දැන්වීම් පුවරුව . ( පින්තූර මතට මවුස් පොයින්ටරය රැගෙන යන්න )

දැනට වසර දෙකක පමණ සිට සෑම සතියකටම වරක් ලිපියක් හෝ දෙකක් පළ කළෙමි. සිත් ගත් ලිපියක් වේ නම් හිතමිතුරන් අතරත් බෙදාගන්න.

මෙම වෙබ් අඩවිය ලෝඩ් වීමට පමා වේ නම් මෙම ලින්ක් එක භාවිතා කරන්න.

Go and get Sinhala Unicode to your Computer
Face Book Link Share.

November 2, 2013

( වළියක් ) 35,000Km Zoom වෙන ලෙන්ස් පද්ධතිය පෝස්ටුවේදී විශ්ව රංගනාත් සහ silent sahan අතර වූ කතා බහ..........




මන් කලින් දැමු

අභ්‍යාවකාශගත කිරීමට නියමිත චන්ද්‍රිකාවක් බලන්න කැමතිද ...?  කිලෝමීටර් 35,000 ZooM වෙන කැමරා පද්ධතිය ? විකිරණ වලට ඔරොත්තු දෙන ලෙන්ස් එක..

              පොස්ට් එකේදී අපේ හිතවත් විශ්ව රංගනාත් හා මා අතර තාක්ෂණික සංවාදයක් ඇති වුණා සියලු දෙනාම දකින්න ඇති.. ඉතින් මා ඔහු හා ස්කයිප් මගින් සම්බන්ධ උනා. මේ එහි ප්‍රතිඵල . මා ඔහුට විස්තර කළ සියල්ල බ්ලොග් පිටුවක් මගින් අන්තර්ජාලයට මුදා හල නොහැකි බැවින් හඬ පටය නිකුත් කරන්න බැහැ.

මා රංගගේ දුටුව විශේෂම දේ තමයි ඔහු සාවදානව අසා ඉන්නවා. ගැටළු ඇති තැනක් ආවොත් ප්‍රශ්න කරා " සහන් අර දේ කොහොමද වෙන්නේ  " කියලා.


අපේ කතා බහ පුද්ගලික එකක් වූ නිසා ඔහු සමග පුද්ගලිකව පැවසිය හැකි දෑ මා විස්තර කළා..

සියල්ල හොඳින් සාමකාමීව විසඳුනා...




මගේ පහු ගිය පෝස්ටුවේ මාගෙන් ප්‍රශ්න අසා ඇති සියලු දෙනා හට මා මේ පෝස්ටුව තුළින් පිළිතුරු දෙමි...ඒ නිසා හිත කළබල කරගන්න එපා...

නිහතමානී අය එක්ක ඕනෙම දෙයක් කතා කරලා විසඳා ගන්න පුළුවන් බව තේරුම් ගිය තවත් අවස්ථාවක් නිසා මෙසේ බ්ලොග් ගත කරන එක හොඳයි කියලා හිතුණා..


මොකද හැම තැනම තියෙන්නේ වළි වල බැක් ෆයර් විතරනේ...මේ තියෙන්නේ ඒකෙ අනික් පැත්ත.... ( ගොඩක් අයට මේක තමයි ඉවසන්න බැරි )

_____________________

               

                  සංවාදය වෙනුවෙන් පොස්ට් එකක් කරලා නේ. බ්ලොග් වලදී සහ අනෙක් තැන්වලදී සංවාද අත්‍යවශ්‍යයි. මම බොලොග් කියවන්නේ වැඩ කරන අතර කම්මැලි කම මගහරින්න. සංවාද කරන එක මගින් කම්මැලි ගතිය යනවා නේ. මම කොහොමත් මට මට දැනෙන විදියට පරස්පර දෙයක් දැක්කොත් කෙලින්ම අහනවා. හරි පිළිතුරක් එනකම් නවතන්නේ නැහැ. සහන්ගේ ලිපි වල යමක් කියන්න ගියාට තවත් එකක් වහන ගතියක් තියෙනවා මීට පෙර පළවූ ලිපියේ සහන් සහ මා අතර දිගු වාදයක් ගියා එයට හේතුවත බොහොම පොඩි දෙයක්. සහන්ගේ එහි සඳහන් සියලු කරුණු සත්‍ය වුවත් විචාරක මහතාගේ පිළිතුරකට සහන් දුන් පිළිතුරයි මට ගැටළුවක් වුයේ.


                මම telecommunication හෝ electronic ක්ෂේත්‍රයට සම්බන්දවූ කෙනෙකු නොවුනත් මට ඇතිවුයේ මගේ සාමාන්‍ය දැනුම සමග අනුගත නොවූ ගැටළුවක්. එනම් කුඩා චන්ද්‍රිකාවේ සුර්ය කෝෂවල ප්‍රමාණය හා සලකන කල එය මගින් උත්පාදනය කරන ශක්තිය සමග නොගැලපෙන ධාරාවක්. ඒ ගැන කොහොම මම ප්‍රශ්න කලත් සහන් මල්ලේ පොල් කතාවෙන් මාරු. මට හිතුනා මොහු තවත් පොර වෙන්න බ්ලොග් ලියන්නෙක් කියලා. මහලොකුවට කරුණු ලිවුවට පැහැදිලි කරන්න දන්නේ නැති කෙනෙක් කියලා ඒක නිසා සජ්වී ලෙස කතාකරලා බලන්න skype මගින් සම්බන්ද වුනා. 

                     එතකොට තේරුනා මොහුගැන කල උපකල්පන වැරදි කියලා මෙන්ම ඔහු කරුණු නොකියන්න හේතුව හොඳට පැහැදිලි වුනා. පැය 2 විනාඩි 30 කතා කළා. ඇසට කඳුළු එන ඔහුගේ කතාව මගින් ඔහුගේ හැසිරීමට හේතුව අවබෝධ වුනා. සහන් කෙලින් සමහර දේ නොකියුවට ඔහු මරණය ලඟට ගොස් පැමිණි ආරක්ෂක ක්ෂේත්‍රයට සම්බන්ද කෙනෙක් කියලා නම් තේරුනා ඒ වගේම ක්ෂේත්‍ර කිහිපයක දැනුම සහිත කෙනෙක්. අවුරුදු ගණනාවකට පසු පන්තියකට ගියා වගේ චන්ද්‍රිකා තාක්ෂනය ගැන අග සිට මුලටම අන්තර්ජාලයෙන් සොයාගත නොහැකි දැනුමක් ලැබුනා. 


                   එම කරුණු මේ බොලොග් එකේ ලියන්න කියලා මම ඉල්ලනවා. මට කියපු ටික ලියන්න ලිපි 10 වත් මදිවෙයි. එමගින් මට ඇතිවූ ගැටලුවට පිළිතුර ලැබුනා. ඒ වගේම චන්ද්‍රිකා සැළසුම් කරන ආකාරය. ඒවා හදන විදිය ගැනත් හොඳ අවබෝදයක් ගත්තා මෙතන නොදාපු පින්තුර කිහිපයක් සමගම. ඒ වගේම චන්ද්‍රිකා නිෂ්පාදන ක්‍රියාවලියට සම්බන්ද ඉංජිනේරුවෙක් කියන්නේ කොතරම් පඩි ගත්තත් ජීවිත අවදානම සහිත කෙනෙක්. කොතරම් ආරක්ෂාවක් ලැබුනත්. මගේ ගැටලුවලට සහන් කමෙන්ට් වලදී කරුණු මගහැරීමට හේතුව පැහැදිලියි. ඒ වගේම සහන්ගේ එක ගුණයක් දැක්කා. එනම් මම කොතරම් තර්ක දැම්මත් ඒවායින් ඔහුට අපහාස වුවත් ඔහු නොකියන දේ නොකියන බව. කොහොමත් මේ බ්ලොග් එකෙන් අපි නොදන්නා රහස් ගොඩක් එලියට එයි. අර ඇන්ටනා ගැන ලිපිය ලියන්න අමතක වුනාද?

____________________




මෙන්න මේ වගේ කතා කරලා ප්‍රශ්න විසඳගන්න අනිත් අයත් පුරුදු උනා නම් අහවරයි නෙව...








84 comments:

  1. Replies
    1. සංවාදය වෙනුවෙන් පොස්ට් එකක් කරලා නේ. බ්ලොග් වලදී සහ අනෙක් තැන්වලදී සංවාද අත්‍යවශ්‍යයි. මම බොලොග් කියවන්නේ වැඩ කරන අතර කම්මැලි කම මගහරින්න. සංවාද කරන එක මගින් කම්මැලි ගතිය යනවා නේ. මම කොහොමත් මට මට දැනෙන විදියට පරස්පර දෙයක් දැක්කොත් කෙලින්ම අහනවා. හරි පිළිතුරක් එනකම් නවතන්නේ නැහැ. සහන්ගේ ලිපි වල යමක් කියන්න ගියාට තවත් එකක් වහන ගතියක් තියෙනවා මීට පෙර පළවූ ලිපියේ සහන් සහ මා අතර දිගු වාදයක් ගියා එයට හේතුවත බොහොම පොඩි දෙයක්. සහන්ගේ එහි සඳහන් සියලු කරුණු සත්‍ය වුවත් විචාරක මහතාගේ පිළිතුරකට සහන් දුන් පිළිතුරයි මට ගැටළුවක් වුයේ. මම telecommunication හෝ electronic ක්ෂේත්‍රයට සම්බන්දවූ කෙනෙකු නොවුනත් මට ඇතිවුයේ මගේ සාමාන්‍ය දැනුම සමග අනුගත නොවූ ගැටළුවක්. එනම් කුඩා චන්ද්‍රිකාවේ සුර්ය කෝෂවල ප්‍රමාණය හා සලකන කල එය මගින් උත්පාදනය කරන ශක්තිය සමග නොගැලපෙන ධාරාවක්. ඒ ගැන කොහොම මම ප්‍රශ්න කලත් සහන් මල්ලේ පොල් කතාවෙන් මාරු. මට හිතුනා මොහු තවත් පොර වෙන්න බ්ලොග් ලියන්නෙක් කියලා. මහලොකුවට කරුණු ලිවුවට පැහැදිලි කරන්න දන්නේ නැති කෙනෙක් කියලා ඒක නිසා සජ්වී ලෙස කතාකරලා බලන්න skype මගින් සම්බන්ද වුනා. එතකොට තේරුනා මොහුගැන කල උපකල්පන වැරදි කියලා මෙන්ම ඔහු කරුණු නොකියන්න හේතුව හොඳට පැහැදිලි වුනා. පැය 2 විනාඩි 30 කතා කළා. ඇසට කඳුළු එන ඔහුගේ කතාව මගින් ඔහුගේ හැසිරීමට හේතුව අවබෝධ වුනා. සහන් කෙලින් සමහර දේ නොකියුවට ඔහු මරණය ලඟට ගොස් පැමිණි ආරක්ෂක ක්ෂේත්‍රයට සම්බන්ද කෙනෙක් කියලා නම් තේරුනා ඒ වගේම ක්ෂේත්‍ර කිහිපයක දැනුම සහිත කෙනෙක්. අවුරුදු ගණනාවකට පසු පන්තියකට ගියා වගේ චන්ද්‍රිකා තාක්ෂනය ගැන අග සිට මුලටම අන්තර්ජාලයෙන් සොයාගත නොහැකි දැනුමක් ලැබුනා. එම කරුණු මේ බොලොග් එකේ ලියන්න කියලා මම ඉල්ලනවා. මට කියපු ටික ලියන්න ලිපි 10 වත් මදිවෙයි. එමගින් මට ඇතිවූ ගැටලුවට පිළිතුර ලැබුනා. ඒ වගේම චන්ද්‍රිකා සැළසුම් කරන ආකාරය. ඒවා හදන විදිය ගැනත් හොඳ අවබෝදයක් ගත්තා මෙතන නොදාපු පින්තුර කිහිපයක් සමගම. ඒ වගේම චන්ද්‍රිකා නිෂ්පාදන ක්‍රියාවලියට සම්බන්ද ඉංජිනේරුවෙක් කියන්නේ කොතරම් පඩි ගත්තත් ජීවිත අවදානම සහිත කෙනෙක්. කොතරම් ආරක්ෂාවක් ලැබුනත්. මගේ ගැටලුවලට සහන් කමෙන්ට් වලදී කරුණු මගහැරීමට හේතුව පැහැදිලියි. ඒ වගේම සහන්ගේ එක ගුණයක් දැක්කා. එනම් මම කොතරම් තර්ක දැම්මත් ඒවායින් ඔහුට අපහාස වුවත් ඔහු නොකියන දේ නොකියන බව. කොහොමත් මේ බ්ලොග් එකෙන් අපි නොදන්නා රහස් ගොඩක් එලියට එයි. අර ඇන්ටනා ගැන ලිපිය ලියන්න අමතක වුනාද?

