සියලු දෙනාම දකින්න ඇතිනේ දැනට මාසයක් පමණ තිස්සේ සයිලන්ට් සහන් ගැන වැටුණු බ්ලොග් පෝස්ට් ? හැංගි හෝරා එහෙන් මෙහෙන් තිබුණු දේවල් දැන් ඔන්න නියම ප්‍රොෆයිල් වලින්ම තියෙනවා දැන් . විශාල විදිහට සත්‍ය විකෘති කරලා තියෙනවා මම දැක්කා පාඨක ඔබව මුළා වන ලෙසත් සහන් කියන පුද්ගලයා කෙරෙහි වෛරයක් ඇති වන ලෙසත්...
මම ඉතින් ඔහේ බලන් හිටියා ඕනෙම දෙයක් කරගන්න දීලා..ඒත් මගේ හිතවත් අය කීප දෙනෙක් මගින් මගට කිව්වා සහන් ඔයා නිස්කාරනේ කගෙන් වත් බැනුම් අහන්නත් එපා මඩ ගහන බ්ලොග් කරුවන්ට තව නටන්න දෙන්නත් එපා කියන දේ. ඒ අය නිසා තමයි මේ පෝස්ට් එක පවා මන් ලියන්නේ.එහෙම ඇර මට කිසිම උවමනාවක් නැහැ කාගෙන්වත් සහතික ගන්න. ඕනේ කෙනෙක් ඕනේ දෙයක් කිව්වට මට කිසිම ගැටළුවක් වෙන්නේ නැහැ. ඒ වගේම කාට හරි මාව මුණගැහෙන එන්න ඕනේ නම් මම ඒකටත් ඉඩ දීලා තියෙන්නේ. වැඩේ තියෙන්නේ ස්කයිප් කෝල් එකක් අරන් මට කතා කරන්න හයියක් නැති අය තමයි මේ බ්ලොග් පෝස්ට් වලින් චන්ඩි වෙන්න හදන්නේ.
මම සියලුම චෝදනා වලට එකින් එක උත්තර දෙනවා පෝස්ට් කීපයක් තුළින්.මොකද මට ඉතින් බ්ලොග් හදලා දෙන , පෝස්ට් හදලා දෙන , FB එකෙන් චැට් කරන වැඩර්ලා නැහැ අනිත් අයට වගේ. ඒ වගේම මිනිහෙක්ට ගහන්න තියෙන උවමනාව මිනිහෙක්ට සපෝර්ට් එකක් දෙන්න නැති බවත් මම දන්නවා.
මට මඩ ගැසීමේ මුළ
01.දැනට වසරකට විතර කළින් ඊ මේල් කවිකාරි කියලා හිටපු කෙනෙක් සමග පොඩි වචන හුවමාරුවක් උනා කට්ටිය දකින්න ඇති. ඒක ඉතින් සුළු දෙයක්නේ කියලා මම නිකන් හිටියා. මෙන්න බොලේ දවස් තුන හතරක් යද්දී පෝස්ට් එකක් වැටිලා
" සහන් යනු වයස 50 ක නාකියෙක්"
"කෙල්ලෝ රවටගන්න ආව කාමතුරයෙක්"
"සහන් කියන්නේ මුස්ලිම් එකෙක්"( මීට වඩා රසට තිබ්බේ)
සහන් යනු මුස්ලිම් කෙනෙක් කියන චෝදනාව
ඉස්සර මම එළකිරි.කොම් එකට යනවා එනවා.එකේ තියෙන පෝස්ට් බලනවා කියවනවා. ඉස්සර එළකිරි එකේ හොඳටම නැගලා ගියපු එකක් තමයි "මුස්ලිම් අයට දොස් කීම". එවැනි පෝස්ට් වලදී මම කියපු එකම දේ තමයි
"සිංහල අපි මුස්ලිම් අයට දොස් කීමෙන් වැඩක් නැහැ.මුස්ලිම් අය අතර තියෙන සාමූහිකත්වය සිංහල අය අතර නැහැ.ජාතියක් විදිහට නැගිටින්න නම් කරන්න ඕනේ අනිත් අයට බැන බැන යෑම නෙවේ අපි එකමුතු වීම පමණය"කියලා.
හැබැයි බහුතර අයට ඕනේ මුස්‌ලිම අයට අපහාස කරලා පහත් සතුටක් ලබන්න. ඒ නිසා ඔන්න කට්ටිය මට ගැහුවා මුස්ලිම් ලේබලේ. මම මුස්ලිම් අයට කඩේ යන කෙනෙක් කියලා කිව්වා.පස්සේ කිව්වා මමත් මුස්ලිම් කෙනෙක් කියලා. ඊටත් පස්සේ කිව්වා මම ස්ත්‍රී දූෂකයෙක් කියලා. ඔහොම ඔහොම දිගින් දිගටම ගියා. මට පිස්සු කියලා කිව්වා .මන් අංගොඩ හිටියලු. මගේ ගෑණි මැරිලා කිව්වා. ගෑණු ළමයි රේප් කරන කෙනෙක් කිව්වා. වයස 50 ට වැඩි කිව්වා.ඔය වගේ අනත්ත කතා එළකිරි එක පුරාවටම තියෙනවා. මා ගැන විතරක් නෙවේ එළකිරි එකට යන එන ඕනෙම කෙනෙක් දන්නවා ඇති එතන තත්වය. අපි කිසිම කෙනෙක් ඒ දේවල් ගණන් ගන්නේ නැහැ සහ ඇඩ්මින් වරුන්ට කියන්නේ නැහැ
"අනේ අතන මට බැනලා .pls ඒක අයින් කරන්න "කියලා. ඉතින් ඔය සේරම අදටත් ඉන්ටනෙට් එක පුරවලා තියෙනවා.
නරක ආරංචි වලට පියාපත් තියෙන්නා හේ ඒවා තමයි ගූගල් එකේ සහන්
කියලා ගැහුවත් උඩින්ම එන්නේ. ( ඒකට හේතුව වැඩි දෙනෙක් එවැනි දේවල් බලන නිසා
පේජ් රෑන්කින් වලදී ඒ සෙවුම් ඉහළින්ම පෙන්නීම ).. ඔන්න ඉතින් අපේ ඊ මේල්
කවිකාරි ගැහුවා ගූගල් වල මගේ නම..!
