දැන්වීම් පුවරුව . ( පින්තූර මතට මවුස් පොයින්ටරය රැගෙන යන්න )

දැනට වසර දෙකක පමණ සිට සෑම සතියකටම වරක් ලිපියක් හෝ දෙකක් පළ කළෙමි. සිත් ගත් ලිපියක් වේ නම් හිතමිතුරන් අතරත් බෙදාගන්න.

මෙම වෙබ් අඩවිය ලෝඩ් වීමට පමා වේ නම් මෙම ලින්ක් එක භාවිතා කරන්න.

Go and get Sinhala Unicode to your Computer
Face Book Link Share.

April 20, 2013

යම ලොවට අධිපති යම රජ|.A horror story.



         යම රජු හමුවීමට ගිය අයෙකු නැවත ආ බවක් අප අසා නැත , එබැවින් ඔහු පිලිබඳ අප දන්නා කරුණුද ස්වල්පයය .එමෙන්ම අවිනිශ්චිතය .

                  මනු ලොව සාමාන්‍ය පිළිගැනීම නම් ඔහු බලය , ශක්තිය අතින් අන් කිසිවෙකුට වඩා ඉදිරියෙන් ඇත .ඉන් පෙනී යන්නේ ඔහු අන් කිසිවෙකුට වඩා ශක්තිමත් බවයි . යමයා වාගේ ශක්තිමත් යැයි පවසන්නේ ඒ නිසාය .

             යම රජු පිළිබඳ සංකල්පය භාරතීය සමාජය තුල මුල් බැස ගෙන පැවතියේ බුධ්ධෝත්පාදයටත් පෙර සිටයි. ඔහු පොළොවෙන් යට පාතාල ලෝකයට අධිපතියාය . මෙම පාතාල ලෝකය අපාය යැයි ඇදහු පැරැණියෝ ඔහු අපායට අධිපති රජු ලෙස සැලකුහ. එහෙත් පසුව පිළිගත් මතය වූයේ ඔහු අපායට පමණක් නොව
මෙලොවින් එහා පරලොවටම අධිපති හෙවත් මෙලොවින් පිටවන ප්‍රාණකාරයන් කෙරෙහි යම් යම් තීරණයන් ගැනීමේ හැකියාව ඇති පුද්ගලයෙකු බවය .


          කෙසේ හෝ වේවා යම රජුගේ නිත්‍ය වාසස්ථානය නම් පාතාල ලෝකයයි. නරකාදිය , අපාය යන නම් වලින්ද එය හැඳින්වෙයි .අපායේ පවතිනා දුෂ්කර තත්වය පිළිබඳව වෛදික ග්‍රන්ථ වලද , විෂ්ණු පුරාණයේද සවිස්තරව කරුණු දැක්වෙයි . අර්ථවේදය පවසන පරිදි නම් මිය යන්නවුන් කෙලිම්ම අපාගතව දුක් විදිනු ලැබේ. එහෙත් බුද්ද දේශනාව අනුව මිය යන සියල්ලන්ම අපාගත වන්නේ නැත .

           අපායේ උපත උපත ලැබීමට හේතුවන කර්මයන් ගැනත් , එවන් අපායවල් රාශියක් ගැනත් පුරාණ ග්‍රන්ථ රැසක දැක්වේ . ක්‍රිස්තියානි ධර්මය අනුවද පාපීන් සදා කල් දුක්විඳින අපායක් ඇත , එසේම සියලු ආගම් වලද මෙවැන්නක් ගැන සඳහනක් ඇත.



මෙය පරිවර්තනයක් බව සලකන්න , ගව්රවය මුල් සටහන් හිමි කරු සතුය .


                යම රජ අපායට පමණක් නොව මරණයටද අධිපතියාය .එබැවින් ඔහු සමහර විටක මාරයා වශයෙන්ද හැඳින්වේ. සිදුහත් කුමරු බුද්ධත්වයට පත් වන අවස්ථාවේ වසවර්ති නමින් පැමිණියේද මොහුමය .යම රජුගේ වාසබවන හෙවත් බලකොටුව පිහිටා ඇත්තේ වේතරණී නම් අපාය සමීපයෙහි ඇති උස්සද නිරයේය . අපායේ අධිපති යම රජු වුවත් ඔහුගේ සියලු අණ ක්‍රියාත්මය කරන්නේත් , අපාය පාලනය කරන්නෙත්
යම ධූතයන්ද, චර පුරුෂයන්ය . යම රජු විසින් පණවන සියලු දඩුවම් අපාගත සත්වයන්ට පමුණුවන්නේ යම ධූතයන් චර පුරුෂයන්ය , ඔවුහු යම රජුගේ සිතැඟි පරිදි ඕපපාතිකව උපදින සත්වයන් විශේෂයෙකි . යම් රජු ප්‍රදානය කරණ සියලු බල ඔවුනට සතුය .

                ඔවුන්ගේ ස්වරූපය ඉතා භයන්කරය , ඇතැමෙක් මුල් වර දිටීමෙන් සිහි සුන් වීමට වුවත් හැකිය .ඔවුන් අපාගත වූවන් ලෝදිය හැළියක දා තම්බන බව ජෛන ග්‍රන්ථ වල සදහන් වෙයි .

                     අපායෙහි කාර්ය භාරය කිසි සේත් සුළු පටු නොවේ .යම රජු කොතරම් බලවන්ත වුවත් හිතු මනාපයට දඩුවම් දීමක් එහි නැත .මිය යන්නවුන් හෙවත් අපාගත වූවන් මනුලොවදී කරණු ලැබූ සියලු කුශලාකුශල කර්ම අනුව දඩුවම් පැමිණවීමට  යම රජු නියම කරයි. මෙම කර්මයන් පිලිබඳ සටහන් අග්‍රසන්ධානි නම් යම රජුගේ කාර්ය භාරය සටහන් කරන පොතෙහි , චිත්‍රගුප්ත විසින් ලියනු ලබයි . චිත්‍රගුප්ත යනු යම රජු වෙනුවෙන් සටහන් තබන්නා තවත්
යම ධූතයෙකි.

            ඔහුගේ ප්‍රධානතම කාර්ය වන්නේ කෙනෙකු මිය යාමට පළමුව කරණ ලද කුසල් හා අකුසල් ක්‍රියා නිවැරදිව , පිළිවෙලින් මුල මැද අග ගලපා සටහන් කිරීමයි . ඒ සදහා අවශ්‍ය දැනුම( work procedure ) ලබා දෙන්නේද යම රජුය.කිසියම් පුද්ගලයෙක්
ආයුෂ ඉවර වී හෝ විශේෂ හේතුවක් මත යම රජු විසින් ඔහුව අපාය වෙත ගෙන්වා ගත් විට යම රජු ඉදිරියේ පෙර තැබුණු සටහන් එකින් එක තබනු ලබයි .තවත් මතයක් නම් කෙනෙකු මිය යාමට ප්‍රථම සිටම පිං පව් පෙර කි පොතෙහි සටහන් වේ.

             යම රජු හැකි සෑම විටකම උත්සාහ කරන්නේ අපාය වෙත පැමිණෙන පුද්ගලයන් කෙසේ හෝ එයින් මුදවා හැරීමටයි. ඉඳින් ඔහු එම පුද්ගලයා හා සුහදව කතා බහේ යෙදෙයි , .හැකි සෑම විටම කර්මසටහන් පෙරළමින් ඔහු හෝ ඇය කර ඇති පුණ්‍ය කර්ම ගැන මෙනෙහි කරවයි .ඔහු අතින් වූ වැරදි දේ කෙරෙහි පාපොච්චාරණයක් කිරීමට අවස්ථාව ලබා දී, යම රජු එම පුද්ගලයාගේ සිත කියැවීමට පටන් ගනී.
ඉතා නිහතමානීව තම වරද ගැන පසු තැවිලි වන පුද්ගලයන් නිබඳවම යම රජුගේ ගව්රවයට පාත්‍ර වේ .ඔවුන් එම මොහොතේම පාතාල නිරයෙන් ආරක්ෂිතව සුදුසු තැනකට පිට කරණු හරි .බොහෝ විට එය යාමය නම් වූ දේව ශ්‍රීය ඇති වාසභූමිය වේ .

          එහෙත් ඒ අවස්ථාවේදී පවා බොරුවෙන් වංචා කිරීමට පෙළඹෙන පුද්ගලයන් ගැන කිසිදු අනුකම්පාවක් යම රජු නොදක්වයි .ඔහුගේ එක් ගිගුරමකින් වැරදි කරුගේ කන් බෙරය පැලී ලේ වහනය වීමට ගනී , එතැන් පටන් එම පුද්ගලයාට යම පල්ලන්ගෙන් බේරුමක් නැත , නිරයේ පහළටම ඇදගෙන යනු ලබයි .

             යම ධූතයන්ද යම ලොව අති බලගතු නිළධාරීන් පිරිසක්ය .කෙනෙකු මෙලොවින් චුත වී පරලොවට හෙවත් යමලොවට යාමට අවස්ථාව පැමිණි විට ඔහු කැඳවාගෙන යාමට එන්නේ මේ ධූතයන්ය.යම ධූතයන්ගේ පණිවිඩය දැනගත් බොහෝ දෙන මරණයට පළමු , ඒ පිළිබඳව යම් යම් හැඳින්වීම් කරන්නේ මේ අනුවය .යම ධූතයන් මෙලොවට පැමිණෙන්නේ තනිව නොව , ඔවුන්ගේ අතිශය භයංකර දඩ බල්ලන්ද කැටුවය .මෙම දඩ බල්ලන් යම ලොවදී සරමියා යනුවෙන් හැඳින්වේ , බොහෝ විට තම යම ධූත ස්වාමියාගේ අණට කීකරුව සොයා ආ පුද්ගලයා හඹා යයි. කට්ටි පනින පුද්ගලයෙකු පසු පස හඹා යෑමට මෙම දඩ බල්ලෙක්ට අණ ලැබුන විට එම පුද්ගලයාට කිසිම ගැලවුමක් නැත . මෙලෙස හඹා යන සරමියා බල්ලන්ව මුලින්ම දකින්නේ ගෘහස්ත බල්ලන්ය . එවිට ගෘහස්ත බල්ලන් යම් විශේෂිත ආකාරයකට බුරයි , එය මනුලොව ඇත්තන්ට ඇසෙන්නේ උඩු බිරලීමක් ලෙසිණි .

             නිවසක් අසල බල්ලෙකු නොනවත්වා උඩු බුරලීම යනු මරණ වරෙන්තුවක්ය යනුවෙන් බොහෝ දෙනා අදහයි .මෙම සරමියා බල්ලන් කොතරම් බලවත්ද යතොත් මරණයට බියෙන් පසු බසිනා ඕනෑම පුද්ගලයෙක් මොවුන් ගෙන යයි.එබැවින් කෙනෙකු රෝහලකදී මිය ගියද ඔහුගේ නිවස අසල බල්ලන් උඩු බිරලීම සාමාන්යෙන් සිදු වෙතැයි ජන වහරේ අදහසක් පවතී , මන්ද අදාළ පුද්ගලයා සමග සරමියා බල්ලන් එන තුරු යම ධූතයන් නිවස අසලට වී බලා සිටි යනුවෙන් පවතින විස්වාසයයි.පොල්කිච්චා , කණ කොකාද තවත් මෙවැනි සතුන් යැයි ඇතැමුන් කියයි , නමුත් ලිපියේ කතෘ නම් එයට එකඟ නැත . තවද පාතාල නිරයෙහි ආරක්ෂාව පිණිස කටයුතු කරන්නේද මෙම දඩ බල්ලන්මය , යම රජුගේ අණට හැර මෙලොව අන් කිසිවකට ඔවුන් මෙල්ල නැත .


