දැන්වීම් පුවරුව . ( පින්තූර මතට මවුස් පොයින්ටරය රැගෙන යන්න )
දැනට වසර දෙකක පමණ සිට සෑම සතියකටම වරක් ලිපියක් හෝ දෙකක් පළ කළෙමි. සිත් ගත් ලිපියක් වේ නම් හිතමිතුරන් අතරත් බෙදාගන්න.
මෙම වෙබ් අඩවිය ලෝඩ් වීමට පමා වේ නම් මෙම ලින්ක් එක භාවිතා කරන්න.


Face Book Link Share.
මෙම වෙබ් අඩවිය ලෝඩ් වීමට පමා වේ නම් මෙම ලින්ක් එක භාවිතා කරන්න.

Face Book Link Share.
September 23, 2013
සල්ලාල බිරිඳට ලියු පෙම් පත . Domino Dancing - PET SHOP BOYS 1987
වසර ගණනක් ආදරේ කරලා , කල්-යල් බලා විවාහ වූ තම බිරිඳ සල්ලාල ලෙස වෙනත් පිරිමින් පසු පස යයි නම් ස්වාමියාට කෙසේ දැනේවිද? විටක කෝපයත් තවත් විටක කළකිරීමත් සමග ඔහු නිදිවර්ජිත වනු ඇත. එහෙත් නැවත තමන් පෙම් කළ අතීතය සිහි වී ඇයට සමාවදීමට බලාපොරොත්තුව හිඳිනා ස්වාමියෙකුගේ හැගීම් කෙසේ වේවිද ?
මේ ගීතයේ එම සිදුවීම් සියල්ල කැටිව තිබෙනවා. Domino Dancing නම් වූ ගීය 1980 දශකයේ අතිශයින් ජනප්‍රිය වූ PET SHOP BOYS නම් වූ බ්‍රිතාන්‍ය සංගීත කණ්ඩායම විසින් ගයනු ලබනවා. 1980 වසරේදී නීල් ටෙනන්ට් සහ ක්‍රිස් ලුවී එක්ව PET SHOP BOYS සංගීත කණ්ඩායම ආරම්භ කරනවා. සංගීත සංයෝජනය ක්‍රිස්ගෙන්ද , ප්‍රධාන ගායනය නීල්ද ලබා දෙනවා. පුද්ගලිකව මගේ ප්‍රියතම සංගීත කරුවා වන්නේද PET SHOP BOYS සංගීත කණ්ඩායමයි. ඉදිරි ලිපි මගින් ඔවුන්ගේ තොරතුරු සහ වෙනත් ගීත ගැන කෙටි සටහනක් මගේ පුද්ගලික අද්දැකීම් සමග තබන්නම්.
අර්ථයත් , සංගීතය හා එක් වූ මෙලඩියත් සමග මේ ගීතය බිල්බෝර්ඩ් චාර්ට් තුළ මාස කීපයක් රඳවා තැබීමට සමත් වූවා. එංගලන්තයේ 7 ,ඔස්ට්‍රියාවේ 19, ප්‍රංශයේ 40, ජර්මනිය 3 ,ඉතාලිය 4, නොර්වේ 5 ,ස්වීඩන් 6 , ස්විට්සර්ලන්තයේ 5. මුළු යුරෝපය පුරාම රාත්‍රී සමාජ ශාලා තුළ මෙහි club versions අතිශයින් ජනප්‍රිය භාවයට පත් වූවා. පුද්ගලිකව මා සේවයේ යෙදුණු රාත්‍රීන්හිදී මා විසින් නොනවත්වා මේ ගීය විනාඩි 35 ක් පමණ කන්සෝලයෙහි රඳවා වාදනය කළ වාර ගණන 80 කටත් වඩා වැඩිය. මේ ගීතය නිකුත් වූයේ 1987 වසරේදී. වසර 26 ක් පැරණි මේ ගීතයයට සවන් දීමේදී ඉලෙක්ට්‍රොනික් නාද සංකලනයන් භාවිතයට පැමිණි මුල්ම අවධියේදී පවා ඔවුන් පෑ දස්කම් කෙසේද කියා ඔබට තේරුම්ගත හැකි වනු ඇත. එසේම ගීත ලක්ෂ 12 කට පමණ හිමිකම් දරණ මා සහෝදර නෑෂ් පවසන පරිදි ලොව පුරා පැතිර යමින් පවත්නා වූ AIDS වෛරසයේ ආදීනවද මෙම ගීතයේ අර්ථය ලෙසින් සඳහන් කරන්නත් පුළුවන්. 80 දශකය තුළදී ලොව පුරා කාම රැල්ලක් ඇතිව තිබූවා. එහි ප්‍රතිඵලයක් ලෙස දරුණු ලෙස AIDS වෛරසය පැතිර ගොස් තිබෙනවා. රති සුව විඳීමේ අහිතකර බලපෑම් ගැන මානුශීයවත් , අර්ථවත්වත් කියා පාන මේ ගීය රස විඳින්න. මෙම ගීතයේ වීඩියෝව තුළ ඇතුළත් වන්නේ කාන්තා සහ පුරුෂ රති සුව විඳීමේ ඉඟි ඇතුළත් දර්ශනයි. ( මන්ද බොහෝ අයවලුන් මෙය සමලිංගික සම්බන්දතා හුවා දක්වන්නක් බවට වරදවා තේරුම්ගන්නවා. එවැන්නක් මෙහි ඇතුළත්ව නැත. ) එරික් වොට්සන් විසින් මෙහි රූප රචනය/අධ්‍යක්ෂණයද , ඩෝනා බොට්මන් විසින් කාන්තා චරිතයද නිරූපණය කරනවා. මෙහි පද පෙළ නීල් ටෙනන්ට් සහ ක්‍රිස් විසින් නිර්මාණය කර තිබෙනවා. ( "සල්ලාල" යන යෙදුම යොදා ගන්නේ බොහෝ විට පුරුෂ පාර්ශවය අරමුණු කරගෙනය. ස්ත්‍රීන් සඳහා යෙදෙන වදන බ්ලොග් අඩවියකට නුසුදුසු බැවින් "සල්ලාල" යන යෙදුම ස්ත්‍රියක් හමුවේ වුවද භාවිතා කළෙමි.)
September 21, 2013
ශ්‍රී ලංකාවේදී චන්දය දීම සඳහා උපදෙස්. වයඹ/මධ්‍යම/උතුරු
දීර්ග විස්තර අනවශ්‍යයි.කෙටියෙන් කියන්න තියෙන්නේ මෙච්චරයි.
01.ගන්න අපේක්ෂක ලැයිස්තුව.
02.බලන්න ඉන්න මිනිස්සු ටික.
03.මැරයො , කටවාචලයෝ , හොරු ඉන්නවද බලන්න.
04.ඒ නම් ටික කපන්න.
05.ඉතුරු නම් ටික කටපාඩම් කරන් ගිහින් ඒ අයට චන්දෙ දෙන්න.
මුළු ලයිස්තුවේම නම් ටික කපන්න උනොත් මොකද කරන්නේ ?

කලබල වෙන්න දෙයක් නැහැ.යන්න ඔබේ චන්ද දමන ස්ථානයට.චන්ද පත්‍රිකාව අරන් ඔබේ අකමැත්ත ප්‍රකාශ කරන්න.චන්දෙ දෙන්න හරි හමන් පුද්ගලයෙක් නැහැ කියලා නිකම් ඉන්න එපා.ඔබ ඔබේ චන්දය දැම්මේ නැති උනොත් වෙනත් කෙනෙක් වංචා සහගත ලෙස ඔබේ චන්දය පාවිච්චි කරාවි.ඒ නිසා කටුගාන්න හරි චන්දෙ දාන්න.
හරි හමන් විදිහට ඉගෙන ගත්ත , වැදගත් , නිහතමානී මනුස්සයෙක් ඉන්නවා නම් චන්දය දෙන්න.එයා දිනන්න ඕනේ නැහැ.ඒත් චන්දෙ දෙන්න.අඩුම තරමේ එවැනි මිනිස්සුන්ට චන්ද 100ක් හරි දෙන්න මිනිස්සු ඉන්නවා කියලා පෙන්නන්න!
01.ගන්න අපේක්ෂක ලැයිස්තුව.
02.බලන්න ඉන්න මිනිස්සු ටික.
03.මැරයො , කටවාචලයෝ , හොරු ඉන්නවද බලන්න.
04.ඒ නම් ටික කපන්න.
05.ඉතුරු නම් ටික කටපාඩම් කරන් ගිහින් ඒ අයට චන්දෙ දෙන්න.
මුළු ලයිස්තුවේම නම් ටික කපන්න උනොත් මොකද කරන්නේ ?

කලබල වෙන්න දෙයක් නැහැ.යන්න ඔබේ චන්ද දමන ස්ථානයට.චන්ද පත්‍රිකාව අරන් ඔබේ අකමැත්ත ප්‍රකාශ කරන්න.චන්දෙ දෙන්න හරි හමන් පුද්ගලයෙක් නැහැ කියලා නිකම් ඉන්න එපා.ඔබ ඔබේ චන්දය දැම්මේ නැති උනොත් වෙනත් කෙනෙක් වංචා සහගත ලෙස ඔබේ චන්දය පාවිච්චි කරාවි.ඒ නිසා කටුගාන්න හරි චන්දෙ දාන්න.
හරි හමන් විදිහට ඉගෙන ගත්ත , වැදගත් , නිහතමානී මනුස්සයෙක් ඉන්නවා නම් චන්දය දෙන්න.එයා දිනන්න ඕනේ නැහැ.ඒත් චන්දෙ දෙන්න.අඩුම තරමේ එවැනි මිනිස්සුන්ට චන්ද 100ක් හරි දෙන්න මිනිස්සු ඉන්නවා කියලා පෙන්නන්න!
September 16, 2013
ෂර්ලොක් හෝම්ස් රහස් පරීක්ෂණ - ජීව විද්‍යාඥයාගේ අභිරහස් අතුරුදහන් වීම Sherlock Holmes -Dr. Victor Wolfenstein-01.
පසු ගිය සති කීපය පුරාම හෝම්ස් සහ මම උතුරු අයර්ලන්තයේ පරීක්ෂණ කීපයකට සභාගී වී සිටියෙමි. හෝම්ස් වඩාත් උනන්දුවෙන් එම කටයුතු නිමා කලද අයර්ලන්තයෙන් නැවත පැමිණීමට දින කීපයකට පෙර මට මෙසේ පැවසීය.
" වොට්සන් මගේ මිත්‍රයා මම නැවත පැමිණෙන්නේ හෙට නොව ඊට පසු දිනයි. අපේ මේ අයර්ලන්ත ගමනින් අපි මීට වඩා යමක් ගෙන යා යුතුයිනේ මගේ මිත්‍රයා. එහෙම නේද ? " සරදම් අයුරින් හේ පැවසීය. සමහර විට දිනය පුරාම හෝටල් කාමරයට වී සිටින මගේ අලස ඉරියව් වලට ඔච්චමක් සේ ඔහු එසේ පැවසූවා විය හැකිය.
ලහි ලහියේ තරමක ප්‍රමාණයේ බෑගයක් ලැස්ති කරගනු ලැබුවේය. ඒ වන විටත් එතුළ කුමන හෝ පරීක්ෂණ කටයුත්තකට අදාළ බඩුබාහිර ඇති බව මට තේරුම් ගියේය.
" හොඳයි . ඔබ කියන්නේ ඔබ එන තෙක් ඔබට ලැබෙන පණිවිඩ බාර ගන්න කියලනේ ? ඒක මම කරන්නම් හෝම්ස් " උදෑසන පත්තරයේ පිටු පෙරලමින් සිටි ගමන්ම මා කීවෙමි.
සාමාන්‍ය එළි මහන් භාවිතයට සුදුසු ලෙස සැකසු උඩුකය ඇඳුමකින් හා ඝන කැන්වස් රෙද්දෙන් මැසූ කලිසමකින් සැරසී සිටි හෝම්ස් මල්ලද රැගෙන පිටව ගියේය. ඉන් දින දෙකකට පසු හෝම්ස් නැවත පැමිණියේ කුළී රියකිනි. එයින් බැස ගත් ඔහු කඩිසර ලෙස හෝටල් කාමරයට එන බව මම කව්ලුවෙන් බලා උන්නෙමි.
" හොඳයි වොට්සන් අපි සවස 3.25 දුම්රියෙන් නැවත ලන්ඩනය බලා පිටත් වෙනවා. ගමනට සියල්ල සූදානම්ද මිත්‍රයා ? . තව ටික වේලාවකින් සේවකයෙක් පැමිණ අපේ ගමන් මලු ඉවතට ගෙනයන්න උදව් කරාවි. "
_____________________
එලෙස පෙර දින රාත්‍රියේ හෝම්ස් සහ මම 221B බේකර් වීදියේ නිවසට එන විට රාත්‍රී අහාර ගන්නා වේලාවට ආසන්නව තිබිණි. අද උදෑසන සිට හෝම්ස් කාමරයට වැදී කිසියම් පරීක්ෂණයක යෙදී සිටී. මා ඔහුගේ කාමරයට ගිය විට දුටුවේ ඔහු අයර්ලන්තයේ සිට රැගෙන ආ මල්ලෙන් එළියට ගත් යම් යම් දෑ මේසය පුරා විසිරව ඇති බවකි.
" වොට්සන්, තව සුළු වේලාවකින් අප හමුවීම සඳහා තරුණ නෝනා මහත්මියක් පැමිණේවි. පසු ගිය දිනක ඇය ඒවා තිබු විදුලි පණිවිඩ අද උදේ මා පිරික්සුවා. එහි සඳහන් ආකාරයට නම් මේ තරුණ නෝනා ලොකු කරදරේකට වැටෙන්න යන හැඩයි " එසේ කියමින් ඔහු විදුලි පණිවිඩ ඇති තැන අතින් මට පෙන්වීය.
" හ්ම්ම්ම්ම් පෙනෙන හැටියට තවත් අභිරහසක් වගේ. ඔබට හිතෙන්නේ නැද්ද මේ තරුණියගේත් සම්බන්දයක් ඇතියි කියා මේ සිද්දියට හෝම්ස් " කීප වරක් ලියමන කියවීමෙන් අනතුරුව මට දැනුණේ එවන් සිතුවිල්ලක්.
මේ කතා බහ අතරතුර දොර සීනුව නාද කරන හඬ ඇසුණු හෙයින් මා එදෙසට ගියේ දොර විවෘත කර ඇයව පිළිගැනීමේ අපේක්ෂාවෙන්.
" සුබ මධ්‍යහනක් ඔබට හෝම්ස් මහත්මයා.මා ඔබව හමුවීමට එන බව දන්වා ලිපියක් තැබූවා. මම ෂෙරිල්. " බිය සැක නැතිව කතා බහේ යෙදුණු තරුණිය.
September 14, 2013
Russian Translations - Little Spy. රුසියානු පරිවර්තන - පුංචි ඔත්තුකරුවා සහ තරුණ මේජර්වරයා ( ගිලිහි ගිය තම පියාගේ මතකය )
මේ නැගෙනහිර සෝවියට් දේශයේ 1951 සැප්තැම්බර් දිනයකි. බටහිර බලා යන දුම්රියෙන් බැස ගන්නා විට සවස 4 පමණ වී තිබිණි. අවට පරිසරය හොඳින් ඒකාලෝක වී තිබුණු මුත් මා එයට ඇලුම් නොකළේ කිසිවෙකුට හෝ නොපෙනී දේශ සීමාව පැනගැනීමට එය බාධාවක් නිසාය. ගොම්මන් අඳුර වැටෙන තෙක් වහන් වී සිටීමට සිතා අසල ඇති බියර හලකට ගොඩ වැදුණි. සති කීපයක සිට හරි හැටි නින්දක් , කුසට අහරක් නොලබා සිටි බැවින් එහි වූ පුටුවකට බර වී කල්පනාවෙන් පසු වීමි.
වසර 8 ක් මුළුල්ලේ සිට නොයෙක් ආකාරයෙන් දේශසීමාවෙන් පළා යෑමට දැරූ ප්‍රයන්තයන් අද දින මල්පල ගැන්වෙනු ඇතැයි සිතා අඳුර වැටෙන තෙක් බලා උන්නෙමි. දෛවය සහ ඉරණම ගැන මෙනෙහි කරමින් මගේ දෙමව්පියන් හා සහෝදරයන් සමග එක් වීමට ලැබෙන මොහොත මනසේ සිතුවම් වන්නට විය. 1945 දී සෝවියට් රතු හමුදා කඩාවැටීමත් සමග දෑත සහ දෙපය ගැන පමණක් විස්වාසය තබමින් අනිත් සියල්ල අත්හැර පළා යන්නට සිදු වුයේ මුහුණට මුහුණ පැමිණෙන සතුරාද , මිතුරාද හඳුනාගැනීමට තරම් මානසිකත්වයක් අප කිසිවෙකුට නොවූ නිසාය.
එලෙස ෆිවින්ටෙන්හෝර්ස්ට් ගම්මානයෙන් පළා ගිය වුන්ට නැවත තම උපන් ගමට පැමිණීම බෙහෙවින් අසීරු වූයේ දැඩි ලෙස මුරකාවල් යොදා ඇති දේශසීමා බාධක නිසාය. දේශසීමාවන්ට ඇතුල් වීමට ගොස් අසුවුවහොත් ලැබෙන්නේ නියත මරණයය.මා උපන් ගම්මානය අද වන විට පෝලන්තයේ ගම්මානයක් බවට පත් වී තිබේ.
මෙවැනි ලිපියක් ලිවීමට සිත් වූයේ මනහර සඟරාවක පළ වී තිබු සිදුවීමක් නිසාය(2006/Nov.page 68). පසුව මවිසින් රූප සටහන් හා වෙනත් තොරතුරු ඇතුළත් කර නැවත සකසන ලදී. මෙහි ඇතුළත් වන්නේ මවිසින් සැකසු සටහනයි. මුල්ම සටහන ලියු කෙනෙක් ගැන එහි සඳහන් නොවීය . මුල් හිමිකරුට කතෘ අයිතිය හිමි වේ .
M.Shermiya Fernandezqe
1948 බ්‍රිතාන්‍ය යුධ සිරකරු කඳවුරෙන් මා නිදහස් කල දිනයේ සිට ජීවත් වූයේ බටහිර ජර්මනියේය. එසේ හිඳින අතරතුර මගේ පවුලේ අය කොහේ ඇතිදැයි සොයා ගැනීමට හැකි විය. පියා රෝගීව ඇති බවත් පවුලේ අනික් අය ඉතා අසරණව දිවි ගෙවන බවත් දැනගන්නට ලැබීමත් සමග ඔවුන්ව බටහිර ජර්මනියට ගෙන්වා ගන්නට දැරූ සියලු උත්සාහයන් අසාර්ථක විය. සෝවියට් වීසා ලබාගැනීමට මා ඉදිරිපත් කල අයදුම්පත් එකපිට එක ප්‍රතික්ෂේප වී ගියේ යුධ සිරකරුවෙකු වශයෙන් වසර ගණනක් එංගලන්තයේ කර්මාන්තශාලා වල රැඳී සිටි බැවිනි.

