දැන්වීම් පුවරුව . ( පින්තූර මතට මවුස් පොයින්ටරය රැගෙන යන්න )

දැනට වසර දෙකක පමණ සිට සෑම සතියකටම වරක් ලිපියක් හෝ දෙකක් පළ කළෙමි. සිත් ගත් ලිපියක් වේ නම් හිතමිතුරන් අතරත් බෙදාගන්න.

මෙම වෙබ් අඩවිය ලෝඩ් වීමට පමා වේ නම් මෙම ලින්ක් එක භාවිතා කරන්න.

Go and get Sinhala Unicode to your Computer
Face Book Link Share.

November 13, 2013

චැනල් 4 මාධ්‍ය වේදියාගේ ශ්‍රී ලංකා ආගමනය සහ එයින් ලබා ගත හැකි ඵල. channel 4 drama



http://obeth-mageth-addakeem.blogspot.com/2013/11/channel-4-drama.html




               " බාලචන්ද්‍රන් සිදුවීමෙන් " පසු චැනල් 4 මාධ්‍ය ආයතනය ගැන බොහෝ දෙනා දැනගන්නට ඇති . එම ආයතනය සෑම අවස්ථාවකදීම ක්‍රියාත්මක වූයේ LTTE හිතවාදී ලෙසය. මානව හිමිකම් සැසියක් පැවැත්වීමට නියමිත සෑම විටකම ඔවුන්  කලේ මහා ගින්නක් ඇවිලිය හැකි අයුරින් ගින්දර සහ පුළුන් එක් කිරීමය.


               දේශප්‍රේමී , දේශහිතෛෂී , දේශද්‍රෝහී යනාදී ලෙස ලේබල් අලවා ගත් සියලු දෙනාද එම ගින්නට පිදුරු එක් කරන්නට ගියේ නිරුවතින් නොව ; තම තම නැණ පමණට තමා විසින්ම මසා ගත් ඇඳුම්ද ඇඟලාගෙනය.


               ප්‍රශ්නය ඇත්තේ එතැනය. විකට ඇඳුම් සංදර්ශනයක සිරිය නංවමින් මහා විගඩමක් අප දුටුවෙමු. නිරුවතින් විකට ඇඳුම් සංදර්ශන සඳහා සභාගී විය නොහැකි බැවින් බොහෝ දෙනා පණ කඩාගෙන මිමි ගන්න , රෙදි හොයන්න , රේන්ද අල්ලන්න , බෝරිච්චි මහන්න , වාටි මහන්න , බෝත්තන් අල්ලන්න , ෆිටෝන් කරන්න පෙළඹෙන ආකාරය ගියවර දුටුවෙමි. ඇතැම් අය ෆයිනල් ප්‍රොඩක්ට් එක ගැනීමේ බලාපොරොත්තුවෙන් සිටි ආකාරයද  දුටුවෙමි. කෙසේ හෝ ඉස්තරම්ම ඩෙඟාවක් නැටුවෙමු.


                දැන් එළඹ ඇත්තේ එහි දෙවන වටයයි. මෙවර චැනල් 4 කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණ ඇත. ඒ පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක  සැසිය ආවරණය කිරීමටය.



දැන් මොකක්ද වෙන්නේ ?


  • 01. ඔවුන්ට ඒමට වීසා ලබා දී ඇත. එසේ නොදුනහොත් ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකාව අපකීර්තියට පත් විය හැකි බැවින් එසේ කර ඇති බව මා මුළින් සිතුවෙමි.( නමුත් මට වැරදී ඇත. ලිපිය අවසානයේදී පැහැදිළි වේවි )
  •  02. ඔවුන් පැමිණි පසු ශ්‍රී ලංකාව තුළ සිදු කෙරෙන සංවර්ධනය , නැවත පදිංචි කිරීම් වැනි දේවල් දැක ගැනීමට ඔවුනට හැකි වෙතැයි සිතුවෙමි.
  • 03. ශ්‍රී ලංකා ආණ්ඩුව සහනශීලී ආණ්ඩුවක් බව ඔවුන්ට පසක්ව යනු ඇතැයි සිතුවෙමි.
  • 04. මහත් වෙහෙසක් දරා LTTE ත්‍රස්තයන්ගෙන් රට මුදාගත් හේතුව චැනල් 4 කණ්ඩායමට පසක් කර දීම සඳහා රජය ක්‍රියාමාර්ග ගනු ඇතැයි සිතුවෙමි.
  • 05. සියල්ල හොඳින් සිදු වී, චැනල් 4 කණ්ඩායම මිතුරන් ලෙසින් පිටව යනු ඇතැයි සිතුවෙමි.



අන්තිමට උනේ මෙච්චරයි .


  • 01. චැනල් 4 කණ්ඩායම පැමිණි  දින සිට මේ රටට සාපයක් වුනු මංගල සමරවීර , වික්‍රමභාහු වැනි පුද්ගලයන් හා එක් වන්නට ඉඩ දී ඇත.
  • 02. ශ්‍රී ලංකාව විනාශ කර හෝ බලය ලබා ගැනීමේ බල තෘෂ්ණාව ඇති අය හා එක් වන්නට ඉඩදී ඇත.
  • 03. චැනල් 4 කණ්ඩායමට  උතුර බලා පිටත් වීමට නිසි පරිදි ආරක්ෂාව සහ පහසුකම්  සළසා නැත.
  • 04. චැනල් 4 කණ්ඩායම එක් එක් බංකොලොත් ඇම්බැට්ටයන් හා එක්ව උතුරට ගොස් ඇත.
  • 05. උතුර බලා යාමට සැරසුණු එම ගමන අනුරාධපුරයේදී දේශප්‍රේමී ශ්‍රී ලංකා රජයයේ ඇම්බැට්ටයන් විසින් නවත්වා ඇත.
  • 06. ශ්‍රී ලංකාව අගතියට පත් කලාවූ "චැනල් 4 කණ්ඩායමට" අමතක නොවන පාඩමක් දේශප්‍රේමීන් විසින් උගන්වා ඇත.


දැන් වෙන්නේ මෙච්චරයි .


  • 01. චැනල් 4 එකෙන් කියයි මුළු ලෝකෙටම ශ්‍රී ලංකාවේ හෙළුව.
  • 02. අපිට උතුරට නෙවේ අනුරාධපුරයෙන් එහාට අඩියක් යන්න දුන්නේ නැහැ.
  • 03. අපි දන්නේ නැහැ උතුරේ තත්වය.
  • 04. අපිට රූපගත කරන්න ඉඩක් දුන්නේ නැහැ.
  • 05. ශ්‍රී ලංකාවට පය ගැසූ මොහොතේ සිට කුඩම්මාගේ සැළකිලි විතරයි ලැබුණේ.
  • 06. මාධ්‍ය වේදීන්ට මෙහෙම නම් සළකන්නේ අපිට හිතාගන්න පුළුවන් මේ රටේ දෙමළ ජනතාව විඳින දුක.
  • 07. ශ්‍රී ලංකාව යනු තුච්ච මිනිසුන් ජීවත් වන රටක්.





  ඉහත පණිවිඩය නෙවේද දැන් යන්නේ ලෝකෙට ..?  බෙන්ස් වලින් රවුම් ගැහුවට වැඩක් තියේද  චෝගම් චෝගම් කිය කියා ?




ඇයි මෙහෙම වෙන්නේ ?




             වත්මන් ශ්‍රී ලංකා ආණ්ඩුවට අවශ්‍යව ඇත්තේ ඌරහේ මාළු ඌරහේ පිටේ තබා කැපීමයට. ආණ්ඩුව මෙවර සිදු කරන්නේ  " චැනල් 4"කණ්ඩායමත් "ආණ්ඩු විරෝධී" කණ්ඩායමත් එක්ව ඇති බව ITN තුළින් පෙන්නා තවත් එක් විගඩමක් සිදු කර "සුදු හුණු" ගා ගැනීමය.


               එහෙත්  ඔවුන් අනුගමය කර ඇති  ක්‍රමය මගින් සිදු  වන්නේ මහත් වූ විනාශයක් සහ තව තවත් රට අපකීර්තියට පත් වීම පමණයි.

සුදු හුණු යැයි සිතා වසුරු ඇඟ තවරා ගැනීමක් නොවේද මෙය ?





ඇයි මේවා මෙහෙම වෙන්න ඉඩ අරින්නේ.



                     හේතුව සරළයි. හිඟන්නාගේ තුවාලය වගේ "චැනල් 4" නාඩගම තවත් අවුරුදු කීපයක් ඇදගෙන යාමට ආණ්ඩුව කැමතියි. "මෙවරත් සාර්ථක ලෙස චැනල් 4 අභියෝගය අප ජයගත්තා" යැයි හිස් ප්‍රලාප දෙඩීමට ඔවුන් කැමතියි. "ලෙමන් පෆ් විරෝධ" පැවැත්විය හැක්කේ මෙවැනි නාඩගම් ඇතිනම් පමණි. "බයිසිකල් සවාරි" පැවැත්විය හැක්කේද මෙවැනි සෙල්ලම් නාටක ඇතිනම් පමණි. ඇත්තම කිව්වොත් චැනල් 4 මාධ්‍ය වේදීන් සහ ආණ්ඩුව අතර ඇති වෛරයක් නැහැ. මේ සියලු දේවල් නාට්ට්‍ය පමණයි. මේවට රැවටෙන්න එපා.



            
             ඇයි මේ මිනිස්සු මේ තරම් පහත් තත්වෙට වැටිලා රට විනාශ කරන්නේ ...? මෙවැනි නාඩගම් වල ඊළඟ පියවර මොකක්ද ? මේවා ආපස්සට ගන්න පුලුවන්ද ? මේ රටේ ආර්ථිකය විනාශම කරලා ඉවරයි . රටේ සම්පත් විනාශම කරලා ඉවරයි. මිනිස්සුන්ගේ ඔළු ටික විනාශම කරලා ඉවරයි. පුදුම අගාධයකට ශ්‍රී ලංකාව යමින් තියෙන්නේ.

 අපිට නැගිටින්න බැහැ මේ යන වේගෙන් තව අවුරුදු 6 ගියොත්.


රටක පාලන ව්‍යුහයක බිහිසුණු තැන් (01)

02 ශ්‍රී ලංකාවේ ආර්ථිකයට අනාගතයේදී විය හැකි දේ. ( දෙවන කොටස ) what is happening to Sri Lanka's econo

රටක අග්‍රවිනිශ්චය ධූරයට හූ කියන තුට්ටු දෙකේ පාපතර දේශපාලනය (01)


වර්තමාන(2012 Dec)දේශපාලනය හා අඳ ගැහැණිය!


බෝලේ පාස් කරගත්තම ඔක්කොම හරිද ?|Dont miss the catch

යුධ සිහි වටන සහ යුධ අවි අතර වෙනස නොදන්නා හරක් සඳහා පමණයි ! Pilots and bunkers

ශ්‍රී ලංකාවේදී චන්දය දීම සඳහා උපදෙස්. වයඹ/මධ්‍යම/උතුරු


ඇයි මම මේ විදිහට හැසිරෙන්නේ ? Why am I ?


ඇයි අපිට ජපානෙන් 300% බද්දට වාහන ගේන්න උනේ?1960 දී ලංකාවේ මෝටර් රථ තාක්ෂනය විනාශ කළ සිරි


මීළඟ ජනාධිපති විය යුත්තේ කව්ද?විය හැක්කේ කව්ද ?(ලිපි කීපයක පළමු වැන්න)

රහතන් වහන්සේ නමක් ඒහි භික්ෂු භාවයට පත් කරන්නේ ඇයි ? කල නොහැකි අවස්ථාවන් .





              " චැනල් 4"කණ්ඩායමත් "ආණ්ඩු විරෝධී" කණ්ඩායමත් එක්ව ඇති බව ITN තුළින් පෙන්නා තවත් එක් විගඩමක් සිදු කර "සුදු හුණු" ගා ගැනීමය."
In addition to සුදු හුණු" ගා ගැනීම the present rulers are obsessed with preservation and increase of their power IN Sri Lanka. Opponents to the Govt in the next election will be branded as supporters of the international conspiracy led by Channel 4. So, it's advantageous (in local politics) to force Channel 4 to rely on the opposition figures. Winning power IN SL and getting rid of any threat by the opposition takes precedence over international image. 



                      There's no doubt that the Channel 4 at present is influenced by LTTE supporters but one should keep in mind that it's media. Like with any media institution sensational/ scandalous/ dirty stuff is their lifeblood. That's their job. If you try hard enough and if the stuff is sensational enough you can get them to do a programme on the past LLTE atrocities like killing mothers and children in border villages. 


                       They will do that, if not for anything else, at least to show they are balanced! Now, they have a more current story "how Govt thugs prevent any one seeing the North". WE see this as utter stupidity but we forget that our rulers suffer to some extent from "Mugabe Syndrome" - Have a lot of foreign enemies , show that local opposition is sponsored by by them, show that only you can protect the country from foreign invaders (risking electric chair in the process!!!) and win elections (to hell with economy and foreign relations)!



135 comments:

  1. මචං
    ඉන්න රටේම PR ඉල්ලන්න වෙන දවස වැඩි ඈතක නෑ..
    දවසක අපේ නොවෙන අපේම රටක් තිබුන කියල කියන්න වෙයි..
    වැඩ ටික කෙරීගෙන යන විදිහ ගැන ඇත්තට තියෙන්නෙ කලකිරීමක්.. අපිට තියන කැක්කුම දියවන්නාවෙ සෙට් එකට කවදා ලැබෙයිද ?
    කොයිකා යැව්වත් අන්තිමට නවතින්නෙ එකම තැන නං ???

    ReplyDelete
    Replies
    1. \\\\\\\\\\ අපිට තියන කැක්කුම දියවන්නාවෙ සෙට් එකට කවදා ලැබෙයිද ?\\\\\\\\\\\\

      සාමාන්‍ය මිනිස්සුන්ට වත් එහෙම දෙයක් හරියට නැති කොට ඇමතිලාට එන්න විදිහක් නැහැනේ පත්තර මල්ලි.. මන් කියන්නේ එයාලගේ උවමනාවන් ඉෂ්ඨ කරගෙන ඉවරයිනේ එයාලා... මොනවා කලත් නොකලත් ඊළඟ චන්දෙන් දිනන්න පුළුවන්. මහ තැන කියන කියන විදිහට හිටියොත් අනාගතය සුරක්ෂිතයි.. තව මොනවා වෙනුවෙන් වෙහෙසෙන්නද ඒ ඇත්තෝ ..?

      ඔව් ඉල්ලන්න..මතක ඇතුව ද්විත්ව පුරවැසිභාවය ඉල්ලන්න....

      Delete
    2. සාමාන්‍ය මිනිස්සුන්ට උවමනාවක් නැත්තෙම නෑ අයියේ මං දකින විදියට..
      ඒත් දැන් ගලන ගඟ ආපහු හරවන්න හරි වෙන පාරක යවන්න හරි ලොකු ඇරේන්ජ්මන්ට් එකක් (සිංහලෙන් කීවොත් )
      ඕන වෙයි කියලයි හිතෙන්නෙ මට.. ගමන කෙටියි මේ විදියට ගියොත්..
      අපේ ලමයෙක්ට හරි ලන්කාවෙ සැනසිල්ලෙ ඉන්න කියල හිතන් අපි රටවල් වලින් ලංකාවට එන්න ඇඟිලි ගනිනවා..
      &%$ තමා එන්න වෙන්නෙ මෙහෙම ගියොත් !

      Delete
  2. අනුරාධපුරේ කරපු මැටි වැඩෙන් අද චැනල් 4 එවුන්ට උණු උණු නිවුස් එකක මැව්වා. දැන් උන් කියනවා රටේ ජනාධිපති රටේ ඕන තැනක යන්න නිදහස තියනවා කියද්දී, රටේ ප්‍රභල නොවන ඇමති කෙනෙක් ඒ තියන නිදහස ඇහුරුවා කියල. ඒ කියන්නේ ජනාධිපතිට තමන්ගෙම ඇමතිවරු කන්ට්‍රෝල් නෑලු.

    ඊළගට කියයි ඇමතිලා කන්ට්‍රෝල් නැති ජනාධිපති යුද්දෙදි වෙච්ච දේවල් කොහේ කොන්ට්‍රෝල් කලාද කියල.

