෂණික උපකරණ සැපයීම , තාක්ෂණික නිළධාරීන් සැපයීම , විශේෂ මෙහෙයුම් සඳහා ගරිල්ලා/කමාන්ඩෝ පුහුණව සහිත අවිකරුවන් සැපයීම , මෙහයුම් සඳහා උචිත අවිආයුධ නිර්දේශ කිරීම , මෙහෙයුම් සඳහා සෙබළුන් පුහුණු කිරීම , මෙහෙයුමක් සඳහා වටපිටාව සකස් කිරීම , වත්මන් අවශ්‍යතාවය මත නව ඒකක පිහිටුවීම වීම වැනි කාර්යයන්ය. ඒ සඳහා ඍජුවම රාජ්‍ය නායකයා හෝ යුධහමුදාපති හා සම්බන්ධ වීමට බලය ඇත.
මෙහි ඇති වගකීම් සහගත බව සහ බලය මෙසේ දැක්වීමට හැකිය.
උදාහරණයක් :- යුධහමුදාපති වරයාට මෙහෙයුමක් සඳහා ඍජුවම සටන් බිමට යෑමේ අවශ්‍යතාවයක් පැන නැගුණු මොහොතක ඔහු අනිවාර්යෙන්ම ඒ සඳහා බුද්ධි අංශයේ අවසරය පැතිය යුතුය.
01. බුද්ධි තොරතුරු මත මූලිකවම ඔහුට ඒ සඳහා ඇති ඉඩ
සළකා බැලෙයි.
02. යුධහමුදාපතිවරයා සටන් බිමෙහි සිටිය යුතුමද ?
03. ඔහු සිටීමේ වාසි සහ අවාසි.
04. ඔහු වෙනුවෙන් අනුයුක්ත කල යුතු නිළයන් ගණන.
05. ඔහු වෙනුවෙන් සැලසිය යුතු වෙඩි බලය.
06. ප්‍රහාරයක් එල්ලවුවහොත් ඇති වන බලපෑම.
07. අහිමි විය හැකි සම්පත් ගණන.
08. ප්‍රධාන මෙහෙයුමට ඇති වන බලපෑම.
09. එවැන්නකදී සමස්ථ යුධහමුධා සොල්දාදුවන් සියල්ලගේ මානසික මට්ටම. ( කමාන්ඩර්ට ගැහුවා කියන්නේ තමන්ගේ මව අහිමි වීමටත් වඩා පීඩනයක්. )
10. යුධහමුදාපති වරයා ඍජුවම සටන් බිමට පැමිණීමකදී සතුරු පාර්ශවයේ හැසිරීම් සහ අමතරව යෙදවිය යුතු ආරක්ෂක ක්‍රියාමාර්ග.
11. යම් හෙයකින් යුධහමුදාපතිවරයා මරුමුවට පත් වීමකදී ඇති විය හැකි සමස්ථ තත්වය.
12.i-------------------------------------------------------------------------
ii------------------------------------------------------------------
iii---------------------------------------------------------
13. මෙවැනි දහසක් තීන්දු හා තීරණ රැසකින් පසුව යුධහමුදාපතිවරයාට අවසරය ලැබීම හෝ නොලැබීම සිදු වේ.
14. ඔහු මෙම අවසරයන්ට පිටින් යෑමක් යනු සමස්ථ යුද්ධයම අනතුරේ හෙළීමකි.
15. එසේම යුධහමුදාපතිවරයාගේ සේවය නිසි පරිදි අවශ්‍ය තැනට ලබා දීම සඳහාද බාධා පැමිණිවිය නොහැකිය. ඇතැම් අවස්ථාවවලදී යුධහමුදාපති සහය ඍජුවම තත්පරයෙන් තත්පරය සටන් බිමට අවශ්‍යවේ.එවැනි විටකදී කෙසේ හෝ ඔහුව සටන් බිමට කැඳවිය යුතුය. ඇතැම් රහසිගත ක්‍රියාන්විත සඳහා මුහුණෙන් මුහුණ අණ දීම් සිදු වන බැවින් දැඩි වගකීමකින් යුතුව යුධහමුදාපති කැඳවිය යුතුය.
මේ සියළු දේ සිදුවන්නේ මා ඉහත කී සේවයන්හි තීරණ මතය. දරුණු යුද්ධයක් පවතින අවස්ථාවකදී බොහෝ දෑ ගැන අවධානය යොමු කල යුතුය.
01. යුද්ධයේ ස්වභාවය ( ගරිල්ලා , සිවිල් , සාමාන්‍ය ත්‍රස්තවාදය , විදේශ ආක්‍රමණ )
02. අවශ්‍යකරන වෙඩි බලය
03. අවශ්‍ය කරන පුද්ගල බලය
04. අවශ්‍ය කරන උපකරණ
05. වෙනත් යුධ සේවා
06. ත්රස්තවාදීන් සතු වෙඩි බලය ගණනය කිරීම්
07. ත්රස්තවාදීන් සතු පුද්ගල බලය ගණනය කිරීම්
08. ත්රස්තවාදීන් සතු භූමි බලය ගණනය කිරීම්
09. ත්රස්තවාදීන්ගේ වෙනත් හැකියාවන් ගණනය කිරීම්
10. ත්රස්තවාදීන්ගේ මීළඟ ඉලක්ක ගණනය කිරීම්
මීළඟ ලිපියෙන් රැඳවිය යුතු තැන් රඳවා තවදුරටත් කරුණු ඔබට දැනගැනීමට සලස්වමි. මෙයාකාරයේ සමස්ථ යුද්ධයෙහිම වගකීම පැවරී ඇත්තේ ඉහත කී සේවයන් මතය. යුධශිල්පයෙහි උපන් හපන් කම් ඇති , කය නැති සිත පමණක් ඇති පුද්ගලයන්/යුධසැලසුම්කරුවන් මගින් මේ සියලු සැලසුම් නිම වේ. නොකඩවා දින 4, 7 දක්වා නිදි නොලබා සේවය සැපයීමට වුවද සිදු වේ. බොහෝ විට සේවයේ යෙදි සිටියදීම මරණය වූ අවස්ථාවන්ද ඇත.
Trance : Memory and Humanity | සහෘදයෙකුගේ අවසන් සටහන.
( යුද්ධයක් තියෙද්දී නින්ද යනවද ? ටෙරා වටකලොත් නින්ද යනවද ? අපේ කොල්ලෝ මැරෙද්දි නින්ද යනවද ? අවුරුදු ගාණක් සැලසුම් කරපු මෙහෙයුමක් ක්‍රියාත්මක වෙද්දී සැලසුම් කරුට නින්ද යනවද ? නිදාගෙන මොනවා ලබන්නද ? )
July 14, 2013
Edward Snowden - Wikileaks සහ රාජ්‍ය චරපුරුෂ සේවයන් ! 01.
මීට වසර කීපයකට පමණ පෙර විකිලීක්ස් නැමැත්තාත් , 2013 මැයි මස පමණ එඩ්වර්ඩ් ස්නොර්ඩන් නැමැත්තාත් විසින් යම් ආන්දෝලනාත්මක කරණු රැසක් එළි දරව් කරණු ලැබූවා. මීට පෙරද ලෝක ඉතිහාසයේ මෙවැනි පුද්ගලයන් විසින් යම් යම් කරුණු ආන්දෝලනාත්මකව ඉදිරිපත් කර තිබෙනවා.
ලෝකයේ සෑම රජ්යකයම පාහේ රාජ්‍ය චරපුරුෂ සේවයන් ක්‍රියාත්මක වේ. විවිධ මුහුණුවරයන්ට ආරූඪ වෙමින් , විවිධ අවශ්‍යතා සඳහා ක්‍රියාත්මක වේ. සුළු අවබෝධයක් ගැනීමට පහත උදාහරණ සළකන්න.
i. ජනාධිපති ආරක්ෂක අංශය.
රටක රාජ්‍ය නායකධූරයට එක් රැයකින් පත් වීමට නොහැක. කාලයක් මුළුල්ලේ සිදු වන්නා වූ ක්‍රියාදාමයන් රැසක ප්‍රතිඵලය ලෙස එවන් තනතුරක් හිමි වේ. ඒ සා විශාල කාලය තුල තමන්ගේ ආරක්ෂක නිළධාරීන් විය යුත්තේ කව්රුන්දැයි ඔහුට හෝ ඇයට තීරණය කල හැක. ජනාධිපතිධූරයේ බලතල හිමි වූ සැණින් එම නිළධාරීන් හා එක්ව තම ආරක්ෂක පවුර ජනාධිපතිවරයා විසින් සකසා ගනී.( හමුධා කුමන්ත්‍රණයකදී බොහෝ විට මෙහි නිළදරුවන්ට දරුණු ඉරණමක් අත් වේ )
ii. යුධ හමුධාපති ආරක්ෂක අංශය.