      Delete
    2. විශ්ව: සහන් මල්ලි ගැන ඔබ කර ඇති විස්තරයට තුති.!
      මෙපමණ දවසක් මම ඔහු ගැන සිතා සිටි විදිය ඔබගේ පැහැදිලි කිරීමෙන් වෙනස් වුනා.
      සහන් මල්ලි;මෙපමණ දවසක් මගෙන් සිත් රිදවීමක් ඇති වුවා නම් සමාවන්න.
      නැවතත් විශ්වට ස්තුතියි...!

      Delete
    3. @ රංග

      ඔයාට සහ පොදුවේ මන් කමෙන්ට් එකක් වෙනම දැම්මා පහලින් ..

      @ කෙන්ජි

      මන් අය්යේ සමහර දේවල් වලදී තදින් ඉන්නවා. අනිවාර්යයෙන්ම විය යුතු දේවල් මන් අනිවාර්යයෙන්ම කරනවා. අනිත් දේවල් ඔහේ වෙන්න ඇරලා නිකන් ඉන්නවා. මන් බොහෝ වෙලාවට දීර්ඝ සංවාද වලට පැටලෙන්නේ LTTE ප්‍රශ්නේ ගෑවෙන තැන් වලදී.. එවැනි තැන් වලදී නම් කිසිම විදිහකින් අනිත් පාර්ශවයට බේරෙන්නේ දෙන්නේ නැහැ..

      බොහෝ දෙනා දැකලා තියෙන්නේ එවැනි සංවාද..ඉතින් මා ගැන අහිතක් හිතෙන එක සාධාරණයි.. ත්‍රස්තවාදී නොවන ඕනෙම කෙනෙක් සමග මම ඉතා සුහදයි...

      Delete
  2. මම සහන් ගැන මෙ ටික අනුමාන කරල තිබුනේ

    ReplyDelete
    Replies
    1. @ දමිත් ,ඉවාන් ,, රාළ

      කමෙන්ට් 10 ක් විතර ගහලා අන්තිමට ඒ ඔක්කොම මැකුවා ... . :(

      Delete
    2. ඉවාන් @ මොකද නිතර ඔය GMT+5:30 දාන්නේ ? දන්නේ නැති නිසා අහන්නේ

      Delete
    3. GMT +5.30 කියන්නෙ එයාගෙ Time Zone එකනේ.

      Delete
    4. @ ඔමා මම දාන්නේ නෑ නඟා - ටයිම් සෝන් එක ඔටෝ ඩිස්ප්ලේ වෙනවා

      Delete
  3. ඔය හැමෝම කරල තියෙන්නෙ හොද වැඩක්.. මොකද ප්‍රශ්නයක් උනාම කතා කරල විසද ගන්න ඕන... ගහ මරා ගන්නෙ නැතුව.... හැම කෙනෙකුගෙම ඇතුලත තවත් ජීවිතයක තියෙනව.. සමහර කට්ටිය ඒක කාට හරි කියනව... නමුත් සමහරු ඒක හිතේම තියාගෙන ඉන්නව... ඒක අපි තේරුම් ගන්න ඕන....

    ReplyDelete
    Replies
    1. \\\\\සමහර කට්ටිය ඒක කාට හරි කියනව...නමුත් සමහරු ඒක හිතේම තියාගෙන ඉන්නව... \\\\\

      ++++++++++++++

      Delete
  4. සහන් ගැන මම දන්නෙ ඔහු බ්ලොග් ලෝකට ආව දිනවල සිටම. විශේෂයෙන් කියන්න ඕනෙ අපි අතර කිසිම පුද්ගලික ඇඳුනුම් කමක් නැහැ. මට ඒවා වැඩකුත් නැහැ. හැබැයි ඔහු ඉතාම වගකීමෙන් ලියන කෙනෙක්. ඔහුගේ යුතු අයුතුකම් පිළිබඳ ඔහුට වැටහීමක් තියනවා. කෙනෙක්ගේ දුරවල පැත්තට වඩා මට නම් වටින්නේ කෙනෙක්ගේ තියන වටිනාකම්. ඔහුගේ තියන සංවේදී බව මම ඉතාම අගය කරනවා. හැබැයි ඉන් ඔහුට හානිත් වෙනවා.
    සහන් හැම වෙලේම යමක් කියන කොට එහි මූලධර්ම මුල ඉඳලම විස්තර කරනවා. එය ඉතාම වටිනවා. අපි වැනි ඳුහුනන් ට මේ ඉතා වටිනවා. රංගගේ සහ සහන් ගේ සංවාදයත් අපිට යමක් ඉගෙන ගැනීමට හොද අවස්ථාවක් වුනා. සහන් දකින්න ඇති මම මේ ටික දහ දොළොස් වතාවක් කියෙව්වා. කෙතරම් මේවැනි දේ කියෙව්වත් ලබාගත නොහැකි දැනුමක් මින් ලැබුවා. ඔබ දෙපලටම ඉතාමත් ස්තුති වන්ත වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔබ මා ගැන යම් යම් දේවල් දන්නා නිසා ඒ කාලේ සිටම මගේ හැසිරීම ගැන අවබෝධයක් තිබ්බා..මන් ඒක හොඳටම තේරුම් අරන් හිටියේ වෙද මහත්තයෝ....

      ඇතැම් ප්‍රශ්න නැවත විසඳන්න බැහැ.. ඒ නිසාමයි මන් කොච්චර අමාරු අවස්ථාවක් ආවත් වෙනත් කෙනෙක්ට කරදරයක් නොවෙන්නේ.. මේක මෙහෙමම ඉවරයක් වෙන්න දීලා බලන් ඉන්නව ඇර විසඳුමක් නැහැ වෙද මහත්තයෝ...( එහෙම නැතුව අහිතකට මෙහෙම ඉන්නවා නෙවේ හොඳද .. මේක ගොඩගන්න බැහැ )

      ඔබ දකින්න ඇතිනේ ඉස්සර මන් මේ කිසි දෙයක් ගැන වචනයක් කතා කලේ නැහැ... පස්සේ මට හිතුණා ඇයි අපි මේ හැමදාම ආතල් විතරක් පස්සේ යන්නේ , වෙනත් දෙයක් කරන්න බැරිද මේ කාලයෙන් කියලා... අපිට විප්ලව කරන්න බැහැ.ඒක මන් හොඳටම දන්නවා. ඒත් පොඩි පොඩි දේවල් ටිකක් කරන්න පුළුවන්.. ඇතැම් විට එය සමනළ විප්ලවයක් වෙන්නත් පුළුවන් . නොවෙන්නත් පුළුවන්...

      මන් දන්නේ නැහැ මේ වෙන කිසිම දෙයක් වෙන්නේ කොහොමද කියලා...
      ----------------------------------------------------------------------------------------------

      " @ all " දාපු කමෙන්ට් එකත් බලන්න වෙද මහත්තයෝ ...

      Delete
  5. සංවාදය හොදින් ඉවරඋන එක ගැන ඉතාමත් සතුටුයි. සහන් මමත් පොඩි ප්‍රශ්නයක් ඇහුවා ඔයා ඒකට උත්තර දුන්නද කියල මට බලන්න විදිහක් නෑ ,ඒ පොස්ට් එක ලෝඩ් වෙන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. උත්තර දෙනවා මචන්..පොඩ්ඩක් ටයිම් දෙන්න....දැනටත් ලියලා ඉවරයි...අනිත් අයත් අහපු ප්‍රශ්න වලට මේ පෝස්ට් එකෙන් උත්තර දෙනවා මචන්.. ඒ පෝස්ට් එක මට ලෝඩ් වෙන්නෙත් නැහැ බන් ... :(

      Delete
    2. කම්මල
      ප්‍රශ්නය :-
      උඹ දන්නවානෙ සහන් මට මේව ලෙබ්බෙට මන්තර වගේ කියල ඒත් ලෙබ්බෙටත් මන්තර තේරෙන විදිහට ලියන එකනම් අපුරුයි ; මට කියන්න චන්ද්‍රිකාවකින් දත්ත සම්ප්‍රේෂණය කරන්න විශාල බලයක් සහිත සම්ප්‍රේෂණ පද්දතියක් අවශ ඇතිනෙ, කොහොමද පෘතුවියට දත්ත ලබා දෙන විදිහ.



      පිළිතුර :- මචන් සාමාන්‍ය එදිනෙදා ජන ජීවිතය සඳහා හදපු චන්ද්‍රිකා තියෙන්නේ තරංග පරාස 4 ක වගේ.. මුල්ම කාලේ UHF පරාසයේ තරංග මාලාවක් භාවිතා කළා.. පස්සේ පස්සේ සංඛ්‍යාතය වැඩි කරමින් වඩාත් හොඳ සංඥා මට්ටමක් පවත්වාගන්න කටයුතු කරා ( මන් මේ කියන්නේ හැට ගණන් වල සිද්දියක් හරිය )...UHF පරාසයේ තරංග භාවිතා කරද්දී අධික බලයක් ඕනේ වෙනවා කිලෝමීටර් 42,000 ක විතර දුරක් ගමන් කරන්න..කිලෝවොට් 200 / 400 වගේ බලයක් ඕනේ. එහෙම වෙලත් සංඥා පෘතුවියට ලැබීමේ දුර්වලකම් ඇති වූ නිසා UHF පරාසයේ තරංග භාවිතා කරන එක අඩු උනා.. ( මෙතන බෑන්ඩ් විඩ්ත් සම්බන්ධ ප්‍රශ්නයක් එන්නේ..ඒක මම වෙනම කියන්නම් ..මේ පිටටම ඕක කියන්න ගියොත් උඹට එපා වෙනවා )


      ටිකෙන් ටික මෙගා හර්ට්ස් 1000 න් එහා තරංග පරාසයන් භාවිතා කරන්න පෙළඹුනා..බොහෝ වාසි අත් වෙන්න ගත්තා මෙගා හර්ට්ස් 2500 ටත් එහා යද්දී. අද වෙද්දී මෙගා හර්ට්ස් 28,000 දක්වා තරංග පරාසයන් භාවිතා කරනවා සන්නිවේදන කටයුතු වලදී...

      තරංග පරාසය වැඩි වෙන්න වෙන්න වැය කරන්න ඕනේ බලය අඩු වෙනවා මචන්.. ඇන්ටෙනාව පොඩි කරන්නත් පුළුවන් ඒ නිසාම.. ඉතින් අද වෙද්දී බොහෝ දේවල් සඳහා භාවිතා කරන්නේ ඉහළ තරංග පරාස...සාමාන්‍ය රූපවාහිනී කටයුතු , අන්තර්ජාල කටයුතු , කාලගුණ කටයුතු සඳහා වෙන වෙනම තරංග මාලා බෙදලා දීලා තියෙනවා.. චන්ද්‍රිකා රූපවාහිනී සම්ප්‍රේෂණය සිදු කරන්නේ දළ වශයෙන් මෙගා හර්ට්ස් 3000 - 5000 සහ 10,000  - 13,000 දක්වා..

      මන් මේ කිව්වේ මචෝ රූපවාහිනී සම්ප්‍රේෂණය ගැන විතරයි. කාලගුණ කටයුතු සහ වෙනත් කටයුතු සඳහා යොදා ගන්න තරංග පරාසය සහ ක්‍රම වෙනස්. එකම චන්ද්‍රිකාවේ මේ සියල්ල ඇතුලත් කරලා හදන්නත් පුළුවන් නොකරන්නත් පුළුවන්.

      කාලගුණ කිව්වත් වර්ග කීපයක් තියෙනවා.මන් ඊළඟට දාන්න ඉන්න පෝස්ට් එකෙන් මන් මේ කියන දේ පැහැදිළි වේවි මචන්.. හොඳට බලන්න ඒ චන්ද්‍රිකාව මොන කැටගරියටද දාන්න වෙන්නේ කියලා....අපිටත් හිතාගන්න බැහැ ඒක මොකක්ද කියලා.. . o 0

      Delete
    3. බොහොම ස්තුති පැහැදිලි කිරීමට.

