දැන්වීම් පුවරුව . ( පින්තූර මතට මවුස් පොයින්ටරය රැගෙන යන්න )

දැනට වසර දෙකක පමණ සිට සෑම සතියකටම වරක් ලිපියක් හෝ දෙකක් පළ කළෙමි. සිත් ගත් ලිපියක් වේ නම් හිතමිතුරන් අතරත් බෙදාගන්න.

මෙම වෙබ් අඩවිය ලෝඩ් වීමට පමා වේ නම් මෙම ලින්ක් එක භාවිතා කරන්න.

Go and get Sinhala Unicode to your Computer
Face Book Link Share.

December 30, 2012

වසර සීයක් ආපස්සට|මාගේ පුතුගේ පුතුට හෝ සෙවණක් දිය හැක් වේද මට ?


නිදහසටත් පෙර සිට ලාංකික අසරණ පන්තියේ මිනිසා
සහ ඔහුගේ පුතු අලලා මා අතින් වන් වන් සීරෝ
අඩවියට ලියවුනෙකි.ඉතා කෙටි ලෙස වචන සීයක් පමණක්
අන්තර්ගත වන පරිදි වූ නිර්මාණයකි. එහෙයින් බොහෝ දේ අත්
හැර , සමස්තය පමණක් ඉතිරිව ඇත.විවේකීව හිඳී නම් පමණක්
කියවන්න.





වසර සීයක් ආපස්සට


      
සුදු අප්පොලාගෙන් බේරෙන්නට අපමණ වෙහෙසක්
ගත්තෙමි.මහා එකෙකු නොවුවද, මහා එවුන් පසු පස දිව්වෙමි,
 "
එහෙයි"කියා බරද දැරීමි.ටිකෙන් ටික ඔවුන් පසු පසම ගොස්
නොදුටු ලොවක් දුටීමි.


 

"තෝ මන් එනකම් හිටු"


අවනතව සෙරෙප්පු කුට්ටම ලඟට හුන් මම  බලා උන්නෙමි.
තවත් බොහෝ දෑ එහේ  මෙහේ  යනෙනු දුටීමි.
වේගය වැඩිය,හරි හැටි තේරුම අපහසුය.එහෙයින් බිම බලා,
මහන්සියට සෙරෙප්පු කුට්ටම ලඟම ඉඳ, යුතුකමට මෙන්
එහි වූ මඩ ඇබින්ද පිසදා යලි එහි හැඩ බැලීමි.

අගනේය . පිසදැන්ම අගනේය..

 

"යමව් බොලා, අඳුර එන්ටත් ලගයි"

 

"එහෙමයි , හීන් කොල්ල නිදන්ට මත්තෙන් ගියහැක්
උනෝතින් ඌ ආසාවෙන් අහන් ඉඳි නොවැ" බිළිඳු  පුතු
මතකයට ආ  මා තනිව සිතයි.



දින සති ගෙවී ගියේ අප හුන් අඩ අමතකවය.
අනෙක් අඩ එදා මෙන්ම මටත් පුතුටත් බොහෝ දුරය...

 

කම් නැත , මා එදා සිටි තැන
පාවහන් යුගලක් අද ඔහුගේ තනිය මකනු ඇත.
ඔහුගේ බිළිඳු පුතු, මා අත මාගේ තනිය මකනු ඇත.

දෙවියනි ඔබ මැවූ ලොව හරි සරලයි...

මාගේ පුතුගේ පුතුට හෝ සෙවණක් දිය හැක් වේද මට ?




ප.ලි. සීය කල දේ මුණුබුරත් කරනවා, සීයට වඩා සමහර දේවල් දියුණු උනාට ,
දෙන්නම කරන්නේ එකම දේ..

සීය පිහ දැම්මේ සෙරෙප්පු , මුණුබුරාට පිහදාන්න වෙන්නේ
සපත්තු .ඒ අතින් මුණුබුරාගේ ලෝකේ දියුණුයි..

(ඔහු පාවහන් පිසදාන ලෝකය දියුණුයි!
)

38 comments:

  1. උදාවන්නේ නම් පුතුට නොව තමන්ට වත් සෙවණක් සරණක් සොයන්න අමාරු ලොකයක්... බොහොම ගැඹුරු අර්ථයක් අද ඔබේ විෂය පථය වෙලා ජය වේවා සහෝ..

