දැන්වීම් පුවරුව . ( පින්තූර මතට මවුස් පොයින්ටරය රැගෙන යන්න )

දැනට වසර දෙකක පමණ සිට සෑම සතියකටම වරක් ලිපියක් හෝ දෙකක් පළ කළෙමි. සිත් ගත් ලිපියක් වේ නම් හිතමිතුරන් අතරත් බෙදාගන්න.

මෙම වෙබ් අඩවිය ලෝඩ් වීමට පමා වේ නම් මෙම ලින්ක් එක භාවිතා කරන්න.

Go and get Sinhala Unicode to your Computer
Face Book Link Share.

December 20, 2012

දික්කසාදයෙන් ඈ ලැබූ සැනසීම!


උහුලනු බැරිව තව තව නෙක වේදනා
හිත දැඩි කර යන්නෙයි අද සැමිගෙන් වෙන් වෙලා
අහෝ නොසිතුව දෙයකි දැන් ඇත පෙළ ගැස්සිලා
මූසල ගෑනි පල අහකට කිම තව නෙත් අයා






මේවත් ඉතින් මන් ගෙදර ගෙනාපුවා තමා
  වෙන තැන වල කමෙන්ට් විදිහට දාපු... 
දික්කසාද උන ගෑනු ළමයෙකුට මෙහෙම කරන්න එපා පව්...

27 comments:

  1. සාමාන්‍යයෙන් මූසල ගෑණි කියල කියන්නේ මිනිහා මැරිච්ච ගෑණියෙක්ට නේද... දික්කසාද උන ගෑණියෙක් දිහා එක්කෝ හොඳ වැඩේ ඕකිට කියලා.. නැත්තම් මිනිහා හදාගන්න බැරි උන එකී කියලා තමයි ගරහන්නේ අපේ සමාජය...

    වෙන කෙල්ලෙක්ට ඔය වගේ කතාවක් කියපු ආච්චි කෙනෙක්ට මම මගේ වෙඩින් එක කිව්වේ නෑ... මොකද එයාලා වෙඩින් එකට ආවමත් හොයන්නේ ඇදමයි... අඩුපාඩුමයි...

    අනේ මන්දා අපේ සමාජය.... හදන්න පුළුවන් තරම් දෙයක් ඉතුරු වෙලා තියෙනවද කියලාත් හිතෙනවා...

    ReplyDelete
  2. ඒක ඇත්ත dr ඔය බමුණු බැමිණියෝ ටික තොලොංචි
    වෙලා ගිය දාකට හරි ටිකක් දුරට..(ඒත් එකෙක් තොලොංචි
    වෙන්නේ තව දහයක් හදල..)
    ඒ උනත් ඊළගට ඉතුරු වෙන්නේ දික්කසාද වෙන එක ට්‍රෙන්ඩ්
    එකක් උන සමාජයක්.කොහෙන් හරි යන්නෙම නුහුරට..
    අනුන්ගේ ඒවා හොයන්නති , තමන්ගේ ඒව දෙන්නැති පරිසරයක්
    තමා මම නම් කැමති..( ආත්මාර්ථය නෙවේ ) ඔයා දන්නවද මන් මගේ
    ගෙදරක් ඉස්සරහ මැරිලා හිටියත් මිනිස්සු දන්නේ නැහැ මේ ගෙදර
    ජීවත් වෙන කෙනා කියල...මන් මේ ජීවිතේට කැමතියි...
    බොහොම නිශ්ශබ්දයි..අනවශ්‍ය බැදීම් මුකුත් නැහැ.මට ඉන්නේ චූටි
    පූස් පැටියෙක් විතරයි බැදීමකට කියල...

    ( e unata mage krame anith ayata nirdesha nokarami..)

