කෙනෙක්ගේ මිළ තීරණය වෙන්නේ කොහොමද ?ජනප්‍රියත්වය , හැකියාව , දක්ෂකම , රූපය , බලය , ස්ත්‍රී පුරුෂ භාවය


උත්තරය බැහැ යන්නයි. මම පැහැදිළි කරන්නම්. දන්නවා නේද මයිකල් ඈන්ජෙලෝ , Leonardoda Vinci | MichelangeloBuonarroti | Vincent van Gogh | Pablo Picasso | Salvador Dali | René Magritte | Franciscode Goya | Frida Kahlo
Claude Monet | Henri Matisse | Rembrandt van Rijn | Andy Warhol | Georgia O'Keeffe | Wassily Kandinsky | Edvard Munch | Gustav Klimt | ඔන්න ඔය වගේ ගොඩක් පිරිසක් ඉන්නවනේ. දැන් මේ අයගේ චිත්‍රයක් අලෙවි වෙන්නේ බර ගාණකට . ඇමරිකන් ඩොලර් මිලියන ගණන් වලින් මිළ තීරණය වෙනවා.

ඔබ දැකලා නැද්ද ඒ වගේ චිත්‍ර අඳින්න පුළුවන් අය අද සමාජයේ . . ? මොනාලිසාගේ චිත්‍රය සබැහින් දැකපු ඕනෙම කෙනෙක් කට වහ ගන්නවා " අනේ මොකටද නිකන් පරණ කුණු අවුස්සන්නේ " කියලා


මම මේ ළඟදී දැක්කා මිලියන ගාණකට අලෙවි වූ චිත්‍රයක්. අර රේඛා මේ රේඛා භාවාත්මකලු. ඒකත් නිකන් අර " රජ්ජුරුවන්ට මහපු රෙද්ද " වගේ. හැමෝම පේනවා පේනවා කිව්වට දැකපු එකෙක් නැහැ.


පිචර් ස්ටාර්ලා ගැණත් කතාව ඔහොමයි. ශාරුක්ට වඩා ලස්සන කොල්ලෝ නැද්ද ? මේ කිව්වේ ඉන්දියාවේ. ස්ත්‍රී පාර්ශවය ගැන නම් කියන්න ඕනේ නැහැ මොකද අපේ එක්කෙනත් එහෙනේ.


ඒත් සත්‍ය තමයි ශාරුක්ලා ඉන්නේ එක්කෙනයි. ජැකී චෑන්ලා ඉන්නේ එක්කෙනයි. ඔවුන් තරම් මිළක් අනිත් අයට ලැබෙන්නේ නැහැ. කොච්චර දක්ෂ උනත් මිළක් ලැබෙන්නේ නැහැ. මට ජැකීට වඩා ස්පීඩ් ෆයිට් කරන්න පුළුවන් කිව්වට වැඩක් නැහැ. මම ශාරුක්ට වඩා ලස්සනයි කිව්වට වැඩක් නැහැ. පයිසෙකට ගණන් ගන්නේ නැහැ. බස් වියදම වත් ලැබෙන්නේ නැහැ.

දොස්තරලා , ප්‍රොක්ටලා නෙවේ එංජිනේරුවෙක් උනත් ඔච්චර තමා. ඔන්න එන්ජිනේරුවෝ දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් සීනියර් . අනිත් එක්කෙනා ජුනියර්. සීනියර් ඉංජා හිතනවා මෙහෙම " මට වඩා ජූනියර් කෙනෙක් ලක්ෂ 10 ක් පඩි ගන්නවා නම් අඩුම තරමේ මට ලක්ෂ 12 ක් වත් ඕනේ". අනේ එහෙම කිව්වට බැහැ. ඒක ඒ මිනිහගේ ලැබීම ආයුබෝවන්. තමන්ගේ මැට්ටම් තම් මැට්ටම් කිව්වා හේ කාටවත් කාගෙවත් ලොකු කම් වලින් වැඩක් නැහැ.

ඔන්න ඔහොම සීනියර් ඉංජිනේරුවා බොරුවට ගණන් ඉස්සීම නිසා එයාට ජොබ් එකක් ලැබෙන්නේ නැහැ. ටික දවසකින් වේලිලා වේලිලා පාන්ඩක වෙලා යන්න පටන් ගන්නවා. වැඩේ මාරාන්තික වෙද්දී මිනිහා කැමති වෙනවා ලක්ෂ නෙවේ රුපියල් 15,000 ට වැඩ කරන්න. රුපියල් ආයුබෝවන් රුපියල්. කරුමේ කියන්නේ මේ වෙලවෙදි තවත් දෙයක් වෙනවා .

****
සීනියර් ඉංජෙක් 15,000 ට සෙට් වෙනවා නම් මොන රෙද්දටද ලක්ෂ 10ක් දීලා දැන් ඉන්න ජුනියර් ඉංජා තියන් ඉන්නේ කියලා කොම්පැණියේ ලොක්කගේ ටිකිරි මොළේට වැටහෙන්න ගන්නවා. ඊට පස්සේ ජුනියර් ඉංජගේ කැරියර් ලයිෆ් එකට හෙණ හත වදිනවා. ඔව් ඒක ගෙඩිය පිටින්ම මැළවීලාම යනවා.


