දැන්වීම් පුවරුව . ( පින්තූර මතට මවුස් පොයින්ටරය රැගෙන යන්න )

දැනට වසර දෙකක පමණ සිට සෑම සතියකටම වරක් ලිපියක් හෝ දෙකක් පළ කළෙමි. සිත් ගත් ලිපියක් වේ නම් හිතමිතුරන් අතරත් බෙදාගන්න.

මෙම වෙබ් අඩවිය ලෝඩ් වීමට පමා වේ නම් මෙම ලින්ක් එක භාවිතා කරන්න.

Go and get Sinhala Unicode to your Computer
Face Book Link Share.

August 5, 2013

සයිලන්ට් සහන් ඉවරද ? සහන් වෙනුවෙන් ගෙතු තිරිසන් කතා වලට පිළිතුරු 01 . truth and the myth



සියලු දෙනාම දකින්න ඇතිනේ දැනට මාසයක් පමණ තිස්සේ සයිලන්ට් සහන් ගැන වැටුණු බ්ලොග් පෝස්ට් ? හැංගි හෝරා එහෙන් මෙහෙන් තිබුණු දේවල් දැන් ඔන්න නියම ප්‍රොෆයිල් වලින්ම තියෙනවා දැන් . විශාල විදිහට සත්‍ය විකෘති කරලා තියෙනවා මම දැක්කා පාඨක ඔබව මුළා වන ලෙසත් සහන් කියන පුද්ගලයා කෙරෙහි වෛරයක් ඇති වන ලෙසත්...


මම ඉතින් ඔහේ බලන් හිටියා ඕනෙම දෙයක් කරගන්න දීලා..ඒත් මගේ හිතවත් අය කීප දෙනෙක් මගින් මගට කිව්වා සහන් ඔයා නිස්කාරනේ කගෙන් වත් බැනුම් අහන්නත් එපා මඩ ගහන බ්ලොග් කරුවන්ට තව නටන්න දෙන්නත් එපා කියන දේ. ඒ අය නිසා තමයි මේ පෝස්ට් එක පවා මන් ලියන්නේ.එහෙම ඇර මට කිසිම උවමනාවක් නැහැ කාගෙන්වත් සහතික ගන්න. ඕනේ කෙනෙක් ඕනේ දෙයක් කිව්වට මට කිසිම ගැටළුවක් වෙන්නේ නැහැ. ඒ වගේම කාට හරි මාව මුණගැහෙන එන්න ඕනේ නම් මම ඒකටත් ඉඩ දීලා තියෙන්නේ. වැඩේ තියෙන්නේ ස්කයිප් කෝල් එකක් අරන් මට කතා කරන්න හයියක් නැති අය තමයි මේ බ්ලොග් පෝස්ට් වලින් චන්ඩි වෙන්න හදන්නේ.


මම සියලුම චෝදනා වලට එකින් එක උත්තර දෙනවා  පෝස්ට් කීපයක් තුළින්.මොකද මට ඉතින් බ්ලොග් හදලා දෙන , පෝස්ට් හදලා දෙන , FB එකෙන් චැට් කරන වැඩර්ලා නැහැ අනිත් අයට වගේ. ඒ වගේම මිනිහෙක්ට ගහන්න තියෙන උවමනාව මිනිහෙක්ට සපෝර්ට් එකක් දෙන්න නැති බවත් මම දන්නවා.


මට මඩ ගැසීමේ මුළ


01.දැනට වසරකට විතර කළින් ඊ මේල් කවිකාරි කියලා හිටපු කෙනෙක් සමග පොඩි වචන හුවමාරුවක් උනා කට්ටිය දකින්න ඇති. ඒක ඉතින් සුළු දෙයක්නේ කියලා මම නිකන් හිටියා. මෙන්න බොලේ දවස් තුන හතරක් යද්දී පෝස්ට් එකක් වැටිලා

" සහන් යනු වයස 50 ක නාකියෙක්"
"කෙල්ලෝ රවටගන්න ආව කාමතුරයෙක්"
"සහන් කියන්නේ මුස්ලිම් එකෙක්"( මීට වඩා රසට තිබ්බේ)

සහන් යනු මුස්ලිම් කෙනෙක් කියන චෝදනාව

       ඉස්සර මම එළකිරි.කොම් එකට යනවා එනවා.එකේ තියෙන පෝස්ට් බලනවා කියවනවා. ඉස්සර එළකිරි එකේ හොඳටම නැගලා ගියපු එකක් තමයි "මුස්ලිම් අයට දොස් කීම". එවැනි පෝස්ට් වලදී මම කියපු එකම දේ තමයි

"සිංහල අපි මුස්ලිම් අයට දොස් කීමෙන් වැඩක් නැහැ.මුස්ලිම් අය අතර තියෙන සාමූහිකත්වය සිංහල අය අතර නැහැ.ජාතියක් විදිහට නැගිටින්න නම් කරන්න ඕනේ අනිත් අයට බැන බැන යෑම නෙවේ අපි එකමුතු වීම පමණය"කියලා.

හැබැයි බහුතර අයට ඕනේ මුස්‌ලිම අයට අපහාස කරලා  පහත් සතුටක් ලබන්න. ඒ නිසා ඔන්න කට්ටිය මට ගැහුවා මුස්ලිම් ලේබලේ. මම මුස්ලිම් අයට කඩේ යන කෙනෙක් කියලා කිව්වා.පස්සේ කිව්වා මමත් මුස්ලිම් කෙනෙක් කියලා. ඊටත් පස්සේ කිව්වා මම ස්ත්‍රී දූෂකයෙක් කියලා. ඔහොම ඔහොම දිගින් දිගටම ගියා. මට පිස්සු කියලා කිව්වා .මන් අංගොඩ හිටියලු. මගේ ගෑණි මැරිලා කිව්වා. ගෑණු ළමයි රේප් කරන කෙනෙක් කිව්වා. වයස 50 ට වැඩි කිව්වා.ඔය වගේ අනත්ත කතා එළකිරි එක පුරාවටම තියෙනවා. මා ගැන විතරක් නෙවේ එළකිරි එකට යන එන ඕනෙම කෙනෙක් දන්නවා ඇති එතන තත්වය. අපි කිසිම කෙනෙක් ඒ දේවල් ගණන් ගන්නේ නැහැ සහ ඇඩ්මින් වරුන්ට කියන්නේ නැහැ "අනේ අතන මට බැනලා .pls ඒක අයින් කරන්න "කියලා. ඉතින් ඔය සේරම අදටත් ඉන්ටනෙට් එක පුරවලා තියෙනවා.


නරක ආරංචි වලට පියාපත් තියෙන්නා හේ ඒවා තමයි ගූගල් එකේ සහන් කියලා ගැහුවත් උඩින්ම එන්නේ. ( ඒකට හේතුව වැඩි දෙනෙක් එවැනි දේවල් බලන නිසා පේජ් රෑන්කින් වලදී ඒ සෙවුම් ඉහළින්ම පෙන්නීම ).. ඔන්න ඉතින් අපේ ඊ මේල් කවිකාරි ගැහුවා ගූගල් වල මගේ නම..!

අම්මට සිරි මෙන්න එනවා පෝලිමට මට ගහපු මඩ ටික. එයාත් දැම්මා පෝස්ට් එකක් ලොකුවටම සහන් කියන්නේ මුස්ලිම් නාකියෙක්. කාමාතුරයෙක්. ගෑණු ධූෂණය කරන කෙනෙක් ආදී වශයෙන්. ඉතින් ඒ කුණු කුණුවත් බ්ලොග් අවකාශය පුරාම ගියා. මම ඒ කිසි දේකට උත්තර දුන්නේ නැහැ. . ඉස්සරත් මට ඇනෝ කමෙන්ට් වැටුණා එක දිගට.. මම ඉතින් ඒවා පස්සේ යන්නේ නැහැ...මොකද මට එවැනි දේවල් විහිලු පමණයි අඳබාලයන්ගේ.

නමුත් එවැනි දේවල් වලින් ඔයාටම පාඩුවක් වෙනවා සහන් කියලා මගේ බ්ලොග් මිතුරන් කියපු නිසා ඔන්න මාස 8 කට විතර පස්සේ මම ඒ ගැන පැහැදිළි කරලා පෝස්ට් එකක් දැම්මා මගේ උපන් දිනය සහ බ්ලොග් එකේ හිට්ස් 75,000 ත් එක්ක . මේ තියෙන්නේ ඒක..හැබැයි එවැනි පෝස්ට් FB තුළින් හුවමාරු වෙන්නේ නැහැ, චැට් කරද්දී කව්රුත් ඒ ගැන කියන්නේ නැහැ , කෝල් කරද්දී කියන්නේ නැහැ. අපේ අය බලන්නේ මිනිහෙක්ට ගහන්න විතරනේ.



02. ඉහත 01 විස්තර කරපු කුනුකන්දල් ටිකම දැන් ටිකක් මොඩ් වෙලා. අරගෙන් මෙයාගෙන් අහගන්න ඒවයි , ගොතන ඒවයි සේරම එකතු කරලා නියම කතා ටිකක් තියෙනවා.

"මමත් බූට් එකක් කෑවා " කියලා කිව්වොත් ඔන්න කතාව යනවා ගෑණි දාලා ගියා කියලා.

"වයිෆ් ලෙඩින්" කිව්වොත් වයිෆ් මැරිච්ච විදිහට කතාව යනවා.

"වයිෆ් සිංහල නෙවේ " කිව්වොත් කතාව යනවා සුද්දියෙක් බැඳගෙන සල්ලි වලට කියලා. 

 " ඔව් මට පිළිකාවක්.ඇයි මොකද ?" කියලා ඇහුවොත් යන්නේ ළඟට යන්න එපා බෝ වෙයි කියලා.

මට කැස්ස තියෙනවා ටිකක් තදින්. මට ක්ෂය රෝගය තියෙන විදිහට තමයි කතාව යන්නේ දැන්. තව ටික දවසකින් මට HIV AIDS කිව්වත් පුදුම නම් වෙන්න දෙයක් නැහැ.:D මගේ ලෙඩ ගැනත් උනන්දුයි මේ මහත්තුරු සහ නෝනලා ටික. ඉස්සර මම එළකිරි එකේ ඉද්දි බහින් බස් වීම් , විහිලුවට කියපු දේවල් තමයි මේ කට්ටියම අදටත්ඇදලා ගන්නේ.

03. මුස්ලිම් අයට පක්ෂව කතා කරපු නිසා මට ලැබුණ දේ තමයි ඒ. එතනින් පැහැදිළි වෙන්නෙත් සිංහල ජාතිය සතු අනිකා පෑගීමේ ලක්ෂණයමයි. සිංහල ජාතිය දිනෙන් දින පිරිහීම ගැන පුදුම වෙන්න දෙයක් නැහැ අපිට.


04. ඉස්සර එළකිරි එකේ ඉද්දි එතන අය කරන දෙයක් තමයි

" උඹ ඉස්කෝලේ ගියේ නැහැනේ. 8 පාස් වත් නැති උඹ කොහෙද ඕවා දන්නේ" කියලා විහිළුවක් කරන එක .

 " උඹ අතන ලෝඩ් පකීර් වගේ කතා කරාට මේක බැහැනේ " කියලා කියන ලින්ක් එකක් දාන්න ගිහින් වැරදුණත්.

 මම දැක්කා ඒ වගේ සිඟිති විහිලුත් වෙනවා මේ අස්සේ.




05. ඔන්න දැන් එමු අලුත් චෝදනා වලට එකින් එක.

වීඩියෝ එකක් දැම්මොත් වෙන දේ  :- මම දාපු කොරල් මාලිගාව සම්බන්ධ පෝස්ට් එකේ වීඩියෝ එකක් මම දාලා තිබ්බා දකින්න ඇති. ඒ වීඩියෝව තුළ "කොරල් මාලිගාව " කියන දේ සත්‍ය රූප තිබ්බා. හැබැයි වැඩේ කියන්නේ කට්ටිය මගෙන් අහලා තිබ්බා

"සහන් ඔය කියන මාළිගාවේ රූපයක් දෙන්න" කියලා.. : ඒ කියන්නේ ඒ අය වීඩියෝ එක බලලාවත් නැතුව මට කියනවා මේක ඇත්තක් වෙන්න බැහැ කියලා.. මුළු වීඩියෝවම බැලුවා නම් කිසිම ගැටළුවක් එන්නේ නැහැ අකුරෙන් අකුර කොරල් මාළිගාවේ විස්තර එහි ඇතුලත් උනා. මට ඒක ඩවුන්ලෝඩ් කරගන්න බැරිව අන්තිමට සිරා තමයි mp3 එක ඩවුන්ලෝඩ් කරලා එව්වෙත්. ඒ බව සිරා දන්නවා.

මම දන්නවා විනාඩි 15 , 20 වීඩියෝ එකක් එම්බෙඩ් කරාට කිසි කෙනෙක් ඒක බලන්නේ නැහැ ඉවර වෙනකම්.  ඊට වඩා හොඳයි නෙට් එකෙන් හෝ වීඩියෝවෙන්  රූප ටිකක් අරන් දාන එක අසවල් දේ මේකයි අසවල් දේ අරකයි කියලා. කොරල් මාළිගාව ගැන පෝස්ට් එක මම ලියද්දි මට හමුවුණා බොහෝ දේවල්

"අයියෝ ඕක කරන්නේ අරහෙමයි මෙහෙමයි.අතනින් දාලා මෙතනින් ගත්තා නම් හරි" කියලා ඉතාම සැහැල්ලුවෙන් කියපු කතා. හැබැයි වැඩේ තියෙන්නේ එවැනි දෙයක් මේ වෙනකම් කිසිම කෙනෙක් හදලා නැහැ :D

කිසිම වීරයෙක්ට ටොන් 10 ක ගල් කුට්ටියක් තනියම උස්ස ගන්න බැහැ.වීඩියෝව දැන් වත් බලන්න .එහි උදාහරණ එක්ක තියෙනවා ගල් කුට්ටියක් දොඹකරයක් ආධාරයෙන් උස්සන්න ගන්න වෙහෙස ගැන.මට දැන් කියන්න එපා ටොන් 50 පවා උස්සන දොඹකර දැකලා නැද්ද කියලා. ඒවා මට කියලා වැඩක් නැහැ දැන්.


වීඩියෝ එකක ඇති දෙයක් වෙනම උපුටා දැම්මොත් වෙන දේ :- අවශ්‍ය කරන කොටස් ටික විතරක් එන විදිහට පොටෝ දැම්මොත් කියනවා ඇයි පොටෝ වලට නම් ගැහුවේ කියලා. පොටෝ වලට නම් ගහන්නේ වෙන මොකවත් නිසා නෙවේ කෙළින්ම බ්ලොග් පෝස්ට් කොපි කරන අය නිසා. පොටෝ එහෙකට නමක් හරි ගැහුවම කොපි කිරීම කරත් එහි දෙවෙනි තුන්වෙනි කොටස් බලන්න කට්ටිය එනවා. මම මීට කළින් ලියපු අකුණ පෝස්ට් එක මම දැක්කා බ්ලොග් අඩවි කීපයක තියෙනවා. මම දැනට සති දෙකකට කළින් වගේ ලියපු "රන් මිළ " පෝස්ට් එක මෙන්න මෙතන තියෙනවා .

sinhayareader.com/world-news/economy/gold-price-ounce?rd=1389110329599


මීට කළින් මම කොහේවත් කියලා නැහැ අනේ මම ලියපු එක අතන තියෙනවා කියලා.හැබැයි මේ බ්ලොග් අවකාශයේ බ්ලොග් වල සමහර අය නම් කෙළින්ම කියලා තියෙනවා "අපේ ඒවා කොපි කරන්න එපා" කියලා.මටනම් මගේ දෙයක් කව්රු ගත්තත් කමක් නැහැ.මම ලියපු දෙයක් වෙනත් කෙනෙක් දකින්නයි ඕනේ.කව්රු එයට ක්‍රෙඩිට් එක ගත්තත් මට ප්‍රශ්නයක් නැහැ. හැබැයි මම මගේ පෝස්ට් වලට බ්ලොග් එකේ නම ගහනවා ඒ තුළින් දෙවෙනි තුන් වෙනි කොටස් වලටත් කෙනෙක් ඒවි කියලා.



මේ වීඩියෝ මගෙන් විතරයි චෝදනාව:-  මම මාරයාගේ පෝස්ට් එකේදී කිව්වා ඔන්න මම පෝස්ට් එකක් දානවා ඒවා නම් මගෙන් විතරයි කියලා පට්ට රණ්ඩුවක් මැද්දේ. අනේ එදා මම ඒ කියපු එක වචනයක් අල්ලන් තමයි මේ සේරම දෙනා නටන්නේ. මම ඒ පොටෝ වලට නම ගහපු එක තමයි මේ සේරම අල්ලන් නටන්නේ. මොකක් හරි දෙයක් ගැන ලියද්දි එයට අවශ්‍යම තැන් වලින් පොටෝ ගන්නේ ඇයි කියන දේ මම ඉහත කිව්වා. පොටෝ වලට නම ගහන්නේ ඇයි කියන දේත් කිව්වා. මෙහෙම දෙයක් වත් අග මුළ පටල ගන්නේ නැතුව ලෝකේ පෙරළන්න එන අය ගැන කිසිවෙක් කලබල වෙන්න ඕනේ නැහැ. ඒ ඒ අයගේ දැනුම් මට්ටම ගැන තීරණයක් ගත්තම ඉවරයි.                      

ටෙස්ලා කාර් එක මගේ චෝදනාව:- මම ඒ පෝස්ට් එකේදී පැහැදිලිවම කිව්වා "මට මගේ නමින් බයික් එකක් වත් නැහැ" කියලා.. වැඩේ තියෙන්නේ මගේ ඒ කමෙන්ට් එක කිසිම කෙනෙක් උපුටලා අරන් තිබ්බේ නැහැ.

හැබැයි මම W3 එකේදී ඇනෝ කෙනෙකුට කිව්වා " ඔව් ඒ කාර් එක මම ගත්තේ දැන් නිකම් පපුව පැළෙන්න වගේද ඉරිසියාවෙන් :P " කියලා... p මාර්ක් එකක් දැම්මා..

දිගින් දිගට වාදයට එද්දී මම කිව්වොත් එහෙම " ඔව් මම ඔක්කෝම දන්නවා අකුරක් නෑර.ඇයි මොකද " කියලා අන්න ඉවරයි.ඔබ දකින්න ඇතිනේ එවැනි කෙනෙක් සමග මම කරපු

වැඩේ තියෙන්නේ අන්න ඒ කමෙන්ට් එක තමයිහැම තැනම කිය කියා යන්නේ! හේතුව දැන් හොඳටම පැහැදිලිනේ. සහන්ට මඩ ගැසීමේ අරමුණ.