    ලොකු මහත්තයාට තියෙන්නේ ආණ්ඩුව විසිරවල හම්බන්තොටින් ඉඩමක් අරන් (තව ගන්න දෙයක් තියනවද කියල අහන්නෙපා) ඇමතියෝ ටික දාල හරක් පට්ටියක් හදන්න. මදිපාඩුවට උන්ට ඡන්දෙ දුන්න එවුනුත් ගාල් කළානම් අපිට කිරිවලින් ස්වයංපෝෂිත වෙන්න තිබ්බා.

    ReplyDelete
    Replies
    1. අමතක කරන්නෙපා අපි සුදු චරිතයක් රඟපාපු අක්කවත් ගම්පහින් පලවෙනි තැනට පාර්ලිමේන්තු ඇරපු බුද්දිමත් චන්ද දායකයෝ ..

      Delete
    2. පේට්‍රියා දකින්න ලැබීමත් සතුටක්.. මොනවා තිබ්බත් බ්ලොග් පැත්තේ එන්න..දැන් මේ මන් පේන්නේ නැද්ද.. මගේ පුද්ගලික ජීවිතේ කිසි කෙනෙක් දන්නේ නැහැ මන් හොරෙන් හොරෙන් බ්ලොග් එකක් ලියනවා කියලා..


      ඊයේ අනුර්ධපුරේදී වෙච්චි දේ ගැන මම තාම හිතනවා.. නයාට ගහලා පොල්ල වරද්ද ගත්තා කට්ටියම..දැන් ඉතින් සාක්ෂි සමග වරද ඔප්පු වෙලා ඉවරයි...

      @ පත්තර මල්ලි

      ඒ ළමයගේ දීගේත් ඉවරයි නේද ...? ඊළඟ පාර ඇපත් නැති වේවි බොහෝ විට..

      Delete
    3. දැන් ටික වෙලාවකට කලින් තිබ්බ මාධ්‍ය සාකච්ඡාවෙදිත් ලොක්කගෙන් ඔය ප්‍රශ්නේ අහනවා. ගොන්නු ඇති කළානම්, ගොම් බෙටි කන්න වෙනෙන ලොක්කටමයි.

      Delete
    4. @ සහන්
      ඔව් බං ඉතිං.. පාර්ලිමේන්තු ගියාම මිනිස්සු කන්නද ?

      Delete
  3. පිල්ලේ නෝනා ඇවිල්ලත් බබා පාර්ට් එක දාලා අන්තිමේ කලේ මොකද්ද.. අපි හොදයි කියලා ලොකෙට කියන්න ඇවිත් යන්න කිවුවට අන්තිමට උන් අපෙන් කාලා අපේ පැත්ත හැරිලම ජරා කරන එකයි කරන්නේ..

    ReplyDelete
    Replies
    1. දිනේෂ් මේ ආණ්ඩුවේ මිනිස්සු කරන්නේ මෝඩ වැඩමයි. හරි හමන් විදේශ ඇමතියෙක් නැහැ. බැසිල් රාජපක්ෂ හැම දේටම ඇඟිලි ගහමින් වැඩ කරද්දී කිසිම දෙයක කරන්න බැහැ .

      පිල්ලේ නෝනගේ සිද්දීයෙදිත් වුනේ ඒක. රාජතාන්ත්‍රිකයෙකු සමග සාකච්චාවක් පැවැත්වීමට නොහැකි හිස් මිනිස්සු තනතුරුවලට පත් වුණාම / කරාම වෙන්නේ ඒක.

      රාජපක්ෂ කණ්ඩායමේ තුප්පහි කම දැක්කම ඕනෙම රාජතාන්ත්‍රිකයෙකුට මේ රට එපා වෙනවා.. ( මන් මේ කියන දේ ඔයාට පැහැදිළි වේවි මන් ඊළඟට දාන අනිත් කමෙන්ට් එක්ක )

      Delete
  4. හැමදාමත් වගේ නාන්ට දක්ෂ ආණ්ඩුව මෙවරත් නාගෙන ඇත.මේ රජයේ කිසිවෙකුටත් රට ගැන හැගීමක් නැත. අවශ්‍ය සියලු කුණු හැකි හැම විදිහකින්ම විපක්ෂයට පටවා බලයේ සිටීම පමණි. වාසනාවට විපක්ෂයේ ජෝකරයන් ඊටත් එහාය

    ReplyDelete
    Replies
    1. මේ වෙන්නේ වෙන කිසිම දෙයක් නෙවේ 100% කෝපි කඩේ තිර පිටපත්. ITN එකේ පෙන්නීම සඳහා සැකසු නාට්ට්‍ය. මේ මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ මෙවැනි වැඩ වලින් අපිට වෙන අවාසිය. ඔන්න මම මෙතන කියනවා කවදා හරි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට මානව හිමිකම් කඩ කිරීමේ චෝදනා එල්ල වුණොත් මන් නම් වචනයක් වත් කියන්න යන්නේ නැහැ , වැපිරූ දේහි ඵල නෙලා ගන්න ඉඩ දීලා බලා ඉන්නවා මිසක්.

      Delete
  5. කොහොමත් මේ මගුල කන්න යද්දී දැනගෙන හිටියා එකෙක් දෙන්නෙක් වැඩි වෙලා අනා ගන්නවා කියලා. කියලා වැඩක් නෑ හොදම එකෙන් අනාගත්තා

    ReplyDelete
    Replies
    1. චැනල් 4 කණ්ඩායමට බද කට පුරා හොඳට සළකලා පිට කරා නම් ඉවරයි නේද වීර ක්‍රියා කරන්න යන්නේ නැතුව.

      Delete
  6. ඕකට කියන්නේ බල්ලොත් එක්ක බෑ කියලයි. උං හද දැක්කම උඩුබුරලනවා. කන්න දෙන කොට අත හපා කනවා.. සමඑර වෙලාවට ලෙව කනවා.. ආයෙත් ගොරවනවා.. මොකද කරන්නේ.. බල්ලොත් එක්ක බෑ.. හැබැයි මම කිව්වේ චැනල් ෆෝ ගැන නං නෙමෙයි...

    ReplyDelete
    Replies
    1. මෙතන ඉන්නේ එක බල්ලෙක් නෙවේ දේශා.. බල්ලෝම 5 දෙනෙක් විතර එක බත් පතට පොර කනවා.. ඉතින් කොහෙ කරන්නද රටක්.

      Delete
  7. සහන් මමත් හිතන්නේ ඔබ හරියටම හරි. අපිට ලෝකෙට අපේ හතුරො ලවාම හොද කියවගන්න තිබ්බ අවස්ථාවක් මෝඩ මිනිස්සු ටිකකුත් අවස්ථාවාදී කුහක දේශපාලකයන් රොත්තකුත් විසින් නැති කළා. ආයේ මේ කපේ දී මේ වැටුණු වලෙන් ගොඩ එනවා බොරු.
    හැබැයි මේ හැම දේකම එකම අරමුණ වෙන්නෙ පලාත් සභා, ඊළඟට එන මහඡන්දය හෝ ජනාධිපතිවරණය හෝ ඒ දෙකම. මේ වගේ නොවටිනා දෙයක් වෙනුවෙන් අපිට ලැබුණු දායාදය තමයි මෙතෙක් කල් හොරෙන් හොරෙන් සැකෙන් ලෝකයා කිව් දේ දැන් එලිපිටම ඇත්තටම කියන්න තරම් සාක්ෂි ලැබුණු එක.
    මෙහෙම් රටකට මොට පායාද සූරියා කිව්වලු. ඔහොම යන් තව සූට්ටයි!!!!!ආස්තැරිය .........

    ReplyDelete
    Replies
    1. \\\\\අපිට ලෝකෙට අපේ හතුරො ලවාම හොද කියවගන්න තිබ්බ අවස්ථාවක් මෝඩ මිනිස්සු ටිකකුත් අවස්ථාවාදී කුහක දේශපාලකයන් රොත්තකුත් විසින් නැති කළා.\\\\

      අඩුම තරමේ දෑත් අල්ලන් පොටෝ එකක් හරි ගහන්න තිබුණා නේද ...? කපන්න බැරි අත ඉම්ඹා නම් දෙගොල්ලොම ගොඩ නේද ? බෙන්ස් ගෙන්නපු වෙලේ මිලියන 10 ක් 15 ක් දීලා හිත සතුටු කරා නම් අහවරයි නේද ? රාජතාන්ත්‍රික ක්‍රියාදාමයන් ගැන දන්නේ නැතුවද මේ අය වෙද මහත්තයෝ මෙහෙම හැසිරෙන්නේ... ? අඩුම තරමේ එක පොටෝ එකක් ගැහුවා නම් හිතට දුක නැහැ..

      \\\\\\\\මෙතෙක් කල් හොරෙන් හොරෙන් සැකෙන් ලෝකයා කිව් දේ දැන් එලිපිටම ඇත්තටම කියන්න තරම් සාක්ෂි ලැබුණු එක.\\\\\\

      හරියට හරි මේ තියෙන්නේ කියන්න ඕනේ ටික කෙළින්ම ...

      Delete
  8. මගේ වෙලාවටද මන්ද චෝගම් පටං ගන්න දවසෙම බූස්ටරේ කැඩුන. දැං ටීවී නෑ... මං මේ උදේ හිත හිත හිටියෙ ගොසිප් සයිට් තිබ්බද නිවුස් සයිට් එකක් නෑ නේද කියල... දැං හිතෙනවා හපොයි නැති එකම හොඳයි කියලා...

    ReplyDelete
    Replies
    1. මගේ TV එකත් කැඩිලා.. රූප පේන්නේ නැහැ .. සද්දේ විතරයි.. මන් ඇන්ටෙනාවක් හදන හැටි කියන්නම්කො ඉන්නකෝ පොඩ්ඩක්.. අඩි 11 දිග , අඟල් 1 හමාරේ ඇලුමිනියම් බටයක් ගේන්න කියන්න අපේ මහත්තයට..හදන හැටි මන් කියන්නම් ...... කිසිම බූස්ටරයක් නැතුව සියලුම චැනල් snow free එනවා ( කොළඹට ) ..

      Delete
    2. අපේ දිහෑ ටී.වී එක කැඩුන...ලොක්කි ඕකට වහ වැටිල(කාටුන් වලට) ඉන්න නිසා. හදන්නෑ කියල හිතාගත්ත. මේ දවස් වල හරි අමාරුවෙන් සන්ද්යාව ගෙවා ගන්නෙ. ඒත් හොඳා බොල මේ නාඩගම් බලනවට වඩා.

      Delete
    3. පස්සෙ දැක්කෙ...ඇයි කොලඹ උන්ට විතරක්..උන්ට කිරි අපිට කැකිරිද..?

      Delete
  9. උන්ට බැරිවෙලා හරි යන්න දුන්නා නං කොහෙං හරි කුණු ගොඩවල් ටිකක් රූගත කරලා වීඩියෝ එකක් ගහලා ආයෙම අපේ රට අපකීර්තියට පත් කරයි.. යන්න දුන්නේ නැති එකෙනුත් ඊට වෙනස් යමක් වෙන්නේ නෑ.. උන් ආයෙම කියයි යන්න දුන්නේ නෑ කියලා.
    ගියත් ඉවරයි නැවත්තුවත් ඉවරයි !

    ReplyDelete
    Replies

    1. එහෙම වෙන්නේ නැහැ මධුරංග හරියට රාජතාන්ත්‍රිකයෙකු මගින් වෙන වැඩකදී.සියල්ල ගාණට සිදු වෙනවා.ඒක තමයි දක්ෂතාවය කියන්නේ. එවැනි අයට නිදහසේ වැඩ කරන්න බැහැ බැසිල් රාජපක්ෂ නිසා. ඔහු විසින් මේ රටේ රාජ්‍ය පරිපාලනයේ සියලු තැන් විකෘති කරලා..

      ඒකයි මේ කිසිම දෙයක් කරන්න බැරි. වෙන දෙයක් ඕනේ නැහැ ආරක්ෂක කටයුතු/සැළසුම් පවා ඔහුගේ තනි උවමනාවන් සඳහා වෙනස් කරනවා. වසර ගාණක යුධ අද්දැකීම් ඇති , යුධමය රාජකාරී සඳහා නිපුණත්වය ඇති අයගේ සේවය නිගා වෙලා එවැනි හිස් මිනිස්සු නිසා.

      Delete
  10. මම කවමදාවත් ටී.වී එකෙන් ප්‍රවුර්ති බලන්නෙ නෑ.. ඔක්කොම රජයෙනෙ....

    ReplyDelete
    Replies
    1. ඔව් බලලා වැඩක් නැහැ. ඒ තැනට මිනිස්සුන්ව පත් කරලා... බ්ලොග් එකක් හරි කියවන එක ගැන සතුටුයි මල්ලි ..

      Delete
  11. අනුරාධපුරයේදී විරෝධතාව වැරදියි! ඒක ඇත්ත. නමුත්, ඔබ ඇත්තටම හිතනවාද සහන් ඔවුන් මේ රටට එන්නේ " ශ්‍රී ලංකාව තුළ සිදු කෙරෙන සංවර්ධනය , නැවත පදිංචි කිරීම් වැනි දේවල් දැක ගැනීමට" , " ශ්‍රී ලංකා ආණ්ඩුව සහනශීලී ආණ්ඩුවක්ද නැද්ද?" හෝ "මහත් වෙහෙසක් දරා LTTE ත්‍රස්තයන්ගෙන් රට මුදාගත් හේතුව පසක් කර ගැනීම" සඳහා කියලා????? අනේ පවු අසරණ Channel 4 තොත්ත බලාලා.

    ReplyDelete
    Replies
    1. ඔබ කියන සියලු දේ මන් පිළිගන්නවා.. ඒත් අපිට තිබ්බා නේද ගෙදරට ආව මනුස්සයාගේ තරම දැනගෙන ඔහුට ගැළපෙන විදිහට ඉන්න ? ගෙදරට නයෙක් ආවත් අපි කරන්නේ මොකක්ද ?

      ලක්ෂ්මන් කදිරගාමර් වැනි අය ජීවත්ව සිටියා නම් කුමක් කරාවි කියලද ඔබ සිතන්නේ ......?

      Delete
    2. මෙතන වුනේ වලහට කලින් කොටියා පැන්න වගේ වැඩක්. උන් අන්තිමට දොස් නගන්නේ එක මිනිහෙකුට නෙවෙයිනේ මුළු රටටම. හරියට ජුලි කලබලේ වගේ තමයි.

      Delete
    3. හරියටම හරි සුදීක ජූලි කලබලය තරම් ශ්‍රී ලංකාවට වූ විනාශයක් නැහැ...

      Delete
  12. ඔය තේරිලා තියෙන්නේ අගේට.. එන්න කියලා පලා බෙදනවා.. ආන්ඩුව මොකක්ද කිව්වේ. කිසිම කෙනෙකුට උද්ඝෝෂණ කරන්න බෑ කිව්වා. ඒ උනාට අනුරාධපුරෙයි, සිරිකොත ගාවයි උද්ඝෝෂණ.. සිරිකොත ගාව කඩු පොලු අරගෙන. එක්කෝ උන්ට වීසා නොදී ඉන්න ඕන. එහෙම නැත්නම් උන්ට ඕන දෙයක් කරගෙන යන්න දෙන්න ඕන..

    තව දුරටත් විදේශ ප්‍රතිපත්තියේදි අනුගමනය කරන්නෙ මැදමුලන මෙතඩ් නම් චෝගම් නෙමෙයි, එකසත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසමේ රැස්වීමමෙහේ තිබ්බත් වැඩක් නෑ.. අපේ හරක් ඇන්දුවට, ජාත්‍යන්තරය අන්දන්න බෑ..

    ReplyDelete
    Replies
    1. මුන් මේ හිතන් ඉන්නේ නැන්දම්මායි ලේලි ටයිප් එකේ ගොන් පාර්ට් වලින් රට කරන්න පුළුවන් කියලා මාතලන්.. මට තියෙන එකම ප්‍රශ්නේ මෙච්චරයි.. මේ රටේ ආර්ථික විද්‍යාව , රාජ්‍ය පරිපාලනය , නීතිය අරවා මේවා ගැන නහුතෙටම ඉගෙන ගත්ත අය ඉන්නවනේ ඕනේ තරම් විශ්වවිද්‍යාල වල සහ එක එක ආයතන වල ... ඇයි ඒ වගේ මිනිස්සු එක වචනයක් වත් කියන්න එන්නේ නැත්තේ රටේ වත්මන් පාලනයට විරුද්ධව...? තව අවුරුදු 4 ක් යද්දී කෙලින්ම ඉඩි අමින් යුගයක් එන්නේ.

