දැන්වීම් පුවරුව . ( පින්තූර මතට මවුස් පොයින්ටරය රැගෙන යන්න )

දැනට වසර දෙකක පමණ සිට සෑම සතියකටම වරක් ලිපියක් හෝ දෙකක් පළ කළෙමි. සිත් ගත් ලිපියක් වේ නම් හිතමිතුරන් අතරත් බෙදාගන්න.

මෙම වෙබ් අඩවිය ලෝඩ් වීමට පමා වේ නම් මෙම ලින්ක් එක භාවිතා කරන්න.

Go and get Sinhala Unicode to your Computer
Face Book Link Share.

August 24, 2013

ශ්‍රී ලංකාවේ ආර්ථිකයට අනාගතයේදී විය හැකි දේ. ( පළමු කොටස ) what is happening to Sri Lanka's economy



               පුද්ගලයෙකුගේ ආර්ථිකය , රටක ආර්ථිකය , ලෝක ආර්ථිකය කියන්නේ වෙන වෙනම කතා කල යුතු දේවල්. එකිනෙකට වෙනස් ලක්ෂණ ඒවාට ඇතුළත් වීම තමයි හේතුව. මුළින්ම ඉහත කාරණා ටික ගැන වෙන වෙනම අවබෝධයක් ලබා ගෙන ඉමු. ඉන්පසුව සාකච්චා කරමු පොත් වල හැදෙන ගණන් මිනුම් වලින් කරන්න පුළුවන් සෙල්ලම් සහ සෙල්ලම් වරදින තැන් ගැන. ඒ වගේම සෙල්ලම් කල යුත්තේ කොහොමද , නොකළ යුත්තේ කුමන තැන් වලදීද , සෙල්ලමෙන් ඉවත් විය යුත්තේ කොතනදීද කියන දේත් අන්තිම වෙන්න කතා කරමු. මේ පෝස්ට් එක ලියවෙන්නේ ආර්ථික විද්‍යා උපාධිදාරීන්ට වගේම , සාමාන්‍ය අවබෝධයක් තියෙන දෙපිරිසම ඉලක්ක කරන්. ඒ නිසා " අයියෝ අපි ඕවා දන්නවා " කියලා අහක බලන්න එපා. මොකද මම එක පාරට අගින් අරන් මුලට දානවා සමහර කන්සෙප්ට්. ඒ නිසා හරිම අවධානෙකින් විවේකීව විතරක් කියවන්න. සියල්ල ඉවර වෙනකම් කියෙව්වොත් මේ සියල්ල ගැන වැටහීමක් ඒවි.


පටුන


01. මූලික අදියරේ පැහැදිළි කිරීම :- පුද්ගල ආර්ථිකය සහ රටක ආර්ථිකය හඳුනාගැනීම.

02. දෙවන අදියරේ පැහැදිළි කිරීම :- ආර්ථික ව්‍යාපෘති සඳහා ණය ලබාගැනීම , ආර්ථික විද්‍යා ප්‍රයෝග , ආර්ථික විද්‍යා ප්‍රයෝග තුළින් මවා පෙන්විය හැකි වත්කම් , මවා පෙන්නූ වත්කම් මත පදනම්ව ආර්ථිකය ගොඩනැගීම වැනි කරුණු සාකච්චා කිරීම.

03. මීළඟ ලිපිය :- තව දුරටත් සිදුකල හැකි ආර්ථික විද්‍යාමය වංචා හඳුනාගැනීම.



                           
මූලික අදියරේ පැහැදිළි කිරීම.


                                   පුද්ගලයෙකුගේ ආර්ථිකය .


"AAA" රස්සාවක් කරලා උපයන මුදලත් , "AAAට" එදිනෙදා ජීවිතයේ ජීවත් වීම සඳහා වැය වන මුදලත් එක්ව ගත්තම ඒක " AAAගේ ආර්ථිකය " කියලා කියන්න පුළුවන්.

AAAගේ අදායම

i. රැකියාවෙන් ඔහු උපයන මුදල්

ii. වතුපිටි වලින් ඔහු උපයන මුදල්

iii. ව්‍යාපාර වලින් ඔහු උපයන මුදල්

iv. වෙනත් මුදල් ආයෝජනයක් මගින් ඔහු උපයන මුදල් ( බැංකුවක FD දැමීමක් , පොළියට මුදල් දීම වැනි )

 
v. වංචනිකව උපයන මුදල් ( එහෙම ඒවා ඇත්නම් )

vi. ලොතරැයි දිනුමක් වැනි හදිසියේ අතට ලැබෙන මුදල් ( අනපේක්ෂිත මුදල් , දේපළ හිමි වීම්. මේවා ගැනත් බලාපොරොත්තු තියාගන්න හොඳ නැහැ )

vii. අනාගතයේදී බිරිඳගේ පාර්ශවයෙන් ලබෙමට නියමිත දෑවැද්ද ( අනාගත සිහින ලොව. මෙන්න මේවා ගැන බලාපොරොත්තු තැබීම අන්තිම මුග්ධ ක්‍රියාවක් . )




AAAගේ වියදම

i. අහාර කෑම බීම සඳහා යන වියදම්.

ii. ඉඳුම් හිටුම් සඳහා යන වියදම ( නිවාසයක් හැදීමට , තියෙන එක අලුත් වැඩියා කරගන්න , කුළියට නම් ඉන්නේ rent එක ගෙවන්න , බැංකු ණයක් අරන් අලුත් ගෙයක් හදන්න )

iii. ඇඳුම් පැළඳුම් සඳහා යන වියදම.

iv. ප්‍රවාහනය සඳහා යන වියදම් ( රැකියාවට යන්න , ආයේ ගෙදර එන්න . මෙතන වැදගත් කන්සෙප්ට් එකක් තියෙනවා. පස්සේ පැහැදිළි කරන්නම්. මතක තියාගන්න )

v. අම්මා තාත්තා සහෝදරයෝ ගැන බලන්න යන වියදම්

vi. යාලු වෙලා ඉන්න ගෑණු ළමයා හරි , බිරිඳ ගැන බලන්න යන වියදම්.

vii. දරුවෝ ඉන්නවා නම් එයාලට යන වියදම්

viii. අසනීපයක් උනොත් ප්‍රතිකාර සඳහා යන වියදම්

ix. අලුත් විභාග , අධ්‍යාපනය ලබා ගැනීමේ වැඩමුළු වගේ දේවල් වලට යන වියදම් ( රැකියාවේ ප්‍රමෝෂන් ගන්න එහෙම මේවා වැදගත් )

x. අරක්කු , සිගරට් , වෙනත් අවශ්‍යතා සඳහා යන වියදම් ( අනවශ්‍ය වියදම් කියමුකෝ )

xii. වෙනත්

xiii. ණය තුරස් , පොළිය ගෙවීමට වැය වන මුදල ( ණය අරන් තියේ නම් )

xiv. ඉතුරු කිරීම් ( අනාගත ආයෝජන )

ඔන්න ඔය විදිහට අදායම් සහ වියදම් මොනවද කියලා හඳුනා ගන්න ඕනේ. අපි හිතමු 50,000 මාසෙකට ලැබෙනවා කියලා AAAට. දැන් අපි බලමු වැදගත් දෙයක්  AAAගේ  ආර්ථිකය ගැන.


AAAගේ මාසික වියදම 50,000ට අඩු නම්


             AAAට පුළුවන් කිසි කරදරයක් නැතුව තමන්ගේ ජීවිතය සතුටින් ගෙවන්න. ඉතුරු වෙන මුදල් බැංකුවක දාන්න හරි , පොළියට දෙන්න හරි , අලුත් බිස්නස් එකක් පටන් ගන්න හරි , යාලුවෝ එක්ක විනෝද වෙන්න හරි , කුඩු පොඩ්ඩක් ගහලා බලන්න හරි පුළුවන්. ( කුඩු ගහන්න පුරුදු උනොත් නම් AAAගේ අනාගතය අඳුරු වෙනවා. )






AAAගේ මාසික වියදම 50,000ට වැඩි නම්


i. එයාට වෙනවා ණයක් ගන්න යාළුවෙක්ගෙන්. " ලබන මාසේ පඩි ගත්තම දෙන්නම් " කියලා ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ලබන මාසේ පඩි ගත්තම ණය ගෙවන්න ඕනේ. නැත්නම් වෙන්නේ යාළුවා නැවත ණයක් දෙන්නේ නැහැ. බැරි වෙලා හරි නඩුවක් දැම්මොත් එහෙම හිරේ යන්නත් වෙන්න පුළුවන්. ( බැංකුවකින් ගත්ත ණයක් නම් පාරටම වැටෙන්න පුළුවන් )


ii.ණය ගෙවන්න සල්ලි නැත්නම් පුළුවන් තමන් ළඟ තියෙන රත්තරන් මාලයක් වගේ දෙයක් උකස් තියන්න. එහෙම නැත්නම් ගෙදර TV එක එහෙම විකුණලා ඒ සල්ලි වලින් ණය ගෙවන්න පුළුවන්. ( ආයේ පුළුවන් කාලෙක TV එකක් ගන්න ඕනේ. නැත්නම් ගෙදරකට අඩුවක්නේ. )


iii. ටිකක් කල්පනා කරලා තමන්ගේ වියදම් අඩු කරගන්න ඕනේ. ඊට පස්සේ පුළුවන් තව ටිකක් කල්පනා කරන්න මේ වෙච්චි දේ ගැන.අලුත් අදායම් මාර්ගයක් ගැන හිතන්න පුළුවන්. ඉහළ පඩියක් තියෙන නව රැකියාවකට අයදුම් කරන්න පුළුවන්.


iv. තමන්ට පරම්පරාවෙන් ලැබුණ වතු පිටි දේපළ විකුණලා ඒ මුදල් වලින් වියදම් කරන්න පුළුවන් . ( ඒත් ඉඩකඩම් ඉවර උන දාට මොකද කරන්නේ ? )

v. කැමති නම් හොරකම් කරන්න, වංචනික වැඩ කරන්න, බැංකු මංකොල්ල කන්න, තම පෙම්වතියව / බිරිඳව / මව අනාචාරයේ යොදවන්න පුළුවන්. ( අහිතක් හිතන්න එපා. ඒවත් සල්ලි තමයි. ) [ පාරේ බැහැල යන්න බැරි වෙන එක , රට්ටු හූ කියන එක වෙනම කතාවක් ]

හරි අපි මේ හඳුනාගත්තේ පුද්ගලයෙකුගේ ආර්ථිකය ගැන. මේ ටික නැවත වාරයක් කියවන්න. ඒ ගමන් අපේ රටේ දැන් වෙලා තියෙන තත්වෙට පොඩ්ඩක් ආදේශ කරලා බලන්න. සෑහෙන සමාන කම් පෙනේවි.



                                     රටක ආර්ථිකය.


              රටක ආර්ථිකය ගැන දැන් කතා කරන්න පුළුවන් ඉහත " පුද්ගල ආර්ථිකය " කොටසත් උපයෝගී කරගෙන. වර්තමාන ලෝකයේ හැම රටක්ම දැන් පවතින්නේ රාජාණ්ඩු ක්‍රමයෙන් වෙනස්ව. ඒ නිසා වර්තමාන ලෝකයේ ආර්ථික රාමුව ගැන විතරක් කතා කරමු.

රටක අදායම් 


i. ජනතාවගෙන් එකතු කරන බදු මුදල් ( GST , VAT ... etc , etc ) හිතන්න ඔබ සිල්ලර බඩු කඩයක් කරනවා කියලා. වර්ෂයක් අවසානයේ ඔබ රජයට රුපියල් 10,000 ගෙවනවා කියලා හිතමු බදු විදිහට. මේ වගේ සිල්ලර බඩු කඩ 1000 තියේ නම් මුළු ලංකාව පුරාම; රජයේ අදායම 10,000,000 වෙනවා එක වසරකට සිල්ලර කඩ වලින් විතරක්. ( රුපියල් මිලියන දහයක්. ඒ කිව්වේ කෝටියක් )

ii. තොග බඩු කඩ වලින් අවුරුද්දකට රුපියල් ලක්ෂයක් ගන්නවා කියමු ආණ්ඩුවෙන් එක වසරකට. මුළු රට පුරාම තොගබඩු කඩ 100 තියෙනවා කියමු. දැන් ආණ්ඩුවේ වාර්ෂික අදායම රුපියල් ලක්ෂ 100 වෙනවා තොගබඩු කඩ වලින් විතරක්.


iii. හිතන්න ඔබ ව්‍යාපාරයක් කරනවා කියලා ස්වයංරැකියාවක් විදිහට. රජය විසින් ඔබෙන් ගන්නවා වර්ෂයකට රුපියල් ලක්ෂ දෙකක්.එවැනි ව්‍යාපාර 1000 තියෙනවා කියලා හිතමු රටේ. දැන් ආණ්ඩුවේ වාර්ෂික අදායම රුපියල් ලක්ෂ 2000 වෙනවා ව්‍යාපාරිකයන්ගෙන් විතරක්. ( රුපියල් මිලියන 200. )


iv. හිතන්න කෙනෙක් කසාද බඳිද්දී ආණ්ඩුවට රුපියල් 5000 ගෙවන්න ඕනේ කියලා. එක අවුරුද්දකට විවාහ ලක්ෂයක් උනා නම් රජයේ අදායම කීයද ? රුපියල් 500,000,000 . ඒ කියන්නේ මිලියන 500 . නැත්නම් ලක්ෂ 5000. ( මේවත් බදුද ඇත්තටම. හරියටම තමන්ගේ බිරිඳගේ යට ඇඳුම් කාමාතුරයන්ට විකුණනවා වගේ වැඩනේ. විකුණලා විකුණලා අන්තිමට බිරිඳට හදිස්සියට අඳින්නවත් යට ඇඳුමක් නැති වෙනවා නේද ? )



v. හිතන්න ඔබ රත්තරන් බඩු හදන කෙනෙක් කියලා. ලංකාවේ රත්තරන් නැති නිසා දකුණු අප්‍රිකාව වගේ රටකින් තමයි ඔබට රත්‍රන් ගේන්න වෙන්නේ. ඔබ ලංකාවට ගේන සෑම රත්‍රන් පවුමක් සඳහාම රජය විසින් ඔබෙන් රුපියල් 5000 අය කරනවා කියලා හිතමු. වර්ෂයක් ඇතුළත ලංකාවට ගේන රත්‍රන් ප්‍රමාණය පවුම් මිලියන 20 කියලා. ( පුදුම වෙන්න එපා. අපි සංවර්ධිත රටක්. ලක්සෙට කොඩිය දාන රටක් ) දැන් වාර්ෂික අදායම කීයද රජයේ?  ඒ කියන්නේ  20,000,000 x රුපියල් 5000 = 100,000,000,000. ඒ කියන්නේ රුපියල් මිලියන ලක්ෂක්. නැත්නම් රුපියල් කෝටි 10,000. එහෙමත් නැත්නම් රුපියල් බිලියන 100.
( මෙහෙම බද්දක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ හොඳද ? )

එක රන්බඩු කඩයක මසකට විකුණන පවුම් ගණන = 50 ක් නම්
එක නගරයක ඇති රන්බඩු කඩ = 20ක් නම්
මුළු මාසය පුරා නගරය තුළ අලෙවි වූ පවුම් = 1000
එවැනි නගර 200 රටෙහි  ඇති නම්  = පවුම් 200,000

වසරකට අලෙවි වන පවුම් ගණන = 200,000 x 12 = 24,000,000

( සාමාන්‍යයෙන් එක් වසරකට රන් පවුම් මිලියන 36 කට වඩා ලංකාවට පැමිණේ )

vi. හිතන්න ඔබේ සිල්ලර බඩු කඩේට ප්‍රයෝජනය පිණිස ජපානය වගේ පිට රටකින් වාහනයක් ගේන්න උනා කියලා. අපි හිතමු ඒ වාහනය ලක්ෂ 5 යි කියලා ජපානේදී. නැවක දාල වාහනේ ගේන්නත් පුළුවන් කියමු 85,000 වගේ යද්දී. හැබැයි ඔබ පිටරටින් වාහනයක් ගේනකොට රජය විසින් ඔබෙන් ලක්ෂ 5 ක බදුමුදලක් ගත්තා කියමු. ( හරියට රත්තරන් ගේනකොට බද්දක් දැම්මා වගේ )මේ වගේ වාහන 5000ක් එක වසරකට ආවොත් රජයේ වාර්ෂික බදු අදායම කීයද ? 500,000 x 5000 = 2,500,000,000 . ඒ කියන්නේ රුපියල් මිලියන 2500. රුපියල් කෝටි 250.

