මේ පවුලේ අම්මටයි තාත්තටයි ටික දවසක් යද්දී ලස්සන
හා පැන්චෙක් හම්බුණා .

මේ හා පැංචා ටිකෙන් ටික තමන්ගේ ඉලන්දාරි වයසට ආව.හා පැංචා පොඩි කාලේ ඉඳන්ම ටිකක් වෙනස්.ඒ කියන්නේ හිතන පතන විදිහ එහෙම ඩිංගක් වෙනස්, ගුල් හාරණ එක තමයි මෙයාගේ විනෝදාංශය හා එකම දේ කරන.තාත්ති හාවයි , අම්මි හාවයි මොන තරම් කීවත් අහන්නේ නැහැ , ගුල් හාරණ එකමයි කරන්නේ.මෙයා තීරණය කරා තරුණ වයසත් එක්ක ගෙදරින් පිට වෙලා තනියම ජීවිත් වෙන්න .

ඉතින් මේකට මෙයා තෝර ගත්තේ තමන්ගේ දුරින් ඥාති වෙන හාව මාමෙක්ගේ ගෙදරක්.එහෙ හාව මාමයි , එයාගේ නෝනයි තමයි ජීවත් උනේ,
අපේ හා පැංචා මෙහේ නැවතිලා ටික දවසක් හිටිය.
ඒත් හා පැංචා කරන්නේ හා ගතිය නිසා ගුල් හාරන එක.
හා මාම උදේම වැඩට යනවා

ඔහොම ටික දවසක් යද්දී හා අක්කා පොඩි පොඩි උසුළු විසුළු එහෙම කරන්න ගත්තා හා පැන්චට.ඒ කියන්නේ උදේට මිදුල අතු ගගා ඉද්දි කකුල පාගනවා වගේ දේවල්.ඒත් මේ හා පැන්චට තේරුමක් නැහැ.

ඔන්න ඊළඟ දවසේ උනේ හිතුවෙවත් නැති දෙයක් ගෙදර. හා මාම ගෙදර ආවම අක්කා කියලනේ මෙහෙම ..

" හා පැංචාව ගෙදර තියාගන්න බැහැ , එයා මට කරදර කරනවා ඔයා ගෙදර නැති වෙලාවට " කියල ..හා මාමට හිතා ගන්නත් බැහැ මේ දේ,
මොකද හා පැංචා හරි හොඳ ගුණකරුක ළමයෙක්

නමුත් තමන්ගේ නෝනගේ පෙරැත්ත කිරීම එන්න එන්න වැඩි උනා...
>>>>>>>>>>>>>>>>>>>>>>>>>>
මේ දේ නිසා හා පැන්චගේ වීසා කැන්සල් උනා.

හා පැන්චට නොසෑහෙන්න දුකයි මේ වෙච්ච දේට ...එත් මොනවා කරන්නද

ලස්සන විලක් කිට්ටුව තැනකින් තමයි මේ හා පැංචා මතු උනේ .ගොඩක් ලස්සනට
මල් එහෙම පිපිලා මේ විල කිට්ටුව .හා පැංචා තීරණය කරා මෙතන නවතින්න .

හා පැංචා හා ගුලේ , ගෙඹි පැටික්කි පොකුණේ .මේ දෙන්නා අතර තිබුණ මෙව්වා එක නිසා ඉතින් මෙයාල විල අද්දරට ඇවිත් හම්බෙනවා .ඔහොම ඔහොම කාලයක් ගියා.හා පැට්ට පුදුම ආදරෙයි මේ ගෙඹි පැන්චිට .නිතරම එයාට පරිස්සමෙන් ඉන්න කියල කියනවා .ආරක්ෂා කරනවා.

මෙව්වා එක නැගල ගිය නිසා දෙන්නට දෙන්න නොදැක ඉන්න බැහැ දැන් .ගෙඹි පැටික්කිත් පණ ඇරලා හා පැන්චට .
ඒත් හා පැංචා හා ගුලේ , ගෙඹි පැටික්කි විලේ, ආදරේ හිතේ.
ඒ නිසාම දෙන්නා තීරණය කරා පොඩි නූලකින් එක්කෙනෙක්ගේ කකුලක්
බඳින්න , නූලේ අනික් කෙලවර අනික් කෙනාගේ කකුලේ බඳිනවා.මේක ගෙඹි පැන්චිගේ අදහසක්. මොකද ගෙඹි පැන්චි කැමති උනෙම නැහැ හා පැටියගේ ගෙදර නවතින්න පොඩි පොඩි අපහසුකම් තිබ්බත්.ගෙඹි පැංචි කෑ ගහල අඬල , අනිත් අයට බොරු කියල , රට පටලලා තමන්ගේ හිතේ තියෙන දේම ඉෂ්ට කරගත්ත.
කොහොම හරි මේ දේටත් කැමති කරගත්ත හා පැටියව.හා පැටිය මොන තරම් එපා

හා පැන්චට ගෙඹි පැටික්කිව මතක් උනොත් එක පාරක් නූලෙන් අදිනවා .ගෙඹි පැන්චිට හා පැට්ටව මතක් උනොත් එක පාරක් නූලෙන් අදිනවා.ඔහොම තමයි අදහස් හුවමාරු කරගත්තේ ...
දවසක් මෙයාල විල අද්දර ආදරෙන් ඉද්දි ඈත අහසේ ගොදුරු හොය හොයා හිටපු මෙන්න මෙයා දැක්ක.

