දැන්වීම් පුවරුව . ( පින්තූර මතට මවුස් පොයින්ටරය රැගෙන යන්න )

දැනට වසර දෙකක පමණ සිට සෑම සතියකටම වරක් ලිපියක් හෝ දෙකක් පළ කළෙමි. සිත් ගත් ලිපියක් වේ නම් හිතමිතුරන් අතරත් බෙදාගන්න.

මෙම වෙබ් අඩවිය ලෝඩ් වීමට පමා වේ නම් මෙම ලින්ක් එක භාවිතා කරන්න.

Go and get Sinhala Unicode to your Computer
Face Book Link Share.

December 25, 2012

විභාග ශාලාව ...



ටක් ටක් පැන්සලක් වැටුණි බිම
කිසිවෙක් ඇත්ද දකින එය 
නැත්නම් කෙනෙක් ඇහිඳ දෙන 
පේපරේ නුඹ නාඬ   ඉඳ..!



December 24, 2012

අදහනු බෑ හා පැට්ටේකි මා




සුදු බෝලේ කෝ මගේ රන් කැටි
අම්මි ආව හනික වැඩ ඇරී
ලඟ තියල හදට හරි හැටී
වස පොවලා නුඹ ගිය හැටී! 




ඕකෙන් කියවෙන්නේ වැඩ ඇරුන ගමන් තමන්ගේ
පෙම්වතා ලඟට ඇවිත් , එයාව පපුවට තුරුල් කරන්
චූටි හා පැටියෙක්ව එයාගේ අම්ම හුරතල් කරනවා
වගේ හුරතල් කර කර වස පොවපු පෙම්වතියක් ගැන
..

December 23, 2012

ඈ අහිමි ඔහු


I am learning about blockquotes
නෙතුද       හඬවයි
ගතද            රිදවයි
සුළඟ        පමණයි
ඈ  අහිමි        නුඹට


December 22, 2012

රූපවාහිනී ආයතනයක ප්‍රධාන පාලක මැදිරිය


                     

                
මෙතනින් තමයි සියලුම පාලන කටයුතු වෙන්නේ .එක්‌ එක් ආයතනයෙන් ආයතනයටසමහර දේවල් වෙනස් වෙනවා . නමුත් ප්‍රධාන වශයෙන් ක්‍රියාකාරීත්වය මෙහෙමයි සිද්ද වෙන්නේ.මෙතන සදහන් වෙන්නේ වාණිජ මට්ටමෙන් ක්‍රියාත්මක වෙන ආයතනයක සම්පූර්ණ ක්‍රියාකාරීත්වය පුළුවන් තරම් කෙටියෙන් .මීට අමතරව මේ ටිකම වෙන විදිහකටකරන්න පුළුවන් කියල සමහර අයට හිතේවි . එහෙම හිතුනොත් කමෙන්ට් කරන්න ඇයි වාණිජ ආයතනයකට එහෙම කරන්න බැරි කියන දේ විස්තරව පොස්ට් එකකින් දාන්නම් .