                ලංකාවට වාහන ගෙන්වීමේදී අය කරන බදු ප්‍රතිශතය 135 - 340% වැනි ඉතාම ඉහළ අගයක් ගන්නේ. ඒ කියන්නේ ලක්ෂ දහයක් වෙන වාහනයකට බදු විතරක් අය කරනවා ලක්ෂ 34 විතර ***NOTE. ඇත්තටම මේවා සාධාරණ බදුද ? වාහනයක් හදලා , නැවක පටවලා , ඔක්කෝම කරලා එවන්න යන්නේ ලක්ෂ 10යි. ඒත් රජය විසින් ලක්ෂ 34 අය කරනවා. මේවා බදුද ? නැත්නම් වෙන මොනවා හරිද ? වාහනයක් ගෙනත් එකෙන් කීයක් හරි හම්බ කරන් මිනිස්සුන්ට ඔලුව උස්සන්න තියෙන අවස්ථාවක් නේද මේ නැති කරන්නේ ?

වාහනයේ සැබෑ වටිනාකම = ලක්ෂ 10
වාහනයේ බදු මුදල = ලක්ෂ 34
වාහනය වෙනුවෙන් ඔබට දැරීමට සිදු වන මුළු මුදල = 44




vii. ඊළඟ දේ තමයි රජයේ ව්‍යාපාර වලින් ලබන මුදල්. හරියට ලංගමය , විදුලිබල /ජල මණ්ඩලය , සීනි කර්මාන්තශාලා , සමුපකාර සේවා , සතොස වැනි තොග බඩු ව්‍යාපාර , තුනී ලෑලි සංයුත මණ්ඩලය , වී අලෙවි මණ්ඩලය , සළුසල වැනි ව්‍යාපාර තුළිනුත් විශාල මුදලක් වාර්ෂිකව ලබනවා රජය .( ඇයි අමුතු විදිහට මගේ දිහා බලන්නේ ? ) මේ ව්‍යාපාර රජයේම පාලනය ඇතුව ක්‍රියාත්මක වෙන ආයතන. මෙවැනි ආයතන හරියට ක්‍රියාත්මක කලොත් ජනතාව මත පැටවෙන බදු ප්‍රතිශතය අඩු කරන්න පුළුවන්.



රටක වියදම්


i. රටේ නායකයා ඇතුළු පාර්ලිමේන්තු පිරිස නඩත්තුව. ඔවුන්ගේ සියලු අවශ්‍යතාවයන් සඳහා මුදල් වෙන් කල යුතුය.නැත්නම් පාලනය අස්ථාවර වෙලා මේ රට විනාශ වෙන්න පුළුවන්. එක් මන්ත්‍රී වරයෙකුට මසකට ලක්ෂ 50 පමණ වන සේ මන්ත්‍රී වරුන් 225 කට ලක්ෂ 11,250ක් පමණ වැය වේ. අවුරුද්දකට ඔවුන් වෙනුවෙන් ලක්ෂ 135,000 පමණ මුදලක් අවශ්‍යයි. ඒ කියන්නේ රුපියල් මිලියන 13,500. කෝටි 1350 පමණ ඕනේ මේ මන්ත්‍රී වරුන් නඩත්තු කරන්න. ඒත් ඒ වියදම ගැන හිතන්න එපා. අද අපි මෙහෙම යහතින් ජීවත් වෙන්නේ ඒ අයට පින් සිද්ද වෙන්න.


ii. මූලික යටිතල පහසුකම් ඇති කිරීම. මාර්ග සංවර්ධනය , විදුලි බලය ලබා දීම , නව ඉඩම් ලබා දීම වැනි දේවල්.


iii. රටෙහි ජීවත්වන ජනතාවගේ සෞඛ්‍ය වෙනුවෙන් මුදල් වැය කිරීම.( රුපියල් කෝටි 6200 - 8000 වගේ අගයක් තිබුණේ 2011 කාලයේ වගේ )


iv. රටෙහි ජීවත් වන ළමා පරපුරට අධ්‍යාපනය ලබාදීමේ වියදම්. පාසල් , විශ්වවිද්‍යාල , පිරිවෙන් ඇති කිරීම වැනි කටයුතු.


v. රජයේ වෙනත් සේවාවන් සඳහා මුදල් යෙදවීම .


vii. රටෙහි පාලන ව්‍යුහයේ වැදගත් තැනක් ගන්න රජයේ ආයතන වෙනුවෙන් වැය වන මුදල්. ( කච්චේරි , ප්‍රාදේශීය ලේකම් කාර්යාල වැනි ආයතන වල වියදම්. මෙවැනි දේවල් ඉතාම අවශ්‍යයි රටකට. රජයේ සේවකයින්ට වැටුප් ගෙවීමට කෝටි 41400 පමණ වැය වෙනවා වර්තමානයේ )


viii. මේ ආකාරයේ අනේක විධ කටයුතු වලට මුදල් අවශ්‍ය වේ.

ix. යුද්ධයක් ක්‍රියාත්මක වේ නම් අනිවාර්යෙන් යුධ වියදම් සඳහා මුදල් වැය වේ. ( රුපියල් කෝටි 21,500 පමණ වුණා 2011 වගේ කාලයේ වාර්ෂික යුධ වියදම් )


x. දැනට රටේ නැති දේවල් වෙනත් රටකින් ගෙන්වීමට මුදල් අවශ්‍යවේ. බොරතෙල් , ලෝහ වර්ග , ඇඳුම් පැළඳුම් , මිදී , දොඩම් , කිරි , ඇපල් , ස්ට්‍රෝබෙරි , ආයකටු , හැට්ටකටු , ඉඳි කටු , වාහන , මුද්‍රස්ෆලන් වැනි දේවල්.


xi. වෙනත් රටවලින් ගත්ත ණය වාරික ගෙවීම් සහ , පොළිය ගෙවීම්. ( දැනට රටේ මුළු ණය ප්‍රමාණය රුපියල් බිලියන 4000 ඉක්මවලා තියෙන්නේ. සමහර ගණන් මිණුම් ව්‍යාජ ලෙස සඟවලා. කිසිම කෙනෙකුට ඇඟිල්ල දික් කරන්න බැරි විදිහේ උප්පරවැට්ටි ගහලා ගහලා මුළු ආර්ථිකයේම තිබුණ විනිවිධ භාවය කෙලෙසලා ඉවරයි මේ වෙනකොට. අපි ණය වෙලා ඉන්නේ ලෝකෙට ඩොලර් බිලියන 47ක් විතර . මම මෙතන ඉදිරිපත් කරපු ගණන් මිණුම් ටික සම්පූර්ණ අනික් පැත්ත ගහන විදිහේ දේවල් ටිකක් මහ බැංකුවට ඉදිරිපත් කරන්න පුළුවන් හිස් වටිනාකම් ආදේශ කරලා )


xii. පොදුවේ මේ විදිහට රජයකට වැය වන වියදම් සළකන්න පුළුවන්. විකට ස්වරූපයක් ගන්න වියදම් තිබීම ගැන කරන්න දෙයක් නැහැ. උදාහරණෙට ගත්ත රට අනුව ඉතින් තත්වය වෙනස් වෙනවා නෙව.






          ඉහත මම සඳහන් කරලා තියෙන්නේ රටක රජයක් විසින් අදායම් ලබා ගන්නා ක්‍රම සහ වියදම් වන ආකාරයන් ගැන මූළික වැටහීමක් ගන්න පුළුවන් විදිහේ පෙළගැස්මක්.

දැන් ඔබට

පුද්ගලයෙක්ගේ ආර්ථිකය ගොඩනැගෙන විදිහ,
ඔහුගේ ආර්ථිකය නගා සිටුවීමේ විධි,
ඔහුගේ ආර්ථිකය විනාශ වීමේ විධි,
ඒවාට විසදුම් සෙවීම සඳහා මූලික දැනුමක් සේම



රටක මූලික වියදම් සහ අදායම් ගැන අවබෝධයක්,
රටක ආර්ථිකය ගොඩනැගී ඇති ව්‍යුහය ගැන අවබෝධයක්,
රටක ආර්ථිකය කඩා වැටුණොත් සිදුවිය හැකි විපත් ගැන සුළු වැටහීමක් ලැබී තිබිය යුතය.






මෙතනින් එහාට මීට වඩා සවිස්තරව මේ කරුණු ගැන සලකා බලමු. ( කරුණාකරලා මෙතැනින් එහාට කියවන්න කලින් විනාඩි 5 ක විවේකයක් වත් ගන්න . )














                      දෙවන අදියරේ පැහැදිළි කිරීම


           මේ කොටස තුළින් මම කරුණු කියන්නේ රටක ආර්ථිකය , විණිමය අනුපාත පරිවර්තනය , ලෝක ආර්ථිකය සමග කටයුතු කිරීමේ මූලික න්‍යායන් , ආර්ථික ප්‍රයෝග , යහපත් ආර්ථික ප්‍රයෝග , ආර්ථික ප්‍රයෝගම පාරාවළල්ලක් වීමේ අවස්ථා ගැන.ඊට කලින් කෙනෙක් ණයක් ලබා ගැනීමකදී වෙන සංසිද්ධියක් ගැන දැනුවත් වෙමු.


    පුද්ගල ණයක් ලබාගැනීමේදී සැළකිලිමත් විය යුතු අවස්ථා.


01. ඔබ වෙනත් කෙනෙක්ගෙන් ණයක් ගන්නේ ඇයි :- ඔබ ළඟ ප්‍රමාණවත් මුදල් නැති නිසා.

02. ණයට ගත්ත මුදල අරන් කරන්නේ මොකක්ද :- ඔබේ අවශ්‍යතාවයක් සඳහා යෙදවීම.

03. ඔබේ අවශ්‍යතාවය කුමක්ද :- එක්කෝ අලුත් භාණ්ඩයක් මිළදී ගන්න , අලුත් වාහනයක් ගන්න , ඉඩමක් ගන්න , අලුත් ඇඳුමක් ගන්න , එක්කෝ වෙනත් ණයක් පියවන්න.

04. ණය පියවීමේ හැකියාවක් තිබීමේ වැදගත්කම මොකක්ද :- නියමිත දිනට ණය මුදල පියවීමට හැකි වෙනවා. වැල් පොලි එකතු වීමේ අවදානමෙන් මිදෙනවා. දඩ පොලි එකතු වීමෙන් වැලකෙනවා. නැවත දිනක ඔබට ණයක් දීමට ඕනෙම කෙනෙක් පසුබට වෙන්නේ නැහැ.

05. ණයක් ගැනීමේදී ගත යුත්තේ කොපමණ ප්‍රමාණයක්ද :- ඔබ සතු මුළු දේපළ , වත්කම් ප්‍රමාණය රුපියල් ලක්ෂ 100 කියමු. අනිවාර්යෙන්ම එයින් 30% කට වඩා ඔබ ණය විය නොයුතුයි. සිහින ලෝක මත පදනම්ව , සිහින අදායම් මත පදනම්ව , සිහින ව්‍යාපාර මත පදනම් කිසිසේත් ණය ලබා නොගත යුතුය.

06. ලබා ගත් ණය මුදල කොපමණ කාලයක් ඇතුළත ගෙවීමට හැකිද :-

i. මාසික ණය වාරිකය වැඩි වීමේදී ඔබට දරන්නට වෙන බර වැඩි විය හැකියි. එහෙත් ඉතා කෙටි කලක් තුළදී ණයෙන් නිදහස් වීමට පුළුවන්.

ii. මාසික ණය වාරිකය අඩු වීමේදී ඔබට දරන්නට වෙන බර අඩුයි. එහෙත් අවුරුදු ගණන් ඇදි ඇදි යන ණයකට කරගැහුවා කියන්නේ තනිකර මානසික පීඩනයක් වෙන්න පුළුවන්. ඒ වගේම පොලි මුදල් ලෙස ඔබ අති විශාල මුදලක් නිකරුණේ ගෙවලා තියෙන්න පුළුවන්.


07. ණයට ගත්ත මුදල් වතුරේ ගියොත් මොකද වෙන්නේ :-

i. ඔබේ සියළු සැලසුම් අසාර්ථක වෙනවා නේද ? ඔබ ලක්ෂ 30 ක් ණයට ගත්තා කියමු. ඒ සියල්ල විනාශ උනා කියන්නේ ඔබේ වර්තමාන මුළු වත්කම් ප්‍රමාණය කීයද ? ලක්ෂ 100 - 30 = ලක්ෂ 70 . ඒ ණයෙන් නිදහස් වෙන්න තව ලක්ෂ 30 ගත්තා කියමු. ඒකත් විනාශ උනොත් මොකද වෙන්නේ ? පොළිය සමග ඔබ දැන් ලෝකෙට ලක්ෂ 40 විතර ණයයි. දැන් ඔබේ මුළු වත්කම් ප්‍රමාණය කීයද ? ලක්ෂ 70 - 40 = ලක්ෂ 30.

ii. මේ වෙද්දී ඔබ ලක්ෂ 30 නිසා ලක්ෂ 70 ක දේපළ විනාශ කරගෙන ඉවරයි.


08. දිගින් දිගටම මේ විදිහට මුදල් අක්‍රමවත් විදිහට පාලනය කරලා අතේ සතේ නැති තැනට පත් උනා කියන්නේ ඔබ ඉවරයි. නැවත බලාපොරොත්තුවක් තියන්න බැහැ. ඔබ පොලි ගෙවිය යුතුයි , දඩ පොලි ගෙවිය යුතුයි. ඔබේ සියලු අදායම් මාර්ග විනාශ වෙලා නම් පොලි තියා ණය වාරිකය වත් ගෙවන්නේ කොහොමද?



පොඩි ආර්ථික විද්‍යා ප්‍රයෝගයක් ඇප්ලයි වෙන තැනක් බලමු.



                හිතන්න ඔබ සතුව ලක්ෂ 100 ක දේපළ තියෙනවා කියලා. එය ඇපයට තියලා ඔබ තවත් ලක්ෂ 30ක් ණයට ගන්නවා.ඒකෙන් හදනවා තට්ටු දෙකේ කඩකාමරයක්. කඩකාමරය හැදුවට පස්සේ ඒක මිල කරන්න පුළුවන් කියමු ලක්ෂ 50 කට. දැන් අපි බලමු ඔබ සතු මුළු දේපළ වල වටිනාකම.

ඔබ සතු දේපළ වල වටිනාකම් = ලක්ෂ 100 ( ණය මුදල ගැනීමට ප්‍රථම )

ණය මුදල ලබා ගත් පසු ඔබට පරිහරණයට ඇති මුළු දේපළ ප්‍රමාණය = {ලක්ෂ 100 + 30} = ලක්ෂ 130

කඩකාමරය ලක්ෂ 50 කට මිල කල හැකි නම් දැන් ඔබ සතු දේපළ = ලක්ෂ 100 + 50 = ලක්ෂ 150



             එහෙත් මතක තබා ගන්න ලෝකයා හමුවේ ඔබට මෙසේ ගණන් පෙන්විය හැකි මුත් සැබෑ ලෙස ඔබට මේ ලක්ෂ 150 කිසි සෙත් අයිති නැහැ. ඔබ ලක්ෂ 70 ක හිමිකරුවෙක් පමණයි. එසෙම ලක්ෂ 30 ක ණය කාරයෙක්. ****පුද්ගල ණයක් ලබාගැනීමේදී සැළකිලිමත් විය යුතු අවස්ථා.**** හීදී සාකච්චා කල කරුණු අනුව ඔබ සතු අවදානම තේරුම්ගත හැකිද ? ලක්ෂ 30ක් නිසා ඔබේ දේපළ ප්‍රමාණය ලක්ෂ 150 දක්වා ඉහළ ගියා සේම , වැඩ වැරදුණොත් ඔබ සතු සියල්ල අහිමිව යන ආකාරය/අවදානම තේරුම් ගත හැකිද ?