{ අන්තිමේදී ඔහුම කිව්වා "සහන් මම අහපු හැම දේකටම ස්කයිප් තුළින් උත්තර දුන්නා සහ ඔහුට කොච්චර අපහාස කරත් නොකියන දේ නොකියන බව" ......   එහෙම කියපු කෙනාම අනික් පැත්තට කරන දේවල් දකින්න ඇති ඔබ.. මට යුධ අපරාධ චෝදනාවක් පවා තිබුණා ඒ අතරේ. මම ඒ ගැනත් සොයලා බලන්නම් හිමින් සීරුවේ .  }


වීඩියෝ වල ඇති දේවල් මැකීම :- මම වීඩියෝ එකකින් ගත්ත රූපයක මනුස්සයෙක් ඉන්නවා නම් වාහනයක අංක තහඩුවක් තියෙනවා නම් වෙනත් ගැටළුවක් වෙන දෙයක් ඇතිනම් එවැනි දේවල් මකනවා.ඉස්සරහටත් ඒක එහෙමයි.බය වෙන්න එපා.අතනද මකන්නේ මෙතනද මකන්නේ කියන දේ තීරණය කරන්නේ මම මිසක් කාගෙන් වත් අවසර අරන් නෙවේ. ඒ නිසා ඒ ගැන කලබල වෙන්නත් එපා. වීඩියෝ එකක බැජ් නම්බර් එකක් , වීඩියෝ ස්ක්‍රැම්බල් ID එකක් තියෙනවා නම් අනිවාර්යෙන්ම ඒක මකනවා. මොකද එයින් හොයන්න පුළුවන් සැටලයිට් සිග්නල් එක ගන්න ආයතනයේ නම. ( මම මෙතන පාවිච්චි කරේ වෘත්තීමය වචන නෙවේ.  ටෙක්නිකල් ටර්ම්ස් වලින් කතා කරන්න ගිහින් වෙච්චි දේවල් දකින්න ඇතිනේ මීට කළින් )


උදා :- NHK ආයතනය මගින් ලබා ගත් නැරඹුම් ගිණුමක් මගින් සේවය ලබා ගනී නම් විටින් විට කෝඩ් අප්ඩේට් වීම/නොවීම තිරයේ දිස් වෙන්න පුළුවන්. එම කෝඩ් එක දුටු පමණින් කියන්න පුළුවන් මේ තරංගය එන්නේ SLRC වෙනුවෙන්ද ITN වෙනුවෙන්ද MTN වෙනුවෙන්ද  MBC වෙනුවෙන්ද යනාදී වශයෙන්. එවැනි දේවල් ගැන මට තුන්වෙනි පාර්ශවයක අවවාද සහ අනුශාසනා අවශ්‍ය නැහැ. මකනවාම තමයි.


වීඩියෝ හොරකමක්ද:- රූපවාහිනී ආයතන මගින් තම තමන් සතු වාර්තා වැඩසටහන් හුවමාරු කරගන්නවා. එක්කෝ වෙළඳ අරමුණින් නැතිනම් වීඩියෝ හුවමාරු කරගැනීමේ ගිවිසුම් අනුව. ඉස්සර SLRC එකෙන් හදපු මැණික් පතල් කැපීම , පාරු කර්මාන්තය , සිංහරාජ වනාන්තරය ගැන වැනි අනෙක වැඩසටහන් ලොව පුරා මාධ්‍ය ආයතන වෙත දුන්නා. එසේම SLRC වෙතත් ලක්ෂ ගණනක වීඩියෝ ලැබුණා.  රිචඩ් ද සොයිසා  පවා සභාගී වූ වැඩසටහන් තියෙනවා .අද ජීවත් වන බොහෝ අය නම් ගම් දන්නෙවත් නැහැ රිචඩ් ගැන .හිමි නමක් ගිණිතියාගත් වීඩියෝව පවා පැය දෙක තුනක පමාවක් කිරීමෙන් පසු අනික් සහෝදර ආයතන වෙත ලබා දුන්නා. ඒක තමයි වීඩියෝ හුවමාරුවේ ස්වභාවය  කියන්නේ ආයතන ආයතන  අභ්‍යන්තරයේ වෙන. මෙවැනි දේවල් ගැන ජීවිතේට නාහපු අය වීඩියෝ හොරකමක් ගැන නීතිමය තත්වය පවා පැහැදිළි කරලා පෝස්ට් දාලා තියෙනවා දකිද්දී මට දුකයි ඔවුන්ගේ මට්ටම ගැන. යු ටියුබ් වීඩියෝ වලින් ලෝකය දෙස බලන අය ගැන අප කලබල වෙන්න ඕනේ නැහැ.


ඔහොම වීඩියෝ කියන තරම් තියෙනවා නම් ඇයි ඒවා ප්‍රචාරය කරන්නේ නැත්තේ :- මේ ප්‍රශ්නය අහන්න ඕනේ මගෙන් නෙවේ. රූපවාහිනී ආයතන ප්‍රධානීන්ගෙන්. අපෝ ඕවා පරණයි / අලුත් උනත් හිට් වෙන්නේ නැහැ / ඇඩ්වර්ටීස්මන්ට් ලැබෙන්නේ නැහැ වැනි අභියෝග ගොඩක් තියෙනවා ජය ගන්න. මාධ්‍ය ආයතනයක තියෙන හැලහැප්පීම  ගැන මම පෝස්ට් දෙකක්ම ලියලා තියෙනවා. ඒවා බලන්න අවශ්‍ය අය විතරක්.වැරදිත් හොයන්න. හැබැයි ඉතින් නිෂ්ඵල දේවල් වෙනුවෙන් මම කාලය වැය කරන්නේ නැහැ. දැනුමට යමක් සොයන කෙනෙක් එයින් ගත හැකි ප්‍රයෝජනයක් ගනී. අනිත් අය තමන් දන්නා සෙල්ලම් ටිකෙන් සෙල්ලම් ගෙයක් හදයි. මම ඉතින් එවැනි දේ ගැන වෙහෙසෙන්නේ නැහැ.ඒ බව දැන් හොඳටම පැහැදිළි ඇතිනේ.

ශ්‍රී ලාංකික මාධ්‍ය භාවිතය , එහි විකාශය හා වත්මන් තත්වය . වෙනසක් අවශ්‍යද ? ඒ කුමක්ද ?Who should have a TV Channel ?


රූපවාහිනී ආයතනයක ප්‍රධාන පාලක මැදිරිය

කෙනී දෙමටගොඩගෙන් මම අහපු LED ප්‍රශ්නය :- මම දැක්කා වසර3 ,4  ක් පමණ පරණ දේවල් පවා අදිමින් කරලා තිබුණු විහිලුව. ඉලෙක්ට්‍රොනික් පරිපත ගැන උනන්දුවක් තියෙන ඕනෙම කෙනෙක් එවැනි දේවල් හදන්න හෝ වෙනත් බාහිර විස්තර ගැන අහන්න පෙළඹෙනවා. එයට හේතුව තමයි පරිපථයෙන් පරිපථයට සැළසුම වෙනස් වෙන්න පුළුවන්. එක් සුළු වෙනසකින් පරිපථයම දැවී යන්න පුළුවන්. ඒ නිසා එකම ක්ෂේත්‍රයේ ඉන්න කෙනෙක් දැක්ක හැටියේ අහනවා

අර පරිපථයේ විස්තර කොහොමද .
මම හැදුවේ මෙහෙම.ඒක වැඩ කරද්දී රත් උනා ,
කැප් පිපිරුවා ,
රෙසිස්ටර්ස් ඕවර් හීට් වෙනවා ,
ට්‍රාන්සිස්ටර් එකක් කොච්චර කරත් පිච්චෙනවා ,
LED ටික ඩිම් වෙනවා,
සති කීපයකින් පිච්චෙනවා ආදී වශයෙන්.


මේ විදිහට හුවමාරු කරගන්න තොරතුරු පොත් පත් වල නැහැ. මේවට කියන්නේ වෘත්තීය අද්දැකීම්. වෘත්තීය අද්දැකීම් හුවමාරු කරගන්න PhD තියෙන්න ඕනෙත් නැහැ CEO කෙනෙක් වෙන්න/නොවෙන්න ඕනේ නැහැ. මම අර මුළින් කියපු සිඟිති ප්‍රශ්න  ක්‍රමය මතකනේ.මෙතනත් වෙන්නේ ඒ දේ. එකම අරමුණ සහන් ගැන වෛරයක් ඇති කිරීම පමණයි. අපි ඉතින් එවැනි දේ ගැන කලබල වෙන්න ඕනේ නැහැ.

LED ගැන නැවත :- LED යොදාගෙන නිවසකට උචිත විදිහට බල්බ් හැදීම කියන දේ දැනට වසර 3 කට විතර කළින් අද තරම් පහසු උනේ නැහැ. එයට හේතුව තමයි LED වෙනුවෙන් ස්ථාවර වෝල්ටීයතාවයක් සැපයියයුතු වීම.  3V ලෙස සඳහන් බල්බයකට 3.6V පමණ ලැබෙන්න ගත්තොත් පැය 6 ක් පමණ බල්බයේ ආයු කාලය බෙහෙවින් අඩුවෙනවා. සූත්‍රිකා පහන් වගේ විශාල වෝල්ටීය පරාසයකට ඔරොත්තු දෙන්නේ නැහැ. ( දැන් කියන්න එපා 3v LED ගැන විතරද දන්නේ කියලා. වෝල්ටීයතාවය කීයක් වෙන LED එකක් ගත්තත් පොදු ගැටළුවක් එනවා ප්‍රධාන සැපයුම් ධාරාවේ අගය උච්ච්වචනය වීම එක්ක )

i.නියමිත විදිහට වෝල්ටීයතාවයක් දෙන්න බැරිද :- දෙන්න පුළුවන්. හැබැයි පිට කොටුවේ තියෙන සත 50 රෙසිස්ටර්ස් ,ට්‍රාන්සිස්ටර්ස්  කැපසිටර්ස් IC , ඩයෝඩ් අරන් මේ වැඩේ කරන්න අමාරුයි. එහි අගය 12%+- විතර වෙනස් වෙනවා ඇතැම් විට . ( දැන් කියයිද දන්නේ නැහැ IC වල අගය වෙනස් වෙනවා කියලා ඇහුවමයි කියලා.. සිඟිති ප්‍රශ්න අහන අය ගැන කලබල වෙන්න එපා )

නිසි ලෙස සකස් නොවූ පරිපථයක ඇති ට්‍රාන්සිස්ටර් එකක බේස් කරන්ට් වෙනස් වීමක් නිසා පිටවන වෝල්ටීයතාවය 1v සිට 2 v දක්වා උනත් වෙනස් වෙන්න පුළුවන්. ඒ වෙනස හොඳටම ඇති සුරුස් ගාලා බල්බ් ටික පිච්චිලා යන්න.



ii. වෝල්ටේජ් රෙගිව්ලේටරයක් දැම්මා නම ගොඩනේ කියාවි මේ ටික දැකපු හැටියේ. එහෙම දෙයක් කරනවා නම් වොට් 3 - 12 පමණ වෙන රෙගිව්ලේටරයක් හෝ රෙගිව්ලේටර පද්ධතියක් , ට්‍රාන්ස්ෆෝමර් එකක් ඕනේ. ( නැත්නම් smps එකක් ඕනේ.මේ ගැන පසුව කියන්නම් ). දැන් ඔය ඔක්කෝම දාලා හදන්න කීයක් යනවද?මෙන්න මේ නිසයි හදන්න කළින් හදපු එක්කෙනෙක්ගෙන් අහන්නේ හදන්නද/එපාද / වැඩ කරාද/ගැටළුවක් ආවද කියලා. මොරටුවෙන් ආව එන්ජිනියර් කෙනෙක් උනත් මෙහෙම දෙයක් ගැන අහනවා 8 වසරේ පොඩි ළමයෙක්ගෙන් උනත්..එය ලැජ්ජාවට කරුණක් නෙවේ. මොකද පළපුරුද්දෙන් ලත් අද්දැකීමක් වටිනවා.


iii.මේ සේරම කරලත් බල්බ් ටික ටික දවසකින් ඩිම් උනොත්මොකද කරන්නේ? මෙන්න මෙතැනදී තමයි මිළ කියන සාධකය එන්නේ. රුපියල් 400 ක් විතර වියදම් කරන්න ඕනේ ප්‍රමාණවත් එළියක් ගන්න පුළුවන් වෙන විදිහේ බල්බ් එකක් හදන්න. LED ටිකටම ඇතැම් විට 300 කට වැඩිය යන්න පුළුවන්. මොන වර්ගයේ බල්බ්ද ගන්න ඕනේ කියලා මෙතැනදී නම් අනිවාර්යෙන්ම පළපුරුද්ද ඇති කෙනෙක්ගෙන් අහන්නම ඕනේ! නැත්නම් වෙන්නේ සියලු මුදල් වතුරේ යෑම.


iv. ඔය මම කිව්වේ මීට වසර 3 , 4 කට කළින් තත්වය.අද වෙද්දී නම් කෙළින්ම සුරුස් ගාලා හදන්න පුළුවන් කිට්ම තියෙනවා. ඉස්සර අපි මේවා හැදුවේ ආසාවට මිසක් ආර්ථික ලාබයක් බලාගෙන නෙවේ. කෙනී පවා ඒවා කලේ ආසාවට පමණයි. අපි ඉස්සර කරපු දේවල් පවා සූක්ෂ්මව "  මහ ලොකු ඉන්ජිනියර් LED එකක් හයි කරගන්න දන්නේ නැද්ද " කියලා මඩ ගැසීමේ අරමුණින් යොදාගෙන තිබුණේ ඔහොමයි මට CEO ලේබලේ ගහලා. CEO ලේබලේ පයිලට් ලේබලේ එන්ජිනියර් ලේබලේ ගැහුවේ මෙන්න මෙහෙම දේකට යොදා ගන්නයි මේ මිනිස්සු. මහා ලොකු ඉන්ජිනියර් ඕවා දන්නේ නැද්ද කිව්වම වැඩේ ඉවරයි කියලා හිතන්! අනතුරට පත් පයිලට් කෙනෙක් ගැන ගුවන් හමුදා මූලස්ථානයේ ඇති තොරතුරු Google මගින්හෙව්වෙත් මේ මිනිස්සුමයි. තේරෙනවනේ සිඟිති විනෝදයේ තරම. ගුවන් හමුදා මූලස්ථානයේ ඇති දේවල් පවා ගූගල් වලින් හොයන්න යන මිනිස්සු ගැන කලබල වෙන්න එපා.



v. එහෙනම් කොහොමද CFL , අලුත් LED බල්බ ලස්සනට හදලා එවන්නේ? ඒවට යොදාගන්නේ smps කියන ක්‍රමය වෝල්ටීයතාවය පාලනය කරන්න. smps පරිපථයක් සාමාන්‍ය ගෙදර දොරේදී හදාගන්න එක සුදුසු නැහැ. හදන්න ගිහින් වෙන සුළු වැරද්දකින් වෝල්ට් 100 විතර එන්න පුළුවන් එක මොහොතේන්. අන්තිමට ජීවිතත් නැති වෙලා ඉවර වෙන්න පුළුවන්. හරි හමන් බඩු මුට්ටු වලින් විතරයි smps හදන්න ඕනේ. මහා පරිමාණයෙන් බල්බ් නිපදවන ආයතනයක් තුළ smps වර්ගයේ වෝල්ටීයතා පාලකයක් ඉතා අඩු පරිශ්‍රමයකින් හදන්න පුළුවන් වගේම ඔවුන් යොදාගන්නෙත් smps වර්ගයේ ඒකකමයි. මහා පරිමාණයෙන් කරද්දී එවැනි දේවල් ඉතාම ලේසියෙන් හදන්න පුළුවන්. වර්තමානයේ එන බොහෝ විදුලි උපකරණ වල වෝල්ටීයතාවය පාලනය කරන්නේ smps මගින්. හැබැයි අපිට නිකම්ම ගෙදරදී ඒවා කරන්න බැහැ.මේ ලිපිය smps ගැන නොවෙන නිසා දැනට මෙතනින් නවත්තනවා.





vi.ඉස්සර ඇම්ප්ලිෆයර් හදන ආසාව තිබුණ අය දන්නවා ඇති කොච්චර නම් STK සර්කිට් හොය හොයා ගියාද කියලා. බැහැ බැහැ ඕක නෙවේ මචන් මේක හදමු කිය කියනවා. ඒක හදන්න එපා බේස් නැහැ කියනවා තව කෙනෙක්. අපෝ IC එක පිච්චෙනවා රත් වෙලා කියයි තව කෙනෙක්. එදා ලබපු හුරුව අදට උනත් දෙයක් කරද්දී අපි කා තුළත් තියෙනවා.දෙයක් කරන්න කළින් අපි අහනවා. එවැනි දේවල් පවා සමච්චලයට ගන්න අය තමයි ඉන්නේ තමන්ගේ සිඟිති සතුටක් වෙනුවෙන්. බව්ත්( ඊයම් පෑස්සුම උපකරණයක්) එකක් අතින් අල්ලා නැති අය මම වීඩියෝ වලින් දාපු දේවල් අරන් කියපු දේවල් වල මට්ටම දකිද්දී මට අනුකම්පාවක් ඇති වුනා ඔවුන් ගැන.හැබැයි ඒ අය සිඟිති සතුටක් ගද්දි විශය ගැන වැටහීමක් තියෙන කෙනාට තේරෙනවා කව්ද බොරු කාරයා කව්ද මඩ කාරයා  කියන දේ.


vii. ඔය තරම් සෙල්ලම් කරන වෙලාවේ වර්තමානයේ කඩේ තියෙන බල්බ් එකක් 500 ක් දීලා ගෙදර ගේන එක තමයි ලේසි. CFL බල්බ් එකක් දාන එක ඊටත් ලේසියි. ආසාවට දෙයක් හැදීම සහ කඩෙන් ගේන එක කියන්නේ දෙකක්. සර්කිට් පිස්සුව තියෙන අය දන්නවා ඇති කොච්චර සල්ලි වියදම් කරන් මේවා කරලා ඇතිද කියන දේ.  සර්කිට් එකක පාත් එකක් ෂෝට් වෙලා තිබ්බොත් සියල්ල ඉවරයි. එක ඊයම් ඩොට් එකක් වැරදියට තියලා තිබ්බොත් සියල්ල ඉවරයි. කම්බි කෑල්ලක් වෙන කොහේ හරි ගෑවිලා තිබ්බොත් ඉවරයි.අද්දැකීම් නැති කෙනෙකුට නම් මේවා වචන විතරයි. අරහෙන් දාලා මෙහෙන් ගත්තා කියයි. හැබැයි කරලා බලන්න ඕනේ තියෙන අමාරුව.