    ReplyDelete
  3. ගොඩක් බලාපොරොත්තු එක්ක විවාහවෙන කාන්තාවක් පුලුවන් තරම් උත්සහ කරන්නෙ සතුටින් ඉවසීමෙන් පවුල් ජීවිතේ ගත කරන්න. දික්කසාදය වගේ තීරණයකට ඇය එන්නෙ වෙන කරන්නම දෙයක් නැති උනාමයි. ඉතින් හරි වැරැද්ද හොයන්නෙ නැතුව දික්කසාදවුනු කාන්තාවකට අපහාස කරන එක කොයිතරම් වැරදිද? ඒ වගේ කෙනෙක්ගෙ මානසිකත්වය තේරුම්ගන්න උත්සහ කරනවා වෙනුවට ඇයව තව තවත් අපහසුතාවයට පත්වෙන විදිහෙ දේවල් කරන එක හරිම අසාධාරණයි.

    ReplyDelete
    Replies
    1. ඔයා කියන දේ ඇත්ත චමාස් මම සමහර දේවල් දැකල තියෙනවා,
      අන්තිමට දරුවා වෙනුවෙන් හරි ඉන්නවා කියල ඉන්නවා..එහෙම ඉන්න
      දෙන්නෙත් නැහැ ඊට පස්සේ..ගෙදර වෙන දේවල් වලට එක වචනෙකින්
      උදව්වක් නොදෙන අය අන්තිමට , කොහොම කොහොම හරි තනියම නිදහස
      හොයා ගත්තමවත් ඉන්න දෙන්නේ නැහැ.ගොඩක් වෙලාවට මෙහෙම අපහාස
      කරන්නේ දාහක් වැරදි තියෙන අය.හිත කමා කරගන්නේ මන් හිතන්නේ
      එහෙම අනුන්ට ගරහල..

      Delete
    2. අහ් කතාවට ගියායින් පිලිගන්නවත් බැරි උනානේ ඔයාව..
      මන් මේ බ්ලොග් එක හදල මාසයක් වගේ වෙන්නේ..
      ඔහේ මොනවා හරි හිතට එන දෙයක් දානවා..ගැලපෙන
      දෙයක් තිබ්බොත් ඇවිත් බලන්න පුළුවන් වෙලාවට ඔයාලා..
      මොකද හැම දේම මෙතන දානවා මන් මාතෘකා ගොඩයි මට..

      Delete
  4. මේ සමාජය නම් හරිම පුදුමයි.මොන දේ වුනත් ගෑණු අය තමයි අවමානයට, අපහසුතාවයට පත් වෙන්නේ. හරියට එයාල කැමැත්තෙන් ඒ දේවල් කර ගන්නවා වගේ. පිරිමියෙක් ඒ දේට සම්බන්ද නෑ වගේ.... ගොඩක් වෙලාවට පිරිමි අය මොන දේ කලත් අවුලක් නැ. ඒක එච්චර ගණන් ගන්නේ නෑ. අනේ මන්දා මට තේරෙන්නේ නැ මේවා.......

    ReplyDelete
    Replies
    1. ඔව් dr මන් කලින් කිව්වා වගේ හැම කෙනෙක්ම අනුන්ට
      ඇගිලි දික් කරන්නේ අපේ කිල්ලොටේ හුණු නැහැ කියන්න .
      ඒ නැතුව හිතන්න ගෑනු කෙනෙක් ගෙදර ප්‍රශ්න හින්ද අඬ අඬ
      ඉන්නවා කියල, මොන කෙනාද එයාට අවංකව උදව් කරන්නේ.
      පිරිමි ලං වෙන්නේ වෙන දේකට , ගෑනු අය හෙමීට පැත්තකට
      වෙනවා අපෝ අපි නම් නෑ ඇගේ කුණු ගෑවෙයි වගේ..
      after all this is sri lanka