ප්‍රයෝගයම තව දුරටත් 01 . ( වඳුරට දැලි පිහිය ලැබීම )


           හිතන්න ඔබ ලක්ෂ 30 ණයට ලබාගෙන බස් රථ සේවයක් ආරම්භ කළා යැයි. එමගින් ඔබ මසකට ලක්ෂ 2 ක ශුද්ධ ලාබයක් ලබාගනී යැයි සිතන්න.


දැන් ඔබ සතු මුළු දේපළ/ව්‍යාපාර/අදායම් මාර්ග වල වටිනාකම = ස්ථාවර දේපළ + බස් රථය + එහි අදායම {ලක්ෂ 100 + ලක්ෂ 30 + මසකට ලක්ෂ 2ක්}



මීළඟ වසර සඳහා ඔබ සතු දේපළ හි වටිනාකම = ලක්ෂ 100 + ලක්ෂ 30 + මසකට ලක්ෂ 2 x 12 = ලක්ෂ 154


             ලෝකයා හමුවේ මෙසේ ගණන් පෙන්විය හැකි මුත් ඔබ තවමත් ණය හිමියෙක් පමණයි.  ඔබ මේ ගණන් පෙන්වන්නේ සැබෑ ලෙසම ඔබට අයිති නැති දේපළ සඳහායි.


ප්‍රයෝගයම තවදුරටත් 02. ( ස්වයං වින්දනය )



         ඔබ කෙසේ හෝ ලක්ෂ 60 ක ණයක් ලබාගත්තා යැයි සිතමු. දැන් ඔබ සිව් මහල් ගොඩනැගිල්ලක් හදනවා ඒ මුදලින්. වැඩ නිමා කිරීමෙන් පසු එහි වටිනාකම ලක්ෂ 120 දක්වා ඉහළ ගියා යැයි සිතමු. දැන් ඔබට ලෝකයා හමුවේ මෙසේ ගණන් පෙන්විය හැකිය.



ඔබ සතු දේපළ වල වටිනාකම් = ලක්ෂ 100 ( ණය මුදල ගැනීමට ප්‍රථම )

ගොඩනැගිල්ල ලක්ෂ 120 කට මිල කල හැකි නම් දැන් ඔබ සතු දේපළ = ලක්ෂ 100 + 120 = ලක්ෂ 220

            මෙලෙස ලෝකයා රවටමින් ඔබට ලක්ෂ 220 හිමි අයෙක් සේ පෙනී සිටිය හැකියි. එහෙත් ඔබේ සැබෑ ණය බර සහ අවධානම කෙසේද ? මොහොතෙන් ඔබේ ලෝකයම විනාශ වී ගියහොත් ඔබට කෙසේ වත් ණය මුදල හෝ ගෙවීමට හැකිද ?


ප්‍රයෝගයේ අවසානය . ( ගොන් පාර්ට් එක )



ඔබ සතුව තිබු දේපළහි වටිනාකම් = ලක්ෂ 100
ප්‍රයෝග වලින් පසු ඔබ ගොඩ නැගු වටිනාකම් = ලක්ෂ 220

ලක්ෂ 220ක හිමිකරුවෙක් සේ පෙනී සිටිමින් ඔබ නැවත ලක්ෂ 100 ක ණය මුදලක් ගත්තා යැයි සිතන්න. එයටත් සෙප්පඩවිජ්ජා දමමින් ඔබ ලක්ෂ 500 පමණ දේපළ ඇති අයෙක් සේ කටයුතු කරයි නම්,

ඔබ සතු මිහිපිට ඇති දේපළ හි වටිනාකම් = ලක්ෂ 100
සෙප්පඩ විජ්ජා දැමීමෙන් පසු වටිනාකම් = ලක්ෂ 500
ඔබ ලෝකයට ණය මුදල් = ලක්ෂ 400

 සියල්ල අවසානයේ වෙන දේ = යන්තන් කාලා ඇඳලා ඉන්න තිබ්බ ලක්ෂ 100 ත් නැති කරගෙන ලෝකෙට ලක්ෂ 400 ක ණය කාරයෙක් වෙලා පාරටම වැටෙනවා. ආයේ කිසිම කෙනෙක්ගෙන් උදව්වක් ගන්න බැහැ. අම්මා අප්පා වත් අත දෙන්නේ නැහැ. මොකද එයාලව කලින්ම විකුණලා ඉවරනේ ආඩම්බර කාර පුතා... ලක්ෂ 1000 ක හිමිකරුවෙක් මේ විදිහේ දෙයක් කළොත් ඔහු කොපමණ මුදලක් ලෝකෙට ණයද ? කෝටි දහස් ගණනින් මෙවැනි වංචාවක් කළහොත් ඇති වන බලපෑම කොපමණද ?




රටක ආර්ථිකයට මෙහෙම දෙයක් උනොත් මොකද කරන්නේ ?


               දැක්කද මේ ලක්ෂ 30 ක ණයක් නිසා වෙච්චි විනාසයක තරම් ! රටක් මේ තැනට ආවම මොන ආර්ථික විශේෂඥයටද පුළුවන් රටක් ගොඩගන්න. කව්ද අපිට පිහිට වෙන්නේ ? ඉරානයේ නානලද නැත්නම් චීනෙන් ආව චීන්නුද ? ( කොපි රයිට් ටැබූ සතුයි  )

               දැනට ලංකාව ඉන්නේ මෙන්න මේ වගේ තැනක. සාමාන්‍ය පුද්ගලයෙක් මේ තැනට පත් වීම සහ රටක් මේ තැනට පත් වුනා කියන්නේ සම්පූර්ණ දෙකක්. රටේ ඇතුලේ මොන තරම් මහා මාර්ග , අධිවේගී මාර්ග , ගුවන්පාලම් , අසාර්ථක සල්ලි තව තවත් විනාශ වෙන ගුවන්තොටුපළවල් , අසාර්ථක සල්ලි තව තවත් විනාශ වෙන වරායවල් ,අසාර්ථක සල්ලි තව තවත් විනාශ වෙන කර්මාන්ත පුර , අසාර්ථක සල්ලි තව තවත් විනාශ වෙන සෙප්පඩ විජ්ජා කොච්චර තිබ්බත් වැඩක් නැහැ. මේ කිසි දෙයක් අපිට අයිති නැහැ. මේ සියල්ල අයිති වෙන වෙන රටවල් වලට. එතනිනුත් තියෙන ගැටලුව තමයි ඒ රටවලටත් මේ සෙප්පඩ විජ්ජා වැඩක් නැහැ. අපේ රට තුළ කිසිම ලාබ ලබන ව්‍යාපාරයක් නැහැ. තියෙන සියල්ලම තව තවත් ජාතිය විනාශ කරන මහා සාප.



අපිව කාටද වැදගත් ? කව්ද අපිට දැන් අත දෙන්නේ ?

පිළිතුර ඉතාම සරළයි. අපිට කව්රුත් නැහැ.



පෝස්ටුවට අදාළ වෙනත් කරුණු සහ ප.ලි.

ලක්ෂය = 100,000
ලක්ෂ 10 = මිලියන 1
ලක්ෂ 100 = කෝටි 1



මිලියන 10 = කෝටි 1
මිලියන 100 = කෝටි 10
මිලියන 1000 = කෝටි 100 = බිලියන 1
මිලියන 10,000 = කෝටි 1000 = බිලියන 10
මිලියන 100,000 = කෝටි 10,000 = බිලියන 100
මිලියන 1,000,000 = කෝටි 100,000 = බිලියන 1000

බිලියන 1000 = ට්‍රිලියන 1



                මේ පෝස්ට් එක එකම පෝස්ට් එකක් විදිහට ලිව්වේ. තව තවත් ලපයි සිපයි විකාර කතා කර කර ඉඳලා පලක් නැහැ. ඒ නිසා කොටස් වලට කඩන්නේ නැහැ මේ වගේ පෝස්ට්. දැන් වත් මේ වෙන දේවල් ගැන අවබෝධයක් රටේ ඉන්න ජනතාවට ලබාදෙන්න ඕනේ. විවිධ අධ්‍යාපන මට්ටම් තියෙන අය මෙතනට එනවා. ඒ නිසා මෙවැනි දේවල් ඉදිරිපත් කරද්දී මුල් කොටස් ඉතාම සරළවත් , දෙවෙනි තුන් වෙනි අවස්ථා වලදී හරියටම ආර්ථිකවිද්‍යා උප්පරවැට්ටි ගැනත් කරුණු එලි කරනවා. යම් කිසි කෙනෙකුට මුල් පෝස්ට් දකිද්දී " අය්යෝ ඕවා අපි දන්නවා " කියලා හිතෙන්නත් පුළුවන්. ඒ පිරිසටම පෝස්ට් එකේ දෙවෙනි තුන් වෙනි අවස්ථා එද්දී " කිසිම දෙයක් තේරුණේ නැහැ " කියලා හිතෙන්නත් පුළුවන්. යම්කිසි තැනක් අපැහැදිලි නම් අහන්න. ඒ වගේම මෙවැනි දේවල් ඉදිපත් කරද්දී අනිවාර්යෙන්ම සංකීර්ණ තැන් එනවා. ඒවා පුළුවන් තරම් තේරුම්ගන්න උත්සාහ කරන්න හැකිතාක් සරළව විස්තර කරලා තියෙන මේ වෙලාවේ හරි. ඒ වගේම පුළුවන් තරම් FACEBOOK හරහා මෙවැනි ලිපි කාගේ බ්ලොග් එහෙක දැක්කත් Share කරන්න. මම ලියපු ඇයි අපිට ජපානෙන් 300% බද්දට වාහන ගේන්න උනේ?1960 දී ලංකාවේ මෝටර් රථ තාක්ෂනය විනාශ කළ දේශප්‍රේමීන්   මේ පෝස්ට් එක දැනට 6500 ගණනක් දෙනා ප්‍රචාරය කරලා තිබුණා FB හරහා.ඒ ලිපිය මන් හිතන්නේ අඩුම තරමේ 13,000 දෙනා වත් ඇහින් දකින්න ඇති. එම ලිපිය සහ මෙම බ්ලොගයේ ලිපි ප්‍රචාරය කරන මාතලන් , අටම්පහුර , draki , ගජින් , මොරබ්බා , සැමට මිතුරු ,පේට්‍රියා , සියලු සින්ඩි හිමියන් ඇතුළු නම් ගම් නොදන්නා සියලු දෙනාටම ස්තූතියි. මේ පෝස්ට් එකේ ඊළඟ කොටස මේ වෙද්දීත් ලියලා ඉවරයි. ඒකත් ඉක්මනට දානවා මම ඉන්න වෙලාවේම. උත්තර දෙන්න කෙනෙක් නැතුව ඒවා එළියට ඇවිත් වැඩක් නැහැ.



                මීළඟ කොටස තුලින් විදේශ විනිමය කෘතීම ලෙස පාලනය කිරීමෙන් වුනු විනාශය , නොයෙක් වර්ගයේ වංචනික බදු අයකිරීමේ ක්‍රම , බදු මුදල් වැඩි වීමේදී සිදු වන අහිතකර බලපෑම් , දිගින් දිගටම විදේශ ණය ලබා ගැනීම තුලින් රට තුළ කළු කුහරයක් හැදෙන හැටි , කොටස් වෙළඳපොළ මගින් ඇති කල ආර්ථික ප්‍රයෝග ( සැබෑ වටිනාකම ගැන කරපු පැහැදිලි කිරීම මතකනේ ) , රටේ මුදල් එක මොහෙතෙන් වාෂ්ප විය හැකි අවස්ථාවක් , දිගින් දිගටම මේ යන යෑමෙන් වැඩ වරදින හැටි , යන්තම් හරි ඔලුව උස්සන හැටි. ඊළඟ කොටස තුළදී කතා කරන දේවල් හරියටම තේරුම්ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් මේ පෝස්ට් එක හොඳින් නිදහසේ පැයක් විතර කාලයක් අරන් බලන්න. හදිස්සියේ කියවන්න එපා. සෑහෙන දේවල් ටිකක් තියෙනවා එළියට එන්න ඕනේ.


හැකි තරම් යහළුවන් අතරේ share කරන්න...


වර්තමාන(2012 Dec)දේශපාලනය හා අඳ ගැහැණිය!

මීළඟ ජනාධිපති විය යුත්තේ කව්ද?විය හැක්කේ කව්ද ?(ලිපි කීපයක පළමු වැන්න)

රටක අග්‍රවිනිශ්චය ධූරයට හූ කියන තුට්ටු දෙකේ පාපතර දේශපාලනය

රටක පාලන ව්‍යුහයක බිහිසුණු තැන් (01)

බෝලේ පාස් කරගත්තම ඔක්කොම හරිද ?|Dont miss the catch

ඇයි මම මේ විදිහට හැසිරෙන්නේ ? Why am I ?



අපි ඉන්නේ අපිට අයිති නැති රටක . රුපියල් ට්‍රිලියන ගණනින් ණය වෙලා , සෙප්පඩ විජ්ජා කරලා , තව තවත් එරිලා , එරී එරී ඒ මඩ වලේම ඉඳන් ආශ්චර්යමත් දේශයක් ගැන සිහින ලෝක හදනවා.ආශ්චර්ය කියන්නෙත් සෙප්පඩ විජ්ජාවක් විතරයි !




104 comments:

  1. ඉතා විශිෂ්ඨයි සහන්.හැබැයි අපේ දෙශප්‍රේමීන්ගෙ තර්ජනයට ලක් වෙන්න ඉඩ තියනවා ඔබව මොකද අපි දැන් ඉන්නෙ ආශ්චර්යයට අතේ දුරින් කියල හිතාගෙන ඉන්න ආතල් එක කඩපු නිසා.මම ඉන්න රටේ වැඩ කෙරෙන දිහා බැලුවහම ලංකාව ගැන පුදුම දුකක් හිතෙනවා,මගෙ පුද්ගලික අදහස ෆොන්සේකා ජනාදිපති වුනානම් මීට වඩ හොඳවෙන්න ඉඩ තිබුනා කියල.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මිත්‍රයා. පුළුවන් නම් මේ දේවල් අනිත් අය අතරත් බෙදා ගන්න. මට පුළුවන් ලියන දේ විතරයි.මේ දේවල් බෙදාහැරීම ඔබලාගෙන් විය යුතු උදව්වක්.

      මම ඉන්නේ අන්වර්ථ විදිහකින් මිත්‍රයා.මම කව්ද , මොනවද කරන්නේ , කොහෙද ඉන්නේ කියන දේ මම එලි කරනවා ඉක්මණට. ඔබ මතු කරපු අනිත් මහත්මයා ගැන කිව්වොත් කියන්න තියෙන්නේ ඔහුගේ පාලනය අසාර්ථක වේවි කියලයි දේශපාලනික වශයෙන්. දේශපාලනමය නම්‍යශීලීත්වයක් නැති පුද්ගලයෙක්ට පැවැත්මක් නැහැ. රටේ ආර්ථිකය , සමාජීය සුබසාධනය , සංවර්ධන වැඩ පිළිවෙලවල් ඔහු කොහොම කරාවිද කියලා හිතාගන්න බැහැ. නියමිත විදිහට සුදුස්සෝ පත් කරගෙන පාලනය ගෙනියන කෙනෙක් වෙනවා නම් හොඳයි ඔහු.