             ලොව පළමු වරට මිය ගිය තැනැත්තා මුල්ම යම රජුයය .ඔහු මරණින් පසු යම ලොව ගොස් අනිකුත් අයවද එයින් ගලවා ගැනීමට නිරතුරු කටයුතු කරයි . පසුව මෙය තනතුරක් වශයෙන් දිගින් දිගටම පැවතෙමින් එයි.

             එහෙයින් යම ලොව මහත් අභාග්‍ය සම්පන්න එකක් නොව වාසනාවන්ත එකක් යැයි පැරැණියෝ විස්වාස කළහ . යම රජ අප්‍රමාණව මිනිසුන්ට සමාව දේ , ආදරය කරයි .

                යම රජුගේ රූපය අතිශය භයන්කරය .ඔහු ස්වභාවයෙන් තද කොළ පැහැතිය , එහෙත් රක්ත වර්ණ සිවියකින් සම ආවරණය වී පවතී . හිසෙහි ගිණි ගෙන දැවෙන රක්තවර්ණ මැණික් ඔටුන්නකි .ඇස් ඔහුට පිහිටා නොමැත , ඒ වෙනුවට ඇත්තේ ඇස් කුහරය තුළ ගිලිණු කාල වර්ණ මැණික් සඟලකි.ඒ මැණික් තුළින් ඔහු අන්‍යන්ගේ සිත් කියවයි , අනිකුත් දැනහැදීනීම් ලබයි. පාපිෂ්ඨයෙකුට එක එල්ලේ ඒ දෙස බැලීමට අපහසුය , තදින් අපහසුතාවයට පත් වේ. එක් අතකින් මළ පුඩුවක් සහිත රැහැනකි .මිය යාමට අවස්ථාව පැමිණියවුන් බලෙන් හෝ එම පුඩුවට අසුකරගනීම සඳහා එම රැහැන
ඉතා දුරට විහිදුවීමට හැකිය .අනික් අත හිස් ව පවතී .

                   වෛදික පුරාණයේ යමගේ උප්පත්ති කතාව දැක්වේ , ඒ අනුව ඔහුගේ දෙමාපියන් දෙවි වරුන්ය .තාවතිංස උපතක් ඇතැයි සැලකෙන විමස්වන් දෙවි ඔහුගේ පියාද , මව විශ්වකර්ම දෙවිගේ දුවක වූ සරනාවාය .මේ දෙපලගේ අනික් දියණිය නම්
යමිස්වන් වේ .ඇය යමගේ බලකොටුව ඉදිරිපස රැකවල් ලමින් මග රකියි .



              යම ලොව තුල එක් දිනක් යනු මනු ලොව වර්ෂ වලින් වසර 50 කි . තද බල ලෙස අකටයුතුකම් සිදු වෙමින් ගොස් මනු ලොව විනාශම වීමට යන බව දුටු විට පමණක්  යම රජු හට දල කයක් මවා ගනිමින් අවශ්‍යනම් ඔහුගේ චර පුරුෂයන් යම ධූතයන්ද , සරමියා නම් දඩ බල්ලන්ද ( මොවුන් හට සෙවිය නොහැක්කක් නැත, එදිනෙද ජීවිතය තුලදී තම සබැ නමින් ආමන්ත්‍රණය වීම් , කල කී සැබෑ ක්‍රියා පැවසීම් වැනි අද්දැකීම් ඇත්තන් මේ බව මතු දිනක " ඔව්මයි මටත් ඔහොම දෙයක් උනා " යනුවෙන්  සනාථ කරනු ඇත  ) කැටුව මනු ලොවට පැමිණිය හැකිය .එහෙත් එම කාල සීමාව යම ලොව කාලයෙන් දිනකින් තුනෙන් එකක් වැනි කාලයකට පමණය. නැතහොත් ඔහු මවා ගන්නා දල කයට පැවැත්මක් නැත .එසේ පැමිණියද ප්‍රධානතම බාධකය වන්නේ මේ කාල පරාස  නොගැලපීමය .ඔහු පැමිණෙන නිමේෂය තුල මනු ලොව වසර කීපයක් ගෙවී ඇත ,ඉතින් ඇතැම් දේ වසර 20 , 30 දක්වා වුවද ප්‍රමාද වීම සිදු වන්නේ මේ කාල පරාස නොගැලපීම මතය.

        මිය ගිය පුද්ගලයෙකුගේ ආත්මය , හෙවත් චුත වූ ප්‍රාණය යම රජු වෙත පැමිණ ( මනු ලොව වේලාවෙන් ) පැය 4 කුත් , විනාඩි 40 කාල සීමාවක් පැවතිය යුතුයි , එම කාලය ගත වන්නේ යම රජු ඉදිරියේ පැවැත්වෙන නඩු විබාගයටයි.( එහෙත් එය යම ලොව වේලාවෙන් නිමේෂයකි )

            කිසිම අවස්ථාවක කෙනෙකු මිය ගොස් එම කාලය ගත වන තුරු භූමිදානය නොකළ යුත්තේ එබැවිණි .කෙසේ වුවද පසු ගිය කාලයේ සිදු වූ දේවලුත් , සිදු නොවී ගිය දේවලුත් දෙස බැලු විට පෙනී යන්නේ යම රජු ඔහුගේ චර පුරුෂයන්
යම ධූතයන්ද, සරමියා නම් දඩ බල්ලන්ද කැටුව  මනු ලොව පැමිණ සිටින බවකි!



තවත් වැදගත් ලිපියක් සයුරිගේ පහන් යායේ

මරණින් මතු ජිවිතය

58 comments:

  1. කොහොමත් වසවර්ති දිවය පුත්‍රයා කියලනේ මාරයට කියන්නේ

    ReplyDelete
    Replies
    1. ඔව් එයාට හිමි තාවතිංස දෙව් උපතක් , ඒත් මේ තනතුර නිසා
      ගොඩක් බලවත් .

      Delete
    2. මම දන්න විදියට නම් සහෝ මාරයා කියන්නේ දිව්‍ය උපතක් නෙවෙයි. ඒක හරියට තමන් කළ කර්ම අනුව ශක්‍රයාට යහපත් වූ දිව්‍යමය උපතක් ලැබෙනවා වගේ මාරයාට අකුසල් නිසා ම අයහපත් වූ උපතක් ලැබෙනවා. ඒවා තනතුරු, කාලයෙන් කාලයට වෙනස් වෙනවා. මුගලන් මහ රහතන් වහන්සේත් වරක් දුසී නම් මාරයෙක් වෙලා උපත ලබලා තියෙනවා....

      Delete
    3. මාරයා සහ යමරජු දෙන්නෙක්....

      Delete
  2. ඔහොම යමයො ගැන කියද්දි බය හිතෙනව යකුනේ... මම කරල තියෙන වැරදි වල හැටියට මට යන්න තැනක් අලුතින් හදන්න වෙයි...

    ReplyDelete
    Replies
    1. ඔය බය මැරෙනකම් තිබ්බොත්
      මැරුණට පස්සේ බය වෙන්න ඕනේ නැහැ ..

      හැබැයි එදාට බය වෙන්න වෙන තැනට වැඩ සිද්ද
      උනොත් ඔයාට දුක කියන්න වත් කෙනෙක් ඉතුරු
      වෙන්නේ නැහැ,ඔයා අවසාන වතාවට යම රජු එක්ක
      කතා කලාට පස්සේ ..

      Delete
  3. තේජ බල විකුමැති
    බොහොම ගරු යම පති
    යම ලොව අධිපති
    යම රජ මම වෙමි.

    ReplyDelete
    Replies

    1. අවසර මා හිමි යම සමිදෙන්
      අවසාන අප හමු විය මේ විලසින්
      හිස තියමින් ඔබ, පා පතුලෙන්
      උහුලමි කල පව් අද සිට නිරයෙන්

      Delete
  4. මම නම් ඕකට බය නෑ, මම වැරදි කරන්න බය නිසා, මදුරුවෙක් මැරුවොත් කරපොත්තෙක්ට ගැහුවොත් ඇරෙන්න පව් කරන් නෑ කියලා ෂුවර් ඇ :D

    ReplyDelete
    Replies
    1. ඔයාට තව ඩින්ගයි ශම්මි තියෙන්නේ කරන්නේ..
      ඔය වෙන නපුරු දේත් නවත්තන්න , ඔතොකොට ඔයාට
      ලස්සන දිව්‍ය අප්සරාවක් වගේ ජීවත් වෙන්න පුළුවන් අවුරුදු
      ලක්ෂ ගානක් ..

      Delete
    2. මදුරුවා, කැරපොත්තා කියන්නෙත් පරානයක් තියෙන සතුන් ශම්මි, ඒ සතුන් මරණ එක නවත්තන්න. ඉට පස්සේ ඔයාටමතේරෙයි උන්ගෙන් කරදර නැතිවෙන හැටි.

      මම මේ ගැන පොස්ට් එකක් ලියලාඅ තියෙන්නේ පස්සේ වෙලාවක පබ්ලිෂ් කරන්නම්.

      Delete
  5. මම අහලා තිබුනෙ මැරුනම කෙලින්ම දිව්‍යලෝකෙට ගියාට පස්සෙ එතනදි නඩු අහලා වැරදි කාරයන්ව අපායට යොමු කරනවයි කියලා.. දැන් බලද්දි යමයටනෙ වැඩේ පැවරිලා තියෙන්නෙ.

    බල්ලොනම් මංදන්නෑ නරිනම් හූ තිබ්බා අපේ තාත්තා නැතිවෙච්ච වෙලාවෙ..

    ReplyDelete
  6. හරියටම වෙන දේ සයුරිගේ පෝස්ට් එකට මන් කමෙන්ට් එකක්
    විදිහට දාල තියෙනවා සෙන්නා .ඒක බලන්නකෝ ටිකක් නිදහසේ
    පැහැදිලි නැති තැන් ඔක්කොම අහන්න ..මන් කියන්නම් ..
    ඒ උනාට යම රජ්ජුරුවෝ ලොකු වැඩ කොටසක් කරනවා පිටින් නොපෙනුනාට
    මේ විශ්වයේ .ආනන්තරීය මට්ටමට නොගිය ගොඩක් දේවල් වෙනස් කරන්න
    එයාට පුළුවන්, සහ එයා කරනවා .තදිම්ම බලන්නේ මිනිස්සුන්ගේ හිත ..
    දිව්‍ය ලෝක වල ඉන්න පුහු මාන්නක් කාරයන්ට වඩා එයා බලවත් , සහ
    හිත හොඳයි.මිනිස්සුන්ට ඇත්තටම ආදරෙයි කියල තමයි විස්වාසය අතීතයේ
    ඉඳන් ..
    ( ඇත්ත නැත්ත කෙසේ උනත් )


    අනිත් දේ ඇත්තටම මරණයේ වරෙන්තුව අඳුනගන්න පුළුවන් තිරිසන් සත්තු
    ඉන්නවා..මන් මෙතන දැම්මේ බල්ලෝ ගැන විතරක් උනාට තව සත්තු කීප
    දෙනෙක් ඉන්නවා...

    ReplyDelete
    Replies
    1. සහන් ඇත්ටටම මේක විශ්වාස කරනවද ?