මිය යාමට ප්‍රථම එක වරක් හෝ දෙමව්පියන් දැක ගැනීමට ඇතිව ඇති උවමනාව දැඩි ලෙස මසිත පාරවන්නට විය. වසර ගණනාවකින් දැක නොමැති ඔහුගේ පුතු දැක ගැනීමට මගේ පියාද නිදි නොලබා මග බලා හිඳින බව සිහි වීමත් සමග හටගත් මානසික තුවාලය පැසවන්නට විය. මසිත පාරවන ආශාව නිසාම කීප වරක් මා දේශසීමා උල්ලංගනය කරන්නට ගොස් හසුවූයේ මරණයේ සේයාවන් සේම ගමන් බලපත්‍රයේ " නීති විරෝධී ලෙස දේශසීමා උල්ලංඝනය කර ඇතැයි " සටහන් පිට සටහන් තබමිනි. මුර බටයන්හේ කිසිදු අනුකපාවක් නොලද මා යාන්තම් ජීවිතය බේරාගන්නට සමත් විය. මෙයම මට බලාපොරොත්තුවක් විය. කෙදිනක හෝ මගේ පියාගේ මුහුණ දැකගන්නා අරමුණින් මරණය ලබන තෙක් උත්සාහ කරන්නට ඉටාගත්තේය. ජීවිතයට බලාපොරොත්තුවක් තරම් ඔසුවක් නොමැති බව මට හැඟී ගියේ සොයුරෙකු විසින් ඇඳ දෙන ලද සිතියමක් අතට පත් වීමත් සමගය. මුර සේනාංකයන් රැකවල්ලා ඇති තැන් , සේවා මුර අවසන් වන ආකාරයන් , සේවා මුර අවසන් වීමෙන් පසු ඔවුන් ඉවත්ව යන ආකාරය , දේශසීමා මායීමේ පිහිටි උස් ගොඩනැගිලි , කර්මාන්තශාලා ඇතුළු බොහෝ දේ එහි ඇතුළත් විය. මේ කදිම විස්තර සමග නැගෙනහිර ජර්මනියට පැන ගත හැකි වෙතැයි විශ්වාසයක් ගොඩනැගී තිබිණි.
" දැන්ම යනවද ඔබ. අදට වහන්නයි සූදානම මහත්තයා " ඒ අවන්හලේ සේවිකාවකි.
September 6, 2013
මූළික අදියරේ සිට වෙරළු මල් අවස්ථාව දක්වා... The Nature.
පහු ගිය කාලේ කට්ටිය සමන් පිච්ච මල් , වෙරළු මල් , ගණිත කර්ම , රබර් ප්‍රශ්න , මගුල් තුළා වල , වැලහින්නියෝ පස්සේ ගියානේ. ඕවගේ ගියාම අන්තිමට වෙන දේ දන්නවද ?
සංසාරේ සංසාරේ ...!
September 2, 2013
හිට් 50,000 / පෝස්ට් 50 ,ෆලෝ 175 , මගේ උපන් දිනේ ඔක්කෝම Happy Birthday To Me !
බ්ලොග් එක ගැන
මම මේ බ්ලොග් එක පටන් ගන්න හේතුව උනේ මගේ සැටලයිට් සම්බන්ධ පාඩම් මාලාවේ ඉතුරු කොටස් ටික පළ කිරීමත් , පුද්ගලිකව මම ලබපු අද්දැකීම් කීපයක් ලියා තැබීමත් විතරයි. එහෙම දේකට හරි බ්ලොග් එකක් ආයේ පටන් ගන්න කියලා මට බල කරලම කිව්වේ මගේ හිතවතෙක් . " මම කියනවට සහන් පටන් ගන්න " කියලා එයා බල කරා. ඒ කාලේ මමත් හිටියේ ගොඩක් දේවල් අතැරලා දාලා. ඉතින් ඕනේ එකක් වුණාවේ කියලා පටන් ගත්තා. FB වගේ දේවල් වල මම හිටියේ නැහැ.එවැනි දේට මගේ එදා ඉඳන්ම කැමැත්තක් තිබුණේ නැහැ, මට එවැනි දේවල් වලින් කිසිම සතුටක් නැහැ. බොරුවට හනේ පනේ කියන දේවල් වලට මම ආසම නැහැ. ඉතින් සැටලයිට් ගැන පෝස්ට් තුන හතරක් මේ බ්ලොගේ දාලා නිකන් ඉන්නයි හිතන් හිටියේ.
ඔන්න ඔහොම මේ බ්ලොග් එක පටන් අරන් ඉද්දි මම අනිත් අයගේ බ්ලොග් වලටත් ගියා. මොනවා හරි දෙයක් දැක්කොත් මමත් මගේ අදහස කිව්වා, අදහසක් කියන්න කාලය තිබුණා FB වැනි විකාර වලට නොයන නිසා. මගේ අඩි සටහන් දිගේ මුළින්ම හිරු ආව මගේ බ්ලොග් එකට. අයියෝ සල්ලි වගේ ඒ කාලේ මෙලෝම දෙයක් නැහැ මේකේ බලන්න. නිකන්ම නිකම් කළු පාටට අඳුරු ගුහාවක් වගේ දෙයක් තිබුණේ. ඊට පස්සේ නලින් අය්යා , සයුරි ,රෙහානි , සිරා කොලුවා එහෙමත් ආව. දැන් මට විලිලැජ්ජාවේ සන්තෝසේ බැහැ ඇයි මෙලෝම දෙයක් නැහැ එන කෙනෙක්ට බලන්න මගේ බ්ලොග් එකේ. ඉතින් උඩින්ම දැම්මා තවම මේ බ්ලොග් එක Testing යන්නේ කියලා. ඔන්න ඔහොම ජාමේ බේරන් උන්නා.
August 28, 2013
02 ශ්‍රී ලංකාවේ ආර්ථිකයට අනාගතයේදී විය හැකි දේ. ( දෙවන කොටස ) what is happening to Sri Lanka's economy 02.
මීට පෙර කොටස තුළින් පුද්ගල ආර්ථිකය සහ රටක ආර්ථිකය ගොඩ නැගෙන ක්‍රමය සහ ණය ලබා ගැනීමේදී සිදුවන ක්‍රියාදාමයන් ගැනත් , දිගින් දිගටම ණය ලබා ගත් විට සිදු වන හානිය ගැනත් කරුණු කතා බහ කළා. පළමු කොටස කියවා නැතිනම් අනිවාර්යෙන් එම කොටසත් එහි කමෙන්ට් ටිකත් කියවා සිටින්න. මේ එහිම දෙවන කොටස නිසා පෙර ලිපිය හා සම්බන්ධවයි සියලු කරුණු ගොඩ නැගී ඇත්තේ.
පටුන
01. විදේශ ණය ගැනීම.
02. ණය ගැනීමෙන් පසු සිදු වන අහිතකර බලපෑම්.
03. අහිතකර බලපෑම් යට ගසන ආකාරය.
04. ණය මුදලත් + යට ගැසීමට වැය වූ මුදලත් නිසා සිදු වන දේ.
05. මූල්‍යමය කළු කුහරයක් නිර්මාණය වන ආකාරය.
01. විදේශ ණය ගැනීම.
පළමු උදාහරණය
පළමු කොටසේදී අපි ණය මුදලක් ලබා ගත් විට ඔබේ සැබෑ වටිනාකමට සිදු වන ක්‍රියාදාමය ගැන සාකච්චා කරා. ඒ ගැන වැඩිදුරට දැන් කතා කරමු.ඔබ සතුව ලක්ෂ 100 ක දේපළ ඇත්නම්, එම දේපළ ඇපයට තබා ලක්ෂ 30 ක් ණයට ගත් විට,
මිහිපිට ඔබ සතු දේපළ හි වටිනාකම = ලක්ෂ 100 ( ණය වීමට ප්‍රථම )
ලබා ගත ණය මුදල = ලක්ෂ 30
ණය ගෙවන තුරු ඔබට නීතියෙන් අයිති දේපළ ප්‍රමාණය = ලක්ෂ 70
පොළිය සමග ඔබ නැවත ගෙවිය යුතු මුදල් ප්‍රමාණය = ලක්ෂ 40 පමණ විය හැකිය ( + or - )
ඒ අනුව ඔබට නීතියෙන් හිමි දේපළ හි වටිනාකම = ලක්ෂ 60
දැක්කද ලක්ෂ 30 ක් ණයට ගත් ඔබට එම ණය පියවන තුරු නීතියෙන් හිමි වටිනාකම ලක්ෂ 60 ක් දක්වා පහළ ගොස් ඇති බව. පළමු කොටස තුළදී මේ ආකාරයටම ලබා ගත් ණය මුදලක් මත මූල්‍ය ප්‍රයෝග කිරීමෙන් ලක්ෂ 60 ක් මුදලක් ලක්ෂ 500ක් සේ මවා පෙන්වන හැටි ඉදිරිපත් කරා.
පිට රටකින් ණය ගැනීමේදී සිදු වන්නේ කුමක්ද?
ණය වීමට ප්‍රථම අවස්ථාව
බලන්න AAA රටෙහි වත්කම් ප්‍රමාණය සහ BBB රටෙහි වත්කම් ප්‍රමාණය සමානයි.
ලක්ෂ 30 ක් විදේශයන්ට ණය වූ පසු අවස්ථාව
බලන්න AAA සතු සැබෑ වටිනාකම අඩු / හිස් වී ඇති බවත් එම වටිනාකම BBB විදේශයන්ට ගලාගෙන ගොස් ඇති බව.
තව තවත් ණය වීමේදී සිදු වන දේ
AAA සතු සැබෑ වටිකම දිගින් දිගටම පිට රටට හෑරී හෑරී ඇදි යන සැටිත් , BBB මත ඒ වටිනාකම ගොඩනැගෙන ආකාරයත් .
අන්තිමේදී
AAA ඇතුල සම්පූර්ණ හිස්. පිට වාටිය විතරයි තියෙන්නේ හෙළුව බේරගන්න. AAAගේ සියලු රීරි මාංසය BBB වෙත ගොස් හමාරයි.
තේරුණාද මුදලක බර සහ වටිනාකම ගොඩ නැගෙන ආකාරයත්, එන්න එන්න රටෙන් එළියට මුදල් යන විටත්, ණය ගන්නා විටත් මුදලේ අගය අඩු වෙන විදිහ. සල්ලි ලොකුවට තිබුණට වැඩක් නැහැ. ඒ මුදල් බර නැහැ. සැහැල්ලුයි. ඇතුල හිස්.
02. ණය ගැනීමෙන් පසු සිදු වන අහිතකර බලපෑම්.
AAA සතු රුපියලක බර සහ BBB සතු ඩොලරයක බර සමාන කරමු.( විනිමය අනුපාත තරාදිය )
දැක්කද රුපියලේ බර අඩු වී ඇති නිසා එක ඩොලරයක් වෙනුවෙන් ගෙවන්න ඕනේ රුපියල් ගණන වැඩි වී ඇති බව. හිතන්න ඔබට ට දකුණු අප්‍රිකාවෙන් රත්තරන් පවුමක් මිල දී ගන්න ඕනේ කියලා. රත්තරන් පවුමක මිල ඩොලර් 10ක් යැයි සිතමු.
i. ඩොලර් වලින් රත්තරන් මිළ දී ගනියි නම් ඩොලර් 10ක් ගෙවා ඔබට රත්තරන් පවුමක් කෙළින්ම මිළදී ගන්න පුළුවන්.
ii. එහෙත් රුපියල් වලින් රත්තරන් පවුමක් මිලදී ගන්න ගියොත් ඔබට රුපියල් දහයක් දී රන් පවුමක් ගන්න බැහැ. මොකද රුපියල හිස් . ඩොලර් 10 ක බරට සමාන කරන්න නම් රුපියල් 100 පමණ ඕනේ.
ඊට පස්සේ වෙන දේ
රුපියල් 100 ක් නැවත පිට රටට ගියා කියන්නේ අපේ රටේ මුදල් තවත් අඩු වුණා කියන දේ. ඒ කියන්නේ තවත් මුදලේ බර අඩු වුණා. ඊළඟ පාර රත්තරන් පවුමක් මිල දී ගන්න නම් රුපියල් 110 ක් විතර ගෙවන්න වෙනවා. පේනවද එන්න එන්න වලටම යන හැටි ගොඩ එන්න බැරුව?
මම මේ උදාහරණ තුලින් පැහැදිලි කරේ විදේශ විනිමය අනුපාතයන් හැදෙන ආකාරය ගැන ඉතාම සරළව. මේ සිදුවීමේදී තව කරුණු 12 ක් විතර එකිනෙකට බැඳිලා තමයි රටක අවසාන විදේශ විනිමය අනුපාතිකය හැදෙන්නේ. ඒ දේවල් ගැන ඉදිරියේදී කතා කරමු. ( දැන්ම හදිස්සි වෙන්න ඕනේ නැහැ ){{{මේක තමයි රටක විදේශ මුදල් අතර ගලා යාම , ඒ මත නාමිකව වටිනාකමක් }}}}}
අපේ රටේ උද්ගතව ඇති තත්වය අනුව විදේශ විනිමය අනුපාතිකයට ඉදිරියේදී කුමක් වේවිද..?
ඉහත උදාහරණ තුලින් ඔබට පැහැදිළි වෙන්න ඇති රටෙන් එළියට මුදල් යන විට මුදලේ අගය අඩු වෙන බවත්, BBB නම් වූ රටෙහි මුදල් වල අගය/බර වැඩි වන බවත්. ඒ කියන්නේ කාලයක් යන විට ඩොලර් 9ක් ගෙවා රන් පවුමක් මිළදී ගැනීමට ඔවුන්ට හැකි වෙනවා. තවත් කාලය යන විට ඩොලර් 8 ක් ගෙවා රන් පවුමක් ගන්න තරම් ඩොලරය ශක්තිමත් වෙනවා. කාලයාගේ අවෑමෙන් ඩොලර් එකක් දී රන් පවුමක් මිළදී ගන්න තරම් ඔවුන් ශක්තිමත් වෙනවා.
ඒත් අපිට වෙන්නේ එන්න එන්න ඩොලරයට සාපේක්ෂව අපේ මුදල හෑල්ලු වෙනවා, ඒ අතරේම ඩොලරයේ අගය එන්න එන්න වැඩිත් වෙනවා , සියල්ල අවසානයේ රුපියල් 500 ගෙව්වත් රන් පවුමක් මිල දී ගන්න බැරි තැනට එනවා. ( සුද්දගේ කාලේදී රන් පවුම
August 24, 2013
ශ්‍රී ලංකාවේ ආර්ථිකයට අනාගතයේදී විය හැකි දේ. ( පළමු කොටස ) what is happening to Sri Lanka's economy
පුද්ගලයෙකුගේ ආර්ථිකය , රටක ආර්ථිකය , ලෝක ආර්ථිකය කියන්නේ වෙන වෙනම කතා කල යුතු දේවල්. එකිනෙකට වෙනස් ලක්ෂණ ඒවාට ඇතුළත් වීම තමයි හේතුව. මුළින්ම ඉහත කාරණා ටික ගැන වෙන වෙනම අවබෝධයක් ලබා ගෙන ඉමු. ඉන්පසුව සාකච්චා කරමු පොත් වල හැදෙන ගණන් මිනුම් වලින් කරන්න පුළුවන් සෙල්ලම් සහ සෙල්ලම් වරදින තැන් ගැන. ඒ වගේම සෙල්ලම් කල යුත්තේ කොහොමද , නොකළ යුත්තේ කුමන තැන් වලදීද , සෙල්ලමෙන් ඉවත් විය යුත්තේ කොතනදීද කියන දේත් අන්තිම වෙන්න කතා කරමු. මේ පෝස්ට් එක ලියවෙන්නේ ආර්ථික විද්‍යා උපාධිදාරීන්ට වගේම , සාමාන්‍ය අවබෝධයක් තියෙන දෙපිරිසම ඉලක්ක කරන්. ඒ නිසා " අයියෝ අපි ඕවා දන්නවා " කියලා අහක බලන්න එපා. මොකද මම එක පාරට අගින් අරන් මුලට දානවා සමහර කන්සෙප්ට්. ඒ නිසා හරිම අවධානෙකින් විවේකීව විතරක් කියවන්න. සියල්ල ඉවර වෙනකම් කියෙව්වොත් මේ සියල්ල ගැන වැටහීමක් ඒවි.
පටුන
01. මූලික අදියරේ පැහැදිළි කිරීම :- පුද්ගල ආර්ථිකය සහ රටක ආර්ථිකය හඳුනාගැනීම.
02. දෙවන අදියරේ පැහැදිළි කිරීම :- ආර්ථික ව්‍යාපෘති සඳහා ණය ලබාගැනීම , ආර්ථික විද්‍යා ප්‍රයෝග , ආර්ථික විද්‍යා ප්‍රයෝග තුළින් මවා පෙන්විය හැකි වත්කම් , මවා පෙන්නූ වත්කම් මත පදනම්ව ආර්ථිකය ගොඩනැගීම වැනි කරුණු සාකච්චා කිරීම.
03. මීළඟ ලිපිය :- තව දුරටත් සිදුකල හැකි ආර්ථික විද්‍යාමය වංචා හඳුනාගැනීම.
මූලික අදියරේ පැහැදිළි කිරීම.
පුද්ගලයෙකුගේ ආර්ථිකය .
"AAA" රස්සාවක් කරලා උපයන මුදලත් , "AAAට" එදිනෙදා ජීවිතයේ ජීවත් වීම සඳහා වැය වන මුදලත් එක්ව ගත්තම ඒක " AAAගේ ආර්ථිකය " කියලා කියන්න පුළුවන්.