මට තියෙන ගැටලුව අච්චර මට මඩ ගහන්න දරපු මහන්සියෙන් මිනිහෙකුට වැදගත් දෙයක් කරා නම් කොච්චර වටිනවද? චන්ද්‍රිකා ගැන තව කරුණු ටිකක් අර වීඩියෝ එකෙන්ම අරගෙන ලිව්වා නම් කොච්චර වටිනවද ?ටෙස්ලා කාර් එක ගැන තව විස්තර ටිකක් ඒ වීඩියෝ එකෙන් බලලා ලිව්වා නම් කොච්චර වටිනවද? ඩොලර් 170 එහෙම නැත්නම් රුපියල් 20,000 කට ආසන්න වෙන මුදලක් වියදම් කරලා ඇණයක් හදන්නේ ඇයි කියල ලිව්වා නම් කොච්චර වටිනවද ?

කිසි කෙනෙක් බය වෙන්න එපා.ඒ සියලු දේ ගැන මම ලියනවා ඕනෙම පොඩි ළමයෙකුට උනත් තේරෙන විදිහට මට පුළුවන් විදිහට සහ මට ඇති අවබෝධයෙන්, වැරද්දක් තිබ්බොත් නිවැරදි කරන්න ඔබ විසින්.  මට කාලය දෙන්න. මොකද මට කරන්න වැඩ තියෙනවා එදිනෙදා ජීවිතය තුළදී.අනිත් අයට වගේ අනුන්ගේ රෙදි අස්සේ රිංග රිංග ඉන්න නම් වෙලාවක් නැහැ.ඒ නිසා සතියට දෙකට පෝස්ට් දාන්න මට බැහැ.


06. මේ බ්ලොග් අවකාශය තුළදී මම ඉතාම සුහදව ඉන්න බව දැකලා ඇති. අනික් අයට කරන්න පුළුවන් උදව්වක් තිබ්බොත් මම ඒක කරනවා. කිසිම කෙනෙක් එක්ක ලොකු කමින් ඉඳලා නැහැ. හැබැයි බලු වැඩ කරන බල්ලන්ට සහ ඔවුන්ගේ ස්ත්‍රී පක්ෂයේ අයට මම කියන්න ඕනේ දේ කෙළින්ම කියනවා. මම හැමදාම කියන දෙයක් තමයි මට මෙතනින් කාගේ වත් චරිත සහතික වැඩක් නැහැ. මූණට එකක් කියන පස්සට තව එකක් කියන අයව මට කොහෙත්ම වැඩක් නැහැ. මම මිනිස්සුන්ට උදව් කරපුවා , වචනෙකින් හෝ සහය දීපුවා , LTTE යට විරුද්ධව කතා කරපුවා , අන්තිම තිරිසන් ලෙස හිමි නමක් විවේචනය කරද්දී එයට විරුද්ධ වූ දේවල් , රට ගැන කතා කරපු දේවල් අද කාටවත් මතක නැහැ.

උදිත මීගහතැන්න මම උපාලි මැස්ඩා ලිපිය දාපු වෙලාවේ කිව්වා " සහන් ඔබ මගේ ලේ සොයුරෙක් හැටියට පිළිගන්නවා අදින් පසු" කියලා .. අනේ මෙන්න සති දෙක තුනක් යද්දී උදිත මගේ නෝනව ඉල්ලනවා ලිංගිකව සතුටු වෙන්න. ඊටත් පස්සේ මට පිස්සු ලේබලේ ගහලා තිබ්බා..

ලේ සොයුරා කියපු කෙනාම මගේ නෝනා සමග හිතින් ලිංගිකව එකතු වී මට පිස්සු ලේබලේත් ගැහුවා. !

ඔන්න ඕකයි මේ බ්ලොග් කලාවේ හැටි.තව මහත්තුරු සහ නෝනලා සෑහෙන පිරිසක් ඉන්නවා මෙහෙම කරපු.මට ඒ සියලු දෙනාවම මතකයි හොඳ හැටි. හැබැයි මම ඔබේ තත්වයට වැටෙන්නේ නැහැ. සහන්ට ඇති තෙක් කතා හදන්න. පද බඳින්න. බොරු ගොතන්න. සත්‍ය බොරුවලෙස පෙන්වන්න. මට කිසිම ගැටළුවක් නැහැ. මට ඔබේ චරිත සහතික වැඩක් නැහැ.


07. හිට්ස් ගැන මට ඇති ආසවක් නැහැ. අඩුම තරමේ හිට්ස් 100,000 වෙනුවෙන් වත් මට පෝස්ට් එකක් දාන්න විවේකයක් ලැබුණේ නැහැ. නිකන් කුණුහරප ලියලා හිට්ස් වැඩක් නැහැ.. කෙනෙකුට දෙයක් ඉගෙන ගන්න පුළුවන් යමක් දීම ඇර මට වෙන උවමනාවක් නැහැ. මම මේ ඔක්කෝම දන්නේ නැහැ අකුරක් නෑර .මට පුළුවන් විදිහට ලියනවා මිසක් සහ මම නොදන්නා දෙයක් නිහතමානීව අසා දැනගන්නවා මිසක් . හැබැයි මට තේරෙනවා වැරදි හොයන්න එන අය සහ සද්භාවයෙන් ගුණ දොස් කියන අයගේ වෙනස. මට වෙනස හොඳට තේරෙනවා .

මම මේ ටික හරි ලිව්වේ විචාරක තුමා සහ කෙන්ජි අයියා ඇතුළු වෙනත් ළඟම කීප දෙනෙක් කියපු නිසා පමණයි.  ලියනවා නම් තව සෑහෙන දේවල් ලියන්න පුළුවන් නම් ගම් පටලලා. ඒත් මට එහෙම කරන්න ඕනේ නැහැ. මේ එක්කම ඉතින් අනිත් අය දාලා තියෙන අනුන් නොමග යවන කරුණු සහිත ලිපි වල නම් නිරුවත මම හෙළි කරනවා ඔවුන්ගේ කැරැට්ටුව එක්කම ඊළඟ පෝස්ට් එකකින්.

08. සහන් කියන කෙනා පුද්ගලික දුරකථන අංකයකින් කතා කරලා තියෙන්නේ 4 දෙනෙක් සමග පමණයි. ඒත් වාර දෙකකට වඩා අඩුවෙන්. මම කිසිම කෙනෙකු සමග කිසිම ගණුදෙනුවක් , මුදල් හුවමාරුවක් කරලා නැහැ. අනිත් මෝඩයෝ එවැනි දේවල් කරගෙන රට පටලා ගත්තට අපිට කරන්න දෙයක් නැහැ. රට වටේ ඇනෝ කමෙන්ට් දදා ගියාට සල්ලි හම්බෙන්නේ නැහැ. හිතේ දුකට අනිත් මිනිස්සුන්ට මඩ ගැහුවට වැඩක් වෙන්නේ නැහැ. මේවා සිඟිති ආතල් විතරයි. බොරු ගෙතුවට අපිට කිසිම හානියක් වෙන්නේ නැහැ.

ඔහුගේ ප්‍රෝෆයිලයෙන්ම " සහන්ගේ නෝනා ගියපු තැනටම ඔයත් යාවි මොළේ නහරයක් පුපුරලා " වගේ කතාවක් කියලා තිබ්බා මම ලියපු කොරල් මාලිගාව පෝස්ට් එකේදී.. ඔහුම කියනවා "අපි වෙඩි තියන්නේ සීනි දාලා. කූඹි කාලා මැරෙන්න " කියලා..බලන්න කොච්චර අඳබාල කතාද ඒ ..? මම නම් O/L කාලේදී වත් ඔහොම කතා කියලා නැහැ. මෙවැනි මානසික රෝගීන් කරන දේවල් ගැන කලබල වෙන්න එපා.

( අර අනික් මානසික රෝගියා ගැන නම් කීමත් නිෂ්ඵලයි.මගේ වචන අපරාදේ )

ඒ වගේම සියලු දෙනාට කියන්න ඕනේ ඉන්දික උපශාන්ත වැනි තිරිසන් මඩ බ්ලොග් කරුවන්ට බය වෙන්න එපා. ඔවුන්ට කරන්න පුළුවන් දේ ටිකයි. ඒ බැරි උනාම මට වගේ තිරිසන් කතා හදලා ඇනෝ කමෙන්ට් ටිකක් දායි මාසයක් දෙක තුනක් යනකම්. එවැනි ගෑණු ගැන කලබල වෙන්න එපා. එවැනි දේවල් දැක්ක තැන විරුද්ධ වෙන්න.මොකද සිංහල බ්ලොග් අවකාශය කියන්නේ රැකගන්න ඕනේ දෙයක්.මේක කාගෙවත් බූදලයක් නෙවේ.මේකේ කව්රුත් ලොක්කෝ , පකීර්ලා නැහැ. බල්ලෝ බිරුවට කඳු හෙල්ලෙනේ නැහැ. ඒ වගේම නිවට කොන්දක් නැති එහෙයියෝ කියන ඒවා ගණන් ගන්නත් එපා. උන් ටිකත් පරිස්සම් පිට ඉන්න.


සහන්ට තිබුණ හයිය ඔබට නැති වෙන්න පුළුවන් මෙහෙම දේකට තනියම මුහුණ දෙන්න. ඔබට කවදා හරි මේ බල්ලෝ බලු කතාවක් කිව්වොත් සහන් උත්තර දීපු හැටි  මතක් කරගන්න. කෙන්ජිත් මේ වැඩේ කරාවි. බල්ලෙක් දැක්ක තැන ඔවුන්ගේ ගමන නවත්තන්න. නැත්නම් වෙන්නේ පළාතම විනාශ වෙන එක. සිංහල බ්ලොග් යනු එකාට එකා මරාගන්න තැනක් කියලා ලේබල් වැදීම සහ වැදගත් මහත්මා ගති ඇති අය මෙයින් ඉවත් වීම. මෙවන් පහත් මඩ බ්ලොග් හිමියන්ගේ අරමුණත් ඒකමයි. මෙතනට වෙලා කුණුහරප කියමින් සිඟිති සතුටක් ලැබීම.

මේ ලිපි නම් මඩ පෝස්ට් වගේ FB තුළින් , චැට් තුළින් , ස්කයිප් තුළින් යන එකක් නැහැ. ලින්ක් ෂෙයාර් වෙන එකකුත් නැහැ.


ලෝකයටම විරුවෙක් වූ කෙනෙකුට කළ දේ සහ රටේ ඉහළම තනතුරට මහ දවල් හූ කීම කලෙත් මේ මිනිස්සුමයි. සිංහල ජාතිය ගැන ආදරයක් ඇති නම් දැන් වත් හරි තීරණයක් ගන්න. මඩ කරුවන් සමග පල් වෙනවාද ? ඔවුන්ගෙන් බැහැර වෙනවාද?

104 comments:

  1. යාලුවා !!!

    මඩ නෑවා .. ඇදුමක් දියං ගෙදර ඇඳං යන්න !!!

    ReplyDelete
    Replies
    1. මුන්ට අම්මලා අප්පලා සහෝදර සහෝදරියෝ නැතිව ජාතක උනු අය බන්.. කතා කරන්න දෙයක් නැහැ.. දැක්කනේ අවජාතක කම පෙන්නු අයුරු බ්ලොග් අවකාශය පුරාම... තව තව කියා කියා යයි මාස දෙකක් විතර... ඒවා ඉතින් අපිට හදන්න බැහැ.. දෙමව්පියන්ට හදන්න බැරි උනු දේවල් අපි කොහේ කරන්නද ...

      Delete
    2. සහන්,අපිට වැදගත් උඹ අපිට ඉදිරිපත් කරන දේ.
      කොපි කලාද අනම් මනම් රෙද්දවල් අපිට වැඩක් නැහැ.
      බැල්ලියන්ට ජාතක වෙච්චි නකුටෝ/නකුටියෝ ගාම්බිර සතුන්ව ප්‍රොෆයිල් වලට දාගෙන,බලු බෙටි දාන්නේ ජම්මේ වැරැද්දට.
      ඔය මටත් ඕන තරම් කියන්නේ.
      බොගේ කීප දෙනෙක් කියල තිබුන පරිදිම මේක කාගේවත් බුදලයක් නෙමේ.
      හැබැයි මේකේ 'මං පොර' හිතාගෙන පාට් දාන්න ආවොත් ඕනෑම එකෙකුට පන්න පන්න මම ගහනවා.
      දිගටම උඹත් ලියපන් ,මමත් ලියනවා.
      මේ කාලකන්නි මේ නිරපරාදේ වැය කරන කාලය අපිට දැනුමක්/සතුටක් ලබන්න පුළුවන් නම් කොච්චර දෙයක්ද?
      මේකට කියන්නේ සහනෝ "කාලකන්නි වින්දනය"කියල.

      Delete
    3. HI Sahan,
      There is something called indirect speech. Paper Boy trying to say something. Pls listen to him.

      Delete
    4. දැන උගත් බුද්ධිමත් කියල කියාගන්න මිනිස්සු නේද මේ. මෙහෙමද තව මනුස්සයෙකුට කතා කරන්නේ. තමන්ටත් අම්මෙක් තාත්තෙක් ඉන්නවා කියල අමතක වෙලාද .

      Delete
  2. සහන් වගේ දැනුම් තේරුම් තියෙන කෙනෙකුගේ පොස්ට් එකක් කොයි තරම් වටිනවද ? මම අදත් කියන්නේ මේ වගේ මිනිස්සු ගැන ලියන්න පොස්ට් එකක් නාස්ති කරන්න එපා. අත් හැරීම තමයි කෙනෙකුට දෙන්න පුළුවන් ලොකුම දඬුවම. මගේ ප්‍රතිපත්තිය නම් ඒකයි. ප්‍රභාකරන්ගේ පුතාට පිය ගුණ ගීත ගයන්න ඉදිරිපත් වෙච්ච් බ්ලොග් සක්විති කෙනෙකුට මම විරුද්ධව කතා කලාම ඔහුගේ බ්ලොග් රෝලෙන් මාව ඉවත් කළා. මමත් ඒකම ඔහුට කළා. නමුත් වෙන කිසිම තැනක මම ඔහු ගැන කතා කලේ නෑ. මේකත් දන්නේ මගේ ක්‍රමය පැහැදිලි කරන්න. ඔහු මා ගැන කතා කලාද කියලා දන්නෙත් නෑ. ඒ විදියට විසඳා ගත්තම ලේසියි සහන්. හිතට වදයක් නෑ. එහෙම කෙනක් හිටියද කියලවත් මතක නැති කර ගන්න පුළුවන් නම් ඒක තමයි දක්ෂ කම. ඉතිං මම සහන්ගෙන් ඉල්ලනවා ඔබ වැනි මහත්මයෙක් මේ වගේ ලද බොළඳ මිනිසුන්ගේ කතා ඉදිරියේ සැලෙන්න එපා කියන එක. මේක කිව්වේ උපහාසයෙන් නෙවෙයි හිතවත් කමට.

    ReplyDelete
    Replies
    1. සුදීක මම දන්නෙත් ඉතාම සුළු දේවල් ටිකක්..මම ඔක්කෝම දන්නවා කියලා කියන්නේ නැහැ. හැබැයි සුදීක අපි එක්ක සෙල්ලම් කරන්න එන අයව නටවන්න නම් මම කියනවා "ඔව් මම දන්නවා ඇයි මොකද "කියලා. නිහතමානී අයට මම සලකන්නේ එක විදිහක්. පහත් අරමුණු වලින් එන මඩ කරුවන්ට සළකන්නේ වෙනස් විදිහකට... දකින්න ඇතිනේ ඔවුන් වයින් වෙන විදිහ පිස්සු හැදුනු ඌරෝ වගේ...????????

      මම පයිලට් කෙනෙකුත් නෙවේ CEO කෙනෙකුත් නෙවේ ඔය කියන කිසිම කෙනෙක් නෙවේ.මම සාමාන්‍ය කෙනෙක්. මට අනේක විදිහේ කතා හැදුවේ මේ මිනිස්සුමයි සුදීක... මම අර යකාට දාපු කමෙන්ට් එකත් පොඩ්ඩක් බලන්න... මොවුන්ගේ අරමුණ "මහ ලොකු සැටලයිට් කාරයට මේවා බැහැ " කියල කියන්න.. මේවා මේ දෙකේ පන්තියේ වැඩනේ සුදීක....

      මම කව්රු උනත් ප්‍රශ්නයක් එන්න බැහැනේ. බොරුවට වැරදි හොයන අය ගැන හිතන්න එපා . ඒ මිනිස්සුන්ට සක්කරයා ඇවිත් කියල දුන්නත් තේරෙන්නේ නැහැ.. ඒ අයට ඕනේ මඩ ගහන්න පමණයි.. සුදීකලා ඇතුළු පිරිසට ඉතාම ස්තූතියි තිරිසන් මිනිසුන්ට සහය නොදීම ගැන... මවකට දාව ඉපදී නැති බව අපි දැක්කනේ ඒ අය... ඕනෙම පහත් වැඩක් කරන්න පෙළඹෙන බව දකින්න ඇතිනේ... තවත් ඔවුන් කරන දේවල් ගැන හිතන්න දෙයක් නැහැ සුදීක... හැකි තරම් ලින්ක් ෂෙයාර් කරමින් අනිත් අයවත් දැනුවත් කරන්න මෙවැනි තිරිසන් මිනිසුන් ගැන.....

      Delete
  3. බ්ලොග් කියන්නේ මේකම තමයි..

    ReplyDelete
  4. මේ වගේ ගල් මුලුත් ඉදලා හිටලා එනවා. සැලෙන්නේ නැතුව දිගටම යං !

    ReplyDelete
    Replies
    1. අනිවා මධු... බුදුන්ටත් ගල් පෙරලපු එකේ අපි කව්ද..

      Delete
  5. බ්ලොග් ඇතුලේ ඕනෑම කෙනෙක්ට ඕනෑම දෙයක් කියන්න පුලුවන්නේ... ඒත් ඒවයෙන් නොසැලී තමන් ලයනදේ හරියට කරන එකයි නයම බ්ලොගිං කියන්නේ. එහෙම මඩ වලට කම්පාවෙලා හැමදේම අත්හැරියොත් ඔබගේ බ්ලොග් එකෙන් වැදගත් දේ දකින කෙනාට කරන අසාදාරනයක් නේද ඒ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහන් ඔබට... මට විවේකයක් නැතිව මේ දෙසැම්බර් වලින් පස්සේ ලියන එක අඩු උනා... ඒත් දැන් නම් දිගටම ලියනවා ... අර මල්ලිලා ටිකට ඉවසන්නම බැරි වේවි...:P

      දිගටම එන්න සහන්... වරදක් තිබ්බොත් කියන්න.. ඔබ වැනි නිහතමානී අයගේ වෙනස මම දන්නවා සහන්... වැරදි හෙවීම , මඩ ගැසීම කියන්නේ වෙනත් දෙයක්නේ... දැන් ඔය මට විරුද්ධව බ්ලොග් එකක්ම දාලා තියෙන්නේ.... ඒකෙනුත් පේන්නේ පළ ඇති රුකට ගල් වදිනවා කියන දේමයි... ( මේවා දකිද්දී ඔන්න තව නටයි අර මල්ලිලා ..:p )

      Delete
  6. ///බල්ලෝ බිරුවට කඳු හෙල්ලෙනේ නැහැ...///

    අන්න හරි...ඕක තමයි මම හැමදාම කියන්නේ සහන්ට....
    කලබල වෙන්න එපා... එක එක පිස්සෝ කියන කතාවලට...