විකාශනයට නියමිත වැඩසටහන් නියමිත වෙලාවට ප්‍රචාරය සදහා යොමු කිරීම , සියලුම සම්ප්‍රේෂණ කටයුතු වල ගුණාත්මක භාවය ගැන නිරන්තර අවදානය යොමු කිරීම .සම්ප්‍රේෂණ මධ්‍යස්ථාන වෙත ප්‍රධාන තරංගය යැවීම > චන්ද්‍රිකා විකාශනය සදහා චන්ද්‍රිකාව වෙත , රටෙහි යම් යම් ස්ථාන වල පවත්වාගෙන යනු ලබන ප්‍රති විකාශන මධ්‍යස්ථාන , අන්තර්ජාලය හරහා විකාශනය සැපයීම ,සම්ප්‍රේෂණ මධ්‍යස්ථාන පාලනය ( නියමිත අවසරලත් frequency range එක පවත්වා ගැනීම ,නියමිත ප්‍රභලත්වය පවත්වා ගැනීම , හදිසි අවස්ථාවක විකාශනය නැවත්වීම වගේ )විකාශන වන වැඩසටහන් වල රූපරාමු අවශ්‍ය පරිදි වෙනස් කම් වලට භාජනය කිරීම ,වෙළද දැන්වීම් ප්‍රධාන වැඩසටහන් හා සම්බන්ද කිරීම , ප්‍රධාන studio හි පරිපාලන කටයුතු සිදු කිරීම , වැඩසටහන් ගබඩාව පාලනය කිරීම , පිටස්තර වැඩසටහන් ආයතනය වෙත ලබා ගැනීම චන්ද්‍රිකා මගින් විකාශනය වන වැඩසටහන් ලබා ගැනීම හා එම වැඩසටහන් නැවත විකාශනය සදහා සැකසීම , වෙළද දැන්වීම් ගබඩා ගත කිරීම් , program schedule එකට අනුව සියලු වැඩසටහන් , සියලු රූප රාමු ගැලපීම , ශබ්ධ පරිපාලනය වගේ දේවල් තමා මූලිකවම මෙතනින් වෙන්නේ . ඒ ඇර අනිත් හැම දේම කරන්නත් පුළුවන් සම්පූර්ණයෙන්ම TV channel එක ගෙනියන්න පුළුවන් මෙතනට අනිත් හැම තැනකම බිඳ වැටුනත් රූපවාහිනී ආයතනයේ .එත් පහසුවට හරි පුහුණුවක් නැති අය වැඩට ගන්න වෙන නිසා ගොඩක් ලගදී පටන් ගත්ත ආයතන වෙන වෙනම කොටස් වලට තමා මේක කරන්නේ .ඒකයි මන් මුලින්ම කිව්වේ පටගන්න එපා මන් මෙතන කතා කරන්නේ වාණිජ මට්ටමෙන් විකාශනයකරන ආයතනයක professional ප්‍රධාන පාලක මැදිරියක ක්‍රියාකාරීත්වය මිසක් video mixer එකකුයි camcorder ටිකකුයි , lap top එකකුයි තියාගෙන කරන දේවල් ගැන නෙවේ.

December 20, 2012

දික්කසාදයෙන් ඈ ලැබූ සැනසීම!


උහුලනු බැරිව තව තව නෙක වේදනා
හිත දැඩි කර යන්නෙයි අද සැමිගෙන් වෙන් වෙලා
අහෝ නොසිතුව දෙයකි දැන් ඇත පෙළ ගැස්සිලා
මූසල ගෑනි පල අහකට කිම තව නෙත් අයා






මේවත් ඉතින් මන් ගෙදර ගෙනාපුවා තමා
  වෙන තැන වල කමෙන්ට් විදිහට දාපු... 
දික්කසාද උන ගෑනු ළමයෙකුට මෙහෙම කරන්න එපා පව්...

Merry Christmas and Happy New Year Greetings 2013!





ලබන්නා වූ නත්තලත්, අලුත් අවුරුද්දත් ඔබ සැමට වාසනාවන්ත වේවායි එක සිතින් ප්‍රාර්ථනා කරමි.
  ඉදිරි වසරේදී ඔබගේ සියලු බලාපොරොත්තු ඉටු වන , සියලු සිහින මල්ඵල  ගැන්වෙන , පැහැබර
අනාගතයකට නව මන්මාවත් විවර වන , සතුට සාමය පිරි ජීවිතයකට සුබ පතමි.  
Shermie Fernandez

December 10, 2012

ඔබත් බණ ටිකක් ඇහෙද්දී , දකිද්දී හෙමීට පැත්තකට වෙන කෙනෙක්ද?



මාත් එහෙමයි , ඒකයි මේක ලියන්නේ .බොරුවට පිටු පුරවන්නැතුව කෙලින්ම කියන්නම් " තමුසේ අන්‍ය ආගමික බටහිර ගැත්තෙක් මේක කන්න ආපු" කියලකිව්වට කමක් නැහැ . දැන් වත් බොරු දේශ ප්‍රේමය , සිංහල ගැති  කම බල්ලට දාල කෙලින් හිටියම ඇති. ඔතොකොට ගානට බුද්ධාගමත් රැකිලා , රටත් මොනවා හරි ඇත්තටම හොද පැත්තකට යයි.