අම්මට සිරි මෙන්න එනවා
පෝලිමට මට ගහපු මඩ ටික. එයාත් දැම්මා පෝස්ට් එකක් ලොකුවටම සහන් කියන්නේ
මුස්ලිම් නාකියෙක්. කාමාතුරයෙක්. ගෑණු ධූෂණය කරන කෙනෙක් ආදී වශයෙන්. ඉතින් ඒ
කුණු කුණුවත් බ්ලොග් අවකාශය පුරාම ගියා. මම ඒ කිසි දේකට උත්තර දුන්නේ
නැහැ. . ඉස්සරත් මට ඇනෝ කමෙන්ට් වැටුණා එක දිගට.. මම ඉතින් ඒවා පස්සේ යන්නේ
නැහැ...මොකද මට එවැනි දේවල් විහිලු පමණයි අඳබාලයන්ගේ.
නමුත්
එවැනි දේවල් වලින් ඔයාටම පාඩුවක් වෙනවා සහන් කියලා මගේ බ්ලොග් මිතුරන්
කියපු නිසා ඔන්න මාස 8 කට විතර පස්සේ මම ඒ ගැන පැහැදිළි කරලා පෝස්ට් එකක්
දැම්මා මගේ උපන් දිනය සහ බ්ලොග් එකේ හිට්ස් 75,000 ත් එක්ක .
මේ තියෙන්නේ ඒක..හැබැයි එවැනි පෝස්ට් FB තුළින් හුවමාරු වෙන්නේ නැහැ, චැට් කරද්දී
කව්රුත් ඒ ගැන කියන්නේ නැහැ , කෝල් කරද්දී කියන්නේ නැහැ. අපේ අය බලන්නේ
මිනිහෙක්ට ගහන්න විතරනේ.
02. ඉහත
01 විස්තර කරපු කුනුකන්දල් ටිකම දැන් ටිකක් මොඩ් වෙලා. අරගෙන් මෙයාගෙන්
අහගන්න ඒවයි , ගොතන ඒවයි සේරම එකතු කරලා නියම කතා ටිකක් තියෙනවා.
"මමත් බූට් එකක් කෑවා " කියලා කිව්වොත් ඔන්න කතාව යනවා ගෑණි දාලා ගියා කියලා.
"වයිෆ් ලෙඩින්" කිව්වොත් වයිෆ් මැරිච්ච විදිහට කතාව යනවා.
"වයිෆ් සිංහල නෙවේ " කිව්වොත් කතාව යනවා සුද්දියෙක් බැඳගෙන සල්ලි වලට කියලා.
" ඔව් මට පිළිකාවක්.ඇයි මොකද ?" කියලා ඇහුවොත් යන්නේ ළඟට යන්න එපා බෝ වෙයි කියලා.
මට
කැස්ස තියෙනවා ටිකක් තදින්. මට ක්ෂය රෝගය තියෙන විදිහට තමයි කතාව යන්නේ
දැන්. තව ටික දවසකින් මට HIV AIDS කිව්වත් පුදුම නම් වෙන්න දෙයක් නැහැ.:D
මගේ ලෙඩ ගැනත් උනන්දුයි මේ මහත්තුරු සහ නෝනලා ටික. ඉස්සර මම එළකිරි එකේ
ඉද්දි බහින් බස් වීම් , විහිලුවට කියපු දේවල් තමයි මේ කට්ටියම අදටත්ඇදලා
ගන්නේ.
03. මුස්ලිම් අයට පක්ෂව කතා කරපු නිසා මට ලැබුණ දේ
තමයි ඒ. එතනින් පැහැදිළි වෙන්නෙත් සිංහල ජාතිය සතු අනිකා පෑගීමේ
ලක්ෂණයමයි. සිංහල ජාතිය දිනෙන් දින පිරිහීම ගැන පුදුම වෙන්න දෙයක් නැහැ
අපිට.
04. ඉස්සර එළකිරි එකේ ඉද්දි එතන අය කරන දෙයක් තමයි
" උඹ ඉස්කෝලේ ගියේ නැහැනේ. 8 පාස් වත් නැති උඹ කොහෙද ඕවා දන්නේ" කියලා විහිළුවක් කරන එක .
" උඹ අතන ලෝඩ් පකීර් වගේ කතා කරාට මේක බැහැනේ " කියලා කියන ලින්ක් එකක් දාන්න ගිහින් වැරදුණත්.
මම දැක්කා ඒ වගේ සිඟිති විහිලුත් වෙනවා මේ අස්සේ.
05. ඔන්න දැන් එමු අලුත් චෝදනා වලට එකින් එක.
වීඩියෝ එකක් දැම්මොත් වෙන දේ :- මම දාපු කොරල් මාලිගාව
සම්බන්ධ පෝස්ට් එකේ වීඩියෝ එකක් මම දාලා තිබ්බා දකින්න ඇති. ඒ වීඩියෝව තුළ
"කොරල් මාලිගාව " කියන දේ සත්‍ය රූප තිබ්බා. හැබැයි වැඩේ කියන්නේ කට්ටිය
මගෙන් අහලා තිබ්බා
"සහන් ඔය කියන මාළිගාවේ රූපයක් දෙන්න" කියලා..
: ඒ කියන්නේ ඒ අය වීඩියෝ එක බලලාවත් නැතුව මට කියනවා මේක ඇත්තක් වෙන්න
බැහැ කියලා.. මුළු වීඩියෝවම බැලුවා නම් කිසිම ගැටළුවක් එන්නේ නැහැ අකුරෙන්
අකුර කොරල් මාළිගාවේ විස්තර එහි ඇතුලත් උනා. මට ඒක ඩවුන්ලෝඩ් කරගන්න බැරිව
අන්තිමට සිරා තමයි mp3 එක ඩවුන්ලෝඩ් කරලා එව්වෙත්. ඒ බව සිරා දන්නවා.