      ( ඒත් අනේ මන්ද මිත්‍රයා )

      Delete
  2. මම සහන්ගේ ලිපි අතරින් වඩාත් කැමති අර මෝටර් රථ පිළිබඳ ලිපියටයි. මේ තමයි දෙවනි ලිපිය. ඉතාමත් විශිෂ්ඨයි සහන්. කිව යුත්ත නියමෙටම කියලා තියනවා. කාටත් තමන්ගේ හදවතින්ම පිළිගන්න පුළුවන් මේ ඇත්ත කියලා. මෙහෙම ලිපි කීපයක් ලියන්න සහන්.

    ReplyDelete
    Replies
    1. මොකද වෙදමහත්තයා හිතේ අමාරුවෙන් වගේ කතා කරන්නේ?

      Delete
    2. හිතේ අමාරු එන්නෙ නැත් ද ඇනෝ, අපි මේ කියන ඒවා අඩු ගණනේ තඹ සතේකට ගණන් නොගන්නා සම-හරක් ද සිටී නම්. මේ ලිපිය ලියන්න සහන් කොපමන නම් මහන්සි වෙන්න ඇද්ද. නමුත් ඒකෙන් අපි අපේ දැණුම් නිම්වළල්ල පුබුදු කර ගන්නවාද???????????????????හිතේ අමාරු නැද්ද අප්පා??????????????

      Delete
    3. මම මේ ලිපිය ලිව්වේ වෙදමහත්තයා එක්ක ඇතිවුණු කතාවක් තුළදී මතුවුණු ප්‍රශ්නයක් නිසා. අපිට මොකද වෙන්නේ කියලා එදා ඔබ මගෙන් ඇහුවේ. අපිට වෙන්නේ මේක තමයි මහත්මයා. මෙච්චර දෙයක් වෙද්දී ඔලුව ගහන් ඉන්න බැරි නිසයි පුදුම වෙහෙසක් අරන් මේ ටික ලිව්වේ. තව කොටසක් තියෙනවා මේකෙම 02. ඒකත් බලන්න එන්න. ඒවගේම හැකිතාක් අනිත් අයවත් දැනුවත් කරන්න. දැනුවත් වීම තුළින් විතරයි වර්තමානයේ යමක් කරන්න පුළුවන්..

      Delete
  3. කියන්න දෙයක් නැහැ සහන් , ඒ තරම්ම සම්පුර්ණයි, කොහොම වුනත් ...

    “අපි ඉන්නේ අපිට අයිති නැති රටක . රුපියල් ට්‍රිලියන ගණනින් ණය වෙලා , සෙප්පඩ විජ්ජා කරලා , තව තවත් එරිලා , එරී එරී ඒ මඩ වලේම ඉඳන් ආශ්චර්යමත් දේශයක් ගැන සිහින ලෝක හදනවා.ආශ්චර්ය කියන්නෙත් සෙප්පඩ විජ්ජාවක් විතරයි ! “

    මේක තේරෙන අපේ මිනිස්සු තාමත් “සති දෙකේ ෆැන්ටසියක“ ( ඒ කීවේ සති දෙකෙන් ඔක්කොම අමතක කරලා )  ජීවත් වන එක පුදුමයක් තමා ..
    ස්තුතියි , විශේෂයෙන්ම මේ ලිපිය ලියන්නට ඔබ වූ වෙහෙස ඉහළින්ම අගය කරනවා , මේ ලිපිය පුවත් පතකට යායුතු එකක් කියලයි මට හිතෙන්නේ ( ... ඊට පස්සේ පත්තර කන්තෝරුව ..... ???? )

    ReplyDelete
    Replies

    1. ඔබට බොහොම ස්තූතියි මහේෂ් මහත්මයා. මේ ලිපි පත්තර වලට යැව්වට වැඩක් නැහැ මහත්මයා. නිකම්ම දොට්ට. ඊට වඩා හොඳයි 100 ක් දෙනාට හරි බලන්න මෙහෙම බ්ලොග් එකක දාන එක. මේක කියවන අය තමයි තව තව අය අතරේ බෙදාගන්න ඕනේ. නැතුව අපිට රටටම මේ පණිවිඩය දෙන්න විදිහක් නැහැ..

      මම අසනීපෙන් උන්නත් මෙහෙම දේවල් ලියන්නේ එකම හේතුවක් නිසා.ඒ තමයි ල--- වගේ අයගේ කට වැහුවට එයාගේ හෙවණැල්ල ඉන්නවා තාම ජීවතුන් අතර කියලා පෙන්නන්න. මම අක්‍රීය වෙනකම් මේ බ්ලොග් එකේ මේ වගේ පෝස්ට් වැටෙනවා. ඉන්ටනෙට් එකේ ලියලා තිබ්බම ඕනේ කෙනෙක් අරන් බලාවිනේ.

      ස්තූතියි මහේෂ් මහත්මයා ඔබේ පැමිණීමට. හැකි තරම් අනිත් අය අතරේ බෙදාගන්න මේ දේවල්..

      Delete
  4. ආදරණීය අම්මේ තාත්තේ ....
    පිරබාහරන් කියන පිල්ලිය එවලා අපේ රට උන්ට ඕන විදිහට නටවන්න බලන් හිටපු අධිරාජ්‍යවාදීනුයි, උන්ගේ බෙරපදේට තාල අල්ලන රනිල් උන්නැහේගේ නාකි අලි නඩෙයි,එන්ජීඕ කාන්ඩෙයි දැන් පදේ වෙනස් කරලා. ආදරණීය අම්මේ තාත්තේ අද උන් හදන්නේ ඇමරිකාවෙන් ලෝකෙටම දීපු ගූගල් හරහා බ්ලොග් කියලා අටමගලක් අටවාගෙන අපේ අලුත් පරම්පරාවේ මොළ හෝදන්න.
    ඔන්න ඇමරිකාවේ ඔබාමා ගොයියා ඇෆ්ගනිස්තානෙට,ඉරාකෙට බෝම්බ දානකොට ඇහැ කන පියාගෙන හිටපු නවනීදන් පිල්ලේ එනවලු ලංකාවට අපි මානව හිමිකම් රකිනවද බලන්න.
    ඒ එනකොටම මෙන්න නිශ්ශබ්ද සහන් කියලා එන්ජීඕ සල්ලි වලින් බ්ලොග් කියන කඩමාල්ලක් අටවගත්ත ඇමරිකන් පුතෙක් ලියලා ලිපියක් "ශ්‍රී ලංකාවේ ආර්ථිකයට අනාගතයේදී විය හැකි දේ" කියලා.
    අපි මේ මහින්ද චින්තනය යටතේ ආර්ථිකය යහමගට ගන්න හදනකොට, වරායවල් හදනකොට, අධිවේගීමාර්ග හදනකොට,ගුවන්තොටුපොළවල් හදනකොට,ඒකපුද්ගල ආදායම ඩොලර් හාරදාහට නගිනකොට, අපි අපේම ගමනක් යනකොට තමයි මේ "සයිලන්ට් සහන්ලා" අපිට කියන්නේ මේවා බලන්න එපා, බඩ ගැන හිතන්න, මානව හිමිකම් ගැන හිතන්න, නීතියේ ආධිපත්‍යය ගැන හිතන්න බුදු අම්මේ මෙන්න යකා එනවෝ, ණය බර වැඩිවෙලා, අපි නය වෙලා අරකද මේකද හැම කෙමනක්ම,
    ඇයි හත්වලාමේ කලින් හිටපු ආණ්ඩු ණය ගත්තේ නැද්ද ආ..? ණය ගත්ත එකම මිනිහා මහින්ද රාජපක්ෂද..? එක නෙවෙයි අද සහන්ලා වගේ ඇමරිකන් පුත්තුන්ට ඕනකරලා තියෙන්නේ අපේ ජාතිකත්වයට ගරුකරන ,අපේම මිනිහෙකුගේ නායකත්වය පිළිගන්න එපා කියලා ලෝකෙට පෙන්නන්න මගේ අම්මේ තාත්තේ,නැත්තං පිල්ලේ නෝනා එන්න ඔන්න මෙන්න කියලා තියෙනකොට මේ සයිලන්ට්ලා ශවුට් කරන්නේ මොකටද මං අහන්නේ.
    මොන සෙල්ලම් දැම්මත් අපි ලබාගත්තු ජයග්‍රහණය ආපස්සට හරවන්න සයිලන්ට් සහන්ලාට කවල්දාවත් බෑ කියන එක මම මේ අවස්තාවේදී කියන්න කැමතියි අම්මේ තාත්තේ....!

    ReplyDelete
    Replies
    1. මචන් ඇනෝ එකක් දාන්න ගිහින් වැරදුණා.මේක මකපන් කොල්ලෝ පටස් ගාලා.

      Delete
    2. මෙතන මොකද වෙන්නේ ..?

      Delete
    3. ඇනෝ, උඹ හීනෙන්වත් උත්ප්‍රාසය කියලා එකක් අහලා නැද්ද බන්ස්.. :D

      Delete
    4. මොකක්ද බං මේ ඇනෝ කියන්නේ...?

      @සහන්
      මේ තියෙන්නේ විමල් වීරවංස මහත්තයා සහන්ගේ ලිපිය කියවලා කියපු කතාව.

      Delete
    5. @ සෙන්නා...
      කියලා වැඩක් නෑ බං. ඇනොගේ මොලේ දිග පළල හිතාගත්ත හැකි.

      Delete
    6. @ විමල් වීරවංස

      හැමදාම එකම දේ කියවන්න එපා මෙයා. බින්තැන්නේ වැද්දොත් ඔහේගේ කෙරුවාව දන්නවා ..

      @ ඉවෝන්

      හොඳම නිර්මාණ ශීලී පිළිතුරක්. අරූගේ කමෙන්ට් එකත් මෙතනට එන්න ඕනේ..

      @ සෙන්නා

      ගණන් ගන්න එපා බන්. හිතේ වේගෙට නෙව..

      Delete
    7. Ano kiwwa eka ubata therene nethnam... Ubada aththatama uda comment eka liwwe.

      Delete
  5. සහන් ලාංකිකයන් දැනුවත් කිරීමට ගන්නා උත්සාහය අගයමි
    සෙප්පඩ විජ්ජා දාලා රවට්ටන්න පුළුවන් ලෝකය දැකපු නැති අයව තමා :-(
    ඔය ණය නිසා නේද 1980 ගණන් මුලත් රුපියල් 15 ට තිබුනු us ඩොලර් එක දැන් රුපියල් 130 ගණන් වලට යන්නේ?

    ReplyDelete
    Replies
    1. ඊළඟ එක ලියවෙන්නේ විදේශ විනිමය සහ සංකීර්ණ ආර්ථික සම්බන්ධතා ගැන නිකමෝ.ඒ කොටස් කියවන්න එන්න.සියල්ල පැහැදිලි වේවි.. මෙහෙම පෝස්ට් එහෙකට කමෙන්ට් එකක් දාන්න තරම් හය්යක් තිබීම ගැන සතුටු වෙනවා නිකමෝ.. දිගටම එන්න..

      Delete
  6. ඇත්ත ඇති සැටියෙන් ....

    වෙන කියන්න දෙයක් නැහැ පුතෝ ....

    දේශපාලන හාල්පරුවනි කියවාපල්ලා ...

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම මගියෝ. මේවා බොරුයි කියලා කාටවත් කියන්න බැහැ. ඊළඟ කොටසත් ආවම සියල්ල පැහැදිළි වේවි ඔබට. එකම එක දෙයක් කරන්න. මේ සේරම ලිපි ඔබේ යහළුවන් අතර බෙදාහරින්න.. ඒකෙන් විතරයි නියම ප්‍රතිඵල ගන්න පුළුවන් අපිට...

      Delete
  7. මුල ටිකක් කියෙව්ව මල්ලි.
    මෙම ලිපිය නිවාඩු පාඩුවෙ කියවිය යුතු වටිනා ලිපියක්.
    අවසන් වන තුරු කියවල නැවත එන්නම්.

    ReplyDelete
    Replies
    1. වැදගත්ම කමෙන්ට් එක කෙන්ජි අයියේ. මගේ මේ වගේ පෝස්ට් කියවන්න ඕනේ ඉතාම විවේකෙන් . මම තව දුරටත් පොඩි පෝස්ට් ලියන්නේ නැහැ. මට තියෙන කාලය එක්ක එක දිගට ලියලා ලියල ඉවර කරන්න හිතුවා. ඒ නිසා මම හිටියත් නැතත් මේ දේවල් අනිත් අය අතර බෙදාගන්න..

      Delete
  8. ආයෙ දෙකක් නෑ, මේක විවේකී මනසින් බලපු එකෙක් මේ කියන්නේ අපේ රටේ සැබෑ තත්වය නේද.. කියන එක තේරුම් ගන්න බැරිනම් අවම මානසික ශක්තියක් ඇත්තෙක් වෙන්න ඕන. කියන්න ඕන දේ පැහැදිලිව සරළව කියල තියනවා.

    මට දුක දරුවන් ගැනයි, අපේ ජීවිතේ සැදෑ කාලය ගැනයි. සිය දිවි නසා ගැනීම පවක් වෙච්ච එකේ, ආසනික් වලටයි ඩීසීඩී වලටයි තව මොනව හරි වලටයි පිං සිද්ධ වෙන්න සැදෑ කාලයක් එන්න කලින් සෙත්ත පෝච්චි වුනොත් අපිට අවුලක් නෑ. ඒත් දරුවෝ?

    ReplyDelete
    Replies
    1. මම හිටියෙම පේට්‍රියා එනකම් මේ පෝස්ට් එකට. ආවේ නැත්නම් මේල් එකක් හරි දාන්න හිටියේ. මේ පෝස්ට් එක හරියටම තේරුම්ගන්න අයගෙන් කෙනෙක් උඹ. මම මේ වගේ පෝස්ට් දෙක තුනක් ඉස්සරහට දානවා. උඹත් ඉන්න ඕනේ බර අදින්න. මට තනියම අදින්න බැහැ.

      ළමයි ටික එළවලා උඹ උඹේ ජීවිතේ ගැන හිතපන්. දැන් වෙන කරන්න දෙයක් නැහැ. ( මේක කියද්දී මට තව කතාවක් මතක් උනා . පස්සේ කියන්නම්කො .. )

      දිගටම වරෙන් සහ දන්න දන්න හැමෝටම මේ දේවල් බලන්න දීපන්. FB එකෙන් share කරපන් හතර වටේ..

      Delete
  9. අප මොනවා කීවත් මේ රටේ ඉන්න බහුතර ගොන්නු මේ හරක් දේශපාලුවන්ට තව වසර 100ක් යනතුරු වුවත් චන්දය දෙති. ශ්‍රී ලංකාව කියන වටිනා රට මේ කාලකන්නි දැන් විනාස කරලා ඉවරයි. ප්‍රධානම හේතුව රටේ වැදගත්ම තැන්වලට ගොබ්බයන් පත් කිරීමයි. පෙනෙන මානෙක මටනම් මේකට පැහැදිලි විසදුමක් නෑ.

    වටිනා ලිපියක් ලබා දුන්නට බොහොම ස්තුතියි....

    ReplyDelete
    Replies
    1. \\\පෙනෙන මානෙක මටනම් මේකට පැහැදිලි විසදුමක් නෑ. \\\

      මාත් ඉන්නේ මේ තැන මිත්‍රයා. දේශපාලන විසදුම් නම් බල්ලට දාන්නකෝ. ඒත් මේ ණය වලට මොකද කරන්නේ ? මේවට දේශපාලන විසදුම් දීල බේරෙන්න බැහැ චන්ද පොරොන්දු වගේ..

      ස්තූතියි මෙහි ඒම ගැනත් අදහසක් කියන්න තරම් හය්යක් තිබීමත් ගැනත්. පුළුවන් නම් මේ ලිපි අනිත් අය අතරේ බෙදාගන්න..

      Delete
  10. ලබ්..ඩබ්.......ලබ් ඩබ්..........ල.....බ්.....ඩ.....බ්...!!!!!!
    හදවත නතර වේගෙන යනවා වගේ දැනුනා...!
    අහෝඅපේ දරු පරපුර..???