             ඉස්කෝලේ එකේ ඉඳන් ඉගැන්නුවා, දහම් පාසල් ගියා ලස්සන කතන්දර ඉගෙන ගත්තා.6, 7 වගේ වෙද්දී ටික ටික තරග , අනන් මනං ඒකෙත් පොලින් ගැහුනා . අපිත් දහම් පාසල් යන්නේ කථික තරගෙට , දහම් දැනුම තරගෙට , සමස්ත ලංකා කියල තව මොකක් හරි එහෙකට .අන්තිමට ධර්මයක් නම් ඉගෙන ගත්තේ නැහැ , ඉගැන්නුවෙත් නැහැ . උගන්නන්න හිටියේ එක්කෝ ලතා ටයිප් අය්යල නැත්නම් හැරීම දැහැමි අක්කල , නැත්නම් එක දාගන්නදගලන ඇන්ටිලා ටිහකුයි අන්කල්ලනම් අඩුයි මේ වගේ බොරු වැඩ වලට ආව.අරකෙන් අය්යලයි අක්කලයි ගත්තොත් එයාලත් මන් කලින් කිව්වා රේස් එකේ දුවල මුල් පෙළෙම හිටිය අය . ඉතින් කොහෙද එයාල ලග මානව දයාව?බුද්ධ ධර්මයෙන් අපිට දෙන අනුන් පරයා පෙළ නොගැසෙව් කියන පණිවිඩේ ? අර ඇන්ටිලා ගැන නම් කියන්න දෙයක් නැහැ දහම් දැනුමක් දෙනවා  නෙවේ මහා මෙරක් අපි කරනවා කියල පෙන්නිල්ලක් ඇර ..අපිට කොහෙද ඉගැන්නුවේ බුද්ධාගම කියන්නේ හිත නිවන , නිවාගන්න තියෙන දහමක් කියල ? සූත්‍ර 18,000 තියෙනවා ,එත් අපි දන්නේ

 රාහුල ඉපදුන දවසේ සිදුහත් කුමාරයා ගියා , ආයේ එද්දී යශෝදරා පන්සලට යැව්වයි ,මට නම් සත පහක අමුතු දෙයක් , පණිවිඩයක් ඇවිත් නැහැ ඔය කතාවෙන් " අහ් එහෙනම් ඒක උනේ එහෙමයි" ඇර ..

 වටු කුරුල්ලෝ ටික එකතු වෙලා වැද්දට ගේම දීපු හැටියි, ( උබලටත්  සෙට් උනොත්  ඕන ගේමක් දෙතෑකි වගේ , ගොඩක්පොඩි හින්ද ගේම් දීල ගන්න ඒවා නොතිබ්බ හින්ද හොදයි  )

වදුරෝ ටික ස්ට්‍රෝ  හදන් වතුර බීපු හැටියි ( මට නම් තව එක කතාවක් විතරයි ළමයින්ට නින්ද යනකම් කියන )

December 2, 2012

ඔබ සැමට සාමය සතුට පිරි සිරි සුබ නව වසරක් වේවා ...! Happy New Year..!








සිංහල බ්ලොග් පාඨක ඔබ සියලු දෙනාට සුබම සුබ , සියළු පැතුම් ඉටු වන බතින් බුලතින් වාසනාවෙන් සපිරුණු  නව වසරකට ආසිරි එදිනෙදා ජීවිතය වෙබ් අඩවිය වෙතින් මෙසේ පිරිනමමු ...!





ඔබ සැමට සාමය සතුට පිරි සිරි සුබ නව වසරක් වේවා ...!


Nash / Silentsahan / Ranga .





December 1, 2012

නැති වීමක් සම්බන්ධ සුට්ටන් මෙව්වා එකක් සමග නව බ්ලොග් අඩවි 3 ක් .. Did you find him..?



             ඔන්න මේ කතාව මට මතක් උනේ අපේ සරත් ලංකාප්‍රිය අයියගේ අතුරුදහන් වීම ගැන පෝස්ට් එකේ කමෙන්ට් කියවද්දී.. රජ පැටියා අහලා තියෙනවා මෙහෙම


ඒ මාසයක් නැතිවෙලා හිටියද? මම දන්තෙන් නෑ ^_^laugh.