      Delete
  5. මට නම් දික්කසාදේ කියන දේ හොද පැත්තකුත් තියෙනවා.දෙන්නාට දෙන්නා තේරුම් ගන්න බැරුව ප්‍රශ්න ඇති කරන් තවත් විඳව විඳව ජීවත් වෙනවට වඩා හොදයි දෙපැත්තකට වෙන එක.නැත්නම් ජිවිතේ නිකන් නාස්ති වෙනවා.හැබයි ගෑණි පිටම වරද පටවන එක හරි නෑ. පිරිමියාගේ අතේ වැරදි තියෙන්නත් පුළුවන්. දෙන්නාට දෙන්නා තේරුම් අරන් කසාඳ බැන්ද නම් දික්කසාදේ කියන දේ මිනිසුන්ට ඕනේ වෙන්නේ නෑ

    ReplyDelete
  6. අපොයි ඔන්න මිනිහගේ වරදින් දික්කසාද වුනත් ගැහැනියගේ වරදක් ඇති කියල තමයි සමාජය කියන්නේ . මනුස්ස ජිවිතයක් ලැබෙන්නේ නැහැනේ හැමදාම . ඒ ජිවිතේ නිදහසේ ඉන්න ගැහැණු පිරිමි කාටත් අයිතිය තියෙන ඕන . ඒ වගේම පොඩි ප්‍රශ්නයකට දික්කසාද වෙන්න තරම් දුර යන්න දෙන්නත් හොඳ නැහැ . විවාහය තුල යම් පමණකට සමාව දීමත් ඕන . හැබැයි එකම වරද දිගටම කරද්දී නම් හිතන්න වෙනවා . ආයෙම ළමයි ...අය්යෝ මන් දන්නේ නැහැ අප්පා .

    ගැහැණු ගැන පිරිමි මෙහෙම ලියනවා කියන්නේ අපේ රටේ සේරම බමුණෝ නෙමේ කියල සතුටු වෙන්න කාරණයක් ..

    ReplyDelete
    Replies
    1. ඔව් dr සමව දෙන එක නම් ගොඩක් වැදගත් , ඒත් සමාව
      ලබන කෙනා ඒකෙ ගරුත්වය වටිනාකම රැක ගන්නත්
      සමාව දෙන කෙනා දැන් ඔක්කොම හරි කියල ඇස් පියන්
      ඉන්නත් හොද නැහැ.අනිත් දේ පිටස්තර පුද්ගලයන්ට තමන්ගේ
      පුද්ගලිකත්වයට ඇගිලි ගහන්න ඉඩ තියන්න හොද නැහැ..
      පවුල් අවුල් වෙන්නෙම ඔහොම එක එක්කෙනා දාන විස නිසා..
      මන් මගේ අද්දැකීමක් කියන්නම් සමව දීම ගැන..මේවා ඉතින් තව
      හැංගුව කියල වැඩක් නැහැ ..මන් ආදරේ කරපු කෙනෙක් හිටියා
      එයා කලේම මට බොරු, ඒත් මන් කවද හරි හැම දේම තේරුම් ගනී
      කියල පුදුම විදිහට ඉවසුව .ඉවසන්න ඉවසන්න එයා කලේ ඒකෙන්
      ප්‍රයෝජන ගත්ත දේ මිස තමන්ගේ වැරදි හදාගත්ත එක නෙවේ..
      පස්සේදී මන් බල්ලෙක් වගේ පාරවල් වල පවා අඬ අඬ කිව්වා..ඒත් ඇහුවේ නැහැ.
      අද එයා පාරේ, මන් හිටපු විදිහමයි ( එය නිසා මට හැම දේම නැති උනා , ඒක
      වෙනම කතාවක් ) ඒ අයට කවදාවත් ජීවිතයක් හිමි නැහැ ..
      තව කෙනෙක් ඉන්නවා එයාට පාරවත් හිමි නැහැ...

      ඔහොම කතා ගොඩක් තියෙනවා ජීවිතේ..මන් පුළු පුළුවන් වෙලාවට
      කියල යන්නම් කාට හරි බලල හැදෙන්න පුළුවන් වේවිනෙ..