මම
දන්නවා විනාඩි 15 , 20 වීඩියෝ එකක් එම්බෙඩ් කරාට කිසි කෙනෙක් ඒක බලන්නේ
නැහැ ඉවර වෙනකම්. ඊට වඩා හොඳයි නෙට් එකෙන් හෝ වීඩියෝවෙන් රූප ටිකක් අරන්
දාන එක අසවල් දේ මේකයි අසවල් දේ අරකයි කියලා. කොරල් මාළිගාව ගැන පෝස්ට් එක
මම ලියද්දි මට හමුවුණා බොහෝ දේවල්
"අයියෝ ඕක කරන්නේ අරහෙමයි මෙහෙමයි.අතනින් දාලා මෙතනින් ගත්තා නම් හරි" කියලා ඉතාම සැහැල්ලුවෙන් කියපු කතා. හැබැයි වැඩේ තියෙන්නේ එවැනි දෙයක් මේ වෙනකම් කිසිම කෙනෙක් හදලා නැහැ :D
කිසිම
වීරයෙක්ට ටොන් 10 ක ගල් කුට්ටියක් තනියම උස්ස ගන්න බැහැ.වීඩියෝව දැන් වත්
බලන්න .එහි උදාහරණ එක්ක තියෙනවා ගල් කුට්ටියක් දොඹකරයක් ආධාරයෙන් උස්සන්න
ගන්න වෙහෙස ගැන.මට දැන් කියන්න එපා ටොන් 50 පවා උස්සන දොඹකර දැකලා නැද්ද
කියලා. ඒවා මට කියලා වැඩක් නැහැ දැන්.
වීඩියෝ එකක ඇති දෙයක් වෙනම උපුටා දැම්මොත් වෙන දේ :- අවශ්‍ය
කරන කොටස් ටික විතරක් එන විදිහට පොටෝ දැම්මොත් කියනවා ඇයි පොටෝ වලට නම්
ගැහුවේ කියලා. පොටෝ වලට නම් ගහන්නේ වෙන මොකවත් නිසා නෙවේ කෙළින්ම බ්ලොග්
පෝස්ට් කොපි කරන අය නිසා. පොටෝ එහෙකට නමක් හරි ගැහුවම කොපි කිරීම කරත් එහි
දෙවෙනි තුන්වෙනි කොටස් බලන්න කට්ටිය එනවා. මම මීට කළින් ලියපු
අකුණ පෝස්ට් එක මම දැක්කා බ්ලොග් අඩවි කීපයක තියෙනවා. මම දැනට සති දෙකකට කළින් වගේ
ලියපු
"රන් මිළ " පෝස්ට් එක මෙන්න මෙතන තියෙනවා .
sinhayareader.com/world-news/economy/gold-price-ounce?rd=1389110329599
මීට
කළින් මම කොහේවත් කියලා නැහැ අනේ මම ලියපු එක අතන තියෙනවා කියලා.හැබැයි මේ
බ්ලොග් අවකාශයේ බ්ලොග් වල සමහර අය නම් කෙළින්ම කියලා තියෙනවා
"අපේ ඒවා
කොපි කරන්න එපා" කියලා.මටනම් මගේ දෙයක් කව්රු ගත්තත් කමක් නැහැ.මම ලියපු
දෙයක් වෙනත් කෙනෙක් දකින්නයි ඕනේ.කව්රු එයට ක්‍රෙඩිට් එක ගත්තත් මට
ප්‍රශ්නයක් නැහැ. හැබැයි මම මගේ පෝස්ට් වලට බ්ලොග් එකේ නම ගහනවා ඒ තුළින්
දෙවෙනි තුන් වෙනි කොටස් වලටත් කෙනෙක් ඒවි කියලා.
මේ වීඩියෝ මගෙන් විතරයි චෝදනාව:- මම මාරයාගේ පෝස්ට් එකේදී
කිව්වා ඔන්න මම පෝස්ට් එකක් දානවා ඒවා නම් මගෙන් විතරයි කියලා පට්ට
රණ්ඩුවක් මැද්දේ. අනේ එදා මම ඒ කියපු එක වචනයක් අල්ලන් තමයි මේ සේරම දෙනා
නටන්නේ. මම ඒ පොටෝ වලට නම ගහපු එක තමයි මේ සේරම අල්ලන් නටන්නේ. මොකක් හරි
දෙයක් ගැන ලියද්දි එයට අවශ්‍යම තැන් වලින් පොටෝ ගන්නේ ඇයි කියන දේ මම ඉහත
කිව්වා. පොටෝ වලට නම ගහන්නේ ඇයි කියන දේත් කිව්වා. මෙහෙම දෙයක් වත් අග මුළ
පටල ගන්නේ නැතුව ලෝකේ පෙරළන්න එන අය ගැන කිසිවෙක් කලබල වෙන්න ඕනේ නැහැ. ඒ ඒ
අයගේ දැනුම් මට්ටම ගැන තීරණයක් ගත්තම ඉවරයි.
ටෙස්ලා කාර් එක මගේ චෝදනාව:- මම ඒ පෝස්ට් එකේදී පැහැදිලිවම කිව්වා
"මට මගේ නමින් බයික් එකක් වත් නැහැ" කියලා.. වැඩේ තියෙන්නේ මගේ ඒ කමෙන්ට් එක කිසිම කෙනෙක් උපුටලා අරන් තිබ්බේ නැහැ.
හැබැයි මම W3 එකේදී ඇනෝ කෙනෙකුට කිව්වා
" ඔව් ඒ කාර් එක මම ගත්තේ දැන් නිකම් පපුව පැළෙන්න වගේද ඉරිසියාවෙන් :P " කියලා... p මාර්ක් එකක් දැම්මා..
දිගින් දිගට වාදයට එද්දී මම කිව්වොත් එහෙම
" ඔව් මම ඔක්කෝම දන්නවා අකුරක් නෑර.ඇයි මොකද " කියලා අන්න ඉවරයි.ඔබ දකින්න ඇතිනේ එවැනි කෙනෙක් සමග මම කරපු
වැඩේ තියෙන්නේ අන්න ඒ කමෙන්ට් එක තමයිහැම තැනම කිය කියා යන්නේ! හේතුව දැන් හොඳටම පැහැදිලිනේ. සහන්ට මඩ ගැසීමේ අරමුණ.