මගේ කතාව මෙහෙමයි ,


           දවසක් මම මගේ යාළුවෙක් එක්ක ගමනක් යන්න පිටත් උනා මෝටර් බයික් එකේ. යනින් ගමන් මිනිහා මට කියනවා .

" බලපන් සහන් , ඊයේ මගේ හෙල්මට් එක උස්සලානේ එකෙක් " කියලා..

" නෑ...! කව්ද මචන් හොරකම් කරලා තියෙන්නේ.....?  " මට ගත්ත කටටම කියවුණා.

ඊට පස්සේ පොර මගේ මූණ දිහා බලන් ඉඳලා මෙහෙම ඇහුවා .


" හොරකම් කරපු එකාව දන්නවා නම් මම මෙහෙම ඉන්නවද යකෝ " කියලා
roll.
_________________________________________________________

ප.ලි. බ්ලොග් රෝලට දාගන්න බ්ලොග් ටිකක් ...


01.මෙන්න මේ බ්ලොග් එක අපේ ගජින් සහෝදරයගේ.. මෙතන තියෙනවා බ්ලොග් කරණය ගැන ලියපු සංවාදයට බඳුන් විය යුතු හොඳ පෝස්ට් එකක්

02.මෙතන තියෙනවා හොඳම අධ්‍යාපනික වටිනාකමක් ඇති බ්ලොගයක් . අපේ මහේෂ් මහත්තයා තමයි කරන්නේ. නින්දෙන් ඇවිදීම , පරිගණකය භාවිතයේදී සැලකිලි මත් විය යුතු සෞඛ්‍ය කරුණු ගැන වෘතීමය දැනුමක් ගන්න පුළුවන් හොඳම තැනක් ...


03.මෙන්න මේකටත් අනිවාර්යෙන් යන්න . හේතුව තමයි දැනට සිංහල සමාජශීලී බ්ලොග් කරණයේ ඉන්න පැරණිතම සාමාජිකයයි මේ ඉන්නේ. වෙන කව්රුත් නෙවේ අපේ බිත්තියා.ඔහු 2010 ,2011 ,2012 ලියු සටහන් වෙන වෙනම ගොස් බලන්න . නිකමට ක්ලික් කරන්න , ගොඩක් දේ තියෙනවා කියවන්න.


කැමති අය ඒ පැත්තේ ගිහින් , ෆලෝ එකක් , කමෙන්ට් එකක් දාල සපෝර්ට් එකක් දීලා එන්න...

November 30, 2012

කූඩු උන කිරිල්ලියන්ට මෙහෙමත් හිතෙනවා ඇති


කපුටෙකු සමග වත් යන්නට
හැකිනම් පියබා
යමි යයි දහස් වර ඉඳ නොහිඳා
හා හා රැක්කේ නුබ ඒ නිසාමැයි කූඩුවක රදවා ..


මේක මම දාපු කමෙන්ට් එකක් වෙන තැනක ..
එයා පල කරලා තිබ්බේ නැහැ..ඉතින් මන්
ගෙදර ගෙනාව ..

November 22, 2012

ළඳුනේ ගීතය ගැන මීට කලින් උන කතා බහක් මගේ අතින් උන ...


04-16-2011, 09:07 PM ...
මේ තියෙන්නේ එතන ලින්ක් එක

 








              මම දැන් දැක්කේ ගොඩක් අය මේක ගැන උනන්දු වෙනවා කියල.එකයි මේ ටික ලියන්නේ හැමෝටම ස්තූති.මේ මාතෘකාව ගැන නම් මම මීට කලිනුත් කතා කරලා තියනවා.කතා කරන්නත් දේ තියනවා, වෙලා නෑ ඒ හින්ද මේක ගැනපාදක උණු කතාව විතරක් කියන්නම්.  මම කියන්න ගියපු එකට සමාන කතාවක් khewagee  කියල තියනවා.අනික thilangr8 කියපු එකත් අමූලික ඇත්ත.මොකද කව්රුත් මේක සුදනෝ නෑ බන්, එත් ඉතින් බුලත් පයියට හෙන ගැහුවත් හුණු ටික හරි නිකන් කන කෙනෙක් නොවී ඒ වගේ අයටත් දුක කියන දේ, සමාජ ගරහුම කියන දේ , ,හැමෝම හොයන් එන එත් දැක්කම හැන්ගෙන , වතුර ටිකක් ඉල්ලගන්න වත් කෙනෙක් නැති මේ අය ගැන  අහපු ගමන් out යන මේ වගේ සින්දුවක් ලියවුන එක ගැන අගය කරන්න ඕන .රන්බණ්ඩා මහත්මයාගේ මුනුබුරෙක් වෙන කෙනෙක් මා එක්ක ඉගෙන ගත්ත. එයාගේ මල ගෙදරත් මම ගියා අනුරාධපුරේ තිබ්බේ.මන් හිතන්නේ 2000 වගේ වෙන්න ඕන මට මතක නෑ අවුරුද්ද දැන්..