      මගේ විශ්වාසයනම් අපේ පව් පින් වල හැටියට නැවත මේ ලෝකෙම උපදිනවා කියලයි. (මම වැරදි ඇති )

      සයුරිගෙ පෝස්ට් එකට සහන් දාපු කමෙන්ට් එක මම ටිකක් බැලුවා.. පස්සෙ නිවාඩුවෙ බලන්න ඕනා..

      Delete
  7. මගේම මගේම මගේම මතය කිව්වොත් සෙන්නා ඇත්තටම මන් දැන් දැන් පව් පින් කියල
    ඔය කියන තරම් දෙයක් " ඇත්තටම ඇත්ද මේ ලෝකේ ?" කියන තැන ඉන්නේ ..

    අපි මේ ලෝකේ ඉද්දි වෙන සමහර සිද්දි අහඹුවක් වෙන්නැති කියල මන් හිත
    හදාගන්නවා ..ආගමික පසු බිමකින් හරි මිනිස්සුන්ව ටිකක් පාලනය කරලා
    තියෙන එක නම් වටිනවා සෙන්න ..

    ඒක නම් එක හෙලාම පිළිගන්නවා , මොකද අන්තිමට වෙන්න ඕනේ ලෝකේ
    හැමෝම පුළු පලුවන් විදිහට එකිනෙකා එක්ක සුහදව ඉන්න ඕනේ එකනේ..

    අපාය , දිව්‍ය ලෝක ගැන සංකල්පය හරි හොඳ දෙයක් ඒ අතින් නේද ?

    මම නම් අද්භූත දේවල් විස්වාස නොකරන තැනට එමින් ඉන්නේ සෙන්නා .
    හැබැයි ඔය වගේ සමහර දේවල් මටත් වෙලා නම් තියෙනවා .මිනිස්සුන්ගේ
    හිත් කියවන්න , ජීවිතේට නොදැකපු කෙනෙක්ගේ අතීතය / අනාගතය කියන්න
    වගේ අද්දැකීම් තියෙනවා ..

    ( ඒත් පුදුමේ කියන්නේ මන් ඒවා දැන් දැන් අබ මල් රේණුවකට විස්වාස නොකරන
    තැනට පත් වෙමින් ඉන්න බවක් නම් දැනෙනවා..)

    අහ් අනික් දේ සයුරිගේ එකේ මගේ කමෙන්ට් එක සෑහෙන්න වචන වැරදි .
    ඒ ටික හදල එක්කෝ වෙනම දාන්නම් මන් ...


    කොහොම උනත් සෙන්නා

    \\\\මොකද අන්තිමට වෙන්න ඕනේ ලෝකේ
    හැමෝම පුළු පලුවන් විදිහට එකිනෙකා එක්ක සුහදව ඉන්න ඕනේ එකනේ..

    අපාය , දිව්‍ය ලෝක ගැන සංකල්පය හරි හොඳ දෙයක් ඒ අතින් නේද ?///


    මේ දේ හරි වටිනවා මනුස්ස ලෝකෙට ..

    ReplyDelete
    Replies
    1. >> අපාය , දිව්‍ය ලෝක ගැන සංකල්පය හරි හොඳ දෙයක් <<

      ඒක හරි හොඳයි බන් මිනිස්සු ඕවයෙන් පාලනය වෙනවනම්.. ඒත් දැන් තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස්නෙ.. දැන් පවට බය මිනිස්සු නෑ.. පවට බය වීම සමාජය ඉදිරියේ හෑල්ලුවට ලක්වීමට කාරණයක්.. ඉතින් මිනිස්සු හෑල්ලු නොවී සිටින්නත් දැන් පවු කරනවා.. යක්කුන්ට, යම පල්ලන්ට, කටු ඉඹුලට, ලෝදිය හැලියට බය මිනිස්සු හිටියේ අවුරුදු පනහකට ඉස්සර..

      Delete
    2. \\\\වට බය වීම සමාජය ඉදිරියේ හෑල්ලුවට ලක්වීමට කාරණයක්.. ///

      හරියටම හරි සෙන්නා , මිනිස්සු හොඳින් ඉන්න ඕනේ අපායේ යන එකට
      බයේ වත් , දිව්‍ය ලෝකේ යන්න තියෙන පටු ආසවටවත් නෙවේ..

      ඇත්තටම වෙන කෙනෙක්ට හානියක් නොවේවා කියන චේතනාවෙන් ..
      එතනට ගන්න හරි අමාරුයි කෙනෙක්ව..ඒ අතින් ඔයා දැකල තියෙනවද
      සමහර වඳුරොත් තමන්ට කන්න ලැබුන අඹ ගෙඩිය බඩගින්නේ ඉන්න
      වෙන සතෙක්ට දීල නිකන් ඉන්නවා..

      වඳුරන්ටත් එහා අපි ඉන්නේ..

      \\\යක්කුන්ට, යම පල්ලන්ට, කටු ඉඹුලට, ලෝදිය හැලියට බය මිනිස්සු හිටියේ අවුරුදු පනහකට ඉස්සර..///

      ඕකට නම් සම්පූර්ණ වැරදි කරු යම රජ මන් නම් කියන්නේ..පොඩ්ඩක් එන්න ඕනේ
      විද්‍යමාන වෙන්න මනුස්ස ලෝකෙට, අමතක අයට මතක් කරන්න..
      ( ඒත් ප්‍රශ්නේ තමයි අර කාල පරාස නොගැළපීම , සහ එහෙම ආවම එයත් මනුස්ස ලෝකේ
      තුල ගෙවිය යුතු කර්මයක් තියේ නම් ඒකත් ගෙවන්න වෙනවා.එහෙම තමයි කියන්නේ ඇත්ත
      නැත්ත මන්ද .)


      කොහොමත් සෙන්නා ඔයාලා අපි මෙහෙම හරි විඳින මනුස්සකම කම
      හෝ එහෙම කියන " what ever thing " එක අපේ දරුවෝ නම් ලබන්නේ
      නැහැ කවදාවත් ..ඒක ගැන නම් කෙලින්ම කියන්න පුළුවන්..

      තව අවුරුදු 40, 60 ඇතුලත විශ්ව ගම්මානයක් වෙන්නේ නැහැ , ලොකු විශාල
      පාවාදීම් එක්ක හැම දෙයක්ම සී සීකඩ යනවා.හැමෝම මේක මගේ කියන
      තැනට එනවා..
      තනි තනි ලෝක වල මිනිස්සු තනි වෙනවා..එහෙම හැදුණු ලෝක වල පැවැත්මක්
      නැහැ ..

      කන්න නැති මිනිහ හැමදාම බඩගින්නේ, බඩ පිරුණු මිනිහ හැමදාම ලෝකෙට
      ලොක්කා වගේ ඉන්නවා.

      ඒත් ඉක්මණින්ම අර කන්න නැතුව හිටපු මිනිහ මැරෙනවා.බඩ පිරුණු මිනිහගේ
      අටුව හිස් වෙනවා..

      අන්තිමට දෙන්නම මැරෙනවා...

      Delete
  8. ඒ මාත් අපායේ යයිද දන්නෑ.....

    ReplyDelete
    Replies

    1. නැහැ එහෙම වෙන එකක් නැහැ තරියෝ..
      ( හැබැයි වැඩි පුර පැහෙන්න කලින් කාබයිට් ගහන්න එපා :D )

      Delete
  9. යම ලොව ගැන නොදන්නා විස්තරයක්.
    මමත් හිතන්නේ යම ලොව දෙව් ලොව කියන ඒවා තිබුනත් නැතත්.. ඒ සංකල්ප මගින් මිනිස්සුන්ව වැරදි වලින් ඈත් කරන්න යම් බලපෑමක් කරනවා කියලයි.

    ReplyDelete
    Replies

    1. ඒත් එහෙමත් මෙල්ල නැති අය ඉන්නවනේ චන්දන..
      ඒකනේ මේ සංකීර්ණ ගැටළු ගොඩක් තියෙන්නේ..
      කොහොමත් දැන් ආයේ මේවා හරිගසන්න බැහැ , ප්ලෑන්
      B ක්‍රියාත්මක කරනවා මිසක්..( හැබැයි වැඩේ කියන්නේ ප්ලැන් B
      කියන්නෙත් A ම තමයි..:wink )

      Delete
  10. මට සිංදුවකුත් මතක් වුනා.... අර ඉස්සර තිබ්බේ "යම ලොව ඉපදුන" කියල හික්....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සමනළි මේ පැත්තේ ආවට..
      මට නම් ඒ තරම් මතක නැහැ ඒ සින්දුව
      ගැන, තව ටිකක් කියන්න බලන්න ...

      Delete
  11. යම රජ්ජුරුවෝ ගැන නොදන්න ගොඩක් දේවල් දැනගත්තා. එයා කියන තරම් මිනිස්සුන්ට ආදරේ නම්, සිදුහත් තවුසා , බුදු උනු වෙලාවේ, එයාගේ හිත වෙනස් කරන්ට තද උත්සාහයක් දැරුවේ ඇයි?

    කෙනෙක් මැරෙන මොහොතේ මෙයා පේනවා කියන්නේ ඇත්තක්ද? ටිකක් විතර බයකුත් හිතට දැනෙනවා තමා...:)

    ReplyDelete
    Replies
    1. @ පොඩ්ඩි

      එතන වෙන්නේ පොඩ්ඩි බුදු කෙනෙක් ඉන්නේ මේ චක්‍රේ කඩන්නන්නේ .
      ඒකට කැමති නැහැ යම රජ .මාර්ග ඵල ලබපු කෙනෙක්ට මාරයාගේ සදාකාලික
      මළ පුඩුවෙන් මිදෙන්න පුළුවන්..ඒත් මතක තියාගන්න බුදු කෙනෙක්ටවත් යටත් නැහැ
      යම රාජ ධූරය.බුදු කෙනෙක් එක්ක දිනන්න බැරි උනත් , බුදු කෙනෙක්ට උනත් යටත්
      නැහැ .මේ ලෝකේ කිසිම කෙනෙක්ට යටත් නැහැ .

      ගව්තම බුද්ධ සාසනේ එක කෙනෙක්ට විතරයි යටත් උනේ , ඒ තමයි ශාරිය පුත්තකෝ තේරෝ .
      (ඔයාල කියන්නේ සැරියුත් හාමුදුරුවෝ කියල).එයාගෙයි දැන් ඉන්න යම රජගෙයි ඥාති සම්බන්දයක්
      තියෙනවා .මන් මේ කියන දේ පිළිනොගනිවී ඇත්තක් කියල, ඒත් ශාරිය පුත්තකෝ කියන්නේ එයාගේ
      මින් පෙර ආත්මයේ මවගේ සහෝදරයා..ඉතින් ඒ දේ නිසා එතුමාට විතරයි මෙල්ල ..( ඒකත් ලෙන්ගතු
      කමක් මිස බයක් නෙවේ )

      >>>කෙනෙක් මැරෙන මොහොතේ මෙයා පේනවා කියන්නේ ඇත්තක්ද? ටිකක් විතර බයකුත් හිතට දැනෙනවා තමා...:)<<<

      නැහැ යම රජ එහෙම එන්නේ නැහැ , එයාගේ චර පුරුෂ සේවයේ ඉන්න කෙනෙක් හෝ
      දඩ බල්ලෙක් තමයි එන්නේ, ගොඩක් වෙලාවට අවසාන චිත්තක්ෂණ කෝටි ගානම
      ( මියෙන්න පැය දෙහෙක වගේ ඉඳන් ) ඒ එන කෙනා ග්‍රහණයට ගන්නවා.ඉතින් මැරෙන
      කෙනාට කිසිම ගැලවුමක් නැහැ .