    ReplyDelete
    Replies
    1. ///උදාවන්නේ නම් පුතුට නොව තමන්ට වත් සෙවණක් සරණක් සොයන්න අමාරු ලොකයක්... ////


      මේ කතාව නම් මගේ අවධානය තදින් දිනා ගත්තා නලීන්
      මිත්‍රය..මගේ මුළු පෝස්ට් එකත් හරි ඔබගේ කතාවත් හරි ...
      බොහොම ස්තූතියි හැමදාම එනවට, ඇවිත් ගුණ දොස් කියනවාට...

      Delete
  2. වර්තමානයට හරියටම ගැලපෙනවා....

    ReplyDelete
  3. ඔව් සංජය ඒක තමා වසර සීයක්ම ආපස්සට
    යන්න උනේ.නව පැමිණීමට ස්තූතිය සමග
    සාදරයෙන් පිලිගනිමි...
    සුබ නව වසරක් වේවා....

    ReplyDelete
  4. හප්පේ....හිතන්න දේවල් කෝටියයිනේ..

    ReplyDelete
    Replies
    1. අපි හිතන්න හොද නැහැ ලිහිණි, හිතීම දෙවියන්ට බාර කර
      අපි ලැබෙන දෙයක් විඳ දරා ගමු .අවස්ථාවක් අවොත් දෙවියන්ට
      හොද දෙකක් කියමු.
      (මේවට වැරදි කාරයෙකුත් ඉන්න එපැයි ...:D )


      ස්තූතියි අදහස් කීම ගැන, ලබන්න වූ වසර සුබ නව වසරක් වේවා ලිහිණි...

      Delete
  5. එකම‌ දේ නේද ආයි ආයිත් වෙන්නේ.....

    ReplyDelete
    Replies
    1. ඔව් හිරු එකම දේයි වෙන්නේ නැවතත්.පුංචි පුතා
      ලොකු වෙනවා , එයත් එයාගේ තාත්ත වගේ සීයගේ
      තැනටම යනවා.එයා ගෙදර එද්දී ආයෙමත් මේ තැනටම
      ඇවිත්...

      ඇත්තටම මගේ මේ කමෙන්ට් එක දකිද්දී මට හරි අප්සෙට්
      හිරු.මේ දේවල් දකින්න මගේ කව්රුත් නැහැ.එයාල දකින දාට
      මන් නැහැ.මන් මේ කරන කිසි දේකින් මන් සතුටක් ලබන්නේ නැහැ.
      හිතින් අඩනවා මිසක් ...

      Delete
  6. //දෙවියනි ඔබ මැවූ ලොව හරි සරලයි...//

    එත් ලියලා තියෙන දේ නම් සරල නැහැ වගේ.. හොද නිර්මාණයක් ...ජය වේවා !!

    සුභ නවවසරක් !!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මචන් .මේවා ඇත්ත කියල හිතෙන්නේ එක්තරා පංතියකදී
      විතරයි චමී.ඒ පන්තිය පැන්නුවම මේ දේට කැමතියි අපි.ඒක
      තමයි මේ දේ වෙනස් නොවෙන්නේ කවමදාවත් ...

      ස්තූතියි කමෙන්ට් කළාට.කමෙන්ට් ඇත්තටම මේ වගේ දේකදී මට
      අත්‍යවශයි ..ඔබටත් සුබම සුබ නව වසරක් වේවා....
      නැවත දිනයක එන්න...

      Delete
  7. අදයි අවේ ඔයාගේ බ්ලොග් එකට. ලස්සනට ලියලා ටියෙනවා. සුභ පැතුම් යාළු දිගටම ලියන්න

    ReplyDelete
    Replies

    1. ස්තූතියි අයේෂා ..පුළුවන් වෙලාවට ආයෙත් එන්න එහෙනම් ...
      සුබ නව වසරක් වේවා ඔයාට...