           මේ කෙනා නුවර ලොකු සමාජ බලයක් තිබුන පවුලක පොඩි දුවලු, පොඩි වයසෙන් කෙනෙක් එක්ක සම්බන්දයක් ගොඩ නැගිලා මුළු ජීවිතේම එයා වෙනුවෙන් කැප කරලා අන්තිමට ඒ මිනිහගෙන්ම ඔහුලාගෙන ඉන්න බැරි තරම් දේවල් වෙන  නිසා අයෙත් පාරක් තමන්ගේ අම්ම තාත්ත ලගට යන්න වෙන තැනට පත් වෙනවා. එත් ගියාට වැඩක් නෑ, ගහල එලවනවා, අන්තිමට මුළු ජීවිතේම කැප කරපු කෙනත් අද නෑ මෘගයෙක් වෙලා , එයා ලගට එද්දී හිටපු තමන්ගේ සමීපතමයොත් අද පිළිගන්නේ නෑ. ඒ වෙනුවට ඉන්නේ තුරුලේ කැටි වෙලා නිදන් ඉන්න කිරි කැටියෙක් විතරයි.කාට කියන්නද  කව්රු අහන්නද ? සමාජෙන් ආදරේ බලාපොරොත්තු උන එයාට අද කව්රුත් නෑ.ඒ සමජෙන්ම  ගහල බැනල , රැවටීමට ලක් වෙලා.*****

02. චන්ද්‍රිකා තාක්ෂනය මුල සිට සරලව:Satellite Transmission technology in Sinhalese, beginners mode




මෙතන තියෙන්නේ මම කාලෙකට කලින් එළකිරි . කොම් එක වෙනුවෙන් ලියපු
දේවල් වගයක් . මොකද මේක කිව්වේ නැත්නම් වෙන කෙනෙක් කියයි මම කොපි
කරලා කියල එතනින් . මේ තියෙන්නේ එතන ලින්ක් එක ..



                      පහු ගිය ලිපියෙන් කතා කලේ කොහොමද සැටලයිට් එකක් අහසේ පිහිටුවල තියෙන්නේ, එහෙම පිහිටවපු තැන ගැන හරියටම සදහන් කරලා තියෙන හැටි , එහෙම සදහන් කරපු සැටලයිට් එකකින් එන සිග්නල් සැටලයිට් ඩිෂ් එකේ පිහිටුම ටික ටික වෙනස් කිරීම මගින් ගන්න පුළුවන් විදිහක් තියෙනවා කියලනේ .අද අපි කතා කරන්න යන්නේ ඒ ක්‍රමය ගැන වැඩිපුර විස්තර.මුලින්ම කතා කරමු ඇයි එහෙම ක්‍රමයක් ඕන උනේ කියල.දැනටම අපි දන්නවනේ පෘතුවියෙන් ඉහල අහසේ ගොඩක් සැටලයිට් ප්‍රමාණයක් විවිධ අවශ්‍යතා සදහා විවිද අය විසින් යවල තියෙන බව.ඒ හැම සැටලයිට් එකම ස්ථාන ගත වෙලා තියෙන්නෙත් සමකය උඩ අහසේ ක්‍රම වත් පිළිවෙලකට.