      ඔය විදිහට ගන්න තමයි දඩ බල්ලෝ එන්නේ.ඒ දැකීමෙන්ම පුද්ගලයෙක්ගේ මෙළොව
      හපන් කම් ඉවරයි .සම්පූර්නෙන් අහු වෙලා ඉවරයි...
      කෝටි ගාණකින් 400- 1300 වගේ පිරිසක් විතරයි යම රජගෙන් වැදුම් ලබල නැවත
      පිටවෙන්නේ...

      අනිත් දේ ඔයා අහපු අර අනික් ප්‍රශ්නේ , " යම රජු එනවද " කියන එක ..
      ඔව් එයා එනවා , ඒ එන්නේ ඇයි කියල පෝස්ට් එකේ තියෙනවා ..නමුත්
      කාලය තමයි ලොකුම ගැටලුව , එහෙම ඒමකින් පලක් නැති තරම්..

      Delete
  12. අපායේ වැඩ කරු ගැන වැඩ දාපු කතාවක් කාලෙකින් ඇහුවේ...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම් වැඩ දදා ඉන්නකෝ , හැළිය රත් වෙනකම්...
      ඔයාගේ වැඩ මදි ඔයා වෙනුවෙන් පැහෙන හැළියේ ගින්න
      නිවන්න...

      Delete
  13. සහන් මම මගේ බ්ලොග් එක ලියන්න ගත්තේත් බ්ලොග් කියවන්න ගත්තෙත් stress අඩුකරගන්න, ඒ නිසා මම බොහෝවේලාවට මගේ බ්ලොග් එකේ ලියන්නේ සුන්දර දේවල් වගේම හිනා යන කතා. ඔයා මගේ බ්ලොග් එක කියවන නිසා එක දන්නවා ඇති. ඒ වගේම තව කෙනෙකුගේ පොස්ට් එකක් තියෙන කරුණු වලට විරුද්දව කොමෙන්ට් කරන්නේ නැහැ කියලා හිතාගෙන ඉන්නේ. නමුත් මේ පොස්ට් එකට කොමෙන්ට් කරන්න හිතුන, සමහර කරුණු ගැන ඔයාගේ අදසසට වෙනස්ව කරුණු දක්වන්න වෙනවා. එහෙම කරන්නේ සමහර දේවල් නිවැරදි කරන්න මිසක් වෙනත් දෙයකට නෙවේ. මුලින්ම ඔයාගේ සමහර අදහස් වලට විරුද්දව ලියන දේවල් වලට සමාවෙන්න කියලා ඉල්ලනවා.

    //යම රජ අපායට පමණක් නොව මරණයටද අධිපතියාය .එබැවින් ඔහු සමහර විටක මාරයා වශයෙන්ද හැඳින්වේ. සිදුහත් කුමරු බුද්ධත්වයට පත් වන අවස්ථාවේ වසවර්ති නමින් පැමිණියේද මොහුමය //

    සහන්, මාරයා වශයෙන් හැඳින්වෙන්නේ යම රජු නෙවේ. මාරයන් 5 දෙනෙක් ගැන කියවෙනවා පස් මරුන් කියන්නේ එකටයි.
    1. කිලේස මාර
    2. ස්කන්ද මාර
    3. ......... (මතක නැත)
    4. මච්චු මාර
    5. දේවපුත්ත මාර

    ඔතනින් දේවපුත්ත මාර කියන කෙනා තමයි මාරයා ලෙස හදුන්වන්නේ. මේ මාරයා තමයි පරනිම්මිත වසවත්තිය කියන ඉහලම දිව්‍ය ලෝකයේ අදිපතිත්වය දරන්නේ. දැනට ඉන්න මාරයා තමයි වසවර්ති මාරයා. ඊට කලින් සිටි මාරයා (කල්ප ගණනකට පෙර) හැඳින්වූවේ දුසී මාරයා නමින්.

    තවත් දෙයක් තමයි සහන් යමරජුගේ නඩු විභාගය. මේ ගැන ඉතාම හොඳට දේවදුත සුත්‍රය මගින් පැහැදිලි කරලා දෙනවා. මේ සුත්‍රය ආරම්බයේදීම භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ මේ අපාය ගැන ඉතාම මැනවින් දැක බලාම වදාරන දෙයක් ලෙසයි.

    මේ සුත්‍රයට අනුව යමරජු කිසිම විටක නිරයේ පහළවන කෙනෙකුට දඬුවම් නියම කරන්නේ නැහැ. නඩු විභාගයේදී කරන්නේ එම සත්වයාට ඔහු කල කුසලයක් සිහිපත් කරවීමට උත්සාහ කිරීම තුලින් අපායෙන් මුදවිමට උත්සහ කිරිමයි. නමුත් එසේ නොහැකි වූ විට යමරජු කරන්නේ නිහඬ වීම මිසක්, දඬුවම් නියම කිරීම නොවේ. එමෙන්ම ඔහුගේ බලාපොරොත්තුව බුද්දෝත්පාදක කාලයක මනුලොව ඉපදී එම ධර්මය අවබෝධ කිරීම බව සඳහන් වෙනවා.

    //යම ලොව තුල එක් දිනක් යනු මනු ලොව වර්ෂ වලින් වසර 50 කි //

    මේ වර්ෂ ප්‍රමාණයන් නිරයෙන් නිරයට වෙනස් වෙනවා. ඒ ගැනත් මේ සුත්‍රයේ සඳහන් වෙනවා.


    //යම ධූතයන්ද යම ලොව අති බලගතු නිළධාරීන් පිරිසක්ය .කෙනෙකු මෙලොවින් චුත වී පරලොවට හෙවත් යමලොවට යාමට අවස්ථාව පැමිණි විට ඔහු කැඳවාගෙන යාමට එන්නේ මේ ධූතයන්ය.යම ධූතයන්ගේ පණිවිඩය දැනගත් බොහෝ දෙන මරණයට පළමු , ඒ පිළිබඳව යම් යම් හැඳින්වීම් කරන්නේ මේ අනුවය .යම ධූතයන් මෙලොවට පැමිණෙන්නේ තනිව නොව , ඔවුන්ගේ අතිශය භයංකර දඩ බල්ලන්ද කැටුවය .//

    //කැටුව මනු ලොවට පැමිණිය හැකිය .එහෙත් එම කාල සීමාව යම ලොව කාලයෙන් දිනකින් තුනෙන් එකක් වැනි කාලයකට පමණය. නැතහොත් ඔහු මවා ගන්නා දල කයට පැවැත්මක් නැත .එසේ පැමිණියද ප්‍රධානතම බාධකය වන්නේ මේ කාල පරාස නොගැලපීමය .ඔහු පැමිණෙන නිමේෂය තුල මනු ලොව වසර කීපයක් ගෙවී ඇත ,ඉතින් ඇතැම් දේ වසර 20 , 30 දක්වා වුවද ප්‍රමාද වීම සිදු වන්නේ මේ කාල පරාස නොගැලපීම මතය.//

    ඉහත ඡේද දෙකේ නොගැලපීමක් තියෙනවා නේද? යමරජු මෙලොවට පැමිණෙන කොට කල වෙනසක් සිදුවෙනවානම් යම දුතයන්ට එම වෙනස නැතිද? එතකොට කොහොමද කෙනෙක් මැරෙන මොහොතේ ඔවෙන් මෙහෙ එන්නේ. ඔතනදි වෙන්න් මිය යාමට අසන්න වූ විට ඔහුට හෝ ඇයට තැන කල කර්මයන්ට අනුව උදින ස්ථානය පිළිබඳව යම් අදහසක් ඇතිවීමයි, මෙය ගති නිමිති පහළවීම ලෙස තමයි ධර්මයේ හඳුන්වන්නේ.

    සහන්, අපිට මේ විෂයන් ගැන ප්‍රත්‍යක්ෂ අවබෝධයක් නැහැ, තියෙන්නේ අපි ඇතිකරගන්නා තර්කානු කුල අදහස් පමණයි. නමුත් මේ පිලිබඳ ප්‍රත්‍යක්ෂ අවබෝධයක් තිබු බුදුරජාණන් වහන්සේගේ දැනුමට, අවබෝධයට අභියෝග කළහැකි කිසිවෙක් මේ තුන් ලෝකයේ සිටීද?











    ReplyDelete
    Replies
    1. අයිලෂ් මිත්‍රයා ඔබ මේ කමෙන්ටුව දමා ඇත්තේ මා ප්‍රති කමෙන්ටු අනික්
      මිත්‍රයන්ට දමමින් ඉන්න අවස්ථාවේ ..ඒ නිසා ඔබගේ සමහර තැන් වලට
      උත්තර එහි සදහන්..
      අනික් දේ කිසිම විදිහකින් මගේ මතය දරන්න ඕනේ නැහැ මේ බ්ලොග් එකේ
      කමෙන්ට් එකක් දාන්න..ඕනේ තරම් විරුද්ද මත තියෙන්න පුළුවන්..ඒවා ඕනේ දෙයක්
      කියන්න , අපේ සහෝදරත්වයට කිසිම ප්‍රශ්නයක් නැහැ ඒකෙන් ..

      අනික් දේ මේ දේවල් කතා බහ කරන්නත් එපැයි කව්රු හරි..

      අයිලෂ් අයියගේ කමෙන්ට් එකට මන් හෙමීට රිප්ලයි කරන්නම්.
      හැබැයි ඊට කලින් මන් සෙන්නාට """" මගේම මගේම මගේම මතය කිව්වොත්"""""
      එක ගැන දාපු කමෙන්ට් එක බලන්න ..ඒකෙ තියෙනවා සියල්ල
      මන් පුද්ගලිකව හිතන දේ.මේ පෝස්ට් එක 100% මගේ මතය නෙවේ...

      inna anik dewal gana man wenama comment karannam...

      Delete
    2. ///ඒ වගේම තව කෙනෙකුගේ පොස්ට් එකක් තියෙන කරුණු වලට විරුද්දව කොමෙන්ට් කරන්නේ නැහැ කියලා හිතාගෙන ඉන්නේ. නමුත් මේ පොස්ට් එකට කොමෙන්ට් කරන්න හිතුන, සමහර කරුණු ගැන ඔයාගේ අදසසට වෙනස්ව කරුණු දක්වන්න වෙනවා. එහෙම කරන්නේ සමහර දේවල් නිවැරදි කරන්න මිසක් වෙනත් දෙයකට නෙවේ. මුලින්ම ඔයාගේ සමහර අදහස් වලට විරුද්දව ලියන දේවල් වලට සමාවෙන්න කියලා ඉල්ලනවා//////

      අයිලෂ් මිත්‍රයා ඔබ මේ කමෙන්ටුව දමා ඇත්තේ මා ප්‍රති කමෙන්ටු අනික්
      මිත්‍රයන්ට දමමින් ඉන්න අවස්ථාවේ ..ඒ නිසා ඔබගේ සමහර තැන් වලට
      උත්තර එහි සදහන්..
      අනික් දේ කිසිම විදිහකින් මගේ මතය දරන්න ඕනේ නැහැ මේ බ්ලොග් එකේ
      කමෙන්ට් එකක් දාන්න..ඕනේ තරම් විරුද්ද මත තියෙන්න පුළුවන්..ඒවා ඕනේ දෙයක්
      කියන්න , අපේ සහෝදරත්වයට කිසිම ප්‍රශ්නයක් නැහැ ඒකෙන් ..