      Delete
    4. සහන් කියන්නේ ඇත්තෙන්ම හොඳ ගුරුවරයෙක්. ඕනෑම දෙයක් පැහැදිලි කරන්න ඔහුටම ආවේනික ක්‍රම ගොඩක් තියන කෙනෙක්. මට මීට මාස 1 1/2 කට විතර කලින් සහන් එක්ක skaype වලින් කතා කරන්න වාසනාවක් ලැබුනා. ඒ දවස් ටිකේ සහන් ගැන කිසිම තොරතුරක් නැතිව තිබුන නිසා මම skype මැසේජ් එකක් යැවුවා. එකට ප්‍රතිචාර විදිහට නොහිතු වෙලාවක ඔහු මට කතා කරා. එදා පැය කිහිපයක් අපි කතා බහ කළා. ඇත්තෙන්ම වටිනා සංවාදයක්. අවාසනාවට දිගටම මට ඔහුත් සමග සම්බන්ද වෙන්න බැරි උනා. රාජකාරී වැඩත් එක්ක බොහෝවිට ඔහුව සම්බන්ද කරගන්න මට අවස්තාව ලැබුනේ නැ. skype මිස් කෝල් කිහිපයක් ඔහුගෙන් ලැබී තිබුනත් ඒ හැම වෙලාවේම මම බැහැරට ගිහින් හරි වෙනත් වැඩක යෙදිලා හිටිය නිසා හරි නැවත ඔහු සමග කතා කරන්න අවස්තාවක් නොලැබීම ඇත්තටම අභාගයක්.
      මට හිතා ගන්න බැරි ඔහුගේ විවිද ශේත්‍ර ගැන තියන දැනුම. කතා බහෙන්නම් මට තේරුනේ ඔහු ගොඩක් වයසක කෙනෙක් නොවන බවයි. කොහොම උනත් ඔහු අවන්කවම රටට ආදරේ කරන්නෙකු කියලයි මට හැඟුනේ. ඒ හින්දම තමයි සමහර අවස්තාවල ඔහුගේ ප්‍රතිචාර පොල්ලෙන් ගැහුවා වගේ තියෙන්නේ. ස්යිබරයේදී සතුරන් හෝ මිතුරන් නැති නිසා එවැනි ඍජු ප්‍රතිචාර මම නම් පුද්ගලිකව අගේ කරනවා. කොහොම උනත් සිංහල බ්ලොග් අවකාශයට ඔහු කරන මෙහෙය ප්‍රශංසනීයයි. මේ දිනවල මගේ රැකියාවේ වෙනස් කමක් නිසා කාර්යබහුල වෙලා ඉන්නේ. ඒ වැඩ වූ වහාම නැවත ඉක්මනින් ඔහුට කතා කරන්න බලාපොරොත්තුව. ජංජාලේ මාසයක් කරක් ගහලා හොයා ගන්න ඕන ගොඩක් දේවල් සහන් එක්ක කතා කරලා දවසකින් ගන්න පුළුවන්. ඔබගේ අසනීප තත්වය ඉකමනින් සුව වී තවත් සිංහල බ්ලොග් අවකාශය දැනුමින් පුරවන්න ලැබේවා.

      itnishantha
      itnishantha@gmail.com

      Delete
    5. @ නිශාන්ත

      ස්තූතියි නිශාන්ත ඔයාට ... මට තේරුණා එදා මන් ඔයාට කතා නොකළා නම් ඔයාගේ හිතේ මන් ගැන ඇති වෙන චිත්‍රය නැවත මකන්න බැරි බව. ඒ නිසයි මන් ඔයාට කතා කලේ.. මන් හිතන්නේ කතා කරාට පස්සේ ඔයා තේරුම්ගත්තා මා ගැන... ස්තූතියි මෙවැනි විටකදී ඒ ගැන මතක් කිරීම ගැන වෙහෙස වෙලා කමෙන්ටුවක් දමමින් ...අගය කරනවා ඒ ගුණය ...

      Delete
  6. http://kenjij1.blogspot.co.il/ ඔන්න බොගක් අටෝගත්තා මාත් දැන් ඇවිත් කොමෙන්ට් කරලා ෆලෝ කරලා බැනලා යන්න පුළුවන් හිතේ හැටියට

    ReplyDelete
    Replies
    1. පළවෙනි කමෙන්ට් එක දාලා තියෙන්නේ මන් ....සුබ පැතුම් ..දිගටම ලියන්න කෙන්ජි අය්යේ ....

      Delete
  7. ඔනම කෙනෙක් බ්ලොගක ලියන දේවල් අනුව තව කෙනෙක් ඒ දේවල් කරන්න හෝ කරන්න යන එකක් නොකර ඉන්නවනම් ඊට වගකිව යුත්තේ අර බ්ලොග් කරුවා නොවන බව බ්ලොග් පාඨකයින් දැනගෙන සිටිය යුතුය...... බුදුන් වහන්සේ දේශනා කලේද මම පාර පෙන්නුවා පමණි එහි කෙතරම් දුරක් ගමන් කරනවාද යන්න තම තමන් විසින් තීරණය කලයුතුබවය
    සහන් ඔබ ඉතා මහන්සියෙන් බෙදා ගන්න දැනුමට මගේ හර්දයාංගම ස්තුතිය

    ReplyDelete
    Replies
    1. \\\\\\\\\\\\සහන් ඔබ ඉතා මහන්සියෙන් බෙදා ගන්න දැනුමට මගේ හර්දයාංගම ස්තුතිය \\\\\\\\\\\

      ස්තූතියි රාළේ.. ඒ වගේම අපි සෙට් එකම කවද හරි මුණගැහෙමු ... අපි හැම එකාම සෙට් වෙන දවසක් තියේනේ කවද හරි .... උඹව මගේ රෝල්ට දාගන්න බැරුව ඉන්නේ 300 පැනලා නිසා... හිටපන්කෝ මන් ඒකටත් කරන්න වැඩක් ...දිගටම වරෙන් මචන්..ඊළඟට මන් දාන සැට් එක මොන වර්ගයේ එකක්ද කියලා කියන්න ....

      Delete
  8. @ රංග සහ සියලු දෙනා වෙත පොදුවේ


         මන් හිතන්නේ අපි දෙන්න මේ ගැටලුව විසඳගත්ත ආකාරය අනිත් අයටත් වැදගත් වේවි රංග. බොහෝ දෙනා සෑම විටම කරන්නේ " අනේ මන් හොඳයි . අරයා නරකයි " කියන්න. තමන්ගේ මොන තරම් වැරද්දක් තිබ්බත් ඒක පිළිගන්න සූදානම් නැහැ බොහෝමයක් අය. එවැනි අයට අපේ සංවාදය කදිම පාඩමක් වේවි. මන් හිතන්නේ මෙවැනි දෙයක් බ්ලොග් ඉතිහාසයේ උනාමද කොහෙද ...


    මම මෙවැනි දේවල් ගැන විස්තර කරන්නේ රංග ඉතාම සරළව. ඕනෙම කෙනෙක්ට තේරුම්ගන්න පුළුවන් වෙන්නයි මම පොස්ට් ලියන්නේ. කිසි සේත්ම බලන කෙනාව තවත් අපහසුතාවයට පත් කරන්න මන් ලියන්නේ නැහැ. මුල සිට සියල්ල සරළව කිව්වේ නැත්නම් අපිට ඉදිරියට යන්න බැහැ.පටන් ගැනීම හොඳටම කරන්න ඕනේ. සබ්ජෙක්ට් එකේ බේසික් ටික මොළේට යවන්නම ඕනේ. එහෙම උනාම හරි ලේසියි ඉදිරියට යන්න.පටන් ගනිද්දිම ලොකු පියවර තියන්නේ නැත්තේ ඒකයි මම.



    චන්ද්‍රිකාවක සැළසුම හදන්නේ " මෙන්න මෙහෙමයි " කියලා කියන්න බැහැ. ක්‍රම විශාල ගණනක් තියෙනවා. සාමාන්‍ය වාණිජ , පුද්ගලික වාණිජ  , කාලගුණ , පුද්ගලික කාලගුණ , රාජ්‍ය , පුද්ගලික ,යුධ වැනි ක්ෂේත්‍රයන් වලදී අනුගමනය කරන ක්‍රම එකකට එකක් වෙනස්.

    සියල්ල ගැන එක පාර පැහැදිලි කරන්න බැරි නිසා මම  එක් ක්ෂේත්‍රයක් උදාහරණයක් සඳහා අරගෙන පැහැදිළි කරනවා. එය ගැන හොඳ වැටහීමක් දුන්නට පස්සේ පුළුවන් අනිත් දේවල් ගැන කරුණු කියන්න..  පියවරෙන් පියවර යන්න ඕනේ ගමනක් මේක.


    විශය ගැන ආසාවක් ඇති වෙන විදිහට කරන්නත් ඕනේ , සරළ වෙන්නත් ඕනේ, ඊළඟ ලිපියත් කියවන්න කැමති විදිහට ලියන්න ඕනේ, අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕනේ . වැඩ ගොඩයි...



    හරි දැන් සියලු හිත් නොහොඳ කම් වැරදි වැටහීම් ඉවරයි.. සුපුරුදු විදිහට බ්ලොග් එකක් ලියන් කමෙන්ට් එකක් දාලා කට්ටිය ඉමු සාමෙන් ....



    ඒ වගේම රංගට විශේෂෙන් ස්තූතියි මන් කියන දේවල් අහගෙන හිටියට පැය 2 ක් තිස්සේ. මම කතා කරන වේගය වැඩියි. මගේ අම්මා මට හැමදාම බනිනවා " ළමයෝ වචන අතර පරතරයක් තියලා කතා කරන්න. ඔයාගේ කටින් එක වෙලාවට වචන 20 ක් විතර එළියට පනිනවා " කියලා. :(

    රංග හා පුද්ගලිකව පැවසිය හැකි දේවල් බොහෝමයක් මන් විස්තර කරා. රහස් රහස් කියලා මන් නොකියා සිටි දේවල් ටිකකුත් මන් පෙන්නුවා , විස්තර කරා. දැන් ඔහුට ඒ ගැන වටෙහීමක් තියෙනවා ඇයි මන් ඒ දේවල් හැංගුවේ කියලා.  ඉතින් බොහෝ ප්‍රශ්න දැන් විසඳිලා.


    රංගට ස්තූතියි ඉතාම නිහතමානීව මේ සිදුවීම විස්තර කිරීම ගැන අනිත් අයටත් දැනගන්න. ඒ ගුණය මන් විශේෂෙන්ම අගය කරනවා.  බොහෝ අය කෙනෙක්ගේ ගුණයක් දකින්න කැමති නැහැ. කියන්නෙම වැරදි විතරනේ..ඒ අතින් රංග හොඳ මහත්මයෙක්.


    අපි දෙන්නා මේ කරපු දේ බ්ලොග් ආදර්ශයක් වේවි හැමදාටම...

    ReplyDelete
  9. සහන්. දෙමොදර පාලම චිත්‍රපටියේ එක තැනක මැරයෙකු ලෙස ර්ගපාන ගාමිනී ෆොන්සේකා මහතා මෙන්න මෙහෙම කියනව...
    සර් .. අපි කලිසම් ඇන්දට මහත්තුරු නෙමෙයි ..!
    ඔන්න පත්තර මල්ලි පිලිවෙලක් උනා එහෙනම්. මන් ලස්සනයි නේ දැන් B-)

    ReplyDelete
    Replies
    1. එළ එළ පත්තර මල්ලියා ...කට්ටි පැන පැන හිටපු උඹ මිනිහෙක් වෙච්චි එක ගැන සතුටුයි... අහ්හ්හ් මේ බයික් එහෙකුත් අරන් තියෙන්නේ... :D

      අනිවා මචන් අද කාලේ මහත්තුරුන්ව හොයන්නත් බැහැ අමනුස්සයන්ව හොයන්නත් බැහැ.. ඒ වගේම මහත්තුරුන්ව අමනුස්සයෝ කරන්නෙත් මේ සමාජය...

      ඒක නෙවේ අයිටම් පත්තර මුකුත් තියේද ...?

      Delete
    2. ඔව් බන්. බයික්කෙ නම් මගෙ නෙවේ ඒජන්සියෙ එක බන් :-) . අයිටම් නම් සොදුරි,ශ්‍රීදේවි.නවරස.ගින්දර.මදුරි. සෙට් එකම අඩියෙ තියනව . දෙන්ඩ විදියක් නෑ බොස් කෙන්ජි මාම ඔක්කොටම එකපාර ගෙව්ව .

      Delete
    3. යකෝ කෙන්ජි ඕව ගෙනිහින් සුරුට්ටු ඔතන්නද ? අපිට දියන් ඩෝ.. කරන්න වැඩ තියේ ඕසෙට ..