වසර 25 ක පමණ යුධ පිටිය පිලිබඳවත් , දක්ෂතම නිළධාරීන් ගැනත් අවබෝධයක් ඇති පුද්ගලයෙකුට තම ආරක්ෂකයන් විය යුත්තේ කව්රුන්දැයි තෝරා ගැනීම සංයමයෙන් යුතුව කළ හැකිය.( මෙය එතරම් සිල්ලරට නොසලකන්න ) මෙම අංශය යුධහමුදාපති අණට පමණක් කීකරු වේ. වෙනත් කිසිවෙකුට මෙල්ල නැත. අවශ්‍ය ඕනෑම මොහොතක උපරිම වෙඩි බලය භාවිතා කරයි.
iii. මෙයට අමතරව වෙනත් අවශ්‍යතා මත විවිධ චරපුරුෂ සේවයන් ක්‍රියාත්මක වේ.
a. ත්‍රස්තවාදය වැලැක්වීම පිණිස ක්‍රියාත්මක චරපුරුෂ සේවයන්.
මෙය ක්‍රියාත්මක වන්නේ යුධහමුධාපතිවරයාගේ අධිකාරිය යටතේය. කිසිදු දේශපාලන ඇඟිලි ගැසීමකින් තොරව ක්‍රියාත්මක වේ. යුධහමුදාපති අණට පමණක් කීකරු වේ. දැඩි යුධමය වාතාවරණයක් පවතින වකවානුවක් තුළදී මෙම ජාලය බූවල්ලෙක් මෙන් සක්‍රීය වේ. මෙහි ගොදුරක් වන ඕනෑම කෙනෙකුට යුධහමුධාවෙන් ගැලවුමක් නොමැත.
July 7, 2013
සරාගේ ලෝකය ලියු සරත් අයියා ගැන ආරංචියක් දන්නෙහිද ? ( මෙය හිකිස් හිකිස් කේස් එකක් නොවන බව සලකන්න )
සරාගේ ලෝකය ලියු සරා අයියා (සරත් චන්ද්‍රසිරි) මාස දෙකකින් අන්තර්ජාලය භාවිතා කර නැහැ. (ඔහු මීට පෙර භාවිතා කල පරිගණක 5 අන්තර්ජාලයට සම්බන්ධිතව පවති.) ඔහුට අයිති බ්ලොගයේම සඳහන් කර ඇති පරිදි ඔහු සේවය කලේ මැදපෙරදිග රෝහලක වායුසමීකරණ අංශයට අනුබද්ධිතවයි. එසේම මීට මාස 4 පමණ සිට ඔහු ලංකාවට පැමිණීමට අපේක්ෂාවෙන් හිඳිනා බවද සදහන් කර තිබූවා.
ඔහු ලංකාවට පැමිණ තම පවුලේ සහෘදයන් හා එක්ව ඇතිනම් බිය වීමට කරුණක් නැත. එහෙත් ඔහු එසේ පැමිණියද මාස දෙකක කාලය පුරා මෙතරම් නිහැඬියාවක් දැරීමට හේතුවක් නොමැත. බොහෝ දෙනා දැක ඇති පරිදි ඔහුගේ පසු ගිය පෝස්ටු වලද ඔහු වටා ආගමික අන්තවාදය තදින් ක්‍රියාත්මක බව සඳහන් වූවා. එසේම ඔහු එවන් දෑ ගැන මුනිවත රකින අයෙක්ද නොවන බව ඔහුගේ හැසිරීම් දන්නා අය දැක ඇති.
ගැටළුව ඇත්තේ මෙතැනයි . ඔහු කිසියම් විපතකට පත් වී ඇතිද ...?
සරාගේ පුංචි දුව දකිද්දී පපුව පත්තු වෙනවා...ඒකයි දන්න කියන කෙනෙක්ට හොයලා බලන්න කියන්නේ මෙහෙම.. මැද පෙරදිග වෙසෙන සියලු හිතවතුනි මේ ගැන සොයා බලන්න.. අපිට උනත් මෙච්චරනේ...!
June 27, 2013
තාත්ති අර ආන්ටිගේ කුක්කු ලොකු ඇයි ..?
දියණිය සමග නොයෙක් වර රාත්‍රීන්හි වීදි හි ඇවිද යන්නටත් , කඩ සාප්පූන්හි ඇවිද ගොස් බඩු බාහිරාදිය ගෙන එන්නටත් සිදු වේ.ඈ ගෙදර නවතා යන්නට හැකි සෑම විටකම මා එසේ කලද රථයෙන් ගමන් ගන්නා විටකදී වුවද ඈ විමසිලමත්ව ඒ මේ අත බලයි. ඒ නොයෙක් අවස්ථාවන්හීදී නිරතුරුවම ඇයට දක්නට ලැබෙන්නා වූ දේ ගැන මාගෙන් එවෙලෙහිම ප්‍රශ්න කරන්නටද වෙයි.
විටක හිම වැටීම පිළිබඳව ප්‍රශ්න කරන ඈ තව විටක මගේ උරයට වැටි තද නින්දෙහිය.. නින්දෙන් අවදිව යලි ඒ ගැන විමසයි.. දිය බිඳිති , හිම පියළීන් බවට පත් වන්නේ යැයි මා කියූ විට " තාත්ති අපිටත් බැරිද ඒවා හදන්න " යැයි විමසා සිටි..
" පුළුවන් මගේ පැටියෝ පුළුවන්, ඒත් හිම කුණාටුවකට ඕනේ තරම් හිම හදන්න නම් දූගේ තාත්තිට බැරි වේවි " මා එසේ කියූ විට මා හා එක්ව ඇයද හුරතල් හඬින් සිනා සේ..
ඇගේ ස්වභාවය මා හොඳින් අවබෝධ කරගෙන ඇති නිසා සෑම විටකදීම නගන ප්‍රශ්නයට නිවැරදි පිළිතුරක් ඇයගේ දැනුම් තේරුම් ඇති සීමාවෙන් දීමට මා උනන්දු වෙමි. වචනයෙන් දෙකෙන් මග හැර යන්නාක් මෙන් වූ පිළිතුරු කිසි විටක නොදෙමි..
අවදිව සිටිනා සෑම විටකම මා හා එක්ව කතා බස් කිරීමට ඈට බොහෝ මාතෘකා ඇත..හිම පියළි ප්රශ්නය අහවර වූ සැණින් මීළඟ ප්රශ්නය වලාකුළු ගැන විය හැක , එසේත් නැත්නම් පෙර දිනක දුටු යෝධ පැන්ඩාවෙක් ගැන විය හැකිය..එසේත් නැතිනම් ඒ පැන්ඩාගේ යෝධ කළු පැහැ බෝල දෙක ගැන විය හැකිය..
මාගේ රාත්‍රී ගමන් බිමන් නිසාවෙන්
මිනිසෙකුට ජීවත් වීමට ස්ථීර වාසස්ථානයක් ඇති බවද , තද ශීතල ඇති විටක කිසිවෙක් එළි නොබසින බවද ඈ මේ වන විට හොඳින් දනී. එවැනි වටපිටාවක සීමිත පුද්ගලයන් පිරිසක් පමණක් මෙසේ එළි මහනේ සිටීම ගැන ඈ නොයෙක් වර කල්පනා කර ඇති බව මා දැනගත්තේ නොබෝ දිනකදී මගෙන් ඇසු ප්‍රශ්න මාළාවක් නිසාය..
" තාත්ති තාත්ති , අර ආන්ටිලා ඇයි පාර අයිනේ ඉන්නේ "
" ඒ පුතේ නිකන් වෙන්න ඇති " ( පොලිසියේ අය වගේ රස්සාවට කිව්වොත් කතාව දුර දිග යනවා )
" එයාලට ගෙවල් නැද්ද "
" අපෝ නගරෙන් ඈතට යද්දී ඇති " ( ගෙවල් නැහැ කිව්වොත් අහයි එහෙනම් ගෙදර එක්කන් එමුද කියලා )
" එයාල මොකද කරන්නේ තාත්තේ "
" විවේකෙන් ඉන්න එන්න ඇති පුතේ " ( වෙන මොනවා කියන්නද මම )
" එයාලගේ ලොකු කුක්කු වලට සීතල නැද්ද "
මෙවැනි මට්ටමට සංවාදය පැමිණි පසු තව දුරටත් කතා බහ වෙනතක ගෙනයෑමෙන් පලක් නැති බව තේරුම් ගත් මා , ඇයට පැහැදිළි කරන්නට තීරණය කළෙමි.
" ඒ ඉන්නේ පුතේ පුංචි කාලේ දඟ වැඩ කරපු බබාලා . ඉස්කෝලේ යන්නේ නැතුව හිටපු නරක බබාලට ලොකු උනාම කව්රුත් රස්සාවක් දෙන්නේ නැහැනේ පැටියෝ
.. ඉතින් තාමත් එයාල නරක ළමයි වගේ විහිළු කර කර මෙහෙම ඉන්නවා... මගේ පුතා එහෙම ඉස්කෝලේ යන්නේ නැති නරක බබෙක් වෙන්න එපා ..හාද මගේ පැටියෝ ..? "" හා තාත්ති "
( ඔන්න ප්‍රශ්නේ ඉවරයි )පොදුවේ ඔවුන් නරක ළමයි කොට්ඨාෂයක් ලෙස දැන් දියණිය හඳුනාගෙන ඇත. මතු දිනක ඈ මීට වඩා දෑ මෙවන් සිදුවීම ගැන ඉගෙන ගනු ඇත. එහෙත් දැනට සුළු හෝ වැටහීමක් ලබා දී තිබීම වටි යැයි මා සිතමි. නැතිනම් තව අවුරුදු කීපයකින් " තාත්ති තාත්ති , ගණිකාවක් කියන්නේ කව්ද and what is prostitution " යැයිම මගෙන් වීමසු විට තත්වය සංකීර්ණ වනු ඇත
ප.ලි. පෙර දිනකදී අපේ නලියාගේ පෝස්ට් එකක් තුළදී , කෙන්ජි අයියා විසින් නැගු ප්‍රශ්නයක් නිසාවෙන් මට මේ ලිපිය ලියන්නට සිත් විය..ලිපිය ලියූවද පල නොකර සිටීමට තීරණය කර සිටි අවස්ථාවේදී මා උනන්දු කර වූ මගේ මිතුරියක වන සමාධිට ස්තූති වන්ත වෙමි..!