    එත් මෙහෙම උත්තරයක් දුන්න එකත් හොදයි,.

    ReplyDelete
    Replies
    1. වැරදි හොයන කෙනා වැරදි හොයනවාමයි ශිරන්ත... ඔවුන්ට ඕනේ "අන්න අපි සහන්ට දුන්නා බැටේ" කියලා පොඩි සිඟිති වින්දනයක් ගන්න විතරයි... අපි ඉතින් එයාලටත් පොඩි විනෝදයක් දෙන්න ඕනේ... අපේ ගමනත් යන්න ඕනේ... ස්තූතියි ඔබේ වචනයට....

      Delete
  7. සහන් ල වාසනාවන්තයි.මොකද ජනතාවගේ මාධ්‍ය ලෙස අනාගතයෙදි බ්ලොග් හෝ ඊට සමාන දෙයක් ජනප්‍රිය වෙන්න පුළුවන්.ඉතින් ඒකෙ ආරම්භක අවස්ථාවෙදිම සම්බන්ධ වුන එකයි වාසනාව.අපිත් ප්‍රමාදයි.අනික ඕව ගනන් ගන්නව කියන එක සහන්ට තරම් නොවෙයි කියලයි මට හිතෙන්නෙ.ඕනම කෙනෙකුට තමන්ගෙ මතය දරන්න අයිතිය තිබෙනව.සහන්ට කවුරු බැන්නත් සහන් නිවරදි නම් හැමෝම සහන් එක්ක.

    ReplyDelete
    Replies
    1. යකාට මම උත්තර දෙන්නම් සේරටම කළින්. මාව පයිලට් කෙනෙක් කලෙත් මේ මිනිස්සුමයි. මෙන්න මේ ටික මම ආයෙම උපුටලා ගන්නම් යකා...

      \\\\\\කෙනී පවා ඒවා කලේ ආසාවට පමණයි. අපි ඉස්සර කරපු දේවල් පවා සූක්ෂ්මව " මහ ලොකු ඉන්ජිනියර් LED එකක් හයි කරගන්න දන්නේ නැද්ද " කියලා මඩ ගැසීමේ අරමුණින් යොදාගෙන තිබුණේ ඔහොමයි මට CEO ලේබලේ ගහලා. CEO ලේබලේ පයිලට් ලේබලේ එන්ජිනියර් ලේබලේ ගැහුවේ මෙන්න මෙහෙම දේකට යොදා ගන්නයි මේ මිනිස්සු. මහා ලොකු ඉන්ජිනියර් ඕවා දන්නේ නැද්ද කිව්වම වැඩේ ඉවරයි කියලා හිතන්! \\\\\\\\

      මේ අය කරන දේවල් ගැන හිතන්න එපා... කෙළින්ම CEO කෙනෙක් කියලා කියන්නෙත් ඔවුන්මයි... ඊට පස්සේ මහ ලොකු CEO ට ඕකවත් බැරිද කියලා කියනවා...මේක මේ අයගේ සෙල්ලමක්... මේවට අහු වෙන්න එපා මචන්...හෙට අනිද්දට කියයි මම O/L කරලත් නැහැ කියලා... මම දැක්කා විශ්ව රංගනාත් කියන පොර මේනියාවෙන් පෙළෙන මානසික රෝගියා ආයෙම එකම දේ කියවනවා මෙච්චර පැහැදිළිව කියලත්...

      Delete
  8. issellama sama wenna ony,, mama asa unath mata sinhala type karanna be,purudu nethi nisa amarui :( Machan mama ahanben tamai me blogs kiyawanna gaththe, mameli kamata infolanka eke news balanakota,Koththu site ekatath yanna purudu una,ehema tamai mama me blogs kiyawanna gaththe... ithn meke tiyana godak liyum api kiyawala sathutu wenawa,, samahara ewa gossip, mada, kavi, katha, technology.. me hemadema ekinekata wenas.. hemotama ekinekata wenas style ekak tiyanawa liyana( asami dakimi soyami wicharaka thuma, bassige nawathena, samge kamare, sudeeka, mathalan,,) mewa tamai mata mathaka nam..mama umba liyapu ewath kiyawala tibunata nama mathka tibune ne,,eth meka kiyewwama tamai mathak une Upali Car article eka. ... hari den mama mage kathawe ithuru tika kiyannam... mama indika ,, tawa tawa kattiya liyapu mada case ekath dekka, kiyewwa.. samahara welawata mada gahana ewa, arguments, anith minissuntath kiyawala windinna puluwan, eke tarkayan ne,,, eth araka nam pali gannama karapu ketha wedak,, mage adahasanam,, internet eken copy karala hari kamak ne minissunta igena ganna deyak, rasa windinna deyak denawana, mokada hemotama ekama sources hamba wenne nethi nisa, ewagema minissunta aluth dewal ideas enna meka godak honda deyak,, kauru monawa kiwwath digatama karapan machan...api meka pali ganna nethuwa, denuma vinodaya sadaha vitharak yoda gamu,,mada gaha gaththata , vivechana kalata kamak ne,,, kuhaka kam honda ne machanla..... meke adu padu ethi,, soory,,, hithata apu de tamai liuwe... mama chathura.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි චතුර ඔයාගේ අදහසට....

      Delete
  9. මමනම් කියන්නේ සහන් ඔවැනි දේවල් අමතක කරලා ඔබ දන්න දේ අන් අයට බෙඳා දෙන්න කියලයි. එවැනි පුද්ගලයන්ට මඩ කාරයන්ට උත්තර බඳින්න බඳින්න එයාලගේ අරමුණ ඉටුවුනා වෙනවා. ඒ කාළය වටිනා ලිපියකට යොමු කරන්න.
    බල්ලෙකු බුරාගෙන එනවිට අපි ප්‍රතිචාරයක් නැතිව හිටියොත් ඌටම එපා වෙලා යන්න යනවා. නමුත් බල්ලගේ තත්වයට අපිත් පත් වෙලා දඟලන්න ගියොත් බල්ලා තව තව බුරන්න ගන්නවා.
    සහන් මලේ,
    " මිනිසෙකුගේ කකුල
    බල්ලකු විත් සපා කෑ කල
    මිනිසා බලු කකුල
    සපන්නේ නැත කරයි පිළිකුල.."
    උඹට ජයම වේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔයාගේ වචන වලට ස්තූතියි චන්දන අයියේ... අපි දිගටම ලියමු...

      Delete
  10. සහන් කියන ලද්දේ ටෙස්ලා කාරය ගැන තොරතුරු මුලින්ම සිංහලෙන් ජාල ගත කරන ලද්දේ තමන් විසින් බවයි. එය නිවරදිය. නමුත් එය දෙසැම්බර් වල ගෙනෙන එක හිතලුවක් පමණි. එය මුල සිට පෝස්ටුව කියවන්නෙකු ට මැනවින් ගම්‍ය වේ. මන්ද තවමත් ෆ්‍රෙන්ච් වල ලොන්ච් කරල නැති මේ කාර් එක මාස තුනකින් ලංකාවට ගෙන්වනව නම් ඔහු කැසිනො රජා වගේ සල්ලිකාරයෙක් විය යුතුය. එලෙස පැවසීමෙන්ම මස්තිෂ්ක ඇත්තෙකුට එය තේරුම් යා යුතුය.


    මට සිතෙන විදියට බොහොමයක් දෙනා බ්ලොග් ලියන්නෙ මානසික තෘප්තියක් උදෙසාය. කෙනෙකුට පහර ගැසිමෙන්ද ඇතමෙක් මානසික තෘප්තියක් ලබයි. එනයින් අප්‍රසිද්ද චිත්‍ර ශිල්පියෙක් ඇඳි ඇති පින්තුරයක් පෙන්වා කවුද ඇන්දේ ඇසීමෙන් යම් සතුටක් ලබනවා නම් එය වරදක් නොවේ.මන්ද එය කාටවත් හිරිහැරයක් හො අපහාසයක් නොවන බැවිනි. නමුත් නිර්නාමිකව හෝ නාමිකව ඇවිත් සාධාරණ තර්කයකින් තොරව කෙනෙකුට ඇහිල්ල දිගු කරයි නම් එය වරදකි. මෙහිදි ඉන්දිකව යම් තරමකට සාධාරණය කිරීමට හැකිය. ඔහු ලිපිය තුලින් ම එහි අඩංගු යම් යම් දෑ ගෙන ප්‍රශ්න තර්ක නැගුවේය . නමුත් සහන් සහ ඉන්දික යන දෙදෙනාම අගබාගයේදි දේශපාලන යුධ පිටියක් සේ ක්‍රියා කලහ. එහි වු යම් දෙයකට එක් වීශ්ව නැමති එක් මිනිසෙකු කල දුටු කල වල ඉහ ගන්නා සේ මට //කියපන් ලෝකෙ උස්සන හැටි කියම්න් ප්‍රශ්න නැගුවේය.

    ඇත්තවශයෙන්ම විශ්වට මෙම ගැටලු වලට විසදුම් අවැසි නම් පුද්ගලික ව මේල් කල හැක.එසේත නොමැති නම් ස්කයිප් තුලින් පැය2.යි විනාඩි 35ක් විතර සාකච්ඡා කිරිමට ද පුලුවනි. නමුත් ඔහුට අවශ්‍යව ඇත්තෙ පිළිතුරු ලබා ගැනිමම නොවේ. එය තැන තැන ගෙන කමෙන්ට් දැමිමෙන් පැහැදිලි වෙයි. නමුත් පිලිතුරු දීම දිගින් දිගටම ප්‍රතික්ෂේප කරයි නම් නැවත නැවත පිලිතුරු දෙන ලෙස බල කිරීම ද වැරදිය. එය සමහරක්විට ෂාන් නොදන්නා කම හෝ දැන දැනම දීමට ඇති අකමැත්ත හෝ පිලිතුරැ දීමකට සුදුසු පසුබිම ද නොවීමට පුලුවනි. ( මම මෙලෙස කියන්නෙ සහන් ගේ අකුණ පොස්ටුවේ ඔහු ලබා දී ඇති දීර්ඝ පිළිතුරු හේතුවෙනි.)

    තම පණ මෙන් ආදරය කරන දුවෙකුට බිරිදට තම සුලු වරදක් නිසා හෝ නොකල දෙයක් නිසා අවමන් විදිමට සිදුවේ නම් විශාල මානසික හා කායික බලපෑමක් ඇති කරයි. එයත් දිගින් දිගටම නීච සහ පහත්ම ලෙස ගර්හාවට ලක්කර , මම නොවේ ඒක දැම්මෙ යන්න පවසයි නම් එය නිදහසට කරැණක් නොවේ . මන්ද වෙන්න ඕනි දේ එවිට වී හමාර නිසා. එහෙම ව්‍යාකුල තත්වයට පත්වුවකුට පිලිතුරු නොදුන් තිරිසනා , පොර වෙන්න හදන ඒකා , නොදන්නා ඒකා යනාදි වශයෙන් එක එක කියද්දි කෙනෙකුගේ මානසිකත්වය කෙබදු වේද ?. (එක් උදාහරනයක් තම දියණියට පැමිණි අපහාසය පවා තම වාසියට හරවන මෙම තිරිසනා . )

    පුද්ගලිකව මට නම් එවැනි මානසික මට්ටකට වැටුනු විට ඉමහත් කලකිරීමක් ඇතිවේ. නමුත් පිලිතුරු දීම අරබයා පැහැදිලි කිරීමටම සහන් ඔබ ලියු ලිපිය රත්තරන් වලට වැඩිය වටී. මන්ද මට නම් මෙපමණ සේවයක් කර මෙලෙස වුවහොත් හෙට සිට අන්තර්ජාලයද භාවිත නොකරන නිසා.

    ReplyDelete
  11. ඔබ හිතුවට පිළිතුරැ දුන්නා කියලා ඔබ නියම කරුණට පිළිතුරු දුන්නේ නැහැ.
    ඔබ දෙතුන් පලකම සඳහන් කළා ඔබ වෘත්තීය චන්ද්‍රිකා හදන තැනක රැකියාව කරනවා කියලා(නැහැ කියනවා නම් පෙන්වන්නම්) ඉතින් චන්ද්‍රිකාවක් සැලසුම් කරන ඉන්ජිනීයර් කෙනෙක්ට අන්තර්ජාලය මගින් LED පත්තුකරන පරිපථයක් සඳහා උපදෙස් ගන්න අවශ්‍යද කියන එක තමයි එතනින් මතු කරන ලද තර්කය. ඔබ මෙතන වචන දහස් ගණනක් ලියුවත් එම කරුණට පිළිතුරු දීලා නැහැ. එනම් මෙය අදාල තර්කය නොබිදින ලද හිස් පොස්ට් එකක් පමණයි.

    එහෙම නම් මේවාට පිළිතුරු දෙන්න.
    1 - ඔබ වෘත්තීය චන්ද්‍රිකා හදන තැනක රැකියාව කරනවා කියලා බොරු පැවසුයේ ඇයි?
    2 - වීඩියෝ මගින් ගත් පින්තුර මිතුරෙකුට call කර ලබාගත් ලෙස බොරු කීවේ ඇයි?
    3 - ඔබ WNISAT නම් චන්ද්‍රිකාවේ පවතින සෝලර් පැනල් වල මුළු අවුට් එක ඇම්පියර් 200 ලෙස බොරු සඳහන් කලේ ඇයි?
    4 - පොලවට 600 km ඉහලින් යන WNISAT නම් චන්ද්‍රිකාවේ පවතින කැමරාව 35000 km සුම් කරන්න පුළුවන් ලෙස බොරු කීවේ ඇයි.
    5 - NHK නාලිකාව මගින් විසුරුවා හැර ලෝකයේම මිනිසුන්ට දකින්න පුළුවන් රුපයක මුනවල් මැකීමෙන් සහ නිෂ්පාදනයට සම්බන්ද නම සඳහන් ලේබල් මැකීමෙන් සහ youtube මගින් පෙන්වූ vවීඩියෝ එක්ක දැක්වෙන මෝටර් රථයක අංක තහඩුව මකා ඔබ බලාපොරොතු වන privacy සුරකීමේ තේරුම කුමක්ද?

    දැන් ලස්සනට මේ ටිකට පිළිතුරු දෙන්න. පියවරෙන් පියවර්.
    මේවාට ඔබට පිළිතුරු නැත ඔය සියලු දේ කලේ පොර වීම සඳහා පමණි. තවත් මෙවැනි හිස් ලිපි ලියා ඔබගේ කාලය කන්න එපා. ඔබට ඔබ නිරුවත් කල බ්ලොග් එකේ සඳහන් කිසිම ප්‍රශ්න කිරීමකට දීමට පිළිතුරු නැත එබැවින් ගිය දේ අමතක කර අදින් පසුවත් හොර බොරු නැතිව වැදගත් ලිපි ලියන්න.

    ReplyDelete
    Replies
    1. \\\\\\ඔබ දෙතුන් පලකම සඳහන් කළා ඔබ වෘත්තීය චන්ද්‍රිකා හදන තැනක රැකියාව
      කරනවා කියලා(නැහැ කියනවා නම් පෙන්වන්නම්) \\\\\

      මටත් පෙන්නන්න පුළුවන් ඔබ මුළු පෝස්ට් එකක්ම දැම්මා ඔබට ඇති වූ සියලු
      ගැටළු ගැන පිළිතුරු මා කියූ බව.. විශ්ව ඔබට යමි කිසි මානසික අසහනයක්
      පවතින බව මේ මුළු බ්ලොග් අවකාශේම දැකලා ඉවරයි...

      \\\\\\\\ඉතින් චන්ද්‍රිකාවක් සැලසුම් කරන ඉන්ජිනීයර් කෙනෙක්ට අන්තර්ජාලය
      මගින් LED පත්තුකරන පරිපථයක් සඳහා උපදෙස් ගන්න අවශ්‍යද කියන එක තමයි
      එතනින් මතු කරන ලද තර්කය. ඔබ මෙතන වචන දහස් ගණනක් ලියුවත් එම කරුණට
      පිළිතුරු දීලා නැහැ. එනම් මෙය අදාල තර්කය නොබිදින ලද හිස් පොස්ට් එකක්
      පමණයි.\\\\\\

      1 - \\\\\දිගින් දිගට වාදයට එද්දී මම කිව්වොත් එහෙම " ඔව් මම ඔක්කෝම
      දන්නවා අකුරක් නෑර.ඇයි මොකද " කියලා අන්න ඉවරයි.ඔබ දකින්න ඇතිනේ එවැනි
      කෙනෙක් සමග මම කරපු.. ඔබ වයින් වූ සැටි මම දැක්කා මගේ එක වචනෙකින්..
      තාමත් වයින් පිට නේද ඉන්නේ..? \\\\

      02. පෝස්ටුව නැවත සහ මා මෙහි දැමු කමෙන්ටුව නැවත කියවන්න..

      03. ඔබට සියල්ල පැහැදිළි කර ඇත මීට පෙර.එකම දේ කිය කිය කාලය විනාශ කරගන්න
      එපා.. ඔබම එදා කිව්වා මේ දේ නිසා ඔබට පැය 6 ක් විතර වැය වූ බව ගූගල් වල
      හොයන්න. ඇම්පියර් 200 ධාරාව ගැන ඔබට අනන්ත පැහැදිළි කරා ට්‍රාන්ශ්මිෂන්
      කරන සිස්ටම් ගැන එකින් එක කියමින්.... ඔබම පිළිගත්තා සියල්ල මා කියූ බව.
      දැන් මෙතන බොරුවට නිරුවතින් නටන්න එපා. අපි සියලු දෙනාගේ කාලය අපරාදේ...

      04. ඔබට පැහැදිළි කරා එදාම..ඔබම පිළිගත්තා.. ආයේ ආයේ එකම දේ කියන්න
      එපා... අපි සියලු දෙනාගේ කාලය අපරාදේ... සහන් එළිපිට නොකියන දේවල් ඔහුට
      කොච්චර අපහාස කරත් නොකියන බව ඔබ කිව්වා.. ( එක්කෝ ඒවා බොරු. ඇයි එදා බොරු
      කිව්වේ එහෙනම් ..එක්කෝ අද කියන්නේ බොරු..ඇයි අද බොරු කියන්නේ..)