      උඹලා අපි වගේ එවුන්ට විතරද මේ වෙන විනාශය පේන්නේ ... මට අන්න එච්චරයි දැනගන්න ඕනේ.. මට ඒකට උත්තරක් දීපන්..

      Delete
    2. අවුරුදු 30 ක යුද්ධයක් තිබුන රටවල පස්චාත් යුධ සමය මීට දරුණුයි සහන්.. ඒ අතින් අපේ උන් ටිකක් හෝ වාසනාවන්තයි.. කරුමේ කියන්නේ සිස්ටම් එක චේන්ජ් කරන්න එකෙක්වත් කතා නොකරන එකයි...

      Delete
    3. උඹ දැක්කද බිස්නස් ෆෝරම් එකේ, නිමල් සිරිපාල කරපු කතාව.. ඒ තරම් ගොන් කතාවක් ෆොරින් ඩෙලිගේට්ස්ලා ඉස්සරහ කරන්න තරම් මෝඩයෝ ඉන්න රටක් මේක. ඒ කතාව අහපු එකෙක්වත් මේ රටේ ඉන්වෙස්ට් කරන්න එයි කියලා මම නම් හිතන්නේ නෑ.. ඉතින් මේ වගේ හරකෙක් ගිය සාම සාඛඡ්ඡා ගැන තව කුමන කතාද...?

      Delete
    4. ඒක තමයි මාතලන්, මේ වගේ ලැජ්ජා නැති යටිකූට්ටු වැඩ කරන ආණ්ඩුවක් එක්ක මේ රට කොහොමද ඉස්සරහට යන්නෙ. ජාතයන්තරයට මෙහෙම ලැජ්ජා නැති ගේම් සෙට් කරනවනම් රට ඇතුලෙ ඉන්න අපිට කොහොම කරයිද? මට දුක අපේ පොඩි උන් ගැන.

      රට වෙනුවෙන් ඕන ගේමක් සෙට් කලත් කමක් නැහැ, අහුවෙන්නෙ නැතුව. මේ වගේ දෙකයි පනහෙ, ලෝකෙ හිනස්සන ගොන් ජෝක් නැතිව.

      Delete
    5. \\\\උඹලා අපි වගේ එවුන්ට විතරද මේ වෙන විනාශය පේන්නේ ...\\\\

      සහන්...ගොඩක් ලොකු උන්ව අන්දලා තියෙන්නෙ. මගෙත් මස්සිනා වැඩ කරන්නෙ අමාතයන්සයක තිරණ ගන්න පුලුවන් පොස්ට් එකක. චන්ද්‍රිකා ඉන්න කාලෙ, හරි වැරදි දැකපු කෙනා, දැන් ආණ්ඩුව ප_ _ ක් ඇරියත් සුවදයි කියනවා.

      අනිත් අයට වෙලා තියෙන්නෙ විකල්පයක් නැති එක. තමන්ගෙ පැත්තට කතා කරන්න කෙනෙක් නැති වුනාම කවුරුවත් කට අරින්නෙ නැහැ.

      සහන්ලා මේ විදිහට වත් කතා කරන එක ලොකු දෙයක්.

      Delete
    6. @ මාතලන්

      යුද්ධ ඉවර උන මුල් මාස කීපය ඇතුළත තිබු " නැවත නැගිටීමේ " උවමනාව සහ උනන්දුව විනාශම කරලා දැම්මනේ.. එහෙම නොවෙන්නේ ජපන්නු ගිය ගමන අද අපි යනවා..
      _______________

      මන් තවම නිමල්ගේ කතාව නම් ඇහුවේ නැහැ..( අහන්න හිතක් නැහැ . ලේ කෝප වෙනවා ) මීට හොඳයි බන් අපි බීලා කියවන දේවල් ඩෝප් බහිනකම් .. ශික් මෙහෙම ඇමතිලා..


      @ ඇල්බන් අය්යේ

      මමත් මේ බ්ලොග් එකේ දේශපාලන ය ගැන අකුරක් හරි ලියනවා නම් ලියන්නේ දුව නිසා.. නැත්නම් මාත් මේ දේවල් හිතින් අයින් කරලා ඉවරයි.. දුව හරි දකීවි කවද හරි තාත්තා කරපු දේවල් ..

      ඔයා කියන දේට හොඳම උදාහරණය >>> ශිරාණි බණ්ඩාරනායක ... ඇය මගේ පුංචිගේ ක්ලාස් මේට් කෙනෙක්... අගවිනිසුරු ධූරයත් බලු කරපු රටේ තව මොන කතාද අය්යේ අමාත්‍යංශ ලේකම්වරු ගැන ......

      Delete
  13. " චැනල් 4"කණ්ඩායමත් "ආණ්ඩු විරෝධී" කණ්ඩායමත් එක්ව ඇති බව ITN තුළින් පෙන්නා තවත් එක් විගඩමක් සිදු කර "සුදු හුණු" ගා ගැනීමය."
    In addition to සුදු හුණු" ගා ගැනීම the present rulers are obsessed with preservation and increase of their power IN Sri Lanka. Opponents to the Govt in the next election will be branded as supporters of the international conspiracy led by Channel 4. So, it's advantageous (in local politics) to force Channel 4 to rely on the opposition figures. Winning power IN SL and getting rid of any threat by the opposition takes precedence over international image.
    There's no doubt that the Channel 4 at present is influenced by LTTE supporters but one should keep in mind that it's media. Like with any media institution sensational/ scandalous/ dirty stuff is their lifeblood. That's their job. If you try hard enough and if the stuff is sensational enough you can get them to do a programme on the past LLTE atrocities like killing mothers and children in border villages. They will do that, if not for anything else, at least to show they are balanced! Now, they have a more current story "how Govt thugs prevent any one seeing the North". WE see this as utter stupidity but we forget that our rulers suffer to some extent from "Mugabe Syndrome" - Have a lot of foreign enemies , show that local opposition is sponsored by by them, show that only you can protect the country from foreign invaders (risking electric chair in the process!!!) and win elections (to hell with economy and foreign relations)!

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ප්‍රා ඔබේ අදහසට කිසිම දෙයක් අලුතෙන් එකතු කරන්න නැහැ.. ඒ නිසාමයි අනිත් අයටත් දැකගන්න එය පරිවර්තනය කලේ.. විශිෂ්ඨ අදහස් දැක්වීමක්... නියමයි ... ඔබ කව්ද කියන මන් දැනගෙන උන්නා...

      Delete
    3. පරිවර්තනයට ස්තුතියි
      "risking electric chair in the process!" was not intended as නොදැනුවත්වම විදුලි පුටුවට ලං වන බව මොවුනට නොවැටහේ.". It was bit tongue in cheek. There's no bloody electric chair Sahan but we will hear that our fearless leaders risked getting fried to death in a Western imperialistic electric chair to protect our country/civilization/culture from the international conspiracies and we should continue to elect them if we want to preserve our pristine independence!

      Delete


    4.                       In addition to සුදු හුණු" ගා ගැනීම the present rulers are obsessed with preservation and increase of their power IN Sri Lanka. Opponents to the Govt in the next election will be branded as supporters of the international conspiracy led by Channel 4. So, it's advantageous (in local politics) to force Channel 4 to rely on the opposition figures. Winning power IN SL and getting rid of any threat by the opposition takes precedence over international image.


                         " සුදු හුණු ගා ගැනීම" සම්බන්ධව සැළකීමේදී කිරීමේදී පෙනී යන්නේ වත්මන් පාලකයන් තදබල ලෙස තම බලය ආරක්ෂා කර ගැනිමින් තවදුරටත් බලය වර්ධනය කර ගැනීම සඳහාම උනන්දු වන බවයි. මීළඟ මැතිවරණය පැවැත්වෙන අවස්ථාවේදී රාජ්‍ය විරෝධී පාක්ෂිකයන් නිරායාසයෙන්ම " චැනල් 4 හා එක්ව විදේශ කුමන්ත්‍රණ සිදු කල දේශද්‍රෝහීන් " යැයි හංවඩු ගැසෙනු ඇත. ඉතින් එම වාසිය ( දේශීය චන්ද ) අත්පත් කර ගැනීමට නම් චැනල් 4 නඩය විරුද්ධ පාක්ෂිකයන් හා එක්ව කටයුතු කරන තැනට පත් කල යුතුය. රාජ්‍ය බලය රැක ගැනීම සඳහා තම විරුද්ධ පාක්ෂිකයන් පෙළීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ප්‍රතිරූපය වුවද බිල්ලට දීමට මොවුන් පෙළඹී ඇත..


                              There's no doubt that the Channel 4 at present is influenced by LTTE supporters but one should keep in mind that it's media. Like with any media institution sensational/ scandalous/ dirty stuff is their lifeblood. That's their job. If you try hard enough and if the stuff is sensational enough you can get them to do a programme on the past LLTE atrocities like killing mothers and children in border villages.


                          LTTE හිතවාදීන්ගේ අනුදැනුම මත චැනල් 4 නඩය ක්‍රියාකරන බවට කිසිදු සැකයක් නැහැ, නමුත් අප සියලු දෙනා අමතක නොකළ යුතු දෙය නම් මෙය " මාධ්‍ය ලෝකය " බවයි. ඕනෑම මාධ්‍ය ආයතනයක පාහේ ජීවනාලිය වන්නේ උද්වේගකාරී / අපකීර්තිමත් / දූෂිත සිදුවීම්ය. ඔවුන්ගේ රාජකාරිය වන්නේ එයයි ( කුණු ඇවිස්සීම ) . එහෙත් අපට කල හැකිව තිබු දෙයක් විය, එනම් චැනල් 4 කණ්ඩායම මගින්ම LTTE ය විසින් සිදු කළාවූ මිනි මැරුම් , බිය වැද්දීම් , මායිම් ගම්මාන වලට පැන අහිංසක සිවිල් වැසියන් , කුඩා දරුවන් , කාන්තාවන් , මව් වරුන් ඝාතනය කිරීම් වැනි ම්ලේච්ඡ ක්‍රියා ගැන වැඩසටහනක් නිෂ්පාදනයට ඉඩහසර සැළසීමය.


                           They will do that, if not for anything else, at least to show they are balanced! Now, they have a more current story "how Govt thugs prevent any one seeing the North". WE see this as utter stupidity but we forget that our rulers suffer to some extent from "Mugabe Syndrome" - Have a lot of foreign enemies , show that local opposition is sponsored by by them, show that only you can protect the country from foreign invaders (risking electric chair in the process!!!) and win elections (to hell with economy and foreign relations)!

                            චැනල් 4 කණ්ඩායම මධ්‍යස්ථ ආයතනයක් සේ ක්‍රියාකරයි නම් අනිවාර්යයෙන්ම ඔවුන් විසින් වෙනත් කිසිදු වාසියක් අපේක්ෂා නොකොට එම වැඩසටහන සම්පාදනය කරනු ඇත. නමුත් දැන් සිදුව ඇත්තේ කුමක්ද ? දැන් ඔවුන් සතුව " උතුරේ ජන ජීවිතය ගෙවෙන ආකාරය විමසාබැලීමට තබා උතුරට පය ගැසීමට වත් නොදෙන රාජ්‍ය තක්කඩින්ගේ ක්‍රියාකලාපය " පිළිබිඹු කෙරෙන වීඩියෝ පටයක් ඇත. අප මෙම සිදුවීම දකින්නේ ඉතාම මුග්ධ ක්‍රියාවක් ලෙසයි , එහෙත් අප තවමත් අමතක කළාවූ දෙයක් ඇත. එනම් වත්මන් පාලකයන් දැනට අනුගමනය කරමින් පවතින්නේ " රොබට් මුගාබේ ප්‍රතිපත්තියට" සමාන වූ අදූරදර්ශී වැඩපිළිවෙලක් බවයි.


                         නව විදේශීය සතුරන් දිනෙන් දින ඇතිකර ගනිමින් සිටී, එසේම එම විදේශීය සතුරන් පණ ලබන්නේ දේශීය සතුරන්ගේ කූඨ ක්‍රියාවන් මගින් බව උලුප්පා දක්වමින් සිටි. මේ සියලු කුමන්ත්‍රණකරුවන් මැඩපැවැත්වීමට හැක්කේ තමාට පමණක් බව පෙන්වීමට ගන්නා උත්සාහයේදීම ; නොදැනුවත්වම විදුලි පුටුවට ලං වන බව මොවුනට නොවැටහේ. මැතිවරණ ජයග්‍රහණ වෙනුවෙන් සිදු කරන මෙවන් දෑ මගින් රටේ විදේශ ප්‍රතිපත්තීන් වලට සහ රටේ ආර්ථිකයට හෙණ හතවැදී යන ආකාරය මොවුනට නොවැටහේ.

      ______________________________________________


      මම මේ පරිවර්තනය කලේ වෙන දෙයක් නිසා නෙවේ.. ප්‍රා කියන්න හදන දේ තුළ විශාල ඇත්තක් තියෙනවා. මේ සත්‍ය තමයි තේරුම්ගත යුත්තේ සියලු දෙනාම ...

      Delete
    5. හ්ම්ම්ම්ම් දැන් පැහැදිළියි ඔබ හරියටම අදහස් කළ දේ..;P

      " අධිරාජ්‍යවාදීන්ගේ විදුලි පුටුවට වුවද මා නොභියව යමි. මේ රට නිවහල් දේශයක් කිරීම වෙනුවෙන් මා ඕනෑම අභියෝගයක් බාර ගැනීමට සූදානම්. මේ රටේ ස්වයිර්යී භාවය රැකගැනීමට උවමනා නම් ඊළඟ පාරත් මට කතිරේ ගහන්න '"

      මන් හරිනේ ... :P

      Delete
    6. ඊළඟ පාරත් මට සහ මගේ තක්කඩින්ට කතිරේ ගහන්න :-)

      Delete
    7. One more clarification. "චැනල් 4 කණ්ඩායම මධ්‍යස්ථ ආයතනයක් සේ ක්‍රියාකරයි නම් අනිවාර්යයෙන්ම ඔවුන් විසින් වෙනත් කිසිදු වාසියක් අපේක්ෂා නොකොට එම වැඩසටහන සම්පාදනය කරනු ඇත.":
      It does not matter now whether Channel 4 is balanced or not. Everyone (especially Western media) wants and have to appear fair, whatever prejudices they have. The majority of the watchers of C 4 aren't LTTE supporters. C 4 has not only to have sensational or investigative journalism but they have to appear balanced to maintain credibility and as a result ratings.. It's to their advantage to have a progamme on LTTE atrocities too. SL should have used that to it's advantage.

      Delete

    8. ප්‍රා ,

      ඒක ඇත්ත . ඕනෑම මාධ්‍ය ආයතනයකට ඕනේ ප්‍රේක්ෂක ප්‍රසාදය වැඩියෙන්ම දිනාගත හැකි වැඩසටහන් කරන්න. එහි යුක්තිය සාධාරණය ඔවුනට වැඩක් නැහැ. C 4 ආයතනයත් සිදු කරන්නේ එයමයි. LTTE වේවා , IRA වේවා ඕනෑම කෙනෙක් වෙනුවෙන් ඔවුන් පෙනී ඉන්නවා.එයට දොසක් කියන්න බැහැ.. අගතියට පත් වූ පාර්ශවය දැනගන්න ඕනේ බුද්ධිමත්ව ප්‍රශ්නයට මුහුණ දෙන්න..


      ශ්‍රී ලංකා රජයට කරගන්න නොහැකිත් එයයි. ලක්ෂ්මන් කදිරගාමර් වැනි පුද්ගලයන්ගේ වටිනාකම දැනෙන්නේ මෙවිටයි. අපට තිබුණ අතට ලැබුණ දේ කටේ දාගන්න.. අන්තිමට කලේ " ලොවලා ලොවලා සභාව මැද වැමැරීම "

      ඉතාම ජුගුප්සාජනකයි...!

      Delete
    9. This comment has been removed by the author.

      Delete
    10. “ජුගුප්සාජනකයි??
      ඒ ඔබට සහ ලෝකයට.
      Our rulers are cleverer. They go by " More we get hit by foreigners more votes we get from locals" You wait and see Sahan our voters will prove them correct next time too.
      Wicharaka Asami Dakimi Soyami says "රජය අසමත්, රජය පරාදයි මේ කපටියාට."

      රජය has no interest in winning against මේ කපටියා, it just wants SL elections සමත්

      Delete
  14. ආණ්ඩුව චැනල් 4 එකට වීසා දීලා කොටි වලිගෙ අල්ල ගත්තා වගේ වැඩක් කර ගත්තෙ.
    වෙඩිමට එන්න කියලා වෙඩින් කාඩ් දීලා වෙඩිමට ආවට පස්සෙ මනමාලිගෙ පරණ බෝයි ෆ්‍රෙන්ඩ්ස්ලත් එක්ක භජනෙ දාන්න දෙනවා.
    මුන්ට තේරෙන්නෑ පරණ බෝයිෆ්‍රෙන්ඩ් බලන් ඉන්නෙ මනමාලිට කෙළවෙනකම් කියලා.