ඉතින් මේ හේතුව හින්ද එදා මන් කිව්වා වගේ අපිට ගන්න ඕන සැටලයිට් එකේ පිහිටුම හොයාගෙන එතනට ගිහින් උඩ බලන් ඩිෂ් එකක් ගානේ හයි කරන්නත් බෑ.අනික එක අයිති වෙන කාගේ හරි ඉඩමක වෙන්නත් පුළුවන්නේ.ඔය කරුණු හින්දා තමා මේ ක්‍රමය දියුණු කලේ මේ ක්‍රමය පාවිච්චි කරලා අපිට පුළුවන් නියමිත පිටුවීම දන්නා ඕනෙම සැටලයිට් එකකට තමන්ගේ සැටලයිට් ඇන්ටෙනාව දිශා ගත කරගෙන ඒකෙන් එන සිග්නල් එක උපරිම ප්‍රබල තත්වයෙන් ලබා ගන්න.මේ වැඩේට බහින්න කලින් අපි අක්ෂාංශ , දේශාංශ , Azimuth ,Elevation කියන ඒවා හදුනා ගෙන ඉමු.

November 21, 2012

චන්ද්‍රිකා තාක්ෂනය මුල සිට සරලව:Satellite Transmission technology in Sinhalese, beginners mode .

.....


මෙතන තියෙන්නේ මම කාලෙකට කලින් එළකිරි . කොම් එක වෙනුවෙන් ලියපු
දේවල් වගයක් . මොකද මේක කිව්වේ නැත්නම් වෙන කෙනෙක් කියයි මම කොපි
කරලා කියල එතනින් . මේ තියෙන්නේ එතන ලින්ක් එක ..






01. The basic
02. Sat වලින් ගන්න පුළුවන් වැඩ .
03. වැඩි දෙනෙක්ට ඕනේ TV සහ Inet නිසා ඒක ගැන ටිකක් වැඩි පුර කතා කරනවා ..

         
චන්ද්‍රික රූපවාහිනී ක්‍රියාත්මක වෙන්නේ                 කොහොමද.
          චන්ද්‍රිකා හා බැඳුනු මිත්‍යා මත .
          එන චැනල් මොනවද .
          Footprints කියන්නේ මොකක්ද ..
         අවශ්‍ය කරන උපකරණ මොනවද , තමන්ට        ගැලපෙනම දේ තෝරාගන්නේ කොහොමද ..
         නිවැරදි ආකාරයට Azimuth, elevation අනුව   චන්ද්‍රිකාවකට දිශා ගත කරන විදිහ ..
         Data Scramble කරන විදිහ ...
         Unscramble කරන්න පාවිච්චි කරන ක්‍රම ...
         ඒ සදහා විශේෂිතව හදපු උපකරණ මොනවද ..
         Pay TV  EMM keys පාවිච්චි කරලා ගන්න විදිහ
         Encryption keys ගණනය කරන ක්‍රම ....
         Encrypted data stream එකක් ගන්න විදිහ .
         Getting Internet..
         Mobile Interne

November 17, 2012

බ්ලොග් වලටත් adsence එකට උන දේ වෙවිද ඉස්සරහට .



බ්ලොග් ලිවීම ගැනම කතා කරොත් මේවා පටන් ගත්ත කාලේ ඇමෙරිකාවේ එහෙම මට මතකයි අමුතු ආන්දෝලනයක් ඇති උනා තමන්ටම කියල වෙබ් ඉඩක්, 100% අපේ නොවුනත් ඒ ඉඩ වටිනවාhome userlata . මොකද හිතන්න හොද කවි ලියන කෙනෙක් ඉන්නවා,එයාට බැහැ තමන්ටම site එකක් හදන් එකේ කවි පල කරන්න. අන්න එහෙම අයට නම් ඒක හොදටම වටිනවා , එත් අන්තිමට මිනිස්සු තමන්ගේදින පොත මේකේ ලියන්න පටන් ගත්ත.අන්තිමට ගෙවල් වල වැඩ නැතිඅය කාපු හැටියි , යට ඇදුම් හෝදලා වැනුවේ අද වෙනද වනන වැලේ නෙවේ අල්ලපු ගෙදර එක්කෙනාගේ වැලේ , එයාගේ වැල හරි ශෝක් වගේ තැනටම ආවා

October 1, 2012

වර්තමාන(2012 Dec)දේශපාලනය හා අඳ ගැහැණිය! Comment disabled post.

.
please use this link if you need to make any 
comments ..
.