      කොහොම හරි dr ඔයා කිව්වා වගේ පවුල රැකගන්න ඕන දෙන්නමයි..
      දෙන්නගේ වෙන හැම දේම බලපානවා ..අනිත් දේ perfect අය
      හොයන්නත් හොද නැහැ ..පුළුවන් තරම් අනිත් කෙනාගේ කැමැත්තට
      හැඩ ගැහෙනවා මිස..මේ දේ දෙන්නම කරනවනම් හරි අනිත් කෙනාගේ
      සතුට වෙනුවෙන් ..

      Delete
  7. බමුණු කුලය දැන් බිඳවැටිලා කියලා කිව්වට තාම ඒක හොඳට තියනවා.මූසල ගැනි යන යෙදුම බොහෝ විට භාවිතයට ගන්නෙත් ගැනුම විම තවත් උහුලන්න බැරි දෙයක්.
    මම සමකය වටේ ලියන නලීන්

    ReplyDelete
  8. කොහොමත් හැම දෙයකටම පස්සෙ ගෑනියෙක්ගෙ පැත්තට ඇඟිල්ල දික් කරන එක මේ සමාජයේ හැටියක්නේ..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම් පහත් තැනින්නේ වතුර බහින්නේ ලිහිණි

      Delete
  9. මේක නම් හරිම තාත්වික කතාවක්. දෙන්නෙක් දික්කසාද උනොත් අනිවාර්යෙන්ම වපර ඇහෙන් බලන්නේ ගැහැණිය දිහා. එතන උනේ මොකක්ද කියලවත් නොදැන. ගොඩක්ම කනගාටුවට කාරණේ තමයි වැඩිපුරම එහෙම අපහාස කරන්නේ ගැහැණුන්ම වීම.

    ReplyDelete
    Replies
    1. ඒක තමා dr කාටවත් ඕනේ නැහැ කාගෙවත් දුකට
      පිහිටක් වෙන්න.හැමෝටම ඕන පහත් සතුටක්
      විදින්න විතරයි..පිරිමි ලිංගික පැත්තෙනුත් ගැහැණු
      නෝක්කාඩු පැත්තෙනුත් ඒ දේ කරනවා...
      බලන්න ටිකක් මේකත්..

      Delete
  10. ඇමිණුමක් පස්සේ මේ ආවේ..අදමයි ආවෙත්..
    ඇත්ත යාළුවා ඇතැම් ගැහැණු වගේම පිරිමිත් ඔවුන්ගේ නිදහස වෙනුවෙන් අසික්කිත දික්කසාදයකට යනවා...

    ස්තූතියි මගේ බ්ලොග් එකේ ලින්කුවක් දැම්මට..ආයෙත් එන්නම්කො...

    ReplyDelete
    Replies
    1. මේ පැත්තේ ආවට ස්තූතියි ඔයාට සාදරයෙන් පිලිගන්නවා.
      මේකනේ dr එක එක
      හේතු වලට දික්කසාද වෙනවනේ.මහත්තයා දෙන දස වද නිසා ,
      දෙන්නගෙම අනියම් සම්බන්ද නිසා, දේපල ප්‍රශ්න , රැකියා ගැටළු
      ඔය වගේ කොච්චර ඇත්ද.දික්කසාදය නම් අසික්කිත නැහැ වගේ
      මට නම් ඒත් ඒකට හේතු වෙන සමහර දේවල් නම් අසික්කිතයි...
      අනියම් සම්බන්ද වගේ..තව දෙයක් සමහරු දික්කසදෙන් පස්සේ පලි ගන්නත්
      පෙලබෙනවා.එහෙම දේවල් නම් හරි නැහැ..තව සමහරු දික්කසාදේ
      නොදී අනිත් කෙනාව අවුරුදු ගානක් උපද්ද උපද්ද මරණ එක එහෙම
      නම් අසික්කිතයි..

      ලින්ක් එකක් කොහේ තිබිලද dr හම්බුනේ මේ සයිට් එක ගැන ?
      මන් කොහෙවත් මගේ සයිට් එක ගැන ලින්ක් දාන්නේ නැහැ.
      පටන් අරන් මාසයක් වගේ වෙන්නේ.මන් කැමති මේ සයිට් එකට
      අහම්බෙන් එන කෙනෙක්ගේ උනත් කාලේ ඉතුරු වෙන්න
      තියෙන දෙයක් ගැන කියන්න..
      awith nikamma noya ma ekka katha karala giyata sthoothi dr...