AAAගේ අදායම
i. රැකියාවෙන් ඔහු උපයන මුදල්
ii. වතුපිටි වලින් ඔහු උපයන මුදල්
iii. ව්‍යාපාර වලින් ඔහු උපයන මුදල්
iv. වෙනත් මුදල් ආයෝජනයක් මගින් ඔහු උපයන මුදල් ( බැංකුවක FD දැමීමක් , පොළියට මුදල් දීම වැනි )
v. වංචනිකව උපයන මුදල් ( එහෙම ඒවා ඇත්නම් )
vi. ලොතරැයි දිනුමක් වැනි හදිසියේ අතට ලැබෙන මුදල් ( අනපේක්ෂිත මුදල් , දේපළ හිමි වීම්. මේවා ගැනත් බලාපොරොත්තු තියාගන්න හොඳ නැහැ )
vii. අනාගතයේදී බිරිඳගේ පාර්ශවයෙන් ලබෙමට නියමිත දෑවැද්ද ( අනාගත සිහින ලොව. මෙන්න මේවා ගැන බලාපොරොත්තු තැබීම අන්තිම මුග්ධ ක්‍රියාවක් . )
AAAගේ වියදම
i. අහාර කෑම බීම සඳහා යන වියදම්.
ii. ඉඳුම් හිටුම් සඳහා යන වියදම ( නිවාසයක් හැදීමට , තියෙන එක අලුත් වැඩියා කරගන්න , කුළියට නම් ඉන්නේ rent එක ගෙවන්න , බැංකු ණයක් අරන් අලුත් ගෙයක් හදන්න )
iii. ඇඳුම් පැළඳුම් සඳහා යන වියදම.
iv. ප්‍රවාහනය සඳහා යන වියදම් ( රැකියාවට යන්න , ආයේ ගෙදර එන්න . මෙතන වැදගත් කන්සෙප්ට් එකක් තියෙනවා. පස්සේ පැහැදිළි කරන්නම්. මතක තියාගන්න )
v. අම්මා තාත්තා සහෝදරයෝ ගැන බලන්න යන වියදම්
vi. යාලු වෙලා ඉන්න ගෑණු ළමයා හරි , බිරිඳ ගැන බලන්න යන වියදම්.
vii. දරුවෝ ඉන්නවා නම් එයාලට යන වියදම්
viii. අසනීපයක් උනොත් ප්‍රතිකාර සඳහා යන වියදම්
ix. අලුත් විභාග , අධ්‍යාපනය ලබා ගැනීමේ වැඩමුළු වගේ දේවල් වලට යන වියදම් ( රැකියාවේ ප්‍රමෝෂන් ගන්න එහෙම මේවා වැදගත් )
x. අරක්කු , සිගරට් , වෙනත් අවශ්‍යතා සඳහා යන වියදම් ( අනවශ්‍ය වියදම් කියමුකෝ )
xii. වෙනත්
xiii. ණය තුරස් , පොළිය ගෙවීමට වැය වන මුදල ( ණය අරන් තියේ නම් )
xiv. ඉතුරු කිරීම් ( අනාගත ආයෝජන )
ඔන්න ඔය විදිහට අදායම් සහ වියදම් මොනවද කියලා හඳුනා ගන්න ඕනේ. අපි හිතමු 50,000 මාසෙකට ලැබෙනවා කියලා AAAට. දැන් අපි බලමු වැදගත් දෙයක් AAAගේ ආර්ථිකය ගැන.
AAAගේ මාසික වියදම 50,000ට අඩු නම්
AAAට පුළුවන් කිසි කරදරයක් නැතුව තමන්ගේ ජීවිතය සතුටින් ගෙවන්න. ඉතුරු වෙන මුදල් බැංකුවක දාන්න හරි , පොළියට දෙන්න හරි , අලුත් බිස්නස් එකක් පටන් ගන්න හරි , යාලුවෝ එක්ක විනෝද වෙන්න හරි , කුඩු පොඩ්ඩක් ගහලා බලන්න හරි පුළුවන්. ( කුඩු ගහන්න පුරුදු උනොත් නම් AAAගේ අනාගතය අඳුරු වෙනවා. )
AAAගේ මාසික වියදම 50,000ට වැඩි නම්
i. එයාට වෙනවා ණයක් ගන්න යාළුවෙක්ගෙන්. " ලබන මාසේ පඩි ගත්තම දෙන්නම් " කියලා ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ලබන මාසේ පඩි ගත්තම ණය ගෙවන්න ඕනේ. නැත්නම් වෙන්නේ යාළුවා නැවත ණයක් දෙන්නේ නැහැ. බැරි වෙලා හරි නඩුවක් දැම්මොත් එහෙම හිරේ යන්නත් වෙන්න පුළුවන්. ( බැංකුවකින් ගත්ත ණයක් නම් පාරටම වැටෙන්න පුළුවන් )
ii.ණය ගෙවන්න සල්ලි නැත්නම් පුළුවන් තමන් ළඟ තියෙන රත්තරන් මාලයක් වගේ දෙයක් උකස් තියන්න. එහෙම නැත්නම් ගෙදර TV එක එහෙම විකුණලා ඒ සල්ලි වලින් ණය ගෙවන්න පුළුවන්. ( ආයේ පුළුවන් කාලෙක TV එකක් ගන්න ඕනේ. නැත්නම් ගෙදරකට අඩුවක්නේ. )
iii. ටිකක් කල්පනා කරලා තමන්ගේ වියදම් අඩු කරගන්න ඕනේ. ඊට පස්සේ පුළුවන් තව ටිකක් කල්පනා කරන්න මේ වෙච්චි දේ ගැන.අලුත් අදායම් මාර්ගයක් ගැන හිතන්න පුළුවන්. ඉහළ පඩියක් තියෙන නව රැකියාවකට අයදුම් කරන්න පුළුවන්.
iv. තමන්ට පරම්පරාවෙන් ලැබුණ වතු පිටි දේපළ විකුණලා ඒ මුදල් වලින් වියදම් කරන්න පුළුවන් . ( ඒත් ඉඩකඩම් ඉවර උන දාට මොකද කරන්නේ ? )
v. කැමති නම් හොරකම් කරන්න, වංචනික වැඩ කරන්න, බැංකු මංකොල්ල කන්න, තම පෙම්වතියව / බිරිඳව / මව අනාචාරයේ යොදවන්න පුළුවන්. ( අහිතක් හිතන්න එපා. ඒවත් සල්ලි තමයි. ) [ පාරේ බැහැල යන්න බැරි වෙන එක , රට්ටු හූ කියන එක වෙනම කතාවක් ]
හරි අපි මේ හඳුනාගත්තේ පුද්ගලයෙකුගේ ආර්ථිකය ගැන. මේ ටික නැවත වාරයක් කියවන්න. ඒ ගමන් අපේ රටේ දැන් වෙලා තියෙන තත්වෙට පොඩ්ඩක් ආදේශ කරලා බලන්න. සෑහෙන සමාන කම් පෙනේවි.
රටක ආර්ථිකය.
රටක ආර්ථිකය ගැන දැන් කතා කරන්න පුළුවන් ඉහත " පුද්ගල ආර්ථිකය " කොටසත් උපයෝගී කරගෙන. වර්තමාන ලෝකයේ හැම රටක්ම දැන් පවතින්නේ රාජාණ්ඩු ක්‍රමයෙන් වෙනස්ව. ඒ නිසා වර්තමාන ලෝකයේ ආර්ථික රාමුව ගැන විතරක් කතා කරමු.
රටක අදායම්
i. ජනතාවගෙන් එකතු කරන බදු මුදල් ( GST , VAT ... etc , etc ) හිතන්න ඔබ සිල්ලර බඩු කඩයක් කරනවා කියලා. වර්ෂයක් අවසානයේ ඔබ රජයට රුපියල් 10,000 ගෙවනවා කියලා හිතමු බදු විදිහට. මේ වගේ සිල්ලර බඩු කඩ 1000 තියේ නම් මුළු ලංකාව පුරාම; රජයේ අදායම 10,000,000 වෙනවා එක වසරකට සිල්ලර කඩ වලින් විතරක්. ( රුපියල් මිලියන දහයක්. ඒ කිව්වේ කෝටියක් )
ii. තොග බඩු කඩ වලින් අවුරුද්දකට රුපියල් ලක්ෂයක් ගන්නවා කියමු ආණ්ඩුවෙන් එක වසරකට. මුළු රට පුරාම තොගබඩු කඩ 100 තියෙනවා කියමු. දැන් ආණ්ඩුවේ වාර්ෂික අදායම රුපියල් ලක්ෂ 100 වෙනවා තොගබඩු කඩ වලින් විතරක්.
iii. හිතන්න ඔබ ව්‍යාපාරයක් කරනවා කියලා ස්වයංරැකියාවක් විදිහට. රජය විසින් ඔබෙන් ගන්නවා වර්ෂයකට රුපියල් ලක්ෂ දෙකක්.එවැනි ව්‍යාපාර 1000 තියෙනවා කියලා හිතමු රටේ. දැන් ආණ්ඩුවේ වාර්ෂික අදායම රුපියල් ලක්ෂ 2000 වෙනවා ව්‍යාපාරිකයන්ගෙන් විතරක්. ( රුපියල් මිලියන 200. )
iv. හිතන්න කෙනෙක් කසාද බඳිද්දී ආණ්ඩුවට රුපියල් 5000 ගෙවන්න ඕනේ කියලා. එක අවුරුද්දකට විවාහ ලක්ෂයක් උනා නම් රජයේ අදායම කීයද ? රුපියල් 500,000,000 . ඒ කියන්නේ මිලියන 500 . නැත්නම් ලක්ෂ 5000. ( මේවත් බදුද ඇත්තටම. හරියටම තමන්ගේ බිරිඳගේ යට ඇඳුම් කාමාතුරයන්ට විකුණනවා වගේ වැඩනේ. විකුණලා විකුණලා අන්තිමට බිරිඳට හදිස්සියට අඳින්නවත් යට ඇඳුමක් නැති වෙනවා නේද ? )
v. හිතන්න ඔබ රත්තරන් බඩු හදන කෙනෙක් කියලා. ලංකාවේ රත්තරන් නැති නිසා දකුණු අප්‍රිකාව වගේ රටකින් තමයි ඔබට රත්‍රන් ගේන්න වෙන්නේ. ඔබ ලංකාවට ගේන සෑම රත්‍රන් පවුමක් සඳහාම රජය විසින් ඔබෙන් රුපියල් 5000 අය කරනවා කියලා හිතමු. වර්ෂයක් ඇතුළත ලංකාවට ගේන රත්‍රන් ප්‍රමාණය පවුම් මිලියන 20 කියලා. ( පුදුම වෙන්න එපා. අපි සංවර්ධිත රටක්. ලක්සෙට කොඩිය දාන රටක් ) දැන් වාර්ෂික අදායම කීයද රජයේ? ඒ කියන්නේ 20,000,000 x රුපියල් 5000 = 100,000,000,000. ඒ කියන්නේ රුපියල් මිලියන ලක්ෂක්. නැත්නම් රුපියල් කෝටි 10,000. එහෙමත් නැත්නම් රුපියල් බිලියන 100.
August 18, 2013
ඇයි මම මේ විදිහට හැසිරෙන්නේ ? Why am I ?
ඒක දිග කතාවක්. සේරම ටික ලියන්න ගියොත් මේක කොහොමවත් කරන්න වෙන්නේ නැහැ. ඒ නිසා ඉවත් කරන්න ඕනේ ඒවා ඉවත් කරලා , මූලික අවබෝදයක් ලැබෙන දේවල් ටික විතරයි මේ ලිපියට ඇතුලත් කරන්නේ.
හැමෝම දන්නවා ඇතිනේ මම එදා ඉඳන් දේශපාලනේ හිටිය කෙනෙක්. ඒකට මූලික හේතුවක් උනේ මගේ තාත්තා සහ ලොකු තාත්තලා ඇතුළු පවුලේ ගොඩක් දෙනෙක් දේශපාලනේ යෙදුණු අය වීම. මමත් පුංචි කාලේ ඉඳලා හැදුනේ වැඩුණේ දේශපාලන වටපිටාවක් එක්ක. අපි පුංචි කාලේ මේ රටේ වීරයෝ වෙලා හිටියේ මැතිනිය වගේ පිරිස. එයාල එක්ක බලද්දී අපේ තාත්තල නිකන් හාල් කෑලි වගේ. එදා ඉඳන් වෙච්ච වෙනස් කම් මට හොඳට තේරුණා.එයාලා එයාලගේ දූවරුන්ට , පුතාට සළකන විදිහයි අපිට සළකපු විදිහයි අහසට පොළොව වගේ.
එයාලගේ දූවරු ඒරොප්පේ කැම්පස් වලට ගියා. අපි නිකම්ම නිකම් හිපාටුවෝ වගේ ඔහේ බලන් උන්නා. ගමේ හිටපු මිනිස්සුන්ට සාපේක්ෂව බලද්දී අපි මහා ඉහළ පවුලක් උනත් මැතිනිලාට සාපේක්‍ෂව ගද්දි අපි දූවිලි ගානයි. ඒත් මොනවා කරන්නද ඉවසනවා ඇර. මට මතකයි ඉස්සර අපි එහෙ යද්දී යන්නේ හරියට බලු කුක්කෝ වගේ. එයාලගේ දූවරු අපිට පෙන්නපු ආඩම්බර හිනාවන් අදටත් මට මතකයි.
" අනේ මුන් වගේ හිඟන හැත්තක් " වගේ බැල්ලමක් තිබුණේ එයාලගේ ඇස් වල. එහෙමයි කියලා කටක් අරින්නද ? මොනවා හරි කිව්වා නම් හරි ඇදයක් කරා නම් හරි කන් අඩි පුපුරන්න උනත් ගහන්න එයාලගේ ගෙදර අය පසුබට වෙන්නේ නැහැ.
ඒ සියල්ල අත්දකිමින් තමයි අපි ලොකු මහත් උනේ. ටික ටික මම යෞවන වයස පහු කරලා තරුණ වයසට ඒමත් එක්ක මාව ඉබේම වගේ දේශපාලනයට පිවිසුණා. ඒකට එකම හේතුව උනේ මගේ පවුලේ අයත් දේශපාලනයේ නිරත වීම. එහෙම නොවෙන්න අපිටත් ඔලුව උස්සගන්න හම්බෙන්නේ නැහැ. මට එදා ඉඳන්ම තේරුණා මේ ලිං වලෙන් ගොඩ එන්න තියෙන්නේ එකම ගැට්ටයි කියන දේ.
මගේ අයියලා සහ මල්ලිලා නම් මේ දේවල් ගැන එතරම් පැන්නුවේ නැහැ එදා ඉඳන්ම. එයාලට තේරුණා මේ මිනිස්සු එක්ක අපිට හැප්පෙන්න බැරි බව. කටින් නොකීවත් හැම වෙලේම මූණේ ඇඳිලා තිබුණේ එහෙම අදහසක්. එතනදිත් මම තනි උනා. මට තේරුණා මේ ලිං ගැට්ටෙන් ගොඩ වෙන්න වෙන්නේ තනියමයි කියන දේ. ඒ කොහොම උනත් මගේ සහෝදරයෝ ටික මගේ කකුළෙන් ඇද්දේ නැහැ කවදාවත්. සහෝදරයෝ විදිහට ආරවුල් , මත ගැටුම් තිබුණට අපි කවදාවත් එකිනෙකාට වල කැපෙන දේවල් කරේ නැහැ.
=== මෙතනින් එහාට දේවල් ඔයාලත් හොඳින් දන්න නිසා මම ඒ ටික ස්කිප් කරමින් මග අරින්නම් ===
මගේ තරුණ වයස ඒමත් එක්ක මම ක්‍රියාකාරී දේශපාලනයට ආව. නිතරම මට තේරුණා පොඩි මනුස්සය එක්ක හිතවත්ව ඉන්න ඕනේ කියන දේ. ඕනෙම දේකට එන්න ඉන්නේ මේ මිනිස්සු විතරයි සහ අපේ පැවැත්ම තියෙන්නෙත් මේ මිනිස්සු ඉන්නකම් විතරයි කියන දේ මම හැම වෙලේම හිතුවා. අනිත් එක ඒ මගේ හොඳම තරුණ කාලේ. සමාජ වාදී අදහස් ඕසේට තිබුණා ඕනෙම තරුණ දේශපාලකයෙක් ළඟ තිබුණා වගේම. ඒත් මම හැම වෙලේම සැලකිලිමත් වුණු දෙයක් තිබුණා , ඒ තමයි මම කවදා හෝ තැනකට එන්න ඕනේ කියන දේ. නිකම්ම නිකම් දේශපාලන චරිතයක් වෙලා වැඩක් නැහැ මගේ තාත්තා වගේ. සමාජය ඉදිරියේ මහා විශාල චරිතයක් උනාට රජ ගෙදරදී නිකම්ම නිකම් කෙනෙක් විතරයි මගේ තාත්තා. මට ඕනේ උනා එතනින් ඉස්සරහට යන්න. ඒ ගමන යන්නේ මෙන්න මෙහෙමයි කියලා අදහසක් හරියටම තිබුණේ නැහැ . ඒත් පුංචි සන්දියේ උන සිත් රිදවීම හරහා සියුම් තරහක් , වාඩු ගැනීමේ උවමනාවක් ටික ටික හිත යට පැළපදියම් උනා.
කාලයත් එක්ක මට පුළුවන් උනා
ප්‍රහාරක ජෙට් නියමුවන් පුහුණු කිරීම . Fighter Pilot Requirements.
ප්‍රහාරක ජෙට් යානයක් යනු කුමක්ද , එහි භාවිතය , ප්‍රහාරක නියමුවන් යනු කව්රුන්ද , සාමාන්‍ය නියමුවන් හා ඔවුන්ගේ වෙනස් කම් , මුහුණ පෑමට සිදුවන විශේෂ අවස්ථා ආදී දේ පැහැදිළි කල යුතු වුවද පළමු ලිපිය තුලදී නම් සියලු දේ අඩංගු කල නොහැකිය.
මෙය පුහුණු සැසියක් නොවන බැවින් " ප්‍රහාරක නියමුවන් " කියූ සැණින් ඔබට සිතට නැගෙන ප්‍රශ්න වලට පිළිතුරු සැපයීමෙන් පසු දීර්ඝව සාකච්ඡා කරමු. මේ මාතෘකාව තුල විවධ විශයන් අඩංගු වන බැවින් ඒ ඒ ක්ෂේත්‍රයන් ගැන මූලික අවබෝධයක් ප්‍රථමයෙන් ලැබිය යුතුය.
ගුවන් යානයක ක්‍රියාකාරීත්වය සරළව.( හෙලිකොප්ටර් සහ ගුවන්යානා )
ගුවන් යානයක් යනු වාතයේ පාවෙමින් ගමන් කරන යානා වලටය. පෘතුවි ගුරුත්වයෙන් මිදී වාතයේ පාවීමට නම් බලයක් ලබා දිය යුතුය. එම බලය ලබා ගන්නේ එන්ජිමකින් බ්‍රමණය වන සුළන් පෙත්තක් ආධාරයෙනි.
හෙලිකොප්ටරය
මේ රූපයේ ඇති හෙලිකොප්ටර් යානාවේ විශාල හුළං පෙත්ත මගින් පහළට විශාල සුළන් ධාරාවක් ජනනය කරයි. එවිට හෙලිකොප්ටර් යානය පොළොවෙන් ඉහළට එසවේ. වැඩි වැඩියෙන් ප්‍රභල සුළන් ධාරාවක් නිකුත් වීමත් සමග යානය තව තවත් ඉහළට එසවේ. මුළු යානාවේම බර උහුලා සිටින්නේත් , යානාවට අවශ්‍ය බලය ලබා දෙන්නේත් සුළන් පෙති මගිනි. හෙලිකොප්ටර් යානාවක සරළම ක්‍රියාවලීය එසේය. ඔබටද ප්‍රබලව සෑදු සුළන් පෙත්තක් ඇත්නම් නිවසේදීම මෙවන් යානාවක් නිර්මාණය කිරීමට හැකියි.