    ReplyDelete
    Replies
    1. \\\\\\\\\ආණ්ඩුව චැනල් 4 එකට වීසා දීලා කොටි වලිගෙ අල්ල ගත්තා වගේ වැඩක් කර ගත්තෙ.\\\\\\

      නොදී ඉන්න බැරි තත්වයක් ආව චතුරංග... පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සැසිය වෙනුවෙන් පැමිණෙන කිසිම මාධ්‍ය වෙදීයෙක්ව රටට ඇතුළු නොකරගෙන සිටින්න බැහැ. එහෙම කළොත් නැති ප්‍රශ්න එනවා. ( අනුරාධපුරයේදී වෙච්චි දේ එක්ක නම් දැන් ඉතින් මොනවා උනත් ගැටළුවක් නැහැ )


      \\\\\\\\\\වෙඩිමට එන්න කියලා වෙඩින් කාඩ් දීලා වෙඩිමට ආවට පස්සෙ මනමාලිගෙ පරණ බෝයි ෆ්‍රෙන්ඩ්ස්ලත් එක්ක භජනෙ දාන්න දෙනවා.
      මුන්ට තේරෙන්නෑ පරණ බෝයිෆ්‍රෙන්ඩ් බලන් ඉන්නෙ මනමාලිට කෙළවෙනකම් කියලා.\\\\\\\\\

      නියමම කමෙන්ට් එක චතුරංග ............

      +++++++++++++++++++++++++++

      Delete
  15. ''දැන් වෙන්නෙ මෙච්චර යි'' කියන ටික මටත් හිතුණා ඊයෙ ප්‍රවෘත්ති බලනකොට.

    ReplyDelete
    Replies
    1. ඊට පස්සේ තමයි මාත් මේක ලිව්වේ දිලිනි ...

      Delete
  16. කියන්න ඕනේ ඔක්කොම දේවල් ඔයා පැහැදිලිව කියලා තියනවා සහන්.

    අපේ ආණ්ඩුවේ ඉන්න ආරක්ෂක අම්බරුවෝ හිතාගෙන ඉන්නේ තමන් පස්සේ බුද්ධි අංශය එනබව මැක්රේගෙ කණ්ඩායම දන්නේ නැහැ කියලා. තව ටික දවසකින් අපේ බුද්ධි අංශයෙන් ආව අයගේ නම් ටිකත් කිව්වොත් මමනම් පුදුම වෙන්නේ නැහැ. මේ අභියෝගය රජය භාරගත්තේ නැහැ. රජය අසමත්, රජය පරාදයි මේ කපටියාට. ඔන්න ලක්ෂ්මන් කදිර්ගාමර්, ලලිත් ඇතුලත්මුදලි, වගේ මිනිස්සු නැති එකේ අඩුව.

    රජයට කරන්න තිබුනේ, 'මැක්රේ උඹ ඉස්සරවෙලා අපෙන් අහපන්' කියලා ආරක්ෂක ලේකම් සහ 2009 හිටපු ත්‍රිවිධ හමුදාපතිවරුන් එක්ක සාකච්ඡාවක් තියන්න ඉඩ ලබාදීමයි. එයට පෙර හුරුවක් කර තිබෙන්න ඕනේ කල්තියා. ඒ සඳහා ජාත්‍යන්තර ත්‍රස්තවාදය, එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාවේ අභ්‍යන්තරය, වර්තමාන ලෝක දේශපාලන ප්‍රවණතා, ගැන හොඳ දැනුමක් ඇති බුද්ධිමත් රාජ්‍ය තාන්ත්‍රික පුද්ගලයන් (උදාහරණයක් පමණයි. මොවුන්ම වියයුතු නැහැ. දයාන් ජයතිලක, රවිනාථ ආර්යසිංහ, මහාචාර්ය රොහාන් ගුණරත්න) මගින් කරුණු (තුරුම්පු) රැස්කරගත යුතුයි. එහෙමයි මේ වගේ දෙයකට මුහුණ දියයුත්තේ.

    ReplyDelete
    Replies
    1. \\\\\\\අපේ ආණ්ඩුවේ ඉන්න ආරක්ෂක අම්බරුවෝ\\\\\\\

      මේ කියන්නේ අතීතය ගැන නෙවේ නේද විචාරක. ( මොකද අතීතයේ සිටි දක්ෂ නිලධාරීන්ගේ ඉරණම ඔබ දකින්න ඇතිනේ )


      \\\\\\\ඔන්න ලක්ෂ්මන් කදිර්ගාමර්, ලලිත් ඇතුලත්මුදලි, වගේ මිනිස්සු නැති එකේ අඩුව. \\\\\\\\\\

      ඒක ඇත්ත. ඒ වගේම තමයි කිසිම දෙයක් කරගන්න බැහැ ආර්ථික කටයුතු අමාත්‍යාංශය භාරව ඉන්න පුද්ගලයා එක්ක.ඔහු හිතාගෙන ඉන්නේ ඔහුට එහා කෙනෙක් නැහැ කියල.. රාජතාන්ත්‍රික කටයුතු ගැන අල්ප මාත්‍රයක දෙයක් නොදන්නා මුග්ධ මිනිස්සු ඉහළ තනතුරු වලට පත් උනාම මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්නත් බැහැ විචාරක ...

      \\\\\\\\රජයට කරන්න තිබුනේ, 'මැක්රේ උඹ ඉස්සරවෙලා අපෙන් අහපන්' කියලා ආරක්ෂක ලේකම් සහ 2009 හිටපු ත්‍රිවිධ හමුදාපතිවරුන් එක්ක සාකච්ඡාවක් තියන්න ඉඩ ලබාදීමයි. \\\

      හරියට හරි ..

      \\\\\\\එහෙමයි මේ වගේ දෙයකට මුහුණ දියයුත්තේ. \\\\\

      අපි කිව්වට බැහැ විචාරක.. අපි ඉතින් 8 පාස් ඕලමොට්ටලයොනේ පොල් ගගා හිටපු කෙස් පැහැනකම් ...


      ( මගේ මේ කමෙන්ට් එක ද්වේශ සගහතද මන්දා.. ! )

      Delete
    2. තව කොටසක් බුද්ධි අංශෙ ඉඳගෙන එල්ටීටීයට හමුදාව පාවා දුන්නා. අයියෝ 71 සැඟවී 83, 89 පාවා දුන්නා වාගේමයි.

      Delete
    3. වෙලාවට ඒ පොරවල් ෆොන්සේකා මහත්තයා හඳුනා ගත්තේ. තවත් සමහරු පැන්සෝන් යැව්වේ නැතිනම් ෆොන්සේකා මහත්තයා තාම යුද්ධ කරනවා.

      Delete
    4. කාවෝ උඹ අම්මව අනුරාදපුරේ තියන ගොංපොට් ගානේ යවල විකුණගෙන කන අවජාතකයෙක් නේද?

      Delete
    5. This comment has been removed by a blog administrator.

      Delete
    6. @ කාවා

      ඔය පරණ කෝන්තර අල්ලලා දාන්න.. දැන් බලන්න සරත් මහත්තයා සමග සෝමේ ඉන්න අපූරුව... කරුණා නිදහස් පක්ෂේ සම සබාපති උණු අපුරුව..අන්න ඒ වගේ හැදෙන්න මෙයා...

      Delete
    7. ඇයි සයිලන්ට්,
      කවගේ අම්ම අල්ලලා ලාපු කොමන්ටුව ඉතිරි කොරලා, ඇනෝ විකාරදගේ දෝනි අල්ලලා දාපු කොමන්ටුව මැකුවේ. පුක දෙනවද?
      අර ඇනෝ කොමන්ටුව දාපු ඇනෝ විකාරද ගේ දෝනිත් දැන් හරි හරියට වැඩලු.

      Delete
    8. KAWA ge ammaa puka denne gas debalekata thiyalaa. ekige puka ali pukak

      Delete
  17. මචන් සහන්, වීර පුරන් අප්පු, ගොන්ගාලේගොඩ බණ්ඩ, සූර සරදියල් වගේ වීරයන්ට නිකමට හරි අපි එදා දිවි හිමියෙන් සටන් කරලා රැක ගන්න උත්සහා කරපු ශ්‍රී ලංකාව බලන්න යන්න ඕනා කියලා මෙහෙට ගොඩ බැස්සොත්, අපි සුද්දන්ව උඩ දාගෙන, උන්ට පාවඩ එලමින්, උන්ට යටත්ව හිටිය එක මෙහෙම මහ ඉහලින් සමරනවා දැක්කොත් ඉකි ගගහා අඬයි නේද මචන්.. ? කොටින්ට එරෙහිව සටන් කරලා ජීවිතේ පුදපු වීරයො අනාගතේදි ආවත් එච්චර තමා මචන්, ඉකි ගගහා අඩන්න වෙනවා. අනිවා. චැන්ල් හතර හා මැක්‍රේ කියන්නෙ ඔය සමස්ත විහිලුවෙම පොඩි කෑලි දෙකක් විතරයි.. අනේ මන්දා අපි, මෙච්චර නිවට වුනේ කොහොමද කියලා හිතා ගන්න බෑනෙ..

    ReplyDelete
    Replies
    1. \\\\\\\\\කොටින්ට එරෙහිව සටන් කරලා ජීවිතේ පුදපු වීරයො අනාගතේදි ආවත් එච්චර තමා මචන්\\\\\\\\\\\

      දැනටත් ඒක වෙලා ඉවරනේ සෙන්නා.. හිටපු යුධ හමුදාපතිවරයා ගැන හිතන්න ටිකක්.. ඔහු කරන්නෙත් ඔබ කියූ දෙයම නේද .......?

      සෙන්නගේ කමෙන්ට් එක සෑහෙන්න අගය කරනවා.. බොහෝ දේවල් ඔබ හිතට එකඟව කියලා තියෙනවා නොභියව...

      Delete
    2. සෙන්නගෙ කමෙන්ට් එක මාත් ඉහලින් අගය කරනවා...රටක් වෙනුවෙන් කුමට වෙහෙසෙනවද කියල ඕනම නොදරුවෙකුට හිතෙනවා ඇති.

      Delete
  18. චොන්ගම් හී සිදු වු සිද්දි ගැන වැඩි දැනුමක් නෑ නමුත් දැන ගත් තොරතුරු අනුව නම් කියන්න තියෙන්නේ චොන්ගම් නැමති සෙල්ලම් ගෙදරදි අපේ ලොක්කා ඇතුලු සියලු නිලධාරින්ට චැනල් 4 සමග සෙල්ලම් කරාට වඩා හොදට හය හතර නොදත් කිරිසප්පයෝ සෙල්ලම් ගෙවල් හදාගෙන සෙල්ලම් කරනවා , කියාය

    ReplyDelete
    Replies
    1. මේක තනිකර කොපි කඩේ ටයිප් වැඩ කෙරෙන ආණ්ඩුවක් ශානු.. මේක තමයි කියන්නේ කටුස්සන්ගේ කරේ රත්තරන් එල්ලන්න එපා කියලා.. උන් දන්නේ නැහැ රත්තරන් ටිකත් රැකගෙන , පණත් බේරගෙන , ජාමේ බේරන් එන්න..

      Delete
  19. සහන් හිතන් ඉන්න විදියට චැනල් 4 එකට සත්‍යය පහදල දෙන්න නම් මේ සම්මජාතියෙ හම්බ වෙයි කියලා මම හිතන්නෙ නෑ. මුන්ට උතුරට දෙන්න පුලුවන් උපරිම ඇක්සස් දුන්නත් ගිහින් ලියාවි "although the access was given in principle, no one dared to talk to us openly, and the atmosphere of fear was prevalent everywhere" කියල. මෙච්චර දන්න සහනුත් නිකන් බබෙක් වෙන්න යනව නේ?

    ඒක එහෙම උනත්, ජොකා පේන්න සරම උස්සගෙන නටන ගොන් පාට් වලට නම් මගෙ හිතේ මේ ආණ්ඩුවට ගහන්න එකක් අපේ අවුරුදු 2500ක ඉතිහාසෙට හිටියෙ නෑ.සිරාවටම මුන් මේව කරන්නෙ කාට පේන්න ද? ඕනෙ රජෙක් බලවත් වෙන්න වෙන්න, වටේට සෙට් වෙනව ඇම්බැට්ටයො ටිකක් රජාව ඉන්සියුලේට් කරලා, ඔක්කොම හරි වැඩේ නියමෙට යනවා කියල බටර් ගාල උන්ගෙ තැන පරිස්සම් කර ගන්නෙ. මහින්ද ගැන මට වැරදුනේ එකම තැනයි. මහින්ද ඇවිල්ල සති කීපෙකින් රූපවාහිනී එකට කිව්වම "මාව ප්‍රේමදාස කෙනෙක් කරන්න එපා" කියල, මම හිතුව මහින්ද අර ජාතියෙ ඇම්බැට්ටයන්ට අහුවෙන්න ප්‍රමාද වෙයි කියලා. බලන් යනකොට ප්‍රේමය කැලේ නෙ මෙයත් එක්ක බලන කොට.

    කොච්චර හොරෙක් උනත් රෝහිත බෝගොල්ලාගම සුද්දො හැන්ඩ්ල් කරා මාර ටැක්ට්ෆුලි. මුන් හිතන් ඉන්නෙ ලංකාවට ආපු සුද්දෙක්ට සරම උස්සගෙන පාට් එකක් දැම්මම උන් පාඩම් ඉගෙන ගන්නව කියලා. සුද්දො කොහොමත් හිත යටින් කැමති සුදු නැති මිනිස්සු ම්ලේච්ඡයො කියල පෙන්නන්න. (අපි රනිල්, මංගල, චන්ද්‍රිකා වගේ සුද්දන්ට කොච්චර පුක දුන්නත් ඒක වෙනස් වෙන්නෙත් නෑ, අච්චර බටහිර ගැති Lee Kuan Yew කියන්නෙ dictator කෙනෙක් කියල නෙ සුද්දන්ගෙ මාද්‍ය පෙන්නන්න කැමති, නැතුව මොකෝ මහන්සියෙන් තමන්ගෙ රට තැනකට ගෙනාව කියන පැත්ත නෙවෙයි නෙ. ඉන්දියාව දීගෙන හිටියට slumdog millionaire වගේ දේවල් බටහිර නැගල යන්නෙත් අහම්බයක් නෙවෙයි) ඒ වැඩේ අමාරු කරන්න පුලුවන් විදියෙ මිනිස්සු ඉස්සරහට දානව වෙනුවට මුන් කරන්නෙ කැත කලු මිනිස්සු ටිකක් බීගෙන සරොම් උඩට අරන් කෑ ගහන සීන් ටිකක් දාන එක. අරුන්ට paid actors ල දාලවත් උන් ගෙ living rooms වල එන්ටර්ටේන්මන්ට් වලට ඔච්චර හොඳ විෂුවල්ස් හොයා ගන්න හම්බ වෙන්නෙ නෑ. අනුරාදපුරේ සීන් එක නිකන් මැක්‍රේට ස්වීප් එකක් ඇදුන වගේ ජොලි ඇති.

    මේ ඔක්කොටම බාගෙට බාගයක් වග කියන්න ඕනෙ "මුන් දැන් කාපු නිසා අපිටත් ටිකක් කන්න දීපල්ලා" කියන එක එකම සටන් පාඨය උනු විපක්ෂෙ. හෙට මහ චන්දයක් ආවොත් සහන් චන්දෙ දෙන්නෙ කාට ද?

    ReplyDelete
    Replies
    1. \\\\\\\\ සහනුත් නිකන් බබෙක් වෙන්න යනව නේ?\\\\\\\\

      C 4 කණ්ඩායම සමග සුහද සාකච්චා වට කීපයක් පැවැත්වීම වරදක්ද ..?

      01. රජයේ නියෝජනය සිදු කරමින්.
      02. යුධ හමුදාව නියෝජනය කරමින් .
      03. උතුරේ දෙමළ නියෝජනය සිදුවන අයුරින් .
      04. පුනුරුත්ථාපනය වූ LTTE සාමාජිකයන් නියෝජනය වන අයුරින් .
      05. කරුණා , පිල්ලේයාන් වැනි LTTE ප්‍රභලයන් නියෝජනය වන අයුරින්


      ඉහත මන් කියපු සාකච්චා වට සංවිධානය කළා නම් ලැබෙන ප්‍රතිලාභ ගැන හිතන්න... ඒ ගැන අදහස් මට කියන්න මුළින්ම..ඊට පසු මම ඔබේ සියලු ප්‍රශ්න වලට උත්තර දෙන්නම් එකින් එක....