           මා මෙන්ම ඔබද අකමැතිම මාතෘකාවක්, නමුත් අමතක කර අපට පලා යා නොහැකි නිසා මේ ටික සටහන් කරමි ඉතා කෙටියෙන්.සුප්‍රසිද්ද ගොයන් කොලේ කතාවත්; පාරට තාර දමා ගැනීමේත්, කොල්ලාට රස්සාවක් හොයා ගැනීමේ පරමාර්ථයෙන් කතිරය ගැසූ සියලු දෙනාම මෙයට දායක වී ඇත..
( පසුබිම් බිම් කතා සියල්ල දන්නා වුන්ගේ සාභාගීත්වය පමණක් සෑහේ..)

                මා කෙටියෙන් සියලු දේ පවසමි.ගොයන් කොලේ සිද්දිය ගැන රෝම ලන්දේසි පොත් කට පාඩන් කරන කාලයේ පටන් සියලු දෙනාම මහත් උජාරුවෙන් විශ්මිතව " ෂඃ පුදුම දක්ෂයෝ නේද " යනුවෙන් කීවා පමණි.ඇත්ත වසන් කර ඇස් පනාපිට අහිංසකයන් තවත් අසරණ කර පැන යද්දී කිසිම කෙනෙකු

01. ගරු _______ හිතා මතා නොමග යැවීම
02.ගරු _______ තුමා හෑල්ලුවට ලක් කිරීම
03.වචන පෙරලි මගින් ___ වෙනතක යැවීම
04.අහිංසක( ඔප්පු කල නොහැක්කක් ) පුගලයෙකුගේ වහර වටහා නොගැන්ම
05.සම්පූර්ණ මෙතෙක් __ විභාගය නිරර්ථක ලෙස වෙනත යැවීම
06.ඉහත කරුණු සියල්ල සමගින් තහනම් නියෝග ඉදිරිපත් නොවීම

ගැන කතා  කලේ නැත.කල එකම දෙය " සියල්ල සාක්ෂි මත පදනම් බව "
පැවසීම පමණි,එමගින් තව තවත් ඉහත වැරදි සියල්ල ඉබේම තම ආයුධ
ගොන්නට එක් කරගැනීම පමණි.
අතිශය දරුණු ක්‍රියා කීපයක් භව්තීස්ම වූයේ එලෙසිනි.ගැටලුවක්ද නැත .
ඈ අඳ ගැහැණියකි.අපගේ හෙළුව දක්නට ඈට නොහැක.
මෙතෙකින් පළමු කොටස අවසන්!


දෙවන කොටස .....

 
     එදා (48)සිට අපට සිදු වූයේ , අප සිදු කලේ, කරන්නට දිරි ගැන්වුණේ මහා ඒජන්ත හාමුදුරුවෝ වැන්නවුන්ගේ දේශපාලන කණ්ඩායමට බත් බලයන් වීමටය..ඒ ඇර අප දන්නා, අපට කියා දුන් දේශපාලනයක් නැත..ටිකෙන් ටික මේ තත්වයම වැඩි වූවා පමණි..

      ටික ටික "  කොල්ලට මේ පාරවත් රස්සාවක් හාමුදුරුවනේ , අපේ මුද්දර පොත,ජනතා කරණය , වැඩි තැනින් අඩු තැනට........ etc ( including 77, 83, 89)   >>>>> ගමට ලයිට් , තාර ,  දක්වා දිගු වූවා පමණි..දේශපාලන  දැනුම, මෙහි සබැ වටිනාකම , මෙහි ඇති බලය..... etc ගැන දැනුවත් වීමක් සිදු නොවීය.දේශපාලන බලය ඇත්තවුන් හැමදාම මහ ඒජන්ත වරුන්ය .අනිකුන් ඔවුන්ගේ බත් බැලයන්ය..මහ ඒජන්තවරුන් ගානට තෝරා බේරා බත් බැලයන් නියමිත ස්ථානයන් හී රදවා ඇත.ඒ ඔවුනගේ උන්නතියට පමණය.