      අනික් දේ මේ දේවල් කතා බහ කරන්නත් එපැයි කව්රු හරි..

      අයිලෂ් අයියගේ කමෙන්ට් එකට මන් හෙමීට රිප්ලයි කරන්නම්.
      හැබැයි ඊට කලින් මන් සෙන්නාට """" මගේම මගේම මගේම මතය කිව්වොත්"""""
      එක ගැන දාපු කමෙන්ට් එක බලන්න ..ඒකෙ තියෙනවා සියල්ල
      මන් පුද්ගලිකව හිතන දේ.මේ පෝස්ට් එක 100% මගේ මතය නෙවේ...

      Delete
    3. මම කොමෙන්ට් එක කරනකොට ඒ reply ඔක්කම ඔයා කරලා තිබුන සහන්, මම ඒ ඔක්කොමත් කිවලා තමයි මේ ටික ලියුවේ.
      ඇත්තටම පොස්ට් එක කියෙව්වේ ඊයේ රෑ. කොමෙන්ට් එකක් කරන්න තරම් ඒ වෙලේ අපරුයි, ඒ නිසා අද අපහු මේ පොස්ට් එකයි, සයුරිගේ පොස්ට් එකයි එකේ ඔයාගේ කොමෙන්ට්ස් එහෙමත් කියවලා තමයි මේ කොමෙන්ට් එක දැම්මේ.
      සයුරිගේ පොස්ට් එකටනම් කොමෙන්ට් එකක් දැම්මේ නැහැ.

      Delete
    4. \\\සහන්, මාරයා වශයෙන් හැඳින්වෙන්නේ යම රජු නෙවේ. මාරයන් 5 දෙනෙක් ගැන කියවෙනවා පස් මරුන් කියන්නේ එකටයි.\\\\

      මෙතන අයිලෂ් අයියේ මාර සංකල්පය බුදු දහමේ අර්ථ දැක්වීම හරිම ගැටළු
      සහගතයි .එක තැනක එක විදිහකට සදහන් දේ තව තැනක වෙන විදිහටකට
      සදහන්.හිතන්න අපි සාමාන්‍ය භාවිතයේ "Buddhist monk " හා " magistrate"
      හාමුදුරුවෝ කියනවා නේද ?

      ඔතොකොට පන්සලේ හාමුදුරුවෝ නඩු අහනවද ?
      "ඔව් පනසලේ හමුදුරොත් ඉස්සර ගම්මුන්ගේ නඩු ඇහුවේ " කියල
      උතරයක් දෙන්න පුළුවන් නේද ?

      ඔය වගේ මේක අවුරුදු ගානක් යද්දී පන්සලේ හාමුදුරුවෝ කව්ද උසාවියේ
      නඩුකාර තුමා කව්ද කියන ගැටලුව එන්න පුළුවන්..( දැනටම වෙලානේ )

      ඔය වගේ මාරයා කියන දේ සූත්‍ර වල විවිධ විදිහට තියෙන්නේ .ඉතින් ගොඩක් තැන්
      වලදී මාරයා කියන බලවේගයි , පුද්ගලයයි , නපුරේ දුෂ්ටත්වයේ සංකේතයයි එහෙ මෙහෙ
      කරගන්නවා සූත්‍ර පරිවර්ථනයේදී .. ඔතනයි ගැටලුව..

      මන් පොඩ්ඩිගේ කමෙන්ට්
      එකට උත්තර දීල තියෙන තැන ඥාතියෙක් ගැන කිව්වේ දුසි මාරයා ගැන තමයි.දුසි මාරයාගේ
      සහෝදරියගේ පුතා තමයි දැන් ඉන්න මාරයා..ඕව නම් ගම් එක්ක කිවොත් නුහුරට යයි කියලමයි
      නොකිව්වේ එතැනදී උනත්..( මොකද සමහර අය ඉන්නවනේ සැරියුත් කියන පින් කඳ මාරයෙක්
      කියන්නේ කොහොමද කියල මගෙන් ප්‍රශ්න කරන )
      නමුත් ඇත්තෙම්ම සැරියුත් හාමුදුරුවෝ කියල ඔයාල හඳුන්වන කෙනා නිරයේ ඉඳන් තමයි
      මනු ලොව ආවේ ගව්තම බුධ්ධෝත්පත්තිය එක්ක..( පෙර කල පාරමී නිසා , බුදුන්ගේ අගසව් වෙන්න )

      ඕව මන් ඔක්කොම පෝස්ට් එකට දැම්මේ නැත්තේ අදාළ නැති නිසා..නමුත් ඇත්ත තමයි ඒක .
      දැන් ඉන්න මාරයා සැරියුත් හාමුදුරුවන්ට විතරයි මෙල්ල උනේ, ශාරිය පුත්තකෝ තේරු ට විතරයි
      එයාව අඳුනගන්න පුළුවන් ( බුදුන්ටත් වඩා , ඔය පිලිනොගනිවී .ඒත් ඒක එහෙමයි )
      මොකද දුසි නමින් ඉද්දි කල කී දේවල් බොහොම හොඳින් මතක , හැසිරීම් දන්නේ එයත් එයාගේ
      මීට කිට්ටුම ආත්මේ මාරයෙක් නිසා..)



      \\\\
      මේ සුත්‍රයට අනුව යමරජු කිසිම විටක නිරයේ පහළවන කෙනෙකුට දඬුවම් නියම කරන්නේ නැහැ. නඩු විභාගයේදී කරන්නේ එම සත්වයාට ඔහු කල කුසලයක් සිහිපත් කරවීමට උත්සාහ කිරීම තුලින් අපායෙන් මුදවිමට උත්සහ කිරිමයි. නමුත් එසේ නොහැකි වූ විට යමරජු කරන්නේ නිහඬ වීම මිසක්, දඬුවම් නියම කිරීම නොවේ. ///


      මේක ගැන අහිතක් හිතන්න එපා අයිලෂ් අයියේ ඒ උනාට බුදු කෙනෙක්ටවත් මෙල්ල නැති කෙනෙක් ගැන
      විස්වාසයක් තියන්න පුලුවන්ද ? ඒ බව ඔබම දැක ඇති උදාහරණ සූත්‍ර වල..රහත් තෙරුන්ව, පසේ බුදු වරුන්ව
      පවා මරුමුවට පත් කරපු කෙනෙක්ට සාමාන්‍ය ප්‍රාණ කාරයෙක් කියන්නේ මොකෙක්ද ?( ටිකක් හිතන්න )
      ( මේක ගැන මීට වඩා කතා කිරීම නුවණට හුරු නැහැ )

      \\\මේ වර්ෂ ප්‍රමාණයන් නිරයෙන් නිරයට වෙනස් වෙනවා. ඒ ගැනත් මේ සුත්‍රයේ සඳහන් වෙනවා.////


      ඔව් මේක හරි පහළම තලයේ අති විශාල ආයුෂත් , මාධ්‍යට වන්නට වන්නට අඩු වී නැවත ඉහලම තලයට යන
      විට නැවතත් අති විශාල ලෙස ආයුෂ වැඩි වීමත් වෙනවා.(මහා කල්පම අසු හාරදහසක් පමණ දක්වා යනවා ශුද්ධා වාස
      අශුද්ධා වාස වලදී වගේ..)
      ඒ ගැන කියන්න ගියොත් යමයා මග ඇරෙන නිසා දැම්මේ නැහැ.සරල අවබෝදයක් ගන්න ඔහොම දැම්මා මිසක් ..

      \\\\ඉහත ඡේද දෙකේ නොගැලපීමක් තියෙනවා නේද? යමරජු මෙලොවට පැමිණෙන කොට කල වෙනසක් සිදුවෙනවානම් යම දුතයන්ට එම වෙනස නැතිද? එතකොට කොහොමද කෙනෙක් මැරෙන මොහොතේ ඔවෙන් මෙහෙ එන්නේ. ඔතනදි වෙන්න් මිය යාමට අසන්න වූ විට ඔහුට හෝ ඇයට තැන කල කර්මයන්ට අනුව උදින ස්ථානය පිළිබඳව යම් අදහසක් ඇතිවීමයි, මෙය ගති නිමිති පහළවීම ලෙස තමයි ධර්මයේ හඳුන්වන්නේ.//////


      Delete


    5. යම ධූතයෝ කියන්නේ එක්කෝ ප්‍රේත ලෝකවලින් ආව සත්තු කොටසක් වරම් ගත්ත..නැත්නම් ඕපපාතික සත්තු
      කොටසක් ඒ සඳහාම ඉපදුන.ඔතන තව ලොකු සංසිද්දී ටිකක් වෙනවා අයිලෂ් අයියේ..

      ඔය සියල්ල පැහැදිලි කරලා ඉවර වෙලා , ඊට පස්සේ යම රජු හෝ ඒ සංකල්පය ගැන පෝස්ට් එකක් දාන්න ගියොත්
      මේක කරන්න වෙන්නෙම නැති නිසයි මන් බේරන්න ඕනේ තැන් බේරලා , හලන්න ඕනේ තැන් හලලා දැම්මේ ..
      මන් හිතන්නේ දැනටත් මේක බරපතල උනා වැඩියි ..

      මන් සයුරිගේ තැන දාල තියෙනවා යම රජු හට සම්බන්දයක් නැතුව උපතකට යන හැටි සත්වයෙක්..එතනට ලින්ක්
      කරලා නිකන් හිටියේ මේ ටික දැනටත් බර වැඩි නිසයි සහ බුද්ධ ධර්ම පාඩමක් නොවිය යුතු නිසයි..
      ඔය කාල ප්‍රශ්නේ නම් බුදුන්ටත් තිබ්බා ..තව්තිසාවට වැඩිය වෙලේ පුංචි පැය කීපෙකට මාස තුනක් යනකම්
      බුදුන් මනු ලොව හිටියේ නැහැ ..( හැබැයි පිණ්ඩපාතය පිණිස ආව දවස් තියෙනවා ඒ මාස තුන පුරාවට...)

      මෙතන ඔයා හිතන්නේ මනුස්ස ලෝකේ ඉඳන් වසර 50 දිහානේ ..එහෙම නෙවේ වසර 50 ඉඳන් මනුස්ස ලෝකේ
      දිහා බලන්න ..ඔතොකොට තේරේවි අමාරු කම මේක කරද්දී .බුදුන්ටත් ඒක උනා. මේක අද හිතල හෙට වෙන දෙයක් නෙවේ ,
      ඒ නිසා මේ කාල ගැලපුම කරන්නම ලොකු වෙහෙසක් දරන්න වෙනවා..
      එහෙන් කෙනෙක් මෙහෙ අවොත් විශාල කාලයක් හම්බෙනවා.මෙහෙන් කෙනෙක් එහෙ ගියොත් මෙහෙ කාලේ
      විශාල විදිහට අහිමි වෙනවා..

      ඒ අහිමි වීමයි , ලැබීමයි අතර ගැලපුම කරන් , ඒකට සැලසුමක් හදන් තමයි එන්නේ..සමාවෙන්න මීට වඩා නම්
      පැහැදිලි කල යුතු නැහැ මේවා..