      Delete
  10. තමන්ට ප්‍රශ්නයක් මතුඋනොත් ප්‍රසිද්ධියෙ ගහ මරා ගන්නෙ නැතුව පෞද්ගලිකව කතාකරල විසඳගන්න එක හොඳ දෙයක්.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත ප්‍රසන්න අය්යේ... මේවා අර මාර පැටියට හොඳ පාඩම් ...:)

      Delete
    2. Praසන්னOctober 31, 2013 at 10:13:00 AM GMT+5:30

      හැමදාමත් වගේ නියම විස්තරයක් සහන්. ඇත්තටම මේ වගේ සංකීර්ණ දෙයක් හදන්න ඒ මිනිස්සු කොච්චර කැපවීමක් කරනව ඇද්ද. මයිල් ගහක් වැටුණත් ඔක්කොම ඉවරයිනෙ. ඒ වගේම මේ ව‍ගේ ලිපියක් සකස් කරන්න ඔබත් සෑහෙන්න මහන්සි වෙලා තියෙනව.
      _____________________________________________


      ස්තූතියි ප්‍රසන්න අය්යේ... ඔව් මේ ගැන තව පෝස්ට් කීපයක් මම දාන්නම්කො...

      Delete


  11. ප්‍රශ්නය :- ඉවාන් පව්ලූශා ( Prageeth Anuradha )October 31, 2013 at 9:41:00 AM GMT+5:30

    සහන් මිත්‍රයා. මා හැමදාමත් කී පරිදි ඔබ විශ්මිත් පුද්ගලයෙක්. "ලංකාවෙන් යවපු චන්ද්‍රිකාවට සහන් දායක වුනේ නැද්ද? ඒ කියන්නේ අපේ රෝහිත බේබි සහන්ටත් වඩා දන්නවා ....හැක හැක ..ඔන්න ඔය වෙලාවට තමයි සහන් මුන්ව මරාගෙන මැරෙන්න හිතෙන්නේ , මුන් හිතන් ඉන්නේ මිනිස්සු කියන්නේ හරක් කියලා. හැබැයි අපේ මිනිස්සු හැසිරෙන හැටියට එහම නෙවෙයි කියන්නත් බෑ"

    මගේ විෂය පථය මේක නෙවෙයි ,එක නිසා මම අධි තාක්ෂණික කරුණු ඇතුලත් ලිපි කියෙව්වේ නෑ , එත් "එදිනෙදා ජීවිතය" බ්ලොගය කියවන්න පටන් ගත්තම එක වෙනස් වුනා. අධි තාක්ෂණික කරුණු ඉතාම් සරලව සහන් කියාදෙන ආකාරය නිසා අද වනවිට මා ඉතාම ආසාවෙන් සහන ගේ පොස්ට් කියවනවා.

    කියන්න ඕන අනෙක් කාරණය තමයි මේ පොස්ටුව වෙන කෙනෙක් ලිව්වානම් කියවන්න තියා බලන්න වත් හිතෙන්නේ නෑ . මොකද මෙවැනි කරුණු ලියන පුද්ගලයන් ලියන්නේ වෙන අයට තේරුම් ගන්න නෙවෙයි. පුළුවන් තරම් නොතේරෙන්න .

    දැන් ලංකාවේ පිහිටුවන්න හදන අභ්‍යවකාශ මධ්‍යස්ථානය මොනවගේ එකක්ද ? අක්කර විසිපහක් එකට වෙන් කරා කියලා මම දැක්කා . අක්කර විසිපහක් වගේ භූමියක ඔය වගේ දෙයක් කරන්න පුලුවන්ද ? ඔය කියන මිල ගණන් යටතේ අපිට අවශ්‍ය පුද්ගලයන් ලබාගන්න පුලුවන්ද? මෙහි එන ඇතැම් උපාංග ලබාගැනීමේ අවසරය හා හැකියාව අපිට තියෙනවද? අපි චන්ද්‍රිකාවක් උඩුගුවනට යවනවානම් අපේ මූලික අරමුණ වියයුත්තේ කුමක්ද?


    පිළිතුර :- මම සිතාමතා ඒ අයගේ වැඩපිළිවෙලට පහර ගැහුවේ නැහැ ඉවාන්..ඒත් ඉතින් මම වෙලා තියෙන දේ කියන්නම්.. ඊට පස්සේ ඔයාට ඔයිට වැඩිය ආවේගයක් ඒවි මේ අයගේ හෙළුව දැක්කම...


    ස්තූතියි ඉවාන්..මගේ අරමුණත් ඒකමයි. තාක්ෂණයට කැමති නැති අයත් ඩිංගක් එබිලා බලන විදිහටයි මම පෝස්ට් හැදුවේ.. ඉවානුත් ඒ වගේ කෙනෙක්.. අපේ සිරා කොලුවා එහෙමත් බැහැලම සපෝර්ට් එක දෙනවා එදා ඉඳන්.. :)


    අනිවා ඉවාන් මේවා මැජික් නොකර කියා දෙන එකයි අපි කරන්න ඕනේ. ඔයා දන්නවද මට මගේම අය පවා මේවා ගැන අකුරක් කියා දුන්නේ නැහැ ඉස්සර.. පුළුවන් තරම් කපන්නමයි බැලුවේ.. ඒ දුක මන් හොඳටම දන්නවා...

    \\\\\අක්කර විසිපහක් වගේ භූමියක ඔය වගේ දෙයක් කරන්න පුලුවන්ද ? ඔය කියන මිල ගණන් යටතේ අපිට අවශ්‍ය පුද්ගලයන් ලබාගන්න පුලුවන්ද? මෙහි එන ඇතැම් උපාංග ලබාගැනීමේ අවසරය හා හැකියාව අපිට තියෙනවද?\\\\


    ලංකාවේ හදන එක ගැන නම් මම කිසිම දෙයක් දන්නේ නැහැ. මට කියන්න තියෙන එකම දේ තමයි මේවා මැජික් නෙවේ. මේවා ඉතාම සරළව කරන්න පුළුවන්. ( ලෝන්ච් කරන ඒවා ඇර ) රුපියල් බිලියන ගණන් ඕනේ නැහැ. අවශ්‍ය කරන්නේ හොඳ ඉලෙක්ට්‍රොනික් දැනුමක් තියෙන මිනිස්සු ටිකක් විතරයි. ඒ වගේම මේ සියල්ල තනි කරෙන් ඇදගෙන යන්න පුළුවන් පරිපාලනය ගැන ප්‍රවීණයෙක් ඕනේ.

    ලැබ් හදන්නත් ප්‍රකෝටිගණන් ඕනේ නැහැ. ලක්ෂ 9000 විතර යද්දී ( අපේ තරමට ) හොඳම හොඳ ලැබ් එකක් හදන්න පුළුවන්( යටි මඩි ගැහුවේ නැත්නම් ) . චන්ද්‍රිකා හදන්න ඕනේ නැහැ , අඩුම තරමේ පුහුණුවක් දෙන්න හරි හොඳම හොඳ විද්‍යාගාරයක් හදන්න . ඒ හොඳටම ඇති.. ( මගේ ඉදිරි පෝස්ට් වලදී මන් තව විස්තර කරන්නම් )



    \\\\අපි චන්ද්‍රිකාවක් උඩුගුවනට යවනවානම් අපේ මූලික අරමුණ වියයුත්තේ කුමක්ද?\\\


    ශ්‍රී ලංකාව සඳහා වාණිජ චන්ද්‍රිකාවක් අපට තවම ඕනේ නැහැ ( ඉදිරි වසර 50 ට වත් ) . කිලෝමීටර් 1000 ක් වත් දිග පළල නැති අපේ රටට අපේම කියලා චන්ද්‍රිකා ඕනේ නැහැ. ඒ මුදලින් කරන්න තව වැඩ තියෙනවා .. මන් මේ සියල්ල ගැන ඉදිරියේ ලියන්නම්... බ්ලොග් එක වහලා මට ගෙදර යන්න වේවිද දන්නේ නැහැ ඒවා ලිව්වට පස්සේ...

    ReplyDelete


  12. ප්‍රශ්නය :- නිකංOctober 31, 2013 at 5:18:00 PM GMT+5:30

    සහන්, අභ්‍යවකාශ කසළ (සිංහලෙන් අර space junk කියන්නේ ) වලින් උඩට යවන රොකට්ටුව සහ කක්ෂයේ රැදෙව්වාට පසු මේකාව ඒවායින් බේරා ගන්නේ කොහොමද?
    අලුත් කරුණු ටිකක් දැනගත්තා ඒ ඔක්කොමත් හරි මේ කතාවත් හරි //සෑම ලැබීමක් වෙනුවෙන්ම අහිමි වීමක් තියෙනවා


     පිළිතුර :- Geo stationary සැටලයිට් ටික තියෙන්නේ හරියටම සමකයට උඩින් කිලෝමීටර් 35000 පමණ උඩින්. මේක හරියට Ring එකක් වගේ . මේ රින්ග් එකට අබලි  ද්‍රව්‍ය ඇතුළු කරන්නේ නැහැ. ඉතාම ආදරෙන් මේ රින්ග් එකේ සුජාත භාවය ආරක්ෂා කරනවා. ( මේ රින්ග් එකේ මුළු පරිධිය කිලෝමීටර් 220,000 විතර වෙනවා . ඒ කියන්නේ ඕනේ තරම් බට්ටෝ පනින්න , කැට ගහන්න ඉඩ තියෙනවා. අති විශාල ප්‍රශ්නයක් වෙන්නේ නැහැ .. ෆිල්ම් වල පෙන්නන අනතුරු සැබෑ ලෝකෙදි වෙන්නේ නැහැ .. )

     ඉඳලා හිටලා ගල් කැබලි , ග්‍රාහක කැබලි වදිනවා. ඒවට ඉතින් කරන්න දෙයක් නැහැ.. ( මිලියනයට එකක් දෙකක් වගේ )

    ReplyDelete
    Replies
    1. සහන්, එතකොට පහළ ඔර්බිට්ස් ඒවගේ ආරක්ෂා කරන්නෙ නැද්ද? එහෙම නොකරනවනම් අර Gravity movie එකේ වගේ කි.මී 600ක් විතර උඩින් තියන ඒවට අභ්‍යවකාශ කසළ වලින් අනතුරු වීමේ වැඩි ඉඩකඩක් තියනව නේද?
      ප.ලි මේ Gravity Trailer එකේ අපේ ළංකාවත් පේනව @ 1.44s.
      Shantha D. G.

      Delete
    2. ශාන්ත ,

      පහළ ඕබිට් එකකට යම් කිසි වස්තුවක් ගන්න නම් එයට පැයට කිලෝ මීටර් 11,100 වැඩි වේගයක් දෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒ අවකාශ වස්තු රැඳෙන්නේ නැහැ. ( ඔබ ප්‍රශ්නය අහපු විදිහ අනුව ඔබට ඒ ගැන වැටහීමක් ඇතැයි සිතමි.මීට එහා ගිය පැහැදිළි කිරීමක් අවශ්‍ය නම් කියන්න )

      එමනිසා කොහෙත්ම පහළ ඕබිට් තුළ නිකරුණේ( ඔහේ පාවෙන වස්තු ) අභ්‍යාවකාශ වස්තුවක් රැදීමේ ඉඩක් නැහැ. අනිවාර්යයෙන්ම පෘතුවියට කඩා වැටේ..ඔබ ඒවා ඇති වීඩියෝව පසුව නරඹා අදහසක් කියන්නම් ... දැනට බලන්න විදිහක් නැහැ..මොන වගේ දෙයක්ද තියෙන්නේ කියන්න ...

      \\\\එතකොට පහළ ඔර්බිට්ස් ඒවගේ ආරක්ෂා කරන්නෙ නැද්ද?\\\\

      නිකරුණේ නට් එකක් වත් අභ්‍යාවකාශයට මුදා හරින්නේ නැහැ ශාන්ත..කවදාක හෝ එය ප්‍රශ්නයක් වෙන්න පුළුවන් නිසා...

      Delete
    3. පැයට කිලෝ මීටර් 11,100 ????????????