           වරප්‍රසාද ලත් බත් බැලයන් සිදු කරනුයේ මහ ඒජන්තටත් හපන් ක්‍රියා දාමයකි..මක් නිසාද යත් ඔවුන් සාමාන්‍ය බත් බැලයන්ගෙන් යැපෙන්නවුන් නොවීම නිසාවෙනි.වරප්‍රසාද ලත් බත් බැලයන් කිසිදු ගැටලුවකින් තොරව මහ ඒජන්තස්වරූපයෙන්ම පෙනී සිටී..

තුන් වන කොටස ...

 
                   වරප්‍රසාද ලත් බත් බැලයන්  ඉඳ හිට සැබෑ මහා ඒජන්ත හමුදුවන්ටත් ඉහලින් යන්නට තැත් කරයි.ඒ කුමන හෝ කරුණක් නිසා තමන්ද අහිංසක බත් බැලයන් බව අමතක කර සිටින නිසාවෙනි .. (හේතුව වෙනත් කරුණක් නිසා සදහන් නොකරමි  ) බත් බැලයන් යනු බත් බැලයන් පමණි.දවටා ඇති සරුව පිත්තල ඉවත් කල පසු අහිංසක බත් බැලයන්ගේත් ඔවුන්ගේත් වෙනසක් නැත.. එහෙත් අවසනාවක මහත නිල් නරියාට සිදු වූ දෙය  

දැන් අතුරු  කතා සියල්ල එක් කර අවසාන කතාව පවසමි..

01.සැබෑ ලෙස අසාධාරණයක් වූ විට දැන් පමණක් කිමද මේ වෙනද නොතිබු
පෙරලියක් ?

02.දැන් පමණක් කිමද නිරුවත පෙන්වීමට තහංචියක් ?
03. ඈ අඳ ගැහැනියකි, ඒ නිසාම නිරුවත පෙන්වීමෙහි වරදක් නැති
බව අපටම කියා දුන්නේත්  , අප ලවා නීති විභාග පිටු ගණන් ලියවූයේ
කව්රුන්ද ?

04.ඒ සත්‍යම ඔබට වලංගු නොවන්නේ මන්ද ?
05. ඒ එහි නිරුවත අතරින් රිංගු විට සැබෑ සත්‍ය යට යන නිසාද ?
06.මීට ඉහත අන්ත අසරණ උන් දුකින් හඬා වැටෙන විට දෑස් නො ඇරුනේ කිමද ?
07. ඔබ අඳ නිසාද ?
08.දැන් දෑස් ඇරුනේ මෙතෙක් කල් ඔබ කල බොරුව  නිසාද ?
09.මේ ඔබගේ වාරය නිසාද ?
10.අසරණයන් හා එක්ව දැන් ඉන්නට නොහැක්කේ ඇයි ?
11.ඔබ හට එය පිළිගත නොහැක්කේ ඇයි ?
12.ඔබ අසරණ වන්නට කැමති නැත්තේ ඇයි ?
13.අනුන් අසරණව හඬා වැටෙන විට දෑස් බැඳ සිටි පටිය දැන් ගලවා
ඇත්තේ ඇයි ?
14.ඉහත වැරදි ගැන දැන් කතා කරන්නේ ඇයි ?


අවසානය ..

 
      ඔබද බත් බැලයෙක් පමණි , අපද බත් බැලයන්ය.එහෙත් අපගේ ගොඩට එන්නට ඔබට ඉඩ දිය නොහැක .නිල් නරියාගේ කතාව සත්‍ය බව පමණක් මතක් කර මා දෑස් පියා කන්ද වසා ගමි...!
දක්ෂම සිසුවාටද ගුරු ගව්රවය රැක්මට නොහැක .ආමෙන්!





please use this link if you need to make any 
comments ..

http44444444:https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhDP_TzQ1FplRA_zxlV_C4k0m0MI2TEr3ZZnZtW8RixsNwvmsP66tFRI9cF0Z9rX7Kzlcg9P5HrKW1F4L1tgdblcG4-nKeH5MhUvYZfTjHmsTGLC77PDHuJXXVo2A1MSehtgATK-GnatG2g/s1600/543431_208554675978924_1215099537_n.jpg15099537_n.jpg

සහයෝගය දක්වන වෙබ් එකමුතු ...

මාතලන්ගේ සින්ඩිය...api apita Blog Readerlankeeya sithuwililankeeya sithuwili lankeeya sithuwili