{ අන්තිමේදී ඔහුම කිව්වා
"සහන් මම අහපු හැම දේකටම ස්කයිප් තුළින් උත්තර දුන්නා සහ ඔහුට කොච්චර අපහාස කරත් නොකියන දේ නොකියන බව" ......
එහෙම කියපු කෙනාම අනික් පැත්තට කරන දේවල් දකින්න ඇති ඔබ.. මට යුධ අපරාධ
චෝදනාවක් පවා තිබුණා ඒ අතරේ. මම ඒ ගැනත් සොයලා බලන්නම් හිමින් සීරුවේ . }
වීඩියෝ වල ඇති දේවල් මැකීම :- මම වීඩියෝ එකකින් ගත්ත රූපයක
මනුස්සයෙක් ඉන්නවා නම් වාහනයක අංක තහඩුවක් තියෙනවා නම් වෙනත් ගැටළුවක් වෙන
දෙයක් ඇතිනම් එවැනි දේවල් මකනවා.ඉස්සරහටත් ඒක එහෙමයි.බය වෙන්න එපා.අතනද
මකන්නේ මෙතනද මකන්නේ කියන දේ තීරණය කරන්නේ මම මිසක් කාගෙන් වත් අවසර අරන්
නෙවේ. ඒ නිසා ඒ ගැන කලබල වෙන්නත් එපා. වීඩියෝ එකක බැජ් නම්බර් එකක් ,
වීඩියෝ ස්ක්‍රැම්බල් ID එකක් තියෙනවා නම් අනිවාර්යෙන්ම ඒක මකනවා. මොකද
එයින් හොයන්න පුළුවන් සැටලයිට් සිග්නල් එක ගන්න ආයතනයේ නම. ( මම මෙතන
පාවිච්චි කරේ වෘත්තීමය වචන නෙවේ. ටෙක්නිකල් ටර්ම්ස් වලින් කතා කරන්න
ගිහින් වෙච්චි දේවල් දකින්න ඇතිනේ මීට කළින් )
උදා :- NHK ආයතනය මගින් ලබා ගත් නැරඹුම් ගිණුමක් මගින් සේවය
ලබා ගනී නම් විටින් විට කෝඩ් අප්ඩේට් වීම/නොවීම තිරයේ දිස් වෙන්න පුළුවන්.
එම කෝඩ් එක දුටු පමණින් කියන්න පුළුවන් මේ තරංගය එන්නේ SLRC වෙනුවෙන්ද ITN
වෙනුවෙන්ද MTN වෙනුවෙන්ද MBC වෙනුවෙන්ද යනාදී වශයෙන්.
එවැනි දේවල් ගැන මට තුන්වෙනි පාර්ශවයක අවවාද සහ අනුශාසනා අවශ්‍ය නැහැ. මකනවාම තමයි.
වීඩියෝ හොරකමක්ද:-
රූපවාහිනී ආයතන මගින් තම තමන් සතු වාර්තා වැඩසටහන් හුවමාරු කරගන්නවා.
එක්කෝ වෙළඳ අරමුණින් නැතිනම් වීඩියෝ හුවමාරු කරගැනීමේ ගිවිසුම් අනුව. ඉස්සර
SLRC එකෙන් හදපු මැණික් පතල් කැපීම , පාරු කර්මාන්තය , සිංහරාජ වනාන්තරය
ගැන වැනි අනෙක වැඩසටහන් ලොව පුරා මාධ්‍ය ආයතන වෙත දුන්නා. එසේම SLRC වෙතත්
ලක්ෂ ගණනක වීඩියෝ ලැබුණා. රිචඩ් ද සොයිසා පවා සභාගී වූ වැඩසටහන් තියෙනවා
.අද ජීවත් වන බොහෝ අය නම් ගම් දන්නෙවත් නැහැ රිචඩ් ගැන .
හිමි
නමක් ගිණිතියාගත් වීඩියෝව පවා පැය දෙක තුනක පමාවක් කිරීමෙන් පසු අනික්
සහෝදර ආයතන වෙත ලබා දුන්නා. ඒක තමයි වීඩියෝ හුවමාරුවේ ස්වභාවය කියන්නේ
ආයතන ආයතන අභ්‍යන්තරයේ වෙන. මෙවැනි දේවල් ගැන ජීවිතේට නාහපු අය වීඩියෝ
හොරකමක් ගැන නීතිමය තත්වය පවා පැහැදිළි කරලා පෝස්ට් දාලා තියෙනවා දකිද්දී
මට දුකයි ඔවුන්ගේ මට්ටම ගැන. යු ටියුබ් වීඩියෝ වලින් ලෝකය දෙස බලන අය ගැන
අප කලබල වෙන්න ඕනේ නැහැ.
ඔහොම වීඩියෝ කියන තරම් තියෙනවා නම් ඇයි ඒවා ප්‍රචාරය කරන්නේ නැත්තේ :- මේ
ප්‍රශ්නය අහන්න ඕනේ මගෙන් නෙවේ. රූපවාහිනී ආයතන ප්‍රධානීන්ගෙන්. අපෝ ඕවා
පරණයි / අලුත් උනත් හිට් වෙන්නේ නැහැ / ඇඩ්වර්ටීස්මන්ට් ලැබෙන්නේ නැහැ වැනි
අභියෝග ගොඩක් තියෙනවා ජය ගන්න. මාධ්‍ය ආයතනයක තියෙන හැලහැප්පීම ගැන මම
පෝස්ට් දෙකක්ම ලියලා තියෙනවා. ඒවා බලන්න අවශ්‍ය අය විතරක්.වැරදිත් හොයන්න.
හැබැයි ඉතින් නිෂ්ඵල දේවල් වෙනුවෙන් මම කාලය වැය කරන්නේ නැහැ. දැනුමට යමක්
සොයන කෙනෙක් එයින් ගත හැකි ප්‍රයෝජනයක් ගනී. අනිත් අය තමන් දන්නා සෙල්ලම්
ටිකෙන් සෙල්ලම් ගෙයක් හදයි. මම ඉතින් එවැනි දේ ගැන වෙහෙසෙන්නේ නැහැ.ඒ බව
දැන් හොඳටම පැහැදිළි ඇතිනේ.