June 23, 2013
අද්මිරල් ෆර්නැන්ඩස්කිගේ සියවස් කීපයක නාවික අද්දැකීම් 01...( දේශපාලනයෙන් තොර කතා මාළාවක ආරම්භය )
මේ ළඟදී ඩ්‍රැකි පෝස්ට් එකක් දාල තිබ්බනේ ඩ්රැකිගෙ සීයලා මුහුදු ගියපු කාලේ වෙච්ච සිද්දියක් ගැන .ඒක ඇහුවම මටත් මතක් උනේ ඉස්සර කාලේ මුහුදු යන්න , හරියට පාර හොයා ගන්න , කෑම හොයාගන්න , කෑම නරක් නොවී තියාගන්න , වතුර හොයාගන්න , වතුර පරිස්සන් කරගන්න , නැව් හදාගන්න , , පෘථිවියේ සම්භවය ගැන , , මුහුදු අභිරහස් ගැන , බර්මියුඩා වගේ තැන් ගැන , අභිරහස් සත්තු ගැන, මායා දූපත් ගැන , ඒවගේ ඉන්න මායා කාරියෝ ගැන , මිත්‍යා කතා ගැන , මැරිච්ච නාවිකයන්ගේ හොල්මන් කතා ගැන ,හැතැම්ම සීය දෙසීය පේන දුරදක්නා හදාගන්න ක්‍රම ගැන , මාළිමාවන් ගැන ,කෝණික සමීකරණ ගැන , ඉරු තැටිය ගැන , තාරකා විද්‍යාව ගැන , රුවල් නැව් වලින් රට රාජ්ජ වල යන්න පාර හොයා ගත්ත වගේ දේවල් කරගත්තේ කොහොමද කියලා.....
මාත් කල්පනා කරා අපේ සීයගෙන් අහන්න ..මම සීයට විස්තරේ කිව්වා.. සීයේ අරුන් අරහේ මුහුදු ගිය එව්වා දාල බ්ලොග් පෝස්ට් දානවා , ඇන්ටාටිකායි , අයිස් වෙච්චයි, දර පලපුවයි, අරකයි මේකයි, මටත් දැනගන්න ඕනේ සිස්ටොන් එක කියලා... :( සීයටත් හෙන අස්පැට් ඒකට ..ඇයි යකෝ ටොන් හය හත්සීයේ රුවල් නැව්ම 8 ක් තිබ්බ මනුස්සයෙක්ගේ මුණුබුරෙක් එක එකා ළඟ ගිහින් අරක කොහොමද කරන්නේ , මේක කොහොමද වෙන්නේ , ඒක නිකම්ම හම්බෙනවද කියලා අහද්දී කේන්ති යනව නෙව...සීයා ගත්ත කටටම ඇහුවේ " මොකාගෙන්ද දැන් උඹ ඕවා අහන්න ගියේ" කියලා ..ඒ ප්‍රශ්නෙට මම දීපු උත්තරේ එක්ක තමයි සීයට යකා වැහුණේ..මම වැඩි දෙයක් කිව්වේ නැහැ ..මෙන්න මේ ටික විතරයි කිව්වේ..
" සීයට මතකද ඉස්සර කිරි වවුලේක්ගේ පස්සේ හරි කමක් නැහැ පන්නන් ගිහින් ලේ උරන් බීලා කාණු පල්ලේ වැටෙන ඩයල් එකක් හිටියා ඩ්‍රැකිව්ලා කියලා ? ආන්න උන්ගේ ඈතින් නෑදෑ වෙන කොල්ලෙක්ගෙන් තමයි ඇහුවේ " කියලා කිව්වම ..
ඔන්න ඊට පස්සේ තමයි සීයගේ ලෙක්චර් එක පටන් ගත්තේ " තෝ දැන් ඔය වවුල් හුටපටෙත් දැනගෙනද ඔය පැත්තේ පදින්නේ ඈහ් ? තෝ දැනගන් තොගේ අප්පගේ , ලොකුඅප්පලගේ ගරුත්වේ තියන් ජීවත් වෙන්න .තෝ එක එක වවුල්ලු පස්සේ යන්න පුරුදු වෙන්න එපා කරදන්ඩ පෑදීගෙන එද්දිම .ඇහුණද උඹට ...? හිටපන් මේ දෙසැම්බරෙන් පස්සේ උඹේ ඇඟේ හිරි යවාගන්න පුළුවන් විදිහේ දේකට උඹව යවන්නම් " කියලා ..
සීයට හොඳටම තරහා ගිහින් මගේ බ්ලොග් කෙරුවාව මාට්ටු වෙලා..!
උන්දැට කේන්ති ටිකක් අඩු උනාට පස්සේ කිව්වේ " පුතේ සබ්ජෙක්ට් එක තක්කෙටම දන්න කෙනෙක් ඉන්නවා , එයාගෙන් ඇහුවොත් සිස්ටොන් එක හරියටම දැනගත්තෑකී . ඩිංගක් හිටින්කෝ " කියලා. එහෙම කියපු අපේ සීයා කෝල් එකක් ගත්තා එයාගේ සීයට.. ඒ කියන්නේ ග්‍රේට් ග්‍රේට් ග්‍රේට් silentsahanta....
රයිටෝ දැන් ඔන්න silentsahanla තුන්දෙනයි ..එක්කෙනෙක් නිකම්ම නිකන් silentsahan වන මම ( silentsahan the Junior ) , අනිත් එක්කෙනා ග්‍රේට් silentsahan , අනිත් එක්කෙනා ග්‍රේට් ග්‍රේට් ග්‍රේට් silentsahan..මේ පහළ තියෙන්නේ මහ රැජිණගෙන් එයාට ප්‍රසන්ට් එකක් විදිහට ලැබුණ නැවක්.ජෝෂුවා මිෂලි ෆර්නැන්ඩස් තමයි නම.( ජේෂුවා මිශැයිලි ෆර්නැන්ඩෙස්කි ).......
ඔන්න සීයා කතාව පටන් ගත්තා..හැම දේම විස්තර ඇතුව අහගන්න ඕනේ නිසා මමත් , සීයත් ගියා ලොකු සීයගේ ගෙදර....අවුරුදු ගාණක් නැව් සේනාවක අද්මිරාල් ධූරය හොබවපු නිසා දැවැන්ත මාළිගාවක් වගේ නිවසක් තමයි එයාට තියෙන්නේ..මහා විසාල ගේට්ටුව ඇරගෙන ඇතුල් වෙන්න හැදුවට බැහැ..ගේට්ටුවම ලොකුයි නැවක රුවල් සොල්දරයක් තරමේ..වට පිට බලලා , වැටෙන් පැනලා තමයි අපි ඇතුල් උනේ..ඒවා ඉතින් වෙනම කතා නෙව..ඒවා වැඩක් නැහැ...කොහොම ගියාම මොකද තමන්ගේ සීයගේ ගෙදට්ට ..නැද්ද මන් අහන්නේ ..?
වත්ත පුරාම දැවැන්ත ඕක් ගස් වලින් හෙවණ වැටිලා , අඳුරුයි .. ගස් කොළන් උනත් හෙලවෙන්නේ නැහැ ,හුළං හමන්නෙ නැහැ ..පරිසරයම පාළුවට ගියපු , යෝධ නැවක හුරුවක් ගත්තේ.අපි දෙන්නා චන්ඩි පහට වැට පැනලා ආවට , අඩි දෙකක් යන්න කළින් ඇඟේ මයිල් කෙළින් වෙලා යටි බඩ හිරි වැටෙන්න ගත්තා මේ පරිසරයේ වෙනසත් එක්ක..බැලු බැලු අත මළ මිනි වගේ නිසොල්මනේ අපි දිහා බලන් ඉන්න දැවැන්ත ඕක් ගස් ...
ඒ හැම ඕක් ගහක්ම කිව්වේ එකම දෙයක් විතරයි , ඈතින් පෙනෙන මන්දිරේ දිහාට අත දික් කරමින් වගේ " අර පැත්තෙන් සර් , අර පැත්තෙන් සර් " ..