ගුවන් යානය
මෙහි ඇති විශේෂත්වය නම් සුළන් පෙත්ත පිහිටා ඇත්තේ ඉදිරියෙනි. සුළන් පෙති මගින් බලය ඇති කරන්නේ පෘතුවිය දෙසට නොව පෘථිවියට සමාන්තරවය. ගුවන් යානාවේ ක්‍රියාකාරීත්වය පියවර කීපයකින් පැහැදිළි කරගත හැකිය.
01.වැඩි වැඩියෙන් සුළන් පෙති මගින් බලය ජනනය වීමත් සමග ගුවන් යානාව ඉදිරියට තල්ලු වේ.
02.එසේ තල්ලු වන්නට වන්නට ගුවන් යානාවේ වේගය ඉහළ යයි.
03. යානාවේ වේගය ඉහළ යෑමත් සමග පියාපත් යුගල මත ප්‍රමාණවත් ඉපිලුම් බලයක් ගොඩ නැගේ.
04. පියාපත් යුගල මත ගොඩ නැගෙන ඉපිලුම් බලය වැඩි වීම සමග යානයට වාතය තුල පාවී යෑමට අවස්ථාව ලැබේ. ( මෙම අවස්ථාව නිවැරදිව වෙනත් ලිපියකින් පැහැදිළි කරගනිමු. බොහෝ ස්ථාන වල වැරදි ලෙස සටහන් වී ඇත. )
05. එසේ සිදු වීමත් සමගය යානය ගුවනට එසවේ.
06. සුළන් පෙති මගින් නොකඩවා ඉදිරියට යෑම සඳහා ශක්තිය ජනනය කරයි. පියාපත් යුගල මගින් ගුවන් යානයේ බර( සහ සුළන් පෙති ) දරා සිටි.
හෙලිකොප්ටර් සහ සාමාන්‍ය ගුවන් යානා වලට තෙරපුම් බලය ලබා ගන්නේ සුළන් පෙති කරකැවීම මගින් බව දැන් ඔබට පැහැදිළි ඇති. මෙම ක්‍රමයේදී ඇති වන ප්‍රයෝගික ගැටළු කීපයක් ඇත. එනම් සුළන් පෙති වලට එක්තරා සීමාවකින් ඔබ්බට ශක්තිය ජනනය කිරීමට නොහැකිව යාමයි. සාමාන්යෙන් පැයට කිලෝමීටර් 400 යෙන් පමණ එහාට යෑමේදී මෙම ක්‍රමය අසාර්ථක වේ. ( ඉහළ වේගයන් වලදී වැය වන බලය සහ ලැබෙන බලය අතර විශාල පරතරයක් ඇති වේ. )
ජෙට් එන්ජිම .
ඉහත මතු වූ ගැටළුවට විසඳුමක් ලෙස ජෙට් එන්ජින් යොදා ගනී. සුළන් පෙති වලට සාපේක්ෂව දහස් ගුණයක් පමණ විශාල තෙරපුම් බලයක් ජෙට් එන්ජිමකට නිපදවිය හැකිය. ( රාත්තල් 1,740,100 පමණ වන තෙරපුම බලයක් අභ්‍යවකාශ එන්ජිම් වලට ඇත. සුප්‍රකට ප්‍රංශ ගුවන් යානයක් වන කොන්කෝඩ් හි එක් එන්ජිමක බලය රාත්තල් 35,000 පමණ වේ. )
රූපයේ ඇති විස්තර සමග ජෙට් එන්ජිමේ ක්‍රියාකාරීත්වය ගැන අවබෝධයක් ගත හැකිය.
01. බාහිර වාතය ටර්බයින් පද්ධතියක් හරහා යවමින් අධික පීඩනයකට ලක් කරයි.
02. ගුවන් යානා ඉන්ධන සමග අධි පීඩිත වායුව දහනයවනු/පුපුරනු ලබයි.
03. පැයට කිලෝ මීටර් 6000 - 35,000 ( නොසල් විවරය මගින් පැකිමි 60,000 ලබා ගත හැකිය ) පමණ වේගයෙන් එම වායුව පිපිරී ඉවතට විසි වේ.
04. දාහකයේ අග ඇති නොසල් පද්ධතිය මගින් එම බලය අවශ්‍ය ලෙස පාලනය කරයි.
මෙවැනි එන්ජිමකින් බල ගැන්වූ යානයක් ජෙට් යානයක් ලෙස හඳුන්වයි. ඉතා කුඩා ප්‍රමාණයේ යානාවේ සිට විශාල බෝයින් ගුවන් යානා වලට පවා මේ එංජින් සවි කිරීමට හැකිය. සාපේක්ෂව අඩු ඉඩක් සහ බරක් දරයි. එම නිසා වෙනත් වාසි රාශියක් ජෙට් එන්ජිමකින් ලබා ගත හැකිය.
ප්‍රහාරක ජෙට් යානා.
පුංචි සැකිල්ලක් සහිත යානයකට ජෙට් එන්ජිමක් සවි කල විට පැයට කිලෝමීටර් 2000 පමණ වේගයක් ඉතා පහසුවෙන් ලබා ගත හැකිය ( සාමාන්‍ය සුළන් බමර වලින් ක්‍රියාකරන යානා වලට සාපේක්ෂව ) .
මේ වාසිය නිසා යුධමය කටයුතු සඳහා මෙය ප්‍රභල අවියක් බවට පත් විය. ක්ෂණිකව සතුරු ඉලක්ක වෙත පහර දී පැමිණීම සඳහා ප්‍රහාරක ජෙට් යානා යොදා ගැනීමට පෙළඹිණි.
1930 ගණන් වල සිට සිදු කෙරුණු පරීක්ෂණ ප්‍රතිඵලයක් ලෙස වර්තමානය වන විට පැකිමි. 25,000 පමණ වේගයක් ගත හැකි එංජින් නිපදවීමට හැකි වී ඇත. මින් ඉදිරියට සාකච්චා කිරීමට යන මාතෘකාවලට පිවීසීමට ප්‍රථම වර්තමානයේ භාවිතා වන ප්‍රහාරක ජෙට් යානා කීපයක් , ඒවායේ ක්‍රියාකාරීත්වය , නියමුවන් සැපිරිය යුතු විශේෂ සුදුසුකම් , යානයක පාලනය සිදු වන අයුරු ගැන අවබෝධයක් ලබාගෙන සිටිමු. උදාහරණයක් ලෙස කෆීර් යානයක් ගැන සලකමු.
කෆීර් වර්ගයේ යානා .
සම්පූර්ණ නියමුවන් ගණන:
August 5, 2013
සයිලන්ට් සහන් ඉවරද ? සහන් වෙනුවෙන් ගෙතු තිරිසන් කතා වලට පිළිතුරු 01 . truth and the myth
සියලු දෙනාම දකින්න ඇතිනේ දැනට මාසයක් පමණ තිස්සේ සයිලන්ට් සහන් ගැන වැටුණු බ්ලොග් පෝස්ට් ? හැංගි හෝරා එහෙන් මෙහෙන් තිබුණු දේවල් දැන් ඔන්න නියම ප්‍රොෆයිල් වලින්ම තියෙනවා දැන් . විශාල විදිහට සත්‍ය විකෘති කරලා තියෙනවා මම දැක්කා පාඨක ඔබව මුළා වන ලෙසත් සහන් කියන පුද්ගලයා කෙරෙහි වෛරයක් ඇති වන ලෙසත්...
මම ඉතින් ඔහේ බලන් හිටියා ඕනෙම දෙයක් කරගන්න දීලා..ඒත් මගේ හිතවත් අය කීප දෙනෙක් මගින් මගට කිව්වා සහන් ඔයා නිස්කාරනේ කගෙන් වත් බැනුම් අහන්නත් එපා මඩ ගහන බ්ලොග් කරුවන්ට තව නටන්න දෙන්නත් එපා කියන දේ. ඒ අය නිසා තමයි මේ පෝස්ට් එක පවා මන් ලියන්නේ.එහෙම ඇර මට කිසිම උවමනාවක් නැහැ කාගෙන්වත් සහතික ගන්න. ඕනේ කෙනෙක් ඕනේ දෙයක් කිව්වට මට කිසිම ගැටළුවක් වෙන්නේ නැහැ. ඒ වගේම කාට හරි මාව මුණගැහෙන එන්න ඕනේ නම් මම ඒකටත් ඉඩ දීලා තියෙන්නේ. වැඩේ තියෙන්නේ ස්කයිප් කෝල් එකක් අරන් මට කතා කරන්න හයියක් නැති අය තමයි මේ බ්ලොග් පෝස්ට් වලින් චන්ඩි වෙන්න හදන්නේ.
මම සියලුම චෝදනා වලට එකින් එක උත්තර දෙනවා පෝස්ට් කීපයක් තුළින්.මොකද මට ඉතින් බ්ලොග් හදලා දෙන , පෝස්ට් හදලා දෙන , FB එකෙන් චැට් කරන වැඩර්ලා නැහැ අනිත් අයට වගේ. ඒ වගේම මිනිහෙක්ට ගහන්න තියෙන උවමනාව මිනිහෙක්ට සපෝර්ට් එකක් දෙන්න නැති බවත් මම දන්නවා.
මට මඩ ගැසීමේ මුළ
01.දැනට වසරකට විතර කළින් ඊ මේල් කවිකාරි කියලා හිටපු කෙනෙක් සමග පොඩි වචන හුවමාරුවක් උනා කට්ටිය දකින්න ඇති. ඒක ඉතින් සුළු දෙයක්නේ කියලා මම නිකන් හිටියා. මෙන්න බොලේ දවස් තුන හතරක් යද්දී පෝස්ට් එකක් වැටිලා
" සහන් යනු වයස 50 ක නාකියෙක්"
"කෙල්ලෝ රවටගන්න ආව කාමතුරයෙක්"
"සහන් කියන්නේ මුස්ලිම් එකෙක්"( මීට වඩා රසට තිබ්බේ)
සහන් යනු මුස්ලිම් කෙනෙක් කියන චෝදනාව
ඉස්සර මම එළකිරි.කොම් එකට යනවා එනවා.එකේ තියෙන පෝස්ට් බලනවා කියවනවා. ඉස්සර එළකිරි එකේ හොඳටම නැගලා ගියපු එකක් තමයි "මුස්ලිම් අයට දොස් කීම". එවැනි පෝස්ට් වලදී මම කියපු එකම දේ තමයි
"සිංහල අපි මුස්ලිම් අයට දොස් කීමෙන් වැඩක් නැහැ.මුස්ලිම් අය අතර තියෙන සාමූහිකත්වය සිංහල අය අතර නැහැ.ජාතියක් විදිහට නැගිටින්න නම් කරන්න ඕනේ අනිත් අයට බැන බැන යෑම නෙවේ අපි එකමුතු වීම පමණය"කියලා.
හැබැයි බහුතර අයට ඕනේ මුස්‌ලිම අයට අපහාස කරලා පහත් සතුටක් ලබන්න. ඒ නිසා ඔන්න කට්ටිය මට ගැහුවා මුස්ලිම් ලේබලේ. මම මුස්ලිම් අයට කඩේ යන කෙනෙක් කියලා කිව්වා.පස්සේ කිව්වා මමත් මුස්ලිම් කෙනෙක් කියලා. ඊටත් පස්සේ කිව්වා මම ස්ත්‍රී දූෂකයෙක් කියලා. ඔහොම ඔහොම දිගින් දිගටම ගියා. මට පිස්සු කියලා කිව්වා .මන් අංගොඩ හිටියලු. මගේ ගෑණි මැරිලා කිව්වා. ගෑණු ළමයි රේප් කරන කෙනෙක් කිව්වා. වයස 50 ට වැඩි කිව්වා.ඔය වගේ අනත්ත කතා එළකිරි එක පුරාවටම තියෙනවා. මා ගැන විතරක් නෙවේ එළකිරි එකට යන එන ඕනෙම කෙනෙක් දන්නවා ඇති එතන තත්වය. අපි කිසිම කෙනෙක් ඒ දේවල් ගණන් ගන්නේ නැහැ සහ ඇඩ්මින් වරුන්ට කියන්නේ නැහැ "අනේ අතන මට බැනලා .pls ඒක අයින් කරන්න "කියලා. ඉතින් ඔය සේරම අදටත් ඉන්ටනෙට් එක පුරවලා තියෙනවා.
නරක ආරංචි වලට පියාපත් තියෙන්නා හේ ඒවා තමයි ගූගල් එකේ සහන් කියලා ගැහුවත් උඩින්ම එන්නේ. ( ඒකට හේතුව වැඩි දෙනෙක් එවැනි දේවල් බලන නිසා පේජ් රෑන්කින් වලදී ඒ සෙවුම් ඉහළින්ම පෙන්නීම ).. ඔන්න ඉතින් අපේ ඊ මේල් කවිකාරි ගැහුවා ගූගල් වල මගේ නම..!
අම්මට සිරි මෙන්න එනවා පෝලිමට මට ගහපු මඩ ටික. එයාත් දැම්මා පෝස්ට් එකක් ලොකුවටම සහන් කියන්නේ මුස්ලිම් නාකියෙක්. කාමාතුරයෙක්. ගෑණු ධූෂණය කරන කෙනෙක් ආදී වශයෙන්. ඉතින් ඒ කුණු කුණුවත් බ්ලොග් අවකාශය පුරාම ගියා. මම ඒ කිසි දේකට උත්තර දුන්නේ නැහැ. . ඉස්සරත් මට ඇනෝ කමෙන්ට් වැටුණා එක දිගට.. මම ඉතින් ඒවා පස්සේ යන්නේ නැහැ...මොකද මට එවැනි දේවල් විහිලු පමණයි අඳබාලයන්ගේ.
නමුත් එවැනි දේවල් වලින් ඔයාටම පාඩුවක් වෙනවා සහන් කියලා මගේ බ්ලොග් මිතුරන් කියපු නිසා ඔන්න මාස 8 කට විතර පස්සේ මම ඒ ගැන පැහැදිළි කරලා පෝස්ට් එකක් දැම්මා මගේ උපන් දිනය සහ බ්ලොග් එකේ හිට්ස් 75,000 ත් එක්ක . මේ තියෙන්නේ ඒක..හැබැයි එවැනි පෝස්ට් FB තුළින් හුවමාරු වෙන්නේ නැහැ, චැට් කරද්දී කව්රුත් ඒ ගැන කියන්නේ නැහැ , කෝල් කරද්දී කියන්නේ නැහැ. අපේ අය බලන්නේ මිනිහෙක්ට ගහන්න විතරනේ.
02. ඉහත 01 විස්තර කරපු කුනුකන්දල් ටිකම දැන් ටිකක් මොඩ් වෙලා. අරගෙන් මෙයාගෙන් අහගන්න ඒවයි , ගොතන ඒවයි සේරම එකතු කරලා නියම කතා ටිකක් තියෙනවා.
"මමත් බූට් එකක් කෑවා " කියලා කිව්වොත් ඔන්න කතාව යනවා ගෑණි දාලා ගියා කියලා.
"වයිෆ් ලෙඩින්" කිව්වොත් වයිෆ් මැරිච්ච විදිහට කතාව යනවා.
"වයිෆ් සිංහල නෙවේ " කිව්වොත් කතාව යනවා සුද්දියෙක් බැඳගෙන සල්ලි වලට කියලා.
" ඔව් මට පිළිකාවක්.ඇයි මොකද ?" කියලා ඇහුවොත් යන්නේ ළඟට යන්න එපා බෝ වෙයි කියලා.
මට කැස්ස තියෙනවා ටිකක් තදින්. මට ක්ෂය රෝගය තියෙන විදිහට තමයි කතාව යන්නේ දැන්. තව ටික දවසකින් මට HIV AIDS කිව්වත් පුදුම නම් වෙන්න දෙයක් නැහැ.:D මගේ ලෙඩ ගැනත් උනන්දුයි මේ මහත්තුරු සහ නෝනලා ටික. ඉස්සර මම එළකිරි එකේ ඉද්දි බහින් බස් වීම් , විහිලුවට කියපු දේවල් තමයි මේ කට්ටියම අදටත්ඇදලා ගන්නේ.
03. මුස්ලිම් අයට පක්ෂව කතා කරපු නිසා මට ලැබුණ දේ තමයි ඒ. එතනින් පැහැදිළි වෙන්නෙත් සිංහල ජාතිය සතු අනිකා පෑගීමේ ලක්ෂණයමයි. සිංහල ජාතිය දිනෙන් දින පිරිහීම ගැන පුදුම වෙන්න දෙයක් නැහැ අපිට.
04. ඉස්සර එළකිරි එකේ ඉද්දි එතන අය කරන දෙයක් තමයි
" උඹ ඉස්කෝලේ ගියේ නැහැනේ. 8 පාස් වත් නැති උඹ කොහෙද ඕවා දන්නේ" කියලා විහිළුවක් කරන එක .
" උඹ අතන ලෝඩ් පකීර් වගේ කතා කරාට මේක බැහැනේ " කියලා කියන ලින්ක් එකක් දාන්න ගිහින් වැරදුණත්.
මම දැක්කා ඒ වගේ සිඟිති විහිලුත් වෙනවා මේ අස්සේ.
05. ඔන්න දැන් එමු අලුත් චෝදනා වලට එකින් එක.
වීඩියෝ එකක් දැම්මොත් වෙන දේ :- මම දාපු කොරල් මාලිගාව සම්බන්ධ පෝස්ට් එකේ වීඩියෝ එකක් මම දාලා තිබ්බා දකින්න ඇති. ඒ වීඩියෝව තුළ "කොරල් මාලිගාව " කියන දේ සත්‍ය රූප තිබ්බා. හැබැයි වැඩේ කියන්නේ කට්ටිය මගෙන් අහලා තිබ්බා
"සහන් ඔය කියන මාළිගාවේ රූපයක් දෙන්න" කියලා.. : ඒ කියන්නේ ඒ අය වීඩියෝ එක බලලාවත් නැතුව මට කියනවා මේක ඇත්තක් වෙන්න බැහැ කියලා.. මුළු වීඩියෝවම බැලුවා නම් කිසිම ගැටළුවක් එන්නේ නැහැ අකුරෙන් අකුර කොරල් මාළිගාවේ විස්තර එහි ඇතුලත් උනා. මට ඒක ඩවුන්ලෝඩ් කරගන්න බැරිව අන්තිමට සිරා තමයි mp3 එක ඩවුන්ලෝඩ් කරලා එව්වෙත්. ඒ බව සිරා දන්නවා.