      05. \\\\\\උදා :- NHK ආයතනය මගින් ලබා ගත් නැරඹුම් ගිණුමක් මගින් සේවය
      ලබා ගනී නම් විටින් විට කෝඩ් අප්ඩේට් වීම/නොවීම තිරයේ දිස් වෙන්න
      පුළුවන්. එම කෝඩ් එක දුටු පමණින් කියන්න පුළුවන් මේ තරංගය එන්නේ SLRC
      වෙනුවෙන්ද ITN වෙනුවෙන්ද MTN වෙනුවෙන්ද MBC වෙනුවෙන්ද යනාදී වශයෙන්.
      එවැනි දේවල් ගැන මට තුන්වෙනි පාර්ශවයක අවවාද සහ අනුශාසනා අවශ්‍ය නැහැ.
      මකනවාම තමයි.\\\\\\\\\

      ඔබට කිසිම දැනුමක් නැතිව හැසිරෙන බව තව තවත් පෙන්වන්න එපා.. අපි සැටලයිට්
      සිග්නල් එකක් ඩිකෝඩ් කරද්දී ඩිවයිස් ID කෝඩ් එකක් , ස්ට්‍රීම් ID කෝඩ්
      එකක් ඔන් එයාර් එනවා. ඒ ID එකක් දැකපු හැටියේ කියන්නේ පුළුවන් මේ තරංගය
      එන්නේ SLRC වෙනුවෙන්ද ITN වෙනුවෙන්ද MTN වෙනුවෙන්ද MBC වෙනුවෙන්ද යනාදී
      වශයෙන්. එවැනි දේවල් ගැන මට තුන්වෙනි පාර්ශවයක අවවාද සහ අනුශාසනා අවශ්‍ය
      නැහැ. මකනවාම තමයි ...

      Delete

    2. විශ්ව ඔබට හරි හැටි ටෙක්නිකල් ටර්ම්ස් වලින් කතා කරපු හැටියේ කිසිම
      දෙයක් තේරෙන්නේ නැහැ ... ඔබම එදා කිව්වා ඔබ මේ ගැන දන්නෙම නැහැ කියලා..
      එහෙම වෙලත් නොදන්නා දෙයක් ගැන දන්නා සේ කතා කරමින් අනුන් මුළා කරන්න
      එපා.. ( ඔබ එදා කියූ G ෆෝර්ස් විකාරෙත් ඒ වගේමයි.. මම කරපු දේ වැරදි
      කිව්වා මහ වීරයා වගේ.. හොඳට මතක තියාගන්න මම කරපු පැහැදිළි කිරීම කලේ
      ඕනෙම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් ආකාරයෙන්... ඔබ නිකන් මැදින් පැනලා
      වීරයා වෙන්න හැදුවට වැඩක් නැහැ අකුරක් දෙකක් අස්සෙන් ගහලා... අනිත් අයට
      කියන්න තියෙන්නේ මේ මේ මිනිස්සුන්ගේ තරම... අර ආත්තම්මා ගැන හදපු විකාරය
      මම දැක්කනේ.... තවත් මොන කතාද ඔබේ නිගමන , ගණන් මිණුම් ගැන...)

      ####කෙනී දෙමටගොඩගෙන් මම අහපු LED ප්‍රශ්නය :- මම දැක්කා වසර3 ,4 ක් පමණ
      පරණ දේවල් පවා අදිමින් කරලා තිබුණු විහිලුව. ඉලෙක්ට්‍රොනික් පරිපත ගැන
      උනන්දුවක් තියෙන ඕනෙම කෙනෙක් එවැනි දේවල් හදන්න හෝ වෙනත් බාහිර විස්තර
      ගැන අහන්න පෙළඹෙනවා. එයට හේතුව තමයි පරිපථයෙන් පරිපථයට සැළසුම වෙනස්
      වෙන්න පුළුවන්. එක් සුළු වෙනසකින් පරිපථයම දැවී යන්න පුළුවන්. ඒ නිසා එකම
      ක්ෂේත්‍රයේ ඉන්න කෙනෙක් දැක්ක හැටියේ අහනවා

      අර පරිපථයේ විස්තර කොහොමද .
      මම හැදුවේ මෙහෙම.ඒක වැඩ කරද්දී රත් උනා ,
      කැප් පිපිරුවා ,
      රෙසිස්ටර්ස් ඕවර් හීට් වෙනවා ,
      ට්‍රාන්සිස්ටර් එකක් කොච්චර කරත් පිච්චෙනවා ,
      LED ටික ඩිම් වෙනවා,
      සති කීපයකින් පිච්චෙනවා ආදී වශයෙන්.


      මේ විදිහට හුවමාරු කරගන්න තොරතුරු පොත් පත් වල නැහැ. මේවට කියන්නේ
      වෘත්තීය අද්දැකීම්. වෘත්තීය අද්දැකීම් හුවමාරු කරගන්න PhD තියෙන්න ඕනෙත්
      නැහැ CEO කෙනෙක් වෙන්න/නොවෙන්න ඕනේ නැහැ. මම අර මුළින් කියපු සිඟිති
      ප්‍රශ්න ක්‍රමය මතකනේ.මෙතනත් වෙන්නේ ඒ දේ. එකම අරමුණ සහන් ගැන වෛරයක්
      ඇති කිරීම පමණයි. අපි ඉතින් එවැනි දේ ගැන කලබල වෙන්න ඕනේ නැහැ.

      Delete

    3. LED ගැන නැවත :- LED යොදාගෙන නිවසකට උචිත විදිහට බල්බ් හැදීම කියන දේ
      දැනට වසර 3 කට විතර කළින් අද තරම් පහසු උනේ නැහැ. එයට හේතුව තමයි LED
      වෙනුවෙන් ස්ථාවර වෝල්ටීයතාවයක් සැපයියයුතු වීම. 3V ලෙස සඳහන් බල්බයකට
      3.6V පමණ ලැබෙන්න ගත්තොත් පැය 6 ක් පමණ බල්බයේ ආයු කාලය බෙහෙවින්
      අඩුවෙනවා. සූත්‍රිකා පහන් වගේ විශාල වෝල්ටීය පරාසයකට ඔරොත්තු දෙන්නේ
      නැහැ. ( දැන් කියන්න එපා 3v LED ගැන විතරද දන්නේ කියලා. වෝල්ටීයතාවය
      කීයක් වෙන LED එකක් ගත්තත් පොදු ගැටළුවක් එනවා ප්‍රධාන සැපයුම් ධාරාවේ
      අගය උච්ච්වචනය වීම එක්ක )

      i.නියමිත විදිහට වෝල්ටීයතාවයක් දෙන්න බැරිද :- දෙන්න පුළුවන්. හැබැයි පිට
      කොටුවේ තියෙන සත 50 රෙසිස්ටර්ස් ,ට්‍රාන්සිස්ටර්ස් කැපසිටර්ස් IC ,
      ඩයෝඩ් අරන් මේ වැඩේ කරන්න අමාරුයි. එහි අගය 12%+- විතර වෙනස් වෙනවා ඇතැම්
      විට . ( දැන් කියයිද දන්නේ නැහැ IC වල අගය වෙනස් වෙනවා කියලා ඇහුවමයි
      කියලා.. සිඟිති ප්‍රශ්න අහන අය ගැන කලබල වෙන්න එපා )

      නිසි ලෙස සකස් නොවූ පරිපථයක ඇති ට්‍රාන්සිස්ටර් එකක බේස් කරන්ට් වෙනස්
      වීමක් නිසා පිටවන වෝල්ටීයතාවය 1v සිට 2 v දක්වා උනත් වෙනස් වෙන්න
      පුළුවන්. ඒ වෙනස හොඳටම ඇති සුරුස් ගාලා බල්බ් ටික පිච්චිලා යන්න.

      Delete

    4. ii. වෝල්ටේජ් රෙගිව්ලේටරයක් දැම්මා නම ගොඩනේ කියාවි මේ ටික දැකපු හැටියේ.
      එහෙම දෙයක් කරනවා නම් වොට් 3 - 12 පමණ වෙන රෙගිව්ලේටරයක් හෝ රෙගිව්ලේටර
      පද්ධතියක් , ට්‍රාන්ස්ෆෝමර් එකක් ඕනේ. ( නැත්නම් smps එකක් ඕනේ.මේ ගැන
      පසුව කියන්නම් ). දැන් ඔය ඔක්කෝම දාලා හදන්න කීයක් යනවද?මෙන්න මේ නිසයි
      හදන්න කළින් හදපු එක්කෙනෙක්ගෙන් අහන්නේ හදන්නද/එපාද / වැඩ කරාද/ගැටළුවක්
      ආවද කියලා. මොරටුවෙන් ආව එන්ජිනියර් කෙනෙක් උනත් මෙහෙම දෙයක් ගැන අහනවා 8
      වසරේ පොඩි ළමයෙක්ගෙන් උනත්..එය ලැජ්ජාවට කරුණක් නෙවේ. මොකද පළපුරුද්දෙන්
      ලත් අද්දැකීමක් වටිනවා.


      iii.මේ සේරම කරලත් බල්බ් ටික ටික දවසකින් ඩිම් උනොත්මොකද කරන්නේ? මෙන්න
      මෙතැනදී තමයි මිළ කියන සාධකය එන්නේ. රුපියල් 400 ක් විතර වියදම් කරන්න
      ඕනේ ප්‍රමාණවත් එළියක් ගන්න පුළුවන් වෙන විදිහේ බල්බ් එකක් හදන්න. LED
      ටිකටම ඇතැම් විට 300 කට වැඩිය යන්න පුළුවන්. මොන වර්ගයේ බල්බ්ද ගන්න ඕනේ
      කියලා මෙතැනදී නම් අනිවාර්යෙන්ම පළපුරුද්ද ඇති කෙනෙක්ගෙන් අහන්නම ඕනේ!
      නැත්නම් වෙන්නේ සියලු මුදල් වතුරේ යෑම.


      iv. ඔය මම කිව්වේ මීට වසර 3 , 4 කට කළින් තත්වය.අද වෙද්දී නම් කෙළින්ම
      සුරුස් ගාලා හදන්න පුළුවන් කිට්ම තියෙනවා. ඉස්සර අපි මේවා හැදුවේ ආසාවට
      මිසක් ආර්ථික ලාබයක් බලාගෙන නෙවේ. කෙනී පවා ඒවා කලේ ආසාවට පමණයි. අපි
      ඉස්සර කරපු දේවල් පවා සූක්ෂ්මව " මහ ලොකු ඉන්ජිනියර් LED එකක් හයි
      කරගන්න දන්නේ නැද්ද " කියලා මඩ ගැසීමේ අරමුණින් යොදාගෙන තිබුණේ ඔහොමයි මට
      CEO ලේබලේ ගහලා. CEO ලේබලේ පයිලට් ලේබලේ එන්ජිනියර් ලේබලේ ගැහුවේ මෙන්න
      මෙහෙම දේකට යොදා ගන්නයි මේ මිනිස්සු. මහා ලොකු ඉන්ජිනියර් ඕවා දන්නේ
      නැද්ද කිව්වම වැඩේ ඉවරයි කියලා හිතන්! ###########


      මෙන්න මේ ටික නැවත කියවන්න.. නැවත මගේ සහ අනිත් අයගේ කාලය කන්න එපා
      කමෙන්ට් කරමින්... දැන් වත් කරුණාකරලා යන්න .. ඔබේ අන්තිම පහත් වැඩ ගැන
      අපි සියලු දෙනා දැක්කා... ඔබ වැනි කෙනෙක් සමග තවත් කාලය කෑම නිෂ්ඵලයි...
      ඔබත් ඔබේ කාලය විනාශ කරගන්න එපා විකාර කරමින්....

      _______________________________________________

      සියලු දෙනා මෙන්න මේක බලන්න .. මොහුගේ මානසික මට්ටම තේරුම් ගන්න
      පුළුවන්January 9, 2014 at 6:49:00 PM GMT+5:30


      හ්ම්ම්ම්ම්ම්ම්
      මුල් මුණුපුරා හිරේ ගියේ වසර 30 කට කලිනි එවිට ඔහුගේ වයස 18 කට වැඩි විය
      යුතුය. එනම් අවම ලෙස ඔහු ඉපදී ඇත්තේ වසර 30+18 = 48 කට කලිනි ඔහු ඉපදෙන
      විට ඔහුගේ මවගේ හෝ පියාගේ වයස 18 නම්. හිරේ ගිය මුණුපුරාගේ මව හෝ පියා
      ඉපිද ඇත්තේ මෙයට වසර 48+18=66 කට කලිනි එම මව හෝ පියා ඉපිද ඇත්තේ
      අත්තම්මාට වයස 18 නම් මේ වෙනවිට අත්තම්මාගේ වයස 66+18 = 84 කි
      එමනිසා අත්තම්මාට 84 වන නිසා සිහිකල්පනාව මද වීමට හැකියාව ඉහල නිසා ඇමති
      මුණුපුරන්ගේ මැර වැඩ ගැන හැගීමක් ඇයට නොමැති නිසා ඇය වෙනස් ප්‍රතිචාර
      දක්වන්න පුළුවන්. එහෙම නම් එතන ලොකු වරදක් නැහැ.

      හිරේ ගිය මුණුපුරාට අවම ලෙස වයස 48 වත් වියයුතු බැවින්. අනෙක් මුණුපුරන්
      වයස 40 ට වැඩි කියා හිතුව හොත් ඇමති දුමී කට්ටිය හිතන දුමී නොවිය හැක.
      කොහොම උනත් ප්‍රබන්දයක් නේ. කතාව තේරුණා රුපයේ ගැලපීම තේරුනේ නැහැ.
      __________________________________________________

      Delete
    5. SilentSahanJanuary 9, 2014 at 7:21:00 PM GMT+5:30


      හපොයි මෙච්චර ගණන් හදන්න දෙයක් නැහැ විශ්ව...

      මේක ප්‍රභන්ධයක් .. !

      ආත්තම්මා කෙනෙකු වන්නේ තම කුසින් වැදීමෙන් පමණක් නෙවේ.. විවාහ සම්බන්ධ , තම සහෝදර සහෝදරියන්ගේ දරුවන් වීමෙන් වැනි හේතු වලින් පවා ආත්තම්මා කෙනෙක් වෙනවා...


      ඔබට නම් නැතිව ඇති...ඒත් මට නම් ඉන්නවා මට වඩා වයසින් වසර 25 ට වැඩි සහෝදරයන් ... මට වඩා වසර 25 ට වැඩි ඥාතිකමින් දරුවන් වන අය... ඒ නිසා සියල්ල ඔබේ මිම්මෙන් මණින්න එපා... අනිත් අයත් දකිනවා නෙව මේවා ... විශාල පවුල් හිමි අයට එවැනි ඥාති කම් හිමියි..මේවා අපිට අරුමයක් නෙවේ ඔබට එසේ උනාට...

      මුළින්ම හිරේ ගිය කෙනා 'මුණුබුරෙක්' කියා නැහැ මා.ඔබේ එසේ හිතින් මවාගෙන හෝ ගාලා ගණන් හදනවා... කිසි තේරුමක් නැහැ...

      කොහේ හරි වචන ටිකක් දුටුව හැටියේ මනෝලොකයක තනි වී ලොකු දුරක් යන්න එපා...

      දැන් බලන්න මේ වගේ කමෙන්ට් දකින අය ඔයා ගැන මොනාද හිතන්නේ ...:(

      කතාවක් වත් රස විඳින්න බැරි අමුතුම කෙනෙක් කියලා නේද.. මෙහෙම හැසිරෙන්න එපා ....


      ______________________________________________



      විශ්ව තවත් සිංහල බ්ලොග් කරුවන්ගේ කාලය කන්න එපා.... මේ හොඳටම ඇති... කරුණාකර සුදුසු ප්‍රතිකාරයක් ලබා ගන්න...

      Delete
  12. Replies
    1. හැක්...හැක්.... :) :)
      ඉන්දික මචන් සේරම අත හැරලා අපි කට්ටිය නියම පාරට එමු බන්....
      අපි මේ පඩි ටෝක් දෙන ශරීර කවද හරි පොලවට පස් වෙනවනේ...
      උඹට මොනවා හ‍රි මේ බොගේ එව්වන්ගෙන්,මා ඇතුළුව යම් සිත් තැවුලක් වුනා නම් සමාව අයැද සිටිනවා මචෝ...
      මෙතන ඉදල අපි එකා වගේ එකට යමු....

      Delete
  13. අපරාදේ මේක ලියපු කාලේ ඔයාට වෙන පෝස්ටුවක් ලියන්න තිබුණේ අයියේ..ඔයා මේ දේවල් පැහැදිලි කරන්න අවශ්‍ය නෑ කියලයි මම නම් හිතන්නේ...මොකද ඔයාව කියවන අපි ඔයා කවුද කියලා නොදන්නවා උනත් සහන් කියන බ්ලොග්කරුවාව හඳුනන නිසා..

    //මේ බ්ලොග් අවකාශය තුළදී මම ඉතාම සුහදව ඉන්න බව දැකලා ඇති. අනික් අයට කරන්න පුළුවන් උදව්වක් තිබ්බොත් මම ඒක කරනවා.// සහතික ඇත්ත.... අත්දැකීමෙන්ම දන්නවා ඔයා අනිත් අයට උදව් කරන කෙනෙක් කියලා..

    මම මේ ගැටුම් වැඩිය කියවන්නෙ නෑ...ඒ නිසා හරි වැරදි කවුද කියන්න දන්නෑ....නමුත් ඔයා හොඳ කෙනෙක් කියලා දන්නවා...එච්චරයිනේ අපට ඕනේ.

    ReplyDelete
    Replies
    1. මම නම් එදා ඉඳන් මේ වගේ දේවල් ගණන් ගන්නේ නැහැ රෙහානි.. මෙහෙම මඩ කාරයෝ කොච්චර ඉන්නවද ... මේවා ගැන හිතන්න දෙයක් නැහැ... දෙමාපියන්ට පවා බැනපු අයගේ ස්භාවය පැහැදිලිනේ රෙහානි...

      Delete
  14. මට පෙන්නේ උඹලා ටොපි බේදනවා!අපි ඉල්ලන් ටොෆි කනවා වාගේ වැඩක්!
    උඹට ගහලා ලියලා තියෙන පොස්ටු ටිකත් බලලාම එන්නම් යමක් කියන්න.

    ReplyDelete
    Replies
    1. අපේ පෝස්ට් වගේ නෙවේ සම්භාව්‍ය විදිහට ඒවා තියෙන්නේ මචන්... මඩ නැහැ... පිරිසිදු වචන... බලලා එන්නකෝ එහෙනම් ....

      Delete
  15. සහන් ඇත්තටම පිළිතුරු ලිපියක් ලිවීම ගැන මට සතුටුයි . පසුව නැවතත් එන්නම්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මනෝජ්.. විවේක වෙලාවට නැවත එන්න...