අපි දෙන්නත් හෙමීට හෙමීට ඇවිදගෙන යන්න පටන් ගත්තා මාළිගාව දිහාට , අපි එනතුරු අපිව පිළිගන්න බලන්න ඉන්න අමුත්තා ගැනත් හිතමින් ... අක්කර ගාණක් මැද්දෙ තනි උන පාළු මන්දිරයක ජීවත් වෙන එක මොන තරම් භයංකර දෙයක්ද කියලා වැටහෙන්න ගත්තේ මෙහෙම ඇවිදිමින් ඉස්සරහට යද්දී ...මහ මුහුදේ තියෙන පාළු ගල් පර රාශියක් මැද්දේ , අඳුරු කුණාටුවක් තියෙන වෙලාවක , යෝධ රුවල් නැව් සමූහයක ප්‍රධාන අද්මිරාල් විදිහට රාජකාරී කරද්දී දැනෙන හැගීමත් මෙහෙමම වෙන්නෑති නේද කියලා මට දැනුණා..ඒ එක්කම මුළු ඇඟම හීතල වෙලා ගියා..ඉස්සරහට තියන අඩියක් අඩියක් ගානේ හිත බයෙන් මිරිකිලා යනවා...දැන් ආයේ හැරෙන්නත් බැහැ..
ටිකෙන් ටික මන්දිරේ පේන ඉස්සව්වට ලන් උනා. ...
දොරකඩම තියෙන දිය පොකුණක් ඇහැ ගැටුණේ මේ වෙලාව්දී..ඉහින් කණින් දාඩිය දාගෙන එමින් තිබුණ නිසා වතුර ටිකක් මූණට ගාගන්න කියලා හිතන් පොකුණ කිට්ටුවට උනා අපි දෙන්නා .. මම ඇඳන් හිටපු ඝන ලෝම හමෙන් හදාපු උඩු කය කබාය ගලවලා පොකුණ අද්දරින් තියලා , හෙමීට අතින් වතුර ටිකක් ගන්න විල් කණ්ඩියට ලන් උනා..මෙහෙම ඉන්න අතරේ මම දැක්කා රත්තරන් පාට යෝධ මාළුවෙක් වගේ දෙයක් දිය ඇතුළේ ඉඳන් උඩට ඇදීගෙන එන බව..අඩිය ටිකක් පිටිපස්සට කරන් ඈත් වෙලා බලන් හිටියත් දිය මතුපිටටම ආවේ නැහැ ඒ අමුතු චායාව..මමත් ඉතින් මූණට දිය දාගෙන , අත් ලේන්සුවෙන් මූණ පිහ දමමින් ඉන්න අතරේ මට දැනෙන්න ගත්තා , කව්රුන් හෝ මා දිහා බලන් ඉන්න බව.. ( කෙනෙක් අපි දිහා බලන් ඉද්දි අපිට ඒක දැනෙන්නේ..ආන්න ඒ වගේ දෙයක් මේක )
එක ක්ෂණයෙන් මගේ ඇහැ ගියේ වතුර විලේ හිටපු රන්වන් පාටක් තිබුණ රූපෙට.. ..
දෙවියෝ සාක්කි දෙයියනේ... මට ඇස් අදහාගන්න බැරි උනා මගේ ඇස් ඉස්සරහ ඉන්න කෙනා දැක්කම.. " සීයේ සීයේ මේ බලන්නකෝ " කියලා මට කියවුණේ ඉබේටම..මා පිටිපස්සෙන් හිටපු සීයත් එහෙමම ඉඳන් මා දිහා බැලුවා..
" අනේ පුංචි කෙල්ලේ උඹ තාමත් ඉන්නවද " කියලා සීයට කියවුණේ එතකොට ... ඒක හරිම වේදනාත්මක ස්වරයකින් සීයට කියවුණේ..
ඒ පුංචි රූපෙත් අපි දිහාම බලන් උන්නා එක දිගටම ... සීයා දිහාත් , මා දිහාත් කීප විටක් මාරුවෙන් මාරුවට බලලා නැවත නොපෙනීම ගියා දිය ඇතුළට... මගේ තොල කටත් වේලිලා ගියා මේ වෙච්චි දේට.. මම නැවත සීයා දිහාට හැරුණට , එයා ඒ වෙනකොටත් හිටියේ මන්දිරේ දොර ළඟ.. කලුවර ලීයෙන් කැටයම් කරලා හදාපු අඩි 14 ක් විතර උස , අඩි 6 විතර පළල විසාල දොරක්...
දොරේ තිබුණ සීණුව තුන් පාරක් හැඬවීමත් එක්කම විසාල සද්දයක් නගමින් දොර ටිකෙන් ටික ඇරෙන්න ගත්තා..අපිවත් බලෙන්ම වගේ මන්දිරේ ඇතුළට ඇදිලා යනවා වගෙයි දැනුණේ... ..
කොටි හමෙන් හදාපු විශාල බුමුතුරුණුවකින් මුළු බිම් මහලම වැහිලා ගිහින් ... දැවැන්ත කොටියෙක් උඩින් නේද අපි ඇවිත් තියෙන්නේ කියල දැනුණේ ,දොර වැහෙන සද්දේ ඇහිලා මම පිටිපස්ස බලපු වෙලාවේදී..ඇතුළු වීමත් එක්කම මනරම් විසිත්ත කාමරයකට නිරාවරණය වුණු මුළු ගේම යුරෝපීය ගෘහ භාණ්ඩ වලින් පිරිලා , ගේ ඇතුළේ තියෙන අඩ අඳුර එක්ක ඒ හෑම දෙයක්ම පේන්නේ නිසොල්මන් මළ සිරුරු වගේ... ගේ ඇතුළෙන් සහන් වීණා හඬක් සමග මුහු වෙච්චි හුළඟක් හමනවා වගෙයි ඇඟට දැනුනේ ...
" මේ මහත්තුරුන්ව පිළිගන්න ලොකු මහත්තයා උඩ අමුත්තන්ගේ කාමරේ බලන් ඉන්නවා. කරුණාකරලා මා පසු පසින් එන්න. " කියලා ස්කෑන්ඩිනේවියන් උච්චාරණයක් තිබුණ , ඉතාම සුහදශීලී විදිහට අපව ආමන්ත්‍රණය කරපු , වයස් අවුරුදු 24 ක් විතර වෙන සුරූපී තරුණ ස්ත්‍රියක් අපි ඉදිරියේ පෙනී හිටියේ වීණා රාවයට හිත යමින් තියෙන මොහොතේ..!
මගේ තනියට සීයා ළඟින් ඉන්න නිසාත් , ඔහු පළපුරුදු කාරයෙක් බව තේරුම් ගිය නිසාත් නොවෙන්න නම් , මේ වන විට මගේ කියුම් කෙරුම් අහවර වී ඇති බව මට තේරුම් ගිහින් තිබුණේ... කර වැහෙන්න සුදු පාට සේද සළුවක් තිබුණ තද රත් පැහැදිගු ගවුමකින් සැරසිලා ඇය හිටියේ.. රන් වන් පාට දිගු කොණ්ඩය , හිසේ උඩට වෙන්න කොණ්ඩා මෝස්තරයක් ආකාරයට ගොණු කරලයි තිබුණේ..ඇගේ සිහින් ගෙලත් , කේස් කළඹත් අතර වෙනස සෙවිය නොහැකි තරම් ඇගේ සම දීප්තිමත්..
" මා පසු පස එන්න මහත්වරුණි " යැයි නැවත අපව අමතමින් , ඇසින් ඉඟි කරමින් උඩු මහළ වෙත දිවෙන දැවැන්ත තරප්පු පෙළ වෙත අත දිගු කරමින් ඇය කියා සිටින්නට උනා..
June 11, 2013
ශ්‍රී ලාංකික මාධ්‍ය භාවිතය , එහි විකාශය හා වත්මන් තත්වය . වෙනසක් අවශ්‍යද ? ඒ කුමක්ද ?Who should have a TV Channel ?
නාලිකාවක් දරණ මිනිහා දේශපාලනය වේවා , තාක්ෂනය වේවා , නීතිය වේවා , සමාජ කරුණු වේවා, ලෝක ඉතිසාහය වේවා , ගෑණු මිනිස්සු හැමිනෙන ඒවා වේවා මොනවා හෝ වේවා සියල්ල ගැන දැනුවත් කොන්ද පණ තියෙන කෙනෙක් වෙන්න ඕනේ..මොන මනුස්සයා මොනවා කිව්වත් තමන් ඉන්න මතයේ ඉන්න ඕනේ. රට ගැන හැගීමක් තියෙන මිනිහෙක් වෙන්න ඕනේ... එක එක පාන්කඩ මිනිස්සුන්ගේ ටෝක් වලට සද්දේ වහ ගන්න එකෙක් වෙලා බැහැ..සල්ලි බලේට හැදුන පුංචි බෝනික්කෙක් වෙලා බැහැ චැනල් කරන්න...කොටිම්ම හිත් පිත් නැති ලොකු බරක් අදින මිනිහෙක් වෙන්න ඕනේ ..තමන් කරන්නේ සේවයක් කියන හැගීම තියෙන්නේ ඕනේ..
මතකද මේ යුගය ලංකාවේ ...?අපි හැමෝම බිම වාඩි වෙලා අම්මලා එක්ක TV බලපු කාලේ .