      \\\\සහන්, අපිට මේ විෂයන් ගැන ප්‍රත්‍යක්ෂ අවබෝධයක් නැහැ, තියෙන්නේ අපි ඇතිකරගන්නා තර්කානු කුල අදහස් පමණයි. නමුත් මේ පිලිබඳ ප්‍රත්‍යක්ෂ අවබෝධයක් තිබු බුදුරජාණන් වහන්සේගේ දැනුමට, අවබෝධයට අභියෝග කළහැකි කිසිවෙක් මේ තුන් ලෝකයේ සිටීද?////



      නැහැ නැහැ කිසිම අභියෝගයක් නැහැ අයිලෂ් අයියේ , මෙතන තියෙන්නේ අර නඩුකාරයාගේ / හාමුදුරුවන්ගේ උදාහරණෙ ..අනික් දේ ඉතින්
      දැනටම තේරෙනවා ඇතිනේ මේ දේ සරලව හිතල තේරුම් නොගෙන දුර ගියොත් වෙන්නේ මොකක්ද කියල..හි හි


      අන්තිමට ඇත්තටම යම රජු කියල කෙනෙක් ඉන්නවා කියමුකෝ >>>>

      එයාගෙනුත් අහයි තමුසෙට කොහොමද ඔහොම බලයක් සෙට් උනේ කියල..:D


      මන් ඔයාට දොසක් කිව්වා නෙවේ හොදද ? ඔබගේ ඕනෑම අදහසක් ඕනෑම විටක විවෘතයි මේ බ්ලොගය තුල..
      හැබැයි තර්ක කර කර වාදයට නෙවේ, අදහස් දැනගැනීම පිණිස පමණයි..මොකද තර්කයෙන් දිනන්නේ
      සත්‍ය නෙවේ...

      ( මා ඉහත කියපු සියල්ල 100% වැරදි වෙන්නත් පුළුවන් තව කෙනෙක්ට )

      sayurige eke man dapu wisthara aayema man daannam methana...

      Delete
    6. silentsahanDecember 6, 2012 at 9:28 AM

      diga tharu**** peliyen passe thamai oyage prashneta uththara thiyenne..ethakam thiyenne eka parata meka pahadili karanna bar nisa karapu pahadili kireemak..
      eth meka dakina awasthawa weddi oya me gana dannawa..


      මනුස්ස ලෝකේ කෙනෙක් මැරුණම ආනන්තරීය කුසල් (100% අපි
      එදිනෙද දන්නා කුසල් නොවුනත් මෙතනදී එහෙම හිතන්න ) අකුසල්
      කරගෙන නැත්නම් මීලග උපත වෙන්නේ ක්‍රම 3 කට..ඔයා ඒක ගැන
      නොදන්නවා වෙන්න බැහැ.

      ආනන්තරීය කුසල් විදිහට එතැනදී ගන්නේ මාර්ගඵල ලබා තිබීම .
      ඒ අය අපායවල් 4 ( ප්‍රේත , අසුර , තිරිසන් ,8 මහ නිරය ) ඉපදෙන්න
      හේතු වෙන ප්‍රතිසන්දියක් ලබන්නේ නැහැ.. මනුස්ස ලෝකෙන් උඩට
      තමා ඉපදෙන්නේ ..ඒ උනත් මනුස්ස ලෝකේ දේවල් වලට යටයි.
      අපි මේ විදින දුක් ඔක්කොම පුළුවන් ඉස්සර වෙන කර්ම පෙළගැස්මට
      අනුව.( ඒ පෙළ ගැස්ස්ම බලන්න පුළුවන් ක්‍රමයක් මනුස්ස ලෝකේ තාම
      තියෙනවා. මාතර , නුවර, ගාල්ලේ තාම ඒ පරම්පරා ඉන්නවා )

      දිවය ලෝකේ ගියොත් කර්ම ශක්තිය අනුව ඒ සැප සම්පත් ලැබෙනවා.
      ඒත් මාර්ගඵල අවබෝදය( තමන් ඉන්න මට්ටම ) අනුව ආයෙම ඉරිසියාව , අතෘප්ති මත් කම
      තියෙනවා..

      (දිව්‍ය ලෝකෙදි මාර්ගඵල අවබෝද නොකලම කෙනෙක්
      ඉපදුනොත් හරිම අමාරුයි මාර්ගඵල ලැබෙන තැනට හිත ගන්න..
      ඒ නිසා දිව්‍ය ලෝකේ ඉපදිලාම මේ දේවල් කරනවා කියල හිතන්න එපා,
      කවමදාවත් කරන්න බැහැ. ඒ නිසා මනුස්ස ලෝකෙදි අඩු තරමේ
      නිකන් භාවනා කරනවා කියල ඇස් දෙක හරි පියන් ඉන්න එක වටිනවා.
      මොකද දිව්‍ය ලෝකෙදි කොහොමවත් ඒ විදිහට ඉන්න බැරි නිසා.. )

      භ්‍රහ්ම ලෝකේ ගියොත් මාර්ගඵල අවබෝද කරපු කෙනෙක්
      ගොඩක් ගැටළු වලින් නිදහස්ව නිවන් දකීන්න පුළුවන්..

      ****************************************************************************************************
      ඔය ආනන්තරීය කාර්ම ලබපු අයට වෙන දේ කිව්වේ..
      අනිත් අයට වෙන්නේ ඇති වෙන චිත්තක්ෂණ අනුව ඒ පාරේ
      යන්න..මේක පැහැදිලි කරන්න ගියොත් සමහර අයට
      මේක ඕනෙම නැහැ කියල හිතෙයි..ඒ නිසා පොඩියට කියන්නම්..



      01.තමන්ට නිතර පුරුදු දේවල් අනුව,
      02.කර්මානු රූපෙඑඅ ඇති වෙන දෙයක් අනුව,
      03.අහඹුවක් අනුව,උපත ලබනවා..


      ඒ උපතට ඇති හැකියාව තීරණය
      වෙන්නේ අර මන් කියපු චිත්තක්ෂණ අනුව..
      මන් කියන්නම් , හිතන්න මල් පූජා කරනවා මතක් උනා කියල..

      ******හොඳට හිතන්න මේක ගැන උනන්දු වෙන අය විතරක්..****
      මල් අතට ගන්න එකද , මල් දකින එකද , මල් වල සුවඳ නහයට
      දැනෙන එකද , ඒ සුවද එක්ක වෙන දෙයක් මතක් වෙන එකද ,
      මලේ හිටපු කූබියෙක් ගැනද , මූව එලවන්න ඕන කියන එකද,
      පොඩි කරන එකද, වට්ටියේ පාට ගැනද, වට්ටියේ කුණු පැල්ලමක්
      ගැනද, බුදු රූපේ ගැනද , ඒ රූපේ ඉන්න ගැනද ඒ මොහොතේ හිත
      පිහිටියේ ? අන්න එකට අනුව චිත්තක්ෂණ කෝටි ගානක් පිහිටනවා..
      හිතන්න දැන් මල් පූජා කිරීමක් කොහෙවත් තිබ්බද ?

      {මේ ගෙවෙන හැම චිත්තක්ෂනයක්ම තමන්ට තේරෙන තැනට එනවා .
      ඒක කරන්න කරන්න පුළුවන් (****** හැකියාව තියෙන කෙනෙකුට
      හරියට දින 7 සතර සතිපට්ටානය වැඩුවොත් ) අමාරු නැහැ .}

      මේක මීට වඩා කියන්න පුළුවන් උනන්දු වෙන කෙනෙකුට නැත්නම්
      හිතන්න එපා මේ මුකුත්... ඔය අනුව ලබන ඉපදීම 4 අපායේ වෙන්න පුළුවන්
      ගොඩක් වෙලාවට.ප්‍රේත ලෝකේ අවුරුදු 100 , 200 තිබ්බට කර්මානු රූපීව
      මනුස්ස ලෝකේ විදිහට ඒක මාසයක් , දවසක් වගේ වෙන්නත් පුළුවන්...
      අපේ පරමායුෂ 120 උනාට 120 ම ජීවත් වෙන අය අඩුයි වගේ..
      ඔය විදිහට මේ හැම ඉපදීමක්ම තමන්ට උරුම උපතක් මිසක්
      අපිට ගැලපෙන එකක් ලැබෙනකම් නැවතිලා ඉන්න තැනක් නෙවේ.
      ඒ හැම උපතක්ම උපතක්.මේකේ භයානක කම තියෙන්නේ පුළුවන්
      නම් තේරුම් ගන්න අර මම කියපු ඉතා පොඩි කාලේදී අපේ වින්ඥානෙට
      පොඩ්ඩක් වත් ඉඩක් ලැබෙන්නේ නැහැ අපිට ඕන විදිහේ හිතුවිල්ලක්
      හිතන්න වත්..චිත්තක්ෂණ ගැන අවබෝදයක් නැති කෙනෙක්ට
      කොහොම කරන්නද ඒ හපන්කම ..ඒ ලබපු ජීවිතේ ආයුෂ ඉවර වෙද්දී
      ආයෙම අර විදිහටම 3 න් අකාරයෙන් මුල් වෙන සිතු විල්ලක් අනුව
      දිගින් දිගටම යනවා..මනුස්ස උපතක් ලබපු අය හිතනවා මේක තමා
      හරි නැවතීම කියල.ඒත් මේක කවදාවත් නවතින්නේ නැහැ එක දවසට
      ආත්ම සිය ගානක් ලබන්න පුළුවන් ..ඒ හැම එකක්ම අපිට උරුම
      උපතක් ..

      හරි කෙටියෙන් බර වචන මුකුත් නැතුව පැහැදිලි කිරීම ඒක තමයි.
      මේ ගැන මීට වඩා කියන්න දේවල් තියෙනවා.. ඒත් දිග වැඩියි
      දැනටමත් .. .

      ----------------------------------------------------------------------

      Delete
    7. silentsahanDecember 6, 2012 at 11:52 AM

      මේක මහා බරපතල විදිහට හිතන්න නරකයි මුලින්ම.
      මට type කරන දේ එන්න එන්න කරන්න බැරි වේගෙන යන්නේ
      සයුරි.මම 7 විතර නිදා ගන්න හිටියේ බෙහෙත් අරන් .ඒත් ඔයාගේ
      ලිපි දැක්කම මන් ඉන්නවා කියල හිතුවා.ඒත් මට type කරන්න
      අමාරුයි..මම වෙලාවක කෙටියෙන් skype වලින් හරි , rec
      කරලා හරි ඔයාට එවන්නම්...
      pls onama deyak ahanna..thawa canada wala innawa
      manikak wage kenek..eyawath munagassanam.
      මොකද විශේෂ හේතුවක් තියෙනවා..ඔයා දන්නවද එක කැලේක
      හිටියලු මොනරෙක් . මේ කැලේ ඉන්න වැද්දෙක් අටවපු උගුලකට
      මේ මොණරා අහු වෙනවා..උගුලට අහු උන මොණරව අල්ල ගන්න
      වැද්ද ලගට ආවම , මොණරා කියනවා මේ විදිහට අනුන්ට වද හිංසා
      කරන්න එපා , දුකට පත් කරන්න එපා, ආයෙම ඔයාවත් මේ විදිහටම
      දුකට පත් වේවි කියල..!මේ දේ ගැන ටිකක් කල්පනාවට වැටෙනවා
      වැද්ද.. ඒ ක්ෂණයෙන් සියලු කෙලෙස් නසල පසේ බුදු කෙනෙක් වෙනවා
      මේ වැද්ද. තේරුනාද ? ත්‍රිකෝටි පාරිශුද්දී උපතක වටිනාකම ?
      නිකම්ම නිකන් වැද්දෙකුයි , කතා කරන මොණාරෙකුයි ඉන්න
      කතාවක් නෙවේ මේ.කල්පනාවට වැටෙන්න පුළුවන් කතාවක් මේ..!