      Delete
  16. සහන් අය්යා අර ඉස්සර වගේ හොද පොස්ට් 2ක 3ක් ලියන්න පුලුවන් නම් (ඇයි අපිට ජපානෙන් 300% බද්දට වාහන ගේන්න උනේ?) වගේ පොස්ට්

    ReplyDelete
  17. //අරහෙන් දාලා මෙහෙන් ගත්තා කියයි. හැබැයි කරලා බලන්න ඕනේ තියෙන අමාරුව.// ++++ යම් තරමකට අත්දැකීම් ද තිබේ.

    අනෙක් දේවල් ගැන නම් ඉතින් කියන්න තියන්නේ, බ්ලොග් වල ඉන්නෙත් මේ සමාජයේම ය නෙ. විවිධාකාර අය.. නොසැලී යමු සහන්..

    ReplyDelete
    Replies
    1. අනිවා චන්දන... ගල් මුල් මඩ ඕනෙම දේකට එනවා.. කොහෙද මෙච්චර කාලයක් ගිහින් හිටියේ... ආයේ බ්ලොග් එක ලියන්න... අපි නිතර මතක් කරනවා ඔයා ගැන චන්දන......

      Delete
  18. //මොරටුවෙන් ආව එන්ජිනියර් කෙනෙක් උනත් මෙහෙම දෙයක් ගැන අහනවා 8 වසරේ පොඩි ළමයෙක්ගෙන් උනත්//
    ඔබ සාමාන්‍ය පුද්ගලයෙක් කියා කිවුවා නේද එහෙම නම් නොදන්න ඉංජිනේරු විද්‍යා කථා නොකර් පාඩුවේ ඉන්න.

    සටහනක් බලාගෙන පරිපත සකසන අය ඉන්නවා.
    ලොකු න්‍යායික දැනුමක් නැතත් ප්‍රයෝගික දැනුම ඇසුරෙන් පරිපත සැලසුම් කරන අය ඉන්නවා.
    න්‍යායික සහ ප්‍රයෝගික දැනුම ඇසුරෙන් පරිපත සැලසුම් කරන අය ඉන්නවා.
    මේ සියලුම දෙනා එක ගොඩකට දාන්න බැහැ සහන්. මේ ගැන අපි කතා නොකර් ඉමු ඔබ සාමාන්‍ය කෙනෙක් නේ.

    ReplyDelete
    Replies
    1. ______________________________________________
      විශ්ව රංගනාත් has left a new comment on your post

      ඔබ තවම පිළිතුරු දුන්නේ නැහැ සහන්.
      //ඇම්පියර් 200 ධාරාව ගැන ඔබට අනන්ත පැහැදිළි කරා ට්‍රාන්ශ්මිෂන් කරන සිස්ටම් ගැන එකින් එක කියමින්//
      30cm x 30cm සුර්ය කෝෂ හතරක් සහිත කුඩා චන්ද්‍රිකාවක සුර්යකෝෂ පද්දතිය මගින් ඇම්පියර් 200 ධාරාවක් එනවා කියලා පිළිගන්න මම හරකෙක්ද? මම එතන කලේ ඒවා ගැන ප්‍රශ්න නොකර සිටීමක් පමණයි එයට හේතුව මම මෙතන පැහැදිලිවම ලියුවා.

      //ඔබට පැහැදිළි කරා එදාම..ඔබම පිළිගත්තා.. ආයේ ආයේ එකම දේ කියන්න එපා//
      පොලවට 600 km ඉහලින් යන WNISAT නම් චන්ද්‍රිකාවේ පවතින කැමරාව 35000 km සුම් කරන්න පුළුවන් කියලා පිළිගන්න මට පිස්සු නැහැ. මම ඒවා ප්‍රශ්න නොකරන්න හේතුව කලින් ලින්ක් එකේ තියෙනවා

      තවත් මාගේ චරිත සහතිකය භාවිතා නොකරන්න. මම එය අවලංගු කරන ලදී. පුළුවන් නම් මම ඉහත දුන් 3 සහ 4 ප්‍රශ්න වලට පිළිතුරු පොස්ට් එකක් දමා හෝ පහදන්න.

      1,2 සහ ප්‍රශ්න සඳහා ඔබ එසේ පිළිතුරු දුන්නේ ඔබට අරින්න එන අය අන්දවන්න කියා දැන් සාධාරණය වෙන්න කමක් නැහැ.

      5 සඳහා පිළිතුරක් දී නොමැත.

      හොඳ දරුවා වගේ මෙය පල කර පිළිතුරු දෙන්න.

      ____________________________________________________







      \\\\\\\\\\\මේ ගැන අපි කතා නොකර් ඉමු ඔබ සාමාන්‍ය කෙනෙක් නේ.\\\\\\\\\


      මේ තියෙන්නේ බළලා මල්ලෙන් එළියට ඇවිත් මල්ලි...! සහන්ව පහත් කරන්න නේද ඕනේ කලේ ...! ඇයි දැන් කියන්නේ නැත්තේ සහන් ඔබ නිහතමානී කෙනෙක් කියලා... හෙහ්හ්හ් හෙහ්හ්හ් ඔයාගේ ගොරකා මදි මාව තම්බන්න... ආයේ ආයේ බොරු දාන්න එපා විශ්ව ... තේරුමක් නැහැ.. ඔබේ අරමුණ හොඳටම පැහැදිළියි අපි සියලු දෙනාට...

      \\\\\30cm x 30cm සුර්ය කෝෂ හතරක් සහිත කුඩා චන්ද්‍රිකාවක සුර්යකෝෂ පද්දතිය මගින් ඇම්පියර් 200 ධාරාවක් එනවා කියලා පිළිගන්න මම හරකෙක්ද?\\\\\\

      මුල සිටම මමයි කිව්වේ පිටතින් පෙනෙනවට වඩා සූර්ය කෝෂ පද්ධතියක් එහි අඩංගු වෙන බවත් , ඒවා දිග හැරෙන්නේ අභ්‍යවකාශගත වූ පසු බවත් , මා පෙන්වා තිබු රූපයේ මුළු සූර්ය කෝෂ පද්ධතියම පෙනෙන්නට නැති බවත්... ඔබයි එය පිළිගත්තේ නැත්තේ... දැන් මෙහෙම කියන එපා...මේකේ වෙන්නේ ඔබ ගැන කිසිම විශ්වයක නැති වීම පමණයි...

      \\\\\\\\\පොලවට 600 km ඉහලින් යන WNISAT නම් චන්ද්‍රිකාවේ පවතින කැමරාව 35000 km සුම් කරන්න පුළුවන් කියලා පිළිගන්න මට පිස්සු නැහැ.\\\\\\\\\

      කිලෝ මීටර 600 ක් වේවා 35000 ක් වේවා මූලික සැකැස්ම එකයි. WNISAT චන්ද්‍රිකාව පිටින් දාලා සියල්ල වහගන්න හදන්න එපා. කිලෝ මීටර් 35000 සූම් වෙන කාච පද්ධතියක් ගැන වුවද කියන්න තියෙන්නේ මෙයමයි. එක් එක් ප්‍රභල තාවයෙන් අනුව සැකසීම වෙනස්... ඒ සියල්ල ගැන ඔබට මින් පෙර පැහැදිළි කරා...

      05. සැටලයිට් සිග්නල් ගන්න පෙට්ටිය තියෙන්නේ සුදු පාටට කළු පාටට එක එක පාටින්.දන්නවද? අන්න ඒ පෙට්ටියෙන් එළියට වීඩියෝ / ඩේටා සිග්නල් එළියට එද්දී වීඩියෝ පින්තූර මතට කස්ටමර් ID දර්ශනය වෙනවා. රූපවාහිනී ආයතනයේ ප්‍රධාන පුස්තකාල පද්ධතියට චන්ද්‍රිකා නාළිකා රූප ඇතුළු කරද්දී ඇතැම් විට ඉහත කස්ටමර් ID එකත් ඇතුළු වෙනවා..එසේ ඇතුළු වුවහොත් පසුව එය ඉවත් කරනවා. එවැනි කස්ටමර් ID එකක් දැකපු ගමන් කියන්න පුළුවන් එම චන්ද්‍රිකා රූපවාහිනී ගිණුම අයත් ආයතනය/ පුද්ගලයා ගැන... කිනම් ආයතනය වෙනුවෙන් ලබා ගත් ගිණුමක්ද කියන දේ වෙනත් අය දැනගන්න ඕනේ නැහැ... එවැනි ID ඇතුළත්ව ඇති තැන් මකනවාමයි මම. එය සඳහා මට ඔබේ අවසර ඕනේ නැහැ.. අවසර ගන්න ඕනේ අයගෙන් මම අරන් තමයි මේ පෝස්ට් ලියන්නේ..

      ( තේරුණේ නැත්නම් කියන්න මොන්ටිසෝරි මට්ටමෙන්ම කියන්නම් මල්ලිට... )

      Delete
    2. හරි පරණ කුණු අමතක කරමු. ඉස්සරහට වත් යමක් නිවැරදි දෙයක් පෙන්වූ විට නිහතමානීව පිළිගන්න.
      ඔබ කොහොම කියුවත් WNISAT එකේ තව සුර්ය කෝෂ නැහැ. සම්පුර්ණ විදුලි උත්පාදනය 12.6W. තවත් ඒ ගැන කියන්න එපා.

      //කිලෝ මීටර 600 ක් වේවා 35000 ක් වේවා මූලික සැකැස්ම එකයි// එහෙම හරි ඔබ නිවැරදි කියලා පෙන්වන්න කෝ. එහෙම නම් ඇයි 600 km වල පද්දතිය පෙන්වලා 35000 km කියලා කියන්නේ. තවත් බණ එපා සහන් දැන්වත් පිළිගන්න ඔබට ඒවා වැරදුන බව නිහතමානීව. ඔබ දැන් චන්ද්‍රකා ඉන්ජිනීරු මහතෙක් නොවේ නේ.

      Delete
    3. //මුල සිටම මමයි කිව්වේ පිටතින් පෙනෙනවට වඩා සූර්ය කෝෂ පද්ධතියක් එහි අඩංගු වෙන බවත් , ඒවා දිග හැරෙන්නේ අභ්‍යවකාශගත වූ පසු බවත් , මා පෙන්වා තිබු රූපයේ මුළු සූර්ය කෝෂ පද්ධතියම පෙනෙන්නට නැති බවත්... ඔබයි එය

      පිළිගත්තේ නැත්තේ.// පිළිගන්න බැරි මෝඩ කතා පිළිගන්නේ කොහොමද මුළු විදුලි උත්පාදනය 12.5 W වන චන්ද්රිකාවකට තව සුර්ය කෝෂ පද්දති මොන රෙද්දකටද? තමන් ලොකුවට කියපු ඇම්පියර් 200 කතාව පැහැදිලිව බොරු වු විට

      එය නිවැරදි කියන්න තවත් ලෝක බොරු කියන්න එපා.

      //කිලෝ මීටර 600 ක් වේවා 35000 ක් වේවා මූලික සැකැස්ම එකයි. WNISAT චන්ද්‍රිකාව පිටින් දාලා සියල්ල වහගන්න හදන්න එපා. කිලෝ මීටර් 35000 සූම් වෙන කාච පද්ධතියක් ගැන වුවද කියන්න තියෙන්නේ මෙයමයි. එක් එක් ප්‍රභල

      තාවයෙන් අනුව සැකසීම වෙනස්.// මුලික සැලැස්ම එකයි තමයි බොහෝවිට ඇයි එහෙම නම් ඔබ 600km දුරකට සුම් කරන්න පුළුවන් පද්දතියක් පෙන්වා 35000km කයිවාරු ගැහුවේ. ඔබ නොදැන ඔහෝ වැරදී ලියපු එක නිවැරදි කියා

      පෙන්වන්න ඔතරම් බොරු එපා මිනිහෝ

      //සැටලයිට් සිග්නල් ගන්න පෙට්ටිය තියෙන්නේ සුදු පාටට කළු පාටට එක එක පාටින්.දන්නවද? අන්න ඒ පෙට්ටියෙන් එළියට වීඩියෝ / ඩේටා සිග්නල් එළියට එද්දී වීඩියෝ පින්තූර මතට කස්ටමර් ID දර්ශනය වෙනවා. රූපවාහිනී ආයතනයේ

      ප්‍රධාන පුස්තකාල පද්ධතියට චන්ද්‍රිකා නාළිකා රූප ඇතුළු කරද්දී ඇතැම් විට ඉහත කස්ටමර් ID එකත් ඇතුළු වෙනවා..එසේ ඇතුළු වුවහොත් පසුව එය ඉවත් කරනවා. එවැනි කස්ටමර් ID එකක් දැකපු ගමන් කියන්න පුළුවන් එම චන්ද්‍රිකා

      රූපවාහිනී ගිණුම අයත් ආයතනය/ පුද්ගලයා ගැන... කිනම් ආයතනය වෙනුවෙන් ලබා ගත් ගිණුමක්ද කියන දේ වෙනත් අය දැනගන්න ඕනේ නැහැ... එවැනි ID ඇතුළත්ව ඇති තැන් මකනවාමයි මම. එය සඳහා මට ඔබේ අවසර ඕනේ නැහැ..

      අවසර ගන්න ඕනේ අයගෙන් මම අරන් තමයි මේ පෝස්ට් ලියන්නේ.. //
      එකට පිළිතුර මෙතන බලන්න
      http://anduravinivida.wordpress.com/2014/01/14/deconstructing-a-whine/

      //අවසර ගන්න ඕනේ අයගෙන් මම අරන් තමයි මේ පෝස්ට් ලියන්නේ// තව පොර ටෝක් දෙන්න එපා. තව ටිකක් ඔහොම දේ දාන්න. Blogger Content Policy

      //තේරුණේ නැත්නම් කියන්න මොන්ටිසෝරි මට්ටමෙන්ම කියන්නම් මල්ලිට// තවත් බොරු එපා තර්කයක් බිදින්න තර්ක කරන්න දන්නේ නැති අයියේ පුළුවන් නම් බොරු නැතිව මොන්ටිසෝරි මට්ටමෙන්ම ලියන්න.
      දැන්වත් මෙය පල කරන්න. මෙය ලියන්න කාලය වැය කරන්නේ ඔබ නිහතමානී මහත්මයෙක් මෙන් මෙය පළකරයි කියා සිතන බැවිනි. එසේ නොකරත් විසදුම් ඇත.

      Delete
    4. රංග ඔබේ අවශ්‍යතාවය මම දැක්කනේ.. ඒ නිසා තවත් කීවට වැඩක් නැහැ... මගේ අම්මට ළමයට අන්තිම තිරිසන් කතා කියපු කෙනානේ... ඇනෝ දාලා කෙළින්ම එළිපිට තියෙද්දී තව මොනවද..එහෙම අයට කරන්න බැරි වැඩක් නැහැ... ඔහොම යමු... ඔයාටම හති වැටෙනකම් යන්න...

      Delete
  19. සහන් දැන් මේක ඇති මෙතනින් නවත්තහං මචං

    ReplyDelete
    Replies
    1. මටත් මේවා පස්සේ එල්ලී එල්ලී යන්න ඕනේ නැහැ බන්... ඒත් කීප දෙනෙක් කිව්වා මේවා ගැන ලියන්න කියලා..මොකද මේකේ ඉන්න තිරිසන්නුන්ට බය වෙලා ඉන්නවා කියලා හිතන්න පුළුවන්නේ...

      Delete
  20. සෑර්, වෙච්චි එව්වා සාවදානෙන් කියෝනකොට කාටත් පැහැදිලියි සෑර්ට පොඩි අත්වැරැද්දක් වෙලා කියලා. ඔව්වා ඔහොම තමයි, වයසට යනකොට. අමතකවීම් වෙනවා.

    ඒ වුනාට මීට පස්සෙවත් ඒ ඒ දවසට නියමිත පෙත්ත හරියාකාරව ගන්ඩ කියන එකයි මගේ අවවාදේ නං. දොස්තරටත් මේ වෙච්ච අභග්ගය කියලා බ්ලොග් ලියන එක පැත්තක තියලා තමන්ගේ මානසික සවුක්කිය ගැන මීට වඩා හිතුවොත් හොඳ නැද්ද?

    ReplyDelete
    Replies
    1. ඒක තමා ගුණේ මාත් බැලුවේ.. හෙහ්හ්හ් එහ්හ්හ්හ්

      Delete
  21. ඇත්තටම බ්ලොගින් කියන්නේ සීමා මායිම් නැතිව අදහස් හුවමාරු කර ගත හැකි නුතන ජනසන්නිවේදනය .මේක නිසා සම්ප්‍රදායික මාධ්‍ය රාමුව තුල හිර උන අදහස් ගල යෑමේ අවහිරතා දුරු උනා.වැඩේ තියෙන්නේ මේක වඳුරට දැලි පිහිය හම්බ උනා වගේ භාවිතා නොකර අන්තර්ජාල ආචාරධර්ම වලට ගරු කරමින් පාවිච්චි කිරීමයි.උදාහරණයක් විදිහට කෙනෙකුට වෛද්‍ය විද්‍යාව ගැන ලිපියක් තමුන්ගේ බ්ලොග් අඩවියට ලියන්න උවමනා නම් ඒ ගැන දැනුමක් නැති කෙනෙකුට උනත් ගූගල් මාර්ගයෙන් මේ ගැන කරුණු හොයල ලිපියක් ලියන්න පුළුවන්.වැඩේ තියෙන්නේ එහෙම කලාම තමුන් කරුණු හොයා ගත්තු මූලාශ්‍ර තමුන්ගේ බ්ලොග් කියවන්නන්ගේ දැන ගැනීම පිණිස දක්වන එක තමයි පිළිවෙත.එහෙම නැතුව සාමන්‍යපෙලටවත් විද්‍යාව නොකරපු එකෙක් වෙදෙක් නැත්නම් ඩොකෙක් විදිහට ප්‍රොපයිල් එකක් අටෝගෙන තමුන්ගේ කරුණු වගේ මේවා ඉදිරිපත් කලාම සමන්තබද්‍ර හමුරුවොත් රහත් වෙලා කියල පිළිගන්න ලංකාවේ ජහමනය මෙව්වා ඉස් මුදුනින් පිලි අරගන්නවා.ඒ විතරක් නම් මදැයි අර හොර වෙද ප්‍රොෆයිල් කාරයව පිළිමයක් විදිහට වන්දනා කරන්නත් පටන් ගන්නව.මේක වෙදකම ගැන නෙමෙයි සූපවේදයේ සිට තාරකා විද්‍යාව දක්වා එසේමයි.ඉතින් බ්ලොග් කරන එව්වොත් පිළිගත් ආචාර ධර්ම අනුව කටයුතු කරනවා නම් බලන එව්වොත් සිහි බුද්ධියෙන් විමසල කියෝලා ලෙඩක් හැදුනම බ්ලොග් පොස්ට් එකකින් නෙමේ පිළිගත් වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ගන්නවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. ( මෙහෙදී වෙදකම ගැන සඳහන් කලේ උදාහරණයක් ලෙස පමණි.ගෙවල් හැදීම මුදල් ආයෝජනය කිරීම ආදී ඕනෑම කරුණකදී නොදන්නා ගොඩ වෙදුන් වෙත නොගොස් දන්නා වෘත්තිකයෙක් හමු වීම සෞක්‍යසම්පන්නය.බ්ලොග් පොස්ට් යනු අදහස් මිසක විශේෂඥ දැනුම නොවන බව සිහි තබා ගැනුමෙන් සියලු රෝග නිවාරණය වේ.)