    ReplyDelete
    Replies
    1. ඊළඟ පෝස්ට් එකත් බලන්න වීයෝ මතක ඇතුව. කෙළින්ම හිතහදගන්න පුළුවන් ඒ ටිකත් බැලුවට පස්සේ. තවත් නළවන්න දෙයක් නැහැ බන්. දැන් ඉතින් විසදුමක් නැහැ.


      ළමයි ගැන හිතන්න දෙයක් නැහැ. එයාලට උස් මහත් වෙන්න ලැබෙන්නේ නැහැ මේ යන විදිහට..තව අවුරුදු 15 කට වඩා ලංකාව දුවන්නේ නැහැ ( වෙනසක් නොවුණොත් ).

      ස්තූතියි වීයෝ අදහස කීම ගැන ..දිගටම එන්න..

      Delete
  11. අනේ අම්බෝ...........ඇයි ඔය වගේ ලක්ශ ගනන් ණය අරගෙන ලොකු බිස්නස් එකක් පටන් අරගෙන පව්ලේ කාටහරි ලක්ශ ගණන් වලින් බෙහෙත් කරන්න වෙන ලෙඩක් හැදුනොත් එහෙම සොරි ඩොට් කොම්..ඇත්තටම ණයක් ගන්න කලින් දෙපාරක් නෙවෙයි සිය දහස් වරක් හිතන්න ඕනේ..සමහරු ලක්ශ ගනන් ලෝන් ගහලා ගෙවල් හදාගෙන මුලු ජීවිත කාලේ ම ඒ ණය ගෙව ගෙවා මානසික පීඩනේකුත් එක්ක ජීවත් වෙනවා...ජීවිතේ කිසිම විඳීමක් නෑ...විඳවීමක් විතරයි..

    ඉස්සරහට අපිට ඉපදෙන්න ඉන්න දරුවොත් ලෝකෙට ණය කාරයෝ වෙලා උපදිනනේ....අහෝ දුකකි...ඉරකි තිතකි...

    අර මැද්දෙන් තියන ඇඩ් එකත් නියමයි ඈ :D :D

    ReplyDelete
    Replies
    1. යන්තම් යුද්ධේ නතර උනාම වත් කරන්න තිබුණේ ඒ මුදල් වලින් දැනට තියෙන ණය ගෙවන එක. එහෙම නැතුව තව තව ණය වෙලා ඒ සල්ලි අරන් අසාර්ථක ව්‍යාපෘති කරන එක නෙවේ රෙහානි.

      යුධ වියදම් නැවතීමත් එක්ක අපිට පුළුවන් කම තිබුණා අය වැය හිගය පියවන්න බොහොම පහසුවෙන්. ඒත් මේ රජය කරේ තව තවත් අය වැය හිගය වැඩි වෙන තැනට වැඩ කරපු එක විතරයි. ( බොරු ගණන් මිණුම් වලින් නම් අය වැය සමාන කරන්න අපිටත් පුළුවන්. )

      බොහොම ස්තූතියි රෙහානි කොන්ද පණ ඇතුව අදහසක් කීම ගැන.

      Delete
  12. හ්ම්ම්.... මේක කිය්වෙවට පස්සේ මටත් හිතුනා ලක්ෂ 400 ක් විතර ණයක් ගන්න ඇත්නම් කියලා. :D

    ReplyDelete
    Replies
    1. ඒක අරන් කෙළින්ම එන්න මා ළඟට. මම ඕවා ගැන කාපර් කෙනෙක්. අවුරුදු 3 න් ඔයාව බිලියන බාගෙක හිමිකාරයෙක් කරනවා. මොකද කියන්නේ අත ගහමුද අයිලෂ් අයියේ..?

      Delete
  13. විචාරක තුමා,හැලප තුමා සමග අලුත්ම තුමා අරූ තුමාගෙ,Aru-ge adaviya වියට පිවිස ජිවිතයේ ලැබූ සත්‍ය අත්දැකීම් කියවන්න කියල මා කාරුණිකව ඔබ සැමට ආරාධනා කරමි.

    ReplyDelete
    Replies
    1. ඒක බ්ලොග් රෝල්ට දාගන්න විදිහක් නැහැ අය්යේ මට. මගේ 300 පැනලා ඉවරයි.. එයට කියන්න අනික් සින්ඩි වලට , බ්ලොග් රෝල් වලට දාන්න කියලා.

      වෙනමම ටේස්ට් එකක් තියෙන බ්ලොග් එකක් කියලා නම් එකහෙලාම පිළිගන්නවා..

      Delete
  14. මේක කියෙවුවම මැරෙන්න හිතෙනවා... මේ ණය ගෙවන්නෙ කවුද??

    ReplyDelete
    Replies
    1. කොහොමත් මේ යන විදිහට අපිට කන්න නැති වෙනවා ඉස්සරහට. ආයෙම මතිනිගේ යුගයේ වගේ පෝලිම් වල හිඟාකන්න වේවි ළමයි බඩගින්නේ අඬද්දී..

      මේ ණය ගෙවන්න නම් කරන්න තියෙන්නේ එකම දෙයයි. අලුත් අදායම් මාර්ග එන ව්‍යාපෘති පටන් ගන්න ඕනේ. රට්ටු හිනස්සන වංචාකර ව්‍යාපෘති කරන්න හොඳ නැහැ සහ වහාම එවැනි දේවල් නවත්තන්න ඕනේ.

      Delete
  15. නිදහසේ ඇවිත් කියවන්නම් සහන්.. මේ වගේ පෝස්ට් හෙමින් කියවන්න ඕනෙ.

    ReplyDelete
    Replies
    1. නිෂ්පාදනයක් සිදු නොවෙන තත්ත්වයක් තුල තව තවත් ණය ගන්නව කියන්නෙ ඉතින් ආයෙ තවත් හිර වෙන්න දෙයක් නෑ. දකින දකින හැමදේම ආනයනික භාණ්ඩ. ඒ මදිවට යමක් කරන්න උත්සාහ කරන අයටත් බාධා එමටයි. කල හැකි දේ දැනුවත් වීම සහ දැනුවත් කිරීම තමයි මේ මායාව ගැන.

      Delete

    2. අනිවාර්යෙන්ම චන්දන අඩුම තරමේ වාහන නිෂ්පාදනය කරන ආයතන දෙකක් තුනක් හරි හදන්න ඕනේ. සීනි , ඛනිජ වැලි , සහල් , එළවලු පළතුරු වගේ දේවල් මහා පරිමානෙන් හදලා පිටරට යවන්න ඕනේ. ලංකාව ඇතුලට මුදල් එන ක්‍රමයක් හදන්න ඕනේ චන්දන.ඒවා නොවෙනකම් මේ රට ගොඩගන්න බැහැ මහබැංකු වාර්තා වලින්. කව්රු හරි එහෙම කියනවා නම් ඒ දේශපාලන අතකොළු.

      අපි දැනට රුපියල් මිලියන 4,700,000 කට වඩා ණයයි පිට ලෝකෙට. දැනට ලංකාවේ වටිනාකම කීයද ? ලංකාවේ වටිනාකම සහ අපේ ණය අතර අනුපාතය කීයද ..?

      ලංකාව විකුණුවත් බැහැ ගොඩ එන්න මේ විදිහටම ඉස්සරහට ගියොත්.මේ පෝස්ට් පුළුවන් තරම් අනිත් අය එක්ක බෙදාගන්න. බස් එහෙක හංදියක උන්නත් මේවා ගැන අනිත් අයව දැනුවත් කරන්න ..

      Delete
  16. සාර්ථක පැහැදිලි කිරිමක් සහන්....දෙවැනි කොටසත් ඉක්මනට දාන්න..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගජින්..දිගටම එන්න ඒ වගේම හැකි තරම් අනිත් අය එක්ක බෙදාගන්න මේ පෝස්ට්..

      Delete
  17. Thanks for your time and analysis

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මිත්‍රයා.. දිගටම එන්න බ්ලොග් එකට. ඒ වගේම හැකිතාක් මේ දේවල් FB හරහා ප්‍රචාරය කරන්න...

      Delete
  18. Equity එක වැදගත්, නමුත් වඩා වැදගත් නිර්ණායකයක් ලෙස Assets to Equity ratio එකයි.

    පුද්ගලයෙකුගේ වත්කම් බැරකම් analysis රටක ආර්ථිකයකට කෙලින්ම extrapolate කරන්න බෑ මට හිතෙන විදියට.

    ReplyDelete
    Replies
    1. \\\පුද්ගලයෙකුගේ වත්කම් බැරකම් analysis රටක ආර්ථිකයකට කෙලින්ම extrapolate කරන්න බෑ මට හිතෙන විදියට.\\\

      ඔයා ඔය කියන්නේ ඔහේ ඉන්න රටේ ඒවනේ කකා. මෙහෙ නම් අපි ආර්ථික සංවර්ධනය බලන්නේ රටේ තියෙන දුරකථන ගණන , take away ගණන , එක් මසකට ළමයින්ට අරන් දෙන සෙල්ලම්බඩු ගණන වගේ දේවල් වලින් .. ඒවා පැහැදිලි නිර්නායක නෙවේද කකා ..?ITN බලන්න කකා. සියල්ල තේරේවි. කොටින්ම මිදුලේ තියෙන මල් පැල ගාණෙන් කියන්න පුළුවන් ඒ පළාත සංවර්ධනය වෙලාද කියලා. තේරුණාද ඔහෙට ..?


      \\\Equity එක වැදගත්, නමුත් වඩා වැදගත් නිර්ණායකයක් ලෙස Assets to Equity ratio එකයි.\\\

      ඔය වගේ දෙයක් තේරුම් අරන් වැඩක් කරන්න මහබැංකුවට ඉඩ දෙන්නේ නැහැනේ කකා මේ අය. කෘතීමව ගණන් මිණුම් පාලනය කරනවා. කව්රු හරි කිව්වොත් මෙන්න මෙතන අවුලක් කියලා ඒක වහනවා නූල් සූත්තරයක් දාලා.

      දැන් බලන්න නැණසල , ගම නැගුම , මග නැගුම වගේ දේවල් මොන විහිළුද කියලා..? මේ රටේ මීට කළින් තැපැල් හා විදුලි සංදේශ අංශයක් තිබ්බේ නැද්ද , යන්ත්‍රෝපකරණ දෙපාර්තමේන්තුවක් තිබුණේ නැද්ද , මාර්ග සංවර්ධ අධිකාරියක් තිබ්බේ නැද්ද ?

      අපි මොන තරම් න්‍යායාත්මක විග්‍රහ කරත් වැඩක් නැහැ මේ ආණ්ඩුවට කකා. මහබැංකුවේ ලේඛනාගාරයම වෙනස් වෙන්නේ එක කෝල් එකෙන්. එවැනි තත්වෙක ඉද්දි තව මොන කතාද කකා..

      ස්තූතියි මතු කරපු කරුණු වලට..

      Delete
  19. ආර්ථිකය ගැන උනන්දු නැති මම වගේ ගොබ්බ ඩයල් වලටත් කතාව තේරෙන සහ තියෙන බරපතල කම තේරෙන විදියට ලියල තියෙනවා ..... නියමයි ...

    අපි දැන් රටේ සම්පුර්ණ අවුල සහ අවුලට හේතු වෙච්ච සහ හේතු වෙන උන්ගේ වැඩ කිඩ ඔක්කොම දන්නවා ... මුන්ට කරන්න ඕනේ මොකක් ද කියලත් දන්නවා..

    හැබැයි අපි හැමෝම තනි තනි වශයෙන් මේ අවුල විසදන්න කරන්න ඕනේ දේ ගැනත් සහන් ටිකක් පැහැදිලි කරන්න .. මම කියන්නේ හතර වටේට බනින එක සහ තේරුමක් නැති දේශපාලකයින්ගේ වැරදි කියා කියා වෙලාව නාස්ති නොකර තම තමන් හරි මේ අවුල් වෙච්ච ආර්ථිකයක් තියෙන රට ඇතුලේ කොහොමද හරියට ජිවත් වෙන්න කියන එකයි ... එහෙම තමන් ජිවත් වෙන අතරේ අඩුම තරමේ තව කීප දෙනෙකුගේ හරි ජිවිත ගොඩ ගන්න උදව් කරන්න පුළුවන් ප්‍රායෝගික විදි සහ අපි තුල ඇති විය යුතු සිතිවිලි වෙනස ගැනත් සහන් ගේ අදහස් ලියන්න ..

    මොකද ප්‍රස්නේ මේකයි කියන්න අය ඕනේ තරම් ඉඳියි .. හැබයි කෙරෙන විදියේ වැඩක් ගැන කතා කරන්න අඩුම තරමේ මේවා කියවල දැන් අපි මොකක් ද කරන්න ඕනේ කියල හිතෙන අයට වත් තනි තනි වශයෙන් කරන්න පුළුවන් දේවල් ගැන කතා කරන්න කව්රුත් නෑ ... රටින් පැනල යන එක තියෙන එකම විකල්පය වෙන්න කලින් තම තමන් ට මේ රට ඇතුලේ බරක් නොවී ඉන්න පුළුවන් කම තාම තියෙනවා කියල මම නම් විශ්වාස කරනවා ...

    සහන් ගේ මේ පැහැදිලි කිරීමේ හැකියාව කවදා හරි කෙනෙකුට ප්‍රයෝජනවත් වෙන්නේ එතකොට කියලයි මට හිතෙන්නේ ...

    ReplyDelete
    Replies
    1. පැතුම් කියලා තියෙන සේරම දේවල් වලට උත්තර විදිහට මම පෝස්ට් එකක් ලියන්නම්. අපි ප්‍රයෝගික විසදුම් දිය යුතුයි සියලු ප්‍රශ්න වලට. ඒකත් අපි කරමු. ඉස්සෙල්ලා මේ ගැටළු ටික ගැන හරියට අවබෝධ කරන් ඉමු. ඊට පස්සේ උත්තර හොයමු. රටට වගේම රටේ ජනතාවටත් ගැළපෙන විදිහට.

      කෙටි කමෙන්ට් එකක් දැම්මා කියලා හිතන්න එපා පැතුම්. මම වෙනම පෝස්ට් එකක් ලියන්නම්..

      Delete
  20. සහන් අයියා පෝස්ට් එකකට සෑහෙන්න මහන්සි වෙනවා.. ඉතින් උඩින් පල්ලෙන් කියොල හරියන්නෑ.. ඒක හින්ද පස්සෙ එන්නම්. දැන් නිදිමතයි :(

    ReplyDelete
    Replies
    1. හෙමීට නිදහසේ කියවන්න මල්ලි එහෙනම්. ඒක තමයි හොඳම දේ දිග පෝස්ට් බලද්දී..

      Delete
  21. ඔබ ඉතාම සාර්ථක විදිහට පැහැදිලි කරලා තියෙනවා අද රටේ ආර්ථික තත්වය. මහා බැංකුවේ අධිපති ගේ ඉඳල මුදල් ඇමතිගේ ඉඳල ඔක්කොම හොරු රටක ආර්ථිකයේ පදනම වෙන්න ඕන නිෂ්පාදනය එත් කවුරු හරි මෝඩ හරකෙක් මේක සිංගප්පූරුව වගේ සේවා ආර්ථිකයක් කරන්න ඕන කියල මතයක් හදල ගොඩක් අය එක පස්සේ දුවනවා ඇත්තටම අපේ රටට ගැලපෙන්නේ මිශ්‍ර ආර්ථික ක්‍රමයක්.මේක හරියට ගේ හදල ඉවරවෙලා අත්තිවාරම කඩනවා වගේ වැඩක්.අද තනිකරම නිෂ්පාදන ආදායමට වඩා දඩ සහ බදු මත රජය යැපෙන්න දගලන්නේ.විලි ලජ්ජා නැති විදිහට අසික්කිත විදිහට බදු අය කරන්නේ සීනි වලටත් බදු ගහල තේ කොළ වලටත් බදු ගහල වතුරටත් ගානක් කපාගෙන අන්තිමට ප්ලේන්ටියටත් වෙනම බද්දක් ගන්නව වගේ බද්දටත් බදු ගහනවා.හරක් මුල් පුටුවල ඉන්නකොට ඔහොම තමා PB ජයසුන්දර උසාවිය ඉස්සරහ අසාර්ථක වගකීම් විරහිත නිලධාරියෙක් කියල ඔප්පු වෙච්ච මිනිහෙක්.(පස්සේ ජිල්මාට් වලින් ගොඩ ගියා තමා ) සුදුස්සෝ සුදුසු තැන්වල තිබ්බනම් අද මේ රට ඇත්තටම ලෝකේ ඓශ්වර්වයක් තමා.