      ------------------------------------------------------------------
      ඒක ඉගෙන ගන්න අමාරු නැහැ. සාස්තරේ පිහිටනවා
      ලේසියෙන්ම.ඒත් දැනට ඉතුරු ආත්ම 7 ඉස්සරහටයි ආපස්සටයි
      බලන්න පුළුවන් ක්‍රමයක් විතරයි.ඒ දේත් තව අවුරුදු 200 කට
      වඩා තියෙන්නේ නැහැ ..ඊට පස්සේ ඔක්කොම ඉවරයි...



      මන් සයුරි ගොඩක් දේවල් වල නම් මතක තියාගන්නේ නැහැ .
      ඒත් අස කෙනෙක්ට නොතේරෙන දෙයක් තේරුම් කරලා දෙන්න
      පුළුවන්..ඒත් බුද්ධාගම නම් මෙහෙම type කරද්දී IME එකෙන්
      වරදිනවා ගොඩක්..මගේ උඩ කමෙන්ට් එකෙත් වැරදි තැන්
      මන් පස්සේ දැක්කේ.මන් ගැන පිටින් දකින කිසි කෙනෙක්ට
      පෙන්නේ නැහැ මන් මන් අඩු තරමේ පන්සිල් වත් ගන්න කෙනෙක්
      කියල...මන් පන්සල් වලට යන්නේ නැහැ ඉරිදට , මල් වට්ටි
      පූජා කරන්නේ නැහැ .ඒත් හිතින් බුදුන්ට මල් පූජා කරනවා.
      සතෙක් කන්න නැතුව හිටියොත් ගතින් කන්න දෙනවා හිතින්
      කන්න නොදී..

      ////හරි හරි වැඩිය හිතන්න යන්නේ නෑ. මම නිකමට ඇහුවේ.////
      ඔය දේ කිව්වේ ඔයාට නෙවේ සයුරි මේක දකින්න ලැබෙන
      අනිත් අයට..


      ---------------------------------------
      ත්‍රිකෝටි පාරිශුද්දී newe ත්‍රිහේතුක ප්‍රතිසන්දියක් yanuwen niwaradi
      wiya yuthuyi...

      සහ ඉහත කමෙන්ටුවේ සමහර වචන මග හැරී ටයිප් වී ඇත..
      පසුවට නිවැරදි කර දැමීමට සිටියත් , ඇති වූ හදිසි තත්වය මත
      මෙසේ පල කරමි..



      -----------------------------------------

      Delete
  14. අපායට යාමට අදහසක් නැතත්...ඔබ ඉදිරිපත් කරපු විස්තර ටික නම් අපූරුයි... පැය 4 විනාඩි 40 ගතවෙනවා කියලා හරියටම ගනනය කරලා තියෙන්නෙ කුමන ක්‍ර‍මවේදයකින්ද සහන්...

    ReplyDelete
    Replies
    1. සිරෝ මන් හිතන්නේ මගේ කමෙන්ට් වල ඕකට උත්තර හොදටම තියෙනවා
      බරපතල විදිහටම.ඒත් මෙහෙම හිතන්නකෝ ( හැබැයි 100% හැම තැනටම පොදු නැහැ )
      කෙනෙක් මැරිලා ගිහින් වගේ පෙනුණට ( සායනික ) ආයෙම පණ එනවා වගේ
      වෙන තැන් දැකල හරි අහල හරි ඇතිනේ සිරෝ ඔයා ?
      අන්න ඒ වගේ වෙලාවේදී ඔයාලගේ පිහිටට එන්නේ යම රජු තමයි...

      ( ඕව ගැන විස්වාසයක් මගේ නම් නැහැ හැබැයි මහා ලොකුවට සිරෝ..
      මගේ ලෝකේ නම් පින් පව් බොරු වෙලා තියෙන්නේ...!මන් මේ කිව්වේ
      ඉස්සර ඉඳන් මනුස්ස ලෝකේ අපි හිතන පතන අදහන කතා ටිකක් විතරයි ...)

      Delete
  15. මියගිය අය එවලේම භූමදාන කළා නම් මචන් ඔය කියන මතයට අනුව පවුලේ උදවියට පුළුවන්නේ තමන්ගේ මියගිය පුද්ගලයා අපා දුකින් ගලව ගන්න..

    මම පුනර්භවය නම් විශ්වාස කරනවා. ඒත් අත්දැකීමෙන් නෙමෙයි.. මම අහල තියෙන්නේ අපායත් දිව්‍ය ලෝකෙත් තියෙන්නේ අපි ඉන්න මේ ලෝකෙමයි කියලා.

    ඒකාලේ ඉඳන් පැවතගෙන එන විවිධ ධර්ම කරුණු වලට එකතු වුන සාහිත්‍ය නිර්මාණ නිසා තමයි මම නම් හිතන්නේ ඔය වගේ මත මතිමතාන්තර ගොඩ නැගිලා තියෙන්නේ...ඉස්සර හිටපු මිනිස්සුන්ට ලේසියෙන් තේරුම් ගන්න ඔයවගේ කතා ගොතල ධර්මාවබෝධය දීල මිනිස්සුන්ව යහමගට ගන්න තමයිලු එහෙම කරලා තියෙන්නේ

    ReplyDelete
  16. \\\\මියගිය අය එවලේම භූමදාන කළා නම් මචන් ඔය කියන මතයට අනුව පවුලේ උදවියට පුළුවන්නේ තමන්ගේ මියගිය පුද්ගලයා අපා දුකින් ගලව ගන්න..///

    මෙහෙම දෙයක් කොහෙද තියෙන්නේ මේ පෝස්ට් එකේ ?

    මෙතන කියන්නේ බැරි වෙලාවත් මැරුණා යයි සම්මත කෙනෙක්
    ඉවක් බවක් නැතුව භූමිදානය කරන්න එපා කියල..මට හිතා ගන්න
    බැහැ අර වගේ දෙයක් හිතන්නේ ඇයි කියල පැතුම් ඔයා !


    ReplyDelete
    Replies
    1. mama hithanne sahan ea kathawen adahas kare hadisiyewath yama rajuge thinduwa "ohu nawatha manu loketa paminiya yuthuyi" wage ekak unoth e weddi bhumadanaya karala thibunoth upset ne..ehema adahasak neda?

      godak welawata oya sarpayo kaala ehema marena ayata tikakin pana enawalune.

      sorry for not typing in Sinhala. I mistakenly uninstalled :(

      Delete
    2. ඔව් සයුරි හරියටම හරි , මාත් කිව්වේ ඒක තමයි .බැරි වෙලාවත් යම රජ
      එව්වොත් ඒ කෙනාගේ ආත්මය මේ ලෝකෙට , සිරුර භූමිදානය කරලා
      නම් ඉවරයි..අන්න ඒකයි එහෙම කරන්න හොඳ නැහැ කිව්වේ..

      Delete
  17. බලන් යද්දී යමරජු ලේසිපාසු පොරක් නෙවෙයිනේ :).
    ඕවා ඔක්කොම මිත්‍යා මත සහෝ.මොකෝ යමයව දැකපු එකෙක් ඉන්නවද?.

    ReplyDelete
    Replies

    1. මන් උබේ හිත කියෙව්වොත් මේවා පිළිගන්නවද ?
      මන් උබේ අනාගතය ගැන කියන්නද , මීළඟ අවුරුදු 50
      උබේ ගෙවෙන හැටි ? ඔතොකොට පිළිගන්නවද ?

      Delete
  18. ලොව පළමු මිය ගිය තැනැත්තා.සෑබැවටම අපුරුයි.පළමු වතාවට ඇසුවේ යම රජ්ජුරුවෝ සමාව දෙනවා,ආදරය කරනවා කියලා.එවැනි බොහෝ විස්තර දැන ගත්තෙමි.මෙක ඇත්තක් බව මිනිස් හදවතට දැනේනවා නම්?

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
    Replies
    1. සමහර විට අහම්බෙකින් ඔයාල අපිට හම්බෙලත් ඇති යම රජ
      තුමා ගයනි..එහෙම වත් වෙලා මිනිස්සු හිතන්න පතන්න පුරුදු
      වෙනවා නම් හොඳයි..ස්තූතියි ගයනි මේ පැත්තේ ආවට...

      Delete
  19. Replies
    1. ඔයා අර කියපු සර්ප කතාව ගැන එකක් මන් දාන්න ඉන්නේ..ඒත් ඒක වෙන කතාවකට
      ගලපන්න මන් ඉන්නේ ...( මතකද රුක් අත්තන මිනි පෙට්ටියේ කතාව සයුරි )
      එක්කෝ

      01. ජීවත් වූ බව පෙන්වීමට , මරණයට පත් වීම .
      02. නිකන් ඔහේ කතාවක් ..

      මේ ටිකේම අවුට් යන කතා වැටුන නිසා මන් විහිලු කතා ටිකක් දාල
      ඒ කතාව දාන්න ඉන්නේ.. ගොඩක් විට another day in paradise සින්දුව
      අරන් කරන්න ඉන්න එකට ලඟින් යන නිසා තව ටිකක් හිතුවා before posting ..


      බලමු දිව්‍ය ලෝකේ ගැනත් එකක් දාන්න ..හැබැයි මන් වැඩිය ඒ පැත්තේ
      යැවෙන්නේ නැහැ ..මොකද ශක්‍රයා මා එක්ක ටිකක් අමනාපෙන් ඉන්නේ
      ගිය පාර ගිය වෙලේ බෙල්ලෙන් ඇල්ලුවා කියල .D
      ඉතින් විස්තර දන්නේ නැහැ වැඩිය...

      අනිත් දේ සයුරි මෙහෙම දෙයක් ලියද්දි ටිකක් පරිස්සම් වෙන්න ඕනෙනේ ..
      තදින් භව්තික වාදී අදහස් තියෙන අය > , < තදින් ආගමට ලැදි අය ගැටෙනවා..

      අන්තිමට දෙගොල්ලෝම console කරන්න වෙනවා ..
      ස්තූතියි සයුරි ආවට, ඔයා එනකම් තමයි මන් හිටියෙත් ඊළඟ පෝස්ට් එක නොදා ..
      නැවත එන්න..

      Delete
  20. අමුතුම විදියේ විස්තරයක්.. ටිකක් විතට බයක් දැනුනා. ඇත්තටම මේවා නෑ කියන්නත් බෑ. හරියට හරි කියන්නත් බෑ අනේ මංදා. හැබැයි අපිට නොතරුනාට එහෙම දේවල් ඇති නේද.. GHOST film එකේ මතකද.. අපායෙන් ඇවිත් ඇදන් යන්නේ..

    ReplyDelete
    Replies
    1. ඔව් ඇත්තටම යම රජු අපි අතරම වෙස් වලාගෙන ඉන්නවා වෙන්නත්
      පුළුවන් පුංචි....

      Delete
  21. ශා...... හරිම අපූරුයි. මම අවන්කවම අගය කරනවා මේ ලිපිය. කාලෙකින් දැක්ක හරවත් ලිපියක්. සෑහෙන්න කරුණු දැනගත්තා. මටත් හිතෙන්නේ යමය මේ ලෝකෙට ඇවිත් වගේ.