      Delete
    2. c4 කණ්ඩායම සමග සාකච්ඡා පැවැත්වීම මෝඩ කමක් යයි මා කොහේවත් කියා නැත. නවත්තන්න බැරි බව දැන දැනම නිකන් වීසා නොදී ඉන්න ට්‍රයි කරල පස්සෙ ඇන ගැනීම ම උන් මෙහෙට එන්නත් කලින් ම උන්ට පරාජය වීම කි. මම කිව්වෙත් රෝහිත බෝගොල්ලාගම වගේ උන් දාන්න ඕනෙ දේකට මුන් රෙදි කරට ගත්තු බේබද්දන් දාන බවයි. මට ප්‍රශ්නය ඇත්තේ පහත දේවලයි:

      // ශ්‍රී ලංකා ආණ්ඩුව සහනශීලී ආණ්ඩුවක් බව ඔවුන්ට පසක්ව යනු ඇතැයි සිතුවෙමි. //

      හොරට නිදා ගන්න උන්ට ඇහැරවන්න බෑ. මුන් එන්නෙ උන්ගෙ වර්ඩික්ට් එක කොහොමත් හදාගෙන. මුලු යාපනේ හැම මිනිහ එක්කම කතා කරත්, උන් ඔක්කොම රාජපක්ෂට මල් තියල වඳින්න ඕන කිව්වත්, මුන් ගිහින් ලියන්නෙ "හමුදාවට බය නිසා මිනිස්සු අඩු ගානෙ රාජපක්ෂට බනින්නවත් බයයි" කියලයි.

      // සියල්ල හොඳින් සිදු වී, චැනල් 4 කණ්ඩායම මිතුරන් ලෙසින් පිටව යනු ඇතැයි සිතුවෙමි. //

      මිතුරන් ලෙස කාල බීල ගියත් ගිහිල්ල ලියන්නෙ අරවම තමා.

      ඒක නිසා උන්ගෙ වැඩේ අමාරු වීම ඇරෙන්න මහ ලොකු "ප්‍රතිලාභ"යක් නම් බලාපොරොත්තු වෙන්න බෑ මොනව කරත්. එහෙනම් ඒ කාලෙ රනිල් දීපු හැටියට අඩු ගානෙ කොටි රනිල්ට මහ දවක් ෆු* අරින කොට වත් ඔය මාද්‍ය වලින් එහෙම කියන්න තිබුන නෙ "ආණ්ඩුව පුලුවන් උපරිමේටම ඉවසනව, කොටි තමයි වැඩේ කන්න හදන්නෙ" කියලා, කෝ එකෙක් කට ඇරිය ද?

      Delete
    3. නියමිත ආකාරයෙන් චැනල් 4 කණ්ඩායම සමග උතුරට ගියා නම් ශ්‍රී ලංකාව සතුවත් එම වීඩියෝ පට තියෙනවා නේද ? ගම් වැසියන්ගෙන් ගන්න හඬ පට , වීඩියෝ සටහන් සියල්ල අප ළඟත් තියෙනවා. චැනල් 4 කණ්ඩායම නංගි පෙන්නලා අක්කා දෙන්න හැදුවොත් අපිටත් තුරුම්පු තියෙනවා නේද (එහෙම කරන්න අවොත්) ..

      බොරු වීඩියෝ එකක් ඔවුන් පෙන්නුවොත් අපිට කියන්න පුළුවන් " නෑ මෙන්න එදා රූගත කිරීම උනේ මෙහෙම " කියලා..ඔබ කියන විදිහේ දෙයක් චැනල් 4 අයට කරන්න ලැබෙන්නේ නැහැ අගුණ එහෙම උනා නම්.. චැනල් 4 අය පෙනී පෙනී සත්‍ය විකෘති කරන්න උත්සාහ කරන හැටි ලෝකෙටම පේන්න එළි කරන්න තිබ්බා ( ඔවුන් එවැන්නක් කරන්න සරසුනොත් ) .. ඔවුන්ගේ හෙළුව ලෝකයට පෙන්නන්න තිබ්බා..

      ________________________________________________

      ඉහළම පෙලේ යුධ හමුදා නිළධාරීන් කීප දෙනෙක් , යුධ හමුදා මාධ්‍ය අංශය , වෙනත් ආරක්ෂක කණ්ඩයක් සමග ඔය ගමන ගියා නම් ඉවරයි.. ( මීට කළින් එවැනි ගමන් ගියේ එහෙම .. මට අද්දැකීම් තියෙන නිසා මේ කියන්නේ.. )

      ප්‍රශ්න කිරීම් කලොත් ඇයි මේ අය එන්නේ කියලා ...? මෙන්න උත්තර ....

      ඉහළම පෙලේ යුධ හමුදා නිළධාරීන් කීප දෙනෙක් = ඔවුන් තමයි යුද්ධය පැවති කාලයේ සේවයේ හිටියේ
      යුධ හමුදා මාධ්‍ය අංශය = මෙවැනි ගමන් වලට ඔවුන් සභාගි වේ
      වෙනත් ආරක්ෂක කණ්ඩයක් = සියලු දෙනාගේ ආරක්ෂාව තහවුරු කිරීම පිණිස

      දැන් මෙතන වෙලා තියෙන දේ පැහැදිළියි ..ඒ නිසා මේවා මීට වඩා ප්‍රසිද්දියේ පැහැදිළි කල යුතු නැහැ..අවශ්‍ය නම් පුද්ගල්කව මා අමතන්න... ඔබ කියනා අනික් බොහෝ දේ සමග එකඟයි.. කොහොම හරි අපි නෑවා ... එච්චරයි අගුණ කියන්න තියෙන්නේ.. උඩ ප්‍රා ජේ ලස්සනට මෙය විග්‍රහා කරලා තියෙනවා...


      මීට වඩා මේ ගැන ප්‍රසිද්දියේ කියන්න යාම නිෂ්ඵලයි ....

      Delete
    4. අගුණ ,

      මගේ උත්තරේ නුහුරට යන්න පුළුවන් නිසා තව පොඩි දෙයක් කියන්නම් අගුණ...චැනල් 4 පිරිස මෙහි එන්නේ තනිකරම අපිව විනාශ කිරීම අරමුණින් කියමු. හරි... හරිද .......?

      අපි ඉඩ දෙනවා ඕනේ අස්සක යන්න.යන්න ගිහින් ඕනෙම දෙයක් හොයන්න.. ( හැබැයි ශ්‍රී ලංකා රජයේ නිළ ආරක්ෂාව ඇතුව. නැත්නම් කව්රු හරි ගලකින් ගැහුවත් ඔවුන් වෙනත් දෙයක් කියාවි ) ..

      01. LTTE බංකර් , LTTE පාලන බිම් . LTTE අවි ගබඩා වැනි සියල්ල නරඹන්න ඉඩ දෙනවා සේම ඒවා නැරඹිය යුතුයි ! ( එය අණක් ..ඇයි අවුල්ද ? )

      02. LTTE විසින් විනාශ කල සියලු විනාශයන් රූගත කල යුතුයි. ( වරායන් , ගුවන්තොටුපොළවල් , වෙනත් ප්‍රසිද්ධ ස්ථාන )

      03. LTTE ය විසින් සිදු කල සියලු ජීවිත හානි වාර්තා කල යුතුයි. ( මායිම් ගම්මාන වලට කඩාවැදී අහිංසක නිරායුධ මිනිසුන් ඝාතනය කල අවස්ථාවන් .. සියලු වීඩියෝ පටයන් යුධ හමුදා මාධ්‍ය ඒකකය සතුයි. )

      ඔන්න ඔය ටික පෙන්නන්න ඕනේ චැනල් 4 එකට. ඒවා ඔවුන් නැරඹු ආකාරයත් රූගත කරන්න ඕනේ. ඊට පස්සේ ඕනෙම දෙයක් කියාගන්න කියලා නිකන් ඉන්නවා...ඔවුන් මධ්‍යස්ත නම් මොනවා වේවිද ........? මධ්‍යස්ත නැත්නම් මොනවා වේවිද .........?

      මොනවා උනත් අපේ මොකද ..........? අපේ ළඟත් වීඩියෝ තියෙනවා ..........!


      ඔන්න ඔහොමයි තුරුම්පු එකතු කරන්නේ ..මන් මේ කිව්වා දේ කරන්න පුළුවන් රාජ්‍යතාන්ත්‍රික රාජකාරී ගැන නිපුණත්වයක් ඇති කෙනෙකුට විතරයි... මන් හිතන්නේ තවත් පැහැදිළි කරන්න දෙයක් නැහැ...


      ____________________________________________________




      හරි දැන් ආයේ මුලට එමු.. වත්මන් ආණ්ඩුවට ඉහත මම කිව්ව ආකාරයේ වැඩපිළිවෙලක් අවශ්‍ය නැහැ අගුණ.. ඔවුන්ට ඕනේ කෝපි කඩේ ටයිප් නාඩගමක් නැටීම පමණයි.. ඉතින් අපි දෙන්නා ඒ පැත්තට මේ පැත්තට කතා කිරීමෙන් වැඩක් නැහැ ... වචන අපරාදේ නේද අපි 2ගෙම ...?

      Delete
    5. සහන්,

      හරි අපි උඹ කියන විදියට උන් ආමි කාරයො එක්ක හැම තැනම යැව්වා කියමු. මොකද වෙන්නෙ? උන් ගිහින් කියන්නෙ "හමුදාව හින්දා මිනිස්සු කතා කරේ නෑ" කියලා. හමුදාව නැතුව යැව්වොත් වෙන්නෙ උන් උන්ට ඕනෙ එකෙක් හම්බ වෙලා රටේ නැති වැල් බයිලා කියන එක. අපිත් රෙකෝඩ් කරා කියල කරන්න පුලුවන් ලබ්භඛ් නෑ. අපි කොහෙද ඒව ටෙලිකාස්ට් කරන්නෙ? එහෙම අපිට ඇවන්‍යුස් තියෙනව නම් ඉතින්, චැනල් 4 එනකන් ඉන්නෙ නැතුවම අපිට කියන්න තියන ඇත්ත ඒ ඇවන්‍යුස් වලින් ලෝකෙට දෙන්න පුලුවන් නේද? යූටියුබ් වලින් කරන්න පුලුවන් මහ ලොකු දෙයක් නෑ නිවුස් චැනල් වලින් මිනිස්සු අන්දන ඒවට. දැන් ඕන තරම් පවර්ෆුල් මීඩියා තියනව, 1000 ගනන් බ්ලොග් තියනව (අපේ ගොබ්බ ආණ්ඩුවට සාපේක්ෂව) බටහිර උන් මැදපෙරදිග කරන අපරාද, පොඩි උන් මරන හැටි කතා කරන්න. ඒවයින් උන්ගෙ මිනිස්සුන්ට ලොකු ඉෆෙක්ට් එකක් තියනවද CNN, FOX වල බොරු expose වෙන්න? පොලිටික්ස් දන්න ටික දෙනා කොහොමත් දන්නව, අනික් උන් පඩේකට ගනන් ගන්නෙ නෑ.

      උඹට මතකද BBC එකේ ගියා ෆොටෝ එකක් හමුදාවෙ ෂෙල් වෙඩි වලට බයේ උතුරෙ අහිංසක මිනිස්සු දුවනව? පස්සෙ මාට්ටු උනා ඒ ෆොටෝ එක බොරු ඇක්ටිං එකක් කියල, ඒකෙම අන්ක්‍රොප්ඩ් වර්ෂන් එක එලියට ආවම ෆොටෝග්‍රෆර් ල හිනා වෙවී ෆොටෝ ගන්නව. දැන් සුද්දො උඹ කියන ජාතියෙ බබා ල නම් එලිපිට පිලිගන්න එපයි "මේක අන්දපු ෆොටෝ එකක්, අපේ මූලාශ්‍ර අපිව ඇන්දුව, අපි සමාව ඉල්ලනව" කියල, BBC මොකද කරේ හීන් සීරුවෙ ෆොටෝ එක විතරක් සයිට් එකෙන් අයින් කරල සද්දෙ වහල හිටිය. ඒක ඕන තරම් වෙබ් සයිට් වල ගියා මොකෝ සුද්දන්ගෙන් BBC එකට විරුද්දව backlash එකක් ආව ද? උන් බලන්නෙ "අපේ රටේ ප්‍රසිද්ද මීඩියා එකක් vs පොඩි රටක රැවුල් වවා ගත්තු කරප්ට් පොලිටිෂන් ලා ගොඩක්" කියල, ඉතින් උන් වැඩිය මහන්සි වෙන්නෙ ම නැතුව හරි පැත්ත ඩිසයිඩ් කරල ඉවරයි.

      උඹට මම පුද්ගලික ඊමේල් එකක් එවන්නම්, ඒකෙ තියෙන එක පොඩ්ඩක් බලපන්, මහ සබාවක් මැද්දෙ ෆේස් ටු ෆේස් සිද්ද වෙන. එතන ඉන්නෙත් නිකන් කෑම දිරවන්න TV බලන උන් නෙවෙයි කියලත් උඹට පෙනෙයි, එහෙම වෙලත් වැඩක් වෙනවද කියල බලපන්. සිද්දිය දැක්කම පෙනෙයි සුද්දො ඔය හිතන තරන් අවංක ජාතියක් ද කියල.

      Delete
    6. අගුණ ,

      මෙතන අපිට සුද්දන්ගේ අවංක භාවය මනින්න අවශ්‍යතාවයක් එන්නේ නැහැ. එය අනවශ්‍යයි..මන් කිව්වේ එකම දෙයයි.. චැනල් 4 වෙනුවෙන් තුරුම්ප්පු එකතු කරන්න අපිට තිබුණ අවස්ථාවක් නැති උනා..ඔවුන් අපිට එරෙහි වෙන්න ආවොත් අපිටත් තිබ්බා මානවහිමිකම් සැසියේදී අපේ වීඩියෝ ඉදිරිපත් කරන්න..

      හරි ඕවා කතා කිරීමෙන් පලක් නැහැ.. මොකද මේවගේ වටිනාකමක් ඇති අය නෙවේ ආණ්ඩු කරන්නේ... මා විසින් ලියා ඇති මාධ්‍ය භාවිතය ගැන පෝස්ට් කියවන්න ඉඩක් ඇති විටක...ශ්‍රී ලාංකික මාධ්‍ය භාවිතය , එහි විකාශය හා වත්මන් තත්වය . වෙනසක් අවශ්‍යද ? ඒ කුමක්ද ?Who should have a TV Channel ?


      Delete
  20. රට හදන්න නම් මම හිතන්නේ ඒකාධිපතිත්වයක් ඇති කරන එක හොඳයි (හැබැයි රට හදන්න පුළුවන් එකෙක්ට දීලා) හරකෙක් එතනට දැම්මොත් වෙන්නේ කබලෙන් ලිපට වැටෙන එකයි.

    ReplyDelete
    Replies
    1. ඔය හීනේ ලස්සනයි.. ඒත් භියකරු සිහිනයක් වීමේ අවස්ථාව සෑහෙන වැඩි..

      Delete
  21. මේ සිදුවීම නම් දැන ගත්තේ ඔබේ ලිපියෙන් සහන්.....
    හරිම අප්‍රසන්න සිදුවීමක්.....ඔබ කියා ඇති සියල්ල සත්‍යයක්.ඒත් රටේ ඇත්තෝ නිදි වගේ හැසිරෙන එකනේ වෙලා තියෙන්නේ.මේ දේශප්‍රේමියෝ එක්කනේ මොකුත් කරන්න බැරි.... දැන් දේශප්‍රේමී වෙන්නත් ආණ්ඩුවේ බලපත්‍ර එපැයි (ඒ අර්ථෙන් ගත්තාම මම නම් දේශද්‍රෝහී "දේශප්‍රේමියෙක්")
    ඒ අයට එන්න අවසර දුන්නානම් අනිවාර්යෙන් රටේ පවතින රජය ඒ ගැන සැලකිල්ලෙන් සොයා බැලිය යුතුයි හා වැරදි වැටහීමක් ඇති වී තිබුණානම් එය නිවැරදි කිරීමට "සම්‍යයක් ප්‍රයෝගයෙන්" කටයුතු කළ යුතුමයි..... (මේ ආණ්ඩුව හැසිරෙන්නේ හන්දියේ බජාර් එකේ තාලෙටනේ....හැබැයි ඒ ගැන පුදුම වෙන්න දේකුත් නෑ...2005 විතර "දිවයින" පත්තරේ "එතුමාගේ" කෙරුවාව දාලා තිබුණේ මුල් කාලේ මුල්කිරිගල ඡන්ද කරපු හැටි ගැන.. ඒවටනේ ඡන්ද ටික වැ‍ටුනේ ඒ ඇත්තට....අනේ අපොයි )

    මේ ආණ්ඩුවටත් "ප්‍රජාතන්ත්‍රවාදය" තේරෙන්නේ නැති නම්, වෙන විකල්ප පිළිතුරක්වත් ලබා දිය යුතුමයි වැඩි කල් නොයවාම.....