ඉස්සර ජාතික රූපවාහිනිය තුල මොන තරම් හොඳ වැඩසටහන් ගියාද ...? සෙනසුරාදා , ඉරිදා වෙනකම් ඉන්නේ හොඳට ඔලුව පුරවා ගන්න දැනුමෙන්.ඉස්සර අපි ලෝකය ගැන දැනගත්තේ ඉරිදා සෙනසුරාදට.. ( පුද්ගලිකව මට පුංචි කාලේ ඉඳන්ම සැටලයිට් තිබ්බා ගෙදර..ඒත් ඒවට වඩා මමත් බැලුවේ ලෝකල් ප්‍රෝග්‍රෑම් ) එක පාරට වක්කඩ කැඩුවා වගේ ලෝකෙම බක්කවල් ආවේ නැහැ සහ දුන්නේ නැහැ ඒ කාලේ. වැදගත් මොළයක් ඇති , විචක්ෂණ ශීලී මනුස්සයෙක් තමයි ඒ හැම දෙයක්ම මෙහෙයවෙව්වේ.. අද කෝ ඒවා ..?
ඔබත් හොඳින් දන්නා තව බ්ලොග් හිමියෙක් ඉන්නවා බොහෝම තදින් මාධ්‍ය එක්ක වැඩ කරපු. ඒත් අවාසනාවට ඔහු මා තරම් වත් මේ ගැන කතා කරන්න කැමැත්තක් නැහැ. ඔහු අදහසක් ඉදිරිපත් කළොත් වාසනාවක්.. රටේ අවාසනාවත් ඒකමනේ. නියම සුදුස්සෝ කතා කරන්නේ නැහැ. ඔවුන්ට ජීවිතයම එපා කරවලා බළධාරීන් විසින්..!
ඇයි ඒ වගේ මනුස්සයෙක්ට නාළිකාවක රැඳෙන්න බැරි ...? ඇයි ඒ වගේ මිනිස්සු එළවලා ගස් බල්ලෝ ඔබන්නේ ..? එක ගස් බල්ලෙක්ගෙ බලු කතාවක් ඇති , බලු අදහසක් ඇති රටක් වළපල්ලට ගෙනියන්න. ඒක නේද අද වෙලා තියෙන්නේ ...?
අද වෙනකොට හැමෝම මාධ්‍ය කියලා හිතන්නේ අන්තිමට ගස් බලු , පාදඩ දේවල් වලට. විශ්ව විද්‍යාලයක ජන මාධ්‍ය උපාධියෙන් බැහැ ජන මාධ්‍ය වේදියෙක්ව හදන්න. එහෙම හැදෙන අය හැසිරෙන්නේ නූතන බටහිර වෛද්‍ය වරුන් වගේමයි. අද වෙනකොට මූලික හරය අමතක කරලා වෛද්‍ය වෘතියේ..
විශ්වවිද්‍යාලෙදි උගන්නන්න පුළුවන් සභාවක කතා කරද්දී අත පය හොලවන හැටි විතරයි . ඉතින් එවැනි පිරිස් දන්නේ අත පය හොලවන්න විතරයි . හරවත් දෙයක් කතා කරලා පැත්තකට වෙන්න දන්නේ නැහැ..අද නාලිකා වලට වෙලා තියෙන්නේ ඒකයි. ලස්සන බෝනික්කියෝ අත පය හොලවනවා , තොල් හොළවනවා විතරයි .හරවත් දෙයක් එන්නේ නැහැ..
ඒත් එවැනි බෝනික්කියන්ව එලවන්න හිතෙන්නේ නැහැ. මොකද අපිට ස්ත්‍රී සුවය ඒ ඇත්තියෝ ලබා දෙනවා නොමිලේ..ඒ නිසා ඉතින් ඉරිදට උදේම TV එකේ ඉන්නේ බෝනික්කියෝ..
වැඩසටහන් නිෂ්පාදන ගැන කතා කරත් කියන්න තියෙන්නෙම ඔය ටිකමයි. බුද්ධියක් ඇති , හරියට පොයින්ට් එකට කතා කරගන්න පුළුවන් , තමන් නිෂ්පාදනය කරන වැඩසටහන සඳහා අවශ්‍ය සම්පත් දායකයෝ හොයාගන්න මොළේ ඇති මිනිස්සු දැන් නැහැ.. ඉන්නේ ඔක්කොම එක එක්කෙනාගේ හෙන්චයියෝ.. අරයගෙ මෙයා දාගන්න හරි , මෙයාගේ අරයා දාගන්න හරි බලනවා මිසක් හරි හමන් මනුස්සයෙක්ගෙන් පලක් ඇති අදහසක් අරන් කරන වැඩසටහනක් හදන්න උවමනාවක් නැහැ...
අන්තිමට වෙන්නේ පිට කසා ගැනීම්..ප්‍රේක්ෂකයන්ට වැඩක් තියෙනවද එක එක්කෙනාගේ පිට කසා ගැනීම්..?
අද අපි දකින්නේ පිට කසා ගැනීම් වල ප්‍රථිපල. සියලුම වගකිව යුතු තනතුරු වලට දැන් පත් වෙලා ඉන්නේ ඔය මූලධර්මය මත ආව අය..
සරළව කිසිම දෙයක් කරන්න බැහැ.
01.හරි හමන් මනුස්සයෙක් දාල වැඩසටහනක් කරන්න විදිහක් නැහැ..
02.හරි හමන් ස්වාමීන් වහන්සේ කෙනෙක් ගෙනත් නිවැරදි බුද්ධාගම කියන්නේ මොකක්ද කියන දේ ගැන වැඩසටහනක් කරන්න විදිහක් නැහැ..
03.උසස් පෙළ ළමයි සඳහා අධ්‍යාපනික වැඩසටහන් ටිකක් කරන්න නැහැ..
04. ගෘහණියන් සඳහා "මල් පත්තර ටයිප්" නොවන වැඩසටහන් ටිකක් කරන්න නැහැ.
05.පුංචිම ළමයි සඳහා සිබිල් නැන්දගෙන් අපි විඳපු මිහිර එන්න ළමා වැඩසටහන් පෙළක් කරන්න විදිහක් නැහැ..
06.අවුරුදු 15 / 16 අයගේ මොළ වලට සාරවත් දෙයක් දැනෙන්න වැඩසටහනක් කරන්න නැහැ..
07. 20 / 25 අයට තාරුණ්‍ය සහ වෘතීය පසුබිම් වගේ මාතෘකා යටතේ වැඩසටහනක් කරන්න නැහැ..
08.30-40 අයට සරළ වින්දනාත්මක වැඩසටහනක් කරන්න නැහැ..
09.සංගීත වැඩසටහනක් කරන්න නැහැ ඉස්සර මනෝහාරී ටයිප්.(පහු ගිය දවස් වල මහේෂ් කරා ලස්සන වැඩසටහන් ටිකක් ..අන්න ඒවගේ )
10. 31-48 වයස් මට්ටම් වල පිරිසට දේශපාලනය , කාලීන වැඩසටහන් කරන්න නැහැ ටිකක් බරපතල මාතෘකා එක්ක යන..
මේ කිසිම දෙයක් කරගන්න බැහැ..
ඩිරෙක්ටර් බෝර්ඩ් දාල , ශෙයාර් හෝල්ඩර් අත්සන් කරලා , රේටින්ග්ස් ඇප්රූව් කරන් , මාර්කටින් ඇප්රූව් අරන් , ඇමතිගෙන් අහලා , මුදලාලිගෙන් අහලා කරද්දී මේ මොනවත් ඇප්රූව් වෙන්නේ නැහැ.එවැන්නන්ට ඕනේ සල්ලි ... මේකෙන් කීයක් එනවද සහ රේටින්ග් කොහොමද කියන දේ විතරයි එතැනදී වැදගත්..
වෙන එකක් තියා චැනල් බ්රේක් ඩවුන් එකක් ගියත් නිව්ස් බාර් එකක් දාන්න බැහැ..ඒකටත් කොහෙවත් ඉන්න අය ඇප්රූව් කරන්න ඕනේ..මේ දවස් වල රස්නේ නිසා රෑට ඉන්දියන් චැනල් පේනවා ලංකාවේ ගොඩක් චැනල් උඩ.( ඒක වෙන්නේ අයනගෝලයේ පරිවාර ස්තර වල ඝනත්වය වෙනස් වීම නිසා..එතොකොට රේඩියෝ ට්‍රාන්ස්මිෂන් කරන්න බැහැ ටාර්ගට් ඒරියා එකට.ට්‍රාන්ස්මිෂන් ජෑම් වෙනවා . ඒක වෙනම මාතෘකාවක්. )
එවැනි අවස්ථාවක කරන්න පුළුවන් තාක්ෂණික දේවල් ගැන පැහැදිළි කිරීමක් වත් දාන්න ඉඩක් නැහැ පවතින ක්‍රමය එක්ක. ඒකට ඇප්රූව් අරන් එද්දී ඍතු මාරු වෙලා. ලබන අවුරුද්දෙත් මේ සංසිද්ධිය වෙද්දී පුද්ගලයෝ මාරු වෙලා..එක කෝල් එකෙන් අවශ්‍ය තීරණයක් හරි විදිහට අරන් වැඩක් කරන්න පුළුවන් තත්වය මග හැරිලා..වටේ යන්න ඕනේ මේවැනි දේකට පවා..
කොටිම්ම මගේ චැනල් එකේ මට add එකක් දාන්න කොහෙවත් ඉන්න අයගෙන් මට පර්මිෂන් ගන්න වෙලා..ඔතොකොට මම කව්ද මේකේ ...?