හෙමීට අවස්තාව එනකම් මෙයා බලන් හිටිය .හා පැංචා ටිකක් එහෙට මෙහෙට වෙනකම් ඉඳල ,මේ උකුසු තඩියා කරපු වැඩේ පැනපු ගමන් ගෙඹි පැන්චිව අල්ල ගත්තා හොදට රසට ගෙඹි පැටික්කිව කන්න පුළුවන් නිසා .අනික ඇහැට කනට පේන්න මේ ගෙඹි පැංචි හිටියනේ.
ඔන්න දැන් උකුස්ස අල්ලන් යනවා ගෙඹි පැන්චිව .ගෙඹි පැන්චිට ඒත් තේරුමක් නැහැ .මෙයා ටිකක් මෝඩයි.හා පැංචා කියපු කිසිම දෙයක් ඇහුවේ නැහැනේ .
මේ අතරේ මේ කිසිම දෙයක් නොදැන ඉන්න අපේ හා පැන්චවත්, ගෙඹි පැන්චිට ආදරේ නාමෙන් බැඳලා තිබුන නූල නිසා ඇදී ඇදී යන්න ගත්තා.දැන් පරක්කු වැඩි , බැමි හොදටම තද වෙලා ඉවරයි මේ වෙද්දී .ලේසියෙන් ගැලවෙන්නේ නැහැ දැන්.
ඔහොම ඇදිල ගිහින් දෙන්නගෙම ජීවිත විනාස උනා, අපේ අහිංසක හා පැන්චවත් ගෙඹි පැටික්කි පස්සෙන්ම ඇදිල ගියා මරු තුරුලට.
ඉතුරු උනේ ආදරේ නාමෙන් බැඳලා තිබුණු නූල් කෑල්ල විතරයි...!
ප.ලි. දවසක් මම ගොඩක් දුකින් ඉද්දි තමයි මේ කතාව මට මගේ යාලුවෙක් කියලා දුන්නේ හිත හදන්න .මම පැය ගාණක් එදා ............
ඒ වෙද්දී මට වයස අවුරුදු 2X ගාණක් ..ජීවිතේ සමහර සිද්ධි වලදී අපි නොදැනුවත්වම පුංචි ළමයි වගේ හිතින් වැටෙනවා ..ඕනේ අයියෙක් එදාට වැටෙනවා ..එහෙම වැටුණ වෙලාවට , වැටුණ දාකම බලන්න ඕනේ ඕනේ රඟේ ..මම මෙතන කිව්වට වැඩක් නැහැ ..
ජීවිතේ අපි ඒ ඒ වයසේදී සමාජයේ පවතින රාමුව එක්ක යන්නම ඕනේ .පමණට වඩා හිත හොඳ මිනිහෙක් වෙන්න එපා ..සීමාව පැන්නහමවත් තව තව ඒ මත්තේ යන්න එපා ..අත අරින්න. ඕනේ කෙනෙක්ට ඕනේ දෙයක් කරගන්න ඉඩ දීලා ..නැත්නම් අනිවාර්යේම්ම මරු තුරුලට යනවා යනවාමායි කිසිම තේරුමක් නැති හිස් දේවල් නිසා .. කොච්චර උත්සාහ කරත් ගැලවෙන්න බැහැ බැමි තද වෙලා තිබ්බොත් .
අඩුම තරමේ වැදගැම්මක් ඇති දේකට නහින්න හරි ජීවිතේ රැක ගන්න .නිෂ්ඵල දේවල් වලට බැඳෙන්න එපා ...මෝඩ ගෙම්බියෝන්ගේ හරක් වැඩ නිසා විහින් නැහිලා වැඩක් නැහැ ..!
සීමාව පැන්නහමවත් තව තව ඒ මත්තේ යන්න එපා ..අත අරින්න. ඕනේ කෙනෙක්ට ඕනේ දෙයක් කරගන්න ඉඩ දීලා ..නැත්නම් අනිවාර්යේම්ම මරු තුරුලට යනවා යනවාමායි කිසිම තේරුමක් නැති හිස් දේවල් නිසා .. කොච්චර උත්සාහ කරත්/ දැනගෙන හිටියත් ගැලවෙන්න බැහැ බැමි තද වෙලා තිබ්බොත් .අඩුම තරමේ වැදගැම්මක් ඇති දේකට නහින්න හරි ජීවිතේ රැක ගන්න .