    ReplyDelete
    Replies
    1. //විලි ලජ්ජා නැති විදිහට අසික්කිත විදිහට බදු අය කරන්නේ
      ලංකාවේ යන්ත්‍රෝපකරණ නිෂ්පාදනය කරන සමාගමක අයිතිකාරයෙක් කිව්වේ "මල්ලි අපේ හදන දෙයකට 8 පාරක් tax වදිනවා.ඉතින් කොහොමද හොරකම් නොකර ලාබයක් ගන්නේ" කියල තමා

      Delete
    2. \\එත් කවුරු හරි මෝඩ හරකෙක් මේක සිංගප්පූරුව වගේ සේවා ආර්ථිකයක් කරන්න ඕන කියල මතයක් හදල \\\

      ඕව සියල්ලම දේශපාලන අණුවනකම් මොරේ. ඔයා ජනාධිපති උනොත් මොකක් හෝ කියනවා . මම ජනාධිපති උනොත් මාත් වෙනම එකක් කියනවා. පේට්‍රියා අවොත් වෙනස්ම එකක් කියාවි. ඉතින් කොහොමද දීර්ඝ කාලීන ව්‍යාපෘති වලට යන්නේ අපි රටක් විදිහට ..?

      මෙතෙක් ආව හැම පාලකයාම කරේ තමන්ගේ සිහිනයක් දැකීම මිසක් පොදු ගමනක් යාම නෙවේ. මම ඊළඟ පෝස්ට් එකට ඕවත් ඇතුල් කරන නිසා දිග කමෙන්ට් එකක් දාන්නේ නැහැ මොරේ හොදද ..?

      අනිවාර්යෙන් ඊළඟ පෝස්ට් එකටත් එන්න. tax ගැන ඒකෙදි කතා කරමු අපි.


      @ නිකමා

      නිකමා කියන දේ සහතික ඇත්ත. මේ ක්‍රමය තුළ එකම භාණ්ඩය වෙනුවෙන් 12 පාරක් විතර බදු වදිනවා. මෙහෙම බදු ගහලා රටවල් කරන්න බැහැ. රජෙයේ ව්‍යාපාර තුලින් අදායම් හොයනවා මිසක. ( දැන් කව්රු හරි කියයි ඒ පාර රජයක් විසින් ව්‍යාපාර නොකළ යුතුයි කියලා . කාට කියන්නද ඉතින් එහෙම කතා ! )

      Delete
  22. මේ වගේ වටිනා ලිපියක් සවිස්තරාත්මකව, පැහැදිළිව ලියන්න වෙච්ච මහන්සියට මුලින්ම මගේ උපහාරය සහන්ට..

    කියවලා තේරුම් ගන්නනම් ටිකක් වෙලා ගියා. රටේ තත්ත්වය මේක තමා ඉතින්. උඩින් පේන මායාව ඇතුලේ තියන යතාර්ථය.

    මොනව උනත් රට ගැන දුකයි. මෙහෙම ගිහින් කවදා ගොඩ එන්නද?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සයුරි ඇගයීමට. දළ දේශීය අරක මේක වැඩක් නැහැ මිනිස්සුන්ට. ඒවා අහලා එපා වෙලා ඉන්න නිසයි මම මෙහෙම ලිව්වේ සයුරි. ඔයාටම තේරෙන්න ඇති වෙනස මේ පෝස්ට් එකේ. අපි තව තවත් ආර්ථික විද්‍යා පොතේ ඉගැන්වීම වල ඉඳල වැඩක් නැහැ. එතනින් එළියට ඇවිත් ප්‍රයෝගික මූල්‍ය පාලනය පැත්තට එන්න ඕනේ. බිලියන් වලින් මුදල් එහා මෙහා යෑම් ගැන හිතන්න ඕනේ. නැතුව මේවා ගැන අවබෝධයක් ගන්න බැහැ.

      මම හිතන්නේ මේ පෝස්ට් එකේ මේ කොටස තුලින් ඕනෙම කෙනෙක්ට රටකට අවශ්‍ය කරන මුදල් ප්‍රමාණය ගැන වැටහීමක් සහ එම මුදල් වියදම් වන විදිහ ගැන අවබෝධයක් ගන්න පුළුවන්. ( හැබැයි කිසිම බරපතල කතාවක් නැහැ. ප්‍රාග්ධනය , වෙළඳ ගිණුම , වත්කම් වගේ වචන නැති උනාට ඒ සියල්ල ඇතුළත් පෝස්ට් එක තුළ )

      ඊළඟ කොටසත් බලන්න එන්න සයුරි..

      Delete
  23. Great post sahan, I think you try to give Some message among public which not given by medias who have responsibility for those, thanks for your valuable time spend to us by keeping post like this, If you can give email subscribe to readers its more important who willing come again here,

    The matter is simple, only few of people getting information from online medias, but considering more than 80 percent(i guess) getting news from government medias only. as you know all medias talking about miracle of Asia not about these bully factors,and then majority of public are not up to date, If you can write these type of article even few of news papers sure there good benefit have too. because still newspapers are the more powerful way bring some messages among public

    Thanks for your valuable time
    keep it up

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඇගයීමට මිත්‍රයා . ප්‍රධානම ප්‍රශ්නේ තමයි ඔබ කියනවා වගේ මාස් මීඩියා වලින් යන්නේ ගොබෙල්ස් වර්ගයේ ප්‍රවෘත්ති. සංවර්ධන වේගය වැඩියි කිය කිය දවස පුරා කියනවා. ඒ හීන කතා වලට මිනිස්සු රැවටෙනවා / රවට්ටගන්නවා. බරපතල වචන දාලා තවත් අවුල් කරනවා සැබෑ ප්‍රශ්නය.


      අපි කරන්න ඕනේ මේ සියලු දේ ගැන A-Z පැහැදිලි කිරීම සරල සිංහලෙන්. ඊට පස්සේ පුළුවන් මේ ප්‍රශ්නෙට විසදුම් හොයන්න. දේශපාලකයන්ගේ බොරු වලින් මේ රට ගොඩගන්න බැහැ මිත්‍රයා. ප්‍රයෝගික මූල්‍ය පාලනය තුලින් විසදුම් හොයනවා මිසක් ස්ටේජ් ගානේ කියන හිස් වචන වලින් මේ රටට කිසිම වැඩක් වෙන්නේ නැහැ.


      පුළුවන් විදිහට මේ සියල්ලට මුහුණ දිය යුතුයි අපි. දැනුම තියෙන අය දැනුම බෙදාගන්න ඕනේ. අනිත් අය ඒ දේවල් තව තවත් රටපුරා බෙදාහරින්න ඕනේ. රටේ මිනිස්සු හරි මේ දේ තේරුම් අරන් රට වෙනුවෙන් දෙයක් කරන්න පෙළඹීමක් ඇති වේවි අනාගතයේදී. පුළුවන් තරම් දැනුම බෙදාගමු. අපේ දරුවෝ හරි මේවගෙන් ප්‍රයෝජනයක් ගනීවි.


      පත්තර වල නොයන නිසා පුළුවන් තරම් අපි අපිම මේ දේවල් බෙදාගන්න ඕනේ. FB කියන්නේ හොඳම මෙවලමක්.

      දිගටම එන්න මිත්‍රයා , ඒ වගේම අනික් ලිපිත් බලන්න පුළුවන් විදිහට.සුබ පැතීම ගැන බෙහෙවින් ස්තූතියි..

      Delete
  24. Will shere this on fb. good luck!!!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මිත්‍රයා . දිගින් දිගටම share කරන්න . FB හරහා මගේ upali maZda පෝස්ට් එක ගියා 8000 විතර දෙනාට. ඒ 8000 දෙනා උනත් නිකන් ඉන්නේ නැහැනේ . පුළුවන් තරම් අනිත් අය අතර ලින්ක් එක share කරන්න..

      Delete
  25. මොනව කියන්නද මන්ද සහන්. පුද්ගලයෙක් විදියට මම ගැන ගත්තොත් මම හරිම අකමැතියි ණය ගන්න. පොඩි කාලෙ, මම උපයන්නෙ නැති කාලෙ නම් මම තාත්තගෙන් අක්කගෙන් එහෙම සුළු සුළු ගණන් ඉල්ලගෙන තියෙනවා. (ඒව නම් ඉතිං ණය නෙවි ප්‍රදාන :)) ඒත් මටම කියල කීයක් හරි හොයා ගන්න පුළුවන් උන දවසෙ ඉඳල මම කාගෙන්වත් කීයක්වත් ඉල්ලන්නෙ නෑ. ඒකටත් එක්ක අපේ අක්කා, ගන්න පුළුවන් හැම ආයතනයකින්ම ණය ගන්නවා, එකක් අරන් තව එකක් ගෙවනව. රත්තරන් බඩු සදා බැංකුවෙ, උකස් තියල. උන්ට කියල වැඩක් නෑ එයාල හැඩගැහිච්ච විදිය. උන් හම්බකරන හැම සතේම පොළී ගෙව ගෙව බැංකු පෝසත් කරනවා. (මම පිළිගන්නවා ණය ගන්නව කියන්නෙ වැරදි දෙයක් නෙවි, නිවැරදිව කළමණාකරණය කරගත්තොත් දියුණුවෙන්න පුළුවන්. හුඟක් ව්‍යාපාර කරන මිනිස්සු දියුණු වෙන්නෙ ණය අරන් ආයෝජනය කරල. එයාල අනුන්ගෙ සල්ලිවලින් තමන් දියුණු වෙනවා බලන් ඉද්දි, ඒත් සමහරු අත පුච්චගන්නවා)

    අපේ රටේ අද වෙනකොට කතාකරන්න තරම් මොනවද සහන් ඉතුරු වෙල තියෙන්නෙ, වංසෙ කබල් ගානව ඇරෙන්න වෙන දෙයක් මේක නෑ. ශ්‍රී දේහයෙන් පිටවෙන කිරණෙන් ඇස් අන්ධ වෙල මඤ්ඤං වෙච්ච එවුන් තමයි රටේ හැම තැනම ඉන්නෙ.

    මහ බැංකු වාර්ථාවලින් සෙප්පඩ විජ්ජා පෙන්නිල්ල නම් කබ්රාල් ගොයියා එන්න කලින් ඉඳන් තිබුනු එකක් නේද බං.


    //ලෝකයා හමුවේ මෙසේ ගණන් පෙන්විය හැකි මුත් ඔබ තවමත් ණය හිමියෙක් පමණයි. ඔබ මේ ගණන් පෙන්වන්නේ සැබෑ ලෙසම ඔබට අයිති නැති දේපළ සඳහායි.//

    සහන් ණය හිමියා කියන්නෙ ණය දෙන මිනිහා නේද, ණය ගන්න මිනිහට කියන්නෙ ණය ගැතියා කියල නේද.

    ReplyDelete
    Replies
    1. අනිවා මාත් එකඟයි ඩි.ඩි.ටි යො ....

      Delete
    2. මමත් අන්තිම අකමැති දෙයක් තමයි ණය ගන්න. පොඩි කාලේ අපේ තාත්තා ගත්ත ණයක් නිසා සෑහෙන හිත් රිදවීමක් මට උනා . ඇපයට අත්සන් කරපු අංකල්ගේ වයිෆ් අමුතු වෙනස් කම් ටිකක් මට කරා. ලොකු වෙද්දියි මට තේරුණේ හේතුව.

      අවුරුද්දෙන් ණය මුදල ගෙව්වා තාත්තා.ඒත් මට වෙච්ච සිත් රිදවීම නම් අදටත් මතකයි. එදා ඉඳන් මම ණය ගන්නේ නැහැ. හිතට අමතර බරක් DDT ණය උනාම.

      හැබැයි සාර්ථක විදිහට ණයක් අරන් ව්‍යාපාරයක් කිරීමට මම විරුද්ධ නැහැ. හරි සැලසුමක් ඇතුව ණය මුදල පරිහරණය කරන්න ඕනේ .


      \\\සහන් ණය හිමියා කියන්නෙ ණය දෙන මිනිහා නේද, ණය ගන්න මිනිහට කියන්නෙ ණය ගැතියා කියල නේද.\\\

      DDT කියන කතාව නිවැරදියි ආර්ථික විද්‍යාමය භාෂා භාවිතය තුළදී. ඒත් සාමාන්‍ය වහර තුළදී "ණය කාරයා" කියලා කියන්නේ ණය ගත්ත කෙනාට නේද ..? " ණය දීපු කෙනා " කියන්නේ ණය දීපු කෙනාට නේද ..:D

      Delete
  26. ලක්ෂ 1000 නෙවේද බිලියනය කියන්නේ?

    ReplyDelete
    Replies
    1. ලක්‍ෂ කියන්නෙ නිකන් කටවචනෙට කියනව විතරනේ. මම දැල තියෙන්නෙ හැටියට නම් සාමාන්‍යයෙන් භාවිත කරන්නෙ දසලක්‍ෂ නැත්නම් මිලියන්වලින්.

      Delete
    2. නැහැ දස ලක්‍ෂ 1000 තමයි බිලියනය කියන්නේ. ඒ කියන්න ලක්ෂ 10,000 ක් තමයි බිලියනය කියන්නේ.

      Delete
  27. සහෝදරයා මේක ලියන්න සැහෙන මහන්සි වෙන්න ඇති. අගය කරනවා ඉහලින්ම.පට්ට......
    මම මේකේ ලින්ක් එක ෂෙයාර් කරාට කමක් නැද්ද වෙන එකක?
    මේ වගේ ලිපි වැඩි දෙනා කියවන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. කමක් නැහැ ශිරන්ත .හැකි පමණ ලින්ක් එක ශෙයාර් කරන්න. සියලු දෙනාට දෙන්න. තරහකාරයෝ උනත් කමක් නැහැ ලින්ක් එක යවන්න. මම දැක්කා 33000 එකෙන් මට ට්‍රැෆික් එනවා.ඒ ඔබද ...?

      FB හරහා එක දිගට ශෙයාර් කරන්න. එක FB ශෙයාර් එහෙකින් 100 විතර දෙනා දකිනවා. ඒ නිසා පුළුවන් තරම් FB හරහා යවන්න.

      Delete
    2. ඔව් සහන්. මම 33000 ට දැමමා කොමෙන්ටුවක් විදිහට. දන්නා කියන හැමෝටම ඊ මේල් කරා.
      FB එකෙත් ෂෙයාර් කරනවා.
      ඉස්සරහටත් මේ වගේ ලිපි ලියන්න ශක්තිය ලැබේවා. දෙවෙනි කොටස එනකම් ඉන්නේ.. හි හි ......
      ඕන මෝඩයෙකුට තේරෙන විදියට ලියන එක තමයි මම දකින හොදම දේ ....

      Delete
    3. FB page එකක් තියෙනවද මේ බ්ලොග් එකට. page එකක් නැත්නම් එකක් හැදුවනම් හොදයි. වැඩි දෙනෙකුට අරන් යන්න පුළුවන් තොරතුරු.

      Delete
    4. මම පුද්ගලිකව FB පාවිච්චියක් නැති නිසා මට නම් FB නැහැ. ඒත් අපි මේ සයිට් එකට FB පේජ් එකක් හදමු එහෙනම්. ඒ කෙසේ උනත් මට පුළුවන් ලියන්න විතරයි. ඔයාලයි මේ දේවල් අනිත් අයට බලන්න දෙන්න ඕනේ ලින්ක් එක ශෙයාර් කරලා.