    "ලක්ෂ්මන් කදිරගාමර් මහතා" වැනි දැවැන්ත බුද්ධිමතෙක්ගේ ඉරණම තීරණය කළේ ප්‍රභාකරන්මද සහන්.....?????? (මේ මෑත කාලයේ සිදුවීම් එක්කලා බලද්දි මට පෞද්ගලිකව ඇති වුනු සිතිවිල්ලක් මේ....මේ සිතිවිල්ලම "ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතා,ගාමිණී දිසානායක මහතා,ලලිත් ඇතුලත්මුදලි මහතා,පූජ්‍ය ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේ....... ආදී "රටට වැඩක් ඇති" ඇත්තෝ අකලට පරලොව යෑම ගැනත් ඇත..???????)

    මෙන්න මේ ලිපියේ අපේ මහතැන ගැන තියෙන දේ ඇත්තක් වෙන්න පුලුවන්ද සහන්.....????
    http://www.lankateam.com/2013/11/blog-post_4.html

    CM

    ReplyDelete
    Replies
    1. \\\\\\\\\\\\\\ඒ අයට එන්න අවසර දුන්නානම් අනිවාර්යෙන් රටේ පවතින රජය ඒ ගැන සැලකිල්ලෙන් සොයා බැලිය යුතුයි හා වැරදි වැටහීමක් ඇති වී තිබුණානම් එය නිවැරදි කිරීමට "සම්‍යයක් ප්‍රයෝගයෙන්" කටයුතු කළ යුතුමයි....\\\\

      හරියටම හරි .....

      \\\\\\\\\\\\"ලක්ෂ්මන් කදිරගාමර් මහතා" වැනි දැවැන්ත බුද්ධිමතෙක්ගේ ඉරණම තීරණය කළේ ප්‍රභාකරන්මද සහන්.....?????? \\\\\\\\

      ඔව්. ඒත් ඔහුගේ අභාවය ගැන කඳුළු සැලූ බොහෝ දෙනෙක් සැලුවේ කිඹුල් කඳුළු.. පැහැදිලියිනෙ ...?

      මන් හිතන්නේ CM අපේ අවාසනාවන්ත කම නිසයි ඔවුන් සුර පුර යන්නේ... මට මතක් වෙන්නේ නෙයිනගේ සූදුව.......

      ඔබ ඒවා ඇති ලින්කුව ඉතාම වැදගත්..මම එය කියවමින් සිටින්නේ ... සැබෑ නිරුවත එළි කරලා තියෙනවා .... මන් වෙලාවක ඒ ලිපියටත් ප්‍රචාරයක් ලබා දෙන්නම් මගේ අඩවිය මගින්....


      ඔබේ අදහස් දැක්වීම ගැන බෙහෙවින් ස්තූතියි .... දිගටම පැමිණෙන්න .....

      Delete
  22. මුන්ට අපි තෙරෙන තරම නොතෙරෙනවද සහන්.
    මුන් ටිකට හොදට සලකලා.රට පුරාම පෙන්නල.මිනිස්සු ටිකක එක්ක කතා කරන්න දිලා යැවුව නම් ඉවරයි.
    අනික උන්ට දෙන වටිනාකම වැඩියි.ඔකුන් ගනන් ගන්නෙ නැතුව උන්ට ඔන විදියට ඉන්න දුන්නනම් ඉවරනෙ

    ReplyDelete
    Replies
    1. \\\\\\\\\මුන් ටිකට හොදට සලකලා.රට පුරාම පෙන්නල.මිනිස්සු ටිකක එක්ක කතා කරන්න දිලා යැවුව නම් ඉවරයි.\\\\\\\\

      මාත් කියන්නේ ඒක.. රටෙන් පිට වෙන්න කලින් ඔවුන් සමග මාධ්‍ය සාකච්ඡාවක් තියෙනවා මෙන්න මේ කරුණු පේන විදිහට..

      01. අපි උතුරට ගියා
      02.LTTE විසින් සිදු කරපු වින්සාහය දැක්කා
      03.රජය විසින් මුදාගත් ප්‍රදේශ දැක්කා.
      04.රජය විසින් සිදු කල සංවර්ධනය දැක්කා
      05. නැවත පදිංචි කළ ජනතාව දැක්කා .

      ඔය ටික උනාට පස්සේ උන් මොනවා කිව්වත් මොකද ...? මේක මීට වඩා පැහැදිළි කරන්න බැහැ දමිත් ...

      Delete
  23. රහතන් වහන්සේ නමක් ඒහි භික්ෂු භාවයට පත් කරන්නේ ඇයි ?

    රහත් උනත්, තවත් ජීවත් වෙන්න චාන්ස් එක දෙන්න නොවැ නේද බං.
    සිරාවට උබේ අදහස අපිට හිතන්න ඉඩ දෙනවා. අපිනම් ඔය අනුරාධපුරේ විරෝධය පැත්ත පලාතක ගියේ නෑ බලන්නවත්. එත් ඒක ආණුඩුවේ ප්ලෑන් එකක් කියලා නම් හොඳටම දන්නවා.

    ReplyDelete
    Replies
    1. \\\\\\\\\රහත් උනත්, තවත් ජීවත් වෙන්න චාන්ස් එක දෙන්න නොවැ නේද බං.\\\\\\\\\\

      සාමාන්‍ය මිනිසෙක් වසර 5 ක් ජීවත්ව සිටීම සහ රහතන්වහන්සේ නමක් වසර 5 ක් ජීවත්ව සිටීම අතර වෙනසක් තියෙනවා කාවෝ..

      \\\\\\\එත් ඒක ආණුඩුවේ ප්ලෑන් එකක් කියලා නම් හොඳටම දන්නවා.\\\\\

      කරොත් කරන්නේ ඔහොම ලෙමන් පෆ් වැඩක් ...

      Delete
  24. අහන්න හිතුන බොහෝදෙ කලින් කමෙන්ට් වල සඳහන් නිසා වැඩිය ගැටළු නැහැ.
    චැනල් 4 එක අප රට ගැන ඉන්නේ මේ පාරවල් වලින් එකක හෝ කිහිපයක නේ.
    1 - දෙමල ඩයස්පෝරා එකෙන් මුදල් ගෙන ලංකාවට එරෙහි වීම
    2 - ඔවුන්ගේ වෙනත් අරමුණක් නිසා ලංකාවට එරෙහි වීම
    3 - දෙමල ජනයා සිංහලයන් මගින් පීඩාවට පත් වන බව විස්වාස කිරීම නිසා ලංකාවට එරෙහි වීම
    මෙතනින් ඔවුන්ගේ අරමුණ 3 න් වන එක පමණක් නම් විතරයි නේ ඔබ හිතපු පිළිවෙල හරි යන්නේ එසේ නොවේ නම්. ඔවුන්ට යන්න දුන්නත් නොදුන්නත් කිසිම වෙනසක් නැහැ නේද? ඔවුන්ගේ අරමුණු අතර 1 සහ 2 ඇත්නම් කුමක් සිදුවුවත් ලංකාවට එරෙහි වීම ඔවුන් කරනවා.

    සිදු විය යුත්තේ දෙමල ඩයස්පෝරා වෙන් රටට එරෙහිව ගෙනයන ප්‍රචාරයට විරුද්දව ඇත්ත පෙන්වා දෙන ක්‍රමවත් ප්‍රචාරණ මෙහෙයුමක් ජාත්‍යන්තරයේ ක්‍රියාත්මක කිරීමයි. නමුත් සිදුවන්නේ ලංකාවේ මාධ්‍ය මගින් රට තුල කෙරෙන ප්‍රචාරණය පමණි.

    ReplyDelete
    Replies
    1. \\\\\\\\\\\\ඔවුන්ට යන්න දුන්නත් නොදුන්නත් කිසිම වෙනසක් නැහැ නේද? \\\\\\\\\

      නැහැ වෙනසක් තියෙනවා රංග ...ඒ වෙනස කුමක්ද කියන දේ තමයි පෝස්ට් එක පුරාවට තියෙන්නේ ...


      \\\\\\\\
      සිදු විය යුත්තේ දෙමල ඩයස්පෝරා වෙන් රටට එරෙහිව ගෙනයන ප්‍රචාරයට විරුද්දව ඇත්ත පෙන්වා දෙන ක්‍රමවත් ප්‍රචාරණ මෙහෙයුමක් ජාත්‍යන්තරයේ ක්‍රියාත්මක කිරීමයි.\\\\\\\\\\

      චැනල් 4 හරහාම මේ දේ කරන්න තිබ්බා.. කරන විදිහ ගැන මන් කමෙන්ට් මගින් කියලා තියෙනවා...ඌරගේ මාළු උගේ පිටේම තියලා කපන්න තිබ්බා ලක්ෂ්මන් කදිරගාමර් වැනි දක්ෂ මහතුන් සිටියා නම්... අදටත් එවැනි අය ඉන්නවා.. ඒත් රාජපක්ෂ නඩය නිසා කිසිම දෙයක් කරන්න බැහැ...

      Delete
    2. ඔබ දාපු කමෙන්ට් වලින් විශේෂයෙන් "අගුණ"ට දුන් පිළිතුරෙන් සියල්ල පැහැදිලියි ඔවුන් මොන අරමුණකින් පැමිණියත් උපක්‍රමශීලීව කටයුතු කරානම් ඌරගේ මාළු උගේ පිටේම තියලා කපන්න තිබ්බා කියලා. ඇත්තටම අපිට හොඳ අවස්ථාවක් නැති වුනා.

      කොටි කල අමානුෂික ක්‍රියා ජාත්‍යන්තරයට පෙන්වන කියාදමයක් දැනට ක්‍රියාත්මකද?

      ඇයි දෙමල ඩයස්පෝරා එක ඊලම ලංකාවෙන් ඉල්ලන්නේ. ඔවුන්ගේ නිජබිම ලංකාව නොව තමිල්නාඩුව නේද?

      Delete
    3. \\\\\\\\
      කොටි කල අමානුෂික ක්‍රියා ජාත්‍යන්තරයට පෙන්වන කියාදමයක් දැනට ක්‍රියාත්මකද?\\\\\\\\\

      ඉතාම කෙටියෙන් කිව්වොත් කියන්න තියෙන්නේ නැහැ කියලා රංග... නිකන් විකාර කර කර ඉන්නවා විතරයි.. කෝ අර සැට් එක යවපු සල්ලි වලින් අඩුම තරමේ චන්ද්‍රිකා රූපවාහිනී සේවයක් වත් පටන් ගත්තද මේ ආණ්ඩුවෙන්..

      \\\\\ඇයි දෙමල ඩයස්පෝරා එක ඊලම ලංකාවෙන් ඉල්ලන්නේ. ඔවුන්ගේ නිජබිම ලංකාව නොව තමිල්නාඩුව නේද? \\\\\\

      මේවා මේ හිඟන්නාගේ තුවාල වගේ දේවල්.. බොහොම පොඩි දේවල් වලින් ඉවර කරන්න පුළුවන් ප්‍රශ්න .. නමුත් මහා විශාල ප්‍රශ්න වෙනකම් බලන් ඉන්නවා..මොකද දේශපාලන වාසි ගන්න පුළුවන්.. දැන් බලන්න යුද්දේ නැවතීම නිසා කී දෙනෙක්ට කොමිස් නැති උනාද ....? කී දෙනෙක්ගේ බඩට වැදුණද ....?
      අනේ මේවා කතා කරලා වැඩක් නැහැ රංග.. ඔයාගේ මගේ කාලය අපරාදේ..

      Delete
    4. රංග දැක්කද අද ( November 15, 2013 ) නිව්ස් ජාතිකේ ...? මන් පෙරේදා කියපු දේම නේද උනේ ...?

      Delete
    5. ජාතික එකේ නිව්ස් බලන්න බැරි වුන. නමුත් ඔබ කියපු දේ වෙනබව දැන සිටියා. දැන් ඊයේ උන් උතුරට ගොස් කරන්න බැරි වූ දේ කොළඹ ඉඳන් ලස්සනට කරලා තිබුනා නේද. මේක කරන්න උදවු කරන පිරිසකුත් ඉන්නවා නේ.

      Delete
    6. සිරිකොතේ කරපු දේ ඔබ කියපු පරිදි රජය හරහා මෙහෙයවන්න තිබුනා නම් ලොකු දෙයක් කරන්නත් තිබුනා. අන්තිමට ඔවුන්ට ගියේ ඔවුන් ගන්නට බලාපොරොත්තුවන කොටි හිතවතුන්ගේ අදහස් විතරයි.

      Delete
  25. ආදරයෙන් සහන්ට......ඔයා කැමති ඕන මෝල්ඩ් එකකට දාලා මගේ අච්චුව හදාගන්න.........මේ ආණ්ඩුවට කඩේ යන එවුන්ට වගේම....මේ ආණ්ඩුවට කිසිම විදේශ ප්‍රතිපත්තියක් තියා.... චෝගම් protocol procedure එකක් තියෙනවාද නැද්ද කියලා හොයා ගන්නවත් බැහැ..... ඒක චෝගම් පටන් ගත්ත දවසේ ඉඳලාම මුළු ලෝකයටම පෙන්නනවා...අපි සෙල්ලම් කරන්නේ පොදු රාජ්‍ය මංඩලයේ නැමති නාමික ආයතනයේ මුල වූ රැජිනගේ හාල්පාරු ඒජන්තයින් එක්ක. අගක් මුලක් නැති රටක් බවට අපි දැන් පත්වෙමින් යන්නේ. අන්ත අගතිගාමී රාජ්‍යයන් පවා මීට වඩා වැදගත් විදිහට හැසිරෙනවා. සහන්....රැවුලයි කැඳයි දෙකක් බැහැ.ඒක කරන්න පුළුවන් අපේ පොන්න ජනමාද්‍ය එක්ක. ඒව දියුණු රටවල් ප්‍රතික්ශේප කරනවා.

    යුද්ධ ජයග්‍රහන අවතක්සේරු කරන්න කිසිම ශ්‍රීලාංකිකයෙක් සූදානම් නැහැ. නමුත් අප කල්පනා කල යුත්තේ මැදමූලන මානසිකත්වයෙන්වත්...ඊටත් එහා ගිය ඉඩි අමීන් මානසිකත්වයෙන් නොවේ. ඉඩි අමීන් සුද්දන්ව ,ඔළුව පාත් කර ඇතුලට එන විදිහට ටෙන්ට් ගහපු හැටි ඔබ අසා ඇති. ඔබ මටත් වඩා දන්නා මිනිසෙකු හැටියට ලෝකය කොතරම් විචක්ෂනශීලීදැයි අන් අයටත් පහදා දෙන්න....මෙ පෝස්ටුව ඔබ ලියූ වඩාත් වැදගත් පෝස්ටුවක් සේ මම සලකමි. පෞද්ගලික අදහසක් පමණි.

    ReplyDelete
    Replies
    1. සේරටම කලින් අරූගේ කමෙන්ට් එකේ කොටසකට කෙටි උත්තරයක් දෙන්නම්..

      01. පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සැසි යනු හරියටම ලයන්ස් ක්ලබ් ආතල් වගේ දෙයක්. නිකන් රඟනවා විතරයි වෙන දෙයක් නැහැ. ( අද්දැකීමෙන් දන්නවා ඇතිනේ රහ )

      02. ඉහත 01 උනත් කරාට කමක් නැහැ ඒ ක්‍රමේට.. ලක්ෂේට කොඩිය දාලා නටන්න දෙයක් නැහැ.මොකද සුද්දෝ හයි වේ දැකලා නැතුවද ? සුද්දෝ මෙහෙ එන්නේ අපේ කාපට් බලන්න නෙවේනේ... ( හිරු දාපු මෙන්න මේ පෝස්ට් එක 100% ගැලපෙනවා... ) උත්සව වියදම් වෙනුවෙන් වැය කරන සියලු මුදල් අපරාදේ.