      Delete
  8. ස්තූතියි අයිරාවන කමෙන්ට් කරාට.දිගටම එන්න..මේ උබ දන්නවද මේ ටෙම්ප්ලේට්
    එකේ අර උඩින්ම තියෙන කළු පාටට හුරු පටි ටික අයින් කරන්න..
    මට ඒක පුදුම කරදරයක් වෙලා ඉන්නේ බන්:(

    ReplyDelete

  9. ඔබටත් , ඔබගේ පවුලේ සියලු දෙනාටත් ලබන්නා වූ
    නව වසර වසනා වන්ත නව වසරක් වේවා වේද මහත්මයාණෙනි ...

    ReplyDelete
  10. ඇත්තෙන්ම හිතෙන දේ අපමනයි....කුමක් වේදැයි හිතාගන්න බෑ..!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි වීයෝ මේ පැත්තේ ආවට ඉස්සෙල්ලම .
      අපි උත්සාහ කරන්න ඕනේ අපේ සෙරෙප්පු අපිම
      පිහදගෙන ඉන්න නේද ?
      ඔයාටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා...

      Delete
  11. හිතන තරම් හැමදේම සරල නැහැ නේද?..හරිම ලස්සනයි යාළු..
    ජය!!.. සුබ අලුත් අවුරුද්දක් වේවා!!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි ශම්මි.ඒකනේ අපිත් මේ සීයයි
      පුතයි වගේම තමා.එකම දේ එක එක විදිහට
      කිය කියා එකම තැන ඉන්නවා...
      ඔයාටත් සුබම සුබ නව වසරක් වේවා...

      Delete
  12. දෙවියනි ඔබ මැවූ ලොව පුදුමයි
    පහන ලගයි ආලෝකෙ දුරයි....

    එළඹෙන නව වසරේදීවත් මේ අටමගලය ටැස්ටින් තත්වයෙන් මිදේවා...
    සුභ 2013 වසරක් වේවා !

    ReplyDelete
    Replies
    1. මේවා එක කවියකින් වෙනස් කරන්න බැහැ සිරෝ.
      ඒක මන් දන්නවා, නිකමට ලිව්වේ .ඒ ඇර වෙන
      දෙයක් නැහැ.ස්තූතියි කමෙන්ට් කරාට ..
      සුබම සුබ නව වසරක් වේවා සිරෝ..නව වසරේවත්
      අපිට කේක් කෑමේ වාසනාව උදා වේවා ....

      Delete
  13. අමුතුම ගතියක් තියනවා මේකේ. මට හරිටය තේරුනාදත් මන්දා.

    සුබ නව වසරක් වේවා සහන්.

    ReplyDelete
    Replies
    1. එහෙමම දෙයක් නැහැ සයුරි.සීය කල දේ මුණුබුරත්
      කරනවා, සීයට වඩා සමහර දේවල් දියුණු උනාට ,
      දෙන්නම කරන්නේ එකම දේ..

      සීය පිහ දැම්මේ සෙරෙප්පු , මුණුබුරාට පිහදාන්න වෙන්නේ
      සපත්තු .ඒ අතින් මුණුබුරාගේ ලෝකේ දියුණුයි..

      (ඔහු පාවහන් පිසදාන ලෝකය දියුණුයි!
      ඔන්න ඕකයි හරය .මේ දේ පෝස්ට් එකේ
      අවසානෙට එකතු කරන්න හිතයි එක්කෝ.. )

      Delete
  14. ලිපිය කෙටියි ඒත් හිතන්න කෝටියක්‌ දේවල්....පොඩි අකුරු කීපයකින් මෙහෙම විස්තරයක් කියන ඔයානම් පට්ට පොරක් අයියේ ජය වේවා.................!

    ReplyDelete
    Replies
    1. අම්මෝ මල්ලි..:P හි හි
      ඔයාටත් පවුලේ සියලු දෙනාටමත්
      ලැබුවා වූ නව වසර සුබම සුබ නව
      වසරක් වේවා ....

      Delete
  15. අමුතු නිර්මානශීලි ගතියක් ඇති ලිපියක් ..ජය

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි බින්දී අක්කේ..
      පහු ගිය ටිකේ ඇයි පේන්න නොහිටියේ..
      ඔයාගෙන් මට මේකට අදහසක් ඕනේ...
      තම මව තුලින් ලෝකය ගොඩ නගන දුවණිය| A little girl,dreaming about her mom.
      ඔයාටත් පවුලේ සියලු දෙනාටමත්
      ලැබුවා වූ නව වසර සුබම සුබ නව
      වසරක් වේවා ....