ශ්‍රී ලාංකික මාධ්‍ය භාවිතය , එහි විකාශය හා වත්මන් තත්වය . වෙනසක් අවශ්‍යද ? ඒ කුමක්ද ?Who should have a TV Channel ?
රූපවාහිනී ආයතනයක ප්‍රධාන පාලක මැදිරිය
කෙනී දෙමටගොඩගෙන් මම අහපු LED ප්‍රශ්නය :- මම
දැක්කා වසර3 ,4 ක් පමණ පරණ දේවල් පවා අදිමින් කරලා තිබුණු විහිලුව.
ඉලෙක්ට්‍රොනික් පරිපත ගැන උනන්දුවක් තියෙන ඕනෙම කෙනෙක් එවැනි දේවල් හදන්න
හෝ වෙනත් බාහිර විස්තර ගැන අහන්න පෙළඹෙනවා. එයට හේතුව තමයි පරිපථයෙන්
පරිපථයට සැළසුම වෙනස් වෙන්න පුළුවන්. එක් සුළු වෙනසකින් පරිපථයම දැවී යන්න
පුළුවන්. ඒ නිසා එකම ක්ෂේත්‍රයේ ඉන්න කෙනෙක් දැක්ක හැටියේ අහනවා
අර පරිපථයේ විස්තර කොහොමද .
මම හැදුවේ මෙහෙම.ඒක වැඩ කරද්දී රත් උනා ,
කැප් පිපිරුවා ,
රෙසිස්ටර්ස් ඕවර් හීට් වෙනවා ,
ට්‍රාන්සිස්ටර් එකක් කොච්චර කරත් පිච්චෙනවා ,
LED ටික ඩිම් වෙනවා,
සති කීපයකින් පිච්චෙනවා ආදී වශයෙන්.
මේ
විදිහට හුවමාරු කරගන්න තොරතුරු පොත් පත් වල නැහැ. මේවට කියන්නේ වෘත්තීය
අද්දැකීම්. වෘත්තීය අද්දැකීම් හුවමාරු කරගන්න PhD තියෙන්න ඕනෙත් නැහැ CEO
කෙනෙක් වෙන්න/නොවෙන්න ඕනේ නැහැ. මම අර මුළින් කියපු සිඟිති ප්‍රශ්න ක්‍රමය
මතකනේ.මෙතනත් වෙන්නේ ඒ දේ. එකම අරමුණ සහන් ගැන වෛරයක් ඇති කිරීම පමණයි.
අපි ඉතින් එවැනි දේ ගැන කලබල වෙන්න ඕනේ නැහැ.
LED ගැන නැවත :-
LED යොදාගෙන නිවසකට උචිත විදිහට බල්බ් හැදීම කියන දේ දැනට වසර 3 කට විතර
කළින් අද තරම් පහසු උනේ නැහැ. එයට හේතුව තමයි LED වෙනුවෙන් ස්ථාවර
වෝල්ටීයතාවයක් සැපයියයුතු වීම. 3V ලෙස සඳහන් බල්බයකට 3.6V පමණ ලැබෙන්න
ගත්තොත් පැය 6 ක් පමණ බල්බයේ ආයු කාලය බෙහෙවින් අඩුවෙනවා. සූත්‍රිකා පහන්
වගේ විශාල වෝල්ටීය පරාසයකට ඔරොත්තු දෙන්නේ නැහැ. ( දැන් කියන්න එපා 3v LED
ගැන විතරද දන්නේ කියලා. වෝල්ටීයතාවය කීයක් වෙන LED එකක් ගත්තත් පොදු
ගැටළුවක් එනවා ප්‍රධාන සැපයුම් ධාරාවේ අගය උච්ච්වචනය වීම එක්ක )
i.නියමිත
විදිහට වෝල්ටීයතාවයක් දෙන්න බැරිද :- දෙන්න පුළුවන්. හැබැයි පිට කොටුවේ
තියෙන සත 50 රෙසිස්ටර්ස් ,ට්‍රාන්සිස්ටර්ස් කැපසිටර්ස් IC , ඩයෝඩ් අරන් මේ
වැඩේ කරන්න අමාරුයි. එහි අගය 12%+- විතර වෙනස් වෙනවා ඇතැම් විට . ( දැන්
කියයිද දන්නේ නැහැ IC වල අගය වෙනස් වෙනවා කියලා ඇහුවමයි කියලා.. සිඟිති
ප්‍රශ්න අහන අය ගැන කලබල වෙන්න එපා )
නිසි ලෙස සකස් නොවූ පරිපථයක ඇති ට්‍රාන්සිස්ටර් එකක
බේස් කරන්ට් වෙනස් වීමක් නිසා පිටවන වෝල්ටීයතාවය 1v සිට 2 v දක්වා උනත්
වෙනස් වෙන්න පුළුවන්. ඒ වෙනස හොඳටම ඇති සුරුස් ගාලා බල්බ් ටික පිච්චිලා
යන්න.
ii.
වෝල්ටේජ් රෙගිව්ලේටරයක් දැම්මා නම ගොඩනේ කියාවි මේ ටික දැකපු හැටියේ. එහෙම
දෙයක් කරනවා නම් වොට් 3 - 12 පමණ වෙන රෙගිව්ලේටරයක් හෝ රෙගිව්ලේටර
පද්ධතියක් , ට්‍රාන්ස්ෆෝමර් එකක් ඕනේ. ( නැත්නම් smps එකක් ඕනේ.මේ ගැන පසුව
කියන්නම් ). දැන් ඔය ඔක්කෝම දාලා හදන්න කීයක් යනවද?මෙන්න මේ නිසයි හදන්න
කළින් හදපු එක්කෙනෙක්ගෙන් අහන්නේ හදන්නද/එපාද / වැඩ කරාද/ගැටළුවක් ආවද
කියලා. මොරටුවෙන් ආව එන්ජිනියර් කෙනෙක් උනත් මෙහෙම දෙයක් ගැන අහනවා 8 වසරේ
පොඩි ළමයෙක්ගෙන් උනත්..එය ලැජ්ජාවට කරුණක් නෙවේ. මොකද පළපුරුද්දෙන් ලත් අද්දැකීමක් වටිනවා.