      03. ඔය කියන විදිහේ ආර්ථික ආයෝජන අරවා මේවා බිබික්කම් ලැබෙන්නේ නැහැ.. ඒවා නිකන් ප්‍රලාප.. " අනේ හරි ශෝක් .අපේ ඊළඟ බ්‍රාන්ච් එක ලංකාවේ ඕපන් කරමු " කියලා නෙවේනේ ඩිරෙක්ටර බෝර්ඩ් තීරණ ගන්නේ ඉහළ පෙලේ සමාගම් වල. . . ( හරියට නිකන් ඉරිදා පත්තරේ මනාලයන්ගේ මංගල දැන්වීම් තීරුවේ තියෙන ඇඩ්‍රස් හොයන ගිහින් පිනට දවල් කෑම කාලා එනවා වගේ දෙයක් මේක .. මනාලිගේ තාත්තා මහන්සි වෙන මහන්සිය හිතා ගන්න පුළුවන්නේ ... ? )


      04. චැනල් 4 කේස් එක වෙනම සීන් එකක් මේ මගුල් හුටපට අස්සේ.. ඒකත් ලස්සනට ශේප් කරගන්න හෝ එයට සමාන දෙයක් කරගන්න තිබුණ චාන්ස් එක නැති කරගත්තා .. ( ප්‍රා ජේ දාපු කමෙන්ට් එකේ ඉතාම සරළව ඔහු පැහැදිළි කරලා තියෙනවා )

      කොහොම හරි අපි අතින් කාලා හරක් බැලුවා මෙදා පාරත්.. මේ දීගේ කෙරෙන්නේ නැහැ අරූ.. එච්චරයි කියන්න තියෙන්නේ කෙටියෙන්ම.. :D

      සෙස්ස පස්සට ....

      Delete
  26. යයුද්දේ නිසා සිංහල දෙමල මිනිස්සු කවුරු කවුරුත් බැට කෑවා.සිංහල මිනිස්සුන්ට වගේම දෙමල මිනිස්සුන්ටත් අපරාධ වුනා.ඒ වුනාට මෙතන ප්‍රශ්නේ දෙමල මිනිස්සුන්ට වුන දේවල් කියන්න ලෝකේ පුරා එයාලගේ කට්ටිය ඉන්නවා.එයාලට ශක්තිමත් ජාලයක් තියෙනවා.නමුත් සිංහල අයට වුන දේවල් ලෝකෙට කියන්න මොකෙක්වත් නෑ.එහෙම කියන්න කියල පිටරටවලට යවපු උන් කරන්න ඕනි දේ නොකර ආතල් ගන්නවා.ලංකාවේ නායකයෝ කියන මිනිස්සු මෙහෙට වෙලා ආතල් ගන්නවා.ඉතින් ලංකාව දෙමල මිනිස්සුන්ට සලකන්නේ නෑ කියල ලෝකෙට හිතෙන එක හරිම සාධාරණයි.

    ReplyDelete
    Replies
    1. හරියට හරි ප්‍රමුදි... අපි දන්නේ පාලු ගෙවල් වල වලන් බිඳින්න විතරයි... සාමාන්යෙන් ලක්ෂ 600 ක් විතර වියදම් කරද්දී පුළුවන් මුළු ලෝකෙම ආවරණය වන පරිදි මාධ්‍ය මෙහෙයුමක් කරන්න...මන් මේවට සම්බන්ධවම ඉන්න කෙනෙක් නිසා මිළ ගණන් හා කරන්න ඕනේ ක්‍රමයන් ගැන හොඳට දන්නවා..මේවා මැජික් නෙවේ.. ඉතාම සරළව කරන්න පුළුවන් දේවල් ...

      ඒත් අපේ අයට උවමනාවක් නැහැ.. ඔයා කෙටියෙන් කියලා තියෙන්නේ ඉතාම වැදගත් දේවල් ටිකක්..ඒ කමෙන්ට් එක අගය කරනවා ඉහළින්ම ..

      Delete
  27. වෙලාවකට මරාගන මැරෙන්ඩ හිතෙනවා

    ReplyDelete
    Replies
    1. අවශ්‍ය උනෝත් කියන්නම්..............

      Delete
    2. මාවත් අතමන් වෙලා අටම් ඉන්නේ...

      Delete
  28. http://www.youtube.com/watch?v=lu0YHY2W8S4

    ReplyDelete
  29. චැනල් 4 ලා උතුරට ගියත් අපේ රටේ ඇත්ත තත්ත්වය කතා කරයි කියලා හිතන්න අමාරුයි..උතුරේ ඉන්න දුප්පහ් දෙමළ මිනිස්සුන්ගේ ජීවිත ගැන අට්තිශ්යෝක්තියක් මවා පන්නහ් ඉඩ තිබුණා කියලා හිතෙනවා උතරට ගියානම්.එහෙම බැලුවම ගියා කියලත් සෙතක් නෑ.උන් හදන්නේ මේ රට ඇතුලෙන් උන්ට තව සාක්ෂි ටිකක් හොයන් යන්න.අනුරාධපුර සිදුවීම ඔබ කියන පරිදි මෝඩ ක්‍රියාවක් කියලා කියන්න පුළුවන්.ඒකෙන් වෙන්නෙ පෙරලුන පිටට තව කතාවක් හදන එක.ඒවාගෙ ප්‍රතිඵල ලඟදිම දැක්ගන්න පුළුවන් වෙයි.සුදුසු තැන්වල සුදුස්සෝ නැති උනහම ඔහොම තමයි.චැනල් 4 කතා කරන්නේ දෙමළ මිනිස්සුන්ගේ මානව හිමිකම් ගැන විතරයි..

    ReplyDelete
    Replies
    1. රෙහානි චැනල් 4 අයට බැනලා වැඩක් නැහැ..ඒ අයව බිලි බාගන්න අපි දැනගන්න ඕනේ.. ඕනෙම කෙනෙක්ව වසඟ කරන්න පුළුවන් ක්‍රම තියෙනවා.. වසඟ වෙන්නේ නැති අයව නවත්තන්නත් ක්‍රම තියෙනවා... පහු ගිය කාලේ දකින්න ඇතිනේ ඔයා...

      \\\\\\\ඒවාගෙ ප්‍රතිඵල ලඟදිම දැක්ගන්න පුළුවන් වෙයි.\\\\\\\\\

      අනිවාර්යෙන්ම රෙහානි... ඔන්න මන් අද දැක්කා UNP එකේ අයව පතුරු ගහනවා...

      \\\\\\\සුදුසු තැන්වල සුදුස්සෝ නැති උනහම ඔහොම තමයි.\\\\\

      කාට කියන්නද මේවා රෙහානි...

      Delete
  30. C 4 1 රේටිංස් ගන්නෙ ඔයවගේ කුණු ඇදලා තමයි මොකද උන්ට අවශ්‍ය උන්ගෙ චැනල් 1 මාකට් කරන්න . මොකද ඒකත් ව්‍යාපාරයක්. එනිසා අරමුණ පැහැදිලියි. කවදාවත් ඔවුන් තුලින් ලංකාව යනු හොද රටක් , මානව හිමිකම් සුරකින රටක් , අනේ කලින් අප විකාශය කරපුව වැරදිලා තියෙන්නෙ කියල නම් කියවෙන්නෙ නෑ නෑ නෑමයි. මෙහිදි වෙලා තියෙන්නෙ පනින රිළවුන්ට ඉනිමං බැද දුන්නා වගේ වැඩක් . දැන් වුන්ට උඩ පැන පැන කියන්න දෙයක් තියනව හොට් හොට් පිටම චොගම් එක අස්සෙම .

    සහන් කිව්වා වගේC4 සෙට් එකට අපිට අවැසි දේවල් ටික විතරක් පෙන්නලා එක්කන් යන්න බැරි හරියකදි මොකක් හරි ටොම් පචයක් ඇදලා අරින්නනෙ තිබුනේ . ප්ලෑන් කරන්න ඕනි කාර් සවාරි ටිකට වඩා මේවගේ බාහිරට ලෝකයට පෙනෙන දේවල්. බැරි වෙලාවක් වත් අනුරාධපුර සීන් එක උන්ගෙ පෝන් එකක වත් වොයිස් රෙකෝඩින් එකක් තිබුනොත් ඒකත් ඇති මොකක් හරි ගින්නක් අවුලන්න. මෙන්න මුන්ගෙ තියන නිදහස කියන්න.

    දුක හිතෙන්නෙ මෙහෙම දෙයක් උනාටත් පස්සෙ ඒදේවල් නොවිච්ච ගානට ඉන්න කොට තමයි. උතුරට යන්න නොදීපු හේතුවක් වත් හරියට පිලිගත හැකිලෙස කියන්නෙ නැතිව තව කවර කතා ද සහන් ???

    මනෝජ්

    ReplyDelete
    Replies
    1. \\\\\මෙහිදි වෙලා තියෙන්නෙ පනින රිළවුන්ට ඉනිමං බැද දුන්නා වගේ වැඩක් . දැන් වුන්ට උඩ පැන පැන කියන්න දෙයක් තියනව හොට් හොට් පිටම චොගම් එක අස්සෙම .\\\\\\\\\\

      සහතික ඇත්ත..මේකට එකම හේතුව අධූරදර්ෂී දේශපාලන දැක්ම.. එදා වේල ටුවර්ස් ක්‍රමේට රට කරන්නේ..

      \\\\\\\\\\ක්කන් යන්න බැරි හරියකදි මොකක් හරි ටොම් පචයක් ඇදලා අරින්නනෙ තිබුනේ . \\\\\\\\\\\

      නැහැ මනෝජ් කිසිම තැනක් නැහැ නොපෙන්නා ඉන්න තරම්..මේ වෙනකොට උතුරේ සියලුම ස්ථාන නිසි පරිදි සකසා අවසන්.. කිසිම ගැටළුවක් වෙන දෙයක් නැහැ...අවතැන් කඳවුරු වලට ඉතින් ටයිල් අල්ලන්න බැහැනේ... එවැනි දේවල් ගැන වෙහෙසෙන්න දෙයක් නැහැ...

      \\\\\\බැරි වෙලාවක් වත් අනුරාධපුර සීන් එක උන්ගෙ පෝන් එකක වත් වොයිස් රෙකෝඩින් එකක් තිබුනොත් ඒකත් ඇති මොකක් හරි ගින්නක් අවුලන්න.\\\\\\\\\\


      ඇයි නැත්තේ අනිවාර්යයෙන්ම තියෙනවා..ඔන්න බලන්න ඒ වීඩියෝ ටික මට ලැබුණහම මම මුළින්ම පල කරන්නම් මේ බ්ලොගයේ.. ඉන්නකෝ ටිකක් ඉවසලා...

      Delete
  31. චැනල් 4 සිද්ධියෙන් ආණ්ඩුව මෙවර අනා ගත්තාය කියා මටද සිතේ. එනම් අනුන්ට කැපූ වලේ තමන් වැටුනා වැනිය. ඔබගේ විචාරය බොහෝ දුරට සත්‍යාසන්න විය හැකියි.

    ReplyDelete
    Replies
    1. දැක්කා නේද සිරිකොතට කපපු කැපිල්ල.. මුන්ට තේරෙන්නේ නැහැ උඩ බලන් කෙළ ගහගත්ත බව....................

      Delete
  32. චැනල් 4 කේස් එක හරියට කලමණාකරනය නොකල බව මගේත් ගැඟීමයි...එය මීට වඩා බුද්ධිමත් ලෙස කරන්න ඉඩ තිබ්බ...

    කොහොමත් ඔවුන්ගේ නිරුවත් හෙලි කල යුතුයි.....මා විශවාස කරන අන්දමට ඔවුන් කිසියම් ඇජෙන්ඩාවක් වෙනුවෙන් මාධ්‍ය හසුරවන පිරිසක්..ඔවුන්ගේ පක්ශපාතී මාධ්‍ය භාවිතයට, ප්‍රජාන්ත්‍රවාදී ලෙස විරෝදයන් දක්වනු වෙනුවට ,ප්‍රජාත්‍රන්ත්‍ර විරෝදී හැසීරීම් තුලින් ඉවුනට තව තවත් තුරුම්පු ලබා දුන්නා,,ඒත් ස්දිවිය යුතුව තිබුනේ දක්ශ අයෙවලුන් ලවා ඉවුන්ව ප්‍රශණ කරවීම හා ඔවුනට විරුද්ධ මෙරට සාමාන්‍ය ජාන්තාවගේ විරෝදය ඔවුන්ට ප්‍රජාත්‍රනවාදී ක්‍රම වලින් ඔවුනට අත් දැකීමට ලබා දීම...

    මේ මා අවුරුදු කීපයකට පෙර චැනල් 4 ඔවුන්ගේ පලවෙනි වීඩියෝව එලියට දාපු වෙලාවේ ලියු ලිපියක්...

    කාණුවේ ගසා ගෙන යන චැනල් 4 මාධ්‍ය අපක්ෂපාතීත්වය

    ReplyDelete
    Replies
    1. \\\\\\\\\කොහොමත් ඔවුන්ගේ නිරුවත් හෙලි කල යුතුයි..\\\\\\\

      වෙන්න ඕනේ දේ පැත්තක තියෙද්දී අපේ අය කරන්නේ වෙන දෙයක්නේ මයියෝ..චැනල් 4 එකේ නිරුවත එළිවෙන්න ඔන්න මෙන්න තියෙද්දී අපේ සරම කැඩෙනවා.. ඉතින් කොහේ කරන්නද ....

      \\\\\\\\ප්‍රජාන්ත්‍රවාදී ලෙස විරෝදයන් දක්වනු වෙනුවට ,ප්‍රජාත්‍රන්ත්‍ර විරෝදී හැසීරීම් තුලින් ඉවුනට තව තවත් තුරුම්පු ලබා දුන්නා\\\\\

      ++++++++++++++

      ස්තූතියි ලින්ක් එකට මයියෝ ..මන් එන්නම් ඒක බලන්න ........

      Delete
  33. සී 4 පලමු වීඩියෝව ඔබ නරබන්නට ඇතැයි සිතමි. මේ සංවාදය අතරතුර එය අපට අවාසි බව කෙසේ වෙතත් එහි ඉදිරිපත් කල දර්ශන වලට වඩා භයානක දර්ශන මා මිතුරන්ගේ ජංගම දුරකතන වල දැක ඇත්තෙමි. ඒවා සී4 අතට පත් නොවීම පළිබද සී4 හෙලාදකින වුන් සතුටු වන්න. ඒවා රග දැක්වීම් නොවන බවට සාක්ෂි සෙවිය යුතැද ගැටලුව අවබෝධ කොට ගෙන විචක්ෂනශීලීව අඩුම තරමේ බොරැ කියා වත් මින් රටක් ලෙස ලිස්සා යාමට වත් මේ ගොන් රැලට උවමනාවක් නැත.

    ReplyDelete
    Replies
    1. ලිස්සා යෑමට වඩා අප දක්ෂ අහක යන නයි අල්ලා රෙද්ද අස්සේ දමා ගැනීමටය ...මෙවරද සිදු වූයේ එයයි.. තව නොබෝ දිනකින් " කනවෝ කනවෝ " කියා ඇසෙනු ඇත..

      Delete
  34. සහන් මේක බැලුවාද?
    http://www.divaina.com/2013/11/16/news27.html
    ඔවුන්ට හොඳ පිළිතුරක් ලැබිලා තියෙනවා නේද?

    ReplyDelete
    Replies
    1. චැනල් 4 පිරිස බලාපොරොත්තු වූ හොඳම පිළිතුර ලැබී ඉවරයි රංග.. දැන් ඔය අනුරාධා නෝනා කෑ ගැහුවට වැඩක් නැහැ.. එයයි මායි දන්න යුද්ධේ ...

      Delete
  35. ඔබේ කථාව එක්ක මමත් එකගයි සහන්...මගේ මාධ්‍යවේදී මලයා විදේශික මාධ්‍යවේදීන් කීප දෙනෙක් සමග පලාලි වලින් ගුවන් ගත වෙලා ඉරණමඩු වලින් බැහැලා ඒ පළාතෙ ඇවිදලා තිබුනා. කේපී පවා හමුවෙලා තිබුනා. ඔහු දැන් ළමා නිවාසයක් පවත්වාගෙන යමින් ඉන්නවලු...චැනල් 4 කණ්ඩායමට රට තුල යම් අධීක්ෂණකයට යටත්ව නිදහසේ කටයුතු කරන්න ඉඩ දුන්නා නම් ඌරගෙ මාලු ඌරගෙ ඇගේම තියලා කපනවා කියන කථාවට අලුත් අර්ථකථනයක් දෙන්න තිබුනා. උතුරේ මිනිස්සු ඒ අයට කිව්වා නම් අපි කලින් තමයි දුක් වින්දෙ....දැන් නම් ජීවිතය හොදයි කියලා...ඒක තමයි හොදම කනේ පහර ඒ අයට...