මම දන්නවා විනාඩි 15 , 20 වීඩියෝ එකක් එම්බෙඩ් කරාට කිසි කෙනෙක් ඒක බලන්නේ නැහැ ඉවර වෙනකම්. ඊට වඩා හොඳයි නෙට් එකෙන් හෝ වීඩියෝවෙන් රූප ටිකක් අරන් දාන එක අසවල් දේ මේකයි අසවල් දේ අරකයි කියලා. කොරල් මාළිගාව ගැන පෝස්ට් එක මම ලියද්දි මට හමුවුණා බොහෝ දේවල්
"අයියෝ ඕක කරන්නේ අරහෙමයි මෙහෙමයි.අතනින් දාලා මෙතනින් ගත්තා නම් හරි" කියලා ඉතාම සැහැල්ලුවෙන් කියපු කතා. හැබැයි වැඩේ තියෙන්නේ එවැනි දෙයක් මේ වෙනකම් කිසිම කෙනෙක් හදලා නැහැ :D
කිසිම වීරයෙක්ට ටොන් 10 ක ගල් කුට්ටියක් තනියම උස්ස ගන්න බැහැ.වීඩියෝව දැන් වත් බලන්න .එහි උදාහරණ එක්ක තියෙනවා ගල් කුට්ටියක් දොඹකරයක් ආධාරයෙන් උස්සන්න ගන්න වෙහෙස ගැන.මට දැන් කියන්න එපා ටොන් 50 පවා උස්සන දොඹකර දැකලා නැද්ද කියලා. ඒවා මට කියලා වැඩක් නැහැ දැන්.
වීඩියෝ එකක ඇති දෙයක් වෙනම උපුටා දැම්මොත් වෙන දේ :- අවශ්‍ය කරන කොටස් ටික විතරක් එන විදිහට පොටෝ දැම්මොත් කියනවා ඇයි පොටෝ වලට නම් ගැහුවේ කියලා. පොටෝ වලට නම් ගහන්නේ වෙන මොකවත් නිසා නෙවේ කෙළින්ම බ්ලොග් පෝස්ට් කොපි කරන අය නිසා. පොටෝ එහෙකට නමක් හරි ගැහුවම කොපි කිරීම කරත් එහි දෙවෙනි තුන්වෙනි කොටස් බලන්න කට්ටිය එනවා. මම මීට කළින් ලියපු අකුණ පෝස්ට් එක මම දැක්කා බ්ලොග් අඩවි කීපයක තියෙනවා. මම දැනට සති දෙකකට කළින් වගේ ලියපු "රන් මිළ " පෝස්ට් එක මෙන්න මෙතන තියෙනවා .
sinhayareader.com/world-news/economy/gold-price-ounce?rd=1389110329599
මීට කළින් මම කොහේවත් කියලා නැහැ අනේ මම ලියපු එක අතන තියෙනවා කියලා.හැබැයි මේ බ්ලොග් අවකාශයේ බ්ලොග් වල සමහර අය නම් කෙළින්ම කියලා තියෙනවා "අපේ ඒවා කොපි කරන්න එපා" කියලා.මටනම් මගේ දෙයක් කව්රු ගත්තත් කමක් නැහැ.මම ලියපු දෙයක් වෙනත් කෙනෙක් දකින්නයි ඕනේ.කව්රු එයට ක්‍රෙඩිට් එක ගත්තත් මට ප්‍රශ්නයක් නැහැ. හැබැයි මම මගේ පෝස්ට් වලට බ්ලොග් එකේ නම ගහනවා ඒ තුළින් දෙවෙනි තුන් වෙනි කොටස් වලටත් කෙනෙක් ඒවි කියලා.
මේ වීඩියෝ මගෙන් විතරයි චෝදනාව:- මම මාරයාගේ පෝස්ට් එකේදී කිව්වා ඔන්න මම පෝස්ට් එකක් දානවා ඒවා නම් මගෙන් විතරයි කියලා පට්ට රණ්ඩුවක් මැද්දේ. අනේ එදා මම ඒ කියපු එක වචනයක් අල්ලන් තමයි මේ සේරම දෙනා නටන්නේ. මම ඒ පොටෝ වලට නම ගහපු එක තමයි මේ සේරම අල්ලන් නටන්නේ. මොකක් හරි දෙයක් ගැන ලියද්දි එයට අවශ්‍යම තැන් වලින් පොටෝ ගන්නේ ඇයි කියන දේ මම ඉහත කිව්වා. පොටෝ වලට නම ගහන්නේ ඇයි කියන දේත් කිව්වා. මෙහෙම දෙයක් වත් අග මුළ පටල ගන්නේ නැතුව ලෝකේ පෙරළන්න එන අය ගැන කිසිවෙක් කලබල වෙන්න ඕනේ නැහැ. ඒ ඒ අයගේ දැනුම් මට්ටම ගැන තීරණයක් ගත්තම ඉවරයි.
ටෙස්ලා කාර් එක මගේ චෝදනාව:- මම ඒ පෝස්ට් එකේදී පැහැදිලිවම කිව්වා "මට මගේ නමින් බයික් එකක් වත් නැහැ" කියලා.. වැඩේ තියෙන්නේ මගේ ඒ කමෙන්ට් එක කිසිම කෙනෙක් උපුටලා අරන් තිබ්බේ නැහැ.
හැබැයි මම W3 එකේදී ඇනෝ කෙනෙකුට කිව්වා " ඔව් ඒ කාර් එක මම ගත්තේ දැන් නිකම් පපුව පැළෙන්න වගේද ඉරිසියාවෙන් :P " කියලා... p මාර්ක් එකක් දැම්මා..
දිගින් දිගට වාදයට එද්දී මම කිව්වොත් එහෙම " ඔව් මම ඔක්කෝම දන්නවා අකුරක් නෑර.ඇයි මොකද " කියලා අන්න ඉවරයි.ඔබ දකින්න ඇතිනේ එවැනි කෙනෙක් සමග මම කරපු
වැඩේ තියෙන්නේ අන්න ඒ කමෙන්ට් එක තමයිහැම තැනම කිය කියා යන්නේ! හේතුව දැන් හොඳටම පැහැදිලිනේ. සහන්ට මඩ ගැසීමේ අරමුණ.
{ අන්තිමේදී ඔහුම කිව්වා "සහන් මම අහපු හැම දේකටම ස්කයිප් තුළින් උත්තර දුන්නා සහ ඔහුට කොච්චර අපහාස කරත් නොකියන දේ නොකියන බව" ...... එහෙම කියපු කෙනාම අනික් පැත්තට කරන දේවල් දකින්න ඇති ඔබ.. මට යුධ අපරාධ චෝදනාවක් පවා තිබුණා ඒ අතරේ. මම ඒ ගැනත් සොයලා බලන්නම් හිමින් සීරුවේ . }
වීඩියෝ වල ඇති දේවල් මැකීම :- මම වීඩියෝ එකකින් ගත්ත රූපයක මනුස්සයෙක් ඉන්නවා නම් වාහනයක අංක තහඩුවක් තියෙනවා නම් වෙනත් ගැටළුවක් වෙන දෙයක් ඇතිනම් එවැනි දේවල් මකනවා.ඉස්සරහටත් ඒක එහෙමයි.බය වෙන්න එපා.අතනද මකන්නේ මෙතනද මකන්නේ කියන දේ තීරණය කරන්නේ මම මිසක් කාගෙන් වත් අවසර අරන් නෙවේ. ඒ නිසා ඒ ගැන කලබල වෙන්නත් එපා. වීඩියෝ එකක බැජ් නම්බර් එකක් , වීඩියෝ ස්ක්‍රැම්බල් ID එකක් තියෙනවා නම් අනිවාර්යෙන්ම ඒක මකනවා. මොකද එයින් හොයන්න පුළුවන් සැටලයිට් සිග්නල් එක ගන්න ආයතනයේ නම. ( මම මෙතන පාවිච්චි කරේ වෘත්තීමය වචන නෙවේ. ටෙක්නිකල් ටර්ම්ස් වලින් කතා කරන්න ගිහින් වෙච්චි දේවල් දකින්න ඇතිනේ මීට කළින් )
උදා :- NHK ආයතනය මගින් ලබා ගත් නැරඹුම් ගිණුමක් මගින් සේවය ලබා ගනී නම් විටින් විට කෝඩ් අප්ඩේට් වීම/නොවීම තිරයේ දිස් වෙන්න පුළුවන්. එම කෝඩ් එක දුටු පමණින් කියන්න පුළුවන් මේ තරංගය එන්නේ SLRC වෙනුවෙන්ද ITN වෙනුවෙන්ද MTN වෙනුවෙන්ද MBC වෙනුවෙන්ද යනාදී වශයෙන්. එවැනි දේවල් ගැන මට තුන්වෙනි පාර්ශවයක අවවාද සහ අනුශාසනා අවශ්‍ය නැහැ. මකනවාම තමයි.
වීඩියෝ හොරකමක්ද:- රූපවාහිනී ආයතන මගින් තම තමන් සතු වාර්තා වැඩසටහන් හුවමාරු කරගන්නවා. එක්කෝ වෙළඳ අරමුණින් නැතිනම් වීඩියෝ හුවමාරු කරගැනීමේ ගිවිසුම් අනුව. ඉස්සර SLRC එකෙන් හදපු මැණික් පතල් කැපීම , පාරු කර්මාන්තය , සිංහරාජ වනාන්තරය ගැන වැනි අනෙක වැඩසටහන් ලොව පුරා මාධ්‍ය ආයතන වෙත දුන්නා. එසේම SLRC වෙතත් ලක්ෂ ගණනක වීඩියෝ ලැබුණා. රිචඩ් ද සොයිසා පවා සභාගී වූ වැඩසටහන් තියෙනවා .අද ජීවත් වන බොහෝ අය නම් ගම් දන්නෙවත් නැහැ රිචඩ් ගැන .හිමි නමක් ගිණිතියාගත් වීඩියෝව පවා පැය දෙක තුනක පමාවක් කිරීමෙන් පසු අනික් සහෝදර ආයතන වෙත ලබා දුන්නා. ඒක තමයි වීඩියෝ හුවමාරුවේ ස්වභාවය කියන්නේ ආයතන ආයතන අභ්‍යන්තරයේ වෙන. මෙවැනි දේවල් ගැන ජීවිතේට නාහපු අය වීඩියෝ හොරකමක් ගැන නීතිමය තත්වය පවා පැහැදිළි කරලා පෝස්ට් දාලා තියෙනවා දකිද්දී මට දුකයි ඔවුන්ගේ මට්ටම ගැන. යු ටියුබ් වීඩියෝ වලින් ලෝකය දෙස බලන අය ගැන අප කලබල වෙන්න ඕනේ නැහැ.
ඔහොම වීඩියෝ කියන තරම් තියෙනවා නම් ඇයි ඒවා ප්‍රචාරය කරන්නේ නැත්තේ :- මේ ප්‍රශ්නය අහන්න ඕනේ මගෙන් නෙවේ. රූපවාහිනී ආයතන ප්‍රධානීන්ගෙන්. අපෝ ඕවා පරණයි / අලුත් උනත් හිට් වෙන්නේ නැහැ / ඇඩ්වර්ටීස්මන්ට් ලැබෙන්නේ නැහැ වැනි අභියෝග ගොඩක් තියෙනවා ජය ගන්න. මාධ්‍ය ආයතනයක තියෙන හැලහැප්පීම ගැන මම පෝස්ට් දෙකක්ම ලියලා තියෙනවා. ඒවා බලන්න අවශ්‍ය අය විතරක්.වැරදිත් හොයන්න. හැබැයි ඉතින් නිෂ්ඵල දේවල් වෙනුවෙන් මම කාලය වැය කරන්නේ නැහැ. දැනුමට යමක් සොයන කෙනෙක් එයින් ගත හැකි ප්‍රයෝජනයක් ගනී. අනිත් අය තමන් දන්නා සෙල්ලම් ටිකෙන් සෙල්ලම් ගෙයක් හදයි. මම ඉතින් එවැනි දේ ගැන වෙහෙසෙන්නේ නැහැ.ඒ බව දැන් හොඳටම පැහැදිළි ඇතිනේ.
ශ්‍රී ලාංකික මාධ්‍ය භාවිතය , එහි විකාශය හා වත්මන් තත්වය . වෙනසක් අවශ්‍යද ? ඒ කුමක්ද ?Who should have a TV Channel ?
රූපවාහිනී ආයතනයක ප්‍රධාන පාලක මැදිරිය
කෙනී දෙමටගොඩගෙන් මම අහපු LED ප්‍රශ්නය :- මම දැක්කා වසර3 ,4 ක් පමණ පරණ දේවල් පවා අදිමින් කරලා තිබුණු විහිලුව. ඉලෙක්ට්‍රොනික් පරිපත ගැන උනන්දුවක් තියෙන ඕනෙම කෙනෙක් එවැනි දේවල් හදන්න හෝ වෙනත් බාහිර විස්තර ගැන අහන්න පෙළඹෙනවා. එයට හේතුව තමයි පරිපථයෙන් පරිපථයට සැළසුම වෙනස් වෙන්න පුළුවන්. එක් සුළු වෙනසකින් පරිපථයම දැවී යන්න පුළුවන්. ඒ නිසා එකම ක්ෂේත්‍රයේ ඉන්න කෙනෙක් දැක්ක හැටියේ අහනවා
අර පරිපථයේ විස්තර කොහොමද .
මම හැදුවේ මෙහෙම.ඒක වැඩ කරද්දී රත් උනා ,
කැප් පිපිරුවා ,
රෙසිස්ටර්ස් ඕවර් හීට් වෙනවා ,
ට්‍රාන්සිස්ටර් එකක් කොච්චර කරත් පිච්චෙනවා ,
LED ටික ඩිම් වෙනවා,
සති කීපයකින් පිච්චෙනවා ආදී වශයෙන්.
මේ විදිහට හුවමාරු කරගන්න තොරතුරු පොත් පත් වල නැහැ. මේවට කියන්නේ වෘත්තීය අද්දැකීම්. වෘත්තීය අද්දැකීම් හුවමාරු කරගන්න PhD තියෙන්න ඕනෙත් නැහැ CEO කෙනෙක් වෙන්න/නොවෙන්න ඕනේ නැහැ. මම අර මුළින් කියපු සිඟිති ප්‍රශ්න ක්‍රමය මතකනේ.මෙතනත් වෙන්නේ ඒ දේ. එකම අරමුණ සහන් ගැන වෛරයක් ඇති කිරීම පමණයි. අපි ඉතින් එවැනි දේ ගැන කලබල වෙන්න ඕනේ නැහැ.
LED ගැන නැවත :- LED යොදාගෙන නිවසකට උචිත විදිහට බල්බ් හැදීම කියන දේ දැනට වසර 3 කට විතර කළින් අද තරම් පහසු උනේ නැහැ. එයට හේතුව තමයි LED වෙනුවෙන් ස්ථාවර වෝල්ටීයතාවයක් සැපයියයුතු වීම. 3V ලෙස සඳහන් බල්බයකට 3.6V පමණ ලැබෙන්න ගත්තොත් පැය 6 ක් පමණ බල්බයේ ආයු කාලය බෙහෙවින් අඩුවෙනවා. සූත්‍රිකා පහන් වගේ විශාල වෝල්ටීය පරාසයකට ඔරොත්තු දෙන්නේ නැහැ. ( දැන් කියන්න එපා 3v LED ගැන විතරද දන්නේ කියලා. වෝල්ටීයතාවය කීයක් වෙන LED එකක් ගත්තත් පොදු ගැටළුවක් එනවා ප්‍රධාන සැපයුම් ධාරාවේ අගය උච්ච්වචනය වීම එක්ක )
i.නියමිත විදිහට වෝල්ටීයතාවයක් දෙන්න බැරිද :- දෙන්න පුළුවන්. හැබැයි පිට කොටුවේ තියෙන සත 50 රෙසිස්ටර්ස් ,ට්‍රාන්සිස්ටර්ස් කැපසිටර්ස් IC , ඩයෝඩ් අරන් මේ වැඩේ කරන්න අමාරුයි. එහි අගය 12%+- විතර වෙනස් වෙනවා ඇතැම් විට . ( දැන් කියයිද දන්නේ නැහැ IC වල අගය වෙනස් වෙනවා කියලා ඇහුවමයි කියලා.. සිඟිති ප්‍රශ්න අහන අය ගැන කලබල වෙන්න එපා )
නිසි ලෙස සකස් නොවූ පරිපථයක ඇති ට්‍රාන්සිස්ටර් එකක බේස් කරන්ට් වෙනස් වීමක් නිසා පිටවන වෝල්ටීයතාවය 1v සිට 2 v දක්වා උනත් වෙනස් වෙන්න පුළුවන්. ඒ වෙනස හොඳටම ඇති සුරුස් ගාලා බල්බ් ටික පිච්චිලා යන්න.
ii. වෝල්ටේජ් රෙගිව්ලේටරයක් දැම්මා නම ගොඩනේ කියාවි මේ ටික දැකපු හැටියේ. එහෙම දෙයක් කරනවා නම් වොට් 3 - 12 පමණ වෙන රෙගිව්ලේටරයක් හෝ රෙගිව්ලේටර පද්ධතියක් , ට්‍රාන්ස්ෆෝමර් එකක් ඕනේ. ( නැත්නම් smps එකක් ඕනේ.මේ ගැන පසුව කියන්නම් ). දැන් ඔය ඔක්කෝම දාලා හදන්න කීයක් යනවද?මෙන්න මේ නිසයි හදන්න කළින් හදපු එක්කෙනෙක්ගෙන් අහන්නේ හදන්නද/එපාද / වැඩ කරාද/ගැටළුවක් ආවද කියලා. මොරටුවෙන් ආව එන්ජිනියර් කෙනෙක් උනත් මෙහෙම දෙයක් ගැන අහනවා 8 වසරේ පොඩි ළමයෙක්ගෙන් උනත්..එය ලැජ්ජාවට කරුණක් නෙවේ. මොකද පළපුරුද්දෙන් ලත් අද්දැකීමක් වටිනවා.
iii.මේ සේරම කරලත් බල්බ් ටික ටික දවසකින් ඩිම් උනොත්මොකද කරන්නේ? මෙන්න මෙතැනදී තමයි මිළ කියන සාධකය එන්නේ. රුපියල් 400 ක් විතර වියදම් කරන්න ඕනේ ප්‍රමාණවත් එළියක් ගන්න පුළුවන් වෙන විදිහේ බල්බ් එකක් හදන්න. LED ටිකටම ඇතැම් විට 300 කට වැඩිය යන්න පුළුවන්. මොන වර්ගයේ බල්බ්ද ගන්න ඕනේ කියලා මෙතැනදී නම් අනිවාර්යෙන්ම පළපුරුද්ද ඇති කෙනෙක්ගෙන් අහන්නම ඕනේ! නැත්නම් වෙන්නේ සියලු මුදල් වතුරේ යෑම.