      එක FB ලින්ක් ශෙයාර් එකක් හරියට වැටුණොත් 2500 විතර දෙනා දකිනවා. ඒ වගේ ශෙයාර් කිරීම් 50 , 60 ආවොත් අඩුම තරමේ මේ පෝස්ට් එක ලක්ෂයක් දෙනා වගේ පිරිසක් අතරට ගෙනියන්න පුළුවන්. ඒ ටික හොඳටම ඇති පණිවිඩේ කටින් කට යන්න.

      සති අන්ත පත්තර වල මේ වගේ ලිපි යන්නේ නැහැ . මෙහෙම ලිපියක් දාන්න හිටපු එකම කතෘ තුමත් දැන් ජීවතුන් අතර නැහැ. ඔහු වෙනුවෙන් නිහඬව කරන්න පුළුවන් යුතුකමත් සම්පූර්ණයි. දැන් ඉතුරු මේ ප්‍රෝඩාව එලි කිරීම..

      ඒකත් මම කරනවා මේ මාස දෙක තුන ඇතුළත.

      Delete
    5. ඇත්තටම FB page එකක් හදල දාන්න සහන් ඒක ගොඩක් හොදයි අපිත් සහයෝගය දෙනවා

      Delete
    6. මගේ නම් පුද්ගලිකව FB එකේ ගණුදෙනු නැහැ. ඒ උනාට වැඩි දෙනා අතරට යවන්න නම් FB ඇර වෙන විසදුමකුත් නැහැ.. අපි හදමු එහෙනම් එකක්.

      Delete
  28. යන අත යන්තං තේරිලා තිබුණත් මේක කියෙව්වට පස්සෙ හොඳටම තේරුං ගන්න පුලුවන් උනා.
    නියම ලිපියක්.

    ReplyDelete
    Replies
    1. මීළඟ කොටසත් බලන්න එන්න ප්‍රසන්න අය්යේ. ඒකත් බැලුවට පස්සේ හොඳටම තේරෙයි අපි යන තැන..

      ස්තූතියි ඇගයීම ගැන අය්යේ. පුළුවන් නම් ප්‍රින්ට් අවුට් එකක් අරන් දන්න කියන අයට දෙන්න කියවන්න..රුපියල් 20 ක් යයි ඕනේ නම්..

      Delete
  29. මම බලං ඉන්නේ සහන් මේකේ ඊළඟ කෑල්ල එනකම්... මට තේරෙන විදියට ගොඩක් අය මේ ප්‍රශ්නෙ තේරුම් අරන් ඉන්නේ.. අඩුගානේ අයිටීඑන් ආශ්චර්ය බලන්න ගියත් කොහෙදි හරි එයාලටත්, අපිටත් දැනෙනවා මේ කරන්නේ ගොන්කමක් කියන එක... මොකද කියන තරම් ආයෝජන වෙන්නෙ නෑ සහ ගන්න ණය වලින් වැඩි කොටසක් කොමිස් වලට යන බව පේන නිසා... මේක එදා ඉදන් මේ ලංකාවෙ වෙච්ච දේ... ඉතිං මහා ලොකුවට දැනෙන්නෙ නැති එකත් කේස් එකක් තමයි... ඒත් මෙතන ලොකුම ප්‍රශ්නෙ තියෙන්නෙ ඉතිං අපි මොකද කරන්නේ කියන එකයි... මොකාද මේක ගොඩ ගන්නෙ .. ඉන්න උන්ගෙන් වැඩක් තියෙයිද... කියුබාවෙන් ඉම්පෝර්ට් කරන්න වෙයිද... ඇමරිකාවෙන් ඉම්පෝර්ට් කරන්න වෙයිද...

    මං පරක්කු වෙලා කියෙව්වෙ.. මේ ටිකේම ගෙදර හිටියේ නෑ...

    ReplyDelete
    Replies
    1. සාමාන්‍ය ජනතාව දන්නේ නැහැ හිරු ලොකු ආර්ථික විද්‍යා දැනුම තියා කොටස් වෙළඳපොළ කියන්නේ මොකක්ද කියලවත්. අපේ මේ බ්ලොග් බලන , කම්පියුටර් අල්ලන , ඉන්ටර්නෙට් තියෙන අය නිසානේ මෙහෙම හරි දේවල් ගැන දන්නේ.ඒත් අපි ඉන්න තැනින් පහළ තමයි මේ රටේ ලක්ෂ 140 විතර දෙනා ඉන්නේ.

      ලක්ෂ 60 විතර දෙනා තමයි හරි විදිහට දැනුවත් කමකින් ඉන්නේ. ඉතින් හැමවෙලේම ඉලක්ක කරන්න ඕනේ කිසිවක් නොදන්නා ලක්ෂ 140 විතර වෙන පිරිස. එයාලට ගැලපෙන්නයි දේවල් කරන්න , කියන්න , ලියන්න ඕනේ. මේ පෝස්ට් එක අන්තිම සරළව ලිව්වේ ඒකමයි. මෙතන කිසිම ආර්ථික විද්‍යා බර වචන නැහැ. සියල්ල ඉතාම සරළව තියෙනවා.ඕනෙම කෙනෙකුට තේරුම්යන විදිහට.

      දැන් එමු හරි ප්‍රශ්නෙට. දළ දේශීය නිෂ්පාදනය , ඒක පුද්ගල ආදායම , කොටස් වෙළඳපොළ වැඩි වෙලා වැඩි වෙලා හොඳටම වැඩි වෙලා කිය කිය පැය 24 ම ආණ්ඩුවේ මාධ්‍ය වලින් කියද්දී මේවා ගැන නොදන්නා මිනිස්සු හිතනවා දැන් ලංකාව සෑහෙන්න දියුණුයි කියලා. අන්න ඒ මුලාව ඉවත් කරන එකයි අපි කරන්න ඕනේ හිරු. මම මේ පෝස්ට් ටික ලියන්නේ මුලාව ඉවත් කිරීම සඳහා. ගණන් මිණුම් වලින් බැහැ මිනිස්සු රවට්ටන්න. මේකේ බත් කන හරක් නැහැ කියලා පාලකයෝ දැනගන්න ඕනේ. පුළුවන් තරම් මේ ප්‍රෝඩාව එලි කරන්න ඕනේ. මේ දේ UNP , JVP , සංදානය ඇතුළු කිසිම දේශපාලන නිළයක් දරණ කෙනෙක් කරන්නෙ නැහැ. මොකද බලයට ආව දාට එයාලමයි අවාසි මේ රහස් එළියට ගියාම. මම කරන්නේ මේ රටේ මිනිස්සුන්ට ඇත්ත එළි කිරීම සියලු දේශපාලකයන්ගේ .

      _______________________________________________________

      කියුබාවෙන් නෙවේ හිරු හීන ලෝකෙක විතරක් ජීවත් වෙන දියසෙන් කුමාරයා එන්න ඕනේ අපිව බේරගන්න නම්. මැරිලා ඉපදෙන්න වෙනවා මේ කුණු ගොඩ නැති කරන්න නම්. කෙසේ උනත් ඊළඟ පෝස්ට් එක දැම්මම තේරේවි ලංකාව කළු කුහරයක් දෙසට ඇදිලා යමින් ඉන්න බව. මේ විදිහට ගියොත් තව අවුරුදු 15 ඇතුළත ලංකාව වෙන්දේසි වෙනවා. විහිලුවට හෝ උපහාසෙට කිව්වා නෙවේ . ඇත්තටම වෙන්දේසි කරන්න වෙනවා. අන්න එදාට අපේ සංස්කෘතිය , දේශීය අභිමානය , සිංහල කමත් වෙන්දේසි වෙලා යයි ....




      Delete
  30. අදමයි අවේ "නිහඬ සහන් " දැන් දිගටම එන්නම්කෝ

    මෙහෙ හෙනම ආශ්චර්ය කෙස් එකක් නෙ දුවන්නේ , මමත් දැනගත්තේ ලංකාවට අපු වෙලේනේ...
    මමත් පුද්ගලිකව නය ගන්න නම් බයයි.එක හිතට සැහෙන්න වදයක්.එහෙම ජිවත් වෙන්නේ මොකටද.....
    අනික තමයි මම වැඩිපුරම අකමැති නය කාරයොන්ට ඇපේට අත්සන් කරන්න.අපේ අම්ම ඔය විදිහට ණයක ඇපේකට අත්සන් කරලා ගිහින් මාසෙකට අම්මගේ පඩියෙන් ඉතුරු වුනේ රු 550 ක් විතරයි.
    සහන කිව්ව විදිහට මේ රට යුද්දේ දිනපු එක හරි , එත් ඊට පස්සෙ කරපුව සේරම නොවුනත් බහුතරයක් ගොන් වැඩ. රටක් හාරල නැව් දාන්න එව්ව හැදුව , පරිසර පද්ධති වෙනස් කරලා එයාර්පෝර්ට් හැදුව.කිසිම සැලසුමක් නැති වැඩ.නැත්තන් බොරු ප්‍රෝඩාව.මේ හැමදේටම මුළු රටේ ඉන්න හැමෙකාම ණයකාරයෝ වෙලා ඉවරයි.

    ReplyDelete
    Replies
    1. විදුර කියපු අන්තිම චේදේ 100% ඇත්ත. දැනට ලකාවට එයාර් පෝර්ට් දෙකක් ඕනේ නැහැ කොහෙත්ම. වාරය නම් කමක් නැහැ කියන්න පුළුවන් ඛණිජ තෙල් , නැව් වලට අහාර / වතුර වැනිසේවා සැපයීමේ අරමුණින්. එහෙමවත් දෙයක් තාම කරන්නේ නැතුව බොරුවට කියනවා වාහන ප්‍රතිනැව් ගත කරනවා කියලා.

      AIS system එකෙන් බලන්න පුළුවන් ඇත්තටම හම්බන්තොට වාරයට එන / යන නැව් ගණන. මම ඊළඟ පෝස්ට් එකේදී ලංකාවට එන යන නැව් ගැන විස්තරයක් කියන්නම්.

      විදුරගේ අනිත් කරුණු ගැන අපි ඊළඟ පෝස්ට් එකෙන් කතා කරමු.දිගටම එන්න සහ අනිත් පෝස්ට් ටිකත් කියවන්න බ්ලොග් එකේ තියෙන. හැකි පමණ share කිරීමත් කරන්න..

      Delete
  31. සහන් ඔයා වගේ අය ඔහොම ද ඉන්න ඕනි කියලා හිතෙනවා , ඇත්තටම මේ වගේ පෝසට් එකක අදහස් 80 ද තියෙන්න ඕනි. ලාංකිකයෝ විදියට අපි කවද්ද යථාර්තය තේරුම් ගන්නේ ,
    අඩුම තරමේ ඔය ආගමික ප්‍රධානියො ටික වත් මේ වගේ දේවල් කියවලා තේරුම් අරන් පැහැදිලි කරලා දුන්නනම් හොද නැද්ද, ජාති වාද වපුරමින් හොරුන්ගේ , කුඩුකාරයින්ගේ ,දූෂකයින්ගේ බොරු ගුණ කියනවට වඩා. දෙයියනේ කියලා රටෙන් 1/10 ක් වත් මේක තේරුම් ගත්තොත්.

    ණයක් ලබා ගන්න කොට ණය ගන්න අය‍ට මේ වගෙ පුංචි හෝ දැනුමක් ලැබෙනවනම් පොලු තියන අඩු වෙයි කියලත් හිතෙනවා.

    මම ඉන්න රටේ නම් ඒ කිව්වේ කොරියාවේ සාමාන්‍ය බුද්ධි මට්ටම ඉහලයි කියලා තේරෙනව මොකද ඔවුන් ණය ලබා ගන්නේ තම හැකි නොහැකි කම් පිලිබද අවබෝධයක් ඇතුවයි. මුලදි කොරියාවත් අපිට වැඩිය දුප්පත් රටක් , ඉස්සර (1960-80 වගේ කාලේ) ඇමරිකාව ජපානය වැනි රටවල ණය මත යැපෙන රටක් ( ලංකාවෙනුත් හාල් දුන්න කියලා වයසක අය අපට හමු වුනාම කියනවා) වුනත් අද ලෝකයේ සංවර්ධිත රටවල් අතරින් 15 වෙනි තැන. ඉතින් ඒ විදියට දියුණු වෙලා තියෙන්නේ ඒ ඒ නායකයෝ ලබා ගත් ණය , ආධාර, සහනාධාර

    කොමිස් නොගහ , තම පරපුර ලංකර නොගෙන , ඵලක් නැති කමිටු පත් නොකර , බොරුවට මුල්ගල් තබන විවෘත කරන උත්සව නොතියා , රටේ මිනිසුන් වලට නොදා
    දැක්මක් අවබෝධයක් ඇතුව වැඩ කරපු හින්දා වෙන්න ඇති කියලා හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. "අඩුම තරමේ ඔය ආගමික ප්‍රධානියො ටික වත් මේ වගේ දේවල් කියවලා තේරුම් අරන් පැහැදිලි කරලා දුන්නනම් හොද නැද්ද" උන් සාක්කුවේනෙ..

      Delete
    2. පිළිතුරු පමා වීම ගැන මුකුත් හිතන්න එපා මනෝජ්. මට විවේකයක් ලැබුණේ නැහැ පහු ගිය ටිකේම.ආගමික ප්‍රධානීන්ගේත් මොළේ අවුල් කරලා තියෙන්නේ මායාවෙන්. මායාවෙන් මිදෙන්නයි ඕනේ සියලු දෙනාම.

      ණය ගැනීමට මම කිසිම විදිහකින් විරුද්ධ නැහැ .ඒත් ණයට ගත්තු සල්ලි වලින් මෝඩ වැඩ කරන එකටනම් තඳින් විරුද්ධයි. එවැනි මෝඩ වැඩ වලට ණය ගන්න දෙන්නේ නැහැ මම නම්.

      ඔබ දකිනවා ඇතිනේ කොරියාව වගේ රටවල් වල දියුණුව. එහෙම වෙලා තියෙන්නේ ඇයි මනෝජ් ..? ණයට ගත්ත සල්ලි වලින් ඵලදායි කර්මාන්ත සිදු කිරීම නේද ..? ඒත් අපේ රටේ වෙන්නේ මොනවද ?

      ඒ වෙනස තේරුම් කිරීමයි මම මේ කරන්නේ ..

      Delete
  32. ඉතාම කණගාටුවෙන් උනත් අද අපේ තත්වේ ඕකයි. අවාසනාවට ඔය සෙප්පඩ විජ්ජා වලට පොලි ගෙවන්න වෙන්නේ අහිංසක අපිටයි අපේ දරු පැටියන්ටයි මිසක් මේ රටේ ලොකු පුටු වලට නෙවෙයිනේ.

    ReplyDelete
    Replies
    1. සඳුනිමාට තේරෙන්න ඇති නේද අපි ඉන්න තත්වය ගැන 2 වෙනි කොටසත් කියවීම එක්ක ..? තව අවුරුදු 8 ක් යන්න කලින් මේ දේවල් වෙනස් නොවුණොත් ශී ලංකාවට ගොඩ ඒමක් නැහැ. නැහැමයි. බය නැතුව ඒක කියන්න පුළුවන්..

      මීළඟට එන පාලකයෙක්ට වත් මේ රට ගොඩගන්න බැරි වෙනවා මෙහෙම ගියොත්..

      Delete
  33. නියමයි සහන් . . නියම ලිපියක්.

    දැනට අවුරුදු පහකට කලින් මම ණයක් ගත්තා ගේ හදාගන්න. තාම ඒක ගෙවලා ඉවර නෑ තව මාස ගානයි තියෙන්නේ ඉවර වෙන්න.