    ReplyDelete
    Replies
    1. හරියට හරි... වන්දනා කරන අයම තමයි පළමු ගල ගහන්නෙත්.... ඉතිහාසයේ ඕනෑ තරම් ශාක්ෂි තියෙනවා මිත්‍රයා...

      Delete
  22. මටනම් අගක් මුලක් පෙන්නේ නැහැ මම අලුත් එකා නෙව. අනෙක මම මොකටද මේවට කථා කරලා මගේ දැන් හැදීගෙන එන හිට්ස් වලට කෙලව ගන්නේ. බහුතරයක් ඉන්න විදියට මමත් කට පියාගෙන ඉන්නවා. මට හිට්ස් නැත්නම් මම කොහොමද ආතල් එක ගන්නේ.
    මෙන්න ඇවිත් වැරදිකරු කවුද කියා බලන්න. මම ලියලා තියෙන්නේ ඒ ගැන.

    ReplyDelete
    Replies
    1. ඉන්න මම ඇවිත් බලන්නම් ...

      Delete
  23. ඇයි මේ රන්ඩු වෙන්නෙ... මට නිකන් මන්යන් වගේ...

    ReplyDelete
    Replies
    1. ගණන් ගන්න එපා මචන්... මේ බ්ලොග් අවකාශය මෙහෙම තමයි...

      Delete
  24. Sahan, uba meloo rahak nethi ekek ban.
    -Mahesh-Australia

    ReplyDelete
  25. සහන් මේ ඔයාගෙ බ්ලොග් එක. ඔයා ලියන්නෙ ඔයා කැමති දේවල්. ඒවා කියවන්න කැමති අය ඒවා කියවයි, ඉගෙන ගන්න තියෙන දෙයක් ඉගෙන ගනියි. අනිත් අය ගැන වැඩිය හිතන්න එපා. තමන් කරන්නෙ හරි දෙයක් කියල තමන්ගෙ හිත දන්නවනම් අනිත් අය කියන දේවල් ගැන ඒ තරම් හිතන්න ඕන නෑ කියන එකයි මගෙ අදහස. ඒ නිසා දිගටම ලියන්න. :)
    ජය!

    ReplyDelete
    Replies
    1. වැරදි හොයන්න එන අය, ඔලුවට අත හෝදන්න එන අය සහ ඇත්තටම දෙයක් ගැන නිහතමානීව අහන අය කව්ද කියලා මන් දන්නවා චම්ස් එදා ඉඳන්... අනුන්ගේ කුණු හොයන අය ගැන අපි කලබල වෙන්න ඕනේ නැහැ..

      Delete
  26. සහන්, සංවාදය ඉදිරියටම ගෙනයන්න. නාමිකව පෞද්ගලිකව පහර ගහන්න එපා ඔබට කවුරුන් හෝ එහෙම කලත්. ඔබ නාමිකව පහර නොගසනතාක් කල් ඔබ පෙන්වා සිටින්නේ ඔබේ මහාත්මා ගුණයයි. විෂයය කරුණු වලින් පමණක් සංවාදය සහ තර්ක ඉදිරිපත් කරන්න. ඒවා නොතේරෙන පුද්ගලයන් දෙන බොළඳ පිළිතුරු ප්‍රති තර්කයෙන් බිඳින්න. එවිට සත්‍යය පමණක් ඉතිරිවනු ඇති.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම විචාරක තුමණි මම මේ ලිපිය ලිව්වේ ඔබ කෙන්ජි ඇතුළු කීප දෙනෙක් කියූ නිසයි... නැතිනම් මේවා වෙනුවෙන් පිළිතුරු දෙන්න වෙහෙසීමෙන් පළක් නැහැ... ඔබම දැක්කනේ ඔවුන්ට තිබෙන්නේ මොනවගේ උවමනාවක්ද කියන දේ... සහන් යනු බොරුකාරයෙක් කියලා කියාගන්න විඳින දුකක්.. :D

      Delete
  27. ලොක්කා !!!

    පොඩි රෙස්ට් එකක් ගත්තා !!

    මඩ නෑව නොවැ !!!

    මගෙ ගාන දීපන් ගෙදර යන්න.. අපිටත් ගෙව්ල් තියනවා.. !!!

    ReplyDelete
  28. මචං සයිලන්ට් ,මං විශ්වාස කරනවා උඹ සිංහල බ්ලොග් වල අනිවා ඉන්න ඕනෑ කෙනෙක්.කොමේට් නොකළට කාලයක් ඉඳන් බ්ලොග් කියවන එකෙක් හින්දා මං උඹ හිත හොඳ මනුස්සයෙක් විත්තිය.ඒහින්දා මං කැමැති මේ ප්‍රශ්ණේ වඩා හොඳ විදිහට විසඳගන්වානම්.මට දැනෙන විදිහට මාතලන්ලා රාජ්ලා අටම්ලා උන් හිතන්නෙත් එහෙමයි,
    මට මචං උඹේ හිත හැදෙන්න මේතැන බොරුවක් කි‍යන්න බෑ, අවකංකව කියුවොත් විනිවිද බ්ලොග් ඒකේ උඹට අපහාස කරලවත් ,මඩ ගහලවත් තියෙනවා මං දැක්කේ නැහැ මචං. ඒතැන ප්‍රශ්ණකරලා තියෙන්නේ උඹේ පොස්ට් දෙකක් ගැන. මං මේතැන උඹේ පැත්තේ ඉන්නේ උඹ ලියුවේ ඒ පොස්ට් දෙක විතරක්නෙමෙයි හින්ද. උඹ ලියපු උපාලි මැස්ඩා ලිපිය කීදෙනෙක් අගය කලාද? උඹේ හොඳගැන සැහෙන්න කතා කරන්න දේවල් තියෙනවා.
    ඒ හින්දයි මං උඹේන් ඉල්ලනේ මේ ප්‍රශ්ණේ හරි විදිහට විසඳගනිං කියලා.
    මචං අපි හැමෝම මිනිස්සු අපි කාගේ අතිනුත් වැරැදී වෙනවා.උඹ නිවී සැනසිල්ලේ කල්පනා කරලා බලහන් .මම අවංකව විශ්වාස කරනවා උඹේ පොස්ට් දේකේදී වෙච්ච වැරැද්ද නිවැරදි කර ගනියි කියලා.
    උඹට මතකද මුල් කාලේ කෙන්ජීයා නලීයටයි සුදීකටයි මාතලන්ගේ බොගේදී බැන්න හැටි .නලීයාගේ මේසේත් හොයන්න ගියා ඌ.දැන් බලහං උන් කොච්චර ෆිට් ඒකේ ඉන්නවාද කියලා.ඉන්දික නරක මනුස්සයෙක් නෙමේයි.විශ්වව මම දන් නෑ හැබැයි ඌත් නරක් පොරක් කියලා මං හිතන් නෑ.
    උඹලා තුන් හතරදෙනාටත් දවසක එහෙම ඉන්ම බැරි කමක් නෑ.සංහල බ්ලොග් ලියන්නේ කීයෙන් කීදෙනාද බන්.
    ඒ හින්ද මචං පොඩ්ඩක් නම්‍යශීලීව මේතැනදී කටයුතූ කරමු සයිලන්ට්.
    (කෙන්ජී.නලීන්,සුදීක උඹලාව ඇදලා ගත්තට සමා වෙයන්ං)

    ReplyDelete
  29. බ්ලොග් එකක කෙනෙක් ලියන දේකින් 100% නිවැරදි දේ බලාපොරොත්තු වෙන එක නම් මම නම් කවදාවත් කරන්නේ නෑ.. අපි අපේ රස්සාව කරනකොට අවශ්‍ය දෙයක් කවුරු හරි ලියපු බ්ලොග් එකකින් වෙබ් සයිට් එකකින් හොයා ගන්නවා හැබැයි රස්සාව කරන්න ඕනේ සබ්ජෙක්ට් එක ඉගෙන ගන්නේ ඒ සම්බන්ධ නිර්දේශිත පොත පත සහ ඒ අදාළ වෙබ් අඩවි කියවල.. හැබැයි ඉතින් යම් විෂය කරුණක් ලියනවනම් ඒක පුළුවන් තරම් හරි විදියට ලියන එක ලියන කෙනාගේ යුතුකමක්... මොකද තමන් ලියන දේ කියවන සමහර කෙනෙක් ඒ දේවල් 100% විශ්වාස කරන්න ඉඩක් තියෙනවා.., කෙනෙක් වරදක් පෙන්නුවම නම් එක පිළිගන්න එක ලියන්නාගේ යුතුකමක්... වරද පෙන්නන කෙනාගේ හරි ලියන කෙනාගේ හරි සමස්ත චරිතයම එකෙන් මනින්නේ නැතුව....

    අනිත් එක සමහර වෙලාවල් වලදී කෙනෙක් කියන සංකල්පය(concept) තේරුම් ගන්න එකට වඩා එයා කියන දත්ත(fact) වල තියෙන අඩුපාඩු හොයන්න යන නිසා අපිට ගොඩක් වෙලාවට අනවශ්‍ය ප්‍රශ්න එනවා .. අන්තිමට සංකල්පයේ වටිනාකම නැති වෙනවා දත්ත වල වැරදි නිසා.. දත්ත කියන දේවල් හරියටම දැන ගන්න නම් ඒ සම්බන්ද නිවැරදි මුලාශ්‍ර කියවිය යුතුයි..

    සහන් මේ බ්ලොග් එකේ ලියපු ගොඩාක් දේවල් 100% හරි නොවෙන්න පුළුවන් හැබැයි අනිත් බ්ලොග් වලට සාපේක්ෂව බොහෝ විස්තර සහිතව ගොඩක් දේවල් මේකේ ලියල තිබුනා... ඒ ලියපු හැමදේම 100% හරිද කියන එක හොයන එකට වඩා ඒ ලියපු දේවල් වලින් යමක් ගන්න ඕනේ කෙනෙකුට පුළුවන් කියලයි මම හිතන්නේ.. ඒක මේ වලියට සම්බන්ද අනිත් අය ලියන බ්ලොග් වලත් තියෙනවා ...ඒ ගන්න දේ එකිනෙකාට සාපේක්ෂයි...

    මනුස්සයෙක්ගේ පෞද්ගලික ජිවිතේ ඔහු ලියන ලේඛන වලින් මනින්න ගියොත් මේ ලෝකේ ඉන්න ලෝක පුජිත ගත්කරුවෝ ඔක්කොම අනාථයි... උන්ව මොකට ලෝක පුජිත කලාද කියල අපිට හිතෙයි...

    මේ පෝස්ට් එක සහ මිට සම්බන්ධව සහන් සහ අනිත් අය ලියපු ඔක්කොම දේවල් මමත් බැලුව... ඒ කියන්නේ මුළු වලියම මුල ඉඳන් කියවල ආතල් එකක් ගත්ත.. :D. අන්තිමට වලියට පැටලුනු කට්ටිය කරලා තියෙන එකම දේ ජනතාවට විහිළු සැපයීමක් විතරයි කියලයි මට නම් හිතුනේ.. මොකද මේ සමාජේ අපිට එදිනෙදා හම්බවෙන මිනිස්සුන්ගේ වැරදි හදන්න ට්‍රයි කරන්නේ නැතුව තම තමන් තමන්ගේ වැඩේ හරියට කරගෙන ඉන්න අපි කාටවත් ගොඩක් වෙලාවට සිහියක් නෑ (මටත් නෑ...). ඔය සිනි බෝල වලියක් නිසා අන්තිමට වෙලා තියෙන්නේ කවදාවත් ඇහින් නොදැකපු තම තමන්ට කියල මහලොකු වරදකුත් නොකරපු කිහිප දෙනෙක් එකිනෙකා ගැන මෙලෝ තේරුමක් නැති සමහරවිට ජිවිත කාලයක් පුරාවටත් ඇදිල යන විදියේ වෛරයක් ඇති වීම විතරක් නෙවෙයි ද?

    මේ සයිබර් අවකාශේ 100% ඇත්ත කියල දෙයක් නෑ මචන්ලා.. මේක තොරතුරු හුවමාරු මධ්‍යස්ථානයක් විතරයි.. ඇත්ත ලයිෆ් එක තියෙන්නේ කොම්පියුටර් එක වහල දැම්මට පස්සේ... අන්න ඒ ලයිෆ් එකේ අපි හැමෝම සතුටින් ඉන්න ඕනේ..

    ReplyDelete
  30. බ්ලොග් එකක කෙනෙක් ලියන දේකින් 100% නිවැරදි දේ බලාපොරොත්තු වෙන එක නම් මම නම් කවදාවත් කරන්නේ නෑ.. අපි අපේ රස්සාව කරනකොට අවශ්‍ය දෙයක් කවුරු හරි ලියපු බ්ලොග් එකකින් වෙබ් සයිට් එකකින් හොයා ගන්නවා හැබැයි රස්සාව කරන්න ඕනේ සබ්ජෙක්ට් එක ඉගෙන ගන්නේ ඒ සම්බන්ධ නිර්දේශිත පොත පත සහ ඒ අදාළ වෙබ් අඩවි කියවල.. හැබැයි ඉතින් යම් විෂය කරුණක් ලියනවනම් ඒක පුළුවන් තරම් හරි විදියට ලියන එක ලියන කෙනාගේ යුතුකමක්... මොකද තමන් ලියන දේ කියවන සමහර කෙනෙක් ඒ දේවල් 100% විශ්වාස කරන්න ඉඩක් තියෙනවා.., කෙනෙක් වරදක් පෙන්නුවම නම් එක පිළිගන්න එක ලියන්නාගේ යුතුකමක්... වරද පෙන්නන කෙනාගේ හරි ලියන කෙනාගේ හරි සමස්ත චරිතයම එකෙන් මනින්නේ නැතුව....

    අනිත් එක සමහර වෙලාවල් වලදී කෙනෙක් කියන සංකල්පය(concept) තේරුම් ගන්න එකට වඩා එයා කියන දත්ත(fact) වල තියෙන අඩුපාඩු හොයන්න යන නිසා අපිට ගොඩක් වෙලාවට අනවශ්‍ය ප්‍රශ්න එනවා .. අන්තිමට සංකල්පයේ වටිනාකම නැති වෙනවා දත්ත වල වැරදි නිසා.. දත්ත කියන දේවල් හරියටම දැන ගන්න නම් ඒ සම්බන්ද නිවැරදි මුලාශ්‍ර කියවිය යුතුයි..

    සහන් මේ බ්ලොග් එකේ ලියපු ගොඩාක් දේවල් 100% හරි නොවෙන්න පුළුවන් හැබැයි අනිත් බ්ලොග් වලට සාපේක්ෂව බොහෝ විස්තර සහිතව ගොඩක් දේවල් මේකේ ලියල තිබුනා... ඒ ලියපු හැමදේම 100% හරිද කියන එක හොයන එකට වඩා ඒ ලියපු දේවල් වලින් යමක් ගන්න ඕනේ කෙනෙකුට පුළුවන් කියලයි මම හිතන්නේ.. මේ වලියට සම්බන්ද අනිත් අය ලියන බ්ලොග් වලත් ඒ වගේ දේවල් තියෙනවා ...ඒ ගන්න දේ එකිනෙකාට සාපේක්ෂයි...

    මනුස්සයෙක්ගේ පෞද්ගලික ජිවිතේ ඔහු ලියන ලේඛන වලින් මනින්න ගියොත් මේ ලෝකේ ඉන්න ලෝක පුජිත ගත්කරුවෝ ඔක්කොම අනාථයි... උන්ව මොකට ලෝක පුජිත කලාද කියල අපිට හිතෙයි... :)

    මේ පෝස්ට් එක සහ මිට සම්බන්ධව සහන් සහ අනිත් අය ලියපු ඔක්කොම දේවල් මමත් බැලුව... ඒ කියන්නේ මුළු වලියම මුල ඉඳන් කියවල ආතල් එකක් ගත්ත.. :D. අන්තිමට වලියට පැටලුනු කට්ටිය කරලා තියෙන එකම දේ ජනතාවට විහිළු සැපයීමක් විතරයි කියලයි මට නම් හිතුනේ.. මොකද මේ සමාජේ අපිට එදිනෙදා හම්බවෙන මිනිස්සුන්ගේ වැරදි හදන්න ට්‍රයි කරන්නේ නැතුව තම තමන් තමන්ගේ වැඩේ හරියට කරගෙන ඉන්න අපි කාටවත් ගොඩක් වෙලාවට සිහියක් නෑ (මටත් නෑ...). ඔය සිනි බෝල වලියක් නිසා අන්තිමට වෙලා තියෙන්නේ කවදාවත් ඇහින් නොදැකපු තම තමන්ට කියල මහලොකු වරදකුත් නොකරපු කිහිප දෙනෙක් එකිනෙකා ගැන මෙලෝ තේරුමක් නැති සමහරවිට ජිවිත කාලයක් පුරාවටත් ඇදිල යන විදියේ වෛරයක් ඇති වීම විතරක් නෙවෙයි ද?

    මේ සයිබර් අවකාශේ 100% ඇත්ත කියල දෙයක් නෑ මචන්ලා.. මේක තොරතුරු හුවමාරු මධ්‍යස්ථානයක් විතරයි.. ඇත්ත ලයිෆ් එක තියෙන්නේ කොම්පියුටර් එක වහල දැම්මට පස්සේ... අන්න ඒ ලයිෆ් එකේ අපි හැමෝම සතුටින් ඉන්න ඕනේ..

    ReplyDelete
  31. සහන් මේ බ්ලොග් වැනි දෙයක් අඩුමතරමේ කියවන්නෙත් වචනයක් හෝ ලියන්නෙත් මා දකින විදිහට කලා හිතක් ඇති පුද්ගලයෙක්.මේවගේ තියෙන්නෙ කුමන හෝ ක්‍රමයකින් කරන ලද නිර්මාණ.ඉතින් මෙහි ලියන දේ පුද්ගලීකරණය විය යුතු නැහැ.පොදු විය යුතුයි.ඒ නිසා නිතරම පොදු අරමුණකින් යුක්තව තමන්ගෙ පාඨකයා සන්තෘප්ත කරන්න. ඔබට ජය

    ReplyDelete
  32. අනේ මන්දා මොනවා කියන්නද කියලා...කෙටියෙන් කියනවා නම් තමන්ට එරෙහිව නැගෙන්නේ අභුත චෝදනා නම් ඒ පිළිබද නොසලකා වැදගත් යමක් ඔබේ බොග කියවන අය වෙත ලබාදෙන්න මෙවැනි ලිපි ලියන කාලය වෙන් කරන්න කියලයි මම කියන්නෙ...නිකරුනේ කෙරෙන චෝදනා වලට දිගින් දිගටම පිළිතුරු දෙන්න ගියාම තමයි ඒ අයත් තව තවත් ඒ ක්‍රියාවේ නිරත වෙන්නෙ...