iv. ඔය මම කිව්වේ මීට වසර 3 , 4 කට කළින් තත්වය.අද වෙද්දී නම් කෙළින්ම සුරුස් ගාලා හදන්න පුළුවන් කිට්ම තියෙනවා. ඉස්සර අපි මේවා හැදුවේ ආසාවට මිසක් ආර්ථික ලාබයක් බලාගෙන නෙවේ. කෙනී පවා ඒවා කලේ ආසාවට පමණයි. අපි ඉස්සර කරපු දේවල් පවා සූක්ෂ්මව " මහ ලොකු ඉන්ජිනියර් LED එකක් හයි කරගන්න දන්නේ නැද්ද " කියලා මඩ ගැසීමේ අරමුණින් යොදාගෙන තිබුණේ ඔහොමයි මට CEO ලේබලේ ගහලා. CEO ලේබලේ පයිලට් ලේබලේ එන්ජිනියර් ලේබලේ ගැහුවේ මෙන්න මෙහෙම දේකට යොදා ගන්නයි මේ මිනිස්සු. මහා ලොකු ඉන්ජිනියර් ඕවා දන්නේ නැද්ද කිව්වම වැඩේ ඉවරයි කියලා හිතන්! අනතුරට පත් පයිලට් කෙනෙක් ගැන ගුවන් හමුදා මූලස්ථානයේ ඇති තොරතුරු Google මගින්හෙව්වෙත් මේ මිනිස්සුමයි. තේරෙනවනේ සිඟිති විනෝදයේ තරම. ගුවන් හමුදා මූලස්ථානයේ ඇති දේවල් පවා ගූගල් වලින් හොයන්න යන මිනිස්සු ගැන කලබල වෙන්න එපා.
v. එහෙනම් කොහොමද CFL , අලුත් LED බල්බ ලස්සනට හදලා එවන්නේ? ඒවට යොදාගන්නේ smps කියන ක්‍රමය වෝල්ටීයතාවය පාලනය කරන්න. smps පරිපථයක් සාමාන්‍ය ගෙදර දොරේදී හදාගන්න එක සුදුසු නැහැ. හදන්න ගිහින් වෙන සුළු වැරද්දකින් වෝල්ට් 100 විතර එන්න පුළුවන් එක මොහොතේන්. අන්තිමට ජීවිතත් නැති වෙලා ඉවර වෙන්න පුළුවන්. හරි හමන් බඩු මුට්ටු වලින් විතරයි smps හදන්න ඕනේ. මහා පරිමාණයෙන් බල්බ් නිපදවන ආයතනයක් තුළ smps වර්ගයේ වෝල්ටීයතා පාලකයක් ඉතා අඩු පරිශ්‍රමයකින් හදන්න පුළුවන් වගේම ඔවුන් යොදාගන්නෙත් smps වර්ගයේ ඒකකමයි. මහා පරිමාණයෙන් කරද්දී එවැනි දේවල් ඉතාම ලේසියෙන් හදන්න පුළුවන්. වර්තමානයේ එන බොහෝ විදුලි උපකරණ වල වෝල්ටීයතාවය පාලනය කරන්නේ smps මගින්. හැබැයි අපිට නිකම්ම ගෙදරදී ඒවා කරන්න බැහැ.මේ ලිපිය smps ගැන නොවෙන නිසා දැනට මෙතනින් නවත්තනවා.
vi.ඉස්සර ඇම්ප්ලිෆයර් හදන ආසාව තිබුණ අය දන්නවා ඇති කොච්චර නම් STK සර්කිට් හොය හොයා ගියාද කියලා. බැහැ බැහැ ඕක නෙවේ මචන් මේක හදමු කිය කියනවා. ඒක හදන්න එපා බේස් නැහැ කියනවා තව කෙනෙක්. අපෝ IC එක පිච්චෙනවා රත් වෙලා කියයි තව කෙනෙක්. එදා ලබපු හුරුව අදට උනත් දෙයක් කරද්දී අපි කා තුළත් තියෙනවා.දෙයක් කරන්න කළින් අපි අහනවා. එවැනි දේවල් පවා සමච්චලයට ගන්න අය තමයි ඉන්නේ තමන්ගේ සිඟිති සතුටක් වෙනුවෙන්. බව්ත්( ඊයම් පෑස්සුම උපකරණයක්) එකක් අතින් අල්ලා නැති අය මම වීඩියෝ වලින් දාපු දේවල් අරන් කියපු දේවල් වල මට්ටම දකිද්දී මට අනුකම්පාවක් ඇති වුනා ඔවුන් ගැන.හැබැයි ඒ අය සිඟිති සතුටක් ගද්දි විශය ගැන වැටහීමක් තියෙන කෙනාට තේරෙනවා කව්ද බොරු කාරයා කව්ද මඩ කාරයා කියන දේ.
vii. ඔය තරම් සෙල්ලම් කරන වෙලාවේ වර්තමානයේ කඩේ තියෙන බල්බ් එකක් 500 ක් දීලා ගෙදර ගේන එක තමයි ලේසි. CFL බල්බ් එකක් දාන එක ඊටත් ලේසියි. ආසාවට දෙයක් හැදීම සහ කඩෙන් ගේන එක කියන්නේ දෙකක්. සර්කිට් පිස්සුව තියෙන අය දන්නවා ඇති කොච්චර සල්ලි වියදම් කරන් මේවා කරලා ඇතිද කියන දේ. සර්කිට් එකක පාත් එකක් ෂෝට් වෙලා තිබ්බොත් සියල්ල ඉවරයි. එක ඊයම් ඩොට් එකක් වැරදියට තියලා තිබ්බොත් සියල්ල ඉවරයි. කම්බි කෑල්ලක් වෙන කොහේ හරි ගෑවිලා තිබ්බොත් ඉවරයි.අද්දැකීම් නැති කෙනෙකුට නම් මේවා වචන විතරයි. අරහෙන් දාලා මෙහෙන් ගත්තා කියයි. හැබැයි කරලා බලන්න ඕනේ තියෙන අමාරුව.
මට තියෙන ගැටලුව අච්චර මට මඩ ගහන්න දරපු මහන්සියෙන් මිනිහෙකුට වැදගත් දෙයක් කරා නම් කොච්චර වටිනවද? චන්ද්‍රිකා ගැන තව කරුණු ටිකක් අර වීඩියෝ එකෙන්ම අරගෙන ලිව්වා නම් කොච්චර වටිනවද ?ටෙස්ලා කාර් එක ගැන තව විස්තර ටිකක් ඒ වීඩියෝ එකෙන් බලලා ලිව්වා නම් කොච්චර වටිනවද? ඩොලර් 170 එහෙම නැත්නම් රුපියල් 20,000 කට ආසන්න වෙන මුදලක් වියදම් කරලා ඇණයක් හදන්නේ ඇයි කියල ලිව්වා නම් කොච්චර වටිනවද ?
කිසි කෙනෙක් බය වෙන්න එපා.ඒ සියලු දේ ගැන මම ලියනවා ඕනෙම පොඩි ළමයෙකුට උනත් තේරෙන විදිහට මට පුළුවන් විදිහට සහ මට ඇති අවබෝධයෙන්, වැරද්දක් තිබ්බොත් නිවැරදි කරන්න ඔබ විසින්. මට කාලය දෙන්න. මොකද මට කරන්න වැඩ තියෙනවා එදිනෙදා ජීවිතය තුළදී.අනිත් අයට වගේ අනුන්ගේ රෙදි අස්සේ රිංග රිංග ඉන්න නම් වෙලාවක් නැහැ.ඒ නිසා සතියට දෙකට පෝස්ට් දාන්න මට බැහැ.
06. මේ බ්ලොග් අවකාශය තුළදී මම ඉතාම සුහදව ඉන්න බව දැකලා ඇති. අනික් අයට කරන්න පුළුවන් උදව්වක් තිබ්බොත් මම ඒක කරනවා. කිසිම කෙනෙක් එක්ක ලොකු කමින් ඉඳලා නැහැ. හැබැයි බලු වැඩ කරන බල්ලන්ට සහ ඔවුන්ගේ ස්ත්‍රී පක්ෂයේ අයට මම කියන්න ඕනේ දේ කෙළින්ම කියනවා. මම හැමදාම කියන දෙයක් තමයි මට මෙතනින් කාගේ වත් චරිත සහතික වැඩක් නැහැ. මූණට එකක් කියන පස්සට තව එකක් කියන අයව මට කොහෙත්ම වැඩක් නැහැ. මම මිනිස්සුන්ට උදව් කරපුවා , වචනෙකින් හෝ සහය දීපුවා , LTTE යට විරුද්ධව කතා කරපුවා , අන්තිම තිරිසන් ලෙස හිමි නමක් විවේචනය කරද්දී එයට විරුද්ධ වූ දේවල් , රට ගැන කතා කරපු දේවල් අද කාටවත් මතක නැහැ.
උදිත මීගහතැන්න මම උපාලි මැස්ඩා ලිපිය දාපු වෙලාවේ කිව්වා " සහන් ඔබ මගේ ලේ සොයුරෙක් හැටියට පිළිගන්නවා අදින් පසු" කියලා .. අනේ මෙන්න සති දෙක තුනක් යද්දී උදිත මගේ නෝනව ඉල්ලනවා ලිංගිකව සතුටු වෙන්න. ඊටත් පස්සේ මට පිස්සු ලේබලේ ගහලා තිබ්බා..
ලේ සොයුරා කියපු කෙනාම මගේ නෝනා සමග හිතින් ලිංගිකව එකතු වී මට පිස්සු ලේබලේත් ගැහුවා. !
ඔන්න ඕකයි මේ බ්ලොග් කලාවේ හැටි.තව මහත්තුරු සහ නෝනලා සෑහෙන පිරිසක් ඉන්නවා මෙහෙම කරපු.මට ඒ සියලු දෙනාවම මතකයි හොඳ හැටි. හැබැයි මම ඔබේ තත්වයට වැටෙන්නේ නැහැ. සහන්ට ඇති තෙක් කතා හදන්න. පද බඳින්න. බොරු ගොතන්න. සත්‍ය බොරුවලෙස පෙන්වන්න. මට කිසිම ගැටළුවක් නැහැ. මට ඔබේ චරිත සහතික වැඩක් නැහැ.
07. හිට්ස් ගැන මට ඇති ආසවක් නැහැ. අඩුම තරමේ හිට්ස් 100,000 වෙනුවෙන් වත් මට පෝස්ට් එකක් දාන්න විවේකයක් ලැබුණේ නැහැ. නිකන් කුණුහරප ලියලා හිට්ස් වැඩක් නැහැ.. කෙනෙකුට දෙයක් ඉගෙන ගන්න පුළුවන් යමක් දීම ඇර මට වෙන උවමනාවක් නැහැ. මම මේ ඔක්කෝම දන්නේ නැහැ අකුරක් නෑර .මට පුළුවන් විදිහට ලියනවා මිසක් සහ මම නොදන්නා දෙයක් නිහතමානීව අසා දැනගන්නවා මිසක් . හැබැයි මට තේරෙනවා වැරදි හොයන්න එන අය සහ සද්භාවයෙන් ගුණ දොස් කියන අයගේ වෙනස. මට වෙනස හොඳට තේරෙනවා .
මම මේ ටික හරි ලිව්වේ විචාරක තුමා සහ කෙන්ජි අයියා ඇතුළු වෙනත් ළඟම කීප දෙනෙක් කියපු නිසා පමණයි. ලියනවා නම් තව සෑහෙන දේවල් ලියන්න පුළුවන් නම් ගම් පටලලා. ඒත් මට එහෙම කරන්න ඕනේ නැහැ. මේ එක්කම ඉතින් අනිත් අය දාලා තියෙන අනුන් නොමග යවන කරුණු සහිත ලිපි වල නම් නිරුවත මම හෙළි කරනවා ඔවුන්ගේ කැරැට්ටුව එක්කම ඊළඟ පෝස්ට් එකකින්.
08. සහන් කියන කෙනා පුද්ගලික දුරකථන අංකයකින් කතා කරලා තියෙන්නේ 4 දෙනෙක් සමග පමණයි. ඒත් වාර දෙකකට වඩා අඩුවෙන්. මම කිසිම කෙනෙකු සමග කිසිම ගණුදෙනුවක් , මුදල් හුවමාරුවක් කරලා නැහැ. අනිත් මෝඩයෝ එවැනි දේවල් කරගෙන රට පටලා ගත්තට අපිට කරන්න දෙයක් නැහැ. රට වටේ ඇනෝ කමෙන්ට් දදා ගියාට සල්ලි හම්බෙන්නේ නැහැ. හිතේ දුකට අනිත් මිනිස්සුන්ට මඩ ගැහුවට වැඩක් වෙන්නේ නැහැ. මේවා සිඟිති ආතල් විතරයි. බොරු ගෙතුවට අපිට කිසිම හානියක් වෙන්නේ නැහැ.
ඔහුගේ ප්‍රෝෆයිලයෙන්ම " සහන්ගේ නෝනා ගියපු තැනටම ඔයත් යාවි මොළේ නහරයක් පුපුරලා " වගේ කතාවක් කියලා තිබ්බා මම ලියපු කොරල් මාලිගාව පෝස්ට් එකේදී.. ඔහුම කියනවා "අපි වෙඩි තියන්නේ සීනි දාලා. කූඹි කාලා මැරෙන්න " කියලා..බලන්න කොච්චර අඳබාල කතාද ඒ ..? මම නම් O/L කාලේදී වත් ඔහොම කතා කියලා නැහැ. මෙවැනි මානසික රෝගීන් කරන දේවල් ගැන කලබල වෙන්න එපා.
( අර අනික් මානසික රෝගියා ගැන නම් කීමත් නිෂ්ඵලයි.මගේ වචන අපරාදේ )
ඒ වගේම සියලු දෙනාට කියන්න ඕනේ ඉන්දික උපශාන්ත වැනි තිරිසන් මඩ බ්ලොග් කරුවන්ට බය වෙන්න එපා. ඔවුන්ට කරන්න පුළුවන් දේ ටිකයි. ඒ බැරි උනාම මට වගේ තිරිසන් කතා හදලා ඇනෝ කමෙන්ට් ටිකක් දායි මාසයක් දෙක තුනක් යනකම්. එවැනි ගෑණු ගැන කලබල වෙන්න එපා. එවැනි දේවල් දැක්ක තැන විරුද්ධ වෙන්න.මොකද සිංහල බ්ලොග් අවකාශය කියන්නේ රැකගන්න ඕනේ දෙයක්.මේක කාගෙවත් බූදලයක් නෙවේ.මේකේ කව්රුත් ලොක්කෝ , පකීර්ලා නැහැ. බල්ලෝ බිරුවට කඳු හෙල්ලෙනේ නැහැ. ඒ වගේම නිවට කොන්දක් නැති එහෙයියෝ කියන ඒවා ගණන් ගන්නත් එපා. උන් ටිකත් පරිස්සම් පිට ඉන්න.
සහන්ට තිබුණ හයිය ඔබට නැති වෙන්න පුළුවන් මෙහෙම දේකට තනියම මුහුණ දෙන්න. ඔබට කවදා හරි මේ බල්ලෝ බලු කතාවක් කිව්වොත් සහන් උත්තර දීපු හැටි මතක් කරගන්න. කෙන්ජිත් මේ වැඩේ කරාවි. බල්ලෙක් දැක්ක තැන ඔවුන්ගේ ගමන නවත්තන්න. නැත්නම් වෙන්නේ පළාතම විනාශ වෙන එක. සිංහල බ්ලොග් යනු එකාට එකා මරාගන්න තැනක් කියලා ලේබල් වැදීම සහ වැදගත් මහත්මා ගති ඇති අය මෙයින් ඉවත් වීම. මෙවන් පහත් මඩ බ්ලොග් හිමියන්ගේ අරමුණත් ඒකමයි. මෙතනට වෙලා කුණුහරප කියමින් සිඟිති සතුටක් ලැබීම.
මේ ලිපි නම් මඩ පෝස්ට් වගේ FB තුළින් , චැට් තුළින් , ස්කයිප් තුළින් යන එකක් නැහැ. ලින්ක් ෂෙයාර් වෙන එකකුත් නැහැ.
ලෝකයටම විරුවෙක් වූ කෙනෙකුට කළ දේ සහ රටේ ඉහළම තනතුරට මහ දවල් හූ කීම කලෙත් මේ මිනිස්සුමයි. සිංහල ජාතිය ගැන ආදරයක් ඇති නම් දැන් වත් හරි තීරණයක් ගන්න. මඩ කරුවන් සමග පල් වෙනවාද ? ඔවුන්ගෙන් බැහැර වෙනවාද?
July 25, 2013
ළන් වීමක මිහිර .
ජීවිතයේ අනේක අවස්ථාවන්හීදි යම් පුදගලයින් හා කතා බහ කිරීමටත් , එක්ව රාජකාරි කරන්නටත් සිදු වේ. ඇතැමුන් තුළින් කිසිදු විශේෂයක් පිළිඹිබු නොවූවද , ඇතැමුන් අපටත් හොරා අප සිත් පැහැරගන්නා අවස්ථා මා ජීවිතය තුලදී අද්දැක ඇත. විටක ඔවුන්ගේ ගුප්ත හැසිරීම අප සිත් සොරා ගනී , තවත් විටක ඔවුන්ගේ කතා විලාසය අප සිත් සොරා ගනී. රාජකාරීමය වශයෙන් හමුවුවද ඇතැම් අය අපටද නොදැනී ජීවිතයම වෙලා ගනී. රාත්‍රී නිදි යහනේ සිටින නොයෙක් වර එවැන්නන් ගැන කල්පනා කරන වාර අනන්තය. කිසිදු අගක් මුළක් සිතා ගැන්මට නොහැකිව " මැදක් " පමණක් ඉතිරිව තිබියදී ඔවුන් සැඟවී හමාරය. කොහි සිට ආවෙහිද , කොහි යන්නේදැයි සිතා ගැනීමට තබා ඔවුන් මෙහි කුමක් කරනේදැයි යන්නවත් සිතා ගැනීම පෙහේළිකාවකි.
ඈ යුරෝපයේ පදිංචිකාරියකි. හැඩකාරියකි. නිතර වෙනස් වන සුළු ලෝකය සමග මනාව ජීවිතය හැඩගස්වා ගන්නියකි. එහෙත් එහෙත් එහෙත් ඈ තුළින් හෙළි නොවන යම් දෙයක් ඇත. ඇගේ ජීවිතයෙන් පුරා වසර 8 පමණ කාලයක් සම්පූර්ණ හිඩැසකි . ඒ ගැන මතකයන් අලුත් වන සෑම විටකදීම ඇගේ හැසිරීම් මා නිරීක්ෂණය කර ඇත. ඈ මටත් සඟවා හෙළන සුසුම් දැනෙන්නට තරම් මාද ඇයට ලංවී හමාරය . ඇයටද නොදැනී ඇයව වෙනත් ලෝවකට ඇදී යන සැටි , තත්පර 20 කට පමණ පසු මතකයෙන් නික්ම මා දෙසට හැරී " ඉතින් ශාන් කියන්න " කියමින් වෙනත් මාතෘකාවක් මා හා මුල පුරයි.