    ReplyDelete
    Replies
    1. හපොයි මම දැනුයි දැක්කේ කෝරලේ ආයුබෝවන්ඩ මේ ඉසව්වේ
      එවුන් විත්තිය ...මට රාජකාරි වැඩි මේ දොහ ..ඉතින් ඉස්පාසුවක්
      නැහැ නෙව ...අනික ආයේ මම යන්ට ඕනේ කාලෙත් ඇවිල්ල ..
      හනි හනිකට වැඩ ටික ඉවර කොරන්නේ ඒකයි මේ ...

      Delete
  22. පෝස්ට් එක කියවගෙන යනකොට මට හිතේ මැවෙන්නෙම පට්ට සිරා ෆිල්ම් එකක් හදන්න හොඳ චරිත ටිකක් මේකේ ඉන්නව කියන එක.. හැබැයි ඉතින් ස්පීල්බර්ග් හරි කැමරන් හරි අතගැහුවොත් මිනිස්සුන්ට දැනෙන විදියට නිර්මාණාත්මකව ෆිල්ම් එකක් හදන්න පුළුවන්වෙයි... ලංකාවේ සිංහල බෞද්ධ අයනම් ඉතින් ඔහේ පිනක් දහමක් කරගෙන ඉන්න එක හොදා...ඕව ඔන්න ඔහේ තියෙන්න ඇරලා ...හික් හික්

    මම මැරිල ඔය තීන්දුව ගන්න ඔතෙන්ට ගියොත් මේ ෆිල්ම් කතාවත් අහයි ද දන්නෑ.. :)))

    හරි මේ පෝස්ට් එක මම කලින් කීප සැරයක් බැලුවා.. අවංකවම කවදාවත් අහළ නැති කතාවක්...මාර වටිනවා මේවගේ දේවල් ලියල තියෙන එක.. නැත්නම් අපි ඔය කවුරුහරි ඔලුවට දාපු මොකක් හරි බයිලයක් විශ්වාස කරගෙන ඉන්නව මිසක් වෙන වෙන කෝණ වලින් මේව අහන්න දකින්න උත්සාහ කරන්නෙ නෑනේ.. මේ දේවල් ඇත්ත නම් මම හිතන්නෙත් යම රජ්ජුරුවෝ කියන්නේ මේ වගේ චරිතයක් වෙන්න ඕනේ කියල.. මොකද මේ හැමදේම මේ විදියට නිර්මාණය වීමට හේතුවුණ විශ්වය හෝ සොබාදහම හෝ මොනයම් හෝ මාස්ටර් මයින්ඩ් එකක් හෝ සාධාරණ එකක් වියයුතුයි කියල මම හිතනවා..


    බුදුන් වහන්සේගේ කාලය සහ ඊට පෙර කාලයත් ඊට පසු කාලයත් විදියට මේ ලෝකය කාල වලට බෙදුවොත් ඔය හැම කාලෙදිම හොඳ නරක අතර විවිධ මට්ටම් වල දෝලනය වෙච්ච මිනිස්සු සහ සත්තු හිටියා.. ඔය හැම සත්ත්වයා ගැනම පින් පව් හෝ කල කී දෑ ගැන රෙකෝඩ් එකක් තියා ගන්න මේ යාන්ත්‍රණයට (වෙන වචනයක් හිතා ගන්න බෑ.) හැකියාවක් තියෙනවනම් ඒ දේවල් ඇනලයිස් කරල ඩිසිෂන් ගන්න සිස්ටම් එක හෝ පුද්ගලයා හෝ සත්ත්වයා අතිශය සාධාරණ විය යුතුයි.. ඉතින් මේවගේ චරිතයක් ඉන්නවනම් ඔහු බොහෝම සාධාරණ කෙනෙක් කියන එක මම නම් විශ්වාස කරනවා..


    සහන් ඇජස්ට්මන්ට් බියුරෝ කියල ෆිල්ම් එකක් බලල ඇති කියල හිතනව...

    අයියෝ කොච්චර සීරියස් විදියට ලියන්න හිතුවත් මේක නතර වෙන්නේම ෆිල්ම් එකකින් නේ.. හිහ් හිහි..

    මේ දේවල් ගැන මගෙ පුද්ගලික මතය නම්.. මට මේව කොහොම වුණත් එකයි.. මොකද අන්තිමට වෙන දේ ගැන හිත හිත වැඩ කරනවට වඩා මේ මොහොතේ මගෙන් කෙරෙන්න ඕනේ දේ කරල ඒක ඉවර කරල දාල ඔහේ ඉන්න එක තමා මම කරන්නේ.. අවසානයට යනකොට මොකුත් ඉතිරි කර නොගෙන යන්නයි බලාපොරොත්තුව.. කලේ පවුද, පින් ද , නැත්නම් තවත් එක් සතෙක් විදියට ජීවත් වෙනකොට සිදු කරපු සිද්දි ටිකක් විතරක් ද යන තීරණේ සිස්ටම් එකට ගන්න ඇරල ඉන්නවා..

    අපි මැරිල යන කාලෙදි ඔය සිස්ටමුත් දේශපාලනිකරණය(විශ්වපාලනීකරණය වගේ එකක්) නොවී තිබුනොත් සාධාරණයක් ලැබෙයි කියල හිතාගෙන ආතල් එකේ ඉන්නයි තියෙන්නේ..

    වැඩිම වුනොත් අපි අපායෙදි ආයෙ හමුවෙමු.. :)


    ReplyDelete
  23. හා... හා.... මට මේක කියව්වම මතක් වෙන්නේ SUPERNATURAL tv series එක... ඔය චරිත ටික ඔක්කොම අමුතු නම් වලින් ඒකෙත් ඉන්නව...එකයි මම ගොඩක් පුදුම උනේ...

    මාරයා - Death
    යම රජු - Crowly
    යම පල්ලන් - Demons
    යම බල්ලන් - Hell Hounds

    ReplyDelete
  24. <>
    මේ නිසා වෙන්න ඇති යම රජු ට ධර්ම රාජ කියලාත් නමක් තියෙන්නේ. ඒ වගේම මහාභාරත කාව්‍යයේ, පාණ්ඩවයන් පස් දෙනාගෙන් වැඩිමල් කුමාරයා වන යුධිෂ්ඨිර නම් යහපත් ධාර්මික පාලකයා යම රජු ගේ පුතෙක් කියනවා.

    ReplyDelete
  25. හැම ආගමකම අපාය ගැන සදහන් කරල තියෙනව බුද්ධ දේශනාව තරම් සවිස්තරව කියලා නැතත්.අපේ පලාතේ හිටිය කුකුළු මස් ව්‍යාපාරිකයෙක්.මහා පරිමාණයෙන් තමා වැ‍‍ඩේ කලේ දවසකට දහස් ගණන් සත්තු මැරෙව්වා.මේ මනුස්සය අළුතින්සුවිසල් තෙමහල් මන්දිරයක් හදල ගෙට ගෙවැදෙන්න යද්දි ගෙයි දොරකඩ විශාල දෙබරයක් බදිනවා.ආයෙත් දෙබරෙ අයින් කරල ගෙට යන්න නැකතක් හෙම බලල(පව් කරන එකාට මොන නැකත්ද? නේද) ලෑස්ති වෙද්දිම ආයෙත් දෙබරෙ බැදල.මිනිහට ගෙදර නොයෙක් දුක් කරදරත් ඇවිත් එකපිට.ඉතින් ඒ මිනිහ උපතින් බුද්ධාගමේ වුනාට මිච්ඡා ආජීවයක් ලෙස බුදු රජුන් පහත් කළ සැලකූ සත්ව ඝාතනය තමා තෝර ගත්තෙ.මිනිහට රෑට නින්ද ගියෙත් නැහැ නපුරු හීන පෙනෙන්න ගන්න නිසා.

    තම මිත්‍රයෙක් ගෙ මාර්ගයෙන් ද ඉන්දියාවෙ තිරුපති කෝවිලට ගියා.එතැනදි කිය වුනේ මෙම ව්‍යාපාරය වහාම නතර නොකළ හොත් නියත වශයෙන් ම අපාගත වන බවත්, ඉපැයූ සියළු මුදල් යහපත් පොදු වැඩ සදහා යොදවන ලෙසත් ය.අපායට ගියොත් සදා කාලිකව එහිම විශාල දුක් වේදනා විදිමින් සිටිය යුතු බවත් දැන ගන්නට ලැබුනි.

    මෙන්න බලන්න බුදුන් වහන්සේ අවුරුදු 2600 කට පෙර දේශනා කරපු ධර්මය තමන්ම ප්‍රත්‍යක්ෂ කරලයි අවබෝධ කලේ.එතුමා ධර්ම දේශනා කලේ සමාජය යහපත් කරන්න විතරක්ම නෙවෙයි.අපිට මේ ජීවිතයේ දුක අවබෝධ කරල එයින් මුද වන්න අප ගැන අනුකම්පාවෙන් මයි.සතර අපාය නැත්තම් මේ සසර එතරම් දුකක් නැහැ.සසර ගෙවද්දි වැඩිම වාර ගණනක් අපි අපායෙ මයි ඉන්නේ.අපාය මහගෙදර වගේ.සුගති භූමියෙ ඉපදීම අම්බලමක රැයක් ගත කරනවා වගේ.

    සතර අපාය ඇතුළු සියළු දුර්ගති වලින් සදහටම මිදෙන්න පුළුවන් සෝතාපන්න උනොත් පමණයි.එවිට ඔහුට ඉතිරි වන්නේ සුගතිගාමී උපරිම භව 7 ක් පමණි.මේ සදහා මුලින්ම බුදුන් වහන්සේ කෙරහි පැහැදීම ඇති කර ගන්න.සතර අපාය සදිව්‍ය ලෝක සංකල්ප නොව නියත වශයෙන්ම ඇති බව තමා තුලින්ම දකින්න.

    හැම දෙනාට ම සුගති ධාන්‍ය මාර්ගඵල ලබන්න බැහැ.මිනිස්සුන්ගෙන් 99.9% කට වඩා යන්නෙම අපාය ඇතුළු දුගතියට ම තමයි.

    විශේෂයෙන්ම මිත්‍යා දෘස්ටික මිත්‍රයො වැඩි කලක් ඉන්නෙ එහෙ.ඉදල ඉදල ක‍ලාතුරකින් මනුෂ්‍ය උපතක් ලබල, බහුබූත කමෙන්ට් එහෙම දාන්නෙ ඔය ඒ අය තමා.

    ReplyDelete
  26. යම රජු කියන්නෙ මාරයාට නොවෙයි.

    ReplyDelete

ඔබ කමෙන්ටුවක් දමයි නම් කරුණාකර මෙහි කමෙන්ටු E mail subscribe කරන්න .. නැතිනම් පිළිතුරු මග හැරී යනු ඇත ...

කමෙන්ට් යනු ඔබගේ අදහස් ප්‍රකශ කිරීමට සලසා ඇති ඉඩයි. සිතුවිලි ලියා තැබුණු විට අන් අයටද ප්‍රයෝජනයක් විය හැක !

http44444444://1.bp.blogspot.com/-F0lMkO9hSe8/UjM37DArTZI/AAAAAAAAAwo/wtP9O0K_6UE/s1600/543431_208554675978924_1215099537_n.jpg15099537_n.jpg

සහයෝගය දක්වන වෙබ් එකමුතු ...

මාතලන්ගේ සින්ඩිය...api apita Blog Readerlankeeya sithuwililankeeya sithuwili lankeeya sithuwili