    ReplyDelete
  33. බුදු අම්මෝ මේකේ දිග... ඔන්න ඇස කන් කරගෙන කියෙව්වා.. විස්වාස කරන්න මේක කියවන අතරේදී කොච්චි 4ක් ගියා දෙපැත්තට!

    ReplyDelete
  34. අයියණ්ඩි,
    ඔයා කවුද මම දන්නෙත් නෑ.. මං කවුද ඔයා දන්නෙත් නෑ. ඒ දේවල් අපිට වැදගත් වෙන්නෙත් නෑ..
    ඔයා ලියන දේ විතරයි වැදගත්.. නියමෙට ලියනවා. මේ වගේ දේවල් වෙනුවෙන් කාලය නාස්ති කරන්න එපා..
    ඩෝන්ට් කෙයාර් ඉන්න.. පල ඇති රුකටනේ ගල් ගහන්නේ..

    ReplyDelete
  35. සහන්, මමත් ඇනෝගෙ බ්ලොග් එකේදී ඔබට කිව්වා චෝදනාවලට උත්තර බදින්න කියලා. ඇත්තටම මම බලාපොරොත්තු වුනාටත් වැඩිය හොදට ඔබ එය කරලා තියෙනවා.

    අවුට්සයිඩර් කෙනෙක් හැටියට මට පේන්නෙ, ඇනෝ ගෙනාපු තර්ක සියල්ලටම පාහේ ඔබ විසින් නිසිපරිදි පිලිතුරු දී ඇතිබවයි.

    දැන් මේකට ගත කරපු කාලය සහ ශ්‍රමය ඇති සහන්. ආපහු කලින් විදිහට නවත්තපු තැනින් වැඩ පටන් ගනිමු.

    කෝ අර දුරේක්ශ පාඩම....!

    ReplyDelete
  36. සහන්, මමත් ඇනෝගෙ බ්ලොග් එකේදී ඔබට කිව්වා චෝදනාවලට උත්තර බදින්න කියලා. ඇත්තටම මම බලාපොරොත්තු වුනාටත් වැඩිය හොදට ඔබ එය කරලා තියෙනවා.

    අවුට් සයිඩර් කෙනෙක් හැටියට මට පේන්නෙ, ඇනෝ ගෙනාපු තර්ක සියල්ලටම පාහේ ඔබ විසින් නිසිපරිදි පිලිතුරු දී ඇතිබවයි.

    දැන් මේකට ගත කරපු කාලය සහ ශ්රනමය ඇති සහන්. ආපහු කලින් විදිහට නවත්තපු තැනින් වැඩ පටන් ගනිමු.

    කෝ අර දුරේක්ශ පාඩම....!

    ReplyDelete
    Replies
    1. "අවුට් සයිඩර් කෙනෙක් හැටියට මට පේන්නෙ, ඇනෝ ගෙනාපු තර්ක සියල්ලටම පාහේ ඔබ විසින් නිසිපරිදි පිලිතුරු දී ඇතිබවය......"

      :-)

      Delete
    2. ඇනෝට හිනාගියේ දුකටද? ස0තෝසෙටද?

      Delete
  37. මෙහෙමයි සහන ජිවිතේ ඔය වගේ මෙන්ටල් ඩයල් සෙට් වෙනවා ඔව්ව ගණන් ගන්න එපා ඇතෙක් පාරේ යද්දී බල්ලෝ කොච්චර බුරනවද බුරන බල්ලෝ පස්සේ එලවන්න ගියොත් ඇතාට වෙන වැඩක් කරගන්නත් බැරිවෙනවා. යන ගමන යන්නත් බැරිවෙනවා. කරන්න තියෙන්නේ ඇනෝ කොමෙන්ට් වහලා දාන එකයි.

    "ගුවන් හමුදා මූලස්ථානයේ ඇති දේවල් පවා ගූගල් වලින් හොයන්න යන මිනිස්සු" මෙතැනින්ම හිතාගන්න පුළුවන්නේ මේ මිනිස්සුන්ගේ මොලේ හැටි ඒ වගේ ආරක්‍ෂිත තැනකයි ගොසිප් අඩවියකයි වෙනස දන්නේ නැති මිනිස්සු

    ReplyDelete
  38. සහන් ඔයාගෙ පුද්ගලික තොරතුරු මේ අවකාශයේ හමුවන අයත් සමග පවසනවාට නම් මම විරුද්ධයි. .තාක්ෂණික අදහස් මතවාද කෙසේ වුවත් ජිවිතේ තමන් විදපු කටුක අත්දැකිම් සහ දැන් දිවි ගෙවන අයුරු පැවසීමෙන් තවකෙක් ඔබව සැනසීමට හෝ අවඥාවට ලක් කිරීමට ද පුලුවන.

    බ්ලොග් කියන්නෙ මෙහෙම තමයි. අදහස් ප්‍රකාශ කරන්න වගේම විවේචනය කිරීමටද එකිනෙකාට තිබෙන අයිතියක් .තම අදහසට විරුද්ධව කෙනෙකු කරුණු දක්වයි නම් එතැන නිර්නාමිකව ගොස් ඔහුගෙ හතරවරිගයට බනිනවට වඩා මේ වගෙ සියල්ල එකතැන් කර පොදු පිලිතුරක් දෙනව නම් ආචාරශිලියි සහ ආදර්ශමත්. මන්ද කෙතරම් ප්‍රතිප්‍රශ්න වලට පිලිතුරු ලැබ්‍රුනත් බොහො දෙනා සෑහිමට පත් වන්නේ පිළිතුරු දෙන්නා ද තමන් දන්නා ඔහු නොදන්නා දෙයක් හමුවීමෙන්ය.



    ReplyDelete
  39. බ්ලොග් ලොව ගෑන මට ඈති සීමිත දෑනුම සහ තේරුම් ගෑනීම අනුව බ්ලොග් ලියන්නෙ සහ කියවන්නේ විනෝදය සදහාය. දෑනුම අතුරු පලයක් ලෙස සමහර පෝස්ට් වලින් ලෑබේ.
    වලි විනෝදාත්මක වන්නේ ඒවා සීරියස් වලි නොවනතාක්ය. කේන්ති යාම සාදාරන සහ ස්වාභාවික දෙයක් (විශේෂයින්ම අසාදාරන බෑන වෑදීම් වලදී) වන නමුදු එය යම් තාක් දුරකට පාලනය කල යුතුය.

    That's all. මට තව බණ ලියන්න බෑරියෝ ! දෑනටත් allergy එකකට එනව වගේ ! :-))))

    ReplyDelete
  40. ඉන්දික, සහන්, විශ්ව රංගනාත් යන මහත්වරුණි,
    ඔබලාගේ මෙම බලු පොරය නැවත්වීමට දැන් සුදුසුම කාලයයි. මක්නිසාද යත් මෙම පොරයෙන් ඔබ තිදෙනාට වත් මේවා කියවන කිසිවෙකුටවත් යහපතක් සිදුනොවන නිසාය.
    බැලු බැල්මට ඔබ තිදෙනාටම ඇත්තේ එකම රෝගයකි. එනම් පරාජය භාර ගැනීමට ඇති නොහැකියාවයි. අනික ඔබලා මේ පොරකන්නේ ඉතා සරල කාරණා උදෙසාය (ඇම්පියර් 200 ගැටළුව සහ ආච්චිගේ වයසේ ගැටළුව ගන්න) තිදෙනාටම ඇත්තේ කෙසේ හෝ කොනක් පොටක් අල්ලාගෙන අනිකාගේ රෙදි ගලවීමටය..
    අනික ඔබලාගේ භාෂා විලාශය අතිශය පිලිකුල් සහගතය. අනිකාගේ දෙමව්පියන්, බිරිඳ, දරුවන් අලලා පරුෂ වචනයෙන් ආමන්ත්රාණය ඔබලා තරම් උගතුන්නට නොගැලපෙන බව නොවැහැටෙන හැටි..
    මා සොයාගත් කරුණුවලට අනුව ඉන්දික උපශාන්ත සහ සයිලන්ට් සහන් බ්ලොග් අඩවි පවත්වාගෙන යන අතර විශ්ව රංගනාත් http://www.boompeek.com නමින් වාහන දැන්වීම පලකිරීමේ අඩවියක් පවත්වාගෙන යයි.
    මෙම පොරකෑම තුල තිදෙනාගේම අඩවි වල ආකර්ෂණය අඩුවී යන බව කිව මනාය..
    තිදෙනාම එක් වී දැන් මෙය නතර කල යුතුය. නැතහොත් අනෙක් අය ඔබ තිදෙනා ම වර්ජනය කරනු ඇත...

    ReplyDelete
  41. සහන්........මම දාපු කමෙන්ට් එක දාන්නේ නැත්තේ යම් හේතුවක් නිසාද?

    ReplyDelete
  42. සහන්, ඉන්දිකගේ අවසාන ලිපිය කියවා විෂයය කරුණු වලට පමණක් පිළිතුරු දෙන්න. ඉන්පසු මේ සංවාදය අවසන් කරන්න.

    ReplyDelete
  43. මම සහන්ගෙ සමහර පිළිතුරුවල දැක්ක සහන් කියනවා ඔය ඉන්ටෙර්නෙට් වල තියන වීඩියෝ වලින් ඇත්ත එලියට දෙන්නේ නෑ. ගොඩක් ඒවායේ තියෙන්නේ ඇත්ත තොරතුරු හංගල. ඒවා බලාගෙන තර්ක කරන්න එන්න එපා, සහන් කියන ඒවා තමා ඇත්ත කියල. මම ඒක ගොඩක් දැක්ක අර ඉලක්කම් හරඹ වලදී (ඉලක්කම් හරඹ මට ග්‍රීක් වාගේය ). එය එසේ නම් සහන් රාජකාරි කරන ආයතනයේ තියන රහස්‍ය බාවය පිටතට දීල නේද? ඔබට එසේ කල හැකිද සහන් ? ඔබට පමණක් වූ විශේෂ අවසරයක් තිබේද (අපි නොදන්නා)?

    ReplyDelete
  44. ගෙඩි තියෙන ගහට තමයි ගල් ගහන්නේ...

    ReplyDelete
  45. ගෙඩි තියෙන ගහට තමයි ගල් ගහන්නේ...

    ReplyDelete
  46. වලිය මොන විදියෙ උනත් ගෑනු මනුස්සයොයි.....දරුවොයි වලි වලට සම්බන්ධ කරගන්න නපුංසකයන්ට නං කියන්න වචන නැත.....

    එහෙම උන් තමන්ට පුරුශ ලිංගයක් ඇතිදැයි වහාම පරීක්ෂාකර බැලිය යුතුය....... (ඉන්දික ගොයියටයි විශ්ව කියන තිරිසනාටයි විශේෂයි)

    ReplyDelete
  47. නිවාඩු දවස් කීපයක් ආව නිසා දැන් තමයි අවේ... පොඩ්ඩක් ඉන්න රිප්ලයි කරනකම් එක්කෙනාට එකින් එක...

    ReplyDelete
  48. බ්ලොග් ලෝකේ ගස් ගල් පර්වත වාගේ ඉන්න ඔයාලා ට අන්තර්ජාල ප්‍රහාර වගේ

    ReplyDelete
  49. සයිලන්ට් සහන් .මට දැනගන්න තිබෙනවා මේ පොස්ට් එකට අදාල නොවෙන දෙයක්.ඒක මට නිකමට අහන්න හිතුනා.මොකද මම බ්ලොග් ලෝකෙට ආධුනිකයිනෙ.මම නිකමට ඔල්ඩර් පෝස්ට් බල බල යන කොටමේ බ්ලොග් ලෝකෙ ගැටුම් තිබෙන බව මම දුටුව.මට ඔබේ උපදෙස් උවමනයි.එය මෙසේ අහන්න බැහැ.මගෙe mail එක yakamamayaka@gmail.com .පොඩ්ඩකට මාව සම්බන්ධ කරගන්නවද?

    ReplyDelete
  50. හෝදන පිඟන් කැඩීමේ සම්භාවිතාව ඉහලය. කියවන්න වෙලාවක් නැ පස්සේ ඇවිත් ඔක්කොම බලලා මොනවා හරි කොටන්නම්

    ReplyDelete
  51. මටනම් කියන්න තියෙන්නේ මඩ වලට උත්තර දෙන එකෙත් තේරුමක් නෑ කියලයි. කොච්චර වැදගත් දේවල් මේකේ ලියවෙනවද. ඒවා බලන්න ගොඩක් දෙනා එනවා. ඒත් දිගින් දිගටම මේවා ඇදගෙන යන එකේ තේරුමක් නෑ නේ. ඒ කාලයත් වැදගත් පෝස්ට් එකකට යොමු කරනවානම් මමනම් කැමතියි. මොකද මේවට උත්තර දුන්නා කියලා තව තව මඩම ගහනවා මිසක් ඒ උත්තර හිතට ගන්නේ නෑ කවුරුවත්..

    ReplyDelete

  52. "You'll never reach your destination if you stop to throw stones at every dog that barks."

    Sir Winston Churchill

    ReplyDelete
  53. මම නං අදයි මෙහෙ ආවෙ... ඒත් මට තේරෙන විදියට සෑහෙනන දුර දිග ගිය අවුලක් මෙතන තියේ වගේ...
    දෙයක් කියන්නං සහන් අය්යෙ(අපිට වැඩිහිටි අයට මුකුත් කියන්න බෑ තමා) තවලම යනකොට අටෝ රාශියක් බල්ලො උඩු බුරනව.. ඒත් තවලම මග නවතිනවද... නැත්තං ආපහු හැරෙනවද... නෑ නේද... අපේ ගමන අපි යමු.. මිනිස්සු ඉන්න හැම තැනම බල්ලොත් ඉන්න එපැයි නැත්තං ගතියක් නෑනෙ... නැද්ද මං අහන්නෙ...අනිත් එක තමි අනික් අය ගහන මඩ වලට අපිත් මඩ වනන්න ගියොත් අපේ ඇගෙත් අපි නොදැනුවත්වම මඩගෑවෙනව.. ඒ හින්ද හොදම වැඩේ බල්ලන්ට උඩු බුරන්න දීල අපි අපේ පාඩුවෙ ඉන්න එකයි.. හැබැයි අවස්ථානුකූලව නිවැරදි දේ කියල අපේ නිවැරදි භාවය ඔප්පු කරනව නං ඔය කාගෙ කාගෙත් රෙදි නෑ

    ReplyDelete
  54. සහන්..කාලෙකින් මම මේ ආවේ ..හැබැයි බලපු මුල්ම පෝස්ටුව නිකම් වෙඩි කාගෙන වගේ බලන්න උනේ...ඇත්තටම මට හිතාගන්න වත් බැහැ මේ මිනිස්සු මොක්කුද කියලා..මට මතකයි මට මේ බ්ලොග් ලියන මුල්ම කාලේදී වැදුන එකම එක මඩකට..ඇත්තටම බැලුවොත් ඒක මඩක් නෙවෙයි විවේචනයක් ..මම මානසිකව වැටුණා..ඔයයි ඒ වෙලාවේ මට මුල්ම හයිය වුනේ මේවා ගණන් ගන්න එපා කියලා.මේවා ගණන් ගන්න එපා...මම අද ඒක ඔයාට කියනවා .ඔයා සෑහෙන්න වටිනා මනුස්සයෙක් .මේවායින් සැලෙන්න එපා..ඉස්සරහටම යන්න.

    ReplyDelete
  55. අපි රහස් පොලොසියෙන් නෙමේ හොරු අල්ලන්න යන්න.ඔය ලියන්න කැමති වුන් කියවයි,නොකියන වුන් නොකියවා ඉදි.එච්චරයි.

    ReplyDelete
  56. සහන් බිසී ද.. සද්දයක් නැති නිසා බලන්න ආවේ... ඉඩ තියෙන වෙලාවක මේකත් බලන්න http://biththiya.blogspot.com/2014/01/blog-post_31.html. ෆ්‍රී වෙලාවක ආයේ මොනවා හරි ලියන්න..

    ReplyDelete
  57. සහනෝ...... කොහේදෝ.......

    ReplyDelete
  58. සහන් ඉවරද?
    දැන් මාසයකටත් වැඩිය පරණයි පෝස්ටුව.

    ReplyDelete
  59. සහන් ඉවරද?
    දැන් මාසයකටත් වැඩිය පරණයි පෝස්ටුව.

    ReplyDelete
  60. මලා පුරුදු මිත්‍රයාගේ පෝස්‍ටුව කියවන්නයි ආවේ. මෙතැන ජංජාලයක්නේ. එක පෝස්‍ටුවේ තව පෝස්ට්ගොඩාක්. ඒ වැඩෙන් මට කොළඹ යන්නත් පරක්කු වුනා. අතෑඅරලා දාපං යාළුවා. මම කැමති උඹ පුරුදු විදිහට ලියනවට.

    ReplyDelete
  61. What happened you Sahan? No see long time?

    ReplyDelete
  62. සහන් නැවතත් බ්ලොග් අවකාශයට එන්න

    ReplyDelete
  63. ඔයා කෝ සහන ?

    ReplyDelete
  64. Wow berita keren http://www.rpoker88.com Poker Online Indonesia Judi TEXAS HOLDEM POKER Online Indonesia yang
    menggunakan UANG ASLI Terbesar dan Terpercaya di Indonesia yang memberikan Hadiah Jackpot
    Ratusan Juta Setiap Waktu dengan Hadiah Komisi Referral Super Spesial yang dapat di Withdraw
    oleh pemain Poker Sejati kapan saja.

    ReplyDelete

ඔබ කමෙන්ටුවක් දමයි නම් කරුණාකර මෙහි කමෙන්ටු E mail subscribe කරන්න .. නැතිනම් පිළිතුරු මග හැරී යනු ඇත ...

කමෙන්ට් යනු ඔබගේ අදහස් ප්‍රකශ කිරීමට සලසා ඇති ඉඩයි. සිතුවිලි ලියා තැබුණු විට අන් අයටද ප්‍රයෝජනයක් විය හැක !

http44444444://1.bp.blogspot.com/-F0lMkO9hSe8/UjM37DArTZI/AAAAAAAAAwo/wtP9O0K_6UE/s1600/543431_208554675978924_1215099537_n.jpg15099537_n.jpg

සහයෝගය දක්වන වෙබ් එකමුතු ...

මාතලන්ගේ සින්ඩිය...api apita Blog Readerlankeeya sithuwililankeeya sithuwili lankeeya sithuwili