මේ සියලු බැඳීම් වෙනස් වෙන්න ඕනේ.. නිර්මාණයක් එළියට දාන්න හෝ හරි හමන් දෙයක් , වැඩසටහනක් ඉදිරිපත් කරන්න නම් මේ බැඳීම එක්ක බැහැ..මැණික් යට ගිහින් බොරළු මතු වෙලා තියෙන යුගයක මැණික් උප දාන්නේ කොහොමද ..?
එක එක හාල් කෑලි අරන් පුලුවන්ද රටක ඔලු හදන්න...? දෙයක් කෙළින් කතා කරන්න එක නිවේදකයෙක් අද ඉන්නවද ..? හරි පොයින්ට් එකට ඕන දෙයක් ලෝස් නැතුව ටෝක් කරන්න පුළුවන් කෙනෙක් අද ඉන්නවද ...? හරවත් සාකච්චා ජන මාධ්‍ය තුළින් මතු වෙද්දියි මිනිස්සු ඇහැරෙන්නේ..නිදාගෙන ඉන්න පොඩි එකා ඇහැරවලා " අන්න බලපන් ප්‍රෝග්‍රෑම් " කියලා කොල්ලව කූද්දන් එන්නේ එතොකොට ... දේශපාලනය වේවා , තාක්ෂනය වේවා , නීතිය වේවා , සමාජ කරුණු වේවා මිනිස්සුන්ගේ ඔලුවලට ඔබන්න නම් හොඳ දැනුමක් තියෙන මිනිස්සු ඉන්න ඕනේ ජන මාධ්‍ය ආයතනවල.. ඉස්සර හිටපු නිවේදකයෝ කතා කරද්දී අපි කට ඇරන් කොච්චර බලා ඉන්නවද ...? අද කෝ ඒ මිනිස්සු ...? නාලිකා ප්‍රධානීන් කෝ ...? ඇයි ඒ වගේ අයව ගන්නේ නැත්තේ...? අරන් හරි හමන් ගමනක් යන්නේ නැත්තේ ඇයි ...?
හේතුව තමයි නාලිකාවක් දරණ මිනිහා දේශපාලනය වේවා , තාක්ෂනය වේවා , නීතිය වේවා , සමාජ කරුණු වේවා, ලෝක ඉතිසාහය වේවා , ගෑණු මිනිස්සු හැමිනෙන ඒවා වේවා මොනවා හෝ වේවා සියල්ල ගැන දැනුවත් කොන්ද පණ තියෙන කෙනෙක් වෙන්න ඕනේ..මොන මගුලා මොනවා කිව්වත් තමන් ඉන්න මතයේ ඉන්න ඕනේ.රට ගැන හැගීමක් තියෙන මිනිහෙක් වෙන්න ඕනේ... එක එක හිස් මිනිස්සුන්ගේ ටෝක් වලට සද්දේ වහ ගන්න කෙනෙක් වෙලා බැහැ..සල්ලි බලේට හැදුන පුංචි බෝනික්කෙක් වෙලා බැහැ චැනල් කරන්න...කොටිම්ම හිත් පිත් නැති ලොකු බරක් අදින මිනිහෙක් වෙන්න ඕනේ ..තමන් කරන්නේ සේවයක් කියන හැගීම තියෙන්නේ ඕනේ..
අද ලංකාවට ගැළපෙන ආකාරයේ රූපවාහිනී නාලිකාවක් කරන්න නම් සෑහෙන වටපිටාවක් ගැන හිතන්න වෙනවා.බඳවා ගන්න ඕනේ සේවක පිරිසේ සිට මැදිරි පරිශ්‍රයට පය ගැසිය යුත්තේ කුමණ පුද්ගලයන්ද කියන දේ පැහැදිළිවම වෙන කර හඳුනා ගන්න ඕනේ.නාලිකාවේ ප්‍රධාන විධායක ධූරය දරන්නා විදිහට මේ සෑම දෙයක් ගැනම හිතන්න වෙනවා.හිතවත් කම් පැත්තකින් තියන්න වෙනවා. තමන්ගේ ගමන යෑම සඳහා ප්‍රමාණවත් මුදලක් හොයන්න වෙනවා..ඒ සඳහා සේවක මඩුල්ල මෙහෙයවන්න වෙනවා බුද්ධිමත්ව..මම ඉහත කී ගුණාත්මක භාවය ආරක්ෂා කරගනිමින් මුදල් සෙවීම තමයි බොහොම දෙනෙක් වරද්දා ගත්තු තැන සහ බොහෝ දෙනෙකුට කරගන්න බැරි දේත්..
සාමාන්‍ය මට්ටමෙන් කොපමණ මුදලක් එක් මාසයක් තුල අවශ්‍යද කියන දේ මේ සටහනෙන් දැනගන්න පුළුවන්.
සාමාන්‍යයෙන් MCR එකේ current බිලම එනවා මාසෙකට ලක්ෂ 6 විතර .
ප්‍රධාන ට්‍රාන්ස්මීටර් වල බිල එනවා ලක්ෂ 35 විතර නුවර සහ කොළඹ පමණක් විකාශය කලත්.( ප්‍රධාන ට්‍රාන්ස්මීටර් එකේ AC බිලම එනවා මාසෙකට ලක්ෂ 2 )
MCS එකක් ලක්ෂ 90 විතර වෙනවා .( ඒවගේ MCS 3 වත් සේවයේ යොදවන්න වෙනවා )
5kw UHF ට්‍රාන්ස්මීටර් එකක් ලක්ෂ 165 විතර වෙනවා .
පුංචි පුංචි රිපීටර් ඕනේ වෙනවා තව ලක්ෂ 80 විතර ..
ස්ටුඩියෝ වල පාවිච්චි කරන කැමරාවක් වෙනවා ලක්ෂ 6 විතර . ( එවැනි කැමරා 9 වත් ඕනේ )
වෘතීය මට්ටමේ සැටලයිට් ඩිකොර්ඩර් එකක් ලක්ෂ 6 විතර .. ( එවැනි උපකරණ 6 වත් ඕනේ )
අඩි 12-16 විෂ්කම්භය තියෙන සැටලයිට් ඩිෂ් එකක් ලක්ෂ 15 විතර . ( ඒ වගේ ඩිෂ් 6 වත් ඕනේ ගරුත්වේ බේරගන්න නම් )
සැටලයිට් ට්‍රාන්ස්මීටර් එකක් ලක්ෂ 350 විතර .{ මොකද 42,000Km (කිලෝ මීටර් හතලිස් දෙදාහක්) දුර යනවා සැටලයිට් ට්‍රාන්ස්මීටර් එකේ සිග්නල් එක }
ඒවට ගන්න අනිත් කළමනා ටිකට තව ලක්ෂ ගාණක් යනවා.
ඔයාල බලන CNN, FOX, BBC , AljaZ, නිව්ස් විනාඩි 30 වෙනුවෙන් අපිට ගෙවන්න වෙනවා ඒ ඒ ආයතනයට අවුරුද්දකට රුපියල් ලක්ෂ 300 විතර . ( අපි එයාලට ගෙවනවා මිසක් , එයාල අපිට ගෙවන්නේ නැහැ )
දැනට සතු විවිධ ටෙලි නාට්‍ය , ගීත , චිත්‍රපට එකතුවේ වටිනාකම බැලුවොත් රුපියල් බිලියනයක් විතර.ඒ වගේ දෙයක් හිතු මතේ ප්ලේ කරන්න බැහැ ලයිබ්රි එකේ තිබුණ පලියට.විදේශීය ටෙලි නාට්‍ය වෙනුවෙන් ඒවායේ භාරකාරත්වයට කෝටි ගාණක් ගෙවන්න වෙනවා විකාශන අයිතිය ලබා ගන්න.
තව ආණ්ඩුවට ගෙවන්න ඕනේ ලක්ෂ 30 විතර . රන්මිණි තැන්න හදන බද්දට ගෙවන්න උනා ලක්ෂ 80 ගානක් එක මාසෙට.ඔක්කොම එකතු කර බලන්න...
හරියට TV channel එකක් කරන්න පුළුවන් විදිහට සියල්ලම හදන්න ලක්ෂ 1500 විතර යනවා ...සේවයකන්ගේ පඩි වලටම මාසෙකට මුළු වියදම විතරක් යනවා ලක්ෂ 35 විතර ..( 50 දෙනෙක් වැඩ කරන තැනක උනත් )
ඔක්කොම බිල් ගෙවල , ණය ගෙවල , පඩි ගෙවල නිදහස් වෙන්න නම් අඩුම තරමේ ඕනේ මාසෙකට ලක්ෂ 270 විතර ..( මීට වඩා වියදම් තියෙනවා බාහිර විකාශන , වැඩටසහන් , කාලීන වැඩටසහන් , වැඩසටහන් වලට එන අයට කරන ගෙවීම් , හෝටල් ගාස්තු , ඉඳුම් හිටුම් , ප්‍රවාහන , තේ කෝපි වඩේ කිරි තේ පැන්ටා වියදම් ,)
කීදාහක් හොයන්නද දැන් ...?