      Delete
    4. @ රංග

      ඔව්. පෘතුවි ගුරුත්වයේ බලපෑමට ලක් නොවී රඳා පැවතීම සඳහා ඉහළ වේගයක් දිය යුතුයි. පෘතුවි පෘෂ්ඨයට ආසන්න වන්නට වන්නට එකී වේගය ඉතා ඉහළ අගයක් ගනී. ( වායුගෝල සීමාවට පැමිණි පසු සාර්ථක නැහැ )

      පෘතුවි පෘෂ්ඨයෙන් ඉහළට යන්නට එකී වේගය අඩු කල හැක. Geo stationary තත්වය ඇති වන්නේ පෘතුවි පෘෂ්ඨයෙ සිට ඇති උසත් , එයට සරිලන වේගයත් යම් කිසි "මට්ටමකට" පැමිණි විටයි. ( එම මට්ටම නම් පෘතුවියේ සිට බලන්නෙකුට චන්ද්‍රිකාව අහසේ එක තැන ඇතිවාක් මෙන් පෙනෙන අවස්ථාව. මේ ගැන නම් නොදන්නවා වෙන්න බැහැ නේද.. තවත් පැය දෙකක්ද ? )

      Delete
    5. නැහැ සහන් Geo stationary satellite වල වේගය තමයි ඔබ ලියලා තියෙන්නේ පැයට කිලෝ මීටර් 11,100 කියලා. මම මොනවත් නොකියා ප්‍රශ්නාර්ථ දැම්මේ ඔබ සංඛ්‍යාව වැරදියට දැම්ම බව පෙන්වන්න. සාමාන්යෙන් කිලෝමීටර් 600 විතර උඩ කක්ෂයකට දාන්න නම් පැයට කිලෝමීටර් 27000 වගේ වේගයක් ඕන වෙනවා.

      Delete
    6. @ රංග

      දැන් මගේ සීමාව පැනලා තියෙන්නේ හොඳද ...? මන් ඔබට සිංහලෙන් කිව්වනේ විස්තර .ඔබට ඕනේ උනේ මන් වෘත්තීයමය චන්ද්‍රිකා සකසන ආයතනයක වැඩ කරනවද කියලා දැනගන්නේ ..ඒක ඔබ දැනගත්තනේ ... තව මොන රෙද්දද මේ කියවන්නේ ...

      Geo stationary ස්පීඩ් එක 11,068. ඊට පහළ ඕබිට් එකට ගන්න ඕනේ නම් 11,068 "දශමයක් හෝ වැඩි" වේගයක් දෙන්න ඕනේ. ( අකුරෙන් අකුර ගණන් හදලා පෙන්නන්ද ? ) ඔයා මට ගණන් හදන හැටි නම් උගන්නන්න එන්න එපා ...මගේ මාරයා අවුස්ස ගන්න එපා රංග.. අන්න ඒක හොඳට මතක තියාගන්න ...දැන් සීමාව ඉක්මවා ගිහින් තියෙන්නේ ...

      Delete
    7. Take it easy Sahan. Even though your explanation implies that 11,100 is the geostationary speed he might not have grasped it at the first time.
      Shantha.

      Delete
    8. නිකන් මල පැන ගන්න දෙයක් මෙතන නැහැ නේ. මෙතන පොඩි වැරදි අවබෝදයක් තියෙනවා. මම එක පෙන්වන්නම්. මල පැනගන්න එක හොඳ නැහැ. මුලින්ම බලමු ශාන්ත දීපු ගැටලුව

      //එතකොට පහළ ඔර්බිට්ස් ඒවගේ ආරක්ෂා කරන්නෙ නැද්ද? එහෙම නොකරනවනම් අර Gravity movie එකේ වගේ කි.මී 600ක් විතර උඩින් තියන ඒවට අභ්‍යවකාශ කසළ වලින් අනතුරු වීමේ වැඩි ඉඩකඩක් තියනව නේද?//

      ඔබ එතන දුන් පිළිතුර බලන්න
      //පහළ ඕබිට් එකකට යම් කිසි වස්තුවක් ගන්න නම් එයට පැයට කිලෝ මීටර් 11,100 වැඩි වේගයක් දෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒ අවකාශ වස්තු රැඳෙන්නේ නැහැ. //
      පහළ ඕබිට් කියන විට මම හිතුවේ Low earth orbit ඒ කියන්නේ 160 km - 2000 km කක්ෂ ලෙස. ශාන්ත කතා කලේ 600 km කක්ෂය නිසා මම දුන්නේ එයට අදාල වේගය ආසන්න ලෙස. 600 km කක්ෂය ට ගන්න නම් පැයට කිලෝ මීටර් 11,100 නොවේ එයට බොහෝ වැඩි පැයට කිලෝමීටර් 27,000 වගේ වේගයක් අවශ්‍යයි.

      ඔබ මෙතන පහළ ඕබිට් එකකට කියලා අදහස් කලේ Geo stationary orbit එකට පහලින් කියන එකයි. ඔබ අදහස් කලේ එය බව එතනදී සෘජු ව පෙනෙන්නේ නැහැ. එබැවින් ඔබ අදහස් කල දෙය මට පෙනුනේ නැහැ. භූ ස්ථාවර කක්ෂයට පහල කක්ෂයකට ගන්න නම් පැයට කිලෝ මීටර් 11,100 කට වඩා වේගයක් දෙන්න ඕන. ඔබ හරි. ඒ වගේම මම කියපු දේත් හරි.

      //අකුරෙන් අකුර ගණන් හදලා පෙන්නන්ද ?// එපා ඔය ගණන හදන්න වෘත්තීයමය චන්ද්‍රිකා සකසන ආයතනයක වැඩ කරන්න අවශ්‍ය නැහැ. ඔය ගණන හදන්න දන්න අය ලංකාවේම ලක්ෂ ගණනක් ඉන්නවා.

      //Take it easy Sahan. Even though your explanation implies that 11,100 is the geostationary speed he might not have grasped it at the first time.
      Shantha.//ශාන්ත ඔබ හරි.තරහා ගන්න එපා සහන්. මම ඔබ සමග තරහා නැහැ. ඔබට තරහා යන හේතුව මම දන්නවා නේ. වැරදියට හිතන්න එපා.

      සහන් පහලම කක්ෂ වලදී ඒ කියන්නේ කිලෝ මීටර් 300 කක්ෂවල යම් වායු අංශු ප්‍රමාණයක් පැවතුන නිසා වේගය අඩුවෙලා යම් කාලයකදී කඩා වැටෙනවාද?

      දැනට අභ්‍යවකාශ යානයක් යන විට ගුවන්ගත කිරීමට පෙර අහසේ තියෙන චන්ද්‍රිකා සහ සුන්බුන් වල නොගැටී යෑම සඳහා පෙර සුදානමක් සහිතව ගමන සැලසුම් කරනවා ද? නැත්නම් දැනට ඇති සුන්බුන් වලින් ලොකු අවදානමක් නැද්ද?

      භූ ස්ථාවර චන්ද්‍රිකා වක් සිය සේවා කාලය අවසානයේදී කක්ෂයෙන් ඉවත් කිරීමට යොදා ගන්නා යාන්ත්‍රණය කවරේද?

      භූ ස්ථාවර චන්ද්‍රිකා වක් කක්ෂ ගත කිරීමේදී නියම කක්ෂය සුළුවශයෙන් වෙනස් වීමක් හෝ ලබා දෙන වේගයේ සිළු වෙනසක් තිබුනොත් කාලය සමග එහි පිහිටුම වෙනස් විය යුතුයි නේද(අවුරුදු 15 ක් වැනි සේවා කාලයක් ඇති නිසා). එවැනි දේ වළක්වන්නේ කෙසේද? එසේම කක්ෂ ගත කරන විට තිබිය හැකි tolerance එක කුමන අගයක් ගනීද?

      Delete
    9. ( ඔබ ප්‍රශ්නය අහපු විදිහ අනුව ඔබට ඒ ගැන වැටහීමක් ඇතැයි සිතමි.මීට එහා ගිය පැහැදිළි කිරීමක් අවශ්‍ය නම් කියන්න )

      මන් ශාන්තට උත්තර දුන්නෙම මේ විදිහට මුළින්ම කියලා .. දැක්කේ නැද්ද ...?

      රංග මේ නටන නාඩගම නවත්තන්න..ආයේ මන් කියන්නේ නැහැ ඔබට ...

      Delete
    10. //රංග මේ නටන නාඩගම නවත්තන්න..ආයේ මන් කියන්නේ නැහැ ඔබට ...// සහන් මම කිවුවා නේ වැරදියට වටහා ගැනීමක් කියලා. එක අමතක කරන්න මම යටින් අහපු ගැටළු ටිකට පිළිතුරු දෙනවා ද? මම ඔබගේ ප්‍රශ්න වලට පිළිතුරු දෙන්නේ නැහැ කියලා කියන්න එපා.

      1-සහන් පහලම කක්ෂ වලදී ඒ කියන්නේ කිලෝ මීටර් 300 කක්ෂවල යම් වායු අංශු ප්‍රමාණයක් පැවතුන නිසා වේගය අඩුවෙලා යම් කාලයකදී කඩා වැටෙනවාද?

      2-දැනට අභ්‍යවකාශ යානයක් යන විට ගුවන්ගත කිරීමට පෙර අහසේ තියෙන චන්ද්‍රිකා සහ සුන්බුන් වල නොගැටී යෑම සඳහා පෙර සුදානමක් සහිතව ගමන සැලසුම් කරනවා ද? නැත්නම් දැනට ඇති සුන්බුන් වලින් ලොකු අවදානමක් නැද්ද?

      3-භූ ස්ථාවර චන්ද්‍රිකා වක් සිය සේවා කාලය අවසානයේදී කක්ෂයෙන් ඉවත් කිරීමට යොදා ගන්නා යාන්ත්‍රණය කවරේද?

      4-භූ ස්ථාවර චන්ද්‍රිකා වක් කක්ෂ ගත කිරීමේදී නියම කක්ෂය සුළුවශයෙන් වෙනස් වීමක් හෝ ලබා දෙන වේගයේ සිළු වෙනසක් තිබුනොත් කාලය සමග එහි පිහිටුම වෙනස් විය යුතුයි නේද(අවුරුදු 15 ක් වැනි සේවා කාලයක් ඇති නිසා). එවැනි දේ වළක්වන්නේ කෙසේද? එසේම කක්ෂ ගත කරන විට තිබිය හැකි tolerance එක කුමන අගයක් ගනීද?


      Delete
    11. ඔබ මේ අහන ප්‍රශ්න සියල්ල අරන් තියෙන්නේ විකිපීඩියාවේ මේ ලිපියෙන්නේ http://en.m.wikipedia.org/wiki/Geostationary_orbit . මන් ඒ ටික ඒ විදිහටම කියන්නම්. එතකොට හරිද ...? එතන නැති දේවල් විතරක් අහන්න

      \\\\දැනට අභ්‍යවකාශ යානයක් යන විට ගුවන්ගත කිරීමට පෙර අහසේ තියෙන චන්ද්‍රිකා සහ සුන්බුන් වල නොගැටී යෑම සඳහා පෙර සුදානමක් සහිතව ගමන සැලසුම් කරනවා ද? \\\\\\

      ඔව් ..

      \\\\\\\නැත්නම් දැනට ඇති සුන්බුන් වලින් ලොකු අවදානමක් නැද්ද?\\\\

      නැහැ එහෙම විශාල අවදානමක් නැහැ. අහස විශාලයි... අභ්‍යාවකාශයට යෑමෙන් පසු ලැබෙන ඉඩ ඉතා විශාලයි.. ෆිල්ම් වල වගේ ඇඟේ ගෑවී නොගෑවී යන දේවල් වෙන්නේ නැහැ කවමදාවත් ...

      පිළිතුරු දීමෙන් ඉවත් වෙමි...

      Delete
    12. ඔබ දුන් ලින්ක් එක සහ සම්බන්ද ලිපි මගින් 3 සහ 4 ට පිළිතුරු ලැබුනා නමුත් චන්ද්‍රිකාවක් කක්ෂ ගත කරන විට තිබිය හැකි tolerance එක කුමන අගයක් ගනීද? කියන එකට පිළිතුරු ලැබුනේ නැහැ.

      තව ගැටළුවක් තියෙනවා.
      චන්ද්‍රිකාවක් යම් කක්ෂයක තිබෙන විට එහි ඇති propulsion system එකක් මගින් එහි වේගය වැඩි කලොත්(ඇති විශාල ලෙස නොවේ) එය පහල කක්ෂයකට එනවාද?

      Delete
    13. නිකන් හරකෙක් වගේ ප්‍රශ්න අහන්න එපා රංග උඹට පෙන්නේ නැද්ද සහන් කියලා තියෙන දේ
      "Geo stationary ස්පීඩ් එක 11,068. ඊට පහළ ඕබිට් එකට ගන්න ඕනේ නම් 11,068 "දශමයක් හෝ වැඩි" වේගයක් දෙන්න ඕනේ."
      සහන් මෙතරම් පැහැදිලිව කියලා තියෙන්නේ 11,068 වේගයෙන් යන Geo stationary චන්ද්‍රිකාවක් එයට දශමයක් හරි වේගය වැඩිකලොත් පහල ඕබිට් එකට එනවා කියලා. යකෝ ප්‍රශනයක් අහන්න කලින් සහන් කියලා තියෙන්නේ මොකක්ද කියලා පැහැදිලිව කියවපන්.
      අනෙක් එක මුලින් වේගය දුන්නම ශක්ති හානියක් නොවන නිසා හැමදාම කැරකෙන චන්ද්‍රිකා වලට මොන propulsion system එකක්ද. තොට හිතෙනවද පොලව සුර්යා වටේ යන්නෙත් රොකට් සවිකරගෙනද කියලා.