      Delete
  11. දික්කසාදය අනුමත කරන්නේ නැහැ එය ප්‍රශ්නෙන් පැනයාමක් වගේ. නමුත් එහෙම වෙන්න හේතුව හොයල ඉදිරියේදී එහෙම නොවෙන්න අනෙක් අයත් වගබලාගන්න ඕනේ කියන එකයි මගේ හැඟීම.

    ReplyDelete
    Replies
    1. මේකනේ හාමුදුරුවනේ එක එක දේවල් තියෙනවා මිනිස්සුන්ට
      තව දුරටත් දරාගන්න බැරි.එහෙම තැනකදී දික්කසාදය ඇර
      මොනවා කරන්නද ?අනිත් දේ තමා දික්කසාදය හිතන තරම්
      සුන්දර නැහැ .ගොඩාක් වෙලාවට කබලෙන් ලිපට වැටෙන
      දේවල් වලට මූණ දෙන්න වෙනවා..
      තව දෙයක් එක එක්කෙනාගේ සුරඟන කතා වලට රැවටිලත්
      සමහරු මෝඩ තීරණ අරන් ජීවිතේම අපායක් කරගන්නවා..

      තරහ අවසර හාමුදුරුවනේ මේකේ මොකක් හරි අවුලක් තියෙනවනම්
      මට කිව්වා නම් රාජකාරි කරන්න කලියෙන් ..

      Delete
  12. අඩේ මචං, මං දාපු කමෙන්ට් එක කෝ? ඊයේ තිබුනනනේ :0

    ReplyDelete
  13. උබ ඊයේ ආවේ galle server එකෙන් නේද ?
    ඒ මුළු range එකම ban වෙලා තිබ්බ බන්..
    පස්සේ හරි ගස්සුව මන්. මටත් ඇවිත් තිබ්බේ
    email not එක විතරයි, ඇවිත් බලද්දී
    කමෙන්ට් එක නැහැ...ඉන්න මන් manualy දාන්නම්...

    ReplyDelete
  14. ඇත්ත කතාව අයියේ...ගැහැණු අය ගැන ගොඩාක් අය බලන්නේ වපර ඇහෙන්...තමන්ගේ නංගිගේ කන්‍යාභාවය රකින්න පණ කඩාගෙන දඟලන අයියලා වෙන කෙල්ලෙක්ට ඒක කරලා පට්ට ආතල් එකක් ගන්නවා..පවු කෙල්ලෝ...

    ReplyDelete
  15. ඔව් ඒක මාත් දැකල තියෙනවා බන්..ඕකේ හොදම
    වැඩේ තියෙන්නේ දුවව පරිස්සන් කරන අම්මම තමන්ගේ
    පුතාට නටන්න දෙන එක..මට නම් නංගිලා නැහැ , මන් නටලත්
    නැහැ , ඒත් අපේ අම්ම මට බැනපු තැන් තියෙනවා ළමයෝ
    ඔය කරන දේ කරන්න එපා කියල ජීවිතේ සමහර තැන් වලදී..

    sthoothi malli awata me paththe issellama...
    ma ekka katha karala giya eka loku deyak...
    man asawen coment balawa...

    ReplyDelete
  16. Blogg awakashaye sari sarana Kota dakka . Ithin awith yanna hithuna. Divorce gana issellama dakke. Ahanna asama nathi deyak. Watey pitey ganu vitharak nemei nandamma nisaya oya dewal wenawa. Mata kasade vitharak nemei jeevitheth epa wenawa. Mahaththaya honda nisa jeewath wenawa. Divorce una ganige warada hoyanneth thawath ganiyekma wena ekai iwasan na bari.
    Ayeth dawasaka enna a...