ඈ අපහසුතාවයට පත් විය හැකි යැයි සිතා ඇගේ සුසුමට හේතුව මෙතෙක් විමසා නැත. එහෙත් ඇය ගැන මතකයන් සමඟ රෑ නිදි යහනේ තනි වන මගේ සුසුම් හඬ දැන් දැන් මටද බරක් , අපහසුවක් ගෙනෙන්නට වේ.
හොර රහසෙන් මා ඇයව තේරුම් ගැනීමට පෙළඹි සිටින්නේ මේ නිසාය. සිතේ කොණක අගුලු ලා ඇති අතීතයක් යලි ඇවිස්සීම යනු තුවාලයක් පෑරීමක් බඳුය. එසේ පෑරීමෙන් පසු නිසි අවධානයකින් ප්‍රතිකාරයක් නොලදහොත් ලේ විලක් මැදම ඈ දිවි නිමා කරණු ඇත. ඉතින් පැසවූ තුවාලය රෙදි පටියකින් බැඳ සඟවා ගනිමින් හැකිතාක් කාලයක් ජීවත් වීම වටි යැයි ඈ සිතනවා විය හැකිය. අනිවාර්යෙන්ම මේතාක් කාලය පුරා අමිහිරි අද්දැකීම් තුළින් ඇගේ තුවාලය පෑරුණු වාර ගණන අනන්ත විය යුතුය.
July 22, 2013
රහතන් වහන්සේ නමක් ඒහි භික්ෂු භාවයට පත් කරන්නේ ඇයි ? කල නොහැකි අවස්ථාවන් .
බොහෝ දෙනා පිංකම් වලදී අටපිරිකරයන් පූජා කර ඇති. එහෙත් මෙයින් ලැබෙන ආනිසංස ගැන වැටහීමක් නැතිවා වන්නට පිළිවන. ඒ නිසා මෙම සටහන තැබීමට සිතුවෙමි. බෞද්ධ ආගමිකයන්ගේ එකම අරමුණ නිර්වාණය සක්ෂාත් කරගැනීමයි. එනම් බුද්ධත්වය , පසේ බුද්ධත්වය , රහත් යන බෝධීන් තුනෙන් එකකට පත් වීමෙනි. වැඩි දුර කතාබහ කිරීමට ප්‍රථම ඒ ගැන සුළු අවබෝධයක් ලබාගත යුතුය.
බුද්ධත්වය.
ලොව්තුරා බුදුන් වහන්සේ නමකට තමා විසින්ම දුක , දුක ඇති වීමට හේතුව , දුකින් එතෙර වීමේ මග අවබෝධ කොටගෙන , දුකින් නිරෝධනය වීමට හැකියාවක් ඇත්තා සේම ; ධර්මාවබෝධය ලැබීමට පෙරුම්පුරා පැමිණෙන ඕනෑම කෙනෙකු හට ( ත්‍රිහේතුක ප්‍රතිසංදියක් ඇත්තෙකු හට ) නිර්වාණය සඳහා කරුණු කාරනා අවබෝධ කරවීමට හැකියාව ඇත. එකිනෙකාගේ බුද්ධි මට්ටම තේරුම් ගෙන ඉලක්කගතව ඒ ඒ පුද්ගලයාට කරුණු පැහැදිළි කිරීමේ හැකියාව ඇත. ( එකිනෙකාගේ බුද්ධි මට්ටම තේරුම් ගෙන ඉලක්කගතව කරුණු පැහැදිළි කිරීමේ හැකියාව සිව්පිලිසිඹියාපත් රහතන් වහන්සේ නමකටද ඇත )
පසේ බුද්ධත්වය.
පසේ බුදුන් වහන්සේ නමකට තමා විසින්ම දුක , දුක ඇති වීමට හේතුව , දුකින් එතෙර වීමේ මග අවබෝධ කොටගෙන , දුකින් නිරෝධනය වීමට හැකියාවක් ඇත්තා වුවද වෙනත් කිසිදු කෙනෙකු හට එම ධර්මය අවබෝධ කරවීම සඳහා කරුණු කාරනා පැහැදිළි කර දීමේ හැකියාවක් නැත ( සරළම පැහැදිළි කිරීම ) . එහෙත් සාමාන්‍ය පෘතග්ජන පුද්ගලයන් හට පවින් වැළකීමේ ආනිසංස , යහමගට ඒමේ ආනිසංස වැනි දේ ගැන කරුණු වටහා දීමේ සමත් කම් ඇත. ඒ ඇරුණුකොට සමස්ථ ධර්මස්කන්ධයම සිතේ ධාරණය කරගනිමින් එකින් එක අවශ්‍ය ස්ථානයේදී ගැළපෙන ලෙස ලිහා දීමට පසේ බුදුන්වහන්සේ කෙනෙකුන් හට බැරිය. ( පසේ බුදුවරුන් ගොළු වේ වැනි මනස්ගාත ඇත්නම් එය ඉවත් කරගන්න ) ..
රහතන් වහන්සේ.
ලොව්තුරා බුද්ධත්වයට පත් වහන්සේ නමකගෙන් ධර්ම කරුණු එකින් එක අසා දැනගනිමින් නිර්වාණ මගට පත් වේ ( රහත් ඵලයට ). එසේම වෙනත් අයටද නිර්වාණාවබෝධය සඳහා ධර්ම කොටස් එකින් එක වෙන් කර දීමේ හැකියාව ඇත. එසේම සිව්පිලිසිඹියාපත් රහතන් වහන්සේ නමකට මීටත් වඩා හැකියාවන් ප්‍රමාණයක් පොදුවේ හිමි වේ. ( භාෂා සියයක් කතා කිරීමේ හැකියාව , අසූහාරදහසක් වූ ධර්මස්කන්ධය ධාරණය කරවීමට සමත් බුද්ධියක් , පුද්ගලයෙකුගේ චෛතසිකයන් නිවැරදිව හඳුනාගැනීමට ....... , ........ , අර්ථ, ධර්ම, නිරුක්ති, පටිභාන පටිසම්බිදාන ඥානයන් ආදී වශයෙන්. ඒ ගැන වෙනත් ලිපියකින් ) එසේම සංසාරයේ පුරණා ලද පාරමී අනුව රහතන්වහන්සේලා අතර එකිනෙකට දෙවෙනි නොවන්නා වූ හැකියාවන් ඇති රහතන් වහන්සේලාද පහල වේ. උදාහරණයක් :- ඍර්ධි ලාබීන්ගේ අග්‍රස්ථානය මුගලන් තෙරුණුවන් වන විට , බුද්ධිමත් රහතන් වහන්සේලා අතරින් අග්‍රස්ථානය සැරියුත් තෙරණුවන් වේ. ( මේවා වෙන වෙනම පැහැදිළි කල යුතු කරුණු වේ )
රහත් භික්ෂූන් වහන්සේගේ පැවැත්මෙහි අවශ්‍යතාවය.
බුද්ධශාසනයේ පැවැත්ම සඳහා බුදු කෙනෙකුට පමණක් දෙවෙනි වන්නා වූ මෙහෙයක් ඉටු වන්නේ රහතන්වහන්සේලාගේ අතිනි. පරපුරෙන් පරපුරට ධර්මය පවත්වාගෙනයාම , ධර්මය සොයා එන්නන් හට ධර්මය වටහාදීම , ඇති වන ගැටලුසහගත තැන් නිරවුල් කර දීම , අනාගතය උදෙසා ධර්මය ආරක්ෂා කිරීම ආදී වශයෙන් බොහෝ උත්තම කාර්යන් රාශියක් රහතන්වහන්සේලා අතින් ඉටු වේ.
බුද්ධඃප්‍රමුඛ මහා සංඝයා සහ ගිහි දායක-දායිකාවන්ගේ සභාගීත්වයෙන් බුද්ධශාසනයේ මූලික පැවැත්ම සිදු වේ. බුදු කෙනෙකු විසින් අවබෝධ කරගන්නා වූ ධර්මය අසා දැනගෙන , ඒ මගෙහි යන්නෙකු අවසානයේදී රහත් ඵලයට පැමිණෙන බව ඉහත සඳහන්. යම් කිසි භික්ෂුවක් භික්ෂූත්වයේ සිටියදී රහත් ඵලයට පැමිණියේ නම් , එම භික්ෂුව රහත් භික්ෂුවක් බවට පත් වේ.
එහෙත් යම් කිසි අයුරකින් ගිහි ස්වභාවයෙන් සිටියදීම අයෙක් බුදු කෙනෙකු ඉදිරියේ ධර්මය අවබෝධ කර රහත් භාවයට පත් වූයේ නම් එම රහතන් වහන්සේට ඒහිභික්ෂුභාවයෙන් පැවිදි උපසම්පදාව ලබා දිය යුතුය. කිසිදු ගිහි රහතන්වහන්සේ නමකට ගිහි ස්වරූපයෙන් පැවැත්මක් ගෙන යා නොහැකිය. එම නිසා බුදුන්වහන්සේ විසින් එම රහතන්වහන්සේව ඒහිභික්ෂූභාවයට පත් කරලනු ලබයි. නැතහොත් නියත වශයෙන්ම පිරිනිවන් පෑමට පැමිණේ!
( මෙයින් පහතට ඇති කොටස් සඳහා නියමිත අයුරින් ගෞරව පදයෙන් ඇමතීම යෙහෙකි. කළේය = කල සේක ආදී වශයෙන් )
ඒහි භික්ෂුභාවය යනු බුදුන් විසින් දකුණු අත දිගු කර " මහණ මෙහි එව " යනුවෙන් ආමන්ත්‍රණය කරමින් එම භික්ෂුවට තමා අභිමුඛයට පැමිණීමට අණ කිරීමයි ( යුධ සේවයේ වැනි අණ දීමක් නොවේ ) . එවිට හිස් රැවුල් බෑවී , පාත්‍රා සිවුරු පහළ වී බුදු පා මුලට පැමිණේ.
ඒහිභික්ෂුභාවයට පත් කිරීමට සිදු වූ අවස්ථාවක්.
දිනක් අප ගෞතමයන් වහන්සේට වඩින මගදී ඇතෙකු පිට යන තරුණයෙක් දකින්නට ලැබෙනවා. මේ තරුණයාද බුදුන් දුටුවනම බුදුන් වහන්සේට වැඳ ආචාර කොට නික්මෙනවා. ඔහු පිටව ගිය පසු බුදුන්වහන්සේ විසින් මද සිනහවක් පහල කළේය. බුදුවහන්සේගේ වෙනස් වීම දුටු සැරියුත් මහා රහතන්වහන්සේ විසින් සිනහා පහල කිරීමට හේතුව විමසුවේය.
" පිංවත් සාරිපුත්තය ඔබ මේ දුටු තරුණයා අද සවස් වීමට ප්‍රථම රහත් භාවයට පත් වනවා. ඒ බැව් දැනගෙන මට සිනහා පහල විය " යනුවෙන් වදාලේය . එවිට සියලු භික්ෂු පිරිසද සාදු කාරයක් දී එය අනුමත කළෝය.
කී පරිදිම සවස් යාමය එළඹීමත් සමග යට කී තරුණ තෙම බුදුන් දැකීමට ආරාමයට පැමිණියේය. පැමිණ එකත්පසව හිඳ බුදුන්වහන්සේ සමග තමා පැමිණි කාරණය මෙසේ එළි කර සිටියේය. ( පහත දක්වා ඇත්තේ වාචික භාෂාවෙන් බව සළකන්න )
ස්වාමීන්ද්‍රයන්වහන්ස මා නමින් සංතතික. මා අසවල් රජුගේ ප්‍රධාන ඇමති තෙම වේ. රාජ්‍යයේ බොහෝ උවමනා එපාකම් ඉටු කරන්නේ මා විසින්. විදේශයන් වෙතින් යුද්ධයන් පැමිණෙන විට රජු මගේ පිහිට පතයි.
" සංතතික අසවල් රටෙන් යුධ ප්‍රකාශ කර තිබෙනවා අනේ අපව බේරා දෙන්න " යැයි රජු මා හමුවට පැමිණ කියයි. එවිට මම වහා මගේ චරපුරුෂ උපක්‍රමයන් භාවිතා කර රට ගලවා ගනී. කාලයක් ඉක්ම ගිය තැන නැවතත් රජු මා හමුවට පැමිණ " සංතතික අසවල් රටෙන් යුධ ප්‍රකාශ කර තිබෙනවා අනේ අපව බේරා දෙන්න " යැයි කියයි. එවිට නැවතත් මම වහා මගේ චරපුරුෂ උපක්‍රමයන් භාවිතා කර රට ගලවා ගනී. මෙයාකාරයෙන් මම නිහඬව , සියලු ප්‍රයෝගයන් භාවිතා කරමින් රට ආරක්ෂා කරයි. මෙලෙස කාලයක් ඉක්ම ගිය තැන ඉතා විශාල ආක්‍රමණයක් පැමිණියා. එවිටද රජු මා හමුවට පැමිණ " අනේ සංතතික මෙවර ඉතා බැරෑරුම් ප්‍රශ්නයක් ඇති වී තිබෙනවා. අප රාජ්‍ය වුවද වැනසී යා හැකිය . ඒ නිසා අපව බේරා දෙන්න " යැයි ඉල්ලා සිටියා.
බුද්ධත්වය.
ලොව්තුරා බුදුන් වහන්සේ නමකට තමා විසින්ම දුක , දුක ඇති වීමට හේතුව , දුකින් එතෙර වීමේ මග අවබෝධ කොටගෙන , දුකින් නිරෝධනය වීමට හැකියාවක් ඇත්තා සේම ; ධර්මාවබෝධය ලැබීමට පෙරුම්පුරා පැමිණෙන ඕනෑම කෙනෙකු හට ( ත්‍රිහේතුක ප්‍රතිසංදියක් ඇත්තෙකු හට ) නිර්වාණය සඳහා කරුණු කාරනා අවබෝධ කරවීමට හැකියාව ඇත. එකිනෙකාගේ බුද්ධි මට්ටම තේරුම් ගෙන ඉලක්කගතව ඒ ඒ පුද්ගලයාට කරුණු පැහැදිළි කිරීමේ හැකියාව ඇත. ( එකිනෙකාගේ බුද්ධි මට්ටම තේරුම් ගෙන ඉලක්කගතව කරුණු පැහැදිළි කිරීමේ හැකියාව සිව්පිලිසිඹියාපත් රහතන් වහන්සේ නමකටද ඇත )
පසේ බුද්ධත්වය.
පසේ බුදුන් වහන්සේ නමකට තමා විසින්ම දුක , දුක ඇති වීමට හේතුව , දුකින් එතෙර වීමේ මග අවබෝධ කොටගෙන , දුකින් නිරෝධනය වීමට හැකියාවක් ඇත්තා වුවද වෙනත් කිසිදු කෙනෙකු හට එම ධර්මය අවබෝධ කරවීම සඳහා කරුණු කාරනා පැහැදිළි කර දීමේ හැකියාවක් නැත ( සරළම පැහැදිළි කිරීම ) . එහෙත් සාමාන්‍ය පෘතග්ජන පුද්ගලයන් හට පවින් වැළකීමේ ආනිසංස , යහමගට ඒමේ ආනිසංස වැනි දේ ගැන කරුණු වටහා දීමේ සමත් කම් ඇත. ඒ ඇරුණුකොට සමස්ථ ධර්මස්කන්ධයම සිතේ ධාරණය කරගනිමින් එකින් එක අවශ්‍ය ස්ථානයේදී ගැළපෙන ලෙස ලිහා දීමට පසේ බුදුන්වහන්සේ කෙනෙකුන් හට බැරිය. ( පසේ බුදුවරුන් ගොළු වේ වැනි මනස්ගාත ඇත්නම් එය ඉවත් කරගන්න ) ..
රහතන් වහන්සේ.
ලොව්තුරා බුද්ධත්වයට පත් වහන්සේ නමකගෙන් ධර්ම කරුණු එකින් එක අසා දැනගනිමින් නිර්වාණ මගට පත් වේ ( රහත් ඵලයට ). එසේම වෙනත් අයටද නිර්වාණාවබෝධය සඳහා ධර්ම කොටස් එකින් එක වෙන් කර දීමේ හැකියාව ඇත. එසේම සිව්පිලිසිඹියාපත් රහතන් වහන්සේ නමකට මීටත් වඩා හැකියාවන් ප්‍රමාණයක් පොදුවේ හිමි වේ. ( භාෂා සියයක් කතා කිරීමේ හැකියාව , අසූහාරදහසක් වූ ධර්මස්කන්ධය ධාරණය කරවීමට සමත් බුද්ධියක් , පුද්ගලයෙකුගේ චෛතසිකයන් නිවැරදිව හඳුනාගැනීමට ....... , ........ , අර්ථ, ධර්ම, නිරුක්ති, පටිභාන පටිසම්බිදාන ඥානයන් ආදී වශයෙන්. ඒ ගැන වෙනත් ලිපියකින් ) එසේම සංසාරයේ පුරණා ලද පාරමී අනුව රහතන්වහන්සේලා අතර එකිනෙකට දෙවෙනි නොවන්නා වූ හැකියාවන් ඇති රහතන් වහන්සේලාද පහල වේ. උදාහරණයක් :- ඍර්ධි ලාබීන්ගේ අග්‍රස්ථානය මුගලන් තෙරුණුවන් වන විට , බුද්ධිමත් රහතන් වහන්සේලා අතරින් අග්‍රස්ථානය සැරියුත් තෙරණුවන් වේ. ( මේවා වෙන වෙනම පැහැදිළි කල යුතු කරුණු වේ )
රහත් භික්ෂූන් වහන්සේගේ පැවැත්මෙහි අවශ්‍යතාවය.
බුද්ධශාසනයේ පැවැත්ම සඳහා බුදු කෙනෙකුට පමණක් දෙවෙනි වන්නා වූ මෙහෙයක් ඉටු වන්නේ රහතන්වහන්සේලාගේ අතිනි. පරපුරෙන් පරපුරට ධර්මය පවත්වාගෙනයාම , ධර්මය සොයා එන්නන් හට ධර්මය වටහාදීම , ඇති වන ගැටලුසහගත තැන් නිරවුල් කර දීම , අනාගතය උදෙසා ධර්මය ආරක්ෂා කිරීම ආදී වශයෙන් බොහෝ උත්තම කාර්යන් රාශියක් රහතන්වහන්සේලා අතින් ඉටු වේ.