iii.මේ
සේරම කරලත් බල්බ් ටික ටික දවසකින් ඩිම් උනොත්මොකද කරන්නේ? මෙන්න මෙතැනදී
තමයි මිළ කියන සාධකය එන්නේ. රුපියල් 400 ක් විතර වියදම් කරන්න ඕනේ
ප්‍රමාණවත් එළියක් ගන්න පුළුවන් වෙන විදිහේ බල්බ් එකක් හදන්න. LED ටිකටම
ඇතැම් විට 300 කට වැඩිය යන්න පුළුවන්. මොන වර්ගයේ බල්බ්ද ගන්න ඕනේ කියලා
මෙතැනදී නම් අනිවාර්යෙන්ම පළපුරුද්ද ඇති කෙනෙක්ගෙන් අහන්නම ඕනේ! නැත්නම්
වෙන්නේ සියලු මුදල් වතුරේ යෑම.
iv. ඔය
මම කිව්වේ මීට වසර 3 , 4 කට කළින් තත්වය.අද වෙද්දී නම් කෙළින්ම සුරුස්
ගාලා හදන්න පුළුවන් කිට්ම තියෙනවා. ඉස්සර අපි මේවා හැදුවේ ආසාවට මිසක්
ආර්ථික ලාබයක් බලාගෙන නෙවේ. කෙනී පවා ඒවා කලේ ආසාවට පමණයි. අපි ඉස්සර කරපු
දේවල් පවා සූක්ෂ්මව
" මහ ලොකු ඉන්ජිනියර් LED එකක් හයි කරගන්න දන්නේ නැද්ද " කියලා මඩ ගැසීමේ අරමුණින් යොදාගෙන තිබුණේ ඔහොමයි මට CEO ලේබලේ ගහලා.
CEO ලේබලේ පයිලට් ලේබලේ එන්ජිනියර් ලේබලේ ගැහුවේ මෙන්න මෙහෙම දේකට යොදා
ගන්නයි මේ මිනිස්සු. මහා ලොකු ඉන්ජිනියර් ඕවා දන්නේ නැද්ද කිව්වම වැඩේ
ඉවරයි කියලා හිතන්! අනතුරට පත් පයිලට් කෙනෙක් ගැන ගුවන් හමුදා මූලස්ථානයේ ඇති තොරතුරු
Google මගින්හෙව්වෙත්
මේ මිනිස්සුමයි. තේරෙනවනේ සිඟිති විනෝදයේ තරම. ගුවන් හමුදා මූලස්ථානයේ ඇති
දේවල් පවා ගූගල් වලින් හොයන්න යන මිනිස්සු ගැන කලබල වෙන්න එපා.
v.
එහෙනම් කොහොමද CFL , අලුත් LED බල්බ ලස්සනට හදලා එවන්නේ? ඒවට යොදාගන්නේ
smps කියන ක්‍රමය වෝල්ටීයතාවය පාලනය කරන්න. smps පරිපථයක් සාමාන්‍ය ගෙදර
දොරේදී හදාගන්න එක සුදුසු නැහැ. හදන්න ගිහින් වෙන සුළු වැරද්දකින් වෝල්ට්
100 විතර එන්න පුළුවන් එක මොහොතේන්. අන්තිමට ජීවිතත් නැති වෙලා ඉවර වෙන්න
පුළුවන්. හරි හමන් බඩු මුට්ටු වලින් විතරයි smps හදන්න ඕනේ. මහා පරිමාණයෙන්
බල්බ් නිපදවන ආයතනයක් තුළ smps වර්ගයේ වෝල්ටීයතා පාලකයක් ඉතා අඩු
පරිශ්‍රමයකින් හදන්න පුළුවන් වගේම ඔවුන් යොදාගන්නෙත් smps වර්ගයේ ඒකකමයි.
මහා පරිමාණයෙන් කරද්දී එවැනි දේවල් ඉතාම ලේසියෙන් හදන්න පුළුවන්. වර්තමානයේ
එන බොහෝ විදුලි උපකරණ වල වෝල්ටීයතාවය පාලනය කරන්නේ smps මගින්. හැබැයි
අපිට නිකම්ම ගෙදරදී ඒවා කරන්න බැහැ.මේ ලිපිය smps ගැන නොවෙන නිසා දැනට
මෙතනින් නවත්තනවා.
vi.ඉස්සර
ඇම්ප්ලිෆයර් හදන ආසාව තිබුණ අය දන්නවා ඇති කොච්චර නම් STK සර්කිට් හොය
හොයා ගියාද කියලා. බැහැ බැහැ ඕක නෙවේ මචන් මේක හදමු කිය කියනවා. ඒක හදන්න
එපා බේස් නැහැ කියනවා තව කෙනෙක්. අපෝ IC එක පිච්චෙනවා රත් වෙලා කියයි
තව කෙනෙක්. එදා ලබපු හුරුව අදට උනත් දෙයක් කරද්දී අපි කා තුළත්
තියෙනවා.දෙයක් කරන්න කළින් අපි අහනවා. එවැනි දේවල් පවා සමච්චලයට ගන්න අය
තමයි ඉන්නේ තමන්ගේ සිඟිති සතුටක් වෙනුවෙන්. බව්ත්( ඊයම් පෑස්සුම උපකරණයක්)
එකක් අතින් අල්ලා නැති අය මම වීඩියෝ වලින් දාපු දේවල් අරන් කියපු දේවල් වල
මට්ටම දකිද්දී මට අනුකම්පාවක් ඇති
වුනා ඔවුන් ගැන.
හැබැයි ඒ අය සිඟිති සතුටක් ගද්දි විශය ගැන වැටහීමක් තියෙන
කෙනාට තේරෙනවා කව්ද බොරු කාරයා කව්ද මඩ කාරයා කියන දේ.
vii.