    ReplyDelete
    Replies
    1. නමුත් අපේ රජය කරේ උඩ බලන් කෙළ ගහ ගැනීම සිරා.. බොරුවට බ්‍රිතාන්‍ය අගමැතිව එක්කන් ගියා යාපනේට ... දකින්න ඇතිනේ දෙමළ කාන්තාවන් තම දරුවන් , සහෝදරයන් , සැමියන් ඉල්ලා හැඬු ආකාරය ... මේ වෙද්දී එම වීඩියෝ මුළු ලෝකෙම නරඹලා ඉවරයි...

      Delete
  36. ආර්ථික විද්දියා පාඩම අවසන් කරනවද නැද්ද? හොදින් අහන්නේ?

    ReplyDelete
    Replies
    1. ඒක ලියන්න ඕනේ .. ටිකක් කල් ගියා... මන් බලාපොරොත්තු වෙන කීප දෙනෙක් හිටියේ නැහැනේ පහු ගිය ටිකේ..දැන් හරි .. ඒ අය ඇවිත්..ළඟදීම 3 වෙන් කොටස දානවා..

      Delete
  37. ඊයේ රෑ තමයි මල්ලි බොග පැත්තේ ආවේ.පසුව කියවනවා.

    ReplyDelete
    Replies
    1. රයිට් හෙමීට කියවන්න...

      Delete
  38. මමනම් මේ ගැන දැන ගත්තෙත් සහන්ගෙන් තමයි. ෆේස් බුක් එකෙන් දැකපු හරිය ඇරෙන්න ඔය චෝගම් ගැන දන්නෙත් නෑ අප්පා. ඒ දේවල් ගැන හොයන එක එච්චරටම එපා වෙලා දැන්. කලකිරෙන දේවල්ම මිසක් හොඳ දෙයක් අහන්න දකින්න නැහැ නේ. මෙහෙම දෙයක් වෙලා නම් ඉතින් ලජ්ජා සහගතයි. රට පිරිහීමේ තවත් ලකුණක්.

    ReplyDelete
    Replies
    1. මේවා දැනගන්න දැනගන්න වෙන්නේ එකම දෙයයි සයුරි ; අපේ ලේ රත් වෙන එක විතරයි වෙන්නේ..සිද්දිය කෙටියෙන් මෙහෙමයි.. චැනල් 4 කට්ටිය කිලිනොච්චියට යන්න හදද්දී ආණ්ඩුවේන් ඒ මිනිස්සුන්ව නවත්තලා.. සිද්දිය වෙලා තියෙන්නේ අනුරාධපුරේදී...

      ඉතුරු ටික ගැන පැහැදිළි ඇතිනේ පෝස්ට් එකෙයි කමෙන්ට් වලයි තියෙන ටික බැලුවම... මට මේවා එපා වෙලා කාලයක් හිටියේ.. ඒත් හැම වෙලේම හිතෙනවා මෙහෙම නිකම් ඉඳලා බැහැ කියලා...

      Delete
  39. බලන්න හසන්ත මහත්තයෝ, අපේ යෝධ පැටවූ ටික මේ චැනල් 4 කාරයන්ට අනුරාධපුරයෙන් එහාට යන්න දුන්නේ නැති හැටි. මේවා දැක්කම මගේ අර මේවා එක කෙලින් වෙනවා හසන්ත මහත්තයෝ. පොඩ්ඩක් හිතන්න හසන්ත මහත්තයෝ මේ වගේ අභීත වැඩ කරන්න මේ යෝධ පැටවුන්ට ශක්තිය කොහෙන්ද කියලා. අපේ ගෙවල් වල මැල්ලුම් මුට්ටියක් වැරදුනේ නැහැ. මේ ශක්තිය ඒ මැල්ලුම් වල හසන්ත මහත්තයෝ. ඉතින් අපේ ජාතිය නගා සිටුවන්න නම් හැමෝම මැල්ලුම් කන්න ඕන, මොන මල්ලුම්ද කියනවානම් තණකොළ මැල්ලුම් හසන්න මහත්තයෝ තණකොළ මැල්ලුම්.

    ReplyDelete
    Replies
    1. මේ මොකද අපිට මැල්ලුම් කන්න කියන්නේ ...? අපි හරක් නෙවේ හරිය ...?අන්න ඒක හොඳට මතක තියාගන්න මහත්තයෝ ..

      Delete
  40. ශාන්,

    අපිට කියන්න වේන්නේ ...

    නුඹ රඟනවා..
    මම බලනවා..
    නුඹ කරලියේ..
    මම ගැලරියේ..
    අපි..,
    එකම රඟහලේ....

    අපි මොනවා කතා කලත් රටේ ජනතවට ඔන විදිහට, අපිට ඔන විදිහට කිසිම දෙයක් වෙන්නේ නෑ... අන්තිමට වෙන්නේ අපේ ලේ රත් වෙන විතරයි.
    රජයක් විදිහට ප්‍රශන විසඳිය යුතු අකාරයන් තියනවා.. ඒවා තෙරුම් නොගත් සම හරක් කරන වැඩ නිසා රටක් විදිහට අපි අගාදයට වැටෙන එක පේන්නේ නෑ...

    මම
    මයික්

    ReplyDelete
    Replies
    1. මයික් ,

      හැබැයි මයික් ඉක්මණටම රඟහලට කෙළ වෙනවා.. නළුවොයි , ප්‍රේක්ෂකයෝයි සියලු දෙනාම අතරමන් වෙනවා.. දැන් අපි යමින් ඉන්නේ ගඩාෆි යුගයකට මයික්... මොවුන් මේ යන ගමන නැවැත්විය යුතුයි...

      මයික්ගේ පළමු පැමිණීම නේද මේ ..සාදරයෙන් පිළිගන්නවා ... දිගටම එන්න මගේ බ්ලොගයට ...

      Delete
  41. Atthatama uwamanak tibuna nam anduwata tibuna me welawe channel 4 support eka Lanka wa patthata ganna wunath. Eth a de karanna nam daksha niladarin kandayamakata bara denna awashyai. Atthama kiyanawa nam channel 4 walata dos kiyana eka kisi ma terumak Naha. Mokada a minissunta lankawa gana hari adahasak Naha.
    Api libywa gana siriya wa gana eyala kiyana de pili gannawa wage me rata wal wala minussu hitanne lankawa ganath waradiyata.
    A de wal wenas karanna nam boruwwta lankawe indala board usssla wadak Naha.
    Uk MP lata illana one deyak dennam lankawata enna kiwwata wadak Naha.
    Long term plan ekaakata wada karanna one. A deta danatamath parakku wadiy. Eth kawadawath nokaranawata wada parakku wela hari karana eka hondai ne.

    Mama kochchara blog kiyewwath Meka tamai mama comment karapu palaweni wathawa onema blog ekaakata.

    Wish

    ReplyDelete
    Replies
    1. \\\\\\\ Eth a de karanna nam daksha niladarin kandayamakata bara denna awashyai.\\\\\\\\

      බැසිල් රාජපක්ෂ කියන හිස් පුද්ගලයා නිසා මුකුත් කරන්න බැහැ.. ශ්‍රී ලංකාවේ රාජ්‍ය පරිපාලනය ඔහු විසින් විනාශ කරලා ඉවරයි.. ප්‍රධානම ගැටලුව ඒකයි යාළුවා...

      \\\\\ Atthama kiyanawa nam channel 4 walata dos kiyana eka kisi ma terumak Naha. Mokada a minissunta lankawa gana hari adahasak Naha.Api libywa gana siriya wa gana eyala kiyana de pili gannawa wage me rata wal wala minussu hitanne lankawa ganath waradiyata. \\\\\\\\\

      සහතික ඇත්ත... මම එදා ඉඳලා මේ මිනිස්සුන්ට කියන්නේ ඒකයි.. ශ්‍රී ලංකාව ගැන සම්පූර්ණයෙන්ම නිවැරදි අවබෝධයක් එන වැඩසටහන් පෙළක් කරලා ලෝකය පුරා බෙදා හරින්නත් පුළුවන් ලක්ෂ 700 තියේ නම්.. වැඩසටහන් ජාත්‍යන්තර මාධ්‍ය වෙත ලබා දීමේ සිට විකාශනය දක්වා යන වියදම් ගැන මන් අකුරක් නෑර දන්න පුද්ගලයෙක්.. මේවට මහ ලොකු මුදල් අවශ්‍ය නැහැ.. අවශ්‍ය කරන්නේ දක්ෂ මිනිස්සු ටිකක් ලබා දීම විතරයි.. ( අධික පීඩනයක් යටතේ වැඩ කරන්න පුළුවන් අය.. )

      \\\\\\A de wal wenas karanna nam boruwwta lankawe indala board usssla wadak Naha.\\\\\\\\

      ලංකාවේ වෙන්නේ කෝපි කඩේ ටයිප් වැඩ.. ඕවා කරලා රට කරන හැටි මේ පේනවනේ..ස්තූතියි ඔබගේ අදහස් මා සමග කීම ගැන.. ඉඩක් ඇති විටක අනික් පෝස්ට් කියවන්න..මිතුරන් අතරේත් බෙදා හරින්න ලින්ක්... දිගටම එන්න ..අදහස් කියන්න...

      Delete
  42. Mehemai Sahan oyage idea ekka mama 100% ekangai. atthatama programs hadala dena eka sahena Honda wadak. Eth ape moda palakayo tika nadatthu karanna millions ganan wiyadam kalata oya wage deyakata wiyadam karanne Naha kawadawath. Eka nisa mama hitanne Sahan ape tiyena tanapathi sweaya harahama me dawal karana puluwan kiyala.
    Ekama de western countries ekka hitawath kamak athi kara ganna one. Ehema wenawanam api Mona warada kalath apita wirudda wenna kawuruth Naha.
    A method eka waradiy tamai. Eth danata mulu lokema yanne a widiyata ne. Apita witarak kawuruth epa kiyala taniyama jeewith wenna baha.
    Haturu ratawal mithru kara ganna eka sahena wadagath me welawe.

    Sahan ta hungak fields gana sahena Honda danumak tiyenawa kiyala mama oyage posts kitawaddi dakka.
    Mama oyage Hama ekak ma Mula indan kiyawanna patan aragena tiyenne comments ekkama.
    Danata 2013 June wenakan kiyawala iwarai.

    -wish-

    ReplyDelete
    Replies
    1. විශ් ,

      wish කිව්වම මන් මුලින් හිතුවේ සුබ පැතීමක් කරා කියලා.. පස්සේ තේරුණේ ඔයාගේ නම බව..\\\\\\ape tiyena tanapathi sweaya harahama me dawal karana puluwan kiyala. \\\\\\

      බැහැනේ.. තානාපතිවරුන් ලෙස දැන් කරන්නේ හෙන්චයියන්ව.. ඒ අය දන්නේ නැහැ රාජතාන්ත්‍රිකයෙකුගේ වගකීම.. තානාපති වරයා කියන්නේ " ජනපතිගේ " නියෝජනය.. අඩුම තරමේ රේගුවේදී වත් පරීක්ෂාවට ලක් කරන්න තහනම් තානාපතිවරුන්ගේ ගමන් මලු ( අධිකරණ නියෝගයක් නැතිනම් ) ..

      ස්තූතියි විශ් මගේ පරණ පෝස්ට් කියවීම ගැන... මම ඔහේ විකාර පෝස්ටුත් දාලා තියෙනවා හොඳද..ගණන් ගන්න එපා.. :)

      Delete
    2. NOTE : සියලු තානාපති වරුන් හට අදාළ නොවේ...හරි දැනුමක් තියෙන මිනිස්සු කීප දෙනෙක් තාමත් ඉන්නවා...

      Delete
  43. මේ ඉන්න විදියට වෙන රටකට වෙලාම ඉන්න හිතෙන්නේ මෙව්වා දැක්කම තමයි

    ReplyDelete
    Replies
    1. දැන් නීති වෙනස්..ඒ ගැනත් කියන්නම් වෙලාවක .......

      Delete
  44. ඔබත් සමග 100% ක්ම එකඟයි සහන්

    ReplyDelete
    Replies
    1. එහෙනම් එච්චරයි ජය ශ්‍රී... !

      Delete
  45. මම සිද්ද වෙච්ච දේවල් දැන ගත්තේ එහෙන් මෙහෙන් බලපු වීඩියෝ වලින්.. කවද හරි ගඩාෆි ට වෙච්ච දේ අපේ රජාටත් වෙයි කියල හිතෙනවා... හැබැයි අර බ්‍රිතාන්‍ය මහකොමසාරිස් තුමා සි.එන්.එන් එකට දීපු උත්තර ඇහුවම හිතෙනවා අපි කෙලින් වැඩ කරන එක එක අතකින් හොඳයි කියල... මොකද ඔය හැම රටේම එකා මොකක් හරි කුණු ගොඩක් ඇදල අරන් අපිට කෙලවන්න හදනවා මිසක් කවදාවත් හොදක් නම් කරයි කියල හිතන්න අමාරුයි.. හැබැයි ඉතින් කෙලින් වැඩ කරනවා කියල ගොන්පාට් දැම්මම වෙන්නේ විනාසයක් විතරයි..

    ReplyDelete
    Replies
    1. \\\\හැබැයි ඉතින් කෙලින් වැඩ කරනවා කියල ගොන්පාට් දැම්මම වෙන්නේ විනාසයක් විතරයි.. \\\\

      ඒ වෙලාවට හිතෙනවා අනේ මෙහෙම පාලකයෝ කියලා..

      Delete
  46. සහන් මේ වෙච්ච සිද්දිය නියමෙට ඇනලයිස් කරලා තියෙනවා. හැබැයි පොඩ්ඩකට කලින් අපි චැනල් 4 හැසිරවිය යුත්තේ කෙසේද කියලා එකක් සහන් අතින් ලියවුණා නම් පංකාදු පහයි. මෙහෙම කිව්වේ මේ ලිපිය අවතක්සේරු කරන්න නෙවෙයි. මේක බලලා හූල්ලනවා ඇරෙන්න කරන්න දෙයක් නැති නිසා. දැන් වෙලා ඉවර නිසා.

    ReplyDelete
    Replies
    1. සුදීක ,

      මම හිතුවෙත් මේ මිනිස්සු ගාණට ගේම ගොඩ දායි කියලා.. මන් පස්සේ දැනගත්තේ අවසාන මොහොතේ සැළසුම කණපිට ගහලා කියලා.. මන් කිව්වේ මුලදීම B.R. එක්ක කිසිම දෙයක් කරන්න බැහැ කියලා.. රජයේ ඉහළ තීන්දු තීරණ ගන්න බලය සහිත වෘතීමය නිලධාරීන්ව විනාශ කරා... දැන් යන්නේ ඒකාධිපතිත්වයක් .. කිසිම නිලධාරියෙක්ට හිස කෙළින් තියන් වැඩ කරන්න බැහැ ...

      මේ මිනිස්සු කීප දෙනා එකතු වෙලා සියල්ල කණපිට හරවනවා...මේ විදිහට වැඩ කරන්න බැහැ තවත් ..

      Delete
  47. Computer Repair London - Make contact with us for IT assistance in Croydon.

    ReplyDelete

ඔබ කමෙන්ටුවක් දමයි නම් කරුණාකර මෙහි කමෙන්ටු E mail subscribe කරන්න .. නැතිනම් පිළිතුරු මග හැරී යනු ඇත ...

කමෙන්ට් යනු ඔබගේ අදහස් ප්‍රකශ කිරීමට සලසා ඇති ඉඩයි. සිතුවිලි ලියා තැබුණු විට අන් අයටද ප්‍රයෝජනයක් විය හැක !

http44444444://1.bp.blogspot.com/-F0lMkO9hSe8/UjM37DArTZI/AAAAAAAAAwo/wtP9O0K_6UE/s1600/543431_208554675978924_1215099537_n.jpg15099537_n.jpg

සහයෝගය දක්වන වෙබ් එකමුතු ...

මාතලන්ගේ සින්ඩිය...api apita Blog Readerlankeeya sithuwililankeeya sithuwili lankeeya sithuwili