    ReplyDelete
    Replies
    1. ඔව් dr අපි උනත් අපේ දරුවෝ ලොකු මහත් වෙලා එයාලගෙම
      ජීවිත පටන් ගත්ත දාට එයාල තව දුරටත් අපේ නෙවේ කියන දේ
      තේරුම් ගන්නම ඕන.එයාල අපේ ඔඩොක්කුවේ හුරතල් උන දරුවෝ
      නෙවේ තව කාගේ හරි මහත්තයෙක් නෝනා කෙනෙක් මිස .
      අපේ දරු සෙනෙහස පපුවේ තියෙන එක වෙනම දෙයක් ඒත් එයාල
      අපිට වඩා අයිති එයාගේ නෝනට හරි මහත්තයට හරි..
      ඔය දේ දැන් මම ඔහොම කිව්වට මගෙත් දුව ගැන මට ඕක කරන්න
      බැරි වෙයි.
      ඒත් දෙවියනේ කසාද බැඳලා ගියාට පස්සේ ඒ අයට සැනසිල්ලේ
      ජීවිතේ හැලහැප්පීම් වලට මූණ දිදී ජීවිතේ ගෙනියන්න ඉඩ දෙන්න
      ඕන.එහෙම නිදහසක් නැත්නම් කසාද බැඳපු දෙන්නෙක්ට ජීවත්
      වෙන්න බැහැ මහ කරුමයක් ගෙවනවා ඇර..
      (මගේ මේ කතාව ගොඩක් අයට වැරදියට පේන්න පුළුවන් දැනට.ඒත්
      ඇත්තටම උන දාකට තේරේවි ඇත්ත තමා කියන දේ )

      ගොඩක් ස්තූති dr මගේ බ්ලොග් එකට ආවට , ඇවිත් ඩිංගක් මා එක්ක
      කතා කරලා ගියාට...මාත් ලගදි ෆ්ලොරිඩා එන්න හිටියේ , ඒත් අසනීප
      නිසා කල් දැම්ම...
      දිගටම පුළුවන් වෙලාවට බ්ලොග් එක පැත්තේ ඇවිත් යන්න...

      Delete
  17. අපේ සමාජය දික්කසාද වෙච්ච ගෑණියෙක් දිහා බලන්නෙ හරිම පිළිකුලෙන්... උදව් කරන්න කියලා ලංවෙන අයත් බොහොමයි.. ඒ අය බහුතරයකට ඕනෙ ඒ කෙනත් එක්ක නිදි වදින්න... ඔන්න ඕකයි තත්වෙ...

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම සිරා ..උබ කියන්නේ ඔය දේටම
      පවුල් කඩන අයත් ඉන්නවා..මගෙත් ලිස්ට් එකේ
      කෙනක් ඉන්නව කවද හරි හම්බෙයිනේ අපි.එදාට
      මන් ලොක්කගේ සෙල්ලන් ටික නවත්තනවා..
      බලමුකෝ තිත්තයටත් වාරයක් ඒවිනෙ නැද්ද බන්..?

      Delete

ඔබ කමෙන්ටුවක් දමයි නම් කරුණාකර මෙහි කමෙන්ටු E mail subscribe කරන්න .. නැතිනම් පිළිතුරු මග හැරී යනු ඇත ...

කමෙන්ට් යනු ඔබගේ අදහස් ප්‍රකශ කිරීමට සලසා ඇති ඉඩයි. සිතුවිලි ලියා තැබුණු විට අන් අයටද ප්‍රයෝජනයක් විය හැක !

http44444444://1.bp.blogspot.com/-F0lMkO9hSe8/UjM37DArTZI/AAAAAAAAAwo/wtP9O0K_6UE/s1600/543431_208554675978924_1215099537_n.jpg15099537_n.jpg

සහයෝගය දක්වන වෙබ් එකමුතු ...

මාතලන්ගේ සින්ඩිය...api apita Blog Readerlankeeya sithuwililankeeya sithuwili lankeeya sithuwili