****
ටික කාලයක් යද්දී සීනියර් ඉංජා ගණන් උස්සනවා. එයා කියනවා මට ඩොලර් මිලියන 2.5 ක් ඕනේ , නැත්නම් මම අයින් වෙනවා කියලා. මම අච්චරයි මෙච්චරයි . මට දැන් මේ ගාණට බැහැ. අරහේ මෙහෙමයි මෙහෙ මෙහෙමයි වගේ කතන්දර ගොඩයි. සෙල්ලම් නැහැ මූ දැන් ඩොලර් වලින් ගණන් කියන්නේ. කොම්පැණියේ මුදලාලිට තරු පේන්නේ දැන් තමයි. තනිකරම කතන්දර ගොඩයි අපේ කතන්දරයා වගේ.

****
ජූනියර් ඉංජා ගණන් හදනවා. ගණන් හදලා කියනවා " සෑර් , ඩොලර් මිලියන 2.5 ක් නිස්කාරණේ ගෙවන වෙලේ මට රුපියල් ලක්ෂ 4 ක් දෙන්න. මම සෑර්ට එක අවුරුදු 3 න් මූලික ප්‍රාග්ධනය මෙන් 4 ගුණයක ශුද්ධ ලාභයක් අරන් දෙන තැනට කොම්පැණිය ගේනවා " කියලා. මෙන්න මෙහෙමයි වැඩේ වෙන්නේ.
- ඩොලර් මිලියන 2.5 රුපියල් බවට = 2.5 X 135 = රුපියල් මිලියන 337
- රුපියල් මිලියන 337 න් ඉහළ පැලැන්තියේ නිවාස සංකීර්ණයක් හදන්න සැළසුම් කරමු. ( ලක්ෂ 3370 )
- ඉඩමට = ලක්ෂ 850 ( මේ ප්‍රමාණය ඇති පර්චර්ස් 68 කට වැඩි ඉඩමක් කොළඹින් ගන්න )
- ඉදිකිරීම පළමු අදියර = ලක්ෂ 1380 ( මේ මුදල ඇති වෘත්තීමය රහස් දන්නා කෙනෙකුට වැඩේ ගොඩ දාන්න. ඒවා ඕනේ නැහැ නෙව බ්ලොග් එකට )
එකිනෙකට අනුබද්ධව සැකසු නිවාස 65 කින් සමන්විත නිවාස සංකීර්ණයක් සාදා නිම කිරීමට මේ මුදල් ප්‍රමණවත් .
( මතක තබා ගන්න අපිට තාමත් ලක්ෂ 1100 ඉතුරුයි. )
එක් නිවසක් මසකට රුපියල් 39,000 සිට කුළි පදනම මත දුන්නොත් අවමය වශයෙන් මසකට ලක්ෂ 25 ලැබෙනවා. එහෙත් වෙනත් පහසුකම් වැඩි කිරීම මගින් මසකට ලක්ෂ 35 ක් පමණ මුදලක් ලබා ගත හැකියි. ( ඒවා රහස් )
වසර 3 ක් අවසානයේ ලැබෙන මුදල් = ලක්ෂ 1200 යි. වැය කළ මුදලට ආසන්න මුදලක් ලැබෙමින් පවතිනවා. මතකනේ තව ලක්ෂ 1100 ක් ඉතුරුයි කියල.. අන්න ඒකෙන් තමයි සියල්ල වෙනස් කරන්නේ. ඒක තුරුම්පුවක්. ඒ තුරුම්පුව ගැන හිතාගන්න හරි ලැබෙන්නේ "සහන්" සේවය ලබා දෙන ආයතනයට විතරයි.
ඕවා මේවා වෙලා එද්දී නිකම්ම තනතුරු , තානාන්තර කාගේ කාගේත් වෙනස් වෙනවා. දොට්ට වැටුණ අය ආයතනයේ හිමිකරුවන් බවට පත් වෙද්දී ; දොට්ට දාපු අයගෙ දුකෙන් පුන් යන්න පටන් ගත්තේ එදා ඉඳන් තමයි. මයි ෆුට් !

අන්න එහෙමයි තමන්ට මිළක්

වසර කීපයක් පැරණි පෙළපතක මතක : අද්මිරල් ෆර්නැන්ඩස්
උපාලි විජේවර්ධන
ප්‍රහාරක ගුවන් නියමුවෙකුගේ අද්දැකීම්
රූපවාහිනී ආයතනයක හිමිකාරිත්වය දැරීම සහ එහි පරිපාලනය
චන්ද්‍රිකා නිෂ්පාදනය කරන ආකාරය
රුපියල් ලක්ෂ 330 ක් පමණ වන සම්පූර්ණයෙන්ම විදුලියෙන් ධාවනය වන ටෙස්ලා කාරය
ප. ලි . මේ දවස් වල මම පෝස්ට් 6 ක් විතර ලියලා තියෙන්නේ.ඒත් තාමත් ඒවා දැම්මේ නැහැ. සමහර ඒවගේ පොටෝ ලැබුණේ නැහැ මට තාම , සමහර ඒවගේ නීතිමය ගැටළු ටිකක් තියෙනවා ක්ලියර් කරගන්න ඕනේ. මම පෝස්ට් දාන්න කැමති අඟහරුවාදාට. අඟහරුවාදා වෙනකොට සම්පූර්ණ කරගන්න බැරි වෙන පෝස්ට් ඉබේම සතියක් කල් යනවා. ඕක තමයි පසු ගිය සති කීපය පුරාම උනේ .. 

මෙන්න මේ චිත්‍රය ඇඳපු කෙනාව හරියටම කිව්වොත් හිතාගන්න බැරි තෑග්ගක් දෙනවා ...!