      Delete
    14. @ ඇනෝ යාළුවා


      ඔයාගේ ප්‍රශ්න වල පුංචි දෙයක් තියෙනවා පැහැදිළි කල යුතු...

      \\\\\සහන් මෙතරම් පැහැදිලිව කියලා තියෙන්නේ 11,068 වේගයෙන් යන Geo stationary චන්ද්‍රිකාවක් එයට දශමයක් හරි වේගය වැඩිකලොත් පහල ඕබිට් එකට එනවා කියලා. \\\\\\

      Geo stationary සැට් එකක ස්පීඩ් එක වැඩි කලොත් වෙන්නේ එය Geo stationary ඔර්බිට් එකෙන් ඉහළට තල්ලු වීම...( එයට හේතුව කේන්ද්‍ර අපසාරී බලය )

      Geo stationary සැට් එකක ස්පීඩ් එක අඩු කලොත් වෙන්නේ එය Geo stationary ඔර්බිට් එකෙන් පහළට තල්ලු වීම...( එයට හේතුව පෘතුවි ගුරුත්වයට හසු වීම )

      \\\\අනෙක් එක මුලින් වේගය දුන්නම ශක්ති හානියක් නොවන නිසා හැමදාම කැරකෙන චන්ද්‍රිකා වලට මොන propulsion system එකක්ද. \\\\\


      සෑම චන්ද්‍රිකාවකටම propulsion system එකක් අවශ්‍යයි කක්ෂය නිවැරදි කරගැනීමේ කටයුත්තට . එයට හේතුව තමයි පෘතුවි ගුරුත්වය හේතු 5 ක් නිසා නිතර වෙනස් වෙනවා. පෘතුවියේ පරිබ්‍රමණය නිසා ගත වෙන සෑම මොහොතකම සමකයට ආසන්න පෙදෙස ඉලිප්පීමකට ලක් වීමත් , ද්‍රැවීය කළාප පැතලි වීමත් සිදු වීම.. මෙම වෙනස නිසා සෑම විටම ගුරුත්වයේ ස්වභාවය වෙනස් වෙනවා...

      තවත් දෙයක් තමයි යම් යම් දේශාංශ වල ගුරුත්වයෙහි අගය වෙනස් .. ! අඩු ගුරුත්වයක් ඇති තැනක රැඳවු චන්ද්‍රිකාවක් නිතරම වැඩි ගුරුත්වයක් ඇති කළාපයට තල්ලු වීමකට ලක් වෙනවා.. ( වසරකට අංශක 0.6 - 0.9 ) මේ අගය නිවැරදි කරගන්න ඕනේ.. නැත්නම් සන්නිවේදන කරන්න බැහැ...

      තව සූර්ය සුළඟ නිසා චන්ද්‍රිකාවක් මතට බලයක් ලැබෙනවා. මේ අගය නිසාත් එහි කක්ෂය වෙනස් වෙනවා... මේ සියලු දේවල් නිවරදි කරගැනීම සඳහා propulsion system එකක් ඇතුළත් කරනවා..ඔන්න ඕක තමයි propulsion system ගැන කතාව..

      ඕබිට් එකකට චන්ද්‍රිකාවක් ඇතුළත් කරන නිවැරදී ක්‍රමය ටිකක් සංකීර්ණයි. පෘතුවි ගුරුත්වය අධික ලෙස අවම වන සීමාවකට චන්ද්‍රිකාව රැගෙන යනවා. ඉන්පසු " ඇතුළත් කිරීමට අවශ්‍ය කක්ෂයට අදාළ වේගය " ටිකෙන් ටික ලබා ගනිමින් කක්ෂයට ඇතුළු වෙනවා.. නිවැරදි ලෙස කක්ෂ ගත කරන්න මාස කීපයක් ගත වෙනවා.. ඉතාම සංකීර්ණ ක්‍රියාවක්.. ඉන්ධන විශාල වශයෙන් අවශ්‍ය වෙන වැඩක්..ඒ වගේම වැරදුණොත් නැවත නිවැරදි කරන්න අපසසුයි....

      තව ගැටළුවක් ඇති උනොත් අහන්න .................

      Delete
    15. අනෝ ඇවිත් අනුන්ට අපහාස කරලා ඔබගේ අවජතකත්වය පෙන්වන්න එපා. ඔබගේ කමෙන්ට් එකෙන්ම ඔබගේ දැනුම පැහැදිලි වේ. මට පැහැදිලිව කියවන්න කියපු ඔබ කියවපු හැටි හොඳින් පැහැදිලි වෙනවා. කක්ෂ දෙකක් ගත්තොත් පහල එකේ වේගය ඉහල එකට සාපේක්ෂව වැඩියි. ඒ වුනාට එකෙන් ගම්‍ය වෙන්නේ නැහැ යම් කක්ෂයක තියෙන එකක වේගය වැඩිකලොත් පහල කක්ෂයකට යන බව. විශාල ලෙස වේගය වැඩිකරහම අනිවාර්යෙන් පොලවේ බලපෑමෙන් මිදිලා අභ්‍යවකාශයට ඇදී යනවා. සුළු වශයෙන් වේගය වැඩිකලොත් එසේ අදීයාවිද නැත්නම් වෘතාකාර කක්ෂයෙන් මිදී ඉලිප්සාකාර වැනි කක්ෂයක යාවිද කියන දේ මම නොදන්න නිසයි අපේ චන්ද්‍රිකා ඉංජිනේරු මහතා ගෙන් ඇහුවේ. ඔහුට පුළුවන් එය සමීකරණ දාලා ගණිත කර්ම කරලා පෙන්වන්න.

      //මුලින් වේගය දුන්නම ශක්ති හානියක් නොවන නිසා හැමදාම කැරකෙන චන්ද්‍රිකා වලට මොන propulsion system එකක්ද// සහන් දීපු විකිපීඩියා ලින්ක් එක කියවලා එන්න.

      ඔබ කෙනෙකුට ඇඟිල්ල දික් කරන විට ඔබ දෙසට ඇඟිලි හතරක් දික් වන බව මතක තියා ගන්න. අනෝ ඇවිත් නොදන්න දෙයක් ඇහුවට කමක් නැහැ ඔබට ප්‍රොෆයිල් එකක් නැත්නම්. නමුත් අනෝ ඇවිත් අන් අයට ඇඟිලි දික් කරන්න එන්න එපා. එමගින් මම කලින් කියපු දේ පෙන්වයි.

      Delete
    16. මම උඩ කමෙන්ට් එක ලියන්න පටන්ගන්නා විට සහන් කමෙන්ට් කරලා තිබුනේ නැත. එම නිසා තමයි //සහන් දීපු විකිපීඩියා ලින්ක් එක කියවලා එන්න. // කියලා ලියන්න වුනේ.

      Delete
  13. //මා රංගගේ දුටුව විශේෂම දේ තමයි ඔහු සාවදානව අසා ඉන්නවා. ගැටළු ඇති තැනක් ආවොත් ප්‍රශ්න කරා " සහන් අර දේ කොහොමද වෙන්නේ " කියලා. //

    කතාව කියවල කමෙන්ට් කරන්න කලින් මම කියන්නම් විශ්වගේ මේ වගේම හොද ගති මා දුටු අවස්ථාවක් තියෙනවා. විශ්වට මතක ඇති කාර් කමෙන්ට් එක :)

    ජය වේවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සෑම් ..මටත් රංගගේ ඒ ගුණය තේරුණා .. අපි අතරත් වැරදි අවබෝදයක් ඇති වෙන්න ගියා ..මමත් ඒක නැවැත්තුව.. එච්චරයි .............

      Delete
  14. විශ්වගේ සහ සහන්ගේ තාක්ෂණික සංවාදය අවස්ථාවේම මමත් එතැන කමෙන්ටුවක් කොටලා එය අගයා කරලා ආවෙ...ඇත්තටම ඒක එහෙම වෙන්න ඕනෙ...තාක්ෂණික පැත්තෙන් යමක් ලියනවා නම් එය අසත්‍ය දේ වලින් තොර වෙන්න ඕනෙ...ඒ පිළිබද ගැටලුවක් තියෙනවා නම් එය කථා බහකර දැනගැනීම පාඨක සැමගේ අයිතියක්...

    දෙදෙනාටම ජය !

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත සිරා . අපි වෙහෙසෙන්න ඕනේ ගිණි නිවන්නයි .. නැතුව ගිණි ගන්න දීලා බලන් ඉන්න නෙවේ ...........

      Delete
  15. සහන් ඔබ කවුද?කෙටි උත්තරයක්නම් එපා. මම ආමි කාරයෙක්. මට පුළුවන් බුද්ධි තොරතුරු එක්රැස් කරන්න. මට එපා ඔබේ අනන්‍යතාව. මම අහන්නේ ඔබ කවුද?

    ReplyDelete
    Replies
    1. විචාරක මහත්තයො.. ඕකම අහන්න ගිහින් මම නම් ඉල්ලන් කෑව සෙන්නගෙන් සහන්ගෙ මොකද්ද පුම්බනව කියල .. වී පොකුර ඒක අහල උගේ ප්‍රශ්නෙ හැන්සාඩ් එකෙන් අයින් කරගත්ත .

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
    3. @ ඇනෝ

      කමෙන්ටුව ඉවත් කරන ලදී ................................

      Delete
    4. @ විචාරක

      මට තේරෙනව ඔබ අහන දේ. මගේ නම ගම නෙවේ. මන් කව්ද කියලයි ඔබ අහන්නේ...

      @ පත්තර මල්ලි ...

      උඹගේ කරෙන් බැස්සද සෙන්න ...?

      ඔන්න මන් කළින්ම ගෙව්වා ලබන මාසේ අයිටම් ටිකටම ...

      Delete
    5. කිව්වට විස්වාස කරපන් සහන් අයියෙ දවස් එකහමාරක් හිටිය කරේ මගෙ සෙන්න.. කාටවත් වචනයක් නොකියන එකා මටම බැන්නනෙ බන්. බලකො ..:-)
      අයිටම් ටික දෙන්නම් . මැද පිටුව පස්සෙ ගන්න බැරියැ ..හැක්.. ඉස්සර ඉන්ග්‍රීසි අච්චු පොතයි අයිටම් පත්තරෙයි නිකන් කියල හැදෙව්ව වගෙ මිම්මට..ඉන්ග්‍රීසි පීරියඩ් එකේ හරි උනන්දුවෙන් අපි පොත පාඩම් කරන්නෙ :-)

      Delete
    6. සහන් විචාරක අහන දේ ප්‍රසිද්දියේ කියන්න. නම ගම එපා නමුත් ඔබ ගැන කියන්න. මොකද ඔබ ඉන්න විදියට සැක හිතෙනවා වැඩියි. ඔබ මට කිවූ කරුණු සහ ඔබ මෙහි ලියා ඇති කරුණු අනුව ඔබ ගැන මට තියෙන්නේ බොඳවූ චායාවක්. විචාරක මහතා ගැන හිතුවොත් ඔහු ගේ නම ගම තනතුර නොදන්නවා වුනාට අපි දන්නවා ඔහු සිංහ රෙජිමේන්තුවේ ඉහල නිලධාරියෙක් බව. ඒ ටික ඇති අපිට ඔහු ගැන පැහැදිලි ප්‍රතිරූපයක් හදන්න. ඔහු විස්වාස කරන්න. බොහෝ අයට ඔබ ගැන තියෙන්නේ අපැහැදිලි ප්‍රතිරූපයක්. එය පොඩ්ඩක් පැහැදිලි කරන්න.
      මම ඔබට කියුවේ ඔබ තැනක ඉන්නවා මම දැක්කා කියා හිතනවා කියලා. ඔබ එතනදී ස්ථිරව පිළිතුරු නොදුන්නත් ඔබ කියපු අනෙක් කරුණු අනුව මට හැඟෙනවා ඒ ඔබ කියා.

      සහන් කියන්නේ කවුද කියා හරියට නොදන්නවා උනත් ඔහු ගැන මම ස්ථිරව දන්නා දෙයක් තියෙනවා. ඒක තමයි ඔහු රටට අවංකවම ආදරය කරන බව.

      Delete
    7. අම්මෝ ප්‍රතිරූපද . :-# .. කොටියම කාපිය .