ඔය තරම් සෙල්ලම් කරන වෙලාවේ වර්තමානයේ කඩේ තියෙන බල්බ් එකක් 500 ක් දීලා
ගෙදර ගේන එක තමයි ලේසි. CFL බල්බ් එකක් දාන එක ඊටත් ලේසියි. ආසාවට දෙයක්
හැදීම සහ කඩෙන් ගේන එක කියන්නේ දෙකක්. සර්කිට් පිස්සුව තියෙන අය දන්නවා ඇති
කොච්චර සල්ලි වියදම් කරන් මේවා කරලා ඇතිද කියන දේ. සර්කිට් එකක පාත් එකක්
ෂෝට් වෙලා තිබ්බොත් සියල්ල ඉවරයි. එක ඊයම් ඩොට් එකක් වැරදියට තියලා
තිබ්බොත් සියල්ල ඉවරයි. කම්බි කෑල්ලක් වෙන කොහේ හරි ගෑවිලා තිබ්බොත්
ඉවරයි.අද්දැකීම් නැති කෙනෙකුට නම් මේවා වචන විතරයි. අරහෙන් දාලා මෙහෙන්
ගත්තා කියයි. හැබැයි කරලා බලන්න ඕනේ තියෙන අමාරුව.
මට තියෙන ගැටලුව අච්චර මට මඩ
ගහන්න දරපු මහන්සියෙන් මිනිහෙකුට වැදගත් දෙයක් කරා නම් කොච්චර වටිනවද?
චන්ද්‍රිකා ගැන තව කරුණු ටිකක් අර වීඩියෝ එකෙන්ම අරගෙන ලිව්වා නම් කොච්චර
වටිනවද ?ටෙස්ලා කාර් එක ගැන තව විස්තර ටිකක් ඒ වීඩියෝ එකෙන් බලලා ලිව්වා
නම් කොච්චර වටිනවද? ඩොලර් 170 එහෙම නැත්නම් රුපියල් 20,000 කට ආසන්න වෙන
මුදලක් වියදම් කරලා ඇණයක් හදන්නේ ඇයි කියල ලිව්වා නම් කොච්චර වටිනවද ?
කිසි කෙනෙක් බය වෙන්න එපා.ඒ සියලු දේ ගැන මම ලියනවා ඕනෙම පොඩි ළමයෙකුට උනත් තේරෙන විදිහට මට පුළුවන් විදිහට සහ මට ඇති අවබෝධයෙන්, වැරද්දක් තිබ්බොත් නිවැරදි කරන්න ඔබ විසින්. මට කාලය දෙන්න. මොකද මට කරන්න වැඩ තියෙනවා එදිනෙදා ජීවිතය තුළදී.අනිත් අයට වගේ අනුන්ගේ රෙදි අස්සේ රිංග රිංග ඉන්න නම් වෙලාවක් නැහැ.ඒ නිසා සතියට දෙකට පෝස්ට් දාන්න මට බැහැ.
06. මේ
බ්ලොග් අවකාශය තුළදී මම ඉතාම සුහදව ඉන්න බව දැකලා ඇති. අනික් අයට කරන්න
පුළුවන් උදව්වක් තිබ්බොත් මම ඒක කරනවා. කිසිම කෙනෙක් එක්ක ලොකු කමින් ඉඳලා
නැහැ. හැබැයි බලු වැඩ කරන බල්ලන්ට සහ ඔවුන්ගේ ස්ත්‍රී පක්ෂයේ අයට මම කියන්න
ඕනේ දේ කෙළින්ම කියනවා. මම හැමදාම කියන දෙයක් තමයි මට මෙතනින් කාගේ වත්
චරිත සහතික වැඩක් නැහැ. මූණට එකක් කියන පස්සට තව එකක් කියන අයව මට කොහෙත්ම
වැඩක් නැහැ.
මම මිනිස්සුන්ට උදව් කරපුවා , වචනෙකින් හෝ සහය දීපුවා , LTTE
යට විරුද්ධව කතා කරපුවා , අන්තිම තිරිසන් ලෙස හිමි නමක් විවේචනය කරද්දී එයට
විරුද්ධ වූ දේවල් , රට ගැන කතා කරපු දේවල් අද කාටවත් මතක නැහැ.
උදිත මීගහතැන්න මම උපාලි මැස්ඩා ලිපිය දාපු වෙලාවේ කිව්වා
" සහන් ඔබ මගේ ලේ සොයුරෙක් හැටියට පිළිගන්නවා අදින් පසු" කියලා .. අනේ මෙන්න සති දෙක තුනක් යද්දී උදිත මගේ නෝනව ඉල්ලනවා ලිංගිකව සතුටු වෙන්න. ඊටත් පස්සේ මට පිස්සු ලේබලේ ගහලා තිබ්බා..
ලේ සොයුරා කියපු කෙනාම මගේ නෝනා සමග හිතින් ලිංගිකව එකතු වී මට පිස්සු ලේබලේත් ගැහුවා. !
ඔන්න ඕකයි මේ බ්ලොග් කලාවේ හැටි.තව මහත්තුරු සහ නෝනලා සෑහෙන පිරිසක් ඉන්නවා මෙහෙම කරපු.
මට ඒ සියලු දෙනාවම මතකයි හොඳ හැටි. හැබැයි මම ඔබේ තත්වයට වැටෙන්නේ නැහැ.
සහන්ට ඇති තෙක් කතා හදන්න. පද බඳින්න. බොරු ගොතන්න. සත්‍ය බොරුවලෙස
පෙන්වන්න. මට කිසිම ගැටළුවක් නැහැ. මට ඔබේ චරිත සහතික වැඩක් නැහැ.
07.
හිට්ස් ගැන මට ඇති ආසවක් නැහැ. අඩුම තරමේ හිට්ස් 100,000 වෙනුවෙන් වත් මට
පෝස්ට් එකක් දාන්න විවේකයක් ලැබුණේ නැහැ. නිකන් කුණුහරප ලියලා හිට්ස් වැඩක්
නැහැ.. කෙනෙකුට දෙයක් ඉගෙන ගන්න පුළුවන් යමක් දීම ඇර මට වෙන උවමනාවක්
නැහැ. මම මේ ඔක්කෝම දන්නේ නැහැ අකුරක් නෑර .මට පුළුවන් විදිහට ලියනවා
මිසක් සහ මම නොදන්නා දෙයක් නිහතමානීව අසා දැනගන්නවා මිසක් .