    ඒ ණය නිසා මගේ ඔලුවට දැනෙන බර කොයි තරම්ද කියලා හිතෙනකොට මට හිතෙන අනිත් දේ තමයි අපේ රට මේ තරම් ලෝකෙට ණය වෙලා කොහොම ඔලුව උස්සගෙන ඉන්නවද කියන එක?

    රට පාලනය කරන අයටවත් රටේ ජීවත්වෙන අයටවත් කිසි කෙනෙක්ට පෙන්නේ නෑ මේ ලොකුවට ගොඩනැඟිලි පාරවල් තිබ්බට අපි වැටිලා ඉන්නේ ගොඩ එන්න බැරි නය උගුලක කියලා. .

    වතුර නටන කම් කකුලුවා හැලියේ නටනවා වගේ අපි ජොලි කරනවා . . .

    නියම ලිපිය සහන් . . දන්න කිය්න හැමෝම එක්ක බෙදා හදා ගන්න ඕන.

    ReplyDelete
    Replies
    1. ස්තූති දුකා. උඹ මේක share කරාට පස්සේ 130 විතර අය ඇවිත් බැලුවා. ඒ 130 දෙනාත් තව කීප දෙනෙක්ට හරි කියන්න ඇතිනේ. අන්න එහෙම මේ පණිවිඩේ බෙදාහරින්න. දැනට කරන්න පුළුවන් මෙච්චරයි අපිට. කරන්න පුළුවන් දේ හරි කරන්න ඕනේ දුකෝ..

      දිගටම සහයෝගය ඕනේ..

      වතුර ටික රත් වෙන්න කලින් අපි මේකෙන් එළියට යන්න try එකක් දීලා බලමු. එක්කෝ සාමූහිකව මැරෙමු. නැත්නම් සාමූහිකව පණ බේරාගමු..

      Delete
  34. සහන් මම මිට කලිනුත් ආවට හරියට කියවන්න තරමේ විවේකයක් තිබුනේ නැහැ.
    මම දන්න විදියට ලෝකේ කිසිම රටක් නැහැ තවත් ණය නොවී ඉන්න.
    එත් අපේ රටේ උන් ණයවෙන්නේ තමන්ගේ අවශයතවයන් නිසා නෙමේ.

    රටේ මහා උන් හිතන ඉන්නේ රට උන්ගේ පුද්ගලික දේපලක් විදියටයිනේ.
    කොහොම උනත් තමන්ගේ ස්වංවින්දනේ උදෙසා මහා බැංකු වාර්තා පවා වැරදියට හදන රටක මෙට වැඩ දේවල් ඉදිරියට බලාගන්න හැකි වේවි.

    ReplyDelete
    Replies
    1. මනෝජ් කියලා තියෙන කරුණු ටිකට තවත් කියන්න දෙයක් නැහැ . සියලුම දේ ඇතුළත් ඔයාගේ කමෙන්ට් එක තුළ.. මමත් කියන්නේ ණයට ගන්න සල්ලි වලින් මෝඩ වැඩ කරන්න එපා කියන දේ. නැතුව ණයට ගන්න එපා කියන දේ නෙවේ.

      හැබැයි ලංකාව දැන් ඉන්න තත්වය අනුව නම් තව තව ණය වෙන්න හොඳ නැහැ..අනිවාර්යෙන්ම ඒක කියන්න ඕනේ..දිගටම එන්න මොනොජ්.. පැමිණීම වටිනවා..

      Delete
  35. මෙතන අළුත් දෙයක් නෑ. නමුත් මේ ගැන කී දෙනෙක් නොදන්නවද කියලා කොමෙන්ට්ස් බැලුවම පැහැදිලිව පේනවා. ඒ අතින් මේ වගේ පැහැදිලිකිරීමක වටිනාකම කියා නිම කරන්න බෑ.

    ණය නොගන්න රටක් අද ළෝකේ ඇත්තේ නෑ. ඉස්සෙල්ලම තිබුනේ සතෙක් දඩයම් කරගෙන කෑම. ඒක තමන්ම කර ගන්න ඕන. ඊළඟට එනවා එඬේර යුගය, ජනාවාස ඇතිවෙනවා, නායකයෝ ඇතිවෙනවා. භාන්ච හුවමාරු ක්‍රමයක් එනවා. ඊට පස්සෙ මුදලින් ගණු දෙණු කරන්න ගන්නවා. ඊට පස්සේ ණයට අරගෙන අවශ්‍යතාවයන් සපුරා ගන්නවා. ණය ගන්න එකේ වැරද්දක් නෑ. නමුත් ණය ගන්නේ මොකටද.? මොනවද මූලික අවශ්‍යතා, ණය කළමණාකරනය හා උපරීම ප්‍රයෝජන ගැනීම වගේ දේවල් ඒ අතරට අයත්. විශාළ ප්‍රමාණයේ ණය ගනුදෙනු වලිදි කොමිස් ටිකකුත් ලැබෙනවා. නමුත් කරුමේ වෙලා තියෙන්නේ, ඒ කොමිස් ටිකෙන් සැනසෙන්නේ නැතුව ණය මුදලිනුත් වැඩි කොටස හොරකම් කරන එක. ඔය ගත්ත ණය ප්‍රමාණයට මේ රට සංවර්ධනය වෙලා තියෙනවාද? අධී වේගී මාර්ග වලට ගිය වියදම කොපමනද? ඒ වගේ තව කීයක් හදන්න තිබුනද? මෙන්න මේ වගේ දේවල් විපක්ෂයවත් පෙන්නාන්නේ නෑ. මොකෝ උන් ආවහම කරන්නෙත් මේකම නිසා.

    ණය අරගෙන අන්තීමට සින්න වෙනවා කියලා සීන් එකක් තියෙනවා. අම්මට සිරි ලංකාවට දැනටම ඒ තත්වය උදාවෙලා කියලයි ආරංචිය නම්...

    ReplyDelete
    Replies
    1. මාතලන් මෙතන ඉන්නේ විවිධ ෆීල්ඩ් වල අය. ඉතින් මේ දේවල් ගැන නොදන්නවා වෙන්න පුළුවන්. දේශපාලනය සහ ආර්ථිකය ගැන එක හා සමාන දැනුමක් තියෙන අය අඩුයි. දේශපාලනය දන්න කෙනා ආර්ථිකය ගැන නොදන්නවා වෙන්න පුළුවන් , ආර්ථිකය ගැන දන්න කෙනා දේශපාලනය ගැන දන්නේ නැහැ වෙන්න පුළුවන්.

      මුළින්ම අපි තේරුම්ගන්න ඕනේ ඒක. මාතලන් , draki , මොරේ , දුකා , ගජින් ඇතුළු සියලු දෙනා දෙන සහයෝගය සෑහෙන්න වටිනවා . නියම දේශ---- කියන්නේ මේකට.. ( හිස් තැනට කැමති එකක් දාගන්න.. )

      Delete
  36. මේ පෝස්ටුව විවේකයෙන් කියෙව්වෙ අදයි සහන්. මම ලිංක් එකක් දානවා මගේ බ්ලොග් එකේ. අපි බලමු ගූගල් ප්ලස් එකෙත් ශෙයා කරන්න පුළුවන්ද කියලා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි draki දෙන සහයෝගයට එදා ඉඳන්ම ..දිගටම එන්න..

      ( කෙටි කමෙන්ට් එකක් දැම්මා කියලා හිතන්න එපා )

      Delete
  37. කියෙව්වා වගේම ශෙයාර් කලා.. ඒත් හිතට දුක තවමත් ඡන්දයක් තිබ්බොත් දිනන්නිම උන් වීම.. අපේ තුමා අපේ තුමානෙ..

    අර පහල ලින්ක් වැඩ කරන්නේ නෑ වගේ..

    ReplyDelete
    Replies
    1. ලින්ක් ටික හරිගැස්සුවා .. බොරුව එලි කරාම වත් මිනිස්සු තේරුම් ගන්න පටන් ගනී හරී.. අවුරුදු කීපයක් යාවි හැබැයි.. අපි බලමු .

      Delete
  38. සහන්.....ඉතාම වැදගත් ලිපියක්.මේ ලිපිය දකින්න ඉස්සෙල්ලා ඊයේ මම කතා කරකර හිටියා ලංකාවට නිවාඩු ගිහින් ආපු මගේ යාලුවෙක් එක්ක.යනකොට රටේ පාලකයෝ එක්ක තිබුන කේන්තිය නැතිවුනාලු රටේ සංවර්ධණය දැක්කම.මම ඒ පේන්න තියෙන දේ ගැන පැහැදිලි කරා.පිලිගන්න සුදානම් වුනේ නැහැ.නමුත් ඔබේ ලිපිය මම ඔහුට කියවන්න ලබා දුන්නා.දැන් කියනවා කථාව ඇත්තලු.මේ ලිපිය පුලුවන් තරම් අයට කියවන්න ලැබුනනම් හරි වැදගත්.ස්තූතියි සහන්.ඔයාගේ අසනීප තත්වය ගැනත් සැලකිලිමත් වෙන්න.ඔබට දීර්ඝායුෂ පතමි.

    ReplyDelete
    Replies
    1. බොරුවෙන් රවට්ටලා තියෙන්නේ අරූ.. බොරුව එලි කරන්න ඕනේ අපි. බොහොම ස්තූතියි එක කෙනෙක්ගේ හරි ඇස් පාදපු එකට. ඔයා දන්න කියන හැමෝටම ලින්ක් එක දෙන්න. ඒ අයටත් කියන්න ලින්ක් එක share කරන්න කියලා.. පිළිතුරු පමා වීම ගැන සමාවෙන්න ඕනේ අරූ.. මේ ටිකේ ඉතින් හිතට , ගතට නිවනක් නැහැ..

      ඔබේ ලෙන්ගතු කමට බොහොම පින් අය්යේ.. මම ඔබ සමග පුද්ගලිකව කතා කරන්නම් වෙලාවක..

      Delete
  39. This comment has been removed by the author.

    ReplyDelete
  40. ETHAKOATA AIYE jAPAN YEN 1K SRILANKA RUPEES WALIN BALUWOTH 0.98 GANAK NE WNNE A AI

    ReplyDelete
    Replies
    1. ඉතින් යෙන් එක නැගලා නිසානේ එහෙම වෙන්නේ...

      Delete
  41. සුබ උදෑසනක් සහන් අය්යා!! මන් අද තම මේ බ්ලොග් එකට අවේ.එකත් අහම්බෙන්.නමුත් මන් නොදන්න ගොඩක් දේවල් ලංකාව ගැන අද දන ගත්ත.ඇත්තටම ඔයාගේ ලිපිය ගොඩක් හරවත් ලිපියක්.මන් ඔයාගේ බ්ලොග් එක ගැන මගේ හැම යාළුවටම කියන්නම්.අය්යා වගේ තව දහදෙනෙක් හිටිය නම් ලංකාව මිට වඩා වෙනස් කරන්න පුළුවන් කියලයි මට නම් හිතෙන්නේ.එත් යය ගොඩක් පරිස්සන් වෙන්න.මොකද අය්යගේ ජීවිතේට තර්ජනයක් වෙන්නත් පුළුවන් දැනට සිටින පාලකයන්ගෙන්.මොකද අයගේ අදහස් ඒ යට තර්ජනයක් වෙන නිසා.
    ඇත්තටම මට නම් හිතෙන විදියට සුපර් ස්ටාර් වගේ reality shows ,ඒ වගේම මේ දිනවල ලංකාව වටේම පවත්වන සංගීත සංදර්ශන වලට වියදම් කරන මුදල් ලංකාවේ දියුණුවක් වෙන අරමුණක් සඳහා යෙදෙව්වොත් මිට වැඩ ලංකාවේ දියුණුවක් ඇති වෙයි.මේ වගේ සන්දර්ශන, DJ parties වලට ලංකාවේ මිනිස්සු කොච්චර මුදල් වියදම් කරනවද?හොයල බලුවොත් දවසකට මේ වගේ නිකරුනේ මුදල් වියදම් වෙන දේවල් 100 දහස් ගානක් ලංකවේ පවත්වනවා.ඒ වගේම රාත්‍රී සමාජ ශාලා වලට ලංකාවේ මෝඩ මිනිස්සු කොච්චර මුදල් වියදම් කරනවද?මේ දේවල් නිසා ලංකාවේ සංස්කෘතිය ,ආර්ථිකය වගේම සමාජ සංස්ථාව ඇතුලත වගේම පවුල් සංස්ථාව ඇතුලතත් ප්‍රස්න හැදෙනවා නේද?මන් දන්නේ න මන් මේ කියපු දේවල් අයගේ ලිපියට කොච්චරක් දුරට සම්බන්දද කියන්න?එත් මන් නම් හිතන්නේ වර්තමාන ලංකවේ මිනිස්සු මුදල් වියදම් කරන්නේ අනවශ්‍ය දේවල් වලට කියලයි.
    කොළඹ 7 මිනිස්සු සුර සැප විඳිද්දී ලංකාවේම තවත් කොටසක් අනන්ත දුක් විඳිනවා එදා වෙලා කන්න නැතුව.පුංචි ළමය මහා පාරේ ඉන්නවා හිසට හෙවනක් වත් නැතුව.කියන්න නම් ගොඩක් දේවල් තියෙනවා දකින දේවල් ගැන..එත් ගැනු ළමෙක් විදියට සමාජේ වෙන හැම දේම කියන්න බැනේ අය්යා දැක්ක පලියට.මොන උනට් යයට ගොඩක් පින් මේ විදියට වට ලංකවේ දියුණුවට ඇත දෙන ලිපි පොස්ට් කරනවට.මේ හැම දෙකින්ම අපිට සමාජ යථාර්තය දකින්න පුළුවන්.මන් සුබ පතනවා යයට හැමදමට් මේ විදියටම හොද ලිපි ලියන්නත් ,අයගේ හිතේ තියෙන හැම ප්‍රර්තනවක්ම ඉක්මනින්ම ඉෂ්ට වෙනන කියලත්!!!
    ඒ වගේම යය ගොඩක් පරිස්සමෙන් ඉන්න.හොදේ?ඒ වගේම යයට ඉක්මනටම සනීප වෙන්නත් කියල මන් ප්‍රර්ථනා කරනවා!! බුදු සරණයි!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි එක වචනයක් හරි කීම ගැන රට වෙනුවෙන්..මම එකින් එක උත්තර දෙන්නම් මදුමාලි..එතෙක් මම ලියපු මේ ලිපියේම දෙවන කොටස කියවන්න ...........

      මීළඟ ලිපිය :- තව දුරටත් සිදුකල හැකි ආර්ථික විද්‍යාමය වංචා හඳුනාගැනීම.

      Delete
    2. ayya man oyata mail ekak ewwa.et eka yannne nane?ay e?poddak balanawada eka?deliver fail kiyala watenawa

      Delete
    3. silentsahan@gmail.com

      මෙන්න මේකයි මගේ ඇඩ්රස් එක. මේකට එවන්න බලන්න... මම ඔයා දාපු රිප්ලයි එකට උත්තර ලියන්නම්... එතෙක් මේල් එකක් එවන්න මට...

      Delete
    4. ayya man email ekak ewwa nirodha bandara kiyana namin.balannko eka

      Delete

ඔබ කමෙන්ටුවක් දමයි නම් කරුණාකර මෙහි කමෙන්ටු E mail subscribe කරන්න .. නැතිනම් පිළිතුරු මග හැරී යනු ඇත ...

කමෙන්ට් යනු ඔබගේ අදහස් ප්‍රකශ කිරීමට සලසා ඇති ඉඩයි. සිතුවිලි ලියා තැබුණු විට අන් අයටද ප්‍රයෝජනයක් විය හැක !

http44444444://1.bp.blogspot.com/-F0lMkO9hSe8/UjM37DArTZI/AAAAAAAAAwo/wtP9O0K_6UE/s1600/543431_208554675978924_1215099537_n.jpg15099537_n.jpg

සහයෝගය දක්වන වෙබ් එකමුතු ...

මාතලන්ගේ සින්ඩිය...api apita Blog Readerlankeeya sithuwililankeeya sithuwili lankeeya sithuwili