      Delete
    8. @ රංග

      එහෙම දෙයක් කරන්න විදිහක් නැහැ.. ඔබට ගැටළුවක් ආව..ඔබ මට කතා කරා . ඒ ගැටලුව ඉවර උනා. ඊට පස්සේ තවත් ගැටළුවක් ඇවිත් ..ඉතින් තවත් ඉදිරියට ගියා කියල වැඩක් නැහැ... සහන් ගැන දැනගත්තා කියලා වැඩක් වෙන්නේ නැහැ...

      @ පත්තර මල්ලි

      ඉංග්‍රීසි කියන්නේ කොහොමත් ආස විශයක් ...මන් ඉංග්‍රීසි මිස්ලා තුන්දෙනෙක්ට ලව් කරලා තියෙනවා ඉස්කෝලේ යන කාලේ... මිස් කෙනෙක්ට කියලා ඉස්සෙල්ලම ලව් කරේ 7 වසරේදී එහා පන්තියේ ඉංග්‍රීසි මිස්ට ... 10 වසරට එද්දී තත්වය ස්ටෙප් කීපයක් එහාටම ගිහින් ...දැන් කොහේ කොහොම ඉන්නවද මන්ද ... :(

      Delete
    9. ඔය එන්නේ පිපී පිපී...අම්මප ඇත්ත බන්.මමත් අපේ ඉන්ග්‍රීසි මිස්ට හිතින් ලව් කලා..මන් විතරක් නෙවේ බන් පන්තියෙන් බාගයක් එහෙම තමා..මිස්ට ඒ කාලෙ 26 ක්වත් ඇති.දන්නෝ දනිති ඉන්ග්‍රීසි මිස්ලගෙ කොලිටිය..බිකෝස් ඒ මිස් සාරිය අදින්නෙ බුරියටත් වියතක් විතර පහලින්.. පිටිපස්සෙ පේලියෙ සෙට් එකක් ඒ පීරියඩ් එකේ ඉන්ග්‍රීසි පොත අස්සෙ දාගෙන අයිටම් පත්තරයක් බලනව. ඒ අස්සෙ මිස් මෙහෙම.. අයියෝ අපේ කොල්ලන්ගෙ තත්වෙ..ශෝචනීයයි.. ( ගුරුවරුන්‍ට මෙහෙම කීවට අපි එදා හිටපු වයස එක්කනෙ බන්..බොහොමයක් ගුරුවරුන් මට දෙවිවරුන් වගේ අදටත් )

      Delete
    10. පිළීතුරු බලාපොරොත්තුවෙන් සිටිමි................

      Delete
    11. @ සාගර

      පුද්ගලිකව අමතන්න.............

      Delete
  16. මමත් කියන්නෙ සහන් කරපු දේ හරි. සමහර දේවල් තියනවා දැනගත්තත් කියන්නෙ නැතුව ඉන්නවානම් ගොඩාක් හොදයි. විශේෂයෙන්ම ලන්කාව වගේ රටක. මම ලන්කාවේ හැමෝම ගැන නෙමෙයි කියන්නෙ සමහරු ඉන්නවා හරිම කුහකයි. මට හිතෙන විදියටනම් අපිට රටක් විදියට ඉස්සරහට යන්න අමාරු වෙලා තියෙන්නෙ ඒක නිසා තමයි. මට ඒක ගොඩාක් වෙලාවට දැකලා තියනවා.... සහන් ඒ හින්දා කියන්න ඕනි නැති දේවල් කියන්නෙ නැතුවම ඉන්න.

    ReplyDelete
    Replies
    1. @ බ්ලොග් සිතියමේ අපි

      ඒක ඇත්ත ..දැන් මට බොහෝමයක් දෙනෙක් කියලා තියෙනවා " සහන් තවත් මේ බ්ලොග් එක කරන්න එපා කියල. " කියලා.. රතු නිවේදනයත් එන්න ලඟයි දැන්... ලංකාව ගැන දුකයි.. කරන්න දෙයක් කාටවත් ඉතුරු වෙලා නැහැ . තාමත් හැළිය රත් උනේ නැහැ.. ඉක්මණටම ගඩාෆි යුගයක් ඒවි ලංකාවට .......

      Delete
  17. වියතුන් සංවාද කරනවිට එයින් විසිවන දේ දුහුනන්ගේ දැනුම වඩවාගැන්මට බොහෝ සෙයින් ඉවහල් වේ. මේ ද එවැනි අවස්ථාවකි.

    ReplyDelete
    Replies
    1. නලින් අය්යේ මන් දවසක් ඔයාට කිව්වේ දෙයක් වැල ගැන .........? ඔයා කරන්න හිතන් ඉන්න වැඩේ කරන්න එපා..මන් කිව්වා දේ කරන්න...

      Delete
  18. සහන්......මට ගොඩාක් දුරට නොතේරෙන නිසා මාතෘකාව මම නිහඬව ඉන්නම්. උඹ සතු දැණුම අගය කරන්නම්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මචන් අරූ ........................

      Delete
  19. සහන්, ම0 මේ මාස කීපයේ දැක්කා ඔයා හැම තිස්සෙම මල පැනලා ඉන්නේ. LTTE කේස් නෙමෙයි, මොනව තිබ්බත් පොඩ්ඩක් සන්සුන් වෙන්න. ඔබගේ හොද නමට ඒක එච්චර හොද මදි.

    මේ ලගදී මම වාහනේ යද්දි, (වයිෆ් ඩ්‍රයිව් කලේ) අතුරු පාරකදි අපි නොකල වැරැද්දකට පොරක් වයිෆ් එක්ක වලියක් දා ගත්තා. මම ඒකට හොදින් කතා කරන්න ගිහිල්ලා ඌ මට මූනට ගැහැව්වා මම මුකුත් නොකර ඉද්දි. ඒත් මම පුතා සහ වයිෆ් කාරෙකේ හිටපු නිසා ඉවසුවා. මගෙත් අතපය හතර හොදට වැඩ කරන නිසා, ඌත් එක්ක ගුටිකන්න බලාගෙන හරි ගහගන්න තිබ්බා. ඒත් ඉවසුවා. මම එතන ගහගත්තානම් පුතාගේ මානසික තත්වේ කොහොම වෙයිද?

    සහන්ට උපදෙස් දෙන්න තරම් මම "පොරක්" නොමෙයි. ඒත් පුලුවන් තරම් ඉවසන්න.

    ReplyDelete
    Replies
    1. මේකයි ඇල්බන් මට මේ ටිකේ මගේ පුද්ගලික ජීවිතයේ ගැටළු ටිකක් නිසා මාරාවේශ වෙලා ඉන්නේ..ඒ පිටටම තව තව ඒවා වෙද්දී ඔක්කොම අවුට් යනවා.. තවත් දෙයක් තියෙනවා ඇල්බන්.. ඒක කොහොම කියන්නද මන්ද...ඉන්නකෝ මේල් එකක් එවන්න...

      ඔබට ඇති වූ තත්වය ගැන නම් කියන්න තියෙන්නේ මෙච්චරයි... බල්ලෙක් අපිව හැපුවොත් උගේ හතර හන්දි සහ ඔලුව චප්ප කරලා දාන්න...නැත්නම් ඌ අනික් දවසේ තවත් අහිසකයෙක්ගේ කකුල කනවා... සුන්දර උත්තරයක් නෙවේ කියලා මන් දන්නවා..ඒත් වෙන කරන්න දෙයක් නැහැ ඇල්බන්..මේ ලෝකේ හරි අමුතුයි..අපි ගේම දුන්නේ නැත්නම් අපිට ගේම දෙනවා... ( මන් තනිකර යුධ මානසිකත්වයෙන් ඉන්නවා කියලා හිතන්න එපා.. මේවා ගැන කතා කරන්න ගියාම සිල් රෙද්දට නම් හානි වෙනවා කියලා දන්නවා..ඒත් බොරුවට සිල් රෙදි ඇඳන් ඉඳලා මොකටද ? )

      මන් මේල් එකක් එවන්නම් ඔයාට ...........

      Delete
  20. සහන්,
    දැන් මාස කිහිපයක ඉදලා ඔබේ ලිපි කියවනවා.ඒත් මගේ පළමු කොමෙන්‍ටුව මේ(බ්ලොග් ලෝකේ මගේ පළමු කොමෙන්‍ටුවත් මේකම තමා)....මා ප්‍රිය කරන ලිපි අතර චර පුරුෂ සේවය ගැන,ඒහි භික්ෂුභාවය,පරිවර්ථන කථා හා ඔබේ දූ ගැන ලිය වූ ලිපි ඉදිරියෙන් තියෙනවා.ඒහි භික්ෂුභාවය ගැන ලිපියේ ගැටළුවක් ආවා.ඒත් ඒක ටිකක් පරණ ලිපියක් නිසා පිළිතුරු ලැබෙන එකක් නැ කියලා හිතුනා.
    තාක්ෂණික ලිපි ගැන නම් මගේ දැනුම දුර්වලයි.ඒත් කියවලා එදිනෙදා ජීවිතේට වැදගත් දැනුම ලබා ගන්නවා.ඒ වගේම දේශපාලනය හා ආර්ථිකය ගැන උනන්දු නිසා ඒ ලිපිත් මට ආකර්ෂණීයයි.(මේ හැම ලිපියක්ම සාර්ථක වුනත් අවසානයක් වෙනකම් ලියන්නේ නැති එක තමා අවුල.....)
    මට හිතෙන හැටියට ඔබේ දැනුමට අලගු තියන්නවත් අපි බොහෝ දෙනෙකුට බැහැ.හැමදාමත් වගේ මගේ රටේදි නම් ඔබට වටිනාකමක් ලැබෙන එකක් නැහැ සහන්.ඒක අපිට ආවේණික කරුමයක් වෙලා......
    මට මේ ටික කියන්න ඕන වුනේ,විවිධ සංවාද අතර LLTE එක ගැන කථා කරද්දි 1000%ක් ඔබත් සමග මා එකගයි.ගොඩක් දේවල් ඒ සම්බන්ධයෙන් කථා කරන්න තිබුනත් "මගේ රටට ආයිමත් ඒ නපුරු දවස් ඕනි නෑ නෑමයි" කියලා විතරයි මගේ පැතුම..... පැතුමකට එහා ගිහින් කරන්න යුතුකම් තියෙන වග දන්නවා.ඔබ වැන්නන් එයට පෙරමුණ ගනී නම් අපි ඔබ සමග කියල තියන්නම්....
    ඉතිං...,නැවත මා ලියුවත් නැතත් ඔබේ ලිපි මා කියවනවා...කිසිම ගැලපීමක් නැතුව ඇති...ඒත් කමක් නෑ නෙහ්.......
    ඔබට නිරෝගී සුවයත්,මානසික සතුටත් හැමදාටම ප්‍රාර්ථනා කරනවා......!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. චාන්දනී ,

      චර පුරුෂ සේවය ගැන ලිපි කීපයක් තියෙනවා පෝස්ට් නොකර...ඒ ලිපි ඊ මේල් මගින් ලබා දීමට හැකියි...ඒහි භික්ෂු භාවය ගැන ලිපියට අදාළ ගැටළුවක් තියේ නම් මෙතන උනත් කමක් නැහැ අහන්න.... මන් උත්තර දෙන්නම් ........

      ආර්ථික විද්‍යා ලිපියේ 3 වෙනි කොටසත් තවම පෝස්ට් කරේ නැහැ.. අවශ්‍ය නම් මේල් කරන්නම්..මොකද මට හිතුණා ඒ ලිපි පළ කිරීමෙන් හානි වෙන්නේ මගේම බංකරයට බව. ඉතින් පෝස්ට් කිරීම නැවැත්තුව...( කොටින්ම මේ චන්ද්‍රිකා පෝස්ට් වලදී උනත් සමහර දේවල් නොලියා සිටින්නේ ඒකයි ... )

      LTTE ගැටලුවේදී නම් මන් දරන්නේ එකම අදහස .." නැවත පරණ දේවල් කරන්න හිතන් ඉන්න අයගේ හිස කඳෙන් වෙන් වේවි " කියන දේ තමයි මමත් කියන්නේ...( ඔබ දකින්න ඇතිනේ මේ බව ප්‍රසිද්දියේම නිවේදනය කල ආකාරය )


      කිසිම ගැටළුවක් නැහැ චාන්දනී ..ඕනෑම මොහොතක ඕනෑම අදහසක් කියන්න මේ බ්ලොගයට ගොඩ වැදිලා... .ඒහි භික්ෂු භාවය ගැන ලිපියට අදාළ ගැටළුවක් තියේ නම් මෙතන උනත් කමක් නැහැ අහන්න...