සාමාන්යෙන් පුද්ගලිකව නාළිකාවෙන් නාළිකාවට , වැඩසටහනෙන් වැඩසටහනට අය කරන ගෙවීම් විවිධයි.ඒ වගේම නාළිකාව සිංහලද , ඉංග්‍රීසි කියන දේ අනුවත් වෙනස් වෙනවා..මේ මුදල හොයන්න නම් අඩුම තරමේ එක තත්පර 5 ක් සඳහා 20,000 ක මුදලක් වත් අය කරන්න වෙනවා නේද ...? ( ඒ කියන්නේ එක තත්පර 5 ක වෙළඳ දැන්වීමක් සඳහා මුදල 20,000 යි.එම වෙළඳ දැන්වීම නැවත ප්‍රචාරය කරන්න නම් නැවත 20,000 ක් අය කරනවා )
කෙනෙක් හිතන්න පුළුවන් එක පැයකට මිලියන 10 විතර හොයන්න පුළුවන් නේද කියලා ..? ඒත් සැමවිටම ඒක සාධාරණ නැහැ .හොයන්න පුළුවන් තැනදී කෝටි ගණන් හොයනවා..එහෙම හොයන්නේ ලාභයක් නැතිව විකාශනය වන වැඩසටහන් සඳහා.උදාහරණයක් තමයි CNN නිව්ස් විකාශනය කිරීම පාඩුයි.ඒ වෙනුවෙන් අපි ගෙවන මුදල සහ අපිට ලැබෙන මුදල අතර ඍන වෙනසක් එන්නේ.
CNN නිව්ස් එක විනාඩි 28 විතරම තියෙනවා..අපිට ඉතුරු විනාඩි 2යි. මේ විනාඩි දෙකට කොහොමද අපි ලක්ෂ කීපයක් හොයන්නේ ...? පාවිච්චි කරන එක ක්‍රමයක් තමයි ටයිම් ස්ට්‍රෙච් කරන එක. එතොකොට පුළුවන් ප්‍රේක්ෂකයන්ට නොදැනී විනාඩි කීපයක් ඉතුරු කරගන්න .ඒත් ලයිව් නිව්ස් එකක් යවද්දී මේ ක්‍රමය පාවිච්චි කරන්න බැහැ. හොඳටම දක්ෂ ප්‍රධාන පාලක මැදිරි ක්‍රියාකරවන්නන් ඉන්නවනම් පුළුවන් චැනල් එක බ්ලැක් නොයවා දඩ බඩ ගාලා add ගහන්න...
දැන් මේ විදිහට add ගහද්දි තව බාදකයක් එනවා .ඒ තමයි CNN නිව්ස් ප්ලේ වෙන කාලය සඳහා ගිවිසුමක් ගහලා වෙළඳ දැන්වීම් බාර ගත්තොත්, අනිවාර්යෙන් ඒ add ප්‍රමාණය ගහන්නම ඕනේ..නැත්නම් අදාල වෙළඳ දැන්වීම් සමාගමට පුළුවන් අපිට කිසිම ගෙවීමක් නොකර ඉන්න මුළු මාසයම සඳහා.
බැරිවෙලාවත් CNN නිව්ස් එක විකෘති වීමක් වැනි දෙයක් ( අරක්කු බොන්න එපා >>>> අරක්කු බොන්න ) උනොත් add සහ CNN නිව්ස් අතර ටයිම් කෝඩ් නොගැලපිලා තව ගැටළුවක් වෙනවා.ඒ තමයි CNN එකෙන් අපේ විකාශන බලපත්‍රය අහෝසි කරනවා..එහෙම උනොත් ආයේ CNN නැහැ. මෙවැනි ගැටළුවක් ආවොත් නාළිකාවේ ප්‍රධාන විධායක විදිහට මොකද කරන්නේ ...?
MCR එන්ජිනියර්ගේ වැඩ තහනම් කරන්නද ..? ඒ මනුස්සයා මොකද කරන්නේ එයාට ළඟා වෙන්න බැරි ටාර්ගට් එකක් දීලා තියෙනකොට ...? MCR වැඩ කරන අයව මල් වගේ බලාගත යුත්තේ මේකයි..ඔවුන් තමයි නාළිකාවේ හදවත..සමහර අය ඉන්නවා එක දිගට MCR එක ඇතුලේ සතියක් විතර වැඩ කරන අය..සූර්යාලෝකය දකින්නෙත් සතියකින් විතර බොහෝ දෙනා. දක්ෂ නිළධාරීන්ම තෝරාගන්නේ මේ නිසයි. මෙවැනි කැප කිරීම් රාශියක් මැද්දේයි මේ සියල්ල දුවන්නේ. MCR වැඩ කරන කෙනෙක් අස් උනොත් එයාගේ අඩුව පුරවන්න බැහැ නිකම්ම නිකම් කොල්ලෙක්ට මොරටුවෙන් සහතික ගොඩක් එක්ක ආව ! දක්ෂම කෙනාව තොර ගන්න වෙන්නෙත් දක්ෂයෙක්ට විතරයි ..
අද ලංකාවට ගැළපෙන ආකාරයේ රූපවාහිනී නාලිකාවක් කරන්න නම් සෑහෙන වටපිටාවක් ගැන හිතන්න වෙනවා.බඳවා ගන්න ඕනේ සේවක පිරිසේ සිට මැදිරි පරිශ්‍රයට පය ගැසිය යුත්තේ කුමණ පුද්ගලයන්ද කියන දේ පැහැදිළිවම වෙන් කර හඳුනා ගන්න ඕනේ.තමන්ගේ ගමන යෑම සඳහා ප්‍රමාණවත් මුදලක් හොයන්න වෙනවා..ඒ සඳහා සේවක මඩුල්ල මෙහෙයවන්න වෙනවා බුද්ධිමත්ව..නාලිකාවේ ප්‍රධාන විධායක ධූරය දරන්නා විදිහට මේ සෑම දෙයක් ගැනම හිතන්න වෙනවා.හිතවත් කම් පැත්තකින් තියන්න වෙනවා. මිනිස්සු තරහා වෙනවා.බිරිඳ , දරුවෝ තරහා වෙනවා. පුද්ගලික ජීවිතේ විනාසම වෙනවා ..
මෙවැනි උභතෝකෝටික ප්‍රශ්න සිය දාහක් එනවා නාළිකාවක් කරද්දී..එක්කෝ ගුණාත්මක භාවය නැත්නම් ඔහේ මොනවා හරි ගහලා කීයක් හරි හොයන් පැත්තකට වීම.වර්තමානය වෙද්දී මොන තත්වයද උදා වෙලා තියෙන්නේ කියන දේ මේ සටහන කියවන බොහෝ දෙනාට වැටහේවි.මම ඉහත කී ගුණාත්මක භාවය ආරක්ෂා කරගනිමින් මුදල් සෙවීම තමයි බොහොම දෙනෙක් වරද්දා ගත්තු තැන ..කෙසේ හෝ යහපත් විධායක ධූරයක් යටතේ ක්‍රියාත්මක වන ඉංග්‍රීසි , දමිල සහ සිංහල වැඩසටහන් මිශ්‍රව විකාශනය වන TV චැනල් එහෙක අවශ්‍යතාවය ලංකාවට තදින් උදා වෙලා තියෙන බව නම් මේ හැමෝම පිළිගනී..
එවැනි නාළිකාවක් තුළින් කල හැක්කේ කුමක්ද ...?
නැවත ශ්‍රී ලංකාව තුල උසස් ගුණාත්මක වැඩසටහන් විකාශනය කරන්න පුළුවන්.. පුංචි දරුවගේ සිට වැඩිහිටියා දක්වා ආකල්පමය වෙනසක් ඇති කරන්න පුළුවන්.යහපත් ආකල්ප වලින් මනස පිරෙන්න පිරෙන්න එකිනාකට ද්වේශ කරමින් ආත්මාර්ථ කාමීව මේ යන ගමනේ වේගය අඩු කරන්න පුළුවන් කියලා පුද්ගලිකව මම විශ්වාස කරනවා. අවුරුදු දෙකක් විතර යද්දී ආකල්පමය වශයෙන් වෙනස් වූ ප්‍රේක්ෂකයන් පිරිසක් හැදේවි.
මෙම පෝස්ටුවේ මුල් කොටස මාතලන්ගේ Vulgar Journilism පෝස්ටුව සඳහා මා යෙදු කමෙන්ටුවක් ඇසුරෙන් සැකසූවක්.මෙවැනි මාතෘකා ගැන සඳහන් කරන විට ප්‍රශ්නේ සියලු සිද්දීන් ගැන සාකච්චා නොකර එක් එක් කොන් වලින් අල්ලාගෙන කතා කිරීමෙන් පලක් නැහැ.ඒ නිසාම ලිපිය කොටස් වලට කඩා වෙන වෙනම පල කිරීමත් පලක් නැහැ.මම බොහොම තදින් විශ්වාස කරන දෙයක් තමයි ප්‍රශ්නයක් ඇත්නම් කොන් වලින් අල්ල නොගෙන, සියල්ල ගැනම එක පාර කතා කරන්න ඕනේ කියන දේ. කොන් වලින් අල්ල ගන්න ඇත්තෝ කිසිදා සත්‍ය නොදකී...

*********

දේශපාලනය , තාක්ෂනය , නීතිය , සමාජ කරුණු , සෞඛ්‍ය කරුණු , සංගීතය , රසාස්වාදය , ආර්ථිකය ගැන නිවැරදි වැටහීමක් ඇති ජනතාවකට යන්න පුළුවන් දුර වැඩි සහ යන ඩිංග සාර්ථකයි ...!