      Delete
  16. ශාන් යාලුවා සමහරු තේරුනේ නැති දේටත් අපූරුයි කියනවා. බලගෙන ගියාම ඒකත් අපූරුයි නේද..හැක්...

    ම්ම්ම් මට හිතුන විදිහට නම් ඔයා මේ වචන සීයෙන් ලොකු වැඩක් කරලා තියෙනවා. ඔයාට සහ පවුලේ සැමට සුභ නව වසරක් වේවා කියලා පතනවා. ජය වේවා..!!

    ReplyDelete
    Replies
    1. තේරෙන්නේ නැහැ කියන එකත් එක අතකට
      තේරීමක් තමයි ..හැක්

      ස්තූතියි සරත් මිත්‍රයා .ඔයාටත් පවුලේ සියලු දෙනාටත්
      සුබම සුබ නව වසරක් වේවා....

      Delete
  17. දෙමව්පියෝ පතන ලොව තාමත් එදා වගේමයි
    හැබැයි ඒ එයාලගේ සිහින ලෝක ඇතුලේ විතරයි
    එක හිනයක් ගිලිහෙනකොට තව හිනෙකට පණදෙන්න
    වසනාවට තාමත් ඔවුන් උත්සහවන්තයි
    හැබැයි ඒ සිහින ලෝකත්
    අනාගතයට සිහිනයක් වේවි වගේයි

    ReplyDelete
    Replies
    1. ඒක තමයි සිත් කවි , ඒ හීනෙන් මේ හීනෙට ,
      මේ හීනෙන් අර හීනෙට...
      ස්තූතියි කමෙන්ට් කරාට..නැවත දිනක එන්න....

      Delete
  18. උඹට තියෙන්නේ අමුතු ශෛලියක් බං..

    ReplyDelete
    Replies
    1. වරදුනෙත් ඕකමනේ බන්.හැක්

      Delete
  19. එක සීයෙක් සෙරෙප්පු සුප් බීවා.. ඊට පස්සෙ පුත්තු ගොඩක් සපත්තු සුප් බොනවා.. මුණුබුරෝ ටික ....

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම සරත් මහත්මයා මුණුබුරෝ ටික
      සීයත් නොබීපු , තාත්තත් නොබීපු සුප් එකක් රස
      විඳි ..මටත් හිතාගන්න බැහැ මොන වගේ සුප්
      එකක් වේවිද කියල..
      ඔබගේ පැමිණීමටත් , අදහස් කීම ගැනත් ස්තූතියි
      සරත් මහත්මයා ...

      Delete
  20. ////සීය කල දේ මුණුබුරත් කරනවා, සීයට වඩා සමහර දේවල් දියුණු උනාට ,
    දෙන්නම කරන්නේ එකම දේ..

    සීය පිහ දැම්මේ සෙරෙප්පු , මුණුබුරාට පිහදාන්න වෙන්නේ
    සපත්තු .ඒ අතින් මුණුබුරාගේ ලෝකේ දියුණුයි..

    (ඔහු පාවහන් පිසදාන ලෝකය දියුණුයි!)////////

    සිත් ගත් කොටස ........

    ReplyDelete

ඔබ කමෙන්ටුවක් දමයි නම් කරුණාකර මෙහි කමෙන්ටු E mail subscribe කරන්න .. නැතිනම් පිළිතුරු මග හැරී යනු ඇත ...

කමෙන්ට් යනු ඔබගේ අදහස් ප්‍රකශ කිරීමට සලසා ඇති ඉඩයි. සිතුවිලි ලියා තැබුණු විට අන් අයටද ප්‍රයෝජනයක් විය හැක !

http44444444://1.bp.blogspot.com/-F0lMkO9hSe8/UjM37DArTZI/AAAAAAAAAwo/wtP9O0K_6UE/s1600/543431_208554675978924_1215099537_n.jpg15099537_n.jpg

සහයෝගය දක්වන වෙබ් එකමුතු ...

මාතලන්ගේ සින්ඩිය...api apita Blog Readerlankeeya sithuwililankeeya sithuwili lankeeya sithuwili