බුද්ධඃප්‍රමුඛ මහා සංඝයා සහ ගිහි දායක-දායිකාවන්ගේ සභාගීත්වයෙන් බුද්ධශාසනයේ මූලික පැවැත්ම සිදු වේ. බුදු කෙනෙකු විසින් අවබෝධ කරගන්නා වූ ධර්මය අසා දැනගෙන , ඒ මගෙහි යන්නෙකු අවසානයේදී රහත් ඵලයට පැමිණෙන බව ඉහත සඳහන්. යම් කිසි භික්ෂුවක් භික්ෂූත්වයේ සිටියදී රහත් ඵලයට පැමිණියේ නම් , එම භික්ෂුව රහත් භික්ෂුවක් බවට පත් වේ.
එහෙත් යම් කිසි අයුරකින් ගිහි ස්වභාවයෙන් සිටියදීම අයෙක් බුදු කෙනෙකු ඉදිරියේ ධර්මය අවබෝධ කර රහත් භාවයට පත් වූයේ නම් එම රහතන් වහන්සේට ඒහිභික්ෂුභාවයෙන් පැවිදි උපසම්පදාව ලබා දිය යුතුය. කිසිදු ගිහි රහතන්වහන්සේ නමකට ගිහි ස්වරූපයෙන් පැවැත්මක් ගෙන යා නොහැකිය. එම නිසා බුදුන්වහන්සේ විසින් එම රහතන්වහන්සේව ඒහිභික්ෂූභාවයට පත් කරලනු ලබයි. නැතහොත් නියත වශයෙන්ම පිරිනිවන් පෑමට පැමිණේ!
( මෙයින් පහතට ඇති කොටස් සඳහා නියමිත අයුරින් ගෞරව පදයෙන් ඇමතීම යෙහෙකි. කළේය = කල සේක ආදී වශයෙන් )
ඒහි භික්ෂුභාවය යනු බුදුන් විසින් දකුණු අත දිගු කර " මහණ මෙහි එව " යනුවෙන් ආමන්ත්‍රණය කරමින් එම භික්ෂුවට තමා අභිමුඛයට පැමිණීමට අණ කිරීමයි ( යුධ සේවයේ වැනි අණ දීමක් නොවේ ) . එවිට හිස් රැවුල් බෑවී , පාත්‍රා සිවුරු පහළ වී බුදු පා මුලට පැමිණේ.
ඒහිභික්ෂුභාවයට පත් කිරීමට සිදු වූ අවස්ථාවක්.
දිනක් අප ගෞතමයන් වහන්සේට වඩින මගදී ඇතෙකු පිට යන තරුණයෙක් දකින්නට ලැබෙනවා. මේ තරුණයාද බුදුන් දුටුවනම බුදුන් වහන්සේට වැඳ ආචාර කොට නික්මෙනවා. ඔහු පිටව ගිය පසු බුදුන්වහන්සේ විසින් මද සිනහවක් පහල කළේය. බුදුවහන්සේගේ වෙනස් වීම දුටු සැරියුත් මහා රහතන්වහන්සේ විසින් සිනහා පහල කිරීමට හේතුව විමසුවේය.
" පිංවත් සාරිපුත්තය ඔබ මේ දුටු තරුණයා අද සවස් වීමට ප්‍රථම රහත් භාවයට පත් වනවා. ඒ බැව් දැනගෙන මට සිනහා පහල විය " යනුවෙන් වදාලේය . එවිට සියලු භික්ෂු පිරිසද සාදු කාරයක් දී එය අනුමත කළෝය.
කී පරිදිම සවස් යාමය එළඹීමත් සමග යට කී තරුණ තෙම බුදුන් දැකීමට ආරාමයට පැමිණියේය. පැමිණ එකත්පසව හිඳ බුදුන්වහන්සේ සමග තමා පැමිණි කාරණය මෙසේ එළි කර සිටියේය. ( පහත දක්වා ඇත්තේ වාචික භාෂාවෙන් බව සළකන්න )
ස්වාමීන්ද්‍රයන්වහන්ස මා නමින් සංතතික. මා අසවල් රජුගේ ප්‍රධාන ඇමති තෙම වේ. රාජ්‍යයේ බොහෝ උවමනා එපාකම් ඉටු කරන්නේ මා විසින්. විදේශයන් වෙතින් යුද්ධයන් පැමිණෙන විට රජු මගේ පිහිට පතයි.
" සංතතික අසවල් රටෙන් යුධ ප්‍රකාශ කර තිබෙනවා අනේ අපව බේරා දෙන්න " යැයි රජු මා හමුවට පැමිණ කියයි. එවිට මම වහා මගේ චරපුරුෂ උපක්‍රමයන් භාවිතා කර රට ගලවා ගනී. කාලයක් ඉක්ම ගිය තැන නැවතත් රජු මා හමුවට පැමිණ " සංතතික අසවල් රටෙන් යුධ ප්‍රකාශ කර තිබෙනවා අනේ අපව බේරා දෙන්න " යැයි කියයි. එවිට නැවතත් මම වහා මගේ චරපුරුෂ උපක්‍රමයන් භාවිතා කර රට ගලවා ගනී. මෙයාකාරයෙන් මම නිහඬව , සියලු ප්‍රයෝගයන් භාවිතා කරමින් රට ආරක්ෂා කරයි. මෙලෙස කාලයක් ඉක්ම ගිය තැන ඉතා විශාල ආක්‍රමණයක් පැමිණියා. එවිටද රජු මා හමුවට පැමිණ " අනේ සංතතික මෙවර ඉතා බැරෑරුම් ප්‍රශ්නයක් ඇති වී තිබෙනවා. අප රාජ්‍ය වුවද වැනසී යා හැකිය . ඒ නිසා අපව බේරා දෙන්න " යැයි ඉල්ලා සිටියා.
July 15, 2013
02. චරපුරුෂ සේවයක අවශ්‍යතාවය සහ යුධ සැලසුම්කරණය. Tactical Management 02
පසු ගිය ලිපියෙන් චරපුරුෂ සේවාවන් ගැන මූලික අවබෝධයක් ඔබට ලැබෙන්නට ඇති. චරපුරුෂ සේවයක අවශ්‍යතාවය පැන නගින්නේ ඇයි , සේවය ලබාගන්නේ කිනම් තරාතිරම් පුදගලයින්ද ,ඔවුන් වෙනුවෙන් කවර ආකාරයේ සේවයන් සැපයේද යන කරුණු එම ලිපිය තුලත් , කමෙන්ට් ඔස්සේත් සාකච්චා කෙරුණා. මේ පිළිබඳ උනන්දුවක් දක්වයි නම් කරුණාකර කමෙන්ට් සමග එම පෝස්ටුව කියවන්න.
Edward Snowden - Wikileaks සහ රාජ්‍ය චරපුරුෂ සේවයන්
සාමාන්‍ය සන්නද්ධ යුධ හමුධා සහ චරපුරුෂ සේවයන් අතර වෙනස ගැන අද ලිපිය ඔස්සේ කරුණු එළි කරමි.
සාමාන්‍ය සන්නද්ධ සේවා
ඔබ බොහෝ දෙනා දැක ඇති පරිදි යුධ හමුධා , නාවික හමුධා , ගුවන් හමුධා සේවාවන් වල නිළධාරීන් මේ යටතට ගැනේ. නිළයට / ඒකකයට උචිත නිශ්චිත අවි පුහුණුවක් , උපකරණ පුහුණුවක් , තවත් අමතර පුහුණු වීම් කීපයකින් පසු රටක ආරක්ෂාව වෙනුවෙන් ඔවුන් සේවයේ යොදවයි. තම ඉහළ නිළධාරීන්ගේ අණට යටත්ව ක්‍රියාකරන අවිකරුවන් ලෙස හැඳින්විය හැකිය ( යම් හේතුවක් මත ) .
මෙයටම පොලිස් සේවයද එක් කළ හැකිය. ඉහත සඳහන් ත්‍රිවිධ හමුදා රටෙහි ආරක්ෂාව සම්බන්ධව වෙහෙසෙන විට රටෙහි සිවිල් නීතිය අරක්ෂාකිරීමේ වගකීම පැවරී ඇත්තේ පොලිස් සේවය වෙතටයි. ඒ සඳහාද අවශ්‍ය විටදී අවිආයුධ භාවිතා කිරීම සඳහා නිසි පුහුණුවක් පොලිස් සේවය සතුය.
චරපුරුෂ සේවයන්
ප්‍රධානවම මොවුන්ගේ වගකීම නම් සන්නාහ සන්නද්ධ සේවා වෙනුවෙන් අවශ්‍ය කරන බුද්ධි තොරතුරු , මෙහෙයුම් සකස් කිරීම , සැළසුම් ලබාදීම , තාක්ෂණික උපකරණ සැපයීම , තාක්ෂණික නිළධාරීන් සැපයීම , විශේෂ මෙහෙයුම් සඳහා ගරිල්ලා/කමාන්ඩෝ පුහුණව සහිත අවිකරුවන් සැපයීම , මෙහයුම් සඳහා උචිත අවිආයුධ නිර්දේශ කිරීම , මෙහෙයුම් සඳහා සෙබළුන් පුහුණු කිරීම , මෙහෙයුමක් සඳහා වටපිටාව සකස් කිරීම , වත්මන් අවශ්‍යතාවය මත නව ඒකක පිහිටුවීම වීම වැනි කාර්යයන්ය. ඒ සඳහා ඍජුවම රාජ්‍ය නායකයා හෝ යුධහමුදාපති හා සම්බන්ධ වීමට බලය ඇත.
මෙහි ඇති වගකීම් සහගත බව සහ බලය මෙසේ දැක්වීමට හැකිය.
උදාහරණයක් :- යුධහමුදාපති වරයාට මෙහෙයුමක් සඳහා ඍජුවම සටන් බිමට යෑමේ අවශ්‍යතාවයක් පැන නැගුණු මොහොතක ඔහු අනිවාර්යෙන්ම ඒ සඳහා බුද්ධි අංශයේ අවසරය පැතිය යුතුය.
01. බුද්ධි තොරතුරු මත මූලිකවම ඔහුට ඒ සඳහා ඇති ඉඩ
සළකා බැලෙයි.
02. යුධහමුදාපතිවරයා සටන් බිමෙහි සිටිය යුතුමද ?
03. ඔහු සිටීමේ වාසි සහ අවාසි.
04. ඔහු වෙනුවෙන් අනුයුක්ත කල යුතු නිළයන් ගණන.
05. ඔහු වෙනුවෙන් සැලසිය යුතු වෙඩි බලය.
06. ප්‍රහාරයක් එල්ලවුවහොත් ඇති වන බලපෑම.
07. අහිමි විය හැකි සම්පත් ගණන.
08. ප්‍රධාන මෙහෙයුමට ඇති වන බලපෑම.
09. එවැන්නකදී සමස්ථ යුධහමුධා සොල්දාදුවන් සියල්ලගේ මානසික මට්ටම. ( කමාන්ඩර්ට ගැහුවා කියන්නේ තමන්ගේ මව අහිමි වීමටත් වඩා පීඩනයක්. )
10. යුධහමුදාපති වරයා ඍජුවම සටන් බිමට පැමිණීමකදී සතුරු පාර්ශවයේ හැසිරීම් සහ අමතරව යෙදවිය යුතු ආරක්ෂක ක්‍රියාමාර්ග.
11. යම් හෙයකින් යුධහමුදාපතිවරයා මරුමුවට පත් වීමකදී ඇති විය හැකි සමස්ථ තත්වය.
12.i-------------------------------------------------------------------------
ii------------------------------------------------------------------
iii---------------------------------------------------------
13. මෙවැනි දහසක් තීන්දු හා තීරණ රැසකින් පසුව යුධහමුදාපතිවරයාට අවසරය ලැබීම හෝ නොලැබීම සිදු වේ.
14. ඔහු මෙම අවසරයන්ට පිටින් යෑමක් යනු සමස්ථ යුද්ධයම අනතුරේ හෙළීමකි.
15. එසේම යුධහමුදාපතිවරයාගේ සේවය නිසි පරිදි අවශ්‍ය තැනට ලබා දීම සඳහාද බාධා පැමිණිවිය නොහැකිය. ඇතැම් අවස්ථාවවලදී යුධහමුදාපති සහය ඍජුවම තත්පරයෙන් තත්පරය සටන් බිමට අවශ්‍යවේ.එවැනි විටකදී කෙසේ හෝ ඔහුව සටන් බිමට කැඳවිය යුතුය. ඇතැම් රහසිගත ක්‍රියාන්විත සඳහා මුහුණෙන් මුහුණ අණ දීම් සිදු වන බැවින් දැඩි වගකීමකින් යුතුව යුධහමුදාපති කැඳවිය යුතුය.
මේ සියළු දේ සිදුවන්නේ මා ඉහත කී සේවයන්හි තීරණ මතය. දරුණු යුද්ධයක් පවතින අවස්ථාවකදී බොහෝ දෑ ගැන අවධානය යොමු කල යුතුය.
01. යුද්ධයේ ස්වභාවය ( ගරිල්ලා , සිවිල් , සාමාන්‍ය ත්‍රස්තවාදය , විදේශ ආක්‍රමණ )
02. අවශ්‍යකරන වෙඩි බලය
03. අවශ්‍ය කරන පුද්ගල බලය
04. අවශ්‍ය කරන උපකරණ
05. වෙනත් යුධ සේවා
06. ත්‍රස්තවාදීන් සතු වෙඩි බලය ගණනය කිරීම්
07. ත්‍රස්තවාදීන් සතු පුද්ගල බලය ගණනය කිරීම්
08. ත්‍රස්තවාදීන් සතු භූමි බලය ගණනය කිරීම්
09. ත්‍රස්තවාදීන්ගේ වෙනත් හැකියාවන් ගණනය කිරීම්
10. ත්‍රස්තවාදීන්ගේ මීළඟ ඉලක්ක ගණනය කිරීම්
මීළඟ ලිපියෙන් රැඳවිය යුතු තැන් රඳවා තවදුරටත් කරුණු ඔබට දැනගැනීමට සලස්වමි. මෙයාකාරයේ සමස්ථ යුද්ධයෙහිම වගකීම පැවරී ඇත්තේ ඉහත කී සේවයන් මතය. යුධශිල්පයෙහි උපන් හපන් කම් ඇති , කය නැති සිත පමණක් ඇති පුද්ගලයන්/යුධසැලසුම්කරුවන් මගින් මේ සියලු සැලසුම් නිම වේ. නොකඩවා දින 4, 7 දක්වා නිදි නොලබා සේවය සැපයීමට වුවද සිදු වේ. බොහෝ විට සේවයේ යෙදි සිටියදීම මරණය වූ අවස්ථාවන්ද ඇත.
Trance : Memory and Humanity | සහෘදයෙකුගේ අවසන් සටහන.
( යුද්ධයක් තියෙද්දී නින්ද යනවද ? ටෙරා වටකලොත් නින්ද යනවද ? අපේ කොල්ලෝ මැරෙද්දි නින්ද යනවද ? අවුරුදු ගාණක් සැලසුම් කරපු මෙහෙයුමක් ක්‍රියාත්මක වෙද්දී සැලසුම් කරුට නින්ද යනවද ? නිදාගෙන මොනවා ලබන්නද ? )
July 14, 2013
Edward Snowden - Wikileaks සහ රාජ්‍ය චරපුරුෂ සේවයන් ! 01.
මීට වසර කීපයකට පමණ පෙර විකිලීක්ස් නැමැත්තාත් , 2013 මැයි මස පමණ එඩ්වර්ඩ් ස්නොර්ඩන් නැමැත්තාත් විසින් යම් ආන්දෝලනාත්මක කරණු රැසක් එළි දරව් කරණු ලැබූවා. මීට පෙරද ලෝක ඉතිහාසයේ මෙවැනි පුද්ගලයන් විසින් යම් යම් කරුණු ආන්දෝලනාත්මකව ඉදිරිපත් කර තිබෙනවා.
ලෝකයේ සෑම රජ්‍යකයම පාහේ රාජ්‍ය චරපුරුෂ සේවයන් ක්‍රියාත්මක වේ. විවිධ මුහුණුවරයන්ට ආරූඪ වෙමින් , විවිධ අවශ්‍යතා සඳහා ක්‍රියාත්මක වේ. සුළු අවබෝධයක් ගැනීමට පහත උදාහරණ සළකන්න.
i. ජනාධිපති ආරක්ෂක අංශය.
රටක රාජ්‍ය නායකධූරයට එක් රැයකින් පත් වීමට නොහැක. කාලයක් මුළුල්ලේ සිදු වන්නා වූ ක්‍රියාදාමයන් රැසක ප්‍රතිඵලය ලෙස එවන් තනතුරක් හිමි වේ. ඒ සා විශාල කාලය තුල තමන්ගේ ආරක්ෂක නිළධාරීන් විය යුත්තේ කව්රුන්දැයි ඔහුට හෝ ඇයට තීරණය කල හැක. ජනාධිපතිධූරයේ බලතල හිමි වූ සැණින් එම නිළධාරීන් හා එක්ව තම ආරක්ෂක පවුර ජනාධිපතිවරයා විසින් සකසා ගනී.( හමුධා කුමන්ත්‍රණයකදී බොහෝ විට මෙහි නිළදරුවන්ට දරුණු ඉරණමක් අත් වේ )
ii. යුධ හමුධාපති ආරක්ෂක අංශය.
වසර 25 ක පමණ යුධ පිටිය පිලිබඳවත් , දක්ෂතම නිළධාරීන් ගැනත් අවබෝධයක් ඇති පුද්ගලයෙකුට තම ආරක්ෂකයන් විය යුත්තේ කව්රුන්දැයි තෝරා ගැනීම සංයමයෙන් යුතුව කළ හැකිය.( මෙය එතරම් සිල්ලරට නොසලකන්න ) මෙම අංශය යුධහමුදාපති අණට පමණක් කීකරු වේ. වෙනත් කිසිවෙකුට මෙල්ල නැත. අවශ්‍ය ඕනෑම මොහොතක උපරිම වෙඩි බලය භාවිතා කරයි.
iii. මෙයට අමතරව වෙනත් අවශ්‍යතා මත විවිධ චරපුරුෂ සේවයන් ක්‍රියාත්මක වේ.
a. ත්‍රස්තවාදය වැලැක්වීම පිණිස ක්‍රියාත්මක චරපුරුෂ සේවයන්.
මෙය ක්‍රියාත්මක වන්නේ යුධහමුධාපතිවරයාගේ අධිකාරිය යටතේය. කිසිදු දේශපාලන ඇඟිලි ගැසීමකින් තොරව ක්‍රියාත්මක වේ. යුධහමුදාපති අණට පමණක් කීකරු වේ. දැඩි යුධමය වාතාවරණයක් පවතින වකවානුවක් තුළදී මෙම ජාලය බූවල්ලෙක් මෙන් සක්‍රීය වේ. මෙහි ගොදුරක් වන ඕනෑම කෙනෙකුට යුධහමුධාවෙන් ගැලවුමක් නොමැත.
Subscribe to:
Posts (Atom)
15099537_n.jpg