Update
මෙහි සඳහන් අක්ෂර හා භාෂාමය ගැටළු කීපයක් වෙනස් කරන ලදී ...
June 1, 2013
මගේ සිඟිති දියණියත් , අපේ ලෝකයත් .If you have a weak heart please DO NOT read!
සවස් වන්නට ප්‍රථම පුංචි දෝණියා නහවා හොඳින් ඇගේ කොන්ඩයද පිස දැමුවේ රෑ වන විට පිණි වැටි ඇය යලි අසනීප විය හැකි නිසාවෙනි .මීට දෙදිනකට ඉහතීද දෝණි රෑ වන විට ගොරෝද්දේ අදිමින් අපහසුවෙන් නිදන්නට විය.
" සුදු මැණික..... , අපි මොනාද ඇඳන් යන්නේ පැටියෝ ? "
"මෙන්න මේ රෝස පාට ගවුම ." ඒ වන විට මා අත තිබු ගවුම පෙන්වමින් ඈ කීවා ය .
ඇයට ඒ ගවුම අන්දවා මා කුස්සියට ගියේ ඉතුරුව ඇති යමක් ඇත්නම් සතෙකුට කන්නට පහල ඇති බංකුවෙන් තැබීමටය.
මා කාමරයට විත් ඇඳුම් ඇඳ නැවත සාලයට එන විට ඈ සතුටින් අපි දැන්ම යනවාදැයි ? මෙන් බලා ඉඳ හුරතල් වෙමින් මා සමීපයට ආ වාය ..
මා ඇයවද වඩාගෙන ඉතුරු අඩුම කුඩුම ටිකද එක් අතකින් ගෙන දොරගුළුද දා නිවසින් පිට විය.
යන්තමින් කරුවල වැටීගෙන එයි , ඒත් සමගම දැල්වීමට පටන් ගන්නා වෙසක් කූඩු දකින දෝණි
" ආන් බලන්න තාත්ති අර " යැයි සිඟිති අත දිගු කරමින් ලස්සන කූඩුවක් දකින විටම මට පෙන්වයි .
" හ්ම්ම්ම් " රථයේ වේගය තවත් ටිකක් අඩු කර මාද ඒ දෙස බලයි .
කෙමෙන් කෙමෙන් වෙසක් කලාපය ඇති පෙදෙසට අප ඇතුළු විය , තද බදය අස්සෙන් ඉඩක් ඇති තැනක රථය නැවැත්වූ මා පුංචි දෝණිය සමග මහ වීදිය දෙසට ඇවිද ගියෙමු.
රෝස පැහැ ගවුමකින් සැරසුන මගේ පුංචි කිරිල්ලිය ටික දුරක් යන විට තාත්ති වඩා යැයි කියමින් මා උරයට පැන්නාය ..
අද මගේ කුරුළු පැටියා ඉතාම සතුටිනි , මග දෙපස ඕනෑකමින් බලමින් සෑම දෙයකම රසය විඳගනිමින් තාත්ති තාත්ති යැයි කියමින් ඉගිලෙන්නට තරම් මිහිරකින් ඈ තනි වෙයි.
නැවත " තාත්ති අර " යැයි ඈත ඇති යමක් පෙන්වයි ..
" තාත්ති තාත්ති අරක කොහොමද කරන්නේ " ... තවත් ප්රශ්නයකි
ඕක රත්තරන් මෙහෙමනේ ...... කියමින් මා එය ඇයට තේරෙන ලෙස විස්තර කරයි
මේ ගෙවෙන්නේ ඇගේ තේරුමින් ගෙවෙන දෙවන හෝ තෙවන වෙසක් උත්සවයයි , ගිය අවුරුද්දට වඩා මේවර වැඩි මිහිරක් ලබන්නේ, ප්‍රශ්න ගොඩාක් ඇසෙන්නේ එහෙයිනි .
" පුතාට බොම්බයි මොටයි අරන් දෙන්නද තාත්ති ...? "
ඒත් සමග මාද මගේ පුංචි කාලයට දිව ගොසිනි ..තාත්ත සමග බයිසිකලේ වෙසක් බලන්නට
ආ හැටි ....
තාත්තගේ අතේ එල්ලෙමින් සෙනග මැද්දේ අතරමන් වේයැයි බියෙන් තව තවත් ඔහුට තුරුළු
වූ අන්දම ......
" හා තාත්ති " යැයි මගේ පුංචි කුරුළු පැටියා කියන තෙක්ම ඒ සිහිනෙන් මා අවදි වූයේ නැත .
" මගේ දෝණිම ගන්නවද තාත්ති සල්ලි දෙන්නම් ? හා......ද ? " පර්ස් එකෙන් මුදල් ගත් මා ඈ අත තැබීය ..
ලොකු බැලුම් බෝලයක් තරම වූ බොම්බයි මොටයි ගුලියක් අතැතිව ඈ දිව ආවාය ..
මටද විටින් විට සිඟිති අතින් කෑල්ල කෑල්ල කඩා කවමින් මගේ උරය අනික් අතින් බදා ගනිමින්, වෙසක් කූඩු බලමින්, සිනා සෙමින් අපමණ සැහැල්ලුවකට මා පත් කරමින් ඈ හිඳියි..
" ඉන්නකෝ අපි තොරණ පැත්තට යමු මොනවා හරි කාල , මන් පුතාට තොරණ පෙන්නන්නම්. හා......ද සුදු මැණික ? "
" හා තාත්ති .." මගේ උරයට හිස තබා නිදා හුන් ඇය පවසයි ..
රාත්‍රී ආහාර ගැනීමෙන් පසු අයිස් ක්‍රීම් එකක්ද අරන් දී ( ඔව් ඔව් හොඳ නැහැ කියල දන්නවා ඒ උනාට ඉල්ලද්දී නොදී ඉන්න පුලුවන්ද ) තොරණ දෙසට මාත් දෝණියත් ඇවිද ගියාය ..
" අනේ තාත්ති තව ලඟට යන් "
" ඒක හරි ෂෝයි "
තොරණෙ විස්තර ප්රචාරක කුටිය අසලට මා ගියේ එහි හුන් කවි කියන ඈයන්ද පෙන්වීමේ අරමුණෙනි .
ඒ දසුන දෝණිගේ හිත තදින්ම සොරා ගෙන තිබිණි ..
" ඇයි තාත්ති එයාල කවි කියන්නේ ? "
" තොරණ බලන්න එන අයට පින් සිද්ද වෙන්නනේ රත්තරන් "
එක් එක් පුද්ගලයන් එන, යන සැටිත් , කිවිඳියන් කවි කරන සැටිත් , රබාන වයමින් විරිඳු කියන සැටිත් ඈ අසාවෙන් බලා හිඳිනා නිසා මා ඇය බිමින් තැබුවේය .
ටික වෙලාවක් බලා සිටි ඈ විරිඳු කියන මහතෙකු ලගට ගොස්
" මාමේ මාමේ, මේ දහය ( මා බොම්බයි මොටයි ගැනීමට දුන් මුදලින් ඉතුරුව ඇයට ලැබුණු මුදල් ) ඇති වෙයිද දිව්‍ය ලෝකේ ඉන්න මගේ චූටි අම්මිට පින් සිද්ද වෙන්න කවියක් කියන්න ? " යැයි ඇසුවාය ..
එතැන සිටි සියල්ලන්ටද කර කියා ගත නොහැකි විය ..
ඒ වදනින් එතෙක් වේලා ඒ දෙස බලා සිටි මගේ ඇසින් කඳුළු කැට කඩා වැටෙන්නට විය ..
පුංචි මැණිකව වඩා ගත් මා එතනින් පිට විය ...ටික වේලාවකින් මුළු පළාතම දෙවනත් කරවමින්
මෙන්න මේ කවිය ඇසුනි ...
රෝස මලක හැඩට ගුණැති සමන් මලක් පිපුණා
මාමේ මාමේ කවි කියන්න ලොකුද මුදල ඕනා ?
දිවිය ලෝකේ ගිය මෑණිට සෙත් පතන්න ඈ මෙහි අද ආව
පුංචි මලේ කඳුළු ඉනුවා නුඹේ ඒ හඬ ඇසිලා!
මාමේ මාමේ කවි කියන්න ලොකුද මුදල ඕනා ?
දිවිය ලෝකේ ගිය මෑණිට සෙත් පතන්න ඈ මෙහි අද ආව
පුංචි මලේ කඳුළු ඉනුවා නුඹේ ඒ හඬ ඇසිලා!
ඇතිවූ දුක නිසා දෝණිය තුරුළු කරන් හැඬු මා හට එතැන් සිට පුරා පැයක් පමණ යන තෙක් මගේ පුංචි රෝස මලත් ,සමන් මලත් වෙනුවෙන් ගැයූ කවි සිහිනයක් මෙන් අදද අමතකව ගොසිනි ..
මට අමතකව ගිය, අප වෙනුවෙන් ගැයුණු ඒ කවියක් මෙහි ලියා තබනට ඔබට හැකි වේද ?
Subscribe to:
Posts (Atom)
15099537_n.jpg