හැබැයි මට තේරෙනවා වැරදි හොයන්න එන අය සහ සද්භාවයෙන් ගුණ දොස් කියන
අයගේ වෙනස. මට වෙනස හොඳට තේරෙනවා .
මම මේ ටික හරි ලිව්වේ
විචාරක තුමා සහ කෙන්ජි අයියා ඇතුළු වෙනත් ළඟම කීප දෙනෙක් කියපු නිසා
පමණයි. ලියනවා නම් තව සෑහෙන දේවල් ලියන්න පුළුවන් නම් ගම් පටලලා. ඒත් මට
එහෙම කරන්න ඕනේ නැහැ.
මේ එක්කම ඉතින් අනිත් අය දාලා තියෙන අනුන් නොමග යවන
කරුණු සහිත ලිපි වල නම් නිරුවත මම හෙළි කරනවා ඔවුන්ගේ කැරැට්ටුව එක්කම ඊළඟ
පෝස්ට් එකකින්.
08. සහන් කියන කෙනා පුද්ගලික දුරකථන අංකයකින්
කතා කරලා තියෙන්නේ 4 දෙනෙක් සමග පමණයි. ඒත් වාර දෙකකට වඩා අඩුවෙන්. මම
කිසිම කෙනෙකු සමග කිසිම ගණුදෙනුවක් , මුදල් හුවමාරුවක් කරලා නැහැ. අනිත්
මෝඩයෝ එවැනි දේවල් කරගෙන රට පටලා ගත්තට අපිට කරන්න දෙයක් නැහැ. රට
වටේ ඇනෝ කමෙන්ට් දදා ගියාට සල්ලි හම්බෙන්නේ නැහැ. හිතේ දුකට අනිත්
මිනිස්සුන්ට මඩ ගැහුවට වැඩක් වෙන්නේ නැහැ. මේවා සිඟිති ආතල් විතරයි. බොරු
ගෙතුවට අපිට කිසිම හානියක් වෙන්නේ නැහැ.
ඔහුගේ ප්‍රෝෆයිලයෙන්ම
" සහන්ගේ නෝනා ගියපු තැනටම ඔයත් යාවි මොළේ නහරයක් පුපුරලා " වගේ කතාවක් කියලා තිබ්බා මම ලියපු කොරල් මාලිගාව පෝස්ට් එකේදී.. ඔහුම කියනවා
"අපි වෙඩි තියන්නේ සීනි දාලා. කූඹි කාලා මැරෙන්න " කියලා..බලන්න කොච්චර අඳබාල කතාද ඒ ..? මම නම් O/L කාලේදී වත් ඔහොම කතා කියලා නැහැ. මෙවැනි මානසික රෝගීන් කරන දේවල් ගැන කලබල වෙන්න එපා.
( අර අනික් මානසික රෝගියා ගැන නම් කීමත් නිෂ්ඵලයි.මගේ වචන අපරාදේ )
ඒ වගේම සියලු දෙනාට කියන්න ඕනේ
ඉන්දික උපශාන්ත වැනි තිරිසන් මඩ බ්ලොග් කරුවන්ට බය වෙන්න එපා.
ඔවුන්ට කරන්න පුළුවන් දේ ටිකයි. ඒ බැරි උනාම මට වගේ තිරිසන් කතා හදලා ඇනෝ කමෙන්ට් ටිකක් දායි මාසයක් දෙක තුනක් යනකම්. එවැනි ගෑණු ගැන කලබල වෙන්න එපා. එවැනි
දේවල් දැක්ක තැන විරුද්ධ වෙන්න.මොකද සිංහල බ්ලොග් අවකාශය කියන්නේ රැකගන්න
ඕනේ දෙයක්.මේක කාගෙවත් බූදලයක් නෙවේ.මේකේ කව්රුත් ලොක්කෝ , පකීර්ලා නැහැ.
බල්ලෝ බිරුවට කඳු හෙල්ලෙනේ නැහැ. ඒ වගේම නිවට කොන්දක් නැති එහෙයියෝ කියන
ඒවා ගණන් ගන්නත් එපා. උන් ටිකත් පරිස්සම් පිට ඉන්න.
සහන්ට තිබුණ හයිය ඔබට
නැති වෙන්න පුළුවන් මෙහෙම දේකට තනියම මුහුණ දෙන්න. ඔබට කවදා හරි මේ බල්ලෝ
බලු කතාවක් කිව්වොත් සහන් උත්තර දීපු හැටි මතක් කරගන්න. කෙන්ජිත් මේ වැඩේ
කරාවි. බල්ලෙක් දැක්ක තැන ඔවුන්ගේ ගමන නවත්තන්න. නැත්නම් වෙන්නේ පළාතම
විනාශ වෙන එක. සිංහල බ්ලොග් යනු එකාට එකා මරාගන්න තැනක් කියලා ලේබල් වැදීම
සහ වැදගත් මහත්මා ගති ඇති අය මෙයින් ඉවත් වීම. මෙවන් පහත් මඩ බ්ලොග්
හිමියන්ගේ අරමුණත් ඒකමයි. මෙතනට වෙලා කුණුහරප කියමින් සිඟිති සතුටක් ලැබීම.
මේ ලිපි නම් මඩ පෝස්ට් වගේ FB තුළින් , චැට් තුළින් , ස්කයිප් තුළින් යන එකක් නැහැ. ලින්ක් ෂෙයාර් වෙන එකකුත් නැහැ.
ලෝකයටම
විරුවෙක් වූ කෙනෙකුට කළ දේ සහ රටේ ඉහළම තනතුරට මහ දවල් හූ කීම කලෙත් මේ
මිනිස්සුමයි. සිංහල ජාතිය ගැන ආදරයක් ඇති නම් දැන් වත් හරි තීරණයක් ගන්න.
මඩ කරුවන් සමග පල් වෙනවාද ? ඔවුන්ගෙන් බැහැර වෙනවාද?