      ඔබේ හිතවතුන්ටත් හැකි විටක මේ බ්ලොගයේ ලින්ක් ලබා දෙන්න ... ස්තූතියි කමෙන්ටුවක් එක් කිරීම ගැනත් සුවය ප්‍රාර්ථනා කිරීම ගැනත්...එය මට අස්වැසිල්ලක් ...

      Delete
    2. ප්‍රසිද්ධ නොකරන ඔබේ ලිපි මේල් මගින් ලබා දිය හැකි නම් එය අගේ කොට සලකනවා....

      ඇත්ත...ඔබේ වටිනා ජීවිතේ අනතුරේ දාගන්න එපා මිනිස්සු වෙනුවෙන්...ඊට පස්සේ කියයි "කවුද එයාට කිව්වේ ඕවා ලියන්න...???" කියලා.....(98% ශ්‍රී ලාංකිකයෝ ඒ වගේ)

      LTTE එකට(පෙර කොමෙන්‍ටුවේ "LTTE" ලෙස නිවැරදි විය යුතුය) මේ විධියට ඔළුව උස්සන්න ආයිම ලැබුණේ රටේ පාලකයන්ගේ අදූරදර්ශී වැඩ නිසා නේද?(මේකට උත්තරයක් එපා) මගේ රටේ රණවිරුවෝ ටික ඔබ හිතන ආකාරයට හිතුවත් ඒ අයගේ දෑත,දෙපා බැද දාලා...ඒ ගැන තියෙන්නේ කියන්න බැරි තරම් කළකිරීමක් විතරයි සහන්..........

      පහත ගැටළුව ඒහි භික්ෂුභාවය ලිපිය හා බැදේ...,
      තුන්තරා බෝධිය වන බුදු,පසේ බුදු හා මහරහත් යන තුන් කොටසින්,පසේ බුදුරජාණන් වහන්සේලාට වඩා මහරහතන් වහන්සේලා ශ්‍රේෂ්ඨ නොවන හේතු මොනවාද?(පසේ බුදුවරුන්ට තමන් පමණක් ධර්මය අවබෝධ කර ගැනීමත්, මහරහතන් වහන්සේලාට තවත් අයෙකුට ධර්මය කියා දීමේ හැකියාව පැවතීම..මෙහෙම බලද්දි මහරහත් වහන්සේලා උසස් යැයි හැගෙනවා...)මේ ප්‍රශ්ණය මට අහන්න තේරෙන විදියට ඇහැව්වේ.වරදක් තියේනම් නිවැරදි කරන්න හොදේ....

      Delete
    3. හැකි සෑමවිටම මේල් මගින් මිතුරු/මිතුරියන් දැනුවත් කරන්නම් සහන්...සමාජ ජාල සමග නම් මගේ සම්බන්ධයක් නැති නිසා අවශ්‍ය ලිපි මුද්‍රණය කර හෝ දැනුවත් කරන්නම්....

      Delete
    4. \\\\\\\\\\\ඊට පස්සේ කියයි "කවුද එයාට කිව්වේ ඕවා ලියන්න...???" කියලා.....(98% ශ්‍රී ලාංකිකයෝ ඒ වගේ)\\\\\\\\\

      අනිවාර්යයෙන්ම ..දැන් බලන්න යුද්ධේ දිනපු එක ගැනත් කියන්නේ ඔය ටිකමනේ.. දැන් වැරදි කාරයෝ වෙලා තියෙන්නේ ත්‍රවිධ හමුදාවේ අයමයි ... කාට කියන්නද මේ අවනඩු ...

      \\\\\\\\ඒ ගැන තියෙන්නේ කියන්න බැරි තරම් කළකිරීමක් විතරයි සහන්..........\\\\\\\\\

      මේ ගැන ප්‍රසිද්ධියේ කතා නොකර ඉන්න වෙලා මටත් දැන්..

      _________________________________________________

      \\\\\\\\\\\\තුන්තරා බෝධිය වන බුදු,පසේ බුදු හා මහරහත් යන තුන් කොටසින්,පසේ බුදුරජාණන් වහන්සේලාට වඩා මහරහතන් වහන්සේලා ශ්‍රේෂ්ඨ නොවන හේතු මොනවාද?\\\\\\\\\\\\\\\

      මේ දේ එක ගමනින් පැහැදිළි කරන එක සුදුසු මදි නිසා දීර්ඝ උත්තරයක් දෙන්නම්..


       පසේ බුදු  බුදුරජාණන් වහන්සේලා යනුද ලොව්තුරා බුදු කෙනෙකු සේම "සත්වයාගේ ඉපදීම සහ සසරෙහි පැවැත්ම" ගැන අවබෝධයක් ඇති උත්තමයන්.පටිච්චසමුප්පාදය ගැන , සත්වයන් ඉපදෙන සියලු තළයන් ගැන , කර්මයේ විපාක වැනි බුදු කෙනෙකු විසින්ම අවබෝධ කල යුතු සියල්ල ඒ උත්තමයන්ට අවබෝධ වෙනවා බුද්ධත්වයට ට පත් වන විටම.

      නමුත් ලොව්තුරා බුදු කෙනෙකුට පමණක් ඇති ඇතැම් හැකියාවන් ඔවුනට නැහැ.ලොව්තුරා  බුදු කෙනෙකුගේ ආඥා ක්ෂේත්‍රය තරම් පසේ බුදු වරයෙකුගේ ආඥා ක්ෂේත්‍රය පිහිටන්නේ නැහැ. ( සක්වල ප්‍රමාණය වගේ දේවල්  . මේක වෙනම පැහැදිළි කල යුත්තක් ) එහෙත් යම් යම් ඍධිමය හැකියාවන් ( අහසින් යෑම වැනි ) බොහෝ ප්‍රමාණයක් ඔවුනට හිමියි.. මේ හැකියාවන් පසේ බුදු වරයාගෙන් වරයාට සුළු වශයෙන් වෙනස් වීමද වෙන්න පුළුවන.

       නමුත් කිසි සේත්ම ලොව්තුරා බුදු කෙනෙකු මෙන් පසේ බුදු වරයෙක්ට සිතෙහි ස්වභාවය , කෙලෙස් ඇති වන ආකාරය , සසරට ඇති කැමැත්ත මුල් කරගෙන මීළඟ උපතකට සිත සකස් වන හැටි , උප්පත්තියක් ලබන ආකාරය , නැවත නැවත එකම චක්‍රය සිදු වීම , එහි අදීනව , එයින් මිදීමට නම් කල යුත්ත , මිදීම සඳහා සිත දමනය කරන ආකාරය ගැන එකින් එක කරුණු ලිහිල් කරමින් කියාදෙන්න බැහැ ... එකිනෙකාගේ සිතේ ස්වභාවය , බුද්ධි මට්ටම , අවබෝධ කල හැකි ප්‍රමාණය , කර්ම ශක්තිය විනිවිද දකිමින් කරුණු කියාදෙන්න  කොහෙත්ම බැහැ ..


      කියා දෙන්න පුළුවන් එකම දේ තමයි පස් පවින් වැළකීමේ ආදීනව , යහපත් ලෙස ජීවත් වීමේ වාසි වැනි දේවල්. තවත් එක් දෙයක් වෙනවා , ලොව්තුරා බුදු කෙනෙකු පහළ නොවී ඇති යුගයකදී අනික් පෘතග්ජන සත්වයාට පින් කරගැනීම අවස්ථාවක් ලැබෙනවා.. ( ආර්යන් වහන්සේ කෙනෙකුට ලබා දෙන එක් දන් හැන්දත් මහත් වූ පිනක් සේ සලකනව නෙව )


      දැන් හිතමු මහරහතන් වහන්සේලා ගැන. උන්වහන්සේලාගේ පිහිටෙන් තමයි ලොව්තුරා බුදු කෙනෙකු විසින් දෙසු සියලුම ධර්ම කොටස් පරම්පරාවෙන් පරම්පරාවට රැගෙන යන්නේ. එසේම තව තවත් ධර්මය දෙසට ලං වන්නන් හට ධර්ම කරුණු කියා දී අවබෝධ කරවීමටත් උන් වහන්සේලාට පිළිවන් ... එනම් : - සිතෙහි ස්වභාවය , කෙලෙස් ඇති වන ආකාරය , සසරට ඇති කැමැත්ත මුල් කරගෙන මීළඟ උපතකට සිත සකස් වන හැටි , උප්පත්තියක් ලබන ආකාරය , නැවත නැවත එකම චක්‍රය සිදු වීම , එහි අදීනව , එයින් මිදීමට නම් කල යුත්ත , මිදීම සඳහා සිත දමනය කරන ආකාරය ගැන එකින් එක කරුණු ලිහිල් කරමින් කියාදෙන්න පුළුවන් ..

      විශේෂ :- සිව් පිළිසිඹියා පත් මහ රහතන්වහන්සේ වරුන්ට පුළුවන් එකිනෙකාගේ සිතේ ස්වභාවය , බුද්ධි මට්ටම , අවබෝධ කල හැකි ප්‍රමාණය , කර්ම ශක්තිය විනිවිද දකිමින් කරුණු කියාදෙන්න. ( නමුත් යම් යම් සීමා සහිතයි. මහා රහතන්වහන්සේ වරයාගෙන් වරයාට ඇතැම් හැකියාවන් වෙනස් වෙනවා පුරණ ලද පාරමී ශක්තිය අනුව )


      ඔන්න ඕක තමයි "ඉතාම කෙටියෙන්" ඉහත බෝධි තුන ගැන වෙනස්කම් චාන්දනී. මට කෙසේ වත් පසේ බුදු වරයෙක් සහ මහ රහත් උත්තමයෙක්ව එකිනෙක සසඳන්න නම් බැහැ ... ඔබ සසඳන්න යෑමත් හරි නැහැ මගේ හිතේ.. 

      Delete
    5. බොහෝම පිං සහන් දීර්ඝ පැහැදිලි කිරීමට......

      පෘතග්ජන සිතුවිල්ලක් නිසා වෙන්නැති සැසදීම වුනේ.....ඒ ගැන අවංකව කණගා‍ටු වෙනවා.පසේ බුදුරජාණන් වහන්සේලා පිළිබද විස්තර ,බණකටවත් කියනවා මං අහලා තිබුනේ නෑ.ඉතිං ඇති වුනු ගැටළුව ඉදිරිපත් කළා.නැවතත්.....,ඒ ගැන පැහැදිලි කළාට අනේක වාරයක් පිං ඔබට................

      Delete
    6. ඔබට අවශ්‍ය අනෙක් ලිපි ගැනීමට අවශ්‍ය නම් මා හට පුද්ගලිකව මේලයක් එවන්න.. ( මෙතන ඔබේ ලිපිනය දමන්න එපා )

      දැනට වසරකට පමණ පෙර නෙත් එෆ් එම් ආයතනයේ ඉරිදා දහම් දෙසුම මගින් පසේ බුදු වරුන් ගැන බොහෝමයක් විස්තර කතා බහ කෙරුණා චාන්දනී.. මා දන්නේ නැහැ දැන් එම හඬ පටයන් නෙත් වෙබ් අඩවියේ ඇතිද කියා...හැකි නම් එම ආයතනයට ඇමතුමක් ලබා ගන්න , හඬ පටයන් ලබා ගැනීම ගැන විමසන්න.. ඔවුන් ලබා දේවි ...

      ඔබට අවශ්‍ය තොරතුරු සියල්ලම වගේ එහි ඇතුළත් ... ඔබටත් බොහෝ සෙයින් මම කෘතඥතාවය පළ කරනවා...

      Delete
  21. Satellite එක්ක Attitude Control කියන්නේ කුමක්ද? එය කරන්නේ කෙසේද?

    ReplyDelete

ඔබ කමෙන්ටුවක් දමයි නම් කරුණාකර මෙහි කමෙන්ටු E mail subscribe කරන්න .. නැතිනම් පිළිතුරු මග හැරී යනු ඇත ...

කමෙන්ට් යනු ඔබගේ අදහස් ප්‍රකශ කිරීමට සලසා ඇති ඉඩයි. සිතුවිලි ලියා තැබුණු විට අන් අයටද ප්‍රයෝජනයක් විය හැක !

http44444444://1.bp.blogspot.com/-F0lMkO9hSe8/UjM37DArTZI/AAAAAAAAAwo/wtP9O0K_6UE/s1600/543431_208554675978924_1215099537_n.jpg15099537_n.jpg

සහයෝගය දක්වන වෙබ් එකමුතු ...

මාතලන්ගේ සින්ඩිය...api apita Blog Readerlankeeya sithuwililankeeya sithuwili lankeeya sithuwili